Featured Post

ගිනිදැල් මැවිය හැකි තේජෝ කසිණ භාවනාව Thejo Kasina Meditation

තේජෝ කසිණ
තේජෝ කසිණ



සමථ භාවනා වඩන අයට උපකාර වෙන විදියට බෞද්ධ හා බෞද්ධ නොවන භාවනා කීපයක් ගැන ලියන්න මුලින්ම තෝරාගත්තේ කසිණ භාවනා වලින් තේජෝ කසිණය. තේජෝ කසිණය වැඩිය හැකි කමටහන් 2ක් තිබෙනවා.

විශුද්ධි මාර්ගයේ සඳහන් තේජෝ කසිණ භාවනාව
විශුද්ධි මාර්ගයේ සඳහන් හැටියට තේජෝ කසිණ වඩන යෝගාවචරයා මුලින්ම ලොකු ගිනි ගොඩක් සකස් කරන්න ඕනි. ඉන් පස්සේ ඒ ගින්න දිහා පැදුරක, රෙද්දක හෝ හමක රවුම් සිදුරක් තුලින් බලා ඉදිමින් භාවනා කරන්න ඕනි. මේ සිදුර වියතක් හා ඇඟිලි සතරක් එකට තිබ්බාම එන ප්‍රමාණයේ පළල සිදුරක් වෙන්න ඕනි. සිදුර සහිත පැදුර හා තමන් අතර දුර රියන් දෙකක් වෙන්න ඕනි.  මෙතැනදී පැදුරක් ගන්න කියල තියෙන්නේ සිදුරෙන් පෙනෙන රවුම් ගින්න වටේට පෙනෙන බාහිර පරිසරය ඒකාකාරී වෙන්න ඕනි නිසා. පොඩි රෙදි කැබැල්ලක් භාවිතා කලොත් මැදින් ගිනි රවුමත්, ඒක වටේට රෙද්දත්, ඒක වටේට බාහිර පරිසරයත් පෙනෙනවා. එතකොට ගින්න ඇරෙන්න බාහිර පරිසරයේ ස්වභාව දෙකක් තියෙනවා, ඒකාකාරී නෑ. ඒකාකාරී නැති බව හිත එක්තැන් කරන්න බාධාවක්. ඒ නිසා සිදුර හදාගන්න ඕනි ලොකු පැදුරක් ලොකු රෙද්දක් ලොකු හමක් වැනි දෙයකින්.

කසිණ නිමිත්ත
මේ විදියට සකස් කරගත්තාම සිදුර තුලින් පෙනෙන රවුම් ගින්න කසිණ නිමිත්ත විදියට හඳුන්වනවා. රවුම් සිදුර තුලින් පෙනෙන්න ඕනි ගින්නේ මැද කොටසයි. ගින්නේ මුල තියෙන දර, තණකොළ වැනි ගිනිගන්නා දේවල් හෝ ගින්නේ අග තියෙන දුම් රොටු දිහා බලාගෙන භාවනා කිරීමෙන් පලක් නෑ.
කසිණ නිමිත්ත දිහා ඔලුව නවන්නේ නැතුව උස්සන්නේ නැතුව සමව තියාගෙන බලන් ඉන්න පුළුවන් විදියට කසිණ නිමිත්තේ උස හදාගන්න. ඒ කියන්නේ කසිණ නිමිත්ත මුහුණ මට්ටමෙන් තියෙන්න ඕනි. මුහුණ නවා හෝ උස්සා බලාගෙන ඉදිමින් භාවනා කරන්න ගියොත් වෙලාවකින් බෙල්ල රිදෙන්න පුළුවන්.

මේ විදියට නියමිත පළල සහිත රවුම් සිදුරකින් පෙනෙන ගින්න දිහා බලා ඉදිමින් 'තේජෝ තේජෝ' ලෙස හෝ 'ගින්දර ගින්දර' ආදී විදියට හිතමින් සිත එකඟ කරමින් භාවනා කරන්න.  ගින්නේ වර්ණයන් හා උෂ්ණත්වය වැනි ලක්ෂණ ගැන හිතන්නෙපා. වෙනත් කිසිම සිතුවිල්ලක් නොහිතා තේජෝ තේජෝ විදියට හිතමින් භාවනා කරන්න. වෙනත් දෙයකට හිත ගියොත් ඒ සිතුවිලි පෝෂණය කරන්නෙත් නැතුව ඒවා සමග ගැටෙන්නේත් නැතුව ආපහු භාවනාවට සිත යොමු කරන්න. ටික වෙලාවක් ඇස් අරගෙන භාවනා කරලා ඇස් වහගෙන පෙනෙන කසිණ නිමිත්ත ( ගිනි රවුම ) අරමුණු කරගෙන තේජෝ තේජෝ ලෙස හිතමින් භාවනා කරන්න. කසිණ නිමිත්ත නොපෙනී යනකොට ඇස් ඇරලා නැවතත් කසිණ නිමිත්ත දිහා බලාගෙන ඉදිමින් භාවනා කරන්න.

උද්ග්‍රහ නිමිත්ත

මේ විදියට ඇස් අරිමින් වහමින් භාවනා කරනකොට එක අවස්ථාවකදී කසිණ නිමිත්ත ඇත්ත විදියටම ඇස් වහගෙන ඉද්දිත් පෙනෙන අවස්ථාවක් එනවා. මේ පෙනෙන කසිණ නිමිත්ත තමයි තමයි උද්ග්‍රහ නිමිත්ත කියල හදුන්වන්නේ. මේ උද්ග්‍රහ නිමිත්ත පෙනෙන්න ගත්තම ඇස් වහගෙනම ඉදිමින් උද්ග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන භාවනා  කරන්න. ටික වෙලාවකින් ඒක නොපෙනී යන්න පුළුවන්. එතකොට නැවතත් ඇස් ඇරලා කසිණ නිමිත්ත දිහා බලන් ඉදිමින් භාවනා කරලා උද්ග්‍රහ නිමිත්ත උපදවාගන්න. ගිනි දැල් කැඩී කැඩී වැටෙනවා මෙන් උද්ග්‍රහ නිමිත්ත පෙනිය හැකි බව විශුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. ඒ වගේම උද්ග්‍රහ නිමිත්ත දකින්න බාධා වෙන විදියට උද්ග්‍රහ නිමිත්ත සමග අඟුරු , අළු හා දුම්රොටු වැනි ස්වභාව පෙනෙන්න පුළුවන් බව දැක්වෙනවා.

පටිභාග නිමිත්ත

එකදිගට උද්ග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන භාවනා කිරීමේදී ඇස් වහගත්තම කසිණ නිමිත්ත එකදිගට සිතින් පෙනෙන අවස්ථාවක් එනවා. පෙරට වඩා පැහැදිලිව දර්ශනය වීම සිදුවෙනවා. අළු, දුම්රොටු වැනි බාධා කරන දේවල් නැතුව පැහැදිලිව පෙනෙනවා. සමහරවිට ආලෝක එලි වගේ දේවල් පෙනෙන්නත් පුළුවන්. මේ අවස්ථාවේ පෙනෙන පැහැදිලි , නොසෙල්වෙන ගිනි රවුම පටිභාග නිමිත්ත විදියට හඳුන්වනවා. මේ තත්වයට ආවම එකදිගට ඒ පටිභාග නිමිත්ත අරමුණු කරගෙන භාවනා කරන්න.

මේ විදියට භාවනා කරනකොට හිත පටිභාග නිමිත්තෙන් මිදෙන්නේ නැති වෙනත් කිසිම අරමුණක් හිතට එන්නේ නැති අවස්තාවක් එළබෙනවා, ආයාසයකින් අරමුණ මතක් කිරීමේ අවශ්‍යතාවක් නැතුව හිත විසින්ම අරමුණ එකදිගට රඳවාගෙන ඉදීම සිදුවෙනවා, කයට ලොකු පහසුවක් සැපයක් දැනෙනවා, පාවෙනවා වගේ සැහැල්ලුයි වගේ දැනෙනවා. මේ අවස්ථාව තමයි ප්‍රථමධ්‍යානය විදියට හදුන්වන්නේ.



ගිනිදැල්ලක් මගින් තේජෝ කසිණය වැඩිම

තේජෝ කසිණය වැඩිම ගිනි ගොඩක් ගසාගෙන කිරීම සාමාන්‍ය ජිවිත ගත කරන අයට අපහසු කාර්යයයක්. ගිනි ගොඩක් භාවිතා නොකර ගිනි දැල්ලක් භාවිතයෙන් තේජෝ භාවනාව වඩන්න පුළුවන්. මෙම ක්‍රමය වෙනත් කිසිම ග්‍රන්ථයක හෝ පලකිරීමක නැති පලවෙනි වරට මේ ලිපියෙන් ඉදිරපත් කරන කමටහනක්. කසිණ නිමිත්තේ ස්වභාවය වෙනස් උනත් විශුද්ධි මාර්ගයේ සඳහන් ක්‍රමය වගේම මේ ක්‍රමයෙන් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

මේ සදහා අදුරු පරිසරයක් අවශ්‍යයි. රාත්‍රී වෙලාවට භාවනා කිරීම වඩාත් සුදුසුයි. භාවනා කරන තැන ඉදිරියෙන් ඉටිපන්දමක් හෝ පහනක් තියාගන්න. ගිනිදැල්ල මුහුණට ආසන්න වෙන විදියට උස සකස් කරගන්න. ඇස් වලට දැල්ල දිහා අපහසුවක් නැතිව බලා ඉන්න පුළුවන් විදියට උසත් ,පහන හා තමන් අතර දුරත් සකසාගන්න.
භාවනා කරන්න ඕනි මේ විදියටයි. ගිනි දැල්ල දිහා දිගු වෙලාවක් බලාගෙන ඉදිමින් තේජෝ තේජෝ ලෙස හිතමින් සිත එකග කරන්න. මීලගට ඇස් වහගෙන පෙනෙන දැල්ල අරමුණු කරගෙන තේජෝ තේජෝ ලෙස හිතමින් සිත එකඟ කරන්න. ඇස් වහගත්තම පෙනෙන ගිනිදැල්ල නොපෙනී යනකොට ටිකක් වෙලා දැල්ල දිහා බලන් ඉදිමින් හිත එකඟ කරන්න

මේ ක්‍රමයේදී ගොඩක් අය උද්ග්‍රහ නිමිත්ත වරද්දගන්නවා. ඇස් වහගත්තම පෙනෙන ගිනිදැල්ල කියන්නේ රතුපාට ලපයක් වගේ පෙනෙන ගිනි දල්ලේ හැඩේට තියෙන චායාව නෙවෙයි. ඕනෑම ආලෝකයක් දිහා එකදිගට බලා ඉදියම ඇහේ දෘෂ්ඨි විතානයේ සෛල උත්තේජනය වෙලා ඇස් වහගත්තත් එකදිගට පෙනෙන ලපයක් ඇතිවෙනවා. බල්බයක් දිහා එකදිගට බලන් හිටියත් ඒක වෙනවා. ටික වෙලාවකින් මේක පොඩි වෙලා නොපෙනී යනවා. මේ චායාව ඇතිවෙන්නේ මානසික ක්‍රියාවලියකින් මානසික දියුණුවකින් නෙවෙයි. ඒක ඇසේ සෛල වල කායික ක්‍රියාවලියක්. හිත එක්තැන් වෙන්න පටන් ගන්නකොට ඇත්ත ගිනි දැල්ල ඒ විදියටම ඇස් වහගෙන ඉද්දිත් පේනවා. ඒකයි උද්ග්‍රහ නිමිත්ත. හිත එක්තැන් කරන්න ඕනි ඒ දිහා බලාගෙන මිසක් රතුපාට කහ පාට චායාව දිහා බලාගෙන නෙවෙයි.

මේ නිවැරදි උද්ග්‍රහ නිමිත්ත අදුරගන්න පුළුවන් ක්‍රමයක්  තිබෙනවා. ගිනිදැල්ල දිහා ගොඩක් වෙලා එකදිගට බලා ඉඳල එකපාරට ඇස් නොපියා වෙන පැත්තක් බලන්න. එතකොට ගිනිදැල්ල ඒ විදියටම පෙනී තිබිලා තත්පරයකින් විතර නොපෙනී යනවා. ඒත් ආලෝක ලපය එකදිගටම පෙනී පෙනී තිබිලා ටික ටික පොඩි වෙනවා. මේ ක්‍රමය කලාම තමන්ට උද්ග්‍රහ නිමිත්තයි ආලෝක ලපයයි වෙන් කරලා අදුරගන්න පුළුවන්.

තේජෝ කසින භාවනාව
තේජෝ කසිනය
තේජෝ සමථ කසිණ භාවනාව
තේජෝ කසිනය



 මේ විදියට ඇස් අරිමින් වහමින් භාවනා කරනකොට එක අවස්ථාවකදී ගිනි දැල්ල ඇත්ත විදියටම ඇස් වහගෙන ඉද්දිත් පෙනෙන අවස්ථාවක් එනවා. මේ පෙනෙන ගිනිදැල්ල තමයි උද්ග්‍රහ නිමිත්ත. මේ උද්ග්‍රහ නිමිත්ත පෙනෙන්න ගත්තම ඇස් වහගෙනම ඉදිමින් උද්ග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන භාවනා කරන්න. ටික වෙලාවකින් ඒක නොපෙනී යන්න පුළුවන්. එතකොට නැවතත් ගිනිදැල්ල දිහා බලන් ඉදිමින් භාවනා කරලා උද්ග්‍රහ නිමිත්ත උපදවාගන්න.

මේ විදියට එකදිගට උද්ග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන භාවනා කලාම ඇස වහගත්තම ගිනිදැල්ල එකදිගට සිතින් පෙනෙන අවස්ථාවක් එනවා. කලින් පෙනුණු ගිනිදල්ලට වඩා පැහැදිලිව ගිනිදැල්ල පේනවා. සමහරවිට ආලෝක එලි වගේ දේවල් පෙනෙන්නත් පුළුවන්. මේ අවස්ථාවේ පෙනෙන පැහැදිලි ගිනිදැල්ල තමා පටිභාග නිමිත්ත. මේ තත්වයට ආවම එකදිගට ඒ පටිභාග නිමිත්ත අරමුණු කරගෙන භාවනා කරන්න. මේ විදියට භාවනා කරනකොට හිත පටිභාග නිමිත්තෙන් මිදෙන්නේ නැති වෙනත් කිසිම අරමුණක් හිතට එන්නේ නැති අවස්තාවක් එළබෙනවා, ආයාසයකින් අරමුණ මතක් කිරීමේ අවශ්‍යතාවක් නැතුව හිත විසින්ම අරමුණ එකදිගට රඳවාගෙන ඉන්නවා, කයට ලොකු පහසුවක් සැපයක් දැනෙනවා, පාවෙනවා වගේ සැහැල්ලුයි වගේ දැනෙනවා. මේ අවස්ථාව තමයි ප්‍රතමධ්‍යානය කියන්නේ.

ප්‍රථමධ්‍යානය හදුන්වන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ එකග්ගතා සහිත ප්‍රථමධ්‍යානය කියල. ප්‍රථමධ්‍යානය තියෙන හිතක ලක්ෂණ 5ක් තියෙනවා.

විතක්ක- නැවත නැවත සිත අරමුණට නැංවීම, නැවත නැවත භාවනා අරමුණ සිහි කිරීම
විචාර- සිත භාවනා අරමුණෙහි හැසිරීම, අරමුණ තුලට බැසගැනීම
ප්‍රීති - සිතේ එක්තැන් බව නිසා, පංච නීවරණ යටපත් වීම නිසා ඇතිවෙන සතුට
සුඛ - කය සැහැල්ලු වී, කායික වේදනා නොදැනී ගොස් දැනෙන සැපය
ඒකග්ගතා - සිතේ එකම අරමුණක් පමණක් පවතින ඒකාග්‍ර බව

තේජෝ කසිණ භාවනාවෙන් ලැබෙන ඉර්ධින්

තේජෝ කසිණ භාවනාව වඩන්නන් හට ලැබෙන ඉර්ධින් විදියට විශුද්ධි මාර්ගයේ දැක්වෙන්නේ පහත හැකියාවන්:
  • දුම් ඇතිකිරීම
  • දිලිසීම
  • අඟුරු වැසි ඇතිකිරීම
  • තමන්ගේ තේජසින් අනුන්ගේ තේජස යටපත් කිරීම
  • කපු ,පුළුන්, දර වැනි දේවල් දැවීමට හැකි වීම
  • දිවැසින් විවිද දේ දැකීම
  • මරණයේදී ශරීරය ගින්නෙන් දවාලීම

මේ සඳහන් කරලා තියෙන්නේ මුලික දේවල්. මේවට අමතරව කරන්න පුළුවන් තවත් දේවල් තියෙනවා.
  • කසිණ නිමිත්ත භාවිතා කර සිත් කියවීම
  • ගිනි කුරු දිහා බලා ඉදිමෙන්ම දවාලන්න හැකි වීම
  • ගිනිදැල්ල එහා මෙහා චලනය කරන්න, නවන්න, හැඩය වෙනස් කරන්න හැකි වීම
  • ලෝහ නවන්න, දිය කරන්න හැකි වීම
  • අමනුෂ්‍ය බිය නැතිවීම
  • නිවට නියාලු ගති දුරුවී පෞර්ෂත්වය වැඩිම 

මේ සියලු දේවල් ප්‍රථමධ්‍යානය ලැබීමෙන්ම ලැබෙන හැකියාවන්. ධ්‍යාන ලැබුනම තමන්ට කරන්න පුළුවන් මුලික දේවල් පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. ඒ දේවල් වලට අමතරව කරන්න පුළුවන් තව දේවල් තියෙනවා. ඒ විශේෂ හැකියා ගුරු මුෂ්ඨි රහස් වැනි දේවල්. ඉහතින්සඳහන් කරපු සිත් කියවීමත් ඒ වගේ දෙයක්. ඒ වගේ සැඟවුණු හැකියා දැනගන්න ලැබෙන්නේ අත්දැකීම් වැඩිවීමෙන් හා දෙවියන්ගේ, ඍෂිවරුන්ගේ උපදෙස් වලින්. ඒ වගේම අලුත් විදියට හිතීමේ පරිකල්පන හැකියාවක් තිබීමත් මේ රහස් එලිකරගන්න උපකාර වෙනවා. ධ්‍යාන වලින් ඉහලට යාමේදීත් නව හැකියා ලැබෙනවා.

තේජෝ කසිණය නිතර වඩා ඉහල ධ්‍යාන ලබාගෙන ඉර්ධි හැකියාවන් බලවත් කරගත් කෙනෙකුට මුළු ලෝකයම හෝ මුළු විශ්වයම දවා අළු කර දැමිය හැකියි.


**ධ්‍යාන ලබාගන්න නම් ආරම්භයේදී අඩුමගානේ දවසකට පැයක්වත් භාවනා කළ යුතුයි. මුලදී අමාරු උනත් හිත එක්තැන් වෙන්න පටන්ගත්තාම එකදිගට භාවනා කිරීම පහසු වෙලා භාවනා කිරීම සැපයක් වෙනවා. හිත එක්තැන් වෙන්න පටන්ගත්තට පස්සේ භාවනා කරන කාලය පැය එකහමාරක්, දෙකක් ගානට වැඩිකරන්න.

**ඕනෑම සමථ භාවනවකදී භාවනා කරන අය මුලා වෙලා වැඩ වරද්ද ගන්න තැනක් තියෙනවා. ඒක තමයි කය සැහැල්ලු වෙලා පාවෙනවා වගේ දැනෙන අවස්ථාව. භාවනාව සමෘද්ධ වෙනකොට හිත එක්තැන් වෙනකොට ශරීරයේ වේදනාවන් නොදැනී ගිහින් කය සැහැල්ලු වෙලා පාවෙනවා වගේ දැනෙනවා. ගොඩක් අය මෙතැනදී භාවනාව නවත්තලා ඒ දැනීම විදින්න යනවා. ඇත්තටම කය පාකරලා අහසේ පාවෙන්න උත්සහ කරනවා. මේ අවස්ථාවේදී එකදිගට භාවනා නොකර පාවෙන හැගීම විදින්න ගියොත්, අහසේ පාවෙන්න උත්සහ කලොත් ටික වෙලාවකින් හිතේ සමාධිය නැතිවී යනවා. ශරීරයට දැනුන සැහැල්ලුව නැතිවෙලා යනවා. පාවෙනවා වගේ දැනෙන එක නොදැනී යනවා. මෙතෙක් වෙලා කරපු සියලුම දේවල් ආපහු මුල ඉදන් කරන්න වෙනවා. අත ළඟටම ලැබුණු ධ්‍යානය නොලැබී යනවා. ඒ නිසා තමන්ට කය සැහැල්ලු වෙනවා පාවෙනවා වගේ දැනුනොත් ඒක ගැන හිතන්නේ නැතුව එකදිගටම භාවනා කරන්න. 

**කය පාවෙනවා දැනෙන අවස්ථාවට කලින්  භාවනාව සාර්ථක වෙන්න පටන්ගන්නකොට අමතකම වෙලා තිබුණු මතක එකපාරට මතක් වෙන්න ගන්නවා. අවුරුදු ගානකින් කොහෙත්ම මතකයක් නොතිබුණු දේවල් මතක් වෙනවා. මේ වෙලාවට ඒවා ගැන එකදිගට හිතන්න යන්නෙපා. තමන්ට අතීත මතක මතක් වෙනවා කියල හිතල සතුටු වෙලා තමන් දියුණු තත්වෙකට පත්වෙලා කියල හිතල සතුටු වෙන්න යන්නෙපා. ඒ වගේම තමන්ට අතීත මතක මතක් වෙන නිසා අතීත ආත්ම මතක් කරන්න පුළුවන් වෙයි කියල හිතල අතීතය මතක් කරන්න උත්සහ කරන්නෙපා. ඒවා කරන්න යාමෙන් වෙන්නේ ඒවා කරන්න පුළුවන් තත්ත්වයට පත්වෙන්න බැරි වෙන එක විතරයි.

** සමහරුන්ට භාවනා දියුනුවෙනකොට අමනුෂ්‍යයන් දෙවියන් පෙනීම් සිදුවෙනවා. ඒ වෙලාවට ඒවා ගැන කිසිම අවධානයක් නොදක්වා එකදිගට භාවනාව කරන්න. ඒ සියලු දේවල් තාවකාලික මුලා වීම් විතරයි. ඒ නිසා ඒවාට මුලා නොවී එකදිගට භාවනා කරන්න.

**ධ්‍යාන ලබාගැනීමට පිනත් අවශ්‍ය වෙනවා. ඒ නිසා හැකි විදියට පොඩි පින්කම් වගේම ලොකු පින්කම් කරලා ප්‍රර්ථනා කරන්න ඒ පුන්‍යනුභාවයෙන් ධ්‍යාන ලැබේවා කියලා. හැබැයි ධ්‍යාන ලබාගන්න අපහසු නම් තමන්ට පින් නෑ ඒක හින්දා වැඩක් නෑ කියල හිතල අතාරින්න එපා. භාවනා කිරීමත් පිනක්. එකදිගට භාවනා කිරීමෙන්ම පින සම්පුර්ණ වෙලා ධ්‍යාන ලැබෙන්නත් පුළුවන්. ඒ වගේමයි හැමෝටම හැම භාවනාවම සමෘද්ධ වෙන්නේ නෑ. එක භාවනාවකින් ධ්‍යාන ලබාගන්න කොහෙත්ම බැරි උන කෙනෙක්ට වෙන භාවනාවකින් ඉතා ඉහලට යන්න හැකිවෙන්න පුළුවන්. ඒ නිසා විවිද භාවනා උත්සහ කරන්න. නමුත් එකවර භාවනා දෙක තුන කරන්න යන්නෙපා. එක භාවනාවක් තෝරාගෙන මාස 3ක් එකදිගට කරලා බලන්න. අවම මාස තුනකින් පසුත් හිත එක්තැන් කිරීමට ගොඩක් අපහසු නම් වෙනත් භාවනාවක් කරන්න ගන්න. එක භාවනාවක් අඩුම ගානේ මාස 3ක් වත් උත්සහ නොකර අතාරින්නෙපා. භාවනා මාරු කර කර නොබලා තමන්ට ගැලපෙන භාවනාව මුලින්ම තෝරාගන්න හොදම ක්‍රමය විශුද්ධි මාර්ගයේ විදියට චරිතය නිර්දේශය කිරීම. ඒ ගැන ලිපියක් ඉදිරියේදී වෙනම පල කරන්නම්.

**සිහිය නොහොත් සතිය දියුණු කිරීම ඕනෑම ධ්‍යානයක් ලබාගැනීම ඉක්මන් කරනවා.  ඉරියාපථ සතිපට්ටානය (click here) ලිපිය කියවල ඒ විදියට සිහිය දියුණු කිරීම කරන්න. ධ්‍යාන ලැබුනාම හෝ ධ්‍යාන ලැබෙන්න ආසන්න උනාම ඉබේම සිහිය පිහිටනවා අත්දකින්න ලැබෙනවා. ධ්‍යාන වලට ආසන්න මට්ටමට හිත එක්තැන් වෙන්න භාවනා කලත් භාවනාවෙන් පස්සේ සාමාන්‍ය ජීවිතය ගතකරනකොට පැය 6ක් 7ක් විතර යනකම් හිතේ සිහිය ඉතා හොදින් පිහිටලා තියෙනවා අත්දකින්න පුලුවන්. සමාධිය නිසා සිහිය ඇතිවෙනවා. ඒ වගේම සිහිය නිසා සමාධිය ඇතිවෙනවා.

**ධ්‍යාන ලැබූ විට හා ලැබෙන්න ආසන්න උනාම හිතේ ලොකු නිවීමක් ඇතිවෙනවා. සිතුවිලි වේගය ගොඩක් අඩුවෙනවා. ඒ නිසාම වෙනදා සිටි සාමාන්‍ය ජිවිතයේ රළු බවක් තේරිලා ශාන්ත විදියට වැඩ කෙරෙනවා. වේගයෙන් ඇවිදින එක කතාකරන එක නවතිනවා, සැර වචන කියන එක නවතිනවා . සාමාන්‍ය ජිවිතයෙන් අපගමනය වෙනවා. හැබැයි පැය 6ක් 7ක් ගියාම ආපහු හිතේ සාමාන්‍ය ගතිය මතුවෙලා එනවා. හිතේ වේගවත් ගතිය රළු ගතිය එනවා. භාවනා කරලා ශාන්ත ගතියක් ඇති උන වෙලාවට අනිත් මිනිස්සු ඉස්සරහ පවුලේ අය ඉස්සරහ, සාමාන්‍ය සමාජය ඉස්සරහ මේ නිවුණු ගතිය ශාන්ත ගතිය පෙන්නුම් කරන්නෙපා. එයින් වෙන්නේ තමන්ව සමච්චලයට පත්වීම.

**භාවනා කරනකොට හිතේ නිවීමක් ඇතිවෙනවා වගේම හිතේ නිවීමක් තියෙන වෙලාවට ඉක්මණින් භාවනා දියුණුවක් අත්කරගැනීමේ හැකියාවක් තියෙනවා. ලෙඩ උන වෙලාවට, ලොකු දුකකින් ඉන්න වෙලාවකට භාවනා කිරීමේදී ඉක්මණින් හිත එක්තැන් වෙනවා. හැබැයි එකදිගට දිගු වෙලාවක් භාවනා නොකලොත් ඒ එක්තැන් ගතිය නැතිවෙලා යනවා.  ලෙඩින් දුකෙන් ඉන්න වෙලාවට හිත එක්තැන් කරගන්න පහසු වෙන්නේ හිත සාමාන්‍ය මට්ටමට වඩා දුර්වල නිසා. භාවනා කරනකොට හිතේ හයිය ටික ටික වැඩිවෙනවා. මෙහෙම වැඩිවෙලා සාමාන්‍ය මට්ටමට හිත පත් උනාම හිතේ වේගයත් සාමාන්‍ය ගානට ඇවිත් හිත විසිරෙන ස්වභාවයට එනවා. හිත සාමාන්‍ය මට්ටමට එනකොටත් භාවනා කර කර හිටියොත් හා එතනින් පස්සෙත් එකදිගට ගොඩක් වෙලා භාවනා කලොත් සමාධියක් ලබාගන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් භාවනා කරලා නැවත්තුවොත් සමාධියත් නෑ හිතේ නිවීමත් නෑ.


මේ භාවනා කමටහන් හා උපදෙස් භාවිතයෙන් ඔබත් ධ්‍යාන ලබාගත්තොත් ඒ පින් සක්‍ර දෙවියන්ටත්, මටත් අනුමෝදම් කරන්න අමතක කරන්නෙපා.

*සියලු භාවනා සදහා පොදු උපදෙස් ලිපිය කියවන්න - ( මෙතන ක්ලික් කරන්න Click here)

*ධ්‍යාන ලබාගැනීම, අෂ්ට සමාපත්ති ලබාගැනීම, පංච අභිඥා ලබාගන්නා ආකාරය, ඉර්ධි ලබාගන්නා ආකාරය පිළිබද ලිපිය කියවීමට - (මෙතන ක්ලික් කරන්න )


 Facebook පිටුවට:- ( මෙතන ක්ලික් කරන්න )

(මෙම ලිපි අනවසරයෙන් සම්පුර්ණයෙන් හෝ කරුණු වශයෙන් උපුටාගැනීමෙන් හා වාචික ලිඛිත මුද්‍රිත ඉලෙක්ට්‍රොනික කිසිදු මාධ්‍යයකින් පළකිරීමෙන් වලකින්න.)

Comments

  1. මේ භාවනාව කරන කොට සප්ත බෝජ්ජංග ධර්ම වැඩෙන්නේ නැද්ද....ඒ පිළිබද සටහනක් නොමැතිනිසයි ඇහුවේ..?

    ReplyDelete
    Replies
    1. ධම්මවිචය ඇර අනිත් බෝධි අංග වැඩෙනවා

      Delete
  2. Mahathmaya ..Ekadigata bawanawa karanakota godak parana mathaka ena bawanam matath denila thiyanawa.mama ewa amathaka karala digatama bawanawa karanawa.ethakota wenasak nethuwa samanya widihatama bawanawa wenawa.itapasse passe mokadda wenne kiyalanam mata therenne ne.itapasse samanya widihatama bawanawa kerenawa , e erenna wisheshayen deyak denenne ne.wishesha monawahari deyak dennenne oanada itapasse

    ReplyDelete
    Replies
    1. ඒක එක්කෙනාට ලැබෙන අත්දැකීම් වෙනස්. මම පොදුවේ දක්වල තියෙන්නේ. අන්තිමට කොහොමහරි වෙන්න ඕනි හිත එක්තැන් වෙන එක. ඒක විතරක් මතක තියාගෙන භාවනා කරන්න. අනිත් දේවල් උනත් නොවුනත් වැඩක් නෑ

      Delete
    2. හිත පුරුදුවෙලා තියෙන්නේ උඩු හිතින් යටි හිතේ තියෙන ඒවා ගන්න සහ නැවත තැම්පත් කරන්න . භාවනා කරනකොට මේවා නැවත නැවත වෙන්න පුළුවන් . ඒ නිසා තමයි ඔය සිතුවිලි නැවත නැවත ඇතිවෙන බවක් දැනෙනවා ඇත්තේ .

      Delete
  3. මහත්මයා, ප්‍රතමධ්යානය ලැබූ යටත් ඉර්ධි පාන්න පුලුවන්ද?

    ReplyDelete
  4. මුලින්ම ධාවන පටන් ගන්න කෙනෙක්ට සුදුසු තේජෝ කසිණ භාවනාවද නෙත්නම් ආනාපානසති වගේ භාවනාවක්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නෑ. ඕන එකකින් පටන් ගන්න පුළුවන්

      Delete
  5. මුලින්ම භාවනා පටන් ගන්න කෙනෙක්ට සුදුසු තේජෝ කසිණ භාවනාවද නැත්නම් ආනාපානසති වාගේ භාවනාවක්ද?

    ReplyDelete
  6. මෙවන්ම පොස්ට්ම එකක් දැමීම වෙනුවෙන් ගොඩක් පිං. මම අහල තියෙනවා කසිණ භාවනාවෙන් ඇසේ පෙනීම දියුණු වන බව, සියුම් දේවල් දැකගැනීමට පවා. මෙය ඇත්තක්ද? සියුම් දේවල් දැකීම් කියනකොට මළවුන් දෙවියන් දැකීමත් ඇතුලත් වෙනවාද. මෙසේ සියුම් දේවල් දැකීම භාවනාවට භාධාවක් වෙනවාද?

    ReplyDelete
    Replies
    1. හැම කසිණ භාවනවකින්ම එහෙම වෙන්නේ නෑ .සමහර ඒවයෙන් වෙනවා
      අමනුෂ්යන් පෙනෙන්නේ නෑ ධ්‍යාන ලබනකම්

      Delete
    2. පෙනීම දියුණු වෙනවා වගේම හරියට කරේ නැත්නම් පෙනීම නැතිවෙන්න පුළුවන් . මොකද අනවශ්‍ය විදියට ඇස් වෙහෙසෙනවා වගේ නම් පෙනීම අඩුවෙන්න පුළුවන් .

      Delete
  7. මම ඔබතුමාගේ බ්ලොග් එකේ තිබෙන ඔක්කොම ලිපි කියවා තිබෙනවා, භාවනාත් යම් තරමකට කරනවා. එත් භාවනා වැරදි විදිහට කලාම නොයෙක් මානසික ප්‍රශ්න එන බව අසා තිබෙන නිසා ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න තිබෙනවානම් වටිනවා. ඔබතුමා භාවනා පන්ති පවත්වනවාද? ඒ පිළිබඳව විස්තරයක් දැම්මානම්ම්මා මේ බ්ලොග් එක නිතර කියවන අපි ගොඩක් දෙනාට ලොකු සෙතක්.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට කරන්න ඉන්නවා. තාම නෑ. කියල තියෙන දේවල් හරියට කරනවානං ප්‍රශ්න එන්නේ නෑ

      Delete
  8. 3rd eye විවර කරන භාවනාවේ දී පහනක් වෙනුවට කුඩා විදුලි ලාම්පුවක් හෝ බල්බයක් යොදා ගත්තට කමක් නැත්ද

    ReplyDelete
  9. ඔබ තුමා ලියන මේ පොස්ට් වලින් තේරෙනවා ඔබ තුමා සැහෙන්න අත්දැකීම් තියෙන කෙනෙක් කියලා . අනික මම නරක දේවල් අත හැරලා ටික දිනක් ඉන්නකොට (උදේ හවස පන්සිල් අරන් නිතරම භාවනා කරද්දී) තමයි මේ බ්ලොග් එක දකින්න ලැබුනේ . එකෙන් කියන්නේ හොද දේවල් කරනකොට හොද දේවල් අත් දකින්න ලැබෙනවා. ඉතිං ඔබ තුමාගෙන් ඉල්ලනේ මේ වගේ හොද වැදගත් පොස්ට් නිතරම නෙමෙයි කල් අරන් ලියන්න මොකද නිතරම ලියනකොටත් මිනිස්සුන්ට එකේ අගයක් නැහැ . මම මේකේ අප්ඩේට්ස් හැමදාම බලනවා. ඔබ තුමාට පිං තෙරුවන් සරණයි !

    ReplyDelete
  10. yogithumani mage wayasa 16 i mama thewani asa awadi karaganna try kalata prashnayak nadda?

    ReplyDelete
  11. me thewani asa awadi karagaththoth eka katawath kiyanna epada?

    ReplyDelete
  12. yogithumani mn kaleka idan anapanasathi bhawanawa karanawa mata anagathaya danena gathiyath tikak thiyenawa . mata obathumage blog eka hambune lagadi. math 3rd eye open karaganna asai .3rd eye bhawanawa samannayen kochchara wela karanna onida ekadigata?

    ReplyDelete
    Replies
    1. 3rd eye post eka kiyawanna. eke sampurna vistare tyenawa

      Delete
    2. yogithumani 3rd eye open karagaththoth thawa kenek ekka unath teleport wenna puluwanda?

      Delete
  13. Yogithumani third eye open karana husma kramayedi Shiva deviyange pinthuureka thiyena ethumge thevani asa diha balagena bawana karanna hoda nadda?

    ReplyDelete
  14. obata saha obe guru warayata boho pin...., mata dana ganna pulwanda anapanasathiyen labena prathama dyanayen kala haki dewal,saha e awasthawedi danena dewal,obata pin

    ReplyDelete
    Replies
    1. mata meyata pilithurak diya hakida :) obata pin

      Delete
    2. post ekak dannan.etakam bawana karala balanna

      Delete
    3. obata saha obe guruwarayata pin

      Delete
  15. ප්‍රායෝගිකව වටිනා ඉතාම වැදගත් ලිපියක්, පහන් දැල්ලෙන් කරන කසින භාවනාව සැමෝටම පහසුවෙන් කරන්න පුළුවන් භාවනාවක්, ඔබට බොහොම පිං!

    ReplyDelete
  16. Godak watina lipi maalawak.

    Obata godak pin!

    ReplyDelete
  17. Dhyana gana sithanne nathuwa Patibaga Nimiththa pasu kara digatama bawana karoth mokada wenne?

    ReplyDelete
  18. Dhyana Laba gaththahama Amanussayan pennenne as wahagena sitiddi witharada, naththam as aragena iddith penawada?

    ReplyDelete
    Replies
    1. Dyana lebunama amanussayo penawa kyala nene man

      Delete
    2. Uda comment ekaka dala thibunane. ekai ahuwe?

      Delete
    3. Ibe penne ne muladi .uthsaha karla dakinna puluwan. Dyana labunu paliyata penna ganne ne

      Delete
    4. Kohomada ussaha karanne?

      Delete
  19. Patibaga Nimithha pasu kara digatama bawana koroth mokada wenne?

    ReplyDelete
  20. Patibaga Nimiththa kiyanne 1 wana Dhyanayada? Samahara poth wala thiyenawane Hitha assata kidabahinawa wage wenawa kiyala Dhyanayedi? Eka poddak pahadili karanawada?

    ReplyDelete
  21. Dushan chandima FernandoFebruary 27, 2017 at 10:16 PM

    Yogi thumata saha oba gey guru varayata bohoma pin.
    bavanawa gana kiyala denawa ta.

    mage num paudgalika mathaya onama bavanawak karaddi guru varayek gey guru haru kam saha maga penvimak ,guidence,ithmath avashyayi kiyala.mokada samajaye vivida pudgalayo innawa ney.1kama dey samhara vita hamotama adala nathi venna puluvan.a nisa mewa igenimata kiya diya haki guru varayek ho oba thuma ho idiripath vi udawu karana lesa illa sitimi.bohoma pin oba gey mey adyathmika maragaya diyunuwata karan sevayata

    ReplyDelete
    Replies
    1. Guruwarayek idima godak hodai hari guruwarayeknam. Eth eka athyawasyama ne. Godak bawana karapu aya mulika dewal igenagena tanyen tama dyana dakwa yanne. Idiriyedi bawana asapuwak pawatwanna adahasak tiyenawa. Balamuko

      Delete
  22. yogithumani thejo kasinayen prathama dyana labuwita gindara mawanna barida?barinam kiiweni dyana labu witada gindara mawanna puluwan?

    ReplyDelete
    Replies
    1. eth yogithumani budurajaanan wahanse yama maha pelahara paaddi thejo kasina dyana walin wishala agni jala mawwa neda?

      Delete
    2. Ese karanna puluwan buduwarunta pamanai

      Delete
  23. ma hata varadi guru upadesha labima ha hari bavana guru varayek nolabima nisa vivida apahasu tha valata lak vuna anisa mama num kiyanney navaradi athdakim sahitha guru varayek gey
    sahaya anivaya bavayi.haki num ma vani ayata Davu karanna kramayak sakasa denna

    ReplyDelete
  24. මට යම් ගැටළුවක් තියෙනවා අසන්න . අපි කුමක් හෝ භාවනා ක්‍රමයකින් සිත දියුණු කළහොත් ඒ සිතේ බලෙන් අපිට යම් භාෂාවක් හැදෑරීමකින් තොරව දැන ගැනීමේ හැකියාවක් තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. තව ටිකක් පැහැදිලි කරොත් කරුණාකරලා

      Delete
    2. Kundalini wala vishuddhi chakraya awadikara gaha hoth wena basa therenawa

      Delete
  25. Mama me bhawanawa masayak withara karla nawaththuwa mawaththala da masayak withara wenawa thamath Obama welawaka gini Della aramunu karagena hitiyama eka hodata penawa meka Mona wage tathwayakda,

    ReplyDelete
  26. Bawana kara labunu samadi alokaya nathi karaganne keseda? ema alokaya thiyeddi thejo kasina bawanawa karoth ehi uggaha nimiththa upadida?

    ReplyDelete
    Replies
    1. bawana nokara htyama alokaya netiwenawa.
      alokaya tiddith nimitta upadinawa

      Delete
  27. Thejo kasinaya wadana akaraya mp3 https://drive.google.com/open?id=0B74p3pq345pcOGZyNXNPVHM2ZTg

    ReplyDelete
  28. යෝගීතුමනි ධ්‍යාන ලබාගැනීම හා මාර්ගඵල ලබාගැනීම අතර ඇති සම්බන්දය කුමක්ද?

    වඩා උතුම් කුන්ඩලීන් ශක්තිය ලබාගැනීමද ධ්‍යාන ලබාගැනීමද උතුම්?

    ඔබතුමා මේ බාවනා කරන හැටි විස්තර English වලිනුත් post කරන්නකො ,youtube එකේ chakras tunning videos වලට තියෙන views comments වලින් පැහැදිලියි විදේශ රටවල පවා මේ ගැන උනන්දු විශාල පිරිසක් ඉන්න බව..

    ReplyDelete
    Replies
    1. dhyana ha kundalini athara sambandaya kiyawanna- pehedili kirima pinisai kiyana post eka
      ehema wada uthum mokakda kiyala kiyanna be dekama uthum dewal

      Delete
  29. යම්කිසි කෙනෙක් රූප ධ්‍යාන හෝ අරූප ධ්‍යාන ලබාගෙන සිටියදී මරුනොත් ඉපදෙන්නෙ කුමන ලෝකෙකද?
    යම්කිසි කෙනෙක් කුන්ඩලීනි ශක්තිය ලබා ගෙන සිටියදී මැරුනොත් ඉපදෙන්නෙ කුමන ලෝකෙකද?

    ReplyDelete
    Replies
    1. dhyana thiyena aya upadinne brahma loke.
      kundalini thiyena kena upadina thenak ehema hariyata kiyanna be. dhayan thibbot brahma loke. hoda pinak thibunoth diwyaloka ho manussaloke. pau wedinam sathara apaye

      Delete
  30. yogithumani,shakthi awadi karagath knk shakthi bawitha kireemen thorawa manussayekwa gaathanaya kaloth ho ewan balawath akusalayak kaloth ohuta kundaliniya ahimi wenawada?

    ReplyDelete
  31. ගුරුතුමනි,
    1. දැල්ල හිතෙහි මවා ගැනීමේදි යම් වෙනස්කම් සිදුවිය හැකියි. එය ඇත්තටම ඇති දැල්ලම වියයුතුද?
    2. වීඩියෝවක පහන් දැල්ලක් භාවිතා කීරීම මෙයට සුදුද? උදාhttps://www.youtube.com/watch?v=QgPZ_k5saH4&t=6427s
    3. උද්ග්‍රහ නිමිත්තත් ඇත්ත දැල්ලත් එක සමාන විය යුතුද? ඇත්ත දැල්ල එකම ස්වරූපයෙන් නොපවතී. උද්ග්‍රහ නිමිත්ත නිසල දෙයක්ද නැත්නම් ඇත්ත දැල්ල සේ වෙනස් වන දෙයක් ද?

    ReplyDelete
    Replies
    1. වීඩියෝ බලල වැඩක් නෑ. ඇත්ත දැල්ල දිහා බලල කරන්න ඕනි
      උද්ග්‍රහ නිමිත්ත ඇති උනාම ඒවා විසදගන්න පුළුවන්

      Delete
  32. මම සොයමින් හිටිය ලිපියක්.. ඔබට ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  33. Me bhawanawa karana gaman ,ra nidagaddi maithri bhawanaw kranna epada?

    ReplyDelete
  34. Eka pudgalayekta dyana ha shakthi dekama labaganna puluwnda gurughumani ?

    ReplyDelete
  35. Yogithumani,pranayama karaddith mathekewath thibba nathi samahara dewl mathk wenawane,eka samanyaida?

    ReplyDelete
    Replies
    1. ඕනෑම භාවනාවක් කරද්දී වෙන දෙයක්

      Delete
  36. Thamanta galapena bhawanawa thoraganna kramaya pilibada post ekk dalada thiyenne

    ReplyDelete
  37. Me bhawanwath bima idand karanna ona ?ada uda kalata kamak nadd?

    ReplyDelete
  38. Dawasata deparak me bhawanawa karann hoda nadda ?

    ReplyDelete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. Prashnayk thinw,kalayk thisse thejo kasinaya wadanawa masa 6k withara,eth dn hamadama ekama dee wenne,bhawana karaddi hri ikmanata hitha ekaga wenawa ,ita passe loku ayasayk darann ona na hitha ekaga karanna ,sitha wisirenne na wage,amuthu sathutak enawa hithata , ewagema amuthu hageemak enawa nikn aga sahallu wela yanwa wage ,hamadama mekama wenawa,methanin ehata yanne nahane bhawanawa ,methanin idiriyata yannema na ,hethuwa mokkd kiyanna puluwnd,mekata wisadumak kiyala denawad ?godk pin

    ReplyDelete
    Replies
    1. භාවනා කරන කාලය වැඩි කරන්න ටික ටික

      2 භාවනා කරන්න කලින් " මම අද තේජෝ කසිණ භාවනා වැඩීමෙන් විතක්ක විචාර ප්‍රීති සුඛ එකග්ගතා සහිත ප්‍රථම ධ්‍යානයට එළඹෙනවා" කියලා අධිෂ්ඨාන කරලා පටන්ගන්න. කොහොමහරි ඒක ඉෂ්ට කරගන්න උත්සහ කරන්න

      Delete

Post a Comment