Featured Post

ආධුනිකයන් භාවනා ආරම්භ කළ යුතු අයුරු Meditation for Beginners

   


සාමාන්‍ය සමථ හෝ විදර්ශනා භාවනා වඩන අය අනුගමනය කල යුතු පිළිවෙල 

භාවනා කිරීමට දිනපතා එකම ස්ථානයක කල හැකි විදියට එක ස්ථානයක් සුදානම් කරගන්න. දිනපතා එම ස්ථානය පිරිසිදු කරන්න. භාවනා කිරීමට පමණක් එම ස්ථානය භාවිත කරන්න. උතුර හෝ නැගෙනහිරට මුහුණලා වාඩිවී භාවනා කරන්න.


1 ) පළමු පියවර
පළමුවෙන්ම සතියක් භාවනා නොකර යෝගාසන පුරුදු වෙන්න.  විශේෂයෙන්ම පද්මාසනය පුරුදු කරන්න. ආරම්භයේදී විනාඩි 30ක් විතරක් ආසන පුරුදු කරන්න. මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනි දේ තමයි මුළු විනාඩි 30 තිස්සෙම කිසිම චලනයක් සිදු කරන්නේ නැතුව නිශ්චලව ඉන්න පුරුදු වීම. ධ්‍යාන ලබගන්නනම් කය නිශ්චලව තබාගෙන  ඉන්න පුරුදුවිම  අත්‍යවශ්‍ය වෙනවා. පද්මාසනයෙන් වාඩිවෙලා එකදිගට පැය භාගයක්  නිශ්චලව ඉන්න.  තමන්ගේ  ඉරියව්ව ගැන සිහිය පිහිටවාගෙන ඉදීම විත‍රයි මේ පියවරේදී කරන්නේ. වෙනත් කිසිම භාවනා අරමුණක් මෙනෙහි කරන්න යන්නෙපා. හිත විසිරෙන්න දෙන්නත් එපා. වෙන වෙන දේවල් කල්පනා කරන්නේ නැතුව තමන්ගේ ශරීරයට සිහිය පිහිටවාගෙන ඉන්න. ශරීරය විශ්ලේෂණය කරන්න යන්නත් එපා. නිකන්ම ශරීරය තිබෙන ඉරියව්ව ගැන සිහිය පිහිටවාගෙන ඉන්න.

**මෙහෙම කරනකොට අත් කකුල් හරිගස්සන්න  හිතෙන්න පුළුවන්, ගැඹුරින් හුස්ම ගන්න හිතෙන්න පුළුවන්, ඇස් අරින්න හිතෙන්න පුළුවන්, ඇඟ එහාට මෙහාට කරන්න හිතෙන්න පුළුවන්. ඒ කිසි දෙයක් කරන්නේ නැතුව නිශ්චලව ඉන්න. ටික වෙලාවකින් කෙලින් කරන් ඉදපු කොන්ද ඉබේම නැවිලා තමන් පිටිපස්සට ගිහින් වගේ දැනෙන්න  පුළුවන්. ඒ වෙලාවටත් නිශ්චලව ඉන්න. හැබැයි පිටිපස්සට ගිහින් වැටෙන්න වගේ යනවනම් විතරක් හෙමිට කොන්ද කෙලින් කරගන්න.

පලවෙනි දවස් තුන විනාඩි 30ක් මේ විදියට ආසන පුරුදු කරන්න. ඊලග දවස් දෙක විනාඩි  45ක් කරන්න. අන්තිම දවස් දෙක පැයක් ආසන පුරුදු කරන්න.

මේ විදියට කරනකොට ආසන පුරුදු කිරීමෙන්ම හිත එක්තැන් වෙලා හිතට සැනසීමක් සැහැල්ලුවක් නිවීමක්  දැනෙන්න ගන්නවා.


පද්මාසනය තබාගන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. කකුල් එකිනෙක හරහා දාගෙන යටිපතුල් උඩට හිටින විදියට පුරුදු කිරීම තමයි හොදම ක්‍රමය. 



ඒ ක්‍රමය අමාරුනම් මේ දෙවැනි ක්‍රමය පුරුදුකරන්න.



අර්ධ පද්මාසන හා සුඛාසන කියන ආසන දෙකත් භාවනා කිරීමට සුදුසුයි. හැබැයි මේ හැම එකටම වඩා වැඩියෙන්ම හොද පද්මාසනය පුරුදු කිරීම.
අර්ධ පද්මාසනය 
-
සුඛාසනය

භාවනා ආසන පවත්වන ආකාරය  :-


2 ) දෙවන පියවර
සමථ භාවනාවක් වැඩීමට කලින් ජපමාල භාවනාව පුරුදු කරලා තිබීම ඉක්මනින් භාවනාව සාර්ථක කරගන්න  උපකාර වෙනවා.  හිත විතරක් භාවිතා කරන සමථ භාවනා වලින් හිත පලවෙනි පාරට එක්තැන් කරගැනීමට වඩා අත මෙහෙයවමින් හිත එක්තැන් කරන ජපමාල භාවනාව මගින් හිත එක්තැන් කරගන්න ලේසි කමක් තියෙනවා. ඒ නිසා සතියක්  ආසන පුරුදු කිරීමෙන් පස්සේ  සති තුනක් හෝ   හතරක් ජපමාල භාවනාව කරන්න. සති තුනකින් පස්සේ තුන් වන පියවරට යන්න. ජපමාල භාවනාව ලිපිය කියවන්න (මෙතන ක්ලික් කරන්න )
මේ භාවනාව මගින් හිත ගොඩක් හොදට එකඟ වෙනවානම්  සති තුනකින් පස්සේ තුන් වන පියවරට නොයා එකදිගට මාස තුනක් විතර මේ භාවනාවම වඩන්න.


3 ) තුන් වන පියවර
බෞද්ධ සමත හෝ විදර්ශනා භාවනා වඩන යෝගීන් මුල් පියවර දෙකෙන් පසු තමන් තෝරාගත් භාවනාවක් කිරීමට පෙර බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභ, ආනාපානසති යන චතුරාරක්ඛ භාවනා සතර සතියක් බැගින් හෝ සති දෙක බැගින් වඩන්න. ඊට පසු භාවනාව වැඩීමට පටන්ගන්න.

4 ) තුන් වන පියවර
තමන් කැමති සමථ භාවනාවක් තෝරාගෙන එකදිගට අවම මාස තුනක් ඒ භාවනාව වඩන්න. භාවනාවකින් හිත  සැලකිය යුතු මට්ටමකට එකඟ වෙන්න මාස තුනක් විතර යනවා. ඒ නිසා පොඩි කාලෙකින් භාවනාව අතැරලා දාන්න එපා. හිතෙන හිතෙන විදියට භාවනා මාරු කරන්න යන්නත් එපා. අඩුම ගානේ මාස 3ක්වත් එකදිගට  එක භාවනාවක් පුරුදු කරලා බලන්නේ නැතුව වෙනත් භාවනාවකට මාරු වෙන්නෙපා.



කුණ්ඩලිනි භාවනා වඩන අය අනුගමනය කල යුතු පිළිවෙල

තෙවැනි ඇස භාවනා හෝ කුණ්ඩලිනි භාවනා වඩන සියලු දෙනා මෙහි සඳහන් මුල් පියවර සිදුකිරීමෙන් පසුව පමණක් භාවනා ආරම්භ කරන්න!

1 ) පියවර - සමථ භාවනා සඳහා දී ඇති පළමු පියවර ආකාරයටම කරන්න

2 ) පියවර
සති 4ක්  ප්‍රාණයාම කරන්න. ප්‍රාණයාම කරන ආකාරය ලිපිය කියවන්න ( මෙතන ක්ලික් කරන්න )
ප්‍රාණයාම මගින් හිත ගොඩක් හොදින් එක්තැන් වෙනවනම් තුන්වෙනි පියවරට එන්නේ නැතුව එකදිගට මාස 3ක් විතර ප්‍රාණයාම පුරුදු කරන්න.

3 ) පියවර - ජපමාල භාවනාව සති 4ක් කරන්න. ජපමාල භාවනාව ලිපිය කියවන්න (මෙතන ක්ලික් කරන්න )
මේ භාවනාව මගින් හිත ගොඩක් හොදට එකඟ වෙනවානම්  සති තුනකින් පස්සේ තුන් වන පියවරට නොයා එකදිගට මාස තුනක් විතර මේ භාවනාවම වඩන්න.

4 ) පියවර - කුණ්ඩලිනි හෝ තෙවැනි ඇස භාවනා වලින් තමන් කැමති එකක් තෝරාගෙන අවම වශයෙන්  එකදිගට මාස තුනක් කරන්න.

කුණ්ඩලිනි භාවනාව ලිපිය කියවීමට ( මෙතන ක්ලික් කරන්න )
තෙවැනි ඇස භාවනාව ලිපිය කියවීමට ( මෙතන ක්ලික් කරන්න )


* මේ පියවර අනුගමනය කරන ගමන් පලවෙනි පියවරේ ඉදන්ම පන්සිල් රකින්න පුරුදු වෙනවනම් හිත එක්තැන් කරගන්න ඒක උදවුවක් වෙනවා. ඔක්කොම බැරිනම් තමන්ට රකින්න පුළුවන් සිල් පද ටිකවත් ආරක්ෂා කරන්න. දිනපතා පන්සිල් රකිනවා වගේම පෝය  දින වල වරුවෙන් නවත්තන්නේ නැතුව සම්පුර්ණ දවස පුරාම දසසිල් රකින්න.

* ඒ වගේම භාවනා නොකරන වෙලා වලදී සිහිය පුරුදු කිරීම හිත ඉක්මනින් එක්තැන් කරගන්න උපකාර වෙනවා. තමන් කරන හැම දෙයක්ම සිහියෙන් කරන්න. කල්පනා කර කර හීන මව මව වැඩ කරන්නෙපා. කරන කියන හැම දෙයක්ම සිහියෙන් කරන්න. සතර සතිපට්ටානය පුරුදු කරන්න.

* පලවෙනි පියවරේ සිට සියලුම දේවල් එකදිගට හැමදාම කිරීම අත්‍යවශ්‍යයි. කඩින් කඩ  භාවනා කලොත් හැමදාම එකම මට්ටමේ ඉන්නවා මිසක් දියුණු වෙන්න ලැබෙන්නේ නෑ. කඩින් කඩ භාවනා කලොත් හැමදාම මුල ඉදන් හිත එක්තැන් කිරීම පටන්ගන්නයි වෙන්නේ. හැමදාම එකදිගට භාවනා කලොත් අද ඉවර කරපු තැනින් හෙට පටන්ගන්න පුළුවන්. අදට වඩා වෙලාවක් හෙට සමාධිය පවත්වන්න පුළුවන්.
මේ නිසා භාවනාවට කලින් මුලින්ම හැමදාම භාවනා කරන්න පුළුවන් වෙලාවක් තෝරාගන්න.  හැමදාම එකම තැනක  ඉදන් භාවනා කරන්නත් පුලුවන්නම් ගොඩක් හොදයි. භාවනා කරන්න එක වෙලාවක් හා එක තැනක් වෙන් කරගන්න.


* ධ්‍යාන ලබාගැනීම, අෂ්ට සමාපත්ති ලබාගැනීම, පංච අභිඥා ලබාගැනීම පිළිබද ලිපිය කියවීමට - ( මෙතන ක්ලික් කරන්න )

* කුණ්ඩලිනි භාවනා කරන්න කලින් මුලික උපදෙස් ලිපිය අනිවාර්යෙන් කියවන්න. ලිපියේ සඳහන් උපදෙස් වලට අනුව විතරක් භාවනා කරන්න. එම ලිපිය කියවීමට - ( මෙතන ක්ලික් කරන්න )


 Facebook පිටුවට :- ( මෙතන ක්ලික් කරන්න )

මේ භාවනා වැඩීමෙන්  ඔබ අත්කරගන්නා පිං සක්‍ර දෙවියන්ටත් මගේ ගුරුවරයන්ටත් මටත් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..


( මෙම ලිපි ලිඛිත වාචික විද්‍යුත් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් උපුටාගැනීමෙන් වලකින්න )

Comments

  1. යෝගිතුමනි,
    1.මට පද්මාසනයෙන් ඉන්න මොනවා කරලවත් බෑ.මගෙ කකුල් කෙටි නිසා වෙන්න ඇති.ඒක නිසා මම මෙච්චරකල් පුරුදු කලේ සිද්ධාසනය.සිද්ධාසනයෙන් ගොඩක් වෙලා ඉන්න පුලුවන්.ඒක නිසා මෙහි පලමු පියවර ලෙස සිද්ධාසනය පුරුදු කරන්නද?

    2.third eye meditation එකේදි third eye open වීම කෙරෙහි ආසන ය කෙතරම් දුරට බලපානවාද ?

    3.කුන්ඩලිණි භාවනා කරන අය අනුගමනය කල යුතු යැයි ඔබතුමා සඳහන් කර ඇති පියවර 3 දී,මට ජපමාලයක් නොමැති නිසා ත් ගින්දර භාවිතයෙන් තෙවැනි ඇස විවර කරගැනීමට අදහස් කරගෙන සිටින නිසාත් තේජෝ කසිණය වැඩීම වැරදි ද?

    කාරුණිකව පහදා දෙන්නේ නම් කෘතවේදී වෙමි.

    ReplyDelete
    Replies
    1. 1 kamak ne
      2 loku balapemak thiyenwa
      3 thejo kasinaya kohomat wadanna wenwa. ita kalin tama japamala bawanawa karanna oni. ewa kadawal wala tyenwa. wedi gaanak ne 100k 200k witara wenne. puja banda kadawal wala balanna. kotuweth tyenwa

      Delete
  2. 1)Shakthin laba ganimata third eye bawanawa karanakota gedara anith ayata kiyannathuwa kalta kamak nadda
    Mokada ape gedara aya me dewal wishwasa karanne naha

    2)Third eye eka open kara gaththata passe eke hakiyawan pawichchi karala minissunta udaww kaloth third eye eke balaya thawath wadi wenawada?

    3)Third eye eke open kara gattoth mathaka shakthiya wadi wenawada?

    ReplyDelete
    Replies
    1. 1 bawana karana eka katawat kiyanna kisima awasyatawak ne
      2 wenna puluwan. aniwaryen ehema wenawa kiyanna be
      3 tikak wedi wenwa

      Delete
  3. ඔබතුමාට බොහොම පින් මේ පිළිවෙල පෙන්වුවට.

    ReplyDelete
  4. Yogithumani,siddhasanayedi dakunu padaya udin wam padaya thabaganeema waradida(wam padaya matha dakunu padaya thabeema wenuwata)? Obathuma pranayama gana dala thibuna post eke siddhasana image eke thiyenne ehemai...

    ReplyDelete
  5. Mata himaletayanna hithenwa badrinath templeekata ghin bhawana karanna hithenwa.himalye sitina rishiwarun hamuwanna.ewagema nahavatar babajiwa dakinna.

    ReplyDelete
    Replies
    1. hodai. habai bawana karanna eheta yanakan innepa. danuth bawana karala dhyaana labaaganna shakthi labaaganna uthsaha karanna. hodata bawana karagena hitha siyunu karagattot indiyaawata noyaama rishi warin hamuwenna dakinna puluwan wei

      Delete
  6. adhak uda hidimin bawana karana eka sudusuda?

    ReplyDelete
  7. Yogi thumani Adhaka hidimin Bawana Kirima Sudusuda?

    ReplyDelete
  8. Mage wayasa a.u 30i .mata danis wala abadagak tiyenawa a.u 12 witara idan wadi wenakota danis nawanna amarui..gihi kaleth prathikarayak eka digata karanna bari una..bhavana keerimata dadi kamattak ati muth .me gataluwa nisa eyata bada pamine..kunadalani atulu yoga kerma puhunu veemata padasanaya.siddhasanayen heedima awashya bavin iriyauwa gdak wadagath.e sadaha obathumage upades patami.gihi kale idan me blog ekata enawa.me lipi gihi pavidi hamotama vatinawa..tawath me dewal pala keerimata obata shakktiya labewa.theruwan saranai.

    ReplyDelete
    Replies
    1. podi banku wage podi putu dan thiyenawa swamin wahansa. ekak uda idagena kakul bima thiyagena sukhasanayen wadi wela bawana karanna puluwan. danahis walata ridenne ne eken. eka sati thunak witara bawitha karala balanna.
      ehemath nettan tawat putu wargayak thiyenawa kakul nawanne natuwa digaragena inna puluwan jathiyak. ekath utsaha karala baluwanam hodai.
      e wage kakul walata apahasuwak nathi vidiyata muladi bawana karala mulinma hitha ekthan karagena dhyana mattamata hitha pathkaraganna puluwan unoth ita passe dhyana balen asanaya purudu karanna puluwan. dhyana labaganna asanaya athyawasya ne.

      Delete
  9. yogi thumani mata mekata uththarayak denna obata pin.... bawanawa margayen komada api danuma laba ganne wishwiya danuma laba ganne,bawanawa thulin adishtana karala apita mnawa hari dana ganna onanam igana ganna onanam wishwiya danuma laba ganne komada.. obata pin

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම හිත භාවනාවකින් එක්තැන් කරගන්න ඕනි හොදට. ධ්‍යාන ලබාගත්තොත් තමන්ට අවශ්‍ය දේ අරමුණු කරලා ඒකට අදාළ දැනුම ලබාගන්න පුළුවන්.
      ආඥා හෝ සහශ්‍ර චක්‍ර දෙකෙන් එකක් අවදි ක්රගත්තාමත් දැනුම ලබාගන්න පුළුවන්.
      ඔය තත්ත්ව වලට මෙහා මට්ටමක ඉන්නවනම් කරන්න තියෙන්නේ හිත පුළුවන් තරම් එකඟ කරලා දැනගන්න අවශ්‍ය දේ හිතින් ස්ඵර්ශ කරන්න විදින්න උත්සහ කරන්න. ඊට පස්සේ හිතන්න ඒ දැනුම තමන්ගේ හිස තුලට මනස තුලට එනවා කියල

      Delete
    2. obata aha obe guruwarayata bohoma pin..

      Delete
  10. yogithumani,apita upathinma labena buddi mattama,IQ level eka wadi karaganna dewiyan udaw karanawada?ewani udaw laba ganeemata dewiyan udesa kalayuthu suwisheeshi wath piliweth monawada?

    ReplyDelete
    Replies
    1. ehema ithin udau karanawa kiyala kiyanna be. saraswathi puja ganadewi puja thiyala okata udauwak ganna puluwan.

      Delete
  11. yogithumani,mn obathuma daala thiyena widiyata third eye meditation eke mulika piyawara wana thejo kasinaya wadeema maasayaka idan karanawa...eth thama as waha gattama ginidalla ekadigata pena tharamatanam hitha ekaga naha...eth saahena samadiyak hithe thiyenawa...dn mata hithenawa kundalini bawanawa karanna oni kiyala.mama ehema kalata kmk nadda?

    ReplyDelete
    Replies
    1. tawa masayak witara tejo kasinaya wadanna.
      sathi dekakin passe peyak withara thejo kasine karala vinaadi 20k third eye bawanawa krnna

      Delete
  12. ගුරුතුමනි,

    1. කුණ්ඩලිනය මගින් අතිතයටත් අනාගතයටත් කාල තරණය කල හැකි අසිරිමත් හැකියාවක් ලැබෙන බව මම අසා ඇත.මෙහි සත්‍ය අසත්‍ය බාවය පැහැදිලි කර දෙන්න.

    ReplyDelete
  13. ජපමාල භාවනාව කරලා සමථය වඩන්නැතුව කුන්ඩලිණිය කරාට කමක් නැද්ද

    ReplyDelete
  14. Samatha bawanawa puhunu karana sthanayak thibeda?

    ReplyDelete
  15. Samatha bawanawa puhunu karana sthanayak thibeda?

    ReplyDelete
    Replies
    1. Hariyta tenak danne ne. Asapu aarama wala wedasatahan tyenawa

      Delete
  16. මෙෙතී, මරණානුස්සතිය, ඉරියාපථ සතිපට්ඨාන, සමථ, විදර්ශනා, දේවතානුපස්සනා, අානාපානසති, බුද්ධානුස්සතිය, තේජෝ කසින වගේ ඔබ තුමාගෙ පෝස්ට් ඔක්කොම මම කියවල තියෙනවා. මට පැහැදිලි කිරීමක් අවශයි. මේ ඔක්කොම කියවපු නිසා මට හිතාගන්න බෑ මොනවද කරන්න ඕන, මොනවද එපා කියල. මම භාවනාවට ආධුනිකයි. සතියක් භාවනා ඉරියවු කලා. සති 3 ක් උදරය ගැන හිතමින් සමථ භාවනාවෙන් සිත එක්තැන් කරගන්න හැදුවා ඒත් බැරි උනා. ජපමාල භාවනාවත් කරන්න උත්සාහ කලා. පුළුවන් වෙලාවට මෙෙතී භාවනාව කරනවා. දැන් තේජෝ කසින භාවනාව කරන්න පටන් ගත්තා ගින්දර මගින් හිත එක්තැන් කරගන්න දවස් 3 ක් වෙනව. ඔබ තුමා කියනව වගේ හයිබිුඩ් වෙලා තියෙන්නෙ දැන්. උපදෙසක් දෙන්න මට... ලොකුම ගැටළුව තමයි මොන දේ කරන්නත් මට හිත එක්තැන් කරගන්න ගොඩක් අමාරුයි. භාවනා කරන්න එක තැනක්, වෙලාවක් නෑ. හැමදාම කරන්නත් අමාරුයි රස්සාව අනුව. පද්මාසනය ඉන්න අමාරුයි පැය භාගෙකට වඩා. අහන්න කියන්න උපදෙස් ගන්න කවුරුත් නැති නිසයි හැමදේම ඔබගෙන් අහන්නෙ. මොනවද කරන්න ඕන මම. නිවාඩු දවස්වලට වත් ඔබ තුමා ලගට ඇවිත් ඉගෙන ගන්න විදියක් හදල දෙන්නකො.

    ReplyDelete
    Replies
    1. udaraya gena hithala bawana karanna kiyala maam kiyala ne.
      pudgalika bawana upades labaganna mage facebook page ekata msg karanna - kundalini yoga srilanka කුණ්ඩලිනි යෝග

      Delete
  17. Oba thumage bawana puhunu wedasatahan, panthi thiyenawada.

    ReplyDelete
    Replies
    1. තාම නෑ පටන්ගත්තාම කියන්නන්

      Delete
  18. Yogi thumani
    mama upathinma mage as wala suda thibuna. ithin podi kale mage demawpiyo mage as wala thibunu suda iwath kirimata shalyakarmayak sidu kala ita passe ema shalya karmaye athuru palayak widiyata mageas walata glocoma hewath as wala pressure kiyana thathweta path una ita passe aswala ema pressure thathwaya palanaya kirimata mage dakunu asata shalyakarmayak kala ein mage ase hodin thibunu penima danata api sunglass 1kin balanawa wage penawa mage dakunu asa wam asen echcharama hoda penumak nothibunath e penuma mage wada katayuthu karaganimata pramanawath namuth dura thibena yamak aduna ganimata potha pathe akuru kiyawimata ein apahasui. ithin mama bhawanawa pilibadawa awadanaya yomu kale mein mage as wala penima wardanaya karaganime hakiyawath thibenawada. thibenawanam e keseda kiyath ma danaganimata kamathi. mata danata aurudu 25i ithin mema bhawana krama thulin mata kopamana kalayak gatha wewida suwaya sampurnayenma laba ganimata. saha mage shalyakarmayata lak karapu dakunu asa tharamak wikurthi penumak bahirata dis wenawa e siyalla nathi karagatha haki kramayak thibenam oben upades pathimata kamatthemi...

    obata budu saranai

    ReplyDelete
  19. mama me dinawala asanaya purudu karanawa. namuth iye rathriye mama asanaya purudu karamin sitina atharathura mata yam amuththak danuna. hariyata nikan mage bella ada wela wage mama inna bawana iriyawwa waradi wage hagimak awa. eka nisa mama as arala baladdi ehema kisima aulak na mama hitapu widiyatama inawa.

    yogi thumani ehema wenne kumak nisada

    ReplyDelete
  20. Anaapanasathi Bhawanaawa magin Roopawachara Dhyana labaa gatha hakida?

    ReplyDelete
  21. Japamala bhawanawa karanne kohomada

    ReplyDelete
  22. eka thanaka thibuna 3rd eye bawanawa karanna kalin anapana sathiya krata kamak na kyla.twa thanaka thibuna eka paarata eka baawanawak kanna kyla. e deken mokadda hari ?
    anapanasathi bawanawa payak karala 3rd eye bawanawa payak karaata kamak nadda hamadaama ??

    ReplyDelete
    Replies
    1. අනුන්ට කියල තියෙන උපදෙස් තමන්ට ගලපන්න එපා. ලිපියේ විදියට විතරක් කරන්න

      Delete
  23. යෝගිතුමනි මට කුණ්ඩලිණි භාවනාව වඩන්න තියෙන නිදහස්ම තැන මගේ කාමරේ. ඒත් මගේ කාමරේ තියෙන්නේ දෙවන තට්ටුවේ නිසා පොළොව සමඟ ඍජු සම්බන්ධකමක් නෑ. එහෙම වුණාට කමක් නැද්ද? ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. kamak ne. wadi wena thena idan shakthiya enawa kiyala hithanna

      Delete
  24. යෝගි තුමනි ආනාපානසති භාවනාවෙ පියකරු හුස්ම නොදැනීම කියන තැනට යනකම් භාවනා කරපු කෙනෙක් ඊට පස්සෙ තෙවනි ඇස කරන එකද හොද ප්‍ර්රතම ද්‍යානය ලබා ගන්න එකද

    භාවනාවට එන භාදක අඩුකරන ක්‍රමයක් කියල දෙන්නකො

    ReplyDelete
    Replies
    1. ආනාපානසති භාවනා ලිපිය කියවන්න. ඒකෙ ඕකට උත්තරේ තියෙනවා

      Delete
  25. Ethakota 3rd eye open karanna isella
    1. Asana kramaya puhunu wela
    2.samatha bhawanaw karala
    3.japamala bhawanw karala
    4. Thewana asa kriyakarakam karanna ona meka da niwaradi anupiliwela....

    ReplyDelete
  26. මට මොන භාවනාවකින් හිත එක්තැන් කරන්න හැදුවත් හිත එක්තැන් කරන්න බෑ. පොඩ්ඩක් හිත එක්තැන් වීගෙන එනකොටම ශරීරය ඇතුලෙ(අත් පා ඇඟිලිවල) ඇතුලෙන් සතෙක් දුවනව වගේ දැනෙනව. ඇඟ පාලනය කරන්න හැදුවත් මට අවනත නැතුව වගේ ඇඟිලි එහා මෙහා වෙනව. මේකට මොකද කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. facebook page ඒකට මැසේජ් කරන්න

      Delete
  27. Asana puhunu wimata ekama welawkada kranna oni

    ReplyDelete
  28. anapanasathi bawanawa hemadama ekama sthanayaka karana apahadunam mokada karane?

    ReplyDelete
  29. පද්මාසනය පුහුණු වෙන්න ක්‍රමයක් කියල දෙන්න පුළුවන් ද ගුරුතුමනි?

    ReplyDelete
    Replies
    1. පද්මාසනය කරන විදිය වෙනම ලිපියක් දාලා තියෙනවා. කියවන්නන්

      Delete
    2. Gahnu aya karata kmk ndda

      Delete
    3. භාවනා වලට් පිරිමි ගැහැණු භේද නෑ

      Delete
  30. yogi thumani mata saren sare jeewithaya epa wenawa eka nathi karaganna kramayak kiyanna.

    ReplyDelete
    Replies
    1. මනෝ වෛද්‍ය වරයෙක් මුණගැහෙන්න.
      යාළුවො එක්ක නිතර ඉන්න
      තමන් කරන්න කැමති දේවල් කරන්න
      අරමුණක් ඇතුව ජිවත් වෙන්න තමන්ගේ සිහින වෙනුවෙන් අරමුණු වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න

      Delete
  31. Wisadaganna beri loku prashan thiyanawa yogi Thuani.mata mewagen tikak ain wela hitha hada gnna ona mama akata mokada karanna ona

    ReplyDelete
    Replies
    1. පොතක් අරගෙන ප්‍රශ්න ටික ලියන්න
      ඊට පස්සේ ඒ එකින් එකට ගන්න පුළුවන් උත්තර ටික විසදුම් ටික ලියන්න
      ඊට පස්සේ ඒවා කරන්න පුළුවන් විදි ලියන්න
      තව අයගෙන් විසදුම් අහන්න
      එතකොට ප්‍රශ්න විසදගන්න පාරවල් පෙනෙයි

      හිත හදාගන්න හැමදාම එක බණක් හරි අහන්න . නාඋයනේ අරියධම්ම හිමියන්, රාජගිරියේ අරියඥාන හිමියන්, ගලිගමුවේ ඥාණදීප හිමියන් වගේ හිමිවරුන්ගේ බන අහන්න.
      පින්කම් කරන්න බුද්ධ වන්දනා බෝධි වන්දනා කරන්න
      හැමදාම ටික වෙලාවක් මෛත්‍රී භාවනා කරන්න
      දෙවියනට පින්දිලා තමන්ගේ කටයුතු වලට උපකාර ඉල්ලන්න

      යාලුවන්ට කතා කරන්න යාළුවො එක්ක ගමන් බිමන් යන්න

      අනාගතයට සැලසුම් හදාගෙන ඉලක්ක හදාගෙන ඒවා කරගන්න උත්සහ කරන්න

      Delete
  32. Bawana karaddi buddha manthrayak 108 warayak hithi kiwata kamak nedda

    ReplyDelete
  33. Dawasakata kopamana welawak bawana kala yuthuda?
    Mama budhdhanussathi bawanawa wadeemata balaporoththu wennawa eth samagama anapanasathi bawanawa wadeema hodaida?
    Bawana wadeema karagena yaddi athiwana prathipala/lakshana monawada ?
    ma sidhukarana bawanawen wenath bawanawakata wenas wiya uthui kiaya dana ganne kohomada?
    Bohoma sthuthi.bohoma pin

    ReplyDelete
    Replies
    1. පැය භාගයකින් පටන් අරන් පුලුවන් විදියට වැඩි කරන්න

      අනිත් ප්‍රශ්න වලට උත්තර තියෙනවා සියලු භාවනා සදහා පොදු උපදෙස් ලිපියේ

      Delete
    2. mata thrha yana eka palanaya karagnna amarui e wagema hamoma gana amuthu sekayak athi wenwa mata hitha eka thanka thiyagena mata jiwitheta muna denna kiyala denna

      Delete
    3. දිනපතා බුදුන් වදින්න,
      පුළුවන් දවස් වලට පන්සල් ගිහින් බුද්ධ පුජා බෝධි පුජා කරන්න "
      ඒ ගමන් දිනපතා මෛත්‍රී භාවනාව කරන්න
      දිනපතා දවසට එක ගානේ බණක් අහන්න

      Delete
  34. අපි කැමති වෙලාවක භාවනාවෙ යෙදුණට කමක් නැද්ද

    ReplyDelete

Post a Comment