- Get link
- X
- Other Apps
Featured Post
- Get link
- X
- Other Apps
![]() |
thejo kasina |
මම මිට පෙර ලිපි කීපයකින් තේජෝ කසිණ භාවනාව වඩන ආකාරය පැහැදිලි කළා. සාමාන්‍ය ක්‍රමයට තේජෝ කසිණ මණ්ඩලයක් හදන්න අපහසු අයට පහන් දැල්ලක් දිහා බලාගෙන තේජෝ කසිණය වඩන විදිය මම පැහැදිලි කළා. ඒ විදියට තේජෝ කසිණය වඩද්දී ඉක්මනින් උද්ග්‍රහ නිමිත්ත උපදවාගන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවා.
තේජෝ කසිණය කියන්නේ ගින්දර අරමුණු කරමින් භාවනා කිරීමට. මේ ගැන සම්පුර්ණ ලිපයක් : [ කියවීමට මෙතන ක්ලික් කරන්න ]
උද්ග්‍රහ නිමිත්ත කියන්නේ ඇස් වහගෙන ඉද්දි පෙනෙන පහන් දැල්ලට. මේ කියන්නේ පහන් දල්ලේ හැඩයට ඇහේ හැදෙන කහ පාට හෝ රතු පාට චායාව නෙවෙයි. ඇත්තම පහන් දැල්ල ඒ විදියටම ඇස් වහගෙන ඉද්දි පෙනීමට.
බොහෝ දෙනෙක්ට සති ගණනක් මාස ගණනක් ගත වෙන උද්ග්‍රහ නිමිත්ත දින කීපයකින් උපදවාගත හැකි ක්‍රමයක් මම දැන් ඔබට හදුන්වා දෙනවා. කුණ්ඩලිනි යෝග ශ්‍රීලංකා වෙබ් අඩවියෙත් යුටියුබ් නාලිකාවෙත් තියෙන බොහෝ ක්‍රම වගේම මේ ක්‍රමවේදයත් ලංකාවේ හා ලෝකයේ පළමු වරට හෙළිකරන්නේ මා විසින්.
මෙය පලකරන දිනය වනතෙක් වෙනත් කිසිම මුලාශ්‍රයක මම මේ ක්‍රමය කියවලා හෝ දැකලා නෑ.
තේජෝ කසිණය ගැන සම්පුර්ණ ලිපිය කියවීමෙන් පසුව පමණක් මේ ක්‍රමය අත්හදා බලන්න.
මේ සදහා
පහන් දල්ල දිහා ගොඩක් වෙලා බලා ඉදලා ඇස වහලා පහන් දැල්ල දකින්න උත්සහ කරනවා වෙනුවට, පහන් දැල්ල දිහා බලපු ගමන්ම හෝ තත්පර කීපයකින් පස්සේ ඇස් වහගන්න.
එහෙම කරද්දී පහන් දැල්ල ඒ විදියටම පෙනිලා නොපෙනී යනවා.
ඒ කියන්නේ උද්ග්‍රහ නිමිත්ත ඇතිවෙලා ඉක්මනින් නැතිවී යනවා
මේ විදියට නැවත නැවත කරද්දී ඇස් වහගත්තට පස්සේ විනාඩියක් විතර යනකම් උද්ග්‍රහ නිමිත්ත පෙනෙමින් තියෙනවා.
මේ විදියට නැවත නැවත උත්සහ කරද්දී විනාඩි කීපයක් උද්ග්‍රහ නිමිත්ත සිතේ රැදිලා තියෙනවා.
මෙය නැවත නැවත උත්සහ කිරීමෙන් පටිභාග නිමිත්ත උපදවාගන්න පුළුවන්.
මම පලකරන ඕනෑම භාවනාවක් ආරම්භ කිරීමට පෙර අනිවාර්යයෙන් කියවිය යුතු මුලික උපදෙස් මාලාව කියවීමට : [ කියවීමට මෙතන ක්ලික් කරන්න ]
තේජෝ ධාතුව හෙවත් ගින්දට භාවිතයෙන් මිට වඩා වෙනස් භාවනාවක් වෙන ත්‍රතක භාවනාවක් යෝග ඉගැන්වීම් වල සදහන් වෙනවා. ඒ ගැන සම්පුර්ණ පැහැදිලි කිරීමක් දැනගන්න මේ වීඩියෝව නරඹන්න :
- Get link
- X
- Other Apps
Comments
Post a Comment