- Get link
- X
- Other Apps
Featured Post
- Get link
- X
- Other Apps
![]() |
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල පිටුපස කතාව |
ඔයා නිතර දේවාල වලට යන කෙනෙක් නම්, නිතර කේන්දර බලන කෙනෙක් නම්, දෙවියන් අමනුස්සයන් ගැන අධික භක්තියෙන් යුක්ත කෙනෙක් නම් ප්‍රවේසම් වෙන්න. මේ දේවල් කරනවා නම් ඒ කියන්නේ ඔයාව ඔයා වැඩියෙන්ම විශ්වාස කරන මනුස්සයන් හා අමනුස්සයන් විසින් හොදටම රවට්ටලා හූරන් කාලා තියෙනවා කියන එක.
මේ ලිපියෙන් කරන්නේ හරියට බුද්ධි අංශ තොරතුරක් එලියට දානවා වගේ වැඩක්.
මේ දේ මම ගොඩක් තැන් වල දැකලා අත්දැකලා තියෙන දෙයක්. දේවාල කෝවිල් වලින් හා කේන්දර බලන තැන වලින් මිනිස්සුන්ව බරපතල ලෙස රැවටීමට ලක් කරනවා. මේ කියන්නේ ඒවා කරන්න දන්නේ නැතුව දන්නවා වගේ සාමාන්‍ය රැවටිලි ගැන නෙවෙයි. ඒවා ඉතාම ප්‍රාථමික මට්ටමේ රැවටිලි.
ගුරුකම් හා කේන්දර කියවීම් ඉතා නිවැරදිව කරන, හරියට වැඩ කරන බවට ප්‍රසිද්ද පුද්ගලයන් මිනිස්සුන්ව රවට්ටන විදියක් තියෙනවා. ඒ රැවටීම් ඉතා සුක්ෂමයි.
මේ වගේ තැන වලට අහඹු විදියට ප්‍රශ්නයක් අරගෙන එනවා කියලා හිතෙන මිනිස්සු ගොඩ දෙනෙක්ව මේ තැන වලට ගෙන්නගන්නේ මේ තැන් වල ඉන්න අමනුස්සයෝ විසින්මයි.
සරලවම කියනවා නම් මේ තැන් වලට සම්බන්ධ අමනුස්සයන් දෙවියන් හා කේන්දර විශ්වාස කරන මිනිස්සු හොයාගෙන ගිහින් ඒ මිනිස්සුන්ගේ ජිවිත වලට ප්‍රශ්න ඇතිකරනවා. ඊට පස්සේ ඒවාට විසදුම් දෙන්න පුළුවන් තැනක් කියලා තමන් සේවය කරන පුද්ගලයන් ගාවට මේ ප්‍රශ්න ඇතිකළ මිනිස්සුන්ව එන්න සලස්වනවා. දේවගැතියා හෝ කේන්දර බලන්නා පුජාවක් කරන්න හෝ සුරයක් දාන්න හොද ගානක් කඩාගන්නවා. ඒවා කලාට පස්සේ අර මනුස්සයට තියෙන ප්‍රශ්නෙත් නැතිවෙනවා. මොකද ප්‍රශ්නේ ඇත්තට තිබුන එකක් නෙවෙයි අර දේවාලේ අමනුස්සයම ඇතිකරපු එකක්.
ඉතින් අර මනුස්සයා හොදටම පැහැදෙනවා
දේවාල කපුවයි අමනුස්සයයි මාස කීපයක් අර මනුස්සයට සැනසිල්ලේ ඉන්න දෙනවා. ආපහු ටික කාලෙකින් මොකක්හරි ප්‍රශ්නයක් දාලා ආපහු තමන් ගාවට ගෙන්නගන්නවා.
මේ විදියට දේවගැතියන්, කෙන්දරකරුවන් හා ඔවුන්ගේ අමනුස්සයන් විසින් ඔයාව රවට්ටලා තියෙනවද කියලා දැනගන්න පුළුවන් විදිය තමයි කොච්චර වියදම් කලත් ඔයාගේ ප්‍රශ්න ඉවරවෙන්නේ නැතිවීම හා ආපහු ආපහු ඒ තැනටම යන්න හිතීම.
සරලව කියනවා නම් දෙවියන් මත්තේ කේන්දර මත්තේ නැහෙන මානසිකත්වයක් තිබීම. හැබැයි නැහුනට තාවකාලික විසදුම් මිස ස්ථිර සැනසීමක් නෑ.
හැබැයි දේවාල කේන්දර සම්පුර්ණයෙන්ම අතැරලා දාලා අවුරුදු කීපයක් ඉද්දි ඉබේම ප්‍රශ්න ගොඩක් නැතිවෙලා යනවා.
මේ දේවල් වලදී ගොඩක් වෙලාවට ඔයාව වැඩියෙන්ම රවට්ටන්නේ ඔයා වැඩියෙන්ම විශ්වාස කරන තැන වලින්. ඔයා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජොතිශය අධිකව විශ්වාස කරන කෙනෙක්නම්, අධිකව ඒවා මත යැපෙන කෙනෙක් නම් මෙහෙම දෙයක් මේ ලෝකේ වෙන බව දැනගෙන තියාගන්න. මේ ලිපිය කියවන වෙලාවේ මේ දේවල් විශ්වාස නොවුනත් දේවාල පස්සේ ගිහින් හෙම්බත් වුන දවසක මතක් වෙලා ආලෝකය පහල වෙයි..
මිනිස්සුන්ගේ සිතුවිලි හා හැගීම් පාලනය කියන්නේ අමනුස්සන්ට ඉතා පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. යම් ප්‍රමාණයකට හිත දියුණු කලොත් ඕනම මනුස්සයෙක්ටත් ඒක කරන්න පුළුවන්.
ඔයා ඔයාගේ සිතුවිලි කියලා හිතන් ඉන්න ගොඩක් ඒවා ඔයාගේ සිතුවිලි නෙවෙයි අමනුස්සයන් ඇතිකරපුවා .
නිසි මාත්‍රාවට පමණක් දෙවියන් අදහන්න. හැබැයි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා ජෝතිෂ වල වහලෙක් වෙන්න එපා..
මිනිස්සු හැමෝටම ජිවිතේ ප්‍රශ්න එනවා. එක ප්‍රශ්නයක් විසදෙනකොට තව ප්‍රශ්නයක් එනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒවා අසාමාන්‍ය පාරවල් වලින් විසදගන්න ගිහින් ශාන්තුවරයන් විදියට පෙනී ඉන්න කපටියන්ගේ රූකඩ බවට පත්වෙන්නෙපා....
![]() |
කේන්දර බැලීම |
අපගේ බ්ලොග් අඩවියේ වෙබ් ලිපිනය සමාජ ජාල වල share කිරීමට අපහසු නම් මෙම qr code එක share කරන්න :-
- Get link
- X
- Other Apps
Comments
අපේ ගෙදර දෙයක් බලන්න රාත්‍රි 8 විතර දේවාලයකට ගියා,ඊට පස්සේ ගිහින් ඇවිත් නිදා ගත්තා,නිදා ගත්තට පස්සේ ගේ ඇතුලෙයි ,එලියෙයි විවිධ ශබ්ද ඇහෙන්න ගත්තා,
ReplyDeleteඉතින් මම හිතා ගත්තා දේවාලයේ අය අපිව බය කරලා මුදල් ලබා ගන්න,දේවාලයේ ඉන්න අමනුෂ්‍යන් එවන්න ඇති කියලා😅
ආයේ දේවාල වලට ගියේ නෑ,
1)අමනුෂ්‍යයන් වගේම දෙවියනුත් මේ විදියට මිනිස්සුන්ව මූලා කරනවද
2)තව දෙයක් දැන ගන්න තියෙන වා,මම කේන්දර කාරයෝ පස්සේ යන්නේ නෑ,මම හදහන බලන්න ටිකක් දන්නවා, අපල වලට මැණික් පැලඳීමේදී,සමහර අය කියනවා අපල කරන ග්රහයට අයත් මැණික පැළඳීමෙන් අපල අඩු වෙනවා කියලා,
තව අය කියනවා අපල කරන ග්‍රහයාට අයිති මැණික පැලඳීම අපල තත්ත්වය වැඩි කරනවා,ඒ නිසා කේන්ද්‍රයේ ඉන්න බලවත් සුබ ග්රහයට අයත් මැණික පලදින්න කියලා
මේ මත දෙකෙන් ඇත්තටම මොකද්ද හරි,ඇත්තටම මැණික් පැළඳීමෙන් මොකද්ද වෙන්නේ,
මේ වගේ සාමාන්‍ය ජනතාව දන්නේ නැති,එහෙත් සැබෑ ලෙසම ලෝකයේ සිදුවන සංසිද්ධිය ගැන තවත් ලිපි පලකරන්න,
අපි ගොඩක් ආසාවෙන් මේ blog එක කියවන්නේ💎🙏🙏🙏