- Get link
- X
- Other Apps
Featured Post
- Get link
- X
- Other Apps
![]() |
විශ්වයට ස්තුතියි |
විශ්වයට ස්තුති කිරීමේ සංකල්පය දැන් ලංකාවේ "ආධ්‍යාත්මික" යයි කියාගන්නා නමුත් කිසිදු මානසික දියුණුවක් නැති youtube celebrities ලා විසින් අන්තගාමි විදියට පතුරවමින් ඉන්නවා.
සැබෑ ආධ්‍යාත්මික දියුණුවක් නැති, තමන්ගේ පෙනුමෙන් හා පොෂ් වචන හරඹ වලින් ශ්‍රාවකයන් ආකර්ෂණය කරගන්න මේ චරිත විසින් ආධ්‍යාත්මික දියුණුව හොයන බෞද්ධයන් ව සර්ව බලධාරී දෙවි කෙනෙක් අදහන පිරිසක් බවට පත් කිරීමේ මුල් පියවරේ ගමන් කරවනවා.
මේ විශ්ව මාතාවට ස්තුති කරන අය ඉතාම අන්තගාමී විදියට දකින දකින හැම දේටම "විශ්ව මාතාවට ස්තුති වේවා" ගගා යනවා දකින්න ලැබෙනවා.
මේකෙන් කරන්නේ අජීවී විශ්වයට සජීවී පුද්ගල චරිතයක් ඔබේ යටි හිතේ ආරෝපණය කිරීම. ඒ මගින් ඔබ නොදැනුවත්වම ඔබේ ජිවිතේ සියලු දේ පාලනය කරන්නේ සර්වබලධාරී යම් ප්‍රාණියෙක් විසින් කියලා ඔබේ යටි හිතට පිළිගන්න සලස්වනවා.
ලෝකයේ දේවල් සිදු වෙන බව බුදුන් දේශනා කලේ කර්මය ඇතුළු පංච නියාම ධර්ම වලින්
පංච නියාම ධර්ම වල හේතු ඵල සම්බන්ධතාව අනුව තමයි ලෝකයේ සියලු දේ සිද්දවෙන්නේ
ඔබ මේ අජීවී යාන්ත්‍රණ ගැන හිතන්නේ නැතුව හැමදේටම සජීවී පුද්ගල සංඥාවෙන් ස්තුති කරමින් යාමෙන් වෙන්නේ ඔබ දන්නෙම නැතුව විශ්වයේ සියලු දේ කරන පුද්ගලයෙක් ඉන්නවා කියන එක පිළිගැනීම.
අජීවී විශ්වය සජීවී පුද්ගලයෙක් කරලා ස්තුති කිරීම පටන්ගත්තේ කවුරුන්ද කියලා ඔබට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.
ලෝකයේ තියෙන ප්‍රධාන ආගම් වලින් තමන් ලැබූ හැමදේටම "අහවලාට ස්තුති වේවා" ගගා යන ප්‍රධාන ආගම මොකක්ද කියලා හොයලා බැලුවොත් මේ විශ්ව මාතාවට ස්තුති කිරීම නිර්මාණය කල කණ්ඩායම ඔබට අදුරගන්න ලැබෙනවා.
ඔබ නොදන්නවා වුනාට ලෝකය පුරාත් ලංකාවෙත් බෞධයන් හා වෙනත් ආගමිකයන් තමන්ගේ ආගමට හරවාගන්න විවිදාකාර උපක්‍රම භාවිත කරන කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා.
අපි අහන දකින හැම දේකම යටිපෙළ අර්ථයක් යටි හිතට ගමන් කරනවා.
ලෝකයේ මහා පරිමාණයෙන් marketing කරන සංවිධාන හා දේශපාලකයන් මිනිස්සුන්ගේ මනස තමනට අවශ්‍ය විදියට හසුරවන්න මේ යටිපෙළ අර්ථ කුට ලෙස මනසට රිංගවීම කරනවා.
උදාහරණයක් විදියට ලංකාවේ මාධ්‍ය වල නිව්ස් ගන්න.
මිට අවුරුදු කීපයකට කලින් ලංකාවේ අයිස් කියලා මත්ද්‍රව්‍යයක් ගැන මිනිස්සු දැනගෙන හිටියේ නෑ.
ලංකාවට අලුතෙන් ගෙනාපු අයිස් කියන මත්ද්‍රව්‍ය ගැන ප්‍රචාරය කරන්න ඕනි වුනාම ඒ මත්ද්‍රව්‍ය ගෙනෙන suppliers ලා කරන්නේ අයිස් මත්ද්‍රව්‍ය පොලිසියට හසුවුන අවස්ථා තමන්ගේ රුපවාහිනි නාලිකා හරහා news විදියට ප්‍රචාරය කිරීම.
එතකොට අයිස් කියලා මත්ද්‍රව්‍යයක් තියෙනවා කියලා දැනගෙන නොහිටි අයත් ඒවා ගැන හොයන්න හා භාවිතා කරන්න පෙළඹෙනවා.
News එකේ උඩුපෙල අර්ථය - අයිස් මත්ද්‍රව්‍ය ලග තබාගත් අය පොලිසියෙන් ඇල්ලුවා කියන එක
යටිපෙළ අර්ථය - අයිස් කියලා අලුත් බඩුවක් තියෙනවා උබලත් හොයලා ගහලා බලපල්ලා කියන එක.
විශ්වයට ස්තුති කිරීම මනස relax කරගන්න හා positive කරගන්න හොද දෙයක්.
හැබැයි එක අන්තගාමි විදියට- සජීවී සංඥාවෙන් - අවශ්‍ය අනවශ්‍ය හැම තැනටම කියා කියා යනවා නම් ඔබේ ඉන්නේ සර්වබලධාරී දෙවි කෙනෙක් අදහන අන්‍යාගමික මනසකට පත්වෙමින් කියන දේ මතක තියාගන්න.
අපගේ බ්ලොග් අඩවියේ වෙබ් ලිපිනය සමාජ ජාල වල share කිරීමට අපහසු නම් මෙම qr code එක share කරන්න :-
- Get link
- X
- Other Apps
Comments
Post a Comment