මහා සම්මත හා රාවණ
 |
මහා සමමත මනු රාවණා |
රාවණ රජු මහා සමමත මනු රජුගෙන් පැවතගෙන එන සුර්ය වංශිකයෙක් හා චක්‍රවර්ති රජ කෙනෙකු යයි මිථ්‍යා මතයක් විකෘතිකයන් පළකරනවා. මෙම කරුණු තුනම ඉතාම සාවද්‍ය මිත්‍යා මතයන්.
"
මහා සමමත මනු" යන නාමය යෙදිමෙන්ම මොවුන්ට මහා සම්මත හෝ මනු පිළිබඳ කිසිදු දැනුමක් නැති බව තහවුරු වෙනවා.මහා සම්මත කියන්නේ වෙනම රජ කෙනෙක් මනු කියන්නේ වෙනම රජ කෙනෙක්.
*
මහා සම්මත රජු පිළිබඳ ව ඇති කිසිදු මුලාශ්‍රයක රාවණ රජු හෝ ඔහුගේ පරපුරේ කිසිවෙක් ගැන කිසිදු සදහනක් ඇත්තේ නෑ.* රාවණ රජු මනු පරපුරට කිසිදු සම්බන්ධතාවක් නෑ. මනු පරපුරට හා සුර්ය වංශයට සම්බන්ධ වෙන්නේ රාවණා නොව රාම යි.
මනු -> ඉෂ්ක්වාකු ->->->->-> රඝු -> දශරථ ලෙස පැවතගෙන එන මනු පරපුරේ දශරථ ගේ පුතෙකු විදියට රාම උපදිනවා. ( පහත රූපසටහන)
 |
සුර්ය වංශය පෙළපත
|
රාවණ රජුගේ පෙළපතට අයත් කිසිවෙක් ස්වයම්භූව හෝ වෛවස්වත මනු පරපුරේ සදහන් වෙන්නේ නෑ.
මහා බ්‍රහ්ම -> පුලස්ත්‍ය -> විශ්‍රව ලෙස පැවතගෙන එන වෙනමම කුළයක විශ්‍රව මුණිගේ පුතෙකු ලෙස රාවණ උපත ලබනවා.
පුලස්ත්‍ය ඍෂිවරයා මනු පරපුරට කිසිම සම්බන්ධතාවක් නෑ. පුලස්ත්‍ය ඍෂි කියන්නේ ස්වයන්භු මනු හට උපකාර කිරීමට පහළ වූ සප්ත ඍෂි වරුන්ගෙන් එක් ඍෂි වරයෙක්.
පුලස්ත්‍ය ඍෂි ගේ බිරිද වූ මනිනි හෝ, විශ්‍රව මුණි ගේ බිරිද වූ කෛකසි මනු ගේ පරපුරට සම්බන්ධ නෑ.ඒ නිසා මවු හෝ පිය පාර්ශවයෙන් රාවණ කිසිසේත්ම මනු පරපුරට අයත් වෙන්නේ නෑ.
 |
රාවණ පෙළපත
|
රාවණ රජු
සුර්ය වංශයටත් කිසිදු සම්බන්ධයක් ඇත්තේ නෑ.
ලංකාවේ රාවණ මතවාදය දරන රාමායන, මනු ආදී කිසිවක් ගැන කිසිදු දැනුමක් නැති පුද්ගලයන් රාවණා ගේ යයි සිතා සිටිනා සුර්ය වංශය ආරම්භ වෙන්නේ වෛවස්වත මනුගේ පුත් ඉෂ්ක්වාකු රජුගෙන්. වෛවස්වන් කියන්නේ සුර්ය දෙවියන් හදුන්වන නාමයක්. වෛවස්වන් ගේ පුත්‍රයා යන අර්ථයෙන් තමයි වෛවස්වත කියන නම යෙදෙන්නේ. වෛවස්වත මනු ලෙස උපත ලැබුවේ සුර්ය දෙවියන් යටතේ සිටි දෙවි කෙනෙක් නිසා වෛවස්වත ලෙස ඒ මනු වරයට නම් කළා.
ඒත් සුර්ය වංශය ලෙස රාජ වංශය ආරම්භ කරන්නේ වෛවස්වත මනුගෙන් නෙවෙයි ඔහුගේ පුතෙකු වන
ඉෂ්ක්වාකු විසින්.
ඉෂ්ක්වාකු ගේ පුත්‍රයා විසින් සුර්ය වංශයත්, දියණිය විසින් චන්ද්‍ර වංශයත් ආරම්භ කරනවා. ඊට පෙර ලෝකයේ කොහේවත් සුර්ය වංශය කියා නමක් වත් භාවිත වෙන්නේ නෑ. වෛවස්වත මනු ඉෂ්වාකු ආදීන් අයත් වෙන්නේ ස්වයම්භූව මනුගෙන් ආරම්හ වුන මනු රජ පෙළපතට.
රාවණ පැවතගෙන එන්නේ මනු හට කිසිම සම්බන්ධයක් නැති පුලස්ත්‍ය ඍෂි විසින් ආරම්භ කල වෙනම වංශයකින්.රාවණ ඉතිහාසය මතු කරනවා කියමින් ඉතිහාසයට, පුරාවිද්‍යාවට ගරහන පුද්ගලයන්ගේ අවිචාරශීලි බව හොදින්ම දකින්න පුළුවන් කාරණයක් තමයි රාවණා රජු මහා සම්මත පරපුරේ හෝ මනු පරපුරේ සුර්ය වංශිකයෙක් යයි කීම. මොවුන් තමන්ගේ වංශය ලෙස හදුන්වන්නේ රාවණා සමග යුධ කර පරාජය කළ රාමගේ වංශයයි.
තමන්ගේ රජු පරාජය කල, තමන්ට කිසිදු සම්බන්ධතාවක් නැති විරුද්ධ වාදී රජුගේ වංශය වර්ණනා කරමින් එය තමන්ගේ යයි මොවුන් ප්‍රකාශ කරනවා. මෙම රාවණ - සුර්ය වංශික බොරුව තුලින් පැහැදිලි වන්නේ මොවුන් කොතරම් ගවෙෂණයෙන් තොර කොට්ඨාශයක්ද කියන දේ.
*** රාම හා සිද්ධාර්ථ ගෞතම දෙදෙනාම සුර්ය වංශික වීමෙන් බුදුරජානන් වහන්සේ ඉපදුනේ සුර්ය වංශය පැවති ඉන්දියාවේ මිස කිසිසේත්ම ලංකාවේ නොවන බව තහවුරු වෙනවා. සුර්ය වංශයේ කිසිවෙක් ලංකාවේ සිටියේ නෑ. ලංකාවට සුර්ය වංශය ආගමනය වුනේ විජයගේ ආගමනයෙන් පසුවයි.
 |
මහා රාවණ |
 |
රාවණ රජු |
 |
රාවණා |
 |
රාවනා |
 |
rawana |
 |
rawana raju |
 |
රාවණ මහරජු |
 |
රාවනා |
 |
රාවණා රජු |
 |
මහ රාවණ |
 |
රාවණා |
 |
rawana raju
|
 |
රාවණා |
 |
රාවණා |
 |
රාවණ |
 |
රාවණ |
 |
රාවණ |
 |
රාවණ |
 |
රාවණ |
 |
රාවණ |
 |
රාවණා |
 |
සහශ්‍රමුඛ රාවණ |
 |
මහා රාවණ රජු |
 |
rawana |
 |
ravana |
අපගේ බ්ලොග් අඩවියේ වෙබ් ලිපිනය සමාජ ජාල වල share කිරීමට අපහසු නම් මෙම qr code එක share කරන්න :-
Comments
Post a Comment