Featured Post

මිලිනයක් Views 1 000 000

 



කුන්ඩලිනි යෝග ශ්‍රීලංකා වෙබ් (බ්ලොග්) අඩවියට නැරඹුම් වාර මිලිනයක් සම්පුර්.ණ වී තිබෙන බව පාඨක ඔබ සියලු දෙනාට සතුටෙන් දැනුම් දෙන්න කැමතියි.. 2014 - 11 - 24 දින ආරම්බ කල අපගේ බ්ලොග් අඩවිය හරහා දශකයකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රීලාංකික යෝගීන්ගේ භාවනා දැනුම වර්.ධනය කිරීමත් ප්‍රායෝගික භාවනා මගපෙන්වීම සිදුකිරීමත් සිදුකර තිබෙනවා.

මෙය ඕපාදුප වලින් තොරව, පාඨකයක් මුලා කර ආකර්.ෂණය කරගන්නා ප්‍රසිද්ද ව්‍යාජ ඉගැන්වීම් වලින් සම්පුර්.නයෙන්ම තොරව ඉතාම නිවැරදි සත්‍ය භාවනා හා යෝග කරුණු පමණක් ඉදිරිපත් කරමින් ඉතාම උසස් අන්තර්.ගතයක් පමණක් ලබාදෙමින් ගමනක්. ඒ වගේම කාලින වශයෙන් සමාජයේ පැතිරෙන විවිද මිත්‍යාවන් දුරලීමත් බ්ලොග් අඩවිය හරහා සිදුකර තිබෙනවා.
වෙනත් කිසිදු මුලාශ්‍රයකින් උපුටා නොගත්, අවුරුදු 20 කට ආසන්න අපගේ භාවනා අත්දැකීම් ඔස්සේ ලබාගත් ප්‍රායෝගික දැනුම පමණක් බ්ලොග් ලිපි හරහා ඔබට ලබා දී තිබෙනවා.  Views මිලියනයක් අප ලබාගෙන තිබෙන්නේ බ්ලොග් ලිපි 87 කට පමණක් වීම අපගේ ලිපි වල ගුණාත්මක බාවය තහවුරු කරන නිර්.ණායකයක්.

ආරම්බයේ සිට මේ දක්වා යාවජීව පාඨකයන් ලෙස අප සමග සිටින සාමාජිකයන් වගේම නව පාඨක සියලු දෙනා හටත් කුන්ඩලිනි යෝග ශ්‍රී ලංකා ස්තුතිය පිරිනමනවා...ඔබ සියලු දෙනාට ඔබ අපේක්ෂා කරන උසස් මානසික මට්ටම් ලගා කරගැනීමට දැනුමෙන් හා මගපෙන්වීමෙන් උපකාර කිරීමට ඉදිරියටත් කුන්ඩලිනි යෝග ශ්‍රීලංකා වෙබ් අඩවියත් යුටියුබ් නාලිකාවත් කටයුතු කරනවා...

~ ස්වස්තිසිද්ධම්!!! ~



Comments

  1. Maithree bhawanawa samaga ekama dawase wena welaawaka animiththa samaadhiya waeduwata kamak naedda yogithumanp

    ReplyDelete
  2. Fb page ekata massage daanna beri ay?

    ReplyDelete

Post a Comment