Featured Post

අයිස් මිනිසා හෙවත් විම් හොෆ් ( Wim Hof ) ගේ ප්‍රාණයාම ක්‍රමය

විම්හොෆ් ප්‍රාණයාම
විම්හොෆ් ප්‍රාණයාම ක්‍රමය 

මේ වනවිට කොරෝනා උවදුර දරාගත නොහැකි මට්ටම පැතිරෙමින් යනවා. වෛරසයේ අලුත් ප්‍රභේද ඇතිවීමේ අධික වේගය නිසා ඖෂධ මගින් කොරෝනා පාලනය කිරීම ඉතාම අපහසු තත්ත්වයට පත්වී තිබෙනවා. මේ නිසා හුමාලය ඇල්ලීම වැනි ඖෂධ නොවන ක්‍රමවේද මෙය පාලනය කිරීමට භාවිත කිරීමට මුළු ලෝකයම පෙළඹී තිබෙනවා. මෙම භයානක තත්ත්වය යටතේ කොරෝනාවෙන් ආරක්ෂා වීම සඳහා යෝග උපකාර කරගත හැකි ආකාරය පිළිබඳ ලිපි මාලාවක් පළකිරීමට තීරණය කළා. කොරෝනා රෝගයේ භයානක තත්ත්වය ඇතිවන්නේ නියුමෝනියාව වැළඳී හුස්ම අවහිරතාව ඇතිවීම නිසා. එම තත්වය අවම කරගැනීමට යෝග ශාස්ත්‍රයේ හුස්ම අභ්‍යාස හෙවත් ප්‍රාණයාම අභ්‍යාස උපයෝගී කරගන්න පුළුවන්. ප්‍රාණයාම මගින් මගින් පෙනහළු ධාරිතාව වැඩිකරගැනීම හරහා යම්කිසි හේතුවක් නිසා පෙනහළු ආසාදනයක් වුනු අවස්ථාවකදී පවා හුස්ම ගැනීමේ අවහිරතා අවම වී විශාල ආරක්ෂාවක් උදාවෙනවා. යෝග ශාස්ත්‍රයේ මූලික ප්‍රාණයාම අභ්‍යාසය පිළිබඳව මිට පෙර ලිපියකින් ( Click here ) පැහැදිලි කල නිසා පෙනහළු ධාරිතාව වර්ධනයට ඍජුවම දායක වන විම්හොෆ් ප්‍රාණයාම ක්‍රමය  පිළිබඳව මෙම දැනුවත් කිරීමට තීරණය කළා.


විම් හොෆ්
විම් හොෆ් හුස්ම අභ්‍යාස

Wim Hof හෙවත් අයිස් මිනිසා ප්‍රාණයාම මගින් සීතල දරාගැනීමේ හැකියාව ලබාගත්තෙකු ලෙස ලෝක ප්‍රසිද්ද පුද්ගලයෙක්. ඔහු විසින් අයිස් යට කිමිදීම, වැඩිම කාලයක් අයිස් වලට නිරාවරණය වී සිටීම වැනි ගිනස් වාර්ථා කීපයක්ම ලබාගෙන තිබෙනවා. මේ සඳහා ඔහු භාවිත කරන ක්‍රමවේදය විම්-හොෆ් ක්‍රමය ලෙසින් ඔහු හඳුන්වා දී තිබෙනවා. මෙය ප්‍රාණයාම හා ටිබෙට් ටුමෝ භාවනා ක්‍රම සංයෝග කර සිදුකරන අභ්‍යාස ක්‍රමයක්. විම්හොෆ් ගේ ක්‍රමය ලෝකය පුරා ප්‍රචලිත වීමට හේතු වුනේ ඔහු විසින් මෙහි ඵලදායිතාව විද්‍යාත්මකව තහවුරු කල නිසා. විම් හොෆ් තමන්ගේ හුස්ම අභ්‍යාසයේ ප්‍රතිපල තහවුරු කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ හා විද්‍යාත්මක පරීක්ෂණ රැසකට සහභාගී වී තිබෙනවා. විශ්ව විද්‍යාල කීපයක්ම මේ සඳහා දායක වී තිබෙනවා. එම පරීක්ෂණ තුලින් මිනිසුන්ට ස්වභාවිකව නොමැති හැකියාවන් වන ශරීරයේ ස්වයංසාධක ස්නායු පද්ධතිය පාලනය කිරීමේ හැකියාව, ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ හැකියාව හා ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාව ආදිය විම්හොෆ් ගේ හුස්ම අභ්‍යාසය පුහුණු වීම හරහා ලැබෙන බව තහවුරු වී තිබෙනවා. ඒ වගේම විම් හොෆ් ක්‍රමය මගින් හුස්ම රඳවාගැනීමේ හැකියාව හා පෙනහළු ධාරිතාව ඉතාම ඉහළ මට්ටමකට වර්ධනය කරගැනීමේ හැකියාව තිබෙනවා. 


විම්හොෆ් ක්‍රමය
wim hof විම්හොෆ් 


Wim Hof අභ්‍යාසය සිදුකරන ක්‍රමය 


විම්හොෆ් විසින් හුස්ම අභ්‍යාස ක්‍රම කීපයක්ම හඳුන්වා දී තිබෙනවා. ඒවා අතරින් ඔහුගේ ප්‍රධාන හුස්ම අභ්‍යාසය ආරම්භ කරන්නේ වට තුනක අභ්‍යාසයක් විදියට. එක් එක් වටයේ පියවර කිහිපයක් තිබෙනවා. ලිපිය කියවීමේදී සංකීර්ණ මෙන් පෙනුනත් මෙය ප්‍රායෝගිකව සිදුකිරීමේදී ඉතාම සරල අභ්‍යාසයක්. ඒ නිසා ලිපිය කියවන අතරම මෙය අත්හදා බැලීමෙන් වඩාත් හොදින් විම්හොෆ් ක්‍රමය අවබෝධ කරගන්න පුළුවන්. අභ්‍යාසය පුහුණු වීම සඳහා තත්පර ගණනින් වෙලාව බැලීමට හැකි stop watch, ඔරලෝසුව හෝ දුරකථනය වැනි උපකරණයක් ළඟ තබාගන්න. විම්හොෆ් සිදුකරනා ලෙස හිම මත සිටීමට හෝ අයිස් දියේ ගිලීමට අවශ්‍ය මට්ටමේ ශරීර උෂ්ණත්වය පාලනය කිරීමේ ක්‍රමවේදය මේ ලිපියෙන් විස්තර කරන්නේ නෑ. මේ ලිපියෙන් විස්තර කරන්නේ පෙනහළු ධාරිතාව වර්ධනය කිරීමට අවශ්‍ය අභ්‍යාස පමණයි.  


පළමු වටය

පෙනහළු පිරෙන ලෙස හොදින් හුස්ම ගන්න. 
හුස්ම රඳවාගන්නේ නැතිව හොදින් හුස්ම පිටකරන්න. 
නැවතත් පෙනහළු පිරෙන ලෙස හොදින් හුස්ම ගන්න.
රඳවාගන්නේ නැතිව හොදින් හුස්ම පිටකරන්න.

මේ ආකාරයට එකදිගට 30 වරක් පෙනහළු පිරෙන ලෙස ගැඹුරින් හුස්ම ගැනීම හා පිටකිරීම සිදුකරන්න.
හුස්ම ගැනීම හා පිටකිරීම අතර හිඩැසක් තබන්නෙපා. ඒ වගේම හුස්ම පිටකිරීමෙන් පසු ඊලග හුස්ම ගැනීමට පෙර හිඩැසක් තබාගන්නෙපා. ඒවා අතරමැද කාලයක් තබාගන්නේ නැතිව එකදිගට හුස්ම ගැනීම හා පිටකිරීම ගැඹුරින් අඛණ්ඩව 30 වරක් සිදුකරන්න.
30 වන හුස්ම ගැනීමේදී හොදින් පෙනහළු සම්පුර්ණයෙන් පිරෙන ලෙස හුස්ම ගෙන පිටකරන්න.

30 වන හුස්ම හෙළීමෙන් පසු තත්පර 30 ක් යනතුරු හුස්ම නොගෙන ඉන්න.
ඉන්පසු ගැඹුරු හුස්මක් ගෙන තත්පර 15ක් රඳවාගන්න.
දැන් හුස්ම පිටකරන්න.
ඉන්පසු අතරමැද වෙලාවක් නොගෙන දෙවන වටයට යන්න.


දෙවන වටය 

පෙර පරිදිම එකදිගට 30 වරක් පෙනහළු පිරෙන ලෙස ගැඹුරින් හුස්ම ගැනීම හා පිටකිරීම සිදුකරන්න.
හුස්ම ගැනීම හා පිටකිරීම අතර හිඩැසක් තබා නොගෙන අඛණ්ඩව සිදුකරන්න.

30 වන හුස්ම හෙළීමෙන් පසු තත්පර 60 ක් යනතුරු හුස්ම නොගෙන ඉන්න.
ඉන්පසු ගැඹුරු හුස්මක් ගෙන තත්පර 15ක් රඳවාගන්න.
දැන් හුස්ම පිටකරන්න.
මීලගට තුන්වන වටයට යන්න.

තෙවන වටය 

පෙර පරිදිම එකදිගට 30 වරක් පෙනහළු පිරෙන ලෙස ගැඹුරින් හුස්ම ගැනීම හා පිටකිරීම සිදුකරන්න.
හුස්ම ගැනීම හා පිටකිරීම අතර හිඩැසක් තබා නොගෙන අඛණ්ඩව සිදුකරන්න.

30 වන හුස්ම හෙළීමෙන් පසු විනාඩි 1යි තත්පර 30 ක් යනතුරු හුස්ම නොගෙන ඉන්න.
ඉන්පසු ගැඹුරු හුස්මක් ගෙන තත්පර 15ක් රඳවාගන්න.
දැන් හුස්ම පිටකරන්න.

තුන් වන වටය අවසන් කල පසු සාමාන්‍ය ලෙස හුස්ම ගන්න. මුලින්ම අත්වල හා පාද වල ඇඟිලි දිගහැරීම හැකිලීම කරන්න. අත් පා හෙමින් දිගහරින්න. ශරීරය හෙමින් එහා මෙහා චලනය කරන්න. ශරීරය සෙමින් සාමාන්‍ය තත්ත්වයට ගන්න.

අයිස් මිනිසා විම් හොෆ්
අයිස් මිනිසා විම් හොෆ් 

මෙම wim hof අභ්‍යාසය ආරම්භ කිරීමට පෙර මුලින්ම සාමාන්‍ය ලෙස හුස්ම පිටකර කොපමණ වෙලාවක් ඔබට හුස්ම නොගෙන සිටිය හැකිද කියා වෙලාව පරික්ෂා කරන්න. විම්හොෆ් ක්‍රමය පළමු වරට කිරීමෙන් පසුව පවා එම කාලයට වඩා බොහෝ වෙලාවක් හුස්ම නොගෙන සිටීම හා හුස්ම රඳවාගෙන සිටීම කළහැකි බව ඔබට අත්දකින්න ලැබේවි.

මාසයක් පමණ දිනපතා අඛණ්ඩව මෙම ක්‍රමය පුහුණු වූ විට ක්‍රමයෙන් හුස්ම රඳවාගන්නා කාලය තවත් වැඩිකළ හැකි බව අත්දකින්න ලැබේවි. එවිට ක්‍රමයෙන් විනාඩි දෙකක්, දෙක හමාරක්, තුනක් ආදී ලෙස ක්‍රමයෙන් හුස්ම නොගෙන සිටින කාලය දීර්ඝ කරන්න. සති දෙකතුනකින් පසු කාලය වැඩිකිරීමට යනවාට වඩා අවම වශයෙන් මාසයක් වත් අභ්‍යාසය කිරීමෙන් පසුව පමණක් කාලය වැඩිකිරීම වඩා සුදුසුයි. මාස කිහිපයක් අඛණ්ඩව පුහුණු වූ පසු විම් හොෆ් අභ්‍යාසය සිදුකරන වට ගණන ද එකින් එක වැඩි කරන්න පුළුවන්. 

ක්‍රීඩා පුහුණු වෙන්නන් හට මෙම ක්‍රමය දිනපතා පුහුණු වීම endurance වැඩි කරගැනීමට ඉතාම උපකාරී වෙනවා. විශේෂයෙන් පිහිනීම වැනි හුස්ම රඳවාගැනීම අවශ්‍ය ක්‍රීඩා සඳහා මෙම ක්‍රමය ඉතාම ප්‍රයෝජනවත් වෙයි. මේ සියල්ලටම වඩා මේ කාලයේ කොරෝනාවෙන් ආරක්ෂා වීමට පෙර සුදානමක් ලෙස මෙම විම්-හොෆ් ක්‍රමය ඉතාම ඵලදායී අභ්‍යාසයක්.


අනුලෝම විලෝම ප්‍රාණයාම ලිපිය :- ( Click here )


රෝග සුව කරන භාවනා ලිපිය :- ( Click here )


කොරෝනාවෙන් මිදීමට ආධ්‍යාත්මික ආරක්ෂාව ලිපිය :- ( Click here )


රෝග සුව කරන මෛත්‍රී භාවනාව ලිපිය :- ( Click here )

 
අයිස් මිනිසා විම්හොෆ්
අයිස් මිනිසා විම්හොෆ් 



මෙම ලිපි සම්පුර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගැනීම හා විද්‍යුත්/මුද්‍රිත/වාචික ආදී ඕනෑම මාධ්‍යයකින් නැවත පළකිරීමෙන් වළකින්න.



Comments

  1. මේකෙන් හතිය රෝග තියෙන අය කරොත් ඒක අඩු කර ගන්න පුලුවන්ද ? ඔබතුමන්ට හිතෙන විදිහට

    ReplyDelete
    Replies
    1. හතිය රෝගයට අදාළ physiology පැත්ත හොදට කියවන්න වෙනවා ඒකට උත්තර දෙන්න. බලලා කියන්නම්

      Delete
    2. හා බොහොම ස්තූතියි

      Delete
  2. මම ආගමික කටයුතු සිහිකරද්දි මගේ සිතට නරක සිතුවිලි ( නරක වචන ) එනව ඒක නතර කරගන්න විදිහක් තියෙනවද යෝගීතුමනි

    ReplyDelete
  3. මටත් මෙයා ගැන කලින් දැනගන්න ලැබිලා මේ අභ්‍යාසය කරා.කරන ඕනෙ කෙනෙක්ට ක්ශනිකව ප්‍රතිඵල අත්විදින්න පුලුවන්.ලොකු සැහැල්ලුවක් දැනෙනවා.depression වගේ මානසික තත්ව වලටත් මේකෙන් යම් පිටුවහලක් ලැබෙනවා.

    ReplyDelete
  4. මට දැනට අවුරුදු දෙකක් පමණ සිට නහයෙන් හුස්ම ගන්න බැ මම හුස්ම ගන්නෙ කටින්...මෙක කරොත් මට නහයෙන් හුස්ම ගන්න තියන අපහසුව අඩු කරගන්න පුළුවන් වෙයිද

    ReplyDelete
    Replies
    1. ow

      හැබැයි ඔය ප්‍රශ්නෙට ඔයිට වඩා ගැලපෙන ප්රානයාම තියෙනවා. ෆේස්බුක් පේජ් එකට මැසේජ් කරන්න

      Delete
  5. ගුරුතුමනි ලංකාවේ නාඩි වාක්‍ය බලන තැන හොදද

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට හරියට කියවෙනවා සමහරුන්ට නෑ. තමන්ට ගිහින්ම තමයි බලන්න වෙන්නේ

      Delete
  6. ගුරුතුමනි තෙවැනි ඇස විවර කිරීමේ අහිතකර ප්‍රතිඵල තියෙනවද

    ReplyDelete
    Replies
    1. තෙවැනි ඇස ලිපිය හරියට කියවන්න

      Delete
  7. යෝගීතුමනි මම සතියක විතර ඉදන් ජපමාල භාවනාව කරනවා.මුලදි හිත ටිකක් එකග උනත් දැන් හිත එකග කරගන්න අමාරුයි භාවනාව වෙලාවෙදි ඒකට කරන්න මොකක් හරි තියෙනවද

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් තමයි හැමෝම හිත එකඟ කරන්නේ

      Delete
  8. Yogithumani udeet japamala bhavanavath raata maithri bhavanavath kalaata kmk nadda

    ReplyDelete
  9. යෝගීතුමනි මම ගෙදර බුදු පහන තියෙන තැනට පහලින් ගණ දෙවියන්ට පහන තියනව මම සාමාන්‍ය විදිහට තමා පහන තියන්නෙ පුලුවන් දවසට කැවිලි වර්ගත් පූජා කරනව.නිවැරදි පිළිවෙත් නොකරන එක වැරැද්දක්ද.පහන තියන එක නවත්වනවනම් මම් කොහොමද ඒක කරන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. වැරදියි. දෙවියන්ට පහන් තියනවා නම් හරියට දැනගෙන කරන්න ඕනි. නැත්තන් නොකරම ඉන්න ඕනි. දේවාලයකට හෝ කෝවිලකට ගිහින් ඝන දෙවියන්ට පුජාවක් තියලා නවත්තන්න

      Delete
  10. යෝගීතුමනි මම බුදුපහන තියෙන තැන පසෙකින් දෙවි පින්තූර තියෙනවා.බුදුන් වැඳලා පින් අනුමෝදන් කරන එක විතරයි කරන්නේ.වෙබ මුකුත් නෑ

    ReplyDelete
    Replies
    1. බෙහෙවින් ස්තූතියි

      Delete
  11. ශම්බාලා ගැන විස්තරයක් කරන්න

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී පලකරන්නම්

      Delete

Post a Comment