Featured Post

පෙර භවයන් හා අතීත මතක සිහිකැඳවීම (පුබ්බේනිවාසානුස්සති ඥාණය)






සමථ භාවනා වැඩීමෙන් ලබාගත හැකි පංච අභිඥා අතරින් පුබ්බේ නිවාසානුස්සති හෙවත් පුර්වේ නිවාසානුස්සති ඥාණය ලෙසින් හදුන්වන්නේ අතීත භවයන් සිහි කිරීමේ හැකියාව ලබාගන්නා ඥානය. මෙම ඥාණය උපදවා ගැනීමෙන් පෙර භවයන් වලදී අප ජිවත් වූ මනුෂ්‍ය දේව සත්ත්ව ආදී භවයන් සිහිකිරිමටත් එම භව වලදී කළ කි දේවල් චිත්‍රපටයක් නරඹනවා මෙන් සිතින්  දැකීමටත් හැකියාව ලැබෙනවා. 

පුබ්බේනිවාසානුස්සති හෙවත් පෙර විසූ කඳ පිළිවෙල දක්නා නුවණ ඉපදවීමට මුලින්ම යම් සමථ භාවනාවක් වඩා චතුර්ථ ධ්‍යානය ලබා සිටිය යුතුයි. ධ්‍යාන ලබාගැනීම පිළිබඳව පෙර ලිපි ගණනාවකින්ම විස්තර කල නිසා නැවත මේ ලිපියෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ධ්‍යාන ලබාගැනීම පිළිබඳ ලිපි කියවීමට :- (මෙතන ක්ලික් කරන්න)


පුර්වේ නිවාසානුස්මෘති ඥාණය  ලබාගන්නා ආකාරය 
තමන්ගේ පෙර භවයන් දැකගැනීමේ ඥාණය උපදවාගැනීම උපදවා ගැනීම සදහා යම් භාවනාවකින් චතුර්ථ ධ්‍යානයට සමවැදී ඉන් නැගී සිට මුලින්ම තමන් හිදගත් ඉරියව්ව සිහිපත් කල යුතුයි. ඉන්පසු හිදගැනීමට ආසනය සකස් කල ආකාරය සිහිපත් කල යුතුයි. ඒ ආකාරයට පිලිවෙලින් භාවනා කරන ස්ථානයට පැමිණීම, ආහාර ගැනීම, අවදිවීම ආදී විදියට අනුපිළිවෙලින් තමන් භාවනා කිරීමට හිදගත් අවස්ථාවේ සිට පිටුපසට එකින් එකට කල කි දේ සිහිපත් කල යුතුයි. මේ ආකාරයට ක්‍රමයෙන් පෙර දිනයේ රාත්‍රියේ සිදු කල දේ, සවස් කාලයේ සිදු කල දේ දවල් සිදු කල දේ උදයේ සිදු කල දේ ආදී විදියට දෙවෙනි දින තුන්වෙනි දින හතරවන දින පස්වන දින, 10 වන දින, අඩ මාසයකට පෙර, මාසයකට පෙර අවුරුද්දකට පෙර, අවුරුදු  දහය විස්ස ආදී විදියට ක්‍රමයෙන් පිටුපසට අතීතය මතක් කල යුතුයි. 
සාමාන්‍ය මනසකින් මේ ආකාරයට අතීතය සිහිපත් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නෑ. චතුර්ථ ධ්‍යානය ලැබුවෙක්ට ක්‍රමයෙන් අතීතය මතක් කිරීමේ හැකියාව ලැබෙනවා.

අතීතය මතක් කරමින් යාමේදී මතක් කිරීම අපහසු වෙනවානම් නැවත ධ්‍යානයට සමවැදී ඉන් අවදි වී නැවත සිහිපත් කිරීම කල යුතුයි. නැවත නැවත මෙසේ ප්‍රගුණ කිරීමෙන් පෙර භව සිහි කල හැකි පුර්වේ නිවාස ඥාණය පහළවෙනවා. ඒ මගින් තමන්ගේ පෙර භව වල ඉපදී සිටි තැන්, නම් ගම, කල කි දේ ආදී සියල්ල මතක් කිරීමට හැකිවෙනවා.








අතීත මතක සිහිකැඳවීමට අභ්‍යාසයක්
ධ්‍යාන මට්ටමට සිත දියුණු කිරීමට ප්‍රථමයෙන් යම් තරමකට අතීත භව හා අතීත මතක සිහිපත් කළ හැකි අභ්‍යාසයක් හෙළිදරව් කිරීමට මම තීරණය කළා. මේ අභ්‍යාසය පුද්ගලිකව මා විසින් නිර්මාණය කරන ලද වෙනත් කිසිදු ඉගැන්වීමක නොමැති අභ්‍යාසයක්.

පිටු 80 පමණ අලුත් පොතක් ගන්න. දිනපතා රාත්‍රියේදි නිදාගැනිමට පෙර තමන් ආහාර වේල් 3 සදහා ගත් ආහාර ඒ පොතේ ලියන්න. ආහාර ගත් වේලාවන්ද ඉදිරියෙන් ලියන්න. දවස තුල සිදුවු යම් විශේෂ සිදුවිම් තිබෙනවා නම් ඒවාද වෙලාව අනුව අනුපිලිවෙලින් ලියන්න. ඒවාට අදාල වෙලාවන්ද ඉදිරියෙන් ලියන්න.
දෙවන දිනයේදි නිදාගැනීමට පෙර පලමු දිනයේ ගත් ආහාර හා වුනු සිදුවිම් අග සිට මුලට පිටුපසට මතක් කිරිමට උත්සහ කරන්න. බොහෝ දුරට එය කල නොහැකි වෙනවා. එවිට පලමු දිනය පිලිබද පොතේ ලියු සිදුවිම් බලන්න. මේ විදියට දිනපතා එදිනෙදා සිදුවූ ප්‍රධාන සිදුවීම් ලිවීමත් ඊට පෙර දින වල සිදුවූ දේවල් අනුපිළිවෙලින් පිටුපසට සිහි කිරීමට උත්සහ කිරීමත් කරන්න.

භාවනා කරනවා නම් බාවනාව කිරීමෙන් පසු මෙලෙස පෙර දින කටයුතු සිහි කිරිමට උත්සහ කිරිම වඩාත් සුදුසුයි.
* මෙමගින් මතකය ඉතා පැහැදිලි ලෙස වර්ධනය වෙනවා.
* මොළයේ බාවිත නොවන කොටස් සක්‍රිය වීම නිසා බුද්ධිමත් බාවයද ඉහල යනවා.
* සමාහිත සිතකින් මෙය සිදුකරන්නේ නම් පෙර ආත්ම පවා සිහි කල හැකි මට්ටමට දියුණු කරගන්න පුළුවන්. 

අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට මේ අභ්‍යාසයට තමන්ගේ එදිනෙදා කටයුතු වලට අමතරව තමන් එදිනෙදා ඉගෙනගන්නා දේවලුත් එකතු කිරීමෙන් මතකය හොදින් දියුණු කරගන්න පුළුවන්. 


ඔනෑම භාවනාවක් කර සිත යම්තාක් දුරකට එක්තැන් වීගෙන එනවිට ඉබේම සම්පුර්ණෙන්ම අමතක වී තිබුණු පෙර මතකයන් මතක්වීම සිදුවන බව බොහෝ දෙනෙක්ට අත්දකින්න ලැබෙනවා. විශේෂයෙන් ආනාපානසතිය වැනි භාවනා වැඩීමේදී මේ අත්දැකීම ලැබෙනවා. ඒවාට අමතරව මිට පෙර ලිපියකින් විස්තර කරපු ජපමාල භාවනාව(Click here)  සිදුකිරීමේදී වෙනත් භාවනා වලට වඩා ඉතාම හොදින් මෙලෙස අමතක වූ මතකයන් අවදිවීම සිදුවනවා අත්දකින්න පුළුවන්.



Comments

  1. බොහොම පිං ඔබතුමාට...බොහෝම කාලෙකින් අලුත් ලිපියක් දැක්කෙ...ඉක්මනින් අපහට ඔබතුමාගේ නවතම ලිපි දමනු ඇතයි බලාපොරොත්තු වෙමි....

    ReplyDelete
  2. බොහොම පිං ඔබතුමාට. වැඩි කල් ගත නොකර ඉක්මනින්ම ලිපි පල කරන ලෙස මම ඔබ තුමාගෙන් අයැදසිටිමි.

    ReplyDelete
  3. මේ ක්‍රමය නිවැරදිව අත්හදා බලපු කෙනෙක් ඉන්නවද....

    ReplyDelete
    Replies
    1. පුබ්බේ නිවාසානුසති ක්‍රමය වඩලා ප්‍රතිපල ලබපු ලක්ෂ කෝටි ගානක් ඉන්නවා. මෑත කාලයේ හිටපු හිමිනමක් තමයි නාඋයනේ අරියධම්ම හිමියන්.


      මම කියලා තියෙන ක්‍රමය කරලත් ගිය ආත්මයේ මැරුණු විදිය සිහිපත් උන අයත් ඉන්නවා

      Delete
  4. mn kaalayak bawana karanawa dn awrudu 2k wage. mn bawana karanne mukuth hithanne natuwa inna try karala. muladi godak amarui passe tika tika haduna eka. mama hama thissema mukuth hithanne natuwa inna thamai hadanne. dn nam mn tikk bawana karanakota ekthar mental state ekakata ynwa. ekedi mata mukuth danne na. husmawage aramunu karanakota puduma sapayak saha sathutak danenwa natuwa innkota sapayak wage danenwa(bliss eekak). me state eka ayin wenawa tikakin(deyk gana forcefully hithuwama). habai ayeth bawana karama oya state ekata yana. poddk explain karanna puluwnda
    thank you!

    ReplyDelete
    Replies
    1. සියලු භාවනා සදහා පොදු උපදෙස් ලිපිය කියවන්න

      Delete

Post a Comment