Featured Post

පද්මාසනය පහසුවිමට අභ්‍යාස ( Padmasana Lotus pose )



පද්මාසනය 

පද්ම යන සංස්කෘත පදයේ අර්ථය නෙළුම යන්නයි. පද්මාසනයෙන් හිදගත් යෝගියෙකුගේ පාද විහිදී ඇති ආකාරය නෙළුම් මලක ස්වරුපය ගන්නා බැවින් මෙම ආසනය පද්මාසනය ලෙසින් හදුන්වනවා. භාවනා වැඩිම, මන්ත්‍ර මැතිරිම, ප්‍රාණයාම කිරීම සදහා හොදම ආසනය වෙන්නේ පද්මාසනයයි. මෙය පිරිමි ගැහැණු භේදයක් නැතිව ඕනෑම කෙනෙකුට ඉතාම සුදුසු ආසනයක්. කුන්ඩලිනිය අවදි කරන යෝගාසන (click here)  ලිපියේදීත් පද්මාසනය පිළිබඳ යම් හැදින්වීමක් සිදුකළා. මෙම ලිපියෙන් පද්මාසනය හුරු කරන ආකාරයත් පද්මාසනයෙන් සිටීමට අපහසු අයට එය පහසු කර ගත හැකි උපක්‍රම කීපයකුත් හෙළි කිරීමට බලාපොරොත්තු වෙනවා. 


පද්මාසනය පවත්වන ආකාරය

පද්මාසනය


* දෙපා ඉදිරියට දමා  බිම හිඳගන්න.
* දකුණු කකුල නවා වම් කකුලේ  කලව මත තබන්න.
* දැන් වම් කකුල නවා දකුණු කකුලේ කලව මතින් තබන්න.

මෙය අපහසු අය පළමුව වම් කකුල නවා ඉන් පසු දකුණු කකුල නවා උත්සහ කරන්න.

බොහෝ දෙනෙකුට පද්මාස්නයෙන් සිටිය හැකි වෙන්නේ මේ ආකාර දෙකෙන් එකකින් පමණයි. සමහරෙක්ට මේ දෙවිදියම පහසුවෙන් කිරීමට හැකි වෙනවා.


පද්මාසනයෙන් හිඳගැනීමට අපහසු වෙන්නේ තමන්ගේ පාද අස්ථි වල දිග හා පාද මාංශපේශි පිහිටා ඇති ආකාරය අනුවයි. පද්මාසනයෙන් සිටිමට හැකිවීම හෝ නොහැකි වීම මත ඔබෙ සිතේ දියුණුව හෝ පෙර පින කිසිසේත්ම නිරුපණය වෙන්නේ නෑ. ලංකාවේ හා බුරුමය, තායිලන්තය, ඉන්දියාව වැනි භාවනා වඩන රටවල පද්මාසනය ලෙස පාද සකස් කල නොහැකි ධ්‍යානලාභී, මගපලලාභී, කුන්ඩලිනි ශක්ති ලාභී යෝගීන් බොහෝ පිරිසක් සිටිනවා. ඔවුන් කිසිවෙකුට ආසනය මානසික දියුණුවට බාධාවක් වී නෑ. ඒ වගේම පද්මාසනය අපහසුවක් නැතිව තබාගත හැකි එහෙත් කිසිදු මානසික දියුණුවක් නැති ජිම්නාස්ටික් ක්‍රීඩකයින්, නිරුපිකාවන් ලොව පුරා ඕනෑතරම් සිටිනවා. එමනිසා මෙය මානසික දියුණුව මනින මිම්මක් කරනොගෙන භාවනාවට අතිරේක දියුණුවක් ලෙස පමණක් පුහුණු වීමට උත්සහ කරන්න.



පද්මාසනයෙන් සිටීමට අපහසු අයට එය පුහුණු වීමට උපකාර කරගත හැකි ප්‍රධානම ක්‍රමය stretching exercises කිරීමයි. පාද සදහා කරන ඕනෑම stretching exercise එකක් මෙයට උපකාර වුනත් පද්මාසනය පුහුණු වීම සදහාම උපකාර වන සුවිශේෂී ඇදීමේ ව්‍යායාම තිබෙනවා. මේවා පිළිබඳ යුටියුබ් වීඩියෝ ඕනෑතරම් තිබෙනවා. මෙම ව්‍යායාම අඛණ්ඩව මාස කිහිපයක් කිරීමෙන් පද්මාසනයෙන් හිදීමේ අපහසුතා ඉක්මණින් නැතිකරගැනීමට පුළුවන්. පද්මාසනය පුරුදු කරන අවස්ථාවේ හෝ භාවනා කරන අවස්ථාවේ මද වෙලාවකට පෙර මෙම ව්‍යායාම සිදුකරන්න.


නිවසේදී පුටු ඇදන් මත වාඩිවීමේදී හැකි අවස්ථා වල පද්මාසනයෙන්ම වාඩිවන්න. එසේ නැතිනම් එක් කකුලක් බිම තබාගෙන අනෙක් කකුල එහි කලව මත තබාගෙන වාඩිවෙන්න. මේ තුලින් භාවනා නොකරන වෙලා වලදීත් මාංශ පේශි ඇදීම සිදුවන නිසා පද්මාසනය පුහුණු වීම පහසු වෙනවා. නමුත් මෙය අන්තගාමිව නොකර සුදුසු අවස්ථා වල පහසු අවස්ථා වල පමණක් සිදුකරන්න. තමන් භාවනා කිරීමට පුහුණු වන බව සමාජයට පෙන්වීමට උත්සහ නොකරන්න.

පද්මාසනය අර්ධ පද්මාසනය

පද්මාසනයෙන් සිටීමට ඉතාම අසීරු අය ආරම්භයේදී අර්ධ පද්මාසනය පුහුණු වෙන්න. නමුත් මෙහිදී දවසක් හැර දවසක් කකුල මාරුකිරීම අවශ්‍යයි. බොහෝ දෙනෙකුට පද්මාසනයෙන් සිටීම අපහසු වෙන්නේ එක් කකුලක් නවා අනෙක් කකුල මත තැබූ විට එය පොළවෙන් ඉහලට එසවී තිබීම නිසයි. අර්ධ පද්මාසනය පුරුදු කිරීමේදී සෑම දිනකම පළමුව ගන්නා කකුල එකම පැත්තක කකුල වුනොත් පද්මාසනයට සුදුසු ලෙස කකුලේ පේශි සකස් වීම සිදුවෙන්නේ නෑ. එමනිසා අර්ධ පද්මාසනය ප්‍රගුණ කිරීමේදී පළමු දිනයේ පළමුව නවන කකුල වම් කකුල නම් දෙවන දිනයේ පළමුව නවන කකුල දකුණ කකුල ලෙස මාරුකරන්න.

අර්ධ පද්මාසනයෙන් හිදගන්නා ආකාරය
* කකුල් දිගහැර වාඩිවන්න
* වම් කකුල නවා සිරුරට ලංකරගන්න
* දැන් දකුණු කකුල නවා වම් කකුලේ කලව මතින් තබන්න
මෙහිදී එක් කකුලක් පොලවේ ස්ඵර්ශව තිබියදී අනෙක් කකුල එම කකුල මතින් තබාගෙන සිටීමයි සිදුකරන්නේ.
 මේ ආකාරයටම කකුල් මාරු කර පුරුදුකරන්න.


පද්මාසනයෙන් හිදීම කෙතරම් අපහසු වුවත් දීර්ඝ කාලීනව පුහුණු වීමෙන් එය ඕනෑම කෙනෙකුට පුරුදු විය හැකියි. එමනිසා අවශ්‍ය වන එකම දේ අඛණ්ඩව පුරුදු කිරීම පමණයි. තමන්ට පද්මාස්නයෙන් සිටීමට හැකි කාල පරාසයකින් පටන්ගෙන දින තුනෙන් තුනට හෝ පහෙන් පහට හෝ සතියෙන් සතියට ක්‍රමයෙන් විනාඩි 5, 10 ආදී ලෙස කාලය වැඩි කරමින් පද්මාසනයෙන් සිටිනා කාලය දීර්ඝ කරන්න. මේ විදියට ක්‍රමයෙන් කාලය වැඩිකිරීම මාස කිහිපයක් තිස්සේ කිරීමෙන් පැය කිහිපයක් දක්වා පද්මාසනයෙන් සිටිය හැකි තත්වයට ඕනෑම කෙනෙකුට පුහුණුවෙන්න පුළුවන්.
පද්මාස්නයෙන් සිටීමේදී යම් කාලයක් ගතවුණු පසු කකුල් හිරිවැටීම සිදුවෙනවා නම් අපහසුවෙන් දැඩි බැවින් ඒ ලෙසටම නොසිට කකුල් දිගහරින්න. හිරිවැටීම සිදුවෙන්නේ ලේ ගමනාගමනය අඩාල වීම  හා ස්නායු දැඩි ලෙස තෙරපීම නිසා. මෙය සිදුවන්නේ ඉහත සදහන් කල ආකාරයට එක් එක් පුද්ගලයාගේ පාද වල දිග හා මාංශපේශි පිහිටා ඇති ආකාරය නිසා.
පද්මාසනයෙන් සිටීමේදී කකුල් හිරිවැටීම හා වේදනාව ඇතිවීම සිදුවන්නේ විනාඩි 15කින් නම් විනාඩි 20  තෙක් අපහසුවෙන් හෝ පද්මාසනයෙන්ම සිට ඉන් පසු කකුල් දිගහරින්න. මේ ආකාරයට දින කිහිපයක් සති කිහිපයක් පුරුදු වීමේදී විනාඩි 20 තෙක් වේදනාව නොදැනීම හා හිරි වැටීමක් සිදුනොවී පවතින තත්වයට පත්වෙනවා. මිට පෙර වේදනාව ඇතිවූ වෙලාවට වඩා වෙලාවක් පද්මාසනයෙන් සිටිමට හැකිවෙනවා. ඒ විදියට අපහසුවෙන් තොරව සිටිය හැකි කාලය දීර්ඝ වූ පසු විනාඩි 25 තෙක් අපහසුවෙන් හෝ එකදිගට පද්මාසනය පවත්වන්න. මේ ආකරයට ක්‍රමයෙන් පද්මාසනයෙන් සිටින කාලය දීර්ඝ කරගන්න පුළුවන්.


වැඩිමහල් වූ පසු ශරීරයේ අස්ථි හා පේශි ඝන වන නිසා වැඩිමහල් වූ පසු පද්මාසනය පුහුණු වීම තරමක් අපහසුයි. එමනිසා  ඔබගේ දරුවන්ට කුඩා කාලයේ සිටම පද්මාසනයෙන් සිටීමට පුරුදු කල හැකිනම් එය ඔවුන්ට අනාගතයේදී ඉතා උපකාරී වේවි.


භාවනා කිරීමට සුදුසු තවත් ආසන කිහිපයක් :-  

( මෙම ලිපි කොටස් වශයෙන් හෝ සම්පුර්ණ ලෙස ලිඛිත වාචික විද්‍යුත් හෝ වෙනත් ඕනෑම ක්‍රමයකින් උපුටා පළකිරීමෙන් වළකින්න.)

Comments

  1. Theruvan saranai obata. Apata mema danuma demin oba karana karmaye punya shakthiya oba hata yali yalith paminewa! mata gataluwak thibenawa. Thevana asa avadi karana baavanawa mama karanawa. ehidi oba kiyadun "Gindara" kramaya mama karanne. pahane gini dallata api as piyagena aramunu kirimedi apa kala yuththe apa idiriye ema gini dalle swarupaya hithin mawagena.. eyata aramunu kirimada? "Aramunu kiriima" kiyana dein adahas wanne anekuth siyalu sithuvili chiththayan sampurnayenma wasaa damaa gini dale ruupaya mathama focus kiriimada? ma hata pahadili kara diya haki da?

    ReplyDelete
    Replies
    1. අරමුණු කිරීම කියන්නේ මතක් කිරීම. ඇසඅරගෙන ඉද්දි දැකපු දල්ල ඇස වහගෙන් ඉද්දි පේනවා හිත එක්තැන් වෙනකොට. ඒ වෙනකම් ඇස වහගෙන සිතින් දල්ල දකින්න උත්සහ කරන්න

      Delete
    2. Bohoma sthuthiyi obata me pahadili kiriimata :) mata pana nagunu loku gataluwak nirakaranaya una. theruvan saranai!

      Delete
  2. ගොඩාක් පිං ඔබතුමාට🙏

    ReplyDelete
  3. තෙරුවන් සරණයි ඔබට,
    මම ඔබතුමාගෙන් භාවනා ඉගෙන ගැනීමට කැමතියි.
    මම දැනට භාවනා කරනමූත් (අවුරුදු 02) පමණ,
    නමුත් තවම මට හිත එකගකරගෙන එක විනාඩියක් වත් සිටිය නොහැක.මෙ දවස් වල මම ආනාපාන භාවනාව කරමි. සිත අරමුණෙන් (ආනාපාන) පිට යයි . මම බුද්ධානුස්සති,මෛත්‍රී, අසුභ භාවනාව කලින් කල කෙරුවෙමි.
    ඔබ තුමාගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙම්.
    තෙරුවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ ලිපි කියවල ඒ අනුව භාවනා කරන්න

      Delete

Post a Comment