Featured Post

තම නුවණට වැටහෙන දේ පිළිගන්න කියා කාලාම සුත්‍රයේ නැත Kalama Suthra

කාලාම සූත්‍රය
කාලාම සූත්‍රය



කාලාම සුත්‍රය ධර්මය විකෘති කරනා බොහෝ දෙනෙක් තමන්ගේ විකෘතීන් සාධාරණිකරණය කිරීමට අවභාවිතා කරන ප්‍රධානම සුත්‍ර දේශනාවක්. 

"බුදුන් දේශනා කල පමණින් පිලිගන්නෙපා කියා බුදුන් දේශනා කර තිබෙනවා"
"පොත් පත් වල තියෙන දේ පිළිගන්නෙපා කියා දේශනා කර තිබෙනවා"
"ත්‍රිපිටකයේ තිබුන පලියට පිලිගන්නෙපා කියා තිබෙනවා"
"තම තම නැණ පමණින් ධර්මය අවබෝධ කරගන්න"
"තමන්ගේ බුද්ධියට තර්කයට අනුකුල දේ පිළිගන්නයි බුදුන් දේශනා කර තිබෙන්නේ"

ආදී බොහෝ සාවද්‍ය මත ප්‍රචාරය කිරීමට ධර්මය විකෘති කරන්නන් හා බාගෙට බෞද්ධ වූ දාර්ශනිකයන් කාලාම සුත්‍රයේ සමහර කොටස් ඉතාම වැරදි සහගත ලෙස භාවිත කරනවා. මෙවැනි කිසිවක් කාලාම සුත්‍රයේ සඳහන් වෙන්නේ නෑ.


1. බුදුරජාණන් වහන්සේ කාලාම පිරිස හට යම් දෙයක් පිළිනොගත යුතු ආකාර 10 ක් දේශනා කරනවා.


"භාග්‍යවතුන් වහන්ස අපගේ ගමට විවිද ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණෙති. ඔවුන් තමන්ගේ මතයම නිවැරදි යයි කියති. අන්‍ය මත වලට ගරහති. අනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ද තම මතයම නිවරදි යයි කියති, අන්‍ය මත වලට ගරහති. එහෙයින් අපට කවුරුන් නිවැරදිද කවුරුන් වැරදිද යන්න සැක උපදී."

"කාලාමයෙනි එය සුදුසුය. ඔබලා සැක කල යුතු තැනම සැක කරති. 
1. යමෙක්  කී දේ ඇසුණු පමණින් නොපිළිගත යුතුය 
2. පරම්පරාවෙන් ආ පමණින් නොපිළිගත යුතුය 
* 3. "මෙය මෙසේ විය හැකිය" යයි සිතිමෙන්ද නොපිළිගත යුතුය 
4. පොත පතෙහි සඳහන් තිබු පමණින්ද නොපිළිගත යුතුය 
* 5. තර්කානුකුල වූ පමණින්ද නොපිළිගත යුතය 
6. න්‍යායයන්ට ගැලපුණු පමණින්ද නොපිළිගත යුතුය 
* 7. මෙය යහපත් යයි කල්පනා වූ පමණින්ද නොපිළිගත යුතුය 
* 8. තමන්ගේ නුවණින් තීරණය කර එළඹුණු දර්ශනයට ගැලපුණු පමණින් නොපිළිගත යුතය  
9. පුජනීය පුද්ගලයෙකු කී පමණින්ද නොපිළිගත යුතය 
10. ගුරුවරයා කී පමණින්ද නොපිළිගත යුතුය "



* ධර්මය විකෘති කරනා පිටිදුවේ සිරිධම්ම ආදීන් ත්‍රිපිටකයට ගරහා තමන්ගේ බොරු මත සමාජගත කිරීම සඳහා කාලාම සුත්‍රය අවභාවිත කරනවා. ඒ සඳහා ඔවුන් නිතර කරන ප්‍රකාශය වන්නේ "පොත පතේ තිබුනට පිලිගන්නෙපා. පොත් වල ධර්මය නෑ, ධර්මය දැනගන්නේ තමන්ගේ නුවනින් හා තර්ක කිරීමෙන්" කියන මොට්ට මතය. නමුත් කාලාම සුත්‍රය අනුව ඉතාම පැහැදිලිව ඔවුන්ගේ එම මෝඩ මතය කිසිසේත්ම බුද්ධ දේශනාවට එකඟ නොවන බව තහවුරු වෙනවා.
***තර්කයට ගැලපුණු පමණින් හෝ තමන්ගේ දර්ශනයට ගැලපුණු පමණින් පිළිනොගන්නා ලෙස බුදුරජානන් වහන්සේ කාලාම සුත්‍රය තුල ඉතා පැහැදිලිව දේශනා කර තිබෙනවා.

ධර්මය අතක්කාවචර බවත් එහෙයින් තර්ක කර ධර්මය අවබෝධ කල නොහැකි බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ධර්මය අවබෝධ කරගත හැකි එකම ක්‍රමය සමත විදර්ශනා සතිපට්ටානාදී ප්‍රතිපදාව වැඩිම පමණයි.


2. යම් දෙයක් පිළිනොගත යුතු ආකාර දේශනා කිරීමන් පසු බුදුරජාණන් වහන්සේ කුසල් අකුසල් තෝරාගන්නා ආකාරය කාලාම පිරිස හට දේශනා කරනවා.


" යම් කලෙක්හි තෙපි
මේ ධර්‍මයෝ අකුසල්ය.
මේ ධර්‍මයෝ වරද සහිතය,
මේ ධර්‍මයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ.
පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද,
එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුයු.
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ ලෝභය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?”
“ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, ලෝභයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි ලෝභය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ ද්වේෂය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?”
“ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, ද්වේෂයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි ද්වේෂය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, තොපි ඒ කුමකැයි හඟින්නාහුද? පුරුෂයා තුල උපදින්නාවූ මෝහය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?”
“ස්වාමීනි, අහිත පිණිසය.”
“කාලාමයෙනි, මෝහයෙන් යුක්තවූ මේ පුරුෂ පුද්ගල තෙම වනාහි මෝහය විසින් මඩනා ලද්දේ, හාත්පසින් විනාශ කරන ලද සිත් ඇත්තේ, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි. යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, අන්‍යයාද ඒ බැව් පිණිස සමාදන් කෙරේද?”
“ස්වාමීනි, එසේය.”
“කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්‍මයෝ කුසල් හෝ වෙද්ද, අකුසල් හෝ වෙද්ද?
“ස්වාමීනි, අකුසල්ය.”
“වරද වෙද්ද, නිවරද වෙද්ද?”
“ස්වාමීනි, වරද වෙත්.”
“නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු හෝ වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු හෝ වෙද්ද?”
“ස්වාමීනි, නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්.”
“සම්පූර්‍ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, අහිත පිණිස, දුක පිණිස පවතිද්ද, නොවෙද්ද, මෙහි තොපට කෙසේ අදහස් වේද?”
“ස්වාමීනි, පුරන ලද, සමාදන්වන ලද මේ ධර්‍මයෝ අහිත පිණිස, දුක් පිණිස පවතිත් යනු මේ අපගේ අදහස වෙයි.”


බුදුරජානන් වහන්සේ කාලාම පිරිස හට කුසල් අකුසල් තෝරාගන්නා නිර්ණායක හතරක් දේශනා කරනවා.
- වැරැද්දක් වන 
- තමන්ට අනුන්ට අහිත පිණිස පවතින 
- නුවණැත්තන් විසින් ගරහන 
- කිරීමෙන් දුක පිණිස හේතු වන
- ලෝභ ද්වේශ මෝහ  දේ අකුසල් ලෙස දේශනා කරනවා.  

*** මේ අනුව බුදුරජාණන් වහන්සේ යම් දෙයක් පිළිනොගත යුතු ආකාරය පැහැදිලි කිරීමෙන් පසු කුසල් අකුසල් තෝරාගන්නා ආකාරය දේශනා කරනවා මිස තමන්ට ගැලපෙන ලෙස පිළිගන්න කියා කිසිදු අවස්ථාවක දේශනා කරන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කල කුසල් අකුසල් තෝරාගන්නා ක්‍රමය කාලාම පිරිස පිළිගන්නවා මිස ඔවුන්ට ගැලපෙන ලෙස කිසිවක් පිළිගන්නේ නෑ. 



* කාලාම සුත්‍රය දක්වමින් "තම තම නැණ පමණින් අවබෝධ කල යුතුය" යන දහම් ගුණයේ අර්ථය "තමන්ගේ නුවනට ගැලපෙන ලෙස වටහාගන්න" යන්න යයි මිථ්‍යා මතයක් ධර්මය විකෘති කරන දාර්ශනික පණ්ඩිතයන් පලකරනවා. මෙයත් කිසිදු බුද්ධ දේශනාවක නොමැති ඉතාම අසත්‍ය විකෘතියක්. 

- තමන්ගේ නුවණට ගැලපෙන පමණින් පිළිනොගන්නා ලෙස කාලාම සුත්‍රයේදී ඉතා පැහැදිලිව දේශනා කර තිබෙනවා. 
- තම තම නැණ පමණින් අවබෝධ කරගන්නවා යන්නේ අර්ථය සෝවාන් වීමට තරම් බුද්ධිය වැඩුණු පුද්ගලයෙකු හා අරහත්වයට පත්වීමට තරම් බුද්ධිය වැඩුණු පුද්ගලයන් දෙදෙනෙක් එකම ධර්ම කොටස ඇසීමෙන් වැඩීමෙන් එකම මගපලයක් නොලබා සෝවාන් විය හැකි පුද්ගලයා සෝවාන් වීමත්, රහත් වීමට හැකි පුද්ගලයා රහත් වීමත් ආදී ලෙස විවිද මට්ටම් වලින් ධර්මය අවබෝධ කිරීම ගැනයි.

අන්ධ බාල පෘතග්ජන මොට්ට දාර්ශනිකයන් හට තමන්ගේ නුවනේ හැටියට ධර්මය තෝරගන්න පුළුවන් නම් බුදුවරයෙක් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා පහල වීමේ අවශ්‍යතාවක් නෑ. අන්ධ බාල පෘතග්ජනයන්ගේ කණාමැදිරි නුවනින් ධර්මය තෝරන්න හැකියාවක් නෑ. ධර්මය තොරාදෙන්නේ බුදු නුවණින්. පෘතග්ජනයන් කල යුත්තේ බුදු නුවනින් තෝරා දුන් දේ ඒ ආකාරයෙන් පිළිගෙන ඒ ආකාරයෙන් පිළිපැදීම.



*** බුදුරජාණන් වහන්සේ නමක් කිසිදු අවස්ථාවක තමන් වහන්සේ දේශනා කරන දේ විශ්වාස නොකරන්න කියා හෝ ශ්‍රාවකයන්ගේ බුද්ධියට ගැලපෙන ලෙස තේරුම්ගන්න කියා  දේශනා කරන්නේ නෑ. අන්ධ බාල පෘතග්ජනයෙක් හට එවැන්නක් කිරීමේ හැකියාවක් තිබෙනවා නම් බුදුරජානන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමේ අවශ්‍යතාවක් නෑ. අරහත්/ පසේබුදු/ බුදු ලෙස බෝධීන් තුනකින් සත්වයන්ට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. අරහත්වය ලබන්නේ තමන්ට තනිවම ධර්මය අවබෝධ කරගන්න නොහැකි කම නිසා බුදුවරයෙකුගේ දේශනාව අනුව සත්‍යාවබෝධ කරගන්නා උතුමන්ට. පසේ බුද්ධත්වය යනු තමන් විසින්ම ධර්මය අවබෝධ කලත් වෙනත් පිරිසට ධර්මය අවබෝධ කරවිය නොහැකි උතුමන්. ඒ අවස්ථා දෙකේදීම කල නොහැකි අනෙක් පුද්ගලයන්ට ධර්මය අවබෝධ කරවීමේ හැකියාව තිබෙන්නේ සම්මා සම්බුදු වරයෙකුට පමණයි. රහතන් වහන්සේ නමක් හටවත් කල නොහැකි දේ අන්ධ බාල පෘතග්ජන සාමාන්‍ය පුද්ගලයන් හට කිසිසේත්ම කරන්න හැකියාවක් නෑ. මගපල ලාභී ධ්‍යාන අභිඥා ලාභින් පවා තාවකාලිකව මග වරදවාගත් අවස්ථා තිබියදී ධ්‍යානයක් වත් නැති  සාමාන්‍ය මිනිසුන්ට  කිසිසේත්ම නිවැරදි ධර්මය තෝරාගැනීමේ හැකියාවක් හෝ බුද්ධියක් ඇත්තේ නෑ. ඒ නිසාමයි බුදුවරයෙකු පහල වී නිරවුල්ව මුල සිට අගට පැහැදිළිව ප්‍රතිපදාව පැහැදිලි කර දේශනා කරන්නේ.

පංච අභිඥා අෂ්ට සමාපත්ති ලාභී රහතන් වහන්සේලා පවා " බුදුරජාණන් වහන්සේ සුර්යාලෝකය ලෙසත් තමන් වහන්සේගේ නුවන කණාමැදිරි එළියක් ලෙසත්  හොවා දක්වා තමන් වහන්සේ සිදුකරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කල දේ උපුටා දැක්වීම පමණක්" බවත් දේශනා කල අවස්ථා ත්‍රිපිටක දේශනා පුරා දකින්න ලැබෙනවා. රහතන් වහන්සේත් එසේ කියද්දී හූනු බිත්තර නුවනක් ඇති පෘතග්ජනයන් තමන්ට තේරෙන ලෙස ධර්මය වෙන් කරන්නේ කෙසේද?


* ත්‍රිපිටකයේ ඇති දේ පිළිනොගන්න කියා දේශනාවක් කාලාම සුත්‍රයේ හෝ වෙනත් කිසිදු අවස්තාවක බුදුන් දේශනා කර නෑ. කාලාම සුත්‍රය තුලදී " මා පිටකසම්පදානේන" ලෙසින් සඳහන් කරන්නේ එකල තිබු පොත් පත් වල තිබුණු පමණින් පිළිනොගන්න කියන දේ මිස බුදුන් වදාළ ධර්ම විනය නෙවෙයි. බුදුන් වදාළ ධර්ම විනය ත්‍රිපිටකය ලෙස සකස් කලේ බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධර්ම සංඝායනාව අවස්තාවෙදියි. කාලාම සුත්‍රය දේශනා කරන අවස්ථාවේදී බුදුන් දෙසු ධර්මය ත්‍රිපිටකය ලෙස කොටස් කර තිබුනේ නෑ.

 
කාලාම සූත්‍රය
කාලාම සුත්‍රය

                                      
*** බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සුත්‍රයේදී යමක් නිවැරදිද වැරදිද කියා තේරුම්ගැනීමට හෝ බුද්ධ දේශනාවක්ද නැද්ද කියා තේරුම්ගැනීමට නම් එය තමන් වහන්සේ විසින් දේශනා කල ධර්ම විනයට බහා ගැලපේ නම් පමණක් පිළිගන්න කියා සතර මහෝපදේශ තුළදී ඉතා පැහැදිලිව දේශනා කර තිබෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කල දේම මිස ඉන් බැහැර තමන්ගේ මත පිළිනොගන්නා ලෙස බුද්ධ දේශනාව තුල ඉතා පැහැදිලිව තිබෙනවා. 

මේ සියලු කාරණා අනුව 
1. බුදුන් දේශනා කල දේ පිළිනොගන්න කියා හෝ ප්‍රශ්න කරන්න කියා කිසිදු අවස්තාවක බුදුන් දේශනා කර නැති අතර 

 2. ධර්ම විනය සහිත ත්‍රිපිටකයේ ඇති දේ පිළිනොගෙන තම බුද්ධියට/ තර්කයට වැටහෙන දේ පිලිගන්න කියා කිසිදු අවස්තාවක දේශනා කර නැති අතර 

3.  බුදුන් දේශනා කල ධර්ම විනය (ත්‍රිපිටකය) ට අනුවම ධර්ම කරුණු තෝරාගන්නා ලෙස ඉතා පැහැදිලිව දේශනා කර තිබෙනවා.


* ධර්මයේ ගුණ අතරින් "ස්වාක්ඛාත" ලෙස හඳුන්වන්නේ  බුදුරජානන් වහන්සේ දේශනා කල ධර්මය මුල මැද අග සම්පුර්ණ අර්ථ සහිත ව්‍යංජන සහිත පර්පුර්ණ බවයි. එවැනි ධර්මයක සඳහන් දේට වඩා අන්ධ බාල පෘතග්ජනයෙකුගේ ලාබාල නුවන අනුව තෝරාගන්නා දේ කිසිසේත්ම නිවැරදි වෙන්නේ නෑ.


* කාලාම සුත්‍රය පිළිබඳව පතුරවන මෙවැනි සාවද්‍ය මත පිළිගැනීමට ප්‍රධානම හේතුව වෙන්නේ ලංකාවේ බහුතර නාමික බෞද්ධයන්ගේ ධර්ම දැනුමක් නැතිකමයි. ලංකාවේ බහුතර බෞද්ධයන්ට ධර්ම දැනුමක් නෑ. ත්‍රිපිටකය පරිශීලනය කිරීමක් නෑ. ඒ නිසා සමථ විදර්ශනා සතිපට්ටානාදී ප්‍රතිපදාව වඩා අත්දැකීමක් නෑ. ධර්ම දැනුමක් හෝ ප්‍රතිපදාව වැඩීමක් නැති කම නිසා ආකර්ශනීය ලෙස දාර්ශනික තුනපහ දමා ප්‍රචාරය කරනා අමුලික ධර්ම විකෘතීන් වලට හසුවෙනවා. ත්‍රිපිටකයක් ලබාගැනීමට නොහැකි ඕනෑම කෙනෙකුට pitaka.lk හා tripitaka.org වෙබ් පිටු හා එම app ඔස්සේ ත්‍රිපිටක දේශනා පාලි හා සිංහල භාෂා වලින් කියවීමට පුළුවන්.  


එදා බුදුරජාණන් වහන්සේ දේශනා කල දේ හා අද ත්‍රිපිටකයේ ඇති දේ අතර කිසිදු වෙනසක් අඩුවක් ඇත්තේ නෑ. ධර්ම කරුණු වල ගැටළු ඇතිවූ අවස්ථා වල මහා සංඝයා රැස්වී සංඝායනා සිදුකර ඒ සියලු කරුණු නිරවුල් කරගෙන ඉතා පිරිසිදුව රැකගෙන ආ නිර්මල ධර්මය ඒ ආකාරයෙන්ම අදත් ත්‍රිපිටකය හෙවත් ධර්ම විනය තුල අන්තර්ගත වෙනවා. මෑතකාලීනව සිදුකල ඡට්ට සංගායානාවේදීත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රය හිමියන් වැනි ධර්මධර විනයධර භාවනානුයෝගී මහා තෙරවරුන් රටවල් ගණනාවකම ඇති ත්‍රිපිටක සංසන්දනය කර ඉතා පිරිසිදුව ධර්ම කරුණු පෙල්ගස්විමෙන් පසුවයි අද භාවිත වන බුද්ධ ජයන්ති ත්‍රිපිටකය පවා ගොඩනගා තිබෙන්නේ.
එමනිසා නිවැරදි බෞද්ධයන් පිළිගත යුත්තේ ත්‍රිපිටකයේ අන්තර්ගත බුදුන් වදාළ ධර්ම විනය මිස සංඝ හොරුන් හෝ දාර්ශනික බාගේ බෞද්ධයන් කියනා වැදිබණ නොවේ!

හැකිතරම් share කර තවත් පිරිසක් දැනුවත් කරන්න..




Comments

  1. ඇම පමණින් පැවසූ මුනි දැන තතු
    මෙම හැම දෙන බලවයි දැක්විය යුතු
    තම තම නැණ පමණින් දැන ගත යුතු
    මම නම දිම් සදහම් පැහැදී සි තු

    ReplyDelete
  2. තෙරුවන් සරණයි
    සරණයි

    ReplyDelete
  3. එක් බුදුගුණයක් පමණක් ලක්ෂ වාරයක් කීමෙන් ලැබෙන ප්‍රයෝජන තිබේද

    ReplyDelete
    Replies
    1. ලිපියක් වෙනම දාලා තියෙනවා කියවන්න

      Delete
  4. ඉතා අහම්බෙන් ඔබේ පිටුව හමු උනා සයිබර් අඩවියේදී. කාළාම සූත්‍රයේ සඳහන් වුනා යයි කියා සමාජගත වී ඇති මේ කාරණා දහය ගැන අප කොතෙක් වැරදි අරුත් දරා සිටියේද කියා දැන් සිතෙනවා. මම සිතා සිටියේත් බුදුන් වහන්සේ වදාලා තිබුනේ "තම නැන පමණින් ධර්මය වටහාගෙන පිළිගත යුතුය" කියන අදහසයි. බොහොම ස්තූතියි ඒ වරද නිවැරදි කලාට, මට දැන් තේරෙනවා බුදුන් වහන්සේ වදාළ, ධර්මය වටහා ගත යුතු හරි ක්‍රමය. ඔබේ සේවය ඉතා ප්‍රසංශනීයයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තවත් අය දැනුවත් කරන්න

      Delete
  5. තම නැණ පමණින් ධර්මය වටහාගෙන දහම පිළිගත යුතුය කියල නම් කාලාම සුත්‍රයේ නැති බව ඇත්ත. නමුත් බුදු කෙනෙක් ඇවිත් දේශනා කලත් දහම වැටහෙන්නෙ නම් තම තමන්ගේ නැණ පමණට තමයි.

    ReplyDelete

Post a Comment