Featured Post

භක්ති යෝග අභ්‍යාස Shiva Bhakti Yoga


🙏🙏🙏 🕉🕉🕉 🙏🙏🙏 🕉🕉🕉 🙏🙏🙏 🕉🕉🕉 🙏🙏🙏 🕉🕉🕉 🙏🙏🙏

ශිව ඊශ්වර භක්ති යෝග

                      

දෙවියන් සමග ඒකාත්මික වීමෙන් කුන්ඩලිනි ශක්තිය අවදි කිරීම භක්ති යෝග ක්‍රමවේදයෙදී සිදුකරනු ලබනවා. භක්තිය මිනිසුන් දෙවියන්ට විවෘත කරන දොරටුවක් විදියට සලකන්න පුළුවන්. යෝග ශාස්ත්‍රය තුලදී භක්තිය පුදකරන්නේ භාවනාව තුලින්. භක්ති යෝග වැඩීමෙන් දෙවියන් සමග ඒකාත්මික වීමෙන් දෙවියන් විසින් ප්‍රධානය කරන ශක්තිය උපකාරයෙන් ශක්ති අවදි වීම මෙහිදී සිදුවෙනවා.


භක්ති යෝග වඩන ක්‍රම සිය ගණනක් අතරින් යෝගීන් හට ශක්ති ප්‍රධානය කරනා ශිව දෙවියන් වන්දනා කරන "ඕම් නමඃ ශිවාය " මන්ත්‍රයෙන් ලක්ෂ වාරයක් පිරීම එක් ක්‍රමවේදයක්. 


යාග හෝම පුද පුජා පිළිවෙත් ආදී භක්ති ක්‍රම වලින් මෙම ක්‍රමය වෙනස් වන්නේ එය භාවනා ක්‍රමයක් වන නිසා. මෙම භක්ති යෝග ක්‍රමයේ රහස වෙන්නේ නැවත නැවත එකම මන්ත්‍රයක් සිතින් ජප කිරීමෙන් සිත උපචාර ධ්‍යාන මට්ටමකට පත් කරවීම.


මෙය සිදුකල යුත්තේ භාවනා ආසනයකින් වාඩි වී රුද්‍රාක්ශ 108 ජප මාලයක් ගෙන රුද්රාක්ෂ එකින් එක පහතට කරමින් ඒ අනුව "ඕම් නමඃ ශිවාය" යන මන්ත්‍රය තමන්ට ඇසෙන ලෙස පමණක් සිහින් හඩින් මැතිරිමෙන් හෝ සිතින් මැතිරිමෙන්. නමඃ ශිවාය යන්නේ අර්ථය ශිව දෙවියන් හට නමස්කාර වේවා යන්නයි.

මේ භාවනාවෙදී හිඳගැනීම සදහා පද්මාසනය යොදාගන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි.


රුද්රාක්ෂ මාලයක් සොයාගැනීමට නැතිනම් පබළු මාලයක් වැනි දෙයක් හෝ භාවිත කිරීමේ වරදක් නෑ. ඒ කිසිවක් භාවිත නොකර මන්ත්‍ර පිරීමද ගැටළුවක් නෑ. අවශ්‍ය මුලික දේ මන්ත්‍රය ලක්ෂ වාරයක් පිරීමයි.

රුද්රාක්ෂ හෝ වෙනත් මාලයක් භාවිත කිරීමෙන් මන්ත්‍රය මතුරන වාර ගණන මතක තබාගැනීම පහසු වෙනවා. රුද්‍රාක්ෂ මාලයක්ම භාවිතයේදී එමගින් උත්පාදනය කරන විශ්ව ශක්තිය හා ශිව ශක්තිය ශරීරයට ලැබීමෙන් අතිරේක ශක්තියක් ඇතිවෙනවා.


* භාවනාව ආරම්භයේදී හෝ අවසානයේදී ශිව තාන්ඩවය කියා ශිව දෙවියන් වන්දනා කිරීමත් වඩා සුදුසුයි.

* තමන් භාවනා කරන ස්ථානය ඉදිරියෙන් ශිව දෙවියන්ගේ රූපයක් හෝ පිළිමයක් තබාගෙන භාවනා කිරීමත් සිත එක්තැන් කරගැනීමට පහසු වෙනවා. මේ සදහා මුද්‍රණය කල පිංතුරයක් නොමැති නම් තමන්ගේ ජංගම දුරකතනයේ හෝ පරිඝනකයේ රූපයක් හෝ භාවිත කිරීමේ ගැටළුවක් නෑ. ඇස් පියාගෙන භාවනා කිරීමේදී සිත විසිරෙනවා නම් ඇස් ඇර රුපය හෝ පිළිමය දෙස බලාගෙන භාවනා කිරීමෙන් සිත විසිරීම වළක්වා ගැනීමටත් හැකිවෙනවා.

* අභ්‍යාසය පුරාවට ශිව දෙවියන් සිතින් අරමුණු කරගෙනම මන්ත්‍ර මැතිරිම සිදුකිරීමෙන් සිතේ ඒකාග්‍ර බව ඇතිවෙනවා.

දෙවියන්ගෙන් ශක්තිය ලබාගැනීම අරමුණු කරගෙන සිදුකලත් මේ අභ්‍යාසය වැඩීමෙන් මන්ත්‍ර ශක්තියත්, චිත්ත ඒකාග්‍ර ශක්තියත් ද්විත්වයම එක්ව බලයක් තමන් තුල ජනනය වෙනවා. දෙවියන් ආකර්ෂණය වීමේ ස්වභාවයකුත් ඇතිවෙනවා.


මෙහිදී ශිව දෙවියන් සිහිකිරීම නිසා දෙවියන්ගේ අවධානය තමන්ට යොමුවෙනවා. ගුණධර්ම සහිතව නිවැරදිව වඩනවා නම් මුල් දින කිහිපය තුලදීම ශිව දෙවියන් භාවනාවේදී දර්ශනය වීම හෝ සිහිනෙන් දැකීම සිදුවෙන්න පුළුවන්.


* මෙය දෙවියන් සම්බන්ධ භාවනා ක්‍රමයක් නිසා මෙම භාවනාව පුර්ණ ලෙස නිර්මාංශ වී සිදුකළ යුතුයි.


* යෝගය වඩන කාලය පුරා පන්සිල් හෝ අටසිල් රැකීම අරමුණ සාක්ෂාත් වීමට ඉතා උපකාරී වෙනවා.


මෙම අභ්‍යාසය කරන දිනවලදී බුද්ධ වන්දනා ආදී පිංකම් අවසානයේ ශිව දෙවියන් හට පින් අනුමෝදම් කිරීමෙන් දෙවියන්ගේ ප්‍රසාදය හිමිකරගන්න පුළුවන් .

ඕම් නමඃ ශිවාය මන්ත්‍රය ලක්ෂ වාරයක් පිරීම එක දිනකින් කිසිසේත්ම සිදුකරන්න බෑ. දිනකට පැය 6ක් පමණ මෙම භාවනාව කළත් ලක්ෂ වාරය පිරීමට සතියක් පමණ ගතවෙනවා. එමනිසා තමන්ගේ ජිවන රටාවට ගැලපෙන ලෙස ක්‍රමයෙන් ලක්ෂ වාරය සම්පුර්ණ කිරීම උත්සහ කරන්න.
දෙවියන්ගේ ප්‍රසාදය හිමිවේ නම් ලක්ෂ වාරයක් පිරීම අවසානයේදී දෙවියන්ගෙන් ශක්ති වරප්‍රසාද ලැබීමට භාග්‍යවන්ත වීමත් ශිව දෙවියන් දර්ශනය වීමත් සිදුවෙන්න පුළුවන්.
ශිව ඊශ්වර භාවනා



භාවනා කරන්න කලින් මුලික උපදෙස් ලිපිය අනිවාර්යෙන් කියවන්න. ලිපියේ සඳහන් උපදෙස් වලට අනුව විතරක් භාවනා කරන්න. එම ලිපිය කියවීමට - ( මෙතන ක්ලික් කරන්න )


මේ භාවනා වැඩීමෙන් ඔබ යම් ශක්තියක් ලබාගතහොත් ඒ පිං සක්‍ර දෙවියන්ටත් මගේ ගුරුවරයන්ටත් මටත් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..

තෙවැනි ඇස විවර කරගැනීමට ශිව දෙවියන්ගේ පිහිට ලබාගන්නා ආකාරය ලිපිය කියවීමට : ( click here )

Comments

  1. මේකයි අනිමිත්තයි දෙකම එක පාර වඩන එක අවුලක්ද ? ��

    ReplyDelete
  2. meya ekawara sidu kala uthuda.lakshawarayak eka digata wediya uthuda nethinm tiktn tika lakshawarayak sampurna kala hekida ?

    ReplyDelete
    Replies
    1. එකපාර කොහොමත් කරන්න බෑ. කාලයක් යනවා

      Delete
  3. මෙම මන්ත්‍රය වේගයෙන් කියාගෙන (හිතමින්) ගියාට කමක් නැද්ද.

    ReplyDelete
  4. Yogithumani,me bhakthi yoga wadimen waram labanna bari unath samanya jeewitha gatha karana ayata anith samanya minisunta sapekshawa labena prayojana monawada?

    ReplyDelete
    Replies
    1. ශිව දේව බැල්ම ආරක්ෂාව ලැබෙනවා
      භාවනා දියුණුවට, මන්ත්‍ර සිද්ධියට සහ ලෞකික සාර්ථකත්වයට උපකාර වෙනවා

      Delete
  5. yogithumani !

    1.Rawana rajathumagen udau illanna puluwan kiya oba thuma kiya thibuna.E keseda ?

    2.shiwa deviynta wage rawana rajunhatath bakthi yoga wedimak kala hekida.e keseda ?

    3.Rawana rajathuma kauda kiyala post ekak danna puluwannm godak watinwa.ada samage eka rellata ohu gena eka eka katha gothanawa.E nisa man hithanwa oba thuma e genath sadahan karoth watee kiyala.

    Boho pin Kundalini Gena saha bawana gena denuwath karanawta.

    Theruwan saranai......!!

    ReplyDelete
    Replies
    1. මේ කාලේ රාවණ රජු සමබන්ධව කිරීම ප්‍රතිපල දායක නෑ. දෙවියෝ පමණයි

      Delete
  6. මම භාවනා අභ්‍යාස නම් කරන්නෙ නැ.. එත් මන් හැමදාම ශිව තාන්ඩව ස්ත්‍රොත්‍රය කියවනවා... එකටත් නිර්මාන්ශ වෙන්න ඔනද..?

    ReplyDelete
    Replies
    1. උනොත් හොදයි. ලොකු ගැටළුවක් නෑ

      Delete
  7. Mata obathumagen ahanna deyak thiyanava

    1. om namah shiaya kiyana manthare davasakata kee serayak kiyanna oneda

    2. shiva thandava hithin kivvata kamak nedda

    3. om namah shivaya kiyana manthare laksha vaarayata vada kivvata kamak nedda

    ReplyDelete
  8. Yogithumani ලක්ෂ වාරයක් පිරීම අවසානයේ එක වරයකුට විතරද ශිව දෙවියන් අවස්ථාව දෙන්නෙ?

    ReplyDelete
  9. ඕම් නමඃ ශිවාය කටිනුත් නොකියා සිතිනුත් නොකියා රහසින් කිව්වාට කමක් නැත්ද?ඇස් ඇරගෙන කිව්වට කමක් නැත්ද?

    ReplyDelete
  10. ගුරුතුමනි මම මැදපෙරදිග රටක ජීවත් වෙන පුද්ගලයෙක්. මෙම රටවලදී භාවනා කිරීම ප්‍රථිපල අඩුද, දේවතා ආකර්ශන ලැබෙන්නෙ අඩුවෙන්ද? කාරුණිකව පිලිතුරක් ලබා දෙන්න. ඔබතුමන්ට ගොඩක් පිං.

    ReplyDelete
    Replies
    1. රට වෙනස් වුනා කියලා භාවනාවට අදාළ නෑ

      Delete
  11. (1)ලක්ෂ වාරයක් ගණන් කරන්නේ නැතුව දවසට පැය දෙකක් හැමදාම ශිව දෙවියන්ගෙන් වරමක් ලැබෙන තුරු කරාට කමන්නැද්ද??
    (2) තෙවැනි ඇස භාවනාව රාත්‍රී කාලයේ කරලා මේක උදේ ට කරාට කමන්නැද්ද??
    (3) මෙමගින් තමන් කැමති සෘධිමය හැකියාවක් ඉල්ලුවොත් ලැබෙන වාද??
    (4) හින්දු දෙවිවරුන්ට වන්දනා මාන කර ශක්ති ලබා ගෙන, පසුව නිවන් මාර්ගය වඩන්න පටන් ගත්තොත් එම දෙවියන්ගෙන් බාධාවක් එල්ල විය හැකි ද??

    ReplyDelete
    Replies
    1. 1 කමක් නෑ
      2 එපා
      3 දෙවියන් තමයි එක තීරණය කරන්නේ
      4 කිසිම බාධාවක් නෑ උදවු කලොත් මිසක්

      Delete
  12. බුද්ධානුස්සතිය වඩන ගමන් මෙය වැඩීම උචිතද , බුද්ධානුස්සතිය වඩා නිමකොට

    ReplyDelete

Post a Comment