Featured Post

ඕරා මැෂින් ( Human Aura scanning Machine )



මේ වනවිට ලංකාවේ සිඝ්‍රයෙන් ඕරා මැෂින් තුලින් ඕරා හෙවත් මිනිස් රැස් වළල්ල පරික්ෂා කිරීමක් පැතිරීගෙන යනවා. මේ සදහා ඉහල මුදලකුත් අය කරනවා. මේ තුලින් මිනිස් දේහයෙන් පිටවන රශ්මිය හා චක්‍ර වල ශක්තිය පෙන්නුම් කරන බව මෙම උපකරණ ක්‍රියා කරන්නන් ප්‍රකාශ කරනවා. විවිද මැණික් ආභරණ   පැළඳීමේදී ඒවා මගින් ඕරාව බලවත් වෙනවාද දුර්වල වෙනවාද යන්න මේ මගින් පෙන්නුම් කරන බවත් මොවුන් ප්‍රකාශ කරන නිසා පළඳනා මිලදී ගන්නා පිරිස ඒවා පරික්ෂා කිරීමටත් ගෙන්වා ගැනීමක් සිදු කරනවා. 

මේවා පසුපස බොහෝ දෙනෙක් ගමන් කරන බව දකින්න ලැබෙනවා. නමුත් ඒ කිසිවෙක් ඒවා පිළිබඳ කිසිදු අධ්‍යනයක් හෝ සොයා බැලීමක් කරන්නේ නෑ. ඕරා හෙවත් රශ්මි වළල්ල යනු කුමක්ද , එය උපකරණයකින් මැනිය හැකිද, එය මනින බව කියන උපකරණ ක්‍රියාත්මක වන යාන්ත්‍රණය කුමක්ද ආදී කිසිවක් මොවුන් සොයා නොබලා ඔහේ අන්ධයන් සේ ගමන් කරනවා. ලංකාවේ මිනිසුන් තරම් රැවටීමට ලක් කල හැකි මිනිසුන් ලෝකයේ වෙන කොහෙවත් නැතිදැයි සිතෙන තරමට මේ රටේ මිනිසුන් මුලාවට පත්වීම දකින්න ලැබෙනවා.

මෙම energy scaanning ඕරා මැෂින් යනු තනිකරම ප්‍රෝඩාවක්. ලෝකයේ කොහෙවත් මිනිස් ඕරාව හෙවත් ආධ්‍යාත්මික රශ්මිය හසුකරගත හැකි උපකරණයක් නිර්මාණය කර නෑ. මෙම ව්‍යාපාර කරන්නන් ඔවුන්ගේ ප්‍රචාර වලදී දැන්වීම් වලදී මේ උපකරණ ඇමෙරිකාවේ යුරෝපයේ නවතම තාක්ෂණයෙන් නිර්මාණය කල බව ප්‍රචාරය කරනවා. මෙය ඉතාම අසත්‍ය ප්‍රචාරයක්. මෙම ඕරා මැෂින් නිර්මාණය කරන්නේ ඉන්දියාව තුල ආයතන මගින්. ඇමෙරිකාවේ හෝ යුරෝපයේ කිසිදු රටක මෙම උපකරණ නිර්මාණය කරන ආයතන නෑ. මේවා ඉන්දියාවේ වාස්තු හා ජෝතිෂ වේදීන් හරහා සමාජගත කල ඉන්දියාවේ නිර්මාණය කරන උපකරණ.

ඕරාව සත්‍ය දෙයක් බව විද්‍යාවෙන් තහවුරු කර නෑ. ඇමෙරිකාවේ හෝ යුරෝපයේ තබා ඉන්දියාවේ වත් කිසිදු විද්‍යාඥයෙක් ඕරාව කියා දෙයක් ඇති බව පිළිගන්නේ නෑ. මිනිස් මනොකායෙන් පිටවන රශ්මිය නිර්ණය කිරීමට කල කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකින් ඕරාව හෙවත් ආධ්‍යාත්මික රශ්මිය කියා දෙයක් ඇති බව මේ වන තෙක් සනාථ වී නෑ. ඒ නිසා මෙම aura scanning machine ඇමෙරිකාවේ නවීනතම තාක්ෂණයෙන් නිර්මාණය කර ඇතියයි කීම අමුලික බොරුවක්. යුරෝපිය රටවල aura photography ලෙස ප්‍රචලිත වී තිබෙන්නේ ශරීරය වටා ජලවාෂ්ප ඇතුළු වායු අණු අයනික්රණය වීමේදී ඇතිවන වර්ණ රටා පෙන්වන උපකරණ මිසක් ශරීරයෙන් පිටවන ශක්තියක් පෙන්වන උපකරණ නෙවෙයි. ලංකාවේ හා ඉන්දියාවේ භාවිත වෙන්නේ ඒවා තරම් වත් දියුණුවක් නැති ඉතාම ප්‍රාථමික පට්ටමේ ආරෝපණය පෙන්වන උපකරණ වර්ග.

ලෝකයේ කිසිදු විද්‍යා උපකරණයකින් මිනිස් ඕරාව මනින්න හෝ දකින්න බෑ. ඕරාවට අදාළ ශක්ති කිරණ  ග්‍රහණය කර ගත හැකි විද්‍යාත්මක උපකරණයක් හෝ තාක්ෂණයක් ලෝකයේ කොහෙවත් නිපදවා නෑ. ඕරා මැෂින් උපකරණ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ කිසිදු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නෑ. එහි මුලධර්ම පිළිබද කිසිදු පැහැදිලි කිරීමක් ඒවා නිෂ්පාදනය කරන ආයතන කිසිදාක පැහැදිලි කර නෑ. මේවා මගින් සිදුකරන්නේ ශරීරය අවට ජලවාෂ්ප හා අයනික්රණය වූ ආරෝපණ පෙන්නුම් කිරීමක් මිස ආධ්‍යාත්මික රශ්මිය පෙන්නුම් කිරීමක් නෙවෙයි.

මෙම උපකරණ වලින් පෙන්නුම් කරන සමහර උපකරණ වල තිරයක් මතට පුද්ගලයාගේ සිරුර අවට වර්ණ රටා හෝ චක්‍ර වල වර්ණ රටා පෙන්නුම් කරන දර්ශන දකින්න ලැබෙනවා. ඒවායේ තිබෙන්නේ දේදුන්න වැනි වර්ණ හතම තැන් තැන් වලින් විවිද ප්‍රමාණ වලින් ඇති දර්ශන. සත්‍ය මිනිස් ඕරාවක් කිසිදා එලෙස දේදුන්නක් මෙන් පෙනෙන්නේ නෑ. මුළු ශරීරය වටාම එකම පැහැයක් එකම ආකාරයකින් ඕරාවේ තිබෙන්නේ. ශරීර ඉන්ද්‍රිය වල ලෙඩ රෝග වැනි තත්ත්ව වලදී ඒ ඉන්ද්‍රියන් ආශ්‍රිතව වර්ණ වෙනස් වීමක් වෙනවා මිස මෙම ඕරා උපකරණ වල පෙන්වනවා මෙන් දේදුණු ඕරා කිසිදාක ඇත්තේ නෑ.


යම් උපකරණයකින් මිනිස් ඕරාව දැකීමට හෝ එහි ප්‍රභලතාව මැනීමට ඕරාව ලෙස පිටවන ශක්ති කිරණ ග්‍රහනය කරගත යුතුයි. එම කිරණ වලට ප්‍රභලතාව මැනීමට සම්මත ධුරාවලියක් තිබිය යුතුයි. මේවාට එවැනි කිසිම පදනමක් නෑ.

ඔබ මෙවැනි ස්ථානයකට ගියහොත් මෙම උපකරණ අයිති කරුවාගෙන් මෙය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටින්න. ඔවුන් කිසිවෙක් එය සිදුවන ආකාරය දන්නේ නෑ. මොනවා හෝ බොරු ටිකක් ගැට ගසා අටවනවා පමණයි. හැකිනම් ඉලෙක්ට්‍රොනික දැනුමක් සහිත පුද්ගලයෙක් සමග ගොස් මෙම උපකරණ ක්‍රියා කරන ආකාරය අසා බලන්න. ඕරාවෙන් පිටවන කිරණ ග්‍රහනය කරන ඉලෙක්ට්‍රොනික අංගය කුමක්ද කියා ප්‍රශ්න කරන්න.
මේවා ප්‍රචාරය කරන පුද්ගලයන් කිසිවෙක් ඒවා ක්‍රියා කරන ආකාරය පිළිබද කිසිදු දැනුමක් නෑ. කොහෙන් හෝ අමුතු දෙයක් දැක අහුලාගෙන මිනිසුන් මිත්‍යාවේ පැටලවීම පමණයි මොවුන් සිදුකරන්නේ.

මෙවැනි මිත්‍යා ප්‍රෝඩාවන් වලට අන්ධයන් සේ හසුවන්නේ නැතිව මේවා පිළිබඳව හොයා බලා අධ්‍යනය කර පිළිගන්න.





Comments

  1. Guruthumani,
    1.third eye magin minisunge oorawa dakinna puluwanda
    2.chakra awadi kalama ewain rashmiyak nikuth wenawada
    3.saththunta orawak tiyenawada.
    4.sir today is world teacher's day.oba weni kalyanamithra guruwarayeku lebeema pera kala pinak lesa salakami.obata bohoma pin giruthumani..

    ReplyDelete
  2. Me Video eka balanna https://www.youtube.com/watch?v=Scx4adhEFnY

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට යන්න බෑ මේකේ දැන්මම. පේජ් එකට මැසේජ් කරන්න

      Delete
  3. කිර්ලියන් නැමති උපකරණයක් තිබෙනවා. ශාක සහ මිනිසුන්ගේ ඕරා එමගින් චායාරූප ගතකොට තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ එවැනි දෑ දැක බලාගන්න පුලුවන්. ඒවාත් අසත්‍ය ද?

    ReplyDelete
    Replies
    1. cirlien camera වැඩ කරන mechanism සර්ච් කරලා බලන්න. එකෙන් ඔරාවක් පේන්නේ නෑ

      Delete

Post a Comment