Featured Post

ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ - ආකර්ශනීය වටිනා දේශන Dr. Ajith Rohana Colonne Lectures



ප්‍රාථමික අධ්‍යාපනය : කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය

වැඩිදුර අධ්‍යාපනය  :
කොළඹ තර්ස්ටන් විද්‍යාලය
කොළඹ ආනන්ද විද්‍යාලය
Loveland high school - colarado -  USA
Bachelor’s Degree in Mathematics & Physics (B.Sc.)
Master’s Degree in Business Administration (MBA)
A Master’s Degree in Economics (M.A.)
Doctor of Philosophy Degree in Mathematics (Ph.D.)

දරන ලද තනතුරු :

ඉන්ජිනේරු ගණිත උපදේශක - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල විශ්ලේෂක - IBM  සමාගම
ආයෝජක උපදේශක - කොළඹ කොටස් වෙළඳපොළ
කථිකාචාර්ය - සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලය
වෙළඳ කොමසාරිස් - ඕස්ට්‍රේලියන් තානාපථි කාර්යාලය
පරිපාලන සහ ආයතනික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක - ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය
සභාපති - ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය
සභාපති - වෘත්තීය පුහුණු අධිකාරිය
තොරතුරු විශ්ලේෂණ උපදේශක - රාජ්‍ය බුද්ධි සේවය
නියෝජ්‍ය අධ්‍යක්ෂක - බුද්ධි සේවය
බාහිර කථිකාචාර්ය -පශ්චාත් උපාධි ආයතන, ආරක්ෂක අංශ, බුද්ධි අංශ, බන්ධනාගාර දෙපාර්තුමේන්තුව, පොලිසිය

වෙනත් :
ශ්‍රේණිගත ජන ගී ගායක - ගුවන් විදුලි සංස්ථාව


බුද්ධි අංශ සාමාජිකයෙකු ලෙස ක්‍රියාකරමින් ප්‍රභාකරන් ගේ මනස කියවූ මිනිසා ලෙස මෑතකාලීනව ප්‍රසිද්ධියට පත් ආචාර්ය අජිත් කොලොන්නේ මහතා තමන්ගේ දේශන වලදී ඉතාම වටිනා අදහස් රාශියක් ඉදිරිපත් කර ඇති බව එම දේශන බැලීමේදී දකින්න ලැබුනා. ඒ වගේම එම දේශන ඉතාම ආකර්ශනිය ලෙස ඉදිරිපත් කර තිබෙනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ ඕනෑම කෙනෙක් දන්නා කරුණක් තමයි ආචාර්ය මහාචාර්ය වරුන් බහුතරයකගේ දේශන ඇසීම ඉතාම නිද්‍රාශීලි ක්‍රියාවක්. බොහෝ විට ඔවුන් කරන්නේ කරුණු ගොඩක් කියවාගෙන යාම පමණයි. අජිත් කොලොන්නේ මහතා තමන්ගේ දේශන ශෛලිය තුලදී ඉතාම ගැඹුරු කරුණු ඉතාම ආකර්ශනිය විදියට ඉදිරිපත් කර තිබෙනවා.

ඉතාම කලාතුරකින් ක්ෂණ සම්පත්තියකින් ධර්මය ශ්රණය කිරීමට ලැබෙනවා මෙන් මෙවැනි දේශන ඇසීමට දැකීමට ලැබෙන්නෙත් ඉතාම කලාතුරකින්. මෙවැනි දේශන ඇසීමට ලැබෙන කාලයක මෙම දේශන වල ඇති ඉතාම වටිනා සංකල්ප නොඅසා නොදැන ජීවත්වීම අපරාදයක් නිසා බොහෝ දෙනෙකුට ඒවා ශ්‍රවණය කිරීමට මේ තුලින් අවස්තාව සලස්වා දීමට තීරණය කළා.

භාවනා දැනුම ලබාදීමට අමතරව බුද්ධිය වර්ධනය කිරීමටත් මුලාවන්ට නොරැවටෙන විචාරශීලි බුද්ධිමත් පිරිසක් බිහිකිරීමටත් අපගේ බ්ලොග් ලිපි හරහා අප උත්සහ කර තිබෙනවා. මෙම දේශන තුලදිත් බුද්ධිමත් භාවය ඉහල නැංවීමටත්, ප්‍රතිපත්තිගරුක පිරිසක් බිහිකිරීමටත් කොලොන්නේ මහතා කටයුතු කර තිබෙනවා. නමුත් ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර කිසිදු හරයක් හෝ කිසිදු රසවින්දයක් නැති කමකට නැති කසිකබල් වීඩියෝ ප්‍රසිද්ද වී ඇති ආකාරයට මේවා ප්‍රසිද්ද වී නෑ. ලංකාවේ Youtube Trending video පරික්ෂා කලත් ඒවා තුල කිසිදු හරයක් හෝ කිසිදු රසවින්දයක් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. හරය, දැනුම පසෙකින් තැබුවත් රසවින්දනය සදහා නිර්මාණය කල නිර්මාණ සලකා බැලුවත් බොහොමයක් ඒවා තුල දකින්න ලැබෙන්නේ ඉතාම පහත් මට්ටමේ රසවින්දනයක්. කාලාන්තරයක් තිස්සේ කුණු බලා කුණු අසා කුණු රසටම ඇබ්බැහි වූ ජනතාවකගේ තේරීම් ඒ තුලත් දැකගන්න පුළුවන්.  මා හටත් මෙම දේශන දැකීමට ලැබුනේ අහම්බයෙන්.  එමනිසා සියලුම දෙනාට මේ දේශනා සියල්ලම නැරඹීමට සිහිපත් කරන්න කැමතියි. තමන්ට නුහුරු මාතෘකා උනත් ශ්‍රවණය කරන්න මේ සියලු දේශන තුල කොලොන්නේ මහතා උදාහරණ සහිතව ඉතාම සිත්ගන්නා ආකාරයෙන් විග්‍රහ කිරීම සිදුකරනවා. ඒ වගේම මෙම දේශන තුල තමන් වටිනාකමක් දකිනවා නම් හැකිතරම් තවත් පිරිසකට මේවා අහන්න දකින්න සලස්වන්න.



*** දැක්ම දේශනය
ආචාර්ය අජිත් කොලොන්නේ මහතාගේ ගමන් මග
හමුදාව වෙනුවෙන් නව දැනුම නිර්මාණය "කොටි දඩයම"  "මරණය අභිමුඛව තීරණ ගැනීම"
හමුදාව වෙනුවෙන් රට වෙනුවෙන් කල කැපවීම




*** දැක්ම දේශනය
සිංගප්පුරුව බංග්ලාදේශය අපට වඩා දියුණු වූ අයුරු
සමාජය වෙනස් කිරීමට අප කල යුතු දේ
අපි සමාජය වෙනස් කරන විට තවත් අය එයට එකතු වෙන හැටි
අප කරන සමාජ සේවා අනිත් මිනිසුන් වැරදියට තේරුම්ගත් විට අප ඒවා පැහැදිලි කල යුත්තේ ඇයි?


*** දැක්ම දේශනය 
දැක්මක් කියන්නේ ඉලක්කයක් සිහිනයක් කියන එකමයි
විශ්ව ශක්තිය, විශ්ව ආකර්ෂණ නිතිය හා visualization
Colonne's Dilemma හා තුනෙන් පංගුවේ න්‍යාය
සමාජය වෙනුවෙන් පරිසරය වෙනුවෙන් සතුන් වෙනුවෙන් අපේ වගකීම






*** දැක්ම දේශනය
සමාජය වෙනස් කරන්න බෑ කියන්නේ මිත්‍යා මතයක්. සමාජය වෙනස් කරන්න පුළුවන්. ඒකට කරන්න ඕනි මිනිසුන් දැනුවත් කිරීම හා තමන් ආදර්ශයෙන් පෙන්වා දීම
මිනිස්සු රට විනාස කිරීම අපි නවත්තන්නේ කොහොමද
රට වෙනස් කරන්නේ කොහොමද
සිහිනයක් ජයගන්නේ කොහොමද
උදවුවක් ඉල්ලන කෙනෙක්ට හරියටම පිහිට වෙන්නේ කොහොමද


*** දැක්ම
හමුදාව වෙනුවෙන් කල සේවය
නව දැනුම නිර්මාණය
රට වෙනුවෙන් ඔබෙ යුතුකම







සිංගප්පුරුව, තායිවානය , කොරියාව, ඉන්දියාව, මැලේෂියාව, තායිලන්තය, හොන්කොන්  ශ්‍රීලංකාව පරදවා දියුණු වුන හැටි


ධනාත්මක චින්තනය හා එහි අඩුපාඩු
ධනාත්මක හා ශුභවාදී චින්තනය රටකට විනාශය ගෙන එන අයුරු
ලංකාව කියන්නේ පුපුරන්න ළඟ ගිනිකන්දක්
රාජ්‍ය නායකයෙකු අතින් ඉටු විය යුතු වගකීම්
රටේ යහපත වෙනුවෙන් ගත යුතු දරුණු තීරණ





ආචාර්ය අජිත් කොලොන්නේ මෙතෙක් ආ ගමන් මග
දැක්ම



නායකයෙකු සතු විය යුතු ලක්ෂණ
දරුණු තීරණ ගැනීම
හිරෝෂිමා බෝම්බ ගැසීමේ තීරණයේ නිවැරදි බව
දරුණු තීරණයේ හා කෘරත්වයේ වෙනස



*** පරිණත නායකයෙකුගේ ලක්ෂණ



*** 71 වසරක් තිස්සේ රටේ සිදුවූ දේශපාලනික හා සමාජීය වෙනස්කම
රට දියුණු කිරීමට ඔබ මත ඇති වගකීම



*** රාජ්‍ය නිලධාරින් සතු විය යුතු සංවේදී භාවය
කාර්යාලයක අක්‍රමිකතා සාර්ථකව විසදන ආකාරය




ජාතික මට්ටමින් තීරණ ගත යුතු ආකාරය හා නීති කැඩිය හැකි ආකාරය


හැකි පමණින් අනුන්ට පිහිට වීමේ ප්‍රතිපල
දිට්ඨ ධම්ම වේදනීය කර්මය ක්‍රියා කරන ආකාරය
"ධර්මය රකින්නා ධර්මය විසින් රකිනු ලැබේ"



*** ජිවිතයේ සතුට සාර්ථකත්වය හා වින්දනය ඇතිකරගන්න ආකාරය
කවදාවත් තමන්ව වෙනත් කෙනෙක් එක්ක සංසන්දනය කරලා බලන්නෙපා
විවිද ක්ෂේත්‍ර වල දැනුම ලබාගැනීමේ වැදගත් කම
ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය අධිෂ්ඨානය තුලින් ජීවිතය සාර්ථක කරගැනීම
මිල කල නොහැකි ලැබීම ලැබෙන්නේ වාසනාවට නෙවෙයි ඒවා ලබාගැනීමට අධික කැපවීමක් කල යුතුයි
" මම දැඩි සමන් දේව භක්තිකයෙක් "
ධනයෙන් බලයෙන් නිලයෙන් ප්‍රසිද්ධියෙන් ලබන සාර්ථකත්වය නියම සාර්ථකත්වය නොවේ



පාතාලයන් හට දේශපාලන බලය ලැබුනේ කොහොමද?




අවුරුදු 71ක් රට ආ මග


දැරණියගල පුවක්මල්ලැල්ල ඇල්ල ලග ගලක් උඩ ඉදන් සරළ ගණිත සමීකරණයක් විදියට නිර්මාණය කර ලෝකයට අලුත්ම න්‍යායක් ලෙස තුනෙන් පංගුවේ නිතිය හා Colonne's Dilemma නිර්මාණය වුනු ආකාරය.



දැක්ම ග්‍රන්ථය :- ( මෙතන Click කරන්න )

ඔබ මෙම වීඩියෝ නැරඹුවා නම් මේවායේ තිබෙන වටිනාකම අනිවාර්යෙන් වටහාගෙන ඇති. ලංකාව උදේ ඉදන් රෑ වෙනකම් බණ කියන බණ අහන රටක් වුනත් කිසිදු දියුණුවක් නැත්තේ, පස් පව් වලින් මිදීමක් නැත්තේ ඒවා තුලින් අසන පුද්ගලයන්ගේ මනසේ දියුණුවක් හෝ ආකල්පමය වෙනසක් සිදුවන්නේ නැති නිසා. මේ ආකාරයට මින්සුන් වෙනස් වන දේශන කිරීමේ දක්ෂතාව ඒ දේශකයන්ට නැති නිසා. මා ජිවිතයේ දැක ඇති වඩාත්ම ඵලදායි දේශන වෙන්නේ ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතාගේ දේශන. රටේ බහුතරයකට මෙම දේශන දැකීමට ඇසීමට ලැබෙනවා නම් අවුරුදු දෙකතුනක් ඇතුලත මුළු රටේම සීඝ්‍ර වෙනසක් ඇතිවන බව ඉතාම විශ්වාසයි. ඔබත් මේ දේශන නැරඹීම සිදු කර දින දෙකතුනකින්ම තමන් තුල ඇතිවන වෙනස ඔබට අත්දකින්න ලැබේවි. මේ ආකාරයේ දේශන සංවිධානය කරන අය හැකිතරම් මෙතුමා සම්බන්ධ කරගෙන මෙම දැක්ම දේශනය ඇතුළු අනෙක් දේශන පවත්වා හැකිතරම් මේ රට දියුණු රටක් බවට පත්කිරීමට දායක වෙන්න. මෙම වීඩියෝ හැකිතරම් share කර තවත් හැකි තරම් පිරිසක් මේ කරුණු වලින් දැනුවත් කරන්න. අපේ රට තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින එකතැන පල් වෙන රටක් නොකර දියුණු රටක් බවට පත් කිරීමට සමාජය වෙනස් කල හැකි ප්‍රධානම ආකාරය මේ ආකරයට සමාජය දැනුවත් කර මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම. ඒ සදහා ඔබට හැකි පමණින් කටයුතු කරන්න.

( බුද්ධිය වර්ධනය වන අභ්‍යාස ( Click Here ) ලිපියේදී පුද්ගලයෙක් එකම විෂය ක්ෂේත්‍රයකට සිමා නොවී විවිද දේ කිරීමේදී මොළයේ සියළු ප්‍රදේශ වල සෛල අවදි වන නිසා බුද්ධිමත් භාවය අතිශයින් ඉහල යන බව සදහන් කළා ඔබට මතක ඇති. ආචාර්ය අජිත් කොලොන්නේ මහතා විවිද ක්ෂේත්‍ර වල අධ්‍යාපනය ලැබීම හා වෘත්තීන් කිරීම ඔහුගේ අතිශය බුද්ධිමත් භාවයට හේතුවක් විය හැකි දකින්න ලැබෙනවා. ලංකාවේ මෙතෙක් කිසිදු මහාචාර්ය වරයෙක් සිදු නොකළ ලෙස නව න්‍යායක් ලොවට ඉදිරිපත් කිරීමටත් , බුද්ධි අංශ තුල ඉතා විශිෂ්ට හෙළි කිරීම් සිදු කිරිමටත් , නව දැනුම ලොවට නිර්මාණය කර දායාද කිරීමටත්, මිනිසුන් වෙනස් වන ආකාරයේ දේශන කිරීමේ හැකියාව ලැබීමටත් මේ එකිනෙකට සම්බන්ධයක් නැති විවිද ක්ෂේත්‍ර තුලින් ලබාගත් ඉහල බුද්ධිය හේතු වුනු බව විශ්වාස කරන්න පුළුවන්.)

-

ආචාර්ය කොලොන්නේ මහතා බලාපොරොත්තු වන ආකාරයටම එතුමන් ලෝකයේ මුල් වරට නිර්මාණය කල තුනෙන් පංගුවේ ගණිත න්‍යාය සදහා ලෝකයේ විශිෂ්ටම සම්මානය ඉතාමත් ඉක්මනින් ලබාගැනීමට හැකිවේවා යි අප ආශිර්වාද හා සුභපැතුම් එක් කරමු... ස්වස්තිසිද්ධම්!!!










Comments