Featured Post

දිවැස් ( දිබ්බ චක්ඛු ) උදාකරන භාවනා Dibba chakku Psychic Vision



විශ්වයේ සියලු දේ දැකිය හැකි දිවැස් අභිඥාව  භාවනායෝගී බොහෝ දෙනෙකු ලබාගැනීමට උත්සහ කරන ඉතා ආශ්චර්යමත් හැකියාවක්. දිවැස් ලබාගැනීම ලෞකික ප්‍රයෝජන ලබාගැනීමට මෙන්ම ලෝකෝත්තර නිවන උදාකරගැනීමටත් ප්‍රඥාවන්ත පුද්ගලයන් යොදාගන්නවා. දිවැස් ලබාගැනීම සදහා ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් පවතිනවා. ඒ සමත භාවනා ක්‍රමය හා කුන්ඩලිනි භාවනා ක්‍රමය. බොහෝ දෙනෙක් මේ දෙයාකාරම එකක් යයි හිතුවත් මේ හැකියාවන් දෙක එකිනෙකින් සම්පුර්ණයෙන්ම වෙනස්.

* දිබ්බචක්ඛු වේදී සිදුකරන්නේ ආලෝක නිමිත්තක් ඇතිකරගෙන ඒ තුලින් විශ්වය දැකීමක්. තෙවැනි ඇසේදී සිදුකරන්නේ ආඥා චක්‍රය සක්‍රිය කර ඒ තුලින් විශ්වය දැකීමක්

* දිවැස පවතින්නේ සිතේ සමාධිය පවතින තාක් පමණයි. තෙවැනි ඇස විවර කරගැනීමට සමාධිය බලපෑවත් තෙවැනි ඇස පවත්වා ගැනීමට සිතේ සමාධිය බලපාන්නේ නෑ.

* දිවැස් ඉපදවීමෙන් ලැබෙන්නේ
1. තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක්, ඕනෑම තැනක් දැකීමේ හැකියාව
2. සතුන්ගේ පෙර භව අනාගත භව දැකීමේ හැකියාව
3. කර්ම - කර්මපල දැකීමේ හැකියාව
යන ප්‍රධාන හැකියාවන් තුන පමණයි. ඊට අමතරව ආලෝක නිමිත්ත ඇති තාක් රාත්‍රියේදී පරිසරය දහවල මෙන් පෙනීම සිදුවෙනවා.

තෙවැනි ඇස විවර කරගැනීමෙන් රාත්‍රියේදී පරිසරය පැහැදිලිව පෙනීම, තුන්කල් දක්නා හැකියාව, අනුන්ගේ සිත් දැකීම, අනුන්  වශී කිරීම , කයෙන් සිත වෙන් කිරීම,  දුර ඇති දේවල් දැකීම, පරමාණු තරම් ඉතා කුඩා දේවල් දැකීම, අමනුෂයන්, දෙවියන්, හා එම ලෝක දැකීම, පෙර ආත්ම අනාගත ආත්ම දැකීම, ශරීරයෙන්  හිත වෙන් කර ගැනීම, එක් තැනකින් අතුරුදහන් වි වෙන තැනකින් මතුවීම, හිතකින් හිතකට සන්නිවේදනය කිරීම, මනුෂයන්ව සතුන්ව මෝහනය කිරීම, ශරීරය පොළවෙන් ඉහලට එසවීම, අහසින් ගමන් කිරීම, කර්ම කර්මපල දැකීම යන සියලු හැකියාවන් අත්වෙනවා.

තෙවැනි ඇස විවර වීමෙන් හැකියාවන් රාශියක් ලැබුනත් සමහර අවස්ථා වලදී තෙවැනි ඇසෙන් නොදැකිය හැකි දේ දිවැසින් දැකිය හැකි ආකාරයේ ප්‍රභල බවක් දිවැස සතුව තිබෙනවා.



දිබ්බචක්කු ඥාණය   ලබාගන්නා ආකාරය 

දිබ්බචක්ඛු ව ඉපදවීමෙන් හැකියාවන් තුනක් ලැබෙනවා.
1. තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් දැකීමේ හැකියාව වන දිවැස් නුවණ වගේම
2. සතුන්ගේ පෙර භව අනාගත භව දැකීමේ හැකියාවත්,
3. කර්ම - කර්මපල දැකීමේ හැකියාවත් අයත් වෙන්නේ දිබ්බචක්කු ඥානයට. දිබ්බ චක්කුව ඉපදවීමෙන් ඒ හැකියාවන් තුනම ලැබෙනවා.

දිවැස් ලබාගැනීමට උපකාර වන කසිණ භාවනා තුනක් පවතිනවා. ඒ ආලෝක කසිණය, තේජෝ කසිණය හා ඕදාත කසිණය යන කසිණ තුන. ආලෝක කසිණයේදී ආලෝකය අරමුණු කරගෙනත්, තේජෝ කසිණයේදී ගින්දර අරමුණු කරගෙනත්, ඕදාත භාවනාවේදී සුදු පැහැය අරමුණු කරගෙනත් භාවනා කිරීම සිදු කරනවා. ඒවා මගින් චතුර්ථ ධ්‍යානය ලබාගැනීමෙන් පසු දිබ්බ චක්ඛු ඉපදවීමට සම්පුර්ණ වශයෙන් අවතීර්ණ වෙන්න පුළුවන් වෙනවා. ඒත් ඊට පෙර ප්‍රථම ධ්‍යාන ආදී මුල් ධ්‍යාන අවස්ථා වලදීත් දිවැස් දැකීම සිදුකරන්න පුළුවන්.

ආලෝක කසිණ භාවනාව සිදුකරන ආකාරය පිළිබඳ ලිපිය කියවීමට :- ( මෙතන ක්ලික් කරන්න )
තේජෝ කසිණ භාවනාව සිදු කරන ආකාරය පිළිබඳ ලිපිය කියවීමට :- ( මෙතන ක්ලික් කරන්න )

දිවැස් ඉපදවීම සදහා තේජෝ කසිණ( Click Here) , ඕදාත කසිණ හා ආලෝක කසින(Click Here) යන කසිණ තුනෙන් එකකින් ධ්‍යානයට සමවැදි ඉන් අවදි වී උපචාර සමාධිය පවත්වා ගනිමින් ඉහත භාවනා ලිපි වල සඳහන් ආකාරයට අදාළ පටිග්‍රහ නිමිත්ත ක්‍රම ක්‍රමයෙන් විශාල කරමින් කසිනාලෝකය පැතිරවිය යුතුයි.
එක් එක් මට්ටමේදී තමන් නිමිත්ත පැතිරවූ ප්‍රදේශය පුරා ඇති සියලු රුප සියල්ල මෙනෙහි කල යුතුයි.

මේ විදියට කිරීමේදී කසිනාලෝකය නැතිවී යන්න පුළුවන්. ඒ අවස්ථාවේදී නැවතත් ධ්‍යානයට සමවැදී ඉන් අවදි වී නැවත කසිනාලෝකය පැතිරවීම කල යුතුයි. නැවත නැවත මෙලෙස උත්සාහ කිරීමේදී

- දිවා රෑ පුරා කසිනාලෝකය එකලෙසම පවතින තත්ත්වයට පත්වෙනවා.
- කසිනාලෝකය පැතිරවූ අවකාශය තුල ඕනෑම දෙයක් තමන්ට අවශ්‍ය වෙලාවක අවශ්‍ය වෙලාවක දැකීමේ හැකියාව ලැබෙනවා.
- ලග ඇති දුර ඇති ඕනෑම දෙයක්, ශරීර අභ්‍යන්තර දේ, පොලව තුල ඇති දේ, බිත්ති පර්වත තුල ඇති දේ, මුහුදු පතුලේ ඇති දේ, යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන්, දිව්‍ය බ්‍රහ්මයන් හා ඒ ලෝකයන්, පරසක්වල ලෝක හා ඒ ජීවින්, අතීත අනාගත ආත්මයන්, අතීත අනාගත සිදුවීම් ආදී සියල්ල දිවැස තුලින් දකින්න පුළුවන් වෙනවා.


තෙවැනි ඇස හෙවත් ආඥා චක්‍රය විවර කරගැනීම 



මේ සදහා තෙවැනි ඇස විවර කරන භාවනාව හෝ කුන්ඩලිනි භාවනාව ආඥා චක්‍රයට අදාළව ප්‍රගුණ කිරීම සිදුකරන්න පුළුවන්.

තෙවැනි ඇස විවර කරන භාවනාව ලිපිය කියවීමට :- ( මෙතන ක්ලික් කරන්න )
කුන්ඩලිනි චක්‍ර සක්‍රිය කරන භාවනාව ලිපිය කියවීමට :- ( මෙතන ක්ලික් කරන්න )

ඒ ඒ භාවනාව පිළිබඳව එම ලිපි වලදී අංග සම්පුර්ණව පැහැදිලි කර ඇති නිසා නැවතත් ඒ කරුණු මේ ලිපියේ පල කරන්නේ නෑ. යොදා ඇති ලින්ක් ඔස්සේ ගොස් එම ලිපි කියවීමෙන් සම්පුර්ණ දැනුම ලබාගන්න පුළුවන්.


*** සියලු භාවනා සදහා පොදු උපදෙස් ලිපිය කියවීමට - (මෙතන ක්ලික් කරන්න)

*** ආධුනිකයන් භාවනා ආරම්භ කල යුතු ආකාරය ලිපිය කියවීමට - (මෙතන ක්ලික් කරන්න )



මෙම දැනුම භාවිතයෙන් ඔබත් දිවැස් උදාකරගතහොත් ඒ පින මගේ ගුරුවරයන්ටත් මටත් අනුමෝදම් කරන්න අමතක කරන්නෙපා...

(මෙම ලිපි අනවසරයෙන් උපුටගැනීමෙන් හා මුද්‍රණය කිරීමෙන් හා වාචික ලිඛිත මුද්‍රිත විද්‍යුත් හෝ වෙනත් ඕනෑම ආකාරයකට පළකිරීමෙන් වලකින්න.)

Comments

  1. 1.3rd eye magin sathunge pera bhawayan kopamana dekiya hekida
    2.3rd eye open kara gaththata passe eka pawathwagena yantath peya 5k withara bhawana karanda onida.guruthumani..

    ReplyDelete
    Replies
    1. හරියට කියන්න බෑ. කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා
      පවත්වාගෙන යන්න පැයක් දෙකක් භාවනා කලාම ඇති

      Delete
  2. මුලින්ම ඔබ කිව් ආකාරයට භාවනාවේ ඉන්නකොට නලල මැද අකුණු ගසනවා වගේ දැනුනා කාන්දමකින් අදිනවා වගේ ඒත් මා දිගටම භාවනාව කරගෙන ගියා. ඉට දින දෙකක සිට එම දේ දැනුනේ නෑ මං භාවනා කරේ ඔම් කාරය හා ආනාපානසති භාවනාව

    ReplyDelete
    Replies
    1. ඕම්කාරය හා ආනාපානසතියක් දෙකක් එකට කරන්න කියල මම කියල නෑ

      Delete
    2. ඔබ කියා නෑ මා කරන භාවනා වර්ග 2

      Delete
    3. මම කියල නැති දේවල් කරද්දී වෙන දේවල් වලට උත්තර මම දෙන්නේ නෑ . මුල ඉදල පිළිවෙලට කරන විදිය මම කියල තියෙනවා පැහැදිලිව

      Delete
  3. මම ආපෝ කසින භාවනාව සිදු කරනවා දැන් හුගක් දවස් ඔලුව මැදින් ඇතුලට වලක් හැදෙනවා වගේ දැනෙනවා ඊට පස්සෙ අලෝක පෙනෙනවා දිගටම හිත වතුරටම යොමු කරද්දි ඔලුව පස්සට ගිහින් හිරවෙනව පපුව සිට ඉහලට පාලනයක් නැතිවනවා හැබැයි අයෙත් තිබ්බ විදියටම පාලනය වෙනවා ඒ විදියමයි කොච්චර භාවනා කලත් මා කුමක්ද කලයුත්තේ ගුරුතුමනි

    ReplyDelete
    Replies
    1. ආපෝ කසිණය වඩද්දී ඔහොම දේවල් වෙන්නේ නෑ. වැරදි විදියට භාවනාව කරනවා ඇත්තේ.වහාම නවත්තන්න. ආපෝ කසිණය ගැන හරියට දැනගෙන භාවනා කරන්න. නාඋයනේ අරියධම්ම හිමියන්ගේ සම සතලින් කර්මස්ඨාන පොත කියවන්න

      Delete
    2. ස්තූතිය ගුරුතුමනි

      Delete
  4. 1.සතිපට්ඨාන භාවනාව වඩන අඅතර කසිණ භාවනාව වැඩුවට කමක් නැත්ද ?

    ReplyDelete
    Replies
    1. එපා
      සියලු භාවනා සඳහා උපදෙස් ලිපිය කියවන්න

      Delete
  5. දෙවියන් සමග කතා කරන ක්‍රමය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. එක්කෝ ධ්‍යාන ලබාගන්න නැත්තම් චක්‍ර අවදි කරගන්න

      Delete
    2. ධ්‍යාන ලැබුවට පස්සේ

      Delete
  6. ආලෝක කසිණ භාවනා ව වඩා දිවැස් ඉපදවීම පිණිස කුමක් කළ යුතු ද?

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් කරන්න දෙයක් නෑ දිවැස් ඇතිවෙනවා

      Delete
  7. සතිපට්ඨානය භාවනාව වඩලා ඉවර වෙලා කසිණ භාවනා වැඩූ වොත් කමක් නැද්ද

    ReplyDelete
    Replies
    1. එක දවසේද ? භාවනා දෙකක් එකපාර කරන එක කොහොමටවත් හොද නෑ

      කම්මට්ටානාචාර්ය වරු ඉන්න ආරණ්‍යකට / අසපුවකට ගිහින් උපදෙස් අනුව කරන්න පුළුවන් නම් වැඩිය හොදයි.

      බැරිනම් සතිපට්ටාන භාවනා කරලා මාසයක් වත් ඉදලා ඊට පස්සේ චතුරාරක්ඛ භාවනා කරලා ඊට පස්සේ කසිනයක් කරන්න

      සතිපට්ටාන නවත්තපු ගමන් කසිණ කිරීම ගුරුවරයෙක් නැතුව කරන එක ගැටළු එන්න පුළුවන්

      Delete
  8. පහනක් දිහා බලාගෙන ආලෝක කසිණ භාවනාව කළ හැකිද?

    ReplyDelete

Post a Comment