Featured Post

වරදවාගත් ශිව ලිංගය Shiva linga



ශිව ලිංගය පිළිබඳව නිවැරදි දැනුමක් නැති කම නිසා සිංහල සමාජය තුල ශිව ලිංග පිළිබඳව වැරදි මතයක් ඇතිවී තිබෙනවා. ඒ නිසාම බොහෝ දෙනෙක් ශිව ලිංගයට ගැරහීම සිදුකරනවා. මේ නිසා ශිව ලිංගය පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරන්න මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා.


ශිව ලිංගය යනු දෙවියන්ගේ ශරීර අවයවයක් නොවේ!!!

ශිව - ලිංග යන සංස්කෘත පද වල අර්ථය ශිව - සංකේතය කියන එකයි. සිංහල භාෂාවෙන් ලිංගය කියන අර්ථය නෙවෙයි සංස්කෘත භාෂාවෙන් කියවෙන්නේ. සංස්කෘත භාෂාවෙන් ලිංග කියන එකේ අර්ථය සංකේතය යන තේරුම. බොහෝ දෙනෙක් ශිව ලිංගය පිළිබඳව වැරදි අදහසක් ඇතිව ඉන්නේ මේ සංස්කෘත වචනයේ අර්ථය නිවැරදිව නොදන්නා නිසා. ශිව ලිංගයේ අර්ථය නිවැරදිව තෙරුම්ගනිමෙන් ඍෂිවරුන් විසින් රචිත ඉගැන්වීම් වල ඇති විද්‍යාත්මක සත්‍යතාව අදටත් තහවුරු කරගන්න පුළුවන්.


ශිව ලිංගයෙන් නිරුපණය කරන්නේ විශ්වය ආරම්භයේදී අභ්‍යවකාශයේ ඇතිවූ ගිනි ජාලාවක් 

ශිව ලිංග ආරම්භය ඇති උනේ ඉතා ආදී කාලයේදී. ආදී කාලයේ දෙවියන් හා උතුමන් වෙනුවෙන් ප්‍රතිමා නිර්මාණයක් සිදුවුනේ නෑ. දෙවියන් නිරුපණය කිරීම සදහා සංකේත භාවිත කිරීමයි සිදුවුනේ.
බුදුන් වැඩ හිටි සමයේදී බුදුන් ජේතවනාරාමයේ වැඩ නොහිදින කාල වලදී බුදුන් බැහැදකින්න එන මිනිසුන්ට වන්දනා කරන්න යමක් ලබාදෙන ලෙස ආනන්ද හිමියන් ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී බුදුන් දේශනා කලේ ජයශ්‍රී   මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් රෝපණය කර බුදුන් වෙනුවෙන් සත්කාර කරන විදියටයි. ඒ බෝධීන් වහන්සේ ආනන්ද බෝධිය විදියට නම් කළා. අදටත් ඉන්දියාවේ ජේතවන නටඹුන් අසල එම ආනන්ද බෝධීන් වහන්සේ වැඩ සිටිනවා. මේ ආකාරයට බුදුන් වෙනුවෙන් සංකේතයක් විදියට ආනන්ද බෝධීන් වහන්සේ යොදාගත්තා.
පිළිම නිර්මාණය කිරීමට ප්‍රථම කාලයේ ලොව පුරා බොහෝ ආගම් තුල මේ විදියට සංකේත භාවිත කළා. ඒ විදියට ශිව දෙවියන් වන්දනා කිරීමට ශිව ලිංගය භාවිත කළා. ශිව ලිංග භාවිතය ආරම්භ වුන කාලයේ පිළිම නිර්මාණය කිරීමක් නොකෙරුණු නිසයි ශිව දෙවියන් සංකේත කිරීමට ලිංග භාවිත කෙරුනේ.


ශිව ලිංග නිරුපණය කරන්නේ විශ්වය ආරම්භයේදී ඇතිවුණු ගින්නක්.  ශෛව ඉගැන්වීම් අනුව විශ්වය ආරම්භයේදී අභ්‍යවකාශය තුල විශාල ගින්නක් ඇතිවී තිබෙනවා. මෙය නවීන විද්‍යා ඉගැන්වීම් වල සදහන් වෙන සුපර් නෝවා තරුවක පිපිරීමක් වැනි දෙයක් විය යුතුයි. අපගේ සෞරග්‍රහ මණ්ඩලය ඇතිවීම පිළිබද තාරකා විද්‍යාඥයන් පිළිගන්නා ප්‍රධාන මතය වෙන්නේ තරුවක් ප්‍රසාරණය වී අවසානයේ පුපුරා යාමෙන් අපගේ සුර්යයා ඇතිවුන බවත් පුපුරා විසිරි ගිය කොටස් වලින් කිහිපයක් සුර්ය ගුරුත්වයට හසුවීම නිසා ඈතට විසි නොවී සුර්යයා වටේම භ්‍රමණය වීම නිසා පෘථිවිය ඇතුළු ග්‍රහලෝක නවය හැදුනු බවයි. ශිව ලිංගය  පිළිබඳව සදහන් වෙන්නේ මේ පිපිරීමෙන් ඇතිවුන ගින්න පිලිබදවයි. මෙම ගින්න ශිව දෙවියන්ගේ රුද්‍ර   අවතාරය මගින් ඇතිකළ බව වේද ඉගැන්වීම් වල සදහන් වෙනවා. ලෝක විනාශය සිදුකරන්නේ රුද්‍ර මගින් බව ඉගැන්වෙන නිසා පෙර කල්පයේ ලෝක විනාශය  සිදුවීමේදී ඇති වූ පිපිරිම මෙම ශිව ලිංග සංකල්පය තුලට ඇතුලත් වුනා වෙන්න පුළුවන්.
ලෝක විනාශයෙන් පසුව නැවතත් මේ පොළව මේ ආකාරයටම සකස් වෙන බව බුද්ධ දේශනා වලත්  සඳහන් වෙනවා.
ඒ අනුව මෙම ශිව ලිංගය නිරුපණය කරන්නේ එක් කල්පයක අවසානයේ සුර්යයා පුපුරා යාමෙන් ඇතිවූ ගිනිජාලාව පිළිබදවයි. මෙම පිපිරිම හා ගින්න ඇතිකිරීම ශිව දෙවියන්ගේ ක්‍රියාවක් බව විශ්වාස කරන නිසා ශිව දෙවියන් නිරුපණය කිරීමට මෙම ගින්න සංකේතයක් ලෙස ඍෂි වරුන් භාවිත කළා.

දැන් බොහෝ දෙනෙක්ට ගැටළුවක් වෙන්න පුළුවන් ගින්නක් කොහොමද සිලින්ඩරාකාර හැඩයකින් නිරුපණය කරන්නේ කියල. පොළවේදී ගිනි දැල්ලක් හෝ ගින්නක් උඩට උල් වී කේතු ආකාර හැඩයක් ගන්නේ පොළවේ ගුරුත්ව බලපෑම නිසා. අභ්‍යවකාශයේදී  ගුරුත්ව බලපෑමක් නැති නිසා  ගින්නක්  ඇතිවෙන්නේ උල්  හැඩයකින් නෙවෙයි සිලින්ඩරාකාර හැඩයකටයි. මේ බව පහත චායාරුපය මගින් තහවුරු කරගන්න පුළුවන්. මේ චායාරුපයෙන් දැක්වෙන්නේ පොළවේදී හා අභ්‍යවකාශයේදී  ඉටිපන්දමක  ගිනි දැල්ලක් ඇතිවෙන ආකාරය



ඕනෑම කෙනෙකුට මේ තොරතුරු "how fire flames at space" හෝ  "fire at zero gravity" ලෙස අන්තර්ජාලයේ සෙවීමෙන් පරික්ෂා කරන්න පුළුවන්.

* මෙහිදී ඉතා පැහැදිළිවම මෙම ගින්න ශිව ලිංගයෙන් නිරුපණය වෙන හැඩය බව දකින්න පුළුවන්
. මෙමගින් පෙර කාලයේ සිටි අධ්‍යාත්මය දියුණු කල රිශිවරුන්ගේ අසිරිමත් ඥාණය සත්‍ය බව අදටත් තහවුරු වෙනවා.



ශිව ලිංග පිළිබඳව මුලින්ම සදහන් වෙන්නේ ශිව පුරාණ, ලිංග පුරාණ, ස්කන්ධ පුරාණ, හා ශෛව සිද්ධාන්ත වැනි ග්‍රන්ථ වලදී. ශිව පුරාණයේදී ශිව දෙවියන් මහා බ්‍රහ්ම හා විෂ්ණු දෙවිවරුන්ගේ ශක්ති අභිබවනය කරමින් අන්තරීක්ෂ ගිනිජාලාවකින් ඇතිවුණු බව සඳහන් වී තිබෙනවා.
* ඒ වගේම මෙම පුරාණ ග්‍රන්ථ වලදී ලිංගය දෙවියන් සිටින බවට ඉගියක් ලෙස භාවිත තිබෙනවා. පොළව තුල ශිව ලිංගයක් පිහිටා ඇති ස්ථාන දෙවියන් සිටින ස්ථාන බවත් ශිව ලිංග ඇති ස්ථාන වෙත දෙවියන් හා ශක්තිය පැමිණෙන බවත් මෙයින් අදහස් කර තිබෙනවා. මේ බව රාමායනය තුලත් එක් අවස්තාවක සදහන් වෙනවාශිව තාන්ඩවය ( click here ) ගායනා කර ශිව දෙවියන්ගේ ප්‍රසාදයට පත්වී ශිව දෙවියන්ගෙන් චන්ද්‍රහාස් අසිපත ලබාගත් රාවණ රජු හට ශිව දෙවියන් ශිව ලිංගයක් ලබාදුන් බවත් එහි ඇති අධික ශක්තිය නිසා එය උපක්‍රමයක් මගින් ඝන දෙවියන් ඉන්දියාව තුලම පිහිටවීමට සැලැස්වූ බවත් රාමානයනේ සදහන් වෙනවා.


ශිව ලිංගය තිබෙන ස්ථාන ශිව දෙවියන්ගේ වාසස්ථාන බව තහවුරු වන සාධකයක් කෛලාශ කුටය පරික්ෂා කිරීමේදීත් දැකගන්න පුළුවන්. ශිව දෙවියන්ගේ වාස භවනය ලෙස සලකන කෛලාශ කුට පිරමිඩය අහසේ සිට බැලීමේදී එය ඉදිරිපස ඇති කොටස ශිව ලිංග ආකාරයක්  බව දැකගන්න පුළුවන්.




* ශිව ලිංගය පුරුෂ ලිංගයක් ලෙස වරදවා අර්ථ දැක්වීම ප්‍රධානවම ආරම්භ වී තිබෙන්නේ 19 වන සියවසෙන් පමණ පසුකාලින කාව්‍ය, ගද්‍ය වැනි සාහිත්‍යමය නිර්මාණ වලදී පමණයි. පැරණි මුල ග්‍රන්ථ කිසිවක ශිව ලිංගය පිරිමි අවයවයකට පටලවා නෑ. ශිව ලිංගය පිරිමි අවයවයක් සමග පටලවා ගැනීමට ප්‍රධානම හේතුව ශාන්කාචාර්යගේ හින්දු දහම ප්‍රචලිත කිරීමේ කටයුතු වලින් පසුව දකුණු ඉන්දියාව තුල ශෛවන වාදය පැතිරී යාම වෙන්න පුළුවන්. දෙමල බසින් ලිංගම් යන අර්ථය පුරුෂ ලිංගය ලෙස භාවිත වෙන නිසා සංස්කෘත පදයේ අර්ථය දකුණු ඉන්දියාව තුල විකෘති වී පැතිරීමක් සිදුවෙන්න ඇති.

මේ බලපෑම් වලින් පසුව ශිව දෙවියන්ගේ බිරිඳ විදියට සලකන සියලු ප්‍රාථමික මුල ශක්තින් වල හිමිකාරිය වන ආදිශක්ති හෙවත් දුර්ගා දේවිය නිරුපණය කිරීමට ශිව ලිංගය අවට කොටස යෝනි නමින් හැදින්වීම සිදුවී තිබෙනවා. ජිවය ආරම්භ වූ ශක්තිය යන අර්ථයෙන් ශිව ලිංගය පිරිමි අවයවය ලෙස වරදවා අර්තදක්විමක් සිදුවී තිබෙනවා.



* ශිව ලිංගය කිරි වලින් නැහැවීම මෑත කාලින බ්‍රාහ්මණ පුජකයන් විසින් ඇතිකළ කිසිම පදනමක් නැති හිස් ක්‍රියාවක්. මේ කිරි නැහැවීම කිසිසේත්ම ඍෂිවරුන් දේශනා කල පුජා ක්‍රමයක් නෙවෙයි. මෙම කිරි නැහැවීම් වලට දෙවියන් කිසිසේත්ම ප්‍රසාදයක් නොමැති බවත් ශිව ලිංග කිරි වලින් නැහැවීමට වඩා ඒ කිරි දුප්පතුන්ට දන් දි දෙවියන්ට පිං අනුමෝදම් කිරීමට උපදෙස් දෙන ලෙසත් දෙවියන් විසින්ම අවවාද කර තිබෙනවා.

වේද ග්‍රන්ථ වලත් බ්‍රාහ්මණ සාම්ප්‍රදා වලත් ආදී කාලයේ පටන් පැවතගෙන එන ශිව ලිංග කිරි වලින් නැහැවීමේ චාරිත්‍ර රාශියක් තිබෙනවා. මේ වන විටත් ඒ චාරිත්‍ර ඉන්දියාවේ ශිව කෝවිල් වලත් නිවාස වලත් සිදුකරනවා. ලංකාවෙත් මෑත කාලයේ සිට ශිව වන්දනාව හා ගණදෙවි වන්දනාව ප්‍රචලිත වීමත් එක්ක ලංකාව තුලත් මේ ශිව ලිංග කිරි වලින් නැහැවීමේ චාරිත්‍රය සමහර පුද්ගලයන් කරනවා දකින්න ලැබෙනවා. වරම් සහිත පුද්ගලයන් වගේම වරම් නැති සාමාන්‍ය පුද්ගලයන් පවා රැල්ලට මේ සිරිත් කරන බවක් දකින්න තියෙනවා. විශේෂයෙන් Facebook Groups හා Profile වල ඒ වගේ චාරිත්‍ර කිරීමේ ෆොටෝ share කිරීමත් දකින්න තියෙනවා.

ශිව ලිංග කිරි වලින් නැහැවීම කිසිම ප්‍රයෝජනයක් නැති ක්‍රියාවක්. එසේ කිරීමෙන් ශිව ලිංගයට කිසිම ශක්තියක් උදාවෙන්නේ නෑ. ශිව ලිංගයෙන් විශ්වයේ ශක්තිය නිරුපණය වෙනවා මිසක් මිනිසුන් තනන ශිව ලිංග තුලට විශ්ව ශක්තියක් රැස් වෙන්නේ නෑ. මොන පදාර්ථ භාවිතා කලත් මොන දිග පළලට හැදුවත් ශක්තියක් ඇතිවෙන්නේ නෑ. ශිව ලිංගයකට ශක්තියක් ලැබෙන්නේ දෙවියන්ගේ බැල්ම ලැබීමෙන්ම පමණයි. ශිව සංකේතය මගින් සිතේ භක්තිය උපදවාගෙන දෙවියන් වන්දනා කිරීමෙන් දෙවියන් මගින් ශක්තියක් ලැබෙනවා මිසක් ශිව ලිංගය මගින් ශක්තියක් ලැබෙන්නේ නෑ.
මේ බව ශිව ලිංග කිරි වලින් නහවන සාමාන්‍ය පුද්ගලයන් වගේම ඉන්දියානු බ්‍රාහ්මණ පරම්පරා වල අයවත් දන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි ශිව කෝවිල් වල සිටින සමහර යක්ෂයන්, නාගයන්, භූමාටු දෙවියන් පවා දන්නේ නෑ. මිනිසුන් පරම්පරා ගණනක් ඔස්සේ සම්ප්‍රදායක් විදියට පිළිගැනීමෙන් අමනුශ්‍යන්ට පවා ඒ අදහස් සම්ප්‍රේෂණය වෙලා තියෙනවා. සමහර භූමාටු දෙවිවරුන්ට පවා ඒවායේ සත්‍ය දකින්න තරම් ප්‍රභල දිවැසක් නැ. කිරි නැහැවීම අන්ධ භක්තියෙන් කරන හිස් චාරිත්‍රයක් පමණයි.

ඒ නිසා කවුරු කොහොම කිවුවත් ශිව ලිංග හෝ දේව ප්‍රතිමා කිරි වලින් නැහැවීම කිසිසේත්ම දෙවියන් අපේක්ෂා කරන දෙයක් නෙවෙයි. ඊට වඩා දෙවියන් ඉතාම කැමතියි ඒ නාස්ති කරන කිරි කන්න බොන්න නැති මිනිසුන්ට දීලා ඒ පින් දෙවියන්ට අනුමෝදම් කිරීමට. කිරි පොලවට පස් කිරීමෙන් දෙවියන්ට කිසිවක් ලැබෙන්නේ නෑ. ඒත් පින් මගින් දෙවියන්ට ශක්තිය ලැබෙනවා. ආයුෂ වර්ණ සැප   බල ප්‍රඥා වඩා ගැනීමට දෙවියන්ට ඒ ශක්තිය හසුරවන්න පුළුවන්. සම්ප්‍රදායට නිෂ්ඵල ක්‍රියා කිරීමට වඩා බුද්ධියෙන් යුක්තව සඵල ක්‍රියා කිරීමයි වටින්නේ.


( අභ්‍යවකාශ ගින්න හා ශිව ලිංගය අතර සම්බන්ධතාව ඇතුළු මෙහි ඇති බොහෝ කරුණු පළමුවරට මෙමගින්ම ඉදිරිපත් කල හෙළිකිරීම් වේ. මෙහි ඇති කරුණු කිසිවක් අනවසරයෙන් උපුටාගැනීමෙන්   වලකින්න.)

Comments

  1. ශිව ලිංගයකට පුද පූජා දැක්වීමත් කිරිවලින් නෑවීම වගේ අර්තයක් නැති දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. ඒක වැරැද්දක් නැ. ශිව ලිංගය කියන්නෙ දේව ප්‍රතිමාවකට සමානයි

      Delete
  2. Api kohmd shiva lingayk puja krnehh...mm rudraksha malaya dama tynwa shiva lingayata....eka awlk na ned?

    ReplyDelete
  3. mama bhawana karanna uda thattuwe balcony eke eka prashnayak ne nedaa?

    ReplyDelete
  4. Obathuma kiyanne adi Durga devi saha Parvathi ekama kilada. Thawath danaganna kamathi Kali kiyaneth parvathige rudra akarayada kiyala.?

    ReplyDelete
  5. සම්බන්ධ කරගැනීමට අවශ්‍ය යි.ඉඩක් දීමට හැකිනම් වටිනවා 🙏

    ReplyDelete
  6. ශිව දෙවියන්ව අදහන අය ශිව ලිංගයක් ගත්තට කමක් නෑනේද....කෝමද ශිව ලිංගයේ ශක්තිය වැඩි කරන්නේ...මට ඒ ටිකට උත්තර දෙන්න කෝ🙏🙏🙏

    ReplyDelete
    Replies
    1. වේද පුජා , මැතිරීම් කරන්න ඕනි

      Delete

Post a Comment