Featured Post

සිල් රැකීමෙන් උදාවන ඔබ නොඇසූ ශක්තීන්



ආධ්‍යාත්මික දියුණුව අත්කරගැනිකමට උපකාර වන මුල්ම කාරණය වන්නේ සිල් රැකීම. බුදුදහමේ මුලික අංග තුන වන සීල සමාධි ප්‍රඥා අතරිනුත් මුල් අංගය වෙන්නේ සීලය. හිමාලයේ ධ්‍යාන වඩන යෝගීන් හා  ඍෂිවරුනුත් දැඩි ලෙස තපස් රැකීම සිදුකරනවා. පතන්ජල ඍෂි විසින් ඉදිරිපත් කල යෝග ප්‍රතිෂ්ටාව තුලත් යාම නියාම ආදී මුල් අංග අයත් වෙන්නේ සීලයට.



පොහෝ දින උපෝසථ ශිලය රැකීම මගිනුත් නිත්‍ය පන්සිල් රැකීම තුලිනුත් ඉතා උසස් ඝනයේ ඵල ලැබෙනවා. බොහෝ දෙනෙක් මෙම ආනිශංස පිළිබද නොදැනුවත් නිසාම සිල් රැකීම පිලිබදව එතරම් තැකීමක් නොකරන බව දකින්න ලැබෙනවා. මාසයකට එක් දිනයක් පමණක් තමන්ට මහා බලයක් මහා ශක්තියක් අත්කරගැනීමට ඇති අවස්තාව බොහෝ දෙනෙක් නොදැනුවත් කම නිසා මගහැර ගන්නවා.
මහානුභාව සම්පන්න ප්‍රතිපල අත් කරගැනීමට සම්මත අටසිල් හෝ දසසිල් වලට එකතු කරගත හැකි තවත් අංග කිහිපයක් තිබෙනවා. පොහෝ දින වලදී පහත සියලු අංග වලින් යුක්ත ශීලයක් ආරක්ෂා කිරීම මහානුභාව සම්පන්න ප්‍රතිපල ලබාදෙනවා.


1. සිතින් කයෙන් වචනයෙන් ප්‍රාණඝාතයෙන් හා ප්‍රාණ හිංසාවෙන් වැලකීම
(මදුරුවෙක්වත් නොමැරීම, කුහුබුවෙකුටවත් හිංසා නොකිරීම, සතෙකුට හෝ ළමයෙකුට අවවාදයක් දෙන විටවත් පහර දීමක් නොකිරීම, හිංසා කිරීමට සිතින්වත් නොසිතීම )

 2. නුදුන් කිසිම දෙයක් නොගැනීම 

 3. සිතින් කයෙන් වචනයෙන් අබ්‍රහ්ම චර්යාවෙන් වැලකීම
 ( රාග උපදින ක්‍රියා නොකිරීම, අසභ්‍ය දර්ශන හෝ රූප නොබැලීම, රාග සහගත දේ සිතින් දැකීමෙන්, මෙනෙහි කිරීමෙන් වැලකීම)

 4. බොරුවෙන් වැලකීම 
කේළමෙන් වැලකීම 
පරුෂ (අසභ්‍ය හා සැර) වචනයෙන් වැලකීම (යහපත් වචන පමණක් කතා කිරීම හා මෘදුව කතා කිරීම)
හිස් වචනයෙන් වැලකීම

 5. සියලුම මත්ද්‍රව්‍ය වලින් වැලකීම

 6. විකාල භෝජනයෙන් වැලකීම
(ප්‍රධාන ආහාර වේල් 3 හැර වෙනත් කිසිම ආහාර හෝ පාන නොගැනීම
+ ආහාර ගන්නා විට ආහාර කටේ සිට ගුදය දක්වා යන විට වෙනස් වන ආකාරය පිළිකුල් බවට පත්වන ආකාරය සිහි කිරීම
+ ආහාරයේ හොදම කොටස් ටික අනා හදාගන්නා පලවෙනි බත් කට සතුන්ට දීමට වෙන් කිරීම )

 7. සැප සහගත උසස් ආසන, ඇතිරිලි, ඇඳ, කොට්ට, මෙට්ට  භාවිතයෙන් වැලකීම

 8. නැටුම් ගැයුම් වැයුම් විහිළු ඇසීමෙන් නැරබීමෙන් වැලකීම
(tv, radio, facebook, gossip, internet සම්පුර්ණයෙන්ම අත්හැරීම)
(සින්දු ඇසීමෙන් කියවීමෙන් වැලකීම ,
(නාට්‍ය, චිත්‍රපටි, වීඩියෝ බැලීමෙන් වැලකීම)

 9. ආභරණ, සුවඳ විලවුන් , makeup, powder, jel භාවිතාවෙන් වැලකීම 

10. අද්වේශ
   ( කිසිම ආකාරයකින් තරහ සිතක් ඇති කර නොගැනීම, තරහෙන් කතා නොකිරීම, තරහෙන් යුක්තව කිසිම ක්‍රියාවක් නොකිරීම. )


11. අනභිද්‍යා  (අන් සතු දෙයකට ආශා නොකිරීම)
    (+තමන් සතු වටිනා දෙයකටවත් ආශා නොකිරීම)

 12. ඉන්ද්‍රිය සංවරය
( ඇසින් දකින රූප කිසිවකට නොඇලීම, නොගැටීම, මුලා නොවීම,
කනෙන් ඇහෙන කිසිම ශබ්දයකට නොඇලීම, නොගැටීම, මුලා නොවීම,
නාසයෙන් දැනෙන කිසිම ගන්ධයකට නොඇලීම, නොගැටීම, මුලා නොවීම,
දිවට දැනෙන කිසිම රසකට නොඇලීම, නොගැටීම, මුලා නොවීම,
සිරුරට දැනෙන කිසිම පහසකට නොඇලීම, නොගැටීම, මුලා නොවීම,
සිතට එන කිසිම අරමුණකට ඇලෙන්නේ නැතිව, ගැටෙන්නේ නැතිව, මුලා වෙන්නේ නැතිව සිත රැකගැනීම)

 13. කායගතාසතිය
( කයෙහි සියලුම චලන ගැන සිහියෙන් ඉදීම, සියලුම චලන සිහියෙන්ම කිරීම)

 14. චිත්තානුපස්සනා 
(සිතට එන සියලුම අරමුණු ගැන සිහියෙන් සිටීම, දවල් හීන නොමැවීම )

15. සියලු කායික ක්‍රියා සංවරව, ශාන්තව සිදු කිරීම
සියලු වචන සංවරව කතා කිරීම
සියලු සිතුවිලි සංවරව සිතීම 



* මෙලෙස සිල් රැකීමේදී වරුවෙන් සිල් පවාරණය නොවී පොහොය දිනයේ උදයේ සිට ඊලග දිනයේ උදය දක්වාම සම්පුර්ණ දිනයක් ශිලය ආරක්ෂා කිරීම මගින් විශාල ශක්තියක් ඇතිකරගන්න පුළුවන්. මෙම සිල් රැකීමට පන්සලකට හෝ අසපුවකට යාම අත්‍යවශ්‍ය නෑ. ඔබට අවශ්‍ය නම් නිවසේ සිටිමින්ම මෙලෙස සිල් සමාදන් වෙන්න පුළුවන්.
 ඔබ පන්සලකට හෝ ආරාමයකට ගොස් සිල් සමාදන් වුවත් එහි සිට නිවසට පැමිණියත් ඊලග දිනය දක්වාම සිල් රැකීම සිදුකරන්න. ස්ථානය මාරු උනා කියා ශිලයට බලපෑමක් වෙන්නේ නෑ.
ශිලය සමාදන් වන පොහොය දිනය පුරා සුදු ඇදුම් පැළඳීම ශිලය ආරක්ෂා කරගැනීමට උපකාර වනවා. ඒත් එය අත්‍යවශ්‍ය නෑ. සාමාන්‍ය ඇදුම් සහිතව උනත් සිත රැකගනිමින් ශිලය ආරක්ෂා කරගැනීම සිදුකරන්න පුළුවන්.


* මෙලෙස සිල් රැකීමෙන් බොහෝ අනියත බිය ඉවත් වනවා. කැරපොත්තන් මකුළුවන් ආදින්ටද හොල්මන් ආදියටද ඇති බිය ඉවත් වනවා. ආත්ම විශ්වාසය වර්ධනය වනවා. පෞර්ෂත්වය (personality) වර්ධනය වනවා. ඕනෑම පිරිසක් ඉදිරියට නොබියව ගමන් කිරීමට හැකිවනවා. සමාජීයව උසස් නිල තල දරන පිරිසක් අතරට ගියත් තමන් හටම උසස් භාවයක් ලැබෙනවා. කිසිදු පුද්ගලයෙක් ඉදිරියේ හැකිලෙන පැකිලෙන නැවෙන ස්වභාව නැතිවී යනවා.

* කාලයක් පන්සිල් සිල් රැකීමෙන් වගේම එක් දිනක් මෙවැනි බලවත් ශීලයක් රැකීමෙන් සිතේ ශක්තියක් උත්පාදනය වනවා. තමන්ගේ සිරුරින් විහිදෙන ආධ්‍යාත්මික රශ්මිය ( Aura ) වර්ධනය වනවා. සිත පහසුවෙන් සමාධිගත වනවා. සතිපට්ටාන භාවනා වැඩීමේදී සිහිය පිහිටීම ඉක්මනින් සිදුවෙනවා. සත්‍යක්‍රියා කර අධිෂ්ඨාන කරන සියල්ල වහා ඉටුවනවා.

* සිල් හා ප්‍රතිපත්ති රැකීමෙන් වෙන්නේ දීර්ඝකාලීනව සිත පිරිසිදු කිරීමක්. ඒ නිසා සිල් රැකිම මගින් සිතේ ශක්තිමත් බව ඍජු බව දැඩි වෙනවා. සිත නැවෙන ගතිය සැලෙන ගතිය අඩුවෙනවා. ඕනෑම දුකකට පීඩාවකට බියකට නොසැලෙන ලෙස සිත ශක්තිමත් වෙනවා. එදිනෙදා ජිවිතයට වගේම ධ්‍යාන හා ශක්ති ලබාගැනීමට මේ ශක්තිමත් බව දැඩි ලෙස උපකාර වෙනවා.

* ශිලය මගින් දිර්ඝකාලින සිත ශක්තිමත් කිරීමකුත් සිදුවෙනවා. කාලයක් තිස්සේ අයහපත් සිතුවිලි පාලනය කල විට කාලයක් ගියාට පස්සේ ස්වාභාවිකවම ඒ අයහපත් සිතුවිලි අක්‍රිය වීමක් සිදුවෙනවා. එම සිතුවිලි සිතට ඇති නොවන මට්ටමට පත්වෙනවා. එවැනි සිතක පවතින කෙලෙස් ප්‍රමාණය අඩු නිසා වඩා පහසුවෙන් සමාධිය ඇතිවෙනවා. ඒ නිසා සිල් රකිම මගින් සිතේ කෙලෙස් පාලනය කිරීම කාලයක් තිස්සේ ප්‍රගුණ කිරීමෙන් ධ්‍යාන වැඩීමේදී පහසුවෙන් ධ්‍යාන ලැබෙනවා. සිතක් එක්තැන් නොවන්නේ සිතක පවතින කාමච්චන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්දච්ඡ කුක්කුච්ච, විචිකිච්චා කියන පංච නීවරණ ධර්ම නිසා බව බුදුරජානන් වහන්සේ දේශනා කළා. සිල් රැකීම මගින් මෙම ක්ලේශ ධර්ම වල යම් යම් ස්වභාව යටපත් කිරීමේ පුරුද්දක් ඇතිවෙන නිසා භාවනාවේදී ඒ නිවරණ ධර්ම යටපත් කිරීම වඩා පහසු වෙනවා.


* සිල් රකින පුද්ගලයාව මිනිසුන්ටද දෙවියන්ටද සතුන්ටද ප්‍රිය වනවා. දෙවියන්ගේ රැකවරණය උදා වනවා. සතුරු කරදර, හදිසි අනතුරු, විෂ සතුන්ගෙන් වන හානි ආදිය වැලකි යනවා.

සිල් රැකීම මගින් සිත පිරිසිදු වී සිතේ ශක්තිය වැඩිවනවා වගේම සිල් රකින පුද්ගලයෙකුට නිරායාසයෙන්ම දෙවියන්ගේ උපකාර ලැබෙනවා. දෙවියන්ගේ පිහිට ලැබීමෙන් මගින් ජිවිතයේ බොහෝ කටයුතු පහසු වෙනවා වගේම ධ්‍යාන වැඩිම ආදී ආධ්‍යාත්මික කටයුතු වඩා පහසුවෙන් දියුණු වෙනවා. සිල් රකින පුද්ගලයන්ව දෙවියන්ට ඉතාම ප්‍රසන්න වෙනවා. මිනිස් ලොවට දෙව්ලොව දෙවියන් පැමිණීමට අකමැති වන ප්‍රධානම හේතුවක් වන්නේ මිනිසුන්ගේ ශරීරයෙන් පිටවන ගන්ධය බව කියවෙන බුද්ධ දේශනා ඔබ කියවා හෝ අසා ඇති. දෙවියන් හා අමනුෂ්‍යයන්  සුක්ෂම ශරීර සහිත පිරිසක් නිසා ගන්ධය වැනි මිනිසුන්ට නොදැනෙන සංවේදන ඉතා පැහදිලිව දැනෙනවා. මිනිසුන්ට දැනෙන්නේ නැති උනාට මිනිසුන්ගේ ශරීර වලින් ගන්ධයක් පිටවෙනවා. බල්ලන් පුසන් වගේ සතුන් තමන්ගේ අයිතිකාරයන්ව හදුනාගන්නේ ප්‍රධාන වශයෙන්ම මේ ගන්ධය මගින්. මදුරුවන් මිනිසුන් සොයා පැමිනෙන්නෙත් මිනිසුන්ගේ ලේ සුවඳ ඔස්සේ. සිල් රකින පුද්ගලයෙකුගේ ශරීරයෙන් පිටවන ගන්ධය ප්‍රසන්න සුවදක් බවට පත්වෙනවා. මේ ගන්ධය ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නේ රුධිරයේ තිබෙන රසායනික ද්‍රව්‍ය වලින්. ඒවා අතුරිනුත් ප්‍රධාන වශයෙන්ම හෝර්මෝන මගින් තමයි සිරුරෙන් පිටවන ගන්ධයේ ස්වභාවය තීරණය වන්නේ. කාමය හා තරහ වැනි සිතුවිලි නිතර නිතර ඇතිවෙනකොට ඒ සිතුවිලි වලට අදාලව මොළයේ සිදුවෙන වෙනස්කම් නිසා රුධිරයට ඒවාට අදාළ හෝර්මෝන හා වෙනත් රසායනික ද්‍රව්‍ය ශ්‍රාවය වෙනවා. කාලයක් තිස්සේ අයහපත් සිතුවිලි පාලනය කිරීමෙන් රුධිරයේ තිබෙන මේ රසායනික සාන්ද්‍රණ අඩුවීම නිසා සිරුරෙන් පිටවන ගන්ධය ප්‍රසන්න ස්වභාවයට වෙනස් වෙනවා. සාමාන්‍ය මිනිස් ගන්ධයට විකර්ෂණය වන දෙවියන් පවා මේ සුවදට ආකර්ෂණය වෙනවා. "සිල් රකින්නාගේ සිල් සුවද දෙව්ලොව දක්වා පැතිරෙනවා" කියල බුදුරජානන් වහන්සේ දේශනා කරන්න මෙයත් එක හේතුවක් වෙන්න ඇති.


* සිල් රකින පුද්ගලයා හට බොහෝ සැප සම්පත් පරිභෝග සම්පත් උදාවෙනවා. හිංසා කිරීම් ආදි අයහපත් කායික ක්‍රියා වලින් වැළකෙන නිසා ශරීරයට කායික බලයක් ඇතිවනවා. රෝග බොහොමයක් වැළකෙනවා. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වනවා.

* අයහපත් වාචික ක්‍රියා වලින් වැළකෙන නිසා තමන්ගේ වචන වලට බලයක් ඇතිවෙනවා. කටහඩෙහි ආකර්ශනීය භාවයක් ඇතිවනවා. අන් අය තමන්ගේ කීමට අවනත වීමක් සිදුවනවා. පිරිත්, මන්ත්‍ර ආදිය භාවිතයේදී හොදින් බල පිහිටීම සිදුවනවා.

* සිල් රකින්නා පිළිබදව කීර්තියක් සමාජයේ හොදින් පැතිරී යනවා. බොහෝ දෙනාගේ පිළිගැනීමට ගෞරවයට පාත්‍ර වෙනවා. මිනිසුන් අතර වගේම දෙවියන් අතරත් ශීලය පිළිබදව කිර්තිය පැතිරී යනවා.

* සිල් රකින්නා මරණයේදී කිසිසේත්ම සිහිමුලා වෙන්නේ නෑ. ඉතාම සිහියෙන් ප්‍රසන්න සිතින් මරණයට මුහුණ දෙනවා. එමනිසා ඒකාන්තයෙන්ම මරණින් මතු දේව, මනුෂ්‍ය, බ්‍රහ්ම යන සුගති භූමියක උපත ලබනවා. දාන මාන බුද්ධ පුජා ආදී පින්කම් කිරීමට තරම් ධනවත් කමක් නැතිව වුවත් සිල් රැකිමෙන්ම පමණක් දිව්‍ය සැප උදාකරගත් දෙවියන් හා දිව්‍යාංගනාවන් විශාල ප්‍රමාණයක් පිළිබඳව විමාන වත්ථු දේශනා වල සදහන් වනවා.


තෙවැනි ඇස විවර කරගැනීමට ශිව දෙවියන්ගේ පිහිටලබාගන්නා ආකාරය ලිපියෙදී පැහැදිලි කල විදියට සිල් රැකීම දෙවියන්ගෙන් ශක්තින් ලබාගැනීමට ඉතාම උපකාර වෙනවා. එම ලිපිය කියවීමට (මෙතන ක්ලික් කරන්න)

මෙකල ධර්මය උඩින් පල්ලෙන් අතගෑ හිස් භික්ෂුන් හා ගිහියන් "සිල් රැකලා වැඩක් නෑ සිත දියුණු කිරීමයි කරන්න ඕනි" "බුදුන් ශීලයක් දේශනා කලේ නෑ ඕවා නිගන්ට මත" ආදී අඥාන මුග්ධ මත පලකරත් ශිලය ඉතාම උසස් ඉතාම වටිනා අංගයක්. බුදුරජාණන් වහන්සේ දේශනා සිය ගණනකදී ශීලයේ ගුණ වර්ණනා කර සිල්වතුන්ගේ ගුණ වර්ණනා කර තිබෙනවා වගේම ශිලය නිවනට ඍජුවම උපකාර වන බව දේශනා කර තිබෙනවා. ශිලයට ගරහන්නේ ධර්මය යන්තන් අතගා තමන් මහා ප්‍රඥාවන්තයන් ලෙස සිතා සිටින කිසිදා සමත විදර්ශනා අධිගමයක් ලබා නොමැති අන්ධ බාල පෘතග්ජනයන් පමණයි. ශිලයට ගරහන්නන් කටින් දාර්ශනික වෙනවා මිස කිසිසේත්ම සත්‍ය වශයෙන් ධ්‍යාන වඩන විදර්ශනා වඩන ප්‍රඥාව සහිත පුද්ගලයන් නෙවෙයි.

*** මෙවැනි මහා ආනිශංස අත්කරදෙන උපෝසථ ශිලය රැකීමේ අවස්තාව මින්පසු මගහැර ගන්න එපා. සෑම පොහොය දිනකම දවස පුරා උපෝසථ සිල් ආරක්ෂා කරන්න. පන්සලකට අසපුවකට යාමට නොහැකි වුනත් නිවසේ සිටිමින්ම හෝ සිල් රැකීම සිදුකරන්න.

මේ ලබාගත් දැනුමෙන් ඔබ අත්කරගන්නා පිං සක්‍ර දෙවියන්ටත් මගේ ගුරුවරයන්ටත් මටත් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..

Comments

  1. Yogithumani, me sil rakemedi budun wademedi pansil samadan wela atasil walin sil padha keepayak ho rakinna puluwan nm ehema kalata kmk na neda? Sil pada keema athyawashyada?

    ReplyDelete
    Replies
    1. KAmak ne atasil rakiddi okkoma ekapara rakinna oni kiyala ekak ne. Pansil ekka tamanta puluwan ewa kipayak hari rakinna puluwan nam ewa Rakinna

      Sil pada katin kiyannama oni ne

      Delete
  2. සිල සමාදන් වීම ගැන ගැටලු කිහිපයක් තිබුණා. ඒ ගැන හිත හිතා ඉන්නකොට තමයි මේ ලිපිය පලකලේ ඔබ. ගොඩක් පින් ඔබ තුමන්ට මේ කරන දැනුවත් කිරීම් වලට.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. 1.නැ ඇදුම් මාරැ කලාට කමක් නැ

      2. කමක් නැ

      3. කමක් නැ

      Delete
  4. සමථ භාවනාව දවසෙේ එකම වෙලාවක එක පාරක් පමණක් කල යුතුද ? නැත්නම් දවසට දෙතුන් වරක් කලාට ගැටලුවක් නැතිද ?

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඒවා එකපාරක් විතරයි කරන්න හොද. සමහර ඒවා කලාට කමක් නෑ. භාවනා ලිපි වල මම ඒවා වෙනම දාලා තියෙනවා

      Delete
  5. Sir, ඔයාට ගොඩක් පිං...කියන්න වචනත් නැති තරමට ලොකු සතුටක් දැනෙනවා..මම ඔබ තුමා කියපු විදිහටම සතිපටඨාන වැඩුව..ඒ කියන්නේ සිහියෙන් කරන හැමදේම කරා.. රෙරුකානේ චන්දවිමල හිමි ගේ පොතෙන් ඒ භාවනාව අනුගමනය කරා..ඒකේ තිබුණා ඒ භාවනාව උත්සාහයෙන් කරොත් සෝවාන් වෙන්නත් ,,,නිවන කරා යන්නත් පුළුවන් කියල ඒක ඇත්තක් ද sir ? දැන් මේ page එකේ post කියෙව්වාහම හිතා ගත්තා පාන්දරට third eye භාවනාව කරන්න..ආයෙත් වතාවක් ඔබ තුමාට පිං දෙනවා..බුදුන් වඳින හැමවෙලෙම ඔබ තුමාට පිං දෙනවා මං..මේ post එක මගේ ජීවිතේම වෙනස් අතකට පෙරළුවා..කාලයක් තිස්සේ සීලයක් රැකගෙන ඇවිත් බාහිර හේතු නිසා ඒ දෙවල් මඟ හැරුණා..ආයෙත් ඒ දේවල් පටන් ගන්න මාව දිරිමත් කරපු ඔබතුමා ට ගොඩක් ණයගැතියි..ගොඩක් පිං..

    ReplyDelete
  6. Yogithumani, viral a bojana rakiddi athurupasa gannath barida?ice cream,yoghurt nathuwa palathuru kawata kmk nadda?nathnam okkoma kanna puluwanda?

    ReplyDelete
  7. ගොඩක් වටින ලිපියක්. තෙරුවන් සරණයි.

    ReplyDelete
  8. ඔබතුමාට පිංගුරුතමාටත්පිං ශ්‍රක්‍ර දවින්ටත්පිං

    ReplyDelete
  9. yogeethumani, atasilwalin okkama netiwa keepayak pansil ekka rakinawata kamak nedd?
    obathumata bohoma pin..

    ReplyDelete
    Replies
    1. පුළුවන් ඔක්කොම රකින්න

      Delete

Post a Comment