Featured Post

අනුන්ගේ පහනෙන් එලිය බලන ලිපි හොරු



මෙම බ්ලොග් අඩවියේ පලකරන භාවනා හා වෙනත් ලිපි 90%ක් අපගේ පුද්ගලික දැනුමින් හා අත්දැකීමෙන් කියනා ලද ලිපිය. වෙනත් උපුටාගැනීම් කරන අවස්ථා වලදී ඒවා උපුටාගත් පොත්පත් හා කතෘ වරුන් පිළිබද සෑම අවස්ථාවකම සදහන් කරනු ලැබේ. අප විසින් අවුරුදු 20 ක පමණ කාලයක් තිස්සේ විවිද භාවනා ක්‍රම පුරුදු කරමින් ලත් දැනුම හා අත්දැකීම් මෙම ලිපි වලින් බොහෝ දෙනෙකුට මාර්ගය වරදවා නොගැනීම සදහා ඉදිරිපත් කර තිබේ.

මේ වන විට අපගේ ලිපි හොරකම් කරමින් තමන්ගේ ප්‍රතිරූපය වඩාගැනීමට උත්සහ කරනා පිරිසක්බිහිවී ඇත. ඔවුන් අපගේ ලිපි අනවසරයෙන් උපුටාගන්නවා මෙන්ම ඒවා තමන්ගේ දැනුමක් මෙන් ප්‍රචාරණය කරයි. ඔවුන් හට ඒවා ඉවත් කරගන්නා ලෙස දැනුම් දුන් විට comment delete කර  profile block කර හැංගි යති.

devi shakti නොහොත් milinda subash නමැති පුද්ගලයා අපගේ ලිපි අනවසරයෙන් පළකරනා ලිපි සොරෙකි. milinda subash, devi shakti, dewa katha  හා තමිල් මාරන් යන profile හතරම මොහුට අයත් ඒවා වේ. ශ්‍රී රාම භක්තික සුර යන facebook groupයද , ජෙයි ශ්‍රී රාම් යන group chatයද මොහු විසින් පවත්වාගෙන යන මිථ්‍යා ප්‍රචාරණ ක්‍රමයන්ය. මේවා මගින් මොහු බෞද්ධයන් හට අන්තගාමි හින්දු මත ඉගැන්වීම් කරමින් බෞද්ධයන් අන්‍යාගමිකරණය කිරීමට විවිදාකාරයෙන් උත්සහ කරමින් සිටි. උග්‍ර මිත්‍යාදෘෂ්ටික හින්දු මතවාදියෙක් වන මොහු හින්දු සංකල්ප ඉදිරිපත් කරමින් බෞද්ධ සංකල්ප විකෘති කිරීමද මෙම චැට් හා ගෘප් වල සිදුකරමින් සිටි. මීවනපලානේ ආදීන් සිදුකල දෙයම වෙනත් ආකාරයකින් සිදුකරමින් බෞද්ධයන් අන්‍යාගමිකරණය කරනා මොහු පිලිබදව බෞද්ධ කටයුතු දෙපාර්තුමෙන්තුවටත් , බුද්ධ ශාසන අමාත්‍යාංශයටත්  මහා විහාර වලටත් දැනුම් දීම මේ වනවිට සිදුකරමින් පවතී.











තමිල් මාරන් යන profileය තුලින්ද මොහු අපගේ ලිපි සොරකම් කර පලකර ඇත.


මොහු විසින් මිට පෙර අවස්තාවක අප විසින් පළමු වරට ඉදිරිපත් කල ශිව තාන්ඩවයේ නිවැරදි සිංහල පරිවර්තනය තමන්ගේ ලිපියක් මෙන් පල කර තිබුණි. එය ඔහුගේ dewa katha නම් youtube channelයටද එක් කර මුදල් ලබාගැනීම සදහාද උත්සහ කර තිබුණි. නැවතත් අප විසින් පල කල නිර්මාංශ වීම පිළිබද ලිපියද තමන්ගේ දැනුමක් මෙන් පල කර ඇත. මේවා පල කල අවස්ථා වල ඒවා අපට අයත් බව සදහන් කල සියලු comments delete කිරීම මෙම  පුද්ගලයා විසින් සිදුකරන ලදී. එමෙන්ම තමන්ගේ groups හා  chat වලින් අපව ඉවත් කර තමන් වටකරගෙන සිටිනා පිරිස ඉදිරියේ තමන්ගේ ප්‍රතිරූපය රැකගැනීමට උත්සහ කිරීමද සිදුකරන ලදී.




අපගේ ලිපි ඉවත් කරන ලෙස දැනුම් දුන් විට මොහු නිවට තර්ක ඉදිරිපත් කර ඒවා තමන්ට අයිති ලෙස මවාපෑමට උත්සහ කරන ලදී.

අපට අයත් ලිපි ඉවත් කරන ලෙස දැනුම් දුන් විට මෙම පුද්ගලයා ඒවා අප විසින් පොත්පත් කියවා අන්තර්ජාලයෙන් උපුටා ගත් ඒවා බැවින් අප විසින්ද ඒවා වෙනත් අයෙකුගෙන් උපුටාගෙන ඇතියයි ප්‍රකාශ කරන ලදී. අප විසින් පල කල ශිව තාණ්ඩවය වෙනත් කිසිදු දෙයකින් උපුටා නොගෙන වචනයෙන් වචනය අප විසින් පරිවර්තනය කරන ලද්දකි. අන්තර්ජාලයේ ඉංග්‍රීසි භාෂාවෙන් පවා ඇත්තේ වැරදි අර්ථයන්ය.

නිර්මාංශ වීමට අදාළ ලිපි මෙන්ම බෞද්ධ කමටහන් නොවන අන් සියලු   ලිපි අප විසින් පළමු වරට හෙළි කරන ලද වෙනත් කිසිදු ග්‍රන්තයක හෝ වෙබ් අඩවියක නොමැති කරුණුය. මෙම සොරා විසින් ඔහු මෙන්ම අන් සියලු දෙනාද අනුන්ගේ දේ සොරකම් කරමින් සිටිනා අය ලෙස උපකල්පනය කිරීමෙන්ම මොහු පලකරන සියලු දේ අනුන්ගෙන් සොරකම් කරගත් දේ බව පැහැදිලි වේ.





* අනුන්ගේ ලිපි මොහුගේ ගෘප් වල පල කල විට ඒවා ඔහුට අයත් යයි මෙම මානසික රෝගියා විසින් ප්‍රකාශ කරයි.



තමන්ගේ වැරදි නිවැරදි කරගැනීමට ආත්ම ගෞරවයක් නොමැති මොහු මින් පසු අපට අයත් වෙනත් ලිපිද පල කර බ්ලොග් අඩවි තනන බවද වහසි බස් දොඩවන ලදී. තමන්ගේ වැරදි වසාගනිමින් උද්දච්චකමින් පිරුණු මොවුන්ට දෙවියන් ඇදහු පලියට දෙවියන්ගේ තබා පෙරේතයෙකුගේවත් පිහිටක් ලැබෙන්නේ නැත.



තමන්ගේ group හා chat වල අති උතුම් පුද්ගලයන් මෙන් දෙවියන්ගේ ලේඛම් වරු මෙන් ප්‍රතිරුප මවා පාන නිවටයන්ගේ සත්‍ය ස්වභාවය මෙයයි.





2. viraj devinda නමැති පුද්ගලයාද අප විසින් පළමු වරට හෙළි කල තෙවැනි ඇස ලිපිය තමන්ගේ දැනුමක් මෙන් පල කර ඇත.



ඒ පිලිබදව අපගේ ෆේස්බුක් පිටුවේ පල කල පසු ඔහු නැවතත් තමන්ගේ profileය තුල අපගේ භාවනා ලිපිය වැඩක් නැති භාවනාවක් ලෙසත් එමගින් කුන්ඩලිනිය අවදි කරගත නොහැකි බවත් සදහන් කරමින් ප්‍රකාශ පල කර ඇත. එසේනම් එය ඔහු පල කලේ කුමන අරමුණටද? ඔහු අපගේ ලිපිය පලකරන විට එමගින් තෙවැනි ඇස විවරවිම පිළිබද අප සදහන් කල සියලු කරුණු කිසිදු වෙනසක් නොකර දක්වා තිබේ. එය වැරදි ක්‍රමයක් නම් එලෙස කොපි කර ඒ ආකාරයටම දැමීමේ අවශ්‍යතාවක් නැත. තමන්ගේ නිවට ස්වභාවය හෙළි වූ පසු   අපගේ ලිපිය වැඩක් නැති භාවනා ක්‍රමයක් යයි කියා ප්‍රතිරූපය රැකගැනීමට උත්සහ කරයි. නරියා මිදී තිත්තයි කිවා මෙන් තමන්ගේ නිවටකම වසාගැනීමට භාවනාවට ගැරහීම සිදුකරයි. මොහු කුන්ඩලිනිය අවදි කරගත්තෙකු ලෙසින් මවාපාන පුද්ගලයෙකු වන අතර සත්‍ය ලෙස කුන්ඩලිනිය අවදි වුයේ නම් අනුන්ගේ භාවනා ක්‍රම හොරකම් කර තමන්ගේ මෙන් පලකිරීමේ අවශ්‍යතාවක් නැත, තමන්ගේ භාවනාව පල කල හැක.



3. Nalin kumarasiri නමැති පුද්ගලයා දිගින් දිගටම අපගේ බ්ලොග් අඩවියේ ලිපි අනවසරයෙන් උපුටා ලිපි පල කරන ලදී.
ශිව තාණ්ඩව ලිපියේ විශාල කොටසක්ද
කුණ්ඩලිනි ශක්තිය ලිපියේ කොටසක්ද අනවසරයෙන් උපුටා පල කර ඇත.
පළමු වරට අපගේ ලිපි මගින් හෙළි කල කරුණු මෙන්ම
ලිපි වල කරුණු වචනයක්වත් වෙනස් නොවී ඒ ආකාරයෙන්ම copy paste කර තිබෙන අයුරු දක්නට හැක.
ඒ පිලිබදව සදහන් කිරීමේදී මොහු විසින් comments ඉවත් කරන ලදී.
දැනුම බෙදාදීම යහපත් කරුණක් වුවද තමන්ට කිසිදු අවබෝධයක් නැති දේ අනවසරයෙන් උපුටා දැක්වීමට අමතරව එම දැනුම වෙනත් කෙනෙකු වෙතින් ලබාගත් බව සදහන් කිරීමට නිහතමානි බවක් නොමැති වීමද භාවනා මාර්ගයේ පිරිහීමේ ලක්ෂණ වේ.

4. ශාන් මල්ලවආරච්චි නම් පුද්ගලයාද අප විසින් පල කල ශිව තාන්ඩවය කිසිදු අවසරයකින් තොරව උපුටාගෙන තමන්ගේ සමුහයක් තුල පල කර ඇත. මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු වන මොහු මිට පෙරද අප හෙළි කල වජ්‍ර තොරතුරු සොරාගනිමින් කෝටි ගණනකට වජ්‍ර විකුණා අලෙවි කරන ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබුණි.
මෙම profile තුනෙන්ම පෙනී ඉන්නේ එකම පුද්ගලයෙකුය.







රාවණ වංශය නම් ෆේස්බුක් පිටුවක් හා ගෘපයක් පවත්වාගෙන යන පුද්ගලයා විසින් අප විසින් පළමු වරට හෙලිකල සක්‍ර දෙවියන් සම්බන්ධ ලිපියේ කොටස් ඒ ආකාරයෙන්ම උපුටා තමන්ගේ පිටු වල පල කර ඇත.




මොවුන් සියලු දෙනාම තමන් වටකරගත් පිරිසක් ඉදිරියේ "පොරක්" වීමේ මානසික රෝගයෙන් පෙලෙන පුද්ගලයන්ය. අනුනට දැනුම බෙදන පුද්ගලයෙක් නම් තමන් අනුන්ගෙන් යමක් උපුටාගත් ගත් විට උපුටාගත් ස්ථානය සදහන් කිරීමේ හැකියාව ඇත. එසේ නොකර සිටින්නේ එම දැනුම තමන්ගේ දැනුමක් මෙන් පෙන්වා තමන්ට කිසිදාක සත්‍ය ලෙස ලබාගත නොහැකි තත්වයක් ඇති ලෙස සමාජයට පෙන්වා ගෞරවයක් ලබාගැනීමටය. කළගුණ නොදත් මෙවැනි කුහක හොරුන් හට කිසිදාක භාවනා දියුණුවක් අත්වීම හෝ දෙවි පිහිටක් ලැබීම සිදු නොවේ!!! ඍෂි දැනුම සොරාගත් අවස්ථාවේ පටන් ඔවුන් ශාපයට ලත් පිරිසක් පමණි.

Comments

  1. අනේ ඔව් සර් මේවගේ මිනිස්සු හැමතැනම

    ReplyDelete

Post a Comment