Featured Post

400 000 VIEWS...!!!



බ්ලොග් අඩවියේ Views ප්‍රමාණය 400 000 සීමාව පසු කර තිබෙනවා. ආරම්භයේ සිට මේ දක්වා බ්ලොග් අඩවිය සමග රැදී සිටිය සියලු දෙනාට ස්තුතියි... කාල වෙලාව ලැබෙන ආකාරයට අවස්තාවක් ලැබෙන හැම විටම අලුත් භාවනා ක්‍රම හා වෙනත් අධිමානසික ක්‍රම ගැන දැනුවත් කිරීම් ඉදිරියටත් සිදුකරනවා. සමහර කෙටි අභ්‍යාස බ්ලොග් ලිපියකට ඇතුල් කරන්න තරම් ප්‍රමාණවත් නැති නිසා ෆේස්බුක් පිටුවේ පමණක් පලකරනවා. එමනිසා බ්ලොග් අඩවියට වගේම Kundalini Yoga Srilanka ෆේස්බුක් පිටුවටත් සම්බන්ධ වී ඉන්න.


ලිපි කියවනවා වගේම ලිපි වලින් ඉදිරිපත් කරන භාවනා ක්‍රම හා පිංකම් ආදිය ප්‍රායෝගිකව සිදුකරන පිරිසක් බිහිවී සිටීම ඉතාම සතුටුදායක කරුණක්. විවිද භාවනා වලින් උසස් මට්ටම් වල වගේම ආධුනික මට්ටම් වලට පත්වුන අත්දැකීම් ලබාගත්ත පිරිසක් බිහිවීම වගේම තමන්ගේ ජිවන රටාව සම්පුර්ණයෙන් වෙනස් කරගෙන භාවනා කරන පින්කම් කරන ජිවන රටාවක් ඇතිකරගත්ත පිරිසක් බ්ලොග් අඩවිය මගින් බිහිවී සිටීම ගැන ඉතාමත් සතුටට පත්වෙනවා. Facebook page එකට තමන්ගේ අත්දැකීම් එවනවා වගේම ඉදිරියේදී මේ මගින් ඉදිරිපත් කරන දැනුම භාවිතයෙන් පින්කම් කරන වෙලාවට ඒ පින්කම් වල චායාරුප Facebook pageයට එවන්න කියල සියලු දෙනාට ඉල්ලීමක් කරනවා. තමන් දැනුම ලබාගන්නවා වගේම මේ දැනුම හොයන තවත් අයට දැනගැනීමට බ්ලොග් අඩවියේ ලිපි Facebook, Google වගේ සමාජ ජාලා වල උපුටාගැනීමෙන් තොරව share කරන්න කියලත් මතක් කරන්න කැමතියි. අන්තර්ජාලය භාවිතා නොකරන අයට මේ දැනුම පහසුවෙන් ලබාදීම සදහා පොතක් ඉදිරිපත් මේ වනකොට සකස් කර තිබෙනවා. ඉදිරියේදී ඒ පිලිබදවත් දැනුවත් කිරීම් කරන්න බලාපොරොත්තු වෙනවා.

දැනුම සම්ප්‍රේෂණය වන වපසරිය වැඩිකිරීම සදහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේත් මෙම කරුණු බෙදාගැනීමට කටයුතු කරමින් යනවා. ඒ සදහා මුදල් අවශ්‍ය වන නිසාත් ලිපි කියවීමට බාධාවක් නොවන විදියට බ්ලොග් අඩවියට ads යොදන්න බලාපොරොත්තු වෙනවා. එම සියලු කාරනා පිලිබදව ඉදිරියේදී දැනුවත් කිරීම් සිදුකරනවා.

දැනුම සොරකම් කරනා නිවටයන් අතර මුල් කාලයේ පටන් බ්ලොග් අඩවිය සමග සම්බන්ධ වී කෙලෙහි ගුණ ඇතිව දැනුමෙන් ප්‍රයෝජන ගන්නා විශිෂ්ටයන්ද සිටීම සතුටක්. සියලු ගුණවත් යෝගීන් හට මේ ලබාදෙන දැනුමෙන් ධ්‍යාන අභිඥා හා කුන්ඩලිනි ශක්ති ලබාගැනීමට දෙවියන්ගේත් බ්‍රහ්මයන්ගේත් රිශිවරුන්ගේත් ආශිර්වාදය හිමිවනු ඇති...

ස්වස්තිසිද්ධම්...!!!


Comments

  1. මම මේ blog අඩවියේ සෑම ලිපියක්ම කියවල තියනවා. ගොඩක් වටිනා ලිපි. ගොඩක් දැනුම ලැබුනා. ඉදිරියට තව තවත් භාවනා ලිපි පල කරන්න. මේ කරන සත්කාරයට ඔබතුමාට ගොඩක් පින්. කරුනාකර පහත සියලුම ප්‍රශ්න වලට පිලිතුරු සපයන්න. ස්තුතියි!!

    1. භාවනා වල උපරිම ධාන්‍ය මට්ටම් කීයක් තියනවාද?
    2. Guardian Angles, Spiritual Guides, Spiritual Animals ඇත්තද?
    3. ආසිරි වනිගරත්න කරන පහත වැඩසටහන් ඇත්තද?

    - ගණ දෙවියන් යාළු කරල දෙනවා! කතා කරන්න ඉඩ සලසා දෙනවා!
    - Light Worker
    - Third Eye Open
    - ගණ දෙවියන් මාර්ගයෙන් පේන බැලීම හා සාස්තර කීම.

    4. ආසිරි වනිගරත්න ඇත්තටම Third Eye එක open කරගෙනද?
    5. ඔබතුමා භාවනා වැඩසටහන් කරන්නෙ නැද්ද?
    6. කාලය හරහා ගමන් කිරීමට භාවනා තිබෙනවාද? ඒවා මොනවද?

    I wish good luck to you. Please keep posting about meditation and yoga. Thanks You!!

    ReplyDelete
    Replies
    1. 4. නැ සම්පුර්ණ බොරැවක්

      5. ඉදිරියේ පටන්ගන්නවා

      6. ඉදිරියෙදි පලකරනවා. ධ්‍යාන හෝ වක්‍ර අවදිවි නැතුව ඒවා කරන්න බැ

      Delete
    2. Thank You very much sir!!

      Delete
  2. 1. 8යි
    අධ්‍යාත්මික විම ලිපියෙ ඒ ගැන සම්පුර්න විස්තර කරලා තියෙනව

    2. ඔව්
    Guardians n guides = ඉශ්ට දේවතාවන් හා මලගිය ඥාතින්

    S. Animals = ප්‍රේතයන්

    3 පුජා තිබ්බම දෙවියො පැහැදෙනවා.
    අනිත් ඒවා බොරැ

    ReplyDelete
  3. sahenna deyak me web adaviyen igena gaththa. oba siyalu denata sthuthiy, bohoma pin.
    nithara ragika sithuwili pahala wena pudgalayekuta ewa badhawak kara nogena thama diyunuwa salasa gatha haki bhawana kramayan gana oba thumanta wisthara pala kirimata hakida idiriyedi.

    ReplyDelete
    Replies

    1. දස අසුභ බාවනා වඩන්න

      සතර සතිපට්ටාන විදර්ශනා වඩන්න.

      ධම්මානුපස්සනාව පංච උපාධානස්කන්ධයට අදාලව වැඩියෙන් වඩන්න

      Delete
    2. mema bhawanan niwaradiwa wadeema sadaha danuma sahitha mulashrayan monawada? oba thumage lipi thibeda?

      Delete

Post a Comment