Featured Post

විපත් සිදුවන මේ කාලයේ ආරක්ශා වීමට! Spiritual Protection




ක්‍රමයෙන් පිරිහී යන කලි යුගයේ යුධගිනි අකල් මරණ ස්වභාවික විපත් ආදී අනතුරැ වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නොලැබේ. ලග ලගම අත්දැකීමට සිදුවු උවදුරැ හමුවේ තම ආරක්ශාව තමන් සලසාගැනීමට ධර්මානුකූල ආධ්‍යාත්මික ක්‍රමවේදයක් ඇත.

දේවදත් ථෙර බුදුන් නැසීමට ගලක් පෙරළු අවස්තාවේ සියළු භික්ශුන් බුදුන් ආරක්ශා කිරීමට බුදුරජාණන් වහන්සේ වටකරගත්හ. 
එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ

"මහණෙනි තථාගතයන් හට බාහිර ආරක්ශාවක් සැලසීමට අවශ්‍ය නොවේ. ( ප්‍රාණඝාතයෙන් වැළකීමෙන්, අභය දානය දීමෙන් ) ආරක්ශාව තථාගතයන් විසින් මීට පෙරදීම සලසාගෙන ඇත"


බෝසතුන් එක් භවයක ධර්මපාල නම් පරපුරේ ඉපිද සිටියහ. එකල අධ්‍යාපනය ලබනා විට තම ගුරැවරයාගේ පුතුන් අකාලයේම කුඩා වයසින් මරණයට පත්විය. මරණයට පත් වීම අදහාගත නොහැකිව සිටි බව දුටු ගුරැවරයා ධර්මපාලයන්ගේ ගමට ගොස් පරික්ශා කලේය. එහිදි එම පරපුරේ කිසිවෙක් ප්‍රාණඝාතය නොකරන බැවින් අකල් මරණ නොලබන බව දුටු බව කුඩා කල ජාතක කතා කියවිමේදි ඔබ දැක ඇත.

එක භවයක බෝධීසත්වයන් වහන්සේ කුරැළු උපතක් ලැබීය. මාපිය කුරැල්ලන් පිටව ගිය පසු කුරැළු කූඩුව තිබු වනය පුරා ලැව් ගින්නක් පැතිරි ගියේය. කුරැල්ලෙකු වුවද බෝසත් ගුණයන් ලෙස සියලු සත්ව උපත්හිදි බෝසත්වරැන් හට මනුශ්‍යයෙකුට මෙන් ප්‍රඥාවත් පෙර භව සිහිකිරීමේ ඥානයත් පවතී. පියැඹිමට නොහැකි වු බැවින් බෝසතුන් තමන් විසින් කුරැළු භවයේ ඉපදුනු දා පටන් කිසිදු සත්වයෙක් නොමැරැ බව සිහිකොට ඒ සත්‍යානුභාවයෙන් ලැව්ගිනි නිවේවායි ප්‍රාර්ථනා කළහ. සත්‍යානුභාව බලයෙන් ලැව්ගිනි නිවී ගියේය. එතැන් පටන් බෝසතුන් බුද්ධත්වයට පත්වනතුරැද එම වනය කිසිදා ගින්නකින් නොදැවුනු බව බුදුරජාණන් වහන්සේ හෙලිකර වදාළහ.

මෙම ජාතක කතා බුදුන් දේශනා කලේ මෙකල මිනිසුන් හට ප්‍රයෝජනයට ගැනීම පිණිසය. බුදුන් වදාළ එකදු ප්‍රකාශයක හෝ භාවිතයට ගත නොහැකි කතා පුවත් නැත. සතර සතිපට්ටාන ආදී ප්‍රතිපදාවේ සිට ජාතක කතා තුලද බාවිත කල හැකි ප්‍රගුණ කල හැකි කරැණු පමණක් අඩංගු වේ. 

ඒවා කතාපුවත් වී පවතින්නේ කතාපුවත් තුල ඇති පණිවිඩය අදාළ කාලයේදි අදාළ පිරිසට පැහැදිලි කරනා තෙක් පමණි.


සත්‍යක්‍රියාවෙ බලය ගැන පුද්ගලික අත්දැකීමක්ද මෙහිදී සදහන් කිරිමට තීරණය කලේ මේවා හුදු කතාපුවත් නොවන බව තහවුරැ කිරිමටය. පුද්ගලිකව මා හට කුඩා කාලයේ පටන් වතුරට වැටුනු සතුන් බේරාහැරිම පුරැද්දක් ලෙස ඇතිවි තිබේ.

මීට අවුරැදු 15කට පමණ පෙර අධික වර්ශාවක් පැමිණ අධික ගංවතුරක් ඇතිවු අවස්තාවක පවුලේ සැම බඩු බාහිරාදිය අස්කරනා අතරතුර මා කලේ වැස්ස දෙස බලාගෙන සතුන් ජලයෙන් බේරාගත් පින සිහිකර සත්‍යක්‍රියා කිරිමත් වැස්ස වලාහක දෙවියන් හට පිං අනුමෝදම් කර මා පය තබා ඇති භූමි මට්ටමට ගංවතුර නොගලන ලෙස ඉල්ලිමත් පමණි.  
පැය ගණනක් ඇදහැලු වර්ශාව නතරවු අතර භුමියේ බිම් මට්ටමට අඩියක් පහල මට්ටමට තෙක් පමනක් ගංවතුර පැමිණ නැවත ගලාගියේය. 

ඔබගේ ජීවිතයට ආරක්‍ශාව සහතික විය හැක්කේ ඔබගේ කර්මයටම පමණි. කර්මය ගෙවි යනතෙක් දෙවියන් හට ඔබව ආරක්ශා කළ හැකි නමුත් කර්මය අවසන් වු පසු දෙවියන්ටද පිහිට විය නොහැක.

හදිසි අනතුරැ හා අකල් මරණයෙන් වැළකීමට 
1. හැකිතාක් ප්‍රාණඝාතයෙන් වැළකීම ආදී පන්සිල් සුරකින්න. මදුරැවෙකුවත් නොමරන්න. සතුරෙකුගේවත් මරණයක් දැක සතුටු නොවන්න, හිංසාව හා මරණය කිසි ලෙසකින්වත් අනුමත නොකරන්න.


2. මරණයට පත්විමට යන සතුන් හැකිතරම් බේරාගන්න. මරණයට පත්වන ගවයන් ආදීන් බේරාගැනීම මෙන්ම වතුරට වැටුනු කුහුඹුවන් වැනි සතුන් බේරීම, මකුළුදැල්වල රැදුනු සතුන් මුදාහැරීම ආදී ලෙසද හැකිතරම් අභය දෙන්න.


අනතුරක් ඇති මෙවැනි කාලයේ තමන් කල එම පිං සිහිකර ඒ පුණ්‍යානුභාවයෙන් සත්‍යානුභාවයෙන් කිසිදු අනතුරක් නොවේවායි ප්‍රාර්ථනා කිරිමත්

පිං දෙවියන් හට අනුමෝදම් කර දේව රැකවරණය ඉල්ලීමත් සිදුකරන්න.


සත්‍යක්‍රියාවේදි සිතින් පිටවන ශක්තියේ බලය අපරිමිතය.
ශීලය හා අභය දීමෙන් ලත් පිං ඇතිනම් සත්‍යක්‍රියා කිරිමෙන් ලෝක විනාශයෙන් වුවද ගැලවීමට ඔබට අවස්තාව ලැබෙනු ඇත
යුද ගිනි වර්ශා මැද නිරැපද්‍රිතව වාසය කිරීමට හැකිවනු ඇත
ලැව්ගිනි සුලිසුලං ගංවතුර භුමිකම්පා ආදි විපත් වලින් ආරක්ශා වීමටද අවස්තාව සැලසෙනු ඇත. 

මේ සියලු ආරක්ශාවන් සලසා ගැනීමට ප්‍රාණඝාතයෙන් වැළකීමෙත්, ප්‍රාණඝාතය සතුටින් අනුමෝදන් නොවිමෙත්, අභයදානය දීමෙත් කුසල් වඩා තිබිය යුතුය. 

මෙතෙක් අතපසුවිමෙන් යම් අඩුපාඩු විනිනම් ඒ සියල්ල අමතක කර මේ මොහොතේ සිට මෙම කුසල් සමාදන් වුවහොත් එයම ප්‍රමාණවත් වේ. 
කල වැරැද්දට පසුතැවිම පින් බල අඩුවිටත් පව් බල වැඩිවිමටත් හේතුවෙයි.
කල සියල්ල අමතක
කර සිතින් අතහැර ඒ මොහොතේ සිට නව උපතක් ලැබු ලෙසින් කුසල් වඩා තමන් වෙනස් වු මොහොතේ සිට මේ දක්වා වු කාල පරාසයේ කිසිදු ප්‍රාණඝාතයක් නොකල බව සත්‍යක්‍රියා කිරිමද උපද්‍රව ආදියෙන් ගැලවීමට උපකාර වේ. 

දරාගත නොහැකි ප්‍රසුත වේදනාවෙන් මවක් විලාපදෙන අවස්තාවේ අංගුලිමාල තෙරැන් ඒ බව බුදුන්ට සැලකලහ. එවිට අංගුලිමාල තෙරැන් උපතේ සිට ප්‍රාණඝාතයෙන් වැළකීමේ පින සිහිකොට මවගේ වේදනාව දුරැ වී යහතින් දරැවා ප්‍රසූත විමට සත්‍යක්‍රියා කර ආශිර්වාද කරන ලෙස බුදුන් අවවාද කළහ. වික්ශිප්ත වූ අංගුලිමාල තෙරැන් තමන් මිනිමරැවෙකුව සිටි බැවින් එසේ කරන්නෙ කෙසේදැයි බුදුන්ගෙන් විමසූහ. එවිට බුදුරදුන් මිනී 999ක් මැරැ අංගුලිමාල බුදුන් සරණ ගොස් ආර්ය ජාතියේ (බුදුසසුනේ) උපන් මොහොතේ පටන් කිසිදු සත්වයෙකුට හිංසා නොකල බව සිහිකර සත්‍යක්‍රියා කරනා ලෙස උපදෙස් දුන්හ. එම බලයෙන් මවත් දරැවාත් නිරෝගිව දරැ උපත සිදුවිය. අදටද අංගුලිමාල පිරිත ලෙස භාවිත වන්නෙ එම සත්‍යක්‍රියා බලයයි. 
බුදුරදුන් මෙලෙස උපදෙස් දෙන්නේ එකල එම ගැටලුවට විසදුම් දීමට මෙන්ම තුන්කල් බලා මෙකල මෙවැනි උවදුරැ වලටද බුදුවදන් උපදේශ කරගන්නා බව බුදුනුවණින් දැකීමෙනි. 

මෛත්‍රී භාවනා කිරීමෙන් ලැබෙන ප්‍රතිපල ලෙස බුදුරජානන් වහන්සේ දේශනා කර ඇති ඒවා අතරින් 6,7 අංග වන්නේ

6. දෙවියන් විසින් ආරක්ෂා කරනු ලැබීම

7. ගින්නෙන් විෂෙන් හා ආයුද වලින් අනතුරු නොවීම
යන කරුණුය.
සියලු ආකාරයේ අනතුරු වලින් වැළකීමට නිතර මෛත්‍රී භාවනා වඩනා පුද්ගලයා හට අවස්තාව සැලසේ.   මෛත්‍රී භාවනා ලිපිය කියවීමට :- (මෙතන ක්ලික් කරන්න)

මෙම කරැණු හැකිතරම් බෙදාහැර මතු උවදුරැ වලින් හැකිතරම් ජීවිත ගණනක් බේරාගන්න... 

* මෙම කරැනු සාමුහික ලෙස සමාජයක් ලෙස නිතර නිතර ප්‍රගුණ කරයි නම් පරම්පරාවෙන් පරම්පරාවට ක්‍රමයෙන් ආයුශද වර්ධනය වනු ඇත. පරමායුශ අවුරැදු 60 සිට නැවතත් 80, 120, 200 ආදි ලෙස වර්ධනය වී අනාගතයේ ආයුශ වර්ධනය කරගත හැකි තාක්ශණද බිහිවිමටද ආයුශ වර්ධනය වන ආහාරමය ගස්වැල් බිහිවීමද සිදුවනු ඇත. 

* සාමුහිකව සමාජයක් ලෙස අනුගමනය නොකලත් තම පවුලේ සියල්ල එකතු වී හෝ පුරැදු වීමෙන් ධර්මපාල ජාතකයේ මෙන් අකල් මරණ නොලබන දිර්ඝායුශ ලබන පරම්පරාවක් බවට පත්වනු ඇත...

Comments

  1. බොහොම පින් ඔබතුමාට
    තෙරැවන් සරණයි

    ReplyDelete
  2. බුදුබව ලැබීමට මේ පින් හේතු වේවා!

    ReplyDelete
  3. මෝර පිරිත භාවිතා කිරීමත් හොදයි නේද? මේ පිරිතේ උදේට සහ සවසට කියන කොටස් 2කම එකවර කිව්වට කමක් නැහැ නේද? සත්‍යක් ක්‍රියාවක් නිසා.

    ReplyDelete
  4. චතුර රිය සත්ත්ව awaboda karaganna mepin hethu wewa bs

    ReplyDelete
  5. මට ගැටලුවක් තියෙනව යෝගිතුමා මේකෙ?

    *අසංඛ්‍යෙයක් කියන්නෙ අන්තඃකල්ප 64යි.එතකොට අසංඛ්‍යෙය කියන්නෙ 1 බිංදු 140ක් කියල සිංහල භාෂාවෙ තියෙනව.

    එතකොට මේ මහ භද්‍ර කල්පයට අසංඛ්‍යෙය 4යි ඒකෙන් ජීවය පවතින්නෙ අන්තිම විවර්ථස්ථායි කල්පයේ පමණයි.ඒකෙන් දැනට අන්තඃකල්ප 4ක් ගතවෙලා ඉවරයි.

    *එහෙනම් මේ වෙනකොට මිනිස් ආයුෂ අසංඛ්‍යෙයට වැඩි උනු පරම්පරා 4ක් තියෙන්න ඕනෙ.තාම අසංඛ්‍යෙයක් ගත වෙලා ඉවර වෙලා නැති නිසා ඒ අය තාම ජීවත් වෙන්න ඕනෙ.

    *(මන්ධාතු සක්විති රජතුමාගෙ කතාවෙ තියෙනව එතුමා සක්‍ර දෙවිවරු තිස් ගාණක් චුත වෙනකම් තව්තිසාවෙන් අර්ධයක් පාලනය කළාලු.ඔහුගෙ ආයුෂ වර්ෂ අසංඛ්‍යෙයක් )

    **මෙතන අසංඛ්‍යෙයට මිනිස්සු දීපු අර්ථකතනය වැරදිද??

    **නැත්තන් කෝ ඒ මිනිස්සු දැන්?

    ReplyDelete
    Replies
    1. ඊජිප්තුවේ පිරමිඩ පරම්පරා දෙකක් තියෙනවා. එක වර්ගයක් මෑතකාලීන ඒවා. අනිත් පිරමිඩ වල කාලනිර්ණ අයිති වෙන්නේ හෝමෝ සේපියන්ලා හැදෙන්නත් කලින් කාලෙට

      ලංකා ඉතිහාසයේ ඉන්දියා ඉතිහාසයේත් මෑත කාලින අතීතයක් වගේම ඊට වඩා ඉතා පැරණි කාලයක් ගැන ලේඛන තියෙනවා රාමායනය මහාභාරත් වගේ.

      ඒ අගක් මුලක් හොයාගන්න නති නිර්මාණ කලේ ඔය අසංඛ්‍ය අය තමයි.
      මේ ලෝකේ මුල ඉදන් අගට චක්‍රයක් යනවා සරින් සැරේ. බුදුවරයෙක් උපදින වාරයක් ගානේ මුල ඉදන් ඒ චක්රේ යන්න ඕනි. එහෙම වෙන විදියට ලෝක ධර්මතා සකස්වෙලා තියෙන්නේ. එක චක්‍රයක මිනිස්සුන්ගේ ආයුෂ ඉවරවෙන්න කලින් චක්රේ ඉවරවෙනකොට ඒ මිනිස්සුන්ට මේ ලෝකෙන් වෙන ලෝකෙකට යන්න වෙනවා. එකපාරට අතීත ශිෂ්ටාචාර අතුරුදහන් වෙන්නේ ඔහොම තමයි

      Delete
  6. එතකොට යෝගිතුමා ඒ කාලවල ඕපපාතිකව මිනිස්සු උපදිනවනෙ.මිනිස්සුන්ගෙ වර්ණදේහ කට්ටල 2ක් තියෙනව නේ එකක් මවගෙන් අනික පියාගෙන් නෙ.එතකොට ඒ අයටත් ඒ වගේ තියෙනවද?

    ඔය මහා සම්මත සක්විති රජතුමා විදිහට අපේ බෝධිසත්වයො ඉපදුනා කල්පාරම්භයේදී උන්වහන්සේ ඕපපාතිකව ඉපදී තිබෙන්නෙ.

    තෙරුවන් සරණයි!!!

    ReplyDelete
    Replies
    1. ඕපපාතිකව ඉපදිමේදීත් ජාන තියෙනවා වර්ණදේහ කට්ටල දෙකක්

      Delete
  7. හරියට හරි දැන් පේනවනේ කොරොනා..තව ඉස්සරහට ගොඩක් දේවල් වෙයි

    ReplyDelete

Post a Comment