Featured Post

බලන්ගොඩ ආනන්ද මෛත්‍රය හිමියන් වැඩු කුණ්ඩලිනි භාවනා Balangoda Ananda Maithree thero Kundalini Meditation



මතු බුදු වන බෝධිසත්වයන් වහන්සේ නමක්  වන, සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ ප්‍රථම සභාපති, විදුදය විශ්වවිද්‍යාලයේ උපකුලපති, කොළඹ ආනන්ද හා නාලන්දා පාසල් වල ආරම්භක ආචාර්ය මණ්ඩල සභික, සාහිත්‍ය ශුරි, සාහිත්‍ය චක්‍රවර්ති, ත්‍රිපිටක වාගීස්වරාචාර්ය, ආගම චක්‍රවර්ති, ප්‍රවචන විශාරද, මහාමහෝපාධ්‍යාය, රාජකීය පණ්ඩිත, අභිධජ මහා රට්ඨ ගුරු, අග්ග මහා පණ්ඩිත අතිපුජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රය මහනාහිමියන් පිළිබද පොත් පත් කියවා ඇති ඕනෑම අයෙකු උන්වහන්සේ කුන්ඩලිනි චක්‍ර අවදි කල බවත් ධ්‍යාන ලාභී බවත් දන්නා බවට සැකයක් නැත. උන්වහන්සේ හිමාලයේ යෝග වඩන සමයේදී රමණ මහර්ශි ආදී විවිද උසස් යෝගීන් යටතේ යෝග වැඩු බවත් ඉන්දියාවේ යෝගීන් හටවත් පහසුවෙන් දර්ශනය නොවන අවුරුදු 5000ක් වයසැති මහාවතාර් බාබාජි තුමන්ද දර්ශනය වුනු බවත් සාකච්චා තුලදී මහනාහිමියන් හෙළි කල තොරතුරු පරික්ෂා කල විට දක්නට ලැබේ. එමෙන්ම උන්වහන්සේ පෙර භවයේ දේව භවයක සිටි බවත් බුදුදහමේ චිරස්ථිතිය වෙනුවෙන් මෛත්රී මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ නියමයෙන් මෙලොව උපත ලද බවත් ජිවිත තොරතුරු දැක්වීමේදී උන්වහන්සේ හෙළි කර තිබේ. මතු බුදු වීමට පෙරුම් පුරනා උතුමෙකු වන නිසාම අවුරුදු දහස් ගණනක් ආයුෂ විදින ලෝකය ආරක්ෂා කිරීමටත් මිනිසුන් හට පිහිට වීමටත් බැදී සිටින පරම විඥානාර්ථ වාදීන් විසින් මාස්ටර් වරුන් ලෙස හදුන්වන ඍෂි වරුන්ගෙන් පවා බලන්ගොඩ මහනාහිමියන් වැදුම් ලැබූ බව ජිවන තොරතුරු හෙළි කල අවස්ථා වලදී දක්නට ලැබේ. ආනන්ද හිමියන් භාවනා කරනා අවස්ථා වල විවිද උසස් උතුමන් උන්වහන්සේ මුණගැසීමට පැමිණි බවත් එක් දිනක් තමන් වහන්සේ වැඩ සිටි කුටිය පුරා ආලෝකය විහිදුවමින් මාස්ටර් වරුන් ලෙස හදුන්වන ඍෂිවරුන් පැමිණ අභිධර්මය පිළිබද සාකච්චාවක් පැවති බවත් උන්වහන්සේ හෙළිකර තිබේ.
ආනන්ද මෛත්‍රී හිමියන් ජීවමාන සමයේ උන්වහන්සේ ආශ්‍රය කල බොහෝ දෙනෙකු උන්වහන්සේගේ මෙම ශක්තින් ප්‍රායෝගිකවම අත්දැක ඇති අතර උන්වහන්සේගේ යටතේ භාවනා වැඩු අයද  උන්වහන්සේ පිලිබඳ අත්දැකීම් බොහොමයක් අත්දැක තිබේ. 

mahawathar babaji

ධ්‍යාන සමාපත්තීන් මෙන්ම කුණ්ඩලිනි චක්‍ර අවදිවිම්ද සහිත වූ උන්වහන්සේ විද්‍යෝදය පිරිවෙණ (වර්තමාන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) හි ඉගැන්වීම් කරනා කාලයේ ඉගැන්වීම් සිදුකරන අතර ශිෂ්‍යයන්ගේ ඉල්ලීම පරිදි නාහිමියන් දේශන ශාලාව තුල වැඩ හිදියදීම පිරිවෙණෙහි ගේට්ටුව අසල සිටි මුරකරුවා මෝහනය කර දේශන ශාලාව අසලට ගෙන්වාගත් පුවතද එකල අධ්‍යනය ලැබුවන් අතර ප්‍රසිද්ද කරුණකි. එමෙන්ම එක් දිනක් දුම්රියෙන් ගමන් ගන්නා අවස්තාවක සුදු ජාතික ආරයට හැදුනු තරුණයන් දෙදෙනෙක් තමන් ඉදිරියේ වාඩි වී සිටියදී නාහිමියන් පිළිබද තැකීමක් නොකර අගෞරව වන ලෙස කකුල් එක මත එක තබා සිටි නිසා එක් තරුණයෙකුගේ දෙඇස් දෙස බලා සිටිමින් මෝහනය කර ගැඹුරු නින්දකට පත් කල බවත් ගමනාන්තයට පැමිණි පසුවත් අනෙක් තරුණයට ඔහුව අවදි කරගැනීමට නොහැකිව මහත් වෙහෙසක් ගැනීමට සිදුවූ බවත් මහනාහිමියන් පිළිබද තොරතුරු වල දක්නට ලැබේ. මහනාහිමියන් හිමාලයේ වැඩ සිටියදී සෑම දිනම එකම ආහාරය වැළදීමෙන් අපහසුවට පත්වූ නිසා කිරිබත් වැනි ආහාරයක් වැළඳීමට ඇත්නම් හොදයි යයි සිතුනු බවත් ඊලග දිනයේ යෝග ආචාර්ය වරයා උන්වහන්සේගේ සිත කියවා ආහාරය සදහා කිරිබත් වැනි ආහාරය සාදා පිළිගන්වා " ලංකාවේ ආහාර නම් ලබාදෙන්න විදියක් නෑ මෙරටේ තිබෙන ඕනෑම ආහාරයක් නිපදවා දිය හැකි" යයි ප්‍රකාශ කල බවද සාකච්චා වලදී හෙළි කර තිබේ. හිමාලයේ බොහෝ දුර බැහැර ගමන් කිරීමේදීත් බලන්ගොඩ වැඩ සිටිනා කාලයේ දුෂ්කර ගම්මාන වලට ගමන් කිරීමේදීත් අධික අවු රශ්මියෙන් පිඩා විදීමෙන් වැළකීමට යෝග වැඩීමෙන් ශරීරය සිසිල් කරගෙන ගමන් කල බවත් යම් දුරක් ගමන් කිරීමෙන් පසු එම ශක්තිය අඩුවී යන බැවින් ගසක් මුල වාඩිවී භාවනා කර නැවත ශරීරය සිසිල් කරගෙන ගමන් කල බවත් මහනාහිමියන් විසින්ම හෙළි කර තිබේ.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමියන් භාවනා උපකාර කරගෙන තමන් වහන්සේට යෙදීමට තිබුණු මාරක අපලයක් මගහරවාගෙන ආයුෂ දිගු කරගත් බව උන්වහන්සේ සමග කල සාකාච්චා වලදී ප්‍රකාශ කර තිබේ.
""ඉතින්, මම බාරගත් වැඩ කොටස දැන් ඉටුකර හමාරයි. ආයෙත් දිව්‍ය ලෝකෙ යන්න මට වුවමනාවක් නෑ. මනුෂ්‍ය ලෝකෙ ලංකාවෙම උපදින්නයි මට වුවමනා. මගෙන් ඉටුවිය යුතු වැඩ කටයුතු අවසන් නිසා දැන් ජීවත් වුණා ඇතිය කියා මට හිතෙනවා. තව පොත් ටිකක් ලියන්න නම් වුවමනාව තියෙනවා. ඒත් ලෝක ස්වභාවය අනුව ශරීරයට ලෙඩ දුක් වැළඳෙනවා. ඒවා චිත්ත බලයෙන් වළක්වන්න පුළුවන්‍. ඒකට භාවනා කරන්න ඕනෑ. ඒ භාවනා ක්‍රම වැළකුණාම වයස් ගත නිසා ලෙඩ හැදෙනවා. භාවනාවට මාර පාක්ෂිත බාධා පැමිණෙනවා ඉන්දියාවේ හිමාලයේ "ගෞරි බාබා" නමැති යෝගියෙක් ඉන්නවා. වයස අවුරුදු දෙදාහටත් වැඩියි. සමථ භාවනාවයි වඩන්නේ. ආහාරයට ගන්නේ කොළ හා පළතුරු පමණයි. තායිලන්ත කඳුකරයේත් අවුරුදු හාර දහසකට වඩා වයස බෞද්ධ යෝගියෙක් ඉන්නවා. එයා ඉස්සර හින්දු ආගමේ යෝග භාවනා කළ කෙනෙක්. පසුව ගෞතම බුදු හාමුදුරුවන් දැක බෞද්ධ වෙලා. එයත් සමථ භාවනාව දියුණු කළ කෙනෙක්‍. විස්තර පින්තූර සමග තායිලන්ත සඟරාවලත් පළවෙනවා. ඒ තත්ත්වයට එන්න සමථය දියුණු කර සිතෙන් ශරීරය පාලනය කරන්න, ඉන්ද්‍රියයන් ආණ්ඩු කරන්න තරමට චිත්ත බලය වර්ධනය කරන්න ඕනෑ. ජීවත්වීමේ ආශාව තියෙන අය එහෙම කරනවා. ඒ අයට හුඟක් කල් ජීවත්වෙන්න පුළුවන්. මටත් මැරෙන්න නියමිතව තිබුණේ 1983. භාවනා ක්‍රමවලින් මම ඒ මාරක අපලය පැන්නුවා. ඒ අපලයට මගේ දණහිසේ අමාරුවක් හැදිලා මාස ගණනක් ගතවුණා සනීප වෙන්න. බුදුහාමුදුරුවන්ටත් කල්පයක් කල් ඉන්න තිබුණා කියන්නේ ඒකයි. කල්පයක් කල් වැඩ ඉන්න කියා ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළේ වසවර්ති මාරයා නිසා. ආනන්ද හාමුදුරුවන්ට එළැඹ සිටි සිහියෙන් ඉන්න වසවර්ති මාරයා ඉඩ දුන්නේ නෑ. ආනන්ද හාමුදුරුවෝ එළැඹ සිටි සිහියෙන් සිටියා නම් ඒක සිදුවෙන්නේ නෑ. මාරයා බාධා කළා. වේලාව මගහැරුණා. බුදු හාමුදුරුවොත් ඒ ගැන ක්‍රියාකළේ නෑ. බුදුවන වෙලාවේ වසවත් මරු ආරාධනා කළ විට "සාසනය පිහිටුවනතුරු" කියා මාරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළානෙ. දැන් ඉතින් සාසනය පිහිටුවා අවසන් නිසා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා. ඉතින් අපට මාරයා කරදර කරන එක පුදුමයක්ද? මාරයාගේ ගෝලයොත් ඒ වගේමයි. මමත් පහුගිය කාලෙ යෝග භාවනා දියුණු කළා. පූර්වාත්ම හා පරසිත් දන්නා තත්ත්වයට ආවා. පිරිවෙන ගෝලයින්ට බාරදීලා භාවනාව තවදුරටත් දියුණු කරගන්න වෙනම කුටියකට වී භාවනා කරන්න පටන් ගත්තා. හරියටම වෙලාවටම පොළොන් තෙලිස්සෙක් ඇවිත් මගේ කකුල හැපුවා. ඒ සතාව එතැනට ගෙනත් දැම්මේ මාර දිව්‍ය පුත්‍රයෙක්. ඒ සතා කකුල කාපු අමාරුවට මම මාස තුනක් ඇඳේ දුක් වින්දා. මාස තුනක් එහෙම ඉන්නකොට භාවනාව මග හැරුණා. විපස්සනාව නම් එහෙම වෙන්නෙ නෑ. මම සංඛාර උපේක්ඛා ඥානය දක්වා සිත දියුණු කරලයි හිටියේ. ඊට එහා ගියා නම් සෝවාන් වෙනවා. මට එයින් එහාට යන්න බැරිවුණේ මගේ ප්‍රාර්ථනයක්, අධිෂ්ඨානයක් තියෙන නිසයි. මාරයා විපස්සනාවට විරුද්ධ නෑ. සමථය වඩන විට තමයි කරදර කරන්නේ. මම පූර්වාත්ම දුටු හැකියාවෙන් පහුගිය භවයන්හි විස්තර බැලුවා. මම ගෞතම බුදුහාමුදුරුවන් දැක්කා. උන් වහන්සේ පිටදුන් ජයසිරි මහා බෝධීන් වහන්සේට අධිගෘහිත වෘක්ෂ දේවතාවෙක් වෙලයි මම හිටියේ. බුදුහාමුදුරුවන්ට ආවතේව කළා. ඊට අවුරුදු දෙසීයකට පසු අසන්ධිමිත්‍රා ඒ බෝධිය කැපූ වෙලාවේ මමත් මැරුණා. මැරී අශෝක රජුගේ අග්‍රාමාත්‍යයාගේ පුත්‍රයා වී උපන්නා. ධර්මාශෝක අධිරාජයාගේ ධර්ම දූත වැඩවලට සහයෝගය දෙමින් කටයුතු කළා. ඒ කාලේ සිටම මම බුදු බව පතමිනුයි හිටියේ යැයිද ආනන්ද මෛත්‍රිය මහ නාහිමියෝ සිය අතීත ජන්ම කතාව අවසන් කළහ.
(බළංගොඩ හාමුදුරුවෝ ග්‍රන්ථයෙන් උපුටා ගැනුණි.)""

මේ ආකාරයෙන් බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් ධ්‍යාන හා කුන්ඩලිනි ශක්තින් මගින් ප්‍රයෝජන ලබාගත් අවස්ථා සිය  ගණනක් දක්නට ලැබේ.



භාවනාවට අමතරව මෝහනයද ප්‍රගුණ කල උන්වහන්සේ ස්වයන් මෝහනය අත්හදා බැලීමේදී මෝහන නිද්‍රාවට පත්වී මනෝකාය සිරුරෙන් පිටතට ගත් බවත් පිටුපස හැරී බලනවිට තමන්ගේම සිරුර භාවනා ආසනයෙන් තිබෙනු දැක ඒ දෙස බලා සිටියදී රාත්‍රී කාලයේ යක්ෂයන් සැරිසරන බැවින් යක්ෂයෙකු සිරුර තුලට ඇතුල් විය හැකි බව සිහිවී වහාම නැවත සිරුරට ආ බවත් සාකච්චා තුලදී ප්‍රකාශ කර තිබේ.

මෙම කරුණු නිසාම අවුරුදු ගණනාවක සිට මා විසින් උන්වහන්සේ වැඩු භාවනා ක්‍රම දැනුවත් වීමට උත්සහ කල අතර මිට අවුරුදු 8කට පමණ පෙර උන්වහසේගේ සාකච්චා සහිත ග්‍රන්තයක තිබී උන්වහන්සේ වැඩු භාවනා පොතක් ලෙස සැකසු බව කියවීමට ලැබුණි. එම ග්‍රන්ථය ලංකාව පුරා පොත්සල් වල සොයාගත නොහැකිව ආනන්ද මෛත්‍රී හිමියන් වාසය කල බලන්ගොඩ පන්සලටද ගොස් එහි වර්තමාන නායක හිමියන් හමුවී එහි පුස්තකාලයද සම්පුර්ණයෙන් පරික්ෂා කලද එම ග්‍රන්ථය සොයාගැනීමට නොහැකි වුනි. එහෙත් වාසනාවකට මෙන් මෑත කාලීනව ප්‍රකාශයට පත්වූ බලන්ගොඩ හිමියන් පිලිබදවත් නාඩි වාක්‍ය පිලිබදවත් විශ්මිත තොරතුරු අඩංගු " ඉසිවරුන් දුටු මගේ බව ගමන 1" කෘතිය පරිශීලනය කිරීමේදී එම ග්‍රන්ථයේ රචක මෛත්‍රී රත්නායක මහතා හට ආනන්ද මෛත්‍රී හිමියන් විසින් ලබාදුන් උන්වහන්සේ වැඩු භාවනා ක්‍රම ඇතුලත් ග්‍රන්ථයේ චායා පිටපත කියවීමට ලැබුණි. බලන්ගොඩ හිමියන් විසින් එම පිටපත ඒ මහතා වෙත ලබාදිමේදීද හැකිනම් එය පසුකාලීනව මුද්‍රණය කරන ලෙස දන්වා ඇති අතර ඔහුගේ ග්‍රන්ථය තුල එම භාවනා ක්‍රම සියල්ල අඩංගු කර ඇත. බලන්ගොඩ ආනන්ද හිමියන් වඩා ප්‍රතිපල ලත් එම භාවනා ක්‍රම මෛත්‍රී රත්නායක මහතාගේ ඉසිවරුන් දුටු මගේ බව ගමන 1 ග්‍රන්ථයෙන් උපුටා මෙම ලිපියේ පලකරනු ලැබේ.



භාවනා කිරීම

1) සුඛාසනයෙන් හෝ පද්මාසනයෙන් වාඩිවෙන්න
ඔබත් බිත්තියත් අතර අඩියක් පමණ පරතරයක් තිබෙන පරිදි උතුරු දෙසට හැරී  වාඩිවෙන්න
රුපියලේ කාසියක ප්‍රමාණය ඇති කළු පැහැති තිතක් (ලපයක්) සාදා එය ඔබේ ඇසට හරි කෙලින් තිබෙන ලෙස බිත්තියේ එල්ලන්න.(අලවන්න )
හරි කෙලින් වාඩිවී කළු ලපය දෙස උවමනාවෙන් බලන්න
ඇස වෙහෙසවන පරිදි නොව සාමාන්‍යයෙන් බලන ලෙස ඇසිපිය නොහෙලා බලා සිටින්න
කඳුළු ගැලුවොත් කදුළු ඉවත් වන ලෙස ඇසිපිය හෙලා නැවත ලපය දෙස බලා සිටින්න
මෙලෙස විනාඩි 15 - 20 පමණ කාලයක් දිනපතා කරන්න

විනාඩි 15 - 20 දක්වා වෙලාවක් කදුළු නොසලා ඇසිපිය නොහෙලා එකදිගට බලාසිටිය හැකිවීමෙන් හෝ
ඔබේ ඇස් දෙක හා කළු ලපය අතර නොකැඩුණු ආලෝක ධාරාවක් ඇතිබව ඔබට පැහැදිලි වුවහොත් හෝ
කළු ලපය මත ඇති ආලෝකය නිසල වුවහොත්
ඔබේ ව්‍යායාමය සම්පුර්ණ වූ බව ඔබට පිළිගත හැකිය


මුලික ව්‍යායාමය 
මහපටගිල්ලෙන් දකුණු නාස් පුඩුව වසන්න. වම නාස් පුඩුවෙන් හුස්ම ගන්න. වාතය ඇතුලත නොරදවා ගෙන එක්වරම වම නාස් පුඩුව වසා දකුණු නාස් පුඩුවෙන් පිට කරන්න. නැවත වම නාස් පුඩුවෙන් හුස්ම ගෙන දකුණු නාස් පුඩුවෙන් පිට කරන්න. මෙලෙස හත් වරක් සිදුකරන්න. මෙය සෙමින් ක්‍රම ක්‍රමයෙන් සිදුකරන්න. ඔබට හැකි පමණ මේ ව්‍යායාමය කරන්න. අපහසුතාවෙන් නොකරන්න. ඔබට අපහසුතාවක් නොදැනේ නම් 28 වතාවක් දක්වා ( ආශ්වාස 14 ප්‍රශ්වාස 14) වැඩි කරගත හැකිය. මෙහිදී හුස්ම ඇතුලත රදවා නොගත යුතුය. මෙය අවම වශයෙන් දිනකට 3 හෝ 4 වතාවක් ඕනෑම වෙලාවක කල හැකිය. ආහාර ගත විගස නොකළ යුතුය. හත යෝග ප්‍රදීපිකාවේ මේ ව්‍යායාමය භාශ්රික යයි නම් කර ඇත. මෙය සතියක් කරන්න


2) දැන් ප්‍රානයාමය ආරම්භ කරන්න


මෙය කොටස් තුනකින් සමන්විතය.
හුස්ම ගැනීම
හුස්ම රදවාගැනීම
හුස්ම හෙලීම යනුවෙනි.
දකුණු නාස් පුඩුව මහපටගිල්ලෙන් වසාගන්න. ඔබේ පෙනහළු වාතයෙන් පිරෙන තුරු වම නාස් පුඩුවෙන් ඉතා සෙමින් හුස්ම ගන්න. තත්පර 5ක් හුස්ම ගැනීමට වැය කර තත්පර දහයක් හුස්ම ඇතුලත රදවාගන්න. [ මෙසේ කිරීමෙන් තත්පර පහක් ඇතුලත රදවාගැනීමත් තත්පර පහක් පිටත හෙළීමත් සිදුවේ.]
මෙය ඔබේ ව්‍යායාමයේ පළමු අවධියයි. ඔබ ආශ්වාස කරන විටත් ප්‍රශ්වාස කරන විටත් "ඕම්" ශබ්දය ඒ තුලින් නිපදවීම ගැන සිතමින් මෙය කරන්න. ඔබ තුලින් "ඕම් " ශබ්දය නිකුත් වේ දැයි සොයා බැලීමට උත්සහ කරන්න. ඔබේ සිත හැකිතාක් දුරට එම ශබ්දය කෙරෙහිම රදවාගැනීමට උත්සාහ කරන්න.

* මෙහි [ ] තුල දක්වා ඇති කොටස තරමක් ගැටලුකාරී වේ. බලන්ගොඩ නාහිමියන් ඉංග්‍රීසි බසින් අතින් ලියු මෙම තොරතුරු පරිවර්තනය කිරීමේදී යම් ගැටලුකාරී තත්වයක් ඇතිවී තිබිය හැක. මෙහිදී හුස්ම පිට කල යුත්තේ කුමන නාස් පුදුවෙන්ද යන්න සදහන් නැත.
ප්‍රාණයාම සිදුකිරීමේදී නාස් පුඩු හුවමාරු කරන බැවින් මෙහිදී පිට කරනා නාස් පුඩුව දකුණු නාස් පුඩුව විය යුතුය.
එසේම හුස්ම රදවාගන්නා කාලය තත්පර 10ක්ද හුස්ම පිටකරනා කාලය තත්පර 5ක් විය යුතුය.
ප්‍රාණ යාම පිළිබද ලිපිය කියවීමට (මෙතන ක්ලික් කරන්න )

3) දෙවන අවධිය
හුස්ම ගැනීම රදවාගැනීම හා පිටකිරීමට ගතකරන කාලය වැඩිකරන්න.
හුස්ම ගැනීමට තත්පර 7 - 10 දක්වා කාලයක්
ඇතුලත රදවාගැනීමට තත්පර 15ක් පමණ කාලයක්
හුස්ම හෙලීමට තත්පර 7 - 10 දක්වා කාලයක් ගත කරන්න.
කිසිම විටෙක ඉක්මන් නොවන්න. ක්‍රමයෙන් කාලය වැඩිකරන්න. සති දෙකකින් පමණ මෙම අවස්ථාවන් සම්පුර්ණ කරගත හැකි වනු ඇත.
ප්‍රාණයාම ව්‍යායාම් සෑම අවධියේම ඕම් ශබ්දය කෙරෙහි සිත සමාධිගත කිරීම අවශ්‍යය.

4) තෙවන අවධිය
ක්‍රමයෙන් කාලය වැඩි කරන්න
තත්පර 10 - 15 අතර කාලයක් හුස්ම ගැනීමත්
තත්පර 15 - 20 අතර කාලයක් හුස්ම රදවාගැනීමත්
කල හැකි නම් තෙවන අවධිය සම්පුර්ණ කල බව සැලකිය හැකිය. දෙවන අවධිය සම්පුර්ණ කර සතියක් හෝ දෙකක් තුලදී තෙවන අවධිය සම්පුර්ණ කල හැකිවේ. මේ අවධියේදී නහරවල යම් සෙලවීමක් දැනෙනු ඇත. නොනවත්වාම ව්‍යායාමයේ යෙදෙන්න.

5) සිව්වන අවධිය
කාලය තවදුරටත් වැඩිකරන්න.
හුස්ම ගැනීමට තත්පර 30
රදවාගැනීමට තත්පර 60
හුස්ම හෙලීමට තත්පර 30 කාලයක් ගත කරන්න. මෙම කාලවේලාවන් සම්පුර්ණ කල හැකි විට මේ අවධිය සාර්ථක බව සැලකිය හැකිය.

මේ සියලු අවදි ඔබේ ස්ථිර ආ විධිමත් පුහුණුවීම් මගින් සම්පුර්ණ කලවිට ඔබට ඔබ තුලම පුදුම සහගත වෙනස්වීමක් දක්නට ලැබෙනු ඇත. ඔබේ මුහුණ පැහැපත් වනු ඇත. චරිත ස්වභාවයේ ආකර්ෂණ ශක්තියක් ඇතිවනු ඇත. කටහඩේ අනුන් වසග කරගැනීමේ ශක්තියක් ඇතිවනු ඇත. දෙනෙතෙහි ආකර්ෂණ ශක්තියක් දිස්වනු ඇත. මිනිසුන් ඔබ කෙරෙහි වසඟ වනු ඇත. ඔබට අන් අය මෝහනය කල හැකි වනු ඇත. ලෙඩරෝග සුවකිරීමේ කලාව ප්‍රගුණ කල හැකි වනු ඇත.
මේ ව්‍යායාම් අතරතුර කිරිමොරු (butter - milk ) සහ පලතුරු වැඩි වශයෙන් ගත යුතුය. ගම්මිරිස්, තෙල් කෑම , මස්, ඇඹුල් වර්ග වලින් වැළකිය යුතුය. හැකිතාක් දුරට බ්‍රහ්මචාරීව විසිය යුතුය.


උසස් ව්‍යායාම

පළමුවන ව්‍යායාමය
ඔබේ මේසය ඉදිරිපිට පුටුවක වාඩිවන්න . ඔබ ඉදිරියෙන් කැඩපතක් තබාගෙන ඔබේ ඇහි බැම දෙස බලා සිටින්න. එහෙත් ඔබේ ඇස් දෙස නොබලන්න. ඇසිපිය නොහෙලා බලාසිටින්න. ඇසට කදුළු එනවිට ඒවා ඉවත් වන ලෙස ඇසිපිය හෙලා නැවත බලාසිටින්න.
ඔබට ඇසිපිය නොහෙළා ඇහිබැම දෙස විනාඩි 20ක් හෝ ඊට වැඩි කාලයක් හැකිනම් මේ ව්‍යායාමය සම්පුර්ණ කල බව සලකන්න.
මිට පෙර ව්‍යායාමය සම්පුර්ණ කර තිබේ නම් මෙය සම්පුර්ණ කිරීමට ගතවන්නේ ටික දිනකි. සඳ ඇති රැයක සඳ දෙස බලා සිටීමෙන් මෙය සිදුකල හැකිය. මෙමගින් ඔබේ ඇස් පෙනීම දියුණු වේ. ඔබේ ඇස් වල ආකර්ෂණ ශක්තියක් (අනුන් තමා වෙත ඇදගැනීමේ ශක්තියක් ) ඇතිවේ.

දෙවන ව්‍යායාමය
ඔබ පුහුණු වන කාමරය තුල සුපුරුදු ලෙස වාඩිවන්න. පපුව පිට බෙල්ල හොදින් කෙලින් තබාගන්න. දෙඇස් වසාගන්න. ඔබේ මනසේ ඇති සිතුවිලි සියල්ලම ඉවත් කරන්න. ඔබේ මනස ඉදිරිපිට ඔබ වඩාත්ම ආදරය කරන තැනැත්තාගේ රුපය මවාගන්න. මෙම රුව දෙස ගෞරව සහිතව අවධානය යොමුකර විනාඩි 5 සිට 15 දක්වා ඒ දෙස බලා සිටිමින් මේ ව්‍යායාමය අරඹන්න.

මානසික රුපයක් මවාගන්න. එය පැහැදිලිව ස්ථිරව ඔබ මනස ඉදිරියේ තබාගැනීමට උත්සහ කරන්න. ඒ රුපය කෙරෙහි අවධානය යොමු කරන්න. මුලදී එය ස්ථිරව පැහැදිලිව තබාගැනීමට අපොහොසත් විය හැක. එහෙත් සිත අධෛර්ය කර නොගන්න. යමක් නැවත නැවත කිරීමෙන් විශාල බලයක් ඇතිවේ. ඉක්මනින් හෝ කල්ගත වී මේ රුපය ඔබේ මනස ඉදිරියේ පැහැදිලිව ස්ථිරව තබාගැනීමට ඔබ පොහොසත් වනු ඇත. මෙම රුපය විනාඩි 20 - 30 අතර කාලයක් ස්ථිරව පැහැදිලිව මනසේ රදවාගැනීමට හැකිනම් මේ ව්‍යයාමයද සම්පුර්ණ ලෙස සලකන්න.

(බුදුරුව දර්ශනය වන බුද්ධානුස්සති කමටහන ලිපියේ මා ඉදිරිපත් කල භාවනාවද මෙයට සමාන භාවනාවකි. එම ලිපිය කියවීමට (මෙතන ක්ලික් කරන්න))


තුන්වන ව්‍යායාමය
ඇස් වසාගන්න. ඔබේ අවධානය නාසයේ පහල කෙළවරට යොමුකරන්න. මෙලෙස ටික වෙලාවක් ඒ කෙරෙහි සිත එකඟ කරන්න. ටික දිනක් මෙසේ කරනවිට ඔබට නොයෙකුත් සුවද දැනෙන බව හැගෙනු ඇත. ඔබේ ආඝ්‍රාන ශක්තිය බොහෝ දියුණු වනු ඇත. එනිසා අන් අයට නොදැනෙන නොයෙක් සුවද ඔබට දැනෙනු ඇත.
මේ ලෙසම දිවේ මුල කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඔබගේ රස දැනීමේ හැකියාව බොහෝ දියුණු වනු ඇත.
මේ හැකියාවන් දියුණු වන අතර ඔබේ සිතද එකඟව තබාගැනීමට හැකිවනු ඇත.


හතර වන ව්‍යායාමය 
ඔබට පහසු ඉරියව්වකින් සිටින්න. සිතෙහි ඇති සියලුම සිතුවිලි ඉවත් කර ඇස් වසාගන්න. මනසින් ඕම් ශබ්දය අසන්න. එය කටින් නොකියා එය ඔබට ඇසෙන බව මෙනෙහි කරන්න. ඔබ හුස්ම ගන්නා විටත් හුස්ම පිටකරන විටත් මේ වචනය ඔබට ඇසෙන බව මෙනෙහි කරන්න. ඔබට මනසින් ඇසෙන ඒ ඕම් ශබ්දය කෙරෙහි ඔබේ අවධානය විනාඩි 15 - 20 පමණ යොමුකරන්න. ඔබේ හදවතින් මෙම ඕම් හඬ එන බව මෙනෙහි කරන්න.

ඔබ හුස්ම ගන්නා විටත් පිටකරන විටත් මෙම ඕම් ශබ්දය දෝංකාර දෙන බව ඔබට හැගී යනු ඇත. ඔබේ මුළු අවධානයම ඒ දෝංකාරය ඇසීමට යොමුකරන්න. ඔබ දැඩි ලෙස උත්සහ කලොත් මේ ව්‍යායාමය කරන අතරතුර ඕම් ශබ්දය හැර වෙනත් කිසිම ශබ්දයක් නොඇසෙන බව හැගී යනු ඇත.

මෙහි ප්‍රතිපලයක් ලෙස ඔබ තුල අමුතු සතුටක් ඇතිවන බව දැනෙනු ඇත. මෙමගින් ඔබේ සතුට ඔබ තුල පැතිරී යනු ඇත. කටහඬ මිහිරි වනු ඇත. පෙර නොතිබූ ලෙස කටහඬ ආකර්ශනිය වනු ඇත.


පස්වන ව්‍යායාමය 
ඔබ පුහුණු වන කාමරය තුල වාඩිවන්න. ඔබේ සිතට කිසිම සිතුවිල්ලක් පහල වීමට ඉඩ නොදෙන්න. යම්කිසි සිතුවිල්ලක් පහල වූ වහාම එය පලවා හැරීමට උත්සාහ කරන්න. ඔබේ සිත හිස්ව තබාගන්න.

ඔබට විනාඩි 15 - 20 දක්වා කාලයක් ඔබේ සිත හිස්ව තබාගත හැකිවුවිට මෙය සම්පුර්ණ කළා වේ. අභ්‍යන්තර සාමය අත්පත් කරගැනීමට ඉතාම සුදුසු ව්‍යායාමය මෙයයි.

මා විසින් මිට පෙර පලකල අනිමිත්ත භාවනාව හිදීද සිදුකරන්නේ මෙයයි. අනිමිත්ත භාවනා ලිපිය කියවීමට (මෙතන ක්ලික් කරන්න)


හයවන ව්‍යායාමය
සුපුරුදු ලෙස වාඩිවන්න. ඔබේ හදවත නොපිබිදුනු ඉතාම පැහැදිලි දීප්තිමත් නීල වර්ණ ආලෝක ධාරා ඉන් පිටවන බව ඔබට දැනෙන්න අරින්න. එහි ප්‍රතිපලයක් ලෙස ඔබ තුල සතුටක් ඇතිවන බව දැනෙන්න අරින්න. ඔබ තුල ඇතිවන සියලුම සිතුවිලි පලවා හැර ඒ කෙරෙහිම සිත සම්පුර්ණයෙන් එකඟ කර විනාඩි 15 - 30 කාලයක් අතර සිටිය හැකිනම් මේ ව්‍යායාමය සම්පුර්ණ බව සැලකිය හැකිය.
ඔබේ හදවතින් පිටවන මේ දීප්තිමත් ආලෝකය කෙරෙහි ඔබේ මනස සම්පුර්ණයෙන් යොමුකළ විට බාහිර වශයෙන් ඔබ සිහි නැති තත්ත්වයට පත්වනු ඇත. ඔබේ ඇතුලත සම්පුර්ණයෙන් අව්ධිවනු ඇත. ඔබේ ශරීර අභ්‍යන්තර ක්‍රියාදාමය ඔබට කැමති අයුරින් සිදුවනු ඇත. විස්තර කල නොහැකි සතුටක් ඔබ තුල ඇතිවන බව දැනෙනු ඇත.
නිරන්තරයෙන් මේ ව්‍යායාමයේ යෙදීමෙන් අතීතය අනාගතය වර්තමානය දැනගත හැකි තත්වයට පත්වනු ඇත.



උදෑසන ඔබේ කටයුතු වලට නික්මිමට පෙර හෝ විවේකි අවස්ථා වල හෝ මෙම වාක්‍යයන් තෙවරක් හෝ ඔබට හැකි වාර ගණනක් සිතින් කියවන්න. එසේ කිරීමෙන් ඔබට සතුටක් මෙන්ම පහසුවක් දැනෙනු ඇත.

යෝජනාවන්
1. මම සාම විටම ක්‍රමානුකුලව කටයුතු කරමි. කිසිම විටෙක කම්මැලිකම මා වෙතට ඒමට ඉඩ නොදෙමි. මම සාම විටම මගේ වැඩවල ස්වාමියා වෙමි.
2. යහපත් මෙන්ම අයහපත් වාතාවරණ තුලදී මම මා පාලනය කරගනිමි.
3. මම කිසිම මට  අහිතකර වාතාවරණ තුලදී බිය නොවෙනි. ධෛර්යයෙන් හා සතුටින් ඒවාට මුහුණදෙමි.
4. මම කිසිවිටෙක කලබල නොවෙමි. කෝපයට හෝ නොරිස්සිමට මා තුල කිසිම විටෙක ඉඩක් නොදෙමි.
5. මම කිසිම විටෙක නොපැකිළෙමි. අවිනිශ්චිත නොවෙමි. මම කල යුතු දේ ඉක්මණින්ම තීරණය කරමි. ඒ අනුව කටයුතු කරමි.
6. මම මගේ වැඩසටහන හෝ කිරීමට බලාපොරොත්තු වන දේ ඉතා දැඩි ලෙස ක්‍රියාවට නගමි.
7. මම මගේ කටයුතු වලදී සෑමවිටම අනුන්ට සත්‍යවාදී වෙමි. අවංක වෙමි.
8. මම කිසිම විටෙක කෙනෙකුට අකාරුණික නොවෙමි. මම සියලු දෙනාම නොපැකිලව මුණගැසෙමි. ඔවුන්ට කාරුණික ප්‍රිය සුහද වචනයෙන් කතාකරමි.
9. මම මගේ එදිනෙද ජීවිතයේදී මෙම ප්‍රතිපත්ති පිළිපදිමි. මා මෙම ප්‍රතිපත්ති වලින් වෙනස් කිරීමට කිසිම බලවේගයකට නොහැකිවනු ඇත.

( ඉහත දැක්වෙන වාක්‍ය මුද්‍රණය කොට බෙදාහැරීමද කාර්යාල වල ප්‍රදර්ශනය කිරීමද මැනවි.)



රෝග ඉවත් කිරීමේ පුහුණුවීම් 

සුපුරුදු ලෙස වාඩිවන්න. "ප්‍රාණ"යට අමතන්න. හුස්ම ගන්නා ගමන් මෙසේ සිතන්න.
"ඉතාම නිදහස් තත්වයක පිටවී මා වටා ඇති ප්‍රාණය, මා තුලට [චුම්භක ශක්තිය] හෝ රෝග සුවපත් කිරීමේ ශක්තිය පිටතින් මා තුලට ගෙන එන්න.
එතැන් සිට ඒ ශක්තිය මා පිරිසිදු කරයි. සියලුම රෝගාබාධ හා ගිලන් බව මා කෙරෙන් ඉවත් කරයි.
( [ ] චුම්භක ශක්තිය ලෙස සදහන් වී ඇති දෙය ආකර්ෂණ ශක්තිය විය යුතුය.)

තත්පර කීපයක් හෝ ඔබට අපහසුවක් නැතිව හැකි තරම් කාලයක් ඔබ තුල හුස්ම රදවාගන්න. ඒ අතර මුලින් කි යෝජනාවන් කෙරෙහි ඔබේ මුළු අවධානයම යොමු කරන්න.

දැන් හුස්ම පිටකරන්න. එසේ කරන ගමන් මෙසේ සිතන්න "මම මා තුල ඇති සියලුම අපවිත්‍ර දෑ හා සියලුම රෝගාබාධ මගේ සිරුරින් පිටකරමි. ප්‍රාණය ඒවා පලවාහැරීමට පටන්ගෙන ඇත. ඒවාට තවදුරටත් මා තුල රැදිසිටිය නොහැක.

මෙලෙස නැවත නැවත හුස්ම ඉහල පහල හෙලමින් ඉහත යෝජනා වලට අවධානය යොමු කරන්න. ඒ අතර ඔබට අවශ්‍ය පරිදි ඔබ හැඩගැසෙන බව සිතන්න. ඇත්ත වශයෙන්ම ඔබ තුල ඇති දුර්වලකම්, රෝග ආදී සියල්ලම ඉවතට විසිවී ඇති බව ඔබට හැගී යනු ඇත.

මේ ව්‍යායාමය විනාඩි 10 -20 දක්වා කල පසුව නවත්වන්න.

ඉන් පසුව ඔබට කැමති අයුරින් ඔබේ රූපය මානසිකව මවාගන්න. මෙය දිනපතා පුහුණුවන්න.

[ඔබ ධනවතෙකු ලෙස සිටින බව සිතින් දැකීම , නිරෝගිව සිටීම ආදිය මෙන්ම ධ්‍යාන ලාභියෙකු හෝ ඊට ඉහල තත්වයකට පත්වී සිටින ආකාරය මානසිකව මවාගන්න. කහ හෝ රන්වන් පැහැයෙන් දිදුලමින් සිටින ආකාරයෙන් මවාගැනීම වඩා සුදුසුය.
මා විසින් මිට පෙර පලකල ධනාත්මක චින්තනය  (click here to read) හා සෞභාග්‍ය අභ්‍යාසය  (click here to read) ලිපිය තුලද ඇතුලත් කල අභ්‍යාස මෙම අභ්‍යාස වලට බොහෝදුරට සමානය.]


පුහුණුව 
1) ඔබේ පුජාසනය ඉදිරිපිට උතුරු දිශාව බලා පහසු ඉරියව්වකින් වාඩිවන්න. උසස් ගුප්ත බලයන් කෙරෙහි ඔබේ ගත හා සිත පත් කරගැනීම සදහා පහත සදහන් දේ නැවත නැවත ප්‍රගුණ කරන්න. මෙය ඔබට හඬගා හෝ සිතින් හෝ කටපාඩම් වනතුරු සාමාන්‍ය ලෙස හෝ කියවිය හැකිය.

"විශ්වයේ උසස් විෂයයන් වන සත්‍යයේත් සුන්දරත්වයේත් යහපතේත් නැණවත් බවේත් සැඟවුණු මුලධර්ම කෙරෙහි මම දැන් මා කැපකරමි. විශ්වය පිළිබද සැගවුණු ගුප්ත බලයන් මම දැන් මා වෙත ඇදගනිමි. මම දැන් ඉතා බලවත් වෙමි.

මගේ මොළයේ සෛලවලටත් මගේ ශරීරයටත් දැන් ක්‍රියාශීලි ජීව බලය හා ශක්තිය කවන ලෙස විශ්ව ශක්තියේ සැගවුණු බලයෙන් මා ඉල්ලමි

මම මගේ මොලයේ හා ශරීරයේ සෑම පිබිදිමකින්ම ජිවය පැහැදිලිව සටහන් කරමි. මම දැන් ඉතාම සජීවී ලෙස ක්‍රියාශීලි වෙමි. නිරෝගී වෙමි. ශක්තිමත් වෙමි. ක්‍රියාශීලි බවින් තරුණ වෙමි, බලවත් වෙමි.

දැන් විශ්වයේ උසස් බලයන්ට මම ආයාචනා කරමි. සියලුම සරු බව හා සමෘද්ධිය නිපදවන මැවීමේ මුලධර්මයන් වෙත මම දැන් පැමිණ සිටිමි.


2) ඉහත සදහන් ආයාචනය කියවා ඉවර වූ පසු නිහඩ භාවනාවේ විනාඩි කිහිපයක් යෙදෙන්න. ඔබේ මනස, ශරීරය හා ආත්මය විශ්වය පිළිබද බලයෙන් නහවමින් සුර්යයාගේ රන්වන් ආලෝකය පෘථිවිය දෙසට ගලන ආකාරය මනසින් දකින්න. ඔබ රන්වන් ආලෝකයේ වේගවත් සුලියක් මැද සිටගෙන සිටින ආකාරය මනසින් මවාගෙන දහ වතාවක් හුස්ම ගන්න, හුස්ම සෙමින් පිටකරන්න.
ඔබේ මනසේ සියලුම සෛල අතරින් හා ශරීරයෙන් මේ ආලෝකය ගලායන සැටි දකිමින් පහත සදහන් ආයාචනය නැවත නැවත කියවන්න.



" මගේ මොළයේ සෑම සෛලයක් තුලින්ම හා ශරීරයෙන් සැගවුණු බලයේ රන්වන් ආලෝකය මම දැන් උරාගනිමි. මම සැගවුණු බලයේ අතිවිශාල තාරකා මණ්ඩලයේ කේන්ද්‍රයක් වෙමි. මගේ මනසේ උසස් මධ්‍යස්ථාන වලින් ඒවා පැහැදිලිව සටහන් කරමි. එයින් මට අනන්ත බලයක් ලැබේ. සියලුම රහස් දැනගත හැකිවේ. ඉතා බලවත් විය හැකිවේ. ප්‍රාතිහාර්ය පෑමට හැකිවේ.

දැන් ඉටිපන්දම දල්වා ඒ ඉදිරිපිට වාඩිවී ටික වෙලාවක් සම්පුර්ණ නිශ්ශබ්දතාවෙන් සිටින්න. විශ්වය පිලිබදව වූ ආකරයෙන් නිකුත් කරන උසස් මනස පිළිබද ගැස්ම  ඔබේ මනසට ඉක්මණින් තේරුම් ගැනීමට ඉඩහරින්න.

ඔබ ඔබේ මනස හිස් කරනවිට රූප හා සිතුවිලි ඔබේ මනසේ කේන්ද්‍රවලට ගලා එනු ඇත. මේවා සොබාදහම අනුව සිදුවන ඒවා විය හැකිය. මේ මගින් ඔබට භාවිත කල හැකි වැදගත් තොරතුරු දැනගත හැකි වනු ඇත. ඔබ ගැඹුරු භාවනා තත්වයකට පත්වන තුරු වෙනස් මනස්වල උසස් සිතුවිලි බලයන් මත ඔබ මෙය නොනවත්වා කරගෙන යන්න. එමගින් ඔබට ඔබේ යහපත සලසන රහස් දැනගත හැකි වනු ඇත.

නිශ්ශබ්දව වාඩිවී සිටිමින් නියත උපදෙස් හෝ මගපෙන්වීම් ඉල්ලන්න. ඔබේ භාවනාවේදී ඔබට ලිඛිත ආයාචනා මගින් උපදෙස් ඉල්විය හැකිය. ඒවා මෙවැනි ප්‍රශ්න විය හැකිය;

"මගේ ගැටළුව විසදාගත හැක්කේ කෙසේද?
මිට වඩා හොද රැකියාවක් සම්බන්ධව සෙවිය යුත්තේ කොහෙද?
මගේ බිල් ගෙවීමට අවශ්‍ය රුපියල් 10000 ක මුදල ලබාගන්නේ කෙසේද?
මේ තැනැත්තා මගේ අනාගත විවාහයට ගැලපේද?
මා ජීවත්විය යුත්තේ නගරයේද ගමේද?



මෙම ධර්ම දානය මගින් අත්වන පින් මතුබුදුවන ආනන්ද මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ හට අනුමෝදම් වී උතුම් ලොව්තුරා බුද්ධත්වයට පත්විමටම උපකාර වේවා...!!!

(මෙම ලිපි අනවසරයෙන් උපුටගැනීමෙන් හා මුද්‍රණය කිරීමෙන් හා වාචික ලිඛිත මුද්‍රිත විද්‍යුත් හෝ වෙනත් ඕනෑම ආකාරයකට පළකිරීමෙන් වලකින්න.)


 ආනන්ද මෛත්‍රය නාහිමියන්ගේ යෝගී ජීවිතය පිළිබඳ වාර්ථාමය ඉදිරිපත් කිරීමක්:-



අප විසින් පළමු වරට හෙලිකල කුන්ඩලිනි භාවනා ලිපිය කියවීමට :- (මෙතන ක්ලික් කරන්න )
තෙවැනි ඇස විවර කරන භාවනාව ලිපිය කියවීමට :- (මෙතන ක්ලික් කරන්න )
පංච අභිඥා අෂ්ට සමාපත්ති ලබාගන්නා ආකාරය පිළිබද ලිපිය කියවීමට:- (මෙතන ක්ලික් කරන්න )

Comments

  1. මෙම ධර්ම දානය මගින් අත්වන පින් ඔබ තුමන්ටත් අනුමෝදන් වේවා....!!!!

    ReplyDelete
  2. ඔබ තුමාගේ මේ බ්ලොග් එකේ තියෙන ලිපි මුද්‍රණය කරලා පොත් හැදුවනම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අපිට. එහෙම කරල දෙන්න පුළුවන්ද.

    ReplyDelete
  3. මෛත්‍රී භාවනා ගැන හොදින් සරලව විස්තර කරන පොතක් කියන්නකෝ

    ReplyDelete
  4. Me hayawana viyayamaya oba thuma kalada... ath deka thibeda... prathipala dayakada... e kiwwe eka kundalani chakrayak wath awadi nokarapu ho prathath dyaanaya wath nolabapu kenekta wadanna puluwanda...

    ReplyDelete
    Replies
    1. Onama kenekta wadanna sudusui me bawana.

      Bodhisathwayan wahanse namak boru bawana minissunta uganwanne ne.

      Mama pariksha nokalath aniwaryen me pratipala thiyena bawana.

      Me siyalla prathipala thibena bawana

      Delete
  5. 👏👏👏 ඉතාමත් vatinawa..mama podi kale idan hoyapu lipi pelak.....athtm nidanayak hambuna wge...godak pin oba thumata...

    ReplyDelete
  6. තෙල් මස්(හාල්මැස්සෝ) ‌ෙනොකන එක අනිවාර්යද?

    ReplyDelete
  7. 1. me tika okkoma piliwelata karanna onada. 2. tenin tena puluwn vidiyata kalata kamak nedda. 3. me lipiye sadahan vidiyata pranayama abyasaya karanna sudusu nusudusu welawal thiyenawada. 4. kalu lapaya diha balan idimen lebena prethipala monawada kiyala denuwath karanna puluwanda. kaarunikawa vimasami

    ReplyDelete
    Replies
    1. 1,2 piliwelata krana eka hodai. netat getaluwak ne
      3 ou mama pranayama lipyet dala thiyenawa ude ha hawasa witarak kranna kiyala
      4 penima diyunu wenawa, nopenena dewiyan wage dewal penenna puluwan, as walta anun akarshanaya wena gathiya athiwenawa

      Delete
  8. මට කියන්න පුළුවන්ද මේ භාවනා වඩන ඉරියව් ක්‍රම කොහෙන්ද මේ උපුටාගෙන ගත්තේ කියලා සහ මේ භාවනා ක්‍රම පිලිබදව ඔබ අත්දැකීම් යුක්තව ද මේ විදිහට සමාජ ගත කරන්නෙ..???

    ReplyDelete
    Replies
    1. කොහෙන්වත් කාගෙන්වත් උපුටාගත්ත දේවල් මම දාන්නේ නෑ. මම දාන්නේ මගේ දැනුම . මගේ අත්දැකීම් ගැන දැනගන්න පුළුවන් බ්ලොග් එකේ ලිපි සම්පුර්ණයෙන් කියෙව්වම

      Delete
  9. බුදු සරණයි ඔබ තුමාට

    ReplyDelete
  10. මම මාස 3ක් විතර හොදට භාවනා කරා දවසට පැයක් විතර එකම ආසනයකින් ඒත් දවසක් පන්සලේ නේත්‍ර පින්කමකට උදව් කරන්න ගිහින් නට එක දවසක් මග හැරුනා එක් දිනක් හෝ භාවනා නොකිරීමෙන් එක්‍ රැස් කරගත් ශක්තිය නැති වී නැවත පෙර තිබූ තත්වයටම පැමිනේද

    ReplyDelete
  11. වෙනත් භාවනාවකින් පසු කලු ලපය දිහා බල සිටීම කල හැකිද

    ReplyDelete
  12. මේ කියන විදිහට බාවනාව කලොත් කුණ්ඩලනී වඩන්න හැකිද..නැති නම් ඔබ තුමා පැවසූ පරිදි කුණ්ඩලනී වැඩීමද වඩාත් හොද...

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. කළු ලපය දිහා ඇස් ඇරගෙනද බලන් ඉන්න ඹ්නි / ටික වේලාවක් බලන් ඉදලා ඇස් පියාගෙන චිත්ත රූපය දිහා බලන එකද කරන්න ඕනි

    ReplyDelete
    Replies
    1. ලිපිය කියවන්න
      බුද්ධිය භාවිත කරන්න

      Delete
  15. ගුරුතුමණි 1 ංං පළමු පියවරේ සිට සියලු අභ්‍යාස පිළීවෙලට කළ යුතුද 2ංං කළු ලපය දෙස බලා සිටීමේ ව්‍යායාමය සම්පූරණ වූ පසු හුස්ම ගැනීමේ අභ්‍යාසය පර්්ණයාම ආරම්භ කල විටද හුස්ම ගැනීමේ අභ්‍යාසයට පෙර මුලින් සම්පූර්ණ කල කොටස් (කලු ලපය දෙස බලා සිටීම වැනි අභ්‍යාස) නැවත කළ යුතුද 3ංංකලු ලපය දෙස බලා සිටීමේ අභ්‍යාසය රෑ වෙලාවක විදුලි බල්බ එළියෙන් කලාට කමක් නැද්ද 4ංංකලු ලපය දෙස බලා සිටීමේ අභ්‍යාසය දවසට අවස්ථා කිහිපයක් කලාට කමක් නැද්ද මම කළුතරින් ධම්මදස්සන හාමුදුරුවෝ

    ReplyDelete
    Replies
    1. 1. පිළිවෙලට කිරීම වඩා හොදයි
      2. ගැටළුව පැහැදිලි නෑ
      3. කමක් නෑ
      4. ඇස් වලට හොද නෑ

      Delete
  16. වෙනත් භාශාවකින් බණ සහ භාවනා ක්‍රම පිරිහෙමින් තිබෙන සමාජකට ඉගැන්වීමේ උත්සහ කරන්නෙකුට එම රටේ භාශා හැකියාව වර්දනය කරගත හකි අදායාත්මික ක්‍රම කිහිපයක් ලබාදීමට පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. විශුද්ධ චක්‍රයට කුණ්ඩලිනි භාවනාව කරන්න

      Delete
  17. 3rd eye භාවනාව කරන ගමන් මේ භාවනාව කරන්න හොදද?

    ReplyDelete
    Replies
    1. සියලු භාවනා සඳහා උපදෙස් ලිපිය කියවන්න

      Delete
  18. විදර්ශනා භාවනාව ඔස්සේ සංඛාරැ උපේක්ඛා ඥානය තෙක් ගමන් කිරීමේදි පංච නිවරණ ධර්ම නිසා එම ලබාගත් ඥාන අහෝසි වෙනවාද?නැත්නම් විවාහ වී සිටින සාමාන්‍ය ගිහියෙකුටත් එම ඥානය තෙක් විදර්ශනාව දියුණු කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. පංච නිවරණ වලින් කොහොමත් සමත විදර්ශනා අහෝසි වෙනවා.
      විවාහ වුන කෙනෙක්ට ඒ මට්ටමට යන්න පුළුවන් ගැටළුවක් නෑ.

      Delete
  19. kalu lapaya desa balaasitiimee bawanawa awasan kala pasuda prana yaama bawanaawa kala yuthu?

    ReplyDelete
  20. Ane mata poddak eka deyak therenne na mata pahadili karala denna puluwanda obathumata api ahibama Diha baladdi ahibama 2 wela wenamada balanna one eka welawakata 1 ahibamakda nathnam ahibama 2 mada da balanna one e kiyanne Nalala madha mata poddak oka kiyanna puluwan da

    ReplyDelete
  21. මහත්මයා මම ඔබතුමාගේ පේජ් එකේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රි හිමියන්ට විෂ්ණු දෙවියන් දර්ශනය වූ ලිපිය උපුටා ගන්නද
    සයිට් එකේ ලින්ක් එකත් දාන්නම්

    ReplyDelete
    Replies
    1. උපුටාගත් තැනත් දාලම දාන්න ඉතින්

      Delete

Post a Comment