Featured Post

බුදුන් උපන්නේ ලංකාවේ නොවන බවට සාක්ෂි ( 3 )

                                      

වහරක අභයරතනාලංකාර නම් උන්මත්තක ව්‍යාජ චිවරධාරියෙකු විසින් ආරම්භ කර මීවනපලානේ සිරිධම්මාලංකාර, වලස්මුල්ලේ අභය, හඳපාන්ගොඩ නිවාතාප ආදී තවත් බොහෝ හොර චීවරධාරීන් විසින් පැතිරවූ බුදුන් ලංකාවේ උපන් බව කියනා ධර්ම විකෘතියට ලංකාව පුරා බොහෝ නාමික බෞද්ධයන් පිරිසක් රැවටීම සිදුවුනා. මොවුන් විසින්

- ලංකාවේ බෞද්ධයන්ගේ ඉතිහාස දැනුමක් නොමැතිකම,
- ධර්ම දැනුමක් නොමැති කම,
- සතර සතිපට්ටාන සමත විදර්ශනා ආදී ධර්ම වැඩීමක් නොමැති කම,
- පාලි දැනුමක් නොමැති කම යන             
දුර්වලතා වාසියට ගනිමින් බොහෝ පිරිසක් මුලා කරනු ලැබුවා. ඒ සදහා ඔවුන්

- විකෘති ලෙස පාලි වචන අර්ථදැක්වීම,
- ධර්ම කරුණු විකෘති ලෙස අර්ථදැක්වීම,
- ව්‍යාජ ඉතිහාස හා පුරාවිද්‍යා සාක්ෂි දැක්වීම සිදුකලා.

ඒ සමග
"නිවැරදි හෙළ ඉතිහාසය සුද්දන් යටගසා ඇත"
"හෙළයෙකු වූ බුදුන් ඉන්දියාවට බාර නොදිය යුතුය"
"බුදුන් ඉන්දියාවේ බව පවසන්නේ දඹදිව වන්දනා ආයතන හිමි පරගැති දෙමලුන්ය"

වැනි කූට සංකල්ප පතුරවමින් බුදුදහම පිළිබද හයක් හතරක් නොදත් නාමික බෞද්ධයන්ගේ ජාත්‍යාලය මතුකරමින් හැගීම් වලින් මත කරමින් මුලාකිරිම සිදුකලා. මේ සදහා මොවුන් මෑතකාලීනව ප්‍රචලිත වුනු රාවණ වන්දනාවත් උපකාර කරගැනීමට උත්සහ කළා. රාවණ භක්තිකයන් හා ඔවුන් සහිත ෆේස්බුක් සමුහ ආදිය ඉලක්ක කරමින් මොවුන්ගේ ධර්ම විකෘතීන් පැතිරවීම සිදුකරන බව දකින්න ලැබුනා.

මේ විකෘතීන් පැතිරවීමට හොර චීවරධාරීන් මෙන්ම ජයරත්න පතිආරච්චි, රාවණ සොහොයුරෝ ආදී ගිහි නිවටයන්ද දායක වුනා. ඔවුන්ගේ ප්‍රකාශන හා නිර්මාණ පුරා හොර සෙල්ලිපි, බොරු පුරාවෘත ප්‍රචාරය කරමින් කිසිදු සාධකයක් නොමැති තමන්ගේ උන්මත්තක විකෘති  මත පැතිරවිමක් සිදුකලා.


දිගු කලක් තිස්සේ මොවුන්ගේ පාප කර්මයන් වලට ධර්මය හා ඉතිහාසය දත් බොහෝදෙනෙකු විරුද්ධ වීමේ ප්‍රතිපලයක් ලෙස මේ වනවිට මොවුන් ඉදිරිපත් කල සියලු විකෘති ධර්ම කරුණු හා ඉතිහාස කරුණු සියල්ල පිළිබද ගවේෂණය කර ඒ සියල්ල ධර්මය විකෘති කර බුදුදහම දෙකඩ කිරීමේ උවමනාවෙන් නිර්මාණය කරන ලද  ව්‍යාජ නිර්මාණ බවට මේ වනවිට 100%ක් තහවුරු කර සියලු මාධ්‍ය තුලින් එළිදක්වා අවසන්.

යටගිය සත්‍ය මතුකරනා රහතන් වහන්සේ නමක් ලෙස පෙනී සිටි වහරක අභයරතනාලංකාර නම් හොර චීවරධාරියා ධර්ම විකෘති පතුරවා අවුරුදු කීපයකින්ම උන්මත්තක භාවයට පත්වී කතාකිරීමට නොහැකිව හඬ අහිමි වී සිරුර පුරා දද කුෂ්ට වණ තුලින් පණුවන් වගුරුවමින් ශාපයට ලක්වී නිරගත වුනා!

උපසම්පදාවවත් නොමැති මිව්නපලානේ සිරිධම්මාලන්කාර නම් ව්‍යාජ නමක් භාවිත කරමින් සිටි පන්සල්හෙනේ ධර්මාලංකාර චීවරධාරියා ඇතුළු සියලු ධර්ම විකෘතිකයන්ගේ සාමනේර භාවය මහාවිහාර විසින් අවලංගු කරනු ලැබුවා.

* බෞද්ධයා නාලිකාව ඔස්සේ මොවුන්ගේ සියලු විකෘතීන් වල සත්‍ය "විභජ්ජවාද" ධහම් කතිකාව මගින් එකින් එකට හෙළි කිරීම මේ වනවිටත් සිදුකෙරෙනවා. එම සාකච්චාවන් youtube තුලත් නරඹන්න පුළුවන්.

* මහා සිංහලේ බෞද්ධ ඉතහාසය වැඩසටහන මගිනුත් ලංකාවේ ඉතිහාසය ඉතා පැහැදිලිව සාකච්චා කෙරෙනවා. ඒවාද youtube තුළන් නරඹන්න පුළුවන්.

* බෞද්ධයා, මහාබෝධි, මහාමේඝ  ආදී මාසික සඟරා  මගිනුත් විකෘතීන් හෙලිකිරීම සිදුකරනු ලබනවා.

* "ධර්ම යාත්‍රා"(click here) ෆේස්බුක් සමුහය තුල මොවුන්ගේ සියලු ඉතිහාස හා ධර්ම විකෘතීන් හෙලිකිරීම හා සාකච්චා කිරීම සිදුකරනවා.


* බෞද්ධයන් බොහෝ පිරිසක් මෙවැනි විකෘතීන් වලට හසුවෙන්නේ ඔවුන් තුල ධර්ම දැනුමක්, ධර්මය වැඩීමක්, ඉතිහාස දැනුමක නොමැතිකම නිසා. ඒ නිසාම හැකිතරම් එම දැනුම සමාජගත කිරීමට සත්‍ය දන්නා සියලු දෙනා කටයුතු කරනු ලබනවා.


මෙම විකෘතීන් පතුරවන මානසික රෝගීන් කියනා ආකාරයට රටක් ආගමක් පිලිබදව ඉතිහාසය සුද්දන්ට හෝ
 දමිළයන්ට සම්පුර්ණයෙන් වෙනස් කිරීම කිසිසේත් කරන්න බෑ. බුදුන් ඉපිද වාසය කලේ ඉන්දියාවේ බවට පිළිගන්නේ කවුරුවත් පොතක ලියා තැබූ නිසා නෙවෙයි. ඒ සදහා ඉන්දියාවේ මෙන්ම ලංකාවේ හා චීනය   බුරුමය ආදී රටවල් විශාල ප්‍රමාණයක ලිඛිත සාක්ෂි තිබෙනවා. ඒවායේ බුදුන් උපන් රට පිලිබදව ඇති සියලු තොරතුරු ඉන්දියාවේ තොරතුරු පමණි. බුද්ධ කාලින රාජ්‍ය, ගම් නියම් ගම් පිළිබද තොරතුරුද
කදුවැටි, ගංගා ඇල දොළ භුමිය ආදිය පිළිබද තොරතුරුද, රජවරුන් සිටුවරුන් හා එම පරම්පරා පිළිබද තොරතුරුද භුමියේ විවිද ප්‍රදේශ අතර දුර ප්‍රමාන පිළිබද තොරතුරුද සියල්ල තුලින් බුදුන් උපන්නේ ඉන්දියාවේ බව තහවුරු වෙනවා.
එක් එක් රටවල ඉතිහාස සාධක වගේම හයුන් සාන්, ෆාහියන් ආදී දේශාටකයන්ගේ වාර්තා තුලිනුත් එම කරුණු තවදුරටත් සනාත වනවා මිස අනාත වීමක් කිසිදා වී නැ.

ඉතිහාස කරුණු වලට අමතරව සෙල්ලිපි, ටැම්ලිපිද, වෙහෙර විහාර මාලිගා නගර වල නටඹුන් ආදී  පුරාවිද්‍යාත්මක සාධක මගින්ද ඒවායේ නුතන කාල නිර්ණ මගින්ද බුදුන් ඉපදුනු දඹදිව ඉන්දියාව බව පැහැදිලිව සනාත වේ.

ඒ සියල්ල නැතිවී ගියද ජනප්‍රවාද තුලින් මෙම කතා පුවත් පිළිබද තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට වෙනස්කම් වේවි හෝ පැමිණේ.

අන්ධ භක්තිය, ජාතිකානුරාග හැගීම් වලට මුලා වීමෙන් පිළිගනිම වෙනුවට සාක්ෂි සාධක කරුණු සහිතව විකෘතීන් බිදහෙලිමත් ප්‍රකෘතින් දැක්වීමත් ඒවා මගින් සිදුකරනවා. මොවුන්ගේ විකෘතීන් පිලිබදව අපගේ බ්ලොග් අඩවිය මගිනුත් අවුරුදු කිහිපයක් තිස්සෙම දැනුවත් කිරීම සිදුකලා.

බුදුන් උපන්නේ ලංකාවේ නොවන බවට සාක්ෂි 1 ලිපිය--> (click here)
බුදුන් උපන්නේ ලංකාවේ නොවන බවට සාක්ෂි 2 ලිපිය--> (click here)
ධර්මය විකෘති කරන්නෝ ලිපිය --> (click here)

මෙම ලිපිය මගින් තවදුරටත් එවැනි ඉතිහාස සාධක රැසක් එළිදැක්වීම සිදුකරනවා.
(ලිපිය සදහා තොරතුරු හා චායාරුප යම් ප්‍රමාණයක් "අමිත් රණදේව" ගේ "දඹදිව ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන" කෘතියෙන් උපුටාගන්නා ලදී.)


කපිලවස්තුව
බුද්ධ දේශනාවේ සදහන් පරිදි කොසොල් රාජ්‍යයට අයත් ශාක්‍ය ජනපදයේ අගනුවර කපිලවස්තුවයි. කපිලවස්තු - දෙව්දහ නුවර අතරමැද ලුම්බිණි උයන පිහිටා තිබෙනවා. වර්තමාන දේශසීම අනුව කපිලවස්තුව කොටස් දෙකකට වෙන්වී පවතිනවා.
1. නේපාලයේ ගොරක්පුර් නගරයට වයඹින් කපිලවස්තුවේ එක් කොටසක නටඹුන් පවතිනවා. එම ප්‍රදේශය වර්තමානයේ "ප්‍රිපාවා " නමින් හැදින්වෙනවා. රාජ්‍ය සබඳතා මත ලංකාවට වැඩම කරවූ ධාතුන් අයත් වන්නේ මෙම ප්‍රදේශයේ ප්‍රිපාවා චෛත්‍යයෙන් හමුවූ ධාතුන් වලටයි.

2. කපිලවස්තුවේ ඉතිරි කොටස අයත් වන්නේ නේපාලයේ තිලෝරාකොට් දිස්ත්‍රික්කයටයි. එම ප්‍රදේශයේත් කපිලවස්තු නගරයේ නගර සැලසුමට අයත් නටඹුන් විශාල ප්‍රමාණයක් පවතිනවා.


ධර්මාශෝක රජතුමා තම අභිෂේකයෙන් විසිවන වසරේදී ලුම්බිණි උයන වෙත පැමිණ සිදුහත් උපත සිහි කිරීම සදහා අඩි 24යි අගල් 3ක් උස මෙම අශෝක කුළුන ලුම්බිණි සල් උයනේ පිහිටවූ බවත් ලුම්බිණි වැසියන්ට බදු සහනයක් සැලසු බවත් මෙම ගල් කණුවේ කොටා තිබෙනවා.


ලුම්බිණියේ අශෝක ස්ථම්භය අසල පසුකාලීනව කල පුරාවිද්‍යා කැනීම් මගින් අඩි 13ක් පමණ යටට කැණීම් කල පසු සිදුහත් කුමරු උපන් ස්ථානය වටකර ඉදිකළ පුජනිය ස්ථානයක නටඹුන් මතුවී තිබෙනවා. එය මධ්‍යයේ ශාකයක් වටකර තනු වැටක් වැනි දෙයක දිරා ගිය කොටස් හමුවී තිබෙන අතර ඒවා කාල නිර්ණය කිරීමෙන් එම කොටස් අශෝක රජ සමයටත් වඩා පැරණි සම්මත බුද්ධ කාලින යුගයට අයත් ඒවා බව තහවුරු කරගෙන තිබෙනවා.


ලුම්බිණි උයනට කිමි 25ක් පමණ ඈතින් කිඹුල්වත් නුවර සුද්ධෝදන රජමාලිගාවේ නටඹුන් අදටත් සුරක්ෂිතව පවතිනවා. එහි සැලැස්ම අධ්‍යනය කර තිබෙන අතර ත්‍රිපිටක දේශනා අනුව සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කල උතුරු දොරටුව පැහැදිලිව හදුනාගෙන තිබෙනවා.


බුද්ධ දේශනා අනුව මගධ රාජධානිය ගංගා නදීයේ දකුණු ඉවුර ආශ්‍රිතව පිහිටා තිබුනා. ගගෙන් උතුරු පැත්තේ වජ්ජි මල්ල විදේහ වැනි රාජ්‍යයන් පිහිටා තිබුනා. සෝන නදිය නේරංජනා නදිය සහ ඒවායේ ශාඛා මගධයට අයත්ව පැවතුනා. ගංගා යමුනා ආදී ගංගාවන් ඉන්දියාවේ මිසක් ලංකාවේ පැවතුන ගංගාවන් නෙවෙයි. ගංගා නදිය වැනි විශාල නදියක් ලංකාවේ කිසිම ප්‍රදේශයක පැවතියේ නෑ. ඒ නම් වලින් හැදින්වූ ගංගාවන් ලංකාවේ කිසිම ප්‍රදේශයක තිබුනේ නෑ.

ගයාසිස හා රාජගිරි කදුවැටි මගධයට අයත් වෙනවා. මගධයට නැගෙනහිරින් අංග ජනපදයත් බටහිරින් කෝසල රාජධානියත් පිහිටා තිබෙනවා. මගධයේ අගනුවර රජගහ නුවරයි. පසුව පාටලී පුත්‍ර නගරය අගනුවර බවට පත්වුණා. අදටත් එම ප්‍රදේශයට අදාළ බිහාර් ප්‍රාන්තයේ අගනුවර අතීත පාටලී පුත්‍ර නගරය වන වර්තමාන පැට්නා නගරයයි. ගයාව, ගයාසිස, උරුවෙල් දනව්ව, බුද්ධගයා ආදී මගධයට අයත් සියලු සිද්ධස්ථාන වර්තමාන දකුණු බිහාර ප්‍රාන්තයට අයත් වෙන අතර ඒවායේ නටඹුන් හා භූගෝලීය පිහිටීම් ඉතා පැහැදිලිව දකින්න ලැබෙනවා.


උරුවෙල් දනව්ව
ඉන්දියාවේ දකුණු බිහාරයේ නෙරන්ජා නදිය ආශ්‍රිතව ගයා දුම්රියපොළට දකුණු දෙසින් පිහිටා තිබෙනවා. නෙරන්ජා නදිය උරුවෙල් දනව්ව මැදින් ගයා දෙසට ගලාබසිනවා. බුද්ධ ගයා  පිහිටා තිබෙන්නේත්  උරුවෙල් දනව්ව තුලයි.

සිද්ධාර්ථයන් බුදුබව ලබාගැනීමෙන් පසු මෙම ප්‍රදේශය බුද්ධගයා ලෙස හදුන්වනු ලැබුවා. බෝසතාණන් බුදුවීමට පෙර අවුරුදු 6ක කාලය තුල සිටියේ නෙරන්ජා නදිය අසබඩ පිහිටි උරුවෙල්  දනව්වේ බුද්ධ ගයාවෙන් එගොඩ ප්‍රදේශයේයි. එම ප්‍රදේශයේ ලුන්ගේෂ්වරී - අජපාල නුගරුක, උරුවෙල් කාශ්‍යප වාසය කල ස්ථානය, සේනානිගම සහ සුජාතා මාලිගයේ නටඹුන් ආදිය සුරක්ෂිතව තිබෙනවා.



එමෙන්ම බුදුවී සති 6ක් ගත කල ස්ථාන හා අදාළ නටඹුන්ද දකින්න පුළුවන්. බෝසතාණන් අත්තකිලමතානු යෝගීව වැඩවාසය කල උරුවෙල් දනව්ව ආශ්‍රිත ප්‍රදේශය ලුන්ගේෂ්වරී හෙවත් ප්‍රාග්බෝධි නමින් හදුන්වනවා.




අජපාල නුගරුක පිහිටි ස්ථානයේ මෑතකාලීනව ඉදිකළ ස්මාරකයක් පවතිනවා. සුජාතා සිටුදුව සිටි ප්‍රදේශය අදටත් හදුන්වන්නේ සුජාතා ගම යන නාමයෙන්.


බෝසතානන් ගිහිගෙය හැර පැමිණෙන විට තරණය කල නේරංජා නදිය  වර්තමානයේ "එල්ගු" නමින් හදුන්වනු ලබනවා.



බෝසතානන් වහන්සේ බුද්ධත්වය ලබාගැනීමට සෙවණ දුන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ආක්‍රමණිකයන් අතින් අපවත් කරවනු ලැබුවත් බුදුවන දිනයේ පොළවෙන් ඉහලට මතුවූ, කිසිදු උවදුරකින් සෙලවිය නොහැකි වජ්‍රාසනය බෝධීන් වහන්සේ   අසල නිරුපද්‍රිතව පවතිනවා. පසුකාලීනව රජවරුන් විසින් එය ගඩොලින් ගල් පුවරු තනා ආවරණය   කිරීම කිහිප වරක් සිදුකර තිබෙනවා.


ජයශ්‍රී  මහා බෝධීන් වහන්සේ හා වජ්‍රාසනය වන්දනාව සදහා 6 වන සියවසේදී  බුද්ධගයා විහාරය ඉදිකරනු ලැබුවා. පසුකාලීනව ශාසාංක නම් හින්දු රජෙකු විනාශ කිරීමෙන් අනතුරුව පුර්ණ වර්මා නම් මෞර්යය රජකෙනෙකු නැවත බුද්ධගයා විහාරය ගොඩනගා තිබෙනවා.


බුදුරජානන් වහන්සේ බුද්ධත්වයට පත්වී දෙවන සතියේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නැගෙනහිරින් සිටිමින් අනිමිස ලෝචන පුජාව කල ස්ථානයේ අනිමිස ලෝචන ස්තුපය ඉදිකර තිබෙනවා.


බුදුරජානන් වහන්සේ ෂඩ්වර්ණ ආලෝක ධාරා විහිදුවමින් අභිධර්මය හා සතර සතිපට්ටානය මෙනෙහි කරනා සතියේදී බුදුන් හට වැඩ හිදීමට දෙවියන් විසින් රත්නමය කුටියක් මැවූ ස්ථානය සිහි කිරීමට රතනාඝර චේතිය ඉදිකර තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ රාජායතන නම් වෘක්ෂමුලයක සත්දිනක් විමුක්ති සැප විදිමින් වැඩ සිටියදී තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් බුදුරජානන් සරණ යාමත් විළඳ මීපැණි ආදිය පිළිගැන්වීමත් සිහිකරමින් එම ප්‍රදේශයේ ස්මාරකයක් මෑතකාලීනව නිර්මාණය කර  තිබෙනවා. තපස්සු භල්ලුක දන් පිළිගැන්වීමෙන් පසු බුදුරජාණන් වහන්සේගෙන් වන්දනා කිරීමට සුදුසු දෙයක් ඉල්ලා සිටීමේදී ලබාදුන් කේශධාතුන් ගෙනගොස් බුරුමයේදී නිර්මාණය කල  චෛත්‍ය ස්වේදගොන් චෛත්‍යය  ලෙස වර්තමානයේ හදුන්වනු  ලබනවා.

ස්වේදගොන් චෛත්‍යය

කාසි  ජනපදය දඹදිව සොලොස්මහ ජනපද අතුරෙන් එකක්. එහි අගනුවර උනේ බරණැස් නුවර බුද්ධ කාලීනව මෙය කෝසලයට අයිතිව පැවතුනා. කොසොල් රජුගේ දියණිය මගධයේ බිම්බිසාර රජුට සරණ පාවාදීමේදී කාසි ජනපදය මගධ රාජ්‍යට පවරා දුන්නා. ඉසිපතන මිගදාය පිහිටා තිබෙන්නේ කාසි ජනපදය තුලයි. අහසින් යන ඍෂිවරුන් පොලවට බසිනා නිසාවෙන් ඉසිපතන යන නාමය යෙදී තිබෙනවා.

බුදුන් ලංකාවේ ඉපදුන බව ප්‍රචාරය කරන්නන් ලංකාවේ "ඉසින් බැස්ස ගල" යන ගම හා එම පන්සල ඉසිපතනය බව ප්‍රචාරය කරනවා. එම පන්සලේ නායක ස්වාමින් වහන්සේම ප්‍රකාශ කරන පරිදි ඉසින්   බැස්ස ගල යන නාමය පන්සල තනන කාලයේදී නිර්මාණය වුනු  නමක් මිස අතීතයේ සිට පැවතගෙන ආ නමක් නෙවෙයි. ලංකාවේ නම් ගම සොයමින් තමන්ට අවශ්‍ය ආකාරයේ කතාවක් නිර්මාණය කිරීම මේ ප්‍රෝඩා කරුවන් විසින් සිදුකරනවා.


මෙම බොරුව  නිර්මාණය කිරීමේදී ඉසිපතනය අසල මිගදායක් පැවතිනු බව මොවුන්ට අමතක වී තිබෙනවා. මිගදාය යන්නේ අර්ථය මුවන්ගේ අභය භුමිය යන්නයි. ඉන්දියාවේ ඉසිපතන මිගදාය හෙවත් සාරානාත් ප්‍රදේශයේ අතීතයේ සිට අද දක්වාම මුවන්ගේ අභය භූමියක් පවතිනවා. අදටත් නිදැල්ලේ සරණ මුවන් විශාල   ප්‍රමාණයක් එහි සිටිනවා. සාරානාත් ප්‍රදේශයේ දෙපසින් බුදුරජානන් වහන්සේට පස්වග මහනුන් මුණගැහුණු ස්ථානයේ නිර්මාණය කල සම්මුඛ චෛත්‍ය හා ප්‍රථම ධර්ම දේශනාව සිදුකල ස්ථානයේ ධම්මික චෛත්‍යය අදටත් පවතිනවා. බුදුරජානන් වහන්සේ වෙනුවෙන් ඉදිකෙරුණු පළමු ගන්ධ කුටිය   සහිත ස්ථානය ඉසිපතන මිගදාය නිසා   එය සිහිපත් කරමින් මුලගන්ධ කුටි විහාරය මෙහි ඉදිකර තිබෙනවා. දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කල ස්ථානයේ නටඹුන්, මුලගන්ධ කුටියේ නටඹුන්, දම්සභා මණ්ඩපයේ නටඹුන්, ප්‍රථම වස් සමාදන් වීමට අදාළ මහරහතන් වහන්සේලා වැඩසිටි කුටිවල නටඹුන් හා අපවත් වූ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර තනු චෛත්‍ය වල  නටඹුන් ආදී බොහෝ නෂ්ටාවශේෂ මෙහි තිබෙනවා.





සම්මුඛ ස්තුපය 

මෝගල් ආක්‍රමණයෙන් පසු සම්මුඛ චෛත්‍යය විනාශ කර ඇති අතර එය මත අග්බාර් නම් රජු තම පියා සිහිකිරීමට ස්මාරක පල්ලියක් ඉදිකර තිබෙනවා.


ධම්මරාජික ස්තුපය

බුදුරජානන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කල ස්ථානයේ ධම්මරාජික ස්තුපය ඉදිකර තිබෙනවා. මුස්ලිම් ආක්‍රමණිකයන් මුළු චෛත්‍යයම කඩා බිද දමා එහි ඇති ගඩොල් බරණැස වෙළදපොලක් හා පාලමක් ඉදිකිරීමට ගෙනගිය නිසා මෙහි ඉතිරි වී ඇත්තේ පාදමේ ගඩොල් පෙළක් පමණයි.
* ආක්‍රමණිකයන් ඉන්දියාවේ බුදුදහමට කල විනාශයට මේවා කුඩා උදාහරණ පමණයි. බුද්ධ ඉතිහාසයට සම්බන්ධ ලිඛිත සාක්ෂි විශාල ප්‍රමාණයක් මෙලෙසම නාලන්දා විශ්ව විද්‍යාලය ගිනිබත් කිරීමේදී විනාශයට පත් කළා.


ධම්මික ස්තුපය

පස්වග මහනුන් අර්හත්වය සාක්ෂාත් කිරීමට හේතු වූ අනත්ත ලක්ඛණ සුත්‍රය දේශනා කල ස්ථානයේ මීටර් 33ක් උස ධම්මික චෛත්‍යය ඉදිකර තිබෙනවා. "ධර්මය අවබෝධ කල" යන අර්ථයෙන් " ධම්මික" යන නාමය යොදා තිබෙනවා.



ඉසිපතන දම්සභාව

බරණැස ඉසිපතන මිගදායේ දම්සභා මණ්ඩපය තවමත් සුරක්ෂිතව පවතිනවා. යසකුල පුත්‍රයා හමුවීම යසකුල පුතුගේ දෙමව්පියන් තෙරුවන් සරණ යාම ආදී සිදුවීම් මෙම ස්ථානයට සම්බන්ධ ඓතිහාසික සිදුවීම්.




පැරණි මුලගන්ධ කුටිය

මෙය බුදුරදුන් පළමුවරට වැඩසිටි ගන්ධ කුටියයි. එමනිසා "පැරණි මුලගන්ධ කුටි" ලෙස හදුන්වනවා. පසුව මෙය විහාර මන්දිරයක් බවට පරිවර්තනය කර තිබෙනවා. ප්‍රථම ශ්‍රාවක හැටනමක් රහතන් වහන්සේ අමතා "දෙව්මිනිසුන්ගේ හිතසුව පිණිස ධර්ම චාරිකාවේ වඩින්න" යයි දේශනා කලේ මෙම ස්ථානයෙදීයි.





ඉන්දියාවේ ගංගා නදිය පිළිබද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය පුරා විවිද තොරතුරු දකින්න ලැබෙනවා. ඒ වගේම ගංගා යමුනා අචිරවති ආදී ප්‍රධාන ගංගා පිළිබද බුද්ධ දේශනා වලදී සදහන් කල අවස්ථා දකින්න ලැබෙනවා. මහවැලි කැළණි කළු වලවේ ආදී ලංකාවේ ගංගාවන් පිළිබද කිසිදු සදහනක් බුද්ධ දේශනා වල දකින්න ලැබෙන්නේ නෑ. ඒවා නම් කල පැරණි නම් වලින් හෝ කිසිදු සදහනක් දකින්න ලැබෙන්නේ නෑ. එහෙත් ගංගා යමුනා ආදී ගංගාවන් බුදුන් වැඩ වාසය කල භුමියේ පැවති ගංගාවන් බවට ඕනෑතරම් ප්‍රකාශ දකින්න තිබෙනවා. ඒ වගේම මෙම ගංගාවන්ට අදාළ හින්දු චාරිත්‍ර පිලිබදවත් බුද්ධ දේශනා වල දකින්න ලැබෙනවා. අදටත් ඉන්දියාවේ හින්දුන් ගංගා නදිය ශුද්ධ වූ ජලය සහිත බව පිළිගනිමින් එය ආශ්‍රිතව වන්දනා කරන ආකාරය දැකගන්න පුළුවන්.



බ්‍රහ්මදත්ත මාලිගය 

බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ මාලිගය ඉතාම යහපත් තත්වයෙන් අදටත් පවතිනවා. ගංගා නදියෙන් එතෙරව වර්තමාන රාම් නගරයේ මෙය පිහිටා තිබෙනවා. බ්‍රහ්මදත්ත රජු හා එම පරපුරේ උරුමකරුවන් භාවිත කල භාණ්ඩ පවා සුරක්ෂිතව දකින්න ලැබෙනවා. බ්‍රහ්මදත්ත අජාස්ත්ත ආදී රජ පරම්පරාවක් හෝ මෙවැනි රජමාලිගා ආදී කිසිවක් ලංකාවේ කොතැනකවත් පවතින්නේ නෑ.


රජගහනුවර (රාජගෘහ / රාජ්ගිර් )

පැරණි මගධ ජනපදය උනේ රජගහනුවර. වර්තමානයේදී බිහාර් ප්‍රාන්තයේ නාලන්දා දිස්ත්‍රික්කයට අයත් වෙනවා. මෙම ප්‍රදේශය පුරා බෞද්ධ පුරාවස්තුන් දකින්න ලබෙනවා. බිම්බිසාර රජතුමාගේ නගරාරක්ෂක බලකොටුවේ නටඹුන් අදටත්  දකින්න ලැබෙනවා. ඉන්දියාවේ පැරණිතම බළකොටුවක නටඹුන් ලෙස සලකන්නෙත් මෙම බලකොටුව.
බුදුන් උපන්නේ  ලංකාවේ  නොවන බවට සාක්ෂි 1ලිපිය තුළදීත් සදහන් කල පරිදි රජගහ නුවර හෙවත් රාජගෘහ යන නාමය යෙදුනේ එම නුවර ඉසගිලි, වේහාර, වේපුල්ල, පාණ්ඩව ගිජ්ජකුට නම් පර්වත පහෙන් වටවී පවතින නිසා සතුරු ආක්‍රමණ ආදියෙන් රජවරුන් ආරක්ෂා කරන ස්වභාවයක් ඇති නිසා ස්වාභාවිකවම රජවරුන්ට-නිවහනක් හෙවත් රාජ-ගෘහයක් ලෙස නම් කල නිසා. බුදුරජානන් වහන්සේ ආටානාටිය සුත්‍රය දේශනා කලේ ගිජ්ජකුට පර්වතයේදී. ගිහිගෙයින් මිදුණු බෝසතාණන් රජගහනුවරට පළමුවරට පැමිණ ආහාර ගැනීමට පාණ්ඩව පර්වතයට ගිය බවත් එහිදී පළමුවරට බිම්බිසාර රජු මුණගැසුණු බවත් දේශනාවේ සදහන් වෙනවා.
තවත් බොහෝ අවස්ථා වල මෙම පර්වත පිලිබදවත් රජගහනුවර පිළිබඳවත් තොරතුරු ත්‍රිපිටක දේශනා තුල දකින්න ලැබෙනවා. ඒ සියල්ල මෙම නගරයේ හා පර්වත වල වර්තමාන හා ඉතිහාස තොරතුරු වලට 100%ක් සමානයි. මෙවැනි රජගහනුවරක් හෝ පර්වත පහක් ලංකාවේ කොහෙවත් පවතින්නේ නෑ.




බුද්ධගයාවේ සිට කිලෝමීටර් 70ක්,
පාඨලී පුත්‍ර (පැළලුප්) නුවර සිට කිලෝමීටර් 100ක්
හා නාලන්දාවේ සිට කිලෝමීටර් 11ක් දුරින් රජගහනුවර වේළුවනාරාමය පිහිටා තිබෙනවා. මෙම දුර ප්‍රමාණයන් පවා ත්‍රිපිටක දේශනා වල සදහන් යොදුන් ප්‍රමාණයන්ට ඉතාම සමානයි. මෙය මගධාධිපති බිම්බිසාර රජු විසින් බුදුසසුනට කල ප්‍රථම ආරාම පුජාව. "රාජගහේ විහරති වෙළුවනේ කලන්දක නිවාපේ" ලෙස සදහන් වන පරිදි මෙය ලෙහෙනුන්ගේ අභය භූමියක් ලෙස පැවති භූමියක් විදියට පැවති තිබෙනවා. බුදුරජානන් වහන්සේ හට පළමුවරට තුන්බෑ ජටිලයන් හමුවීම හා සසුන්ගත වීම ආදී සිදුවීම් රාශියක් වේළුවනාරාමයේදී සිදුවී තිබෙනවා.



ගිජ්ජකුට පර්වතය

රජගහ නුවර පංච පබ්බත අතුරින් ගිජ්ජකුට පර්වතය එම නමින් හදුන්වන්නේ ගිජුලිහිණියන් නිතර ගැවසෙන නිසා හා ගිජු ලිහිනියෙකුගේ හැඩයෙන් යුක්ත වන නිසා. දෙව්දත් තෙර ගල් පෙරලීම, සුදත්ත සිටුවරයා පළමුවරට බුදුන් මුණගැසීම, ආටානාටිය සුත්‍රය දේශනා කිරීම ආදී සිදුවීම් රැසක් සිදුවුනේ මෙම පර්වතයෙදීයි.




විඩුඪභ කුමරු ශාක්‍යයන් නැසීමට යන ගමනේදී බුදුරජානන් වහන්සේගේ අධිෂ්ඨාන කිරීම මගින් ඔහුගේ ගැල් කරත්ත වල රෝද පොලවේ එරී ගිය ස්ථානයද රජගහ නුවර දක්නට ලැබෙනවා. අවුරුදු 2500 කට කාලානුරුප ලෙස ඒවා විශාල වී ඇති ආකාරයද දක්නට  පුළුවන්. බුදුන් උපන්නේ ලංකාවේ කියනා ජම්බුදිපයන් මෙම ගැල් එරීම පිලිබදව ව්‍යාජ ස්ථානයක් පෙන්වන අතර එහි ඇති එරීම් සලකුණු මෑතකාලීනව නිර්මාණය කල ඒවා බව ඒවායේ ප්‍රමාණය තුලින්ම දර්ශනය වෙනවා. එම පිරිසේ සිටින පතිආරච්චි නම් පුද්ගලයා මේ ආකාරයට ව්‍යාජ සෙල්ලිපි නිර්මාණය කර හෙළිවුණු පුද්ගලයෙක්. අවුරුදු 2500ක් යනතෙක් කරත්ත රෝදයක ප්‍රමාණයට එරුණු බිමක් ඒ ප්‍රමාණයෙන්ම පවතින්නේ නෑ. භූ විෂමතා සමග ඒවා ප්‍රසාරණය වෙනවා.


වාලසංඝාට චෛත්‍ය 

බුද්ධ පරිනිර්වාණයෙන් පසු අජාසත් රජු මගධ රටට ලැබුණු සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඉදිකළ සෑය වාලසංඝාට චෛත්‍යය නමින් හදුන්වනවා. වාලසංඝාට නම් ඉබේ කැරකෙන යන්ත්‍රයක් ධාතු ගර්භයට පිවිසෙන ස්ථානයේ සවිකර මෙය නිර්මාණය කර තිබෙනවා. ධාතු ගර්භය බිදීමට යන සොරුන් එමගින් කැපී මරණයට පත් වීම සදහා මෙය නිර්මාණය කර තිබෙන බව සදහන් වෙනවා. මෙවැනි ඉතිහාස හා පුරාවිද්‍යා සාක්ෂි සහිත චෛත්‍යයක් ලංකාවේ තිබෙනවාද? මෙම කතාපුවත පිලිබදවවත් ලංකාවේ මිනිසුන් දැනුවත්ව සිටිනවාද?



ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වුයේ රජගහනුවර වේහාර පර්වත ප්‍රාන්තයේ සප්තපර්ණී ගුහාව තුළදීයි. සප්තපර්ණී යන නාමය රුකඅත්තන ශාකයට කියනා නමක්. අදටත් රුක්අත්තන ශාක විශාල ප්‍රමාණයක් මේ අසල පවතිනවා.



ශ්‍රාවස්තිය / සැවත් නුවර

කෝසල ජනපදයේ අගනුවර වුනේ සැවැත් නුවර. මෙහි පාලකයා වුනේ කෝසල රජතුමා. ප්‍රධාන නගර විදියට සාකේත හා අයෝධ්‍යා නගර පැවතුනා. වර්තමානයේ සහේත්-මහේත් නම් ගම්මානයේ සැවත් නුවර අනාතපිණ්ඩික සිටුවරයා විසින් නිර්මාණය කල ජේතවනාරාමයේ නටඹුන් පවතිනවා.

ජේතවන ගන්ධකුටිය

ජේතවනාරාමයේ බුදුන් වැඩවිසූ ගන්ධ කුටිය සුවිශේෂ පිහිටීමක් සහිතව හදුනාගන්න ලැබෙනවා. එය ත්‍රිපිටක තොරතුරු වලටත් අනුකුලව පවතිනවා. සියලු බුදුවරයන් වහන්සේලාට වැඩසිටීමට මෙම ස්ථානයේම මෙම ගන්ධ කුටිය පිහිටන බැවින් මෙම ස්ථානය අවිජහිත නමින් හදුන්වනවා. මජ්ජිම නිකායේ සුත්‍ර 65ක්ම මෙම ස්ථානයේදී දේශනා කර තිබෙනවා. සංයුක්ත හා අංගුත්තර නිකායේ සුත්‍ර වලින් විශාල ප්‍රමාණයක් මෙම ස්ථානයේදී දේශනා කර තිබෙනවා. විනය නීතිද විශාල ප්‍රමාණයක් පැනවීම සිදුවුනේ මෙතැනදී. මෙවැනි ත්‍රිපිටක දේශනා වලට අනුකුල පිහිටීමක් සහිත ආරාමයක් තබා බුදුන් සදහා වෙනම ගන්ධ කුටියක් වෙන් කල කිසිම ආරාමයක නටඹුන් ලංකාවේ කොතැනකින්වත් හමුවී නෑ.



බුදුරජානන් වහන්සේ ජීවමාන සමයේදී උන්වහන්සේ සැවත් නුවර වැඩ නොවසන කාලයේදී බුදුන් වන්දනා කරගැනීමට ක්‍රමයක් අනුදැන වදාරන ලෙස ආනන්ද හිමියන් බුදුරජානන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී ජයශ්‍රී මහා බෝ අංකුරයක් රෝපණය කර බුදුන් වෙනුවට බෝධීන් වහන්සේ හට වන්දනා මාන කිරීමට බුදුන් අනුමත කළා. ඒ අනුව මහා මුගලන් රහතන් වහන්සේ විසින් ජයශ්‍රී මහා බෝධීයෙහි ශාකාවක් ආනන්ද හිමියන්ට ලබාදුන් අතර අනේපිඩු සිටුවරයාගේ මුලිකත්වයෙන් ජේතවනාරාමයේ එය රෝපණය කළා. මේ සදහා ආනන්ද හිමියන් මුලික වුනු බැවින් එය ආනන්ද බෝධිය විදියට හදුන්වනු ලබනවා. ලංකාවේ කිසිම තැනක ජේතවනාරාමයක් හෝ ආනන්ද බෝධියක් ඇත්තේ නෑ.

මේ කාලයේ තමන් මහා ප්‍රඥාවන්තයන් යයි සිතා සිටින දාර්ශනික බෞද්ධයන් බෝධි වන්දනාවට ගරහා එය බුදුදහමේ අංගයක් නෙවෙ යයි මෝඩ මත පලකරන බව දකින්න ලැබෙනවා. එහෙත් බෝධි වන්දනාව ආරම්භ   වුනේ බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය යටතේ බුදුන් වැඩ හිදී කාලයේදීමයි. කණාමැදිරි ප්‍රඥාවෙන් යුතු රැඩිකල් බෞද්ධයන් බෝධි වන්දනාව පහත කලත් මහා ප්‍රඥාවෙන් යුතු බුදුරජාණන් වහන්සේ කිසි අවස්තාවක බෝධි වන්දනාව, ස්ථුප වන්දනාව හෝ වෙනත් කිසිදු ශ්‍රද්ධා මුලික ක්‍රියාවක් හෙලා දැක නැති අතර එවැනි ක්‍රියාවන්ගේ පුණ්‍ය විපාකයන් හා ගුණ ඉතා ඉහලින් වර්ණනා කර තිබෙනවා. ශ්‍රද්ධාව නොමැති පුද්ගලයන් බුද්ධ දේශනාව අනුව කටයුතු නොකර භාවනා වැඩීමට ගොස් මග වරදවා ගෙන තමන්වම රවටාගෙන මුලා වන අවස්ථා ඕනෑතරම් අප දැක තිබෙනවා. නිවැරදි ලෙස සමත විදර්ශනා ආදී ප්‍රතිපදාව වඩන්නන් තුල ශ්‍රද්ධාවද ඉතා ඉහලින් දකින්න තිබෙනවා.


ජේතවනය- ආනන්ද කුටිය 

ජේතවන ආරාමයේ බුදුරජානන් වහන්සේගේ ගන්ධ කුටිය අසලින්ම ත්‍රිපිටක දේශනා වල සදහන් පරිදිම ආනන්ද හිමියන්ගේ කුටිය පවතිනවා.



අනෙපිඩු සිටු මාලිගය 

ජේතවනාරාමයට නුදුරින් ජේතවනාරාමය පුජා කරන ලද සැවැත්නුවර අනෙපිඩු සිටුතුමාගේ මාලිගයේ නටඹුන් පවතිනවා.



සංකස්ස පුර - ගරාවැටීමට පෙර 
සංකස්සපුර -ගරා වැටීමෙන් පසු


ලොව පහළවන සියලුම බුදුවරුන් මාතෘ දිව්‍ය රාජයාට ධර්ම දේශනා කර මිනිස්ලෝවට පාතබන ස්ථානය සංකස්ස පුරයයි. මෙය කිසිදු බුදුවරයෙක් අත්නොහරින ස්ථානයක් හෙවත් අවිජහිතට්ටාන ස්ථානයක්. සෝපාන විහාර නමින් මෙම ස්ථානය ප්‍රසිද්දව පවතිනවා.
* අශෝක රජතුමා මොග්ගලීපුත්තතිස්ස රහතන් වහන්සේගේ මෙහෙයවීමෙන් මෙම ස්ථානයට පැමිණ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි මතු පරපුර හට මෙම ස්ථාන හදුනාගැනීමට මෙහි අශෝක ස්ථම්භයක් පිහිටවා තිබෙනවා.
*  5, 7 සියවස් වලදී දඹදිව    සංචාරය කල   ෆාහියන් හා හියුන්සාන් භික්ෂුන් වහන්සේලාගේ වාර්තා වල මෙම ස්ථානය පිළිබද පැහැදිලි තොරතුරු වාර්තා වනවා. එම තොරතුරු   හා අශෝක ස්තම්භයෙන් සලකුණු කල    මෙම   ස්ථානය සම්පුර්ණයෙන්ම එකිනෙකට සමානයි. අසල්වාසි නගර වල සිට මෙම ස්ථානයට දක්වා ඇති දුර   ප්‍රමාන හා මග සමානයි.
මේ කරුණ පමණක් සලකා බැලුවත් බුදුන් ඉපදුනේ ඉන්දියාවේ බවත් අශෝක රජු කිසිලෙසකින් ඉතිහාසය විකෘති කිරීමක් නොකළ බවත් ලංකාවේ බුදුන්   උපද්දවන   හදනා ජම්බුදිපකාරයන්   විකෘති ව්‍යාජ තොරතුරු සමාජගත කරනා මානසික රෝගීන්   බවත් ඉතාම පැහැදිලිව පෙනෙනවා.



කුසිනාරා නුවර

මල්ල රජවරුන්ගේ රාජධානියෙහි අගනුවර උනේ කුසිනාරා නුවර. බුදුන් පිරිනිවන් පෑවෙත් මෙහි උපවර්තන සල් උයනේදියි. වර්තමානයේ කුසිනාරාව කුසිනගර් නමින් හදුන්වනවා. උපවත්තන සල් උයනක් හෝ කුසිනාරා නම් නුවරක් පිලිබදව ලංකාවේ කිසිම සාධකයක් නෑ. ලංකා රාජාවලිය තුල මල්ල නම් රජවරු පිරිසක් කවදාවත් සිටියේ නෑ.
7 වන සියවසයේදී ඉන්දියාවට පැමිණි හියුන්සාන් භික්ෂුව මෙහි පැමිණ තමන් දුටු බොහෝ සිද්ධස්ථාන පිළිබද වාර්තා කරත් තිබෙනවා. අචිරවති නදිය, චුන්ද කම්මාර පුත්‍රයා වාසය කල ස්ථානයේ ඉදිකළ චෛත්‍යය, සුභද්‍ර භික්ෂුව පිරිනිවුණු ස්ථානය, බුදු සිරුරට සත් දිනක් පුජා පැවැත්වූ ස්ථානය, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදු සිරුරට වන්දනා කල ස්ථානය. ධාතුන් බෙදා වෙන් කල ස්ථානය ආදී බොහෝ තැන් එම වාර්තාවේ සදහන් කර තිබෙනවා. වර්තමානයේ ඒවා බොහොමයක් විනාශ වී  තිබෙන්නේ  අන්‍යාගමික ආක්‍රමණිකයන් සිදුකල විනාශයන්  නිසා.





මෙම පිළිම කුසිනාරාවේ ඉදිකර තිබෙන පුරාණ පිළිම දෙකක්.බුදුන් පිරිනිවන් මංචකයේ වැඩසිටින ආකාරය පෙන්වන පළමු පිළිමය පිරිනිවන් මන්චක විහාරය තුල තිබෙන අතර දෙවන පිළිමය මාතා කුඅර් විහාරය තුල පවතිනවා.


පිරිනිවන් මන්චක පිළිමයේ පහලින්
1 දබ්බ මල්ලිකාව වැලපෙන අයුරු
2. සුභද්‍ර භික්ෂුව භාවනා වඩන අයුරු
3. ආනන්ද තෙරුන් ශෝකයෙන් පසුවන අයුරු  නිර්මාණය කර තිබෙනවා.
මාතා කුඅර් බුදු පිලිමයේද බුදුන් ගිලන්ව වැඩසිටින ආකාරය නිරුපනය කර තිබෙනවා.

* මේවා බුදුසමයට පසුකාලීනව නිර්මාණය වූ පිළිම උවත් මෙවැනි පිළිම නිර්මාණය කිරීමට හේතුවෙන්නේ එම ප්‍රදේශයේ ජනප්‍රවාද ලෙස මෙම තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට පැමිණීම නිසයි.
බුදුන් පිරිනිවන් පෑවේ ලංකාවේ නම් සුද්දන් හෝ ඉන්දියානුවන් ඉතිහාස සාධක විනාශ කල පලියට ජනප්‍රවාද කිසිසේත්ම නැතිවී යන්නේ නෑ. බුදුන් පිරිනිවන් පෑවේ ලංකාවේ නම් එම ප්‍රදේශ වල රජමහා විහාර ඉදිකර මෙවැනි ප්‍රතිමා නිර්මාණය කර තිබිය යුතුයි. බුදු සිරිතට අදාළ කිසිදු දෙයක් එලෙස ලංකාවේ ජනප්‍රවාද වල පවතින්නේ නෑ. මහා සුදස්සන සුත්‍රයේ හා කුසිනාරා සුත්‍රයේ බුදුන් පිරිනිවීමට කුසිනාරා නුවර තෝරාගැනීම පිලිබදව සදහන් වෙනවා. ලංකාවේ කිසිදාක කුසිනාරා නම් නුවරක්  තිබුනාද? මල්ල නම් රජ පරම්පරාවක් තිබුනාද?



බුදුරදුන් පිරිනිවන් පෑ ස්ථානය සිහිවීමට මෙලෙස ගොඩනැගීමක් සිදුකර තිබෙනවා. බුදුන් ආදාහනය කල ස්ථානයේ ඉදිකළ මකුට බන්ධන චෛත්‍යයත් සර්වඥ ධාතුන් වහන්සේ කොටස් අටකට බෙදා වෙන් කල ස්ථානයේ ඉදි කල චෛත්යත් පිළිබද විස්තර පළමු ලිපියේ සදහන් කළා.

කපිලවස්තු චෛත්‍යය
ධාතුන් වෙන්කර ලබාදුන් පසු ශාක්‍යයන් හට ලැබුණු සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කර මෙම කපිලවස්තු චෛත්‍යය වර්තමාන ගොරක්පුර් ප්‍රදේශයේ ඉදිකර තිබෙනවා.


විශාලා මහනුවර 
පුරාණ වජ්ජි රාජ්‍යයේ අගනුවර වන විශාල මහනුවර වර්තමානයේ වෛශාලි නමින් හදුන්වනු ලබනවා. බුද්ධ පරිනිර්වාණයෙන්   පසු අජාසත් රජු   වජ්ජි රටේ රජුන් වන ලිච්චවින් සමග යුධ කර වජ්ජි රට   අතීත මගධය හෙවත් වර්තමාන බිහාරයට අයත් කරගන්නවා. වර්තමානයේ බිහාරයට අයත් වෛශාලි නුවර වැසියන්ගේ ජාතිය වශයෙන් ඔවුන් අදටත් ලිච්චජිවී නාමයෙන් හදුන්වනවා. ඉන්දියාවේ ඉතිහාස සාධක අනුව ලෝකයේ පළමුවරට සමුහාණ්ඩු පාලනයක් පැවති ප්‍රදේශය මෙය බවට ලෝක ඉතිහාසයට ඇතුලත් කර     තිබෙනවා.  බුද්ධ පරිනිර්වාණයෙන් පසු ලිච්චවී රජවරුන්ට ලැබුණු ධාතුන් වහන්සේලා තැන්පත් කර ඉදිකළ ස්තුපයේ නටඹුන් අදටත් සුරක්ෂිතව දකින්න පුළුවන්.
බුදුන් ඉපදුනේ ලංකාවේ නම් ලිච්චවී නම් ජන කොටසක්   ලංකාවේ වාසය   කරනවාද?
ලිච්චවී නම් රජ පරම්පරාවක් රාජාවලියේ කවදා හෝ සිටියාද?
මගධයක් හෝ විශාලා නුවරක් ලංකාවේ කොහේ හෝ තිබෙනවාද?

ලිච්චවින් ඉදිකළ චෛත්‍යයේ නටඹුන් 


ආනන්ද ස්ථුපය

විශාලා මහනුවර අනෙක් නටඹුන් අසලින් ආනන්ද මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර තැනු ආනන්ද ස්තුපය පවතිනවා. අශෝක ශිලා ස්ථම්භ අතරින් හානියක් නොවී පවතින එකම ස්ථම්භය වන්නේ මෙහි තිබෙන ස්ථම්භය. එහි සිංහයා මුහුණලා සිටින දිශාවෙන් බුදුරජානන් කුසිනාරාවට වැඩම ඇතුල් වූ දිශාව නිරුපනය කරනවා.


ලෝකප්‍රකට සාංචි ස්තුපය ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි පිහිටා තිබෙනවා. බුද්ධ කාලයේ පැවති අවන්ති හා සුරසේන යන ප්‍රදේශ දෙක අයත් වන්නේ වර්තමාන මධ්‍ය ප්‍රදේශයට. අවන්ති රාජ්‍යයේ රජකළ චණ්ඩ පජ්ජෝත නම් රජුගේ ගෝපාල දේවි නම් බිසව බුද්ධ පරිනිර්වාණයෙන් පසු කුණ්ඩල නම් උද්‍යානයේ විහාරයක් තනවා මහා කාත්‍යායන මහරහතන් වහන්සේ හට පුජා කර තිබෙන අතර වර්තමානයේ සාංචි ස්තුපය ලෙස හදුන්වන්නේ එම විහාරය. අශෝක රජු රජවීමෙන් පසු මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. අශෝක රජු රජවීමට පෙර මෙම ප්‍රදේශයේ යුවරජ ලෙස පාලනය කර තිබෙන අතර අශෝක රජුගේ බිසව වන මිහිදු සංඝමිත්තා වහන්සේලාගේ මෑණියන් වන විදිසා  බිසව අයත් වෙන්නේ මෙම ප්‍රදේශයටයි. ලංකාවට පැම්ණීමට පෙර මිහිදු-සංඝමිත්තා දෙනම වාසය කර තිබෙන්නේද මෙම ප්‍රදේශයෙමයි. ලංකාවේ මිහින්තලයත් ඉන්දියාවේ සාංචි විහාරයත් අතර සමානකම් බොහෝ ප්‍රමාණයක් තිබෙනවා වගේම එම ස්ථාන දෙකම චේතියගිරි නමින් හැදින්වෙනවා. සාංචි ස්තුපය පිළිබද මේ සියලු කරුණු වලිනුත් ලංකාවේ මෙතෙක් පැවති බෞද්ධ ඉතිහාසය ඉතාම නිවැරදි බව තහවුරු වෙනවා.




සාංචි ස්ථුපයේ බුදුපිළිම
අශෝක යුගයටත් පෙර පශ්චාත් බුද්ධ කාලයට අයත් වන සාංචි ස්තුපයේ බුදුපිළිම කිහිපයක්ම නිරුපද්‍රිතව දකින්න ලැබෙනවා. මිට අමතරව අජන්තා ලෙන් වල කැටයම් තුලත් ඇල්ලෝරා කැටයම් තුලත් පැරණි බුද්ධ ප්‍රතිමා දකින්න ලැබෙනවා.
 බුදුන් ලංකාවේ උපන් බව ප්‍රචාරය කරනා විශ්වවිද්‍යාලයක පස්වත් පාගා නොමැතිව කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකු ලෙසත් පුරාවිද්‍යාඥයෙකු ලෙස ඉතාම අසත්‍ය ලෙස තමන් පිලිබදව ව්‍යාජ තොරතුරු සමාජගත කරනා ජයරත්න පතිආරච්චි නම් මානසික රෝගියා ඔහුගේ ෆේස්බුක් ගිණුම් මගින් ඉන්දියාවේ බුදු පිළිම කිසිවක් නැතියයි ඉතාම අසත්‍ය ප්‍රචාරයක් මෑතකාලීනව පතුරවන බව දකින්න ලැබුනා. එවැනි මානසික රෝගීන්ට වන්දනා කරන රාවණ ඉතිහාසයක් සොයන්න ගොස් දස අතේ මංමුලා වී සිටින ඔලමොට්ටල තරුණ ප්‍රජාවක් ලංකාවේ බිහිවී තිබීම රටේ අවාසනාවක්.
කාඩ්බෝඩ් ප්‍රතිරුප වලට හසුවී හොරුන් කියනා සියලු දේ අන්ධ භක්තියෙන් පිළිගනිම වෙනුවට ඉතිහාසය පිළිබද ඉතා සුළු මට්ටමෙන් හෝ අධ්‍යනයක් කරනවා නම් මෙවැනි හොරුන්ගේ බොරු වලට හසුනොවී ඉන්න හැකියාව ලැබෙයි.



සාංචි ස්තුපයට ඇතුල් වන ස්ථානයේ ඉදිකර ඇති තොරණ තුල විවිද ජාතක කතාවන්, සත්බුදු කැටයම් හා දිව්‍යලෝක ආදී බොහෝ දේ කැටයම් කර තිබෙනවා.




බුද්ධ කාලීනව වාසය කල ෂට් ශාස්තෘ වරුන්ගේ අනුගාමිකයන් අදටද ඉන්දියාවේ ඉන්නවා. එමෙන්ම නිගන්ට ආදීන්ද අදටත් ඉන්නවා . බුදුන් ඉපදුනේ ලංකාවේ නම් ඔවුන් සිටිය යුත්තේත් ලංකාවේ නොවේද?



මෙතරම් සාක්ෂි සාධක රාශියක් සහිතව බුදුන් උපන්නේ වැඩසිටියේ ඉන්දියාවේ බව තහවුරු වෙද්දී තවමත් කිසිදු පදනමක් නැති හොර සාධක, විකෘති සාධක මත පදනම් වී බුදුන් ඉපදුනේ ලංකාවේ යයි ඔබ විශ්වාස කරනවා නම් වහාම ලගම රෝහලට ගොස් MRI scan එකක් කරවාගෙන හිස් කබල තුල මොලයක් තිබේදැයි පරික්ෂා කරගත යුතුයයි මගේ අදහසයි.

* නිවැරදි ලෙස විකෘති නොකළ ධර්මය අනුව සමත විදර්ශනා සතර සතිපට්ටාන ආදී ප්‍රතිපදාව වඩනවා නම් තමන්ට තමන්ගේ දියුණු සිත තුලින්ම බුදුන් ඉපදුනු භුමිය පමණක් නොව එකල සිදුවූ සිදුවීම් පවා දැකීමේ හැකියාව ලැබෙනවා. විකෘති වලට හසුවූ බෞද්ධයන්ට වැරදි තිබෙන්නේ ප්‍රතිපදාව නොවඩා අහුමුලු අතගගා සිටීම නිසයි.

බුදුන් ලංකාවේ ඉපදුන බව ප්‍රචාරය කරනා මිත්‍යා දෘෂ්ඨිකයන් තමන්ගේ බොරු අන් අය තුලට පහසුවෙන් ඇතුළු කිරීමට ඉතා කුට උපක්‍රම භාවිතා කරනවා.
1.   බුදුන් ඉපදුනේ ඉන්දියාවේ බවට කිසිම සාක්ෂියක් නැති බව පැතිරීම
2.   ලංකාවේ සෙල්ලිපි පිලිබදව ව්‍යාජ විකෘති අර්ථ පෙන්වීම

මේවා පිළිබද සත්‍ය දැනගැනීමට නම් ඉතිහාසය පුරාවිද්‍යාව පිළිබද දැනුමක් තිබිය යුතුයි. ලංකාවේ අති   බහුතරයකට එවැනි දැනුමක් නැති නිසා මෙම ලෝක හොරුන් පහසුවෙන් තමන්ගේ බොරු සමාජගත කරනවා. මොවුන් සමාජය ඉදිරියේ පෙනී ඉන්නේ සුද්දන් හා දෙමළුන් විසින් යටගැසූ හෙළ ඉතිහාසයක් මතුකරනා සුජාත හෙළ පුත්‍රයන් විදියට.
ඒත් ඔවුන්ගේ එකම අරමුණ වෙන්නේ පිරිසිදු ථෙරවාද බුදුදහම දෙකඩ කර, හානි කර හැකිතරම් විනාශ   කිරීම පමණයි. මෙවැනි ලෝක හොරුන්ගෙන් බුදුදහම බේරාගැනීමට කලයුත්තේ මෙවැනි හොරුන් පතුරවන ඉතිහාස හා ධර්ම පිළිගැනීමට නොයා  තමන් ඉතිහාසය මුල සිට අධ්‍යනය කර ධර්මය මුල සිට අධ්‍යනය කර ධර්ම ප්‍රතිපදාව ප්‍රායෝගිකව වැඩීමට පටන්ගැනීමයි.

මෙම හොරුන් සත්‍ය ඉතිහාසය හා සත්‍ය ධර්මයට ගරහමින් ඒවා උගන්වන නිවැරදි භික්ෂුන් හා පුද්ගලයන් හට   පහර ගසමින් විවිද අවලාද සිදුකරන්නේ මොවුන්ගේ විකෘතියට සමාජයේ බලයක් ලබාගැනීමට. සත්‍ය ඉතිහාසය හා ධර්මය නොදන්නා මෝඩ බෞද්ධයන් මොවුන්ගේ බොරු පිළිගත් විට සත්‍ය දන්නා කෙනෙකු ඒවා ගැන සත්‍ය පැහැදිලි කර ඔවුන්ව මුලාවෙන් මුදාගැනීම වලක්වා ගැනීමට මේ හොරුන් මේ විදියට පහර ගැසීම සිදුකරනවා. නමට බෞද්ධයන්ගේ ඔලුවට  බොරු ඇතුල් කරන ගමන්ම සත්‍ය පිළිබද වෛරයකුත් ඇතුල් කරනවා. ඒ මගින් වෙන්නේ බොරුව පිළිගත් පුද්ගලයාගේ මධ්‍යස්ත භාවය විචාරශීලි භාවය නැති කර සත්‍ය විමසීමකින් තොරවම ප්‍රතික්ෂේප  කරන මානසික මට්ටමක් ඇතිකිරීම. එතකොට ඒ පුද්ගලයන් හට කවදාවත් මුලාවෙන් මිදීමේ හැකියාවන් ලැබෙන්නේ නෑ.


මේ වගේ ධර්මයේ නාමයෙන් විකෘති මත පතුරවලා ධර්මය විකෘති කරන චීවරධාරීන් අනාගතයේදී බිහිවෙනවා කියල බලන්ගොඩ ආනන්ද   මෛත්‍රී නාහිමියන් වහන්සේ 1990 ගණන් වලදීම පුවත්පත් සාකච්චාවකදී දේශනා කරලා තියෙනවා. ඊටත් කලින් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා මාගේ ශාසනයේ විනාශය සිදුවන්නේ බාහිර බලපෑමකින් නෙවෙයි ශාසනය තුලින්ම පැනනගින හේතු මගින් කියල.






Comments