Featured Post

ත්‍රිමුර්ති දෙවියන් පිළිබද බුද්ධ දේශනා Trinity Gods Brahma Vishnu Shiva




"මහා බ්‍රහ්ම ශිව හා විෂ්ණු දෙවිවරු යනු මිත්යාවන්ය",
"
බුදුරජානන් වහන්සේ දේශනා කල දිව්‍යලෝක තුල එවැනි අය ගැන සදහනක් නැතිය
එම නිසා ඔවුන් ඇදහීම මුලාවක්" යයි පිරිසක් මත පළකරති.
 

බුදුදහම නිවැරදිව හදාරා නිවැරදිව ප්‍රතිපදාව වඩා සමත විදර්ශනා වඩන්නේ නම් ඕනෑම අයෙකුට තමන්ගේ දියුණු කරගත් සිත තුලින්ම දේව තලයන්ට සංචාරය කිරීමෙන්ම හෝ දෙවියන් සමග සන්නිවේදනය කිරීමෙන්ම මහා බ්‍රහ්ම ශිව විෂ්ණු දෙවිවරු සිටින බව ප්‍රත්‍යක්ෂ කර ගත හැක


ඊට මෙපිටින්ද බුදුදහම තුලින්ම මහා බ්‍රහ්ම ශිව විෂ්ණු දෙවියන් පිළිබද බුදුන් සදහන් කල අවස්ථා උපුටා දැක්විය හැක.
ත්‍රිමුර්ති දෙවියන් පිලිබදව තොරතුරු දැක්වෙන ප්‍රධානම සුත්‍රය ධජග්ග සුත්‍රයයි. ධජග්ග සුත්‍රයේ මුල් කොටස තුල බුදුරජානන් විසින් ත්‍රිමුර්ති දෙවියන් පිළිබද දේශනා කෙරේ.
1.එවං මේ සුතං, එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ
2. තත්ර ඛො භගවා භික්‌ඛූ ආමන්‌තෙසි භික්‌ඛවොති . භදන්‌තෙති තෙ භික්‌ඛූ භගවතො පච්‌චස්‌සොසුං. භගවා එතදවොච
3.භූතපුබ්‌බං, භික්‌ඛවෙ, දෙවාසුරසඞ්‌ගාමො සමුපබ්යූළ්‌හො අහොසි. අථ ඛො, භික්‌ඛවෙ, සක්‌කො දෙවානමින්‌දො දෙවෙ තාවතිංසෙ ආමන්‌තෙසි ,
සචෙ, මාරිසා, දෙවානං සඞ්‌ගාමගතානං උප්‌පජ්‌ජෙය්ය භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, මමෙව තස්‌මිං සමයෙ ධජග්‌ගං උල්‌ලොකෙය්යාථ. මමඤ්‌හි වො ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති’.
4.නො චෙ මෙ ධජග්‌ගං උල්‌ලොකෙය්යාථ, අථ පජාපතිස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්යාථ. පජාපතිස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.
5.නො චෙ පජාපතිස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්යාථ, අථ වරුණස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්යාථ. වරුණස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.

6.නො චෙ වරුණස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්යාථඅථ ඊසානස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්යාථ. ඊසානස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වාසො පහීයිස්‌සතී ති.


<<<<<
අර්ථය >>>>> 
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
2. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ.
3. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ´´ මහණෙනි, පෙරවූදෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්රදේවේන්ද්ර තෙම තව්තිසා වැසි දෙවියන්ට ( මෙසේ ) කථාකර කීවේය: ´ ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේනම්, එකල මාගේම කොඩිය බලව් මාගේ කොඩිය බලන්නාවූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.
4. ´´ ´ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්රජාපති දේව රාජයාගේ කොඩිය බලව්. ප්රජාපති දෙව් රජුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.
5. ´´ ´ඉදින් ප්රජාපති දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජුහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.
6. ´´ ´ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම් අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

දෙවියන් හට බියක් ඇතිවේ නම් සක් දෙවිදුන්ගේ කොඩිය දෙස බලන ලෙසත්
එය පෙනෙන මානයේ නැති නම් ප්‍රජාපති දෙවියන්ගේ කොඩිය දෙස බලන ලෙසත්
එය පෙනෙන මානයේ නැතිනම් වරුණ දෙවියන්ගේ කොඩිය දෙස බලන ලෙසත්
එය පෙනෙන මානයේ නැතිනම් ඊසාන දෙවියන්ගේ කොඩිය දෙස බලන ලෙසත් සක් දෙවිදු ප්‍රකාශ   කරති.
මෙහිදී ප්‍රජාපති ලෙස හදුන්වා ඇත්තේ මහා බ්‍රහ්මයන්
වරුණ යනු විෂ්ණු දෙවියන්ය
ඊසාන දෙවියන් යනු ඊශ්වර දෙවියන්ය.



*
මෙම නාමයන් තුනම බුද්ධ කාලින සමයේ ත්‍රිමුර්ති දෙවියන් හැදින්වූ නාමයන් වේ.
සියලු ප්‍රජාවගේ පාලකයා යන අර්ථයෙන් ප්‍රජාපති යන නාමය මහා බ්‍රහ්ම හට යෙදවී ඇත.
මහා බ්‍රහ්මයන් හදුන්වන නාම අතුරින් ප්‍රජාපති යන නාමය ප්‍රධාන නාමයක් වන අතර මහා බ්‍රහ්ම පරිවාර බ්‍රහ්මයන්ටද ඒ ආශ්‍රිත නම් යෙදී ඇත.

ආයුර්වේදය නිර්මාණය කිරීමේදී මහා බ්‍රහ්මයන් විසින් ස්වයන්භූ ඥානයෙන් ආයුර්වේද ශාස්ත්‍රය අවබෝධ කර මහා බ්‍රහ්මයන්ගේ මහපටගිල්ලෙන් උපන් "දක්ෂ ප්‍රජාපති" හට එය පිරිනැමූ බව ආයුර්වේද මුල ග්‍රන්ථයක් වන ජිවරෝත්පත්ති වර්ණයෙහි සදහන් වේ.


බුද්ධපුත්‍ර මාහිමියන් විසින් රචිත "යෝගාර්ණවය" තුළදී ආයුර්වේද වෛද්‍යක්‍රමයෙහි ප්‍රභවය පිළිබඳ මෙසේ පවසති. "මේ වෛද්‍ය ශාස්‌ත්‍රය ප්‍රථම කල්පයෙහි ලෝකාර්ථය කරන්නාවූ මහා බ්‍රහ්මයා දක්‌ෂ ප්‍රජාපති හට කීය. දක්‌ෂ ප්‍රජාපති අස්‌වීන් දෙදෙනා හට කීය. අස්‌වීන් දෙදෙන සක්‍රයා හට කීය. ශක්‍ර ධන්වන්තරී හට කීය. ධන්වන්තරී සුශ්‍රැතාදී සෘෂිවරයන් හට කීය. සුශ්‍රැතාදීහු කසී රජු හට කීහ. කසීරජහුගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාගතව පැවැත්තාවූ වෛද ශාස්‌ත්‍රය අත දීර්ඝ කාලයකින් ග්‍රන්ථාරූඨ විය."

මහා බ්‍රහ්මයන් බුදුන් හමුවට ආ අවස්ථා හා රහතන් වහන්සේලා හමුවට ආ අවස්ථා ධර්ම දේශනා වලදීද ඕනෑතරම් දේශනා කෙරේ.
සැරියුත් මහා රහතන් වහන්සේගේ මෑණියන් මිත්‍යා දෘෂ්ටිකව සිටි නිසා මරණාසන්න කාලයේදී සැරියුත් හිමියන් මෑණියන් සිටින නිවස අසල වාසය කළහ. රාත්‍රී කාලයේදී දීප්තිමත් ආලෝක විහිදුවමින් දෙවියන් පැමිණ සැරියුත් හිමිට වන්දනා කර යන බව මෑණියන් දුටුවාය. ඒ පිලිබදව භික්ෂුන්ගෙන් විමසීමේදී මහා බ්‍රහ්මයන් පැමිණ සැරියුත් හිමියන් වන්දනා කර ගිය බව භික්ෂුන් සාරි බැමිණියට සැල කළහ.


 * වරුණ යනු බුද්ධ කාලිනව විෂ්ණු දෙවියන් හැදින්වූ නාමයයි.
ත්‍රිමුර්ති දෙවිවරුන් සදහා මහා බ්‍රහ්ම විෂ්ණු ශිව ආදී නම් ප්‍රචලිත වීම බුද්ධ සමයෙන් පසුකාලීනව සිදු වූ අතර වරුණ හෙවත් විෂ්ණු දෙවියන් වෙන්හු ලෙසද නම් කර තිබේ. බුදුන් හමුවට පැමිණි වෙන්හු දෙවියන් පිලිබදව සංයුක්ත නිකායේ දේවදේවපුත්ත සංයුක්තයේ අනාථපිණ්ඩික වර්ගයේ වෙන්හු සුත්‍රයේ සදහන් වේ.

වරුණ නාමය විෂ්ණු දෙවියන් හදුන්වන නම් විශාල ප්‍රමාණය අතරින් ප්‍රධාන එක් නාමයක් වේ. වරුණ ලෙස හදුන්වන වෙනත් දෙවි වරයෙකුද සිටි. එම වරුණ දෙවියන් පිලිබදවත් විෂ්ණු දෙවියන්වත් භගවත් ගීතා ආදී ග්‍රන්ථ වල වෙන වෙනම වරුණ නාමයෙන් හදුන්වා තිබේ.
ඉන්දියානු නාවික හමුදාවේ ආදර්ශ පාඨය "ශාම් නො වරුණ" යන්නයි. එහි අර්ථය "වරුණ (විෂ්ණු ) දෙවියන් අප රකිත්වා" යන්නයි.
"
තන්නෝ මිත්‍රහ ශාම් වරුණ" යන වේද මන්ත්‍රය විෂ්ණු දෙවියන් වන්දනා කරන මන්ත්‍රයකි.
https://www.youtube.com/watch?v=T9Vksl491PQ


ඊසාන දෙවියන් යනු ඊශ්වර හෙවත් ශිව දෙවියන්ය. ඊසාන දිගට අධිපති බැවින් ඊශ්වර නමින් හැදින්වේ. දිශා අධිපති දෙවිවරුන් වේද ග්‍රන්ථ තුල දික්පාල නමින් හදුන්වන අතර ඔවුන් අතුරින් ඊසාන දිශාවට අධිපති ඊසාන දෙවියන් වන අතර ආයුධය ත්රිශුලය වේ.
"
ඕම් හම් ඊසානාය නමඃ " මන්ත්‍රය ඊසාන දෙවියන් වන්දනා කරන මන්ත්‍රයයි.
වේද සාහිත්‍ය තුලත් මන්ත්‍ර තුලත් ශිව ඊශ්වර දෙවියන් සිව ලෙසද හැදින්වූ අවස්ථා දහස් ගණනක් ඇත.

 (
සිව යනු හිරු යයි සමහරුන් මත පල කලද වේද ඉගැන්වීම් තුල හා ඉන්දීය, මලයාල, කන්නඩ, ලාංකීය මන්ත්‍ර වල සිව දෙවියන් පිළිබද සදහන් වන්නේ ශිව දෙවියන් පිළිබද සදහන් ලක්ෂණම වේ. සිව යන නාමය කිසිදා හිරු හැදින්වීමට භාවිතා නොවූ අතර හිරු හෙවත් සුර්ය දෙවියන් පිලිබදව වෙනම සදහන් වේ.)

* බුදුරදුන් හමුවට පැමිණි සිව දෙවියන් පිලිබදව සංයුක්ත නිකායේ දේවදේවපුත්ත සංයුක්තයේ නානාතිර්ථය වග්ගයේ සිව සුත්‍රයේ සදහන් වේ.
(
සිව දෙවියන් බුදුන් හමුවට පැමිණි දෙවියෙකු වන බැවින් කිසිසේත්ම සිව යනු හිරු නොවන බවද පැහැදිලිය.)


* සක්ක සංයුක්තයේ ඉසයෝසමුද්දක සූත්‍රයේ ද ඊශ්වර දෙවියන් පිළිබද සදහන් වේ
මහණෙනි මෙය පෙර සිදු වූ දෙයක්. බොහෝ සීලවන්ත, කල්‍යාණ ධර්මයෙන් යුතු වූ ඍෂිවරු මුහුදු තීරයේ පංසල් තනාගෙන වාසය කළහ. ඒ කාලයේ දී සුර අසුර යුද්ධයක් හට ගැනුනි. ඍෂිවරු මෙසේ සිතුහ
"'දෙවියන් ධාර්මිකයි. අසුරයන් අධාර්මිකයි. අසුරයන් දිනුවොත් අපට කරදර වේවි. ඒ නිසා අපි සම්බර කියන අසුරයා වෙත ගිහින් ඔහුගෙන් අභය දානය ඉල්ලිය යුතුයි' .
ඍෂිවරු පිරිස එතැනින් නොපෙනී ගොස් සම්බර නම් අසුරයා ඉදිරියේ පහල විය. ‘"අසුරේන්ද්‍රය, ඍෂිවරු ඔබ ඉදිරියේ මෙසේ ඔබෙන් අභයදානය ඉල්ලා සිටිනවා. ඔබට මනුෂ්‍යයාට භය දෙන්නත් පුළුවනි. අභය දෙන්නත් පුළුවනි. ඔබ කැමැති දෙයක් දෙන්න’ .
සම්බර අසුරයා පිළිතුරු දුන්හ
"‘ඊශ්වරයා අපට විරුද්ධයි. ඔබ ඇසුරු කරන්නේ ඒ ශක්‍රයාවයි. ඒ නිසා අභය ඉල්ලන ඔබට මම බිය ම දෙමි’ .

එවේලෙහි ඍෂිවරු ‘"අප අභය ඉල්ලද්දීත් ඔබ අපට බිය ම දෙනවා. අපට කරන්න දෙයක් නැහැ. ඔබේ බිය ද නැති නොවේවා කියා සම්බර අසුරයාට සාප කළහ.

*
ධජග්ග පිරිත තුලදී ත්‍රිමුර්ති දෙවියන් පිලිබදව දේශනා කිරීමේදී ත්‍රිමුර්තියේ අනුපිලිවෙලින්ම එම දෙවිවරුන් පිලිබදව දක්වා තිබීමෙන් මෙහි සදහන් කර ඇත්තේ මහා බ්‍රහ්ම විෂ්ණු ශිව දෙවිවරු පිලිබදව යන්න තවදුරටත් පැහැදිලි වේ.
ත්‍රිමුර්ති සංකල්පයට අණුව මහා බ්‍රහ්මයන් විශ්වය මැවීමට අදාළ සිදුවීම් පාලනය කරන අතර ලෝකයේ පැවැත්මට අදාල කාලය විෂ්ණු දෙවියන් විසින් පාලනය කෙරේ. ලෝක විනාශය සිදුවන කාලයේ සිදුවීම් ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ බලපෑමෙන් සිදුවේ.
ධජග්ග සුත්‍රය තුලදී දෙවියන් හට බියක් ඇතිවේ නම් මුලින්ම සක් දෙවිදුගේ කොඩියත් බැලිය යුතුයැයි දේශනා කර ඇති අතර ඉන්පසු අනුපිළිවෙලින් ප්‍රජාපති - වරුණ - ඊසාන දෙවිවරුන් පිලිබදව දේශනා වේ.

trimurti gods
maha brahma creating universe, vishnu protecting universe, shiva destroying universe


දෙව්ලොව සිටින මහා දෙවිවරුන් සතර දෙනා මහා බ්‍රහ්ම විෂ්ණු ඊශ්වර සක්‍ර දේවේන්ද්‍ර යන දෙවිවරුන් වන අතර මිනිසුන් හට භාවනාමය ආදී ශක්තින් ලබාදීමත් මිනිසුන් හට දේවත්වය සදහා වරම් ලබාදීමත් සිදුකරන්නේ එම මහා දෙවිවරුන් සිව් දෙනාය.
දෙවියන්ට යක්ෂන්ට අසුරයන්ට මෙන්ම ඍෂි වරුන්ට ශක්තින් හා වෙනත් වරම් දීම්ද මහා දෙවි වරු සිව් දෙනා විසින් සිදුකෙරේ.
පතන්ජලි ඍෂි විසින් රචිත යෝග සුත්‍රයෙහි සදහන් භක්ති යෝග වැඩීමේදී  කුණ්ඩලිනි ශක්ති අවදි කිරීමට දෙවියන් වෙතින් ශක්ති ලබාගැනීමට වන්දනා කරන්නේ මහා දෙවි වරු සිව් දෙනා වේ.
දෙව්ලොව තුල බෞද්ධ හින්දු ලෙස ආගම් වර්ගීකරණයක් නැති අතර නිකෙලෙස් බුදු පසේබුදු මහරහතුන්ට සියලු දෙවියන් වන්දනා කරන අතර ජ්‍යෙෂ්ඨ මහා දෙවි වරුන් හට සියලු දෙවියන් අවනත වේ.



Comments

  1. යෝගී තුමනි භවනා සදහා යොදාගන්නා ආසන භාවනා නොකරන වෙලාවට භාවිතා කලාට කමක් නැතිද?

    ReplyDelete
  2. ඔබ තුමාට පින් !!!

    ReplyDelete
  3. යෝගීතුමනි බුදුරජාණන් වහන්සේගෙන් බ්‍රහ්මයෝ බණ ඇසූ අවස්තා පිලිබදව සූත්‍ර දේශනාවලා සදහන්ව ඇත. මම දන්නාතරමින් සියලුම බ්‍රහ්ම ලෝකවල සිටින බ්‍රහ්මයන් හට බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීමට මනුශ්ශ ලෝකය සමග සම්බන්දතා පැවැත්විය නොහැක.උදාහරනයක් විදිහට අසඤ්ඤසත්වයෙහි සිටින බ්‍රහ්මයන් මනුශ්ශ ලෝකේ බුද්ධ සාසන කොච්චර ගෙවී ගියත් එම බ්‍රහ්මයන් එම ලෝකයෙහිම ඉන්නවලු. යෝගීතුමනි මොන මොන බ්‍රහ්ම ලෝක වල සිටින බ්‍රහ්මයන් හටද මනුශ්ශ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහල වූ විට එම බ්‍රහ්ම ලෝකවල සිට මනුශ්ශ ලෝකයට වැඩමකර උන්වහන්සේගෙන් බණ අසා මාර්ගඵල ලැබිය හැක්කේ.කරුණාවෙන් පහදාදෙනු මැනවි!!!.

    ReplyDelete
  4. යෝගීතුමනි ධ්‍යාන ලැබීම සදහා පෙර පින් තිබිය යුතුය.එම පින් ලබාගැනීම සදහා කලයුතු පින්කම් මොනවාද?

    ReplyDelete
    Replies
    1. හැම පිනක්ම කරන්න
      භාවනා කිරීමත් පිනක්

      Delete
  5. යෝගීතුමනි ධ්‍යාන නොලැබීම සදහා පන්ච කාමය කෙරෙහි ඇති ආශාව බලපායි. මෙම ආශාව දුරු කිරීමේදී ආශාව දුරු කල යුත්තේ පංච කාමය කෙරෙහි ඇතිවන කලකිරීම මගින්ද?

    කලකිරීමකින් තොරව හිතට බලහත්කාරකම් කර පංච කාමයෙන් ඈත් උවහොත් ධ්‍යාන නොලැබෙනවද?
    උදාහරනයක් වශයෙන් ගතහොත්....,

    යම්කිසි කෙනෙක් රූපවාහිනිය නැරබීමට දැඩිව ඇලී සිටිනවානම් ඔහු එයින් ගැලවීම සදහා "මම නැවත කිසිදා රූපවාහිනිය නරබන්නේ නැහැ" කියා දැඩි අදිශ්ඨානයක් ගෙන රෑපවාහිනිය නොබලා ඉන්නවා.නමුත් ඔහුගේ හිතින් ඔහුට විටින් විට බලපෑම් කරනවා රූපවාහිනිය නරබන්න කියලා.නමුත් ඔහු කිසිසේත්ම රූපවාහිනිය නරබන්නේ නෑ. ඔහු රූපවාහිනිය නැරබීමේ ආශාව හිතේ සිරකරගෙන බොහෝ කාලයක් සිටියි.

    යොගීතුමනි මෙවැනි අයෙකුට ධ්‍යාන ලැබිය හැකිද? එසේත් නොමැතිනම් ආශාව දුරු කල යුත්තේ පංච කාමය කෙරෙහි ඇතිවන කලකිරීම මගින්ද? කරුණාවෙන් පහදා දෙනු මැනවි.

    ReplyDelete
    Replies
    1. ඕවා මුකුත් කරන්න ඕනි නෑ භාවනව හරියට කලාම ඇති.

      Delete
  6. Hindu agame maha brahmayata birindak innawa. eken penne e ayage maha brahma kathandaraya hadaagaththa ekak kiyala.

    ReplyDelete
    Replies
    1. බ්‍රහ්මයාට බිරිදක් ඉන්නවා කියල නෑ
      ප්‍රධාන දෙවිවරු අතරින් බ්‍රහ්මට විතරයි බිරිදක් නැත්තේ

      Delete
    2. සරස්වතී මෑනියන් මහා බ්‍රහ්මයාගේ පතිනිය බව හින්දු ආගමේ බොහෝ තැන්වල දැක්වෙනව...

      Delete
    3. නෑ ඒ කියන්නෙ බිරිද කියන එක නෙවෙයි

      Wife නෙවෙයි partner කියන එක


      මහාබ්‍රහ්ම, සරස්වති දෙන්නම බ්‍රහ්මචාරි දෙවිවරැ. ඒ නිසා කටයුතු කරන්නෙ එකට.

      Delete
  7. යෝගීතුමනි,
    1. කුන්ඩලිණි භාවනා පිලිබදව බුදුරජාණන්වහන්සේ දේශනා කරන තිබෙනවාද?

    2.පංච කාමයට දැඩි ඇලීමක් තිබෙන අයෙකුට ධ්‍යාන ලැබිය නොහැකිද?

    3.නිතර නිතර කේන්ති යන කෙනෙකුට ධ්‍යාන ලැබිය නොහැකිද?

    ReplyDelete
    Replies
    1. බුදුන් කුණ්ඩලිනිය ගැන දේශනා කර නෑ. බුදුන් සමත භාවනා උනත් දේශනා කරලා තියෙන්නේ නිවනට යොමු වෙන විදියට. කුණ්ඩලිනි වගේ දෙයක් බුදුන් දේශනා කරයි කියල හිතන්න බෑ

      බැරි කමක් නෑ. භාවනා කරන වෙලාවේ හිත එක්තැන් කරගැනීම හරියට කරනවා නම් වෙන මොනවා වත් ධ්‍යාන ලැබීමට අදාළ වෙන්නේ නෑ

      එහෙම එකක් නෑ. ඔය මොනවා තිබ්බත් ධ්‍යාන ලබන්න පුලුවන්

      Delete
  8. යෝගීතුමනි ධ්‍යාන ලබා ගැනීමට පන් සිල් රැකිය යුතුද?

    ReplyDelete
  9. ඔබතුමාට ගොඩක් පින්. තව තව භාවනා ලිපි ලියන්න. ඔබතුමාට හැකිනම් කාලය හරහා ගමන් කිරීම පිලිබද ලිපියක් ලියන්න.

    ReplyDelete
  10. Ethakota yogithumani dyanayata samawadi inna awasthawaka kenthiyak,ragayak hithe athi unoth dyana nathi wenne nadda?

    ReplyDelete
    Replies
    1. Dyanayata samawedi iddi owa enne ne
      Pancha niwarana yatapath vima dhyanaya

      Delete
  11. මේ බ්ලොග් එකේ ඔබගේ ලිපි හැම එකක්ම තියෙනවා https://aroundtheworldlk.blogspot.com/

    ReplyDelete
  12. ශිව දෙවියන් හා එතුමන්ට කරන පුද පූජා ගැන.. එතුමා සම්බන්ද ඔබතුමාගේ අත්දැකීම් ගැන හා ශිව දෙවියන් වෙතින් වරම් ලැබීම(කුන්ඩලනී ශක්තිය හැර වෙනත්) ගැන සවිස්තරාත්මක ලිපියක් වෙනමම දාන්න කියල ඉල්ලා හිටිනව... සක්‍ර දෙවියන් ගැන දැම්ම වගේම...

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී පල කරන්නන්

      Delete
  13. යෝගිතුමනි මාහට අතිතය ගැන දැනගැනිමට අවශ්‍යයි එ සදහා කුමක්ද සුදුසු භාවනාව

    ReplyDelete
    Replies
    1. අධ්‍යාත්මික වීම ලිපිය කියවන්න

      Delete
  14. යෝගී තුමනි එතකොට ආටානාටියේ එන මේ ගතාවෙඑන සීවකය කියන්නෙ සිව දෙවියන්ටද?

    කවර යක්ෂ කෙනෙකුන්ට, කවර මහා යක්ෂ කෙනෙකුන්ට, කවර සෙනෙවිරත් කෙනෙකුන්ට, කවර මහ සෙනෙවිරත් කෙනෙකුන්ටද යත්?
    “ඉන්ද්‍රය, සොමය, වරුණය, භාරද්වාජය, ප්‍රජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කිණ්ණුඝණ්ඩුය, නිඝණ්ඩුය”
    “පණාදය, ඔපමඤ්ඤය, දෙවසූතය, මාතලීය, චිත්‍රසෙනය, ගන්ධර්වය, නළය, රාජය, ජනෙසභය. සාතාගිරය, හෙමවතය, පුණ්ණකය, කර්තියය, ගුලය, සීවකය, මුචලින්දය, විශ්වාමිත්‍රය, යුගන්ධරය”

    ReplyDelete

Post a Comment