Featured Post

ආධ්‍යාත්මික වීම, ධ්‍යාන වැඩීම, ඍධි ලැබීම හා ශක්ති අවදි කිරීම


අධ්‍යාත්මික ජිවිතයක් ගත කිරීම තුලින් සාමාන්‍ය මිනිසෙකුට කිසිදාක නොලැබෙන මට්ටමේ වරප්‍රසාද රාශියක් ලැබෙනවා. අධ්‍යාත්මික ලෙස ඉහලට යාමේදී විශ්ව බලයන් හා ශක්තින් ලබාගැනීමට මෙන්ම අපරිමිත විශ්ව දැනුම ලබාගැනීමේ හැකියාවන් අත්වෙනවා. ඉහල අධ්‍යාත්මික ධ්‍යාන තලයන් වලට පත්වීමෙන්, ශක්ති අවදි කරගැනීමෙන් සාමාන්‍ය මනසකට කිසිසේත් අරමුණු කල නොහැකි විශ්ව රහස් අවබෝධ කරගැනීමටත් ඉහල ආධ්‍යාත්මිය තල වල සිටින්නන් සමග සන්නිවේදනය කිරීමටත් විශ්මිත අධ්‍යාත්මික බලයන් භාවිතා කිරිමටත් අවස්තාව ලැබෙනවා. 


අධ්‍යාත්මික වීමේ පණිවිඩය අහන්න ලැබෙන්නෙත් අවස්තාව ලැබෙන්නෙත් ඉතාම සුළු පිරිසකට පමණයි. යුරෝපිය රටවල අරාබි රටවල හා අප්‍රිකානු ආදී රටවල අති බහුතරයකට අධ්‍යාත්මික වීමේ රහස් කිසිදාක අහන්න දකින්න ලැබෙන්නේ නෑ.  ඔවුන් නැවත නැවත එකම ආකාරයෙන් උපදිමින් මැරෙමින් සාමාන්‍ය මිනිසුන් විදියටම ජිවත් වෙලා මැරිලා යනවා. භවය කෙලවර කිරීමක් හෝ භවය දැන හැසිරීමක් කල හැකි දර්ශනයක් ඔවුන්ට කිසිදාක අහන්න ලැබෙන්නේ නෑ.
අධ්‍යාත්මික රටවල පවා බොහෝ දෙනෙක් ගත කරන යාන්ත්‍රික ජිවිත රටාව නිසා මේ කරුණු දැනගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ ධර්ම පිළිබද අහන්න දකින්න ලැබෙන්නේ ඉතාම සුළු පිරිසකට පමණයි.

අතීතයේ තිබුණු නිදහස් ජිවන රටාව සමග බොහෝ දෙනෙක් අධ්‍යාත්මික ජිවිත ගත කළා.ඒ තුලින් ඔවුන් මානසිකව ඉහල තලයන්ට ගියා වගේම අධ්‍යාත්මිකව පෝෂණය වුනු විද්‍යාවන් හා තාක්ෂණ නිර්මාණය කළා.  විශ්මිත නිර්මාණ කිරීමට ඔවුන්ගේ අධ්‍යාත්මික බව සමග මුහු වුනු තාක්ෂනය ඍජුවම බලපෑවා. අතීත හෙළයන් හටත් සොබාදහම විනාශ නොකර සිගිරිය වැනි විශ්මිත නිර්මාණය කිරීමට අධ්‍යාත්මික භාවය සමග ලැබුණු විශ්ව දැනුම හා විශ්ව බලයන් දැඩි ලෙස උපකාර උනා.


මේ වනවිට ඒ තාක්ෂණ පිරිහී ගිහින් තියෙනවා වගේම කිසිම අධ්‍යාත්මික භාවිතයක් නැති නිසා ධර්මය අධර්මය හදුනාගන්න බැරි තත්ත්වයටත් බෞද්ධ රටේ මිනිසුන් පත්වෙලා තිබෙනවා. කිසිදා ධර්මය හැදෑරීමක් කර නොමැති නිසාත් භාවනා ආදී ප්‍රතිපදාව වැඩීමක් සිදු කර නැති නිසාත් විවිද වේශ වලින් එන ධර්ම විකෘතීන් වලට ආලෝක උගුල් වලට හසුවන කුරුමිණියන් වගේ නාමික බෞද්ධයන් රැවටෙමින් සිටිනවා.

සිංහල ජාතියට සිදුවී ඇති මේ විනාශයෙන් මිදී නැවතත් එවැනි විශිෂ්ට ජාතියක් බවට පත්වීමට නැවතත් අධ්‍යාත්මික භාවය ඇතිකරගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ සදහා පියවරෙන් පියවරට කල යුතු දේ මේ මගින් පැහැදිලි කර දෙන්නම්. මේ ලිපියෙන් සදහන් කරන බොහෝ කරුණු පෙර ලිපි වලින් සවිස්තරව පැහැදිලි කර තිබෙන නිසා නැවත නැවත ඒවා මේ තුල විස්තර නොකර ඒ ලිපි කියවීමට යාමට Links පමණක් ඇතුලත් කරන්නම්.


සිල් රැකීම

ආධ්‍යාත්මික දියුණුව අත්කරගැනිකමට උපකාර වන මුල්ම කාරණය වන්නේ සිල් රැකීම. නියම හෙළයෙකු විදියට තමන්ගේ සමාජයේ සිටින මිනිසුන්ට හා සතුන්ට හානියක් නොකර ජිවත් වෙනවා වගේම ගහක කොලයකටවත් හානියක් නොකර ජිවත් වීමෙන් සොබාදහමේ ආශිර්වාදය ලබාගැනීමේ අවස්තාව ලැබෙනවා.
බුදුදහමේ මුලික අංග තුන වන සීල සමාධි ප්‍රඥා අතරිනුත් මුල් අංගය වෙන්නේ සීලය. හිමාලයේ ධ්‍යාන වඩන යෝගීන් හා  ඍෂිවරුනුත් දැඩි ලෙස තපස් රැකීම සිදුකරනවා. තෙවැනි ඇස විවර කරගැනීමට මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් වැනි දෙවිවරුන්ගෙන්ආධ්‍යාත්මික බලයන්, ශක්තින්, වරම් ලබාගැනීම සදහාත් තපස් රැකීම අනිවාර්ය අංගයක් වෙනවා.

සිල් රැකීම මගින් ධ්‍යාන හා ශක්ති ලැබීමට සුදුසු තත්වයට සිත පත්වෙනවා. සිල් රකින පුද්ගලයෙකුට සිල් නොරකින පුද්ගලයෙකුට වඩා පහසුවෙන් සමාධිය ඇතිවෙනවා. සියලු ධ්‍යාන ලබාගැනීම පහසු කරවන ඉරියාපථ සතිපට්ටාන භාවනාව(Click Here to read) ලිපියේදී මම සදහන් කළා සිහිය හෙවත් සතිය පුරුදු කිරීමේදීත් නිකන්ම සතිපට්ටාන වඩනවාට වඩා ශීලයක් රකිමින් සතිය පුරුදු කිරීමේදී ඉතා පහසුවෙන් සිහිය වැඩෙන බව දකින්න ලැබෙනවා. මේ බව දින දෙක තුනක් සිහිය පුරුදු කිරීමෙන් පවා අත්දකින්න ලැබෙන දෙයක්.
මෙවැනි කෙටිකාලින ප්‍රතිපල වගේම ශිලය මගින් දිර්ඝකාලින සිත ශක්තිමත් කිරීමකුත් සිදුවෙනවා. කාලයක් තිස්සේ අයහපත් සිතුවිලි පාලනය කල විට කාලයක් ගියාට පස්සේ ස්වාභාවිකවම ඒ අයහපත් සිතුවිලි අක්‍රිය වීමක් සිදුවෙනවා. එම සිතුවිලි සිතට ඇති නොවන මට්ටමට පත්වෙනවා. එවැනි සිතක පවතින කෙලෙස් ප්‍රමාණය අඩු නිසා වඩා පහසුවෙන් සමාධිය ඇතිවෙනවා. ඒ නිසා සිල් රකිම මගින් සිතේ කෙලෙස් පාලනය කිරීම කාලයක් තිස්සේ ප්‍රගුණ කිරීමෙන් ධ්‍යාන වැඩීමේදී පහසුවෙන් ධ්‍යාන ලැබෙනවා. සිතක් එක්තැන් නොවන්නේ සිතක පවතින කාමච්චන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්දච්ඡ කුක්කුච්ච, විචිකිච්චා කියන පංච නීවරණ ධර්ම නිසා බව බුදුරජානන් වහන්සේ දේශනා කළා. සිල් රැකීම මගින් මෙම ක්ලේශ ධර්ම වල යම් යම් ස්වභාව යටපත් කිරීමේ පුරුද්දක් ඇතිවෙන නිසා භාවනාවේදී ඒ නිවරණ ධර්ම යටපත් කිරීම වඩා පහසු වෙනවා.

සිල් රැකීම මගින් සිත පිරිසිදු වී සිතේ ශක්තිය වැඩිවනවා වගේම සිල් රකින පුද්ගලයෙකුට නිරායාසයෙන්ම දෙවියන්ගේ උපකාර ලැබෙනවා. දෙවියන්ගේ පිහිට ලැබීමෙන් මගින් ජිවිතයේ බොහෝ කටයුතු පහසු වෙනවා වගේම ධ්‍යාන වැඩිම ආදී ආධ්‍යාත්මික කටයුතු වඩා පහසුවෙන් දියුණු වෙනවා. සිල් රකින පුද්ගලයන්ව දෙවියන්ට ඉතාම ප්‍රසන්න වෙනවා. මිනිස් ලොවට දෙව්ලොව දෙවියන් පැමිණීමට අකමැති වන ප්‍රධානම හේතුවක් වන්නේ මිනිසුන්ගේ ශරීරයෙන් පිටවන ගන්ධය බව කියවෙන බුද්ධ දේශනා ඔබ කියවා හෝ අසා ඇති. දෙවියන් හා අමනුෂ්‍යයන්  සුක්ෂම ශරීර සහිත පිරිසක් නිසා ගන්ධය වැනි මිනිසුන්ට නොදැනෙන සංවේදන ඉතා පැහදිලිව දැනෙනවා. මිනිසුන්ට දැනෙන්නේ නැති උනාට මිනිසුන්ගේ ශරීර වලින් ගන්ධයක් පිටවෙනවා. බල්ලන් පුසන් වගේ සතුන් තමන්ගේ අයිතිකාරයන්ව හදුනාගන්නේ ප්‍රධාන වශයෙන්ම මේ ගන්ධය මගින්. මදුරුවන් මිනිසුන් සොයා පැමිනෙන්නෙත් මිනිසුන්ගේ ලේ සුවඳ ඔස්සේ. සිල් රකින පුද්ගලයෙකුගේ ශරීරයෙන් පිටවන ගන්ධය ප්‍රසන්න සුවදක් බවට පත්වෙනවා. මේ ගන්ධය ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නේ රුධිරයේ තිබෙන රසායනික ද්‍රව්‍ය වලින්. ඒවා අතුරිනුත් ප්‍රධාන වශයෙන්ම හෝර්මෝන මගින් තමයි සිරුරෙන් පිටවන ගන්ධයේ ස්වභාවය තීරණය වන්නේ. කාමය හා තරහ වැනි සිතුවිලි නිතර නිතර ඇතිවෙනකොට ඒ සිතුවිලි වලට අදාලව මොළයේ සිදුවෙන වෙනස්කම් නිසා රුධිරයට ඒවාට අදාළ හෝර්මෝන හා වෙනත් රසායනික ද්‍රව්‍ය ශ්‍රාවය වෙනවා. කාලයක් තිස්සේ අයහපත් සිතුවිලි පාලනය කිරීමෙන් රුධිරයේ තිබෙන මේ රසායනික සාන්ද්‍රණ අඩුවීම නිසා සිරුරෙන් පිටවන ගන්ධය ප්‍රසන්න ස්වභාවයට වෙනස් වෙනවා. සාමාන්‍ය මිනිස් ගන්ධයට විකර්ෂණය වන දෙවියන් පවා මේ සුවදට ආකර්ෂණය වෙනවා. "සිල් රකින්නාගේ සිල් සුවද දෙව්ලොව දක්වා පැතිරෙනවා" කියල බුදුරජානන් වහන්සේ දේශනා කරන්න ඇත්තේ මේ පිලිබදව වෙන්න ඇති.

තෙවැනි ඇස විවර කරගැනීමට ශිව දෙවියන්ගේ පිහිට ලබාගැනීම ලිපියේදීත් මම සදහන් කළා සිල් ගැනීම ආකාර දෙකකට කරන්න අවශ්‍යයි. දීර්ඝ කාලීනව පන්සිල් වැනි පහසු සීලයක් රකිනවා වගේම දවසක් දවස් 3ක් 5ක් ආදී විදියට කෙටි කාලීනව උඝ්‍ර සීලයක් රැකීමත් සිදුකරන්න. හැම පෝයටම සිල් ගැනීමෙන් මේ දේ සිදුකරන්න පුළුවන්. හැම මාසයකම පොහොය දිනයේදී අටසිල් හෝ දසසිල් රැකීම ඉතාම වටිනවා. මෙතනදී වරුවෙන් සිල් පවාරණය නොවී මුළු දවසම සීලය රැකීම තමා වඩා ප්‍රතිපලදායක වෙන්නේ. සිල් ගන්න පන්සලකට ගියානම් ආපහු හවස ගෙදර ආවත් ගෙදර ඉදිමින්ම අටසිල් දසසිල් රකින්න. සිල් රකින්න පන්සලකට අසපුවකට යන්න අත්‍යවශ්‍ය නෑ. යනවනම් වඩා හොදයි. ඒත් අවශ්‍යතාව තියෙනවා නම් ගෙදර සිට උනත් අටසිල් දසසිල් ආරක්ෂා කරන්න පුළුවන්.

භාවනා කිරීම මගින් වෙන්නේ භාවනා කරන වෙලාව තුල සිත පිරිසිදු කිරීමක්. සිල් හා ප්‍රතිපත්ති රැකීමෙන් වෙන්නේ දීර්ඝකාලීනව සිත පිරිසිදු කිරීමක්. ඒ නිසා සිල් රැකිම මගින් සිතේ ශක්තිමත් බව ඍජු බව දැඩි වෙනවා. සිත නැවෙන ගතිය සැලෙන ගතිය අඩුවෙනවා. ඕනෑම දුකකට පීඩාවකට බියකට නොසැලෙන ලෙස සිත ශක්තිමත් වෙනවා. එදිනෙදා ජිවිතයට වගේම ධ්‍යාන හා ශක්ති ලබාගැනීමට මේ ශක්තිමත් බව දැඩි ලෙස උපකාර වෙනවා.


ලෝකය පුරා විවිද අරමුණු වලට නිපදවුණු විවිද භාවනා රාශියක් තිබෙනවා. ලෝකයේ තිබෙන සියලු භාවනා සැලකු විට ඒවා සියල්ල ප්‍රධාන කාණ්ඩ 3කට වෙන් කරන්න පුළුවන්.
1. සමත භාවනා
2. විදර්ශනා භාවනා
3. කුන්ඩලිනි භාවනා
ඕනෑම කෙනෙකුට ඉහල අධ්‍යාත්මික තල වලට යාමට තිබෙන්නේ මේ පාරවල් තුන විතරයි. බොහෝ දෙනෙක් කුන්ඩලිනි භාවනාත් සමත භාවනා වලට සමාන බව හිතනවා. සියලු භාවනා වලට පොදු උපදෙස් ලිපියේදී (කියවීමට Click here) මම විස්තර කර සදහන් කළා සමත භාවනා හා කුන්ඩලිනි භාවනා සම්පුර්ණයෙන්ම වෙනස්. සමත භාවනා වඩන ආකාරයට කුන්ඩලිනි භාවනා වඩන්න සුදුසු නෑ.


ධ්‍යාන වැඩීම
අධ්‍යාත්මික ශක්තින් හා තලයන් ලබාගැනීමට කැමැත්තෙන් සිටින මිට පෙර භාවනා කර නැති කෙනෙක් මුල් වරට අධ්‍යාත්මික වීම ආරම්භ කරනවා නම් ඊට වඩාත්ම සුදුසු වෙන්නේ මුලින්ම කුන්ඩලිනි භාවනා නොකර  මාස 6ක් - අවුරුද්දක් පමණ සමත භාවනාවක් ප්‍රගුණ කිරීම.

ධ්‍යාන පිලිබදව ඉගෙනගැනීමේදී පංච නිවරණ, රූප ධ්‍යාන, අරූප ධ්‍යාන, කමටහන්, කසිණ නිමිත්ත, උද්ග්‍රහ නිමිත්ත, පටිභාග නිමිත්ත, උපචාර ධ්‍යානය, ධ්‍යාන වශිතාව, ඉර්ධි, අභිඥා, නිරෝධ සමාපත්තිය කියන දේවල් පිලිබදව මුලික දැනුමක් තියෙන්න අවශ්‍යයි. ඒ නිසා ධ්‍යාන ලබාගන්නා ආකාරය විස්තර කරන ගමන් ඒ මුලික කරුණු පිලිබදවත් ඒ ඒ අවස්ථා වලදී පැහැදිලි කරන්නම්.
ධ්‍යාන වැඩීමට ආධුනික අයට මේ ලිපියේ සමහර වචන හා සංකල්ප නුහුරු නිසා එකවර හිතට නොයන්න පුළුවන්. මුල් කොටසේ වචන විතරක් දක්වන සමහර කරුණු අවසානයේදී සවිස්තරව පැහැදිලි කර තිබෙනවා. ඒ නිසා නැවත නැවත මුල සිට අගට ලිපිය සම්පුර්ණයෙන් කීප වරක් කියවන්න.

බුදුදහමෙන් පිට ඉගැන්වීම් වල පවා සමත භාවනා පැවතුනත් බුදුරජානන් වහන්සේ තරම් සමත භාවනා පිළිබදව විස්තර සහිතව පැහැදිලි කල වෙනත් කිසිම ශාස්තෘ වරයෙක් නෑ. ඒ නිසා මේ ලෝකයේ සිටින කෝටි ගණනක් මිනිසුන් අතරින් මනස ඉහල තලයන්ට පත්කිරීමේ හැකියාව හා අවස්තාව වැඩියෙන්ම තියෙන්නේ පිරිසිදු ථෙරවාද ධර්මය පවතින ශ්‍රීලංකාව හා තායිලන්තය වැනි රටවල් කිහිපයක ඉතා සුළුතරයකට පමණයි. මේ විදියට ඉතාම කලාතුරකින් මේ ලැබෙන දැනුම හා අවස්තාව අපතේ හැරලා භාවනා නොකර ඉන්නවනම් ඒ තරම් අවාසනාවන්තයෙක් මේ ලෝකයේ තවත් නෑ. සිංහල බෞද්ධ වී ඉපදී භාවනාව පුරුදු නොකරන පුද්ගලයෙක් මැණික් කන්දක් පයින් පාගාගෙන ඉන්න අන්ධයෙක්ටවත් වඩා අවාසනාවන්තයෙක් විදියටයි මමනම් දකින්නේ.
සමථ භාවනාවෙන් කරන්නේ සිත සමතයකට පත්කිරීම. විවිද අරමුණු ඔස්සේ විසිරෙන සිත එක අරමුණක පවත්වා ගැනීමයි සමථ භාවනාවෙන් කරන්නේ. සිතේ විසිරීමට හේතුවන ප්‍රධාන කෙලෙස් ධර්ම පහක් පංච නීවරණ විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීල තියෙනවා. සිත එක අරමුණක තියෙන්නේ නැතුව විසිරෙන්නේ මේවා නිසා. සමථ භාවනාවෙන් සිදුකරන්නේ මේ ධර්ම පහ යටපත් කිරීම මගින් සිත සමාධියට පත් කිරීම.
1. කාම්ච්චන්දය - ඇස කන නාසය දිව ශරීරය මගින් විදින පංච කාම ගුණ වලට ඇති දැඩි ආශාව
2. ව්‍යාපාදය - දැඩි තරහව
3. ථිනමිද්ධ - අලස බව හා නිද්‍රාශීලි බව
4. උද්දච්ච කුක්කුච්ච - විවිද අරමුණු ගැන සිතුවිලි පහල කරමින් විසිරීම
5. විචිකිච්චා - ත්‍රිවිද රත්නය පිලිබදවත් භාවනා පිලිබදවත් වෙනත් දේ පිලිබදවත් ඇති අධික සැකය

සාමාන්‍ය අවස්ථා වලදී සිතේ මේ නීවරණ පවතිනවා. එකදිගට උත්සහ කරමින් සිත නැවත නැවත එකම අරමුණක පවත්වාගැනීමෙන් නීවරණ ධර්ම යටපත් වෙලා ධ්‍යාන ලැබෙනවා. ධ්‍යානය කියන්නේ සිත එක අරමුණක් ඔස්සේ සමාධිගත වීමෙන් පත්වන ඉහල අධ්‍යාත්මික තලයට. මොන භාවනාව කලත් ලබාගත හැකි ධ්‍යාන 4ක් පමණයි පවතින්නේ. හරියටම කියනවා නම් ධ්‍යාන හතරක් පවතිනවා නෙවෙයි සිත ක්‍රම ක්‍රමයෙන් එක්තැන් වෙනකොට සිතේ සිදුවෙන ප්‍රධාන වෙනස්කම් හතරක් තියෙනවා. ඒ හතරට තමයි ධ්‍යාන කියල හදුන්වන්නේ.

ප්‍රථම ධ්‍යානය
දුතිය ධ්‍යානය
තෘතිය ධ්‍යානය
චතුර්ථ ධ්‍යානය         විදියට මේ ධ්‍යාන හතර නම් කරනවා.

පඨවි ආපෝ තේජෝ වායෝ වැනි ඝන ස්වභාවයෙන් යුක්ත රූප ධාතුන් මුල් කරගෙන ලබාගන්නා ධ්‍යාන නිසා මෙම ධ්‍යාන රූපාවචර ධ්‍යාන විදියට හදුන්වනවා. එක් භාවනාවක් ප්‍රගුණ කර චතුර්ථ ධ්‍යානයත් ලබාගත්තට පස්සේ එතනිනුත් ඉහලට සිත දියුණු කල හැකි තවත් ධ්‍යාන හතරක් තිබෙනවා. ඒවාට කියන්නේ අරූපාවචර ධ්‍යාන කියල.

ආකාසානන්චායතනය
විඥ්ඥානන්චායතනය
ආකිංචන්ඥායතනය
නේවසංඥානාසංඥායතනය       විදියට මේ ධ්‍යාන හතර නම් කරනවා

මේ ඉහල ධ්‍යාන හතර වෙත යාමට පුළුවන් වෙන්නේ මුලින් සමථ භාවනාවකින් චතුර්ථ ධ්‍යානය දක්වා සිත දියුණු කිරීමෙන් පමණයි.

අරූප ධ්‍යාන සතර රූප ධ්‍යාන සතරට වඩා වෙනස්. ඒ නිසා එකදිගට ප්‍රථම ධ්‍යානයේ සිට 8 වන ධ්‍යානය දක්වා එකම ආකාරයකින් භාවනා කර සිත දියුණු කරන්න හැකියාවක් නෑ. චතුර්ථධ්‍යානයට ආවට පස්සේ එතනින් ඉහලට සිත දියුණු කිරීමට වෙනම ක්‍රමවේදයක් තියෙනවා.
අෂ්ට සමාපත්ති ලෙස හදුන්වන 1 වන ධ්‍යානයේ සිට 8 වන ධ්‍යානය දක්වා සිත දියුණු කරන ආකාරය මම මෙතන සිට විස්තර කරන්නම්. මේ සියලු කරුණු බුද්ධ දේශනාවෙන් උපුටාගෙන දක්වන දේ. භාවනා පිළිබදව ධ්‍යාන පිලිබදව ඉර්ධින් පිලිබදව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් තියෙන පැරණිම ග්‍රන්ථය වෙන්නේ බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත විශුද්ධි මාර්ගය.


මේ කාලේ සමහර ව්‍යාජ රහත් ප්‍රතිරුපකයන් බුද්ධඝෝෂ හිමියන්ට ගරහන නිසා ඔවුන් පසුපස යන අන්ධ භක්තිකයන් බුද්ධඝෝෂ හිමියන්ටත් විශුද්ධි මාර්ගයටත් ගැරහුවට අතීතයේ සිට අද දක්වා සියලු ලාංකික  ධ්‍යානලාභින් මාර්ගඵල ලාභින්ගේ අත්පොත වුනේ විශුද්ධි මාර්ගය. ජීවිතේට එක පාරක් හෝ සමාධියකට ආසන්න තත්ත්වයකට වත් පත්වෙලා තියෙන කෙනෙක් කිසිවිටෙක විශුද්ධි මාර්ග ග්‍රන්ථ රත්නයට වචනයක්වත් කියන්නේ නෑ. මේ ග්‍රන්ථය පිලිබදව එක වැරදි වචනයක් කීමත් කල්ප ගණනකට ධ්‍යාන ඉර්ධි මාර්ගපල අහිමි වීමට හේතුවක් බව ඉතාම විශ්වාසයෙන් සියලු දෙනාට අවධාරණය කරන්න කැමතියි. ඒ නිසා තමන්ට විචාර බුද්ධියක් තියෙනවා නම් සිවුරු දාගත් පමණින් පිස්සන්ට වන්දනා කර ඔවුන්ගේ විකෘති පිළිගෙන කල්ප ගණන් විදවන්න වෙන පවු කරගන්න එපා.

ප්‍රථම ධ්‍යානය
සිත එකම අරමුණක් ගැන මෙනෙහි කරමින් සමාධිගත කරනකොට මුලදී පුරුද්ද නිසා සිත නොදැනුවත්ව වෙන වෙන අරමුණු වලට යනවා. කාලයක් තිස්සේ හිතට පුරුදු වෙලා තියෙන්නේ සිතට එන එන අරමුණ ගැන කල්පනා කිරීම නිසා අපි භාවනා කරන්න හැදුවත් පුරුද්ද නිසා හිත ඉබේම වෙන අරමුණු ගැන අවධානය දක්වනවා. ඒත් කාලයක් තිස්සේ සිතේ ස්වභාවික පුරුද්දට විරුද්ධව සිත එකම අරමුණක පවත්වාගන්න පුරුද්දක් ඇතිකරගත්තම වෙනත් කිසිම අරමුණක් ගැන සිහි කරන්නේ නැතුව එකම අරමුණක් ගැන පමණක් සිහිය පවතින තත්ත්වයක් ඇතිවෙනවා. මේකට තමයි සරලව ධ්‍යානය කියල කියන්නේ.

භාවනා කිරීමට සිත කුමක් හෝ එක් අරමුණක පවත්වාගන්න අවශ්‍යයි. හැබැයි ඕනෑම අරමුණක් ගැන සිතමින් භාවනා කිරීමෙන් ධ්‍යාන හා ඉර්ධි ලැබෙන්නේ නෑ. ධ්‍යාන ලැබීම සිදුවන විශේෂ අරමුණු තිබෙනවා. ඒ අරමුණු තමයි කමටහන් හෙවත් කර්මස්ථාන කියලා හදුන්වන්නේ. බුදුදහම තුල ප්‍රධාන සමත භාවනා කමටහන් 40ක් තිබෙනවා.

ධ්‍යාන හතර පිලිබදව සියලු කර්මස්ථාන භාවනා වලට පොදුවේ විස්තර කරනවාට වඩා එක භාවනාවකට අදාලව පියවරෙන් පියවර එක එක ධ්‍යානය ලබාගන්නා ආකාරය පැහැදිලි කිරීමෙන් වඩා හොදින් අවබෝධ වන නිසා මම බහුලව භාවිතා කරලා තිබෙන තේජෝ කසිණ භාවනාවට අදාලව ධ්‍යාන හතර ලබාගන්නා ආකාරය මම පැහැදිලි කරන්නම්. තේජෝ කසිණ භාවනාව ලිපියේදීත්(කියවීමට Click Here) මේ පිලිබදව සියලු දේ විස්තර කරපු නිසා ඒ ලිපියේ දක්වපු පහන් දැල්ලක් භාවිතයෙන් තේජෝ කසිණය වැඩිම වැනි කරුණු නොදක්වා මුලික කරුණු විතරක් මේ ලිපියෙන් සදහන් කරන්නම්.


විශුද්ධි මාර්ගයේ සඳහන් තේජෝ කසිණ භාවනාව
තේජෝ කසිණ වඩන යෝගාවචරයා මුලින්ම ලොකු ගිනි ගොඩක් සකස් කරන්න ඕනි. ඉන් පස්සේ ඒ ගින්න දිහා පැදුරක, රෙද්දක හෝ හමක රවුම් සිදුරක් තුලින් බලා ඉදිමින් භාවනා කරන්න ඕනි. මේ සිදුර වියතක් හා ඇඟිලි සතරක් එකට තිබ්බාම එන ප්‍රමාණයේ පළල සිදුරක් වෙන්න ඕනි. සිදුර සහිත පැදුර හා තමන් අතර දුර රියන් දෙකක් වෙන්න ඕනි.

කසිණ නිමිත්ත/ පරිකර්ම නිමිත්ත 
මේ විදියට සකස් කරගත්තාම සිදුර තුලින් පෙනෙන රවුම් ගින්න තමා කසිණ නිමිත්ත කියන්නේ. රවුම් සිදුර තුලින් පෙනෙන්න ඕනි ගින්නේ මැද කොටසයි. ගින්නේ මුල තියෙන දර, තණකොළ වැනි ගිනිගන්නා දේවල් හෝ ගින්නේ අග තියෙන දුම් රොටු දිහා බලාගෙන භාවනා කිරීමෙන් වැඩක් නෑ.

මේ විදියට නියමිත පළල සහිත රවුම් සිදුරකින් පෙනෙන ගින්න දිහා බලා ඉදිමින් තේජෝ තේජෝ ලෙස හෝ ගින්දර ගින්දර ආදී විදියට හිතමින් සිත එකඟ කරමින් භාවනා කරන්න.  ගින්නේ වර්ණයන් හා උෂ්ණත්වය වැනි ලක්ෂණ ගැන හිතන්නෙපා. වෙනත් කිසිම සිතුවිල්ලක් නොහිතා තේජෝ තේජෝ විදියට හිතමින් භාවනා කරන්න. වෙනත් දෙයකට හිත ගියොත් ඒ සිතුවිලි පෝෂණය කරන්නෙත් නැතුව ඒවා සමග ගැටෙන්නේත් නැතුව ආපහු භාවනාවට සිත යොමු කරන්න. ටික වෙලාවක් ඇස් අරගෙන භාවනා කරලා ඇස් වහගෙන පෙනෙන කසිණ නිමිත්ත ( ගිනි රවුම ) අරමුණු කරගෙන තේජෝ තේජෝ ලෙස හිතමින් භාවනා කරන්න. කසිණ නිමිත්ත නොපෙනී යනකොට ඇස් ඇරලා නැවතත් කසිණ නිමිත්ත දිහා බලාගෙන ඉදිමින් භාවනා කරන්න.

උද්ග්‍රහ නිමිත්ත
මේ විදියට ඇස් අරිමින් වහමින් භාවනා කරනකොට එක අවස්ථාවකදී කසිණ නිමිත්ත ඇත්ත විදියටම ඇස් වහගෙන ඉද්දිත් පෙනෙන අවස්ථාවක් එනවා. මේ පෙනෙන කසිණ නිමිත්ත තමයි තමයි උද්ග්‍රහ නිමිත්ත කියල හදුන්වන්නේ. මේ උද්ග්‍රහ නිමිත්ත පෙනෙන්න ගත්තම ඇස් වහගෙනම ඉදිමින් උද්ග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන භාවනා  කරන්න. වෙනත් තැනකට ගිහින් හෝ වෙන අතකට හැරී ඇස් වහගෙන භාවනා කිරීමත් සුදුසුයි. ටික වෙලාවකින් උද්ග්‍රහ නිමිත්ත නොපෙනී යන්න පුළුවන්. එතකොට නැවතත් ඇස් ඇරලා කසිණ නිමිත්ත දිහා බලන් ඉදිමින් භාවනා කරලා උද්ග්‍රහ නිමිත්ත උපදවාගන්න.

ධ්‍යාන මාර්ගයේ පළමු පියවර වෙන්නේ උද්ග්‍රහ නිමිත්ත ඇතිකරගැනීමට. පළමු වරට සිතේ සමාධියක් ඇතිවෙන්නේ උද්ග්‍රහ නිමිත්ත ඇතිවෙන අවස්ථාවේදී. මේ අවස්ථාවේදී සිතේ ඇතිවෙන ප්‍රාථමික මට්ටමේ සමාධිය පරිකර්ම සමාධිය විදියට හදුන්වනවා. ධ්‍යානය තරම් ප්‍රභල නොවුනත් උද්ග්‍රහ නිමිත්ත ඇතිවීම සදහාත් සැලකිය යුතු මට්ටමක සමාධියක් සිතේ ඇතිවීම අවශ්‍ය වෙනවා.


පටිග්‍රහ නිමිත්ත එකදිගට උද්ග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන භාවනා කලාම ඇස වැහුවත් කසිණ නිමිත්ත එකදිගට සිතින් පෙනෙන අවස්ථාවක් එනවා. මේ තත්ත්වයේදී කලින් පෙනුණුට වඩා පැහැදිලිව පේනවා. අළු, දුම්රොටු වැනි බාධා කරන දේවල් නැතුව පැහැදිලිව පේනවා. සමහරවිට ආලෝක එලි වගේ දේවල් පෙනෙන්නත් පුළුවන්. මේ අවස්ථාවේ පෙනෙන පැහැදිලි , නොසෙල්වෙන ගිනි රවුම තමා පටිග්‍රහ නිමිත්ත. මේ තත්වයට ආවම එකදිගට ඒ පටිග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන භාවනා කරන්න.
ප්‍රතිග්‍රහ නිමිත්ත ඇතිවන අවස්ථාවේ සිතේ පවතින සමාධිය උපචාර සමාධිය කියල හදුන්වනවා. උපචාර සමාධිය ඇතිවෙන්නේ පංච නිවරණ ධර්ම යටපත් වීමෙනුයි. ධ්‍යානයට  ආසන්න තත්ත්වයටයි උපචාර සමාධිය කියන්නේ. නිවරණ යටපත් උනත් ධ්‍යානාංග ප්‍රභල නැති නිසා ධ්‍යාන අවස්ථාවට වඩා උපචාර සමාධි අවස්තාව තරමක් දුර්වලයි.

මේ විදියට භාවනා කරනකොට හිත පටිග්‍රහ නිමිත්තෙන් මිදෙන්නේ නැති වෙනත් කිසිම අරමුණක් හිතට එන්නේ නැති අවස්තාවක් එළබෙනවා, ආයාසයකින් අරමුණ මතක් කිරීමේ අවශ්‍යතාවක් නැතුව හිත විසින්ම අරමුණ එකදිගට රඳවාගෙන සිටීමක් සිදුවෙනවා, කයට ලොකු පහසුවක් සැපයක් දැනෙනවා, පාවෙනවා වගේ සැහැල්ලුයි වගේ දැනෙනවා. මේ අවස්ථාව තමයි ප්‍රතමධ්‍යානය කියන්නේ.

ප්‍රතමධ්‍යානය හදුන්වන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ එකග්ගතා සහිත ප්‍රතමධ්‍යානය කියල. ප්‍රතමධ්‍යානය තියෙන හිතක ලක්ෂණ 5ක් තියෙනවා. මේවාට කියන්නේ ධ්‍යාන අංග පහ කියල.

විතක්ක     - නැවත නැවත සිත අරමුණට නැංවීම, නැවත නැවත භාවනා අරමුණ සිහි කිරීම
විචාර        - සිතින් භාවනා අරමුණ ස්ඵර්ශ කිරීම, අරමුණ තුලට බැසගැනීම
ප්‍රීති           - සිතේ එක්තැන් බව නිසා, පංච නීවරණ යටපත් වීම නිසා ඇතිවෙන සතුට
සුඛ           - කය සැහැල්ලු වී, කායික වේදනා නොදැනී ගොස් දැනෙන සැපය
එකග්ගතා - සිතේ එකම අරමුණක් පමණක් පවතින ඒකාග්‍ර බව

පංච නිවරණ යටපත් වීම වගේම ධ්‍යාන අංග ප්‍රභල වීමත් සිදුවන ප්‍රථම ධ්‍යාන අවස්ථාවේ සිතේ පවතින සමාධිය අපර්ණා සමාධිය විදියට හදුන්වනවා.

ප්‍රථම ධ්‍යානය ලබාගත් යෝගියෙක් නිතර නිතර ප්‍රථම ධ්‍යානයට සමවැදිය යුතුයි. තමන්ට අවශ්‍ය වෙලාවක ධ්‍යානයට සමවැදිය හැකි තත්වයට පත්වීමටත් තමන්ට අවශ්‍ය කාලයක් ධ්‍යානය පැවැත්විය හැකි ලෙසත් ඕනෑම ස්ථානයකදී ඕනෑම ඉරියව්වකින් ක්ෂණයෙන් ධ්‍යානයට සමවැදිය හැකි ලෙසත් ඉතා හොදින් ධ්‍යානය ප්‍රගුණ කරන්න ඕනි. මේ විදියට තමන්ට අවශ්‍ය ලෙස ධ්‍යානයට සමවදිමටත් ධ්‍යානයෙන් මිදීමටත් හැකියාව ඇතිකරගැනීම ධ්‍යාන වශිතාව විදියට හදුන්වනවා. හොදින් ධ්‍යාන වශිතාව ලබාගත් යෝගියෙකුට භාවනා අරමුණ සිහි නොකර ධ්‍යානය පිලිබදව සිහිපත් කිරීමෙන්ම පවා ක්ෂණයෙන් ධ්‍යානගත වීමේ හැකියාව ලැබෙනවා.
මේ විදියට වශිතාව ඇති කරගත යුතු ආකාර පහක් පංචවිධ වශී කියල හදුන්වනවා.

1. ආවජ්ජන වශී

තමන් කැමති තැනක සිට කැමති ධ්‍යානාංගයක් කැමති තාක් වෙලාවක් ආවර්ජනය කිරීමේ සිහිපත් කිරීමේ හැකියාව.
(සිහිපත් කල සැනින් ධ්‍යානයට සමවදීමේ හැකියාව)

2. සමාපජ්ජන වශී 
තමන් කැමති තැනක සිට කැමති ධ්‍යානාංගයකට කැමති තාක් වෙලාවක් සමවැදීමේ හැකියාව. (ක්ෂණයෙන් ධ්‍යානයට සමවැදීමේ හැකියාව)

3. අධිෂ්ඨාන වශී
තමන් කැමති තැනක සිට කැමති ධ්‍යානාංගයකට කැමති තාක් වෙලාවක් පැවැත්වීමට අධිෂ්ඨාන කිරීමේ හැකියාව.
( "මම පැය දෙකක් ධ්‍යානය පවත්වනවා" ආදී ලෙස තමන් අධිෂ්ඨාන කලවිට පැයකින්, පැය එකහමාරකින් ධ්‍යානයෙන් නොමිදී අධිෂ්ඨාන කළ පැය දෙකක කාලය සම්පුර්ණයෙන් නිමවන තෙක් ධ්‍යානයේ රැදී සිටීමේ හැකියාව.)
(ආධුනිකයන් භාවනා ආරම්භ කල යුතු ආකාරය ලිපියේදී(Click Here to read ) මම සදහන් කල විදියට භාවනා කිරීමට පෙර කාලයේදී මුලින් පැයක් පමණ භාවනා ආසනයකින් වාඩිවී ශරීරය කිසිදු සෙලවීමක් නොකර තබාගැනීමේ අභ්‍යාසය කිරීමෙන් ධ්‍යාන ලබාගැනීමෙන් පස්සේ අධිෂ්ඨාන වශිය සිදුකිරීම පහසු වෙනවා.)

4. වුට්ඨාන වශී
තමන් කැමති තැනක සිට කැමති ධ්‍යානාංගයකින් කැමති අවස්ථාවකදී අවදි වීමේ හැකියාව.
(තමන්ට අවශ්‍ය වෙලාවට ක්ෂණයෙන් ධ්‍යානයෙන් මිදීමේ හැකියාව.)
මුලින් මෙය පුරුදු වීම සදහා ධ්‍යානය පැවැත්වීමට කාලයක් තීරණය නොකර ධ්‍යානයට සමවැදී තමන්ට අවශ්‍ය වෙලාවට ධ්‍යානයෙන් මිදීමට සිත පුරුදු කල යුතුයි. පසුව තමන් ධ්‍යානය පැවැත්වීමට කාලයක් අධිෂ්ඨාන කර ඒ කාලය ගත වීමට පෙර අවශ්‍ය වෙලාවක අවදි වීමට පුරුදු විය යුතුයි.)

5. පච්චවේක්ඛන වශී
තමන් කැමති තැනක සිට කැමති වෙලාවක කැමති ධ්‍යානාංගයක් ප්‍රත්‍යවේක්ෂා කිරීමේ හැකියාව


දුතිය ධ්‍යානය ලබාගැනීම 
මේ විදියට ප්‍රථම ධ්‍යානය හොදින් වශී කරගෙන වැඩි වෙලාවක් ධ්‍යානය පවත්වා ධ්‍යානයෙන් අවදි වී ධ්‍යාන අවස්ථාවේ සිතේ පවතින ධ්‍යාන අංග පිළිබද ප්‍රත්‍යවේක්ෂා කල යුතුයි. ඒ ආකාරයට කරන විට ධ්‍යාන අවස්ථාවේදී සිතේ පවතින විතර්ක හා විචාර කියන ස්වභාව දෙකෙහි රළු බවක් තේරෙන්න ගන්නවා. ඒ මට්ටමට ආවම විතර්කය හෙවත් නැවත නැවත අරමුණ සිහි කිරීමත් විචාරය හෙවත් අරමුණ ස්ඵර්ශ කිරීමත්  සිතින් අත්හරින්න ඕනි.
විතක්ක විචාර වල රළු බවක් තේරෙන්නේ නැත්නම් ඒවා පිලිබදව ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒවායේ රළු බව කල්පනා කල යුතුයි. ධ්‍යානගත සිතෙහි තිබුණු ධ්‍යාන අංග පහ පිලිබදවත් ඒවායේ ස්වභාව පිලිබදවත් වෙනස්කම් පිලිබදවත් සිතින් විමසිය යුතුයි. මෙසේ විමසීමට ප්‍රත්‍යවේක්ෂා කිරීම කියල හදුන්වනවා. ඒ විදියට ප්‍රත්‍යවේක්ෂා කරමින් විතක්ක විචාර අංග වලින් මිදුණු විට සිතේ පවතින ශාන්ත ස්වභාවය පිලිබදව සිහිපත් කල යුතුයි. ප්‍රථම ධ්‍යානයට ඇති කැමැත්ත දුරු කර දුතිය ධ්‍යානයේ ගුණ මෙනෙහි කරන්න අවශ්‍යයි.
ඒ විදියට සිත සකස් කරගෙන ප්‍රීති සුඛ එකග්ගතා කියන ධ්‍යාන අංග විතරක් සිතේ පවතින දුතිය ධ්‍යානයට සමවැදීමට අධිෂ්ඨාන කරගෙන "තේජෝ තේජෝ" ආදී විදියට සිතමින් නැවතත් භාවනා කල යුතුයි. නැවත නැවත ඒ විදියට උත්සාහ කිරීමේදී විතක්ක විචාර සිතින් ප්‍රතික්ෂේප කරන නිසා ඒ අංග දෙකෙන් තොර ප්‍රීති සුඛ ඒකග්ගතා පමණක් පවතින ධ්‍යාන තත්වයට සිත පත්වෙනවා. මෙන්න මේ අවස්ථාවට තමයි ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත දුතිය ධ්‍යානය කියල කියන්නේ.

විතක්ක හා විචාර කියන අංග දෙක වෙන් කර හදුනාගත හැකි ආකාරය මම චිත්තානුපස්සනාව ලිපියේදී (Click Here) හා ජපමාල භාවනාව ලිපියේදී(Click Here ) විස්තර කරලා දුන්නා. විතක්කයේදී සිදුකරන්නේ තේජෝ තේජෝ වැනි වචන ආදිය සිතමින් සිතුවිලි පහල කරමින් භාවනා අරමුණ සිහිපත් කිරීම.
විචාරයේදී සිදුකරන්නේ භාවනා අරමුණ යන්තම් ස්ඵර්ශ කිරීම, සිහිකිරීම විතරයි. විචාරය විතක්කයට වඩා සියුම් සිතුවිලි පැවැත්වීමක්. එකවරම මේ දෙක වෙන් කර හදුනාගන්න බැරි කෙනෙක්ට මම ඉහතින් සදහන් කල භාවනා දෙක ඒ උපදෙස් අනුව කිරීමෙන් එක දවසකින්ම උනත් මේ දෙකෙහි වෙනස හදුනාගන්න පුළුවන්

ප්‍රථම ධ්‍යානය ලබාගන්නෙත් සිතේ අන් සියලුම සිතුවිලි ඉවත් කරලා එක සිතුවිල්ලක් විතරක් පැවැත්වීමෙන්. දුතිය ධ්‍යානයට යාමේදී සිදුකරන්නේ ප්‍රථම ධ්‍යාන අවස්ථාවේදී සිතේ පවතින සිතුවිලි ප්‍රමාණයත් තවදුරටත් අඩු කිරීම.

* එක් ධ්‍යානයක සිට ඊට ඉහල ධ්‍යානයට සිත රැගෙන යන්නේ ධ්‍යාන අංග විමසීම හෙවත් ප්‍රත්‍යවේක්ෂා කිරීම මගිනුයි. ප්‍රථම ධ්‍යානය හොදින් වශී කරගන්නේ නැතිව කෙටි කාලයකින් දුතිය ධ්‍යානයට පත්වීම සදහා විතක්ක විචාර ප්‍රත්‍යවේක්ෂා කිරීම කිසිසේත්ම නොකළ යුතුයි. එසේ කරන්න යාමෙන් දුතිය ධ්‍යානයට පත් වෙන්න නොහැකි වෙනවා වගේම තමන් ලබාගත් ප්‍රථම ධ්‍යානයත් පිරිහෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොදින් ප්‍රථම ධ්‍යානය වශී වෙන තෙක් සිදු කරන්න ඕනි නිතර නිතර ප්‍රථම ධ්‍යානයට සමවැදීම පමණයි. ධ්‍යාන අංග ගැන විමසීම මුල් කාලයේදී කරන්න හොද නෑ.

දුතිය ධ්‍යානය ලබාගත් යෝගියා ප්‍රථම ධ්‍යානයේදී වගේම දෙවන ධ්‍යානය වශී කරගන්න ඕනි. මුල් කාලයේදී භාවනාවට වාඩිවුන ගමන් දුතිය ධ්‍යානයට සමවැදීමේ අපහසු වෙන්න පුළුවන්. මුලින්ම ප්‍රථම ධ්‍යානයට සමවැදිලා ඊට පස්සේ දුතිය ධ්‍යානයට සමවැදෙන්න වෙනවා. ඒත් ධ්‍යාන වශිතාව සිදුකරගත්තාම ඕනෑම වෙලාවක ප්‍රථම ධ්‍යානයට සමවැදෙන්නේ නැතිව කෙලින්ම දුතිය ධ්‍යානයට සමවැදීමේ හැකියාව ලැබෙනවා.


තෘතිය ධ්‍යානය ලබාගැනීම 
දුතිය ධ්‍යානය වශී කරගැනීමෙන් පස්සේ දිගු වෙලාවක් එකදිගට දුතිය ධ්‍යානය පැවැත්වීමේදී ධ්‍යාන අවස්ථාවේ සිතේ පවතින ප්‍රීති අංගයත් රළු බවක් වැටහෙන්න ගන්නවා.
එසේ නොවුනත් තමන් විසින්ම ප්‍රීති ධ්‍යාන අංගයේ රළු බව මෙනෙහි කරමින් එයින් මිදීමට උත්සාහ කරන්න ඕනි. සුඛ ඒකග්ගතා පමණක් පවතින සිතේ ශාන්ත බව සියුම් බව මෙනෙහි කරන්න ඕනි. ඒ විදියට ප්‍රත්‍යවේක්ෂා කර තෘතිය ධ්‍යානය ලබාගැනීමේ අරමුණින් නැවතත් "තේජෝ තේජෝ" ආදී විදියට සිතමින් සුපුරුදු විදියටම භාවනාව වැඩිය යුතුයි. ක්‍රම ක්‍රමයෙන් උත්සාහ කරනවිට සිතෙන් ප්‍රීති ධ්‍යාන අංගය නොපවතින  සුඛ ඒකග්ගතා කියන ස්වභාව විතරක් පවතින තත්ත්වයට සිත පත්වෙනවා. මේ මට්ටම තමයි සුඛ එකග්ගතා සහිත තෘතිය ධ්‍යානය කියල හදුන්වන්නේ.


චාතුර්ථ ධ්‍යානය ලබාගැනීම 
තෘතිය ධ්‍යානයත් පළමු හා දෙවන ධ්‍යාන වලදී විස්තර කරපු විදියටම වශී කරගැනීම සිදු කරගත යුතුයි. ඉන් පසු එකදිගට දිග වෙලාවක් තෘතිය ධ්‍යානය පුරුදු කරන්න අවශ්‍යයයි. ඒ විදියට තෘතිය ධ්‍යානය වැඩීමෙන් පසු ධ්‍යානයෙන් නැගී සිට තෘතිය ධ්‍යානයේ ධ්‍යානාංග ප්‍රත්‍යවේක්ෂා කල යුතුයි. එසේ කිරීමේදී සිත වඩාත් සියුම් වීම නිසා සිතේ පවතින සුඛ ස්වභාවයත් රළු බවක් වැටහෙන්න ගන්නවා. ඒ අවස්ථාවේදී සිත සුඛයෙනුත් විමුක්ත කරගන්න උත්සහ කරමින් භාවනා කරන්න ඕනි. මේ විදියට උත්සාහ කිරීමේදී සිත සුඛයෙනුත් මිදිලා ඒකග්ගතා පමණක් පවතින ස්වභාවයට සිත පත්වෙනවා. සුඛ බවක් සැප බවක් නැති උපේක්ෂා සහගත ඒකග්ගතාව කියන ධ්‍යාන අංගය පමණක් පවතින චතුර්ථ ධ්‍යාන මට්ටමට සිත පත් වෙනවා. චතුර්ථ ධ්‍යානය ලබාගත් යෝගියෙක් පෙර ධ්‍යාන වගේම චතුර්ථ ධ්‍යානයට අදාළවත් හොදින් වශිතාව අත්කරගන්න ඕනි. චාතුර්ථ ධ්‍යානයට පත් උනාම හුස්ම ගැනීම හා හෘද ස්ඵන්ධනය ඇතුළු සියලු කායික ක්‍රියාවලි නවතිනවා.

තුන් වන ධ්‍යානයට එද්දී සිතේ සිතුවිලි සියල්ලම වගේ ඉවත් වෙනවා. අභිධර්මයේදී සිත චිත්ත හා චෛතසික විදියට කොටස් දෙකකට බෙදනවා. චිත්ත කියන්නේ අපි සිතන විවිද සිතුවිලි වලට. චෛතසික කියන්නේ තරහව සතුට නිදිමත වගේ සිතේ ඇතිවන ගතිස්වභාව වලට. ධ්‍යානයට අදාළ අරමුණ සිහි කරමින් චිත්ත පරම්පරාවක් පැවැත්වීම සිදුකරන්නේ විතක්ක හා විචාර කියන ධ්‍යාන අංග දෙක මගින්. ඒ අංග දෙක නැති උනාම සිතේ භාවනා අරමුණ සිහි කිරීමක් සිද්දවෙන්නේ නෑ. ඒ නිසා චිත්ත හෙවත් සිතුවිලි පැවැත්වීමක් වෙන්නේ නෑ. ප්‍රීතිය සුඛය එකග්ගතාව කියන සිතේ ගති පවත්වා ගැනීම විතරයි සිදුවෙන්නේ. ඒ විදියට ප්‍රථම ධ්‍යානයේ සිට චතුර්ථ ධ්‍යානය දක්වා යාමේදී සිත ක්‍රමයෙන් සියුම් කිරීමයි සිදුකරන්නේ.

චාතුර්ථ ධ්‍යානය පවතින සිතක සිතුවිලි නෑ. ඒකග්ගතා කියන ලක්ෂණය විතරයි පවතින්නේ. සමහර අවස්ථා වලදී මෙය උපේක්ෂා සහගත ඒකග්ගතාව කියලත් නම් කරනවා. තෘතිය ධ්‍යානයේදී සුඛ සහගත ඒකග්ගතාව පැවතුනා. සුඛය හෙවත් සැපවත් බව රහිත වීමේදී සිතේ සුඛ හෝ දුක්ඛ කියන ස්වභාව දෙකෙන්ම තොර උපේක්ෂා සහගත බවක් ඇතිවෙන නිසා මේ අවස්ථාවට උපේක්ෂා සහගත ඒකාග්‍රතාව කියල හදුන්වනවා.

* අවශ්‍යනම් සිතුවිල්ලක් අරමුණක් නැතුව උනත් සිතේ ඒකාග්‍රතාව ඇතිකරගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය මනසකට ඒක ඉතාම අපහසුයි. දීර්ඝ කාලයක් තිස්සේ විවිද අරමුණු සිත සිතා ඉන්න නිසා අරමුණක් භාවිතා කරගෙනම චිත්ත ඒකාග්‍රතාව ඇතිකරගැනීම වඩා ලේසියි. ඒ නිසයි සමථ භාවනාවකදී එක් අරමුණක් ගැන සිතමින් සිත එක්තැන් කරන්නේ. ඒත් අරමුණක් භාවිතා නොකර භාවනා කිරීමෙන් සිත කෙලින්ම තුන්වන හෝ හතරවන ධ්‍යානයට පත්කරන භාවනා තියෙනවා. ඒවා අතරින් බුදුරජාණන් වහන්සේ අනුමත කල භාවනාව වෙන්නේ අනිමිත්ත භාවනාව (කියවීමට Click Here). මිට අමතරව වෙනත් භාවනා ක්‍රම යෝග ශාස්ත්‍රය තුලත් පවතිනවා. සිතේ කිසිදු සංකල්පනාවක් නැති චාතුර්ථ ධ්‍යානය නිර්විකල්ප සමාධිය විදියට යෝග ධර්මයේදී හදුන්වනවා.

.
ධ්‍යාන හතරක් වෙනුවට පහක් දැක්වීම සමහර අවස්ථා වලදී සිදුකරනවා. එසේ ධ්‍යාන පහකට වෙන් කිරීම සිදුකරන්නේ පළමුවෙන් විතර්කය පමණක් ඉවත් කර දුතිය ධ්‍යානය ලබාගැනීමත්, ඊලග පියවරේදී විචාරය  ඉවත් කර තෘතිය ධ්‍යානය ලබාගැනීමත් විදියට වර්ග කිරීමෙනුයි. ඒ අනුව ධ්‍යාන පහ නම් කරන්නේ;

1 විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත   ප්‍රථම ධ්‍යානය
2 විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත   දුතිය ධ්‍යානය
3 ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත   තෘතිය ධ්‍යානය
4 සුඛ එකග්ගතා සහිත   චතුර්ථ ධ්‍යානය
5 උපේක්ෂා ඒකග්ගතා සහිත   පංචම ධ්‍යානය        විදියටයි.

විතක්ක හා විචාර කියන අංග වල රළු ස්වභාවය වැඩි නිසාත් ධ්‍යානයෙන් නැගී සිට ප්‍රත්‍යවේක්ෂා කිරීමේදී ඒ ධ්‍යානාංග පැහැදිලිව අරමුණු වෙන නිසාත් එක එකෙන් වෙන වෙනම මිදීම වෙනුවට එකවර ධ්‍යාන අංග දෙකෙන්ම මිදුණු ධ්‍යාන තත්වයට පත්වීමට පුළුවන්. හැබැයි අවශ්‍ය කෙනෙකුට ඒ අංග එක එකක් වෙන වෙනම ඉවත් කරමින් ධ්‍යානයෙන් ඉහලට යන්න පුළුවන්.

* ප්‍රථම ධ්‍යානය ලබාගෙන ධ්‍යාන වශිතාව ලබාගැනීමෙන් පසු ධ්‍යානයෙන් මිදිලා පරිකර්ම සමාධිය තුල ඉදිමින් ප්‍රතිග්‍රහ නිමිත්ත උඩ යට පුරා පැතිරී සිටින ලෙස හැකිතාක් විශාලව පැතිරවිය යුතුයි. වියතක් තරමට පෙනෙනවා නම් රියනක් පමණ විශාල වේවා කියල අධිෂ්ඨාන කර ප්‍රතිග්‍රහ නිමිත්ත රියනක් ප්‍රමාණයට විශාලව දකින්න උත්සාහ කරන්න ඕනි. නැවත නැවත එසේ කිරීමේදී උද්ග්‍රහ නිමිත්ත විශාල වී දර්ශනය වීම සිදුවෙනවා. ඒ විදියට ක්‍රම ක්‍රමයෙන් විශාල කරමින් රියන් දෙකක් තරමට, මිනිසෙක් තරමට, ගෙයක් තරමට, නගරයක් තරමට, ලෝකයක් තරමට, සක්වල තරමට, දස දහසක් සක්වල තරමට, ඊටත් විශාල ආදී ලෙස විශාල කරගත යුතුයි.


අරූප ධ්‍යාන ලබාගැනීම  ( 5 - 8 ධ්‍යාන )

1.ආකාසානඥ්චායතනය ලබාගන්නා ආකාරය 
සියලු අරූප ධ්‍යාන සමවැදීමට භාවනාවක් මගින් චතුර්ථ ධ්‍යානය ලබාසිටීම අත්‍යවශ්‍යයි. රූප ධාතු හෙවත් පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ඝන ධාතුන් අරමුණු කරගෙන ලබාගත් රූප ධ්‍යාන වලට වඩා සියුම් වූ ශාන්ත වූ අරුප ධ්‍යාන ලබාගැනීම වඩා ශ්‍රේෂ්ඨ බව සිහිපත් කර අරුප ධ්‍යානයේ උසස් බව කල්පනා කර භාවනා ආරම්භ කල යුතුයි.
පළමු අරූප ධ්‍යානය ලබාගැනීම සදහා මුලින්ම ආකාශ කසිණය හැර වෙනත් භාවනාවකින් චතුර්ථ ධ්‍යානයට සමවැදිය යුතුයි. ඉන් පසු ධ්‍යානයෙන්  නැගී සිට තමන් වැඩු ධ්‍යානයට අදාළ කසිණ නිමිත්ත ක්‍රමයෙන් විශාල වීමට අධිෂ්ඨාන කර මුළු සක්වල පුරා හෝ ඊටත් විශාල ප්‍රමාණයකට පැතිරවිය යුතුයි. මේ ආකාරයට උද්ග්‍රහ නිමිත්ත පැතිරවූ අවකාශය කසිනුග්ඝාටිමාකාසය හෙවත් කසිණ ඉගිලු ආකාශය කියල හදුන්වනවා. ඒ විදියට නිමිත්ත පැතිරවූ ආකාසය සිතින් අරමුණු කර "ආකාශය අනන්තය ආකාශය අනන්තය" හෝ "අනන්ත ආකාශය අනන්ත ආකාශය" හෝ "ආකාශය ආකාශය" විදියට සිතමින් නැවත නැවත ආවර්ජනය කරමින් ඒ තුල සිත එක්තැන් කල යුතුයි.
ඒ විදියට සිතමින් භාවනා කිරීමේදී පළමුවෙන් සිත උපචාර සමාධි අවස්තාවට පත්වෙනවා. නැවත නැවතත් භාවනා කිරීමේදී ආකාසානඥ්චායතන ධ්‍යානය ඇතිවෙනවා. මේ ධ්‍යානයත් ලබාගැනීමෙන් පස්සේ පෙර පරිදිම නිතර නිතර සමවැදී පංච වශී මගින් වශිතාව ලබාගන්න. මේ ධ්‍යානය පවතින සිතක තිබෙන්නේ චතුර්ථ ධ්‍යාන අවස්ථාවේදී තිබෙන ඒකාග්‍රතාව හෙවත් උපේක්ෂා සහගත ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි.


2. විඥ්ඥානඥ්චායතනය ලබාගන්නා ආකාරය 
මේ සදහා ආකාසානඥ්චායතනය හොදින් වශී කරගැනීමෙන් පසු භාවනාවට පැමිණ ආකාසානඥ්චායතන ධ්‍යාන අවස්ථාවේ සිතේ පැවතුන ආකාසානඥ්චායතන සමාපත්ති සිත හෙවත් විඥ්ඥානය අරමුණු කර "විඥ්ඥානය විඥ්ඥානය" විදියට සිතමින් භාවනා කල යුතුයි. අනන්ත ආකාශය පුරා පැතිරවූ ආකාසානඥ්චායතන සමාපත්තියෙදී පැවතුනු විඥ්ඥාන අරමුණ තුල සිත එක්තැන් කල යුතුයි.
 භාවනා කිරීමේදී පළමුවෙන් සිත උපචාර සමාධි අවස්තාවට පත්වෙනවා. නැවත නැවතත් භාවනා කිරීමේදී විඥ්ඥානඥ්චායතන ධ්‍යානය ඇතිවෙනවා. මේ ධ්‍යානයත් ලබාගැනීමෙන් පස්සේ පෙර පරිදිම නිතර නිතර සමවැදී පංච වශී මගින් වශිතාව ලබාගන්න ඕනි. මේ ධ්‍යානය පවතින සිතක තිබෙන්නේත් චතුර්ථ ධ්‍යාන අවස්ථාවේදී තිබෙන ඒකාග්‍රතාව හෙවත් උපේක්ෂා සහගත ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි.


3.ආකිඥ්චඥ්ඥායතනය  ලබාගන්නා ආකාරය 
විඥ්ඥානඥ්චායතනය හොදින් වශී කරගැනීමෙන් පස්සේ භාවනාවට පැමිණ විඥ්ඥානඥ්චායතනය ලබාගැනීම නිසා  ආකාසානඥ්චායතන සිත නැති බව අරමුණු කර "නැත නැත" හෝ "ශුන්‍යය ශුන්‍යය" හෝ "හිස් හිස්" ආදී විදියට සිතමින් භාවනා කල යුතුයි.
ආකාසානඥ්චායතන සිත පිලිබදව මෙනෙහි කිරීමක් මෙතැනදී සිදුකරන්නේ නෑ. ආකාසානඥ්චායතන  සිත නැති බව ගැනයි සිත එක්තැන් කරන්නේ. මෙය තේරුම්ගන්න පහසු උදාහරණයක් විශුද්ධි මාර්ගයේ සදහන් වෙනවා.
භික්ෂුන් වහන්සේලා පිරිසක් ශාලාවක රැස්වී සිටින ආකාරය දැකපු පුද්ගලයෙක් ඉවත් වී ගිහින් භික්ෂුන් වහන්සේලා පිටවී ගිය පසු නැවත එනවා. එවිට එම ශාලාවේ භික්ෂුන් සිටි බවක් හෝ භික්ෂුන් පිටවී ගිය බවක් නොසිතා එතැන භික්ෂුන්ගෙන් හිස් බව සලකනවා.
ඒ ආකාරයටම විඥ්ඥානඥ්චායතනය වැඩීම සදහා ඊට පෙර වැඩු ආකාසානඥ්චායතන සිත අරමුණු කරගෙන භාවනා කල යෝගියා දැන් ඒ ආකාසානඥ්චායතන සිත නැති බව හිස් බව අරමුණු කරගෙන  ආකිඥ්චඥ්ඥායතනය වැඩිය යුතුයි.
ඒ විදියට සිතමින් භාවනා කිරීමේදී පළමුවෙන් සිත උපචාර සමාධි අවස්තාවට පත්වෙනවා. නැවත නැවතත් භාවනා කිරීමේදී ආකිඥ්චඥ්ඥායතන ධ්‍යානය ඇතිවෙනවා. මේ ධ්‍යානයත් ලබාගැනීමෙන් පස්සේ පෙර පරිදිම නිතර නිතර සමවැදී පංච වශී මගින් වශිතාව ලබාගන්න ඕනි. මේ ධ්‍යානය පවතින සිතක තිබෙන්නේත් චතුර්ථ ධ්‍යාන අවස්ථාවේදී තිබෙන ඒකාග්‍රතාව හෙවත් උපේක්ෂා සහගත ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි.


4. නේවසංඥානාසංඥායතනය  ලබාගන්නා ආකාරය 
ආකිඥ්චඥ්ඥායතනය හොදින්  වැඩීමෙන් පස්සේ එයට වඩා උසස් ගුණ සහිත පංච අභිඥා ලබාගැනීමට උපකාර වන නිරෝධ සමාපත්තිය වැඩීමට උපකාර වන නේවසංඥානාසංඥායතනය වැඩීමට සිත පහදවාගත යුතුයි.
නේවසංඥානාසංඥායතනය වැඩීමේදී සිදුකරන්නේ ආකිඥ්චඥ්ඥායතන ධ්‍යාන සිත අරමුණු කර ඒ සිත "ශාන්තයි ශාන්තයි" ලෙස සිතමින් ආකිඥ්චඥ්ඥායතන ධ්‍යාන සිතේ ශාන්ත භාවය පිලිබදව සිත එක්තැන් කිරීමයි.
ඒ විදියට සිතමින් භාවනා කිරීමේදී පළමුවෙන් සිත උපචාර සමාධි අවස්තාවට පත්වෙනවා. නැවත නැවතත් භාවනා කිරීමේදී ආකිඥ්චඥ්ඥායතන ධ්‍යානය ඇතිවෙනවා. මේ ධ්‍යානයත් ලබාගැනීමෙන් පස්සේ පෙර පරිදිම නිතර නිතර සමවැදී පංච වශී මගින් වශිතාව ලබාගන්න ඕනි. මේ ධ්‍යානය පවතින සිතක තිබෙන්නේත් චතුර්ථ ධ්‍යාන අවස්ථාවේදී තිබෙන ඒකාග්‍රතාව හෙවත් උපේක්ෂා සහගත ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි.

නේවසංඥානාසංඥායතනය කියන වචනයේ අර්ථය වෙන්නේ සංඥාවක්  ඇත්තේත් නැති නැත්තෙත් නැති අවස්තාව කියන එකයි. භාවනාවට නිමිති කරන රළු සංඥාවක් නැති නිසාත්, හිස් බවක් පිළිබද අරමුණක් මෙනෙහි කිරීමේ ඉතා සියුම් සංඥාවක් පවතින නිසාත් මේ තත්ත්වය ඒ නමින් හදුන්වනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන යන කිසිම නාම හෝ රූප ධර්මයක් නැති තරමට ඉතා සියුම් වන නිසා නේවසංඥානාසංඥායතනය කියන නම යෙදෙනවා. මේ ධ්‍යාන තත්ත්වයේදී සිතේ කිසිම සංඥාවක් නැති වීමට ඉතාම ආසන්නයි. ඒත් සම්පුර්ණයෙන්ම නැති වීමක් වෙලා නෑ. ඉතාම ක්ෂුද්‍ර මට්ටමේ සංඥාවක් පමණක් පවතිනවා. "සංඥාවක් නැති තත්ත්වය" කියල නම් කරන්න සාධාරණ නැති නිසා "සංඥාවක් නැතිම වාගෙයි" කියන අදහසින් ඇත්තෙත් නැති නැත්තෙත් නැති අවස්තාව කියල හදුන්වනවා.

* අරූප ධ්‍යාන වලින් ලබාගන්නේ කුමක්ද කියල එකවර තේරුම්ගන්න අපහසු උනත් අරුප ධ්‍යාන වැඩීමේදී සිදුකරන්නේ ඉතාම ගැඹුරු මානසික ක්‍රියාවලියක්. තමන් විසින්ම තමන්ගේ සිත අවශ්‍ය අවශ්‍ය විදියට එහා මෙහා හරවමින් හසුරවමින් සිදුකරන ඉතාම සංකීර්ණ මානසික ව්‍යායාමයක් මේ තුල තියෙන්නේ. ඒ නිසා කිසිම විටෙක චතුර්ථ ධ්‍යානය නොලබා අරූප ධ්‍යාන වැඩීමට උත්සහ කිරීමක්වත් කරන්න එපා. තමන් පළමු, දෙවන, තුන්වන ධ්‍යාන මට්ටම් වල සිටියත් අරූප ධ්‍යාන වඩන්න යාමෙන් ධ්‍යානය තුලදීම උන්මත්තක භාවයට පත්වෙන්න පුළුවන්. ඒ වගේම ධ්‍යාන වශිතාව හොදින් ලබාගන්නේ නැතිව ඉහල ධ්‍යාන වලට ඉක්මනින් යන්න උත්සාහ කරන්නෙපා.


සම සතළිස් කමටහන්
ඉහත ආකාරයට සමථය දියුණු කරන්නන් හට ධ්‍යාන උපදවා ගැනීමට භාවනා කමටහන් 40ක් බුදුදහමේ ඉගැන්වෙනවා. ඒවා සම සතලිස් කමටහන් විදියට නම් කරනවා.

දස කසිණ  10
පඨවි කසිණය        - පස් ආදී ඝන පදාර්ථ අරමුණු කර
ආපෝ කසිණය      - ජලය අරමුණු කර
තේජෝ කසිණය        ( භාවනා ලිපිය කියවීමට Click Here)
වායෝ කසිණය         ( ආකාෂචාරි බව ලබාදෙන වායෝ කසිණය ලිපිය Click Here)
නීල කසිණය          - නිල් වර්ණය අරමුණු කර
පීත කසිණය           - රත්‍රන්/ කහ වර්ණය අරමුණු කර
ලෝහිත කසිණය    - රතු වර්ණය අරමුණු කර
ඕදාත කසිණය        -  සුදු වර්ණය අරමුණු කර
ආලෝක කසිණය       ( දිවැස් උදාකරන ආලෝක කසිණය ලිපිය Click Here)
ආකාශ කසිණය      - අවකාශ ධාතුව අරමුණු කර

දස අසුභ  10 
උද්ධුමාතකය, විනීලකය, විපුබ්බකය, විජ්ජිද්දකය, වික්ඛායිතකය, වික්ඛිත්තකය, හත්ඛිත්තය, ලෝහිතකය, පුලවකය, අට්ඨිකය

දස අනුස්සති  10
බුද්ධානුස්සතිය(බුදුරුව දර්ශනය වන බුද්ධානුස්සතිය ලිපිය කියවීමට Click Here )
ධම්මානුස්සතිය
සංඝානුස්සතිය
සිලානුස්සතිය
චාගානුස්සතිය
දේවානුස්සතිය -  ( දෙව්ලොව උපත ලබාදෙන දෙවතානුස්සතිය ලිපිය Click Here )
මරණානුස්සතිය -  ( මරණය පාලනය කිරීම හා අමරණිය භාවනාව ලිපිය Click Here)
කායගතාසතිය
ආනාපානසතිය  - ( ශරීරයෙන් සිත වෙන් කරවන ආනාපානසතිය ලිපිය Click Here )
උපසමානුස්සතිය

බ්‍රහ්ම විහාර භාවනා  4 
මෙත්තා  -  ( මෛත්‍රී භාවනාවේ ඉර්ධින් ලිපිය Click Here )
කරුණා
මුදිතා
උපේක්ඛා

ආහාරේ පටික්කුල සංඥා  1

ධාතු මනසිකාර  1

අරූප භාවනා  4
ආකාසානන්චායතනය
විඥ්ඥානන්චායතනය
ආකිංචන්ඥායතනය
නේවසංඥානාසංඥායතනය

* සම සතලිස් කර්මස්ථාන වලට අයත් නොවන සතර සතිපට්ටානය, අනිමිත්තය( Click here to read ) වැනි තවත් භාවනා බුද්ධ භාෂිතයේ පවතිනවා. මේ සියලුම භාවනා වලින් ධ්‍යාන හතරම ලබාගන්න බෑ. බුද්ධ දේශනාව අනුව මේ එක් එක් භාවනාවෙන් ලබාගත හැකි ධ්‍යාන පහත ආකාරයි :-

අෂ්ඨ සමාපත්තියම ලබාගත් උසස් යෝගිවරයෙකුට පංච අභිඥාවන් ලබාගැනීමට පුළුවන් වෙනවා.
1. ඍධිවිධ ඥානය
2. දිව්‍ය ශ්‍රෝතය
3. චේතෝපරිය ඥානය ( පරචිත්ත විජානනය )
4. පුර්වේ නිවාස ඥානය (පුබ්බේ නිවාසානුස්මෘති )
5. දිව්‍ය චක්ෂු

* ඕනෑම භාවනාවකින් චතුර්ථ ධ්‍යානය ලබාගැනීමෙන් මේ පංච අභිඥාවන් බොහෝ දුරට ඇතිකරගන්න පුළුවන්. ඒත් ඒවා පරිපුර්ණ වශයෙන් ලබාගැනීම සදහා දස කසිණ භාවනාවම වඩා ඒ සියල්ල තුලින් අෂ්ඨ සමාපත්ති ලබාගෙන සිටිය යුතුයි.
දස කසිණ අතරින් ආකාශ කසිණයෙන් අරූප ධ්‍යාන ලබාගත නොහැකි නිසා අභිඥා ලබාගැනීමේදී එය අත්හරින්න පුළුවන්. ඒ වගේම ඕදාත හා ආලෝක කියන කසිණ දෙකම මගින් සමාන ප්‍රතිපල ලැබෙන නිසා ඒ දෙක අතුරින් එකක් අත්හැරීමත් කරන්න පුළුවන්.
ඉතිරි කසිණ 8ම පරිපුර්ණ ලෙස වඩා තිබීම පංච අභිඥා පරිපුර්ණ ලෙස ලබාගැනීමට අවශ්‍ය වෙනවා. කසිණ 8 මගින්ම අෂ්ඨ සමාපත්ති ලබාගත් පසු අභිඥා ලබාගැනීමට පහතින් දක්වන සුවිශේෂ ක්‍රම 14කින් ධ්‍යාන වශී කරගන්න අවශ්‍ය වෙනවා.

1. කසිනානුලෝම
පඨවි කසිණයේ සිට ඕදාත කසිණය තෙක් අනුපිළිවෙලින් එක් එක් කසිනයක් පාසා 1 - 8 අෂ්ඨ සමාපත්ති වලට සමවැදීම

2. කසිණ පටිලෝම
ඕදාත කසිණයේ සිට පඨවි කසිණය තෙක් පිටුපසට 1 - 8 අෂ්ඨ සමාපත්ති වලට සමවැදීම

3. කසිනානුලෝම පටිලෝම
පඨවි කසිනයේ සිට ඕදාත කසිණය තෙක්ද ඕදාත කසිනයේ සිට නැවත පඨවි කසිණය දක්වාද මුල සිට අගටත් අග සිට මුලටත් අෂ්ට සමාපත්ති වලට සමවැදීම

4. ඥානානුලෝම
ප්‍රථම ධ්‍යානයේ සිට නෙවසංඥානාසංඥායතනය තෙක් මුල සිට අගට අෂ්ට සමාපත්ති සමවැදීම.

5.ඥාණපටිලෝම
නෙවසංඥානාසංඥායතනය සිට ප්‍රථම ධ්‍යානය තෙක් අග සිට මුලට අෂ්ට සමාපත්ති සමවැදීම

6. ඥානානුලෝම පටිලෝම
මුල සිට අගටත් අග සිට මුලටත් අට සමවත් සමවැදීම

7. ඥානුක්කන්තිකය
එක් එක් කසිනයට අදාලව පළමු ධ්‍යානයේ සිට තුන් වන ධයානයටත් එහි සිට ආකාසානඥ්චායතනය වෙතත් ආදී ලෙස ධ්‍යාන එකක් හැර එකක් සමවැදීම

8.කසිනුක්කන්තික
පඨවි කසිනයේ ප්‍රථම ධ්‍යානයට සමවැදී එහි සිට ආපෝ කසිණය මගහැර තේජෝ කසිනයේ ප්‍රථම ධ්‍යානයටත් ඉන්පසු වායෝ කසිණය අතහැර නීල කසිනයටත් ආදී ලෙස කසිණ එකක් හැර එකක ප්‍රථම ධ්‍යානයට සමවැදීම. ඒ ආකාරයට අනෙක් සියලු ධ්‍යාන වලින් කසිණ එකක් හැර එකක් ලෙස සමවැදීම

9. ඥාණකසිනුක්කන්තික
පඨවි කසිනයේ ප්‍රථම ධ්‍යානයට සමවැදී ඊළගට තේජෝ කසිනයේ තෘතිය ධ්‍යානයට ඉන්පසු නීල කසිනයේ ආකාසානඥ්චායතනයට ආදී ලෙස එකවර කසිනයක් හැර කසිනයක්  හා ධ්‍යානයක් හැර ධ්‍යානයක් ලෙස
සමවැදීම.

10. අංග සංකන්තික
පඨවි කසිනයේ ප්‍රථම ධ්‍යානයට සමවැදී එහිම ඉතුරු ධ්‍යාන වලට සමවැදීම

11. ආරම්මණ සංකන්තික
පඨවි කසිණයේ ප්‍රථම ධ්‍යානයට සමවැදී අනෙක් සියලු කසින වල ප්‍රථම ධ්‍යානයට සමවැදීම

12. අංගාරම්මන සංකන්තික
පඨවි කසිනයේ ප්‍රථම ධ්‍යානයට - ආපෝ කසිනයේ දෙවන ධ්‍යානයට - තේජෝ කසිනයේ තෘතිය ධ්‍යානයට ආදී ලෙස කසිනයෙන් කසිනයට ධ්‍යානයෙන් ඉහලට යාම

13. අංගවවත්තාපන
"ප්‍රථම ධ්‍යානයේ ධ්‍යානාංග පහක් යුක්තය, ද්විතිය ධ්‍යානය අංග තුනකින් යුක්තය, තෘතිය ධ්‍යානය අංග දෙකකින් යුක්තය, චාතුර්ත ධ්‍යානය අංග දෙකකින් යුක්තය, අරූප ධ්‍යාන අංග දෙකකින් යුක්තය" ලෙස ධ්‍යානාංග පමණක් වෙන් කර සිහි කිරීම

14. ආරම්මණ වවත්තාපන
පඨවි කසිනයේ සිට ඕදාත කසිණය තෙක් සියල්ලේ ප්‍රතිග්‍රහ නිමිති එකින් එක සිහිපත් කිරීම


ඍධි ලැබීම 
මේ වශී ආකාර 14 මගින් සියලු කසිණ වශී කරගත් යෝගියෙකුට බිප්පනිසන්ති භාවය හෙවත් අවශ්‍ය ඕනෑම වෙලාවක ක්ෂණයෙන් තමාට අවශ්‍ය ඉර්ධියක් දැක්වීමේ හැකියාව ලැබෙනවා.
මේ ආකාරයෙන් ලබාගන්නා ඉර්ධින් ප්‍රධාන ආකාර තුනක් වෙනවා

1. අධිෂ්ඨාන ඉර්ධිය - අධිෂ්ඨාන කිරීමෙන් තමන්ට අවශ්‍ය දෙයක් සිදුවීමට සැලැස්වීම, අවශ්‍ය දෙයක් මැවීම
2. විකුර්වන ඉර්ධිය - විවිද වේශයන් ගෙන ප්‍රාතිහාර්ය දැක්වීම
3. මනෝමය ඉර්ධිය - තමන් වැනි රුප මැවීම

* ඒ වගේම අභිඥා ලාභියෙකුට හිරු සදු ස්ඵර්ශ කිරීම, හිරු සදු අත සමීපයට ගෙන්වීම, හිරු සදු සමීපයට ගොස් ඇල්ලීම, කුඩා කිරීම, විශාල කිරීම සිදුකල හැකි බව සදහන් වෙනවා. එසේ කිරීමේදී හිරු සදු දෙකෙහි ගමනේ වෙනසක් නොවන බවත් ඍධියට විෂය වන ලෙස පමණක් සිතු දේ සිදුවන බවත් දැක්වෙනවා. අභිඥා ලාභියෙකු ඉර හද අතින් ස්ඵර්ශ කිරීමේදී වෙන්නේ සමාන්තර යතාර්ථයක් ඇතිවීම. මේ දේ උදාහරණ කීපයකින් විස්තර කරන්න පුළුවන්.

* අභිඥා ලාභියෙක් ඉර තමන්ගේ අත ලගට පැමිණේවා කියල අධිෂ්ඨාන කළාම ඉර තමන්ගේ අත ලගට පැමිණීම සිද්දවෙනවා. ඒ වගේම ඉර සාමාන්‍ය විදියට තිබෙන අවකාශයේ තිබීමත් වෙනවා. අනිත් සාමාන්‍ය මිනිසුන්ට ඉර ලන්විමක් වෙන්නේ නෑ. එහෙම වෙන්නේ එකම අවස්ථාවේ ඉර තැන් දෙකක ස්වභාව දෙකකින් පැවතීමෙන්. සාමාන්‍ය මනසකින් එහෙම දෙයක් වෙන්නේ කොහොමද කියල එකපාරට හිතාගන්න බැරි උනාට මෙතැනදී වෙන්නේ ධ්‍යාන ලාභියාට බලපාන යතාර්ථය හා ලෝකේ අනිත් ජිවින්ට බලපාන යතාර්ථය දෙකක් වීමක්. අභිඥා ලැබීමෙන් කාලය හා අවකාශය පාලනය කිරීමේ හැකියාව ලැබීමෙන් යතාර්ථය වෙනස් කිරීමේ හැකියාව ලැබෙනවා. අභිඥා ලාභියා ඉර අතින් ස්ඵර්ශ කරන වෙලාවේදී සාමාන්‍ය ජිවිත ගත කරන අනිත් ජිවින්ට සුර්යයාගේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. ඔවුන්ගේ සාමාන්‍ය ජිවිත සාමාන්‍ය විදියට ගලාගෙන යනවා. ඔවුන්ට බලපවත්වන යතාර්ථය තුල ඉර පවතින්නේ ග්‍රහ මණ්ඩලයේ මැදින්මයි. ඒත් අභිඥා ලාභියාට බලපාන යතාර්ථය තුල ඉර තිබෙන්නේ අත ලගින්. මේ ඉර මවාගත් ව්‍යාජ ඉරක් නෙවෙයි. සත්‍යම සුර්යයාමයි. මේ සුර්යයා හා සාමාන්‍ය මිනිසුන් දකින සුර්යයා දෙන්නෙකුත් නෙවෙයි. මෙතැනදී වෙන්නේ සමාන්තර විශ්ව දෙකක් මැවීමක් වගේ දෙයක්. හැබැයි විශ්වයන් දෙකක් ඇතිවෙන්නේ නෑ යතාර්ථ දෙකක් හෙවත් විශ්වය තමන්ට ඇහෙන දකින විදි දෙකක් ඇතිවීමයි වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ "ලෝකය තිබෙන්නේ බාහිරයේ නොව තමන් තුලමයි" කියල කියන්න ඇත්තේ මේ නිසා වෙන්න ඇති.


මේ ක්‍රමවේදයම භාවිතා කරලා දෙවියන් හා යක්ෂයන් මිනිසුන්ට විවිද දේ සැගවීම සිදුකරනවා. උදාහරණයක් විදියට කියනවා නම් රාවණ රජුගේ මාලිගා ආදියට ඇතුල් විය හැකි දොරටු සාමාන්‍ය මිනිස්සු ගැවසෙන තැන් වල පවා තියෙනවා. ඒත් ඒවා ආරක්ෂා කරන දෙවියන් හෝ බලවත් යක්ෂයන් තමන්ට උපතින්ම ලැබෙන ඉර්ධින් භාවිතා කරලා "මෙතනට පැමිණෙන මිනිසුන්ට මෙය දොරටුවක් වෙනුවට ගල් පර්වතයක් වේවා" කියල අධිෂ්ඨාන කලොත් සාමාන්‍ය පුද්ගලයෙක් ඒ දොරටුව අසලට ගියාම පෙනෙන්නේ එතන ගල් පර්වතයක් තිබෙනවා වගේ. ඒක මවා පෑමක් නෙවෙයි. පර්වතය මනෝමය දෙයක් නෙවෙයි පදාර්තමය ඇත්ත පර්වතයක්. අතින් අල්ලන්න පුළුවන් පර්වතයක් එතන පවතිනවා. ඒ හරහා යන්න පුළුවන් වෙන්නේ නෑ. පර්වතය කඩල බැලුවත් කළු ගල මිසක් මාලිගාවක දොරටුවක් තියෙන්නේ නෑ. හැබැයි එතන ගල් පර්වතයක් තිබුනා කියල මාලිගාවේ දොරටුව නැතිවෙන්නෙත් නෑ. එකම ස්ථානයේ පර්වතයකුත් තියෙනවා දොරටුවකුත් තිබෙනවා. එකම ස්ථානයේ කම්පන තල දෙකක් තුල පර්වතය හා දොරටුව තිබෙනවා. සාමාන්‍ය මිනිසුන්ට ගෝචර වන කම්පන තලයේ තිබෙන්නේ ගල් පර්වතයක්. යක්ෂයන් හා දෙවියන්ට බලපාන කම්පන තලයේ පවතින්නේ දොරටුවක්. කම්පන තල දෙකක් කියල අදහස් කලේ යතාර්ථ දෙකක් කියන එකමයි.

මේ විදියටම දිව්‍ය බ්‍රහ්ම ලෝක වලට ගමන් කිරීමේ හැකියාවත් ලැබෙනවා. කැමතිනම් දෙව්ලොව බඹලොව තමන් වෙතට ගෙන්වා ගැනීම හෝ තමන් ඒවාට ගමන් කිරීම සිදුකරන්න පුළුවන්. දෙවි බඹුන්ට දර්ශනය වන ලෙස භෞතික ශරීරය සමග යාමත්, නොපෙනෙන ලෙස සිතින් (මනොකායෙන්) ගමන් කිරීමත් කරන්න හැකියාව ලැබෙනවා. අවශ්‍ය නම් තමන් පොලවේ සිටිමින් තමන් වැනි රුපයක් මවා දෙව්ලොව බ්‍රහ්මලොව ආදියට ගමන් කර ඒ නිර්මිත කය මගින් දෙවියන් සමග කතා බහ කිරීම, දෙව්ලොව නැරඹීම සිදුකරන්නත් පුළුවන් වෙනවා.




පංච අභිඥා ලබා නොගත්තත් ඕනෑම භාවනාවක් වැඩීමේදී ප්‍රථම ධ්‍යානය ලබාගැනිමෙන්ම භාවනා නිමිත්තට අදාළ ඉර්ධින් ලැබෙනවා. එක් එක් කසිණ භාවනා වලට අදාළව ලැබෙන ඉර්ධින් වෙන්නේ පහත ඒවායි :-

පඨවි කසිණය
- තමන් වැනි ශරීර මැවීම
- මුතු මැණික් ගස් ගල් පර්වත මැවීම
- අහස හෝ ජලය මත පොළවක් මවා ඒ මත ඇවිදීම, හිදගෙන සිටීම ආදිය සිදුකිරීම
සහ තවත් ආකාර රාශියකින් පඨවි ධාතුව පාලනය කිරීම

ආපෝ කසිණය 
- පොළවේ කිමිදී වෙන තැනකින් මතුවීම
- වැසි ඇතිකිරීම
- ගංගා මුහුදු මැවීම
- පර්වත ප්‍රාසාද ආදිය සෙලවීම ,භූ කම්පා ඇතිකිරීම
ඇතුළු ආකාර වලින් ආපෝ ධාතුව පාලනය කිරීම

තේජෝ කසිණය ( භාවනා ලිපිය කියවීමට Click Here)
- දුම් ඇතිකිරීම
- දිලිසීම
- අගුරු වැසි ඇතිකිරීම
- තමන්ගේ තේජසින් අනුන්ගේ තේජස  කිරීම
- කපු පුළුන් දර ආදිය දැවීම හා එවැනි දේ එකලග ඇති විට තමන්ට අවශ්‍ය දේ පමණක් දැවීමට සැලැස්වීම
- දිවැසින් විවිද දේ දැකීම සදහා ආලෝක කිරීම
- පිරිනිවනේදී/ මරණයේදී ශරීරය ගින්නෙන් දැවීමට සැලැස්වීම

වායෝ කසිණය  ( ආකාෂචාරි බව ලබාදෙන වායෝ කසිණය ලිපිය Click Here)
- එක් තැනක සිට වෙනත් තැනකට වායුවක් මෙන් සීඝ්‍රව ගමන් කිරීම
- වාත වැසි ඉපදවීම ( සුළි සුලන්, කුනාටු ඇතිකිරීම)
- අහසින් ගමන් කිරීම

නීල කසිණය - නිල් පැහැ රුප මැවීම

පීත කසිණය
- රන් පැහැ රූප මැවීම,
- අධිෂ්ඨාන කිරීමෙන් විවිද ද්‍රව්‍ය රත්‍රන් බවට පත් කිරීම

ලෝහිත කසිණය - රතු පැහැ රුප මැවීම

ඕදාත කසිණය
- සුදු පැහැ රුප මැවීම
- ථිනමිද්ධය දුරු කිරීම
- අන්ධකාරය නැතිකිරීම
- දිවැසින් රුප දැකීමට ආලෝක කිරීම

ආලෝක කසිණය  ( දිවැස් උදාකරන ආලෝක කසිණය ලිපිය Click Here)
- ප්‍රභාශ්වර රූප මැවීම
- ථිනමිද්ධය දුරු කිරීම
- අන්ධකාරය නැතිකිරීම
- දිවැසින් රුප දැකීමට ආලෝක කිරීම
- ශරීරයෙන් ආලෝකය විහිදුවිම
- දුර ඈත සිටින අයෙකුට තමන් වැනි ආලෝකමය කයක් දර්ශනය වීමට සැලැස්වීම

ආකාශ කසිණය
- පොලව පර්වත ආදිය තුල අහස /අවකාශය මවා ඒ තුල ඉරියව් පැවැත්වීම
- බිත්ති පර්වත ආදිය විනිවිද යාම
- ඝන වස්තු එකිනෙක විනිවිද යැවීම

* මුලික හැකියාවන් මේවා උනත් මිට අමතරව බොහෝ හැකියාවන් ලැබෙනවා. අත්දැකීම් වැඩිවීමෙන් විවිද නව හැකියාවන් අත්විදින්න ලැබෙනවා. දෙවියන්ගේ හා ඍෂිවරුන්ගේ උපදෙස් ලබාගැනිමෙනුත් නව ඍධි මතුකරගැනීමට අවස්තාව ලැබෙනවා.
උද්ග්‍රහ නිමිත්ත පතුරවන ප්‍රමාණය වැඩිවන තරමට ඍධීන් වල බලවත් වෙනවා. ආලෝක හා තේජෝ කසිණ වලට අදාළ ප්‍රතිග්‍රහ නිමිති මෙලෙස වර්ධනය කරගැනීමෙන් දිවැස් ආදියෙන් තමන්ට දැකිය හැකි අරමුණු කල හැකි ප්‍රමාණයත් වැඩිවෙනවා. පිටසක්වල ලෝක දිව්‍ය අමනුෂ්‍ය ලෝක වල දේ පවා අරමුණු කිරීමේ හැකියාව ලැබෙනවා.


දිව්‍යශ්‍රෝතය   ලබාගන්නා ආකාරය 
වශී ආකාර 14 මගින් සියලු කසිණ වශී කරගැනීමෙන් පසු හෝ අඩුමතරමින් එක් භාවනාවකින් චතුර්ථ ධ්‍යානය ලබාගැනීමෙන් පසු දිව්‍ය ශ්‍රවනය ලබාගන්න පුළුවන්. ඒ සදහා පළමුවෙන් චතුර්ථ ධ්‍යානයට සමවැදී ඉන් අවදි වී පරිකර්ම සමාධි සිත පවත්වාගනිමින් අවටින් ඇසෙන සියලු ශබ්ද පිලිබද මෙනෙහි කල යුතුයි. ඉන් පසු මිනිසුන් ඇතුන් අශ්වයන් ගවයන් කුරුල්ලන් බල්ලන් පුසන් ආදී සතුන්ගේ ශබ්දත්, යාන වාහන උපකරණ ආදියේ ශබ්දත්, සුළග වැස්ස මුහුදු රළ අකුණු ගැසීම ආදී රළු ශබ්ද එකින් එක වෙන වෙනම සිහිපත් කල යුතුයි. එසේ කිරීමේදී තුන් යොදුනක් ඇතුලත සියලු ශබ්ද ඇසීමට පටන්ගන්නවා.

මීලගට පිලිවෙලින් ඝන්ටාර ශබ්ද, සංගීත ශබ්ද දේශනා සජ්ජායනා කරන ශබ්ද, කුරුල්ලන්ගේ ශබ්ද, මිනිස් කටහඩ, සුළගින් ඇතිවන ශබ්ද, ඇවිදීමේදී ඇතිවන අඩි ශබ්ද, උණුදිය නටන ශබ්ද, අව්වේ වේලෙන තල්පත් තණකොළ ආදියෙන් ඇතිවන ශබ්ද, කුඹින් ගේ ශබ්ද ආදී ලෙස රළු ශබ්ද වල සිට සියුම් ශබ්ද දක්වා අනුපිළිවෙලින් ශබ්ද නිමිති සිහි කල යුතුයි. ඒ ශබ්ද ඇසෙන තෙක් මේ විදියට අභ්‍යාස කල යුතුයි.

මීලගට නැගෙනහිර දිශාවේ ශබ්ද, දකුණු දිශාවේ ශබ්ද ආදී ලෙස සියලු දිශා වල ශබ්ද වෙන වෙනම අරමුණු කල යුතුයි. පරිකර්ම සමාධිය තුලදී මේ ශබ්ද ඉතා හොදින් ඇසෙනවා. නිතර නිතර පුරුදු කිරීමෙන් පස්සේ සාමාන්‍ය අවස්ථා වලදීත් ඇසෙන තත්ත්වයට පත්වෙනවා. මේ විදියට නැවත නැවත කිරීමේදී දිව්‍යශ්‍රොත ඥානය ඇතිවෙනවා.
එසේ ඥානය ලබාගැනීමෙන් පස්සේ තමන් වැඩු ධ්‍යානයේ පටිග්‍රහ නිමිත්ත ක්‍රම ක්‍රමයෙන් විශාල කරමින් හැකිතාක් අවකාශයක් පුරා පැතිරවීම කල යුතුයි. එසේ කිරීමෙන් තමන් නිමිත්ත පැතිරවූ අවකාශයේ ඕනෑම ශබ්දයක් අරමුණු කර ඇසීමේ හැකියාව ලැබෙනවා. හොදින් ප්‍රගුණ කිරීමෙන් ධ්‍යානයට සමවැදීම නොකර කෙලින්ම අභිඥාව තුලින් අවශ්‍ය ශබ්දයක් ශ්‍රවනය කරන්න පුළුවන්. දිව්‍ය ශ්‍රොත ඥානය ලැබුණු විට අභිඥාව තුලදී ලෝකයේ විවිද ශබ්ද සියල්ල එකට ඝෝෂාවක් මෙන් ඇසුනත් තමන්ට අවශ්‍ය ශබ්දය පමණක් වෙන් කර ශ්‍රවණය කිරීමේ හැකියාව ලැබෙනවා.

* මීට පෙර ලිපියකින් දැක්වූ බුදුදහමේ සදහන් නොවෙන ඔරලෝසුවක් උපකාරයෙන් සිදුකරන භාවනාව( කියවීමට Click Here ) හොදින් ප්‍රගුණ කිරීමෙන් චතුර්ථ ධ්‍යානයට පෙර ප්‍රථම ධ්‍යාන අවස්ථාවේදීම දිව්‍යශ්‍රොත ඥානය තරමක් දුරට ලබාගන්න පුළුවන්.


දිබ්බචක්කු ඥාණය   ලබාගන්නා ආකාරය 
තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් දැකීමේ හැකියාව වන දිවැස් නුවණ වගේම සතුන්ගේ පෙර භව අනාගත භව දැකීමේ හැකියාවත්, කර්ම - කර්මපල දැකීමේ හැකියාවත් අයත් වෙන්නේ දිබ්බචක්කු ඥානයට. දිබ්බ චක්කුව ඉපදවීමෙන් ඒ හැකියාවන් තුනම ලැබෙනවා.

දිවැස් ඉපදවීම සදහා තේජෝ කසිණ( Click Here) , ඕදාත කසිණ හා ආලෝක කසින(Click Here) යන කසිණ තුනෙන් එකකින් ධ්‍යානයට සමවැදි ඉන් අවදි වී උපචාර සමාධිය පවත්වා ගනිමින් අදාළ පටිග්‍රහ නිමිත්ත ක්‍රම ක්‍රමයෙන් විශාල කරමින් කසිනාලෝකය පැතිරවිය යුතුයි. එක් එක් මට්ටමේදී තමන් නිමිත්ත පැතිරවූ ප්‍රදේශය පුරා ඇති සියලු රුප සියල්ල මෙනෙහි කල යුතුයි.
මේ විදියට කිරීමේදී කසිනාලෝකය නැතිවී යන්න පුළුවන්. ඒ අවස්ථාවේදී නැවතත් ධ්‍යානයට සමවැදී ඉන් අවදි වී නැවත කසිනාලෝකය පැතිරවීම කල යුතුයි. නැවත නැවත මෙලෙස උත්සාහ කිරීමේදී දිවා රෑ පුරා කසිනාලෝකය එකලෙසම පවතින තත්ත්වයට පත්වෙනවා. කසිනාලෝකය පැතිරවූ අවකාශය තුල ඕනෑම දෙයක් තමන්ට අවශ්‍ය වෙලාවක අවශ්‍ය වෙලාවක දැකීමේ හැකියාව ලැබෙනවා.

ලග ඇති දුර ඇති ඕනෑම දෙයක්, ශරීර අභ්‍යන්තර දේ, පොලව තුල ඇති දේ, බිත්ති පර්වත තුල ඇති දේ, මුහුදු පතුලේ ඇති දේ, යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන්, දිව්‍ය බ්‍රහ්මයන් හා ඒ ලෝකයන්, පරසක්වල ලෝක හා ඒ ජීවින්, අතීත අනාගත ආත්මයන්, අතීත අනාගත සිදුවීම් ආදී සියල්ල දිවැස තුලින් දකින්න පුළුවන් වෙනවා.


චේතෝපරිය ඥානය  ලබාගන්නා ආකාරය 
පරචිත්ත විජානනය ඉපදවිමටනම් ඊට පෙර දිබ්බචක්කු උපදවාගෙන සිටීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සදහා තේජෝ කසින , ආලෝක කසින හා ඕදාත කසින යන කසින තුනෙන් එකක් මගින් ධ්‍යානගත වී ඉන් අවදි වී පරිකර්ම සමාධිය තුල සිටිමින් ප්‍රතිග්‍රහ නිමිත්ත හෙවත් කසිනාලෝකය ඇතිකර කසිනාලෝකය තුලින් අනුන්ගේ හෘදය තුල පවතින ලේ ධාතුවෙහි වර්ණය පරික්ෂා කල යුතුයි. ඉන් පසු ඒ ඒ වර්ණයට අනුව සිතේ ස්වභාවය හා සිතුවිලි දැකීමට උත්සාහ කල යුතුයි.
මේ විදියට නැවත නැවත උත්සාහ කිරීමේදී  හෘදය දෙස නොබලාම සිත දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ මට්ටමට ආ විට හෘදයක් නොපවතින අරුපාවචර බ්‍රහ්මයන්ගේ පවා සිත් දැකීමේ හැකියාව ලැබෙනවා.


පුර්වේ නිවාසානුස්මෘති ඥාණය  ලබාගන්නා ආකාරය 
තමන්ගේ පෙර භවයන් දැකගැනීමේ ඥාණය උපදවාගැනීම උපදවා ගැනීම සදහා යම් භාවනාවකින් චතුර්ථ ධ්‍යානයට සමවැදී ඉන් නැගී සිට මුලින්ම තමන් හිදගත් ඉරියව්ව සිහිපත් කල යුතුයි. ඉන්පසු හිදගැනීමට ආසනය සකස් කල ආකාරය සිහිපත් කල යුතුයි. ඒ ආකාරයට පිලිවෙලින් භාවනා කරන ස්ථානයට පැමිණීම, ආහාර ගැනීම, අවදිවීම ආදී විදියට අනුපිළිවෙලින් තමන් භාවනා කිරීමට හිදගත් අවස්ථාවේ සිට පිටුපසට කල කි දේ සිහිපත් කල් යුතුයි. මේ ආකාරයට ක්‍රමයෙන් පෙර දිනයේ රාත්‍රියේ සිදු කල දේ, සවස් කාලයේ සිදු කල දේ දවල් සිදු කල දේ උදයේ සිදු කල දේ ආදී විදියට දෙවෙනි දින තුන්වෙනි දින හතරවන දින පස්වන දින, 10 වන දින, අඩ මාසයකට පෙර, මාසයකට පෙර අවුරුද්දකට පෙර, අවුරුදු  දහය විස්ස ආදී විදියට ක්‍රමයෙන් පිටුපසට අතීතය මතක් කල යුතුයි.
අතීතය මතක් කරමින් යාමේදී මතක් කිරීම අපහසු වෙනවානම් නැවත ධ්‍යානයට සමවැදී ඉන් අවදි වී නැවත සිහිපත් කිරීම කල යුතුයි. නැවත නැවත මෙසේ ප්‍රගුණ කිරීමෙන් පෙර භව සිහි කල හැකි පුර්වේ නිවාස ඥාණය පහළවෙනවා. ඒ මගින් තමන්ගේ පෙර භව වල ඉපදී සිටි තැන්, නම් ගම, කල කි දේ ආදී සියල්ල මතක් කිරීමට හැකිවෙනවා.

සමථ භාවනාවෙන් ලබාගත හැකි උසස්ම තල වෙන්නේ මේ අෂ්ට සමාපත්තීන් හා පංච අභිඥාවන්. එක් එක් පුද්ගලයන්ගේ සංසාරගත පුරුදු අනුවත් පින් අනුවත් ලැබෙන අභිඥා වල ප්‍රභල බව වෙනස් වෙනවා. සියලු අභිඥාවන් පවතින්නේ ධ්‍යානය පවතින තාක් පමණයි. පංච නිවරණ වලින් සිත අපිරිසිදු වී ධ්‍යානය පිරිහුනොත් අභිඥා හැකියාව ඒ සමගම නැතිවී යනවා. එතකොට නැවතත් මුල සිට භාවනා කර ධ්‍යාන අභිඥා උපදවා ගත යුතුයි.


ශක්ති වැඩීම
සමථ භාවනා මගින් ලබාගන්නා ඉර්ධි අභිඥා ආදී හැකියාවන් ලබාගත හැකි වෙනත් ක්‍රමයක් කුන්ඩලිනි ශක්ති අවදි කිරීම. හැබැයි ශක්ති අවදි කිරීම ධ්‍යාන ලබාගැනීමට වඩා සම්පුර්ණයෙන්ම වෙනස්. ක්‍රමවේද දෙක මගින්ම සමාන හැක්යාවන් ලැබුනත් ඒවා ලබාගන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් ක්‍රම හරහා. මේ වෙනස පිළිබද අවබෝධයක් නැති යෝග උපදේශකයන් හා යෝග ලිපි පල කරන්නන් කුන්ඩලිනි අවදි කිරීමත් ධ්‍යාන ලබාගැනීමේ රාමුව තුල විග්‍රහ කරනවා. "කුන්ඩලිනිය අවදි කරගැනීම සදහා නිර්මාංශ වීම කල යුතුයි, සිල් රැකිය යුතුයි, මාර්ගඵල ලැබිය යුතුයි, සම්පුර්ණයෙන් කුණ්ඩලිනිය අවදි කරගත්තේ ශිව දෙවියන් හා රාවණා පමණයි" වගේ හිස් මත පලකරනවා. ඒවා කිසිම පදනමක් නැති අන්ධ මත විතරයි. ඔවුන්ට කුන්ඩලිනිය පිළිබද කිසිදු අත්දැකීමක් හෝ දැනුමක් ඇත්තේ නෑ. තමන්ට හිතෙන හැටියට කුන්ඩලිනි ශක්තිය පිළිබද කතා ගෙතීම විතරයි ඔවුන් කරන්නේ.

කුන්ඩලිනි ශක්තිය පිලිබදවත් කුන්ඩලිනි චක්‍ර අවදි කරන භාවනා පිලිබදවත් සවිස්තරාත්මකව පෙර ලිපි වලින් විස්තර කල නිසා ඒ සියල්ල නැවත මෙතන සදහන් කරන්නේ නෑ. ලිපියට අවශ්‍ය මුලික කරුණු පමණක් සදහන් කරන්නම්. පළමු වරට බ්ලොග් අඩවියට පැමිණ මේ ලිපිය කියවන අයට කුන්ඩලිනි භාවනා ලිපි කියවීමට අදාළ ලින්ක් පල කරන්නම්.


කුණ්ඩලිණි ශක්තිය සියලුම මනුශ්‍යන්ගේ පවතින දිව්‍යමය ශක්තියක්. කුණ්ඩලිණි ශක්තිය මිනිසුන්ට වගේම දෙවියන්ටත් තිබෙනවා. සියලුම දෙවියන්ගේ සියලුම චක්‍ර සක්‍රිය නෑ. ඒත් සියලුම දෙවියන්ගේ ආඥා චක්‍රය/ තෙවැනි ඇස සක්‍රීයයි. මනුෂ්‍යයෙක්ගේ කුණ්ඩලිනි ශක්තිය අජීවී දේහ තුල පවතින් නෑ. එකට හේතුව මේ ශක්තිය පවතින්නේ භෞතික ශරීරය තුල නෙවෙයි ශරීරය ආශ්‍රය කරගෙන පවතින ශක්තිමය ශරීරය තුල. මනුෂ්‍ය ශරීරයක භෞතික ශරීරය ,මනෝමය සුක්ෂම ශරීරය හා ශක්තිමය ශරීරය කියන ශරීර 3ක් පවතිනවා. ශක්තිමය ශරීරයක් කියල හැදින්වුවත් ශරීරයේ හැඩයට සකස්වෙලා තියෙන ශක්තිය ගමන් කරන ශක්ති රැහැන් (නාඩි) රාශියක් පවතින්නේ.

කල්ප විනාශයකදී මනුෂ්‍ය ලොව දෙව් ලොව ආදී සියලු ලෝක විනාශ වනවිට වීර්යවන්ත මිනිසුන් ධ්‍යාන වඩා බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. ආභස්සර බ්‍රහ්ම ලෝකයට පහල බ්‍රහ්ම ලෝක පවා විනාශ වන නිසා ධ්‍යාන ලාභින් ආභස්සර බ්‍රහ්ම තලයේ උපදිනවා. නැවතත් මිනිස් ලොව ජීවයට සුදුසු තත්වයට පත්වුනාම ආභස්සර ජීවින් මනුෂ්‍ය ලෝකයට පැමිණෙනවා. මේ තොරතුරු බුදුරජාණන් වහන්සේ විසින් අග්ගඥ සුත්‍රයේදී දේශනා කර තියෙනවා.
පොලවට පැමිණෙන මේ ආභස්සර ජීවින් ආලෝකමය ශක්ති ශරීර වලින් තැනුණු ආත්ම භවයක්. ඔවුන්ට තියෙන්නේ ශක්තිමය ශරීරයක්. ආභස්සර ජීවින් කියන්නේ පිටසක්වලයන් නෙවෙයි. පිටසක්වල ලෝක වල මනුෂ්‍යයන් වෙනම ජිවත් වෙනවා. ආභස්සර ජීවින් කියන්නේ මේ මිනිස් ලෝකෙම ඉදල බ්‍රහ්ම ආත්මයක් ලැබූ මිනිසුන්. ඔවුන් පොළවට පැමිණීමෙන් පස්සේ පොලවේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වලින් තැනුණු ආහාර පරිහොජනය කිරීමෙන් ක්‍රමයෙන් ඔවුන්ගේ ශරීර ඝන බවට පත්වෙනවා. මනුෂ්‍ය ස්වභාවය ඇතිවෙනවා. මේ ලිපිය කියවන ඔබ අප සියලු දෙනාම ඒ විදියට ආභස්සර බ්‍රහ්ම තත්වයේ සිට මනුෂ්‍ය භාවයට පත් වුන මිනිසුන්.
ආභස්සර තත්ත්වයේ සිට මනුෂ්‍ය වීමේදී ඇට මස් නහර ආදිය ඇතිවී වැසි යන ශක්තිමය ශරීරය අපි හැමෝගෙම සිරුර තුල පවතිනවා. පරම්පරාවෙන් පරම්පරාවට දරුවන් බිහිවීමේදී ඒ ශක්තිමය ශරීරය නැතිවී යන්නේ නෑ. මෙන්න මේ ශක්තිමය ශරීරය සක්‍රිය කිරීමයි කුන්ඩලිනිය වැඩීමෙන් සිදුකරන්නේ. ශක්තිමය ශරීරය සක්‍රිය කරගැනීමෙන් ආභස්සර භාවයේදී අපට තිබුණු, බ්‍රහ්මයන් දෙවියන් හට ස්වභාවයෙන්ම තිබෙන ලක්ෂණ වන දිවැස් ඉර්ධි වැනි හැකියා ලැබෙනවා.

අපේ ශරීරයේ තිබෙන මේ ශක්තිමය ශරීරයේ විශ්ව ශක්තිය ගලා යන මාර්ග තියෙනවා. ඒ ශක්ති මාර්ග සකස් වෙලා තියෙන්නෙත් ශරීරයේ හැඩයටමයි. මේවා අතරින් ශක්තිය එක් රැස් වෙලා තියෙන ස්ථාන 7ක් තියෙනවා. ඒවාට තමා කුණ්ඩලිනි චක්‍ර කියල ඍෂි වරු හදුන්වල දීල තියෙන්නේ. මේ චක්‍ර වල තියෙන ශක්තිය සාමාන්‍ය වෙලාවට භාවිත කරන්න පුළුවන් තත්වයේ නෑ. භාවිතා කල හැකි තත්වයට පත්කරගන්නනම් යෝගාසන, ප්‍රාණයාම හා යෝග භාවනා වඩන්න ඕනි.


ශක්තිය එක රැස් වෙලා පවතින ස්ථාන වන චක්‍ර 7ක් තියෙනවා. මේවා පිහිටලා තියෙන්නේ භෞතික ශරීරයේ ස්නායු අන්ත එක් රැස් වෙලා තියෙන නිල ආශ්‍රිතවයි



1 - මුලාධාර චක්‍රය - ශුසුම්නාවේ පහල කෙලවර
2 - ස්වාධිෂ්ඨාන චක්‍රය - ලිංගාශ්‍රිත ප්‍රදේශයට පිටුපසින්
3 - මනිපුර චක්‍රය - නාභියට අඟලක් පිටුපසින්
4 - අනාහත චක්‍රය - හෘදය මැද ආශ්‍රිතව
5 - විශුද්ධ - උගුර මැද ආශ්‍රිතව
6 - සහස්‍ර - මොළයේ උඩ හරි මැද (තෙල් වල අසල )
7 - ආඥා චක්‍රය - නළල මැද නළල් අස්ථිය හා මොලය අතර

මේ චක්‍ර වලින් පළමු චක්‍රය වෙන මුලාධාර චක්‍රයේ කුණ්ඩලිනි ශක්තිය පවතිනවා.  කුණ්ඩලිනිය අවධි වන විට  ඉඩා පිලංග සුෂුම්නා නාඩි 3 ඔස්සේ සුෂුම්නාව තුලින් ශක්තිය ඉහල නගිනවා. ඇත්තටම කුණ්ඩලිනි ශක්තිය කියල හඳුන්වන්නේ චක්‍ර 7ම අවධි වූ විට ඒ සියලු ශක්ති වල එකතුවට. මුලාධාර චක්‍රය විතරක් අවධි උනාට කුණ්ඩලිනිය අවධි කළා වෙන් නෑ.ඒත් කුන්ඩලිනිය අවධි කරගැනීමට මුලින්ම භාවිත කරපු භාවනාවේදී(Click Here )  කරන්නේ මුලාධාරයේ පටන් ඉහල චක්‍ර වලට ශක්තිය ගමන් කරවීමක් නිසා මුලාධාර චක්‍රයේ තියෙන ශක්තිය කුණ්ඩලිනි ශක්තිය විදියට නම් කරලා තියෙනවා. ඒ භාවනාව මගින් අවශ්‍යනම් කුණ්ඩලිණි ශක්තිය එකවර සම්පුර්ණයෙන් අවධි කිරීමත්, එක් එක් චක්‍රය අවධි කිරීමත් කරන්න පුළුවන්. චක්‍ර අතරින් බලගතුම චක්‍රය ආඥා චක්‍රය නිසා එය විවර කරගන්න වෙනම භාවනාවක් ඍෂි වරු උගන්වල තියෙනවා( (Click Here)). බොහෝ පොත් වල  සහසාර චක්‍රය ආඥා චක්‍රය අවධි උනාට පස්සේ වෙනම අවදි කළ යුතු චක්‍රයක් ලෙස දක්වල තියෙනවා. සහසාර චක්‍රය පවතින්නේ කුණ්ඩලිනිය ගමන් කරන මාර්ගයේ අන්තයේ නෙවෙයි ආඥා චක්‍රයට කලිනුයි. කුණ්ඩලිනිය අවදි කිරීමේදී ආඥා චක්‍රයට කලින් සහශ්‍ර චක්‍රය අවදි වෙනවා.

කුණ්ඩලිනි ශක්තිය සම්පුර්ණයෙන් අවධි කරගත් යෝගින්ට ප්‍රධාන සිද්ධීන් 8ක් ලැබෙනවා:

1 - අනිමා - ශරීරය ඉතා සියුම්, ඉතා කුඩා ස්වභාවයට පත් කිරීම
2 - මහිමා - ශරීරය ඉතා විශාල කරගැනීම
3 - ලඝිමා - ශරීරය ඉතා සැහැල්ලු කිරීම
4 - ඝරිමා - ශරීරය අධික බරක් සහිත කරගැනීම
5 - ප්‍රාප්ති - පොලවේ සිට ඉර හඳ ස්පර්ශ කිරීම, සියලු භාෂා වැටහීම ,රෝග සුවපත් කිරීම
6 - ප්‍රකාම්ය - ශරීරයෙන් මනස වෙන් කිරීම, වෙනත් ශරීර තුලට ඇතුළුවීම ,අදෘශ්‍යමාන වීම
7 - වශිත්වම් - මිනිසුන් සතුන් මෝහනය කිරීම
8 - ඉෂිත්වම් - දිව්‍යමය ස්වභාවයට පත් වීම, මරණය පාලනය කිරීම,  මරණින් මතු කැමති උපතක් ලැබීම

මෙම ප්‍රධාන 8ට අමතරව තවත් සිද්ධීන් රැසක් ලැබෙනවා:

1 - කුසගින්න පාලනය කිරීම
2 - අධික උණුසුම, සිසිල දරා ගැනීම
3 - දුර තිබෙන දේ දැකීම හා ඇසීම
4 - කාම රූප - කැමති රුපයක් මවාගත හැකි වීම
5 - යතා සංකල්ප - කැමති දේ ඉටු වීම
6 - ත්‍රිකාල ඥාණ - තුන් කල් දක්නා නුවන
7 - මුලද්‍රව්‍ය පරමාණු වෙනස් කල හැකි වීම , වෙනත් ලෝහ රත්තරන් බවට පත් කිරීම
8 - දර්ධුරි සිද්ධි - සඳ මතදී ඇවිදින විට මෙන් එක අඩියක් තියා බොහෝ උසට පනිමින් ගමන් කිරීම
9 - තමන්ගේ හා අනුන්ගේ අතීත අනාගත ආත්ම දැකීම
10 - කාමචාරී - එක තැනකින් අතුරුදහන් වී කැමති ස්ථානයක පහල වීම
11 - අහසින් ගමන් කිරීම

කුණ්ඩලිනි චක්‍ර වල ශක්තිය පවතින්නේ අක්‍රිය ස්වභාවයෙන්. ඒවා කුණ්ඩලිනි යෝග භාවනා මගින් සක්‍රිය කරගැනීමෙන් ඒ ඒ චක්‍ර වලට අදාළ අධිමානසික හැකියාවන් ලැබෙනවා.

මුලාධාර චක්‍රය -  රෝග සුව කිරීම, ගසක් මෙන් පොලව සමග බැඳී නොසෙල්විය හැකි ලෙස සිටීම

ස්වාධිෂ්ඨාන චක්‍රය - ආයුෂ පාලනය කල හැකි වීම, ශරීරයේ තරුණ බව හා ලිංගික ශක්තිය දීර්ඝ කාලින වීම                                 
මනිපුර චක්‍රය - ආහාර රහිතව දිගු කලක් සිටීමේ හැකියාව, සාන්ද්‍ර අම්ල හා කෘමිනාශක වැනි විෂ සහිත දේ දිරවීමේ හැකියාව ,කුසගින්න පාලනය කිරීම

අනාහත චක්‍රය - හෘද ස්ඵන්දනය නැවැත්වීම, හුස්ම නොගෙන සිටීම , මිනිසුන් සතුන් වසඟ වෙන ලෙස මෛත්‍රිය පැතිරවීම

විසුද්ධ චක්‍රය - සියලු භාෂා අවබෝධ වීම,  කතාවෙන් පැරදිය නොහැකි වීම ,අහසින් ගමන් කිරීමේ හැකියාව

සහස්‍ර චක්‍රය - දෙවියන් සමග සන්නිවේදනය කළ හැකි වීම, විශ්වය පිලිබඳ ගැඹුරු අවබෝධයක් ඇති වීම, විශ්වයේ ඇති දැනුම තමන්ගේ සිතට ලබාගැනීමට හැකි වීම

ආඥා චක්‍රය - රාත්‍රියේදී පරිසරය පැහැදිලිව පෙනීම, තුන්කල් දක්නා හැකියාව, අනුන්ගේ සිත් දැකීම, අනුන්  වශී කිරීම , කයෙන් සිත වෙන් කිරීම,  දුර ඇති දේවල් දැකීම, පරමාණු තරම් ඉතා කුඩා දේවල් දැකීම, අමනුෂයන්, දෙවියන්, හා එම ලෝක දැකීම, පෙර ආත්ම අනාගත ආත්ම දැකීම, ශරීරයෙන්  හිත වෙන් කර ගැනීම, එක් තැනකින් අතුරුදහන් වි වෙන තැනකින් මතුවීම, හිතකින් හිතකට සන්නිවේදනය කිරීම, මනුෂයන්ව සතුන්ව මෝහනය කිරීම, ශරීරය පොළවෙන් ඉහලට එසවීම, අහසින් ගමන් කිරීම

මුලික හැකියාවන් මේවා උනත් මිට අමතරව තවත් බොහෝ හැකියාවන් චක්‍ර අවධි වීමත් සමඟ ලැබෙනවා. ඒ වගේම තමන්ගේ ශක්තිය වැඩි වීමත් සමඟ තවත් විවිද හැකියා ලබාගන්න පුළුවන්. මිට අමතරව කුණ්ඩලිනිය සම්පුර්ණයෙන් අවධි කරගැනීමෙන් පස්සේ වෙනත් විශේෂ යෝග වැඩීමෙන් කාලය හරහා යාම වගේ විශේෂ හැකියාවන් ලබාගන්න පුළුවන්.

* කුණ්ඩලිනිය පිළිබද ලිපි පල කරන බොහෝ අය සහශ්‍ර චක්‍රය අනෙක් චක්‍ර හය අවදි කිරීමෙන් පසු වෙනම අවදි වන අමුතු විශේෂ චක්‍රයක් කියල කරුණු දක්වනවා. භාවිතයෙන් තොර දැනුමේ ප්‍රතිපලයයි මේ. කුන්ඩලිනි චක්‍ර වල අවසානය වෙන්නේ ආඥා චක්‍රය මිසක් සහශ්‍ර චක්‍රය නෙවෙයි. අනෙක් චක්‍ර හය අවදි කලාට පස්සේ නෙවෙයි සහශ්‍ර චක්‍රය අවදි වෙන්නේ ආඥා චක්‍රයට පෙරයි. ශක්ති නාඩි මුහුම් වීම ඉහලින් සිදුවන නිසා සහශ්‍රකාර චක්‍රය ආඥා චක්‍රයට වඩා ඉහලින් පිහිටනවා මිස කුණ්ඩලිනිය ගමන් කරන මාර්ගයේ අවසානය සහස්‍ර චක්‍රය නෙවෙයි. අනෙක් චක්‍ර වලට වඩා ඉහලින් පිහිටුනු පලියට සහස්‍ර චක්‍රය අනිත් චක්‍ර වලට වඩා බලවත් වෙන්නේ නෑ. ඉහලින් පිහිටීම සිදුවෙලා තියෙන්නේ නාඩි ගමන් කරන මාර්ග වල පිහිටීම නිසා.

* කුණ්ඩලිනිය අවදි කිරීමෙන් ලැබෙන හැකියාවන් සිතේ සමාධිය නැතිවීමෙන් නැතිවෙන්නේ නෑ. ඒකට හේතුව වෙන්නේ ඒවා සිතේ තත්වයක්  පදනම් වෙලා ලැබෙන හැකියාවන් නෙවෙයි ශක්ති සක්‍රිය කිරීමෙන් ලැබෙන හැකියාවන්. ඒ නිසා සාමාන්‍ය ජිවිත ගත කරමින් ඒ ඉර්ධිමය හැකියාවන් පවත්වා ගන්න පුළුවන්. පංච නීවරණ පවතින සිතක් ඇති කෙනෙක්ට උනත් එකදිගට කුන්ඩලිනි චක්‍ර වල බලය පවත්වාගන්න පුළුවන්. ඒ වගේම කුණ්ඩලිනි චක්‍ර අවදි කරගැනීමට පින බලපාන්නේ නෑ. එකදිගට උත්සහ කලොත් ඕනෑම කෙනෙක්ට ශක්ති අවදි කරගන්න පුළුවන්. ඒත් ධ්‍යාන හා ඉර්ධි ලබාගැනීමට පින් අත්‍යවශ්‍ය වෙනවා.

මේ නිසාම කුන්ඩලිනි ශක්තිය පාලනය කිරීම දෙවියන් විසින් සිදුකරනවා. සමාජයට අහිතකර ගති පැවතුම් තිබෙන අයට කුන්ඩලිනි ශක්ති අවදි කරගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. කුණ්ඩලිනි ශක්තිය ශක්තියක් නිසා ශක්තිමය ශරීර වලින් යුක්ත දෙවියන්ට හා බ්‍රහ්මයන්ට ශක්ති ලබාදීම මගින් මිනිසුන්ගේ චක්‍ර අවදි කිරීමේ හැකියාව පවතිනවා. සියලු දෙවිවරු හා බ්‍රහ්මයන් අතරින් ඒ විදියට මිනිසුන්ට ශක්තිය ලබාදීමේ අවසරය තිබෙන්නේ මහා බ්‍රහ්මයන්ටත් ශිව දෙවියන් විෂ්ණු දෙවියන් හා සක්‍ර දේවේන්ද්‍රයන් හටත් විතරයි. තෙවැනි ඇස සක්‍රිය කරන ශක්තිය ලබාදීම සිදුකරන්නේ මහා ශිව දෙවියන් පමණයි. තෙවැනි ඇස විවර කරගැනීමට ශිව දෙවියන්ගේ පිහිට ලබාගැනීම ලිපියේ(Click Here to read ) මම සදහන් කල විදියට භාවනා කරන අතර අදාළ සිල් රැකීම් හා වත් පිළිවෙත් කිරීමෙන් දෙවියන්ගේ උපකාර ලබාගන්න පුලුවන්.
මිට අමතරව බෝධිසත්ත්ව වරුන්ටත්, රාවණා රජු හටත් ශක්ති ප්‍රදානය කිරීමට කිරීමට දේව අවසරය ලැබී තිබෙනවා. කුන්ඩලිනි ශක්ති අවදි කරගත් පුද්ගලයන්ටත් දේව අවසරය ඇතුව තමන් යටතේ සිටින ශිෂ්‍යන්ට ශක්ති ප්‍රදානය කිරීමේ අවසරය තියෙනවා.

කුන්ඩලිනි චක්‍ර අවදි කරන භාවනා පිලිබදව වෙනම ලිපි වලින් විස්තර කල නිසා ඒවා නැවත විස්තර කරන්නේ නෑ. භාවනා ලිපි කියවීමට පහත ලින්ක් Click කරන්න

කුණ්ඩලිනි ශක්තිය අවධි කරන භාවනාව ලිපිය කියවන්න :- ( මෙතන ක්ලික් කරන්න )
තෙවැනි ඇස විවර කිරීමේ භාවනාව ලිපිය කියවීමට          :-  (මෙතන ක්ලික් කරන්න )
ආධුනිකයන් භාවනා/ කුණ්ඩලිනි භාවනා ආරම්භ කල යුතු ආකාරය ලිපිය :- ( කියවීමට මෙතන click කරන්න )
කුණ්ඩලිනි භාවනා කරන්න කලින් මුලික උපදෙස් ලිපිය අනිවාර්යෙන් කියවන්න. ලිපියේ සඳහන් උපදෙස් වලට අනුව විතරක් භාවනා කරන්න. ලිපිය කියවීමට :- ( මෙතන ක්ලික් කරන්න )

සමථ භාවනා මගින් ඉර්ධින් ලබාගැනීමට සමාන ක්‍රමවේදයක් යෝග ධර්මය තුල පතන්ජලි ඍෂි  විසින් විස්තර කර තිබෙනවා. ඉන්දියානු තාන්ත්‍රික යෝග තුල හමුවෙන මේ ක්‍රමය නම් කරන්නේ "සංයම" කියලා. සංයම කියන්නේ කිසියම් නිමිත්තක් තුල සිත එක්තැන් කිරීම. ඒ විදියට විශේෂ නිමිති කීපයක් ගැන චිත්ත ශක්තිය ඒකාග්‍ර කිරීමේදී ඒවාට අදාළ අධිමානසික බල ලැබෙන බව පතන්ජලි ඍෂි උගන්වල තියෙනවා. පහත අරමුණු මත සංයමය පිහිටවීමෙන් ඒවාට අදාළ පහත බලයන් ලැබෙනවා.

1. වෙනස්වීම් හෝ කාලය මත   -   අතීතය අනාගතය දැකීමේ හැකියාව
2. භාෂාව මත   -   සිතකින් සිතකට සන්නිවේදනය කිරීම, සියලු භාෂා අවබෝධ වීම
3. පුද්ගලයෙකුගේ පුරුදු හා චර්යා මත   -   ඔහුගේ පෙර උපත් දැකීම
4. පුද්ගලයෙකුගේ මනස මත   -   ඔහුගේ සිත දැකීමේ හැකියාව
5. තම කය මත   -   නොපෙනී සිටීමේ හැකියාව
6. තමන්ගේ කර්ම සංචිතය මත   -   මැරෙන දිනය, අනාගතයේ සිදුවන කාර්ම විපාක දැකීමේ හැකියාව
7. මෛත්‍රිය/කරුණාව මත   -   එම ගුණ අන් අය තුල ඇතිකිරීම, මිනිසුන් සතුන් වශී කිරීම
8. හස්තියෙකුගේ ශක්තිය මත   -   හස්තියෙකු මෙන් ශක්තිමත් වීම
9. තම සිරුර අභ්‍යන්තරය මත   -   දිවැස් ලැබීම
10. සුර්යයාලෝකය මත   -   ලෝකය හා විශ්වය පිළිබද අවබෝධය ඇතිවීම
11. චන්ද්‍රයා මත   -   විශ්වය ගැන අවබෝධය ඇතිවීම
12. ධ්‍රැව තාරකාව මත   -   තාරකා වල ගමන් මග, නක්ෂත්‍රය, ග්‍රහ බලපෑම් අවබෝධ වීම
13. නාභියට අගලක් පිටුපසින් ස්ථානය මත   -   ශරීරයේ සියලු කායික ක්‍රියාවලි පාලනය කල හැකි වීම
14. උගුර මැද මත   -   පිපාසය හා කුසගින්න පාලනය
15. බෙල්ලේ පහල කොටස මත   -   පහසුවෙන් සමාධිය ඇතිවීම
16. දෙකන් හා අවකාශය මත   -   දුර ඇති ශබ්ද ඇසීමේ හැකියාව
17. කය හා අවකාශය මත   -   ජලයේ ඇවිදීම
18. උදරය මත   -   සිරුරෙන් ආලෝක රැස් විහිදුවිම
19. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ ධාතු මත   -   සොබාදහම ජයගැනීම
20. සියලු සංවේදන මත   -   සියලු ඉන්ද්‍රියන් පාලනය කිරීමේ හැකියාව
21. උඩු කය මත   -   අහසින් ගමන් කිරීමේ හැකියාව

* භාවනා කරන කෙනෙක් පළමු වරටම සංයම අභ්‍යාස කිරීම පල රහිතයි. සමත භාවනාවකින් ප්‍රථම ධ්‍යානය ලබාගෙන හෝ කුන්ඩලිනි භාවනා මගින් චක්‍රයක් අවදි කරගෙන ඊට පස්සේ සංයම අභ්‍යාස කිරීමෙන් ඒ අධිමානසික හැකියාවන් ලබාගන්න පුළුවන්. ධ්‍යානයක් හෝ ශක්තියක් නැතිව සංයම අභ්‍යාස කිරීම සාර්ථක නෑ. අභිඥා පුරුදු කල ආකාරයට ධ්‍යානයක් ලබාගෙන එයට අදාළ පරිකර්ම සමාධිය තුල ඉදිමින් සංයම අභ්‍යාස කිරීමෙන් ඉක්මනින් ඒවාට අදාළ බලයන් ලබාගන්න පුළුවන්.

* ශක්ති භාවනා කිරීමේදී දිනපතා සුර්ය නමස්කාරය කිරීමෙන් ශක්ති අවදි කරගැනීම පහසු වෙනවා. සුර්ය ශක්තිය අවශෝෂණය මගින් ශක්ති අවදිවීම උත්තේජනය වෙනවා. නිවැරදි සුර්ය නමස්කාරය ලිපිය කියවීමට - ( මෙතන ක්ලික් කරන්න )

ධ්‍යාන ලාභීන් හා ශක්ති ලාභින් පැවිදි හෝ යෝගී ජිවිත ගත කරමින් වගේම ගිහි ජිවත ගත කරමිනුත් අප අතර ඉන්නවා. අෂ්ඨ සමාපත්ති හා පංච අභිඥා ලාභින් නම් ඉතාම දුර්ලභයි. ඒ වගේම කුන්ඩලිනි චක්‍ර සියල්ල අවදි කරගත් අයත් දුර්ලභයි. ඒත් ඒ තත්ත්ව වලට පත්වුන අය ලංකාවෙත් ඉන්දියාව ටිබෙටය වගේ රටවල් වල වගේම යුරෝපිය රට වලත් ඉන්නවා. චතුර්ථ ධ්‍යානය ලබාගත් අයත් තරමක් දුර්ලභයි.

ඒත් ධ්‍යාන එකක් හෝ කිහිපයක් ලබාගත් අයත් තෙවැනි ඇස ඇතුළු කුන්ඩලිනි චක්‍ර එකක් හෝ කිහිපයක් සක්‍රිය කරගත් අයත් බොහෝ දෙනෙක් ඉන්නවා. කුඩා දරුවන්ට භාවනා ලිපියේදී (Click Here) මම සදහන් කළා පාසල් යන ධ්‍යාන ලාභී හා ශක්ති ලාභී දරුවන් බොහෝ ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. මේකට හේතුව පාසල් යන කාලයේ සිත බොහෝ දුරට පිරිසිදු නිසා පොඩි පිනකින් හෝ භාවනාවට යොමු උනොත් ඉක්මනින් ධ්‍යාන හා ශක්ති ලැබීම සිදුවෙනවා. ඒ නිසා පුළුවන් තරම් ළමයින්ව භාවනාවට යොමු කරන්න. ධ්‍යාන ලබාගන්න ළමයින්ට ඉතාම පහසුවෙන් පුළුවන්.

"මේ වගේ ශක්ති ලාභින් හා ධ්‍යාන ලාභින් ඉන්නවනම් අපිට හම්බවුනේ නැත්තේ කොහොමද?,
 එක්කෙනෙක්වත් පෙනෙන්න එන්නේ නැත්තේ මොකද?,
කවුරුවත් තමාගේ හැකියාවෙන් මුකුත් කරන්නේ නැත්තේ මොකද?" කියල බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. එහෙම ප්‍රශ්න කරන සියලුම දෙනා ගොඩ සිට පීනන්න උත්සාහ කරන අය. තමන් ප්‍රායෝගිකව භාවනා කිරීම සිදුකරනවා නම් තමන්ට ඉබේම තවත් භාවනා කරන අය මුණගැහෙනවා. දෙවියන් විසින් තමන්ට ධ්‍යාන ලාභින් ශක්ති ලාභින් මුණගැහෙන්න සලස්වනවා. ධ්‍යාන හෝ ශක්ති ලාභින් හා මාර්ගඵල ලාභින් මුණගැහෙන්න හා හදුනාගන්න තිබෙන එකම මාර්ගය තමන් භාවනා කිරීම පමණයි. වෙනත් කිසිම ක්‍රමයකින් ඔවුන්ව හදුනාගන්න පුළුවන් කමක් නෑ.

ධ්‍යාන හා ශක්ති ලබාගැනීමට නිර්මාංශ වීමේ කිසිම අවශ්‍යතාවක් නෑ. මස් මාංශ අනුභව කළත් ප්‍රතිපදාව හරියට වඩනවා නම් ධ්‍යාන හා ශක්ති අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි නිර්මාංශ වීමෙන් ප්‍රතිපත්තියක් රැකීම සිදුවෙන නිසා සීලයක් රකිනකොට වෙනවා වගේ සිත ශක්තිමත් වීම සිද්දවෙනවා. ඒ තුලින් වක්‍රාකාරව සමාධියට උපකාරයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම නිර්මාංශ වීමෙන් ශරීරයෙන් හමන ගන්ධය ප්‍රසන්න වෙනවා. ඒ තුලින් දෙවියන්ව ආකර්ෂණය කරගැනීමේ හැකියාව වැඩිවෙනවා. ඒ නිසා දෙවියන්ගේ උපකාර පහසුවෙන් ලබාගෙන භාවනා දියුණු කරගන්න අවස්තාව ලැබෙනවා. නිර්මාංශ වූ පමණින් දෙවියන් තමන් ලගට එන්නේ නෑ. දෙවියන්ට වන්දනා කිරීම හා පින් අනුමෝදම් කිරීමෙනුයි දෙවියන් ආකර්ෂණය වෙන්නේ. සිත ශක්තිමත් වීම හා දේව ආකර්ෂණය පහසු වීම කියන දේවල් හරහා වක්‍රාකාරව උපකාරයක් ලැබීම හැරෙන්න නිර්මාංශ වීමෙන් සමාධියට ඍජු බලපෑමක් වෙන්නේ නෑ. එහෙම වෙනවානම් මුලින්ම නිර්මාංශ වීම අනිවාර්ය කරන්න ඕනි බුදුරජානන් වහන්සේමයි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ටවත් මස් මාංශ අනුභවය තහනම් කරලා නෑ. ධ්‍යාන ලබාගැනීමටත් ශක්ති අවධි කරගැනීමටත් නිර්මාංශ වීම අනිවාර්යයි කියන මත පල කරන්නේ භාවනාව පිළිබද අත්දැකීම් අඩු, දැනුම අඩු, ආධුනික මට්ටමේ සිටින අය. සමහරවිට ධ්‍යාන පිලිබදව සමස්ත දැක්මක් නැති ධ්‍යාන ලාභියෙක් උනත් නිර්මාංශ වීම අනිවාර්යයි වැනි මත පලකරන්න පුළුවන්. එහෙම වෙන්නේ ඒ පුද්ගලයා පුද්ගලිකව ඒ ක්‍රමය හරහා සමාධිය ලබාගැනීම නිසා අන් අයත් ධ්‍යාන ලබාගැනීමටනම් අනිවාර්යෙන් තමන් කල විදියටම කල යුතුමයි කියා සිතීම නිසයි. මේ වගේ සිදුවීම් බුද්ධ කාලයේ පවා සිදුවෙලා තියෙනවා. රහතන් වහන්සේලා පවා එකම කරුණක් පිලිබදව විවිද මත දරන අවස්ථා වලදී බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් නිවැරදිම මතය කුමක්දැයි විමසු බවත් ඒ අවස්ථා වලදී රහතන් වහන්සේලා කිහිප දෙනාම නිවැරදි බව බුදුන් දේශනා කල බවත් සුත්‍ර දේශනා කිහිපයකම තිබෙනවා. එක කරුණකට අදාළ සියලු දේ පිලිබදව සමස්ත දැක්මක් නොමැති වීම නිසා, අත්දැකීම් අඩු බව නිසා ධ්‍යාන ලාභින් හා ශක්ති ලාභින් විසින් උනත් වැරදි මත ප්‍රකාශ වෙන්න පුළුවන්.
කොහොම උනත් නිර්මාංශ වෙන්න පුළුවන් නම් ඒක තමන්ට වගේම අසරණ සත්තුන්ටත් ගොඩක් වටිනවා. පිරිසක් එකතුවෙලා නිර්මාංශ වෙනවානම් මස් මාංශ වලට තියෙන වෙළඳපොල ඉල්ලුම එකවර සැලකිය යුතු ලෙස අඩුවෙන නිසා සතුන් මරණ ප්‍රමාණය අනිවාර්යෙන් අඩුවෙනවා. ඒ නිසා නිර්මාංශ වෙන්න කැමති අය නිර්මාංශ වීම ඉතාම හොද දෙයක්. හැබැයි ඒක වෘතයක්, අන්ධ භක්තියක් කරගන්න එපා.

ත්‍රිපිටක දේශනා පුරා විසිරි තිබෙන මේ කර්මස්ඨාන සියල්ල එක් කරලා එක් ග්‍රන්ථයකින් මුලින්ම ඉදිරිපත් කලේ බුද්ධඝෝෂ හිමියන්ගේ විශුද්ධි මාර්ගය තුලින්. මෑත කාලීනව එය මුලික කරගෙන නා උයනේ අරියධම්ම හිමියන්ගේ සම සතලිස් කර්මස්ඨාන භාවනා ග්‍රන්ථය හා  රේණුකානේ චන්දවිමල හිමියන් ආදී ස්වාමින් වහන්සේලා  තවත් ග්‍රන්ථ සම්පාදනය කරලා තියෙනවා. උන්වහන්සේලා පොත් කියවා පොත් රචනා කළා වගේම ප්‍රායෝගිකව මේ භාවනා ධර්මයන් වඩා ධ්‍යාන සමාපත්ති, අභිඥා ආදිය ලබා සිටි උතුමන් වහන්සේලා.
දැන් කාලයේ ඉන්න සමාජයේ අවධානය ගන්න උත්සහ කරන හිස් මැටි කළ වැනි සමහර චීවරධාරීන් "ඕවා පොතේ දැනුම" "ත්‍රිපිටකය කියන්නේ පොතක්" "පොතේ ගුරාලාට පරම සත්‍ය වැටහෙන්නේ නෑ" "පොත් කියවල උගන්නන ධර්මය වැඩක් නෑ" වගේ මෝඩ දාර්ශනික මත පැතිරෙව්වට මේ ග්‍රන්ථ ලියවී තිබෙන්නේ ධ්‍යාන අභිඥා මාර්ගඵල ලාභී හිමියන්ගේ අත් වලින්. ඒවා තුල ධර්මය ඉතා නිවැරදි අනුපිලිවෙලට ඉදිරිපත් කර තිබෙනවා වගේම අවශ්‍ය තැන් වලදී උන්වහන්සේලාගේ උපදෙස් ඇතුලත් කර තිබෙනවා. තමන්ගේ අත්දැකීම් හෝ තමන් ධ්‍යාන ඉර්ධි මගින් කළ කී දේවල් පොත් වල ලියන්නේ නැත්තේ උන්වහන්සේලා තුල තිබෙන ධර්ම ගෞරවය හා බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාව නිසා. යුටියුබ් ෆේස්බුක් හිමිවරුන් වීඩියෝ වලින් ප්‍රතිරූපය හදාගන්න දගලනවා වගේ පොත් ලියලා තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කරගන්න පහත් ආශාවන් උන්වහන්සේලාට නෑ.
ධ්‍යාන අභිඥා වැනි ඉතා ඉහල දේ ලැබූ නිසා ප්‍රසිද්ධිය, සමාජ අවධානය වැනි පහත් දේවල් ලබාගැනීමට උන්වහන්සේලාට අවශ්‍යතාවක් නෑ. බුදුන් දෙවැනි කර ධර්මය දෙවැනි කර තමන් උලුප්පා පෙන්නීමේ නීච ආශාවන් උන්වහන්සේලාට නෑ. තමන්ගේ අත්දැකීම් නොකියන්නේ අත්දැකීම් නැති නිසා නෙවෙයි ඒ සියල්ලට වඩා ධර්මය උතුම් නිසා. ඒ නිසා සිවුරක් දරා සිටින කෙනෙක් කිවුවත් භාවනා ග්‍රන්ථ වලට හෝ ඒවා පරිශීලනය කර භාවනා උගන්වන කිසිවෙකුට අපහාස නොකිරීමට භාවනා කරන සියලු දෙනා මතක තබාගන්න. පොත් කියවා අකුරක්වත් වෙනස් නොකර කටපාඩම් කර ධර්මය දෙසන කෙනෙක් මෙන් පෙනෙන්නේ ධ්‍යාන අභිඥා ලාභී මාර්ගඵල ලාභී උතුමෙක් වෙන්න පුළුවන් බව හොදින් මතක තබාගන්න.

ගුරුවරයෙක් යටතේ භාවනා ප්‍රගුණ නොකර තනියෙන් භාවනා කරනවා නම් හැකි තරම් භාවනා පොත් පත් කියවීම අත්‍යවශ්‍යයි. තනියෙන් භාවනා කර කුඩා අත්දැකීමක් ලබාගත් පමණින්, කුඩා සමාධියක් ලබාගත් පමණින් තමන් මහා උසස් තත්ත්වයකට පත්වෙලා කියල තමන්වම රවටගන්න එක බොහෝ දෙනෙක් කරන්නේ භාවනා දැනුම, ධර්ම දැනුම අඩු නිසා. ඒ වගේ බොහෝ දෙනෙක්ට වෙන්නේ අතරමන් වීම හෝ බොරුකාරයන්ට රැවටීම  විතරයි. ගුරුවරයෙක් යටතේ භාවනා පුහුණු උනත් හැකිතරම් භාවනා පොත් පත් කියවීම කරන්න ඕනි. සමහර භාවනා ගුරුවරු කියන ගිහියන් වගේම භික්ෂුන් පවා වැරදි ඉගැන්වීම් කරන අවස්ථා තියෙනවා. ධ්‍යාන ලබාගැනීමට උපකාර වන විශුද්ධි මාර්ගයේ තිබෙන සිංහල භාෂාව මේ කාලේ බොහෝ දෙනෙක්ට තේරුම්ගන්න අපහසු නිසා සම සතලිස් කර්මස්ථාන භාවනා පොත පරිශීලනය කිරීම වඩා හොදයි. ශක්ති අවදි කරගැනීමට අවශ්‍ය සියලු කරුණු බ්ලොග් ලිපි වලින් මේ අඩවියේ මම පල කරලා තිබෙනවා.

නිවැරදි භාවනා ගුරුවරයා කියන්නේ නිවැරදි භාවනා උගන්වන නිවැරදි උපදෙස් දෙන ගුරුවරයාට. ඒ ගුරුවරයා පැවිද්දෙක්ද ගිහියෙක්ද කියන එක අදාළ නෑ. හෙළ කම තියෙන රැවුල වවපු සුදු සරම අදින කෙනෙක්ද කලිසම් කමිස අදින කෙනෙක්ද කියන දේ අදාළ නෑ. බිම බලාගෙන හෙමින් ඇවිදින කෙනෙක්ද සාමන්‍ය මනුස්සයෙක් වගේ ඉන්න කෙනෙක්ද කියන එක අදාළ නෑ. එයාගේ පුද්ගලික  ප්‍රශ්න මොනවද පුද්ගලික ජිවිතේ කොහොමද කියන ඒවා අදාළ වෙන්නේ නෑ. පොඩි දේටත් තරහ ගන්නවද ගෝලයන්ට බනිනවද කියන ඒවා අදාළ වෙන්නේ නෑ. ගුරුවරයාගේ ධ්‍යාන මට්ටමවත් අදාළ වෙන්නේ නෑ.
අට්ටකතා වල සදහන් වෙනවා එක් භාවනා ගුරු ස්වාමින් වහන්සේ නමක් ධ්‍යාන ලබා හිටියත් මාර්ගඵල වලට පත් නොවී හිටියා. හැබැයි උන්වහන්සේගෙන් කමටහන් ලබාගෙන භාවනා කල 500ක් පමණ ගෝල හිමිවරු රහත් භාවය ලබාගත්තා. මේ අතරින් එක් ගෝල හිමි නමක් ගුරු ස්වාමින් වහන්සේගේ පමා වීම දැකල ඉර්ධියක් දක්වල ගුරු හිමියන් විදර්ශනාවට යොමු කළා. ඊට පසුවයි ඒ ස්වාමින් වහන්සේ රහත් භාවය ලබාගත්තේ. මේ නිසා ගුරුවරයාගේ මට්ටමෙන් ගුරුවරයා මනින්නේ නැතුව ගුරුවරයා දෙන දැනුමින් නිවැරදිද වැරදිද කියන දේ මනින්න. විකෘති නොකළ ධර්ම කරුණු කියන, විකෘති නොකළ භාවනා උගන්වන, විකෘති නොකළ භාවනා උපදෙස් දෙන, ගෝලයන් රවට්ටන්නේ නැති ගුරුවරයාටයි නිවැරදි ගුරුවරයා කියන්නේ.  ගෝලයෙක්ට උපචාර මට්ටමේ පොඩි අත්දැකීමක් ලැබුනම "ආ ඔය ප්‍රථම ධ්‍යානය" "ඔය මුලාධාර චක්‍රය අවදිවෙලා" "කුණ්ඩලිනිය අවදි කරගන්න ඕනිනම් නිර්මාංශ වෙන්න" ආදී විදියට හිත ඇදී යන ලස්සන බොරු කියන අය නෙවෙයි නිවැරදි භාවනා ගුරුවරු.

* තනියෙන් භාවනා කරන අය පොත් පත් කියවීම වගේම දෙවියන්ට වන්දනා කිරීම හා පින්දිමත් සිදුකිරීම මගින් භාවනා දියුණුවට ලොකු උපකාරයක් ලබාගන්න පුළුවන්. සක්‍ර දෙවියන්, සතර වරම් දෙවියන් ඇතුළු  සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ට වන්දනා කිරීමෙන් හා පින් අනුමෝදම් කිරීමෙන් බෞද්ධ භාවනා දියුණුවට උපකාර ලබාගන්න පුළුවන්. ඒ වගේම දෙවියන්ගේ පිහිට ලබාගැනීමෙන් භාවනා වැරදීම් සිදුවීම නැවතීමත් අමනුෂ්‍යයන්ට මුලා වීමත් වැළකෙනවා.
දෙවියන්ට වන්දනා නොකරන පිං අනුමෝදම් නොකරන අයට දේව ආරක්ෂාවක් බැල්මක් නොපවතින නිසා ඔවුන්ට භාවනා දියුණු වීමේදී යක්ෂ භූත බහිරව ආදීන් සම්බන්ධ වීම සිදුවෙනවා. දේව බැල්මක් නැති බව දැනගත්තාම අමනුෂ්‍යයන් ඉක්මණින් ආකර්ෂණය වෙනවා. සමහරවිට ඔවුන් දේව ස්වරුපයෙන් පෙනී ඉන්න අවස්ථාත් තියෙනවා. ඔවුන්ගේ බලපෑම් මගින් ක්ෂණික තාවකාලික බලවත් බවක් ලැබීමක් සිදුවෙන්න පුළුවන්. ඒත් එවැනි පහල ආත්මික අමනුශ්‍යන්ගෙන් ලැබෙන උපදෙස් සාර්ථක ඒවා නෙවෙයි.  සමහරු මෙවැනි පහල භව වල සිටින අයගෙන් දැනුම ලැබෙන විට තමන්ට විශ්වයෙන් දැනුම ලැබෙනවා යයි රැවටී තමන්වත් රවට්ටගෙන සමාජයේ අනිත් මිනිස්සුන්වත් රවට්ටන තත්ත්වයට පත්වෙනවා.
දෙවිවරුන් නිතර රහතන් වහන්සේලාත් මාර්ගඵල ලාභින් හා ඍෂිවරුත් ආශ්‍රය කිරීම සිදුකරනවා. බොහෝ අමනුෂ්‍යයන්ට එවැනි උතුමන් අසලට යන්නවත් අවස්තාවක් ලැබෙන්නේ නෑ. ඒ වගේම දේවත්වයට පත්වෙන්නේ අනිවාර්යෙන් පින්කම් කල බණ භාවනාදිය වැඩුවන් නිසාත් උපතින්ම දෙවියන් උසස් ගුණ සහිත උසස් බල සහිත නිසාත් ඔවුන්ගේ උපදෙස් හා බලපෑම් වලින් කිසි දිනක අහිතක් වෙන්නේ නෑ.

* ඒ වගේම සමහර ඉර්ධින් දැක්වීමේදී දෙවියන්ගේ උපකාරය අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. අහසින් ගමන් කිරීම සිදුකරනවානම් ඊට පෙර දිවැස් ලබා තිබීම හෝ දෙවියන්ගේ ආරක්ෂාව ලබා සිටීම අත්‍යවශ්‍යයි. සමහර යක්ෂයන් නාගයන් හා දෙවිවරුන් යෝගී වරුන්ගේ ආකාෂචාරි බලයට අකමැති නිසා එවැනි ඉරිධින් දැක්වීමේදී විවිද බාධා සිදුකරනවා. ඒවා මගහැරීමට දිවැස්/ තෙවැනි ඇස ලබාතිබීම හෝ දේව ආරක්ෂාව තිබීම අවශ්‍යයි.
ඒ වගේම කයෙන් සිත වෙන් කරගෙන මනොකායෙන් ගමන් කිරීමේදී යක්ෂයන් ශරීරයට ඇතුල් වීම සිදුවෙන අවස්ථා තියෙනවා. එහෙම උනොත් ඒ යක්ෂයා ශරීරයෙන් ඉවත් වෙනකම් තමන්ට තමන්ගේ ශරීරයට ඇතුල් වෙන්න ඉඩ ලැබෙන්නේ නෑ. මේ නිසා මනෝමය කයකින් ගමන් කිරීමේදී තමන්ගේ ශරීරයට තමන් හදුනන දෙවි කෙනෙකුට පැමිණ සිටින්න ආරාධනා කිරීම අත්‍යවශ්‍යයි. මිනිසුන්ගේ ශරීර ඇතුලට දෙවියන් එන්නේ නෑ කියල බොහෝ දෙනෙක් හිතාගෙන හිටියට මනොකායෙන් ගමන් කරන සියලු ඍෂිවරුන් යෝගිවරුන් භාවනානුයෝගී ගිහියන් නැවත එනතුරු ඒ ශරීර වල දෙවියන් සිටිනවා. පවුලේ අයටවත් ඔවුන්ගේ හැසිරීමේ වෙනසක් අදුරගන්න බෑ .

* කුන්ඩලිනි භාවනා සදහා උපකාර ලබාගැනීමට සුදුසු වෙන්නේ මහා බ්‍රහ්මයන් හා මහා ශිව දෙවියන්. තෙවැනි ඇස භාවනා වඩනවා නම් තෙවැනි ඇසට අධිපති ශිව දෙවියන්ගේ පිහිට ලබාගැනීමයි වඩාත්ම සුදුසු වෙන්නේ. තෙවැනි ඇස සක්‍රිය කරගැනීමට ශිව දෙවියන්ගේ පිහිට ලබාගැනීම ලිපියේදීත්(Click Here to read) මම ඒ බව විස්තර කළා. භාවනාවට පෙර වන්දනා කිරීමත් භාවනා කිරීමෙන් පසු හා පින්කම් කරන අවස්ථා වල පින් අනුමෝදම් කිරීමත් සිදුකිරීම ප්‍රමාණවත්.

සමාජයේ බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා ගැහැණු අයට ධ්‍යාන ලබාගන්න පුලුවන්ද? කුන්ඩලිනි චක්‍ර අවදි කරගන්න පුලුවන්ද? දෙවියන්ට පින් දුන්නට කමක් නැද්ද? කියලා. ධ්‍යාන ශක්ති සදහා කිසිම භේදයක් නෑ . ගැහැණු අය හැදිලා තියෙන්නෙත් පිරිමි හැදිලා තියෙන නාම රූප ධාතු වලින්ම තමයි. ගැහැණු පිරිමි කළු සුදු ඕනිම කෙනෙක් ප්‍රතිපදාව හරියට වඩනවා නම් ප්‍රතිපල අනිවාර්යෙන් ලැබෙනවා.


මේ භාවනා වැඩීමෙන්  ඔබ අත්කරගන්නා පිං සක්‍ර දෙවියන්ටත් මගේ ගුරුවරයන්ටත් මටත් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..


*** සියලු භාවනා සදහා පොදු උපදෙස් ලිපිය කියවීමට(මෙතන ක්ලික් කරන්න)

*** ආධුනිකයන් භාවනා ආරම්භ කල යුතු ආකාරය ලිපිය කියවීමට(මෙතන ක්ලික් කරන්න )

(මෙම ලිපි ලිඛිත වාචික විද්‍යුත් හෝ වෙනත් ඕනෑම ආකරයකින් අනවසරයෙන් උපුටාගැනීමෙන් වලකින්න)

Published : 2018 - 10 - 28

Comments

  1. Ammo post eke diga.bohoma pin me dena denumata guruthumani..

    ReplyDelete
    Replies
    1. diga adu karanna beluwata adukaranna vidyak thibbe ne. e hinda ehemmama demma

      Delete
  2. Comment walin kalin ahapu prashna godakata pilithuru mee post eke thibuna.....godak kale aragena mahansiwela hadapu post ekak...bohoma sthuthi obathumata

    ReplyDelete
    Replies
    1. ou godak aya serin sere ahana nisa prashna walata uttarath ekkama post eka liuwe

      Delete
  3. mekanam godak watina post ekak patai..danata bookmark karala thiyenne pasuwa balala honda comment ekak dennam...balu balmatama penawa godak ma watinawa kiyala :) obata pin

    ReplyDelete
  4. me labadena danumata obathumata godak pin. obathumata puluwannam kalaya haraha gaman kireema (Time Traveling) pilibada post ekak danawada?

    ReplyDelete
  5. Obathuma me blogs eke mechchara dawas palakarapu lipi wala thiyena karunu samasthayak vidiyata aragena & kalochitha upades aluten add karala me lipiya bohoma pehadiliwa pala karala thiyenawa. me karana denuwath kiruim walata Godak pin obathumata....! Obathumage shakthin, denuma thawa thawa wedi wewa....! Oba kiyana kathawa etta me blog eka gena man mage hodama yaluwo kihipa denekta kiuwa eth eyalata meken wedak une ne. Me awastha hemotama lebenne ne, lebunath ewain preyojanayak gannathe be.

    ReplyDelete
    Replies
    1. ou. uwamanawa pina thiyenna oni. hitha hadaganna puluwan wenna oni

      Delete
  6. upachara samadiya saha dyana athara wenasa pahada denna puluwanda ?
    theruwan saranai!

    ReplyDelete
    Replies
    1. upachara samadhiyedi pancha niwarana yatapath wenawa. e unata dhyana anga ne

      dhyanayedi pancha niwarana yatapath wenawa. dhyana angath pawathinawa

      Delete
  7. Bohoma pin obathumata
    Obathuma prarthana karana de lebewa kiya ma pathanawa.
    Bohomath pin
    Theruwan saranayi

    ReplyDelete
  8. Bohoma Sthutii. Me danuma ithamath wadagath.

    ReplyDelete
  9. කල්ප විනාෂයකින් පස්සෙ සතුන් අැතිවෙන්නෙ කොහොමද?...

    ReplyDelete
  10. අධිමානසි කියන්නෙ පිස්සු කියන එකද මොකද මන් අහපු ගොඩක් අය කිව්ව

    කුණ්ඩලිය හාමුදුරු කෙනෙක්ගෙන් උපදෙස් අරන් කරේ නැත්තම් පිස්සු හැදෙයි කියලත් කිව්වා මට දැන් බයයි මේකට ඉක්මන්ට පිලිතුරක් බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
    Replies
    1. මම කියල තියෙන භාවනා කියල තියෙන උපදෙස් අනුව පිළිවෙලට කරනවා නම් කිසිම ගැටළුවක් වෙන්නේ නෑ

      Delete
  11. දීර්ග කාලයක් තිස්සේ හොයපු දෙයක් සහ ගොඩක් ගැටළු නිටකරණය උනා .ඔබතුමාට බොහොමයක් පින් අනුමෝදන් වේවා කියලා ප්‍රර්ථනා කරනවා කරුණු බොහොමයක් පැහැදිලිව ඉදිරිපත් කරාට.

    ReplyDelete
  12. මම මේ අහන ප්‍රශ්නය ටිකක් විකාරයක් වෙන්නත් පුලුවන්.නමුත් මා හට පැන නැගී ඇති ප්‍රශ්නයක් ඒක.මං තදින් ස්වයං වින්දනයට ඇබ්බැහි වී සිටිනවා.එයට පසුව මට ඉතාමත් හොදින් සිහිය පිහිටවනවා යතාර්ථය වැටහෙනව.අන්න ඒ වෙලාවට භාවනාවට යොමු වීමට මට සිතෙනවා.භාවනාව කරන විටත් එවැනි අවස්ථවලදී සාමාන්‍ය ආකාරයට වඩා සිහිට පිහිටුවනවා..එහෙම ස්වයං වින්දනවයට පසුව සමථ භාවනා ක්‍රම වඩන එක හොද නැත්ද ? නැතිනම් සම්පූර්ණයෙන් ස්වයං වින්දනයෙන් ඉවත්විය යුතුද..

    ReplyDelete
    Replies

    1. බාවනා කරන්නෙ රෑට නම් ස්වයංවින්දන උනත් ත් විවාහක ලිංගික එකතුවිම් උනත් භාවනා කලාට පසු කරනවාට වඩා බාවනාවට පෙර කිරිම තමා හොද. ඕනැම ලිංගික ක්‍රියා බාවනා කරන වෙලාවට පැය දෙකක්වත් පෙර අහවර කිරිම වඩා සුදුසුයි. ලිංගික ක්‍රියා කර පැය එකහමාරක් වගේ යනවා හිත හා ශරිරය සාමාන්‍ය වෙන්න.

      මුනිවරැ රිශිවරැ පවා සහකාරියන් සමග ජීවත්වෙලා තියෙනවා. ඒ නිසා ඒවා සම්පුර්නයෙන් නවත්තන්න ඕනි කියලා එකක් නැ.

      හැබැයි බ්‍රහ්මචර්ය රකින අයට ලේසි

      Delete
    2. wathura bhajanayak balagena bawana karanakota,manasin prabhashwara wathura thiyena thenak mawagena karanna puluwanda ?

      Delete
    3. mata a krama deka galapa ganna vidiha pehedili karanna puluwanda

      Delete
    4. muladi samanya vidiyata karanna. eka diyunu unama udraha prathigaraha nimithi pahala unama ewa aramunu karagena bawana karanna puluwan. hitin mawaganna deyak ne

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. kundalini walin wenne adishtanaya diyunu wena ekada ?

    ReplyDelete
    Replies
    1. Ne
      Ita wada godak dewal wenawa. Kundalini lipi tika kiyawanna

      Delete
  15. adishtana ya margayen neweida lipi wala thiyena prathihara karanne.

    ReplyDelete
    Replies
    1. Adishtana kirimen tamai

      Hebei ita kalin dyana laba inna oni

      Samahara ewa adistana nokarama karanna puluwan

      Delete
  16. පින් සිද්ද වෙන්න ඔනි ඔබ තුමාට.වැදගත් ලිපියක්

    ReplyDelete
  17. මම පාසල් යන ශිෂ්‍යයෙකි. මට මෙය ඉතා වටිනවා ඔබට පිං

    ReplyDelete
  18. Dear Sir, I would be most grateful to you if you can kindly advise me on followings: I have started doing Kasina Meditation. For ex. If I am looking at the middle of a White Circle, for about one minute or more and close my eyes, I do not see any white circle. Instead, I see a dark black circle(negative image) in the beginning and gradually it starts to fade away and finally within a minute, it vanish. Could you please advise, 1. Am I doing this correct? 2. Should I gaze at only the middle of the White circle or should I look at the edges and all over the circle? 3. Over time, does this dark circle get stable and lasts longer in my mind and finally turn in to a White circle ? 4. Should I not look at dark circle and try to recall the white circle with closed eys? 5. Could you please send me more detailed information of practically how to do Kasina Disc Mediation. Thank you and May you receive blessings of the Triple Gems.

    ReplyDelete
    Replies
    1. this is an normal incident. it happens when eyes get tired

      1. yes
      2. all over the circle. if you are at right distance as mentioned in විශුද්ධි මාර්ගය your eyes can see the whole disc
      3. no. it does not happen with time. it happens with the concentration level
      4. itsok to do so. noproblem
      5. i will add an article

      Delete
    2. Theruwan Saranai Sir, Thank you so much and I appreciate your quick response. Kindly, please send me or add your article with more detailed information about Colour Kasina meditation. I think everyone knows information from Visuddimagga but lack of understanding on how to practically do this in daily life. As you have mentioned that I will start to see the White circle as per the development of my concentration levels, if you don't mind, I have few more questions which I need your kind answers. I have been doing this White Kasina meditation for months now. So far, I was unbaled to at least stabilize the dark circle more than 1 minute or see, recall White circle what so ever after closing my eyes. I assume my issue is with the concentration ability. To improve Concentration, 1. Is it recommended to look at white circle as longer as possible such as 3 min 5 min 10 min continuously(while eyes blinking) and close eyes and concentrate on dark circle until it vanishes or is it better to just look at white circle only around 1 min every time and when you feel like the dark circle is formed then close eyes and concentrate on dark circle until it vanishes? 2. Could you kindly please give me any practical advise how to improve concentration on this white Kasina. Any technic? 3. As per Visuddhimagga it's recommended to sit just 2.5 Riyana(approx. 110 cm?) away from Kasina. I am normally sitting about 170 cm away. Is this a big issue for concentration? 4. So once I am looking at white circle do I need to memorize the white circle or is it just trying to focus/concentrate on it without memorizing? 5. Can you recommend any other better meditation technic which improve my concentration levels more quickly than Colour Kasina (ex. Aanapaanasathi is also very difficult for me)? Please advise. May you receive the blessings of the Triple Gems !

      Delete
    3. 1. second method is better
      2. do the chathurarakkha meditations ( maithri, buddanussati, asuba, anapanasati) in other times when free
      do pin and buddha wandana, bodhi wandana etc as much as possible
      try to practise kayanupassana and chiththanupassana all over the day ( consciousness )
      3. no
      4. no memorising. meditation is to concentrate on wite color
      5. best way is to go to a meditation center . but not those near towns. better to go to places like asapu, aranya like na-uyane aranya,
      search ලංකාවේ ආරණ්‍ය සේනාසන in fb and you will get a long list.

      second follow the method i have posted in ආධුනිකයන් භාවනා ආරම්භ කල යුතු ආකරය article

      Delete
    4. Dear Sir, Thank you so much for your detailed reply. I have read your article about opening 3rd eye meditation(Candle Flame meditation). Could you please let me know:
      1. In case of developing Concentration, is this Candle Flame meditation easier than color Kasina meditation?
      2.What is the maximum outcome of doing Candle Flame meditation, is it Upachara Samadhi or Arpana Samadhi?

      Thanking you in advance.

      Delete
    5. 1 depends on the person. you have to try and check
      2 aparna chathurtha dhyaana

      Delete
    6. Dear Sir, Thanking you for answering all my questions spending your most valuable time. May you attain to Nibbana through Arya Ashtangika Magga as you Wish ! සාදු ...සාදු ...සාදු .තෙරුවන් සරනයි ඔබ වහන්සේට.

      Delete
  19. Kundalini yoga,bawana,wadaddi niwasak athule waduwata kamak nadda obathuma sndahan karala thynawa putuwak matha ho andak matha wadanna epa kyla niwasaka ihala malaye bima wadiwela bawanawa waduwata kamak nadda

    ReplyDelete
  20. සමථ භාවනාව සදහා කමටහන් දැනගැනීමට ඒ පිළිබඳ ව දැනුවත් ගුරුවරයකු හමුවීමට අවශ්‍ය ද

    ReplyDelete
    Replies
    1. පුළුවන් නම් හොදයි
      නෑ උයන ආරණ්‍ය වගේ ඒවා හොදයි

      Delete
  21. 1.මම ආනාපානසතිය වඩනවා මම කැමතියි දිවැස් ලබාගන්න.කසිණ හා ආනාපානසතිය එකට වඩන්නද ?
    2.නැතිනම් කුමක් කළ යුතුද ?
    3.ධ්‍යාන ලැබුවේදැයි පරීක්ෂා කිරීමට යම්කිසි දෙයක් ඉෂ්ට වීමට සත්‍යක්‍රියා/අදිෂ්ඨාන කළ හැකිද?

    ReplyDelete
    Replies
    1. 1,2 සියලු භාවනා සඳහා පොදු උපදෙස් ලිපිය කියවන්න
      3 ධ්‍යාන අදුරගන්න විදිය මේ ලිපියේම තියෙනවා

      Delete
  22. 1.ආනාපානසතිය එක්ක කසිණ වඩන්නද?

    ReplyDelete
  23. හැමෝටම ප්‍රථම ධ්‍යානය ලැබීමෙන් ඍධි ලැබෙනවද

    ReplyDelete
  24. 1.දෙව්ලොව තම්න්ගේ ලලඟ සිටීවා යනුවෙන් අදිටන් කොට දෙදෙව්ලොවට යා හැකිද?
    2.දෙව්ලොවට යන්න මාර්ගයක් මැවේවා යනුවෙන් අදිටන් කෙරිවොත් යා හැකිද?

    ReplyDelete
  25. yogithumani,
    (1) dyana labiyekuta tharaha awoth,raagaya athi unahoth dyana nathi wenawada??
    (2)kundalini wadeemen muthu, manik ,rathran mawiya hakida???
    ahema maweemata puluwan nam thamata ewa prayojanayata gatha hakida???
    (3) theweni asa bawanawa magin eka thanakin athurudahan wela wenath ratakin uwada mathuweya hakida?? ekata godaak shaktiya oneda?

    ReplyDelete
    Replies
    1. 1. ou
      2. loku shakthiyak thiyena ayata puluwan.
      tamange awashyatha walata pawichchi karanna giyoth shakthiya wadikal thiyenne ne
      3.puluwan. loku shaktiyak oni

      Delete
  26. yogithumani,
    (1)kundalini shakthiya laba ganimata brahma charyawa one nathi unata,dyana laba ganimata brahma charyawa athyawashshayai neda??

    (2)minisage kundalini shakthiya athi krimatath,nathi kirimatath deviyanta puluwan unata dyana walata balapemak karanna deviyanta puluwanda??

    (3)dyana labeen deviyanta wada usas wanawada??

    ReplyDelete
    Replies
    1. 1 අත්‍යවශ්‍ය නෑ ගිහි ජිවිත ගත කරන ගමන් ධ්‍යාන සහිතව ඉන්න අය ඕනතරම් ඉන්නවා

      2 බලපෑම් කරන්න බැරි නෑ පුළුවන්

      3 ධ්‍යාන ලැබුණු පමණින් දෙවියන්ට වඩා උසස් වෙන්නේ නෑ. දේවත්වයට පත්වෙන්නෙත් ධ්‍යාන වඩලා තියෙන පින්කම් කරපු අය තමයි. ධ්‍යාන වැඩපු පලියට ජිවිත කාලයක් හෝ ආත්ම ගණනක් පින්කම් කල අයට වඩා උසස් වෙන්නේ නෑ එකපාරට. චතුර්ථ ධ්‍යානය ලැබුවොත් නම් සමහර දෙවියන්ට වඩා බලවත් කමක් ලැබෙනවා

      මගපල ලැබුවොත් නම් මගපල ලබලා නැති දෙවියන්ට වඩා උසස් කියලා සලකන්න පුළුවන්
      ධ්‍යාන ලැබුණු පලියට එහෙම වෙන්නේ නෑ ධ්‍යාන ලාභිනුත් දෙවියන්ගෙන් උදවු ලබාගන්නවා

      Delete
    2. anka[1],
      yogithumani ethakota raagaya awoth dyana pirihenawa kiyanne mokadda??
      aeken kiyanne brahmachari wiyayutui kiyala nemeda??

      apata me dewal kiyala denawata obatath, obe guruwaruntath,shakra deviyantath apramana pin ayath wewa!!!

      Delete
    3. ධ්‍යාන වඩන අයට භාවනා නොකරන වෙලාවටත් දවස පුරා හිතේ නිවීමක් තියෙනවා කෙලෙස් ඉතා අඩු වෙලා. ඒ නිවුණු ගතිය තියෙනකොට සාමාන්‍ය දවස් වල භාවනා කරනවට වඩා ලේසියෙන් භාවනා කරලා සමාධියට එන්න පුළුවන්.
      භාවනා නොකරන වෙලාවට රාග ද්වේශ මතු වුනොත් ඒ නිවුණු ගතිය නැතිවෙලා යනවා.එතකොට භාවනාව ආපහු මුල ඉදන් පටන්ගන්නවා වගේ කරන්න වෙන්නේ.
      ඒ උනාට ගිහි කෙනෙක් භාවනා කරලා ධ්‍යාන ලබාගෙන වශිතා වලින් ධ්‍යාන වශී කරගෙන ටික ටික කෙලෙස් වලට හිත නිරාවරණය කරලා පුරුදු වුනාම ඕනිනම් සාමාන්‍ය වෙලාවට රාග ද්වේශ මතුවෙන විදියට ජිවත් වුනත් භාවනා කරද්දී ඉක්මනට ඒවා යටපත් කරලා ධ්‍යාන වලට එළබෙන්න පුළුවන්.
      ඔය ඍෂිවරු කසාදත් බැදලා පවුල් වෙලා ඉදියා කියලා හින්දු කතා වල තියෙන්නේ එහෙම.

      Delete
    4. සංයම අභ්‍යාස ගැන ඉක්මනින් ලිපියක් පල කරන්න බැරිද

      Delete
  27. සංයම අභ්‍යාස ගැන ඉක්මනින් ලිපියක් පල කරන්න බැරිද

    ReplyDelete
  28. ඔබතුමාට ගොඩක් පිං මේවගේ page එකක් කරාට.මං හොදින් භාවනා වඩපු කෙනෙක්. එත් මගේ ජිවිතයේ මේ වගේ ඉතා සාර්ථක post එකක් මං දැකල නැ. අනෙක වාරයක් මේ පින ඔබටත් ඔබගේ ගුරුතුමාටත් මතු බුදුවෙන්න මේ පින හේතුවේව කිය පිං දෙනවා. නවකයන්ට ඉතා වටිනා දෙයක්.🙏🙏🙏🙏🙏

    ReplyDelete

Post a Comment