Featured Post

රෝග සුවයට භාවනා Healing Meditations for Cure Illnesses



සිත හා කය අතර තිබෙන්නේ සුළු කර තැකිය නොහැකි ඍජු සම්බන්ධතාවයක්. සිතේ වෙනස්වීම් වලින් කායික වෙනස්කම් ඇතිවෙනවා වගේම කයෙහි වෙනස්කම් මගින් මානසික වෙනස්වීම සිදුවෙනවා. මේ ගැන ඕනතරම් අත්දැකීම් ඕනිම කෙනෙක් තමන්ගේ ජිවිතයේ අත්දැකලා ඇති. මානසික කඩා වැටීමකින් ඉන්නකොට ශරීරය දුර්වල වී කෙට්ටු වීමත්, රෝග ඇතිවීමත් මේ සදහා හොදම උදාහරණ විදියට පෙන්වන්න පුළුවන්. මනස සමග ඍජු සම්බන්ධයක් දක්වන්න අපහසු Gastritis රෝගයට හේතු වෙන ප්‍රධාන හේතු අතර මානසික ආතතිය එකක් බව නවීන වෛද්‍ය විද්‍යාව තුල ඉගැන්වෙනවා. ඒ සදහා වෙනම ඖෂධ හා ප්‍රතිකාර දක්වනවා.
පංච උපාධානස්කන්ද විග්‍රහ කිරීමේදීත් නාම හා රූප කොටස් දෙක එකිනෙකට උපකාරව එකිනෙකට හේත්තු කර තිබෙන උණ මිටි දෙකක් වගේ කියල බුදුරජාණන් වහන්සේ උදාහරණ දක්වල තියෙනවා. ශරිරියට අයත් වන පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වලින් තැනුණු රූපයත්, සිතට අයත් වේදනා සංඥා සංඛාර විඥාන කියන නාමයත් එකිනෙකින් වෙන් නොවී එකිනෙකට සම්බන්ධව පවතින බවත් පටිච්ච සමුප්පාදයේදී රුපය නිසා නාමය ඇතිවෙන බවත් නාමය නිසා රුපය ඇතිවෙන බවත් දේශනා කර තිබෙනවා.

රෝග සුව වන මානසික අභ්‍යාසයක්
ශරීරයට රෝගයක් වැළදුණු විට ස්වාභාවිකවම වෙනදා හිතේ තිබෙන ප්‍රබෝදමත් ගතිය නැතිවෙලා සිත දුර්වල වෙන බව ඕනෑම කෙනෙක් අත්විදලා තියෙනවා. ලෙඩක් හැදුනු වෙලාවට ශරීරයේ දුර්වල බව නිසා "මම ලෙඩවෙලා" "මට අමාරුයි"  කියන මානසිකත්වය ඉබේම ඇතිවෙනවා. ඒ මානසිකත්වය මගින් තවදුරටත් ශරීරය දුර්වල කිරීමක් කරනවා. මේ මානසිකත්වය නැති කරගෙන ප්‍රබෝදමත් ධනාත්මක සිතුවිලි ඇති කරගැනීමෙන් බෙහෙත් ලබාගැනිමකින් තොරව උනත් සමහර රෝග සුව කරගැනීමේ හැකියාවක් තිබෙනවා. සමහර විට කිහිප දෙනෙක් මේ අත්දැකීම ලබලා ඇති.
මෙම රෝග සුව කරගැනීමේ ක්‍රමය දවසක් දෙකක් ඇතුලත ප්‍රතිපල අත්දකින්න පුළුවන් ක්‍රමයක්. මේක කිසිසේත්ම අද්භූත අභ්‍යාසයක් නෙවෙයි.  ඒ නිසා මේ ක්‍රම ප්‍රායෝගිකව භාවිතා කරලා බලන්න කියල සියලු දෙනාට ආරාධනා කරන්න කැමති. මේ මානසික අභ්‍යාසය කරන්න ඕනි මේ විදියටයි

ගැඹුරු හුස්මක් අරගෙන සෙමින් පිටකරන්න. ඒත් එක්කම ශරීරය සුවපත් වෙලා සිත ප්‍රබෝදමත් වෙන බව හිතන්න. මේ විදියට තුන් පාරක් ගැඹුරු හුස්ම අරන් පිටකරන්න.
මීලගට විනාඩි 5 - 10ක් පමණ " මට සනීප වෙනවා සනීප වෙනවා සනීප වෙනවා" "සුවපත් වෙනවා සුවපත් වෙනවා සුවපත් වෙනවා" සියලු රෝග සුව වෙනවා සුව වෙනවා සුව වෙනවා" කියල සතුටින් ප්‍රබෝදයෙන් හිතන්න. ඒ විදියට හිතන ගමන් ශරීරයම රන් පැහැ - කහ පැහැ ශක්තියෙන් දිදුලන බවක් හිතින් දකින්න.

ඊළගට විනාඩි 5-10ක් "මට සනීපයි සනීපයි සනීපයි" "මම නිරෝගියි නිරෝගියි නිරෝගියි" කියල හිතන්න. ඒ අතරතුරදීත් ශරීරය කහ පැහැ - රන් පැහැ ආලෝකයෙන් දිලිසෙන බව සිතින් දකින්න.
හිත හොදින් සතුටින් ප්‍රබෝදයෙන් තබාගෙන මේ අභ්‍යාසය කරන්න.

අද රාත්‍රියේ මේ අභ්‍යාසය කලොත් හෙට උදය වෙනකොට රෝගී තත්ත්වය සම්පුර්ණයෙන්ම හෝ බොහෝදුරට සුව වෙලා තියෙනවා අත්දකින්න ලැබෙයි. ඒ තරම් ඉතා ඉක්මණින් මේ මගින් ප්‍රතිපල දකින්න ලැබෙනවා.
මෙහිදී සිද්ද කරන්නේ කය ලෙඩ උනත් සිත නිරෝගිව තබාගැනීම. දවස පුරාම සතුටින් ප්‍රීතියෙන් ඉන්න. තමන් රෝගී බව සිතින් පිළිනොගෙන ඉන්න. එතකොට සිත පිළිගත් දේ සත්‍යයක් බවට පත් කරන්න ශරීරය සකස් වෙනවා.

මේ මගින් රෝගය සුවවීම අත්භූත දෙයක් නෙවෙයි ඉතාම විද්‍යාත්මක ක්‍රියාවලියක්. මේ ක්‍රමවේදය නවීන වෛද්‍ය වරුන් විසින් භාවිතා කරනවා. මේකට කියන්නේ "Placebo effect" කියලා. බොහොමයක් වයස්ගත රෝගීන්ට දෙන බෙහෙත් හා මානසික රෝගීන්ට දෙන සමහර බෙහෙත් ඇත්ත බෙහෙත් නෙවෙයි ඒවා Placebo පෙති විතරයි. ඒවා තුල රෝගය සුව කරන Active ingredient එකක් ( සක්‍රිය රසායනික ද්‍රව්‍යයක් ) අඩංගු වෙන්නේ නෑ සාමාන්‍ය විටමින් වර්ග, ලවණ වර්ග කිහිපයක් විතරයි තියෙන්නේ. රෝගයට බෙහෙතක් දුන්නු බව ඇගවීම වීම විතරයි මේවා මගින් කරන්නේ. ඒත් මේ placebo බෙහෙත් බොන රෝගීන් ඇත්ත බෙහෙතක් බිවුවා වගේම දින කීපයකින් සුව වෙන බව වෛද්‍ය පරීක්ෂණ වලිනුත් අනාවරණය වෙලා තියෙනවා.
ඒ නිසාම අලුතින් ඖෂධ වර්ග නිෂ්පාදනය කරන Pharmaceutical process එකකදී අලුත් ඖෂධයක් සදහා අනුමැතිය දීමට අහඹු විදියට තෝරාගන්න රෝගීන් පිරිසකට ඇත්ත ඖෂධ පෙත්ත දෙන ගමන් තවත් පිරිසකට ඒ පෙත්තට ඉතාම සමාන placebo පෙත්තක් දෙනවා. ඇත්ත බෙහෙත මගින් රෝගීන් සුව වෙන සංඛ්‍යාව placebo පෙත්ත මගින් සුව වෙන ප්‍රමාණයට වඩා පැහැදිලි ලෙස ඉහල නම් විතරයි ඖෂධය සදහා අවසර දෙන්නේ. බොහෝ විට මේ අවස්ථා දෙකෙන්ම සමාන ප්‍රතිපල ලැබෙන අවස්ථා වැඩියි.
මේ placebo effect එක සිද්දවෙන්නේ කොහොමද කියල අදටත් විද්‍යාඥයන් හට පැහැදිලි කිරීමක් කරන්න බෑ.

මෙහිදී සිදුවෙන ක්‍රියාවලියට ඉතාම සමාන ක්‍රියාවලියක් තමයි මම උඩින් විස්තර කරපු මානසික අභ්‍යාසයේදී සිදුවෙන්නේ. අපි නිරෝගියි කියල සිතිමෙන්ම අපට රෝගයක් සුව කරගැනීමේ හැකියාවක් තිබෙනවා. placebo පෙත්ත බිමෙන් රෝගය සුවවෙනවා කියන විශ්වාසය මගිනුයි රෝගය සුව වීම වෙන්නේ. "ලෙඩේ සනීප වෙන්න බෙහෙත් බිවුවා දැන් මට සනීප වෙයි" කියන අදහස සිතට ඇතිවීමත් එක්ක මොළයේ රසායනික සංයුතියේ වෙනස්වීම් සිදුවෙනවා, ඒත් එක්කම රුධිරයේ රසායනික සංයුතියේ වෙනස්වීම් සිදුවෙනවා, ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාවලි සිදුවෙනවා. ඒවා මගින් රෝගය සුවකිරීම සිදුකරනවා. ඊට අමතරව සිතින් පිටවන චිත්ත ශක්තිය මගිනුත් රෝගය සුවවීම සිදුවෙනවා.



කායික වේදනාවන් සමනය වන අභ්‍යාසයක්
ශරීරයට තැලීමක් තුවාලයක් වගේ දෙයකින් වේදනාවක් ඇති උනොත් ඒ වේදනාව නැති කරගන්න පුළුවන් අභ්‍යාසයක් තිබෙනවා. මේ මගින් තත්පර කිහිපයක් තුල වේදනාව සමනය කරගන්න පුළුවන්.
මේ සදහා කරන්න තියෙන්නේ ඉතාම සුළු දෙයක්.



අත් දෙක එක මත තබාගෙන හොදින් රත්වෙනකම් පිරිමදින්න.  හොදින් රස්නය දැනෙන තුරු පිරිමද්දට පස්සේ තමන්ට වේදනාව දැනෙන තැන අත් දෙක හෝ එක අතක් තියන්න. මේ විදියට දෙතුන් පාරක් කිරීමෙන්ම තමන්ට වේදනාව දැනීම නැතිවෙන බව අත්දකින්න ලැබෙනවා. ශරීරයේ වේදනාවන් වගේම දත් වල කැක්කුම් පවා මේ මගින් නැතිවෙලා යනවා.
ඊට අමතරව රස්නය දැනෙන සංවේදනය ඇතිවීම මගින් වේදනාව දැනෙන සංවේදනය යටපත් වීමක් සිදුවෙනවා. මිරිස් සැර දෙයක් කාපු නිසා කට දැවිල්ලක් තියෙන  වෙලාවක රස්නේ වතුර බිවුවම බොන වෙලාවේ අමාරු උනත් බිලා පොඩි වෙලාවකින් දැවිල්ල නැතිවීම වෙන්නෙත් මේ සංවේදන වෙනස නිසා. හැබැයි ශරීරයේ වෙනත් තැන් වල වේදනා නැතිකරගන්න රස්නේ වතුර තියල හරියන්නේ නෑ. වතුර මගින් ආරෝපණ වෙනස් වීම වෙන්නේ නෑ.

Karate kid 1 චිත්‍රපටය නරඹලා තියෙන අය මේ අභ්‍යාසය කරනවා ඒ චිත්‍රපටය තුල තියෙනවා දැකලා ඇති. මමත් ඒ චිත්‍රපටය බොහෝ කාලෙකට කලින් දැකල තිබුනත් ඇගේ වේදනාවක් ඇතිවුන වෙලාවක අහඹු විදියට මේ දේ සිදුකරන්න සිතිලා කරලා බැලීමෙන් තමයි මේ අභ්‍යාසයේ සත්‍ය බව අත්දැක්කේ. මේ අභ්‍යාසය චීන හා ජපානය වගේ රටවල සම්ප්‍රදායික ක්‍රමයක් විදියට භාවිත වෙනවා.



මේ මගින් සිදුවෙන්නේ Pain killer එකක් ක්‍රියාකරන යාන්ත්‍රණය භෞතිකව සිදු වීමක්. අපිට ඕනෑම තැනක වේදනාවක් දැනෙන්නේ ඒ ස්ථානයේ ස්නායු තෙරපීම නිසා. තෙරපීමෙන් ඇතිවෙන ස්නායු ආවේගය ශරීරයේ ඉදල මොළයට ආවම මොළය මගින් හදුනාගන්නවා එතන වේදනාවක් තිබෙනවා කියල. ස්නායු ආවේග ගමන් කරන්නේ පොඩි current එකක් විදියට. ස්නායු සෛලයේ සෛල පටලය දෙපැත්තේ ඇතිවෙන ධන ඍන ආරෝපණ වෙනසක් විදියටයි ස්නායු ආවේග ඇතිවෙන්නේ. එක ස්නායුවක ඉදල වෙනත් ස්නායුවකට ඒ current එක හුවමාරු වෙන්නේ ස්නායු දෙකක් අතර තියෙන "උපාගම" කියන සන්ධි වලදී මුල් ස්නායුවෙන් පිටවෙන Acetyl cholin හෝ  noradrealin කියල රසායනික පණිවුඩකාරක අනෙක් ස්නායු සෛලයට ඇතුල් වීමෙන්. වේදනාවක් නැති කරන Pain killer බෙහෙත් මගින් කරන්නේ මේ රසායනික බැදෙන්න තිබෙන ප්‍රතිග්‍රාහක ආවරණය කිරීම. එතකොට එක ස්නායුවක ඉදල වෙනත් ස්නායුවකට උත්තේජය ගමන් කරන්නේ නෑ. ඒ නිසා ආවේගය මොළයට යන්නේ නෑ. ඒ නිසා වේදනාව තියෙන තැන වේදනාවක් තිබෙන බව අපිට දැනෙන්නේ නෑ.

මේ අභ්‍යාසය මගින් කරන්නේ වේදනාව තිබෙන තැන ස්නායු වලින් ආරෝපණ ගමන් කිරීමට බාධා කිරීමක්. අපි අත් දෙක පිරිමැදීමෙන් අතුල් වල උඩ මුහුණතේ ස්ථිති විද්‍යුත් ආරෝපනයක් ඇති වෙනවා. මේක සාමාන්‍ය පෙළ විද්‍යාව පොතේත් තිබෙන කාරණයක්. කපු රෙද්දකින් පෑන් බටයක් පිරිමැදලා කෙස් හෝ රෝම අසලින් තිබ්බාම කෙස් හෝ රෝම පෑන් බටය දිහාවට ඇදෙන බව දකින පරිෂණයක් පාසල් පෙළ පොත් වල තිබෙන්නේ මේ සංසිද්ධිය ගැන. විෂයට උගන්වපු බව මතක නැතත් මේ දේ කවදාහරි තමන් අත්දැකලා ඇති.
අත් දෙක එකිනෙක පිරිමැදීමෙන් වෙන්නේ අත්ල මත මේ විදියට ස්ථිති විද්‍යුත් ආරෝපනයක් ඇතිකිරීම. අත්ල ශරීරයේ වේදනාව දැනෙන තැනින් තිබ්බාම අත්ලේ තිබුන ආරෝපණ නිසා ශරීරයේ ස්නායු වල ආරෝපණ වෙනස් වෙනවා. ඒ නිසා වේදනාව දැනෙන සංඥාව ගෙනියන ස්නායු ආවේග current එක    වෙනස් වෙනවා. ස්නායු ආවේගය මොළයට යාම නවතිනවා. එනිසා වේදනාවක් තිබෙන බවක් මොළයට දැනගන්න ලැබෙන්නේ නෑ.

pain killer වලින් වගේම මේ අභ්‍යාසය මගිනුත් කෙරෙන්නේ මොළය රැවටීමක්. ඇත්තටම වේදනාව නැතිවෙන්නේ නෑ. වේදනාව දැනීම නැවතිමයි සිද්ද කරන්නේ. වේදනාව දැනෙන ස්නායු ආවේගය මොළයට යන්න නොදී වලක්වන එකයි කරන්නේ.


රෝග සුවකරන යෝග භාවනාවක් 


පහසු භාවනා ආසනයකින් වාඩිවන්න. ඇස් පියාගන්න. ඔබගේ සිරුර වටා බාහිර අවකාශයේ ඇති සුර්යලෝකයේ පැහැයෙන් යුතු ස්වර්ණමය ප්‍රාණ ශක්තිය සිතින් දකින්න  උත්සහ කරන්න. ඔබගේ වටපිටාව පුරාත් විශ්වය පුරාත් සුවකිරීමේ හැකියාවෙන් යුතු ස්වර්ණමය ආයුර්වේද ශක්තිය පවතින බව සිතින්  දකින්න උත්සහ කරන්න.
මීලගට මෙසේ සිතමින් ප්‍රාණ ශක්තියට ආයුර්වේද ශක්තියට තමන්ගේ සිරුරට ඇතුල්වන ලෙස ඉල්ලන්න
"මාගේ ශරීරය අවටත් පරිසරය පුරාත් විශ්වය පුරාත් පැතිරී ඇති සුවකිරීමේ දිව්‍යමය ශක්තිය ප්‍රාණ ශක්තිය දිව්‍යමය ආයුර්වේද ශක්තිය මාගේ සිරුර තුලට සියලු  දිශා වලින් ඇතුල් වෙනවා.. සිරුර තුල ඇති අහිතකර ශක්තින් සම්පුර්ණයෙන් ඉවත් වෙනවා.. දිව්‍යමය සුවකිරීමේ ශක්තියෙන් මා සම්පුර්ණයෙන් සුවපත් වෙනවා..
එසේ සිතන අතර තමන්ගේ ශරීරය තුලට ශරීරයේ සියලු දිශා වලින් ප්‍රාණ ශක්තිය, දිව්‍යමය සුවකිරීමේ ශක්තිය, දිව්‍යමය ආයුර්වේද ශක්තිය ඇතුල් වන සිතන්න.  මුළු සිරුරම ස්වර්ණමය දිව්‍යමය ආලෝකයෙන් නැහැවී යන බව සිතින් දකින්න. ශරීරයේ සෑම සෛලයක් තුලටම දිව්‍යමය විශ්ව ශක්තිය ඇතුළු වී මුළු සිරුරම සුවපත් වී ප්‍රාණවත් වන බව සිතින් දකින්න. සිරුරේ රෝගකාරක අහිතකර ශක්තින් සම්පුර්ණයෙන්ම ඉවත් වී   මුළු සිරුරම 100%ක් පිරිසිදු වී පාරිශුද්ධ බවෙන් ආලෝකමත් වන බව සිතින් දකින්න.

මෙම අභ්‍යාසය ප්‍රානයාම සමගත් සිදුකරන්න පුළුවන්. එහිදී හුස්ම ගැනීමේදී හුස්ම සමග ප්‍රාණ ශක්තිය, දිව්‍යමය සුවකිරීමේ ශක්තිය සිරුර තුලට ඇතුළු වී මුළු සිරුර පුරාම විහිදී සිරුරේ සියලු සෛලයක් තුලටම යන බව සිතින් දැක ඉහත අභ්‍යාසයේ සදහන් කල ආකාරයටම සිදුකරන්න. ප්‍රානයාම ලිපිය කියවීමට (මෙතන ක්ලික් කරන්න )


රෝග සුවකරන මෛත්‍රී භාවනාව
මෛත්‍රී භාවනාව ලිපියේදීත් සදහන් කළ විදියට බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් බොහෝ අවස්ථා වලදී සදහන් කරලා තිබෙනවා මෛත්‍රී භාවනා කිරීමෙන් තමන්ගේ රෝග සුව කරගන්නවා වගේම අනුන්ගේ රෝග සුව කරන්නත් පුළුවන් බව. මේ වෙනකොට පිළිකා රෝහල් වල පවා මෛත්‍රී භාවනාවත් ආනාපානසති භාවනාවත් බහුලව භාවිතා කරනවා. ඒවා මගින් පිළිකා පවා සම්පුර්ණයෙන් සුව වූ අවස්ථා පවා තියෙනවා. මේවා වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ සමීක්ෂණ වල පවා සදහන් වෙනවා. නවීන වෛද්‍යවරුන් පවා මෛත්‍රී හා ආනාපානසති භාවනා රෝග සුව වීමට ප්‍රභල ලෙස දායක වෙන බව පිළිගෙන තිබෙනවා. ඒ නිසා හොදින් මෛත්‍රී කිරීමෙනුත් රෝග සුව කිරීම සිදුකරගන්න පුළුවන්.
මෛත්‍රී භාවනාව ලිපිය කියවීමට මෙතන ක්ලික් කරන්න ( Click here)
ආනාපානසති භාවනාව ලිපිය කියවීමට මෙතන ක්ලික් කරන්න ( click here )



අපේ ශරීරයේ ඇතිවෙන රෝග බොහොමයකට හේතු වෙන්නේ ශක්තිමය ශරීරයේ ඇතිවෙන ශක්ති විෂමතා. ඒවා ශක්ති විෂමතා උනත් භෞතික හා රසායනික ප්‍රතිකාර මගිනුත් ඒවා සමනය කරගන්න පුළුවන්. ඒ නිසා ශක්ති විෂමතාවක් නිසා ඇතිවෙන රෝගයක් උනත් නිවැරදි ඖෂධ ලබාගැනීමෙන් සුවවෙන අවස්ථා තිබෙනවා. ශක්ති විෂමතාව නිසා සිරුරේ ඇතිවෙන කායික වෙනස්කම ඖෂධ වල බලපෑමෙන් සමනය වෙනවා. සමහර අමනුෂ්‍ය බලපෑම් නිසා ඇතිවෙන රෝග පවා නිවැරදි ඖෂධ භාවිතයෙන් සුවවෙන අවස්ථා මම දැකලා තිබෙනවා. අමනුෂ්‍ය බලපෑම් නිසා මොළයේ හා ස්නායු පද්ධතියේ කායික වෙනස්කම් ඇතිවීමෙන් වන මානසික රෝග නිවැරදි ඖෂධ භාවිතයෙන් සුවවීම සිදුවෙලා තියෙනවා.
කොහොම උනත් මේ විදියට ශක්ති විෂමතා මගින් වන රෝග සුව කිරීමටත් සාමාන්‍ය කායික රෝග සුවකිරීමටත් කුණ්ඩලිනි භාවනාව( Click here ) උපකාර කරගන්න පුළුවන්. මුලාධාර චක්‍රය විවර කරගැනීමෙන් මුලික වශයෙන් රෝග සුවකිරීමේ හැකියාව ලැබෙනවා. ආඥා චක්‍රය විවර කරගැනීමෙන් සම්පුර්ණ වශයෙන් රෝග සුවකිරීමේ හැකියාව ලැබෙනවා. මේ බ්ලොග් ලිපි හරහා පළමු වරට දැනුවත් කරපු කුණ්ඩලිනි භාවනාව ප්‍රගුණ කිරීමෙන්ම මරණිය තත්ත්ව වල සිටි රෝගීන් පවා සුවකළ භාවනානුයෝගින් මේ වනවිටත් බිහිවී සිටින බව සතුටින් මතක් කරන්නත් කැමතියි. ආරම්භයේ සිටම මම සිහිපත් කළා මෙම ලිපි ලිවීමේ අරමුණ වෙන්නේ ප්‍රයෝගිකව භාවිතා කර ප්‍රතිපල ලැබුණු හා ඕනෑම අයෙකුට පුරුදු කර ප්‍රතිපල අත්විදිය හැකි භාවනා ක්‍රම දැනුවත් කිරීමයි. මෙම වටිනා භාවනා ක්‍රම හාස්‍යයෙන් ඉවත දමන පිරිසක් ඉන්නවා වගේම මේ  භාවනා ප්‍රයෝගිකව අත්හදා බලා ප්‍රයෝජන ලබාගෙන තමන්ටත් අනුන්ටත් ඒ මගින් සේවයක් සිදුකරන පිරිසකුත් ඉන්නවා. කුණ්ඩලිනි භාවනා ලිපිය කියවීමට මෙතන ක්ලික් කරන්න ( Click here)

මානසික ආතතිය හා සිත දුෂ්‍ය කරන සිතුවිලි බහුල වීමෙන් බොහෝ රෝග ඇතිවෙනවා. එවැනි සිත වෙහෙසට පත්කරන අදහස් සිතට එන වෙලා වලදී සෛල තුල විවිද අහිතකර රසායනික ද්‍රව්‍ය හා හෝර්මෝන නිපදවෙලා රුධිරයට ශ්‍රාවය වෙනවා. ඒවා මගින් සිරුර දුර්වල කිරීමක් සිදුකරනවා. ඒ නිසා නිරෝගී බව රැකගැනීමට තමන්ට කොච්චර ප්‍රශ්න තිබුනත් පුළුවන් තරම් සැහැල්ලුවෙන් මනස පවත්වාගන්න. දවසකට විනාඩි 15ක් 30ක් භාවනාවක් කරන්න වෙන් කරන්න. තරහ වෛරය කුහකකම වැනි සිතුවිලි වලින් හැකිතාක් ඉවත් වෙන්න. වැඩ රාජකාරි වලට හිරවෙලාම ඉන්නේ නැතුව රසවින්දනය සදහාත් සැහැල්ලුව සදහාත් වෙලාවක් වෙන් කරගන්න.


මේ භාවනා වැඩීමෙන් ඔබ යම් සුවයක් අත්කරගත්තේ නම්   පිං සක්‍ර දෙවියන්ටත් මගේ ගුරුවරයන්ටත් මටත් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..


( මෙම ලිපි අවසරයකින් තොරව ලිඛිත වාචික මුද්‍රිත විද්‍යුත් ආදී කිසිදු අයුරකින් උපුටාගැනීමෙන් වළකින්න )

( ෆේස්බුක් පිටුවට සම්බන්ධ වීමට:-  ෆේස්බුක් පිටුවට සම්බන්ධ වන්න ( Click here )

Comments

  1. obata saha obe guruwarayata boho pin ath wewa..!!

    ReplyDelete
  2. ගොඩක් වටින පෝස්ට් එකක්.පින් ඔබට

    ReplyDelete
  3. obata godak pin me wage dewal kiyadenawata.

    ReplyDelete
  4. සමාවෙන්න මෙතන මේ වගෙ කමෙන්ට් එකක් දනවට

    යෝග සූත්‍ර පොත සිංහල පරිවර්තනයක් තියෙනවද

    ඔබතුමාට ඒක පරිවර්තනය කරන්න කැමැත්තක් නැද්ද

    ඔබ තුමා යෝග පොත් ලියනවද

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී පරිවර්තනයක් කරනවා

      Delete
  5. යෝගිතුමනි,

    01.හතිය/ඇඳුම (wheezing) හොඳ කරගන්න ක්‍රමයක් තිබේද?
    02.Tiger Eye Bracelet, කුන්ඩලිණි පාෂාණ Bracelet පැලදීමෙන් ඇත්තටම ප්‍රයොජනයක් තිබේද?

    මේ ලබාදෙන දැනුමට ඔබතුමාට ගොඩක් පින්. කරුනාකර ඉහත ප්‍රශ්න වලට පිලිතුරු සපයන්න.

    ReplyDelete
    Replies
    1. 1. yogasana ha yoga krama thiyenawa. mama wenama lipiyak dannan

      2. tigers eye walin සල්ලි ආකර්ෂණය වෙන්නේ නෑ. විශ්ව ශක්තිය ලැබීමක් වෙනවා. කායික ශක්තිය හා හිතේ ශක්තිය වැඩිවෙනවා. චක්‍ර ක්‍රිස්ටල් වලින් චක්‍ර වලට අදාළ ශක්තිය ශරීරයට ගන්නවා.හැබැයි ගොඩක් අය ක්‍රිස්ටල් ටික හරියට දන්නේ නෑ. වැරදි ඒවා සමහරු දාන්නේ.

      Delete
    2. Thank You!!

      Delete
  6. ගුරුතුමනි , රෙයිකී රෝග සුව කිරීමේ ක්‍රමයේදීත් චක්‍ර අවදිකිරීමක් ගැන සඳහන් වෙනවා. මා අසා ඇති විදිහට ගුරුවරයා විසින්මයි ගෝලයා තුළ චක්‍ර අවදිකිරීම සිදුකරන්නේ.මෙවැනි ක්‍රමයන්ගෙන් පූර්ණ ලෙස චක්‍ර අවදිවීමක් සිදුවිය හැකිද?

    ReplyDelete
    Replies
    1. roga suwa kraddi chakra awadi wen ne chakra ashritha asamtha samanya kranawa witharai

      Delete
  7. සර්.. මාත් ආසයි මේ විදිහට භාවනා කරලා නිරෝගි වෙන්න මාත් මේ භාවනා කරනව දැන්.මගෙ මූනේ කුරුලෑ ගොඩක් දාලා තියෙන්නෙ ඒවා සුව කරගන්න තමා භාවනා කරන්නෙ.. මට තව ප්‍රශ්නයක් මම හුඟක් කෙට්ටුයි. ඒක මට මානසික වදයක් වගෙ. මේ විදිහට හිතින් භාවනාව වඩලා මම මහතයි කියල හිතල භාවනා කරොත් මහත් වෙන්න පුලුවන් වෙයිද

    ReplyDelete
    Replies
    1. කොහොමත් කාලයක් ගියාම හෝර්මෝන වෙනස් වෙලා මහත් වෙනවා.
      හිතනවට වඩා හොදයි ඕකට ව්‍යායාම හා අදාළ පිටි වර්ග පාවිච්චි කරන එක

      Delete
  8. Yogithumani,
    1.minissunge sharirawala prethayan sitinawada?
    2.ehem innawanm ee prethayanwa pulussa wena lokekata yawanna puluwnda?
    3.ehema karala roga suwakaranna puluwnda?
    Mata me gana ahal danaganna wishwasayk thiyenne oba thuma gan witharai,karuna karala mata meke aththa naththa kiyala denna ,bohoma pin oba thumata!

    ReplyDelete
    Replies
    1. 1.ඉන්න පුළුවන් කලාතුරකින්
      2. වෙන ලෝකෙකට යවනවා නෙවෙයි අදාළ මනුස්ස ශරීරයට නැවත නොඑන්න යවන්න පුළුවන් මන්තර වලින්
      3. රෝග ඇතිවෙන්නේ පෙරේතයා නිසානම් පුළුවන්

      Delete
  9. මේක ඉසිවරුන් දුටු මගේ බව ගමන 1 පොතෙන් ගත්තු එකක් නේද?

    ReplyDelete
    Replies
    1. නෑ මේක මම හදපු භාවනාවක්

      Delete
  10. yogothumani,
    hathiya,aduma hoda karaganna puluwan yoga kramayak kiyala denna puluwanda

    me dena danumata oba thumata pin !!!

    ReplyDelete

Post a Comment