Featured Post

අහසින් ගමන් කිරීමේ ඍධිය ලබාදෙන භාවනා Levitation Meditation


අහසෙහි පාවීම භාවනා
අහසින් ගමන් කිරීම Levitation Meditation


ඉර්ධිමය හැකියා, අධිමානසික හැකියාවන් අතරින් බලා සිටීමට පවා ඉතාම විශ්මයජනක වන, බොහෝ සමථ භාවනා වඩන අයගේ අවසාන ඉලක්කය වන හැකියාව තමයි අහසේ පාවිමේ හා අහසින් ගමන් කිරීමේ හැකියාව. බුද්ධ කාලින ඉන්දියාවේ වගේම මෑත කාලීනව ඉන්දියාව, ටිබේටය, නේපාලය හා යුරෝපිය රටවල් වලත් අහසෙහි පාවිමේ හැකියාව සහිත පුද්ගලයන් ගැන විවිද ඇසින් දුටු සාක්ෂි පවා තිබෙනවා. සමහරු විවිද ප්‍රයෝග මගින් සිදුකලත් ඇත්තටම මේ හැකියාව ලබාගත හැකි සමථ හා කුණ්ඩලිනි භාවනා කිහිපයක්ම තිබෙනවා.


වායෝ කසිණය
බෞද්ධ සමථ භාවනා අතරින් පහසුවෙන්ම අහසේ පාවිමේ හැකියාව ලබාගන්න පුළුවන් භාවනාව වෙන්නේ වායෝ කසිණ භාවනාව. කසිණ භාවනා පිලිබදව තොරතුරු සදහන් ප්‍රධානම ග්‍රන්ථය වන බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත විශුද්ධි මාර්ගයේ වායෝ කසිණය වඩන ක්‍රම දෙකක් සදහන් වෙනවා.

පළමු ක්‍රමය
"වායෝ කසිණය වඩනු කැමැත්තා වායුවෙහි නිමිත්ත ගත යුතුය. එය කල යුත්තේ සුළගින් සෙලවෙන දේ දෙස බැලීමෙන් හෝ ඇගෙහි ස්ඵර්ශ වන සුළග අරමුණු කිරීමෙනි."
සුළගින් සෙලවෙන උක් ගසක අගක් හෝ උණ පදුරක අගක් හෝ වෙනත් ගසක ඉහල අග දෙස බලා සිටිමින් හෝ පුද්ගලයෙකුගේ හිස මුදුන කෙස් සුළගට සෙලවෙන ආකාරය බලා සිටිමින් හෝ ඒ වගේ සුළගින් සෙලවෙන ඕනෑම දෙයක් දිහා බලාගෙන "වායෝ වායෝ" විදියට සිහි කරමින් වායෝ නිමිත්ත තුල සිත   එක්තැන් කරන්න.

* කොළ ඉදිරියට ගමන් කරන කොට පිටුපසින් ආපු සුළගක් කොළ වල වැදෙමින් ඉදිරියට යන බව සිතින් දකින්න. කොළ වමට ගමන් කරන කොට දකුණේ ඉදන් වමට යන සුළගක් කොළ වල වැදීගෙන වමට යන බව සිතින් දකින්න. කොළ උඩ යට යනවානම් කරකැවෙනවා නම් ඒ ආකාරයට සුළග යන ආකාරය සිතින් දකින්න. ඒ විදියට සුළගේ හැසිරීම සිතින් දකිමින් "වායෝ වායෝ " හෝ "සුළග සුළග" ආදී විදියට හිතමින් සුළග මත සිත එක්තැන් කරන්න.


දෙවන ක්‍රමය 
එහෙම නැතිනම් ස්වභාවික සුළං එන තැනක භාවනා ආසනයකින් වාඩිවෙලා සුළග ශරීරයේ වදින ස්ථාන ගැන සිහියෙන් ඉන්න. ඒ ආකාරයට ශරීරයේ වදින සුළග  ගැන සිහිය පිහිටවාගෙන  "වායෝ වායෝ" විදියට හිතන්න. ඉස්සරහින් සුළගක් ඇවිත් දකුණු අතේ වදිනවානම් ඒ අවස්ථාවේදී සුළග ගමන් කරපු විදිය සිතින් දකින්න. දකුණින් සුළගක් ඇවිත් මුහුණේ වදිනවානම් ඒ සුළග ගමන් කරපු විදිය සිතින් දකින්න.


* වායෝ කසිණය වැදීමේදී වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. වායෝ නිමිත්ත විදියට අරමුණු කල යුත්තේ ගමන් කරන සෙලවෙන සුළගක නිමිත්ත මිසක්  නිශ්චල වායුවක නිමිත්ත නෙවෙයි.

* නිකන්ම වායෝ වායෝ විදියට හිතනවට වඩා සුළගේ චලනය සිතින් දකිමින් භාවනා කිරීමෙන් ඉක්මණින් උද්ග්‍රහ නිමිති පටිභාග නිමිති උපදවාගන්න පුළුවන් වෙනවා.


මේ විදයට භාවනාව කරන විට සිත හොදින් එක්තැන් වනවිට උද්ග්‍රහ නිමිත්ත ඇතිවෙනවා. වායෝ කසිණයේ උද්ග්‍රහ නිමිත්ත ඇතිවීමේදී වෙන්නේ සුළග මිදුම් වලාවක් මෙන් පෙනීම. භාවනාවේදී තමන් සිදු කරන්නේ ගසක කොළ සෙලවෙන ආකාරය බලා හිදිමනම් උද්ග්‍රහ නිමිත්ත ඇති උනාම කොළ සෙලවීමට අදාළ සුළග ඇස් වලට මිදුම් වලාවක් වගේ පෙනෙන්න ගන්නවා. වමේ ඉදන් දකුණට මීදුමක් වගේ සුළග ගමන් කරනවා ආදී විදියට සුළග පෙනෙන්න ගන්නවා.


* ඒ විදියට උද්ග්‍රහ නිමිත්ත ඇති උනාම ඇස් වහගෙන හෝ ඇරගෙන තමන් අවට වටපිටාව පුරාම වායෝ ධාතුව චලනය වෙමින් තිබෙන බව සිතින් දකින්න උත්සහ කරන්න.  අවට පරිසරය පුරා නිතර සුළං ඇතිවෙමින් තිබියදී ඒ සුළගක් ඇවිත් තමන් බලාගෙන සිටින ගස් වල කොළ වල වැදී යන බව හෝ ශරීරයේ වැදී යන බව සිතමින් භාවනා කරන්න. ඒ විදියට උත්සහ කරනකොට තමන් අවට පරිසරය පුරාම සුළග පවතින ආකාරය ගමන් කරන ආකාරය පෙනෙන්න වැටහෙන්න ගන්නවා. ඒ තත්වයට පත් උනාම වටපිටාව පුරා තිබෙන සුළග අරමුණු කරගෙන එකදිගට භාවනා කල යුතුයි. ඒ මගින් ධ්‍යාන මට්ටමට හිත පත්වෙනවා.


සක්‍ර දේවේන්ද්‍රයන් විසින් හෙළි කල වායෝ කසිණ කමටහනක් 

මේ ආකාර දෙකට අමතරව නිවෙස් තුල වායෝ කසිණය වැඩිය හැකි තවත් කර්මස්ථානයක් තිබෙනවා.   මේ කර්මස්ථානය සක්‍ර දෙවියන් විසින් හෙළි කළ වෙනත් කිසිම ග්‍රන්ථයක දකින්න නැති පළමු වරට මේ ලිපියෙන් දක්වන කමටහනක්.

මේ ක්‍රමයේදී සුළග අරමුණු කරගන්න සිහින් නුලක එල්ලූ කුඩා පිහාටුවක් භාවිතා කරනවා. නුල ආධාරකයක එල්ලන්න. පිහාටුව තමන්ගේ ඇස් මට්ටමෙන් පවතින විදියට මේ සැකැස්ම හදාගන්න.




භාවනා කිරීමේදී කරන්න ඕනි සුළග මගින් පිහාටුව චලනය වෙනකොට සුළගේ චලනය සිතින් දකිමින් සුළග අරමුණු කිරීමයි. මෙහිදීත් "වායෝ වායෝ" ආදී විදියට හිතුවත් කමක් නෑ. කාමරයක ජනෙල් දොරවල් වහලා තිබුනත් කාමරය ඇතුලේ සිදුවෙන සුළං චලන වලින් පිහාටුව සෙලවෙනවා දකින්න ලැබෙනවා. ජනේලයක් හෝ දොරක් තරමක් ඇරලා තිබුනත් කමක් නෑ.

මේ භාවනාවේදීත් මුලින්ම පිහාටුව සොලවන සුළං ධාරා  වලාකුළු මෙන් පෙනෙන්න ගැනීමෙන් උද්ග්‍රහ නිමිත්ත  ඇතිවෙනවා. ඒ මට්ටමට ආවම තමන් සිටින තැන අවට පුරා සුළං ධාරා හැසිරෙන විදිය සිතින් දකිමින් පිහාටුවේ සෙලවීමට අදාළ සුළං ධාරා චලනය සිතින් දකින්න උත්සහ කරන්න. ඒ විදියට කරනවිට තමන් වටා පරිසරයේ සුළග වලාකුළු මෙන් පෙනෙනවා.


ඉහතින් දක්වපු භාවනා ක්‍රම එකකදීවත්  Fan වගේ දෙයකින් කෘතිමව සුළං ඇතිකරලා සුළග අරමුණු කරන්නෙපා.  සුලග මෘදු වෙන තරමට සුළග අරමුණු කිරීම අපහසු වෙන නිසා හොදින් හිත එක්තැන් වෙනවා. එමනිසා ඉක්මණින් සමාධිය ඇතිවනවා.

මේ කමටහන් තුනෙන් ඕනෑම ආකාරයකින් හිත ධ්‍යාන මට්ටමට පත් කරගැනීමෙන් වායෝ ධාතුව පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා. එමගින්

- වායුවක් මෙන් ගමන් කිරීමේ හැකියාව
- කුනාටු වැනි සුළං තත්ත්ව ඇතිකිරීම
- සුළං ඇතිකිරීම හා ඇතිවී තිබෙන සුළං නැවතීම
- අහසේ පාවීම හා අහසින් ගමන් කිරීම
- තමන් තුල හෝ වෙනත් පුද්ගලයෙක් තුල  වායෝ ධාතුව පාලනයෙන් රෝග සුවකිරීම
- ශබ්ද ඇතිකිරීම හා ශබ්ද නැතිකිරීම
- ශරීරය වායුමය බවට පත්කර එක් තැනක සිට තවත් තැනකට සීඝ්‍රව ගමන්කිරීම

යන ප්‍රධාන ඉර්ධිමය හැකියාවන් ඇතුළු තවත් හැකියාවන් රාශියක් ලැබෙනවා.

* වායෝ කසිණයේ උද්ග්‍රහ නිමිති හා පටිභාග නිමිති පිලිබදව සරලව තේරුම්ගත හැකි නිවැරදි විස්තරයක් මිට පෙර කියවන්න ලැබී නෑ. විශුද්ධි මාර්ගයේත් සදහන් වෙන්නේ
"උදුනින් බෑ ගත් ඇසිල්ලේ කිරිබතක උණුසුම් වැටියක් බඳුව චලව වැටහේ. පටිභාග නිමිත්ත එම සන්සුන්ව නිශ්චලව වැටහේ" යන ආකාරයටයි.
ලිපෙන් බාගත් කිරිබතකින් උඩනගින දුම් කැටිය වගේ පෙනෙනවා කියන එකයි මෙතන අදහස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මීදුමක් වගේ පෙනෙනවා කියන එක.


කුණ්ඩලිනි භාවනා
අහසේ පාවිමේ හා අහසින් ගමන් කිරීමේ හැකියාව ලබාගැනීමට කුණ්ඩලිනි චක්‍ර වලින් උගුර තුල තියෙන විශුද්ධ චක්‍රය අවදි කිරීමෙනුත් පුළුවන්. මේ සදහා කුණ්ඩලිනි භාවනාව ( Click here) භාවනාව විශුද්ධ චක්‍රයට අදාලව කල යුතුයි.


මිට අමතරව නළල මැද තිබෙන ආඥා චක්‍රය අවදි කරගනිමෙනුත් අහසේ පාවිමේ හැකියාව ලබාගන්න පුළුවන්. හැබැයි ඒ සදහා ආඥා චක්‍රයේ ශක්තිය ඉතා අධික වෙන්න ඕනි. තෙවැනි ඇස විවර කරගෙන ඒ තුල අධික ශක්තියක් ගබඩා කිරීමෙන් අහසේ පාවීම සිදුකරන්න පුළුවන්. මේ සදහා තෙවැනි ඇස භාවනාව (Click here) කියවන්න.


ආනාපානසති භාවනාව
ආනාපාන සති භාවනාව වැඩිමෙනුත් සමහර යෝගින්ට අහසේ පාවෙන තත්ත්වය ලැබී තියෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන්ම වෙන්නේ ආනාපාන අරමුණ මගින් ශරීරය හා සිත සැහැල්ලු  වීමෙන් ශරීරය ඉබේම පාවීම. ඒ තත්වය තවදුරටත් දියුණු කරගෙන තමන්ට අවශ්‍ය විදියට අහසේ පාවිමේ තත්ත්වය ඇතිකරගන්න පුළුවන්. ආනාපාන සති භාවනාව කියවීමට මෙතන ක්ලික් කරන්න (Click here)


ප්‍රාණයාම
ප්‍රාණයාම කිරීම මගිනුත් ඉන්දියානු හා ටිබෙට් යෝගීන් අහසේ පාවිමේ හැකියාව ලබාගන්නවා. මෙහිදිත් කය හා මනස ක්‍රමයෙන්  සැහැල්ලු වීමෙනුයි පාවිමේ හැකියාව ලැබෙන්නේ. ප්‍රාණයාම සදහා ගත කරන කාලය මාස කිහිපයක් තිස්සේ  ක්‍රමයෙන් වැඩිකරලා හුස්ම රදවා තබාගන්නා කාලය වැඩි කරනකොට තමයි පාවිමේ හැකියාව ලැබෙන්නේ. ප්‍රාණයාම පිළිබද ලිපිය කියවීමට මෙතන ක්ලික් කරන්න (Click here)

*** මේ සියලු ආකාර භාවනා වලදී හිත මුලින්ම එක්තැන් වීගෙන එන අවස්ථා වලදී සිත හා කය සැහැල්ලු වීමෙන් ශරීරය පාවෙනවා වගේ දැනීමක් ඇතිවෙනවා. ඒක සත්‍ය වශයෙන් ශරීරය පාවිමක් නෙවෙයි සැහැල්ලුව නිසා දැනෙන දෙයක්.   මේ දැනීම ඇතිවුන අවස්ථාවේදී තමන්ට පාවිමේ හැකියාව ලැබුනා කියල රැවටිලා භාවනාව පැත්තක දාලා පාවෙන්න උත්සහ කරන්න එපා. එහෙම කිරීමෙන් වෙන්නේ භාවනාව දියුණු කරගන්න බැරිවෙලා දින කිහිපයකට පස්සේ ඒ තරමටවත් හිත එක්තැන් කරගන්න බැරි වීම විතරයි.  ඒ නිසා මුලින් දැනෙන විවිද හැගීම් වලට මත් වෙලා ඒවා රසවිදින්න නොයා මොන හැගීම් දැනීම් දැනුනත් එකදිගට භාවනා කරලා ධ්‍යාන මට්ටම තෙක් හිත එක්තැන් කරන්න. ඉන් පසු තමන්ට අවශ්‍ය ලෙස අහසින් පාවීම සිදුකරන්න පුළුවන්.







* මෙම භාවනා මගින් ලබාගත හැකි වන්නේ පොළවෙන් ඉහලට එසවීම, අහසින් ගමන් කිරීම වැනි හැකියා පමණයි. අහසෙහි පා තබමින් එහා මෙහා ගමන් කිරීමටත්, පඩිපෙලක් නගිනවා මෙන් ඉහලට පහලට යාමටත් අහසේ වාඩිවී සිටීම, සයනය කිරීම ආදී ක්‍රියා සිදු කිරීමට නම් පඨවි කසිණ භාවනාව වඩා ධ්‍යාන ලබා තිබිය යුතුයි. කියවීමට :- (මෙතන ක්ලික් කරන්න )

*පඩිපෙලක ඉහල නගිනවා මෙන් අහසෙහි ඉහලට පා තබමින් ගමන් කිරීමට නම් පඨවි කසිණ ධ්‍යානයට සමවැදී තමන්ට අවශ්‍ය අවකාශය පඩිපෙලක් සහිත පොලව මෙන් වේවා කියා අධිෂ්ඨාන කල යුතුයි.
"අහසෙහි පඩිපෙලක් සහිත පොළවක් මැවේවා" කියා අධිෂ්ඨාන කලොත් තමන් සිතින් දකින ලද ආකාරයේ පොළවක් මැවීම සිදුවෙනවා. ඒ ආකාරයෙන් සිතන්නේ නැතිව අහසම පොලව වේවා ලෙස සිතාගෙන අධිෂ්ඨාන කිරීම කල යුතුයි.  එවිට පොළවක් නිර්මාණය නොවී අහස පොලව මෙන් ඝන වීම සිදුවෙනවා. එමනිසා බලාසිටින කෙනෙකුට පෙනෙන්නේ අහසෙහි ඇවිදිනවා, අහසෙහි වාඩිවී සිටිනවා ආකාරයටයි.


මේ දැනුම උපකාර කරගෙන ඔබත් ආකාෂචාරි ඉර්ධිය උදාකරගත්තොත් ඒ පින් මගේ ගුරුන්ටත් සක්‍ර දේවේන්ද්‍රයන් හටත්, මටත් අනුමෝදම් කරන්න අමතක කරන්නෙපා...

* මෙම භාවනා හෝ යෝග ක්‍රම කිරීමට පෙර අනිවාර්යෙන් කියවිය යුතු උපදෙස් ලිපිය කියවීමට  ( මෙතන ක්ලික් කරන්න (Click here)

* ආධුනිකයන් භාවනා ආරම්භ කල යුතු ආකාරය ලිපිය කියවීමට :-  ( මෙතන ක්ලික් කරන්න )

( කුන්ඩලිනි භාවනා කිරීමේදී විවිද පුද්ගලයන්ට විවිද අත්දැකීම් ලැබෙන අතර ඒ සදහා කල යුතු පිළියම් තීරණය කල හැක්කේ කුන්ඩලිනි ශක්ති අවදි කල පුද්ගලයෙකුට පමණි. එමනිසා මෙම ලිපි අනවසරයෙන් සම්පුර්ණයෙන් හෝ කරුණු වශයෙන් උපුටා ගැනීමෙන්  හා පාඨමාලා තුල මෙම කුන්ඩලිනි භාවනා  පුහුණු කිරීමෙන් වලකින්න)


Comments

  1. Lobakamak nethuwa me dewal kiyala denawata bohoma pin obathumata. 1.husma kramayen 3rd eye open karaddi me hekiyawa lebeeme ida wedi neda. 2.sakra deviyan lankawe ipadila inna nisa obathuma minis wesin inna deviyangenda meka denagaththe. 3.wesi(rain)ethikaranda meken puluwanda.

    ReplyDelete
    Replies
    1. 1 aniwaryen ehemai kiyanna be
      3 amarui. kelinma sambanda wem me wessata

      Delete
  2. 1.3rd eye bawanawa karana gaman me bawanawa kalata kamak nedda. 2.kochchara time ekak me bhawanawa karanda onida. 3.prathipala lebenda kochchara time ekak yanawada asannawa. 4.ihatha krama walin wadathma lesi kramaya mokakda guruthumani..

    ReplyDelete
    Replies
    1. 1 epa. mama kiyala thiyenawa bawana deka thuna eka paara karannepa kiyala
      2. puluwan taran wela
      3 ehema kiyanna be aurudu gaanak yannat puluwan
      4 pihatuwa

      Delete
  3. Mata nitharama kiyawanna balanna ona lipi kotasak mata nitharama internet bavitha karanna apahasu nisa Mage bavithayata vitharak Mage lagama tiyagaththata kamak nedda Gurutumani

    ReplyDelete
    Replies
    1. එක වරකට එක භාවනාවක් විතරක් කරන්න. ඒකට අදාළ දේවල් විතරක් මතක තියාගන්න. එතකොට මතක තියාගන්න එක ගැටළුවක් වෙන්නේ නෑ

      Delete
  4. මන් තෙවනි ඇස භාවනාව කරන්න ඉන්නෙ ඒකට කලින් ආනාපානසතිය කරා තෙවනි ඇස විවර කරගත්තහම ඒකෙ බලය වැඩි කරගන්නෙ කොහොමද

    ReplyDelete
  5. ගුරුතුමනී, මම 10 ශ්‍ර්ණියේ ඉගෙන ගන්නෙ. මම තවත් මෙවැනි ලිපියක් කියෙව්වා මට තේරුනේ ඔබතුමා අත්දැකීම් බහුලව ඇති කාලාතුරකින් හමුවන යහපත් ගුරුවරයෙක් බවයි. මටත් ආසයි සිත ධ්‍යාන ගත කරන්න. මෙවැනි අධිමානසිකත්වයක් ලබා ගැනීමට. මට එය කල හැකිද? මගේ වයස එයට ප්‍රශ්නකක්ද? එයට මුලින්ම කලයුත්තේ කුමක්ද? මෙය මගේ අධ්‍යපනයට කෙසේ බලපායිද?

    ReplyDelete
    Replies
    1. පාසල් වයසේදී ධ්‍යාන ශක්ති ලබාගන්නා ආකාරය කියල වෙනම ලිපියක් දාලා තියනවා කියවන්න

      Delete
  6. මෙමගින් මානසික ව්‍යාකූලතාවයන් ඇති විය හැකි ද

    ReplyDelete
    Replies
    1. උපදෙස් අනුව කරනවා නම් ගැටළුවක් නෑ

      Delete

Post a Comment