Featured Post

වජ්‍රායුධය හා වජ්‍රය (1) Vajra Vajrayudha Thunderbolt Mjolnir


වජ්‍රය
වජ්‍රය

වජ්‍රය දරා සිටින සක්‍ර දෙවියන්
වජ්‍රය දරා සිටින සක්‍ර දෙවි


වජ්‍රායුධය හා වජ්‍ර පිළිබදව මේ වනවිට සමාජයේ අසත්‍ය මත රාශියක් සමාජගත වෙලා තියෙන නිසා ඒ පිළිබඳව සත්‍ය තොරතුරු හෙළිකිරීමට සුදුසු කාලය එළඹිලා තියෙනවා. වජ්‍රායුධය ගැන දැනුමක් නැති, කිසිදා සත්‍ය වජ්‍රායුධයවත් වජ්‍රායුධයේ අයිතිකරුවාවත් ධ්‍යාන බලයකින් තියා සිහිනෙකින්වත් දැකලා නැති පුද්ගලයන් කිහිප දෙනෙක් තමන්ගේ හිතුමතේට වජ්‍රායුධය හා වජ්‍ර ගැන බොරු පැතිරවීම නිසාත් කිසිම දෙයක් විචාර බුද්ධියකින් තෝරා නොගන්නා අන්ධ භක්තිකයින් ඒ බොරු ආදරයෙන් වැළඳගැනීම නිසාත් මේවා පිළිබද අසත්‍ය තොරතුරු සමාජයේ පැතිරී ගිහින් තියෙනවා.

වජ්‍ර පිළිබඳවත් ඒවාට අදාළ මන්ත්‍ර හා පිළිවෙත් පිලිබදවත් වජ්‍රයක නියම හැඩය පිලිබදවත් මීලග ලිපියෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන නිසා මේ මගින් වජ්‍ර පිළිබද ව්‍යාජ මත දැනුවත් කිරීම ප්‍රධාන වශයෙන් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.

වජ්‍රය පිළිබඳව මුල්ම සඳහන ඇතුලත් ඍජ් වේදයට අනුව විශ්වයේ තිබෙන බලවත්ම ආයුධ වලින් එකක් වන වජ්‍රායුධය නිපදවීමට හේතු උනේ දිව්‍යලෝකයට සිදුවුණ අසුර ආක්‍රමණයක්. ව්‍රිත්‍ර නම් සර්ප වේශයක් ඇති අසුරයා මහා බ්‍රහ්මයන් හට වන්දනා කර විශ්වයේ තියෙන කිසිම ලෝහමය හෝ දැවමය ආයුධයකින් විනාශ කල නොහැකි වීමේ වරමක් ලබාගත්තා. මේ වරම ලබාගත්තට පස්සේ දෙවියන් එක්ක යුධ වැදුනු ව්රිත්‍ර අසුරයා දෙවියන් පරාජය කරලා දිව්‍යලෝකයේ බලය ලබාගත්තා. එයින් නොනැවතුණු ව්රිත්‍ර මිනිස් ලෝකයේ සියලු ගංගාවන් ගලා යාම තමන්ගේ බලයෙන් නතර කළා. මේ නිසා මිනිස් ලෝකයේ මිනිස්සුන්ටත් වතුර නැතිව පිඩාවට පත් වුනා. දිව්‍යලෝකයටත් මිනිස් ලෝකයටත් උන විනාශයෙන් මිදෙන්න උපකාර ගන්න සක්‍ර දෙවියන් ශිව දෙවියන් හමුවට ගියා. මේ සදහා විෂ්ණු දෙවියන්ගෙන් උපදෙස් ගැනීම සුදුසු බව ශිව දෙවියන් ප්‍රකාශ කළා. මහා බ්‍රහ්මයන්ද සමග සක්‍ර හා ශිව දෙවි වරු විෂ්ණු දෙවියන් හමුවට ගියා. ව්රිත්‍ර අසුරයාව දැවමය හෝ ලෝහමය ආයුධයකින් විනාශ කල නොහැකි නිසා අමරණිය විද්‍යාවේ කෙල පැමිණි දධිචි නම් ඍෂි වරයාගේ අස්ථි වලින් ආයුධයක් නිර්මාණය කිරීමට විෂ්ණු දෙවියන් සක්‍ර දෙවියන් හට උපදෙස් දුන්නා. දධිචි ඍෂි වරයා ශිව දෙවියන්ගෙන් වරම් තුනක් ලබාගෙන සිටියා. ඒ
1. කිසිවෙකුගෙන් අවමානයට පත් නොවීම
2. කිසිවෙකුට තමන් මරණයට පත් කල නොහැකි වීම
3. තමන්ගේ අස්ථි දියමන්ති මෙන් ඝන වීම

වජ්රය
වජ්රයේ උපත

ඒ අනුව සක්‍ර දෙවියන් දධිචි ඍෂි හමුවී ඍෂිවරයාගේ අස්ථි ඉල්ලා සිටියා. ක්ෂුව නම් රජ කෙනෙකු සමග සටනකදී තමන්ට පිහිට වුනු විෂ්ණු දෙවියන් විසින් දෙවිවරු තමන් වෙත එවූ බව දැනගත් දධිචි ඍෂි විෂ්ණු දෙවියන් හට කරන ගෞරවයක් ලෙස දෙවියන්ගේ ඉල්ලීමට එකග වුනා. මේ ඉල්ලීමට ඍෂි වරයා කැමති උනත් තමන්ගේ අස්ථි ලබාදීමටනම් තමන්ට මරණයට පත්වීමට සිදුවන බවත් මරණයට පෙර ඉන්දියාවේ ශුද්ධ වූ ගංගාවන් විදියට සලකන  ගංගා, නර්මදා ආදී ගංගා වල ජලයෙන් ස්නානය වී පිරිසිදු වීමට අවශ්‍ය බව ප්‍රකාශ කළා. ගංගා එකින් එකට යාමට අධික කාලයක් ගත වෙන නිසා සක්‍ර දෙවියන් තම බලයෙන් සියලු ගංගා වල ජලය නෛමිෂ වනාන්තරයට රැස් කළා.

වජ්රය

මේ ජලයෙන් පැන් පහසු වුන දධිචි ධ්‍යාන වලට සමවැදී ශරීරයෙන් මනස වෙන් කර ශරීරයේ ජිවය ඉවත් කළා. මරණයට පත්වූ ඍෂිවරයාගේ මාංශපේශි කාමධෙනු නම් දිව්‍යමය වසුවෙකු ලවා ඉවත් කර දධිචි ඍෂි වරයාගේ කශේරු අස්ථි රැගෙන සක්‍ර දෙවියන් දිව්‍යමය ආයුධ නිමැවුම්කරු වන, අදෘශ්‍යමාන විශ්වකර්මගේ දෘශ්‍යමාන ස්වභාවය ලෙස සලකන,  ත්වාස්ඨ දෙවියන් හමුවෙලා  එයින් ආයුධයක් නිර්මාණය කිරීමට භාර කළා.


ලෝහ හෝ දැව ආයුධ වලින් ව්රිත්‍ර මරණයට පත් කරන්න නොහැකි නිසා ත්වාස්ඨ දෙවියන් විසින් දියමන්ති තුල දධිචි ඍෂිගේ අස්ථි තැන්පත් කර වජ්‍රායුධය නිර්මාණය කළා. දධිචි ඍෂි වරයාගේ අස්ථි තුලට අකුනට හා විදුලියට මූල වන ආදී ශක්තිය සිද්ධි කළා. අකුණු ගැසීම පාලනය කල හැකි දෙවියන් අස්ථි වලට බන්ධනය කළා. මේ විදියට නිර්මාණය කළ වජ්රායුධය රැගෙන  ව්රිත්‍ර සමග සටනට ගිය සක්‍ර දෙවියන් වජ්‍රායුධයෙන් අධික ශක්තියකින් යුක්ත අකුණක් ඇතිකර ව්රිත්‍ර මූල ධාතු වලට වෙන් කර විනාශයට පත් කළා.

රාවණ වජ්‍රය
වජ්‍රයේ උප්පත්ති කතාව


මේ ආකාරයට තමයි වජ්‍රායුධය නිර්මාණය උනේ. වේද ග්‍රන්ථ හා පුරාන ග්‍රන්ථ තුලත් ඍෂිවරුන් විසින් මිනිසුන්ට හෙළි කර මේ ඉතිහාස කතාව  අඩංගු වෙනවා. ආධ්‍යාත්මිකව නොදියුණු පුද්ගලයන් මෙවැනි දේ පිළිගැනීමට පැකිලෙන නිසා මෙවැනි සිදුවීමකට උදාහරණයක් මෑතකාලීන ඉතිහාසයෙන්ම ලබාදෙන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් ලෙස සලකන සිල් මාතා කායිව් වහන්සේගේ ධාතුන් වහන්සේලා සති කිහිපයකින් පසු පලිගු බවට පරිවර්තනය වී තිබෙනවා. අදටත් එම ධාතුන් වහන්සේලා පවතින්නේ පලිඟු ස්වභාවයෙන්.


මේ විශ්වයේ අප ජිවත්වන මිනිස් ලොව හැරුනාම තවත් මිනිස් ලෝක තියෙනවා. ඒවා ආශ්‍රය කරගෙන දේව ලෝකත් තියෙනවා. ඒ දිව්‍ය ලෝක වලට නායක වන දෙවි වරුත් වෙන වෙනම ඉන්නවා. ඒත් මුළු විශ්වයටම ඉන්නේ එක සක්‍ර දෙවි කෙනෙක් විතරයි. මේ මිනිස් ලෝකය වගේම වෙනත් මිනිස් ලෝක ආශ්‍රිත දිව්‍යලෝක වලත් සියලු දෙවිවරු සක්‍ර දෙවියන්ගේ අණට අනුවයි ක්‍රියා කරන්නේ. විශ්වයේ සියලු දෙවි වරුන්ට නායක වන සක්‍ර දෙවියන්ගේ ආයුධය තමයි වජ්‍රායුධය. මුළු විශ්වයටම තියෙන්නේ එක වජ්‍රායුධයයි. වජ්‍රායුධයේ එකම හිමිකරුවා සක්‍ර දෙවියන් පමණයි.

වජ්‍රායුධයෙන් පහර දෙන සක්‍ර
වජ්‍රායුධයෙන් පහර දෙන සක්‍ර දෙවි

මිට පෙර සක්‍ර දෙවියන් පිළිබද ලිපියේදී( Click here ) සදහන් කල විදියට ත්වාස්ට වජ්‍රායුධය නිපදවීමේදී වජ්‍රායුධයට වෙනම ශක්තියක් ඇතුල් කරනවා. ඊට අනුරූප ශක්තියක් වජ්‍රායුධය භාවිතා කරන සක්‍ර දෙවියන්ට ලබාදෙනවා.
ඒ ශක්තිය දරාගැනීමට ශක්තිය ලබන දෙවියන්ගේ ශක්ති දරාගැනීමේ ධාරිතාව ඉතා අධික විය යුතුයි. සසරේ දීර්ඝ කාලයක් භාවනා කළ, බොහෝ පින්කම් කළ කෙනෙක්ට විතරයි ඒ වගේ අධික ශක්ති ධාරිතාවක් පිහිටන්නේ. සාමාන්‍ය දෙවි කෙනෙකුටවත් ඒ තරම් ධාරිතාවක් පිහිටන්නේ නෑ. මනුෂ්‍යයෙක් හෝ අසුරයෙක් වජ්‍රායුධය ස්ඵර්ශ කලත් විදුලිය අතින් ඇල්ලුවා වැනි ප්‍රතිපලයක් තමයි සිද්දවෙන්නේ.
වජ්‍රායුධයේ ශක්තියට අනුරූප ශක්තියක් ලබාදීම මගිනුයි සක්‍ර දෙවියන්ට වජ්‍රායුධය පාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ ශක්තිය නිසා වජ්‍රායුධය භාවිතා කරන්න පුළුවන් සක්‍ර දෙවියන් හට විතරයි, වජ්‍රායුධය පෙනෙන්නේත් සක්‍ර දෙවියන්ට විතරයි. වෙනත් කිසිම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, ඍෂි වරයෙකුට හෝ අසුරයෙකුට වජ්‍රායුධය පෙනෙන්නේ නෑ. සක්‍ර දෙවියන් තම අභිමතය අනුව වජ්‍රය වෙනකෙකුට පෙනීමට සලස්වනවා.

චක්‍රවර්ති රජ කෙනෙක් නැති කාල වලදී මනුෂ්‍ය ලෝකය පාලනය කරන්නෙ සක්‍ර දෙවියන් විසින්. මිනිසුන්ට පෙනෙන දැනෙන ලෙස කිසිවක් සිදු නොකලත් නොපෙනෙන බලපෑම් තනි මිනිසුන්ගේ සිට ලෝකය පුරා  දෙවියන් සිදුකරනවා. අමනුෂ්‍යයෙකුට වුනත් මිනිස් සිරුරකට ආවේශ නොවී බාහිරයෙන් සිට බලපෑම් කර හැඟීම් ප්‍රේරණය කර තරහ, ඉරිසියාව ,වෛරය වැනි හැගීම් ඇතිකර ගැටුම් ඇතිකිරීමේ හැකියාව, බාහිර විෂබීජ ශරීරගත කිරීමේ හැකියාව පවතිනවා. අමනුෂ්‍ය කරදර ඇති ගෙවල් වල නිතර ගැටුම් ඇතිවෙන්නේ, ලෙඩරෝග ඇතිවන්නේ මේ නිසා. මේ වගේ සිය දහස් ගුණයක බලපෑමක් ඇතිකර දෙවියන් හට රටක සිදුවන දේවල් පාලනය කිරීමේ හැකියාව පවතිනවා. මිනිසුන් හට  විවිද පාලකයන්ට කැමැත්ත ඇතිකිරීම්,  නැතිකිරීම් , වැරදි එළිදරව් වෙන්න සැලස්වීම්, ස්වභාවික විපත් ඇතිකිරීම් වැනි මිනිස්සු නොහිතන බොහෝ ක්‍රියාවන් දෙවියන් හට සිදුවීමට සැලැස්වීමේ හැකියාව පවතිනවා. මෑතකාලීන පාලකයෙක් මේ පිලිබදව දැනසිටි නිසා නිතර වජ්‍රයක් දරාසිටි බව දකින්න ලැබුනා.
මහින්ද රාජපක්ෂ වජ්‍රය
වජ්‍රය

මන්ත්‍ර විද්‍යාව තුලදී සර්ව ජන වශියක් විදියට හා ලෝකය පාලනය කරන සක්‍ර දෙවියන්ගේ ආකර්ෂණය ලබාගැනීම සඳහා වජ්‍ර භාවිතා වෙනවා. වජ්‍රයෙන් නිරුපනය වන්නේ සක්‍ර දෙවියන්ගේ වජ්‍රායුධය.
වජ්‍රායුධය පිලිබදව මුලින්ම ලිඛිත සඳහනක් තියෙන්නේ ඍජ්වේදයේ. ඉන්ද්‍ර දෙවියන් විසින් ව්රිත්‍ර නම් අසුරේන්ද්‍රයා මරා දැමීමට වජ්‍රය භාවිතා කල කතා පුවත් වේද ග්‍රන්ථ වල සඳහන් වෙනවා. ඉන්ද්‍ර හෙවත් දේවේන්ද්‍ර දෙවියන්ව වජ්‍රහීත් (වජ්‍රය දරන්නා) , වජිරන් ( වජ්රයෙන් සන්නද්ද), ‛‛වජ්‍රිවාත් හෙවත් ‛වජ්‍රින්’ (වජ්‍රයෙන් සන්නද්ධව), ‛වජ්‍ර දක්ෂිණ’ (වජ්‍රය දකුණතින් ගත්) සහ ‛වජ්‍රබාහු’ හෙවත් ’ වජ්‍රාෂ්ට්‍ර’ (සිය අතෙහි වජ්‍රය දරා සිටීම) යන නම් වලින් හඳුන්වනු ලබනවා.

වජ්රායුධ යන නම යෙදී තිබෙන්නේ දියමන්ති වලින් තනපු ආයුධය කියන තේරුමෙන්.  වජ්රායුධය විනිවිද පෙනෙන ආයුධයක්. මෙම බලගතු දිව්‍යමය ආයුධයේ විශේෂත්වය වෙන්නේ අකුණු ගැසීම සිදු කළහැකි වීම.   සක්‍ර දෙවියන් අතේ දරන්නේ නැති වෙලාවට වජ්‍රායුධය තැන්පත් කර තිබෙන්නේ සුධර්මා දේව සභාවේ තිබෙන සක්‍ර දෙවියන්ගේ පඬුපුල් ආසනයේ දකුණු බාහුව මත. දේව සභාව පවත්වන වෙලා වලදී සතර වරම් දෙවියන් සතර දිශාවෙන්  ආසනය ආරක්ෂා කරමින් වැඩ සිටිනවා. වෙනත් වේලා වලදී දෙවියන් ආසනය අසල සිටින්නේ නැති උනත් දිවැසින් ආසනය පිළිබඳව පෙනෙන්න සල්ස්වාගෙන සිටිනවා. ඒ නිසා දෙවි කෙනෙකුටවත් අවසර නැතිව වජ්‍රායුධයට ලංවීමට හැකියාවක් ලැබෙන්නේ නෑ.


                                                                             තෝර්
තෝර් වජ්‍රය
තෝර් වජ්‍රය
තෝර් වජ්‍රායුධය
මියෝල්නෙයර් ( වජ්‍රායුධය ) දරන තෝර් 


ඉන්ද්‍ර දෙවියන් හැර සක්‍ර දෙවියන්ගේ වජ්‍ර භාවිතය පිළිබඳ වැඩිපුරම තොරතුරු සඳහන් වෙන්නේ ග්‍රීක දේව පුරාණයේ සියුස් නමින් හා ජර්මානු දේව පුරාණයේ තෝර් නමින්.  උතුරු ජර්මානු දේව කතා වල  සඳහන් වෙන තෝර් දෙවියන් අකුණු ගැසීම, වැසි හා කුණාටු ඇතිකිරීම හා ඕක්  ගසට අධිපති දෙවියන්. odin නම් දෙව්ලොව නායක දෙවියන්ගේ පුතා වන තෝර් දෙවියන්ට loki නම් සහෝදරයෙක් ඉන්නවා. තෝර් දෙවියන් ඇදහීම ප්‍රචලිත උනේ වයිකින්ග්ස් අවදියේදී. තෝර් දෙවියන්ගේ ආයුධය වන අකුණු ඇති කළ හැකි මියෝල්නෙයර් (Mjolnir ) නම් මිටිය සහිත ලාංචන වයිකින්ස් වරු නිතර පැළඳීම සිදුකර තිබෙනවා.
වජ්‍රායුධය
මියෝල්නෙයර් වජ්‍රායුධය සංකේත 

 ඉංග්‍රීසි භාෂාවෙන් දින නම් කරද්දී බ්‍රහස්පතින්දා දිනය Thursday නම ඇතිවෙලා තියෙන්නේ Thor's day කියන යෙදුම පරිනාමය වීමෙනුයි.  තෝර් දෙවියන් සතු බලසම්පන්න ආයුධ වෙන්නේ මියෝල්නියර් මිටිය හා megingjoro නම් බඳ පටිය හා reiper නම් යකඩ අත්වැසුම් යුවල.

ඉන්ද්‍ර සක්‍ර සියුස් තෝර් ආදී සියලු අවතාර වලින් ලෝකයේ විවිද ප්‍රදේශ වලට පෙනී සිටියේ සක්‍ර දෙවියන්ම බව තහවුරු කරමින්  ඉන්ද්‍ර දෙවියන් වෘතාසුර සමග සටන් කල කතාවට සමාන කතාවක් තෝර්  සම්බන්ධවත් දකින්න ලැබෙනවා.  උතුරු ජර්මානු දේව කතාවල සදහන් Ragnarok නම් අනාගත සිදුවීම් අනාවැකියේ සඳහන් වෙන විදියට තෝර් දෙවියන් විශාල සර්පයෙක් සමග කරන යුද්ධයකදී තෝර් විසින් එම සර්පයාව මරා දමනවා. එහෙත් විෂ  ශරීරගත වීම නිසා පියවර කීපයක් යාමට පෙර තෝර් මරණයට පත්වෙනවා. සක්‍ර දෙවියන්ගේ වෘතාසුර ජයග්‍රහණය ඒ රටවලත් මිනිසුන්ට දැනගැනීමට දෙවියන් සලස්වා තිබෙනවා.



                                      වජ්‍රායුධය හා රාවණා අතර කිසිම සම්බන්ධයක් නැත!!!


රාවන වජ්‍රායුධය
රාවණ 

මෑත කාලීනව රාවණ ඉතිහාසය මතුකරනවා යයි තමන්ව හදුන්වාගන්නා පිරිසේ  පුද්ගලයන් විසින් වජ්‍රය සම්බන්ධ ව්‍යාජ මත රාශියක් සමාජගත කර තිබෙනවා. වජ්‍රායුධය රාවණ රජුගේ ආයුධයක් හෝ සංකේතයක් නෙවෙයි. වජ්‍රායුධය රාවණට කිසිම සම්බන්ධයක් ඇත්තේ නෑ. වජ්‍රයේ තිබෙන ගුප්ත බව නිසා එය රාවණාගේ විය යුතු යයි තමන්ම හිතාගෙන තමන්ම කියනවා මිසක් රාවණ ඉතිහාසය ගැන සත්‍ය දැනුමක් තියෙන කිසි කෙනෙක් වජ්‍රායුධය රාවණට සම්බන්ධ කරන්නේ නෑ. රාවණ රජුට අධික බලයක් සහිත ආයුධ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවායින් ප්‍රධානම වෙන්නේ ශිව තාණ්ඩව නිර්මාණය නිසා ශිව දෙවියන්ගෙන් ලැබුණු චන්ද්‍රහාස් අසිපත( Click here ) ඇතුළු කඩු දහය. මිට අමතරව රාවණ රජු පළදින විවිද පළඳනා වලත් අධික ශක්තියක් තිබෙනවා. ඒවායින් ප්‍රධානම වෙන්නේ රාවණ රජුගේ ඔටුන්න. මේවා හැර වජ්‍රායුධය රාවණාට කිසිම සම්බන්ධයක් ඇත්තේ නෑ.

රාවණාගේ වජ්‍රායුධය
යගු කෞරාණ මන්ඨක රාවණ පිළිමය
රාවනාගේ වජ්‍රායුධය
රාවනා


මහා රාවණ වජ්‍රය
රාවණ පිළිම

*** රාවණ රජු නිරුපණය කරන කිසිම ලාංකිය හෝ විදේශීය පිළිමයක හෝ චිත්‍රයක වජ්‍රයක් කිසිදා නිරුපණය කර නෑ.


වජ්‍රායුධය රාවණාගේ නිර්මාණයක් නොවේ!!!
වජ්‍රායුධය පිළිබඳව මිත්‍යා පතුරවන සමහරුන් වජ්‍රායුධය රාවණගේ නිර්මාණයක් බවත් සක්‍ර දෙවියන් එය අනුකරණය කරමින් වජ්‍ර භාවිත කල බවත් සහමුලින්ම බොරු මත පතුරවනවා. අන්ධ භක්තියේ හා මෝඩකමේ උපරිමත්වයට මිට වඩා මේ ලෝකයේ උදාහරණයක් නැතුව ඇති.
සක්‍ර දෙවියන් පිළිබද ලිපියේදී මිට පෙර උදාහරණ සහිතව පෙන්වා දුන්නා සක්‍ර දෙවියන් විවිද අවතාර වලින් ලෝකයේ විවිද රටවල් වල මිනිසුන් ඇදහීම කරනවා. ඒ සියලු අවතාර වලදී වජ්‍රායුධය දකින්න ලැබෙනවා. රාවණා සම්බන්ධ කිසිම ඉතිහාස සාක්ෂියක වජ්‍රයක් අහලකින්වත් ගෑවී නෑ. සක්‍ර දෙවියන් වජ්‍රය දරා සිටින නිසාම සක්‍ර දෙවියන්ව " වජ්‍රහීත්" "වජිරන්" "වජ්‍රබාහු" කියන නම් වලින් විවිද ඓතිහාසික ලේඛන වලදී, වීර කාව්‍යයන් වලදී හදුන්වලා තියෙනවා.

සක්‍ර දෙවියන් පිළිබද ලිපියේදී( Click here ) මම සදහන් කළා සක්‍ර දෙවියන් මිනිස් ලොවේ විවිද ප්‍රදේශ වලට විවිද අවතාර වලින් පැමිණෙනවා. ඒ විදියට ඉතිහාසයේ විවිද කාල වලදී ලෝකයේ විවිද ප්‍රදේශ වලට සක්‍ර දෙවියන් පැමිණි සියලු අවතාර වලදී සක්‍ර දෙවියන් වජ්‍රායුධය දරාගෙන සිටිනවා. බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ සිට අද දක්වා සක්‍ර දෙවියන් නිරුපණය කරන සියලු චිත්‍ර, මුර්ති හා පිළිම වලදී දෙව්ලොවට අධිපති දෙවියන් සතුව වජ්‍රායුධයක් සහිතව ඒ සියල්ල නිරුපණය කරනවා.

* ආදී කල්පික සුමේරියානු ශිෂ්ටාචාරයේ ඇදහු "අනු" දෙවියන්
* උතුරු මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ ඇදහු "ටෙශුබ්" දෙවියන් 
* හින්දු ආගමේ "ඉන්ද්‍ර"
* ග්‍රීක දේව මණ්ඩලයේ "සියුස්"
* ආදී කල්පික ඉතාලි ශිෂ්ටාචාරයේ ඇදහු "ටිනියා" දෙවියන්
* ආදී රෝමානු ආගමේ "ජුපිටර්" දෙවියන්
* උතුරු ජර්මානු දේව මණ්ඩලයේ "තෝර්"
* වජ්‍රයාන බුදුදහමේ වජ්‍රපානි හා වජ්‍රසත්ත්ව
* ෆින්ලන්ත දේව මණ්ඩලයේ "උක්කෝ" දෙවියන්
* ඉන්දු යුරෝපියානු දේව මණ්ඩලයේ "පෙරුන්" දෙවියන්
* ලාංකීය මන්ත්‍ර වල සදහන් "හෙනරාජ දෙවියන්"
* චතුර් වේද මන්ත්‍ර වල "ඉන්ද්‍ර දෙවියන්"
* ගුරුකම් සදහා භාවිත කරන මලයාලම් ආදී මන්ත්‍ර හා යන්ත්‍ර වල ඉන්ද්‍ර/ සක්‍ර දෙවියන් 


යන සක්‍ර දෙවියන්ගේ සියලු අවතාර වලට අදාළ චිත්‍ර හා පිළිම වල, යන්ත්‍ර මන්ත්‍ර වල සක්‍ර දෙවියන් වජ්‍රායුධය අතින් දරා සිටින බවක් නිරුපනය කරනවා. ඒ දෙවි වරුන්ට අදාළ පුරාවෘත සියල්ලේම ඒ දෙවියන් දෙව්ලොව නායකයා බවත් අකුණ හා වැසි ඇතිකරන දෙවියන් බවත්, අකුණු ඇති කල හැකි වජ්‍රායුධය එතුමන්ගේ ආයුධය බවත් සදහන් වෙනවා.


වජ්‍ර
මෙසපොතේමියානු ටෙශුබ් දෙවියන් වජ්‍රය දරා සිටින මුර්ති

වජ්‍ර
මෙසපොතේමියානු ටෙශුබ් දෙවියන් වජ්‍රය දරා සිටින මුර්ති

මෙසපොතේමියානු ටෙශුබ් දෙවියන් වජ්‍රය දරා සිටින මුර්ති 


වජ්‍රය වජ්‍රායුධය
ආදී කල්පික සුමේරියානු දෙවියන් වජ්‍ර දරන මුර්ති 

සියුස් වජ්‍රය
සියුස් 


හීබෘ යුදෙව් ආගම් වල අකුනට අධිපති බාල් දෙවියන්ගේ වජ්‍රය රහිත පිලිමයක්  



තෝර් දෙවියන් අකුණු ඇතිකළ හැකි මියෝල්නෙයර් මිටියෙන් සර්ප වේශ අමනුෂ්‍යයෙකු මරණයට පත් කිරීම 



සුරාසුර යුද්ධය
සුරාසුර යුද්ධය 

රාවන රජු වජ්‍රය
සුමේරියානු අනු දෙවියන් වජ්‍රය දරා සිටින මුර්ති 

වජ්‍රය දරා සිටින සියුස් හා ත්රිශුලය දරා සිටින පොසයිඩන්

රාවණ රජු වජ්‍රය
වජ්‍රපානි 


zeus

ඉන්ද්‍ර 

සක්‍ර ඉන්ද්‍ර
ඉන්ද්‍ර සිතුවම් 

වජ්‍රායුධය දරා සිටින ඉන්ද්‍ර දෙවියන්

වජ්‍රායුධය දරා සිටින ඉන්ද්‍ර දෙවියන්  


thunderbolt දරා සිටින ජුපිටර්
thunderbolt දරා සිටින ජුපිටර් 


thunderbolt දරා සිටින සියුස්
thunderbolt දරා සිටින සියුස් 

සියුස් zeus
සියුස් 

සුමේරියානු මුර්ති 

thor තෝර්
තෝර්

වජ්‍රය
වජ්‍රය සහිත ග්‍රීක කාසි 

ඉන්ද්‍ර සිතුවම්


thunderbolt දරා සිටින සියුස් රුව සහිත භාණ්ඩ  


වජ්‍රපානි  
මහා රාවණ වජ්‍ර
වජ්‍රසත්ත්ව පිළිම හා මුර්ති 



ඉන්ද්‍ර

සියුස්
සක්‍ර මන්ත්‍ර

හෙනරාජ මන්ත්‍ර පිටදීමට හැකියාවක් නැති නිසා ලංකාවේ ප්‍රසිද්ද සක්‍ර දේව කන්නලව්වක් මුද්‍රිත පොතකින්ම උපුටාගෙන ඉහතින් දක්වා තිබෙනවා. මේ වගේම වේද ග්‍රන්ථ වල තිබෙන ඉන්ද්‍ර ගයාත්‍රි මන්තර හා වෙනත් ඉන්ද්‍ර මන්ත්‍ර රාශියක සක්‍ර දේවේන්ද්‍රයන් වජ්‍රායුධය දැරූ බවත් වජ්‍රයුධය මුලින්ම නිපදවීමට හේතු උනේ ව්‍රිත අසුරයාගේ ආක්‍රමණය බවත් සදහන් වෙනවා.

සක්‍ර මන්තර
ඕම් සහශ්‍ර නේත්‍රාය විද්මහේ
වජ්‍ර හස්තාය ධිමහි
තන්නෝ ඉන්ද්‍ර ප්‍රශෝදයාර්ත් 


* රාමායනයේ දෙවන කාණ්ඩයේ 71 වන සර්ගයේ කවන්ධගේ ශාප පාපොච්චාරණය කොටසේදීත් " එහිදී ඉන්ද්‍රයන් ස්වකිය වජ්‍රායුධයෙන් මට ගැසූ කල මගේ හිස උදරයෙහි පිහිටියේය" යනුවෙන් සදහන් වෙනවා. රාවන රජු පිලිබදව තොරතුරු සදහන් ප්‍රධානම මුලාශ්‍රය වන රාමානයනේ කොතැනකවත් රාවන රජු සතුව වජ්‍රයක් තිබුන බවක් සදහන් වෙන්නේ නෑ. එත් ඉන්ද්‍ර දෙවියන් සතුව වජ්‍රය තිබුන බව එහි සදහන් වෙනවා.

* කාශ්‍යප බුදුන් රාවණා රජුට දේශනා කල ලංකාවතාර සුත්‍රය පවා අන්තර්ගත මහායාන වජ්‍රයාන ග්‍රන්ථ වලවත් රාවණා හා වජ්‍ර අතර කිසිදු සම්බන්ධයක් දක්වන්නේ නෑ.  ඒවා තුලත් සක්‍ර දෙවියන් වජ්‍රායුධය භාවිත කල බව දැක්වෙනවා.
උඩ්ඩිශ තන්ත්‍රය
උඩ්ඩිශ තන්ත්‍රය

* රාවණ රජු විසින් රචිත උඩ්ඩිෂ තන්ත්‍රය තුළදීත් වජ්රායුධය සක්‍රයාගේ බව දක්වා තිබෙනවා. රාවණ රජු විසින් රචිත ග්‍රන්ථයක් තුළවත් වජ්‍රය කිසිදු ආකාරයකින් රාවණට සම්බන්ධ කර නෑ.


ලෝකය පුරා මේ විදියට වජ්‍රායුධයේ හිමිකරුවා සක්‍ර දෙවියන් බවට ඕනෑතරම් සාධක තිබුනත් ඉතිහාසයේ කිසිදා හෝ දිනක රාවණා වජ්‍රයක් භාවිතා කල බවක් හෝ රාවණා සතුව වජ්‍රයක් තිබුණු බවට කිසිම  සාධකයක් නෑ. මුර්තියක් හෝ පිළිමයක් හෝ චිත්‍රයක් හෝ පුරාවෘතයක හෝ පුස්කොල පොතක හෝ මන්ත්‍රයක කිසිම තැනක රාවණා හා වජ්‍රායුධය අතර සම්බන්ධයක් ඇති බවට එක සාධකයක් හෝ ඇත්තේ නෑ. රාවණ-වජ්‍ර මිථ්‍යාව සම්පුර්ණයෙන්ම මෑතකාලීන රාවණා විකුණා කන බොරුකාරයන් විසින් නිර්මාණය කල ප්‍රභන්ධයක් විතරයි.

සක්‍ර දෙවියන්ගේ වජ්‍රායුධයට සමාන වජ්‍රයක් රාවණා සතුව තිබෙනවා යයි තවත් ව්‍යාජ මතයක් පවතිනවා.  හිතෙන හිතෙන ඕනෑම කෙනෙකුට පැන්සල් පෑන් හදනවා වගේ වජ්‍රායුධ හදන්න හැකියාවක් නෑ. වජ්රායුධ නිර්මාණය කිරීමට හැකියාව හා දැනුම තියෙන එකම පුද්ගලයා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා පමණයි. විශ්ව කර්ම දෙවියන්ට අවශ්‍ය උනත් දෙවෙනි වජ්‍රායුධයක් නිපදවන්න හැකියාවක් නෑ. 

රාවණ පුත්‍ර ඉන්ද්‍රජිත් සක්‍ර දෙවියන් යුද්ධයකින් පරාද කළ නිසා ඉන්ද්‍රජිත් විසින් වජ්‍රායුධය භාවිත කල බවට  සමහරු ව්‍යාජ මත ඉදිරිපත් කරනවා.  ඉහලින් විස්තර කල ආකාරයට දිව්‍ය ආයුධයක් නිපදවීමේදී ඒ  ආයුධයට ඇතුල් කරන ශක්තියට අනුරූප ශක්තියක්  ආයුධය දරන දෙවියන්ටත් ප්‍රධානය කරනවා. ඒ ශක්තිය නොමැතිව ආයුධය පමණක් තිබීමෙන් ආයුධය පාලනය කරන්න හැකිවෙන්නේ නෑ. මිනිස් ලෝකයේ ආයුධ ක්‍රියා කරන ආකාරයට දිව්‍ය ආයුධ ක්‍රියා කරන්නේ නෑ.  සක්‍ර දෙවියන් හැර කිසිවෙකුට වජ්‍රායුධය 


රාවණා අදහන පිරිසක් බිහිකිරීම, රටේ ඉතිහාසය හොයන, රටේ පැවතුනු තාක්ෂණයට ගරු කරන පිරිසක් බිහිකිරීම, රැල්ලක් බිහිකිරීම හොද වැඩක්. හැබැයි ඒවා මෙහෙයවන්නේ හිස් ව්‍යාජ බොරුකාරයන් උනාම සිදුවෙන්නේ ඒවායෙන් බිහිවන පිරිස මෝඩ අන්ධ භක්තියකයන් වෙන එක විතරයි.


මහා රාවණා වජ්‍රය
රාවණා විකුණා කෑම

  මේ වගේ රාවණ රජු සමග වජ්‍ර දැක්වීමෙන් බලාපොරොත්තු වෙන්නේ Marketing කිරීම. වජ්‍රය දැකලා කුතුහලයට මේක මොකක්ද කියල බලන්න එන මිනිස්සුන්ව තමන්ගේ වැඩසටහන බලන්න අහන්න රැස් කරගැනීම. මේ ක්‍රියා බාල marketing tricks. අඩුමගානේ රාවණා ගැන ගෞරවයක් තිබ්බා නම් මේ වගේ බාල වර්ගයේ ප්‍රචාරණ වැඩ කරලා රාවණාව පහත් කරන්නේ නෑ. රාවණාට සම්බන්ධ ඕනෑතරම් බලගතු දේවල් තියෙද්දී රාවණාට කිසිම සම්බන්ධයක් නැති දෙයක් මගින් රාවණ තොරතුරු ප්‍රචාරය කරන්නෙම රාවණා විකුණා කෑමේ අවශ්‍යතාව නිසා. මේ වගේ දේවල් වලින් වක්‍රාකාරව අදහසක් පිළිඹිබු කරනවා වජ්‍රය හා රාවණා අතර සම්බන්ධයක් තියෙනවා කියලා. දෙවියන්, දේව ආයුධ හා රාවණා සමබන්ධව මේ වගේ ව්‍යාජ සංකල්ප වක්‍රාකාරව සමාජගත කිරීමෙන් වෙන්නේ මේවා නිර්මාණය කල අයත් මෙහෙයවපු අයත් දේව-යක්ෂ-අසුර ශාපයට ලක්වීම.

වජ්‍ර රාවණාට සම්බන්ධ කරලා මත පතුරවන එක් පුද්ගලයෙක් තමන්ගේ වැඩසටහනකදී කියනවා අහන්න ලැබුනා පිටරටවල් වලින් ගෙන්වන වජ්‍ර භාවිතා කරන්නෙපා ඒවායින් කිසි ප්‍රයෝජනයක් නෑ කියල. හැබැයි  ඒ පුද්ගලයාගේ Facebook account එකට හා Tv programmes ගිහින් බැලුවාම ඔහු අතේ තියාගෙන ඉන්නෙත් ටිබෙට් වජ්‍රයක්. මේ වගේ දේවල් පවා අන්ධ භක්තියෙන් වන්දනා කර පිළිගන්න මිනිසුන් මේ රටේ පිරිලා ඉන්නවා. ඔහු මුලින් පහත රුපයේ වගේ වජ්‍රයක් භාවිතා කරලා

වජ්‍රය
වජ්‍රය

පසුකාලීනව මේ වගේ වජ්‍රයක් භාවිත කරනවා.
වජ්ර
වජ්රය

ඒ දෙකම පිටරටින් ගෙන්වපු වජ්‍ර. මේ නිසා මිට පස්සේ රාවණ ඉතිහාසය හෙළි කරනවා යයි කියමින් මුදල් ගරන පුද්ගලයන් විශ්වාස කරනකොට ඕනවට වඩා විශ්වාස නොකර ඉදීම තමයි ඥානවන්ත වෙන්නේ. 



රාවණ පිළිම මත වජ්‍ර තියන්න එපා!
වජ්‍ර ලබාගන්න බොහෝ දෙනෙක් ඒවා රාවණ පිළිම හෝ පින්තුර ලග තියල තියනවා. මේක කිසිම තේරුමක් නැති වැඩක්. කොස් ගහකින් අඹ බලාපොරොත්තු වෙනවා වගේ කිසිම පදනමක් නැති අන්ධ භක්තික වැඩක්. වජ්‍රය කියන්නේ සක්‍ර දෙවියන්ගේ සංකේතය. වජ්‍රයක බල පිහිටන්නේ සක්‍ර දේව ආකර්ශනයෙන් විතරයි. භක්තියෙන් පුද පුජා කිරීමෙනුත් ආකර්ෂණය ඇතිවෙනවා, මන්ත්‍රයෙන් ජීවම් කිරීමෙනුත් ආකර්ෂණය ඇතිවෙනවා. ඒ ක්‍රම දෙක හැර වජ්‍රයක බලයක් ඇතිවීම වෙනත් කිසිම විදියකින් වෙන්නේ නෑ. වජ්‍ර තියනවනම් තියන්න ඕනි සක්‍ර දේව පිළිමයක් හෝ රුපයක් ලග විතරයි. එහෙමත් නැත්තම් බුදු පිළිමයක් ලග.
වජ්‍ර පුදන්න ඕනි සක්‍ර දෙවියන්ටයි. රාවණයන් හටවත් මහා බ්‍රහ්ම ශිව විෂ්ණු හෝ වෙනත් කිසිම දෙවි කෙනෙකුටවත් වජ්‍ර පිදීමෙන් පලක් වෙන්නේ නෑ.
ඉංජිනේරුවෙක් ලගට ගිහින් ලෙඩකට බෙහෙත් ඉල්ලලා වැඩක් වෙන්නේ නෑ. බෙහෙත් ගන්න නම් යන්න ඕනි දොස්තර කෙනෙක් ලගට.  ඒ  වගේ වජ්‍රයක බල ඇතිවෙන්න නම් වජ්‍රය පුජා කරන්න ඕනි සක්‍ර දෙවියන්ට. සක්‍ර දෙවියන්ගේ සංකේතය රාවණට හෝ වෙනත් දෙවි කෙනෙකුට පුජා කිරීමෙන් වෙන්නේ  ඒකට ලැබෙන්න තියෙන බලයත් නැතිවී වස් වැදීම විතරයි.  වජ්‍ර භාවිතා කරන සමහරුන් රාවණ-වජ්‍ර මිථ්‍යාව පිලි අරන් ඉන්න නිසා තමන්ගේ හිතින් සක්‍ර දෙවියන් පහත් කරලා රාවණා හට වජ්‍ර පුජා කරනවා. එහෙම කිරීමෙන් වෙන්නේ වජ්‍රය තුලින්ම තමන්ගේ විනාශය උදා කරගැනීම විතරයි.  ඉහල කෙනෙකුට අයිති දෙයක් ඉහල කෙනාට ගරහලා පහළ කෙනෙකුට පුජා කිරීම ඉහල කෙනාට කරන අපහාසයක් විතරයි.  සාමාන්‍ය දෙවි කෙනෙක් සක්‍ර දේවත්වයට පත්වෙන්නේ නෑ. බොහෝවිට බුද්ධ හෝ පසේබුද්ධ තත්ත්ව වලට පත් වෙන බෝධිසත්වයන් වහන්සේ නමක් සක්‍ර දේව තනතුරට පත්වෙන්නේ. ඒ වගේ විශ්වයෙන්ම උතුම් ගුණ දරන උතුමෙකුට අයිති වස්තුවක් රාවණා හෝ වෙනත් කිසිම දෙවි කෙනෙකුට භාරගන්න කැප නෑ.

හේතු දැනගෙන විමසා බල කරුණු පිළිගන්නා ආකාරවතී ශ්‍රද්ධාව හා අහේතුකව විමසා නොබලා රැල්ලට  පිළිගන්නා  අමුලිකා සද්ධා කියල බුදුරජානන් වහන්සේ ශ්‍රද්ධාව වර්ග දෙකක් දක්වල තියෙනවා. තමන් රාවණා ඇදහු පලියට ලෝකේ තියෙන සියලුම හොද දේවල් රාවණාට අයිතියි කියල මත පල කිරීම හා එවැනි මත පිළිගැනීම මෝඩ අන්ධ භක්තියක්, අමුලිකා සද්ධාවක් විතරයි.


බුදුරුවාගල වජ්‍රය පිළිබඳ බොරු පැතිරවීම 


බුදුරුවගල වජ්‍රය
බුදුරුවගල

බුදුරුවාගල වජ්‍රය
බුදුරුවාගල වජ්‍රය

බුදුරුවාගල රාවණ
බුදුරුවගල වජ්‍රය

බුදුරුවගල
බුදුරුවගල

සක්දෙවිදුන්ගේ වජ්‍රය රාවණාට පටවන්න උත්සහ කරන පුද්ගලයෙක් තමන්ගේ බොරුව සනාථ කරන්න පෙන්වන එක් සාධකයක් විදියට බුදුරුවගල තිබෙන පිළිම තුන පෙන්වනවා. මේ පිළිබද ගොතන ලද බොරුව විස්තර කරන්නේ මේ මුර්තියේ මැදින් සිටින්නේ රාවණා, දකුණින් වජ්‍රය අත දරා සිටින්නේ පුලස්ති ඍෂි, වමින් සිටින්නේ ඉන්ද්‍රජිත් කියලයි.
ඔහුගේ අනිත් බොරු ප්‍රකාශ වගේම මෙයත් මේවා පිළිබද තොරතුරු නොදන්න, විචාරශීලි නොවන මිනිසුන් රවටන්න ගොතපු බොරුවක්. මේ පිළිබද සත්‍ය ඉතිහාසය සොයා බැලුවාම මේ ගැන ඇත්ත දැනගන්න පුළුවන්.

බුදුරුවගල කියන්නේ මහායාන සම්ප්‍රදායට අයිති පන්සලක්. ලංකාවේ අතීතයේ ඉදන්ම විවිද රජවරු කාලෙන් කාලෙට ථේරවාදය අතහැර මහායාන බුදුදහමට බර වුනු අවස්ථා ඕනෑතරම් තියෙනවා. ඒ කාල වලදී රාජ්‍ය අනුග්‍රහය ඇතුව මහායාන ධර්මය සමාජගත වුනා වගේම මහායාන සාම්ප්‍රදා වලට අයත් චිත්‍ර කලාවන් මුර්ති හා පිළිම කලාවන් හා ගෘහ නිර්මාණ ශිල්ප වර්ධනය වුනා. මේවා පිළිබද මහාවංශය හා රාජාවලිය ඇතුළු ලිඛිත ඉතිහාස සාක්ෂි තිබෙනවා වගේම ඒවා සනාථ වන පුරාවිද්‍යා අභිලේඛන හා වෙනත් භෞතික සාධක තිබෙනවා. සිගිරි කාශ්‍යප රජ සමය, දෙවැනි මුගලන් සමය ඒ වගේ මහායානය ලංකාවේ ව්‍යාප්ත උන කාලසීමාවන් දෙකක්.
බුදුරුවගල නිර්මාණය වුනෙත් ඒ වගේ මහායානය ව්‍යාප්ත වන කාල සීමාවකදී. බුදුරුවගල තිබෙන පිළිම වල වෙනත් මහායාන පිළිම වල දක්නට ලැබෙන මහායාන සම්ප්‍රදායේ ලක්ෂණ ඉතා පැහැදිලිව සමානව දකින්න තියෙනවා. බුදුරුවගල අයත් රුහුණු ප්‍රදේශය තුල ඉතාම හොදින් මහායාන දර්ශනය ව්‍යාප්ත වුනා. ඒ බව මහාවංශය තුල සදහන් වෙනවා වගේම බුදුරුවගල ආසන්නවත් රුහුණ පුරාත් මහායාන සම්ප්‍රදායට අයත් නිර්මාණ රාශියක් අදටත් ඉතිරිව තියෙනවා.

බුදුරුවගල පුලස්ති හා රාවණා ලෙස නම් කරන මුර්තිය බෝධිසත්ත්ව වරු නිරුපණය කරන මුර්තියක්. එම බොරුව සමාජගත කරන පුද්ගලයා තමන්ගේ බොරුව සුරක්ෂිත කිරීම සදහා බුදුරුවගල ගැන කියද්දී සදහන් කරන්නේ මේ රූප තුන ගැන පමණයි. ඒත් බුදුරුවගල මේ වගේම තවත් බෝධිසත්ත්ව රූප නෙලා තිබෙනවා.
බුදුරුවගල තිබෙන ප්‍රධාන විශාල බුදුරුව 8-9 සියවස් වලට අයිති බව කාල නිර්ණ ක්‍රම වලින් තහවුරු කරගෙන තිබෙනවා. අනුරාධපුර යුගයේ අග භාගයෙදී නිර්මාණය වූ බව සලකනවා. ඒ නිසා කිසිසේත්ම මේවා රාවණ යුගයකට තරම් පැරණි කාලයකට අයත් වෙන්නේ නෑ.
පර්වතයේ මැදින් තිබෙන අඩි 120 ක් උස බුදු පිළිමය බුද්ධ වංශ ටීකාවේ රියන් අටක් උස බව සදහන් වෙනවා. එහි දකුණු හස්තයෙන් අභය මුද්‍රාව දක්වා තිබෙනවා වම් අත උරහිස මත තිබෙනවා. එහි උස හා ලක්ෂණ අණුව මේ පිළිමය දීපංකර බුදුන් නිරුපණය කරනවා.

දීපංකර බුදුරුවට වමින් හා දකුණින් මුර්ති තුන බැගින් හයක් තියෙනවා. වම් පසින් තිබෙන මුර්ති පිලිවෙලින් සුදනකුමාර, අවලෝතිකෙශ්වර හා තාරාදේවිය නිරුපණය කරමින් නෙලා තියෙන්නේ.
අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව පිළිමය මීටර් 7ක් උසයි. එම පිළිමයේ හිස කොටසේ අමිතාභ බුදුන්ගේ රුව සටහන් වෙනවා. අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ වර්ණය වන සුදු වර්ණය ඉස්මතු කිරීමට හුණු බදාම යොදලා තිබෙනවා.

ඊට දකුණින් තාරාදේවිය නෙලා තිබෙනවා. මහායානය තුල ඉගැන්වෙන ආකාරයට අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ බිරිද තාරා දේවියයි. දකුණු අතින් කටක මුද්‍රාව සහිතවත් වම් අතින් අඩක් පිපුණු නෙළුමක් සහිතවත් පිළිමය නිර්මාණය කර තිබෙනවා.

මහායාන සම්ප්‍රදායට අණුව බුදු රුවක් සමීපයෙන් අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව පිළිමයක් නිර්මාණය කරනවා නම් එයට විරුද්ධ පසින් මෛත්‍රී බෝධිසත්ත්වයින්ගේ පිළිමයක් අනිවාර්යෙන් නිර්මාණය කල යුතුයි. මෙම රීතිය මහායානය තුල ලිඛිතව සදහන් වෙනවා වගේම ලොව පුරා මේ රීතියට අණුව නිර්මාණ විශාල ප්‍රමාණයක් ඉදිකර තිබෙනවා. ඒ අනුවත් මෛත්‍රී බෝධිසත්ත්ව පිළිමයේ ලක්ෂණ අනුවත් ඉතාම පැහැදිලිව දීපංකර බුදු පිළිමයට දකුණින් තිබෙන්නේ මෛත්‍රී බෝධිසත්ත්වයන් මිස රාවණ නොව බව කිසිදු සැකයක් නැතිව තහවුරු වෙනවා.

බුදු රුවට දකුණින් තියෙන්නේ මන්ජුශ්‍රි , මෛත්‍රී හා වජ්‍රපානි බෝධිසත්ත්ව වරුන්ගේ රුව නෙලන ලද මුර්ති මිස ඉන්ද්‍රජිත් රාවණ හා පුලස්තිගේ පිළිම නෙවෙයි. ලංකාව පුරාත් ලෝකය පුරාත් මන්ජුශ්‍රි , මෛත්‍රී හා වජ්‍රපානි බෝධිසත්ත්ව වරුන් නිරුපණය කිරීමට යොදන ලක්ෂණ ඉතා පැහැදිලිව මේ මුර්ති තුනේ දකින්න ලැබෙනවා. මැදින් තිබෙන මෛත්‍රී බෝධිසත්ත්වයන්ගේ ප්‍රධාන පිළිමය උස මීටර් 7.3 ක් උසයි. මෙම පිළිම තුන මත අඹා තිබුණු හුණු බදාම ගැලවී ගිහින් ඉතිරි වී තිබෙන්නේ ගලින් නෙලූ පිළිම විතරයි.

වජ්‍රය දරා සිටින වජ්‍රපානි බෝධිසත්ව චිත්‍ර හා පිළිම ලෝකය පුරාත් ලංකාව පුරාත් ඕනෑතරම් තිබෙනවා. ලෝකයේ පළමු වරට වජ්‍රය මේ ආකාරයට සංකේතාත්මකව යොදාගෙන තිබෙන්නේත් සක්‍ර දෙවියන්ගේ අවතාරයක් වන බුදු දහම සුරකින වජ්‍ර පානි නිරුපණය කිරිමටමයි. ඒ තුලින්ම මෙය කිසිසේත්ම පුලස්ති ඍෂි නිරුපණය නොකරන බව තහවුරු වෙනවා.

පුලස්ති ඍෂි හා රාවණා මුර්ති ඇදීමක් සිදුකලා නම් කිසිවිටෙකත් මේ ආකාරයට රාවණාට වඩා උස අඩුව පහලින් පුලස්ති ඍෂි නිරුපණය කරන්නේ නෑ. රාවණාගේ ගුරු වන රාවණා නිර්මාණය කල පුලස්ති ඍෂිව කිසිසේත්ම රාවණාට වඩා පහල උසකින් නිරුපණය කරන්නේ නෑ. ඒ වගේම මෙහි සිටින්නේ රාවණා ඉන්ද්‍රජිත් හා පුලස්ති ඍෂි නම් මැදින් සිටිය යුත්තේ පුලස්ති ඍෂි මිසක් රාවණා නෙවෙයි.

මේ කිසිම මුර්තියක රාජ ආභරණ හෝ සාමාන්‍ය ආභරණයක් දැක්වෙන්නේ නෑ. බෝධිසත්ත්ව වරුන් නිරුපණය කරන ආකාරයට ආභරණ රහිතවයි සියලු පිළිම නිර්මාණය කර තිබෙන්නේ. බුදුරුවගල පිලිබදව ව්‍යාජ මත සමාජගත කරන පුද්ගලයා පරාක්‍රම සමුද්‍රය අසල තිබෙන පරාක්‍රමබාහු රජුගේ පිළිමය රජ කෙනෙකුගේ පිළිමයක් නොව පුලස්ති රිශිගේ පිළිමයක් යයි ඔප්පු කිරීමට ඉදිරිපත් කරන ප්‍රධානම සාධකය වෙන්නේ ඒ පිළිමය තුල රාජ වස්ත්‍ර හා ආභරණ නිරුපණය කර නොතිබීම. ඒ අනුව ඔහුගේ තර්කයම අනුව බුදුරුවගල තිබෙන්නේ රජ වරයෙකුගේ මුර්තියක් වෙන්න කිසිම ඉඩක් නෑ.

මේ වගේ මිනිසුන් මුලා කර සමාජයේ වීරත්වයක් ලබාගන්න උත්සහ කරන මිනිසුන් සියල්ලටම පොදු ලක්ෂණ තමයි මොවුන් දෙසාබාන බොරු වලට වටිනාකමක් දීමට ඒවා දැනගත්තේ ධ්‍යාන බලයකින් යයි ප්‍රකාශ කිරීම. ඒත් එක්කම ඉතිහාසයට හා ධර්මයට පහර ගහල ඒවා ප්‍රතික්ෂේප කරනවා. මොවුන් කියන බොරු වලට ඔප්පු කල හැකි කිසිම සාධකයක් නෑ. ඔප්පු කල හැකි සාධක විශාල ප්‍රමාණයක් තියෙන ඉතිහාසය ගවේෂණය කලාම මොවුන්ගේ බොරු එහෙම පිටින්ම එලි වෙනවා. ඒ නිසා තමන් වටේට එකතු වන පිරිස ඇත්ත දැනගැනීම සෙවීම වැලක්වීමට තමන් වටේට එකතු වෙන පිරිසගේ මොළ ශෝධනය කිරීම කරනවා.
"තමන්ට ධ්‍යාන තිබෙනවා කීම"
"මෙතෙක් කල් පැවති ඉතිහාසය බොරුවක් කීම"
ඒ විදියට තමන්ව විශ්වාස කරන අයගේ මොළ ශෝධනය කිරීමට කරන උපක්‍රම වලින් කිහිපයක්. ඒවා කිරීමෙන් වහල්ලු නිර්මාණය කර තමන් කියන ඕනෑම බොරුවක් විචාරය නොකර පිළිගන්න අන්ධ භක්තිකයන් බිහි කිරීමයි කරන්නේ.

වජ්‍රයාන බුදුදහමේ වජ්‍රසත්ත්ව යනු සක්‍ර දෙවියන්මයි
වජ්‍රසත්ත්ව බෝධිසත්ත්වයන්
වජ්‍රසත්ත්ව බෝධිසත්ත්වයන් 

ලංකාව තුල වජ්‍ර ප්‍රචලිත වීම මෑතකාලීනව සිදුවුනත් චීනය ටිබෙටය ආදී රටවල ඉතා පැරණි කාලයේ පටන් වජ්‍ර නිර්මාණ කරනවා. වජ්‍රායුධයේ සංකේතය වන වජ්‍ර මුලින්ම භාවිතා කරන්න පටන් ගත්තේ වජ්‍රයාන බුදුදහමේ ආභාෂය තුලින්. වජ්‍රසත්ව බෝධිසත්වයන්ට අයිති ආයුධය විදියටයි වජ්‍රායුධය සලකන්නේ. වජ්‍රසත්ත්ව බෝධිසත්වයන් විදියට ඔවුන් විසින් අදහන්නෙත් සක්‍ර දෙවියන්වමයි. ටිබෙට් බුරුම චීන ආදී රටවල සිටින මහායානික හා වජ්‍රයානික සමාජය ඕනෑම දෙයකට බෝධිසත්ත්ව සංකල්ප ගලපලා ඇතුල් කරලා තමන්ගේම සම්ප්‍රදායක් හදාගන්න පිරිසක්. බුදුරජානන් වහන්සේට හා බුදුදහමට උපකාර කරන සක්‍ර දෙවියන් වන්දනාව හා බෝධිසත්ත්ව සංකල්ප ගැලපීමෙන් තමයි මේ වජ්‍රසත්ත්ව බෝධිසත්ත්ව සංකල්පය ඇතිවෙලා තියෙන්නේ. 

වජ්‍රය හා සීනුව
වජ්‍රය හා සීනුව 

වජ්‍රයාන සම්ප්‍රදාය තුලදී  ලාමා වරුන් වජ්‍රය සමග සීනුවක් භාවිතා කරලා විවිද චාරිත්‍ර සිදුකරනවා. වජ්‍රය විශ්වයේ පුරුෂ ස්වභාවයත් සීනුව ස්ත්‍රී ස්වභාවයත් නිරුපණය කරන බව ඔවුන්ගේ ඉගැන්වීම් වල සදහන් වෙනවා. තාන්ත්‍රික බුදුදහමේදී වජ්‍රය විශ්වයේ ශුන්‍යත්වයත් අපරිමිත බවත් නිරුපනය වෙන බව ඉගැන්වෙනවා. වජ්‍රසත්ත්ව, වජ්‍රපානි හා පද්මසම්භව කියන බෝධිසත්ත්ව වරුන් නිරුපනය කරන ප්‍රතිමා හා චිත්‍ර වලදී වජ්‍රයක් දරාගෙන සිටින බවක් දක්වනවා. වජ්‍රය මගින් සීනුව නාද කරලා ඇතිවන ශබ්දය පිලිබදව භාවනා කිරීම වජ්‍රයානිකයන් සිදු කරනවා. ඒ වගේම ලාමා වරුන්ගේ මන්ත්‍ර ජප කිරීමේදීත් වජ්‍රය මගින් සීනුව නාද කිරීම සිදු කරනවා. මේවා සියල්ල පසුකාලීනව ඔවුන් නිර්මාණය කරපු සංකල්ප මිසක් සත්‍ය මුලික සංකල්ප නෙවෙයි.


* වජ්‍රයාන බුදුදහමේ සඳහන් වෙන වජ්‍රපානි යනු සක්‍ර දෙවියන්ගේ යක්ෂ අවතාරයයි. වජ්‍රපානි දෙවියන්ගේ මුලිකම කාර්යය උනේ ගෞතම බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව ලබා දීමයි. සියලු දෙවියන් යක්ෂයන් සක්‍ර දෙවියන්ගේ දෙවාඥාවට යටත් වනවා සේම සියලු යක්ෂයන් වජ්‍රපානිගේ අණ අනුව ක්‍රියා කල යුතු බව සදහන් වනවා.

බොහෝ දෙනෙක් වජ්‍රපානි යනු මහායානයට අයිති සංකල්පයක් ලෙස සැලකුවත් මහායානිකයන් වජ්‍ර පානී ඇදහීම සිදුකලේ චුල සච්චක සුත්‍රය මුලාශ්‍ර කරගෙනයි. ථේරවාද ත්‍රිපිටකයේ සුත්‍ර පිටකයේ මජ්ජිම නිකායේ මූලපන්නාස පාලියේ මහා යමක වග්ගයේ චුල සච්චක සුත්‍රය තුල සක් දෙවිදුන් වජ්‍රපානි අවතාරයෙන් පැමිණි අවස්තාවක් සදහන් වෙනවා. සච්චක නම් වාද කරන්නා බුදුන් සමග වාදයට පැමිණ බුදුන් ප්‍රශ්නයක් විමසු වෙලාවේදී පිළිතුරු නොදී බුදුන් වෙහෙසවන විට සක් දෙවිඳුන් වජ්‍රායුධයද දරමින් වජ්‍රපානි අවතාරයෙන් පැමිණ සච්චක බියපත් කල බව සදහන් වනවා.

" තෙන ඛො පන සමයෙන වජිරපාණි යක්ඛො ආයසං වජිරං ආදාය ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස උපරිවෙහාසං ඨිතො හොති - ‘සචායං සච්චකො නිගණ්ඨපුත්තො භගවතා යාවතතියං සහධම්මිකං පඤ්හං පුට්ඨො න බ්‍යාකරිස්සති එත්ථෙවස්ස සත්තධා මුද්ධං ඵාලෙස්සාමී’ති. තං ඛො පන වජිරපාණිං යක්ඛං භගවා චෙව පස්සති සච්චකො ච නිගණ්ඨපුත්තො. අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො භීතො සංවිග්ගො ලොමහට්ඨජාතො භගවන්තංයෙව තාණං ගවෙසී භගවන්තංයෙව ලෙණං ගවෙසී භගවන්තංයෙව සරණං ගවෙසී භගවන්තං එතදවොච - ‘‘පුච්ඡතු මං භවං ගොතමො, බ්‍යාකරිස්සාමී’’ති."

" එකල්හි වජ්‍රපාණී නම් යක්ෂතෙම (සක්දෙව්රජ) ගිනිගෙන දිලිසෙන හාත්පස ගිනිදැල් සහිතවූ අයොමය වජ්‍රායුධයක්ගෙන සච්චක නිගණ්ඨපුත්‍රයාගේ හිසට උඩින් අහසෙහි සිටියේ වෙයි. (කුමකටද යත්:-) “ඉදින් මේ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන්වහන්සේ විසින් තුන්වෙනිවර දක්වා කරුණු සහිතව ප්‍රශ්න විචාරණ ලද්දේ උත්තර නොදෙන්නේද, මෙහිම ඔහුගේ හිස සත්කඩකට පලන්නෙමි”යි (කියායි.) භාග්‍යවතුන් වහන්සේද, සච්චක නිගණ්ඨපුත්‍ර තෙමේද, ඒ වජ්‍රපාණී යක්ෂයා දකියි. (සෙස්සන්ට නොපෙනේ.) "


කේන්දරේ බලලා දිග පළල මැනලා වජ්‍ර හදන්න අවශ්‍ය නෑ !!!
වජ්‍ර නිර්මාණයට දිග පළල මැනීමක් කරන්න අවශ්‍ය නෑ. ජ්‍යෝතිෂයේ හෝ මන්ත්‍ර විද්‍යාවේ හෝ  චතුර්වේදයේ හෝ හෙළ මන්ත්‍ර ශාස්ත්‍ර වල හෝ වෙනත් කිසිම ශාස්ත්‍රයක කේන්දරය බලලා නැකත් බලලා දිග පළල මැනලා වජ්‍ර හැදීමක් කොහෙවත්  නෑ. කේන්ද්‍රය බලලා අමුතු වැඩ කරන්න අවශ්‍ය නෑ. ඒවත් මිනිස්සු බය කරලා තමන් ගාවටම ගෙන්නගන්න කියන බොරු කතා.
ජන්ම පත්‍ර බලලා දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ ග්‍රහයන්ගෙන් ඇතිවෙන බලපෑම් තීරණය කරන්න විතරයි. මැණික් පලදිනකොට කේන්ද්‍රය පරික්ෂා කරන එක අවශ්‍යයි. අපි උපදින වෙලාව අනුව විවිද කාල වලදී විවිද ග්‍රහ බලපෑම් ඇතිවෙනවා. විවිද මැණික් වලින්  විවිද ග්‍රහ කිරණ අවශෝෂණය කරනවා. අයහපත් බලපෑමක් එන ග්‍රහයෙක්ගේ කිරණ අවශෝෂණය කරන මැණිකක් පැළඳුවොත් අහිතකර බලපෑම් ඇතිවෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් වලට කේන්ද්‍ර පරික්ෂා කලාට කමක් නෑ.
හැබැයි වජ්‍රය ග්‍රහයන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. වජ්රයට ග්‍රහයන්ගේ ශක්තිය අවශෝෂණය වීමක් හෝ විශ්ව ශක්ති අවශෝෂණය වීමක් කිසිම ආකාරයට වෙන්නේ නෑ. වජ්‍රය කියන්නේ සංකේතයක් විතරයි.  වජ්‍රයේ බලයක් ඇතිවෙන්නේ සක්‍ර දේව ආකර්ෂණය වීමෙන් හෝ මන්ත්‍ර මගින් ජීවම් කිරීමෙන් විතරයි.

ත්වාස්ට දෙවියන් වජ්‍රායුධය හදනකොටවත් නොබලපු කේන්දරයක් මිනිස්සුන්ට වජ්‍ර හදනකොට බලන්න ඕනි වෙනවද?
මේවා සම්පුර්ණ මිත්‍යා මත විතරයි. මේවයින් කරන්නේ මිනිස්සුන්ව බය කිරීම. කේන්ද්‍රය බලලා දිග පළල ගණනය කරලා  වජ්‍ර හදන්න ඕනි එහෙම නැත්තම් හොද නෑ කිවුවම ඒ කියන පුද්ගලයා ගාවටම වජ්‍ර ගන්න මිනිස්සු යනවා. වෙන තැනකින් කරගන්න බයවෙනවා. ඒ විදියට තමන්ගේ ආදායම් වැඩි කරගන්න වජ්‍රය ගැන බොරු මිත්‍යා මත පැතිරවීමයි මේ වගේ අය කරන්නේ. අවාසනාවට මේ වගේ බොරු පතුරවන පුද්ගලයන් මාධ්‍ය නිසා මහා පරිමාණයෙන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන් පතුරවන බොරු මත ඇත්තට වඩා ප්‍රචාරය වෙනවා.
 කේන්ද්‍රය බලලා දිග පළල මැනලා වජ්‍ර හදන්න ඕනි කියන අය කේන්ද්‍රය ගත්තට මුකුත් කරන්නේ නෑ. මිනිස්සුන්ව රවට්ටන්න කේන්ද්‍රය මගින් දෙයක් කරනවා වගේ අගවන්න විතරයි කේන්දරය ඉල්ලන්නේ.  කේන්දර ගන්න අය එක එක්කෙනාට වෙන වෙනම වජ්‍ර හදන්නෙත් නෑ. කේන්දරයෙන් දෙයක් කරනවා වගේ බොරුවට මවලා පෙන්නනවා. ඔය කියන තැනින් ගත්ත වජ්‍ර කීපයක් එකට තියල බැලුවනම් ඒ බව බලාගන්න පුළුවන්.
මේවට සම්බන්ධ පුද්ගලයන්ගේ ඉතිහාසය පරික්ෂා කරලා බලන්න ඔවුන්ගේ බොරු හිස් මුදුනින් පිළිගන්න කලින්. මොවුන්ගේ ඉතිහාසය හොයල බැලුවම හොයාගන්න පුළුවන් කේන්ද්‍ර සම්බන්ධ වැඩ වලදී මිනිස්සුන්ගෙන් ලක්ෂ ගණන් අරගෙන අන්තිමට කිසිම ප්‍රයෝජනයක් නැති වුන අවස්ථා ඕනතරම්. තමන් යන්න කලින් ගිය ප්‍රතිපල තියෙන අය හොයාගන්න පුලුවන්ද කියල බැලුවානම් මේ පුද්ගලයන්ගේ සත්‍ය ස්වභාවය දැනගන්න ලැබෙයි.

වජ්‍රයේ නියම හැඩයක් නියම දිගක් ගැන කියමින් වජ්‍ර අලෙවි කරන අය තමන්ගේ පුවත්පත් ලිපි වල හා ප්‍රචාරණ වල නියම හැඩය කියල පෙන්වන්නේ සම්පුර්ණ වැරදි හැඩයක්. ඒක වජ්‍රයේ නියම හැඩය නෙවෙයි මහායාන ආභාෂයෙන් නිර්මාණය උන හැඩය. පසුකාලීනව ඒ හැඩයට අර්ථයක් දීම සදහා ඒ සාම්ප්‍රදායන් වල අය විසින් විවිද කොටස් වලට විවිද අර්ථදැක්වීම් ඉදිරපත් කරලා මහා දාර්ශනික සංකල්පයක් ඉදිරිපත් කරලා තිබුනට සත්‍ය වජ්‍රායුධය ටිබෙට් වජ්‍ර වලට වඩා සම්පුර්ණයෙන්ම වෙනස්. වජ්‍රායුධයේ සත්‍ය හැඩය පිලිබදව මම මීලග ලිපියෙන් විස්තර කරන්නම්.

* සමහරු වජ්‍ර මගින් කුණ්ඩලිනි ශක්තිය හා තෙවැනි ඇස විවර කරගන්න පුළුවන් කියලා මිනිස්සු රවට්ටනවා. කිසිම ප්‍රයෝජනයක් නැති හිස් භාවනා ක්‍රම පුවත්පත් ලිපි වලත් පලකරනවා. ඒවා ඒ පුද්ගලයන් "කුණ්ඩලිනි" "තෙවැනි ඇස" කියන නම් වලට තියෙන අවධානය තමන්ට අරගෙන තමන්ගේ බිස්නස් කරගන්න පතුරවන කිසිම භාවනාමය පදනමක් නැති ඔවුන් නිර්මාණය කරන හිස් දේවල් විතරයි. අඩුමගානේ ඒවා වජ්‍රයාන මහායාන ආගම් වලවත් නැති දේවල්. ඒ වගේ තේරුමක් නැති හිස් දේවල් කිරීමෙන් වෙලාව නාස්ති වීම විතරයි වෙන්නේ.

වජ්‍රායුධය හෝ වජ්‍ර රාජ්‍ය සංකේතයක් නොවේ!!!
රාවණ රජු සමග වජ්‍ර ඈදන පුද්ගලයන් ව්‍යාජ මතයක් පතුරවනවා වජ්‍ර කියන්නේ රාජ්‍ය සංකේතයක් එමනිසා අතීතය මතක තිබෙන රාවණ පරපුරේ ප්‍රභූන් විතරක් වජ්‍ර භාවිතා කරන කියලා. මේකත් සහමුලින්ම බොරු මතයක්. වජ්‍රය කිසිම රාජ්‍යයක රාජ්‍ය සංකේතයක් නෙවෙයි. කිසිම රාජ්‍යයක සංකේතයක් විදියට වජ්‍රය භාවිතා කරන්නත් කිසිම රජෙකුට අයිතියක් නෑ. ඒකට හේතුව වජ්‍රය කියන්නේ දේව සංකේතයක් වීම. වජ්‍රය මගින් රාවණ පරපුරක් හෝ වෙනත් කිසිම රාජ්‍ය පරපුරක් සංකේතවත් වෙන්නේ නෑ. වජ්‍රය සංකේතය ලෙස භාවිත කරන්න පුළුවන් එකම අරමුණක් සදහා පමණයි. ඒ සක්‍ර දෙවියන් සංකේත කිරීම සදහා. 



අන්ධ භක්තිය නිසා හෝ විකුණන් කෑම උදෙසා දෙවියන් පිළිබඳවත් දෙවියන්ගේ දිව්‍යමය වස්තුන් පිලිබදවත්  බොරු මත සමාජගත කරන අයට උරුම වෙන එකම ඉරණම දේව සාපයට ලක් වීම විතරයි. ඒ නිසා මේ බොරු මත සමාජගත කරන අයට දෙන්න තියෙන එකම අවවාදය
"තමන් නොදන්නා දේවල් ගැන දන්නවා වගේ  මත පල කරන්නෙපා. එයින් වෙන්නේ තමන්ගේ විනාශය තමන් විසින් උරුම කරගැනීම විතරයි!"


Comments

  1. ගොඩක් වැදගත් ලිපියක්. වජ්‍රය ගැන සම්පූර්ණ විස්තරයක් දැනගත්තා. මාත් අහල තියෙනවා වජ්‍රය ආයුධයක්, ඒක රාවණා රජතුමාට අයිති, මිනිසුන් වන අපිට ඒවා පාවිච්චි කරන්න හොද නෑ කියල රේඩියෝ ප්රෝගෑම් එකකින් කිව්ව. ඒත් සත්ය කවදාවත් වසන් කරන්න බෑ. බොරු කාරයො එකෙක් දෙන්නෙක් නෙවෙයි දැන් වැහිවහල. මේ වගේ අපිව ඇත්ත මොකක්ද කියල දැනුවත් කරනවට ඔබට ගොඩක් පින් කියල තමයි කියන්න තියෙන්නේ. ඔබ ගොඩක් ලොකු සේවාවක් කරන්නේ මේ බ්ලොග් එකෙන්. තවදුරටත් මේ වගේ වැදගත් ලිපි ලියන්න ඔබට ශක්තිය, දෙෙර්ය, බලය, දැනුම ලැබේවා....!

    ReplyDelete
    Replies
    1. ou boru pathurawana ewa balan inna baruwa meka liyanna hituwe

      Delete
    2. Oba kemathi nam & ho heli kalata kamak nethnam rawana raju gena eththa mokakda kiyala minissunwa denuwath karanna. Mokada boruwa nisa minissu mula wela inne. Rate janadipathi wennath try karanawa e haraha. රාවණා kiyana akuru 3 nisa thamai obage me wedagath blog eka mata lebune.

      Delete
  2. (1) කියල තියෙන්නේ (2) කොටසකුත් තියෙනවද?

    ReplyDelete
  3. Wajrayatath wada blawath neda maraya laga thiyena audaya.eke nama mathakane mata.buduwenakota damala gehuwa kiyanne.hanuma genath post ekak danawada.

    ReplyDelete
  4. "රාවණ තාක්ෂණය යලි ක්රියාත්මක කරන්න රාවණට සම්බන්ද අය යලි උපත ලබනවා" මෙය සිදුවන කාලවකවානුව කියන්න පුලුවන්ද? රාවණ නැවත අවදි වී රජ වනවද? මේ ගැන post එකක් හරි කමක් නෑ දාන්නකො..

    ReplyDelete
    Replies
    1. රාවණ රජතුමා ගැන සම්පුර්ණ විස්තර සහිත ලිපි පෙළක් මම ඉස්සරහට ලියනවා. ඒවායේදී විස්තර කරලා දාන්නම්

      Delete
  5. Oba thuma sambanda krgnna krmayak tynwd ?

    ReplyDelete
  6. ශක්‍රයධරවජ්‍රායඨයපදනාමකරණකෞවිසවසපන්ධනඡනීතවන්නවසුරසීමාපණවුම්රඛවෙඒෙෙරාවනස්ථම්භනඅධිසථණවපාරනිම්මිතවෙ.

    ReplyDelete
  7. mewaye aththa nAththa khmada oya hariyatama kiyanne

    ReplyDelete
    Replies
    1. අනිත් ලිපි ටික කියවන්න

      Delete
  8. "වසවර්ති දිව්‍ය ලෝකය පාල්නය කරන වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාමයි මන්ත්‍ර වල බිලි පුදගැනීම් වලට එන්නෙ"

    බිලි පුද ගැනීම් කිව්වෙ ඔය ඉන්දියාවේ තිබ්බ ගිණි දෙවියා පිදීම , සත්ත්ව බිලි පූජා වගේ එව්වද?ඒ වගේ මහේශාක්‍ය දෙවි කෙනෙක් මස් රීරි පිළී කැපගන්න ඒවි ද?

    ReplyDelete
    Replies
    1. වින කිරීම් වින කැපීම් වලදී කරන මරු බන්ධන, බිලි පුද වලදී

      මස් කන්න නෙවෙයි මාරයා එන්නේ මරන්න

      Delete
    2. එහෙනං ඉතින් ඔය මහේශාක්‍ය දෙවියෝ බුදුන්ට විරුද්ධව වැඩ කරන්නේ? ඒවත් නොකර ඉන්න තිබ්බනේ ඒවා මහේශාක්‍ය අයට අකැප නම්?

      Delete
  9. මේ කරන විස්තරයන් වලට ඔබට බොහොම ස්තූතියි..මට දැනගන්න පුලුවන්ද වජ්‍රායුධයක් කෙනෙක්ගෙ ධ්‍යාන බලය මගින් හා විශ්ව දැනුමේ කෙළ පැමිණි අයකුට එවැන්නක් නිර්මාණය කරගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. බෑ එහෙම හදන්න බෑ. මේවට අදාළ ශක්තිය එකතු කරලා හදන්න පුළුවන් විශ්ව කර්ම දෙවියන්ට විතරයි. ඒවාට වෙනම තාක්ෂණ තියෙනවා. ඒවා ධ්‍යාන ලැබීමෙන් හෝ ශක්ති ලැබීමෙන් අවබෝධ කරගන්න බෑ. ඒවාට වෙනම හේතු තියෙනවා. හෙළි කරන්න බෑ

      Delete
  10. සමහර අවස්තාවල ශිව, විශ්නු, ගනේශ දෙවිවරුන් වජ්‍රයේ බල පෑම නැවැත්වූ අවස්තා, වජ්‍රයෙන් හානියක් නොව්න අවස්තා වගේම ශිව දෙවියන් හා ශක්ති දේවිය ඉන්ද්‍ර දෙවියන්ව පරාජය කල අවස්තා හින්දු ඉතිහාසය තුල දැක්වෙනව. ත්‍රිදෙවියන්ට, ආදි ශක්තී ගනේශ වගේ දෙවිවරුන්ට වජ්‍රයේ බලපෑම ඉක්මවන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. බලවත් පින්වත් දෙවි වරුන්ට පුළුවන් , හැබැයි හානි නොවෙනවමයි කියල නෑ. හානි වෙන්නත් පුළුවන්

      Delete

Post a Comment