Featured Post

භාවනා හැර කුණ්ඩලිනි ශක්ති අවදි කරගත හැකි වෙනත් ක්‍රම Kundalini awakening


කුණ්ඩලිනිය කොදු ඇට පෙළ පහලින් සුෂුම්නාවේ තිබෙන ශක්තියක්. කුණ්ඩලිනිය අවදි කිරීමෙන් අධිමානසික හැකියාවන් ලැබුනත් කුණ්ඩලිනිය ධ්‍යාන හෝ මාර්ගපල මෙන් සිතේ ඇතිවන තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා කුණ්ඩලිනිය අවදි කරගැනීමට භාවනා අත්‍යවශ්‍ය වෙන්නේ නෑ. ඒත් වෙනත් ක්‍රම වලට වඩා ප්‍රතිපල ලැබීමට වඩාත් ඉඩ තිබෙන ක්‍රමය වෙන්නේ භාවනා කිරීම. භාවනාවට අමතරව කුණ්ඩලිනි ශක්තිය අවදි කරගැනීමට බොහෝ ක්‍රම තියෙනවා. භාවනා කරන අතරතුර එම වෙනත් ක්‍රමත් භාවිත කිරීම මගින් සාමාන්‍ය ලෙස භාවනා කිරීමට වඩා ඉක්මන් ප්‍රතිපල ලැබෙන්න ඉඩ තියෙනවා.

1.  දෙවියන් වන්දනා කිරීම
දෙවියන් තැනී තිබෙන්නේ පදාර්තමය  ස්වභාවයට වඩා ශක්තිමය ස්වභාවයෙන්. එමනිසා දෙවියන් හට ස්වාභාවිකවම ශක්තිය පාලනය කිරීමේ හැකියාව තිබෙනවා. දෙවියන් හට තමන්ගේ ශක්තිය හෝ වෙනත් ශක්තියක් යෝගියෙක් හට ප්‍රධානය කර  යෝගියෙකුගේ චක්‍ර සක්‍රිය කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ  විදියට මිනිසුන්ගේ චක්‍ර අවදි කිරීමට පුළුවන් වෙන්නේ මහා බ්‍රහ්ම, විෂ්ණු, ශිව, සක්‍ර දේවේන්ද්‍ර කියන මහා දෙවිවරුන් හට විතරයි. වෙනත් දෙවිවරුන් හට ඒ සදහා අවසරයක් නෑ. ඒ   නිසා කුණ්ඩලිනි චක්‍ර අවදි කරගැනීමට දෙවියන්ගේ පිහිට පතන කෙනෙක් ඉන්නවනම් මේ මහා  දෙවිවරුන් හට  නිතර පින් දෙමින් පුද පුජා කරමින් වන්දනා කිරීමෙන් තමන්ගේ ශක්ති අවදි කරගැනීමට උපකාරයක් ගන්න පුළුවන්.  හැබැයි මේ විදියට දෙවිවරු ශක්ති ප්‍රධානය කරන්නේ ගුණවත්, සිල්වත් හා දෙවියන් කෙරේ අචල භක්තියක් තිබෙන අයට පමණයි. මේ ආකාරයට තෙවැනි ඇස  විවර කරගැනීමට   ශිව දෙවියන්ගේ පිහිට ලබාගැනීමට කල යුතු පිළිවෙත් මම වෙනම ලිපියකින් සදහන් කළා. එම ලිපිය කියවීමට මෙතන ක්ලික් කරන්න
දෙවියන්ට වගේම කුණ්ඩලිනි ශක්තිය අවදි කරගත් මිනිසුන්ටත් වෙනත් කෙනෙකුට ශක්තිය ප්‍රදානය කරලා වෙනත් කෙනෙකුගේ  චක්‍ර අවදි කරන්න පුළුවන්.

2.  යෝගාසන
පද්මාසනය වැනි යෝගාසන ඉතා දීර්ඝ වෙලාවක් තිස්සේ පුරුදු කිරීමෙන් ශරීරයේ ශක්ති ගලන මාර්ග සුවිශේෂ ආකාරයට සකස් වීමෙන්  ශරීරය තුල ශක්තියක් නිර්මාණය වෙනවා. ඒ නිසා දවසකට පැය 6ක් පමණ එකදිගට පද්මාසනය වැනි යෝගාසන දිනපතා පුරුදු කිරීමෙන් ඉබේම චක්‍ර සක්‍රිය වෙනවා. බොහෝ ඉන්දියානු යෝගීන් භාවිතා කරන්නේ මේ ක්‍රමය. ඉන්දියාවේ හිමාල ප්‍රදේශයේ බොහෝ යෝගීන් මුළු දවස පුරාම එකම යෝගාසනයෙන් ඉන්නවා දකින්න ලැබෙන්නේ මේ නිසා. කුණ්ඩලිනිය අවදි වන යෝගාසන පිළිබද ලිපිය කියවීමට මෙතන ක්ලික් කරන්න

3.   මන්ත්‍ර
ශබ්ද උච්චාරණයේදී සිදුවන්නේ ධ්වනි තරංග ස්වභාවයෙන් පවතින ශක්තියක් නිපදවීම. විශේෂ ශබ්ද විශේෂ ස්වර වලින් උච්චාරණය කිරීමෙන් ශක්තිය විවිද ලෙස භාවිතා කිරීමේ හැකියාවක් පවතිනවා. මේ රහස දැනගත් ඍෂිවරු විසින් තමයි මන්ත්‍ර විද්‍යාව ලෝකයට හදුන්වලා දුන්නේ. බොහෝ මන්තර   ගුරුකම් වලට භාවිත වන මන්ත්‍ර වලින් සිදුකෙරෙන්නේ අමනුශ්‍යන්ගේ හෝ දෙවිවරුගේ ශක්තියට සමාන ශක්ති නිපදවෙන ශබ්ද භාවිතයෙන් එම ශක්තිමය ශරීර පාලනය කිරීම. මේ ආකාරයට කුණ්ඩලිනි චක්‍ර පිබිදීමට අවශ්‍ය වල ශක්තිය උත්පාදනය වන මන්ත්‍ර ඍෂි වරු නිර්මාණය කරලා තිබෙනවා. මේ   මන්ත්‍ර දීර්ඝ වෙලාවක් තිස්සේ සජ්ජායනා කිරීමෙන් කුණ්ඩලිනි  චක්‍ර සක්‍රිය වෙනවා. ඉතා කුඩා වෙලාවකින් චක්‍ර සක්‍රිය වන මන්තරත් ඍෂිවරු හා දෙවිවරු   නිර්මාණය කරලා තිබෙනවා. ඒත් ඒවා දෙවිවරුන්ගෙන් දැනගන්න අවස්තාව ලැබෙන්නේ දිර්ඝ කාලයක් තිස්සේ භාවනා කරන අයට පමණයි. සාමාන්‍ය  පුද්ගලයන් එම මන්ත්‍ර භාවිතා කළොත් ක්ෂණික ශක්ති ඉහල යාම් දරාගන්න නොහැකිව  මරණයට පවා පත්වෙන්න  පුළුවන්. එමනිසා දීර්ඝ වෙලාවක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් ශක්තිය ඉහල යන මන්ත්‍ර සාමාන්‍ය භාවිතයේ තිබෙනවා. ඒවායෙන් සමහරක් පරම්පරාගත දැනුම විදියට පමණක් ලැබුනත් සමහර මන්ත්‍ර සාමාන්‍ය භාවිතයේ   තිබෙනවා. එවැනි ප්‍රසිද්ධ මන්ත්‍ර කීපයක්   තමයි  සුර්ය ගයත්‍රී මන්ත්‍රය,  ශිව තාණ්ඩව ස්තෝත්‍ර හා මහා ම්රිතුන්ජය මන්ත්‍රය. මේවාත් බ්‍රාහ්මණ ආගමිකයන්ගේ පාරම්පරික රහස් ලෙස කාලයක් පැවතගෙන ආවත් වේද ග්‍රන්ථ සමාජගත වීමත් සමග ඒවා පොදු ජනයාට දැනගන්න ලැබුනා.
ඒ විදියට ලෝකයට   විවෘත උන මන්ත්‍ර කීපයක් තමයි සුර්ය ගයාත්‍රි ආදී මන්ත්‍ර.
මිට අමතරව චක්‍ර වලට අදාළ බිජ මන්ත්‍ර වන   ලාම්, වාම්, රාම්, යාම්, හාම්, ඕම් මන්ත්‍ර ජප කිරීමෙනුත් චක්‍ර යම්තාක් දුරකට උද්දීපනය වෙනවා.
මේවාට අමතරව තවමත් පාරම්පරික රහස්ලෙස පමණක් ලැබෙන  කුණ්ඩලිනි චක්‍ර අවදි කරන  මන්ත්‍ර පවතිනවා.


4.  යන්ත්‍ර
මන්ත්‍ර වලින් සිදු කරන කාර්යය වගේම දෙයක් යන්ත්‍ර මගින් සිදු කරනවා. මන්ත්‍ර මගින් ශබ්ද උච්චාරණයෙන් ශක්තිය නිපදවනවා   වගේම යන්ත්‍ර මගින් විවිද හැඩ තල වලට අනුරූප වන ශක්තිය නිපදවීමක් සිදු කරනවා. අවකාශයේ   සිට එන විවිද ශක්ති කිරණ යන්ත්‍ර වල අදින විශේෂ හැඩතල මගින් විශේෂ විදියකට උරාගැනීම සිදුකරනවා. තවත් හැඩතල වලින් ශක්තිය උත්පාදනය වන විදියට යන්ත්‍ර සටහන් ඍෂි වරු නිර්මාණය කරලා තිබෙනවා. විවිද අරමුණු වලද නිර්මාණය කරපු යන්ත්‍ර තිබෙනවා වගේම කුණ්ඩලිනි චක්‍ර සක්‍රිය කිරීමට අදාළ ශක්තිය ජනනය කරන යන්ත්‍ර නිර්මාණය කරලා තිබෙනවා. ලංකාවේ හා ඉන්දියානු මලයාලම් වැනි මන්ත්‍ර පරම්පරා වල  අයගෙන් බහුතරයක් ලග මේ යන්ත්‍ර සටහන් දකින්න ලැබෙන්නේ නැති උනත් ඉතාම කලාතුරකින් මේ යන්ත්‍ර සහිත පරම්පරාත් තිබෙනවා.
සමහර යන්ත්‍ර සටහන් සාමාන්‍ය සමාජයේ ප්‍රසිද්ද වෙලා තිබුනත් බොහෝ දෙනෙක් ඒවා ඍෂි වරු නිර්මාණය කරපු යන්ත්‍ර බව දන්නේ නෑ. මේ යන්ත්‍ර පැළදීමෙන් හෝ භාවනා කරන ස්ථානයේ තබාගැනිමෙනුත් චක්‍ර අවදි වීම උත්තේජනය වෙනවා.



5.   මැණික්
පරිසරයේ තිබෙන ඕනෑම දෙයකට වර්ණයක් ලැබී තිබෙන්නේ එකම හේතුවක් නිසා. භෞතික විද්‍යාවේදී මේ වර්ණ ලැබීමේ ක්‍රියාවලිය හොදින් පැහැදිලි කරනවා. අපිට ආලෝකය ලැබෙන ආලෝක ප්‍රභව වෙන සුර්යයා හා  විදුලි බල්බ වලින් ආලෝකයට අදාළ  සියලු තරංග ආයාම වලට අයත් ශක්ති කිරන පිට කරනවා. අවර්ණ හෝ සුදු පැහැති විදියට පෙනෙන ආලෝකය තුල රතු තැඹිලි කහ කොළ නිල ඉන්ඩිගෝ දම් කියන වර්ණ හතටම අදාළ ශක්ති පවතිනවා. ඒ සියලුම ශක්තිය එකතු උනාමයි සුදු පැහැයක් / අවර්ණ පැහැයක් ඇතිවෙන්නේ.
මේ විදියට සියලු වර්ණ  වලට අදාළ ශක්තිය සහිත සුර්යාලෝකය ගහක කොලයක් මත වැටුනාම ඒ   ශක්තියෙන් යම් ශක්තියක් කොළයෙන් උරාගන්නවා, ඉතිරි ශක්තිය පිටකරනවා. උරාගන්නේ නිල් හා රතු වර්ණ වලට අදාළ ශක්තිය. උරා නොගෙන පිට කරන්නේ කොළ වර්ණයට අදාළ ශක්තිය. ඒ නිසයි අපිට ගස් වල කොළ කොළ පාටින් පෙනෙන්නේ.
අපිට ලෝකයේ පෙනෙන සියලුම දේ තුල තියෙන සියලුම වර්ණ පෙනෙන්නේ මේ විදියට.   යම් වස්තුවක් නිල් පාටින් පෙනෙන්නේ ඒ වස්තුව නිල් පාට නිසා නෙවෙයි ඒ වස්තුව ආලෝකයෙන් උරාගෙන පිටකරන ඉතිරි ආලෝක ශක්තියේ පවතින්නේ නිල් පැහැයට අදාළ ආලෝක ශක්ති කිරණ   විතරක් නිසා. උසස් පෙළ භෞතික විද්‍යාව හැදෑරුවොත් මේ ගැන වැඩියෙන් අවබෝධ කරගන්න පුළුවන්.
මේ  විදියටම මැණික් ගලක් අපිට වර්ණවත් විදියට  පෙනෙන්නේ ඒ මැණික මගින් ආලෝක ශක්තියෙන් යම් කොටසක් අවශෝෂණය කරගෙන කොටසක් පරාවර්තනය කරන නිසා.   ආලෝක ශක්තියේ කොටසක් උරාගන්නවා වගේම සියලුම ආකාරයේ විශ්ව ශක්ති වලින් කොටසක් උරාගෙන කොටසක් පිටකිරීම මැණික්  මගින් සිදු කරනවා. මැණික් ක්‍රියාකරන්නේ ශක්ති පෙරණයක් විදියට. නුතන විද්යාත්මක   ක්‍රම මගින් මෑත කාලීනව හදුනාගත්  මේ ක්‍රියාවලිය  ශත වර්ෂ ගණනාවකට පෙර ධ්‍යාන බලයෙන් හදුනාගත් ජ්‍යෝතිෂ ඍෂි වරුන් විවිද ග්‍රහයෙන් ගෙන් පැමිණෙන ශක්තිය පෙරීමට මැණික් භාවිතා කරන ආකාරය පැහැදිලි කළා.  ඒ ක්‍රමවේද භාවිතා කිරීමෙන් තමයි අදටත් ග්‍රහ දෝෂ නිවාරණය කිරීමට මැණික් පැළඳීම සිදුකරන්නේ. මේ ආකාරයටම ග්‍රහයන් 7  දෙනා වෙතින් පැමිණෙන ශක්ති වලින් කුණ්ඩලිනි චක්‍ර හතට අදාළ ශක්ති අවශෝෂණය කිරීමත් මැණික් භාවිතයෙන් සිදු කරන්න පුළුවන්.
ඒ සදහා යම් චක්‍රයකට අදාළ ශක්තිය අවශෝෂණය කරන මැණිකක් එම ශක්තිය ශරීරයට අවශෝෂණය වන ශක්ති මාර්ග පවතින නිලයක ස්පර්ශ වෙන විදියට පැළදීමෙන් කුණ්ඩලිනි චක්‍ර අවදි කරගැනීමට උදවුවක් ලබාගන්න පුළුවන්.

චක්‍ර සක්‍රිය වීමට උපකාරයක් ලැබීමට අමතරව චක්‍ර ආශ්‍රිත ශක්ති විෂමතා සමනය විමත් මැණික් පැළඳීම මගින් සිද්දවෙනවා. ඒ නිසා Reiki healing ක්‍රම වලදී රෝග සුව කිරීමට චක්‍ර වලට අදාළ මැණික් නිවැරදි නිල ස්ථාන වල භාවිතය නිතර සිදු කෙරෙනවා.


නිවැරදි ලෙස ශක්ති උත්තේජනය කරන මැණික් ලබාගත හැකි  සේවාවක්-   (click here) 



5. ශක්ති චලන අභ්‍යාස
සුර්ය නමස්කාරය පිළිබද ලිපියේදී (Click here) මම පැහැදිලි කළා සුර්ය නමස්කාරය කියන්නේ නිකන්ම වන්දනාවක් නෙවෙයි එහිදී සුර්ය ශක්තිය ශරීරයට අවශෝෂණය වන යෝගාසන පැවැත්වීම මගින් චක්‍ර තුලට   ශක්තිය ගබඩා කිරීමක් සිද්දවෙනවා. මේ ආකාරයේ තවත් ශක්ති චලන වර්ගයක් වන කුන්ග්ෆු සටන් කලාවට අයත් තායි චි අභ්‍යාස ආදී  අභ්‍යාස මගින් චක්‍ර විවර කරගැනීමට යම් උත්තේජනයක් ලබාගන්න පුළුවන්. හැබැයි මේ අභ්‍යාස කිරීමේදී   මුල් ගුරුවරු උගන්වපු නිවැරදි අභ්‍යාස කල යුතුයි.


6.   ඖෂධ භාවිතය
කුණ්ඩලිනි චක්‍ර  ආශ්‍රිත නිල උත්තේජනය කරන  හා අධික රසායනික  ශක්තියක් ගබඩා වී තිබෙන ඖෂධ භාවිතා කිරීමෙනුත් කුණ්ඩලිනි චක්‍ර අවදි කරගැනීමේ හැකියාවක් පවතිනවා. මේ ඖෂධ වට්ටෝරු   පවතින්නේත් පාරම්පරික දැනුම හෝ ගුරුකුල වල පවතින දැනුම විදියට පමණයි. මේ ආකාරයට ටිබෙට් ආශ්‍රමයකදී නළල සිදුරු කල ඇතුළු කල  ඖෂධ මගින් තෙවැනි ඇස විවර වුනු අවස්තාවක් පිළිබද තොරතුරු ලොබ්සාන් රම්පා තමන්ගේ චරිතාපදානයේදී දක්වලා තියෙනවා.
රතු ඉන්දියානුවන් හා ඉන්දියානු යෝගීන් භාවිත කරන කංසා ආදි මත්ද්‍රව්‍ය ඇතුලත් කරන දුම්වැටි ආඝ්‍රණය කිරීමෙනුත් විවිද අධිමානසික හැකියාවන් ලබාගැනීමේ හැකියාවක් පවතිනවා. ගංජා , කංසා ආදිය ආයුර්වේදයේ පවා අදටත් ඖෂධ විදියට භාවිතා වෙනවා. මේවා සාමාන්‍ය විදියට භාවිතා කිරීමෙන් අධිමානසික හැකියාවන් ලැබෙන්නේ නෑ. ඒ සදහා විශේෂ ඖෂධ වට්ටෝරු භාවිත කර තනන ඖෂධ දුප ආඝ්‍රාණය කරන්න අවශ්‍යයි.

මේවා මගිනුත් කුණ්ඩලිනි චක්‍ර අවදි කරගැනීමට යම්කිසි උත්තේජයක් ලැබෙනවා. රතු ඉන්දියානුවන්ගේ සාම්ප්‍රදායික රහස් ලෙස පවතින මෙවැනි ධුප ආඝ්‍රාණය කිරීමෙන් සිත ධ්‍යානමය මට්ටමට ආසන්න තත්වයකට පත්කිරීමට පවා හැකියාවක් පවතිනවා. ශරීරයෙන් සිත වෙන් කර මනොකායෙන් ඇස්ට්‍රල් චාරිකා  යාමටත් තෙවැනි ඇස සක්‍රිය කර අනාගතය බැලීමටත් ඔවුන් නිතර මේ ඖෂධ දුප භාවිතා කරනවා. සමහර විට අද පවතින දුම් වැටි නිර්මාණය වෙලා තිබෙන්නේ මේ ක්‍රම බාගෙට අනුකරණය කරන්න යාමෙන් වෙන්න පුළුවන්.


Comments

  1. Mama kalin ahapu prasnekata pilithurak lesa obathuma comment karala thibuna manik paladeemen kundaliniya uttejanaya weemak sidu wenne naha kiyala......e kiyanne kundaliniya shakthiya gaman karana margaye manik isparsha kireemen pamanada kundaliniya uttejanaya wenne?

    ReplyDelete
    Replies
    1. niwaradi manik warga niwaradi nila sthana wala peladimen shakthiya egata uragannawa. eken yam balapemak wenawa. kundaliniya ha jyothishaya dekama danuma thiyenna oni hariyata karanna. nikanma dammata wedak ne

      Delete
  2. Obathumata kundalini yogaya tiyena nisa mata 3rd eye open karaganda shaktiya denna puluwanda.ehema shaktiya dunnoth obathumage shaktiya aduwenawada? pinkam kireema magin shakthi awadikaraganda puluwanda pinwath guruthumani.

    ReplyDelete
    Replies
    1. mama ehema dewal karanne ne. himale inna smahara yogi guruwaru ehema karanawa. samahara angampora haa ayurweda guruwaruth ehema karnwa tamange lamainta. mama karanne ne.

      pinkam karala prarthana karana eken balapemak wenawa. hebei ikmanin pratipala labenne ne

      Delete
  3. https://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_77.html

    ReplyDelete
  4. 1. ශිව දෙවියන්ට නිතර පූජා තැබීමෙන් 3rd eye විවර කරගැනීමට උදවුවක් වේවිද ?
    2. රවණා දෙවිකෙනෙක්ද දැන් ? එසේනම් උන් වහන්සේ වැද පුදාගන්න තියෙන ස්ථාන මොනවද ලංකාවේ ?

    ReplyDelete
  5. දෙවියන්ගෙන් වරම් ගන්න ආකාරය,වෘත රැකිම වැනිදේ ගැන පෝස්ට් එකක් දාන්න කියල ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා...ඒවගේම පුලුවන්නන් කුණ්ඩලනීය අවදිවන මන්ත්‍ර කීපයක් ඉදිරිපත් කරන්න කියලත් ඉල්ලා හිටිනවා...

    ReplyDelete
  6. meke sandahan thiyena astral charika pilibandawa article ekak karannako :) godak asawen inne e gana igana ganna athhada balanna :)

    ReplyDelete
    Replies
    1. වෙලාවක් ලැබුනම දාන්නන්

      Delete
  7. යෝගීතුමනි...මන් පත්මාසනය පුහුනු කරන කොට මට කොඳුඇටපෙල දිගේ අමුතුම රස්නයක් දැනෙනවා...ඒ එක්කම ශරීරය චලනය වෙනව වගේ දැනෙනව...ටිකකින් තුන්වෙනි ඇහැ තියන තැන එහෙම කිති කැවෙනව වගේ දැනෙනව... ඇයි ඒ...එක සාමාන්‍යද...

    ReplyDelete
  8. mata kiyannako aduwenma one week kochar kaloth athida kiyal. Kalaya pilibada prashnayak thiyanawa mata.

    ReplyDelete
  9. 3eye bawanawa deparak epa kiyala thibuna. Sitha ekagakara gannema kalata passe dawasata kochara kalayak athida adu washayen. 15min madida sitha ekaga karana dalla diha balana bawana 15min kalata passe. muladara chakkraya ena energy 3eye eke thanpathwena thithanna kiyala thibuna. egamanma chakrakarawa yanawath thithanawa neda.

    ReplyDelete
    Replies
    1. aduma peyak karanna.
      bawana karanna oni vidiya sampurnen pehedili karala dala thiyenawa post eke. eka kiyawanna

      Delete
  10. mata danaganna oni pahan dalen sith ekaga karata passe 3eye bawanawedi shakthi galanaya ha pathiweema kiyala 2kak thiynawa shakthiya chakrakawa gaman kireema therenawa pathiraweema pahadili madi. pahan dalla ganeema pitakireema bawanawata pera aniwaryada.

    Pin. utharayak denna.

    ReplyDelete
  11. This not Buddhism friend ..

    ReplyDelete
    Replies
    1. I have seperately posted about buddhism and kundalini.
      Kundalini is not related to buddhism. Also my blog is not restricted to buddhism

      Delete
  12. Nadi visudhiyedi breath eka inhale karal puluwanthara wela hold karagena inna onida nathnam deep breath ekak aragena empty wenakan exhale karanna onida.

    ReplyDelete
  13. 01. Kundalini bawanawa ha dhyana bawanawa athara wenasa kumakda? 02.Dhyana labaganimata kundalini awadiwiya yuthuda?

    ReplyDelete
  14. මේක මේ සම්බන්දව ප්‍රශ්නයක් නම් නෙවෙයි..මන් භාවනා කරනවා ඉඩක් ලැබුන හැම වෙලාවකම..හැබැයි ආනාපානසති භාවනාව කලේ මුලින්ම සිත එකග කරගන්න ඕන නිසා...
    එහෙම ඉන්න අතරේ දවසක භාවනාවට වාඩි වෙලා විනාඩි 10ක් වගේ යද්දී පරිසරයේ හැමදේම ඇහෙන්නේ නැති වෙලා මට අපි අර රෑ අහස බලන් ඉන්න විදිහට විශ්වය පේන්න ගත්තා...
    මට දැනගන්න පුලුවන්ද ඒහෙම පේන්න හේතුව ?
    වෙන අහන්න කෙනෙකුත් නෑ මට..

    ReplyDelete
    Replies
    1. oya wage wiwida athdakim lebenawa hitha ekthen wenakota. samahara dewal hithe shkthiya wadiwima nisa wenawa. samahara dewal hithen mawapem widiyata penawa. ewaye watinaakamak ne. atharamagadi lebena dewal bala bala inna giyoth awasaana palaya labaganna wenne ne. e nisa oya wage atdakim gena hithanna noya ekadigata bawanawa karanna. owayen wenne bawanawa diyunu karaganna beri wena eka witarai

      Delete
    2. ow obata bohoma pin..mama a gana hithanne nathuwa digatama bawana karanawa....

      Delete
  15. Deviyange pihita illanakota eka devi kwnekuta wadala mantra kiyala karapu pin anumodan karana kramaya harida

    Natthnam devi varu 4 denagenma pin dela awasara gannada

    Mokada 4 denagenma gannakota ethana prashnayak weida

    ReplyDelete
  16. Kansa weni deyk bawitha krla bawana kirimedi prshna athi wen nedda wisheyen kundalini shaktiya awdmadi kirimta bawana krna wita wge

    ReplyDelete
    Replies
    1. මත්ද්‍රව්‍ය භාවිතා කරලා භාවනා කරන එක කොහෙත්ම හොද නෑ . භාවනා නොකරන වෙලාවේ භාවිත කරන එකත් භාවනාවට බාධාවක්

      Delete
  17. mata podi prsana kihipayak thiye ?

    1.samaharu kiyanawa kundalini bawanawa wadanna epa kiyala mansa vikurthi wenawa pissu hedenna ida thiye kiyala.

    2.man youtube eke ekthara pudagalayek kiyanawa dekka meka wadanna yanna epa meka daraganna beri wenawa ethakota weradi karana manussaya eka eetath wediyen karanna pelabenawa kiyala.eka eththada.

    3.kundalini bawanawa gihi /paul jiwitheta prasnayakada ?


    ReplyDelete
    Replies
    1. ඕවා ඔක්කොම කුන්ඩලිනි භාවනා තබා සාමාන්‍ය භාවනාවක් වත් කරලා නැති ප්‍රතිපලයක් ලබලා නැති හිස් මිනිස්සු කියන කතා

      Delete
    2. ප්‍රාණ යාම කරන විට අධික ලෙස දහඩිය දමන්නේ ඇයි

      Delete
    3. සමහරුන්ට එහෙම වෙනවා

      Delete
  18. Kundalini shakthiya awadi kara genimen lebena prayojana monawada...3weni esa awadi wimen monada penna patan ganne..poddak e bawa pehedili karanna puluwanda

    ReplyDelete
    Replies
    1. ඒවා ගැන ලිපි වල දාලා තියෙනවනේ

      Delete

Post a Comment