Featured Post

පාසල් වයසේදීම ධ්‍යාන, කුන්ඩලිණි ශක්ති ලබාගැනමේ මාර්ගය


මේ වෙනකොට තරුණ පරම්පරාවත් ළමා පරම්පරාවත් සිඝ්‍රයෙන් ධර්මයට නැඹුරු වෙමින් සිටිනවා. ගැඹුරු ධර්මය සරල භාෂාවෙන් සරල ලෙස ඉදිරිපත් කිරීමත් ආකර්ශනීය ලෙස ධර්මය ඉදිරිපත් කිරීමත් මේකට ප්‍රධාන හේතු වෙලා තියෙනවා. ඒ වගේම මේ කාලයේ ග්‍රහයන්ගෙන් පිටවන කිරණ වලින් මිනිස් මනසට සිදුවෙන බලපෑම් මගිනුත් ස්වභාවික පරිසරයේ වෙනස්වීම් මගින් මිනිසුන්ට සිදුවෙන බලපෑම් මගිනුත් ධර්මයට යොමුවෙන්න ස්වභාවිකව උත්තේජනය වෙනවා.


මේ වෙනකොට ලංකාවේ වැඩිහිටි බෞද්ධයන්ගේ මුලික අඩුපාඩුවක් වෙලා තියෙන්නේ භාවනා අත්දැකීම් නැති කම. මේ නිසා බොහෝ ධර්ම විකෘතිකයින් පස්සේ පෙළගැහෙමින් සත්‍ය ධර්මය ප්‍රතික්ෂේප කරන පිරිස වැඩි වෙලා තියෙනවා. අනාගත පරම්පරාව ඒ තත්ත්වයට පත් වීම වලක්වා ගන්න පුළුවන් දරුවන්ව කුඩා කාලයේ ඉදන්ම භාවනා කිරීමට පෙළබවිමෙන්. දරුවන් මහණ කරනවා වගේම බලපෑමක්  බුදු දහමේ දීර්ඝ කාලින පැවැත්මට ඇතිකරන ක්‍රියාවක් තමයි දරුවන් පොඩි කාලයේදීම භාවනාවට හුරු කිරීම හා ධර්ම දැනුම ලබාදීම. මේ වෙනකොට භික්ෂු ස්වරුපයෙන් පැමිණෙන අය විසින්ම ශාසනය විනාස කරන නිසා ඒ වගේ අයට නොරැවටෙන නිවැරදි භික්ෂුන් හා නිවැරදි ධර්මය හදුනාගන්න පුළුවන් ගිහියන් බිහිවෙන්න නම් කුඩා දරුවන්ට කුඩා කාලයේදීම භාවනා කිරීමට යොමු කිරීම ගොඩක් උපකාර වෙනවා. ව්‍යාජ භික්ෂුන් සරණ යන ගිහියන් පිරිස වැඩිවීමෙන් ශාසනයේ විනාසය ඉක්මන් වෙනවා.

ඕනෑම කෙනෙකුට ධර්මයට හා භාවනාවට යොමුවෙන්න හොදම කාලය තමයි ළමා කාලය. සාමාන්‍යයෙන් පුර්ව ආත්ම වල ඉදන් සසර පුරුද්දක් විදියට භාවනා  කරමින් ධ්‍යාන ලබමින් එන අය මේ ආත්මයේදී අවුරුදු 11 - 15 වගේ වෙනකොට ( පාසලේ 6 - 10  ශ්‍රේණි) ස්වාභාවිකවම භාවනාවට යොමු වෙනවා. ඒ අතරින් 90%ක් පමණ අය ඒ වයසේදීම ධ්‍යාන හෝ කුණ්ඩලිනි ශක්ති ලබාගන්නවා. සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය   ජිවිත ගත කරන බොහෝ දෙනෙක් නොදන්නවා උනාට පාසල් යන වයසේ ධ්‍යාන ලාභීන් හා  කුණ්ඩලිනි ශක්ති ලාභින් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේකට හේතුව පෙර පින හා ප්‍රාර්ථනා මගින් ඔවුන්ව කුඩා කාලයේදීම භාවනාවට යොමු වීම.

මහා කර්මස්තානාචාර්ය හිමි නමක් වූ නාඋයනේ අරියධම්ම හිමියන් තම චරිතාපදානයේදී සදහන් කර තිබෙනවා උන්වහන්සේ අවුරුදු 15දී පමණ මුල් වරට ධ්‍යාන ලැබූ බව.


මගේ පෞද්ගලික අත්දැකීම් සැලකුවත් මමත් මුලදීම සමථ භාවනා  හා කුණ්ඩලිනි යෝග භාවනා කරන්න පෙළඹුනේ 7 - 8 ශ්‍රේණි වලදී. ඒ කාලයේදීම මට තෙවැනි ඇස විවර කරගත්ත යාලුවෙක් අදුරගන්න ලැබුනා. ඒ කාලයේදී එයාගේ ශක්ති අවදිවීම් ගැන මට කියල නොතිබුනත් භාවනා කිරීමෙන් ලබාගත්ත විවිද හැකියා සහිත කෙනෙක් කියල දැනගෙන හිටියා. ටික කාලයකට පස්සේ  ආනාපානසති භාවනාවෙන් ධ්‍යාන ලැබූ යාලුවෙක් අදුරගන්න ලැබුනා. මේ කිසිම කෙනෙක් තමන් කරන භාවනා ගැන හෙළි කලේ නැතත්  ඔවුන් සමග වැඩ කරද්දී ඔවුන්ගේ හැකියාවන් අත්දකින්න ලැබිමෙනුත්  ධර්මය හා භාවනා සම්බන්ධ  අත්දැකීම්  කතා බහ කිරීමෙනුත් ඔවුන්ගේ තත්ත්වය දැනගන්න  ලැබුනා.  පසුකාලීනව තමයි ඔවුන් ලබා ඉදපු  තත්ත්වයන් ගැන නිවැරදි අවබෝධයක් ලැබුනේ.

වර්තමානයේදීත් පාසල් යන වයසේ  මේ වගේ දියුණු තත්ත්ව වල ඉන්න දරුවන් ඉන්නවා. හැබැයි පිටින් බලලා හැසිරීම් අධ්‍යනය කරලා ඒ අයව අදුරගන්න බෑ. එයාලව අදුරගන්න ලැබෙන්නේ ඒ වගේම භාවනා කරන කෙනෙකුට විතරයි. ඕනෑම කෙනෙක් හොදින් උවමනාවෙන් භාවනා කරනකොට ඒ පුද්ගලයාගේ මලගිය  ඥාතින් හා එයාට පිහිටවන දෙවිවරුන් ඒ පුද්ගලයා ගැන නිතර සැලකිලිමත් වෙනවා. ඒ වගේ භාවනා කරන තවත් අයව මුණගැහෙන්න සැලැස්වීම, යාළුකම් ඇතිකිරීම වගේ දේවල් දෙවියන් කරවනවා. හොද භාවනා ගුරුවරුන් මුණගැහෙන්න සැලැස්වීම, හොද භාවනා පොත් පත්,   සගරා, රුපවාහිනී වැඩසටහන්, වෙබ් අඩවි පවා දකින්න සලස්වන්න දෙවිවරු කටයුතු කරනවා.

මේ කාලයේත් රහතන් වහන්සේලා ලංකාවේ වැඩ ඉන්නවා. මාර්ගඵල ලාභී ගිහියන් පවා වැඩ ඉන්නවා. ධ්‍යාන ලාභින් හා ශක්ති ලාභින් ඉන්නවා. ඒ අයව මුණගැහෙන්න අවශ්‍යනම් කරන්න ඕනි පොත් පත් කියවලා ධර්මය ගැන නිගමන අරන් "ඔහොම අය ඉන්නවද? ඉන්නවනම් එලියට එන්නේ නැත්තේ මොකද?" වගේ දේවල් කියා කියා ඉදීම නෙවෙයි තමන් සමථ විදර්ශනා ප්‍රායෝගිකව කරන්න පටන්ගැනීමයි. තමන් හරි පාරේ යන්න ගත්තම තමා ඒ පාරේ ගිය අය මුණගැහෙන්නේ. පාරේ යන්නේ නැතුව පාර ගැන විවේචන කලාට වැඩක් වෙන්නේ නෑ. ඒ වගේ අයට කවදාවත් ධ්‍යාන මාර්ගඵල ලබපු කෙනෙක් අදුරගන්න ලැබෙන්නේ නෑ ව්‍යාජ ප්‍රතිරුපකයන්ට රැවටීම විතරයි වෙන්නේ.



වැඩිවියට පත් උනාට පස්සේ පළමු වරට ධ්‍යාන ලබාගැනීමට වඩා කුඩා කාලයේදී ධ්‍යාන ලබාගැනීම ඉතාම ලේසියි. ඒකට හේතුව වැඩිවියට පත්වීම සමග ශරීරයේ සිදුවන ලිංගික හෝර්මෝන වල බලපෑම නිසා සිත එක්තැන් කිරීම අපහසු වෙනවා. මීට අමතරව වයස යාමත් සමග රාග ද්වේශ මෝහ අකුසල මුල වල ප්‍රභලත්වය වැඩිවීමත්, වයස වැඩි වෙනවාත් සමග ප්‍රකෘති භවාංග සිත යටපත් වීමත්, වයස වැඩිවීමත් සමග සිතේ සිතුවිලි පහල වීම වැඩිවීමත් කියන හේතු භාවනා කිරීම අපහසු වීමට බලපානවා. මේ නිසා භාවනා පටන්ගන්න හොදම කාලය ළමා කාලය. සසර පුරුද්දක්  නැති කෙනෙකුට උනත් පොඩි කාලයේදීම භාවනා කරන්න යොමු කලොත් සිතේ තියෙන පිරිසිදු කම නිසා පෙර පින් නැති උනත්, පෙර පුරුදු නැති උනත් ධ්‍යාන, මාර්ගපල, ශක්ති ලබාගැනීමට ලොකු අවස්තාවක්  තියෙනවා.
ඒ වගේම ළමා කාලේදී භාවනා කරලා පුරුදු වෙලා තියෙන කෙනෙකුට වැඩිහිටියෙක් උනාට පස්සේ භාවනා කිරීම පහසුයි භාවනාව අලුතෙන්ම පටන්ගන්න කෙනෙකුට වඩා. මේ නිසා පාසල් යන කුඩා කාලයේ පටන් තමන්ගේ දරුවන්ට භාවනා කිරීමේ පුරුද්දක් ඇති කරවන්න පුළුවන් නම් ඒ දරුවන් වැඩිහිටි බවට පත්වෙන කොට ඒක එයාලට ලොකු උදවුවක් වෙන්න ඉඩ තියෙනවා.

හැම භාවනාවක්ම ප්‍රාථමික අධ්‍යාපනය ( 1 - 6 වසර ) ලබන කුඩා දරුවන්ට සුදුසු වෙන්නේ නෑ. කුඩා ළමයින්ගේ මනසට ගැඹුරු සංකල්ප නොතේරෙන නිසා සරල හා ප්‍රසන්න අත්දැකීමක් ලැබෙන භාවනා පමණක් මේ දරුවන්ට කරවීම වඩාත් හොදයි. දරුවන්ට නොතේරෙන සංකීර්ණ භාවනා පුරුදු කරන්න යාමෙන් භාවනාව එපා වෙන්නත් ඉඩ තියෙනවා. බුදුගුණ භාවනාවකදී බුදුරාජාණන් වහන්සේ සියලු කෙලෙස් නැසූ හෙයින් අරහං වන සේක වගේ දෙයක් තුල තියෙන සංකල්ප කුඩා දරුවෙක්ට අවබෝධ වෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි. නොතේරෙන දෙයක් කරන්න යාමෙන් සිතේ එක්තැන් බවක් ඇතිවෙන්නේ නෑ. ඒ වගේම විදර්ශනා වැනි භාවනා හෝ කසිණ භාවනා දරුවන්ට තේරුම්ගන්න අපහසුයි.





1). විනාඩි 5 - 10 ක් නිශ්චලව ඉන්න පුරුදු කිරීම
කුඩා දරුවන්ට භාවනාවක් විදියට පුළුවන් සරල අභ්‍යාසයක් පොඩි වෙලාවක් භාවනා ආසනයෙන් නිශ්චලව ඉන්න පුරුදු කිරීම. පොඩි දරුවන්ට දගලන්නේ නැතුව ඉන්න ඒක   අමාරු වැඩක් නිසා විනාඩි 10ක් වගේ කාලයක් එක ආසනයක නිශ්චලව ඉන්න පුරුදු කිරීමෙන්ම සිත එකඟ වෙනවා. මේ දේ වඩාත් සාර්ථක කරගන්න පුළුවන් තමන් දරුවාගේ ඉස්සරහින් වාඩි වෙලා දරුවාට පෙනෙන විදියට ඉදගෙන භාවනා කිරීමෙන්. මෙතනදී සැලකිලිමත් වෙන්න ඕනි විනාඩි  30ක් වගේ කාලයක් පොඩි ළමයෙකුට දරාගන්න බෑ. ඒ නිසා අනවශ්‍ය පීඩනයක් දෙන්න හොද නෑ. විනාඩි 5 - 10 වගේ කාලයක් තමා වඩා හොද. ඒ වගේම මුළු කාලය පුරාම දරුවෙක් හෙලවෙන්නේ නැතුවම ඉදියි කියල බලාපොරොත්තු වෙන්න හොද නෑ. ඒ වගේ වෙලාවට දරුවට බනින්නේ නැතුව, " විනාඩි 5ක් වත් එක විදියට ඉන්න බැරිද?" වගේ ප්‍රකාශ කරන්නේ නැතුව ඉවසීමෙන් ඉන්න. කාලයක් තිස්සේ වැඩිහිටියන් කරනවා දකිනකොට ළමයන් ඉබේම එකදිගට නිශ්චලව ඉන්න පුරුදු වෙනවා.


2) මෛත්‍රී භාවනාව
පොඩි ළමයින්ට පහසුවෙන් පුරුදු කරන්න පුළුවන් ප්‍රධානම භාවනාව මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාවේදී සිතන දේවල් තේරුම්ගන්න පහසු සරල කරුණු නිසාත් භාවනාව කිරීමෙන් හිත ප්‍රබෝදමත් වෙන නිසාත් පහසුවෙන් පුරුදු කරවන්න පුළුවන්. මෙතැනදී "නිදුක් වෙම්වා" වගේ දේවල් කියනවට වඩා දුක් නැත්තෙක් වෙම්වා විදියට කීමෙන් තේරුම්ගන්න වැඩියෙන් පහසු වෙනවා. මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා.

(  1 ) මෛත්‍රී භාවනාව
මම තරහා නැත්තෙක් වෙම්වා
වෛර නැත්තෙක් වෙම්වා
ඉර්ශ්‍යා නැත්තෙක් වෙම්වා
සුවසේ ජිවත්   වෙම්වා

මා මෙන්ම මේ නිවසේ සිටින  සියලුම දෙනා / සියලුම සත්වයෝ
තරහ නැත්තෝ වෙත්වා.. වෛර නැත්තෝ වෙත්වා... ඉර්ශ්‍යා නැත්තෝ වෙත්වා... සුවසේ ජිවත් වෙත්වා....

මා මෙන්ම මේ ගමේ සිටින සියලුම සත්ත්වයෝ....
මා මෙන්ම මේ නගරයේ සිටින සියළුම සත්ත්වයෝ......
මා මෙන්ම මේ ප්‍රදේශයේ සිටින සියළුම සත්ත්වයෝ.....
මා මෙන්ම මේ රටේ සිටින සියලුම සත්ත්වයෝ....
මා මෙන්ම මේ ලෝකයේ සිටින සියලුම    සත්ත්වයෝ....
මා මෙන්ම මේ සියලු ලෝක වල සිටින    සියලුම සත්ත්වයෝ...

(මෛත්‍රී භාවනාව බොහෝ පාසල් වල පුරුදු වෙන්නේ මා මෙන්ම මාගේ දෙමව්පියෝ, ගුරුවරයෝ, වැඩිහිටියෝ සුවපත් වෙත්වා.... ආදී විදියට හිතලා.    ඒ ක්‍රමය බුදුන් දේශනා කරපු ක්‍රමයක් නෙවෙයි සරල භාවිතයක්. ඒත් බුදුරජානන් වහන්සේ මෛත්‍රී භාවනාව කල  යුතු බවට දේශනා කරපු  ඉහත සදහන් ආකාරයට අනුව පොඩි කාලයේ ඉදන්ම පුරුදු වීම අනාගතයේදී ධ්‍යාන ලබාගැනීමට අඩිතාලම වැටෙන්න හේතු වෙනවා.)

මෙතැනදී සියලු සත්ත්වයෝ කියන්නේ මිනිස්සු  විතරක් නෙවෙයි තිරිසන්, අමනුෂ්‍ය දේව  ආදී සියලුම ජීවින් කියන කාරණය දරුවන්ට සරලව තේරුම් කරන්න. පොඩි ළමයින්ට මේවා තේරෙනවද කියල  බොහෝ දෙනෙක් මේවා අත්හැරලා දැම්මාට ටික කාලයක්  පුරුදු කරනකොට ඒවා තුල තියෙන අර්ථය පොඩි දරුවන්ට උනත් වැටහෙන්න ගන්නවා.



( 2 ) කරුණා භාවනාව
මම දුක් නැත්තෙක් වෙම්වා
නිරෝගී වෙම්වා
සුවපත් වෙම්වා
දුකින් මිදෙම්වා

මා මෙන්ම ...................

මෛත්‍රී භාවනා කරද්දී වේගයෙන් කියාගෙන යන්නේ නැතුව හෙමිට හිත නිවෙන තාලයකට කීමෙන් කියන දේවල් හොදින් ළමයින්ගේ හිතට අවබෝධ වෙනවා.   නිරෝගී වෙම්වා ආදියේ තේරුම් හොදින් තේරෙනකොට හිත හොදින් එක්තැන් වෙනවා.



3) ආනාපානසති භාවනාව
 1 - 3 වසර වල පොඩි දරුවන්ට ගැලපෙන්නේ නැති උනත් ඊට ඉහල දරුවන්ට ආනාපාන සති භාවනාව තේරුම් අරන් පුරුදු කරන්න පුළුවන්.  4,5,6 වගේ ශ්‍රේණියක දරුවෙක් කියන්නේ ධ්‍යාන ලබාගන්න සුදුසු මට්ටමේ මනුෂ්‍යයෙක්. ආනාපානසතියේදී මුලින්ම හුස්ම ගැන අවධානයෙන් ඉදලා නහය තුල හෝ උඩු තොල් අසල හුස්ම වදින තැනක් හොයාගන්න උපදෙස් දෙන්න. එහෙම නිශ්චිත තැනක් හොයාගන්න අපහසුනම් සම්පුර්ණ හුස්ම ගැන අවධානයෙන් ඉදිමත් හොදයි. මීලගට හුස්ම යාම හා ඒම පිලිබදව සිහියෙන් ඉන්න පුරුදු කරන්න. හුස්ම යන වාරයක් පාසා 1,2,3 ආදී විදියට 10 වෙනකම් ගණන් කිරීමත් හුස්ම අරමුණු කරගන්න ලේසි වෙනවා. භාවනාව පටනගන්න කලින් මුලින්ම 10 වතාවක් උවමනාවෙන්ම හුස්ම ගැනීම හා පිටකිරීම කිරීමෙනුත් හිත තරමක් එකග කරගන්න පුළුවන්.


4) බුද්ධානුස්සතිය
4, 5, 6  හා ඊට ඉහල ශ්‍රේණි වල ඉන්න තරමක් වැඩුණු  අවබෝධයක් තියෙන දරුවෙක්ට බුද්ධානුස්සතිය හොදින් පුරුදු  කරන්න පුළුවන්. මෙතැනදී  ඉතිපිසෝ ගාථාව ඔහේ කියවන්නේ නැතුව "   බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් නැසූ හෙයින් අරහං වන සේක" ආදී විදියට අර්ථ සහිතව බුදු ගුණ මෙනෙහි කිරීමයි පුරුදු කරන්න ඕනි. බුද්ධානුස්සති භාවනාව සහිත ලිපිය කියවීමට මෙතන ක්ලික් කරන්න

5) ජපමාල භාවනාව
මම මිට පෙර  ලිපියකින් විස්තර කරපු ජපමාල භාවනාවත් කුඩා ළමයින්ට සුදුසු සරළ භාවනාවක්. භාවනාව සහිත ලිපිය කියවන්න (මෙතන ක්ලික් කරන්න )


ඕනෑම ළමයෙකුට මේ භාවනා පොදුවේ සුදුසුයි. මිට අමතරව කසිණ භාවනා ආදිය උනත් නිවැරදි ගුරුවරයෙකුගේ උපදෙස් අනුව පමණක් ළමයාගේ චරිතය හා වයස අනුව පුරුදු කිරීම වරදක් නෑ.

ළමයි පොඩි කාලෙදිම භාවනා කරන්න යොමු කරන්න සමහර දෙමව්පියන් භය වෙනවා පොඩි කාලෙම ඕවා කරලා ළමයි මහණ වෙයිද දන්නේ නෑ, ළමය අසාමාන්‍ය වෙයිද  දන්නේ නෑ කියලා. හරි භාවනාවක් හරියට කරනවානම් එහෙම කිසිම අසාමාන්‍ය තත්වයක් ඇති වෙන්නේ නෑ.  වෙනදා වගේම සාමාන්‍ය ජිවිතේ වැඩ කරගෙන සෙල්ලම් කරගෙන ඉගෙනීම් කටයුතු කරගෙන සාමාන්‍ය විදියට ඉන්නවා. භාවනා සාර්ථක වෙන්න පටන් ගන්න මුල් කාලේදී සමහරවිට ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් වයස හා අත්දැකීම් වැඩිවෙන කොට ඒවා නැවත සාමාන්‍ය වෙනවා.

දරුවෙක් භාවනා කරපු පලියට එයා කරන හැම වැරදි වැඩක්ම නවත්තලා දෙමව්පියන් කියන දේවල් අහගෙන ඉගෙනීම් වැඩ වැඩියෙන් කරගෙන හරිම කීකරු විදියට ඉදියි කියල බලාපොරොත්තු වෙන්නනම් එපා. එහෙම අනිවාර්යෙන් වෙන්නේ නෑ.  සමාජයේ ගොඩ දෙනෙක් පුද්ගලයෙක්ගේ භාවනා දියුණුව ගැන තීරණ ගන්නේ එයාගේ බාහිර ස්වරුපයෙන් හා හැසිරීම් වලින්. සරල විදියට ඇදුම් අදින, නිවුණු විදියට හැසිරෙන අය මානසිකව දියුණු අය කියල හිතනවා. භාවනා කරලා සිත දියුණු වුන හැමෝම එහෙම වෙන්නේ නෑ. ඒ නිසා භාවනා කරන පොඩි දරුවෙක් අකීකරු වුන පලියට ඉගෙනීමට අදක්ෂ වුනු පලියට ඒ දරුවාගේ භාවනා දියුණුවක් නෑ කියල පුර්ව නිගමන වලට එළඹෙන්නේපා.

භාවනා කිරීමට අමතරව දරුවෙක් දිනපතා බුදුන් වැදීම, පෝයට සිල් ගැනීම, පන්සල් ගිහින් මල් පහන් පුජා කිරීම වගේ ශ්‍රද්ධාව දියුණු වෙන දේවල් කිරීමෙනුත් භාවනා දියුණුව ලබාගන්න උපකාර වෙනවා. ශ්‍රද්ධාව වැඩිවෙන තරමට භාවනා කිරීම පැහැදීමෙන් කරන නිසා ඉක්මන් දියුණුවක් අත්වෙනවා.

මේ භාවනා වැඩීමෙන් ඔබ අත්කරගන්නා පිං සක්‍ර දෙවියන්ටත් මගේ ගුරුවරයන්ටත් මටත් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..



* කුන්ඩලිනි භාවනා ලිපි කියවීමට:- ( මෙතන ක්ලික් කරන්න ) ( මෙතන ක්ලික් කරන්න (2)
* ධ්‍යාන අභිඥා ලබාගැනීම පිළිබද ලිපිය කියවීමට:- ( මෙතන ක්ලික් කරන්න )

 Facebook පිටුවට :- ( මෙතන ක්ලික් කරන්න )

Comments

  1. api hemadama blog eka update wenawada kiyala balanawa aluth dewal dana ganna saha e dewal bawitha karanna..obathumata saha obage guruwarayata pin.. obathumata puluwan da astral travel gana lipiyak liyanna ema karana widi saha e sambanda lipiyak :) eka godak watinawa athtahtama..

    ReplyDelete
  2. Pin obatumata saha obe guru thumata. Mage loku duwata 7yrs. Eyata hodata purna padmasanayen inna puluwan. Kamak nadda girl kenek arda budda paryanken nathuwa padmasanaya bawitha kereema. bawanawata badawakda

    ReplyDelete
    Replies
    1. nene pirimi sthri bedayak ne padmaasanayama purudu karana eka tama wediya hoda

      Delete
  3. Obathuma 3rd eye open kale school yana kaleda.ada lamainta phone,computer,tution hera wena deyak ne.meditate kese wethath lamai sellan karanneth ne.meditete school syllabus ekata danawanam hodai.ehema deyak karanda tharam pinwantha palakayo lankawe nane.godak pin obathumata.

    ReplyDelete
    Replies
    1. mama skole giya kaalet mita wada loku wenask ne. godak loku kalekut ne. phone computer monawa tibbath prashnayk wenne ne bawana karna kena karannna pelabenawa.
      bawana practicaly karawna eka syllabus ekata danawanam hodai

      Delete
  4. https://www.yogajournal.com/meditation/10-steps-of-yoga-nidra
    me yoga nidra we thiyenawa : Become Aware of Your Breath (husma gana awadanen me nidrawe inna kiyala)
    aththatama eka kamak nadda ?

    ReplyDelete
  5. ඇස්ට්‍රල් චාරිකා ගැන ලිපියක් අවුරුද්ද ඉවර වෙන්න කලින් දානවද

    ReplyDelete
    Replies
    1. ආනාපානසති භාවනා ලිපිය කියවන්න

      Delete
  6. 11 වසරේ ළමයෙකුට සුදුසු භාවනාව කුමක්ද ආනාපාන සති භාවනාව සුදුසුයි නේද?(10 වසරේදී ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ විය.)

    ReplyDelete
  7. බොහොම ස්තූතියි

    ReplyDelete
  8. යෝගතුමනි,
    කසිණ භාවනාවලින් සුදුසු වන ඒවා කියන්න පුලුවන්ද?

    ReplyDelete

Post a Comment