Featured Post

මරණය පාලනය කිරීම හා දිර්ඝායුෂ ලබන භාවනා


මරණය කියන්නේ සියලු දෙනා අසරණ වෙන අවස්තාව. වර්ථමානයේ කුඩා දරුවන් පවා අනපේක්ෂිතව මරණයට පත්වෙනවා. නොහිතන හේතු වලට නොහිතන කාල වලදී අනපේක්ෂිත මරණ සිද්ද වෙනවා. ඒ නිසා කුඩා දරුවන්ගේ සිට තරුණ මහලු හැමෝම මරණයට සුදානම් වීම හොද දෙයක්. අනපේක්ෂිත මරණ කොහොම උනත් සාමාන්‍ය විදියට මරණයට පත්වෙන අයත් මරණය ඉදිරියේ අන්ත අසරණ වෙන බවක් තමා මේ කාලේ දකින්න ලැබෙන්නේ. ඒ වගේම ඉතා කෙටි ආයුෂයකින් මරණයට ලගා වෙන ප්‍රමාණය වැඩි වෙලා ඉන්නවා. මේ මරණයට සාර්ථකව මුහුණ දීමටත් මරණය තමන්ට අවශ්‍ය විදියට පාලනය කිරීමටත් පුළුවන් භාවනා උපක්‍රම කීපයක් තියෙනවා. මේවා මරණ මොහොතේදී මරණයට නොසැලී මුහුණ දීමටත් මරණින් මතු භවය තීරණය කිරීමටත් මරණය කල් දැමීමටත් භාවිතා කරන්න පුළුවන්.

මරණය පාලනය කරන ආකාරය දැනගන්න කලින් මරණයට මුහුණ දෙන ආකාරය දැනගෙන ඉදීම වටිනවා.

මරණයට සුදානම් විය යුත්තේ ඇයි?
මුලින්ම දැනගත යුතු කාරණේ තමයි ඇයි මරණයට සුදානම් විය යුත්තේ? කියන දේ. මරණයේදී කායිකව සිදුවෙන්නේ මොළය හා හදවතට ඇති රුධිර සංසරණය නැවතිලා මොළය හා හදවත අක්‍රිය වීම. මරණාසන්න තත්ව වලට පත් වූ පුද්ගලයින්ගේ අත්දැකීම් වලිනුත් වෙනත් වෛද්‍ය පරීක්ෂණ වලිනුත් තහවුරු කරගෙන තියෙනවා බහුතරයක් දෙනා මරණයට පත්වෙනකොට අධික වේදනාවක් සහිත හිසේ කැක්කුමක් ඇතිවෙනවා. මේ කැක්කුම සාමාන්‍ය හිසේ අමාරුවක් වගේ 100 000 ගුණයක තරම් වේදනාවක් සහිත කැක්කුමක්. ඒ වගේම අධික වේදනාවක් සහිත හදවතේ හා පපුවේ කැක්කුමක් ඇතිවෙනවා. අධික වේදනාවක් සහිත ඇග පුරා වේදනාවක් ඇතිවෙනවා. මෙහෙම වෙන්නේ රුධිර සැපයුම නවතින නිසා. අපි ජිවත්වන තත්පරයක් පාසා හදවත ශරීරය පුරා සියලු සෛල වලට රුධිරය පොම්ප කරනවා. අපි නිදාගෙන ඉන්න වෙලාවටත් හැම ත්ත්පරෙකම ශරීරයේ හැම සෛලයක්ම ක්‍රියාකරනවා.  හැම තත්පරෙකම අපේ සෛල වලට රුධිරයෙන් ගෙනියන ඔක්සිජන් අවශ්‍යයි. මේ සැපයුම නතර වුන ගමන් සෛල වලට අවශ්‍ය ඔක්සිජන් නැති වීම නිසා   සෛල අක්‍රිය වෙලා මිය යන්න ගන්නවා. මේ නිසා මාංශ පේශි වල අධික වේදනාවක් ඇතිවෙනවා. මේ තරම්   වේදනාවක් අපි කවදාවත් සාමාන්‍ය ජීවිතයේදී අත්විදින්නේ නැති නිසා මේක අපිට හිතාගන්නවත් බැරි තරම් වේදනාවක්. රුදිර සැපයුම නවතුනාම මොලයේ සෛලත් අක්‍රිය වෙලා මියයන්න ගන්නවා. ඒ නිසා ඔලුව තද කරලා පොඩිකරනවා වගේ අධික වේදනාවක් ඇතිවෙනවා. මොළයේ එක එක ප්‍රදේශ මිය යනකොට ඒ ඒ ප්‍රදේශ පාලනය කරපු ශරීරයේ කොටස් අක්‍රිය වෙලා ඒ ප්‍රදේශ වලට අංශභාගය ඇතිවෙනවා. එතකොට අතපය හොලවන්න බැරුව එකතැන හිරවෙලා වගේ අසරණකමක් හිතට දැනෙනවා. විනාඩියක් විතර හුස්ම නොගෙන ඉදල බලන්න පපුවට ඇතිවෙන වේදනාව. මරණ අවස්ථාවේදී හුස්ම ගැනීම අක්‍රිය උනාම ඒ වගේ සියදහස් ගුණයක වේදනාවක් ඇතිවෙනවා. ඒ වගේම රුධිර සැපයුම නැවතිලා ස්නායු සෛල වලට ඔක්සිජන් නැතිවෙලා ගියාම ස්නායු අක්‍රිය වෙලා පිච්චෙනවා වගේ දැනීමක් ඇතිවෙනවා. මුළු ශරීරයේම මතුපිට හා ඇතුලත සියලු ස්නායු අක්‍රිය උනාම පණපිටින් පුච්චනවා වගේ වේදනාවක් දැනෙන්නේ. මෙන්න මේ වගේ හිතාගන්නවත් බැරි වේදනාවක් තමයි මරණ වේදනාව කියන්නේ.

සාමාන්‍ය ජීවිතයේදී දතක් පුරවනකොට ඉන්න බැරි අපි, කකුලක නිදිකුම්බා කට්ටක් ඇනුනාම ඉන්න බැරි අපි කායිකවත් දුර්වල වෙලා මානසිකවත් දුර්වල වෙලා ඉන්න කාලෙකදී මේ තරම් වේදනාවක් දරාගන්නේ කොහොමද?

අනිත් කාරණේ තමයි මරණ මොහොතේ ඇතිවෙන දුක. අපි පාසලකින් ඉවත් වෙනකොට, රැකියා ස්ථානයකින් අයින් වෙනකොට, රටින් පිටවෙලා යනකොට, ප්‍රේම සම්බන්ධතාවක් නැවතුනාම ප්‍රිය විප්‍රයෝග දුක කොච්චර දැනෙනවද? මාස කියක් තිස්සේ ඒ දුක් විදවනවද? මැරෙන මොහොතේ සියල්ල දාලා යන්න වෙනවා කියන හැගීම ආවම දරාගන්න බැරි දුකක් ඇතිවෙනවා.

හිතයි ශරීරයයි පාලනය කරගන්න බැරි කාලේදී මේ වගේ අධික වේදනාවක් හා අධික දුකක් ඇති උනාම ඒ අවස්ථාවට මුහුණ දෙන්නනම් අනිවාර්යෙන් පුළුවන් කාලේදී මරණය ගැන අවබෝධය ඇතිකරගැනීම   වේදනාව දරාගැනීම, දුක දරාගැනීම හා සිහිය පැවැත්වීම කියන දේවල් හොදට පුරුදු කරලා තියෙන්න ඕනි. සාමාන්‍ය ජීවිතයේදී අත්වෙන වේදනා හා දුක් වලදී සිත පාලනය කරගන්න පුරුදුවෙලා තිබ්බේ නැතොත් මරණ අවස්ථාවේදී පලවෙනි පාරට හිත පාලනය කරගන්න කොහොමටවත් පුළුවන් වෙන්නේ නෑ. කොච්චර පිංකම් කරලා තිබ්බත් මරණ මොහොතේ එන අධික වේදනාව අධික දුක දරාගෙන ඒ පිංකම් ගැන සිහිය පිහිටවන්න එකපාරට පුළුවන් වෙන්නේ නෑ. වාසනාව තිබුනොත් කිසි වේදනාවක් නැතුව සතුටින් මරණයට පත්වෙන්න ලැබෙන්න පුළුවන්. එහෙම සිදුවෙන අවස්ථාත් නැත්තේ නෑ. කිසිම වේදනාවක් නොදැනී සතුටින් සිනාමුසු මුහුණින් මරණයට පත්වෙන අයත් ඉන්නවා. හැබැයි ඒ කලාතුරකින්.
හිත පාලනය කරන්න පුරුදු  වෙලා තිබ්බොත් හිත තමන්ගේ පාලනයෙන් මිදිලා හිතට අවශ්‍ය දේ අරමුණු වෙන්න නොදී වේදනාව හා දුක යටපත් කරගෙන තමන්ට අවශ්‍ය දේ ගැන සිහිය පිහිටවලා තමන් කරපු පිංකම් ගැන සිහිය පිහිටවන්න පුළුවන්. ඒ දේවල් පුරුදු වෙලා තියෙනවනම් පින වාසනාව නැති උනත් බයවෙන්න දෙයක් නෑ.

මරණානුස්සතිය
මේ තත්වය පහසුවෙන් දරාගන්නනම් කළයුතු පලවෙනි දේ තමයි මරණානුස්සතිය වැඩිම. බොහෝ දෙනෙක් ජිවත් වෙන්නේ තමන් අමරණිය විදියට. බොහෝ දෙනෙක් මරණය බලාපොරොත්තු වෙන්නේ නෑ. මරණයට කවදාහරි මුහුණදෙන්න වෙනවා කියල අවබෝධයක් නෑ. මේ නිසා එකපාරට මරණ අවස්ථාවට ආවම සාමාන්‍ය ජීවිතයේදී පවත්වපු සිතුවිලි වලට සම්පුර්ණයෙන් වෙනස් තත්වයක් හිතේ තියෙන්නේ. එතකොට ඒ ගැස්සිලා වික්ෂිප්ත වෙලා තියෙන හිත තමන්ට ඕනි විදියට පවත්වන්න බෑ. මේ නිසා මරණය පාලනය කිරීමට හෝ   මරණයට සුදානම් වෙන්න ඉස්සෙල්ලම කරන්න ඕනි දේ තමයි තමන්ගේ මරණය ඕනෑම මොහොතක ඕනෑම විදියකින් වෙන්න පුළුවන් බව හා කවදාහරි මරණයට පත්වෙන බව අවබෝධ කරගැනීම.  මේක කරන්න තියෙන හොදම විදිය තමයි නිතර නිතර මරණානුස්සති භාවනාව වැඩිම.

අපි නොදැනුවත්ව හිතේ බලාපොරොත්තුවක් තියෙනවා අපි නොමැරෙයි කියලා. තරුණ අය හිතනවා වයසට ගිහින් මැරෙයි දැන්ම මැරෙන නෑ කියලා. වයසක අය හිතනවා තව අවුරුදු 5ක් වත් ආයුෂ ඇති දැන්ම මැරෙන්නේ නෑ කියල. මේ විදියට අපේ යටි හිතින් අපි යතාර්ථයක්   මවාගෙන තියෙනවා "මම දැන්ම මැරෙන්නේ නෑ" කියලා. හැබැයි ඒක සත්‍ය යතාර්ථය නෙවෙයි. කවදාහරි   මැරෙන අවස්ථාවට පත් උනාම හිතින් පිලි අරන් ඉදපු බොරු යතාර්ථය එකපාරට විනාශ වෙනවා. ඒ නිසා මවාගත් යතාර්ථය එක්ක මවාගෙන හිටපු හීන සියල්ල විනාශ වෙලා යනවා. එතකොට මානසිකව අධික කම්පනයක් ඇතිවෙනවා. තමන් නොමැරෙයි කියල බලාපොරොත්තුවක් තියෙන නිසා මරණය අදහාගන්න බැරිවෙනවා.
මෙන්න මේ ව්‍යාජ යතාර්ථයෙන් හිත ගලවාගෙන මායාවෙන් මිදිලා ජිවත් වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මරණානුස්සතිය දේශනා කලේ. මරණානුස්සතිය වඩනකොට යටිහිතේ මැවිලා තියෙන ව්‍යාජ යතාර්ථය නැතිවෙලා ගිහින් "මම මැරෙන්න පුළුවන්" කියන සත්‍ය හිතින් පිලිගන්නවා. ඒ වගේ කෙනෙක් මරණයට මුහුණ දෙනකොට කම්පනය වෙන්නේ නෑ. එයාගේ හිතේ අවබෝධයක් තියෙනවා කවදාහරි මැරෙනවා කියල. මරණය කියන්නේ නියත වශයෙන් වෙන දෙයක් කියල අවබෝධයක් තියෙනවා. නිතර නිතර සත්‍ය හිතනකොට හිත ස්වාභාවිකවම සත්‍ය පිළිගන්න පටන්ගන්නවා. මරණානුස්සතිය මගින් "මම  නොමැරෙයි" කියන බලාපොරොත්තුව ඉවත් කරනවා.

මරණානුස්සතිය වඩන ආකාරය --->




සමහරු මරණානුස්සති හා අසුභ භාවනා වගේ භාවනා වැරදියට පුරුදු කරලා මානසික රෝගීන් වෙනවා. එහෙම වෙන්නේ එයාලා මේක තේරුම් ගන්න විදිය හා පුරුදු කරන විදිය අනුව. මේ භාවනාව ඍනාත්මක විදියට ඔලුවට දාගන්න එපා. මේ භාවනාවේදී කල්පනා කරන දේවල් අන්තගාමි විදියට හිතලා රිනාත්මක විදියට හිතල දවස පුරාම බයෙන් සැකෙන් ජිවත් වෙන්නෙපා. ඒ වගේම තමයි "මම කොයි වෙලේ මැරෙයිද දන් නෑ" කියල හිතලා එදිනෙදා වැඩ කරන්නේ නැතුව රස්සා වලට යන්නේ නැතුව , ගෙදර අයට කන්න බොන්න දෙන්නේ නැතුව අන්තගාමි වෙන්න එපා. මේ දේවල් කල්පනා කරන්න ඕනි ජිවිතයේ අස්ථිර බව ගැන අවබෝධයක් ඇතිවෙන විදියටයි. මේ දේවල් තමන්ට වෙයි කියල බයවෙන්න යන්නෙපා. මේවා වෙනවා වගේ සිතින් මවාගන්න යන්නත් එපා. මේ වගේ ඕනෑම විදියකින් ඕනෑම වෙලාවක ජීවිතය නිම වෙන්න පුළුවන් කියල අවබෝධය ඇතිකරගන්න. අවබෝධය ඇතුව සාමාන්‍ය ජීවිතය ජිවත් වෙන්න.

වේදනාව දරාගනන්න හුරුවීම
අනිත් වැදගත් දේ තමයි විවිද ශාරීරික හා මානසික වේදනාවන් උනාම කෑගහගෙන දගලන්නේ නැතුව ඒවා දරාගන්න පුරුදු වීම. මේක මීටත් වඩා ගැඹුරට කරන්න පුළුවන් ශාරීරික වේදනාවක් එන වෙලාවකදී ඒවා මගින් විදර්ශනා කරන්න පුරුදු වීමෙන්. දතේ කැක්කුමක් එනවනම් හිතන්න
 "මේ වේදනාව හේතුන් නිසා හටගත් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි.
දතයි, වේදනාව ඇතිකරන හේතුවයි ( දතේ ස්නායු තෙරපීම) කාය විඥානයයි එකතු වී දතේ ස්ඵර්ශය ඇතිවීමෙන් ඇතිවෙන මේ වේදනාව ස්ඵර්ශය වෙනස් වීමෙන් වෙන හෙයින් අනිත්‍යයි, මේ වේදනාව අනාත්මයි" වගේ විදියට වේදනාව ගැන විදර්ශනා සහිතව මෙනෙහි කරන්න පුරුදුවෙනවානම් ගොඩක් හොදයි.
හැබැයි මේ දේ වැරදියට තේරුම් අරගෙන දතේ අමාරුවට බෙහෙත් ගන්න නොයා, කරදරයක් උනාමත් ප්‍රතිකාර කරන්න නොයා භාවනා කර කර ඉන්න එපා! වේදනාව හිතින් සමබරව දරාගෙන ඒ සඳහා කල යුතු දේවල් කරන්න.
මේ විදියට විදර්ශනා කිරීම පුරුදු උනොත් මරණ අවස්ථාවේදී  වේදනාවක් ආවොත් ඒ වෙදනාවට හිත යටපත් වෙන්න නොදී හිත පාලනය කරගෙන ඉන්න පුළුවන්.

සතිය
මරණ අවස්ථාවේදී හිත පාලනය කරගන්නනම් පුරුදු කරලා තියෙන්න අවශ්‍ය වැදගත්ම දේ තමයි සතිය හෙවත් සිහිය. සිහිය කිවුවම සතර සතිපට්ටානයේ කායානුපස්සනාව හා චිත්තානුපස්සනාව තමයි මෙතැනදී අවශ්‍ය වෙන්නේ. කායානුපස්සනාවේදී  මුලිකව කරන්නේ ශරීරයේ සියලු ඉරියව් සිහියෙන්ම පැවැත්වීම. විවිද  දේ කල්පනා කරමින් හීන මවමින් ඉන්නේ නැතුව සියලු ක්‍රියා සිහියෙන්ම සිදුකිරීම තමයි කායානුපස්ස්නාවේදී කරන්නේ. චිත්තානුපස්සනාවේදී කරන්නේ සිතට එන සියලු සිතුවිලි ගැන සිහියෙන් ඉදීම හා සිතන සියලු දේ සිහියෙන් සිතීම. සරලව මේ විදියට කිවුවත් කායානුපස්සනාව හා චිත්තානුපස්සනාව මීට වඩා ගොඩක් ගැඹුරුයි. ඉරියාපථ සතිපට්ටානය පිලිබඳ ලිපිය කියවන්න ( මෙතන ක්ලික් කරන්න )
මේ විදියට සතිය පුරුදු කරලා තියෙන කෙනෙකුට මරණ අවස්ථාවේදී ලේසියෙන්ම හිත පාලනය කරගන්න පුළුවන්.


මරණ මොහොත සිහි නුවණින් යුක්තව සුඛ සහගතව සිදුවීමට  මෛත්‍රී භාවනාව වඩන්න
මෛත්‍රී භාවනාව කියන්නේ පරලොවදී වගේම මෙලොවදීම ප්‍රතිපල අත්දැකිය හැකි මහානුභාව සම්පන්න භාවනාවක්. මෙත්තානිසංස සුත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෛත්‍රී වඩන කෙනෙකුට අත්වෙන ප්‍රධාන ආනිසංස ගැන. ඒවා අතරින් එක් ආනිසංසයක් තමයි මරණ මොහොත සිහිනුවණින් යුක්ත වීම. ඒ නිසා හැමදාම මෛත්‍රී භාවනා වැඩීමෙන් බය නැතුව සිහි මුලා වෙන්නේ නැතුව මරණයට මුහුණ දෙන්න පුළුවන්. මෛත්‍රී භාවනාව සහිත ලිපිය කියවීමට ( මෙතන ක්ලික් කරන්න )


මරණින් මතු දෙව්ලොව උපදින්න දෙවතානුපස්සනාව වඩන්න


මරණින් මතු දෙව්ලොව උපදින්න කැමති යමෙක් ඉන්නවනම් දෙවතානුස්සති භාවනාව නිතර වැඩිම උපකාර වෙනවා. දේවතානුස්සතිය නිතර පුරුදු කිරීමෙන් මරණ මොහොතේදී සිත දෙව්ලොව පිහිටනවා. දේවතානුස්සති භාවනාව කියවීමට ( මෙතන ක්ලික් කරන්න )


පිංකම් කරන අවස්ථා වලදී   "මරණ අවස්තාව සුඛ සහගත සිහියෙන් යුක්ත වේවා" කියල ප්‍රර්ථනා කිරීමෙනුත් පිංකම් වල බලයෙන් සුඛ සහගතව මරණයට පත් වෙන්න පසුබිම සකස් වෙනවා. ඒ නිසා පිංකම් කරනකොට ඒ විදියට ප්‍රර්ථනා කිරීමත් හොදයි.




මරණය කල් දැමීම
බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අත්හරින්න පෙර ආනන්ද තෙරුන් වහන්සේ අමතලා බුදුරජාණන් වහන්සේ නමකට අවශ්‍යනම් කල්පයක් වැඩ හිදින්න පුළුවන් බව දේශනා කරපු බව හැමෝම අහලා කියවල  ඇති. මේ කාලේ ගොඩක් ස්වාමින් වහන්සේලා පවා ඒ ප්‍රකාශය අර්ථ දක්වන්නේ මෙතැනදී කල්පයක් කියල තියෙන්නේ ආයුෂ කල්පයක් කියන එක මිසක්  කල්පයක කාලයක් නෙවෙයි කියල.  බුදුරජාණන් වහන්සේ නමකට වැඩ හිදින්න පුළුවන් බව දේශනා කලේ ආයුෂ කල්පයක් ( අවුරදු 120ක්) පමණක් නෙවෙයි නෙවෙයි සත්‍ය කල්පයක කාලයක් වුනත් වැඩ හිදින්න හැකියාවක් තිබෙනවා. මොඩර්න් බෞද්ධයන් බහුතරයකට මේ කරුණු පිළිගන්න බැරිවෙලා තියෙනවා. ඒකට හේතුව ඔවුන් බුදුරජාණන් වහන්සේව මනින්නේ තමන්ගේ මට්ටමින්, සාමාන්‍ය මිනිස්සුන්ගේ මට්ටමින්. ඔවුන් හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ අපි වගේ සාමාන්‍ය පුද්ගලයෙක් කියලා.

බුදුරජාණන් වහන්සේ එක පුද්ගලයෙක් වගේ පෙනුනට මිනිසුන් ලක්ෂ කෝටි ගානක එකතුවක්. ආත්ම කෝටි ගණනක් තිස්සේ එක්රැස් කරලා ගබඩා කරගත්ත දක්ෂතා අනන්ත ප්‍රමාණයක එකතුවක්. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේට වඩා ගුණයෙන් වැඩි බලයෙන් වැඩි කෙනෙක් නැත්තේ. සියලු දෙවියන්ගේ ඉර්ධි බලය එකට එකතු කරලා ගත්තොත් ඊටත් වඩා ඉර්ධි බලයක් බුදුරජාණන් වහන්සේ සතුව පවතිනවා. ඒකට හේතුව අර දෙවියන් සියලු දෙනාට වඩා වාර ගණනක් බුදුරජානන් වහන්සේ ධ්‍යාන වඩලා ඉර්ධි ලබාගෙන තියෙන නිසා. ආත්ම ගණනක් තිස්සේ පාරමිතා පුරලා ඉර්ධිමය ශක්ති දරාගැනීමේ ධාරිතාව වැඩිකරගෙන තියෙනවා.
සියලු ඍෂි වරුන්ගේ සමාධින් එකතු කලත් ඊටත් වඩා සමාධියක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒකට හේතුව සියලු ඍෂි වරුන්ට වඩා වාර ගණනක් බුදුරජාණන් වහන්සේ ධ්‍යාන වඩා තියෙන නිසා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්නේ මේ තත්වයට පත්වෙන්න.
බුදුරජාණන් වහන්සේ එක ශරීරයක් උනත් එක සිතක් උනත් ඒ එක බුදුරජාණන් වහන්සේ තුල දෙවිවරු සාරාසංඛ්‍ය ලක්ෂයක් ඉන්නවා, ඍෂිවරු සාරාසංඛ්‍ය ලක්ෂයක් ඉන්නවා සක්විති රජවරු සාරාසංඛ්‍ය ලක්ෂයක් ඉන්නවා සක්‍ර දෙවිවරු සාරාසංඛ්‍ය ලක්ෂයක් ඉන්නවා. එච්චර ශක්තියක් බුදුරජාණන් වහන්සේ තුල ගබඩා වෙලයි තියෙන්නේ. ඒ නිසා බුදුකෙනෙකු කීයටවත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට සමාන වෙන්නේ නෑ. ඒ නිසා කවදාවත් බුදුරජාණන් වහන්සේ නමක් තමන්ගේ මට්ටමෙන් මනින්න එපා. සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට කරන්න හිතන්නවත්  බැරි දේවල් බුදුන් වහන්සේ නමකට ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා චන්ද චිත්ත විරිය විමංසා කියන සතර ඉර්ධිපාද දියුණු කරගෙන ඇති කෙනෙකුට කල්පයක් හෝ ඊට වැඩි කාලයක් ජිවත් වෙන්න පුළුවන් කියලා. මරණය කල් දාන්න පුළුවන් එක් ක්‍රමයක් තමයි ඒ විදියට සතර ඉර්ධිපාද දියුණු කිරීම. ධර්මාවබෝධය පිණිසත් සිත සමාධිගත කරගැනීම පිණිසත් ඉර්ධින් ලබාගැනීම පිණිසත්

චන්ද - බලවත් කැමැත්තක් ඇතිකරගැනීම
චිත්ත - නොසැලෙන අධිෂ්ඨානයක් අත්කරගැනීම
විරිය - නොපසුබට උත්සාහයක් ඇතිකරගැනීම
විමංසා - බලවත් නුවනින් මෙනෙහි කිරීමක් ඇතිකරගැනීම


කියන හතරයි සතර ඉර්ධිපාද කියන්නේ. මේ සතර ඉර්ධිපාද වඩමින් ධ්‍යාන දියුණු කරගෙන සමාපත්තීන් හා අභිඥාවන් ලබාගත් කෙනෙකුට මරණය පාලනය කරගන්න පුළුවන් වෙනවා.

අභිඥා මගින් මරණය කල් දමන ක්‍රමවේදයක් තියෙනවා. මරණය සිද්ද වෙන්නේ මොකක්හරි හේතුවක් ඉදිරිපත් වෙලා. ගොඩක් වෙලාවට ලෙඩක් හැදිලා තමයි මරණයට පත්වෙන්නේ. එහෙමත් නැත්තම් මොළයට හානි වීමක්, හෘදයට හානි වීමක්, ශරීරය අභ්‍යන්තරයේ ලේ ගැලීමක් වගේ දෙයක් සිද්ද වෙනවා. ඒ මුකුත්ම උනේ නැතොත් හෘදයේ හෝ මොලයේ සෛල වැඩ කරන්න බැරි තත්වයටම වියපත් වෙලා ඒවා අක්‍රිය වෙලා මරණයට පත්වෙනවා.
අභිඥා ලැබූ කෙනෙක්ට මේ විදියට තමන්ට මරණයට පත් කරන්න ඉදිරිපත් වෙන හේතු මගාරින්න පුළුවන්. උදාහරණයක් විදියට බුදුරජානන් වහන්සේට ලෝහිත පක්කන්ධිකා (ලේ අතීසාරය)  කියන රෝගය වැළදුනු අවස්ථාවේ ක්‍රියා කළ ආකාරය දක්වන්න පුළුවන්. මේ රෝගය නිසා තමයි බුද්ධ ශරීරය දුර්වල වෙලා පරිනිර්වාණය සිදුවෙන ස්වභාවයට පත් උනේ කියල මම හිතන්නේ. බුදුරජාණන් වහන්සේට අවශ්‍යනම් අභිඥා බලයෙන් මේ රෝගය වැළදීම වලක්වන්න තිබුනා. රෝගය වලක්වනවද නැද්ද කියන තීරණය ගන්න කලින් ආනන්ද තෙරුන්ට බුදු කෙනෙකුගේ ආයුෂ ගැන දේශනා කළා. නමුත් ආනන්ද තෙරුන්ට සිදු උන මාරාවේශය නිසා කල්පයක් වැඩ ඉන්න ආරාධනා කරන්න බැරි උනා. ආනන්ද තෙරුන් විසින් කල්පයක් වැඩ හිදින්න කියලා ආරාධනා කලානම් බුදුරජානන් වහන්සේට රෝගය වැළදීම වලක්වා ගන්න අධිෂ්ඨාන කිරීමට හැකියාව තිබෙනවා. එහෙම වලක්වා ගත්තානම් අවුරුදු 80කින් බුදුන් පිරිණිවන් පෑම සිද්ද වෙන්නේ නෑ ඊට වඩා කාලයක් වැඩ හිදිනවා.

මුගලන් මහරහතන් වහන්සේ පිරිණිවන් පාන්න හේතු උනේ පෙර කර්මයක් නිසා හොරුන් රැලක් මුගලන් මහරහතන් වහන්සේට පහර දීම. මේ හොරුන් රැල කිහිප වතාවකදීම මුගලන් රහතන් වහන්සේ වැඩ සිටි කුටියට කඩා වැදුනත් මුගලන් මහරහතන වහන්සේ ඉර්ධි බලයෙන් ඔවුන්ව මගහැරිය බව දේශනා වල සඳහන් වෙනවා. එක් අවස්තාවක ශරීරය සියුම් අංශු ගොඩක් බවට පරිවර්තනය කරලා වැඩ සිටි කුටියේ යතුරු   සිදුරෙන් ඉවත් උන බව සඳහන් වෙනවා. මේ විදියට අවශ්‍යනම් සොරුන් එන හැම පාරකම මගහරිමින් මරණය වලක්වන්න මුගලන් මහා රහතන් වහන්සේට හැකියාව තිබුනා. නමුත් අටලෝ දහමට අනුව මරණයට පත්වෙන්න තීරණය කරපු නිසා තමයි සොරුන් පැමිණි තුන්වන අවස්ථාවේ මගහරින්නේ නැතුව හිටියේ.
මේ වගේ කවුරුහරි ධ්‍යාන අභිඥා දියුණු කරගත්තොත් ශරීරය මරණයට පත්වෙන හේතු මගහරිමින් තමන්ට අවශ්‍ය කාලයක් ජිවත් වෙන්න පුළුවන්.

සතර ඉර්ධිපාද වැඩු කෙනෙකුට බොහෝ කාලයක් මරණයෙන් මිදී සිටිය හැකි බවට බවට හොදම උදාහරණයක් තමයි මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ශරීරය පිලිබඳ කතා පුවත. බෞද්ධ හැමෝම දන්නා කතාවක් තමයි අදටත් කුක්කුට සමපාත පර්වත තුනට මැදිවෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය ආරක්ෂිතව පවතින බවත් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ බුදු වුන පසු මෛත්‍රී බුදුන් කාශ්‍යප මහා රහතන් වහන්සේගේ දේහය බුද්ධ හස්තයට ගෙන බුද්ධ හස්තය මතදී දේහය දවන බවත් කියවෙන කතා ප්‍රවෘතිය. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන තෙක් මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ දේහය පවතිනවා කියන්නේ මේ කල්පය අවසාන වනකම් කාලයක් පවතිනවා කියන එක. රහතන් වහන්සේ නමකට ඒ තරම් අධිෂ්ඨාන ශක්තියක් තියෙනවනම් බුදුරජාණන් වහන්සේගේ ආයුෂ වැළදීමේ හැකියාව අවුරුදු 120කට සිමා වේවිද?


මෑත කාලයේ හිටපු ස්වාමින් වහන්සේලා අතරින්  බළන්ගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමියන් භාවනා උපකාර කරගෙන තමන් වහන්සේට යෙදෙන්න තිබුණු මාරක අපලයක් මගහරවාගෙන ආයුෂ දිගු කරගත්ත බව උන්වහන්සේ සමග කල සාකාච්චා වලදී කියල තියෙනවා.

""ඉතින්, මම බාරගත් වැඩ කොටස දැන් ඉටුකර හමාරයි. ආයෙත් දිව්‍ය ලෝකෙ යන්න මට වුවමනාවක් නෑ. මනුෂ්‍ය ලෝකෙ ලංකාවෙම උපදින්නයි මට වුවමනා. මගෙන් ඉටුවිය යුතු වැඩ කටයුතු අවසන් නිසා දැන් ජීවත් වුණා ඇතිය කියා මට හිතෙනවා. තව පොත් ටිකක් ලියන්න නම් වුවමනාව තියෙනවා. ඒත් ලෝක ස්වභාවය අනුව ශරීරයට ලෙඩ දුක් වැළඳෙනවා. ඒවා චිත්ත බලයෙන් වළක්වන්න පුළුවන්‍. ඒකට භාවනා කරන්න ඕනෑ. ඒ භාවනා ක්‍රම වැළකුණාම වයස් ගත නිසා ලෙඩ හැදෙනවා. භාවනාවට මාර පාක්ෂිත බාධා පැමිණෙනවා ඉන්දියාවේ හිමාලයේ "ගෞරි බාබා" නමැති යෝගියෙක් ඉන්නවා. වයස අවුරුදු දෙදාහටත් වැඩියි. සමථ භාවනාවයි වඩන්නේ. ආහාරයට ගන්නේ කොළ හා පළතුරු පමණයි. තායිලන්ත කඳුකරයේත් අවුරුදු හාර දහසකට වඩා වයස බෞද්ධ යෝගියෙක් ඉන්නවා. එයා ඉස්සර හින්දු ආගමේ යෝග භාවනා කළ කෙනෙක්. පසුව ගෞතම බුදු හාමුදුරුවන් දැක බෞද්ධ වෙලා. එයත් සමථ භාවනාව දියුණු කළ කෙනෙක්‍. විස්තර පින්තූර සමග තායිලන්ත සඟරාවලත් පළවෙනවා. ඒ තත්ත්වයට එන්න සමථය දියුණු කර සිතෙන් ශරීරය පාලනය කරන්න, ඉන්ද්‍රියයන් ආණ්ඩු කරන්න තරමට චිත්ත බලය වර්ධනය කරන්න ඕනෑ. ජීවත්වීමේ ආශාව තියෙන අය එහෙම කරනවා. ඒ අයට හුඟක් කල් ජීවත්වෙන්න පුළුවන්.
මටත් මැරෙන්න නියමිතව තිබුණේ 1983. භාවනා ක්‍රමවලින් මම ඒ මාරක අපලය පැන්නුවා. ඒ අපලයට මගේ දණහිසේ අමාරුවක් හැදිලා මාස ගණනක් ගතවුණා සනීප වෙන්න. බුදුහාමුදුරුවන්ටත් කල්පයක් කල් ඉන්න තිබුණා කියන්නේ ඒකයි. කල්පයක් කල් වැඩ ඉන්න කියා ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළේ වසවර්ති මාරයා නිසා. ආනන්ද හාමුදුරුවන්ට එළැඹ සිටි සිහියෙන් ඉන්න වසවර්ති මාරයා ඉඩ දුන්නේ නෑ. ආනන්ද හාමුදුරුවෝ එළැඹ සිටි සිහියෙන් සිටියා නම් ඒක සිදුවෙන්නේ නෑ. මාරයා බාධා කළා. වේලාව මගහැරුණා. බුදු හාමුදුරුවොත් ඒ ගැන ක්‍රියාකළේ නෑ. බුදුවන වෙලාවේ වසවත් මරු ආරාධනා කළ විට "සාසනය පිහිටුවනතුරු" කියා මාරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළානෙ. දැන් ඉතින් සාසනය පිහිටුවා අවසන් නිසා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා. ඉතින් අපට මාරයා කරදර කරන එක පුදුමයක්ද? මාරයාගේ ගෝලයොත් ඒ වගේමයි. මමත් පහුගිය කාලෙ යෝග භාවනා දියුණු කළා. පූර්වාත්ම හා පරසිත් දන්නා තත්ත්වයට ආවා. පිරිවෙන ගෝලයින්ට බාරදීලා භාවනාව තවදුරටත් දියුණු කරගන්න වෙනම කුටියකට වී භාවනා කරන්න පටන් ගත්තා. හරියටම වෙලාවටම පොළොන් තෙලිස්සෙක් ඇවිත් මගේ කකුල හැපුවා. ඒ සතාව එතැනට ගෙනත් දැම්මේ මාර දිව්‍ය පුත්‍රයෙක්. ඒ සතා කකුල කාපු අමාරුවට මම මාස තුනක් ඇඳේ දුක් වින්දා. මාස තුනක් එහෙම ඉන්නකොට භාවනාව මග හැරුණා. විපස්සනාව නම් එහෙම වෙන්නෙ නෑ. මම සංඛාර උපේක්ඛා ඥානය දක්වා සිත දියුණු කරලයි හිටියේ. ඊට එහා ගියා නම් සෝවාන් වෙනවා. මට එයින් එහාට යන්න බැරිවුණේ මගේ ප්‍රාර්ථනයක්, අධිෂ්ඨානයක් තියෙන නිසයි. මාරයා විපස්සනාවට විරුද්ධ නෑ. සමථය වඩන විට තමයි කරදර කරන්නේ. මම පූර්වාත්ම දුටු හැකියාවෙන් පහුගිය භවයන්හි විස්තර බැලුවා. මම ගෞතම බුදුහාමුදුරුවන් දැක්කා. උන් වහන්සේ පිටදුන් ජයසිරි මහා බෝධීන් වහන්සේට අධිගෘහිත වෘක්ෂ දේවතාවෙක් වෙලයි මම හිටියේ. බුදුහාමුදුරුවන්ට ආවතේව කළා. ඊට අවුරුදු දෙසීයකට පසු අසන්ධිමිත්‍රා ඒ බෝධිය කැපූ වෙලාවේ මමත් මැරුණා. මැරී අශෝක රජුගේ අග්‍රාමාත්‍යයාගේ පුත්‍රයා වී උපන්නා. ධර්මාශෝක අධිරාජයාගේ ධර්ම දූත වැඩවලට සහයෝගය දෙමින් කටයුතු කළා. ඒ කාලේ සිටම මම බුදු බව පතමිනුයි හිටියේ යැයිද ආනන්ද මෛත්‍රිය මහ නාහිමියෝ සිය අතීත ජන්ම කතාව අවසන් කළහ.
(බළංගොඩ හාමුදුරුවෝ ග්‍රන්ථයෙන් උපුටා ගැනුණි.)""



ඒ වගේම උන්වහන්සේ හිමාලයේ යෝගීන් අතර යෝග වඩන කාලයේදී අවුරුදු සිය ගණනක් ජිවත් උන යෝගීන් මුණගැසුණු බවත් ඉන්දියාවේ යෝගින්ටවත් ලේසියෙන් දකින්න නොලැබෙන  අවුරුදු පන්දහසක් පමණ ආයුෂ ඇති මහාවතාර් බාබාජි නම් මහා ඍෂි වරයා දකින්න ලැබුන බවත් සාකච්චා වලදී බළන්ගොඩ හිමියන් කියලා තියෙනවා.

මහාවතාර් බාබාජි



මහාවතාර් බාබාජි ගැන මට මුලින්ම දැනගන්න ලැබුනේ පාසල් කාලයේ කියවපු රිවිරිසි පුවත්පත් ලිපියකින්. ඒ ලිපියේ තිබුන හැටියට දිර්ඝායුෂ යෝග වඩන්න ජිවිත කාලය පුරා යෝග හා භාවනා වැඩු තරුණ යෝගියෙක් මහාවතාර් බාබාජි හොයාගෙන හිමාලයට ගිහින් එතුමන් මුණගැහිලා තියෙනවා. තමන්ට දිර්ඝායුෂ විදින යෝගය උගන්වන්න කියල මහාවතාර් බබාජි තුමන්ගෙන් මේ යෝගියා ඉල්ලලා තියෙනවා. එවිට මහාවතාර් බාබාජි ඍෂි තුමා තමන්ගේ ශිෂ්‍යයන් එක්ක මේ යෝගියාව උස කන්දක් මුදුනට ගෙනිහින් යෝගියාව කන්දෙන් පහලට තල්ලු කලා. මේ ගැන පුදුම උන ශිෂ්‍යයන් බාබාජි තුමන්ගෙන් ප්‍රශ්න කරනවා ඇයි එහෙම කලේ කියලා. එතකොට බාබාජි තුමන් පිළිතුරු දීලා තියෙනවා දැන් ඔහුගේ මාරක අපලය ගෙවලා ඉවරයි නැවත මරණය ඔහු වෙත එන්නේ නෑ දැන් ඔහු අමරණිය යෝගය වඩන්න සුදුසුයි ගිහින් ඔහුව අරගෙන එන්න කියලා.
මම හිතන්නේ මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කාලයක් තිස්සේ පැවතගෙන ආපු ජනප්‍රවාදයක්.  මම හිතන හැටියට මෙතැනදී බාබාජි තුමන් කරලා තියෙන්නේ අර යෝගියාව මරණයට පත්වෙන්න තිබුන කර්මය ගෙවන්න සැලැස්වීම. ඒත් ඒ වෙනකොට එයාගේ ආයුෂ ගෙවල ඉවර නැති නිසා වද වේදනා විදියට කර්මය විදින්න ලැබුනා මිසක් මරණයට පත් උනේ නෑ. ඒ කර්මය තිබෙන තාක් එයාට අමරණිය තත්වයට පත්වෙන්න බෑ. මරණයට පත්වෙන්න තිබුන කර්මයත් විපාක දීලා ඉවර උන නිසා එයාට දිර්ඝායුෂ යෝග වැඩීමේ සුදුසුකම ලැබුනා කියල මම හිතන්නේ.
(මේ දේ වැරදියට තේරුම් අරන් තම තමන්ගේ කර්මත් ගෙවලා ඉවර කරන්න කියල හිතාගෙන දුක් වේදනා විදින්න එහෙම කල්පනා කරන්නෙපා!!! සාමාන්‍ය මිනිස්සුන්ට කර්මය ගෙවන ක්‍රම නිර්ණය කරන්න බෑ. ඒ සදහා චතුර්ථ ධ්‍යානය, අභිඥා, කුණ්ඩලිනි ශක්ති තියෙන තත්වයට පත්විය යුතුයි. )

දිර්ඝායුෂ ලබන භාවනාව

මේ වගේ ඍෂිවරු දීර්ඝ කාලයක් ජිවත් වීමට ප්‍රගුණ කරන භාවනා අතරින් ප්‍රධානම භාවනාවක් මේ ලිපියෙන් හෙළිදරව් කරන්න තීරණය කළා. මේ භාවනාව සක්‍ර දෙවියන් විසින් හෙළිකළ භාවනා ක්‍රමයක්. සක්‍ර දෙවියන් දේවත්වයට පත් වීමට පෙර ආත්මයේදී ඍෂි වරයෙක් විදියට හිමාලයේ දීර්ඝ කාලයක් යෝගාවචාරිව ජිවත් වෙමින් සිටියදී මේ භාවනාව වඩමින් ඉතා දීර්ඝ කාලයක් ආයුෂ විද භාවනාව අත්හැර මරණයට පත්වීමෙන් දේව ආත්මයට පත්වී තිබෙනවා.

මේ භාවනාව ආනාපානසතියට තරමක් සමාන භාවනාවක්. මෙහිදී මුලින්ම කළ යුතු දේ හුස්ම දිහා සිහියෙන් බලාගෙන හිදීම. ඒ මගින් හිත සමාධිමත් කරගන්න උත්සහ කළ යුතුයි. මීළගට ටිකෙන් ටික හුස්ම ගන්නා වාර ගණන අඩු කළ යුතුයි. ඒ වගේම හුස්ම ගන්න යන කාලය ක්‍රමයෙන් දීර්ඝ කළ යුතුයි. ඒ විදියට කරගෙන ගිහින් හුස්ම ගැනීම සම්පුර්ණයෙන්ම නතර කළ යුතුයි. මේක තමයි භාවනාවේදී කරන්නේ. වැඩි විස්තර නැතුව කෙටියෙන් කිවුවත් පුහුණු වීමේදී තමන්ට අදාළ පියවර වලදී මේ පිලිබඳ අවබෝධය ඇතිවෙනවා. මේ විදියට හුස්ම නවත්වන මට්ටමට දියුණු වීමට මාස ගණනක් ගතවෙනවා. එක එක පියවර මාස ගණනක් ප්‍රගුණ කරනකොට තමයි හුස්ම පාලනය කිරීමේ හැකියාව ලැබෙන්නේ.

හුස්ම නොගෙන ඉන්න පුලුවන්ද කියල එකපාරට හිතාගන්න බැරි   සිතේ සමාධියත් එක්ක ක්‍රමයෙන් හුස්ම නතර කරන්න මේ  භාවනාවෙන් පුළුවන්. හැබැයි මේ භාවනාව එකපාරට දියුණු  කරන්න පුළුවන් භාවනාවක් නෙවෙයි. කාර්ය බහුල ජිවිත ගත කරන අයටත් සුදුසු භාවනාවක් නෙවෙයි. නිදහස් යෝගී ජිවිත ගත කරන අයට තමා මේ භාවනාව කරන්න සුදුසු  වෙන්නේ. භාවනාවට ආධුනික අය හා කාලයක් තිස්සේ භාවනා කලත් තාමත් සමාධිමත් තත්වයකට එළබෙන්න බැරි උන අය මේ භාවනාව වැඩිම සුදුසු නෑ. භාවනා කිරීමේ හොද පළපුරුද්දක් තිබෙන අය විතරක් මේ භාවනාව කරන්න.
අනිත් වැදගත් කාරණය තමයි මේ භාවනාව අනවශ්‍ය විදියට කරගහගෙන ලෙඩක් අනතුරක් උනාම බෙහෙත් ගන්න  යන්නෙත්  නැතුව මේක කර කර  ඉදිමින් ජිවත් වෙන්නෙපා. අන්තගාමි විදියට මේක පුරුදු වෙන්න ගිහින් හුස්ම හිර කරගෙන තියෙන ආයුෂ ටිකත් නැති කරගන්නෙපා. ඒ නිසා තමයි භාවනා හා සමාධින් ගැන පළපුරුදු අය විතරක් මේක කල යුත්තේ. අනිත් අය මුලින්ම සාමාන්‍ය භාවනාවකින් හිත සමාධිගත කරගැනීමට හෝ ශක්ති අවධි කරගැනීමට උත්සාහ කරන්න. ඒවා සාර්ථක උනාට පස්සේ මේ භාවනාව උත්සහ කරන්න.
සාමාන්‍ය භාවනා වලදී හුස්ම වැටීම හා හෘදයේ ක්‍රියාකාරිත්වය නතර වෙන්නේ චතුර්ථධ්‍යානයේදී. මේ  භාවනාවේදී  ඍජුවම හුස්ම හා හෘදය නවත්වනවා. ඒ නිසා සිතත් චතුර්ථධ්‍යාන මට්ටමට පත්වෙනවා.  Stethoscope එකක් ( වෙද නලාවක්) හොයාගන්න පුළුවන් නම් ඒකෙන්  තමන්ගේම හදවත ගැහෙන විදිය අහගෙන ඉදිමින් හුස්ම ගැනීම නතර කරලා බලා සිටීමේදී ටිකෙන් ටික හදවත ගැහෙන එක අඩුවේගෙන යනවා ඇහෙනවා. මේ දේ තමයි  මේ භාවනාවේදී සිද්දවෙන්නේ. හුස්ම ටිකෙන් ටික නවත්තනකොට හෘදය ක්‍රියාකිරීම ටික ටික නවතිනවා. භාවනාව දියුණු වෙනකොට හදවත පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා.

මේ භාවනාව අනිච්චායුග ක්‍රියාවලි පාලනය කරන රහස්  යතුරක් වගේ දෙයක්. අපේ ශරීරයේ ස්නායු ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා ඉච්චානුග හා අනිච්චානුග විදියට. ඉච්චානුග කියන්නේ අත් කකුල් ඇස් වගේ  අපිට පාලනය කරන්න  පුළුවන් දේවල්. අනිච්චානුග කියන්නේ හදවත ආමාශය වගේ අපිට පාලනය කරන්න බැරි දේවල්. හුස්ම කියන්නේ අපිට අපේ ශරීරයේ අනිච්චානුග කොටසට ගොඩවෙන්න පුළුවන්  පාලමක් වගේ දෙයක්. හුස්ම සාමාන්‍යයෙන් වැඩ කරන්නේ අනිච්චානුග විදියට. හුස්ම ගැනීම අපි හිතලා කරන දෙයක් නෙවෙයි. හැබැයි අපිට අවශ්‍යනම් හිතලා හුස්ම පාලනය කරන්නත් පුළුවන්. ඒ නිසා හුස්ම ඉච්චානුග විදියටත් අනිච්චානුග විදියටත් දෙවිදියටම වැඩ කරනවා. ඒ  නිසා හුස්ම කියන්නේ ශරීරයේ ඉච්චානුග හා අනිච්චානුග  ක්‍රියාවලි යාකරන පාලමක් වගේ කියන්න පුළුවන්. හුස්ම පාලනය කිරීම හරියට කරගත්තාම ඒ හරහා හෘද ක්‍රියාකාරිත්වය වගේ ශරීරයේ අනිත් අනිච්චානුග දේවලුත් පාලනය  කිරීමේ හැකියාව ලබාගන්න පුළුවන්.

අපේ ශරීරයේ සෛල හැම තත්පරයකම ශක්තිය භාවිතා කරමින් ක්‍රියාත්මක වෙනවා. මේ සියලු ක්‍රියා වලට අවශ්‍ය ශක්තිය ගන්නේ අපි ගන්නා ආහාර වලින් හා හුස්ම ගන්නා ඔක්සිජන් වායුවෙන්.  මේ භාවනාවේදී සිද්ද වෙන්නේ හුස්ම ගැනීම හා හෘදය නතර කරලා  ආහාර වලින් හා ඔක්සිජන් මගින් සෛල වලට ශක්තිය ලබාගැනීම නතර කිරීම. ඒ වෙනුවට ශරීරයේ ශක්ති අවශ්‍යතා සම්පුර්ණ කරගන්නේ විශ්ව ශක්තිය ලබාගැනීම මගින්. සෛල වල ක්‍රියාකාරිත්වය නතර වෙන නිසා සෛල වයස්ගත වීම නතර වෙනවා. ශරීරයේ හැම  සෛලයක්ම වයස්ගත වීම නතර වෙනවා කියන්නේ ශරීරය වයස්ගත වීම නතර වෙනවා. ඒ නිසා තමයි මේ භාවනාව කරන කෙනෙක් වයසට යාම හෝ මරණයට පත්වීම වළකින්නේ.

අපි දන්නා හැටියට මනුෂ්‍යයන්ට කන්නේ බොන්නේ නැතුව හුස්ම ගන්නේ නැතුව හදවත වැඩ කරන්නේ නැතුව ජිවත් වෙන්න බැරි   උනාට එහෙම ජිවත් වෙන්න පුළුවන් ජීවින් ඉන්නවා. උදාහරණ තමයි "හිම වළසා" හා "Alaskan wood frog කියන ගෙඹි විශේෂය". මේ වගේ තවත් ජීවින් ඉන්නවා. මේ ජීවින් සීතල කාල වලදී ජිවය පවත්වාගැනීමට අනුවර්තනයක් විදියට සියලු ජීව ක්‍රියා අක්‍රිය වෙලා නිද්‍රාවකට පත් වෙනවා. මේකට කියන්නේ  Hibernation නොහොත් ශිශිරතරණය / හේමන්ත නිද්‍රාව කියලා. මේ සතුන්ගේ හදවත ගැහෙන්න අරන් නැවත ක්‍රියාකාරී වෙන්නේ ශිත ඉර්තුව ඉවර උනාම. කිසියම් හෝ ජීවී විශේෂයකට ස්වභාවිකව මෙහෙම හැකියාවක් තියෙනවානම් මිනිස්සුන්ට ඒ හැකියාව උපදවා ගන්න නොහැකියි කියන්න හේතුවක් නෑ.



ප්‍රාණයාම

 හුස්ම නවතා ආයුෂ දීර්ඝ කරගැනීම ප්‍රාණයාම  මගින් සිද්දකරන්න පුළුවන්. ඉන්දියාවේ යෝගීන් හෘදය නැවත්වීම හා ආහාර නොගෙන මාස ගණන් ජිවත් වීම යුරෝපයේත් ඉතාම ප්‍රසිද්ද කරුණක්. ඒ යෝගීන් ඒවා කරන්නේ මේ විදියට හුස්ම නැවැත්වීමෙන්. ප්‍රාණයාම කිරීමේදීත් සිද්ද කරන්නේ හුස්ම රිද්මයානුකුලව පාලනය කිරීම. ක්‍රමයෙන් ඒ සදහා ගත කරන කාලය වැඩිකිරීමෙන් ටිකෙන් ටික  හුස්ම ගැනීම අඩු කරලා හුස්ම නවත්වන මට්ටමටම යන්න පුළුවන්. ඉන්දියානු යෝගීන් බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ මේ ප්‍රාණයාම ක්‍රමය.

ස්වාධිශ්ඨාන චක්‍රය අවදි කිරීම

ලිංගාශ්‍රිත ප්‍රදේශයට ඇතුලතින් පිහිටා තිබෙන ස්වාධිශ්ඨාන චක්‍රය සක්‍රිය කරගැනිමෙනුත් මරණය හා ආයුෂ පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා. ලිංගික හෝර්මෝන වලින් ආයුෂ අඩුවීමක් වෙනවා. ස්වාධිශ්ඨාන චක්‍රය අවදී කරගැනීමෙන් ලිංගාශ්‍රිත ස්නායු පාලනය කිරීමේ හැකියාව ලැබෙන නිසා හෝර්මෝන බලපෑම් පාලනය කරගෙන ආයුෂ පාලනය කරන්න පුළුවන් වෙනවා. ස්වාධිශ්ඨාන චක්‍රය අවදි කරගැනීමට කුණ්ඩලිනි ශක්ති අවදි කරන භාවනා ලිපියේ සඳහන් කල භාවනාව භාවිත කරන්න පුළුවන්. එම  භාවනාව සහිත ලිපිය   කියවීමට ( මෙතන ක්ලික් කරන්න )

මහා මෘතුන්ජය මන්ත්‍රය 
ඉන්දියානු ඍෂිවරුන් යෝගීවරුන් ඉතා පුජනිය මන්ත්‍රයක් ලෙස සලකන මහා මෘතුන්ජය මන්ත්‍රය දීර්ඝ කාලයක් සජ්ඣායනා කිරීම මත ශරීරයේ තියෙන විෂම ස්ථාන සහ අක්‍රීය ස්ථානවල ක්‍රියාකාරීත්වය යහපත් අතට හැරෙනවා සහ ඒ අනුව ආයුෂ ප්‍රමාණයේ යම් වර්ධනයක් වෙනවා කියලා පිළිගැනීමක් තියෙනවා . මහා මෘතුන්ජය මන්ත්‍රය පිලිබඳ ලිපියක් ( මෙතනින් කියවන්න)

මරණය කල් දමන පිංකම් 
පුළුවන් අවස්ථා වලදී මරණයට පත්වෙන්න යන මිනිසුන්ගේ ජිවිත බේරලා,
ගවයන්ට අභය දානය දීලා,
මැරෙන්න යන සත්තුන්ගේ ජිවිත බේරලා,
වතුරට වැටුන සත්තුන්ගේ ජිවිත බේරලා  මකුළුදැල් වල අහු උන සත්තුන්ගේ ජිවිත බේරලා, 
ප්‍රාණඝාත සිල් පදය රැකලා,
පරවෙන්න යන  බුදුන්ට කරපු මල් වලට පරවෙන්න නොදී වතුර එක් කරලා,
නිර්මාංශ වෙලා
ඒ පිංකම් සිහි කරගෙන සත්‍ය ක්‍රියා කරන්න " මම දිර්ඝායුෂ සහිත වෙම්වා" හෝ "මට අවශ්‍ය කාලයක් නොමැරී ජිවත් වීමට හැකි වේවා" කියලා. එතකොට අවශ්‍ය තරම් පින සම්පුර්ණ උනොත් තමන් ප්‍රර්ථනා කරපු දේ ඉෂ්ට වෙන්න පුළුවන්. මේ ආත්මයේදී නොලැබුනත් ලබන ආත්ම වලදී හෝ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවි.

හැබැයි ඔය ප්‍රර්ථනා කරනකොට කල්පනා කරලා කරන්න. අපි දැන් ඉන්නේ කලි යුගයේ. මිනිස්සුන්ගේ ආයුෂ ටික ටික අඩුවේගෙන යනවා. අපේ ප්‍රාර්ථනයක් නිසා අපි දිර්ඝායුෂ්ක උනොත් අන්තිම කාලේදී තමන්ගේ කවුරුත් නැතුව පාලුවෙන් විදව විදව තමා ජිවත් වෙන්න වෙන්නේ. ඒ වගේම ආයුෂ දීර්ඝ වුනොත් මහලු වෙලා ලෙඩ ශරීරය අමාරුවෙන් කරගහගෙන අමාරුවෙන් හරියට ඇවිදගන්න බැරුව ඇස් කන් වැඩකරන්නේත් නැතුව ගොඩක් කල් ජිවත් වෙන්න ගිහින් ජීවිතය එපාවෙන්නත් පුළුවන්. ඉංග්‍රීසි කියමනක් තියෙනවා "Be careful what you wish for" කියල. ප්‍රර්ථනා කරන්න කලින් ප්‍රාර්ථනාව ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ධ්‍යාන වඩන යෝගීන් භික්ෂුන් වගේ අයටනම් සාමාන්‍ය අයට වඩා ආයුෂ දීර්ඝ උනාට ප්‍රශ්නයක් නෑ ඔවුන්ට නෑදෑ අවශ්‍යතා යාලුවන්ගේ අවශ්‍යතා නැති නිසා හා තමන් වගේ දිර්ඝායුෂ සහිත අය ආශ්‍රය කරන්න ලෝකේ අනිත් පැත්තට උනත් යන්න පුළුවන් නිසා. ඒත් සාමාන්‍ය ජිවිත ගත කරන අයට අසාමාන්‍ය ලෙස දිඝායුෂ විදීම කියන්නේ සැප සහගත දෙයක් නෙවෙයි තවත් එක් විදවිමක් විතරයි. තමන්ගේ ආච්චි සියා දිහා බලලා ඒ විදවීම තේරුම් අරන් කල්පනා කරලා ප්‍රර්ථනා කිරීම් කරන්න.

මේ භාවනා වැඩීමෙන්  ඔබ අත්කරගන්නා පිං සක්‍ර දෙවියන්ටත් මගේ ගුරුවරයන්ටත් මටත් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..

 Facebook පිටුවට :- ( මෙතන ක්ලික් කරන්න )

( කුන්ඩලිනි භාවනා කිරීමේදී විවිද පුද්ගලයන්ට විවිද අත්දැකීම් ලැබෙන අතර ඒ සදහා කල යුතු පිළියම් තීරණය කල හැක්කේ කුන්ඩලිනි ශක්ති අවදි කල පුද්ගලයෙකුට පමණි. එමනිසා මෙම ලිපි අනවසරයෙන් සම්පුර්ණයෙන් හෝ කරුණු වශයෙන් උපුටා ගැනීමෙන්  හා පාඨමාලා තුල මෙම භාවනා අනවසරයෙන් පුහුණු කිරීමෙන් වලකින්න)

(මෙම ලිපි ලිඛිත වාචික විද්‍යුත් හෝ වෙනත් ඕනෑම ආකරයකින් උපුටාගැනීමෙන් වළකින්න )

Comments

  1. HUGA KALEKA IDAN BALAPOROTHTHUWEN HITAPU POST EKAK.GODAK STHUTHII,
    PAHATHA PRASHNA WALATA PILITHURU DENAWANAM KAMATHI,
    1.mama dawas 4ka idan pranayama karanawa. namuth saama awasthawakama naas kuhara deken ek sidurak adu kriyakareethwayakin pawathina nisa ema sidurin husma ihalata ganimedi atham awastha wala kan agulu watimak wenawa iita piliyamak kiyanna puluwanda?

    2.maha murthunjaya manthra saha shiva thandawa strotra liyala thiyenne mona bhaashawenda yogithumani?

    3.murthunjaya mantra shiva dewiyan haa sambanda nisa shiva thandawa strotra kiyala shiva wandanawa sidu kireemen pasu murthunja mantra kiwwata kamak nadda? eya kopamana wara gananak kiwa yuthuda?

    ReplyDelete
    Replies
    1. 1.matat hitapu gaman ohoma wenawa. hemin husma ganna ethakota kan agulu wetenne ne.
      2. mama hithana hatiyata sanskrutha bashawa
      3. kamak ne. 21, 54, 108 wage waara gananak kiyanna. kiyanna wela nettan audio eka play wenna danna

      Delete
    2. yoogya pilithuru ladimi. bohama sthuthi...

      Delete
  2. Yogi thumani maranaya palanya kirima yanu eka peaththakin beluma karmaya palanaya kirima neada?

    ReplyDelete
    Replies
    1. karmaya godak balapanawa. hebei maranayata path wena ekama hethuwa karmaya vitarak newei. buduhamuduruwoth karmaya era wenath hethu hatharak dakwala thiyenawa maranayata hethu wena

      Delete
  3. Godak pin ea karunu hathara monwada?

    ReplyDelete
  4. 01. Obathuma sakra deviyan samaga katha kare kumana basawenda?
    02. Obathuma sakra deviyan hamuveemata Thawthisa divya lokayata giyada? Nathnam kohomada sakra deviyan hamu une?
    03. Manokayen Diwya loka dakimata ya hakida?

    ReplyDelete
    Replies
    1. 1 sinhala
      2 ekata uttare milaga post walin danaganna lebei
      3 puluwan. hodin dyaana ho shakti diyunu karagattot manokayen vitarak neweyi samanya shariraya pitinma diwyaloka walata yanna puluwan

      Delete
    2. Godak Pin.
      1. Anapanasathi bawanawen dyana labagath pasu sharirayen ahase gaman kala hakida?
      2. Anapanasathi bawanawen bari nam, mona bawanawa kirimenda ahasen gaman kala hakke?

      Delete
    3. wayo kasina wadimen puluwan. anapanasatiyen amarui

      Delete
    4. Godak pin.
      Wayo kasinayen 4 wana dyanaya labagaththama ahasin gamankala hakida? Nathnam arupa dyanath laba gatha yuthuda?

      Delete
    5. Godak pin obatath obe guruthumatath.

      Delete
  5. yogithumani mn asa thibenawa budurajananwahanse magada basin daham deshana kalath e bashawa nodanna ayekuta thamange basin budurajananwahansege deshanawa asenawa kiya eya sathyakda?

    ReplyDelete
    Replies
    1. aho ketharam aascharyakda.... yogithumani, obathuma sadahan kara athi akarayata kundalaniya awadi kala pamanin kaalaya haraha gaman kala nohaki nisath e sadaha wenath yoga wadeema sidukara godak wehesiya yuthu nisaath siyasinma budun dakeema sadaha me wana wita jeewamanawa budurajaanan wahanse namak wada sitina mandakiniyakata yaama kaalaya haraha yamata wada lesi neda yogithumani?

      Delete
    2. ou
      ita wada lesi buddhaanussathi bawanawa kirima

      Delete
  6. යෝගී තුමණි . මට අවුරුදු 350ක් ඉන්න ඕන . මොකද කරන්නේ ඒකට ?

    ReplyDelete
  7. බොහොම ස්තුති බෙදා ගත්තට .

    ReplyDelete
  8. Bawana Addakim lipiya ikmanata danna.

    ReplyDelete
  9. යෝගි තුමනි
    පිළිකාවක් තියෙන කෙනෙකුට කරන්න හොද භාවනාව මොකක්ද? මගේ මිතුරියකට පිළිකාවක් හැදිලා තවම මුල අවස්ථාවේ තියෙන්නෙ... භාවනාව මගින් ඒක සුව කරගැනීමට පුළුවන් වෙයිද ?? මම ඔබතුමන්ගේ මේ blog එකෙන් භාවනාව වඩන්න පටන් ගත්තේ තවම ආධුනිකයන් කරන කොටස කරන්නෙ. මං අහල තියෙනවා භාවනාව මඟින් පිළිකා සුව කරගත් අය ගැන විස්තර. හරියටම දැනගන්නට තමයි ඔබතුමන්ගේන් අහන්නෙ පුළුවන් නම් උදව් කරන්න. ඇයට කරන්න හොද භාවනාවක ගැන කියන්න.. පිළිතුරක් ඉක්මනින් දෙන්න පුළුවන්කම තියෙනවා නමි හොදයි....

    ReplyDelete
    Replies
    1. pilikawa gena sampurna visthara kiyanna. koheda thiyenne? mona level ekeda pilikawa wadila thiyenne? mage facebook page (kundalini yoga srilanka) ekata msg karanna.
      onima bawanawakin dhyaana mattamata hitha ekanga karagaththot pilika unath suwa karaganna puluwan.
      bawana huru neti ayata arambayak vidiyata maitree bawanawa hodai leda suwa wenna.

      Delete
    2. යෝගීතුමනි., ඇයට ලේ පිලිකාවක් තවම මුල් අවස්තාවෙ කියල කියන්නෙ. ඩොක්ටර්ස්ල කියල 4න් එක අයින් කරන්න කියල එදයින් පස්සෙ තවම ඔන්ලයින් ආවෙ නැහැ. මට ඇයව මුනගැහුනෙ ගෲප් එකකින් කෝල් කරා මැසේජ් කරා. ඒත් ඔන්ලයින් විතරයි. නබ් එක හොයා ගන්නත් නැහැ. ඔබතුමා ඉල්ලුව තොරතුරු දෙන්න එයා ආයෙ කන්ටෑක්ට් කරගන්න පුලුවන් වෙන එකක් නැහැ මට හිතෙන්නෙ. බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට යෝගීතුමනි...

      Delete
  10. yogithumani,sirurin iwathwa mano kayen kopamanakal sitiya hakida?ese digu kaalayak sitiya haki nam bhawthika shareeraya itha adu ushnathwayaka gabadaa kara {ewani naweena yanthra me wana wita nipadawa athi bawa maa asa atha.emagin thawama prathikara soyagena nathi rooga walin pida widina rogeenge siruru ewani yanthra thula gabada kara thabiya haki bawath maa asa atha.}nodiraa pawathwa gatha haki neda? ema kramayath aayusha digu kal pawathwa ganimata sirura nodira pawathwa ganimata yogya kramayak noweda?

    ReplyDelete
    Replies
    1. dhyana irdhi labaganna kalin ewa bawitha karala aluth dewal karanna hithanna yamen wenne pabagalaka petalima witarai. issellama danna dewal tiken hitha diyunu karaganna

      Delete
    2. hmm.eka atta tamai. upadesata sthuthii.

      Delete
  11. yogithumani,
    1.සතර ඍධි පාදයෝ මැනවින් ප්‍රගුණ කිරීම මගින් ආයුෂ දීර්ඝ කරගත හැකි බව දේශනා කරනුයේ බුදුන් වහන්සේ නමක් පමණක්ද?
    2.එසේ නොවේ නම් පංච අභිඥා ,අෂ්ට සමාපත්ති ලාභී අසිත තවුසාට බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වන තුරු මරණය පාලනය කිරීමේ හැකියාව තිබුණා නොවේද?(boosathanan wahanse buddathwayata path wana wita thama jeewathun athara nositeemath,dharmaya shrawanaya kala nohaki brhma thalayaka prathisandiya laba siteemath nisa shooka wee handa wathunu bawa maa asa thibe)

    ReplyDelete
    Replies
    1. puluwan kama tibbata hemoma karanne ne. asitha tapasathumata ayusha dirga karan inna taram wayasak tibune ne miyayanna lanwela tibune. aurudu 5k 6k innawa wage newei 30k 40k bala innawa kiuwama

      Delete
  12. nithrama,sema iriyauwakinma haki hama witama bawana kamatahanak sihi kirima hondai da..?udaharanayak widiyata maitree kamatahanak siyalu sathwayo suwapath wewa kiyala nitharama hithamin bawana kamatahana wadamin inna ekahondada ?

    ReplyDelete
    Replies
    1. maitree bawanawa buddanussati bawanawa ehema kalaata kamak ne. wenath bawana karanna hoda ne.

      Delete
  13. Yogithumani, 01.Rishi warayek yanu kawarekda? 02.Rishi warayek wenne keseda?

    ReplyDelete
    Replies
    1. rishiwaru kiyanne bawana kragena taapasa jivitha gatha karana dhyaana abhignaa thiyena aya. jivithema bawanawata kepa karala himale wage pradesha walata gihilla dhyaana abhigna labaganna uthsaha karanna oni e tatweta pathwenna

      Delete
  14. bawanawa magin leda suwa kara ganne kohomada..leda walata pihitak ganne kohomaada,shakthin bawitha karala leda suwa kara ganne kohomada... me gana sandahan kirimak karanna,obata pin ...

    ReplyDelete
  15. යෝගී තුමණි . මට ඔබගේ සෙවනේ යෝග හැදෑරීමට අවස්ථාව උදාකර දෙන්න . ප්ලීස් .

    ReplyDelete
  16. මහත්මයාණනි මහවතාර් බාබාජි යනු කවුරුන්ද ? ඔහු ගැන පොස්ට් එකක් ලියන්න පුලුවන්න්ද කරුණා කරලා
    ස්තුති

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකක් දාන්නන්

      Delete
    2. උන්වහන්සේගේ දේවාලයක් ලංකාවේ කොහෙද තියෙන්නේ ? කතරගම තියෙනවද? කරුණාකර උත්තර ලබා දෙන්න.
      ස්තුති

      Delete
    3. mahawatar babaji rishiwarayek misa dewiyek newei

      Delete
  17. Yogithumani ,
    Katahari hithenawanam samanya jiwithaya atharala rishiwarayek wen a ohu ee thathwayata path wimata monawada karanna oni, monwda kapa karanna oni?
    2) rishiwarun marunata passe aniwaren ipadimata lokyk thiyenawada dyana dyana laba gath aya wage?
    3) sathara irdhipada ha abinnhgha kiyanne mnwda?
    4) oba samanya jiwithayak gatha karana kenekda naththam rishiwarayek wgeda

    ReplyDelete
    Replies
    1. 1) issella samanya jiwite sarthaka karaganna
      2) rishi waru kiyanne dhyana labhin. dhyana labin upadina brahmaloka wala rishiwaru upadinne
      3) මම පොස්ට් ඒකෙ දාල තියෙනවා
      4) සාමාන්‍ය

      Delete
  18. Mama me bawanawa kara.elaga dawase mage papuwa poddak redenna gatta.eka samanya tathwayakda?

    ReplyDelete
  19. රාවණා වගේ මිනිස්සුන් හා වෙනත් අසුරයන් ශිව, බ්‍රහ්ම හෝ විශ්නු දෙවිවරුන්ගෙන් වරම් අරගෙන 'අමරණීය' හෝ 'දීර්ඝායුෂ්ක' වූ සිදුවීම් හින්දු ඉතිහාසයේ තිබෙනවා.

    දෙවියන්ට වරම් දිල මිනිස්සුන්ව අමරණීය හෝ දීර්ඝායුශ්ක පුලුවන්ද?
    මේ කාලයේදීත් දෙවිවරු අමරණීය වරම් දෙනවද?
    එසේදෙනවනම් ඔබේ ලිපියක තිබූ භක්ති යෝග (ඕම් නමහඃ ශිවාය 100000 වාරයක් මැතිරීම) වැඩීමෙන් අමරණීය වරම් ලබාගන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. දිර්ඝායුෂ කරන්න පුළුවන්

      ඕන කාලයක සුදුස්සාට ලබාගන්න පුළුවන්
      භක්ති යෝග එකපාරක් කරලා නම් ඒ වගේ දෙයක් ලබාගන්න පුළුවන් වෙන එකක් නෑ.

      Delete
  20. yogitumani,
    (1) shakra deviyan kiyala dunna baawana kramaya kirimen ,hadawatha nathara kirima,saila wala kriyakarithwaya nawathima,wayasatayama natharaweema siduwanne bawana karana welawedi witharada???
    edineda samanya weda kirimedi newatha saila wayasata yanawada???

    (2) tharunayek mema bawanawa niwaradi lesa praguna kalahoth ohuta kemathi thak kalayak tharunayeku lesa jiwath wiya hakida??? (awurudu 1000k unath???)

    (3) mema bawanawa praguna kala ayekuta baahirin maaranthika anathurak sidu unoth ohuta miya yamata sidu wanawada???

    yogithumani,obage lipi kiyaweemen mama danne nathi dewal godak igena gaththa,obathumatath,obathumage guruwaruntath,shakra deviyantath godak pin!!!

    ReplyDelete
    Replies
    1. මුලදී භාවනාව කරන වෙලවාදී විතරයි. පස්සේ හැම වෙලාවෙම වෙන්න හදාගන්න පුළුවන්. ඒ මට්ටමට කරන්න නම් සාමාන්‍ය ජිවිතයෙන් මිදිලා යෝගී ජිවිතයක් ගත කරන්න වෙනවා.

      බාහිර බලපෑම් වලින් වෙනස් වෙන්නේ නැත්තම් පුළුවන්.

      ඔවු .ශරීරය වයසට යන එක විතරයි නවතින්නේ. වෙන හේතු වලින් මැරෙන්න පුළුවන්

      Delete
  21. යොගිතුමනි,
    (1)යොගි ජිවිතයත් ගත කර අමරණීය භාවනාව සාර්ථක කරගත්ත කෙනෙක්ට නැවත කිසිදාක ආහාර අවශ්‍ය වන්නෙ නෑ නේද? , වතුර වත් බොන්න ඕනේ නෑ නේද?ඔහුට කැමති කෑමක් වත් කන්න බෑ නේද??
    (2) ඔහුට විවාහ ජීවිතයක් ගතකරන්නත් බෑ නේද?? අමරණීයත්වය රැක ගැනීමට ඔහුට හැමදාම යොගී ජීවිතයක් ගතකරන්න වෙනවා නේද?
    (3) රාවණා අමරණීය වරම ලබා ගත් විට සිදු වුනෙ ඔහු වයසට යන එක නතරවීමද??වරම ලබා ගත් පසුව ඔහු සාමාන්‍ය කාමභොගී ජිවිතයක් ගත කළා නෙද,?
    (4) සාමාන්‍ය ජිවිතයක් ගත කරමින් අමරණීය වෙන්න ක්‍රමයක් නැද්ද?
    (5) හින්දු දෙවිවරුන්ට වන්දනා මාන කරන අය සහ එම දෙවියන්ගෙන් ශක්ති ලබා ගන්නා අය මරණින් පසු එයාලගේ සෙවකයො වෙලා උපදිනවා කියලා කියන එක ඇත්ත ද?
    💎💎💎🙏🙏🙏
    Sent

    ReplyDelete
    Replies
    1. 1. කිසිදාක එහෙම නෑ සරින් සැරේ ආහාර ඕනි වෙනවා ශරීර කොටස් නැවත ඇතිවෙන්න . කන්න බැරි කමක් නෑ කැමති දේවල් ඕනිනම් කන්න පුළුවන්
      2. එහෙම නෑ පුළුවන්
      3 ඒක භාවනාවෙන් අමරණිය වෙනවට වඩා වෙනස් විදියකට වෙන්නේ
      4 භාවනා කරන ගමන් සාමාන්‍ය ජිවිත ගත කරන්න පුළුවන්
      5 වෙන්න ඉඩ තියෙනවා. එහෙම කැමති නැත්තම් කැමති නෑ කියලා නිතර හිතන්න ඕනි

      Delete

Post a Comment