Featured Post

වජ්‍රායුධය අතින් දරාගත් ඉන්ද්‍ර , zeus, Thor හෙවත් සක්‍ර දෙවියන් ( Sakra Indra )

සක්‍ර දෙවියන්
                                                        ඕම් සහශ්‍ර නේත්‍රාය විද්මහේ
                                                        වජ්‍ර හස්තාය ධිමහි
                                                        තන්නෝ ඉන්ද්‍රඃ ප්‍රශෝදයාර්ත්...

සක්‍ර දෙවියන් යනු තාවතිංසා හා චාතුර්මහාරාජික දෙදෙව් ලොවට අධිපති හා සියලු දෙවියන්ගේ නායකයා වන දෙවියන්. දෙදෙව් ලොවට අධිපති ලෙස හැදින්වුවත් සියලුම දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක වල තීරණ ගන්නේ සක්‍ර දෙවියන්ගේ අනුදැනුම යටතේ. යාමය හා නිර්මාණරති දේවලොක වල නායක පදවියට විශේෂ දෙවි කෙනෙක් පනවන්නේ නෑ. තුසිත දිව්‍යලෝකයේ මුලසුන හොබවන්නේ සංතුසිත නමින් හඳුන්වන මහා බෝධිසත්වයන් වහන්සේයි. එනම් තුසිත දෙව්ලොව සිටින බෝධිසත්වයන් අතරින් නුදුරු අනාගතයේ බුද්ධත්වයට පත්වෙන බෝධිසත්වයන් වහන්සේ. මේ කාලයේ සංතුසිත පදවියේ වැඩ සිටින්නේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේයි. පරනිර්මිත වසවර්ති දෙව් ලෝකයේ අධිපතියා මාර දිවය පුත්‍රයා නොහොත් මාරයා.  විවිද දිව්‍යලෝක වල මුලික තනතුරු දරන්නේ විවිද දෙවිවරු උනත් සියලු දිව්‍යලෝක හා මනුෂ්‍ය ලෝක වලට අදාළ තීරණ ගන්නේ සක්‍ර දෙවියන්. බලයෙන් හා පිනෙන් බලවත්ම දෙවියන් වන්නේ සක්‍ර දෙවියන්. මේ නිසාම සක්‍ර දේවත්වයට පත්වීම පහසු වන්නේ නෑ. සක්‍ර දෙවියන් කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි තනතුරක්. කලින්කලට  විවිද දෙවි වරු සක්‍ර දේවත්වයට පත්වෙනවා.

සක්‍ර දේවේන්ද්‍ර
සක්‍ර දේවේන්ද්‍ර

                                                      බුදු දහමේ සක්‍ර දෙවියන්, හින්දු ආගමේ ඉන්ද්‍ර දෙවියන්, ග්‍රීසියේ සියුස්, වයිකින්ග්ස් වරු ඇදහු  Thor දෙවියන් ආදී ලෙස විවිද නම් වලින් අදහන්නේ එකම සක්‍ර දෙවියන්වයි . මේ විවිද ආගම් එකිනෙකට සම්බන්ධයක් නැතිව වෙන වෙනම ගොඩනැගුනු ඒවා උනත් ඒවායේ සඳහන් දෙව්ලොවට අධිපති දෙවියන්ගේ තොරතුරු එකිනෙකට සමානයි. වෙනස්කම් වෙලා තිබෙන්නේ එක එක සංස්කෘති වලට අනුව පුද්ගලයන් දෙවියන්ව විග්‍රහ කර තිබෙන ආකාරය පමණයි . මේ වෙනස්කම් ඇතිවෙන්න හේතු කීපයක් තිබෙනවා . මේ සියලු ප්‍රදේශ වලට පෙනී සිටින්නේ එකම සක්‍ර දෙවියන් උනත් ඒ ඒ ප්‍රදේශයේ මිනිසුන්ට ගැලපෙන විදියේ වෙනස් අවතාර වලිනුයි ඒ ඒ මිනිසුන් එක්ක සම්බන්ධ වන්නේ. ලංකාවේ මහසොහොන් යක්ෂයාගේ අවතාර 18ක් තියෙනවා වගේ, විෂ්ණු දෙවියන්ගේ අවතාර 10ක් තියෙනවා වගේ සක්‍ර දෙවියන් මිනිස් ලෝකයේ විවිද ප්‍රදේශ වලට පෙනී ඉන්නේ විවිද අවතාර වලින්.
                                                 
                                                    සක්‍ර දේවත්වයට පත්වනවිට සක්‍ර දෙවියන් වී සිටි දෙවියන් අභිනව සක්‍ර දෙවියන් හට ශක්තියක් ප්‍රධානය කරනවා. මේ ශක්තිය මහා පිනක් තිබෙන බලවත් දෙවි කෙනෙකුට විතරක් පාලනය කරන්න හා දරාගන්න පුළුවන් ශක්තියක්. මේ ශක්තිය නිසා අනිත් දෙවිවරු හා බ්‍රහ්මයන්ට නැති අතිවිශාල ශක්තියක් හා බලයක් සක්‍ර දෙවියන්ට අත්වෙනවා. මේ ශක්තියත් සමගම ආයුධ කීපයක් ලබා දෙනවා. ප්‍රධානම ආයුධය වන්නේ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා විසින් නිර්මාණය කල වජ්‍රායුධය.


සක් දෙවි
සක් දෙවි


                                                   බොහෝ විට සක්‍ර දේවත්වයට පත් වෙන්නේ බුද්ධත්වයට හෝ පසේ බුද්ධත්වයට පත්වන බෝධිසත්වයන් වහන්සේ නමක් . එයට  හේතුව සක්‍ර දෙවියන් වෙන්න නම් අනිත් දෙවි වරුන්ට වඩා පින් අධික විය යුතුයි,  සියලු දෙවියන් නමස්කාර කරන්න කැමති කෙනෙක් විය යුතුයි, ආලෝකය තේජස රශ්මි මාලාව  අනිත් දෙවි වරුන්ට වඩා ප්‍රභල විය යුතුයි . එහෙම නැත්තම් සක්‍ර දෙවියන් ගන්න තීරණ වලට අනිත් දෙවි වරු එකඟ වෙන්න තියෙන ඉඩ අඩුයි. සක්‍ර දෙවියන් වීමට පින විතරක් තිබීම ප්‍රමාණවත් වන්නේ නෑ . පින වගේම දිව්‍යලෝකයේ  ජ්‍යෙෂ්ට දෙවියෙකු වීම (ඉතා ඈත අතීතයේදී දෙව්ලොව ඉපදී බොහෝ කාලයක් තිස්සේ දෙවි කෙනෙකු ලෙස සිටීම) හා දිව්‍යලෝක මනුෂ්‍යලෝක වල ගැටළු හා යුද්ධ පාලනය කරන්න පුළුවන් අත්දැකීම් සහිත වීමත් අවශ්‍යයි. මේ නිසා තමයි සමහර බුද්ධ දේශනා වල සමහර දෙවිවරු ඇවිත් බුදුරජාණන් වහන්සේ හට කියන බව සඳහන් වන්නේ  "මගේ ආලෝකය සක්‍ර දෙවියන් පරදවනවා, මම භජනය කරන සැප සම්පත් සක්‍ර දෙවියන් පරදවනවා" කියල. සක්‍ර දෙවියන්ට වඩා පින් තියෙන කෙනෙක් දෙව් ලොව ඉපදුනොත් එකපාරට ඒ දෙවියන්ට සක්‍ර පදවිය ලැබෙන්නේ නෑ. පින වගේම අනිත් ලක්ෂණත් සලකා බලනවා. මේ අංග තියෙනවද කියල පරික්ෂා කරලා බලන්නේ දැනට ඉන්න සක්‍ර දෙවියන් විසින්. සක්‍ර දේවත්වය අපේක්ෂා කරන දෙවිවරු ඒ බව සක්‍ර දෙවියන්ට දැනුම් දෙනවා. එවිට අවශ්‍ය මුලික ගුණාංග පරික්ෂා කර වඩාත්ම සුදුසු දෙවියන්ට සිල් රැකීමේ කාලයක් පනවනවා. මේක පරීක්ෂණයක් වගේ දෙයක්. අදාළ කාලය සම්පුර්ණ වෙනකම් සිල් කිසිම ආකාරයකින් බිදගන්නේ නැතුව සිටියොත් පමණයි සක්‍ර දේවත්වයට සුදුසුයි කියල අනුමත කරන්නේ. 


සක්‍ර දෙවියන් පිළිබඳව බුදු දහමේ විස්තරාත්මකව සඳහන් වෙන්නේ මඝ මානවක කතා පුවත තුලයි .

මඝ මානවක
මඝ මානවක
  
-
-
-

                                           
සක්‍ර දෙවියන් හදුන්වන විවිද නම් කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. ඒ නම් වලින් හැදින්වීමට විවිද හේතු වූ කරුණු තියෙනවා.

මඝවා           - මඝ නමින් මිනිස් ආත්මයක සිටිය නිසා
පුරින්දද         - අන් සියලු දෙනාට පළමුව දන් දුන් නිසා
සහස්සක්ක   - එකවර 1000ක් දේවල් විමසන්න පුළුවන් ප්‍රඥාවක් තිබෙන නිසා
සක්ක           - දන් දෙනවිට පිරිසිදුව ප්‍රියමනාප ලෙස සකසා දන් දුන් නිසා
වාසව            - හත්රමන් සන්ධි වල බෙහෙත් ශාලා තනා පොදුජනයාට බෙහෙත් සලසා දුන් නිසා
සුජම්පති        - සුජා නම් අසුර කන්‍යාවගේ ස්වාමියා වන නිසා
දේවානමින්ද - සියලු දෙවියන්ට රජු වන නිසා

ඒ වගේම සහසැස්, සුරනිඳු, ඉන්ද්‍ර, සුරරද, සක්දෙව්, සුරපති, දෙව්රජ, තිදස්පති, වජ්‍රපානි, සුරනිඳු, සහසක්, විදුරත්, පුරඳුරු, සක් , ඉඳු, ඉඳුරු කියන නම් වලිනුත් සක්‍ර දෙවියන් හදුන්වනවා.

මඝ මානවක හට සක්‍ර දේවත්වය ලැබීමට හේතු උන මිනිස් ජීවිතයේදී පුරුදු කල සක්‍ර දේව වත් 7ක් තිබුන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. පින්කම් හා සමාජසේවා කිරීමට අමතරව මේ ගුණාංග පුරුදු කිරීමත් සක්‍ර දේවත්වය ලැබීමට හේතු උනා.

1 දිවි තිබෙන තුරු මව්පියන්ට සැලකීම
2 දිවි ඇතිතෙක් වැඩිහිටියන්ට ගරුකිරීම
3 දිවි ඇතිතෙක් මෘදු වදන් කතා කිරීම
4 දිවි ඇති තෙක් කේලම් නොකීම
5 දිවි ඇති තෙක් සත්‍ය පැවසීම
6 දිවි ඇති තෙක් තරහා නොගැනීම
7 දිවි ඇති තෙක් දන් දීම


දිව්‍යලෝක ඇතිවීම පිළිබඳව සඳහන් වෙන්නේ දිව්‍ය තල පහල උනේ මඝ මානවක ඇතුළු පිරිසගේ පිනෙන් බවයි. ලෝක විනාශය සිදුවීමේදී අකනිටා බඹලොව තෙක් මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ලෝක සියල්ලම විනාශ වෙනවා. ඒ නිසා කල්පයෙන් කාලයට නැවත දිව්‍යලෝකය ඇතිවීම විවිද ආකාර වලින් සිදුවෙනවා. මඝ මානවක වෙනුවෙන් දිව්‍ය තලය පහල වීම එක කල්පයක සිදුවීමක්. තවත් කල්පයකදී දිව්‍ය තලය මුලින්ම පහල වුනේ දෙවියන් වෙනුවෙන් නෙවෙයි අසුරයන් වෙනුවෙන්. අසුර කියන්නේ යක්ෂයන්ට නෙවෙයි. මේ කාලේ බොහෝ දෙනෙක් අසුර කියන්නේ යක්ෂයන් බව වරදවා වටහාගෙන තිබෙනවා. බෞද්ධ පොත්පත් අතරින් අසුරයන් පිලිබඳ සත්‍ය පැහැදිලි කිරීමක් රේණුකානේ චන්ද්‍රවිමල ස්වාමින් වහන්සේගේ පොතක දකින්න ලැබෙනවා . ඒ නිසාම රේණුකානේ හිමියන් පොත් රචනා කළා වගේම ධ්‍යාන අභිඥා සමාපත්ති මාර්ගඵල ලබා සිටි ස්වාමින් වහන්සේ නමක් විය යුතුයි.  අසුර කියන්නේ දේව කොට්ටාශයක්. හැබැයි දෙවියන්ට වඩා පින් මට්ටම තරමක් අඩුයි. ඒ වගේම අසුරයන්ගේ ශරීර කළු පාටයි. බොහෝවිට අසුර ලොව උපදින්නේ පින්කම් වගේම අයහපත් ක්‍රියාත් සිදුකරන පිරිස. ඒ නිසා විය හැකියි බුදුරජානන් වහන්සේ අසුර භූමිය දුගතියක් ලෙස හදුන්වා තිබෙන්නේ. එක් කල්පයකදී මුලින්ම දිව්‍යතල වල පහල උනේ අසුරයන්. ඊට පසුවයි දෙවියන් පහල උනේ. දෙවියන් සුරයන් විදියට හදුන්වනවා. කාලයක් ගතවීමේදී සුර අසුර අතර ගැටළු ඇතිවෙලා අන්තිමට යුද්ධයක් ඇති උනා. මේ යුද්ධයෙන් අසුරයන් පරාද උනා. අසුරයන්ගේ නායකයාව (අසුරේන්ද්‍රව) සුරයන්ගේ නායක වූ සක්‍ර දෙවියන් මහා මේරු පර්වතයෙන් පහලට විසි කළා. එදා ඉදන් අසුරයන් වාසය කරන්නේ මහා මේරු පර්වතය අසලව. ඒ වගේම මුහුදේත් අසුරයෝ බහුලව ඉන්නවා. මෙන්න මේ හේතුව නිසා තමයි සුර අසුර යුද්ධ නිතර ඇතිවෙන්නේ. අසුරයන් තමන්ගේ අයිතිය දිනාගන්න නැවත දෙවියන් සමග විවිද යුද්ද කර තිබෙනවා. හැබැයි හැම යුද්ධයකින්ම දිනන්නේ සුරයන්. එයට හේතුව අසුරයන්ගේ පින හා බලය දෙවියන්ට වඩා අඩුයි. සුර අසුර යුද්ධ විදියට හදුන්වන්නේ මෙම ගැටුම් මිස යක්ෂයන් සමග සිදුවුන යුද්ධ නෙවෙයි.



                                                                   ඉන්ද්‍ර - දේවේන්ද්‍ර
ශක්‍ර දෙවි
ශක්‍ර දෙවි

ශක්‍ර දේවේන්ද්‍ර
ශක්‍ර දේවේන්ද්‍ර

ඉන්ද්‍ර දෙවි
ඉන්ද්‍ර දෙවි

ඍෂි වරුන්ගේ වේද ඉගැන්වීම් වලට අනුව ඉන්ද්‍ර යනු ස්වර්ගයට අධිපති දෙවියන්. ඉන්ද්‍ර දෙවියන් අකුණු ගැසීම, වැසි ඇතිකිරීම, කුනාටු ඇතිකිරීම සිදු කරන දෙවියන් බව දක්වා තිබෙනවා. ජෛන සංකල්ප වලට අනුව ඉන්ද්‍ර යනු පළමුවෙන්ම ඇති උන සෞධර්මකල්ප නම් පළමු දිව්‍යලෝකයේ පළමු රජතුමා. මේ අදහස බුදුන් දේශනා කල මඝ මානවක කතාව ජෛන දහම තුලට උපුටාගැනීමක් විය යුතුයි. මනුෂ්‍යන්ට විවිද හානි කරන අසුරයන් මරා දමන ඉන්ද්‍ර දෙවියන් මිනිසුන්ට සෞභාග්‍යත් වැස්සත් ලබාදෙන බව ඍජ්වේදයේ සඳහන් වෙනවා.

සුර අසුර යුද්ධ
සුර අසුර යුද්ධ

සක්‍රදෙවියන්
සක්‍රදෙවියන්

ඉන්ද්‍ර දෙවියන්ගේ සටන් අතරින් ප්‍රසිද්ධම සටන වෙන්නේ සර්ප වේශයක් තියෙන ව්රිත්‍ර අසුරයාව වජ්රායුධයෙන් පහර දීලා මරා දැමීම. මේ සටන සදහා තමයි සක්‍ර දෙවියන්ගේ අතිශය බලගතු ආයුධය වන වජ්‍රායුධය නිපදවුනේ. වජ්‍රායුධය පිළිබද ලිපිය කියවීමට  (මෙතන ක්ලික් කරන්න (Click here)

සක්‍රදේවේන්ද්‍ර
සක්‍රදේවේන්ද්‍ර

සක්‍රයා
සක්‍ර

ඉන්ද්‍ර දෙවියන් තපස් වරුන්ගේ ශිලය පරික්ෂා කරනවා. ඒ සදහා තපස බිදීමට හේතු වන දේ විදීමට සලස්වා ඒවාට නොසැලී මුහුණදී තපස ආරක්ෂා කරගන්නවා දැයි පරික්ෂා කරනවා. ඉන්ද්‍ර දෙවියන්ගේ වාහනය හිස් තුනක් සහිත ඓරාවත/ ඓරාවන/ එරාවත/ එරාවන නම් දළ හතරක් සහිත සුදු ඇතා. දෙව්ලොවේ සත්ත්වයන් උපදින්නේ නෑ. දෙවිවරුන්ගේ වාහන ලෙස විවිද සතුන්ගේ ස්වරූප මවාගන්නේ එම දෙවියන් යටතේ සිටින දෙවිවරයෙකු විසින්. ඉන්ද්‍ර දෙවියන්ගේ අතේ අකුණු සැර ඇතිකරන "වජ්‍රය" නිතරම දරාගෙන සිටිනවා. මේ නිසා ඉන්ද්‍ර හෙවත් දේවේන්ද්‍රයන්ව වජ්‍රහීත් (වජ්‍රය දරන්නා) , වජිරන් ( වජ්රයෙන් සන්නද්ද), වජ්‍රබාහු, වජ්‍ර දක්ෂිණ වගේ නම් කීපයකින් හදුන්වනවා. ඉන්ද්‍ර දෙවියන් වාසය කරන්නේ මහාමේරු පර්වතයේ හා අමරාවතී නම් දිව්‍ය ප්‍රාසාදයේ.( වෛජයන්ත ප්‍රාසාදය)

මහා මේරු පර්වතය තාම නිවැරදි ලෙස හදුනාගෙන නෑ. වේද ග්‍රන්ථ වල මහා මේරුව හඳුන්වන්නේ සියලු භෞතික, අභෞතික හා අධ්යාත්මිය සමාන්තර විශ්වයන් වල මධ්‍යය විදියටයි. බොහෝ පර්යේෂකයන්ගේ මතය වෙන්නේ මහා මේරුව කියලා හඳුන්වන්නේ කාශ්මීරයේ වයඹදිග ප්‍රදේශයේ හිමාලය ආශ්‍රිතව තියෙන "පමීර්" කඳු වළල්ල බවයි .

මහාමේරු

"සුර්ය සිද්ධාන්ත" නම් ඉපැරණි ඉන්දියානු තාරකා විද්‍යා ග්‍රන්ථයට අනුව මහා මේරුව පිහිටා තිබෙන්නේ ලෝකයේ මධ්‍යයේ අදෘශ්‍යමාන විදියටයි. බෞද්ධ ග්‍රන්ථ වලට අනුව මහා මේරුව පිහිටා තිබෙන්නේ මුහුදවල් 7කින් (සත් සමුදුර) හා කඳු  වළලු 7කින්  වටවී තිබෙන ජම්බුද්වීපයේ මධ්‍යයේ.  බුද්ධගයාව වැනි බෞද්ධ පන්සල්  හා බොහෝ කෝවිල් ගොඩනැගිලි ඉදි කර තිබෙන්නේ මහා මේරුව නිරූපණය වෙන විදියටයි.

මහාමේරුව
(ඉන්දියාවේ ජම්බුද්විප්  ප්‍රදේශයේ හස්තිනාපුර් නගරයේ ඉදි  කර තියෙන මහාමෙරුවේ ආකෘතියක්.)

හිමාලයේ ගාර්හ්වල් ප්‍රදේශයේ තලයි සාගර් හා ශිව්ලින්ග් කියන ප්‍රදේශ අතර තියෙන මේරු කඳු ශිඛරයත් මහා මේරුව බවටත් මතයක් පවතිනවා. 

මහා මේරු පර්වතය




                                                                              සියුස්

සියුස් සක්‍ර
සියුස් zeus

සක්‍ර දෙවියන් සියුස් ලෙස මිනිස්සු ඉදිරියට පැමිණියේ මිනිසුන් ඇති උන මුල්ම කාලයේදී. එනම් පිරිසිදු සිත් තිබුන ආභස්සර බ්‍රහ්මයන් මනුෂ්‍යයන් බවට පත්වී ටිකෙන් ටික කෙලෙස් වැඩි වෙලා මිනිසුන්ගේ හීත් අපිරිසිදු වීමට පටන්ගත්ත මුල් කාලයේ. මේ කාලයේ මනුෂ්‍ය සිත් බොහෝදුරට පිරිසිදුව තිබුන නිසා දෙවිවරු මිනිසුන්ට දර්ශනය වන ලෙස පැමිණීමත් කතාකිරීමත් සිදුකලා. කල් ගත වනවිට මිනිස්සුන්ගේ කෙලෙස් වැඩිවෙලා හිත් අපිරිසිදු වීමෙන් මිනිසුන් හා දෙවියන් අතර වෙනස වැඩි උනා. එසේ සිදු උනේ නැතිනම් අදටත් දෙවිවරු මිනිස්සුන්ට දර්ශනය වන ලෙස පැමිණෙන්න තිබුනා.

ග්‍රීක දේව පුරාණයට අනුව සියුස් දෙවියන් අහසට හා අකුණු ගැසීමට අධිපති හා දිව්‍යලෝකයේ රජු වන දෙවියන්. සියුස් දෙවියන් ඔලිම්පස් නම් කන්ද ආශ්‍රය කරගෙන සිටින බව ග්‍රීක දේව පුරාණයේ සදහන් වෙනවා.

ඔලිම්පස් සියුස්


අකුණ, රාජාලියා, ඕක් ගස  සියුස් දෙවියන්ට සම්බන්ධ පුජනිය වස්තු විදියට සලකනවා. සියුස් දෙවියන්ගේ පිළිම හා චිත්‍ර හැම එකකම අතින් වජ්‍රායුධය (thunderbolt) දරාගැනීමක් නිරූපණය කර තියෙනවා.

සියුස්
සියුස් 
සීයුස්
සීයුස්
සියුස් ශක්‍ර දෙවියන්
සියුස් ශක්‍ර දෙවියන්

සියුස් දෙවියන් සියලුම ජ්‍යෙෂ්ඨ දෙවිවරුන්ගේ පියා විදියට සලකනවා. සියුස් දෙවියන් හා අනෙක් දෙවියන් නිතර ටයිටන්ස් වරු එක්ක යුද්ධ කල බවත් ඒ යුද්ධ වලින් ටයිටන්ස් වරු පරාජය වූ විට ටාර්ටරුස් නම් ගැඹුරු පාතාල සිරගෙයට දැමු බවත් ග්‍රීක දේව පුරාණයේ සඳහන් වෙනවා. මෙතනදී ටයිටන්ස් වරු ලෙස හඳුන්වා තිබෙන්නේ අසුරයන්වයි. සියුස් දෙවියන්ට සහෝදරයන් දෙදෙනෙක් සිටිනවා. ඒ පාතාල ලෝකයට අධිපති හේඩිස් (නිරය පාලනය කරන යම දෙවියන්) හා මුහුදට අධිපති පොසයිඩන්.

සියුස් පොසයිඩන්
පොසයිඩන්

සියුස් පොසයිඩන් හේඩිස්
සියුස් පොසයිඩන් හේඩිස්


සියුස් දෙවියන් වෙනුවෙන් තැනුණු දේවාල ග්‍රීසියේ තවමත් පවතිනවා
සියුස් දේවාලය
සියුස් දේවාලය
ග්‍රීක සියුස් දේවාලය
ග්‍රීක සියුස් දේවාලය

ග්‍රීසියේ සීයුස් දෙවොල
ග්‍රීක සියුස් දේවාලය



සියුස් දෙවියන්ට සම්බන්ධ ප්ර්සියුස් , හර්කියුලිස්, පර්සි ජැක්සන් වැනි කතා ඇත්ත සිදුවීම් පදනම් වී ගොඩනැගුනු කතාවන්. දෙවියන් මනුෂ්‍යයන් සමග සංවාසයේ  යෙදීමෙන් ලැබෙන දරුවන් Demigods හෙවත් අර්ධ දෙවියන් ලෙස හදුන්වනවා. දෙවියන් මනුෂ්‍ය ශරීර මවාගෙන ඇවිත් මිනිසුන් සමග සංවාසයේ යෙදීම් සිදුවෙලා තිබෙනවා. ඒ හැම අවස්ථාවකම කළලයට ඇතුළු වෙන්නේ අදාළ දෙවියන් යටතේ සිටින දෙවි කෙනෙක්ම පමණයි. ඊට හේතුව දෙවියන්ගේ ශක්තිය දරාගත හැකි වන්නේ දෙවි කෙනෙකුටම පමණක් නිසා. අර්ධ දෙවිවරුන්ට විවිද බල ලැබෙන්නේ මේ හේතුවෙන්. 

අර්ධ දේව භාවය දෙවිවරුන් මනුෂ්‍ය ආත්ම ලබාගන්නා එක් ආකාරයක්. මිට අමතරව දෙවියන් විසින්ම මනුෂ්‍ය ළදරු කයක් නිර්මාණය කර ඒ තුලට ඇතුල්වීමත් සිදුකරනවා. එවිට සිදුවන්නේ මව පියා රහිතව උපත ලැබීමක්. විෂ්ණු , ලක්ෂ්මි හා ලක්ෂමන දෙවිවරුන් මිනිස් උපත් ලබාගත්තේ ඒ ආකාරයෙන්


                                                                          ටීනියා

ඉතාලිය ආශ්‍රිතව තිබුණු ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයකට අයත් මිනිසුන් ඇදහු දේව මණ්ඩලය අතරින් ටිනියා දෙවියන් අහසට හා අකුණට අධිපති දෙවියන්. ඔවුන් ඇදහු දෙවියන් අතරින් අකුණ (thunderbolt)  දමා ගැසිය හැකි දෙවිවරුන් නව දෙනෙකු සිටිනවා . ඒ අතරින් බලවත්ම දෙවියන් හා දෙව්ලොව රජු වන දෙවියන් ටීනියා දෙවියන්. මේ දෙවියන්ටත් සම්බන්ධ පක්ෂියා රාජාලියා ලෙස සලකා තිබෙනවා.



                                                                              ජුපිටර්

ජුපිටර් දෙවියන්

ආදී රෝමානු ආගමේ සඳහන් වෙන ජුපිටර් දෙවියන් අහසට හා අකුණු ඇති කිරීමට අධිපති දිව්‍යලෝකේ රජු වන දෙවියන්. සියුස් දෙවියන්ට වගේම ජුපිටර් දෙවියන්ටත් නෙප්චුන් හා ප්ලුටෝ නම් සහෝදරයන් දෙදෙනෙක්  සිටිනවා . මේ දෙවියන්ට අදාළ පක්ෂියාද වන්නේ රාජාලියා. ඒ වගේම මේ දෙවියන්ට අදාළ පුජනීය ගස ලෙස සලකන්නේ ඕක් ගස. රෝමයේ පැරණි නගරයක්  වෙන citadel නගරයේ පිහිට තිබෙන Capitoline කන්ද ජුපිටර් දෙවියන්ගේ වාසස්ථානයක් විදියට පිලිගන්නවා.  මුල් කාලයේ මේ කන්ද saturn දෙවියන්ට කැප කරපු ස්ථානයක්. පසු කාලේදී රෝමයේ ඉතාම වැදගත් දෙවොල වන ජුපිටර් දෙවියන්ගේ දෙවොල "Temple of Jupiter Optimus Maximus"  ඉදි කිරීමත් සමග capitoline කන්ද ජුපිටර් දෙවියන්ගේ පුජා භූමියක් වෙනවා.  අන්‍යාගමිකයන් මේ දේවාලය අවස්ථා 4කදි ගිනි තබා තිබෙන නිසා මේ වනවිට ඒ දේවාලයේ ඉතිරි වී තිබෙන්නේ නටඹුන් පමණයි .







                                                                             තෝර්
තෝර්
තෝර් Thor
තෝර් සක්‍ර දෙවි
තෝර් Thor

උතුරු ජර්මානු දේව කතා වල සඳහන් වන තෝර් දෙවියන් අකුණු ගැසීම, වැසි හා කුණාටු ඇතිකිරීම හා ඕක්  ගසට අධිපති දෙවියන්. odin නම් දෙව්ලොව නායක දෙවියන්ගේ පුතා වන තෝර් දෙවියන් හට loki නම් සහෝදරයෙක් සිටිනවා. තෝර් දෙවියන් ඇදහීම ප්‍රචලිත උනේ වයිකින්ග්ස් අවදියේදී. තෝර් දෙවියන්ගේ ආයුධය වන අකුණු ඇති කළ හැකි මියෝල්නෙයර් (Mjolnir ) නම් මිටිය සහිත ලාංචන වයිකින්ස් වරු නිතර පැළඳීම සිදුකර තිබෙනවා.
වජ්‍රය
ඉංග්‍රීසි භාෂාවෙන් දින නම් කරද්දී බ්‍රහස්පතින්දා දිනය Thursday ලෙස යොදා තිබෙන්නේ Thor's day යන යෙදුම පරිනාමය වීමෙනුයි. තෝර් දෙවියන්ගේ පියා ඔඩින් දෙවියන්. තෝර් දෙවියන් සතු බලසම්පන්න ආයුධ වෙන්නේ මියෝල්නියර් මිටිය හා megingjoro නම් බඳ පටිය හා reiper නම් යකඩ අත්වැසුම් යුවල.

* ඉන්ද්‍ර දෙවියන් විශාල සර්ප වේශයක් දරන අසුරයෙක් සමග යුද වැදුණු කතා පුවතට සමාන කතාවක් තෝර් සම්බන්ධවත් තිබෙනවා.  උතුරු ජර්මානු දේව කතාවලට සම්බන්ධ Ragnarok නම් අනාගත සිදුවීම් අනාවැකියේ සඳහන් වන විදියට තෝර් විශාල සර්පයෙක් සමග කරන යුද්ධයකදී සර්පයාව මරා දමනවා. ඒත් සර්ප විෂ ශරිරගත වෙන නිසා පියවර කීපයක් යන්න කලින් තෝර් දෙවියනුත් මරණයට පත්වෙනවා. 

                             තෝර් ශක්‍ර දෙවි

වයිකින්ස්වරු "ස්වස්තික ලකුණ" තෝර් දෙවියන්ගේ මිටිය සංකේතවත් කරන්න භාවිතා කර තිබෙනවා. මේ නිසා ජර්මානුවන් අතීතයේ සිට ස්වස්තික ලකුණ භාවිත කරනවා. මේ ආභාෂය නිසා තමයි හිට්ලර් තමන්ගේ නාසි හමුදාවේ සංකේතයක් විදියට ස්වස්තික ලකුණ යොදාගෙන තිබෙන්නේ.


අමුන්/ අමුන් රා
අමුන් රා දෙවියන්



















ඊජිප්තුවේ දෙවිවරු අතර අමුන් හෙවත් අමුන් රා දෙවියන් විදියට හදුන්වන්නේ සක්‍ර දෙවියන්වයි. ඊජිප්තු දේව සටහන් වලට අනුව අමුන් යනු දෙවිවරුන්ගේ රජතුමා. අමුන් රා දෙවියන් ඊජිප්තු සටහන් වල වැඩියෙන්ම විස්තර සඳහන් වන දෙවි වරු කිහිප දෙනාගෙන් එක් දෙවිකෙනෙක්. බුදුදහම තුලත් බහුලවම තොරතුරු සදහන් වෙන්නේ සක්‍ර දෙවියන් පිලිබදවයි. වේද ග්‍රන්ථ තුලත් බහුලවම තොරතුරු සදහන් වන දෙවියන් වන්නේ ඉන්ද්‍ර දෙවියන්. ත්‍රිමුර්ති දෙවියන් පිලිබදව විශාල කතිකාවත් ඇතිවුනේ ශාන්කාචාර්යගේ පසු කාලීන බලපෑම් නිසා පමණයි. ඊජිප්තු සටහන් වලදීත් බහුලවම තොරතුරු සදහන් දෙවියන් අතරින්  අමුන් දෙවියන් ප්‍රධාන වනවා.


අමුන් රා දෙවියන්


ඊජිප්තුවේ රා දෙවොල
                                            අමුන් දෙවියන් වෙනුවෙන්  දේවාල



අනු
ආදී කල්පික සුමේරියානු ශිෂ්ඨාචාරයේ මිනිසුන් ඇදහු දෙවිවරු අතර අහසට අධිපති හා දිව්‍ය ලෝකයේ නායක දෙවියන් "අනු" ලෙස නම් කර තිබෙනවා. අනු දෙවියන් යක්ෂයන් හා ආත්මයන් වල ස්වාමියා ලෙසත් තාරකා බිහි කිරීමේ හැකියාව ඇති දෙවියන් විදියටත් සුමේරියානු දේව කතා වල සඳහන් වනවා. මේ දෙවියන්ගේ ආයුධය ගැන ලිඛිත තොරතුරු නැති උනත් වජ්‍රය අනු දෙවියන්ගේ  කැටයම් වල දක්වා තිබෙනවා.


සුමේරියානු සක්‍ර දෙවියන්
සුමේරියානු සක්‍ර දෙවියන්


සුමේරියානු වජ්‍ර
සුමේරියානු වජ්‍ර






                                                                           වජ්‍රපානි
සක්‍ර වජ්‍රපානි යක්ෂ අවතාරය
සක්‍ර වජ්‍රපානි යක්ෂ අවතාරය


සක්‍ර දෙවි වජ්‍රපානි යක්ෂ අවතාරය
සක්‍ර වජ්‍රපානි යක්ෂ අවතාරය

වජ්‍රයාන බුදුදහමේ සඳහන් වෙන වජ්‍රපානි යනු සක්‍ර දෙවියන්ගේ යක්ෂ අවතාරයයි. වජ්‍රපානි දෙවියන්ගේ මුලිකම කාර්යය උනේ ගෞතම බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව ලබා දීමයි. සියලු දෙවියන් යක්ෂයන් සක්‍ර දෙවියන්ගේ දෙවාඥාවට යටත් වනවා සේම සියලු යක්ෂයන් වජ්‍රපානිගේ අණ අනුව ක්‍රියා කල යුතු බව සදහන් වනවා.

බොහෝ දෙනෙක් වජ්‍රපානි යනු මහායානයට අයිති සංකල්පයක් ලෙස සැලකුවත් මහායානිකයන් වජ්‍ර පානී ඇදහීම සිදුකලේ චුල සච්චක සුත්‍රය මුලාශ්‍ර කරගෙනයි. ථේරවාද ත්‍රිපිටකයේ - සුත්‍ර පිටකයේ - මජ්ජිම නිකායේ - මූලපන්නාස පාලියේ - මහා යමක වග්ගයේ - චුල සච්චක සුත්‍රය තුල සක් දෙවිදුන් වජ්‍රපානි අවතාරයෙන් පැමිණි අවස්තාවක් සදහන් වෙනවා. සච්චක නම් වාද කරන්නා බුදුන් සමග වාදයට පැමිණ බුදුන් ප්‍රශ්නයක් විමසු වෙලාවේදී පිළිතුරු නොදී බුදුන් වෙහෙසවන විට සක් දෙවිඳුන් වජ්‍රායුධයද දරමින් වජ්‍රපානි අවතාරයෙන් පැමිණ සච්චක බියපත් කල බව සදහන් වනවා.

" තෙන ඛො පන සමයෙන වජිරපාණි යක්ඛො ආයසං වජිරං ආදාය ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං සච්චකස්ස නිගණ්ඨපුත්තස්ස උපරිවෙහාසං ඨිතො හොති - ‘සචායං සච්චකො නිගණ්ඨපුත්තො භගවතා යාවතතියං සහධම්මිකං පඤ්හං පුට්ඨො න බ්‍යාකරිස්සති එත්ථෙවස්ස සත්තධා මුද්ධං ඵාලෙස්සාමී’ති. තං ඛො පන වජිරපාණිං යක්ඛං භගවා චෙව පස්සති සච්චකො ච නිගණ්ඨපුත්තො. අථ ඛො සච්චකො නිගණ්ඨපුත්තො භීතො සංවිග්ගො ලොමහට්ඨජාතො භගවන්තංයෙව තාණං ගවෙසී භගවන්තංයෙව ලෙණං ගවෙසී භගවන්තංයෙව සරණං ගවෙසී භගවන්තං එතදවොච - ‘‘පුච්ඡතු මං භවං ගොතමො, බ්‍යාකරිස්සාමී’’ති."

" එකල්හි වජ්‍රපාණී නම් යක්ෂතෙම (සක්දෙව්රජ) ගිනිගෙන දිලිසෙන හාත්පස ගිනිදැල් සහිතවූ අයොමය වජ්‍රායුධයක්ගෙන සච්චක නිගණ්ඨපුත්‍රයාගේ හිසට උඩින් අහසෙහි සිටියේ වෙයි. (කුමකටද යත්:-) “ඉදින් මේ සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන්වහන්සේ විසින් තුන්වෙනිවර දක්වා කරුණු සහිතව ප්‍රශ්න විචාරණ ලද්දේ උත්තර නොදෙන්නේද, මෙහිම ඔහුගේ හිස සත්කඩකට පලන්නෙමි”යි (කියායි.) භාග්‍යවතුන් වහන්සේද, සච්චක නිගණ්ඨපුත්‍ර තෙමේද, ඒ වජ්‍රපාණී යක්ෂයා දකියි. (සෙස්සන්ට නොපෙනේ.) "


* සක්‍ර දෙවියන් කොරියානු ග්‍රන්ථ වල ඩිශිච්යෑන් විදියටත් ජපන් ග්‍රන්ථ වල ටයිශකුටෙන් කියලත් හඳුන්වනවා. චීන දේව මණ්ඩලයේ දෙව්ලොව නායක වන සක්‍ර දෙවියන් Jade emporer හෙවත් ජේඩ් අධිරාජ්‍යයා ලෙස හදුන්වනවා.

සක්‍ර දෙවියෝ

සක්‍ර දේවයන්


ජපන් දේව පුරාණ වලදී "රේඩන් " ලෙසත් අකුණට අධිපති දෙවියන් හඳුන්වනවා.
 
රේඩන්
රේඩන් ( සක්‍ර )


ෆින්ලන්තයේ දෙවියන් පිලිබඳ කතා වල සඳහන් වෙන "Ukko" නම් දෙවිවරයාත්, ඉන්දු යුරෝපියානු මිනිසුන් අදහන දේව මණ්ඩලයේ නායක  දෙවියන් වෙන Perun නම් දෙවියාත් අහසට හා අකුණු ගැසීමට අධිපති දිව්‍යලෝකයේ නායක දෙවියන් විදියට ඒ ප්‍රදේශ වල මිනිස්සු අදහනවා.


මේ විදියට ලෝකයේ සියලුම ප්‍රදේශ වල මිනිස්සු සක්‍ර දෙවියන් ඇදහීම සිදු කර තිබෙනවා. ලෝකයේ සියලු ප්‍රදේශ වලට විවිද අවතාර වලින් එකම ස්වරුපයෙන් පෙනී සිටි එකම දෙවියන් වන්නේ සක්‍ර දෙවියන්. ලෝකය පුරා විවිද සංස්කෘති යටතේ එකම ලක්ෂණ සහිත දෙවි කෙනෙකු ලෙස අදහන්නේ සක්‍ර දෙවියන් පමණයි. ඒ අනුව බුදුන් දේශනා කල පරිදිම සක්‍ර දෙවියන් මිනිස් ලොව මිනිසුන්ගේ දුක් කරදර මැඩලීමට පිහිට වන බව දකින්න ලැබෙනවා. ආගම් වල බලපෑමෙන් සක්‍ර දේව වන්දනාව යටගිහින් තිබෙනවා. ඉතා ඈත ශිෂ්ඨාචාර වල වගේම මෑත ඉතිහාසයේ සිදුකෙරුණු සක්‍ර දේව ඇදහීම් වල සක්‍ර දෙවියන්ගේ ලක්ෂණ බොහෝ දුරට සමානයි. මෙයට හේතුව සක්‍ර දෙවියන් නිතර මිනිස්සුන්ට පිහිට වීම හා මිනිස් ලෝකේ විවද ක්‍රියාවලි පාලනය කිරීමට මැදිහත් වීම නිසා ලොව පුරා මිනිසුන් හට සක්‍ර දෙවියන් පිළිබඳව තොරතුරු නිතර දැනගන්න ලැබීමයි.


සක්විති රජ වරයෙකු ලෝකය පාලනය කරන කාලයේදී සක්‍ර දෙවියන් මිනිස් ලෝකයේ දේවල් වලට බලපෑම් කරන්නේ නෑ. චක්‍රවර්ති රජ කෙනෙක් නොවුනත් රාවනා රජු සිටි කාලයේත් සක්‍ර දෙවියන් මිනිස් ලෝකයේ සිදුවීම් පාලනය කිරීමට මැදිහත් වුනේ නෑ. එහෙත් රාවනා ඍෂි වරුන්ගේ යාග වලට බාධා කල විට ඍෂිවරු දෙව්ලොවට පැමිණ එම කාලයේ සක්‍ර දේවත්වය හෙබවූ විෂ්ණු දෙවියන් හට රාවනා පිලිබදව පැමිණිලි කළා.  තමන් සතු අසීමිත බලයෙන් මත් වී  අයහපත් ක්‍රියාත් සිදුකිරීමට පෙළඹුන රාවණාට දෙවියන් හා ඍෂිවරුන් අවවාද කලත් රාවණා තමන් කළ වැරදි නිවැරදි කරනොගත් නිසා විෂ්ණු දෙවියන් රාම අවතාරය විදියට මිනිස් ලෝකයේ ඉපිද රාවණාගේ ශක්තිය සිරුරෙන් ඉවත් කර සිහිමුර්ජාවට පත් කළ බව සඳහන් වෙනවා.


චක්‍රවර්ති රජ කෙනෙක් නැති කාල වලදී මනුෂ්‍ය ලෝකය පාලනය කරන්නෙ සක්‍ර දෙවියන් විසින්. මිනිසුන්ට පෙනෙන දැනෙන ලෙස කිසිවක් සිදු නොකලත් නොපෙනෙන බලපෑම් තනි මිනිසුන්ගේ සිට ලෝකය පුරාම දක්වා සිදුකරනවා. අමනුෂ්‍යයෙකුට වුනත් මිනිස් සිරුරකට ආවේශ නොවී බාහිරයෙන් සිට බලපෑම් කර ප්‍රේරණය කර තරහ, ඉරිසියාව ,වෛරය වැනි හැගීම් ඇතිකර ගැටුම් ඇතිකිරීමේ හැකියාව, බාහිර විෂබීජ ශරීරගත කිරීමේ හැකියාව පවතිනවා. අමනුෂ්‍ය කරදර ඇති ගෙවල් වල නිතර ගැටුම් ඇතිවෙන්නේ, ලෙඩරෝග ඇතිවන්නේ මේ නිසා. මේ වගේ සිය දහස් ගුණයක බලපෑමක් ඇතිකර දෙවියන් හට රටක සිදුවන දේවල් පාලනය කිරීමේ හැකියාව පවතිනවා. මිනිසුන් හට  විවිද පාලකයන්ට කැමැත්ත ඇතිකිරීම්,  නැතිකිරීම් , වැරදි එළිදරව් වෙන්න සැලස්වීම්, ස්වභාවික විපත් ඇතිකිරීම් වැනි මිනිස්සු නොහිතන බොහෝ ක්‍රියාවන් දෙවියන් හට සිදුවීමට සැලැස්වීමේ හැකියාව පවතිනවා. මෑතකාලීන එක් පාලකයෙක් මේ පිලිබදව දැනසිටි නිසා නිතර වජ්‍රයක් දරාසිටි බව දකින්න ලැබුනා.
.
සක්‍ර වජ්‍රය
වජ්‍රය


මන්ත්‍ර විද්‍යාව තුලදී සර්ව ජන වශියක් විදියට හා ලෝකය පාලනය කරන සක්‍ර දෙවියන්ගේ ආකර්ෂණය ලබාගැනීම සඳහා  වජ්‍ර භාවිතා වෙනවා. වජ්‍රයෙන් නිරුපනය වන්නේ සක්‍ර දෙවියන්ගේ වජ්‍රායුධය.
වජ්‍රායුධය පිලිබදව මුලින්ම ලිඛිත සඳහනක් තියෙන්නේ ඍජ්වේදයේ. ඉන්ද්‍ර දෙවියන් විසින් ව්රිත්‍ර නම් අසුරේන්ද්‍රයා මරා දැමීමට වජ්‍රය භාවිතා කල කතා පුවත් වේද ග්‍රන්ථ වල සඳහන් වෙනවා. ඉන්ද්‍ර හෙවත් දේවේන්ද්‍ර දෙවියන්ව වජ්‍රහීත් (වජ්‍රය දරන්නා) , වජිරන් ( වජ්රයෙන් සන්නද්ද), වජ්‍රබාහු ආදී නම් කීපයකින් හදුන්වනවා.

සක්‍ර දෙවියන්ගේ වජ්‍රය ආයුධයක්. වජ්රායුධ යන නම යෙදුනේ දියමන්ති වලින් තනපු ආයුධය යන අර්ථයෙන්.  වජ්රායුධය විනිවිද පෙනෙන ආයුධයක්. වජ්‍රායුධය මගින් අකුණු ගැසීම සිදු කරන්න පුළුවන්. අකුණු ඇතිකිරීම මගිනුයි වජ්රායුධයෙන් පහර දෙන්නේ. දිව්‍යමය ආයුධ නිර්මාණය කරනවිට ඒ ආයුධ වලට විශේෂ ශක්ති ඇතුල් කරනවා. සක්‍ර දේවත්වය ප්‍රධානය කරනවිට ශක්තියක් ලබාදෙනවා වගේම දිව්‍යමය ආයුධ තනනකොට ඒ ආයුධ වලටත් ශක්තියක් ඇතුල් කරනවා. මේ ශක්තියට අනුරුපක ශක්තියක් ආයුධය දරන දෙවියන් හටත් ලබා දෙනවා. එමගිනුයි ආයුධය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. වජ්‍රායුධයේ ඇති ශක්තිය නිසා එය දකින්න පුළුවන් සක්‍ර දෙවියන්ට පමණයි. වෙනත් දෙවි කෙනෙකුට හෝ බ්‍රහ්මයෙකුට වජ්‍රායුධය පෙනෙන්නේ නෑ. මනුෂ්‍ය යක්ෂ අසුර කිසිවෙකුට වජ්‍රායුධය අසලටවත් යාමට හැකියාවක් නෑ. සක්‍ර දෙවියන් නොදරන අවස්ථා වලදී වජ්‍රායුධය තැන්පත් කර තිබෙන්නේ සුධර්මා දේව සභාවේ තිබෙන සක්‍ර දෙවියන්ගේ පඬුපුල් ආසනයේ දකුණු බාහුව මත විශේෂ ස්ථානයක. දේව සභාව පවත්වන වෙලාවේදී සතර වරම් දෙවියන් සතර පැත්තෙන් ආසනය ආරක්ෂා කරමිනුයි සිටින්නේ ඒ නිසා දෙවි කෙනෙකුටවත් එතනට ලං වීමේ හැකියාවක් නෑ. සත්‍ය වජ්රායුධයට බොහෝ දුරට සමාන පෙනුමක් පහත වජ්‍ර වල තිබෙනවා.

සක්‍ර වජ්‍ර
සක්‍ර වජ්‍ර
ශක්‍ර වජ්‍රායුධය
සක්‍ර වජ්‍ර

ඍග්වේදයේ ඉන්ද්‍ර දෙවියන්
‛වජ්‍රභ්‍රීත්’ (වජ්‍රය දරන්නා),
‛වජ්‍රිවාත් හෙවත් ‛වජ්‍රින්’ (වජ්‍රයෙන් සන්නද්ධව),
‛වජ්‍ර දක්ෂිණ’ (වජ්‍රය දකුණතින් ගත්) සහ
‛වජ්‍රබාහු’ හෙවත් ’ වජ්‍රාෂ්ට්‍ර’ (සිය අතෙහි වජ්‍රය දරා සිටීම) යන සමාන පදවලින් හඳුන්වනු ලබනවා.

* වජ්‍රායුධය රාවණා හට කිසිදු සම්බන්ධයක් නැති ආයුධයක්. මෑත කාලීනව ව්‍යාජ රාවණ ප්‍රවාද සමාජගත කරමින් මිනිසුන් මුලා කරන ගයාන් සදකලුම් වැනි ප්‍රෝඩාකරුවන් වජ්‍රායුධයේ ඇති ගුප්ත හා ගාම්භීර බව නිසා එයත් රාවණට අයිති බව පවසමින් අමුලික මිත්‍යා මත සමාජගත කරනවා. 
ඔවුන් සමාජගත කල වජ්‍රායුධය පිළිබද සියලු ව්‍යාජ ඉගැන්වීම් වල සත්‍ය හෙළි කල ලිපිය කියවීමට (මෙතන ක්ලික් කරන්න)

මෑත කාලීනව බිහි උන  "Hercules" "Percy jackson" "Thor" වැනි චිත්‍රපටි වලත් ඒවාට මුල් වුන කතා තුලත් සක්‍ර දෙවියන්ගේ විවිද අවතාර ගැන තරමක් සත්‍ය තොරතුරු අඩංගු වෙනවා. චිත්‍රපට වලට වඩා ඒවාට මුල්වූ ග්‍රන්ථ වල සත්‍ය තොරතුරු අඩංගු වනවා. මේවා රචනා කිරීමේදීත් රචනා කරන පුද්ගලයන්ගේ මනසට දෙවියන් බලපෑම් සිදුකරනවා. ඔවුන් කිසිදා දැක අසා නැති, ඔවුන්ගේ නිර්මානාත්මක භාවය මගින් නිර්මාණය කල කතා පුවත් ලෙස ඔවුන් සිතන සමහර සිදුවීම් දෙවියන් ඔවුන්ගේ මනසට සිතුවිලි ලෙස ඇතුල් කල සත්‍ය වශයෙන්ම සිදුවූ සිදුවීම්.

සක්‍ර දෙවි තෝර්

සක්‍ර දේවේන්ද්‍ර තෝර්



ලංකාවේ සක්‍ර දෙවියන් වන්දනාව සිදු නොවුනත් ටිබෙටය තායිලන්තය වගේ බෞද්ධ රටවල සියලු දෙනාම පාහේ සක්‍ර දෙවියන් ඇදහීම සිදුකරනවා .

                                                           සක්‍ර දෙවි රූප සහිත මුද්දර
සක්‍ර දෙවියන් රුව මුද්දර



තායිලන්තයේ බැංකොක් අගනුවර තියෙන එරාවන් කෞතුකාගාරයේ ඉදි කර තියෙන සක්‍ර දෙවියන්ගේ ඓරාවත (එරාවන්) හස්තියා නිරූපණය කරන පිළිමය
ඓරාවණ
ඓරාවන
ඓරාවත හස්තියා
ඓරාවණ
 


නේපාලයේ කත්මන්ඩු නගරයේ තිබෙන ස්වයන්භුනාත් පන්සලේ නිර්මාණය කර ඇති විශාල වජ්‍රය.
සක්‍ර වජ්‍ර
ස්වයන්භුනාත් වජ්‍රය


මිනිසුන්ගේ ජිවිත වලට විවිද ගැටළු දුක් කරදර ඇතිවෙනකොට "අහසේ දෙවියෝ නෑ" "දෙවියන්ට මේවා පේන්නේ නැද්ද" කියමින්  අවලාද කලාට දෙවියන්  මිනිසුන් දිහා බලන්නේ නෑ. මිනිස් ලෝකේ දේවල් පාලනය කිරීම දෙවියන්ගේ වගකීමක් නෙවෙයි. මිනිසුන්ට පාලනය කරගන්න බැරි වෙන අවස්ථා වල මැදිහත් වීමක් සිදුකරනවා මිසක් දෙවියන් මත මිනිසුන්ට පිහිට විය යුතුයි කියා දෙවියන් මත වගකීමක් පැටවී නෑ. ඒත් මිනිසුන් දෙවියන් වන්දනා කර පින් අනුමෝදම් කර දෙවියන්ගෙන් යමක් ඉල්ලනවානම් දෙවියන් ඒ දේ ඉෂ්ඨ කර දෙනවා. "දෙවියන් මෙසේ කරත්වා එසේ කරත්වා" වැනි  ප්‍රාර්ථනා කිරීමෙන් පලක් නෑ. "දෙවියනි මේ දේ ඉෂ්ඨ කර දෙන්න" ලෙස ඉල්ලීමක් සිදු කලොත් දෙවියන් ඉල්ලීමට උපකාර කරනවා. බොහෝ දෙනෙක් දෙවියන් අපට පිහිට විය යුතුයයි සිතා සිටිනවා. ඒ වගේම සිල්වතුන්ට ගුණවතුන්ට දෙවියන් වන්දනා කරන බව ධර්මයේ සඳහන් වන නිසා දෙවියන් තමන්ට වන්දනා කරනවා යයි සිතා සිටිනවා. දෙවියන් බවට පත් වන්නේ මිනිස් භවයන් වලදී ඉතා ගුණවත්ව සිල්වත්ව ඉදිමින් පින්කම් කල සිල් ආරක්ෂා කල ධ්‍යාන වැඩු පුද්ගලයන්. එවැනි උතුමන් දවස් දෙක තුනක් සිල් රැක්ක පමණින් මිනිස්සුන්ට වන්දනා කරන්නේ නෑ. ඒත් ස්ථිර සීලයක පිහිටලා ඉන්න ඒ වගේම ගුණවත් කමෙන් යුක්ත මිනිසුන්ට සක්‍ර දෙවියනුත් වන්දනා කරන බව බුදුරජාණන් වහන්සේ හමුවේ සක්‍ර දෙවියන් ප්‍රකාශ කරපු අවස්ථා ධර්මයේ තිබෙනවා. සිල්වත්ව ගුණවත්ව පින්කම් කරමින් දෙවියන් වන්දනා කර දෙවියන්ට පින් අනුමෝදම් කරන්නන් දෙවියන්ගෙන් ඉල්ලීමක් සිදුකලොත් දෙවියන් ඊට පිහිට වනවා. භාවනා කරන ධ්‍යාන වඩන පුද්ගලයන් හට නිතැතින්ම දෙවියන් පිහිට වනවා.


මිනිසුන් ඇති උන මුල් කාලයේ සිට මේ දක්වාම සක්‍ර දේවේන්ද්‍රයන් මිනිස් ලෝකයට විවිද බලපෑම් සිදු  කරනවා. අව්ව වැස්ස වැනි ස්වභාවික බලපෑම් වගේම රටේ පාලනය තීරණය කිරීම වැනි බලපෑම් පවා සිදු කරනවා. බුදුරජානන් වහන්සේ සිද්ධාර්ථ අවදියේ විවාහ මංගල්‍යයේදී ජයතුරා ශාන්ඛයෙන් අතට පැන් වත්කරන්නේ සක්‍ර දෙවියන්. රුවන්මැලි සෑය ඉදිකරන අවස්ථාවේ රුවන්මැලි සෑය ඉදිකරවීමට විශ්වකර්ම දිව්‍යපුත්‍රයා දුටුගැමුණු රජතුමා හමුවීමට එවන්නේ සක්‍ර දෙවියන්. ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා දළඳා වහන්සේ වැඩම කරවූ අවස්ථා වල සතර වරම් දෙවියන් සමග ඇවිත් ආරක්ෂාව සැලසුවේ  සක්‍ර දෙවියන්. ද්‍රෝණ බ්‍රාහ්මණයා ධාතුන් බෙදාදෙන අවස්ථාවේ රජවරුන්ට නොපෙනෙන ලෙස කෙස් තුල සඟවාගත් දකුණු දළඳා වහන්සේ සක්‍ර දෙවියන් ද්‍රෝණ බ්‍රාහ්මණයාට නොදැනෙන විදියට රැගෙන ගිහින් දිවයලෝකයේ තැන්පත් කළා. මේ කාලයේත් නිසි පරිදි පුජාවන් නොකරන ස්ථාන වල තැන්පත් ධාතුන් වහන්සේලා දේවේන්ද්‍ර අණින් දෙවිවරු පුජා ලබන ස්ථාන වලට ගෙනියනවා. 


සක්‍ර දෙවියන් හට පිංදීම පිළිබඳව රාජගිරියේ අරියඥාන හිමියන්ගේ දේශනාව :-


Comments

  1. දැනුමින් පිරුණු ලිපියක්! ලිපියේ තිබෙන කරුණු ගොඩක් මම පළමු වරට දැනගත්තේ අද තමයි! නමුත් පොඩි ප්‍රශ්න ටිකක් ඇති වුණා:
    1. සක්‍ර දෙවියන් මෙලොව උපත ලබා තිබෙනවානම් දැන් සක්‍ර දෙවි තනතුර දරන්නේ කවුද?
    2. ලංකාවේ ඉපදුන සක්‍ර දෙවියන්ගේ කාර්යය කුමක්ද?
    3. දිවය ලෝක වල මනුෂ්‍ය ලෝකයේ ද්‍රව්‍ය තැන්පත් කරන කොට ඒවායේ ස්වභාවය වෙනස් කරනවාද?
    4. රවණා සිහිමුර්චාවෙන් මිදුනා කියන්නේ රවණා දැන් ජීවත් වෙනවාද? එහි බලපෑම කුමක්ද?
    බුදු සරණයි! දෙවි පිහිටයි!

    ReplyDelete
    Replies
    1. 1 මෙලොව ඉපදුනු දෙවියන්ම තමා දැන් සක්‍ර පදවියේ ඉන්නේ. ශරීරය මනුස්ස උනාට හිත දේවත්වයේ.
      2 ඒක මම සදහන් කළා
      3 නෑ
      4 ඔවු රාවණා දැන් තමන්ගේ ශරීරයෙන් ජිවත් වෙනවා. විශේෂ බලපෑමක් නෑ. රාවණා නැවත ලෝකය පාලනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරනවා

      Delete
    2. ''sarreera manussa unata hitha dewathwaye" kohomada hitha deawathwaye thiyeddi manussa sarrirayak hataganne. ese viya nohakiy. manussa sarrirayak hata ganna hithak awassyai.

      Delete
    3. minissunta hitaganna beri godak dewal me loke siddawenawa

      Delete
  2. රාවණා අපි ඉන්න මනුස්ස ලෝකෙට වගේම වෙනත් මනුස්ස ලෝක වලටත් කියා තිබෙනවා. වෙනත් මනුස්ස ලෝක මොනවාද?

    ReplyDelete
    Replies
    1. වෙනත් මන්දාකිනි වල තිබෙන මනුෂ්‍යයන් ඉන්න ලෝක

      Delete
  3. awasana parichchedaya gena sehimata patviya noheka.

    ReplyDelete
  4. Bohoma hoda post ekak shakra dewiyan gana godak dewal danagatta.me wagema shiva dewiyan ganath post ekak daanawanam කෘතඥ wemi.budu saranai.

    ReplyDelete
  5. දැනට ඉන්න සක්‍ර දෙවියන් ගෙන් පස්සෙ ඒ තනතුර බලාපොරොත්තු වෙන කෙනා ටෙස්ට් එකෙන් ෆේල් ද
    ඔබට මේ තොරතුරු ලැබුනෙ කෙසේද
    සක්‍ර තනතුර දැරූ විශ්නු ට තනතුර අහිමි වුනේ කෙසේද
    සක්‍ර යනු ඩේරියස් රජුය. අසුරයන් යනු ඇසිරියන් වරුන්ට කී නමකි. යක්ෂ නාග දේව ගෝත්‍රිකයන් අමනුෂ්‍යයන් ලෙස සාහිත්‍ය පොත් වල තිබෙන ලෙසින්ම මේ කතා ද එසේය.

    ReplyDelete
  6. Agana lipiyak !!! (Y)
    Enamuth maa hata yam prashna kihipayak thibenawa.
    1. Man dannawa me blog eka adhimanasika, paara bauthika deval pilibandawa blog ekak kiyala. Namut danagannata kamtiy Mema karunu kumak muulashrayan karagena sandahan karannakda kiyla? Veda grantha, Baudda pothapatha ganath sandahan wenwa.. eeta amatarawa karunu (eg : lankwe sakra deviyan ipadi sitinwa aadiya..) kumana ayuren labagat devalda ?

    2. Atham karunu buddha bhashithayen pita hindu aagamata bara deval neda?
    Bauddayeku lesa mevani karunu hindu aagamika pasubimak thulin 100% satyak lesa dakimata yama ketharam durata nivaradi kriyawkda?

    ReplyDelete
    Replies
    1. 1. දෙවියන් සමග තියෙන සබදතා මගින්
      2. හින්දු දේව කතා මිසක් බෞද්ධ ධර්මයට පටහැනි කිසිවක් නෑ නේද?

      Delete
  7. බොහොම හොඳ post එකක්.ශිව දෙවියන් ගැනත් ලියනව nam කෘතඥ වෙමි.

    ReplyDelete
  8. Hoda post ekak godak dewal danagatta.budu saranai!

    ReplyDelete
  9. ravana asurayek da ? sakvithi raja kenek da ?

    ReplyDelete
  10. ravana asurayek da ? sakvithi raja kenek da ?

    ReplyDelete
    Replies
    1. රාවණා මනුෂ්‍යත්වය ඉක්මවා ගිය මනුෂ්‍යයෙක්

      Delete
  11. කවුද ඒ?
    තාම ඉන්නවද?
    ඔබ දැක තිබෙද?

    ReplyDelete
  12. 1. Sakra deviyan Lankawe koheda ipadila inne? Mona pradeshayeda? 2. Rawana 2016 sihimurjawen awadi unanam dan koheda inne?

    ReplyDelete
    Replies
    1. 1 ඒ තොරතුරු පසුකාලීනව දැනගන්න ලැබෙයි. ප්‍රසිද්ද චරිතයක්නම් නෙවෙයි.
      2. හිමාලයේ

      Delete
    2. Oba rawana Himalaye innawa kiya keseda danagaththe?

      Delete
  13. මහා බ්‍රක්මතාඋන් වහන්සේගනත් article එකක් කරන්න මහත්මයා .එතුමන් ගැනත් දැනගන්න කැමති .මේ article එකෙනුත් ගොඩක් දේවල් ඉගනගත්ත .මහත්මයට ගොඩක් පින් මේ දේවල් අපිට කියනවට .

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකක් ලියන්නම්

      Delete
    2. ඔබතුමාට පින් දැනුම දුන්නට. දට දැනගන්න ඔිනි විෂ්ණු ෙදවියන්ට පහන තැබීෙමන් අපෙග් ගැටළු වලට සහනයක් ලබාගත හැකිද?

      Delete
    3. onama devi kenekuta pahana thabimen jivithe prasna walata sahanayak labenawa. hebei pahana tiyana eka hariyata danagena hariyata karanna oni piliwet hariyata karala. nettan wenne jivite winasa wena eka

      Delete
    4. Godak pin upadeseta. mama dan pahana thyanne buduntai Vishnu deviyantai.Ratai, udetai thami pahana thiyanne. mama mas samaniyen kanne naha. habai mage duwala 3denata denawa.egollo podi.(2,4,6yrs.) malu karawal samahara welawata kanawa.mama karanneeya mettha, rathana,oya kewwa arakshaka gatha(amanussa dosha walata) mama rata kiyanawa. udeta wela adui.ammaleda wela bbata walin kawanne gemak dela jeewath karaganne.mata prasna godai.mama narakak karanne naha.Gana deviyo ganath danaganna kamathi. Pujawal denakota god ganesta issellama denna oni kiyala deva niyamak thiyana kiyanne aththada? danaganna kamathi. mama budun thamai 1denne. Vishnu devanta pahana rata udeta thiyanawa kamak nadda. budu pana lagin Vishnu rupayak thiyala. karawala malu idala hitala mata kawenawa. kamak nadda? Visnu deviyanta pahana thiyanne kohamada? gedara wife , lamai mas malu kawata pahana thabeemedi prasnayak weida. pahada denna godak pin. prssne diga unata samawenna.obathumata theruwan saranai.

      Delete
    5. Gana deviyanta mulima denna oni kiyla dewa niyama ne.
      Pahana tyana eka gena mama post ekak dannan

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. YOGITHUMANI,THEWANI ASA WIWARA KARAGANEEMATA LAW OF ATTRACTION BAWITHA KARANNA BARIDA?

    ReplyDelete
  16. මුස්ලිම් ආගමේ අල්ලාහ් දෙවියන් යනු කුමන දෙවියන්ද?

    ReplyDelete
    Replies
    1. මනෝ විකාරයක් කියන්නම බෑ නේද? ආබ්‍රහමික ඇදහිලි වලදි අදහන්නෙ එකම දෙවි කෙනෙක්. ක්‍රිස්තියානි ආගමේ දෙවියන් වහන්සේ නමිනුත්(god), යුදෙව් ආගමේ යෙහෝවාහ් නමිනුත් , ඉස්ලාම් ආගමේ අල්ලහ් නමින් හදුන් වන්නේ එකම දෙවියන්. ඒ බව ඒ ආගම් තුනෙන්ම පිලිගන්නවා, මගේ මතය අනුව ඒ දෙවියන් ශක්‍ර දෙවියන් අතර බොහෝවිට සමාන කමක් තියෙන්න පුලුවන්.. නැත්තම් ඒ නම් තුනෙන්ම හදුන්වන්නෙ ස්වභාවධර්මය. ඒ වගේම අපේ බෞද්ධ දර්ශනයෙ එන දිව්‍ය මාර පුත්‍රයාට සමාන චරිතයක් ඒ මැද පෙරදිග බිහිවූනු ආගම් තුනේම තියෙනවා, ක්‍රිස්තියානි හා යුදෙව් ආගම් ව්ල සාතන් නමින් හදුන්වනවා ඉස්ලාම් ආහමේ ශයිතානු නමින් හදුන්වනවා.... ඒ ආගම් වලට අනුව ඔහු නපුරට අධිපති වූ නපුරු දේව දූතයෙක් ඒ වගේම ඔහුට අනුගාමික දේවදූත කන්ඩායමකුත් ඉන්නවා ඉස්ලාම් ආගමේ හදුන්වන්නෙ ජින්වරු කියලා ඒක අසුරයන්ට සමාන කමක් තියෙනව නේද..... ඒ වගේම ඒ ආගම් තුනේම එන යහපත් දේව දූතයන් සුරයන්ට සමාන කරන්න පුලුවන් නේද... ක්‍රිස්තියානි ආගමේ ගේබ්රියල් හා මයිකල් ලෙස හදුන්වන ප්‍රධාන දේව දූතයන් දෙදෙනෙක් ඉන්නවා ඉස්ලාම් ආගමේ ඔවුන්ව හදුන්වන්නෙ ජිබ්‍රිල් හා මිකායෙල් වශයෙන්.... ඔබතුමා මේ දේව සංකල්පය ගැනත් හොයල තවත් මේ වගේ ලිපියක් දානවනම් වටිනවා... තෙරුවන් සරනයි....

      Delete
  17. yogithumani obathuma ape comment walata pilithuru sapayanne nadda?

    ReplyDelete
    Replies
    1. coment penenne nethuwwa thibbe unpublish wela. dan tamai eka haduwe

      Delete
  18. oba thumawa sambanda kara ganeemata hakida? my e mail sasimal1984@gmail.com

    ReplyDelete
  19. thanx reply kalata. deviyanta pahana thiyanakota nirmansa wenna onida? mama danata Vishnu deviyanta thiyanawa ude ra. pirith maha mangala, karneeya, rathana, mora, siri sambodhi, atwisi, oyage post eke thibba arashaka gstha rata kiyanawa. udetra budunta, vishnuta jaya sirimaha bodhiyata pahana thiyanawa.vishnuta thiyanakota පාරමි දම් පුරා මතු බුදු බව පතන,නාරන දෙවි තුමනි යුතුවන ගුණ ණුවන,භු ගහ දොස සමග බාධක පිස තොසින,අප හට දිවි රැකුම ලැබ දෙනු මැන මෙතින 7 parak kiyala awasanayata sabba papassa 7parak kiyanawa.thawa maha lakmita ashtaka 3parak dala malthiyanna mama dan oya kiyapu widiyata kranna yanawa pahan thiyanne naha. mama pahan thiyana kota 11-12 wenawa.kamak nadda? mata oni deviyangen upkarayak laukika jeevithyata ganna. hamavitama buddhanusathiya wadanna balanawa. 1ka budu gunayak namo ahan namo arahan kiyala sithin menehi karanawa. parusawacha, samprapalapa, michajeewa ekka pansil hamvitama rakinna balanawa. mata samadi thathwayakata nam awe naha thama. mama oyage post saha prshnawalata deela thiyana replys balanawa. ewa godak jeevitheta vadagath.yogithumata evata godak pin.


    .

    ReplyDelete
    Replies
    1. Mage prasnawalata reply thibbe naha. Ketiyen hari mawa nivaradi karanna.

      Delete
    2. deviyanta pahanak thiyanna oni vidiya gena wenama post ekak dannan mama

      Delete
    3. Obathumage post eke thibba vidiyata Ashtaka play karala (3parak)suwada dum, mal, pahanak thiyanawa. eke lashimi deviayanta pahanak thibbata kamak naha kiyala thibba. podak pahadilikaranna. Ashtaka walin passe Gayathri manthra (samall chanting 4 lines) play kalata kamak nadda?

      Delete
  20. Yogithumani, giya athmayedi brahmayekuwa ipada siteema me athmayedi ikmanin saha pahasuwen Dyana labimatath giya athmayedi dewiyekuwa ipada siteema me athmayedi ikmanin saha pahasuwen 3rd eye open karaganimatath hethu weda? Deergayu weewaa!!!

    ReplyDelete
  21. yogithumani,sowan uu ayekuta 3rd eye open karaganimata adahasak athiwiya nohakida? thawada kundaliniya awadi karagena sitina ayek sowan uwahoth ohu kundaliniya wadima athahara ethan patan aarya ashtaangika maargaye shakthimathwa gaman karanawada?

    ReplyDelete
    Replies
    1. eka pudgalayage hetyata wenas wenawa. wennat puluwan nowennat puluwan

      Delete
  22. e kiyanne yogithumani kundaliniya kisima widiyakin niwanata badawak newei kiyana eka neda? atham pragnawanthayan kundalaniya daraminma niwan pasak karanawa kiyana kaaranaya neda?

    ReplyDelete
  23. yogithumani, bagawath geethawe krishna arjuna sanwadayedi vishnu dewiyan, "mama amraneeya wemi,lokaye arambayath awasanayath mama wemi" aadi washayen pawasu bawa sadahan wenawa neda?eya wiya nohaki deyak neda? lowa kisima ayeku amaraneeya naa neda?

    ReplyDelete
  24. යෝගී තුමණි . අද තමයි කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ කියවන්න . ජුපිටර් ලර්නස් එක එතකොට සක්‍රයාගේ බිස්නස් එකක්ද ?

    ReplyDelete
    Replies
    1. නෑ ඒක වයිමගෙ එකක්.

      Delete
  25. යෝගිතුමනි
    1. මන් අසා තිබෙනවා මහේශාක්‍ය දෙවිවරු මනුෂයන් අසළට නොපැමිණ බව. එය සත්‍යක්ද ?
    2. සක්‍ර දෙවියන් පැමිණ ඇත්තේ මවාගත් ශරීරයකින්ද , මවුකුසෙන් බිහිවූ සාමාන්‍ය මනුෂයෙක් ලෙසද ?
    3. මෙසේ සක්‍ර දෙවියන් ලංකාවේ ඉපදී සිටිනවනන් ලංකාවේ අනාගතය ගැන ඉතාමත් සුබවාදී විය හැකි නේද ?
    නුදුරු අනාගතයේ මුළු ලෝකයේම විශාල වෙනසක් විය යුතුයි නේද. කුමන ආකාරයෙන් එය සිදුවේද?

    ReplyDelete
    Replies
    1. 1.samanya minissu lagata enne ne. vishesa aya lagata enawa
      2. samanya manusya swabawayakin
      3. eka tiranaya wenne minissunge hesirima matha

      Delete
    2. *Laughing god kiyanne mokakda , Fenshui kiyana saththara kramaya aththakda?

      Delete
  26. Bohoma sthuthiyi me lipiyata sahenna dewal dana gatta jiwithe pala weni parata��

    ReplyDelete
  27. Yogithumani
    1) minisun maranin pasu wadipurama upatha labanne kumana lokayeda?

    2) Muslimwarun mawa gath allah namathi dewi kenekuta wandana karamin anikuth agam walata garahana wita owunta kumana akaraye prathipala athi wenawada?

    3) Api marunata passe ipadenne me mandakiniye thiyena lokayaka witharada naththam wenath mandakini wala lokawalath ipadenawada?

    ReplyDelete
    Replies
    1. 1 satara apaya
      2 eka mawagenimak attak newei. paukam witarai wenne
      3 me lokemai. wena lokeka ipadenna ekko irdhi thiyenna oni nettam prartana karanna oni. nodanna dewal gena prartana kirima hoda ne. ataraman wela wale wetenna wenne. e nisa dyana irdi labagena ipadima tama aarakshitha de

      Delete
    2. Me mandakiniya arunama wenath mandakiniyaka lokeka ipadime thiyena wasiya kumakda?
      Sampurna kundalini shakthiyama laba gath ayata ese wena mandakiniyaka lokeka ipadiya hakida?
      (Kuthuhalayata dana ganima sadaha pamani)

      Delete
    3. ehema wasiyak kiyanna be.wena mandakini godaka manussa loka tyenawa. samahara ewa me loketa wada diyunu minissu innawa. samahara ewe me loketa wada nodiyunu minissu innawa. wena mandakiniyaka ipadenna kiyala prartana kalata oya danne nene mona lokeda hoda kiyala? beriwelawat naraka lokeka ipadunot apahu gelawila ewit mehe upadina eka sure karanna be. e hinda mulinma karanna oni e e loka dakinna puluwan tatweta bawana karala hitha diyunu karaganna eka. oya kohe gyat antimata mehe tyena tikama tama tyene. mehe inna minissunge gatima tama tyenne. pitasakwala lokekata yannama oninan issela pitaratakata gihin masa 6k 7k jiwat wenna. ehedi wena dewal tikama tama wena lokekata gyat danenne. kohe gyat antimata ehe epa wela mehetama enna hitenne. me loke idagena darmaya wadana gaman pinkam karana gaman bawana karala dhyana labaganna , kundalini chakra awadi kraganna utsaha karanna. etakota upadinna deyak ne gihin balala enna puluwan

      Delete
    4. බොහොම ස්‍තූතියි යෝගීතුමනි

      Delete
  28. Ishta dewiyan gana lipiyak post karannako obathumata pluwnnm

    Lokaye jiwath wana sama minisekutama ishta dewikenek innawada?

    Mathaka shakthiya wadi kara ganimata kala haki hodama bawanawa kumakda?

    ReplyDelete
  29. Jesus dewiyan wasaya karanne kumana diwya lokayeda ??

    ReplyDelete
  30. ඇත්තටම යෝගිතුමනි රාවණ රජු ශිව දෙවියන් ගේ වාස භවන වූ කයිලාස කූටය සෙලවූයේ නැද්ද ?

    ReplyDelete
  31. Yogi thumani,
    01. Sakra deviyan mona awruddeda lankawe ipadune? Dan ohuta wayasa kiyada?
    02. Sakkra deviyan lankawe mona pradesayeda ipadila inne?
    03. Sakra deviyan lankawe ipadunanam sakra padaviya dan daranne wena deviyekda?
    04. Rawana rajathuma dan koheda inne?

    ReplyDelete
  32. yogithumani,dan swarnawahiniye yana "maharaja kansa" teledrama eke kanha thama vishnu deviyan bawa nodannawa wagema lankawe ipadila inna shakra dewiyanuth thama sakra dewiyan bawa danne nadda?

    ReplyDelete
  33. යෝගී තුමනි ,

    මේ පොස්ටුවට අදාළ නොවන ප්‍රශ්නයක් ඇසීමට අවසර ,

    ජාතක කතා වල සහ බෞද්ද සාහිත්‍යයේ එන කිදුරන් සහ කිදුරාන්ගනාවන් ඇත්තටම සිටීද ? එසේනම් 31 තලයෙන් මොන තලයේද ? මනු ලොවම නම් අපට දැන් කාලයේ පෙනෙන්නට නැත්තේ ඇයි ?

    ReplyDelete
  34. යෝගී තුමනි ,

    මේ පොස්ටුවට අදාළ නොවන ප්‍රශ්නයක් ඇසීමට අවසර ,

    ජාතක කතා වල සහ බෞද්ද සාහිත්‍යයේ එන කිදුරන් සහ කිදුරාන්ගනාවන් ඇත්තටම සිටීද ? එසේනම් 31 තලයෙන් මොන තලයේද ? මනු ලොවම නම් අපට දැන් කාලයේ පෙනෙන්නට නැත්තේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. manussa loke idala tyenawa. eka eka satwa wishesha nashta wela yanawa kalen kaleta

      Delete
  35. ethakota yogithumani,oya sattu katha karana ewa attada?

    ReplyDelete
  36. ඔබතුමා වෙනත් මාන වලට ගමන් කර තිබේද?

    ReplyDelete
  37. තමන්ගේ ජීවිතයේ අරමුන ( life purpose ) ර්ක හරියටම හොයා ගන්නෙ කොහොමද

    ReplyDelete
    Replies
    1. ehema ekak hoyaganna kohewath hangala thiyala ne. taman tiranaaya karanna oni tamange jivite aramunu monawada kiyala

      Delete
  38. තෙවැනි අඇස විවර කරගතහොත් තම්න්ගෙ පෙර භවයන් බලා ගත හැකිද?

    ReplyDelete
  39. යෝගිතුමනි
    1)මහා කල්පයක් විවිද යුග වලට බෙදෙනවනම් ඒ විවිද යුග කීයක් තියෙනවද?
    ඒවා මොනවාද
    2)මිනිස්සුන්ගෙ ගුන ධර්ම පරිහානියට පත් වෙන කලියුගයේ ඉපදෙන මිනිස්සු බොහෝ දෙනා අපායෙ ඉපදෙනවනම් , ගුනධර්මවලින් පිරිපුන් යුග වල ඉපදෙන මිනිස්සු වැඩියෙන් ඉපදෙන්නෙ සුගතීන් වලද??

    ReplyDelete
  40. ane mn godak aasai shakthi awadi karagath aya thama hakiya pawichci karanawa dakinna.rawana lokaya palanaya karana ena kalewath owun loketa peenna thama hakiya pawichchi karana ekak nadda yogithumani?

    ReplyDelete
    Replies
    1. aththa Dadhimanasika hakiya thiyena magiciansla innnawa. dakinnama oninam ewage magicianslage vdo balanna. criss angel e wage kenek. hebei eyage boru magics ewath thiyenwa.

      Delete
  41. yogithumani,
    1.dewiwaru minissuth ekka katha karanna kamathida? shiva , vishnu wani athi prabala devi warun pawa?
    2.adatath eka shaapayakin mulu lowama alu kala haki tharam balayakin yuth rishiwaru himaalaya wage pradesha wala innawada?
    3. anjanamak thiyena knk kiwwa mn giya aathme devi knk wela idala thiyenawa kiyala...eka attak nam giya aathmaye maa samaga mithrawa siti devivarunta pin anumoodan karala udaw illuwoth mata shakthi awadi kara ganeemata,adyaapana katayuthu diyunu kara ganeemata saha samurdimath jeewithayak gatha kireemata udaw deida?

    OBATHUMATA DEERGAAYU WEEWA!!!!!!!

    ReplyDelete
    Replies
    1. 1.samahara minisun ekka kata kranna kemati
      2. ou
      3. labenna ida thiyenawa. karala balanna

      Delete
  42. Sakra deviyan ipadila inne kandy wala. wayasa 24.

    ReplyDelete
    Replies
    1. nuwara sakra dewiyo ne. ehema kiyana kenek innawanan e බොරුවට මවා පාන කුම්භාණ්ඩයෙක්

      Delete
    2. Sakra deviyan ipadunu thena kiyai kiyala boru comment ekak demme.mata samawenna guruthumani.

      Delete
  43. agana lipiyak!
    rawana raju nawatha lokaya palanaya kereemata peminenne lankawatada?

    ReplyDelete
  44. පරනිම්මිත වසවර්තියේ නායකයා මාරයා නෙවේ කියල මම අහල තියනවා.

    ReplyDelete
    Replies
    1. වසවර්තියේ කාණ්ඩ දෙකක් ඉන්නවා. සමස්ත දිව්‍යලෝකයටම නායකයෙක් කියල විශේෂ කෙනෙක් නෑ. මාර පිරිසට නායකයා වෙන්නේ මාරයා

      Delete
  45. වසවර්ති මාරයා සෙසු දෙවිවරුන්ව චන්ඩි කමින් යටත් කරගෙන ඉන්න දෙවියෙක් විදිහටයි සැලකෙන්නෙ.ඔහුගේ සේනාවත් එසේම දඩබ්බරයින්.එසේ වූ නිසායි එදා බුද්ධගයා බෝ මැඩ දි මාර සේනා දුටු සෙසු දෙවියන් හිස් ලූලූ අත පලාගියේ. (සක්‍ර දෙවියන්ට මෙන් මාරයාටද ආයුධයක් තිබේ ඒ චක්‍රායුධයයි.ඇතෙක් සිටී ඒ ගිරිමේඛලා).මාරයා බලවත් නිසායි මේ රටේ බුදු දහමට භික්ෂූන්ට මෙතරම් පීඩා මතු වෙන්නෙ.

    1.පරනිම්මිත වශවර්තියේ දෙවියන්ගෙ ආයු වර්ණ සැප බල තව්තිසා දෙවියන්ට වඩා අධික වේ නම් සක්‍ර දෙවියන් මාරයාට වඩා බලවත් වෙන්නෙ කෙසේ ද?

    2.එසේ බලවත් නම් බුද්ධගයා බෝමැඩ දී සම්‍යක් දෘෂ්ටික දෙවියන් පලා ගියේ ඇයි?

    3.මා අසා තිබෙන ආකාරයට යාමය හා නිම්මාණ රතිය සුයාම හා සුනිර්මිත යන දිව්‍යරාජයන් පාලනය කරයි.එය නිවැරදි ද?

    ReplyDelete
    Replies
    1. 1. ලංකාවේ ජනාධිපතිට වඩා අගමැති බලවත් වෙනවා වගේ තමයි. ලැබීම වැඩිවීම වුනාට බලය වැඩිවෙන්නේ නෑ. ලෝකයේ හා විශ්වයේ පාලනයට දායක වෙන්නේ සක්‍ර දෙවියන්. ආයු වර්ණ සැප බල වැඩිම පරිනිම්මිත වසව්ර්තියේ උනාට වැඩියෙන්ම පිංකම් කරන බෝධිසත්ව වරු, සම්‍යක් දෘෂ්ටික පුද්ගලයන් පරිනිම්මිත වසවර්තියේ උපත ලබන්නේ නෑනේ. තාවතිංසා තුසිත දෙකේ ඒ අය ඉන්නේ. පරිනිම්මිත වසවර්තියේ අයට වඩා බලය වැඩි පින් වැඩි බලය වැඩි දෙවිවරු ඕනතරම් තව්තිසාවේ හා තුසිතයේ ඉන්නවා. ඒ අය සම්‍යක් දෘෂ්ඨික නිසා උපදින්නේ ඒ ලෝක වල වසවර්තියට යන්නේ නෑ.

      2. බලවත් දෙවියන්ට අවශ්‍ය නම් පලා නොයා ඉන්න පුළුවන්. එහෙම කලානම් බුදුන් ශ්‍රේෂ්ට වෙන්නේ නෑ. බුදු උපතේ සිට බුද්ධත්වය තෙක් දෙවිවරු බුදුන් ආරක්ෂාවට හිටියා කියල බුදුන්මයි දේශනා කරලා තියෙන්නේ. පංච අභිඥා අෂ්ට සමාපත්ති ලැබුවාට පසු දේව ආරක්ෂාවක් අවශ්‍ය නෑ. දෙවියන්ගේ සහය ඇතුව මාර පරාජය කළා නම් බුදුන් ශ්‍රේෂ්ට වෙන්නේ නෑ. දෙවියන් එතන හිටියා නම් බුද්ධ ශ්‍රේෂ්ටත්වයට නිග්‍රහයක් . මාර යුද්ධය තනිවයි ජය ගන්න ඕනි. ඒකයි බලවත් දෙවිවරු යන්නේ

      3. ඔවු . ඒ උනාට ඒ සියලු දෙවිවරු සක්‍ර දේව ආඥාවට යටයි

      Delete
    2. මාරයට පිං අනුමෝදන් කරන එක වරදක් ද? බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙනවා නේද මේ විශ්වයේ තියෙන දේවල් මහා ගන වනයක් නම් උන් වහන්සේ දේශනා කාලේ පුංචි එක කොලේක පමණක දෙයක් බව? දෙවියන්ට අපේ ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තු ලගා කරගන්න උදව් කරන්න පුළුවන් ද? කොහොමද උදව් ඉල්ලන්නේ අනේ කරුණාකර මෙයට පිළිතුරු දෙන්න

      Delete
    3. මාරයාට පින් අනුමෝදම් කිරීම මෝඩකමක්. පින් දෙන්න ඕනි තමන්ට පිහිට වෙන දෙවියන්ට . මාරයට මොකටද පින් දෙන්නේ?

      දෙවියන්ට සමහර දේවල් වලට උදවු කරන්න පුළුවන්. බුද්ධ දේශනා වලත් ඒවාට ඕනතරම් උදාහරණ තියෙනවා.

      උදවු ඉල්ලන්න ඉතින් විශේෂ අමුතු ක්‍රමයක් නෑ. සිල් රකින ගමන් පින්කම් කරලා බුද්ධ වන්දනා කරලා දෙවියන්ට පින් දීලා උදවු ඉල්ලන්න
      එහෙම නැත්තම් ඒ ඒ දෙවිවරුන්ට අදාළ දේවාල වල සිරිත් අනුව පුජා තියන්න

      Delete
  46. සක්‍ර දේවතාවුන් වහන්සේ සෝවාන් මාර්ගඵල ලාභී නේ.

    1.ඔබතුමාගෙ අත්දැකීම් අනුව සක්‍ර දෙවියන් කෙබදු අයෙක්ද? චාම් තැන්පත් නිවුණු අයෙක් ද?එතුමා ඉතා කාරුණික අයෙක් ද? එසේම එතුමාගෙ දිව්‍ය ස්වරූපය කෙබදුද?(වස්ත්‍ර සළුපිලි ආදිය)

    2.මාරයා කෙබදු අයෙක්ද?ඔහු අසුරයන් වගේ ඇට්ටර දඩබ්බර නොහික්මුණු චරිතයක්ද? ඔහුගේ දිව්‍ය ස්වරූපය පිළිබදවත් පොඩි සදහනක් කරන්නකො.

    3.මාරයා බුදු පියාණන් සමග මෙන් සක්‍ර දෙවියන් සමගත් නිතර ගැටෙනවා ද?

    මං මේවා දැනගන්න ආසයි අනේ මට මේකට පිළිතුරක් ලබා දෙනව ද?😇😉

    ReplyDelete
    Replies
    1. 1,2 gena wenama post idiriyedi danawa. denma newei tawa aurudu dekathunakin
      3 ne. maraya dewiwaru ekka getimak ne

      Delete
  47. sakvithi padaviya kohoma knktada labenne? eka labenna kauruth balayak denna onida? thamange pin balaya madida?

    ReplyDelete
    Replies
    1. සක්විති බව ලැබෙන්නේ පිනෙන්

      Delete
  48. සාදු සාදු සාදු සාදු සාදු සාදු බොහොම වැදගත් ලිපි පෙලක්

    ReplyDelete

Post a Comment