Featured Post

අසිරිමත් බුදුරැව දර්ශනය වන බුද්ධානුස්සති කමටහනක් Buddhanussathi Meditation

                                                         
                                                              භාවනා කරන බෞද්ධයන් අනිවාර්යෙන් කර තියෙන භාවනා තුනක් තමයි මෛත්‍රී, ආනාපානසති හා බුද්ධානුස්සති භාවනා ත්‍රිත්වය. මේ භාවනා තුන බෞද්ධ මාර්ගයේ සන්ධිස්ථානයක් වැනි අංගයක්. පලවෙනි කිලෝමීටරයේ කනුව පහු නොකර දෙවෙනි කිලෝමීටර කනුව වෙත යන්නේ නෑ වගේ වෙනත් ඕනෑම සමත භාවනාවකට කලින් මේ භාවනා තුන අනිවාර්යෙයන්ම කරන්න සිදුවෙනවා. භාවනා උපදෙස් ලබාදෙන ගුරුවරුන් වගේම පොත්පත් වලිනුත් ඒ කිසිවක් නැති උනත් දෙවියන්ගේ මෙහෙයවීමෙන් මේ භාවනා තුන පළමුවෙන් කරන්න යොමු කරනවා. භාවනා කරනවා යයි කියනා ඕනෑම බෞද්ධයෙකු සත්‍ය වශයෙන්ම භාවනා කරන කෙනෙකුදැයි හදුනාගැනීමට පහසුම ක්‍රමය බුදුගුණ නවයෙහි අර්ථය විමසීම. භාවනා වඩන අයෙකුට අනිවාර්යෙන් බුද්ධානුස්සති භාවනාව වැඩීමට යොමුවෙනවා. බුද්ධානුස්සති භාවනාව වැඩීමේදී බුදුගුණ වල අර්ථ ඉතාම හොදින් මතක හිටිනවා. බුදුගුණ නවයෙහි අර්ථය කියන්න බැරිනම් ඔහු 95%ක් දුරට බෞද්ධ සමත භාවනා වැඩු කෙනෙක් නෙවෙයි.

බුද්ධානුස්සති භාවනාව විදියට අපි දන්නේ නව අරහාදී බුදු ගුණ සිතින් මෙනෙහි කිරීමේ භාවනාව. බුද්ධ දේශනාවේ තිබෙන ඒ භාවනාවෙන් සිදු කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අසමසම ගුණ පිළිබඳව සිත එක්තැන් කර බුදුන්ගේ ගුණ දැකීම. එත් ඒ බුද්ධානුස්සති භාවනාව එකදිගට 2500 වතාවක් නව අරහාදී බුදුගුණ නැවත නැවත සිහිපත් කරලා භාවනා කලොත් බුදු රුවක් සිතේ මැවිලා පෙනෙන බවක් ගොඩ කාලයටකට කලින් පොතක තිබිලා මට කියවන්න ලැබුනා. ඒක ඇත්තද කියල බලන්නත් එක්ක බුද්ධානුස්සති භාවනාව වඩන අතරේ අහම්බෙන් කියවන්න ලැබුණු රේණුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ පොතක තිබිල බුදුරුව දර්ශනය වීම ස්ථිරවම සිදු වෙන වෙනත් බුද්ධානුස්ස්සති කමටහනක් කියවන්න ලැබුනා. මේ කමටහන මගින් බුදුරුව දර්ශනය වීම ස්ථිරවම සිදුවෙන නිසාත් මේ ගැන ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නා නිසාත් මේ ගැන දැනුවත් කරන්නයි මේ ලිපිය ලියන්න හිතුවේ. මේ භාවනාව බුරුමයේ ගාන්ධායුන් ශයාඩෝ නම් ස්වාමින් වහන්සේ හඳුන්වා දෙන ලද භාවනාවක්.


                                                           බුද්ධ දේශනාවේ තියෙන බුදුගුණ මනසිකාර භාවනාව නොදන්නා අය ඉන්න පුළුවන් නිසාත් මේ දවස් වල ෆේස්බුක් එකේ සිංහල බෞද්ධයෝ කියල ලොකුවට තමන්ව හඳුන්වාගන්න බොහෝ දෙනෙක් එක්ක කතා කරලා බැලුවම බුදුගුණ නවයේ තේරුම්වත් නොදන්නා බෞධයෝ ඉන්නා නිසාත් දැනුවත් කිරීමක් විදියට මුලින්ම බුදු ගුණ මනසිකාර භාවනාව පැහැදිලි කරලා ඉන්නම්.

බුදුගුණ මනසිකාර බුද්ධානුස්සතියේදී සිදුකරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ අර්ථ සහිතව සිහිපත් කිරීම.

*බුදුරජාණන් වහන්සේ රාග ද්වේශ මෝහ ආදී සියලු කෙලෙස් නැසූ හෙයින්, සියලු පාපයන්ගෙන් මිදුන හෙයින්, රහසින්වත් පව් නොකළ හෙයින්, දේව බ්‍රහ්ම මනුෂ්‍ය සියලු ලෝ වැසියන්ගේ ආමිස පුජා ප්‍රතිපත්ති පුජා ලැබීමට සුදුසු වන හෙයින් "අරහං" වන සේක.

* බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නැතිවම තමන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර බුද්ධත්වයට පත්වූ හෙයින් " සම්මා සම්බුද්ධ" වන සේක.

* බුදුරජාණන් වහන්සේ අෂ්ඨ විද්‍යා හා පසළොස් චරණ ගුණයන්ගෙන් සමන්විත හෙයින් "විජ්ජා චරණ සම්පන්න " වන සේක.

* බුදුරජාණන් වහන්සේ සුන්දර වූ නිවනට පැමිණ වදාළ හෙයින් "සුගත" වන සේක.

* බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝක අමනුෂ්‍ය ලෝක දේව බ්‍රහ්ම ලෝක පරසක්වල ලෝක ආදී සියලු ලෝක අවබෝධ කළ හෙයින් " ලෝකවිදූ" වන සේක.

* බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් ධමනය කර අනුත්තර මාර්ගයට පමුණුවාලු හෙයින්ද ධමනය කළ නොහැකි වූ මනුෂ්‍යන් දෙවියන් ධමනය කළ හෙයින්ද " අනුත්තර පුරිස ධම්ම සාරති" වන සේක.

* බුදුරජාණන් වහන්සේ මනුශ්‍යන්ටද දෙවියන්ටද දුකින් මිදීමේ මාර්ගය පෙන්වන එකම ශාස්තෘන් වහන්සේ වන හෙයින් " සත්ථා දේව මනුස්සානං" වන සේක.

*බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර අන් ලොසතුන්ටද අවබෝධ කරවා සසරින් එතෙර කරවූ හෙයින් " බුද්ධ " වන සේක.

* බුදුරජාණන් වහන්සේ ලෞකික සැප සම්පතෙන් පිරිමටද, මහා පුරුෂ ලක්ෂණ ලැබීමටද, අසම සම අග්‍ර ඉර්ධි අභිඥා ලැබීමටද, ලෝකෝත්තර උත්තරිතරත්වයට පත්වීමටද මහා භාග්‍යවන්ත හෙයින් " භගවා" වන සේක.


මේ විදියට බුදුගුණ සියල්ලම නැවත නැවත සිහිපත් කිරීම හෝ අරහං බුදු ගුණය වැනි එක් බුදුගුනයක් පමණක් නැවත නැවත සිහිපත් කරමින් බුදුගුණ භාවනාව වඩන්න පුළුවන්. බුදුගුණ වල අර්ථ හොදින් මතක හිටියට පස්සේ අරහං අරහං ආදී විදියට බුදු ගුණය පමණක් හිතමින් භාවනා කරන්න.



                                                         බුදු රුව දර්ශනය වන භාවනාවේදී  සිදුකරන්නේ තමන් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ වජ්‍රාසනය මත පද්මාසනයෙන් වැඩ හිදිනවා කියල සිතින් මවාගෙන බුද්ධ ශරීරයේ දෙපතුලේ ඉදන් හිස් මුදුන දක්වාත් හිස් මුදුනේ සිට දෙපතුල් දක්වාත් සියලුම දේහ ලක්ෂණ මෙනෙහි කිරීම.

මුලින්ම පහසු භාවනා ආසනයකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරලා බුදුන් සරණ ගිහින් බුදුරජාණන් වහන්සේ මා ඉදිරියේ පෙනී සිටින සේක්වා කියල හිතන්න. මීලගට බුදුරජාණන් වහන්සේගේ දෙපතුලේ තිබෙන ච්ත්‍ර ආදී හැඩයන්, දෙපතුල් වල රතඹුල් පාට, බුද්ධ රශ්මි මාලාව නිසා රන්වන් පාටින් දිලිසෙන ඇත් දළ පාට සම, තද රතු පාට චිවරය, පාද, දණහිස්, උකුල, ඉන, උඩුකය, උරහිස්, දෙඅත්, රතඹුල් පාට දෙඅත්ල, රැලි තුනක් පිහිටා තිබෙන ගෙල, නිකට මට්ටම තෙක් දිගින් තිබෙන දෙකන්පෙති, දෙතොල්, නාසය, දිලිසෙන පිරිසිදු දෙඇස්, දෙබැම,  දකුණට කැරකුණු ඌර්ණ රෝම ධාතුව සහිත නළල, දකුණට කැරකිලා පිහිටන හිසකෙස්, බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් පිටවන රන්වන් පාට රශ්මි මාලාව, ශීර්ෂය වටා රවුමට පිහිටන රශ්මි මාලාව හොදින් මෙනෙහි කරමින් සිතින් දකින්න.

මේ බුද්ධ දේහ ලක්ෂණ පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්න මහා පුරුෂ ලක්ෂණ වල විස්තර උදවු වෙන නිසා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව කෙටි විස්තර මේ photo එක කියවල හිතට ගන්න.



මේ කමටහන වැඩිම බුදු ගුණ මනසිකාරය වැඩීමට වඩා මුලදී අමාරුයි. මොකද මේකෙදි සිතින් මවාගැනීමක් සිද්ද කරන්න තියෙන නිසා. මේකට ගොඩක් හිත වෙහෙසවන්න වෙන නිසා ආරම්භයේදී මේක අමාරු වෙනවා. ඒත් අමාරුවෙන් හෝ එකදිගට පුරුදු කලොත් වැඩි කාලයක් නොගිහින්ම හොදින් සිත එක්තැන් වෙනවා.

භාවනාව දිනපතා පුරුදු කලොත් වැඩිකල් නොගිහින්ම සැබෑ විදියටම බුදු රුව දර්ශනය වීම සිද්දවෙනවා අත්දකින්න ලැබෙනවා. මේ වෙලාවට ඇඟ කිලිපොලා යන සතුටක් හා ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. මේ භාවනාවේදී උද්ග්‍රහ හා පටිග්‍රහ නිමිති වෙන්නේ මේ දර්ශනය වෙන බුදුරුව. බුදුරුව දර්ශනය වන මට්ටමට ආවට පස්සේ ටික දවසක් තවදුරටත් ඒ භාවනාවම ප්‍රගුණ කරලා ඊට පස්සේ පෙනෙන බුදුරුව සිතින් බලා ඉදිමින්ම බුදුගුණ මෙනෙහි කිරීම සිදුකරන්න කියලයි රේණුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ පොතේ සඳහන් වෙන්නේ. සියලු බුදුගුණ මෙනෙහි කිරීමට වඩා එක් ගුණයක් මෙනෙහි කිරීම සිත එක්තැන් කරන්න උපකාර වෙන නිසා අරහං බුදු ගුණය පමණක් මෙනෙහි කරන්න කියල සඳහන් කරලා තියෙනවා. බුදුරුව දිහා සිතින් බලා ඉදිමින් " බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙස් නැසූ හෙයින්, සියලු පාපයන්ගෙන් මිදුන හෙයින්, දෙව් මිනිස් ආදී සියලු ලෝ වැසියන්ගේ ආමිස පුජා ප්‍රතිපත්ති පුජා ලැබීමට සුදුසු හෙයින් අරහං වන සේක" කියල හිතමින් භාවනා කරන්න.

බුදුගුණ මනසිකාර භාවනාවෙන් සිත එක්තැන් කරන්න පුළුවන් උපරිම ප්‍රථම ධ්‍යාන මට්ටමට පමණයි කියලයි ත්‍රිපිටක දේශනා වල සඳහන් වෙන්නේ. එත් මේ කමටහන මගින් දෙවන තුන්වන ධ්‍යාන වලට පමණ සිත එක්තැන් කරන්න පුළුවන්. ඒ සඳහා මුලින්ම බුදු රුව පෙනෙන මට්ටමට සිත එක්තැන් කරගෙන ටික දවසක් ඒ බුදුරුව අරමුණු කරගෙන හොදින් පුරුදු වෙනකම් භාවනා කරන්න. ටික දවසකින් පස්සේ ඒ බුද්ධ රූපය දෙගුණයක් පමණ විශාල වෙනවා කියල හිතින් දකින්න, ඒ ගමන් බුදු රුව දෙගුණයක් පමණ විශාල වේවා කියල අධිෂ්ඨාන කරන්න. මෙහෙම උත්සහ කරනකොට බුදුරුව දෙගුණයක් විශාලව පෙනීම සිද්දවෙනවා. ඒ විශාල උන බුදු රුව අරමුණු කරගෙන දවස් කීපයක් භාවනා කරන්න. මේ විදියට තුන් ගුණයක් පස් ගුණයක් ආදී විදියට හිතල ක්‍රම ක්‍රමයෙන් විශාල කරගෙන ගිහින් අන්තිමට මුළු විශ්වය සිසාරා පැතිරෙන තරම් බුදුරුවක් දකින්න උත්සහ කරන්න.


බුදුරජානන් වහන්සේ විසින් කමටහන් ලබාගත හැකි කමටහනක්



මෑත කාලීනව වාසය  කල අති උතුම් සඟ රුවනක් වන පංචඅභිඥා අෂ්ට සමාපත්ති ලාභී නාඋයනේ අරියධම්ම හිමියන් විසින් තමන් වහන්සේ හට දැනගැනීමට ලැබුණු අති විශේෂ බුද්ධානුස්සති කමටහනක් චරිතාපදානය තුල දක්වා තිබෙනවා.

එක් උදය වරුවක පිඬු පිණිස එම අරණින් ගම් බලා පිටත්වන මොහොතේ සුදු වතින් සැරසුණු කඩවසම් පෙනුමැති තලතුනා උපාසක මහතෙකු ඉදිරියට පැමිණ වැඳ එකත් පසකට වී මෙසේ ඇසීය. "ස්වාමීණ් වහන්සේලා දැකගැනීමට මං ආවා, තව කී දවසක් මෙතැන වැඩසිටිනවාද ස්වාමිණි ස්වාමීණ් වහන්සේලා වඩන බණ භාවනා ගැනත් දැනගැනීමට කැමතියි ස්වාමීණි"

ස්වාමීණ් වහන්සේ මෙසේ පිළිවදන් දුන්හ. "අපි දෙනම සුමාන දෙකක් මෙතැන ඉන්නවා. ඉන්පසු වෙන තැනකට වඩිනවා. අපි සතිපට්ඨාන භාවනාව ආනාපානසතිය කායගතාසතිය මෛත්‍රී භාවනාදිය වඩනවා" එවිට උපාසක තුමා මෙසේ කීය. "ස්වාමිණි! බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ නම් තමන්ට සුදුසු කමටහන ලබාගෙන නේද භාවනා වඩන්නේ. අදත් බුද්ධ ගුණ ජීවමානයි. ඒ නිසා ඉතිපිසෝ ගාථා පාඨයෙන් දින 21 ක් ඇතුලත දී ලක්ෂවාරයක් භාවනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරියට වඩිනවා. එවිට සුදුසු භාවනාවක් ලබාගෙන එය දියුණු කළයුතුයි ස්වාමීණි" කියා අරණ දෙසට ගියේ ය. එතුමා කවුදැයි විමසා දැනගැනීමට අවකාශ නොවීය.

ස්වාමීණ් වහන්සේ දෙනම සමීප ගමේ පිණ්ඩපාතය ලබාගෙන ගම්වැසියන්ට එම උපාසක තුමාගේ හැටිපාට කියා එතුමා කවුදැයි විමසූහ. එවැනි කෙනෙක් ඒ ගමේවත් අසල් ගමකවත් දැක නැතැයි ගම්වැසියෝ පිළිතුරු දුන්හ. එසේනම් ඒ උපාසක තුමා ගේ වෙසින් පැමිණි අධිගම ලාභී දේවතා කෙනෙක් වියහැකියයි සිතාගත්හ.

ඉන් නොබෝ කලකින් සිහිනෙන් දුටු ආරණ්‍ය සොයාගත හැකි විය. එය නාරම්මල සමීපයේ පිහිටි රුවන්ගිරිකන්ද ආරණ්‍යයයි. එහි වැඩ වෙසෙන කාලයේදී ඉහත සඳහන් උපදෙස අනුව ස්වාමීණ් වහන්සේත් තවත් බොහෝ දෙනෙකුත් ඉතිපිසෝ ගාථාව දින 21. තුල දී ලක්ෂවාරය පුරන්නට පටන් ගත්හ. ස්වාමීණ් වහන්සේ ට නම් දවසේ කටයුතු වැඩි හෙයින් දින 21. තුළ දී නොහැකි වූ නමුත් වෙනත් ගිහි පැවිදි පස් දෙනෙක් එය සම්පූර්ණ කළහ. ඉතිපිසෝ ගාථාවෙන් හැත්තෑපන්දහසක් අසූදහසක් පමණ වැඩෙන විට බුදුරජාණන් වහන්සේ සජීවී ස්වරූපයෙන් ම මැවී ඇත. එහෙත් ඒ අයට උතුරාගිය ශ්‍රද්ධාව නිසා කමටහන් ගැනීමට අමතක වී වැඳ වැටුනාහ. ඉන්පසු බුදුරුව නැතිවුනා. යමෙක් නොසැලී සමාධි සිතින්ම ආරාධනා කරන්නේ නම් නිසි කමටහන ලැබෙනවා ඇත.

පූජනීය රුවන්ගිරියේ ලොකු ස්වාමීණ් වහන්සේ නිමලව මහගල්ලෙනේ දී වදාළ මේ ප්‍රවෘත්තිය මෙසේ ලියා තබනුයේ තවත් බොහෝ දෙනාට මෙයින් ප්‍රයෝජනයක් වනු පිණිසයි.

(
අති පූජ්‍ය නා උයනේ අරියධම්ම මහා නා හිමිගේ අසිරිමත් බුදුමග පියසටහන් පොතෙන් උපුටා සකස් කරන ලදී. ) 


ආරක්ෂක භාවනාවක්
තමන් බය උන වෙලාවකට හෝ අමනුෂ්‍ය කරදර ආදියෙන් මිදෙන්න භාවිතා කරන්න පුළුවන් භාවනාවක් වැනි ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමය මා විසින් දියුණු කරපු ක්‍රමයක්. තමන්ට අනතුරක් වගේ වෙලාවකට හිතන්න "මම අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව මට තියෙනවා, බුදුසරණ ගිය මගේ හදවත  තුල බුදුරජාණන් වහන්සේ වැඩ හිදිනවා"  කියල හිතල හිතින් දකින්න තමන්ගේ හදවතේ බුදුරජාණන් වහන්සේ වැඩ හිදිනවා කියලා. ඊළඟට හිතින් දකින්න තමන් වගේ දෙගුණයක් පමණ විශාලව බුදුරජාණන් වහන්සේ ශක්තිමය කයකින් වැඩ හිදිනවා. ඒ කය තුල තමන් ඉන්නවා, බුදුරජාණන් වහන්සේගේ සතර දිශාවෙන් සතරවරම් දෙවිවරු වැඩ ඉන්නවා, තමන්ව හැම අතින්ම ශක්තිමය බුද්ධ ශරීරයෙන් වට වෙලා තියෙනවා, ඒ බුද්ධ ශරීරයේන් පිටවන රශ්මිය නිසා තේජස නිසා කිසිදු අහිතකාරි බලවෙගකයට තමන්ට ලගාවෙන්න බැරිවෙනවා කියල. මේ භාවනාව ඕනෑම භයක් ඉක්මණින් නැතිකරගන්න උපකාර වෙනවා.


මේ භාවනා දෙකේදීම මුලදී මනසින් මවාගැනීමක් තියෙන නිසා කවදාහරි තමන්ට මානසික රෝගී තත්වයක් තිබිල තියෙන අය මේ භාවනා දෙක කරන්න එපා. භාවනාවේදී බුදුරුව පෙනෙන්නේ සිතේ එක්තැන් වීම නිසා. එත් මානසික රෝගී තත්ත්ව නිසා හිතේ එක්තැන් කමක් නැතුව උනත් විවිද දේ මැවිලා පෙනෙන්න පුළුවන්. සාමාන්‍ය මානසික තත්ත්ව තියෙන අයට එහෙම දෙයක් වෙන්නේ නෑ. හිත එක්තැන් උනාම පෙනෙන බුදු රුව සිතේ මායාවක් නෙවෙයි. අපේ හිතට මේ විශ්වයේ තියෙන ඕනෑම දෙයක් අරමුණු කිරීමේ හැකියාව තියෙනවා. කාලයේ හා අවකාශයේ බලපෑම් කඩාගෙන උනත් බුදුරුව දැකීමේ හැකියාව සිතකට තියෙනවා. මේ භාවනාව මගින් සිත එක්තැන් කරලා සත්‍ය බුදුරුව සිතින් ස්පර්ෂ කිරීම. ඒ නිසා භාවනාව දියුණු වන සියලු දෙනාටම පෙනෙන්නේ එකම බුදුරුවක් මිසක් තමන් හිතාගෙන ඉන්න තම තමන්ගේ මතයට ගැලපෙන බුදුරුවක් නෙවෙයි.
සියලු දෙනාට මේ භාවනාව තුලින් මෙන්ම ධර්මය තුලින්ද බුදුන් දැකීමට හැකියාව ඉපදේවා...!!!


බුදුරජාණන් වහන්සේගේ ජිවිත කතාව :-


මේ භාවනා වැඩීමෙන් ඔබ අත්කරගන්නා පිං සක්‍ර දෙවියන්ටත් මගේ ගුරුවරයන්ටත් මටත් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..


 Facebook පිටුවට :- ( මෙතන ක්ලික් කරන්න )

( මෙම ලිපි ලිඛිත වාචික විද්‍යුත් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් උපුටගනිමෙන් වළකින්න)

Comments

  1. “බුදු ගුණ අනන්තයි” ලෙස බුද්ධානුස්සති භාවනාව වැඩ මමත් දින 3ක් එක දිගට බුදු රුව දුටුවා, මේක සත්තයි! නමුත් එය ලෝකයේ කිසිම පිළිමයක හෝ රුපයක තියෙන බුදු රුවට සමාන නැ. ඒ වගේම මේ වෙලාවට ඇඟ කිලිපොලා යන සතුටක් හා ශද්ධාවක් ඇතිවෙනවා. කෙසේ නමුත් ඕනෑම කෙනෙකුට උද්ග්‍රහ හා පටිග්‍රහ නිමිති විදිහට තමන් වඩාත් කැමති බුදු පිළිමයක් හෝ බුදු රුපයක් පෙනෙන්න පුළුවන්!

    ReplyDelete
    Replies
    1. දවස් තුන තුල කොපමන කාලයක් භාවනා කලාද? මීට පෙර මොනවගෙ භාවනාවන් පුරුදු කළේද? එම වැඩපිළිවෙල ගැන ටිකක් පැහැදිළි කරන්න පුලුවන්නම් ගොඩක් පින්.

      Delete
    2. මම 1999 වසරේ පටන් බුදු ගුණ භාවනාව මගේ මුලික භාවනාව ලෙසට වඩනවා, දවසට විනාඩි 30-40 අතර, දිනපතා, 2013 වසරේ ජුනි මාසයේ දින 3ක් එක දිගට බුදු රුව දුටුවා, නමුත් මගේ බලාපොරොත්තුවක් තිබුනේ නැ බුදු රුව දැකීමට, මම බුදුන් වහන්සේගේ අනන්ත දිවැස් බලය අරමුණු කොට "බුදු ගුණ අනන්තයි" ලෙස භාවනා වාක්‍යය ගෙන භාවනා කළේ. එක තමයි මගේ නිත්‍ය භාවනාව, වෙන භාවනාවක් වඩා නැ, සංසර දුක දැක බුදු ගුණ වඩන අයට දින කිහිපයක් හෝ බුදු රුව පෙනෙන බව මට බුදු ගුණ භාවනාව වැඩ ඇති ගුරුවරුන් පවසා තිබෙනවා,

      Delete
    3. Yogithumani oba thumata bohomathma sthutyi;bohomathma pin melesa karanna woo sathkaryaya udesa!
      @SPBM Ranasinghe:(important)
      Mahathmayaneni, internet ekehi athi, Buduradunge yayi pawasana photo eka sathyakda(Shree buddhagaya wiharayedi labaganu labuwayi pawasana)? Oba thuma (Budurajanan wahansege asamasama roopaya dutu nisa asami.) Karunakara Ithamath ikmanin pilithuru denu manawi!

      Delete
    4. ඉන්ටනෙට් එකේ ශෙයා කරන ඒවා බොරු ෆොටෝ . පේජ් ඇඩ්මින් ලා ලයික්ස් ගන්න කරන්නේ

      Delete
  2. බොහොම පිං..තෙරුවන් සරණයි..

    ReplyDelete
  3. මම කියවපු හොඳම ලිපියක් මේක

    නියමයි. g-)

    මතකද මම දවසක් කිව්වා ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට තමන්ගේම රූපයක් තමන් ඉස්සරහා ඉන්නවා පෙනුනා කියලා . මේ වගේ භාවනාවක් ඒක .

    ReplyDelete
  4. මේ භාවනාව වඩන ආකාරය අහන්න පුළුවන් ඔඩියෝ ක්ලිප් එකක් හොයා ගන්න පුලුවන්ද ??

    ReplyDelete
    Replies
    1. www.mahamevnawa.lk site eke bhawana page eke.

      Mage Swamee Vu Budurajananvahanse Siyalu Kelesun Keren Duruvu Seka.. Aadi Washayen.

      Randeer

      Delete
  5. හොඳ පොස්ට් එකක්, සෑහෙන දෙයක් දැන ගත්තා. සෝවාන් ඵලයට පත්වීමට භාවනාව අවශ්යම නෑ නේද?

    ReplyDelete
    Replies
    1. Awashyai. Samma Samadiya Wadenne Bhawanawen. Pancha Nivarana Yatapath Una Dyanagatha Sitha ( Aryashtangika Margaye Anthima Marga Angaya)

      Delete
  6. maithree bawanawen labana dyana walin kala haki dewal kiyanna puluwanda,obata saha obe guru warayata pin..

    ReplyDelete
  7. yogithumani,godak hamuduruwaru ehemath kiyana deyak thamai dyana labannanam wanagathawela ahara adu karala diwa raa bawana karanna oni kiyala. eka aththakda? gedara idan bawana karala kasina dyana labanna barida?

    ReplyDelete
    Replies
    1. Ehema ekak ne. Wanagata unot lesi. Eth samanya jivitha gatha krna gaman unat bawana diyunu krganna puluwan uwamanawak tyenawanan

      Delete
    2. Mata oba thumawa sambanda karaganna puluwanda? kjayashan9@gmail.com deyak danaganna thiyanawa sir

      Delete
  8. Mata obath samaga paudgalikawa katha kala heki wanneda. Puluwani nam mawa sambanda karaganna nmlin123@yahoo.com (yam kisi getalu wagayak nirakaranaya karagenima sadaha)

    ReplyDelete
  9. Yogithumani,දෙවියන්ගේ උදව්වෙන් තවත් කෙනෙකුට මට ඕනි හීනයක් පෙන්න ගන්න බැරිද ? උදාහරණයක් වීදියට අපේ අම්මාට මම බුදුන් වදින හීනයක් මට පෙන්න ගන්න ඕනි නම් ඒක දෙවියන්ගේ උදව්වෙන් ඉටුකර ගන්න බැරිද ?.

    ReplyDelete
  10. Yogithumani , දෙවියන්ගේ උදව්වෙන් මට තවත් කෙනෙකුට මට ඕනි විදිහෙ සිහිනයක් පෙන්න ගන්න බැරිද ? උදාහරණයක් වීදියට අපේ අම්මාට මම බුදුන් වදිනවා දැක්වෙන සිහිනයක් පෙන්නන්න කියල මම දෙවියන්ගෙන් ඉල්ලීමක් කරොත් ඒක ඉටුවෙයි da?

    ReplyDelete
  11. Yogithumani , දෙවියන්ගේ උදව්වෙන් මට තවත් කෙනෙකුට මට ඕනි විදිහෙ සිහිනයක් පෙන්න ගන්න බැරිද ? උදාහරණයක් වීදියට අපේ අම්මාට මම බුදුන් වදිනවා දැක්වෙන සිහිනයක් පෙන්නන්න කියල මම දෙවියන්ගෙන් ඉල්ලීමක් කරොත් ඒක ඉටුවෙයි da?

    ReplyDelete
  12. Yogithumani , දෙවියන්ගේ උදව්වෙන් මට තවත් කෙනෙකුට මට ඕනි විදිහෙ සිහිනයක් පෙන්න ගන්න බැරිද ? උදාහරණයක් වීදියට අපේ අම්මාට මම බුදුන් වදිනවා දැක්වෙන සිහිනයක් පෙන්නන්න කියල මම දෙවියන්ගෙන් ඉල්ලීමක් කරොත් ඒක ඉටුවෙයි da?

    ReplyDelete
  13. අතිපූජ්‍ය රේරැකානේ චන්දවිමල මහ නාහිමියන් විසින් රචිත කෘතීන් පරිශිලනයට
    පහත link click

    http://pitaka.lk/books/rc/

    ReplyDelete
  14. Yogithumani, animitta samadi bawanawen labanna puluwan adimanasika hakiya monawada?

    ReplyDelete
  15. obathumawa sambanda kara ganmata hakida.mage e mail eka shashe.bus1@gmail.com

    ReplyDelete
  16. ඔබ තුමා අලුත් blog ලියන්නෙ නැද්ද නිතරම හාවනා කරන අයට ප්‍රශ්න තියනවා නිතරම ලියන්න පුළුවන් නම් බොහොම පින්

    ReplyDelete
    Replies
    1. Apahu livima patangannawa. Getalu tyena ewa facebook page ekata msg kranna. Page eke nama- kundalini yoga srilanka

      Delete
  17. ඔබ තුමා අලුත් blog ලියන්නෙ නැද්ද නිතරම හාවනා කරන අයට ප්‍රශ්න තියනවා නිතරම ලියන්න පුළුවන් නම් බොහොම පින්

    ReplyDelete
  18. tamanta wadathma galapena bhawana kamatahanak toraganna widiya kiyaadenna puluwanda? post ekak daannako. taman pera bawa wala wadima wadala tibena kamatahana hoyaganna widiyak tibeda yogithuma?

    ReplyDelete
  19. tamanta sudusu bawana kamatahanak toraganna hati kiyadenna hakida? taman pera bawa wala wadipurama wadapu kamatahana hoyaganna widiyak tibeda yohi thuma? post ekak daanna hakida?

    ReplyDelete
    Replies
    1. Ehema toraganna deyak ne. Pera bawa wala wadala tyena bawana ibema karanna pelabenawa me atmedi. Eka ahabu siddiyak wage penne. E unata eka wenne purudda nisa.
      Ehema mukuth pelabune nettan eka eka krlama balanna tamai wenne.
      Lesi widiyak gena post ekak dannan lagadi

      Delete
  20. Yogithumani,ma ol walin pasu piti 8 ta pamana poth 1000k pamana mudranaya kara bawddayan athara beda deemee adahasak thiyenawa e sadaha oba thuma buddagama ta adala post wala athi atham thorathuru uputa gattata kamak nadda? Pinen pirunu jeeqithayak gatha karana ayuru wage post,mythree buddanussathi bawanawa wage

    ReplyDelete
    Replies
    1. pinen pirunu jivithaya post eka, darmaya vikruthi kirim gena post deka, buddhanussathiya posts gattata kamak ne.
      anek bawana post dannepa. mama pothak mudranaya karala ewata copyrights aragena thiyenne.

      Delete
  21. Yogithumani,mn me para ol karanna inna lamayek.mama obathuma post wala dala thibuna widiyata me awrudde mula idan shiva thandawa kiyala wadinawa,my3 bawanawath karanawa,nithara dewele deviyanta pin anumodanuth karanawa,puluwan uparimenma pansil rakinawa.. Yogithumani,dewiyan adyapana katayuthu walata,mathaka ya wardanayata udaw karanawada kiyala dana ganna kamathi?wisheshayenma shiva dewiyan?isthuuthi

    ReplyDelete
    Replies
    1. Ou udau kranawa. Hebei anawasya balaporottu tyagannepa. Taman adyapanayata karana kepakirima diha balala tama mulikawa pihitawenne. Ilagata tama deviyan gena bhaktiya salaka balanne.
      Paper ekata ena dewal hinen penei wage dewalnam balaporotoththu wennepa. Asamanya udaunam karanne ne. Oyage samanya igenim ratawa oya thulinma diyunuwena udau tama deviyan karanne.

      Delete
  22. Yogithumani, ma hata gatalu keepayak thiyenawa wisadaa denneenam isthuuthiwantha wemi

    1. Shiva dewiyan wada wasannee diwyaloka 6 athurin kumana dew loweda?

    2. Swaadishtanaya awadi kara sidu karana ayusha palanayata simawak thibeda? Uparima awrudu 5000'10000 aadi washayen.

    3. Api kundaliniya awadi karagena chathurmaharajikayata gos dawasan sita apasu manu lowata paminiyahoth mehi awrudu 100k gatha welada?

    ReplyDelete
    Replies
    1. 1. Tawatinsa
      2. Eka haryatama kiyanna be
      3. Ou. Haryatama 100k newei e wage pramanayak

      Delete
  23. 4. Rawana raju lagadima lokaya palanaya kirimata minisunta penennatama paminewida?

    5. Apita kundaliniya awadi karagena wenath yoga wada kala tharana hakiyawa labagena gauthama buduradun jeewamanawa wada siti yugayata gos bana asa magapala labimata nohakida?

    6. Rawana raju lokaye palanaya athata ganima hoda deyakda naraka deyakda yogithumani?

    ReplyDelete
    Replies
    1. 4. Lagadi newei kalayak yanawa
      5. Theoratically puluwan. E unata oka practically krna gyama getalu enawa
      6. 90%k Hoda deyak

      Delete
  24. Bohomathma sthuthi...

    ReplyDelete
    Replies
    1. Yogi thumani Maha Ravana sakvithi raja kenek da? Rama Ravana kathawa hudu mithyawakda? Ravana ge nija bima Lankawada? Ravana dan himalaye jaeevath venawanam apata ethuma samaga sambanda wenna barida? Jeewitheta deviyangen wage Ravanagenuth pihitak jeewitha gatalu walata ganna barida? God ganesh athatama minissunta udau karanawada? Udaw ganne kohomada? Mage ammata NG tube ekakin feed karanna? Mama eyata budu guna walin pirith kalama godak suwayak thiyanawa.Puluwan welawata pirith kiyanawa? ewayen gunai. leda kenek hoda karanna pihitak ganna bauddha, devigen mona wage kramada thiyenne. mage biridagen hari kararadara? amma blaganna kenath ekka wali. Meka mata loku wadayak. math ekkath randu.2,4,6yrs lamaith ekka jeewithe geniyanne amaruwen.Mama hamadama budun wadinawa, obathuma kewwwa widiyata maha lakhmi, Vishnu deviyatath mal suwada thiyala pihitak illanawa. eth hari amarui wife randu karanawa, ammata salakaganna ekata bada? Darmayen uthara hoyanawa thama aduwak naha. dan 3yrs adagena yanawa.daruwanta ammath oni nisi iwasanawa. mage ammata man uparimaye salakanawa. wife ta saha lamaintath salakanawa. giya deval gana mathaka naha. methathwaya degatama pathinawa. mama hama witama darmaya thula inna balanawa. makata obathumagen pihitak ganna sarthaka kramayak nadda? kochchara banath sapa karalath maithriya thamai karanne. mata meken jayaganna udauwak karananawanam pin. mama 83yrs amma kenek jeewath karanai uthsaha karanne. Kawadawath ayawa atha ariye naha. maranaya peni penee ayawa godada gaththa. mata eka sathutak. pansil walin kerenne kaya karma saha wachee karma palanaya neda? ethakota mano karma walin wena akusal sidu wenawa need? kaya saha wachee karma walata wada mano karma balawath kiyala man ahala thiyanawa. eka ehemada? bawanawakin samadiyak ganna bari me mano karma (manasin wena akusal nisa) apirisidu nisa kiyala ahala thiyanawa? apita kanthawak dakkama ragika sithiwili enawa wage thawa mano karma raswenawa? mawa bawanawata, samadiyata enna badawakda? haki pilithurak denna, pin.








      Delete
    2. me coment ekenma terenawa oyata tiyena prasna godakata hetuwa eka pita eka weda godak patawan inna eka. bawana karanna kalin deviyo butayo sambanda karanna kalin issellama laukika jivite weda piliwela karaganna. 5s widiyata weda karanna. hite ha jivite piliwela madikama nisa tamai godak prasna ewith thiyenne.
      anika ratema thiyena puda puja widi karanna yannepa.
      anika paul prasna visadaganna deviyo butayo gawagannepa samanya widiyata visadaganna. samanya vidiyata visadaganna terennettan paul jivita gena manovidya poth kiyawala balanna. ewaye api danna dewalmai thiyenne. e unata ewa api nohitana vidiyata kiyala thiyenawa. hema ekatama deviyo gawaganna epa

      Delete
  25. mata danaganna oni coconut oil(thabili thel) walata budu guna kiyala pahan paththu karama ammage leda godak hoda wena mama dakala thiyanawa. wharaka hamuduruwange poth walin thamai gaththe. 108, 1008 wage mathuranna gogak wela yanawa. mama godal welawata 28 warak buduguna kiyala 28 warak sabba papassa kiyala pirith nule thel mathurala ammada badinawa pahan paththu karanawa. ewata eyage thuwala (bed sore) adiya hoda wenna pitiwahalak kiyala mata hithenewa. mata 108. 1008wage mathuranna wela madi. ekanisa mama computer sound hara radio ekata hari ear-phone ekak gahala eka polithin ekaka dala ear-phone eka thel walagilala pirith karanawa. oyage comments wala thibba ehema kalamath pirith wenawa kiyala. eka 9hrs. withara eka digata dammma 1008 ta warak pirith karahaki amaru naha. eka sarthakada kiyanna upadesak balaporothuwenawa. godak pin.pilithurak ikmanin denna?

    ReplyDelete
    Replies
    1. yearphone polthel wala gilluwama ewa weda karan netuwa yanawane?
      e wage weda karannepa. puluwan taramak kiyala nawattanana. owa matha nehenna yannepa.
      pinkam karala deviyanta pin anumodam karala deviyangen udau illanna. eka oita wada sartakai

      Delete
  26. yogeethumani bawanawakin ain wenakota mama samadiyen nagee sitimi, evath wemi kiyala purudak hatiyata karanna onida? samadiyak nolabunath samanya jeevitheta enakota eka purudak widiyata karanawanam hodai kiyala kiynawa neda? kawaga hari samadiyal labunoth bawanawen evath wenakota samadiyen ain wethwa kiyala hithanna onida?

    ReplyDelete
  27. Godak pin. obathumata depu upadeseta. ear phone eka seloplane kawarayka dala kale. sound Wadena widihata. obathumage comment ekka thibuna sound wadunama guna pihitana bawa reply ekaka. mama enisa kale. Oyage reply eke thibba Ou Ou kiyala.

    ReplyDelete
  28. Yogithumani, Manik paladeemen kundalaniya awadi weemata yam uththeejayak thibeda?

    ReplyDelete
  29. මාතෘකාවට අදාළ නැති දෙයක් අහනවට සමාවෙන්න. දන්නා කෙනෙක්ගෙන් අහන්න බැරි නිසයි අහන්නේ. අසැබි දෑ බැලීම පවක්ද? පවක්නම් ඒවා විපාක දෙන්නේ කොහොමද. ස්වයන්වින්දනය කිරීමත් පවක්ද? ස්තුතියි ...

    ReplyDelete
    Replies
    1. pawak newei. pawak wenne katahari ahithakara deyak karanawanan vitarai. owa beluwa kiyala wena katawath ahithak wenne nene.

      Delete
  30. Eth yogithumani,3 wana sil padaye paludu weemak ati wenawa neda?

    ReplyDelete
    Replies
    1. ne. kamaye waradawa hesirimak wenne wena kenekta aithi kenek ekka karana dewal. taniyen karana dewal newei.

      Delete
  31. Yogeethumani amma dead una. eka maha dukak. Karanna puluwan hamadeema man kala. eth mata uduwen kalada kiyala hithenewa. ammata pin denna puluwan widiyak kiyanna. mata amma godak adrei. nathiwena 5min mama hitiye naha. eka hodai neda. mata danaganna barida eyata narakathanakanan hodathanakata ganna udau karanna. eya pau kale naha 5yre bedridden wela hitiye. kalpanawa thibuna nathiwenakamma. Parkinson thibba. mata oni ammata thawa udu karanna. ekata third eye hari bubudahame hari karma nadda? ehema udu karapu katha ahala thiyanawa. mekata reply karanna. mata manasika ledak naha. duka thamai.

    ReplyDelete
  32. දහසක් බුදුන් බුදුවෙන උදැසන යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? කරුණාකර පහදාදෙන්න
    බුදුසරණයි

    ReplyDelete
    Replies
    1. hema buduwarayekma buduwenne aluyam ude kalaye. e nisa ohoma kiyanne nethuwa wishesha terumak ne

      Delete
  33. Maha karunika u kiyl buddhanussathi bhawanawa wadana audio clip ekk thiynw. Ek ahn gmn bawana klt kmk ndd. E kiynne eka ahn gmn ek menehi kirimk widiyt

    ReplyDelete
  34. 1 ඉතිපිසෝ ගාථාව පුරනවා යන්නෙන් අදහස් වෙන්නෙ මොකක්ද

    2 එ්ක ගෙදරදි කරන්න පුලුවන් ද

    3 දවස් 21 එකදිගට කරන්න ඔනෙනෙ දවසට කීපාරක් කොහොමද කරන්නෙ

    4 උන්වහන්සේගේ චරිතාපදානය දහම් පොත්පත් විකුනන තැන්වල තියෙනවද

    ReplyDelete
    Replies
    1. 1 පුරනවා කියන්නේ සම්පුර්ණ කරනවා කියන එක. ඒ කියන්නේ කියනවා/ හිතනවා කියන එක
      2 පුළුවන් . සාමාන්‍ය භාවනාවම කරන්න තියෙන්නේ
      3 දවසට අවම පැය හයක්වත් ඕනි
      4 නෑ. මම ෆේස්බුක් පේජ් එකේ pdf download ලින්ක් එක ශෙයා කළා සති කීපයකට කලින්. පේජ් එකේ බලන්න පහලට ගිහින් . ගෘප් එකෙත් ඇති

      Delete
  35. අනයාගමිකයෙක් අපේ භාවනා කිරීම පිරිත් ඇසීම පන්සල් යාම පවක්ද එයාගෙ ආගමික දෙවිවරුන්ගේ බලපෑම් වෙයිද

    ReplyDelete
    Replies
    1. පවක් නෑ පිනක්
      ඒ ආගමික දෙවියන්ගෙන් හා අමනුෂ්‍යයන්ගෙන් බලපෑම් එන්න පුළුවන් . ඒ උනාට හරියට භාවනා හා පින් කරනවා නම් බලපෑමක් නෑ

      Delete
  36. පිංවත් යෝගීතුමනි , ඔබතුමාගේ දේවතානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව ආදී post වල දැක්වෙන කරුණු මා හට මතක අයුරින් පිලියෙල කොට වැඩි දුර විස්තර සඳහා ඔබතුමාගේ ලිපිකියවන ලෙස කියා link එක liFacebook හරහා ප්‍රචාරය කරන්න ද

    ReplyDelete
    Replies
    1. මගේ කරුණු උපුටා දාන්නෙපා
      භාවනාව දාලා ලින්ක් එක දාන්න අවශ්‍ය නම්

      Delete

Post a Comment