Featured Post

සුර්ය නමස්කාරය Surya Namaskara

සූර්ය නමස්කාරය
සූර්ය නමස්කාරය
සූර්ය නමස්කාරය

                                       සුර්ය නමස්කාරය යනු එකකින් එකකට හුවමාරු වන යෝගාසන කීපයක් අනුපිලිවෙලට පවත්වා සිදු කරන සුර්ය වන්දනාවකි. මෙය ඉතා ඈත අතීතයේ පටන් ඉන්දියානු යෝගීන් පුරුදු කරන අභ්‍යාසයකි. මෙහිදී හිරු දෙවියන් වන්දනා කරමින් සුර්යයාගේ ශක්තිය ඉතා හොදින් ශරීරයට අවශෝෂණය වන යෝගාසන කීපයක් අනුපිලිවෙලට පැවැත්වීම සිදු කෙරේ. කුණ්ඩලිනි චක්‍ර අවදි කරගත් පුද්ගලයන් මෙම අභ්‍යාසය සිදු කරන විට ස්වාභාවිකවම චක්‍ර වල ශක්තිය ඉහල යන බව අත්දකින්න ලැබේ. තෙවැනි ඇස විවර කරගත් පුද්ගලයන් තෙවැනි ඇස වැසි ඇති අවස්ථාවක මෙය සිදු කිරීමෙන් ස්වාභාවිකවම තෙවැනි ඇස විවර වන බව අත්දකින්න ලැබේ. මෙලෙස සුර්ය නමස්කාරය කිරීමෙන් තෙවැනි ඇස හෝ වෙනත් කුණ්ඩලිනි චක්‍ර අවදි වන්නේ මිට පෙර එක් වරක් හෝ චක්‍ර අවදි කර ඇති අයට පමණි. අනෙක් පුද්ගලයන්ගේද චක්‍ර වල ශක්තිය රැස් වීම සිදු වුවද එමගින් චක්‍ර සක්‍රිය වීම සිදු නොවේ. සුර්ය නමස්කාරය කිරීමෙන් පළමු වරට චක්‍ර අවදි කිරීම සිදු කළ නොහැක. එක් වරක් හෝ චක්‍ර සක්‍රිය කරගෙන ඇති අය හට චක්‍ර නැවත-අවදිකිරීම (re-activate) සිදුකල හැක.

සුර්ය නමස්කාරය කිරීමෙන් ශරීරයට ඉතාමත් හොඳ ප්‍රාණවත් බවක් ඇති වේ. සුර්ය ශක්තිය කුණ්ඩලිනි චක්‍ර වල රැස්වීමෙන් බොහෝ ශක්ති විෂමතා සමනය වේ. මෙය කළ යුත්තේ ඉර පායාගෙන එන හිමිදිරියේය. සුර්යාලෝකය පායාගෙන එන සූර්යයාගෙන් පිටවන නැවුම් ශක්තිය ලැබෙන කාලයේය. එනම් අලුයම 5.45ට පමණය. සුර්යයා පෙනෙන්නට ඇති ස්ථානයක සිට මෙය සිදු කිරීම වඩාත් සුදුසුය. එහෙත් එය අත්‍යවශ්‍ය නොවේ.



සුර්ය නමස්කාරය චක්‍රීය අභ්‍යාසයකි. මෙහිදී යෝගාසන 12ක් පවත්වන අතර පළමු භාගයේ සිදුකරන යෝගාසන ප්‍රතිලෝම ලෙස අවසාන භාගයේදීද සිදු කරනු ලැබේ. යෝගාසන 12 මෙසේය :

0. දක්ශාසනය
1. නමස්කාරාසන (ප්‍රනාම් ආසන)
2. හස්ත උත්තානාසන
3. හස්තපාදාසන
4. අශ්ව සංචලනාසන
5. පර්වතාසන
6. අෂ්ටාංග නමස්කාර
7. භුජන්ගාසන
8. පර්වතාසන
9. අශ්ව සංචලනාසන
10. හස්තපාදාසන
11. හස්ත උත්තානාසන
12. නමස්කාරාසන
සූර්ය නමස්කාරය
සූර්ය නමස්කාරය



දක්ශාසනය
දක්ශාසනය සුර්ය නමස්කාරයේ අංගයක් නොවේ. එය සූරය නමස්කාරයේ පුර්වකෘත්‍ය ලෙස හැදින්විය හැක. දණහිස් දෙක හා දෙවිලුඹ එකිනෙක ස්පර්ශ වන ලෙස සීරුවෙන් සිටගන්න. පතුල්
V අකුරේ හැඩයට තබාගන්න. දෑත් කය දෙපසට හෙලන්න. පපුව ඉදිරියට යොමු කරන්න. හිස නොනමා තබාගන්න.

1.නමස්කාරාසන
දෙඅත් වක්‍රාකාරව ඉහලට ඔසවා හිසට ඉහලදී දෙඅත්ල එක් කර නමස්කාර කරන ඉරියව්වෙන් තබාගෙන ඒ ඉරියව්වෙන්ම පපුව මැදට ගෙන එන්න.


2.හස්ත උත්තානාසන
දෑත් වෙන් කර සෙමින් ඔසවන්න. ඒ සමග ශරීරය පිටුපසට නවන්න. මෙය සිදු කරන අතර හොදින් පපුව පිරි යන ලෙස නාසයෙන් ආශ්වාස කරන්න.

3. හස්ත පාදාසන
දෑත් දිගහැරගෙන සිටිමින්ම ශරීරය ඉදිරියට නවා දෙඅත්ල පොලවේ ස්පර්ශ කරන්න..

නාසයෙන් හුස්ම පිටකරමින් මෙය සිදු කරන්න.

4. අශ්ව සංචලනාසන
දකුණු කකුල පිටුපසට දිගු කරන්න. ඒ සමග වම් කකුල දණහිසෙන් නවා බිමට පහත් වන්න. අත්ල පොලව ස්පර්ශ වන ලෙසම තබාගන්න. හිස කෙලින් කර පිටුපසට නවන්න. ආශ්වාස කරන්න.

5.පර්වතාසන
දෙඅත්ලෙන් පොලව ස්පර්ශ කරමින් සිටින අතර උඩුකය පහලට නවා පිටුපස හා කොන්ද ඉහලට ඔසවන්න. මෙය සිදු කරන අතර හුස්ම කොටසක් පිටකරන්න.

6. අෂ්ඨාංග නමස්කාර
දෙඅත්ල, දෙපතුල්, දෙදනහිස, පපුව හා නිකට යන අංග අට පොලවේ ස්පර්ශ වන ලෙස තබාගන්න. උකුල මදක් ඉහලට ඔසවන්න. උකුළ ඉහලට ඔසවන්න. හුස්ම සම්පුර්ණයෙන් පිටකරන්න.

7. භුජන්ගාසන
උකුල පහත් කර පපුව හා නිකට ඉහලට ඔසවන්න. උඩුකය මදක් පිටුපසට නවන්න. ඉහල බලන්න. ආශ්වාස කරන්න.

8. පර්වතාසන
දෙඅත්ලෙන් පොලව ස්පර්ශ කරමින් සිටින අතර උඩුකය පහලට නවා පිටුපස හා කොන්ද ඉහලට ඔසවන්න. මෙය සිදු කරන අතර හුස්ම පිටකරන්න

9. අශ්ව සංචලනාසන
වම් කකුල පිටුපසට දිගු කරන්න. ඒ සමග දකුණු කකුල දණහිසෙන් නවා බිමට පහත් වන්න. අත්ල පොලව ස්පර්ශ වන ලෙසම තබාගන්න. හිස කෙලින් කර පිටුපසට නවන්න. ආශ්වාස කරන්න.

10. හස්ත පාදාසන
දෑත් දිගහැරගෙන සිටිමින්ම ශරීරය ඉදිරියට නවා දෙඅත්ල පොලවේ ස්පර්ශ කරන්න..

නාසයෙන් හුස්ම පිටකරමින් මෙය සිදු කරන්න.

11. හස්ත උත්තානාසන
දෑත් වෙන් කර සෙමින් ඔසවන්න. ඒ සමග ශරීරය පිටුපසට නවන්න. මෙය සිදු කරන අතර හොදින් පපුව පිරි යන ලෙස නාසයෙන් ආශ්වාස කරන්න.

12නමස්කාරාසන
දෙඅත් වක්‍රාකාරව ඉහලට ඔසවා හිසට ඉහලදී දෙඅත්ල එක් කර නමස්කාර කරන ඉරියව්වෙන් තබාගෙන ඒ ඉරියව්වෙන්ම පපුව මැදට ගෙන එන්න.



සුර්ය නමස්කාරය සිදු කරන අතර සුර්යයාටත් සුර්ය දෙවියන්ටත් වන්දනා කිරීම සිදුකිරීමෙන් සුර්ය ශක්තිය වඩාත් හොදින් ශරීරයට අවශෝෂණය වේ. ගස්, ගල්, ඉර සඳ ආදියට වන්දනා කිරීමේ පලක් තිබේදැයි ඔබට සිතිය හැක. සුර්යයා යනු සියලු සතුන් හා ශාක ජිවත් කරන ශක්තිය ලබාදෙන ශක්ති ප්‍රභවයයි. සුර්යාලෝකය නොමැතිනම් ශාක වල ප්‍රභාසන්ස්ලේෂණයක් සිදුවන්නේ නැත. එනම් කිසිදු සත්වයෙකුට ආහාර ලැබෙන්නේ නැත. ආහාර යනු සීනි,පිෂ්ටය, ප්‍රෝටීන වැනි රසායනික අණුය. ශාක තුල ආහාර නිපදවීමේ ක්‍රියාවලියේදී සිදුවන්නේ සුර්ය ශක්තිය රසායනික ශක්තිය ලෙස තිර කිරීමයි. ශාක වල ඇති ක්ලොරෝෆිල් වර්ණකය හා තවත් වර්ණක ආලෝක ප්‍රතිග්‍රාහක අණුය. ඒවා සුර්ය ආලෝකය උරා ගෙන ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කරයි. එම රසායනික ශක්තිය ආහාර හෙවත් කාබෝහයිඩ්රේට, ප්‍රෝටීන, ලිපිඩ ආදියේ පරමාණු හා අණු අතර බන්ධන ලෙස ගබඩා වේ. ආහාර ජීර්ණය කිරීමෙන් අප සිදුකරන්නේ ආහාර වල ඇති මෙම රසායනික අනු බිඳහෙලා එවිට නිදහස් වන ශක්තිය සෛල වල ක්‍රියාකාරිත්වයට යෙදවීමයි. එනම් අප ඇවිදීමේදී කතා කිරීමේදී හුස්ම ගැනීමේදී වැය කරන්නේ සුර්යයාගේ සිට ශාක වලට ලැබී ශාක වලින් ආහාර වල ගබඩා කල සුර්ය ශක්තියයි. අපගේ හදවත ගැහෙන්නේද, ආහාර ජීර්ණය වන්නේද, සෛල තුල සිදුවන කුඩා ක්‍රියාවලි සියල්ලම සිදුවන්නේද සුර්ය ශක්තියෙනුයි. සුර්යාලෝකය නොමැතිව ශාක හෝ බීජ වර්ධනය වන්නේද නැත. සුර්යයා නොමැති කළ ජීවයක් නැත.

පෙට්‍රෝලියම් දහනය කර අප වැය කරන්නේද සුර්ය ශක්තියයි. පෙට්‍රෝලියම් නිපදවෙන්නේ ආදී කාලින වනාන්තර වල ශාක හා මියගිය සත්ත්ව දේහ පස් වලට යටවී පොලවේ ඉතා ගැඹුරට ගමන් කර අධික පිඩනයට ලක් වීමෙනි. එවිට එම ශාක හා සත්ත්ව කොටස් ඝන ස්වභාවයේ සිට ද්‍රව ස්වභාවයට පත් වේ. ද්‍රව බොර තෙල් ලෙස ලැබෙන මෙම පෙට්‍රෝලියම් පිරිපහදු කර විවිද Carbon පරමාණු සංඛ්‍යාවක් සහිත බියුටෙන්, ප්‍රෝපේන්, පෙට්‍රල්, ඩිසල් ආදී පෙට්‍රෝලියම් ඉන්ධන වෙන් කර ගැනේ. මෝටර් රථ හා කර්මාන්ත තුල ඒවා දහනය කිරීමෙන් සිදුකරන්නේ ඒවා තනි ඇති පරමාණු අතර බන්ධන බිද හෙළා එවිට නිදහස් වන ශක්තිය භාවිතා කිරීමයි. එනම් පෙට්‍රෝලියම් ලෙසද අප භාවිත කරන්නේ සුර්ය ශක්තියයි.

ඔබ මෙම ලිපිය බලනා පරිඝනකයේ හෝ දුරකථනය මගින් මෙම අකුරු පෙන්වන්නේද සුර්ය ශක්තිය මගිනි. මෙහි ඇති අකුරු හා රුප දැකීමට ඔබගේ ඇස ක්‍රියාත්මක වන්නේද සුර්ය ශක්තියෙනි. මෙය කියවා එහි අර්ථය ඔබගේ මොළය මගින් තෙරුම්ගන්නේද සුර්ය ශක්තිය මගිනි.

මෙලෙස ජිවය ඇතිකරන ආහාර ඇතිකරන සර්වආකාරයෙන් ශක්තිය ලබාදෙන සුර්යයාට වන්දනා කිරීමෙන් සිදුකරන්නේ සුර්යයාගේ ශක්තිය අප තුලට ඇතුළුවන මානසික දොරටුව විවර කිරීමයි. සුර්ය ශක්තිය ලබාගැනීමටනම් කයද මනසද සුර්ය ශක්තියට විවර කළ යුතුය. කය විවර කරන්නේ සුර්ය නමස්කාරය කිරීමෙනි. සුර්ය නමස්කාරයේ අඩංගු යෝගාසන කිරීමේදී ශරීරයේ ශක්ති ගලා යන මාර්ග වන නාඩි සුවිශේෂී ක්‍රමයකට සකස් වේ. එමගින් සුර්ය ශක්තිය ශරීරය තුලට උරා ගෙන නාඩි තුලින් සිරුර පුරා විහිදී යයි. මනස විවර කරන්නේ සුර්යයාට වන්දනා කිරීමෙනි, සුර්යයා සිතින් පිලිගැනිමෙනි. එමගින් සුර්ය ශක්තිය සිතින් වැළඳගැනීම සිදු කෙරේ. සුර්ය ශක්තිය සිතින් පිළිගැනීම ශක්තිය සිරුර තුලට අවශෝෂණය වීම කාර්යක්ෂම කරයි. චිත්ත තරංග වල ශක්තියට සුර්ය ශක්තිය ආකර්ෂණය කරගැනීමේ හැකියාවක් පවතී. සුර්ය ශක්තිය සිතින් පිළිනොගෙන සුර්ය නමස්කාරය සිදුකිරීම සුලන් රැල්ලක් බිත්තියක වැදී වෙනතක යනවා වැන්නකි. සුර්ය ශක්තිය සිතින් පිළිගෙන සුර්ය නමස්කාරය සිදුකිරීම දෙපසින් හමන සුලන් ධාරා දෙකක් එකිනෙක ගැටී එකිනෙක මුසු වෙනවා වැන්නකි. සුර්ය වන්දනාවෙන් සිදුකරන්නේ චිත්ත ශක්තිය සමග සුර්ය ශක්තිය මුසු කිරීමයි. එවිට ඉතා හොදින් ශක්තිය සිරුර තුලට අවශෝෂණය වේ.

සුර්යයා ස්වභාවික අචේතනික වස්තුවකි. එමනිසා සූර්යයාගෙන් හිතකර බලපෑම්ද අහිතකර බලපෑම්ද පෘථිවියටත් මනුෂ්‍යයන්ටත් පැමිණේ. මෙම අහිතකර බලපෑම් අවම කිරීමට සචේතනික පුද්ගලයෙකු බැදී සිටි. ඒ සුර්ය දෙවියන්ය. සුර්යයාගේ බලපෑම් යාමනය කරන්නේ සුර්ය දෙවියන්ය. සුර්ය දෙවියන්ට වන්දනා කරන්නේ මෙබැවිනි. සුර්ය දෙවියන්ට වන්දනා කරන්නන් හට සුර්ය දෙවියන් ආශිර්වාද කරයි. එතුමන්ගේ ආශිර්වාදය ශක්තිය ලබාගැනීමට උපකාරී වේ. සුර්යයාට හා සුර්ය දෙවියන්ට වන්දනා කිරීමේ පදනම මෙයයි. එය අන්ධ භක්තියෙන් සිදු කරන්නක් නොවේ.
සූර්ය නමස්කාරය
සූර්ය නමස්කාරය


සුර්ය නමස්කාරය සිදු කරන අතර සුර්යයා වන්දනා කරන මන්ත්‍ර මැතිරීමද සිදු කෙරේ. එක් එක් ආසනයේදී ඒවාට අදාළ මන්ත්‍ර මතුරනු ලැබේ. එක් එක් ආසනයේදී මැතිරිය යුතු මන්ත්‍ර පහත පරිදි වේ.

1. නමස්කාරාසන (ප්‍රනාම් ආසන) - ඕම් මිත්‍රාය නමහ
2. හස්ත උත්තානාසන - ඕම් රවයේ නමහ
3. හස්තපාදාසන - ඕම් සුර්යාය නමහ
4. අශ්ව සංචලනාසන - ඕම් භානවේ නමහ
5. පර්වතාසන - ඕම් ඛගාය නමහ
6. අෂ්ටාංග නමස්කාර - ඕම් පූශ්නේ නමහ
7. භුජන්ගාසන - ඕම් හිරන්‍ය ගර්භාය නමහ
8. පර්වතාසන - ඕම් මරීචයේ නමහ
9. අශ්ව සංචලනාසන - ඕම් සවිත්රේ නමහ
10. හස්තපාදාසන - ඕම් අක්‍රාය නමහ
11. හස්ත උත්තානාසන - ඕම් ආදිත්‍යාය නමහ
12. නමස්කාරාසන - ඕම් භාස්කරාය නමහ
වෘක්ශාසනය Vrukshasana
වෘක්ශාසනය Vrukshasana


මෙම රූපයේ දැක්වෙන්නේ වෘක්ශාසනයයි
ලංකාවේ බොහෝ දෙනෙකු මේ වන විට වෘක්ශාසනය සුර්ය නමස්කාරය ලෙස වරදවා වටහා ගෙන සිටි. ලෝකයේ ඇති සියලුම දේ අන්ධ භක්තියෙන් රාවණා මත පටවන සමහර පුද්ගලයන් විසින් තමන්ගේ දැනුම අනුව තමන්ට වැටහෙන ආකාරයට යෝග කරුණු සමාජගත කිරීම මෙයට හේතුවයි. සුර්ය නමස්කාරය ලෙස Internet search කල විට වෘක්ශාසනය දකින්න ලැබෙන නිසාත් රාවණා රජු එම ආසනයෙන් සිටිමින් ශිව දෙවියන් වන්දනා කරන චායාරුප තිබෙන නිසාත්, සුර්ය නමස්කාරයේ පවතින ආසන වලට වඩා වෘක්ශාසනය ආකර්ශනීය ලෙස දිස්වෙන නමස්කාර ආසනයක් නිසා ඒ අනුව වෘක්ශානය සුර්ය නමස්කාරය විය යුතුයැයි තමන්ම සිතාගෙන තමන්ම එවැනි මත පැතිරවීමක් මිස වෘක්ශාසනය හා සුර්ය නමස්කාරය අතර සම්බන්ධයක් නැත. Internet ඥානයෙන් යෝග අර්ථ දැක්වීමට යෑමේ ප්‍රතිපලය මෙයයිවෘක්ශාසනය සිදුකිරීමෙන් සුර්ය ශක්තිය ශරීරගත වන නාඩි විවර වන්නේ නැත.

මෙය අන්ධ විශ්වාසය මත සිදුකෙරෙන අඥාන ක්‍රියාවක් පමණි. සුර්ය නමස්කාරය කිරීමෙන් ලැබෙන ශක්තිය වෘක්ශාසනය කිරීමෙන් ශරීරයට නොලැබේ. වෘක්ශාසනයේ ප්‍රතිපල වන්නේ
- සන්ධි ශක්තිමත් වීම
- අත් පා මෘදු වීම
- උඩුකය මාංශ පේශි සැකසීමෙන් කඩවසම් පෙනුමක් ඇතිවීම
- මානසික ඒකාග්‍රතාව ඇතිවීම
- ශරීරයේ සමබරතාව වැඩිවීම
- පාද වල ශක්තිමත් බව වැඩිවීම ආදියයි.

වෘක්ශාසනය පමණක් සිදු කිරීමෙන් ඉහත සදහන් කල සුර්ය නමස්කාරයෙන් ලැබෙන ප්‍රතිපල කිසිවිටෙකවත් නොලැබේ. 
වෘක්ෂ + ආසන යනු ගසක ස්වභාවයෙන් සිටින ආසනය යන්නයි. මෙම ආසනයෙන් සිටියදී සිදුවන්නේ පොළවෙන් ශක්තිය ශරීරයට ලැබීම මිස සුර්යාගෙන් ලැබීම නොවේ. යෝග ධර්මය පංච අභිඥා අෂ්ට සමාපත්ති හා කුණ්ඩලිනි ශක්ති ලාභී ඍෂි වරුන් විසින් නිර්මාණය කර මිනිසුන්ට ඉගැන්වූ ධර්මයකි. ඔවුන් ඒවා නිර්මාණය කරන්නේ විශ්වයේ සියලු දේ දිවැසින් ඥානයෙන් දැක අවබෝධ කිරීමෙනි. වෘක්ශාසනය පමණක් කිරීමෙන් සුර්ය ශක්තිය ශරීරයට ලබාගත හැකිනම් සුර්ය නමස්කාර අභ්‍යාසයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් නැත.
සූර්යනමස්කාරය
සූර්යනමස්කාරය

 යෝගාසන හා නාඩි ශුද්ධි පිලිබදව පල කල ලිපි වලදී සිරුරේ ශක්ති ගලායන මාර්ග වන නාඩි හා ඒ ආශ්‍රිත ස්නායු වා පිත් සෙම් මගින් අවහිර විය හැකි බවත් එම අවහිරතා නිදහස් වීමට යෝගාසන හා කුන්ඩලිනි භාවනා කිරීමට පෙර සුළු වෙලාවක් Warmup හා Stretching ව්‍යායාම කිරීම සුදුසු බවත් මා සදහන් කලෙමි.
සුර්ය නමස්කාරය හොදින් අධ්‍යනය කල විට ඒ මගින්ද සිරුරේ සියලු කොටස් ඇදීමට ලක්වන stretching ව්‍යායාම සිදුකරන බව දක්නට ලැබේ. නුතනයේ භාවිත වන streching ව්‍යායාම වලදී පවත්වන ඉරියව් වලට බොහෝදුරට සමාන ඉරියව් සුර්ය නමස්කාර ආසන 12 තුල සිදුකෙරේ. ඒ මගින් සිරුරේ නාඩි අවහිර කරන වා පිත් සෙම් දෝෂ පිරිසිදු කර හොදින් සුර්ය ශක්තිය සිරුර පුරා විහිදී යාම සිදුවේ.


ප්‍රාණයාම කිරීමට පෙර සුර්ය නමස්කාරය සිදු කිරීම මගින් ප්‍රාණ ශක්තිය හොදින් සිරුරට අවශෝෂණය කරගත හැක. ප්‍රාණයාම ලිපිය කියවීමට - ( මෙතන ක්ලික් කරන්න )

කුණ්ඩලිනි චක්‍ර අවදි කරන භාවනා වඩන අයද දිනපතා සුර්ය නමස්කාරය සිදුකිරීම මගින් චක්‍ර අවදි වීමද ඉක්මන් වීම සිදු වේ. කුන්ඩලිනි භාවනා ලිපිය කියවීමට - (මෙතන ක්ලික් කරන්න )



 Facebook පිටුව :- ( මෙතන ක්ලික් කරන්න )

Comments

  1. යෝග අභ්‍යස කිරීමෙන් සිත එකග කරගත හැකිද ? කරුණාකර මෙය පැහැදිලි කරන්න මහත්මයාණනි !

    ReplyDelete
    Replies
    1. සමහර අයට යෝගාසන කිරීමෙන් විතරක්ම හිත ගොඩක් එකඟ වෙනවා. හැබැයි භාවනාවෙන් වගේ ධ්‍යාන මට්ටමට හිත එකඟ වීමක් කවදාවත් වෙන්නේ නෑ .එකඟ වෙනවා කියන්න බෑ යෝගාසන වලින් හිත නිවෙනවා ඒ නිසා පොඩ්ඩක් එකඟ කමක් ඇතිවෙනවා. ඒ උනාට සමාධියක් ඇතිවෙන්නේ නෑ

      Delete
  2. Yogithumani padmasanayen inna uganwana video 1k daannakoo plz godak pin obathumata

    ReplyDelete
    Replies
    1. eka vdo danna taram amaru deyak neweine. net eke vdo athi hoyala blnna

      Delete
  3. Yogithumani Mata podi prashnayak thiyenawa...දැන් අපි හිතමු යම් රෝගියෙක් ඉන්නවා මරනාසන්නව..එතකොට මන් මගේ කුන්ඩලිනි ශක්තිය පාවිච්චි කරලා එයගෙ රෝගය සුවපත් කරලා එයාව මරනයෙන් බේරනව. එත් එයගෙ කර්මය අනුවනම් එයා මැරෙන්න ඕනි මේ රොගය නිසා. ඉතින් අපි එයාව මරනයෙන් බේරල කරන්නෙ කර්මයට බලපෑම් කිරීමක් නේද? එතකොට දෙවියො කුන්ඩලිනිය නැති කරල දානවද?

    ReplyDelete
  4. Yogithumani shiva deviyanta kiyana thandawa strotra koi widiyata kiyana 1 da godak hoda?
    1.කට පාඩමින්
    2.කොලයක් බලාගෙන

    ReplyDelete
  5. Thawa deyak me shiva thandawa strotra padam karaddi 1 ma part 1 mathaka hitinakanma kiyanna wenawane.. eke prashnayak nadda yogithumani?

    ReplyDelete
  6. ඔබ තුමාට බොහොම පින්......අපි අහන හැම ප්‍රශ්නයකටම පිලිතුරු සැපයීම ඇත්තටම අගය කරන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  7. Yogithmani shiva deviyan gana wenama post 1 k daannakoo plz..pin sidda wei

    ReplyDelete
  8. යෝගී තුමනි දැනට මම මාස 1 1/2 සිට භාවනාවේ යෙදෙනවා. මේ බ්ලොග් එක දැක්ක දවසේ ඉඳලා 3rd eye භාවනාවත් කරනවා . ඔබ තුමා සදහන් කර ඇති ආකාරයට සියලු දේ කරනවා . නමුත් මට දැන ගන්න ඕනේ වෙනම කාරයනයක් . ඒ මම ඉස්සර චිත්‍රපට නැරබීමට සිංදු ඇසීමට ගොස්සිප් වෙබ් කියවීමට ඇබ්බැහි වී සිටියා නමුත් භාවනාවට ඒවා බාදා නිසා මම දැන් ඒවායින් සම්පුර්ණයෙන්ම අයින් වෙලයි ඉන්නේ . මොකද ලෞකික දේවලින් ඔලුව පිරුණම අධ්‍යාත්මික දියුණුවක් ලබන්න බැරි නිසා . මට දැනගන්න ඕනේ මේකයි අධිමානසික හැකියාවන් ඇති (කාමුක දර්ශනවලින් තොර) උදා : Matrix, Ai, 6th sense, Jumper වැනි සහ බෞද්ධ ආගම ගැන නිර්මාණය වූ චිත්‍රපටි නරබුවාට කමක් නැද්ද ? ඒවා සිලයට භාදාවක් වෙයිද ? ඒවා නරබද්දී නැවත චිත්‍රපටි නැරබීමට ඇබ්බැහි වීමක් වෙයි ද ? කරුණාකර මට මෙය පැහැදිලි කරදෙන්න .
    බුදුසරණයි
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. porn sex thiyena ewa beluwath bhawana karana welawata ewa nawattaganna puluwan. bawanawata ewa badawak ne
      eth sil rakinawanam
      -abrahma charyaa silaya rakinawanam sex porn thiyena ewa balana eka sil rakina kaale nokara inna oni. samanya film beluwata kamak ne
      -nachcha githa waditha visukadassana silaya rakinawanam mona jathiye filmwath balannetuwa inna oni
      ebbehi wena eka itin kohomat wenawa.tamanta tamanwa palanaya karaganna puluwannam ebbehi wena eka nawattaganna puluwan

      Delete
  9. යෝගිතුමනි,කුන්ඩලිනිය අවදි කරගත්ත බලවත් යෝගියෙකුට ඇසිඩ් වැදිලා විකුර්ති වුනු මූණක් වුනත් ආපහු මුලින් තිබුනු විදියට හරිගස්සන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. කරන්න පුලුවන්.හැබැයි ඔය අරමුනෙන් බාවනා කලොත් කුන්ඩලිනිය අවදි කරගන්න වෙන එකක් නැ. ඔය වගේ දේවල් වෙන්නේ අනිවාර්යෙන් කර්ම විපාකයක් හින්දා. කර්ම විපාක මගාරින්න බැ බාවනා කලාට.

      Delete
  10. යෝගිතුමනි, මම දැන් සතියක විතර ඉදලා ශිව දෙවියන්ට ශිව තාන්ඩව ස්ත්‍රෝත්‍ර කියලා හැමදාම මල්,සුවද දුම් පූජා කරනවා.මට දැන ගන්න පුලුවන්ද මට ශිව දෙවියන්ගෙ පිහිට ලැබෙනවද කියලා දැනගන්න පුලුවන් ක්‍රමයක්?

    ReplyDelete
    Replies
    1. Labenwanam eka tamanta danaganna labenawa haryatama. Satyak puja kalata deviwaru balanne ne maasa ganan aurudu ganan yanawa

      Delete
  11. බොහොම ස්තූතියි පිලිතුරට.

    ReplyDelete
  12. මහත්මයාණනි පුටුවක වාඩි වී ඉටිපන්න්දම් දැල්ලක් බලාගෙන 3rd eye භාවනාව කරාට කමක් නැද්ද? තව ශිව දෙවියන්ගේ පින්තුරයක් බලාගෙන මේ භාවනාව කරන්න පුලුවන්ද?

    ReplyDelete
  13. 3rd eye meditation එක කරන කොට ඉටිපන්දම ලොකු පිරිසිදු හොඳට විනිවිද පෙනෙන විදුරු භාජනයක් තුල තබා (සුළගට දැල්ල සෙලවෙන නිසා) භාවනා කරාට කමක් නැද්ද යෝගී තුමනි ?

    ReplyDelete
    Replies
    1. හිත එක්තැන් වෙනකම් එහෙම ටිකක් වෙලා කරලා පහන එලියට අරන් භාවනා කරන්න. මෙතන ඒක ගැන කමෙන්ට් කරන්න එපා. ඒ පොස්ට් එකේ කමෙන්ට් කරන්න

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මතක ශක්තිය වැඩිකරගන්න පුළුවන් දේවල් තියෙනවද යෝග අභ්‍යාසවල.. තියෙනවනම් ඒ කුමන යෝග ව්‍යයාම්ද..

    ReplyDelete
    Replies
    1. mama post ekak dala thiyenawa matakaya wadi karagata haki krama kiala

      Delete
  16. යෝගිතුමනි,මිනිස්සුන්ට දිව්‍යමය ආයුද ලබාදෙන දෙවිවරු කව්ද? වර්තමානයේ ඒ වගේ දිව්‍යමය ආයුද ලබාගන්න මොනවද කරන්න ඔනි?

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. shiwa thandawaya laba den na puluvan da

    ReplyDelete
    Replies
    1. Thewani asa vivara kirimata shiwa dewiyange pihita labaganna akaraya kiayala post ekak mama dala tyenawa. E post eke shiwa thandawa dala tyenawa

      Delete
  19. යෝගීතුමනි රාවනා වන්දනා කරන ස්ත්රෝත තියනවද????

    ReplyDelete
  20. භාවනාව ගැන තව දුරටත් කරුණු ඉගෙන ගැනීමට කැමතියි.. pathum.adelanka@gmail.com පහසුවක් ඇත්නම් email එකක් එවන්න

    ReplyDelete
  21. Tharindu JayasinghaMarch 7, 2017 at 12:11 PM

    Please sathara mula daathun palanaya kirimata ha para sith palanaya kirimata hakiyawa labaganna widiha gana post 1k dannako... ae 2ka gana mulikawama sadahan krala

    ReplyDelete
  22. Sathara mula dathun palanaya karanna hakiyawa labaganna kramayak gana post 1k dannako

    ReplyDelete
  23. Please. ... para sith palanaya kirimata hakiyawa labaganna puluwan post 1k danna.....

    ReplyDelete
  24. මම දැනට මාස 5ක් විතර යෝග කරනවා

    1. Advanced yoga poses කරනවානම් අනිවාර්යෙන් ගුරුවරයෙක් යටතේ කරන්න ඕනෙද?
    2. මම කරන්නේ උදේ 11 සහ හවස 7 පස්සේ. හවස කරන එක හොදද?
    3. උදේ සවස දෙකේම කරාට කමක් නැද්ද ?
    4. යෝගා කරනවානම් මස් මාංස වලින් වැලකි ඉන්න ඕනෙද?
    5. යෝගා කිරීමෙන් භාවනාවේ හිත එකග කරගැනීමට උදවුවක් වෙනවද ?
    6. යෝගා ව්‍යායාම කරන වෙලාවට විශ්වශක්තින් (Universal Energy) ශරීරයට අතුල්විමක් වෙනවද?

    කරුණාකර පිළිතුරු ලබාදෙන්න
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. 1 aniwarya ne. Taniyen krnwanan hodata poth kiyawala vdo blla hodata awabodayak etuwa krnna

      2 kmk ne

      3yogasana kmk ne. Bawana krnnepa deparak

      4 ne

      5ou
      6ou

      Delete
  25. Yoga karanakota Mas kanna hoda Naha neda?

    ReplyDelete
  26. Anapanasathi bawanawa gana post ekak ikamanata danawada?

    ReplyDelete
  27. Bawana kara labunu samadi alokaya nathi karaganne keseda? ema alokaya thiyeddi thejo kasina bawanawa karoth ehi uggaha nimiththa upadida?

    ReplyDelete
    Replies
    1. Neti krganna oni ne wena bawanawak krna.
      Udgaha nimitta upadinawa.
      Netikrgannama oninan kalayak bawana nokara inna. Hebei ehema krla apahu kawadawat nimitta upadinnetiwwnna puluwan

      Delete
  28. yogithumani api dana comment pennne nane

    ReplyDelete
  29. සුර්ය නමස්කාරය කොපමණ වාර ගණනක් කල යුතුද?
    එක ආසනයක කොපමණ වෙලාවක් සිටිය යුතුද?

    ඔබ ලබාදෙන දැනුමට බොහෝ පින් අනුමෝදන් වේවා!

    ReplyDelete
  30. Yoga tumani surya namas karayedi manthra kima sidu karanne koi awastawedida husma genimen pasuwada kohomada පැහැදිලි කිරීමක් kranna

    ReplyDelete
  31. Yoga tumani surya namas karayedi manthra kima karana awastawa pehedili karanna husma genimat samagada husma genimen pasuwada?

    ReplyDelete
  32. Yoga tumani surya namas karayedi manthra kima karana awastawa pehedili karanna husma genimat samagada husma genimen pasuwada?

    ReplyDelete
  33. Yogithumani obathuma dala thiyena 1 weni ruupe 4 weni pose eka mokakda eka parwathasana neweine?

    ReplyDelete
  34. Rawana unvahanse kvdada shiva deviyanta namaskara kare..mole aulda.okkoma hoda dewal kiyla ohoma ewa kiuwma kiyapu anith ewa khmda piliganne.shiva deviyantath abiyoga karapu kena thami rawana.dan naththam ada danaganna

    ReplyDelete
    Replies
    1. රාවණා ශිව වන්දනා කලේ නැත්තන් චන්ද්‍ර හාස් කියල කඩුවක් ගැන ඔයාලා ජීවිතේට අහන්නෙත් නෑ. රාවණට චන්ද්‍රහාස් කඩුව ශිව දෙවියන් ලබාදුන්නේ ශිව තාණ්ඩවයෙන් වන්දනා කලාට පස්සේ
      මම ඔය රාවණ ශිව වන්දනා කලේ නෑ කියන බොරුව් ගැන සම්පුර්නෙන් විස්තර කරලා තියෙනවා ශිව තාණ්ඩව ලිපියේ

      Delete
  35. manthra mathuwana gaman kohomada api inhale exhale karanne. pahada denna.

    ReplyDelete
  36. සවයං වින්දනය කලොත් මේ කිසිම ශක්තියක් ලබා ගන්න බැරිද..කුන්ඩලනී වැඩීමට ඒක බාදවක්ද,දෙවියන්ගෙන් උදව් ඉල්ලීම කල නොහැකිද එවිට...?

    ReplyDelete
    Replies
    1. ewayen kisima badawak ne
      rishi waruntath birinde warun idala thiyenawa

      Delete
  37. සූර්ය නමස්කාරය කිරීමේදි සූර්යයාට මුහුණලාද කරන්න ඕන..එ කියන්නේ සූර්යයා පෙනෙන තැනක ඉදන්ද කරන්න ඕන..නැත්නම් නිකන් උදේ සූර්ය නමස්කාරය කරනවාද?

    ReplyDelete
    Replies
    1. පහසු විදියකට කරන්න. සුර්යයාට මුහුණලා කරන්න පුළුවන් නම් වැඩිය හොදයි

      Delete

Post a Comment