Featured Post

පිනෙන් පිරුණු ජිවිතයක් ගත කිරීමට






අපේ ජිවිතයේ සතුට සැපත පහසුව රදාපවතින්නේ පින් නිසා. භෞතික වගේම මානසික සැපය උදාකරන්නේ පින විසින්. පින කිවුවම එකපාරට ලෞකික දෙයක් කියල හිතුනත් ලෝකෝත්තර ජිවිතයේ සාර්ථකත්වයටත් පින් අත්‍යවශ්‍යයි. සත්‍යාවබෝධ කරන පුද්ගලයන් වර්ග හතරකට බෙදල බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා. ඒ වර්ග කිරීම කරලා තියෙන්නේ පින් සහිත බව පදනම් කරගෙනයි. ඒවා අතරින් සුඛා පටිපදා දණ්ඩාභිඥා කියන්නේ පින් සහිත නිසා ඉතාම පහසුවෙන් ධ්‍යාන හා අභිඥා ලබන පුද්ගලයන්. පින හා නිවන් දැකීම අතර සම්බන්ධයක් නැති බව සමහර ස්වාමින් වහන්සේලා පවා අත්තනෝමතිකව ප්‍රකාශ කලත් පිං බහුල පුද්ගලයන්ට ඉක්මණින් හා පහසුවෙන් ධ්‍යාන ලබාගැනීමටත් සත්‍යාවබෝධ කිරීමටත් හැකි බව බුදුරජාණන් වහන්සේම දේශනා කර තිබෙනවා.

මේ නිසා පින කියන දේ ලෞකික ජිවිතයට මෙන්ම ලෝකෝත්තර ජීවිතයටත් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. කාර්යබහුල ජිවිත ගත කරන බොහෝ අය පින් කිරීම තමන්ගේ ජිවිතයේ අන්තිම කාලෙට ඉතුරු කරනවා . නැත්තම් උපන්දිනයට, පෝය දවසට විතරක් සිමා කරනවා. බොහෝ අය හිතන්නේ මහත්ඵල පින්කම් කරන්න ගොඩක් මුදල් ඕනි කියලා. මුදල් වියදම් නොකර කාර්යබහුල ජිවිත ගත කරන ගමන් කරන්න පුළුවන් මහත්ඵල වන පින් කම් විශාල ගණනක් තියනවා. ඒ ගැන දැනුවත් කර පිනෙන් පිරුණු ජිවිත ඇතිකරගන්න විදියයි මේ ලිපියෙන් පැහැදිලි කරන්න යන්නේ.

                                      ජිවිතයක සිදුවන දේවල් තීරණය කරන මුලික ක්‍රියාවලි 5ක් තියෙනවා. ඒවා තමයි ලෝක නියාම ධර්ම 5 කියන්නේ. ඒ කියන්නේ උතු බිජ කම්ම ධම්ම චිත්ත කියන පහ.  මේ අතරට අයත් නොවන බලපෑම් තියෙනවා ග්‍රහ බලපෑම්, අමනුෂ්‍ය දේව බලපෑම්, උත්සාහය ආදී දේවල්. ඒවා කොහොම උනත් නියාම ධර්ම පහේ බලපෑම විතරක් සැලකුවාම ජිවිතයක සිදුවෙන දේවල් වලින් 95%ක්ම තීරණය වෙන්නේ කර්මය මතයි. අනිත් සියලු දේවල් එකතු කලත් 5%ක් වගේ බලපෑමක් තමා ඒවයෙන් වෙන්නේ. ඉතින් අපේ ජිවිතයේ 95%ක්ම තීරණය කරන මේ කර්මයේ නරක බලපෑම් ඉවත් කිරීමත් හොඳ බලපෑම් වැඩි කරගැනීමත් සිදුකරන විදියයි මේ තුලින් පැහැදිලි කරන්නේ.


බුදුන් වැදීම

 දිනපතා ලොකු පිනක් අයත් කරගන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය තමයි දිනපතා බුදුන් වැදීම, සිල් රැකීම, මෛත්‍රී භාවනා කිරීම හා විදර්ශනා කිරීම. මේ දේවල් වලින් බුදු වරයෙකුට දානයක් දීමටත් වඩා පිනක් වෙන බව වේලාම සුත්‍රයේදී බුදුරජාණන් වහන්සේ  දේශනා කරලා තියෙනවා.


*මල් පහන් පුජා කරනකොට ඒවා පුළුවන් තරම් පිරිසිදුවට කරනවානම් එමගින් පින බලවත් වෙනවා. බුදු පිළිමය, බුදු ගෙය, මල් වට්ටිය, පහන නිතර පිරිසිදු කරන්න.

*මල් පිළිවෙලකට ලස්සනට රටාවකට සරසල පුජා කරන්න

*වන්දනා කරනකොට කියන ගාථා වල තේරුම් හොදින් සිහි කරගෙන කියන්න.

*නමස්කාරය, සරණ යාම, පන්සිල් ගැනීම කලාට පස්සේ බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ ගාථා තේරුම් මතක් කරලා කියන්න. ඊට පස්සේ පුජා කරන්න. නිකන්ම පුජා කරනවට වඩා පුජා ලබන උතුමන්ගේ ගුණ සිහි කරලා මේ වගේ ගුණ සහිත කෙනෙක්ටයි මේ පුජා කරන්නේ කියල හිතාගෙන පුජා කලාම අති විශාල පිනක් අත්වෙනවා.
" සියලු කෙලෙස් නැසූ,
ගුරු උපදේශ නැතිවම සත්‍යාවබෝධ කරවූ,
අෂ්ඨ විද්‍යා පසළොස්චරණ ගුණයෙන් සමන්විත වූ,
නිවනට පැමිණ වදාළ වූ,
සියලු ලෝක පිළිබද මනාව අවබෝධ කළාවූ,
ධමනය කල නොහැකි මිනිසුන් දෙවියන් ධමනය කරවූ,
මිනිස්සුටද දෙවියන්ටද ශාස්තෘ වූ,
ලෝ වැසියන් දුකින් මුදවාලන්නා වූ,
මහා භාග්‍යවන්ත වූ
"
මහා කරුණාවෙන් යුක්ත වූ , මහා ප්‍රඥාවෙන් යුක්ත වූ, මහා ශිලයෙන් යුක්ත වූ, මහා ගුණයෙන් යුක්ත  වූ, මහා වීර්යයෙන් යුක්ත වූ, මහා සමාධියෙන් යුක්ත වූ, මහා ඉර්ධියෙන් යුක්ත වූ,
දසබල ඥානයෙන් සමන්විත වූ, අසිරිමත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වූ, අසූවක් අනු ව්‍යංජන ලක්ෂණයෙන් සමන්විත වූ 
දෙවියන්ට දෙවි වූ, රිශිවරුන්ට ඍෂි වූ, මනුෂ්‍ය දේව බ්‍රහ්ම සියල්ලන්ට වඩා උසස් වූ, විශ්වයෙන්ම උසස් වූ, අනන්ත ගුණයෙන් යුතු වූ  බුදුරජාණන් වහන්සේට මේ මල්  පහන් ඇතුළු පුජාවන් පුජා කරමි 
"
කියල හිතල පුජා කරන්න.

*පුජා කරනකොට මල් පහන් සුවඳ දුම් වලට සිමා නොවී සියලු පුජා ද්‍රව්‍ය පුජා කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි. මල්, පහන්, සුවඳ දුම්, පැන්, ආහාර, අෂ්ඨ පාන, චතු මධුර, බෙහෙත්, බුලත් වගේ පන්සලකදී බුද්ධ පුජාවට එකතු කරන සියලු දේ එක් කරන්න පුලුවන්නම් ලොකු පිනක් අත්වෙනවා. ඒත් ඒවා මහා ලොකුවට ගොඩවල් පිටින් පුජා කිරීම අවශ්‍ය නෑ. පුළුවන් තරමින් පුජා කරන්න.

*බුදුරජාණන් වහන්සේ තමන්ගේ නිවසට පිණ්ඩපාතය සඳහා වැඩම කළා කියල හිතාගෙන ජීවමාන බුදුන්ට මේ පුජාව කරනවා කියල හිතාගෙන පුජා කරන්න. ජීවමාන බුදුන්ට පුජා කරනවා කියල හිතාගෙන පුජා කිරීමෙන් නිකන්ම පුජා කරනවට වඩා ලොකු පිනක් වෙනවා.

ඉන්පසු දළඳා වහන්සේ වන්දනා කිරීම, ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීම, අනෙක් ධාතුන් වහන්සේලා වන්දනා කිරීම, බුදු පසේබුදු අරහත් ධාතු සහිත චෛත්‍යන් වන්දනා කිරීම කරන්න. මේ වන්දනා කිරීමෙන්ම ලොකු පිනක් අත්වෙනවා.

ඊළඟට යම් වෙලාවක් මෛත්‍රී හා විදර්ශනා භාවනා කරන්න. මෛත්‍රී භාවනාව තියෙන්නේ සිත එකඟ කරගන්න විදර්ශනා භාවනාව තියෙන්නේ කෙලෙස් නසන්න. ඒත්  පිනක් කරගන්න හෝ ඒවා භාවිතා කිරීමේ වැරද්දක් නැහැ. මුකුත්ම නොකරනවට වඩා මොනවහරි කිරීම හොදයි. බුදුරජාණන් වහන්සේ කුසල් කිරීම වගේම පින් කිරීමත් අනුමත කරලා තියෙනවා. ඒ හින්දා පින් රැස් කිරීමේ අරමුණෙන් හෝ හැමදාම බුදුන් වදින වෙලාවට විනාඩි 15ක් විතර මෛත්‍රී හා විදර්ශනා භාවනා කිරීම වැරද්දක් නෑ කියල මම හිතන්නේ. පින වෙනුවෙන් හෝ සමථ විදර්ශනා කිරීමෙන් අවසානයේ නොදැනුවත්වම යොමුවන්නේ නිවනටමයි.


මහා පුණ්‍ය විපාකයක් ලැබෙන කුඩා කර්ම

විමාන වත්ථු දේශනා වල සඳහන් කුඩා පින් වලින් මහා විපාක ලැබුණු අවස්ථා කීපයක් මම දෙවතානුස්සති භාවනාව ලිපියේ සඳහන් කළා. එම ලිපිය කියවීමට :- ( මෙතන ක්ලික් කරන්න )
ඒ වගේ තවත් කරුණු  කිහිපයක් විස්තරාත්මකව නැතුව කෙටියෙන් සඳහන් කරන්නම්.

1) බුදුරජාණන් වහන්සේට මල් පුජා කිරීම
2) අන් අය බුදුන්ට පිදු මල් පිළිවෙලකට සකස් කිරීම
3) ස්ථුප වලට පුද පුජා කිරීම
4) සිල් රැකීම
5) හැකි පමණින් කුඩා දෙයක් හෝ භික්ෂුන්ට දන් දීම
6) භික්ෂුන්ට වැඩ හිදීමට ආසන පිළියෙළ කිරීම
7) අන් අය දන් දීමට පෙළඹවීම
8) ශ්‍රද්ධාවෙන් ධර්මය ශ්‍රවණය කිරීම

මේ වගේ පොඩි පින් කිරීමෙන් පවා දිව්‍යලෝක උපත් ලැබී තියෙනවා. ඒ නිසා පොඩිද ලොකුද නොබලා හැම පොඩි පිනක්ම කරන්න. පොඩි පින් වලින් පවා ලොකු විපාකයක් ලබෙනවා.


මගෙන් ඔබට
විමානවත්ථු වල තිබෙන ඒවාට අමතරව මම නිතර කිරීමට පුරුදු වී තිබුණු පොඩි පින් කීපයක් සඳහන් කරන්නම්.

1) දිනපතා පාසල් හෝ රැකියා සදහා යාමට පෙර මල් පුජා කරලා යන්න. තමන්ගේ ගමන යාමට පෙරම මල් පුජා කිරීමේ අවශ්‍යතාවක් නෑ. ඒත් ඒ විදියට පුරුදු වුනාම දිනපතා ඒ වෙලාවේදී පුජා කිරීම සිදුකරන්න පුරුද්දක් ඇතිවෙනවා. සමහර දවස් වලට එක මලක් විතරක් පුජා කරලත් තියෙනවා. මල් ගොඩක් නැති නිසා පුජා නොකර ඉන්නේ නැතුව එකක් හරි පුජා කරන එකයි වටින්නේ. මේ වගේ පුළුවන් විදියට මල් පහන් සුවඳ දුම් පොඩි ප්‍රමාණයෙන් හෝ පුජා කරන්න.

2) පොඩි කාලේ ඉදන්ම වතුරට වැටිලා ඉන්න කුඹි, කුරුමිණියන් වගේ සත්තුන්ව බේරාගැනීම කළා. සින්ක් එක වගේ තැන් වල කෑම තිබිල ඒවට කුඹි ඇවිත් හිටියොත් කුඹි අයින් කරන්න. උණු වතුර වගේ දේවල් සින්ක් එකකට හලනකොට බට වල ඉන්න සත්තු මැරෙන හින්දා සිතල වතුරට උණු වතුර පොඩ්ඩ පොඩ්ඩ එකතු කරන ගමන් හලන්න. ආහාර ගන්වන තැන්ල වල මේස උඩින් බෑග් තියනකොට ඒවායේ ඉන්න කුබින්ව පොඩි නොවෙන්න පිහදාන්න.  මේ වගේ දේවල් ගැන අද ඉදන් අවදානෙන් ඉඳල බලන්න බොහෝ දෙනෙක් මේවා වෙන බව දන්නෙවත් නෑ. මේ වගේ කුඩා  දේවල් ගැන අවදානෙන් හිටියම පින් කරගන්න අවස්ථා බොහොමයක් පෙනෙන්න ගන්නවා.

3) මකුළු දැල් වල පැටලෙන සත්තුන්ව අයින් කරන එකත් ඉස්සර ඉදන් කරපු දෙයක්. හැබැයි මකුළුවා විස විදලා ඉවරනම් අයින් කරලා වැඩක් නෑ කොහොමත් මැරෙන හින්දා හා මකුළුවට ආහාරය නැතිවෙන හින්දා. විස විදින්න කලින් සතෙකු බේරාගත්තත් මකුළුවට ආහාරය නැතිවෙනවා. ඒත් ඒකට වඩා ජීවිත දානය දීමේ ප්‍රභලකම වැඩියි. මේක වැඩක් නැති වැඩක් කියල හිතුනත් මේ විදියට බේරගන්න සත්තු විශාල ප්‍රමාණයක් හොදට පියබලා යනවා.
මකුළුදැල් කඩද්දීත් මකුළුවා මැරෙන්නේ නැති වෙන්න හෙමීට කඩන්න. සමහරවිට හිතෙන්න පුළුවන් මකුළුවාගේ ගේ කඩන එක පවක්නේ කියල. මකුලුවට දැලක් හදාගන්න විනාඩි දහයෙන් පුළුවන්. මිනිස්සුන්ට වගේ මාස ගණන් යන්නේ නෑ.


4) බත් කනකොට ළඟ ඉන්න බල්ලන්ට පුසන්ට ලේන්නුන්ට කුරුල්ලන්ට පොඩ්ඩක් හරි දෙන එකත් හැමදාම කළා. එහෙම දෙන්න විදියක් නැත්තන් අඩුමගානේ කුඹි ටිකක් ඉන්න තැනකට හරි බත් ටිකක් දානවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා තමන් වහන්සේ තරම් දානයේ ප්‍රතිපල දන්න කෙනෙක් ඉන්නවනම් කන ආහාර වලින් එක කොටසක්වත් නොදී කන්නේ නෑ කියල. ඒ වගේම බුදුන් දේශනා කරලා තියෙනවා අනුභව කරලා ඉවත දාන ඉඳුල් ටිකත් සතෙක්ට ආහාරයක් වේවා කියල අධිෂ්ඨාන කරලයි බුදුවරු ඉඳුල් විසි කරන්නේ කියල. ඒ හින්දා කෑම කන වෙලාවට පොඩි කොටසක් හෝ සතුන්ට දෙන්න. 

5) බස් වල යනකොට හිටගෙන ඉන්න අමාරු අයට ආසනය දීම, වාහනයකින් යනකොට කාටහරි lift එකක් දීම කරන්න. බස් වල යනකොට හිටගෙන ඉන්න අමාරු කෙනෙක් නැති උනත් තමන් ටික දුරක් වාඩි වෙලා ගිහින් ඉතිරිය හිටගෙන යන කෙනෙක්ට වාඩිවෙන්න දෙන්න පුළුවන්.

6) අනිත් අයට තමන් තුලින් පින් කරගන්න දෙන එකත් ඉස්සර ඉදලම කරනවා.  අම්මා තාත්තා ආච්චි සියා වගේ අය දෙන කෑම, බිම, සල්ලි තමන්ට අවශ්‍ය නොවුනත් ඒ අයට පිනක් වෙන්න කියල හිතලා ගන්න.  ඒ වගේ අවස්ථා වලදී දෙන පුද්ගලයාට පින ප්‍රභල වෙන්න තමන් ඒ මොහොතේ සිල් සමාදන් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ට යමක් දුන්නට පස්සේ ඒ පිනෙන් ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා කියල ප්‍රාර්තනා කිරීමත් කරන්න.
අපිට හොඳ කරන කෙනෙක්ට ඒ විදියට ආශිර්වාද කලාම ඒ පිනෙ බලපෑම එයාලට අනිවාර්යෙන්ම පිහිටනවා.
ඒ වගේම  තමන්ට කවුරුහරි උදව්වක් කලොත් එයාටත් මේ ආත්මයෙත් ලබන ආත්ම වලත් මේ වගේම උදවු ඉල්ලන්නේ නැතුවම ලැබේවා කියල ප්‍රර්ථනා කරන්න. අනිත් අයට ආශිර්වාද කිරීමෙන් හා පින් කරගන්න අවස්තාව සැලසීමෙන් අපිටත් ඒ වගේම ප්‍රතිපල ලැබෙනවා.

7) තමන්ගේ නිවසේ හෝ  නැවතිලා ඉන්න බෝඩිම්, ඇනෙක්ස් ආදියේ එළියෙන් කුරුල්ලන්, ලේනුන් වගේ සත්තුන්ට ලෑල්ලක හෝ පිඟානක කෑම හා වතුර දීම මගිනුත් ලොකු පිනක් කරගන්න පුළුවන්.

8) මාස 6කට සැරයක් ලේ දන් දෙන්න. මරණෙන් පසු ඇස් හා තවත් අවයව හා පටක ලබාදෙන්න ලියකිලිවලට අත්සන් කරන්න. කාර්යබහුල ජිවිතයෙන් සම්පුර්ණයෙන්ම මිදුන දවසකදී හැකියාවක් තියෙනවා නම් වකුගඩු දෙකෙන් 1ක් දන් දෙන්න.

9) පන්සල් වලට ගියාම පහන් වැටවල් වල තියෙන තෙල් තියෙන නිවුන පහන් ආපහු පත්තු කරන්න. නිවුන හදුන්කුරු නැවත පත්තුකරන්න. පහන් හඳුන්කුරු තෙමෙන තැන් වල තියෙනවනම් නොතෙමෙන තැන් වලින් තියන්න. තමන් මුදල් වලට තෙල් මල් ආදිය ගෙනගියේ නැතත් මේ විදියට ලොකු පිනක් කරගන්න පුළුවන්.

10)  ළමා නිවාස වගේ මුදල් උපකාර බලාපොරොත්තු වෙන අයටත්, සිගමනෙන් ජිවත් වෙන අයටත්, බස් වල සින්දු කියන හා ලෙඩ රෝග වලට මුදල් ඉල්ලන අයටත් මුදල් පුළුවන් තරමින් දෙන්න. බොරුවට මුදල් ඉල්ලන අයට උනත් අහිතක් නොහිතා දෙන්න.
"ඇත්තට දුප්පත් අයට විතරක් දෙනවා බොරුකාරයන්ට කුඩුකාරයන්ට දෙන්නේ නෑ, රස්සාවක් කරන්න පුළුවන් කම තියෙද්දී නොකර සල්ලි ඉල්ලන අයට දෙන්නේ නෑ"
කියල හිතන්නේ නැතුව ඉල්ලන ඕන කෙනෙක්ට දෙන්න.
තමන්ට අවශ්‍ය දේවල් ගන්න ලොකු කඩවල් වලටම නොයා පොඩියට වෙළදාම් කරන අයගෙනුත් අවශ්‍ය දේවල් ගන්න.

11) පන්සල් වල පිංකැට, දේවාල වල පිංකැට වගේ දේවල් වලට මුදල් දෙන්න. විවිද ආයතන වලින් කරන සමාජ සේවා අරමුදල් වලට මුදල් දෙන්න. මරණාධාර සමිති වගේ දේවල් වලට මුදල් දෙන්න. සමාජ ජාලා හරහා කරන මුදල් එකතු කිරීම් වලට මුදල් දෙන්න.

                            එක කාරණයක් මෙතැනදී සඳහන් කිරීම හොදයි කියල මම හිතනවා; පින් කරගැනීමට හෝ සමාජ සේවා කිරීමට හෝ සත්‍යාවබෝධ කිරීමට අන්ධ භක්තියෙන් වගේ තියෙන තියෙන හැමදේම නිවැරදි කාලය නොබලා දීම හොදයි කියල මම හිතන්නේ නෑ. පින් කරනකොට ශ්‍රද්ධාව වගේම බුද්ධිමත් කම මුලික කරගන්න ඕනි. පින් කරගන්න කියල අනවශ්‍ය කරදර වල පැටලෙන්න එපා. වකුගඩුවක් දන් දෙනවනම් ඊට පස්සේ ආහාර පාලනය බෙහෙත් බිම අඛණ්ඩව කරන්න වෙනවා. ඒ නිසා ඒ වගේ දෙයක් කරන්න ඕනි තමන්ට ගැලපෙන කාලය බලලා. ඒ වගේම පින් වලට මුදල් වෙන් කරනවානම් තමන්ගේ හා පවුලේ එදිනෙදා වියදම් , වෙනත් අවශ්‍යතා හැමදේම බලලා ජිවිතේ අවුල් නොවෙන විදියට පින් කරන්න. අමුලිකා සද්දාවෙන් නොකර ප්‍රඥාවෙන් යුක්තව කරන්න.


ලොකු පින්කම් වලට පොඩියට දායක වෙන්න

ලොකු පින්කම් කරන්න මුදල් නැත්තම් ලොකු පින්කම් කරන අයට මුදල් වලින් හෝ අවශ්‍ය භාණ්ඩ ලබාදීමෙන් හෝ ශ්‍රමය ලබාදීමෙන් ලොකු පිනක් කරගන්න පුළුවන්.
- සාංඝික දානයක් දෙන කෙනෙක්ට අඳනයක්, අට පිරිකරක් වගේ පිරිකරක් ලබා දීම,
- පන්සල් හා ආශ්‍රම වල ඉදිකිරීම් වලට මුදල් එකතු කරන බැංකු ගිණුම් වලට මුදල් දැමීම
- පන්සල්, පාලම් වගේ ඉදිකිරීම් වලදී ශ්‍රමයෙන් දායක වීම
වගේ දේවල් කරලා තමන්ට හැකි පමණින් මහා පින්කම් වලට දායක වෙන්න.


පින් පොතක්

පිනෙන් පිරුණු ජිවිතයක් ගත කරන්න ලොකුම උදවුවක් තමයි පින් පොතක් පවත්වාගෙන යාම. දවස ගානේ කරන පින් මේකේ ලියන්න. තමන්ගේ පින් පොත ටික කාලයක් ගිහින් පෙරලලා බලනකොට ලොකු සතුටක් එනවා. කරන පින් නැවත නැවත සිහි කරලා සතුටු උනාම ඒවායේ ප්‍රභලකම වැඩිවෙන බව බුදුරජානන් වහන්සේත් දේශනා කර තියෙනවා. මහා ලොකු පින්කම් නොකලට හැමදාම එක පොඩි පින ගානේ කරලා දිනය දාලා පින් පොතේ ලියන්න. අවුරුද්දක් යනකොට අවුරුද්දේ හැම දවසෙම පිනක් කළා කියල ලොකු සතුටක් අත්විදින්න පුළුවන්.

* තමන් කරන පින්  හෝ තමන්ට කරන්න බැරි පින් කිරීමට වෙන අයව මෙහෙයවීමත් ලොකු පිනක් අත්වෙන ක්‍රියාවක්.
* ඒ වගේම පින් කරද්දී තනියම නොකර සාමුහිකව කිරීමෙනුත් ලොකු පිනක් වෙනවා. සාමුහිකව පින් කලාම එකේ කර්ම පලය විදියට තමන්ට පරිවාර පිරිස ඇතිවීම සිදුවෙනවා. තමන්ට ක්‍රියාවෙන් කරන්න බැරි පින් අදහස් විදියට හරි අනිත් අයට ලබාදෙන්න. පින්කම් ගැන අනිත් අයවත් දැනුවත් කරන්න


ධර්ම දානය
පින් කරගන්න පුළුවන් තවත් මුලිකම ක්‍රමයක් තමයි ධර්ම දාන කිරීම. දාන අතරීන් අග්‍රම දානය ධර්ම දානය බව බුදුන් දේශනා කර තිබෙනවා. ධර්ම දානය අග්‍ර දානය වන්නේ එහි තිබෙන ශ්‍රේෂ්ඨ බව නිසා, වෙන මොනවා දෙනවටත් වඩා සසරෙන් මිදෙන්න උපකාර වන ධර්මය දීම උතුම් නිසා.
- පොත් පත්තර පත්‍රිකා මුද්‍රණය කිරීම
- මුද්‍රිත ඒවා බෙදාහැරිම
- සමාජ ජාල වලින් ධර්මය පැතිරවීම
- පන්සල් වල හා රුපවාහිනී නාලිකා වල ධර්ම දේශනා වලට අනුග්‍රහ කිරීම
වගේ දේවල් වලින් ධර්ම දානයට දායක වෙන්න.

අට මහා කුසල්
1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.


යන මේ පිංකම් අට අටමහා කුසල් කියල නම් කරනවා. මේ පිංකම් අට විශේෂ වන්නේ අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයට පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති නම් වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් වෙලා අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වීමයි. ඒ නිසා මේ පින් ජිවිතේ එකපාරක් හරි කරගන්න උත්සහ කරන්න.



දස පුණ්‍යක්‍රියා

පින් ගැන ලියන නිසා දස පුණ්‍ය ක්‍රියා මොනවද කියලත් සඳහන් නොකර බෑ

දස පුණ්‍ය ක්‍රියා අතරින් පත්තිදානය ගොඩක් වැදගත්. තමන් පින්කම් කලාම ඒ පින් තමන්ගේ මලගිය ඥාතීන්ට අනුමෝදන් කර " මේ පුන්‍යනුභාවයෙන් අයහපත් තැනක ඉන්නවනම් උසස් උපතක් ලැබේවා, උසස් උපතක ඉන්නවනම් තව තවත් උසස් වේවා , ආයුෂය වැඩේවා වර්ණය වැඩේවා සැපය වැඩේවා බලය වැඩේවා ප්‍රඥාව වැඩේවා,  සැප සහගත ආහාර වස්ත්‍ර වාසස්ථාන යාන පිරිවර බලය ලැබේවා" කියල ප්‍රර්ථනා කරන්න.

පින් දෙවියන්ටද අනුමෝදම් කර "මේ පුන්‍යනුභාවයෙන් දෙවියන්ගේ ආයුෂය වැඩේවා වර්ණය වැඩේවා සැපය වැඩේවා බලය වැඩේවා ප්‍රඥාව වැඩේවා, සැප සහගත ආහාර වස්ත්‍ර වාසස්ථාන යාන පිරිවර බලය ලැබේවා, දිව්‍යනුභාවය වැඩේවා" කියල ප්‍රාර්ථනා කරන්න. නිකන්ම පින් දීමට වඩා මෙහෙම හිතල පින් දීම ප්‍රතිපල දායකයි.
ඒ වගේම තමන් විශේෂයෙන් පිං අනුමෝදම් කරන දෙවි වරුන් ඉන්නවනම් ඒ දෙවි වරුන්ට පිං දීමෙන් පස්සේ "සක්‍ර දේවේන්ද්‍රයන් ප්‍රධාන තිස්තුන්කෝටියක් සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදම් වේවා" කියල හොදින් හිතල ප්‍රාර්ථනා කිරීමෙන් සියලු දෙවියන් එකවර තමන් දෙස බැල්ම හෙළනවා වැනි දෙයක් සිදුවෙනවා.


දස කුසල්

පුණ්‍ය ක්‍රියා 10 වගේම කුසල් 10කුත් තියෙනවා. දස කුසල් කියන්නේ දස අකුසලයෙන් වැළකීමට. ඒ කියන්නේ
1-ප්‍රාණඝාතයෙන් වැලකීම
2-සොරකමෙන් වැලකීම
3-කාම මිත්‍යාචාරයෙන් වැලකීම
4-බොරුවෙන් වැලකීම
5-කේලම් කීමෙන් වැලකීම
6-හිස් වචන කීමෙන් වැලකීම
7-පරුෂ වචන කීමෙන් වැලකීම
8-අනුන්ගේ දේවල් වලට ආශා කිරීමෙන් වැලකීම
9-ද්වේශ කිරීමෙන් වැලකීම
10- මිත්‍යා දෘෂ්ටියෙන් වැලකීම


දස කුසල් පුරුදු කිරීමෙනුත් ලොකු පිනක් අත්වෙනවා.

                                               
මේ කරුණු ටික පිළිපදිනවනම් පිනෙන් පිරුණු ජිවිතයක් ඇතිකරගන්න එක අමාරු වැඩක් නෙවෙයි. ජීවිතය පිනෙන් පිරුණම ඉබේම සතුටෙන් පිරෙනවා. මිනිසුන්ගේ හා දෙවියන්ගේ උදවු හා ආශිර්වාදයෙන් පිරෙනවා.

පින් කිරීමෙන් පසු වෙනත් කිසිවක් ප්‍රාර්ථනා කිරීමට පෙර උපදින සියලු භවයන් වලදී බුද්ධ ධර්මය දේශනා කරන කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ලැබේවා කියන දේ ප්‍රාර්ථනා කරන්න.

කොච්චර පින්කම් කලත් කරදර වල අඩුවක් නැති කාලවල් තියෙනවා. ඒවා කාටත් පොදුයි .ඒ නිසා ඒ වගේ දේවල් නිසා පින් කිරීමට අතපසු කරන්නෙපා. කවදාහරි ප්‍රතිපලය ලැබෙනවා. කරන්න පුළුවන් හැම පොඩි පිනක්ම කරන්න. හැම පොඩි පවකින්ම වලකින්න. සිහිය දියුණු කරගන්න. එතකොට අලුත් අලුත් පින් කිරීමේ අවස්ථා පෙනෙන්න ගන්නවා. මේ ලබාදුන් දැනුමෙන් පින් කරපු වෙලාවට ඒ පින් මටත් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා...
                           



Comments

  1. bohoma sthuti!godak wadagat karunu tiyanawa :)

    ReplyDelete
  2. Mahathmaya apahu article ekak dapu eka gana sathutu wenawa.Digatama articles liyanna hamade ganama.api kiyawanawa hama article ekakma...Theruwan saranai .....

    ReplyDelete
  3. ඔබතුමාගේ හැම Article එකක්ම මං කියවලා තියනවා.මේ article එකේ තියන ගොඩක් දේවල් ඇත්තටම මමත් කරල තියනව.පින නොදන්න සමහර අය මට හිනාවෙලත් තියනව.ඒ අයට තේරුම් කරල දුන්නත්, ඉතා සුලු පිරිසක් විතරයි ඒ දේ තෙරුම් ගන්නේ.ඉතිං මේ වගේ වටිනා දේවල් වලින් අපව දැනුවත් කලාට ඔබට පින්.. මේ සසර කෙටි කරගෙන, උතුම් වූ නිවන ලඟා කරගන්නට ඔබට මේ පින් හේතුවාසනා වේවි..!

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම වෙලා තියෙනවා .මේ දේවල් පිළිගන්නේ පින් ගැන දන්න අයම විතරයි (Y)

      Delete
  4. ඔබ තුමාට බොහෝම පිං මෙි වගේ වට්න කරැණු අපට කියලා දෙනවාට කරැනා කරලා කිලි වලිං ආරක්ෂා වීම යනු කුමක්ද කියලා කියන්න පුලුවන්ද? මං මාංශ ගැනීමෙන් වැලකීම පමණක්ද?

    ReplyDelete
  5. obata saha obe guruwarayata behewinma pin..

    ReplyDelete
  6. මට පොඩි ගැටළුවක් තියෙනවා මහත්මයාණනි. මම හැමදාම උදේ හවස සහ රැට පහන තියෙනවා මම ගිලන්පසට කහට තේ (plain tea) හදලා තියෙනවා. උදේ එක සැරේ හදලා උණුවතුර බෝතලයක දාලා තියලා හවසටත් රැටත් පුජා කරනවා එහෙම කරාට ප්‍රශ්නයක් නැද්ද > හොදද?
    ස්තුතියි මහත්මයාණනි

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් බුද්ධ පුජා එහෙම කරන්නෙ නෑ . බුදුන්ට පුජා කරන දේ පුලුවන් තරම් අලුත් පිට පුජා කරන්නෙ. බෝතලයක දාලා තියලා පුජා කිරිම එච්චර සුදුසු නැ. තේ නෙවෙයි උනුවතුර බෝතලේ දාලා තියලා හවසට රෑට ආපහු අලුතෙන් තේ හදලා පුජා කරන්න

      Delete
    2. ඔබ තුමාට පිං. මේ වගේ ගැටළු අහන්න ඔබ තුමා වගේ කෙනෙක් මුණ ගැසීම ඇත්තටම අප ලද වාසනාවක්. මට තව ප්‍රශ්නයක් තියෙනවා. මම ඉස්සර චිත්‍රපට සහ සිංදු (mp3) නිතර අහන්න පුරුදු වී සිටියා නමුත් උදේ හවස රාත්‍රී බුදුන්වදින්න පටන්ගත්තාම මම ඒවා ඔක්කොම අතහැරියා. කොටින්ම කියනවනම් මම දැන් රුපවාහිනියාවත් බලන්නේ නැහැ buddhis and Shradda channels දෙක විතරයි බලන්නේ . මට දැන ගන්න ඕනේ මේ වගේ දේවල් වලින් (චිත්‍රපට නැරබීම, සිංදු ඇසීම රුපවාහිනි නැරබීම) ඈත් වී සිටියම ලැබෙන ප්‍රයෝජන (benefits) මොනවද මේ භාවනායෝගීව ගෙවන ජිවිතයට ? කරුණාකර පැහැදිලිකරන්න.
      ස්තුතියි
      බුදුසරණයි
      දෙවිපිහිටයි

      Delete
    3. ඒවයෙන් මිදුනම කෙලෙස් ඇවිලෙන එක අඩුවෙනවා. විදර්ශනා වඩනවානම් එහෙම කරන එක හොදයි. හැබැයි සාමාන්‍ය ජිවිත ගතකරනවානම් ප්රවෘත්ති වගේ ඒවා බලන එක තමා හොද. මම අදුරන ධ්‍යාන තියෙන ගිහියො උනත් සාමාන්‍ය ජිවිතයෙන් සම්පුර්නයෙන් අයින් වෙලා ඉන්නෙ නැ. භාවනාත් කරනවා සාමාන්‍ය දේවලුත් කරනවා

      Delete
    4. ඔබ තුමාට පිං
      බුදුසරණයි

      Delete
  7. මට මේ වගේ ගැටළුවක් තියෙනවා මහත්මයාණෙනි. පිරිවෙන් අධ්‍යාපනය කරන වයසේ සාමනේර නමකට ලැප්ටොප් පරිගණකයක් දීම අද කාලේ හැටියට සුදුසුද? අපේ ගෙවල් ලග පන්සලක ඉන්න සාමනේර නමකට තමයි මම දෙන්න ඉන්නේ නමුත් තවම දුන්නේ නැහැ එක මගේ හිතේ තියෙන දෙයක්. ඒ වගේ ගිහියන් පාවිච්චි කරන විනෝදාස්වාදය සපයන දේවල් හාමුදුරුවන් නමකට දන් දීම සුදුසද ? කරුණාකර පහදාදෙන්න
    බුදුසරණයි
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. Pudgalaya diha blala tamai eka tirane kranna oni.
      Ada kale shasane pirihila tyenne gihi weda krna hamuduruwo hinda . laptop ekak hambunama hodak wena aya inne kalathurakin. Godak aya krnne oken gihi weda krna eka.
      Hebei itin samaharu niwan dakina parata kawadawat wetenne ne eyala laukika mattamen sasaneta weda krnawa. Ehema kenekta lap ekak dunnata aulak ne khmat gihi weda krna nisa lap ekenut gihi weda krala e wagema sasanetat weda krnwa.
      Hebei bahutaraya krnne lap ekak hambunama gihi weda krla sihiya netikragena harak wage weda krla sasane baldu krna eka.
      Oya lap denna inna kenawa hodata hoyala balala aduraganna issella. Eya sanwara kamak tyena sasaneta wadak eti keneknan denna.
      Igenaganna puluwan una paliyata sasaneta wedak wenne ne. Sasaneta wedak tyenne sanwarakama tyena darmayata budunta wada wena dewal loku krganne neti aya

      Delete
  8. යෝගී තුමනි
    මම බුදුන් වැදලා දෙවියන්ට පින්දිලා අන්තිමට තමයි කරනියමෙත්ත සුත්‍රය කියන්නේ. එහෙම කියන එක හරිද ?

    ReplyDelete
  9. තව දෙයක් දැනගන්න ඕනි. කරනියමෙත්ත සුත්‍රය වතුර විදුරුවකට මතුරලා බිවුවම ශරීරයේ විසක් තියෙනවනම් නැති වෙනවා කියලා අහලා තියෙනවා. එය සත්‍යක් ද ? එහෙම බිවුවට කමක් නැද්ද? පිරිත් පැන් බිවුවට කමක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. wisa ain wenne ne
      Pirith wathura biuwata kamak ne

      Delete
    2. ඔබ තුමාට පිං

      Delete
  10. ඉදහිට ගෙදර ඇතුලත සහ පිටත පිරිත් පැන් ඉසීම සුදුසුද ? ඒවා පයට පෑගෙන නිසා පවක් සිදුවේද?

    ReplyDelete
    Replies
    1. pan issta kamak ne.
      wathura ajivi deyak pirith kala kiyala sajivi wenne ne. wathura kohoma pegunath pawak wennen ne

      Delete
  11. උදේට සහ හවසට පහන තියන්න සුදුසු වේලාවන් මොනවද කියලා කරුණා කරලා කියන්න පුලුවන්ද?
    ස්තුති

    ReplyDelete
  12. තව දෙයක් දැනගන්න ඕනේ . තෙල් හෝ වතුර වීදුරුවකට sound system මගින් පිරිත් සජ්ජායනාවන් කිහිපවාරයක් play කර කා වද්දුවොත් එම වතුර හෝ තෙල් වල යම් බලයක් හට ගන්නවද ? කරුණාකරලා කියන්න පුලුවන්ද ?

    ReplyDelete
  13. api balaporoththu wechcha deyak hari giyoth "gedara" deviyan vadina sthanayata budda pujawa thiyala ivarawela deviyanta podi palathuru wattiyak puja karata kamak nadda? ge athule ehema thibbata prashnayak nadda?

    ReplyDelete
    Replies
    1. bohoma sthuti oba thumata

      Delete
    2. budu pahana thiyala deviyan wenuwen pahanak saha pan viduruwak thibbata kamak nadda?

      Delete
    3. hodamai ehema karannam obata
      sthuthi

      Delete
  14. කැලණිය , දබදිව වැනි බුදුසිරිපා ස්පර්ශ වුන ස්ථාන වල වැලි ස්වල්පයක් පොඩි කුප්පිවල දමා නිවසේ බුදුන් වදින ස්ථානයේ තබා තිබුනට කමක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. mamanan hitanne eka echchara therumak ne. dan aurudu 2500k gihin. siripa sparsha una bhumiya adumagane adiyakwath us ho pahath wela dan. e hinda dan e than walin wali ganima terumak ne

      Delete
    2. එහෙනම් වැටිච්ච බෝ පත් ගෙනල්ලා වන්දනා කරාට කමක් නැද්ද ?

      Delete
  15. ගිලන්පස සහ පැන් අස් කරනකොට ඒවා පයට පැගෙන්නේ නැති තැනකටද දාන්න ඕනි? සමහරු ගිලන්පසට තිබ්බ බිම ජාති බොනවා එක හොද නැහැනේද ?

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. හදි හූනියම් බන්දන වලට අසු වෙලා ඉන්න පුද්ගලයෙක්ට භාවනා කර ද්‍යාන ලබාගන්න පුලුවන්ද? නැත්නම් එම බන්දන හූනියම් භාවනා වඩා නැති කරගන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. Dekma krnna be
      Ithaama kalaturakin godak pin tyena ha mita kalin dyana labagena tyena kenekta smharawita puluwan wenna ida tyenwa
      Hebei ehema wenna tyena ida godakma adui

      Delete
  18. මන් පස්සේ කියවනවා කියලා හිතපු ගොඩක් වටිනා blogs හිටපු ගමන් නැති වෙලා යනවා. ඒකට හේතුව දන්නේ නෑ. ඔබතුමා මේක ඉදිරියටත් යාවත්කාලීන කරනවා නේද?

    ReplyDelete
  19. Vegetarian vena 1ka gana buddurajana vahansey gey mathaya kumak da kiya pahadili kara denna puluwan da? bavanawa karanakota masa mansha vala dima sudusu da nadda ?

    ReplyDelete
    Replies
    1. mas kewa kiyala bawana walata kisima balapemak ne.
      budurajanan wahanse gihiyanta mas kanna epa kiyala ne.
      bhikshun wahanselata waladanna epa kiyapu mas warga tikak tyenawa. e hera anith mas waladanna epa kiyala ne.
      mas nokanawanan hodai pratipattiyak vidiyata. eth mas noka yuthui kiyala budun deshana karala ne.

      Delete
  20. mama dan visnu deviyanta pan thiyanne naha. Buddha pujava thiyanawa, seevali hamuduruwantath samara welawata thiyana eta amtharawa siyaluma deviyanta kiyala ahara badunakuth Buddha pujava lagin thiyanawa kamak naddha. pan epanam aharath epa neda? pahana thiyana welawal deviyanta thiyanawada? pili noka hamadama pe wenna onida?

    ReplyDelete
  21. mama dan visnu deviyanta pan thiyanne naha. Buddha pujava thiyanawa, seevali hamuduruwantath samara welawata thiyana eta amtharawa siyaluma deviyanta kiyala ahara badunakuth Buddha pujava lagin thiyanawa kamak naddha. pan epanam aharath epa neda? pahana thiyana welawal deviyanta thiyanawada? pili noka hamadama pe wenna onida?

    ReplyDelete
    Replies
    1. deviyanta ahara tyanepa
      deviyanta pahana tiyana eka gena wenama post ekak mama liyanwa.eka kiyawala eke vidiyata karanna

      Delete
  22. ඔබතුමා මේ කියලා තියෙන විදිහයට කරලා මට ගොඩක් හරි ගිහින් තියෙනවා. පිං දෙන වෙලාවට ඔබතුමාට නිතරම පිං දෙනවා. විශේෂයෙන් අර කියලා තියෙන්නේ දිගටම පිං කම් කරනකොට පොඩි පොඩි පිං කම් පෙන්නනවා කියලා ඒක හරියට හරි. ඔබතුමාට මම කරන පිං කම් සියල්ලේම පිං නිකන්ම අනුමෝදන් වෙනවා මොකද මේ බ්ලොග් එක මම දැන් අවුරුදු 2ක් තිස්සේ කියවනවා.
    මට මේ ප්‍රශ්න වලට කරුණකර උත්තර දෙනමෙන් ඉල්ලා සිටිනවා.

    1. පිරිත් මණ්ඩපය අසල වතුර බෝතලයක් තබන විට එය සම්පුර්ණයෙන්ම විවුර්ත කර තැබිය යුතුද ?
    2. වාහනයක් බලාපොරොත්තුවෙන් ඉන්න මට කරන්න පුළුවන් පිංකම් මොනවගේද ?
    3. ලක්ෂ්මි ස්තෝත්‍ර වාදනය කරන විට මම කරන්නේ එක විට තුන් සැරේම වාදනය වෙන්න දාන එක. පසුව අවසාන වතාවේ මම එතන ඉඳගෙන වැදගෙන ඉන්නවා. එහෙම කරාට කමක් නැද්ද? නැත්නම් තුන් සැරේම වාදන වෙනකන් වැදගෙන ඉන්න ඕනෙද?
    4. මහවතාර් බබාජි ගැන ලිපියක් ලියන්න පුලුවන්ද ? එතුමාගෙන් උදව් ගන්න පුලුවන්ද ?
    5. පිට රටක රැකියාවකට යන්න ඉන්න මට එය නිතරම බාදා වෙනවා . එයට කලයුතු පිංකම් සහ බාර විය යුතු දෙවියන් සහ බාර විය යුත්තේ මොනවද කියලා කරුණා කර පහදා දෙන්න පුලුවන්ද ?
    6. මම ආනා පාන සති භාවනාව හැමදාම උදේ 5ට සහ රාත්‍රී 10.30 කරනවා එහෙම කරාට කමක් නැද්ද ?
    7. ධනාත්මක චින්තනය අපිට අවශ්‍ය දේ වෙලා තියෙනවා හිතන එක බස් එකේ යන විට හෝ ඇදෙ නිදාගෙන සිටින විට කරාට කමක් නැද්ද ? _________ස්තුති !

    ReplyDelete
    Replies
    1. 1. Athyawashya ne tibbot hodai
      2. Bus wala train wala yanakota hitan yanna amaru ayata seat eka Denna. Ehema krala prartana karanna.
      Hamuduruwarunta dan dim ha loku pinkam walata daayaka wim kalot e welawatat prartana karanna
      3. Krana widiyata kalata kamak ne
      4. Lipiyak dannan. Ehema udau gannanan lesi ne.
      5. Okata mulinma hoda thenakin kendaraya balala karanna oni puda puja karanna. Facebook search kranna prabhashwara astro kiyala. Eka hodai. Ekata msg karanna.
      Pinkam widiyata wenama dewal kiyala ne dan dim , loku pinkam wage ewa kalama prartana karanna.
      6. Kamak ne
      7. Kamak ne
      Ape facebook page ekata (Kundalini yoga srilanka) msg ekak danna. Oyata awashya dewal walata wishesha pinkam matak unot msg karanna puluwan etakota

      Delete
  23. දුප්පත් මිනිස්සුන්ට ඇඳපු (හොඳ තත්වයේ තියෙන ) ඇඳුම් දුන්නට කමක් නැද්ද? එහෙම හොඳද ? සමහර ඒවා මම රට ඉන්නකොට ගත්ත වටිනා ඒවා ?

    ReplyDelete
    Replies
    1. hoda tatwaye ewa dunnata kamak ne. hoda neti ewa unat kamak ne ewa ganna kena ewa adinna kematinam

      Delete
  24. Budun wandata passe om mahavatar vidmahe sath guru devaya dihimahae & om devarajaya vidmahae kiyala mahavatar babaji, Sakra deviyanta saha kali maniyanta gayathri mantra 11times kiyanawa. 5min vithara yanne. kamak nadda

    ReplyDelete
  25. රැවන්වැලි සැයට ජිවිත පුජාව ගැන අසා ඇත . බුදුන් ඒ සමිබන්ධව දේශනා කර තිබෙිද?

    ReplyDelete
  26. ඔබ තුමා සදහන් කරපු විදියට බොහෝ පින් කරලා මට හොඳ දේවල් ජීවිතේට ලැබිලා තියෙනවා. නමුත් මගේ සහකාරයා සහ මගේ අතර තියෙන නොගැලපීම් නිසා අපි දෙදෙනාම විදවනවා. ඒත් අපි දෙන්න එකිනෙකාට තියෙන ආදරේ නිසා අපේ බැඳීම ශක්තිමත්. ඒත් ඉදිරියේදී අපි දෙන්නගේ ජීවිතයට එන ප්‍රශ්න නිසා අපි වෙන් වෙන්නත් පුළුවන්. කොහොම උනත් අපි දෙන්න අපේ ජීවිත සාර්ථක කරගන්න ගොඩක් උත්සාහවන්තයි. මට ඕන මේ අතරින් අපි දෙන්නා දවසක එකතු වෙලා සතුටින් ඉන්න පින් කරලා අපේ උත්සයට ඒවත් ඇතුළත් කරගන්න. මං මේ සඳහා කළ යුතු පින් මොනවද කියලා කියලා ඔබ තුමාට කියන්න පුළුවන් ද?

    ReplyDelete

Post a Comment