Featured Post

ධර්මය විකෘති කරන්නෝ (1) පිටිදුවේ සිරිධම්ම

                                    බුද්ධ ධර්මය අවබෝධය පදනම් වුවක්. ඒ නිසා විද්යාවේ දියුණුවත් එක්ක බුදුදහමට පහර ගසන්න හැකියාවක් නෑ. අනිත් සියලු ආගම විද්යා්වේ දියුණුවත් එක්ක අන්ත ලෙස ප්ර්තික්ෂේප වෙද්දී බුදු දහම විතරක් තව තව සත්ය බව ඔප්පු වෙමින් පවතිනවා. චක්රාවාට ගැන උප පරමාණුක අංශු ගැන මනෝවිද්යාත්මක කරුණු ගැන බුදුන්ගේ දේශනා නවීන විද්යාඥයන්ගේ මුලධර්ම වලට සම්පුර්ණයෙන්ම එකඟයි. මේ වගේ දේවල් වෙනත් කිසිම ආගමක ශාස්තෘවරයෙක් කියන්න හිතලවත් නෑ. මේ නිසාම බුදුන්ගේ සිතේ උසස් බව විද්යාත්මක පරීක්ෂණ වලට පින්සිදුවෙන්න අන්යාගමිකයන් හටත් පිළිගන්න වෙලා තියෙනවා. මේ නිසා ඉස්සර බුදුදහම බාහිරයෙන් ඉදන් විනාස කරන්න හදපු අය දැන් අසරණ වෙලා ඉන්නවා. ඉස්සර කරපු විදියට අනිත් ආගම වලට කරපු විදියට බුදුදහම බාහිරයෙන් ඉදන් විනාස කරන්න බැරි නිසා මේ වන විට භික්ෂුන් ලෙස හා ගිහියන් ලෙස බුදු දහම තුලට ඇතුළු වී  බුදුදහම විකෘති කිරීම ආරම්හ වෙලා තියෙනවා.

*****බුදු දහම බාහිරින් තර්ක කර විනාශ කල නොහැකි නිසා මේ වන විට ශාසනයට ඇතුළු වී ශාසනය තුල ඉදිමින්ම ධර්මය විකෘති කරමින් බුදු දහම විනාශ කිරීම ආරම්භ වී ඇත.
එසේ කරන මාර පුත්රයන්ගේ ප්රධානම අවිය වන්නේ ඔබගේ ධර්ම දැනුමක් නැති කම පාලි දැනුමක් නැති කම හා භාවනා දියුණුවක් නැති කමයි

ඔවුන් ධර්මය විකෘති කර "අහවල් පිටකයේ අහවල් දේශනාවේ මෙහෙම තියෙනවා: යයි කියති. එහෙත් ඇත්තටම එම දේශනාවේ ඇත්තේ වෙනත් යමකි. ඔබගේ නොදැනුවත් කම නිසා "ඒ හාමුදුරුවෝ ත්රිපිටකේ තියෙන තැනත් කිවුව ඇත්ත වෙන්නැති හොදට ධර්මය දන්නා කෙනෙක්" යයි සිතා රැවටෙ.

තව පිරිසක් ත්රිපිටකයේ ඇති දේ කාලයත් සමග වෙනස් වී ඇති බවත් ඒවා වැරදි බවත් තමන්ට භාවනා කරන විට නිවැරදිම ක්රමය අසු වූ බවත් කියා මිනිසුන් රවටයි. මොවුන් ප්ර්යෝජනයට ගන්නේ ඔබගේ අඩු ප්රායෝගික දැනුමයි. තමන් සමථ විදර්ශනා භාවනා වඩා යම් තරමක හෝ දියුණුවක් අත් කරගෙන තිබේනම් සත්ය ධර්මය හා බේගල් ඉතාම පැහැදිලිව වෙන් කර ගත හැකිවේ.

තවත් පිරිසක් ඔබගේ පාලි දැනුමේ අඩුව ප්රයෝජනයට ගනී. ඔවුන් කරන්නේ පාලි සිංහලට පරිවර්තනය වන විට වැරදීම් වී ඇතැයි කියා තමන්ගේ ක්ර‍මයට පාලි අර්ථ දැක්වීමයි. එහෙත් පාලි දැනුමක් ඇති පුද්ගලයෙකුට ඔවුන් කරන රැවටීම ඉතාම හොදින් හදුනාගත හැකි වේ. සුත්ර දේශනා කියවන විට විවිද ධර්ම වචන වල අර්ථ බුදුන් විසින් අර්ථ දැක්වූ අවස්ථා විශාල ගනනක් තිබේ. මොවුන් ඒවාද විකෘති කර බුදුන් විසින් දැක්වූ අර්ථයද විනාශ වන ලෙස අමුතුම ක්රමකට පාලි පරිවර්තනය කරයි

තවත් පිරිසක් සුපිරි දාර්ශනික ලෙස වචනයෙන් විවිද හරඹ දමමින් ධර්මය විකෘති කරයි.
සාම්ප්රදායික ක්‍රමයට නිවන් දකින්න බෑ කියා ධර්මයට ගරහයි. පරම්පරාවෙන් ආ පලියට පොත පතේ තිබු පලියට පිලිගන්නෙපා කියා කාලාම සුත්ර්යේ තිබෙනවා යයි කියා ත්රිපිටකය කෙරෙහි විශ්වාසය නැති කරයි. මේ සියලු දෙනාම මුලින්ම කරන්නේ ඔබගේ ධර්ම ශ්ර‍ද්ධාව නැති කිරීමයි. එවිට ධර්මය දන්නා කෙනෙකු ඔබට සත්ය කියාදුන්නද ඔබ එය පිළිගන්නට මැලිවෙ.
බුදුන්ගේ අවෑමෙන් පසු ශාස්තෘ ලෙස තබාගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ධර්මයයි. ශාසනයේ විනාශය ශාසනය තුලින්ම සිදුවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. බුදුරදුන් එසේ දේශනා කරන්නට ඇත්තේ අනාගතයේ ධර්මය විකෘති කරන්නවුන් දිවැසින් දැකීමෙනි. ධර්මය ලෙස අධර්මය පිළිගෙන අතරමන් වීමෙන් වලකින්න. අද සිටම පාලි ඉගෙනගැනීම, ත්රිිපිටක දේශනා කියවීම, සමථ විදර්ශනා සතිපට්ඨාන වැඩිම ආරම්භ කරන්න****

                                ධර්මය විකෘති කිරීම හා භික්ෂුන්ට නොගැලපෙන ලෙස හැසිරී ශාසනය විනාස කිරීම මනුෂ්යයන්ගේ මට්ටමෙනුත් දෙවියන්ගේ මට්ටමෙනුත් සිද්ධ වෙනවා. එකපාරට පිළිගන්න අමාරු උනාට වසවර්ති මාරයාගේ බලපෑම මේ ධර්මය විකෘති කිරීම් වලට තිබෙනවා. ආනන්ද මෛත්රී හිමියන්ගේ සාකච්චා කියවල තියෙන අය කියවල ඇති උන්වහන්සේ තමන්ගේ අතීත ජීවිතය ගැන කියද්දී පැහැදිලි කරලා තියෙනවා මෛත්රීය බෝධිසත්වයන් හා සක්‍ර දෙවියන් මනුෂ්ය ලෝකයේ බුදුදහම රැකීම සඳහා කාලෙන් කාලෙට විවිද දෙවිවරුන්ව මනුෂ්ය ලෝකයට එවනවා. අනගාරික ධර්මපාල තුමා, ආනන්ද මෛත්රී හිමියන් , ඕල්කට් තුමා ඒ වගේ කීප දෙනෙක්.
                              මේ වගේම දෙයක් මාරයාත් කරනවා. බුදුදහම විනාස කිරීමට තමන්ගේ ගෝලයන් මාරයා මනුෂ්ය ලෝකයට එවනවා. ඊට අමතරව මනුෂ්ය ලෝකයේ ඉන්න මිනිස්සුන්ව මාරයා තමන්ගේ බලපෑමට අයත් කරගෙන බුදුදහම විකෘති කරනවා.
ඒ වගේම මනුෂ්ය මට්ටමෙන් අන්යාගමිකයන් හා අදේවවාදීන් (Aesthetics) හා විද්යාව කරපිනාගත් විද්යා්ඥයනුත් බුදුදහම විනාස කරන්න ngo වලින් මුදල් එවනවා. මේ විදියට මනුෂ්ය හා අමනුෂ්යය උදවු වලින් ලංකාවේ බුදුදහම මේ වනවිට විකෘති කරමින් ඉන්න ප්රධානම පුද්ගලයන් දෙන්න තමයි පිටිදුවේ සිරිධම්ම (සමන්තභද්ර) හා මීවනපලානේ සිරිධම්මාලංකාර කියන දෙන්නා.

                              තව ගොඩක් අය ධර්මය විනාස කරමින් හිටියත් මේ දෙන්නා තමයි අතිසුක්ෂම විදියට මොලේ පාවිච්චි කරලා ධර්මය විකුර්ති කරන්නේ. සිරිධම්ම ධර්මය නොදන්නා බුද්ධිමත් මිනිස්සුන්ව අල්ලගන්නවා සිරිධම්මාලංකාර ධර්මය නොදන්නා නුගත් කට්ටිය අල්ලගන්නවා. වර්ග දෙකේ කට්ටිය අල්ලගන්න දෙන්නා විදි 2ක් පාවිච්චිකරනවා.

                            පිටිදුවේ අල්ලගන්නේ බුද්ධිමත් ඒ උනාට ධර්මය නොදන්න භාවනා නොකරන මිනිස්සුන්ව. මොකද ඉගෙනගත්ත බුද්ධිමත් මිනිස්සු තර්ක වලට දාර්ශනික කතා වලට කැමතියි. ඔහේ තියෙන එකම කියන්නේ නැතුව වෙනස් කොනෙකින් විග්‍රහ කරනකොට අලුත් විදියකට කියනකොට බුද්ධිමත් අය  ඒවාට ඇදිලා යනවා. පිටිදුවේ ධර්මය විකෘති කරලා විග්රහ කරන්නේ සුපිරි දාර්ශනික විදියට. ධර්මය හොදට ප්රගුණ නොකරපු කෙනෙක්ට එකපාරට ඒක ඇත්ත ධර්මයද නැද්ද කියල අදුරගන්න බෑ. ඒවා අහනකොට හිතෙන්නේ මේක තමයි ඇත්තම ඒක කියල. එකයි පිටිදුවේ ගාව ඉන්න අය  fb එකේ තර්ක කර කර අනිත් අයව පරද්දන්නේ. පිටිදුවේ බන කියන්නේ ලොජික්ස් වලින් .බන වලින් උගන්නනවා එයාගේ ගෝලයන්ටත් හොදට තර්ක කරන්න. බන විදියට තමන්ගේ ගෝලයන්ට තර්ක කරන්න පුළුවන් වෙන පොයින්ට්ස් කියල දෙනවා. අහන අය දන්නේ නෑ පිටිදුවේ තමන්ගේ ඔලු කාලා හමුදාවක් හදාගන්නවා කියල. පිටිදුවේ කරන්නේ බොරුවක් කියල අදුරගන්න තියෙන හොදම විදිය එයා  කියන ඒවා ත්රිිපිටකේ තියෙන විදිය බලන එකයි භාවනා කරන එකයි. ගොඩක් වෙලාවට සුත්රේ නමත් එක්කම කිවුවට කියන්නේ තියෙන ඒක නෙවෙයි ඒක තමන්ගේ විදියට එඩිට් කරලා. ඒ බන වල බුදු බන වල ස්වභාවය නෑ. කෙලෙස් නිවෙන ස්වභාවය නෑ. අහුවම හිත නිකන් පිරිලා යනවා වගේ වෙනවා අහන වෙලාවට.හැබැයි දීර්ඝ කාලින බලපෑම විදියට වෙන්නේ මාන්නේ ඇවිස්සෙන එක, තර්ක කරන්න යුද්ද කරන්න ඕනි වෙන ඒක, ත්රිපිටයකට අනිත් හාමුදුරුවරුන්ට ගරහන්න ඕනි වෙන ඒක. ඒවා කරලා එයා කරන්නේ මිනිස්සු බුදු බන, ත්රිපිටකය, ඇත්ත ධර්මය, විදර්ශනා පිළිගන්නේ නැති කරන ඒක. ඒවාට සාම්ප්ර‍දායික දේවල් කියල ගරහනවා. එතකොට ගෝලයෝ ඇත්ත ධර්මය විමසන්නේ නැතුවම ප්රතික්ෂේප කරනවා.


                                              මිනිස්සු විකෘති ධර්ම වලට අහුවෙන්නේ සත්‍ය ධර්මය අසත්‍ය ධර්මය මනින මිම්මක් තමන්ගේ හිතේ නැති නිසා. ධර්මයේ සත්‍ය අසත්‍ය බව මනින මිම්ම ,උපකරණය ඇතිවෙන්නේ ධර්මය අහලා කියවලා සමථ විදර්ශනා සතිපට්ටාන ප්‍රගුණ කරාම ඇතිවෙන ඥාන මගින්. ප්‍රගුණ කරලා නැත්තන් අඩුමගානේ හොදට ධර්මය පරිශීලනය කරලවත් තියෙනවනම් සත්‍ය අසත්‍ය තරමක් දුරකට වෙන් කරගන්න පුළුවන්. ලංකාවේ නමට බෞද්ධයෝ කරන්නේ සත්‍ය ධර්මය ඇහෙනකොට නිදාගෙන ඉදලා අලුත් ලස්සන බොරුවක් ඇහෙනකොට ඒක පස්සේ යනවා. ගිහින් තමන්ගේ පෘතග්ජන මෝඩ සංකල්ප වලට ගැලපෙන විදියට සත්‍ය අසත්‍ය තීරණය කරනවා මිසක් ධර්මයට අනුකුලව සත්‍ය අසත්‍ය වෙන් කරන්නේ නෑ. මොකද එයාලා ගාව සත්‍ය අසත්‍ය ධර්මය වෙන් කරලා හඳුනාගන්න මිම්ම නෑ. ධ්යානයකින් හෝ විදර්ශනා ඥානයකින් හෝ අඩුම තරමේ ධර්ම දැනුමකින් ලබාගත්ත ඥානයක් නෑ.

අමාදහරෙන් මතු උන සිරිධම්ම
                                      පිටිදුවේ සිරිධම්ම ඉස්සෙල්ලාම පටන්ගත්තේ අමාදහර දහම්සභාවේදී සෙන් කතා කියන එක. අවුරුදු දෙක තුනක් තිස්සේ එයා ලාවට සෙන් කතා ,මහායාන අදහස් පැතිරෙව්වා. ඊට පස්සේ ලොකුවට වැඩේ පටන්ගත්තා ලෝකේ ද්විත්වයක් තියෙනවා,එකෙන් මිදිලා ත්රිත්වයක් තියෙනවාකියල. මෙයාගේ බන මම ඒ කාලේ ඉදලම ඇහුවා.මොකද සාමාන්යේ හාමුදුරුවන්ට වඩා සුපිරි මොලයක් සිරිධම්මට තියෙනවා. මෙයා කැම්පස් ගිහින් Molecular genetics උපාධියක් ලබාගත්ත කෙනෙක්. අනිත් අය නොදකින පැති වලින් මෙයා විග්රහ කරනවා. තාර්කික විදියට දාර්ශනික විදියට පැහැදිලි කරනවා. ඒ හින්දා ඒ කාලේ ඉදන්ම ඉගෙනගත්ත බුද්ධිමත් මිනිස්සු හා නවීන පොෂ් මිනිස්සු මෙයාගේ බන අහන්න කැමති උනා. සෙන් කතා වල තියෙන හිත පිරිලා යන ප්ර්මෝදයට පත්වෙන ගතිය මෙයාගේ බන කියන ශෛලියේ තියෙනවා. හැබැයි සෙන් කතා වගේම මෙයාගේ බණත් පපඩම් ටයිප් එකේ ඒවා. ලොකුවට පිම්බිලා හොදට රහට එනවා. හැබැයි ඇතුල හිස්. සෙන් කතා වල හරිම සුපිරි දාර්ශනික විදියට වචන ගලපලා තියෙනවා.දාර්ශනික අදහස් තියෙනවා. ඒ උනාට ඒවායේ සත්ය ධර්මයේ පණිවිඩය නෑ. බුදු බන ස්වභාවයක් නෙවෙයි ඒවායේ තියෙන්නේ ඇරිස්ටෝටල්, ප්ලේටෝ වගේ පෘතග්ජනයන්ගේ අදහස් වල ස්වභාවය. පිටිදුවේගේ බණත් ඒ වගේමයි. ලොකුවට පුම්බලා දාර්ශනික විදියට විද්යායත්මක විදියට කිවුවට සත්ය  ධර්මය නෙවෙයි. හොදට ධර්ම දැනුමක් තියෙන හා විශේෂයෙන්ම සමථ හා විදර්ශනා භාවනා වඩලා ප්‍රායෝගික අත්දැකීම් තියෙන හා හොද තාර්කික හැකියාවක් තියෙන කෙනෙක්ට ඇර වෙනත් කෙනෙක්ට සිරිධම්මගේ විකෘති කිරීම අල්ලගන්න බෑ. ලංකාවේ ඉන්න බහුතරය මොන ජාතියේද කියල කියන්න දෙයක් නෑනේ. හාමුදුරුවෝ කියන එකට සාධු කියනවා ඇරෙන්න භාවනා කිරිමක් ධර්මය හැදෑරීමක් ත්රිපිටක දේශනා කියවීමක් නෑ. ඒ වගේ අය අනිවාර්යෙන් මෙයාගේ බොරු වලට අහුවෙනවා. එයාල අහුවෙන ඒක පුදුමයක් නෙවෙයි හොඳ ධර්ම දැනුමක් තියෙන කෙනෙක් උනත් මෙයාට අහුවෙනවා විදර්ශනා වඩලා අත්දැකීම් නැත්තම්.

                                     පිටිදුවේ තමන් සෝවාන් වෙලා කියන්න පටන්ගත්ත කාලේ කලේ ත්රිත්වයේ කතාව පතුරවන්න හදපු එක. ඒක මහායානයේ ප්රසිද්ධ කතාවක් නිසා කට්ටිය අදුරගත්තා මෙයා මහායානය පතුරවන ngo කාරයෙක් කියල. ඒ හින්දා ලොකු විරෝධයක් ඇවිත් මෙයාව කැපිලා ගියා. එකෙන් එයා දැනගත්තා අලුත් දෙයක් දාලා මේක විකෘති කරන්න අමාරුයි කියල.  ඒක හින්දා තමන් රහත් උනා කියපු කාලේ ඉදන් මෙයා කලේ අලුත් කතා කියන්නේ නැතුව ත්රිපිටක දේශනා අරගෙන ඒවා කියනවා වගේ පටන් අරගෙන ටිකක් වෙලා ගිහින් නොතේරෙන්න බන පැත්තක දාලා තමන්ගේ දාර්ශනික කතා කියල ධර්මය විකෘති කරන එක.

ඔක්කොම කරලා බැලුව කිවුවට එකක්වත් කරලා නෑ
                                       සෝවාන් උනා කියන කාලේ ඉදන්ම සිරිධම්ම ඇත්ත ධර්මයට ත්රිපිටකයට නිවැරදි භික්ෂුන්ට පහර ගහල ඒවා වැරදියි තමන් කියන ඒක හරියි කියන්න පාවිච්චි කරපු වාක්ය ටිකක් තියෙනවා. සාම්ප්රදායික විදියට නිවන් දකින්න බෑමම ඕව ඔක්කොම කරලා බැලුවා , හැම පන්සලටම හැම ආශ්රමයකටම ගිහින් බැලුවා වැඩක් උනේ නෑකියන කතාව. මෙයා කියන්නේ බුද්ධ ධර්මයේ තියෙන ත්රිපිටකයේ තියෙන විදර්ශනා භාවනා කළා ඒවයෙන් වැඩක් උනේ නෑ ප්රතිපල නෑ කියල. එහෙම කියන එකෙන් කරන්නේ ත්රිපිටකය ගැන ඒ කියන්නේ ධර්මය ගැන ශ්ර්ද්ධාවනැතිකරන එක. සිරිධම්ම හැම එකම තියා එක භාවනවක්වත් කරලා නෑ. අඩුමගානේ එකක්වත් කරලා තියෙනවනම් සෝවාන් වෙන්න ලං වෙනකොට සෝවාන් නොවුනත් විදර්ශනා ඥාන ඇතිවෙනවා. ඒවා නිසා සාමාන්ය මට්ටමට වඩා අනිත්ය දුක්ඛ අනාත්ම ගති තේරෙනවා. එතකොට තමන්ට තහවුරු වෙනවා මේක නිවැරදි මාර්ගය කියල. ලංකාවේ ඕනෑතරම් ආශ්රම අසපු පන්සල් වල හරි භාවනා පුරුදු කරන තැන තියෙනවා. පෝය දවස් වලට විතරක් කරන ඒවා, සතියක් විතර නේවාසිකව කරන ඒවා, මාසයක් විතර නේවාසිකව කරන ඒවා වගේ විවිද තැන් තියෙනවා. දවසක් විතරක් කරලා විදර්ශනා ඥාන දියුණු කරගන්න පුළුවන් භාවනා තමයි ධම්මානුපස්සනාව, අසුභය වගේ භාවනා. මහමෙව්නා අසපු වල ඒ වගේ භාවනා කරනවා. චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව වගේ භාවනා දවසින් කරන්න බෑ මොකද ඒවායේදී හිත ගොඩක් සියුම් කරනවා ඉතාම සියුම් සංවේදනා ඉතාම සියුම් සිතුවිලි අදුරගන්න පුළුවන් වෙන විදියට. වේදනානුපස්සනාව සාමාන්යයෙන් අපි දන්නේ සැප දුක් උපේක්ෂා වේදනා ගැන සිහියෙන් ඉදීම කියලා. එත් ඒක ගොඩක් ගැඹුරට වඩනවා සියලු සංවේදනා දැනෙන මට්ටමට. වේදනානුපස්සනාව ගැඹුරට වැඩුවම තමන්ගේ නහර වල ලේ යන ඒක පවා දැනෙනවා, මැස්සෙක් ලගින් යනකොට ඒ සද්දෙට කර්ණපටහ පටලය කම්පනය වීම පවා දැනෙනවා. අපිට නිත්‍ය දෙයක් තියෙනවා වගේ පෙනන්නේ අපේ මනසේ හා කයේ වෙනස් වීම් දකින්න තරම් හිත වේගවත් නැති නිසා සියුම් නැති නිසා. චිත්තානුපස්සනාව හා වේදනානුපස්සනා භාවනා ගැඹුරට කලාම සිතුවිලි වෙනස් වෙන වේගය දකින්න පුළුවන් වෙනවා. අපි කයේ අනිත්‍ය තේරුම්ගන්නේ වයසට යාම ලෙඩ වීම වගේ දේවල් වලින් .එත් විදර්ශනා ගැඹුරට වැඩුවාම අපේ ශරීරයේ සෛලීය මට්ටමේ වෙනස් වීම් පරමාණුක මට්ටමේ වෙනස් වීම් පවා පෙනෙන්න ගන්නවා. මේවට තමා රූප කලාප ඇතිවෙනවා නැතිවෙනවා පෙනෙනවා කියන්නේ. මේ තත්වයට ආවම මනුස්සයෙක් දිහා බැලුවත් එතන පුද්ගලයෙක් ඉන්නවා වගේ පෙනෙන්නේ නෑ එයාගේ ශරීරයේ පරමාණුක මට්ටමේ වෙනස් වීම් සිදු වේවි තියෙන හිසේ සිට පතුලට වෙනස් වීම් පිරුණු නිතරම වෙනස් වේවි තියෙන පංච උපාදානස්කන්ධයක් පෙනෙන්නේ. මේක හිතින් මවාගත් මායාවක් නෙවෙයි. හිතේ දියුණු බව නිසා සාමාන්‍ය ඇසට හා හිතට දකින්න බැරි තරම් වේගවත් ක්‍රියාවලි දැකීමේ හැකියාවක් ඇතිවෙනවා. මේ  වගේ ඉතාම ගැඹුරට පුරුදු කරනවා කොස්ගම ධම්මසෝභාව, අනුරාධපුර ධම්මකුඨය වගේ නේවාසික භාවනා වැඩසටහන් වලදී. මේ වගේ තව තැන් ඕනෑතරම් තියෙනවා ලංකාවේ. ඒවා ගැන සාමාන්ය් මිනිස්සු දන්නේ නැත්තේ ඒවා හොයන්නේ නැති නිසා. ධ්යාන ලබාගන්න මාර්ගඵල ලබාගන්න සත්ය උවමනාවක් තියෙන අය හොයාගෙන යනකොට මේවා හම්බවෙනවා. මේ තැන වලට අධිගෘහිත දෙවිවරු සත්ය  උවමනාවක් තියෙන අය මේවට ආකර්ෂණය කරගන්නවා. සිරිධම්ම මේව ගැන අහලවත් නෑ දන්නෙවත් නෑ. හැබැයි හැම එකම කළා හැමතැනටම ගියා කියනවා මිනිස්සු ඉස්සරහ තමන්ට පොර වෙන්න උවමනාවට හා ඇත්ත ධර්මයට ඇත්ත භාවනාවට පහර ගහල මිනිස්සු ඒවාට යන ඒක නවත්තල තමන් ගාව රඳවාගන්න. මොකද ඇත්ත ධර්මය ඇහුවොත් ඇත්ත භාවනා කලොත් මිනිස්සු දැනගන්නවා මෙයාගේ බොරුව. පිටිදුවේ සමථ විදර්ශනා සතිපට්ඨාන මුකුත්ම කරලා නෑ.හැබැයි කියනවා ඒවා කළා.ත්‍රිපිටකේ තියෙන විදියට කලාට කිසි ප්රිතිපලයක් ලැබුණ නෑ අලුත් විදියක් අලුත් එකක් හම්බුනා එකෙන් තමයි රහත් උනේ කියල. ගෝලයෝ ටික ඒක ඇත්ත කියල එහෙම්මම පිලිගන්නවා මිසක් සමථ විදර්ශනා සතිපට්ඨාන කරලා බලන්නේ නෑ. අනිත් පන්සල් අසපු වලට ගිහින් බලන්නේ නෑ.


ධර්මයට ගැරහීම
                                       අනිත් කාරණේ තමයි සිරිධම්ම ඒ කාලේ ඉදන්ම ධර්මයට ගරහනවා පොත් වල තියෙන ඒවා කියල වැඩක් නෑ, ධර්ම දානය කියන්නේ තමන්ගේ අත්දැකීම් කියන ඒක ,මිසක් පොතේ තියෙන ඒවා කියන ඒක නෙවෙයි, ” කියල. පොතේ තියෙන ඒවා , සම්ප්රකදායික ඒවා කියල මේ ගරහන්නේ නිර්මල ධර්මයට. බුදුරජාණන් වහන්සේ  පිරිනිවන් පාන්න පෙර ආනන්ද හාමුදුරුවන්ට කිවුවේ තමන් වහන්සේගේ ඇවෑමෙන් පසු ශාස්තෘ ලෙස ධර්මයතබාගන්න කියල මිසක් භික්ෂුන්ව ශාස්තෘ කරගන්න කියල නෙවෙයි. එතකොට මේ සිරිධම්ම ගරහන්නේ බුදුන් ශාස්තෘ ලෙස තබාගන්න කියපු ධර්මයට. ධර්මයට ත්රිිපිටකයට ගරහන්නේ මිනිස්සුන්ගේ ශ්රද්ධාව විශ්වාසය නැති කරන්න. එතකොට මිනිස්සු ඇත්ත ධර්මය පිළිගන්නේ නෑ, ඇත්ත ධර්මය ගවේෂණය කරන්න ත්රිපිටකය පරිශීලනය කරන්නේ නෑ. එතකොට මිනිස්සු ඇත්ත ධර්මය දන්නේ නැති හින්දා ලේසියෙන්ම පිටිදුවෙට මිනිස්සුන්ව රවට්ටන්න පුළුවන්. පිටිදුවේ ත්රිපිටකයට හා වෙනත් භික්ෂුන්ට ගරහන හේතුව මේකයි. බුදුන් පරිනිර්වනේදී දේශනා කලේ අනාගතේ සිරිධම්ම කියල කෙනෙක් පහල වෙනවා මගෙන් පස්සේ එයාව ශාස්තෘ ලෙස තබාගන්න කියල නෙවෙයි මාගේ ධර්මය ශාස්තෘ ලෙස තබාගන්න කියල . සිරිධම්ම බන පටන්ගන්නකොටම ගරහන්නේ බුදුන් ශාස්තෘ ලෙස තබාගන්න කියපු ධර්මයට ත්රිිපිටකයට.
බන කියනකොටත් බුදු බණෙන් පටන් අරන් මැදදී ට්රැක් ඒක මාරු කරනවා තමන්ගේ බයිලා කියන්න.
බන පටන්ගන්නකොටම බොරුවක් කියනවා ධර්ම දානය යනු පොතේ තියෙන ඒවා කියන ඒක නෙවෙයි තමන්ගේ අත්දැකීම් කියන එකලු. එහෙම කියල මොන බුද්ධ දේශනාවකවත් නෑ. පටන් ගන්නකොටම බොරුවක් කියල මිනිස්සුන්ගේ ඔලුවට දානවා ත්රිපිටකයේ තියෙන ඒවා පිලිගන්නෙපා ත්රිපිටක දේශනා කියන අයව පිලිගන්නෙපා මන් කියන ඒවා පිළිගන්න කියල



පටිසෝතගාමී වචනය විකෘති කරපු හැටි
සිරිධම්ම හැමවෙලේම කියනවා සත්යාවබෝධ කරපු අය පටිසොතගමියි, සම්ප්රදායට වෙනස්, අනිත් අය කරපු දේවල්ම කරන්නේ නෑ කියල. එහෙම කියන්නේ තමන් කරන වැඩ ටික රහතෙක්ගේ වැඩ වගේ වචනයෙන් මවල පෙන්නන්න. සිරිධම්ම ධර්මය විකෘති කරන නිසා ඇත්ත ධර්මය නොකියා වෙනත් දේවල් කියන නිසා ඇත්ත භික්ෂුවකට නොගැලපෙන වැඩ කරන නිසා ඒක සාධාරණිකරණය කරන්න එයා කියනවා සත්යාවබෝධ කරපු අය පටිසොතගමියි ඒ හින්දා සාම්ප්රදායික විදියට වැඩ කරන්නේ නෑ වෙනස් විදියට වැඩ කරනවා කියල. පටිසෝතගාමී කියන එකේ තේරුම ඒක නෙවෙයි. පිටිදුවේ කරන්නේ තමන්ගේ විකෘතිය විකෘතියක් නෙවෙයි කියල අගවන්න ධර්මයෙන්ම වචන අරන් පෙන්නන එක. පටිසෝතගාමී කියන්නේ ගංගාවක මුහුදක ජලය ගලායන පැත්තටම ගහගෙන යන්නේ නැතුව උඩුගන් බලා පීනන එක. ඒක යොදල තියෙන්නේ සංසාරය ගලාගෙන යන පැත්තටම නොයා සංසාරේ නැවත නැවත ඉපදෙමින් පැවැත්මට නොයා රාග ද්වේශ මෝහ සැඩ පහරවල් වලට හසු නොවී ඒවාට විරුද්දව වැඩ කරනවා, සංසාර පැවැත්මට විරුද්දව වැඩ කරනවා කියන අර්ථයෙන්. පටිසෝතගාමී කියන්නේ මොකක්ද කියල බුදුරජාණන් වහන්සේ හා රහතන් වහන්සේලා අර්ථ දක්වපු දේශනා ත්රිපිටකයේ තියෙනවා. මේ තෙරුමටයි පටිසෝතගාමී කියන්නේ. නැතුව සමාජේ තියෙන දේවල් වලට සම්ප්රදායික දේවල් වලට විරුද්දව වැඩ කරන එක නෙවෙයි. 

අනිත් අය කවුරුවත් පරික්ෂා කරලා නෑලු  
පිටිදුවේ කියනවා හැමෝම පොත් වල තියෙන ඒවා කියනවා. පොත් වල තියෙන ඒවා පරික්ෂා නොකර අත්හදා බලන්නේ නැතුව කියනවා කියල. මෙතනත් මෙයා මවල පෙන්නනවා ත්රිපිටක දේශනා කියන අය ප්රතිපදාව වඩන්නේ නෑ භාවනා කරන්නේ නෑ ඒකයි ඒවම කියන්නේ තමන් කරලා බැලුවනම් පොත් වල තියෙන ඒවා කියන්නේ නෑ කියල. ඇත්ත ඒක නෙවෙයි ඕනෑතරම් ස්වාමින් වහන්සේලා සමථ, විදර්ශනා, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සප්ත බොජ්ජංග ආදී බුදුන් කරන්න කියල දේශනා කරපු සියල්ලම වඩනවා. ඒවා කරලා ප්රතිපල අත්කරගෙනත් තියෙනවා. එහෙම තියෙද්දිත් ත්රිපිටක දේශනාම කියන්නේ ප්රතිපදාව වඩද්දීත් අත්දකින්න ලැබෙන්නේ දේශනාවේ තියෙන දේවල්ම නිසා. ත්රිපිටක දේශනා ඇත්ත නිසා. පිටිදුවෙට බුද්ධ දේශනාවේ තියෙන දේ ඇර වෙනත් දෙයක් කියන්න ඕනි නිසා තමයි එයා හැමවෙලේම කියන්නේ ත්රිපිටක දේශනා කරන අය ඒවා කරන්නේ නෑ ප්රයෝගිකව පුහුණු කරලා නෑ කියල. ත්රිපිටක දේශනා ප්රයෝගිකව පුහුණු කලාම අමුතු දෙයක් ලැබෙන්නේ නෑ දේශනාවේ තියෙන දේවල්මයි අත්දකින්න ලැබෙන්නේ. ඒ හින්දා දේශනාවම අනිත් අයට කියල දෙනවා මිසක් අමුතුවෙන් මුකුත් කරන්න ඕනි නෑ.මොකද බුදුන් දේශනා කරපු ධර්මයේ අඩුපාඩු නෑ . ධර්මයේ ගුණ වලින් ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ කියන්නේ බුදුන් විසින් මුල මැද අග අඩුපාඩු නොමැතිව, අර්ථ සහිතව ව්යං්ජන සහිතව දේශනා කළා කියන අර්ථයෙන්. ධර්මයේ තියෙන දේවල් කරලා ප්රථතිපල අත්දක්කම ධර්මයේ තියෙන දෙයක් ඇර වෙනත් දෙයක් අත්දකිනවානම් ඒ කියන්නේ ධර්මය ස්වාක්ඛාත නෑ කියන එක. පිටිදුවේ වටෙන් පිටෙන් කියන්නේ ධර්මයේ අඩුපාඩු තියෙනවා ඒ හින්ද ත්රිපිටක දේශනා කරලා කවුරුවත් ප්රතිපල අරගෙන නෑ අරගත්තනම් හම්බුනා කියල ලෝකෙටම කියනවා කාටවත් ප්රතිපලයක් නැති හින්ද ත්රිපිටක දේශනාම කියනවා හා,පිටිදුවෙට උනා වගේ ප්රතිපල ලැබුණානම් ත්රිිපිටක දේශනා කියන්නේ නෑ කියන එක. ඇත්ත ඒක නෙවෙයි ත්‍රිපිටක දේශනා කියවල ඒවා කරලා බලල ධ්‍යාන මාර්ගපල ලබපු අයත් ඒවම කියන්නේ ශ්‍රද්ධාව නිසා. දේශනාවේ තියෙන දේවල් කරලා ප්‍රතිපල ලැබුනම තමන්ට බුදුන් ගැන බුද්ධ දේශනාව ගැන නොසැලෙන ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. ඒ ශ්‍රද්ධාව ඇතිවෙන්නේ විදර්ශනා වැදීමෙන් ඇති වුනු ප්‍රඥාව නිසා. කාටහරි ඇත්තටම විදර්ශනා ඥාන මාර්ගපල ලැබුණානම් එයාව අදුරගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණය තමයි එයාගේ ප්‍රඥාව තරමටම ශ්‍රද්ධාව තියෙන ඒක. බුද්ධ දේශනා කියවනකොට බුද්ධ කාලේ හිටපු රහතන් වහන්සේලාගේ මේ ලක්ෂණය ඉතාම හොදට දකින්න ලැබෙනවා. බුද්ධ දේශනා ප්‍රයෝගිකව කරලා තමන්ටම අත්දකින්න ලැබෙනවා මේ නොසැලෙන ශ්‍රද්ධාව ඇති වීම. ශ්‍රද්ධාව තියෙන කෙනා කවදාවත් බුද්ධ දේශනාවට ගරහන්නේ නෑ විකෘති කරන්නේ නෑ බුද්ධ දේශනාව යට කරලා තමන්ගේ දේශනාවක් කියන්නේ නෑ. මොකද ඒ ශ්‍රද්ධාව අමුලිකා ශ්‍රද්ධාවක් නෙවෙයි ඔහේ පිළිගන්න නිසා පිළිගන්න ශ්‍රද්ධාවක් නෙවෙයි විදර්ශනා වඩලා විදර්ශනා ඥාන ඇතිවෙලා මාර්ගපල ලැබිලා ඇති උන ආකාරවතී ශ්‍රද්ධාවක්.
චායාරුපය අන්තර්ජාලයෙන් උපුටගත්තකි

ඇත්ත කියන නිසා මට බනිනවා ලු
පිටිදුවේ තමන්ගේ ධර්ම විකෘති කිරීම් වහගන්න කරන තව දෙයක් තමයි තමන්ට විරුද්ධ වෙන්නේ පිනට කකා ඉන්න අය, කෑම බිම පිරිකර නැතිවෙනවට බය අය කියල මිනිස්සුන්ගේ ඔලුවට දාන එක. මෙයා මිනිස්සුන්ගේ ඔලුවට දානවා මෙයා ඇත්ත ධර්මය කියනවා, ඇත්ත ධර්මය හරිම වෙනස් , අනිත් හාමුදුරුවරු කවුරුවත් ඇත්ත ධර්මය දන්නේ නෑ එයාල හැමෝම නිකන් ඉන්නවා විතරයි, සාමාන්ය දේට වඩා වෙනස් දේ තමා ඇත්ත, ඒ ඇත්ත කියන නිසා සාමාන්ය දේට කැමති අය මෙයාට විරුද්ද වෙනවා කියල. ඇත්ත කතාව ඒක නෙවෙයි ඇත්ත ධර්මය තමයි දැනට තියෙන ධර්මය. මෙයා කරන්නේ විකෘති බණක් කියන එක. ඇත්ත ධර්මය දන්න අය පිටිදුවේ ධර්මය විකෘති කරන බව දැනගෙන ඒකට විරුද්ද වෙනවා මිනිස්සු මුලා වෙන ඒක නවත්තන්න. සාම්ප්රදායික මිනිස්සු මට විරුද්ද වෙනවා කියල මෙයා කියන්නේ තමන් ධර්මය විකෘති කරන එකට ඇත්ත ධර්මය දන්න අය විරුද්ද වෙන එක සාධාරණිකරණය කරගන්න.
තව බොරුවක් කියනවා සත්ය කියන කෙනාට හැමෝම විරුද්ද වෙනවා, සන්නාහ අරගල කරනවා,බුදුන්ටත් එහෙම කළා කියල. එහෙම මුකුත් උනේ නෑ. මේ කරන්නේ තමන්ට විරුද්දව මිනිස්සු වැඩකරන ඒක සාධාරණිකරණය කරගැනීම බුදුන්ටත් එහෙම උනා කියල බොරුවක් කියල.ඒ උනාට එහෙම දෙයක් බුදුන්ට උනේ නෑ. ඒවාට උදාහරණ විදියට කියන්නේ දේවදත්ත අලි එවපු එක, බ්රාහ්මණ ගමකට පිඬු සිඟා වඩිනකොට වතුර ලිඳකට පිදුරු දාපු එක වගේ ඒවා . ඒවා සන්නාහ අරගල නෙවෙයි පුද්ගලික තරහවල්. පිටිදුවෙට මිනිස්සු විරුද්ද උන විදියට බුදුන්ට මිනිස්සු විරුද්ද උනේ නෑ

පිටිදුවේගේ තව හොද කපටි ට්රික් එකක් තියෙනවා. පිටිදුවේ ධර්මය විකෘති කරනකොට ඒක විකෘතියක් වගේ නොපෙනෙන්න ධර්මයෙන්ම වචනයක් අරන් පැලැස්තරයක් ගහනවා. හැබැයි හොයල බැලුවම ඒ වචනේ එතනට අදාලත් නෑ ඒ වචනේ තියෙන්නේ එයා කියන තේරුමත් නෙවෙයි. ධර්ම දැනුමක් නැති මිනිස්සු මේ වචන වලට අහුවෙනවා මොකද ඒවායේ ඇත්ත තේරුම නොදන්නා නිසා. ධර්මයේ තියෙන වචනයක්ම ගෙනත් දාන හින්දා ඒක විකෘතියක් කියල අදුරගන්න බෑ. පටිසෝතගාමී වචනෙත් ඒ වගේ යොදාගන්න එකක්.

දාර්ශනික පපඩම්
පිටිදුවේ හැමවෙලේම ධර්මය වගේ පේන්න ධර්මය නොවෙන දාර්ශනික කතා කියනවා.
සත්යාවබෝධ කරපු අය සම්ප්රදායික නෑ
සත්යාවබෝධ කරපු අය කාටවත් ප්රශංස කරන්නේ නෑ
ඇලීමත් අන්තයක් නොඇලිමත් අන්තයක් ඒ ද්විත්වයෙන් මිදිලා අලෙන්නෙත් නැතුව නොඇලෙන්නෙත් නැතුව ඉදීමයි නිවන
ලෝකයේ අන්ත දෙකක් තියෙනවා ඒවයෙන් මිදුන තුන්වෙනි ස්වභාවය තමයි නිවන
සියල්ල අත්හැරිය පුද්ගලයාට සියල්ල ලැබේ
බුදුදහම යනු සියලු දේ අත්හැරීම නොව සියලු දේ අත්හැරෙන බව දැන ජිවත් වීමයි

මේ වගේ ධර්මයේ නැති දේවල් කියල හා ධර්මයේ තියෙන දේවල් විකෘති අදහසක් එන විදියට  කියල මෙයා කරන්නේ තමන් රහත් කියල ඔප්පු කරන්න සාක්ෂි දෙනවා වගේ දෙයක්. දාර්ශනික වදන් වලින් මෙයා අගවනවා මෙයා රහත් මෙයා කියන්නේ හරි ධර්මය කියල. මෙයා කාටවත් ප්‍රශංසා නොකරන හින්ද මෙයා කියනවා රහතන් වහන්සේලා කාටවත් ප්‍රශංස කරන්නේ නෑ. මෙයාට ඇත්ත ධර්මය දන්න මිනිස්සු බනින හින්ද මෙයා කියනව සත්ය  දේශනා කරන අයට හැමදාම සම්ප්රදායික මිනිස්සු බනිනවා කියල. මේ වගේ මෙයා කරන වැඩ හෝ මෙයාට වෙන දේවල් දාර්ශනික විදියට කියනවා ඒවා රහතන්ගේ ලක්ෂණ කියල. රහතන්ගේ ලක්ෂණ විදියට ඇත්ත ධර්මයේ ලක්ෂණ විදියට බොරු ටිකක් හදල තමන්ට වෙන දේවල් කියනවා. එතකොට ඒවා අහන මිනිස්සු රහතාව හා ධර්මය තීරණය කරන්නේ මේ බොරු ලක්ෂණ වලට අනුකුලව. රහත් ලක්ෂණ කියල පිටිදුවේ කියන ගති ටික පිළිගන්න මිනිස්සු හිතනවා පිටිදුවේ රහත් කියල. සත්ය ධර්මය දන්නේ නැති මිනිස්සු මේ වගේ දාර්ශනික කතා අහල මෙයා රහත් කියල හිතනවා. මොකද ඒවායේ එකපාරට වැරැද්දක් පෙන්නේ නෑ.
අනික මෙයා කියන සමහර ඒවා මෙලෝ තේරුමක් නෑ. ඒ හින්දා අහන මිනිස්සුන්ට ඒවා තේරෙන්නේ නෑ. තමන්ට තේරෙන්නේ නැති හින්දම මිනිස්සු හිතනවා ඒක ශ්රේෂ්ට ධර්මයක් ,අපිට හිතාගන්නවත් බැරි මේ දේවල් කියන පිටිදුවේ ඇත්තටම රහතෙක් කියල.

පිනට ගැරහීම
පිටිදුවේ කරන තවත් මුලා කිරීමක් තමයි පින වලට ගැරහීම. මල් දහස් ගණන් පුජා කිරීම්, බෝධි වන්දනා, චෛත්‍ය වන්දනා වගේ පින්කම් වලට ගරහල කියනවා ඒවා හිස් වැඩලු. එක මලක් පුජා කරලා හිත හදාගන්න බැරි ඇයි කියල අහනවා. හැබැයි තමන්ගේ ආශ්රමේ තමන්ම මල් එල්ල තමන්ම ඒවා උඩින් ඇවිදිනවා, ආශ්රමේ වටේම මල් වැල් වලින් සරසනවා, උපන්දින වලට ලොකු කේක් කපනවා, තමන්ගේ පිළිම නෙලනවා. තමන් වෙනුවෙන් තමන් කැපිලා පෙන්න ලොකු පින්කම් සැරසිලි කරන ගමන් ගෞරව නොලැබිය යුතු හිස් මිනිහෙක්ට ගෞරවය ලබාගන්න ගමන් රහතන් වහන්සේලාගේ ධාතු වන්දනා කිරීමට අපහාස කරනවා. බුදුරජාණන් වහන්සේ කුසල් කිරීම වගේම පින් කිරීමත් අනුමත කළා. තමන් නැති කාල වලට ආනන්ද බෝධිය වන්දනා කිරීම අනුමත කළා. පිරිනිවනේදී තමන් වහන්සේගේ ධාතුන් ඉතිරිවෙන්න අධිෂ්ඨාන කලේ ධාතුන් වනදනා කිරීමෙන් පවා මිනිස්සුන්ට ලොකු පිනක් වෙන නිසා. ස්ථුප වන්දනා කිරීමෙන් විතරක්ම දෙව්ලොව ඉපදුනු දෙවියන්ගේ විස්තර විමාන වත්ථු දේශනා වල තියෙනවා. පිටිදුවේ මේ දේවල් වලට ගරහල තමන්ගේ අනුගාමිකයෝ අනිත් හාමුදුරුවරුන් කරන පින්කම් වලට ගරහන්න පුරුදු කරනවා. ඒවා ඔහේ පිළිගන්න අසරණයෝ පිනට ගරහල අපාගත වෙන පවු කරගන්නවා.
මම ඇර රහත් උන අය නෑ ලු
සිරිධම්ම තමන්ගේ රහත් කම ඔප්පු කරන්න කියන කතාව තමයි තමන් ඇර මාර්ගපල ලබපු අය රහත් උන අය නෑ ඉන්නවනම් කෝ මෙච්චරකල් ත්රිිපිටක දේශනා වලින් රහත් උන කෙනෙක් හිටියනම් ඇයි රහත් බව ප්රකාශ නොකළේ ,ඇයි නිවැරදි ධර්මය අදුරගත්තනම් අනිත් මිනිස්සුන්ට ඒක කිව්වේ නැත්තේ කියන එක. ලංකාවේ දැනට වනගත වෙලා ඉන්න රහතන් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නවා. ඒ රහතන් වහසේලගෙන් මමත් ඔය ප්රශ්නෙම අහල තියෙනවා. ඒ වගේම මම ඇහුවා මිනිස්සු අතරට ආවනම් මිනිස්සු නොදැනුවත් කමින් හරි දානයක් දුන්නනම් මිනිස්සුන්ට ලොකු පිනක් වෙනවනේ ඇයි එහමවත් එන්නේ නැත්තේ කියලා. උන්වහන්සේලා දීපු උත්තරය රහතන් වහන්සේලා දේශනා කලත් සාමාන්ය කෙනෙක් දේශනා කලත් කියන්නේ එකම බුද්ධ ධර්මය. අවබෝධ කිරීම පදනම් වෙන්නේ දේශකයා මත නෙවෙයි ශ්රවණය කරන්නාගේ කර්ම ශක්තිය හා උවමනාව මත. උන්වහන්සේලා සාංසාරිකව ප්රාර්ථනා කරලා තියෙන්නේ ඉක්මණින් ධර්මය අවබෝධ කිරීම විතරයි එත් ප්රසිද්ධ මගපල නොලබපු ස්වාමින් වහන්සේලා ඉන්නවා ධර්මාවබෝධය වගේම හොඳ ධර්ම දේශකයන් වෙන්න සාන්සරිකව ප්‍රාර්ථනා කරපු අය. එයාල දේශනා කරන දේ මිනිස්සුන්ට ඉක්මනට අවබෝධ වෙනවා කියන ඒක. උන්වහන්සේලාට තමන්ගේ රහත් බව ඔප්පු කරන්න උවමනාවකුත් නෑ. සමාජ සේවා කරන්න උවමනාවකුත් නෑ. කෙලෙස් නැති කරපු රහතන් වහන්සේලාට වගකිමක්වත් යුතුකමක්වත් සමාජ බැදීමක්වත් නෑ. හැබැයි එහෙමයි කියල ගාල කඩාගත්ත හරක් වගේ ඕන ඕන වැඩ කරන්නේ නෑ සංයමයෙන් යුක්තව ඉන්නේ. උන්වහන්සේලා ලෝකය දිහා බලන්නේ සමාජීය කෝණයකින් නෙවෙයි ඊට වඩා ඉහලින් විශ්වීය,කර්මානුරුප කෝණයකින්. ඒ නිසා විශ්වයට විශ්වයේ විදියට ගලන් යන්න දෙනවා මිසක් සමාජ යුතුකම් ගැන හිත හිත ඉන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ධර්මය කියන්නේ සංසාර ගගෙන් එතෙරවෙන්න තියෙන පහුරක් විතරයි එතෙර උනාට පස්සේ ධර්ම පහුර අතැරලා දානවා මිසක් කරගහන් යන්නෙපා කියල.
වනගත රහතන් වහන්සේලා වගේම සාමාන්ය  සමාජයේ ඉන්න රහතන් වහන්සේලාත් සුළු දෙනෙක් වැඩ ඉන්නවා. ඒ වගේම මාර්ගපල ලබපු ගිහියන් වගේම ස්වාමින් වහන්සේලාත් සැලකිය යුතු ප්රයමාණයක් මේ වනවිට ලංකාවේ වැඩ ඉන්නවා. ඒ අයගෙන් බහුතරයකගේ පොදු ලක්ෂණය තමයි ත්රිපිටක දේශනා වල දකින්න ලැබෙන විදියේ විනයානුකුල නිවුණු හුදෙකලා ජිවිත ගත කිරීම. එහෙම නැතුව සිරිධම්ම කියනව වගේ හිතේ කිසි බැදීමක් නෑ ඒ හින්දා ඕන දෙයක් කරන්න පුළුවන් , අනිත් අය වගේ නෙවෙයි හරිම වෙනස්, හරිම උද්යෝගයෙන් ප්රබෝදයෙන් ඉන්නවා වගේ කට්ටියක් නෙවෙයි මාර්ගපල ලබපු අය කියන්නේ. සත්යා්වබෝධ කරපු අයගේ වෙනස් කම් තියෙන්නේ එයාලගේ හිතේ, එයාලගේ ලෝකෝත්තර ජිවිතයේ. ලෞකික ජීවිතයේදී සාමාන්ය  මිනිස්සු අතර ඉද්දි එයාල තමන් වෙනස් තමන් දාර්ශනිකයි තමන් පටිසොතගාමියි ඒ හින්දා අනිත් අයට වඩා වෙනස් සාම්ප්රදායික ක්රමයට වඩා වෙනස් හැමවෙලේම සමාජ මතයට විරුද්දව වැඩ කරනවා කියල පුප්පල පෙන්නන්න හදන්නේ නෑ. සාමාන්‍ය මින්ස්සු අතර එයාල ඉන්නේ සාමාන්ය විදියට.


පිටිදුවේ හැමදාම තමන්ම කියගන්නවා තමන් රහත් තමන් සත්යාවබෝධ කළා තමන් හරි ධර්මය පුරුදු කරලා ප්රතිපල ලැබුවා තමන්ව සොලවන්න බෑ චෝදනා කලාට සැලෙන්නේ නෑ කියල. හැබැයි තමන්ගේ උපන්දින සැමරුම ගැන විස්තර විකෘති කළා කියල අපහාස නඩුවක් දාලත් තියෙනවා. එහෙනම් ඉතින් එයා තුල රහත්කම තියා අටලෝ දහමට කම්පා නොවිමක්වත් තියෙනවද?
news link


පිටිදුවේ රහත් වගේ රඟපෑවට ප්‍රතමධ්යානයවත් නෑ. ඒ නිසා තමයි ඉර්ධි දක්වන්න කිවුවම දාර්ශනික කතා කියල මගාරින්නේ. ඉර්ධියක් දක්වන්න කියල කිවුවම බුද්ධ ධර්මය තියෙන්නේ අවබෝධ කරන්න ,නිගන්ටයෝ පෙළහර ඉල්ලනවා වගේ කතා ටිකක් කියල තියෙනවා.  දාර්ශනික කතා කියල මගාරිනවා විතරයි. රහත් කියල ලෝකෙටම කෑගහල කියපු කෙනා ඉර්ධිය විතරක් හංගන්නේ ඇයි? එකත් කලානම් මිනිස්සුන්ට තව තහවුරු වෙනවනේ? තෙරුම්ගන්නවනම් එකෙන් විතරක්ම තේරුම්ගන්න පුළුවන්.

හැමදාම එකම ජාතියේ බන අහල අලුත් ජාතියේ බණක් ඇහුණාම මිනිස්සු හිතනවා ඒක තමයි ඇත්ත බන කියල. වෙනසකට කැමති නිසා ඒක පිලිගන්නවා. දාර්ශනික විදියට කැටයම් දාල කිවුවම ධර්මය නොදන්නා මිනිස්සු ඒවා පිලිගන්නවා.
වැරැද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ අතේ - බන ඇහුවට පිළිපදින්නේ නෑ, තමන් කරන්න ඕනි දේ කරන්නේ නෑ-සමත විදර්ශනා වඩන්නේ නෑ- ඒ හින්දා ප්රතිපල නෑ ධ්යාන ,විදර්ශනා ඥාන ලැබෙන්නේ නෑ- ඒ හින්දා ඇත්ත ධර්මය හැමදාම ඇහුවත් වැඩක් නෑ. හැමදාම අහන ඇත්ත ධර්මය නැතුව අලුත් ලස්සන බොරු බණක් ඇහුණාම ඒක ධර්මය වෙන්නැති කියල හිතාගෙන ඒක පස්සේ යනවා

මිනිස්සු එකිනෙකාගෙන් වෙනස් වෙන්නේ දෘෂ්ටිය නිසා. එකම පුද්ගලයා උනත් ඒක කාලෙක එක දෘෂ්ටියකුත් තවත් කාලෙක ප්රතිවිරුද්ද දෘෂ්ටියත් දරන්න පුළුවන්. බුදුදහම ගැන විකෘති මත තියෙන අයට වෙලා තියෙන්නේ දෘෂ්ටිය වැරදිලා තියෙන ඒක. ඒ වගේ අය එක්ක වාද කරද්දී පුද්ගලයා එක්ක නෙවෙයි දෘෂ්ටිය එක්කයි වාද කරන්න ඕනි. පුද්ගලයා එක්ක වාද කරන්න ගියොත් කවදාවත් එයා අපි කියන දේ පිළිගන්නේ නෑ. වැරදි දෘෂ්ටිය කඩල දැම්මොත් එයාව නිවැරදි මාර්ගයට ගන්න පුළුවන්. ඒ නිසා පිටිදුවේ සරණ ගිය අයට කරන්න ඕනි වාද කිරීම නෙවෙයි පුළුවන් තරම් අවබෝධ වෙන විදියට තේරුම් කිරීම.

.
"මහණෙනි, මතු උපදිනා අනාගත භය පහකි ! ඔබලා ඒවා දත යුතුයි ! දැන,ඒවා පහ කිරීම සඳහා වෑයම් කළ යුතුයි... !"
මතු කාලයෙහි කය නොවැඩූ,සිත නොවැඩූ,ප්රඥාව නොවැඩූ, භික්ෂූහු ඇතිවෙති.ඔවූහු (එබඳුම වූ) අනුන් උපසම්පදා කරති...ඔවුහු අධිශීලයෙහි,අධිචිත්තයෙහි,අධිප්රඥාවෙහි හික්මවීමට අසමත් වෙති... මෙසේ ධර්මය පිරිහීමෙන් විනය පිරිහෙයි.විනය පිරිහීමෙන් ධර්මය පිරිහෙයි...............
(විනය පිටකය,ආසවට්ඨාණීය ධර්ම)

"මහණෙනි යොදුනක් දුරට හොදින් හඬ පැතිරෙන මහාර්ඝ බෙරයක් ඇත. මෙය වාදනය කරනවුන් බෙරයේ හඬේන් මත් වෙයි. හොදින් හඬ නැගෙන බෙරයේ අයිතිය තමන්ට ලබාගැනීමට තමන්ගේ නම යෙදු ඇන බෙරයේ හමෙහි ගසයි. ඇණ ගසන ගසන වාරයක් පාසා බෙරයේ හඬ බාල වේ. අවසානයේ මුල් බෙරයේ හඬ ඇසීමට නොලැබේ. මහණෙනි මෙලෙසින්ම අනාගතයේ මාගේ ශාසනයේ පහල වන භික්ෂුන් ධර්මය ලෙස අධර්මයක් පතුරවයි.  ධර්මය සඟවා තමන්ගේ මතය දක්වයි. මෙලෙස කාලය ගතවී ලෝසතුන් හට ධර්මය ශ්රවණය කිරීමේ අවස්තාව නොලැබී යයි. "
"මාගේ ශාසනයේ විනාශය ශාසනය තුලින්ම පැනනගිනු ඇත "

 



මේ වගේ ධර්ම විකෘතිකයන් අනාගතයේදී බිහිවෙනවා කියල 1997දී බළන්ගොඩ ආනන්ද මෛත්‍රී   හිමියන් හෙලිකිරීමක් කරලා තියෙනවා තමන්ගේ පෙර භවය ගැන කළ සාකච්චාවකදී. බළන්ගොඩ හාමුදුරුවෝ කියන ග්‍රන්ථයේ ඒ සාකච්චාව   සහිත  සම්පුර්ණ විස්තරය තියෙනවා. ධර්මය වේශයෙන් ධර්මය නොවන විකෘති පතුරවන බව ඉතා පැහැදිලිව සඳහන් වෙනවා.

.
සිනි පැණි රස බව ඔබට වෙන කෙනෙක්ට ඔප්පු කළ හැකිද? ඔහු සිනි කන තෙක් එය ඔබ කොතරම් වචන හරඹ කලද ඔප්පු කළ නොහැක. එමෙන්ම සත්ය ධර්මය කුමක්දැයි මට ඔබට ඔප්පු කළ නොහැක. එය ඔබම සමථ විදර්ශනා වැදීමෙන් ඔප්පු කර ගත යුත්තකි. බුදුරජාණන් වහන්සේතුම්මෙහි කිච්චන් ආතප්පන් අක්කාතාරෝ තථාගතා යයි කිවේ මේ බැවිනි. බුදුන් මාර්ගය පෙන්වන්නා පමණි. එහි ගමන් කරනවාද නැද්ද තීරණය කිරීම ඔබ සතුය. ගමන් කලොත් අවසානයේ ලැබෙන ප්ර්තිඵල පමණක් දැක්විය හැකිය.


Comments

  1. මීවනපලානේ හිමියන් ගැන කියා නැහැ. තව පෝස්ට් එකකින් කියනවාද? මම එහිමියන්ගේ පොත් කියවන කෙනෙක් නිසා අහන්නේ.

    ReplyDelete
    Replies
    1. ඊලග පොස්ට් එකෙන් එයාගේ විකෘති කිරීම් ලියනවා

      Delete
    2. හොර තක්කඩි මීමන වඳුරා ගැන.....
      http://www.dhammikaweb.com/?p=13330

      http://www.trekmentor.com/si/content/sanga/539

      http://www.lakehouse.lk/budusarana/2009/07/06/main_editorial.asp

      http://vargapurnikava.blogspot.com/2012/09/blog-post_14.html?m=1

      http://www.silumina.lk/punkalasa/20120401/_art.asp?fn=ar12040118

      http://makolaenews.blogspot.com/2012/09/blog-post_4870.html?m=1

      http://m.youtube.com/watch?v=c-1ck_f4lWo

      http://liyanarala.blogspot.com/2014/05/4.html?m=1

      Delete
  2. ලිපියේ ගොඩක් කරුණු (90%) ගැන එකඟයි. මගේ මිත්‍රයෙක් සමත්තබද්ධ හිමියන්ගේ බණ තුලින් ලෝකය දකිනවා. භයානකකම කියන්නේ එයින් ඇගේ මානය සෑහෙන ලෙස වැඩිවෙලා නිසා. බොහොම අමාරුයි ආයෙමත් ට්‍රැක් එකට ගන්න.
    ධර්මය නම් සීග්‍රයෙන් විනාසවන බව ඇස්පනාපිට පේනවා.

    ReplyDelete
  3. ඔබ මාරයා ගැන කියා තිබෙනවා විවිධ පුද්ගලයන් එවනවා කියා.
    බුදු දහමට අනුව මාරයා යනු කවරෙක්ද? කුමක්ද?
    ක්‍රිස්තියානි හා ඉස්ලාම් දහම්වල යක්ෂයා/සාතන් වගේද? වෙනස්ද?

    ReplyDelete
    Replies
    1. මාරයා කියන වචනේ විවිද තැන් වලදී විදි 5කට යෙදෙනවා
      1.ස්කන්ධ මාර 2.ක්ලේශ මාර 3.අභිසංස්කාර මාර 4.මච්චු මාර 5.දේවපුත්ත
      ඔය පහෙන් මෙතන මම කියල තියෙන්නේ දේව පුත්ත මාර ගැන .ඒ කියන්නේ පරිනිම්මිත වසවර්තියට අධිපති මාර දිවය පුත්‍රයා. අනිත් ආගම් වල සාතන් වගේ නම් වලින් හදුන්වන්නේ මාරයා කියල කියන්න බෑ. මොකද මිත්යාදෘෂ්ටිකයෝ බුදුන්ව හදුන්වන්නෙත් සාතන්ගේ කෙනෙක් කියලනේ.

      Delete
    2. http://pasanrahula.blogspot.com/2014/09/blog-post.html

      Delete
  4. මම ත්සමන්තබද්‍ර හිමියන්ගේ බන කාලයක් ඇහුව, නමුත් ඒවායේ බණට වඩා තිබෙන්නේ වෙනත් කතා නිසා අතහැර දැම්මා. ධර්මය ගැන යම් පමණක දැනීමක් ලබා ගන්න විට බන ඇසීමෙන් ලැබෙන දැනුම සහ සතුට මොහුගේ බනෙන් ලැබෙන්නේ නැහැ. නමුත් බොහෝ අය මොහුට රැවටී සිටිනවා. ලිපිය ගොඩාක් වටිනවා, අනෙක් හිමියන් ගැනත් ලියන්න.

    ReplyDelete
  5. කොස්ගම ධම්මසෝභාව, අනුරාධපුර ධම්මකුටය කියන්නේ විපස්සනා භාවනා මධ්‍යස්තානද? https://www.dhamma.org/en/schedules/schanuradha ද?

    ReplyDelete
    Replies
    1. ඔවු විපස්සනා භාවනා මධ්‍යස්ථාන. google search කලාම එනවා

      Delete
  6. රහතන් වහන්සේ නමකට දක්වන්න පුළුවන් ඉර්ධි මොනවාද? ධ්‍යාන ලාභීන්ට දන්වන්නැ පුළුවන් ඉර්ධි මොනවාද?

    ReplyDelete
    Replies
    1. ඉර්ධිය තීරණය වෙන්නේ තමන් කරපු භාවනාවේ හැටියට

      Delete
    2. භාවනාව විතරක්ම නෙවෙයි . සෘද්ධිය තීරණය වෙන්න තමන් කරපු උසලාකුසල කර්මත් හේතු වෙනවා .

      Delete
  7. ධ්‍යාන ලබාගැනීම ගැනත් ලිපියක් ලියන්න පුලුවන්ද....

    ReplyDelete
  8. පිටිදූවෙගේ ගෝලයො මූනු පොතේදි දිනනවා කියන කතාව වැරදි..ගොඩක් වෙලාවට ඔවුන්ට කට උත්තරත් නැති වෙනවා..

    ReplyDelete
  9. අෆ්ෆා ලිපියේ දිග බලන්න කම්මැලියි. පොතක් ලියලා ඵල කරොත් නරකද?
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි.
    රහතුන් ගැන බොරු බේගල් පවසති රහතුන් දැක නැති බින්කුන්ඩෝ කියලා විතරයි.
    ස්තුතියි ඈ...

    ReplyDelete
    Replies
    1. ලිපිය කියවන්න කම්මැලි සෙට් එකම තමා සත්‍ය ධර්මය අතඇරලා සිරිධම්මගේ shortcut එක පස්සේ යන්නෙත්. එක්කෝ ලිපිය කියවන්නත් බය ඇති.. මොකද්ද කියන්න ඕන එක point එකටම කියල තියෙනවා.. පිටිදුවේ වගේ වටේ ගිහිල්ලත් නැ.

      ලිපිය කියවන්න බැරි ඔයා කොහෙද පොත් කියවන්නේ මෙයා...

      Delete
  10. Godak pin obathumata apita nivaradi margaya penva dunna ta.ath mata theren ney naha mey dharamaya igenimata kothanin patan ganna da kiya..dyana saha irdhi,pancha abighcha vala athi venasa kumakda pahada denna ? Kundalini bavanawa kirima nisa athivana adimanasika hakiya irdhi lesa kiva haki da ? Pahada denna puluvan num vatinawa.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි කිරිම පිනිසයි කියලා පෝස්ට් එකක් දාලා තියෙනවා. ඒකෙ මේවට උත්තර තියෙනවා

      Delete
    2. බොහොම වටිනා විදිහට පැහැදිලි කරල තියනව .... මම දක්‍ෂණ _ කිරැළපනේ ... මං මුල්ම කාලයේ ආස්‍රමයට ගියා ඔය දෙශනා අහන්න,එක පාරට රැ.ලක්ෂයක සියුරක් ඇදගෙන මං සකෘර්ධා ගාමී උනා කිව්ව ... මං එ මොහොතෙම නැගිටලා මගෙ විරැද්දත්වය ප්‍රකාශකරා මාව එලියට ඇදල දාන්න කිව්ව .... ප්‍රශ්ණ අහන්න මට අදටත් තහනම් කරල තියෙන්නෙ ...මට ආශ්‍රමයට යන්න බෑ... මං ඔය පිටිදූවෙ සිරිධම්ම ට වත්,බොදු බලසේනාවෙ ඥනසාර වගේ මදාවියන්ට බයේ හැන්ගෙන සිංහල යෙක් නෙවෙයි...මුංව රහත් කරෙත් අපේම කියන ජනමාධයි ... මෙ රට විනාශ කරන්නෙත් ,මෙවැනි දුස්සීල හාමුදුරැවොයි,ජනමාධයි,දෙශපාලක්නයොයි ..! ඔය කොන්ද පන තියන මෙ රටේ එකම එක රෑපවාහිනී මාධය ආයතනයක් තියෙනවානම් අපිට කතා කරල ප්‍රසිද්ද විවාදයකට ඔය ධර්මය විනාශ කරන උන්ගෙ පිලේ වාඩි වෙලා විවාද කරමු!

      මුං මෙව දැක්කම බයේ ගැහෙනව ඇරෙන්න වෙන මොනව කරයිද අපිට ... මෙ සිද්දි කිසිවක් නොදන්න උන්ට නම් මේක මහ විහිලුවක්, උන්නම් මොක්කුද කියන්න මටනම් තේරෙන්නෑ... මං හිතන්නෙ අර ඉන්දියාවෙන් ආපු විජය කියන මුහුදු මංකොල්ල කාරයන්ගෙන් පැවතෙන උන් ... හෙළයො නම් කොහෙත්ම වෙන්න බෑ....
      දැන් සිරිධම්ම ගෙන් ඥනසාර ගෙන් ප්‍රශ්න අහන්නෙ කුණුහරැප සිංදු ලියන ඉරාජ් ... නඩුත් හාමුදුරැවන්ගෙ බඩුත් හාමුදුරැවන්ගෙ .... මෙ ලිපිය කියවන අය හිතයි මං අතිශොක්තියෙන් , චීවර ධාරීන්ට අපහස කරන අන්තවාදියෙක් කියල .... එහෙම හිතුවට වරදක් නෑ .... මෙ ජාතියේ හැටි ඔහොම තමයි ... අනගාරික ධර්මපාල තුමාටත් ලී හොරකම් කලා කියපු ජාතියනෙ .... මෙකත් දවසකින් දෙකින් අමතක කරල දාන ජාතියක් නෙ ... දස අකුසල් කරන ගිහියෙක්ට උනත් මෙ සාසණේ ආරක්ෂා කරන එක පරම යුතුකමක් !
      අපට ඉගෙන ගන්න බෑ කියල ....ඉගෙන ගන්න තියෙන හැම මූලාශ්‍රයක්ම විනාශ කරන එකද හරි ....?
      * මෙ සිංහල බෞද්ධ යන්ව විනාශ කරන්නම අවශය නම් මගේ බෙල්ල කපල,ලොකයේ අමානුෂිකවම මෙතෙක් නොවු විදිහට වදතිස් දෙකම දීල පුලුවන්නම් මාව ගාතනය කරපල්ල ... උඹලට මාරය ආවෙශ උනාට මං උට බය නෑ ... ! පරික්ෂා කරල බලපන් !


      සමාවෙන්න මේ ලිපිය කියවා හිත පැහැරැනානම් මට ඔය පිටිදුවේ සිරිධම්ම කියන චීවර ධාරියා දෙනො දහක් සිංහල බෞද්ධයන් ඉදිරියේ මට ගහනව කිව්ව,නැගිටල පලයන් කිව්ව ඔය කියන එකම එක සිංහල යෙක් වත් එක වචනයක් ඇහුවෙ නෑ .... ඇයි මට ප්‍රශ්න අහන්න දෙන්නෙ නැත්තෙ කියල අහන්න ....!

      මං කියන දෙවල් විශ්වාසනම් මට කතා කරන්න .... මාව ගාතනය කරන්න අවශනම් ඒත් කතා කරන්න ..., මෙ මගේ ප්‍රශ්නයක් නෙවෙයි ...මුලු මහත් ජාතියේ ප්‍රශ්නයක් ....!

      ඔබ සැමට තෙරැවන් සරණයි!

      *** දක්‍ෂණ _ 0755 266 933 ***

      Delete
    3. බොහොම වටිනා විදිහට පැහැදිලි කරල තියනව .... මම දක්‍ෂණ _ කිරැළපනේ ... මං මුල්ම කාලයේ ආස්‍රමයට ගියා ඔය දෙශනා අහන්න,එක පාරට රැ.ලක්ෂයක සියුරක් ඇදගෙන මං සකෘර්ධා ගාමී උනා කිව්ව ... මං එ මොහොතෙම නැගිටලා මගෙ විරැද්දත්වය ප්‍රකාශකරා මාව එලියට ඇදල දාන්න කිව්ව .... ප්‍රශ්ණ අහන්න මට අදටත් තහනම් කරල තියෙන්නෙ ...මට ආශ්‍රමයට යන්න බෑ... මං ඔය පිටිදූවෙ සිරිධම්ම ට වත්,බොදු බලසේනාවෙ ඥනසාර වගේ මදාවියන්ට බයේ හැන්ගෙන සිංහල යෙක් නෙවෙයි...මුංව රහත් කරෙත් අපේම කියන ජනමාධයි ... මෙ රට විනාශ කරන්නෙත් ,මෙවැනි දුස්සීල හාමුදුරැවොයි,ජනමාධයි,දෙශපාලක්නයොයි ..! ඔය කොන්ද පන තියන මෙ රටේ එකම එක රෑපවාහිනී මාධය ආයතනයක් තියෙනවානම් අපිට කතා කරල ප්‍රසිද්ද විවාදයකට ඔය ධර්මය විනාශ කරන උන්ගෙ පිලේ වාඩි වෙලා විවාද කරමු!

      මුං මෙව දැක්කම බයේ ගැහෙනව ඇරෙන්න වෙන මොනව කරයිද අපිට ... මෙ සිද්දි කිසිවක් නොදන්න උන්ට නම් මේක මහ විහිලුවක්, උන්නම් මොක්කුද කියන්න මටනම් තේරෙන්නෑ... මං හිතන්නෙ අර ඉන්දියාවෙන් ආපු විජය කියන මුහුදු මංකොල්ල කාරයන්ගෙන් පැවතෙන උන් ... හෙළයො නම් කොහෙත්ම වෙන්න බෑ....
      දැන් සිරිධම්ම ගෙන් ඥනසාර ගෙන් ප්‍රශ්න අහන්නෙ කුණුහරැප සිංදු ලියන ඉරාජ් ... නඩුත් හාමුදුරැවන්ගෙ බඩුත් හාමුදුරැවන්ගෙ .... මෙ ලිපිය කියවන අය හිතයි මං අතිශොක්තියෙන් , චීවර ධාරීන්ට අපහස කරන අන්තවාදියෙක් කියල .... එහෙම හිතුවට වරදක් නෑ .... මෙ ජාතියේ හැටි ඔහොම තමයි ... අනගාරික ධර්මපාල තුමාටත් ලී හොරකම් කලා කියපු ජාතියනෙ .... මෙකත් දවසකින් දෙකින් අමතක කරල දාන ජාතියක් නෙ ... දස අකුසල් කරන ගිහියෙක්ට උනත් මෙ සාසණේ ආරක්ෂා කරන එක පරම යුතුකමක් !
      අපට ඉගෙන ගන්න බෑ කියල ....ඉගෙන ගන්න තියෙන හැම මූලාශ්‍රයක්ම විනාශ කරන එකද හරි ....?
      * මෙ සිංහල බෞද්ධ යන්ව විනාශ කරන්නම අවශය නම් මගේ බෙල්ල කපල,ලොකයේ අමානුෂිකවම මෙතෙක් නොවු විදිහට වදතිස් දෙකම දීල පුලුවන්නම් මාව ගාතනය කරපල්ල ... උඹලට මාරය ආවෙශ උනාට මං උට බය නෑ ... ! පරික්ෂා කරල බලපන් !


      සමාවෙන්න මේ ලිපිය කියවා හිත පැහැරැනානම් මට ඔය පිටිදුවේ සිරිධම්ම කියන චීවර ධාරියා දෙනො දහක් සිංහල බෞද්ධයන් ඉදිරියේ මට ගහනව කිව්ව,නැගිටල පලයන් කිව්ව ඔය කියන එකම එක සිංහල යෙක් වත් එක වචනයක් ඇහුවෙ නෑ .... ඇයි මට ප්‍රශ්න අහන්න දෙන්නෙ නැත්තෙ කියල අහන්න ....!

      මං කියන දෙවල් විශ්වාසනම් මට කතා කරන්න .... මාව ගාතනය කරන්න අවශනම් ඒත් කතා කරන්න ..., මෙ මගේ ප්‍රශ්නයක් නෙවෙයි ...මුලු මහත් ජාතියේ ප්‍රශ්නයක් ....!

      ඔබ සැමට තෙරැවන් සරණයි!

      *** දක්‍ෂණ _ 0755 266 933 ***

      Delete
  11. බොහොම වටිනා විදිහට පැහැදිලි කරල තියනව .... මම දක්‍ෂණ _ කිරැළපනේ ... මං මුල්ම කාලයේ ආස්‍රමයට ගියා ඔය දෙශනා අහන්න,එක පාරට රැ.ලක්ෂයක සියුරක් ඇදගෙන මං සකෘර්ධා ගාමී උනා කිව්ව ... මං එ මොහොතෙම නැගිටලා මගෙ විරැද්දත්වය ප්‍රකාශකරා මාව එලියට ඇදල දාන්න කිව්ව .... ප්‍රශ්ණ අහන්න මට අදටත් තහනම් කරල තියෙන්නෙ ...මට ආශ්‍රමයට යන්න බෑ... මං ඔය පිටිදූවෙ සිරිධම්ම ට වත්,බොදු බලසේනාවෙ ඥනසාර වගේ මදාවියන්ට බයේ හැන්ගෙන සිංහල යෙක් නෙවෙයි...මුංව රහත් කරෙත් අපේම කියන ජනමාධයි ... මෙ රට විනාශ කරන්නෙත් ,මෙවැනි දුස්සීල හාමුදුරැවොයි,ජනමාධයි,දෙශපාලක්නයොයි ..! ඔය කොන්ද පන තියන මෙ රටේ එකම එක රෑපවාහිනී මාධය ආයතනයක් තියෙනවානම් අපිට කතා කරල ප්‍රසිද්ද විවාදයකට ඔය ධර්මය විනාශ කරන උන්ගෙ පිලේ වාඩි වෙලා විවාද කරමු!

    මුං මෙව දැක්කම බයේ ගැහෙනව ඇරෙන්න වෙන මොනව කරයිද අපිට ... මෙ සිද්දි කිසිවක් නොදන්න උන්ට නම් මේක මහ විහිලුවක්, උන්නම් මොක්කුද කියන්න මටනම් තේරෙන්නෑ... මං හිතන්නෙ අර ඉන්දියාවෙන් ආපු විජය කියන මුහුදු මංකොල්ල කාරයන්ගෙන් පැවතෙන උන් ... හෙළයො නම් කොහෙත්ම වෙන්න බෑ....
    දැන් සිරිධම්ම ගෙන් ඥනසාර ගෙන් ප්‍රශ්න අහන්නෙ කුණුහරැප සිංදු ලියන ඉරාජ් ... නඩුත් හාමුදුරැවන්ගෙ බඩුත් හාමුදුරැවන්ගෙ .... මෙ ලිපිය කියවන අය හිතයි මං අතිශොක්තියෙන් , චීවර ධාරීන්ට අපහස කරන අන්තවාදියෙක් කියල .... එහෙම හිතුවට වරදක් නෑ .... මෙ ජාතියේ හැටි ඔහොම තමයි ... අනගාරික ධර්මපාල තුමාටත් ලී හොරකම් කලා කියපු ජාතියනෙ .... මෙකත් දවසකින් දෙකින් අමතක කරල දාන ජාතියක් නෙ ... දස අකුසල් කරන ගිහියෙක්ට උනත් මෙ සාසණේ ආරක්ෂා කරන එක පරම යුතුකමක් !
    අපට ඉගෙන ගන්න බෑ කියල ....ඉගෙන ගන්න තියෙන හැම මූලාශ්‍රයක්ම විනාශ කරන එකද හරි ....?
    * මෙ සිංහල බෞද්ධ යන්ව විනාශ කරන්නම අවශය නම් මගේ බෙල්ල කපල,ලොකයේ අමානුෂිකවම මෙතෙක් නොවු විදිහට වදතිස් දෙකම දීල පුලුවන්නම් මාව ගාතනය කරපල්ල ... උඹලට මාරය ආවෙශ උනාට මං උට බය නෑ ... ! පරික්ෂා කරල බලපන් !


    සමාවෙන්න මේ ලිපිය කියවා හිත පැහැරැනානම් මට ඔය පිටිදුවේ සිරිධම්ම කියන චීවර ධාරියා දෙනො දහක් සිංහල බෞද්ධයන් ඉදිරියේ මට ගහනව කිව්ව,නැගිටල පලයන් කිව්ව ඔය කියන එකම එක සිංහල යෙක් වත් එක වචනයක් ඇහුවෙ නෑ .... ඇයි මට ප්‍රශ්න අහන්න දෙන්නෙ නැත්තෙ කියල අහන්න ....!

    මං කියන දෙවල් විශ්වාසනම් මට කතා කරන්න .... මාව ගාතනය කරන්න අවශනම් ඒත් කතා කරන්න ..., මෙ මගේ ප්‍රශ්නයක් නෙවෙයි ...මුලු මහත් ජාතියේ ප්‍රශ්නයක් ....!

    ඔබ සැමට තෙරැවන් සරණයි!

    *** දක්‍ෂණ _ 0755 266 933 ***

    ReplyDelete
  12. ඉතාම විශිෂ්ඨ ලිපියක්.
    කරුණු මනාව ගලපලා සිරිධම්ම මායාව
    හොඳින් පැහැදිලි කරලා තියනවා.
    මාත් මේ ආකාරයට ඔහු ගැන ලියන්න කැමතියි.
    ඒත් වෙහෙසකරයි.
    ඔහුගෙ දැනුම වගේම ප්‍රායෝගික අත්දැකීම් බොළඳයි.
    ඔහුගෙ අනුගාමිකයනුත් ඒ වගෙයි.

    මේ ලිපියේ උපුටනයක්
    2,50000කට වඩා කියවීමක් ඇති
    මගේ "සංසරණී" බ්ලොග් එකේ
    පළ කරන්න හිතුවා.
    ඒත් ඔබ පණවා ඇති සීමා නිසා
    අදහස අත්හැර දැම්මා.

    ReplyDelete
    Replies
    1. me lipiya wenath thenaka pala kalata kamak ne. anith lipi palakarannepa

      Delete
    2. me lipiya haa miwanapalane gena lipiya dekama wena then wala pala kalata kamak ne

      Delete
  13. palu geiwalan bideemak.wena gata yuttak na metana.

    ReplyDelete
  14. Ko references , api oya kiyana de wishwasa karanna oneda anda widihata ethakota dan, ������

    ReplyDelete
  15. ලිපිය නම් සුපිරි 💯🙏🙏🙏,
    තව සමන්ත වීඩියෝ එකක කියනවා " මම තමා සම්මා සම්බුද්ධ" කියලා, දිව්‍ය ලෝක අපාය වල් නෑ කියනවා, දළදා වහන්සේට ගරහනවා, කුණු විකුණන YouTube කාරයො තව තව මුන්ව promote කරලා තරුණ තරුණියන්ගේ ඔළු කනවා,මේ ශාසනික කද පණුවා දේශපාලකයන්
    එක්ක එකතු වෙලා රටත් ජාතියත් ධර්මයත් විනාශ කරනවා,සමන්ත වගේම තමයි අර තිත්තනගල්ලේ කියන එකත්, දෙන්නා එකට කකා බිබී හිටියේ දැන් රණ්ඩු වෙනවා, මගේ යාලුවෝ කිහිප දෙනෙක් මේ සමන්තට අහුවෙලා ඉන්නේ උන්ට මොනවා කිව්වත් අහන්නෑ
    ඔබතුමාට තියෙන සෘධි හැකියා මට තිබුණා නම් මම සමන්තයව ගිහිල්ලා දානවා උතුරු සෙන්ටිනෙල් දූපතට
    ගෝත්‍රිකයන් එක්ක ඉන්න☠️
    එහෙම කලොත් ඍධි හැකියාවන් නැති වෙලා යයි ද?🤨🧐🤨😐😬😨

    ReplyDelete

Post a Comment