Featured Post

ජීවිතයේ සාර්ථකත්වයට ධනාත්මක චින්තනය හා ආකර්ෂණ නිතිය (Positive thinking & Law of attraction)

                                                 අද මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ යම් තරමකට භාවනාමය සම්බන්ධයක් තිබෙන මනෝවිද්‍යාත්මක කරුණු කීපයක්. "මගේ ජිවිතේ අසාර්ථකයි  , මම දුප්පත් , මම අවාසනාවන්තයි" කියල හිතෙනවනම්, දවසේ වැඩි වෙලාවක් සතුටින් නොඉද දුකෙන් තරහෙන් ඉන්නවනම්, ජිවිතේ ප්‍රශ්න වලින් පිරිලනම්, ජිවිතේ විදිනවට වඩා විඳවනවානම්  මේ ලිපියේ තියෙන දේවල් කරලා බලන්න දවස් කීපයකින්ම හරිම සතුටුදායක වාසනාවන්ත ජිවිතයක් ගත කරන්න ලැබෙනවා. මේ දේවල් භාවිත කිරීමෙන් ජිවිතේ සාර්ථකත්වය ඉක්මනින් ලගා කරගන්න පුළුවන්. අපේ ජිවිතේ අසාර්ථක වෙන්න ලොකුම හේතුවක් වෙන්නේ අපේ හිතේ අපි නොදැනුවත්ව තියෙන ඍණාත්මක සංකල්ප. "මට බෑ, මට පින නෑ, මම ලිඳක් කැපුවොත් එකෙත් ගෙම්බෙක්, මටමයි වෙන්නේ, ඇයි මටම වෙන්නේ" වගේ ඍණාත්මක සිතුවිලි නිසා අපි නොහිතන තරම් ලොකු බලපෑමක් අපිට සිද්දවෙනවා. අපි ඇතුලෙම තියෙන දේවල් වලින් අපිව අසාර්ථක වීම වලක්වාගෙන සාර්ථකත්වය ඇතිකරගන්න ගන්න විදියත් අපිට අවශ්‍ය ඕනිම දෙයක් ආකර්ෂණය කරගැනීමට අපේ සිතුවිලි තරංග වලට ඇති දිව්‍යමය බලයත් ගැනයි මේ ලිපියෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ.

ධනාත්මක චින්තනය Positive thinking

අපි හිතන පතන දේවල් මගින් අපිට වෙන බලපෑම අනුව අපි හිතන සිතුවිලි ධනාත්මක හා ඍණාත්මක කියල වර්ග කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපේ හිත ඉබේම නැඹුරු වෙන්නේ ඍණාත්මක සිතුවිලි පහල කරන්න. තමන්ගේ හිතේ වැඩියෙන් තියෙන්නේ ධනාත්මක සිතුවිලිද ඍණාත්මක සිතුවිලිද කියල අදුරගන්න මේ ප්‍රශ්න ටික තමන්ගෙන්ම අහල බලන්න:
මම නිතරම ඉන්නේ සතුටින්ද නැත්නම් දුකෙන් තරහෙන්ද ?
මම නිතරම ඉන්නේ අනුන්ට ස්තුති කරමින්ද බනිමින්ද?
මම ඉන්නේ අනාගතය ගැන බයෙන්ද විශ්වාසයෙන්ද?
මට නිතරම හිතෙන්නේ මම වාසනාවන්තයි කියලද අවාසනාවන්තයි කියලද?
මම වැඩියෙන් කරන්නේ ආශිර්වාද කිරීමද සාප කිරීමද?

මේවට උත්තර සතුට, ස්තුති කිරිම, විශ්වාසය ,වාසනාව හා ආශිර්වාදය නම් හිත ධනාත්මක සිතුවිලි වලින් පිරුණු හිතක්. එත් බහුතරයකට උත්තරය ලැබෙන්නේ මේවට ප්‍රතිවිරුද්ද දේවල්.
 ඍණාත්මක සිතුවිලි හිතක මුල් බැහැගෙන තිබුනම ඒවා ක්‍රියාත්මක වෙන්නේ හරියට ඇග ඇතුලේ තියෙන විසක් වගේ. ඍණාත්මක සංකල්ප වලින් අලුතින් නිපදවන්නෙත් ඍණාත්මක සිතුවිලිමයි. ඍණාත්මක සිතුවිලි මගින් හිත හැමවෙලේම පහතට හෙලනවා, තමන් හරිම අවාසනාවන්තයෙක් කියල අඟවනවා. මේ වගේ දේවල් විශ්වාස කරගෙන ඉදියම යටි හිත මගින් ඒ විශ්වාස ඇත්ත වෙන විදියටම වැඩ කරනවා, තමන්ගේ ප්‍රශ්නෙකට උත්තරයක් හිතෙන් හිතනකොට යටි හිත මගින් ප්‍රශ්නය නොවිසදෙන උත්තරයක්ම ලබා දෙනවා, ජිවිතේ ගැන තීරණ ගනිද්දී ජිවිතේ විනාස වෙන තිරනම යටි හිතෙන් සකස් කරලා දෙනවා, අභියෝගයකට මුණ දෙනකොට එක අසාර්ථක වෙන විදියටම වැඩ කරන්න යටි හිත ක්‍රියාත්මක වෙනවා. මේ නිසා මට වාසනාවක් නෑ කියල හිතන අයට නිතරම අත්දකින්න වෙන්නේ අවාසනාවමයි. මට සල්ලි ඉතුරු කරන්න බෑ කියල හිතනකොට සල්ලි වියදම් වෙන වැඩ කරන්නම අපේ හිත අපිව පොළඹවනවා. මටමයි වෙන්නේ කියල හිතන් ඉන්න අයට අහක යන ප්‍රශ්නත් ආකර්ෂණය වෙනවා. එහෙම වෙන්නේ එයාලව ප්‍රශ්න වලට යටි හිත මගින් පොළඹවන නිසා.

                                 මීටත් වඩා භයානක තත්වයක් ඍණාත්මක චින්තනය මගින් වෙනවා. ඒක තමයි අපේ හිතෙන් පිටවන චිත්ත තරංග වලින් බාහිර ලෝකේ දේවල් වලට බලපෑම් වීම. අපි විවිද දේවල් හිතනකොට ඒවාට අදාලව මොලයෙන් කිරණ පිටවෙනවා කියල විද්‍යාත්මක පරීක්ෂණ වලිනුත් හොයාගෙන තිබෙනවා. මේ කිරණ වලින් වෙනත් මිනිස්සුන්ටත් අජීවී වස්තු වලටත් බලපෑම් සිද්ද වෙනවා. මේ කිරණ වල මුලිකම ස්වභාවය වෙන්නේ සිතන දේවල් ආකර්ෂණය කිරීමේ හැකියාව. අපි අවාසනාව ගැන නිතර හිතනකොට මොලයෙන් පිටවෙන කිරණ වලින් බාහිර ලෝකය සකස් කරනවා අපිට අවාසනාවන්ත දේවල්ම අත්දකින්න ලැබෙන විදියට.  අපි ලෙඩ රෝග ගැන නිතරම බයෙන් සැකෙන් හිතනකොට අපේ හිතෙන් පිටවෙන කිරණ වලින් අපිට ලෙඩ රෝග වැළදෙන විෂබීජ ආකර්ෂණය වෙන නැඹුරුතාවක් තියෙනවා. මෑත කාලේදී විද්‍යාත්මක පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා මකුළුවන්ට කැරපොත්තන්ට බය පුද්ගලයන්ගේ නිදන කාමර වල අනිත් අයගේ කාමර වලට වඩා මකුළුවන් කැරපොත්තන් ඉන්නවා කියල. මේ හැම දෙයක්ම වෙන්නේ හිතෙන් පිටවෙන කිරන වල බලපෑම නිසා.

                            මේ නිසා අපි විශ්වාස කරන දේවල් හා නිතර නිතර හිතන දේවල් ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි. ඉතින් අපි කොහොමද මේ අපේ හිත ඇතුළිනුත් බාහිර ලෝකයෙනුත් අපිට නරකම ආකර්ෂණය කරන ඍණාත්මක චින්තනයෙන් මිදෙන්නේ? මෙතනදී තමා ධනාත්මක චින්තනය ඕනි වෙන්නේ. ඍණාත්මක චින්තනයක් තියෙනකොට ඇත්තටම ඍණාත්මක දේවල්ම වෙන්නේ අපිට ඕනි දේවල් ඇත්තටම ලබාගැනීමේ හැකියාවක් අපේ සිතුවිලි තරංග වල තියෙන නිසා නේද?  මෙන්න මේ දේ තමා විශ්ව ආකර්ෂණ නිතිය කියන්නේ. අපිට අවශ්‍ය ඕනිම දෙයක් ලබාගැනීමේ, ඕනිම තත්වයකට පත්වීමේ, ඕනිම දෙයක් සිද්ද කරගැනීමේ දිව්‍යමය හැකියාවක් අපේ චිත්ත තරංග වල තියෙනවා. අපේ සිතුවිලි වලට අපිට අවශ්‍ය දේවල් ආකර්ෂණය කර දීමේ හැකියාවක් තියෙනවා. අපේ හිතේම ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා.

                           කොහොමද මේ දිව්‍යමය හැකියාව පාවිච්චි කරන්නේ? මේ සඳහා කරන්න ඕනි ධනාත්මක චින්තනය පුරුදු කිරීම හා visualisation කිරීම. මුලින්ම ඍණාත්මක දේවල් හිතීම නතර කරන්න. පුරුද්දට වගේ හිතුනොත් ඒවා පෝෂණය කරන්න නොයා වහාම අයින් කරගන්න. ඒවා එක්ක ගැටිමෙනුත් වලකින්න. ඊට අමතරව ධනාත්මක දේවල් නිතර හිතන්න පුරුදුවෙන්න.
පහලින් තියෙන දේවල් කොලයක ලියාගෙන හැමදාම උදේ කණ්නාඩියකින් තමන් දිහා බලාගෙන කියවන්න.

මම දවසින් දවස දක්ෂ සාර්ථක පුද්ගලයෙක් වෙනවා
මම දවසින් දවස පෝසත් වෙනවා
මම දවස පුරාම නිතරම සතුටින් උද්‍යෝගයෙන් ඉන්නවා
මට හැම අතින්ම පහසුව සැලසෙනවා
මට හොඳ මිතුරන් ඇතිවෙනවා, පිරිස ඇතිවෙනවා
මට හැම අතින්ම හොඳ වෙනවා
මට හැම අතින්ම හරියනවා
මම හරිම වාසනාවන්ත දක්ෂ බුද්ධිමත් පුද්ගලයෙක්
මම ධනවත් සැපවත් පුද්ගලයෙක්
මට තියෙන්නේ හරිම ශක්තිමත් නිරෝගී ශරීරයක්
මට සෞභාග්‍ය උදාවෙනවා
මට වාසනාව උදාවෙනවා
මිල මුදල් සැප සම්පත් මා වෙත ගලාගෙන එනවා

හැමදාම computer laptop භාවිතා කරන කෙනෙක්නම් මේ දේවල් සහිත wallpaper එකක් හෝ කීපයක් හදාගෙන දාගෙන තියාගෙන හැමදාම කියවන්න.


                                              මේ දේවල් නිතර හිතිමෙන් හිතට අවශ්‍ය හයිය ලැබෙනවා. ලංකාවේ බොහෝ පන්සල් වල බෝධිපුජා වලට එන අයගේ මුහුණු දැක්කම තේරෙනවා ලංකාවේ ගොඩක් ඉන්නේ ආත්ම විශ්වාසයක් නැති ධනාත්මක චින්තනයක් නැති හරිම දුර්වල හිත් තියෙන අය. මේ වගේ ධනාත්මක ප්‍රකාශ හැමදාම උදේ හවස තමන්ටම කීමෙන් ආත්ම විශ්වාසය හොඳට වර්ධනය වෙනවා. පාළුව සාංකාව වගේ දේවල් නැතිවෙලා යනවා. හිතේ උද්යෝගිමත් බව ඇතිවෙනවා. ඊට අමතරව මේවා හිතනකොට හිතින් පිටවන කිරණ මගින් ඇත්තටම ජීවිතය සාර්ථක වෙන දේවල් ආකර්ෂණය වෙනවා. මේ අභ්‍යාසය දවසක් දෙකක් ගියාම අමතක වෙනවා. ඒ නිසා උදේ ඇහැරුණු ගමන් පෙනෙන තැනක මේව ලියපු කොලය හොදට පෙනෙන විදියට තියන්න. මේවා කියවනකොට හොදට තමන්ට ඇහෙන්න කියවන්න.  මේ දේවල් ටිකම කියවන්න ඕනි නෑ තමන්ට හොදයි කියල හිතෙන ධනාත්මක ප්‍රකාශ ලිස්ට් එකක් හදාගන්න. අනාගතය ගැන වාක්‍ය වගේම අනිවාර්යෙන් වර්තමානය ගැනත් ධනාත්මක ප්‍රකාශ ඇතුලත් වාක්‍ය අඩංගු කරගන්න. මේ දේවල් කියවනකොට මේවට විරුද්ද දේවල් හිතුනොත් ඒවා එක්ක ගැටෙන්න යන්නෙපා. නිකන්ම අතැරලා දාන්න.



                                            මේ දේවල් හැමදාම උදේ හවස හිතනවට අමතරව ධනාත්මක පුරුදුත් ඇතිකරගන්න. අනුන්ගේ , ආණ්ඩුවේ, පවුලේ වැරදි කියා කියා විවේචනය කිරීම නවත්තන්න. තමන්ට හොදක් කරලා තියෙන අයගේ හොඳ ගැනම කතා කරන්න. නිතරම තමන්ට උදවු කරපු අයට ස්තුති කරන්න. අනුන්ට වෛර කිරීම නවත්තන්න. පසුතැවීම් නවත්තගන්න. අනුන්ගේ දේවල් වලට ඉරිසියා කිරීම නවත්තන්න . අනුන්ගේ සැප දැකල සතුටු වෙන්න. සාර්ථක මිනිස්සු දිහා බලල එයාලගේ ජිවිත කතා කියවල සතුටු වෙන්න. "මේ වගේ උන්ටත් හරියනවනේ "වගේ දේවල් හිතිමෙන් වලකින්න. අනුන්ට ඇස්වහ කටවහ කිරීමෙන් වලකින්න. අනුන්ගේ සම්පතක් දැක්කම හරිම හොද ජිවිතයක් තව තව මේ වගේ දේවල් ලැබෙන්න කියල හිතන්න. පුළුවන් තරම් අනුන්ට වචන වලිනු ආශිර්වාද කරන්න. වචන වලින් ආශිර්වාද කරන්න බැරි වෙලාවට හිතින් ආශිර්වාද කරන්න . අනුන්ගේ දියුණුවට අකුල් හෙලීමෙන් වලකින්න, පුළුවන්තරම් තවත් අයට දියුණු වෙන්න, උඩට එන්න උදවු කරන්න


ආකර්ෂණ නිතිය Law of attraction

ධනාත්මක චින්තනය ගැන කියද්දී visualization කියල දෙයක් මම සඳහන් කළා. මම කලින් සඳහන් කළා අපේ හිතින් පිටවන කිරණ වලට අපිට ඕනි දේවල් ආකර්ෂණය කරගැනීමේ හැකියාවක් තියෙනවා කියල. මේ හැකියාව භාවිත කරලා අපිට අවශ්‍ය දෙයක් ලබාගන්න ක්‍රමවේදයක් තියෙනවා. එක තමයි අපිට අවශ්‍ය දේ වෙලා තියෙනවා කියල සිතින් දකිමින් සිතින් අත්විදීම. මේක තමයි visualisation කියන්නේ. මේ අභ්යාසයත් ටිකක් භාවනාවක් වගේ දෙයක්.  අපි අපිට අවශ්‍ය දේ අපිට ලැබිල තියෙනවා හා අපි ඒක භාවිතා කරනවා සිතින් දකිනකොට සිතෙන් පිටවෙන කිරණ මගින් අපි හිතින් මවාගත්ත දේ ඇත්තටම සිද්ද වීමට අවශ්‍ය දේවල් බාහිර ලෝකයේ සිද්ද කරනවා. ඒ මගින් ඇත්තටම අපිට අවශ්‍ය දේ ලැබෙනවා. visualisation කරද්දී සැලකිලිමත් වෙන්න ඕනි මුලිකම කාරණය තමයි visualisation කරන්න ඕනි අනාගතේ වෙනවා කියල දැකල නෙවෙයි වර්තමානයේ වෙලා තියෙනවා කියල හිතින් දකිමිනුයි. උදාහරණයක් විදියට අපිට ෆෝන් එකක් ඕනිනම් හිතින් දකින්න ඕනි අපිට අවශ්‍ය ෆෝන් එක අපිට ලැබිල තියෙනවා, එකෙන් කෝල් කරනවා, ඉන්ටනෙට් යනවා, ඒකට ඇප්ස් ඩව්න්ලෝඩ් කරනවා, චාර්ග් කරනවා, සින්දු අහනවා වගේ දේවල්. අපිට ලක්ෂපතියෙක් වෙන්න ඕනිනම් හිතින් දකින්න ඕනි දැනටමත් ලක්ෂපතියෙක් වෙලා ඉන්නවා, පෝසත් ගෙදරක ජිවත් වෙනවා, පෝසත් වාහනයක යනවා, ලක්ෂපතියෙක් විදියට ඇදුම් අදිනවා කනවා බොනවා වගේ දේවල්. මේ ක්‍රියාවලියේදී යටි හිතට පිලිගන්නවනවා අපිට අවශ්‍ය දේ වෙලා තියෙනවා කියලා. එමගින් යටි හිත ඒ කාරණය ඇත්තක් කරලා දෙනවා. යටි හිතට හැකියාව තියෙනවා හිතින් කිරණ පිටකරල අවශ්‍ය දේවල් සිදු කරන්න. visualisation කරද්දී  නිකන්ම හිතනවාට වඩා පුළුවන්තරම් විඳිමින් , feel කරමින් සිතින් මවාගන්න උත්සහ කරන්න.

මේක තමයි ආකර්ෂණ නිතිය මගින් තමන්ට අවශ්‍ය දේවල් ඉෂ්ට කරගන්න භාවිතා කරන්නේ. දවසකට විනාඩි 15ක් 30ක් විතර භාවනා කරනවා වගේ තමන්ගේ අරමුණ ඉෂ්ට වෙලා තියෙනවා හිතින් දකිමින් ඒක අත්විදිමයි මෙහිදී කරන්නේ.
මිට අමතරව තමන්ට වෙන්න අවශ්‍ය දේ වෙලා තියෙනවා වගේ ධනාත්මක වාක්‍යක් විදියට ලියාගෙන හැමදාම කියවීමත් එක උපක්‍රමයක්.
ඒ වගේම තමන්ට අවශ්‍ය දේ වෙලා තියෙනවා කියල වාක්‍යක් හදාගෙන තමන් නිතරම දකින තැනක පෙනෙන නොපෙනෙන තරම් පොඩියට ලියල තියන එකත් තවත් උපක්‍රමයක්. අපිට පැහැදිලිව පෙනෙන දේවල් යන්නේ උඩුහිතට. අපිට එකපාරට නොපෙනෙන හැංගිලා වගේ තියෙන දේවල් යන්නේ යටි හිතට. යටි හිතට දෙයක් ඇතුල් කරන්න නම් කරන්න ඕනි ඒ දේ උඩු හිතට එකපාරට නොයන විදියට ඇතුල් කිරීම. ඇස් වලට කියවගන්න බැරි තරම් පොඩියට ලිවීමෙන් ඒක කරගන්න පුළුවන්. ඒ වගේම වචන භාවිතා කරන්නේ නැතුව විවිද රුප සටහන් හෝ සංකේත භාවිත කරලා ලියන්න පුලුවන්නම් වැඩිය හොදයි. සංකේතාත්මක දේවලුත් යටි හිතට යන්න වැඩි නැඹුරුවක් තියෙනවා.

ආකර්ෂණ නිතිය ගැන වැඩිපුර දැනගන්න මේ  Video එක බලන්න. ආකර්ෂණ නිතිය ගැන කරපු හොදම වීඩියෝ එකක් මේ.

visualisation කිරීමේදී හිත එක්තැන් වෙලා තියෙන තරමට තමන්ට අවශ්‍ය දේ ඉෂ්ට වීමේ සම්භාවිතාව වැඩි. ඒක ධ්‍යාන තියෙන කෙනෙක් අධිෂ්ඨාන කරලා ඉර්ධි දක්වනවා වගේ වැඩක්. සාමාන්‍ය හිතකින් කරන්න බැරි දේ එක්තැන් වුනු හිතක සිතුවිල්ලකින් වෙනවා. ටිබෙට් භාවනා කිපයක්ම තියෙනවා මේ විදියට හිත එක්තැන් කරලා visualisation කරන විදයට සකස් කල භාවනා. එවයේදීත් භාවිතා වෙන්නේ මේ උපක්‍රමයමයි. ඒ නිසා visualisation කරන්න කලින් හොදට හිත එක්තැන් කරන්න පුළුවන් නම් වඩාත් හොදයි.

ආකර්ශන නිතිය අනුව visualisation කලාට තමන්ට ඕනි හැමදේම වෙනවා, හැමදේම ලැබෙනවා කියල හීන ලෝකෙක ෆැන්ටසි ලෝකෙක ජිවත් වෙන්නෙපා. එහෙම ඉබේම හැමදේම ලැබෙන්නේ නෑ. සමහර දේවල් ලැබෙනවා .සමහර දේවල් ලැබෙන්නේ නෑ. තමන්ට අවශ්‍ය දේ හෝ තත්වය ලබාගන්න ක්‍රියාත්මක වෙන තරමට ඒක ලැබෙන්න තියෙන ඉඩ වැඩිවෙනවා. ඒ නිසා visualisation විතරක් කර කර ඉන්නෙපා . මේක වැඩියෙන්ම practicle වෙන්නේ තමන්ට අවශ්‍ය දෙයක් ලබාගන්නවාට වඩා තමන්ට අවශ්‍ය තත්වයකට පත්වෙනවා කියන දේටයි.

ධනාත්මක චින්තනය හා ආකර්ෂණය නිතිය මගින් සියලුම දේවල් කරගන්න පුළුවන් මට වෙන කිසිම දේක පිහිටක් අවශ්‍ය නෑ කියල මුලාවක, හීන ලෝකෙක ජිවත් වෙන්නෙපා. බුදුන් වැදීම්, බෝධි පුජා ආදිය කිරීම්, දෙවියන් ඇදහීම්, නක්ෂත්රානුකුල දේවල් කිරීම වගේ දේවලුත් අවශ්‍ය වෙලාවන් වලදී කරන්න. ඒවාත් අයිති විශ්වයටම තමයි.


                                         මේ ලිපිය ලියන්න හේතු උනේ ෆේස්බුක් හරහා හුවමාරු උන අබ්දුල් කලාම්ගේ ධනාත්මක වාක්‍ය ලිස්ට් එකක්  තියෙන උඩ ෆොටෝ එක දැකීමෙන් පස්සේ. ලෝකේ සාර්ථක උන බොහෝ  අය මේ ධනාත්මක චින්තනය හා ආකර්ෂණ නිතිය භාවිතා කරපු අය. ලෝකයේ ප්‍රසිද්ධ බොහෝ දෙනෙක්ගේ , සාර්ථක කෝටිපති බොහෝ දෙනෙක්ගේ සාර්ථකත්වයේ රහස් වලින් එකක් තමයි මේ ධනාත්මක චින්තනය හා ආකර්ෂණ නිතිය.
ඉහතින් දක්වපු ධනාත්මක ප්‍රකාශ ලිස්ට් එක හෝ මෙවැනි කෙටි ප්‍රකාශ කිහිපයක් දිනපතා කන්නාඩියක් ඉදිරියෙන් ඉදිමින් තමන් දිහාම බලාගෙන තමන්ට ඇහෙන ලෙස කියවන්න.


* තමන්ගේ ප්‍රධාන අරමුණ හෝ අරමුණු කෙටි වචන කිහ්පයකින් හෝ රූප වලින් හෝ ඉලක්කම් වලින් කොලයක ලියලා නිදාගන්න වෙලාවට පෙනෙන තැනකින් තියාගන්න.

* උදේ අවදි වූ ගමන් හා නින්දට යන්න පෙර තමන්ට අවශ්‍ය අරමුණ ඉෂ්ට වී තිබෙන බව හිතින් අත්විදින්න. එය ඉෂ්ට වූ විට දැනෙන කරන සියලු දේ සිතින් මවාගෙන විදින්න.

මේ අභ්‍යාස දෙකෙන් ඉතාමත් ප්‍රභලව යටි සිතට අරමුණ අත්කරගැනීම කිඳා බහිනවා.

බොහෝ සාර්ථක පුද්ගලයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ දේවල් භාවිතා කරලා තියෙනවා. හැබැයි එයාල මේක විතරක් කර කර හිටපු අය නෙවෙයි මේවට වඩා සිය දහස් ගුණයකින්  තමන්ගේ අරමුණ වෙනුවෙන්  වැඩ කිරීම නිසයි එයාල සාර්ථක උනේ. ඒ නිසා ජීවිතය සාර්ථක කරගන්න positive thinking හා law of attraction යොදාගන්න ගමන් කැප කිරීම් කරලා  මහන්සි වෙලා වැඩ කරන්නත් පුරුදු වෙන්න.

                               
ආකර්ෂණ නිතිය මගින් තමන්ට අවශ්‍ය සියලුම දේ වෙනවා කියල හිතාගෙන සිටීම අනාගතයේදී දරාගත නොහැකි මානසික කඩාවැටීම් වලට හේතු වෙන්න පුළුවන්. ධනාත්මක චින්තනයත් ඕනවට වඩා අන්තගාමි වෙලා හිතින් පිළිගනිම අහිතකරයි. ඒ වගේ දේවල් නිසා මානසික කඩාවැටීම් වලට ලක් උන අය විශාල ගණනක් මානසික ප්‍රතිකාර සඳහා එනවා. විශේෂයෙන්ම විභාග ප්‍රතිඵල වලට A9 A3 බලාපොරොත්තු වෙලා 100% අංග සම්පුර්ණ ප්‍රතිපල වෙනුවෙන් ධනාත්මක චින්තනය හා ආකර්ෂණ නිතිය භාවිතා කරපු අය තමන් බලාපොරොත්තු උන සුපිරි ප්‍රතිපල නොලැබුණාම දරාගත නොහැකි විදියට කඩාවැටිලා මානසික සායන වලට එනවා. මේ නිසා තමන්ගේ අරමුණු හා සිහින හදාගන්නකොට යථාර්තවාදී , ලගාකරගත හැකි සිහින හා අරමුණු තෝරාගන්න. ඔව් මට පුළුවන් කියල හිතාගෙන දවස් 2න් හඳට යන්න අරමුණු හදාගන්නෙපා. ඒ වගේමයි අරමුණ ගැන ධනාත්මකව හිතන තරමට තමන් අරමුණ වෙනුවෙන් වැඩ කරනවද කියල හැමදාම රෑට තමන්ගෙන්ම අහල බලන්න. අරමුණු ඉෂ්ටකරගන්න කරන්න අවශ්‍ය දේවල් අඩංගු කරලා දවසකට, සතියකට මාසෙකට අවුරුද්දකට අවුරුදු 5කට ආදී විදියට time table හා plan පොතක ලියලා ඒ දේවල් වලින් දවසකට එක පියවරක්වත් තිබ්බද කියල දවස ගානේ රෑට කල්පනා කරලා බලන්න.



 Facebook පිටුවට :- ( 
මෙතන ක්ලික් කරන්න )

Comments

  1. Great stuff. I have been practising visualization for a few years now and making the effort on my part. As you have said many things have worked out and I have been able to develop a positive and confident mind frame.

    ReplyDelete
  2. බොහොම පින් මේ වගේ මිල කරන්න බැරි දේවල් හැමෝම එක්ක බෙදා හදාගන්න තරම් කරුණාවන්ත උනාට. මාත් මුලින්ම law of attraction ගැන ඉගන ගත්තේ පොතකින්, පස්සේ තව ගොඩක් ගුරුවරු, යාලුවන්ගෙන් එහෙමත් ඒ ගැන ඉගන ගත්ත, පස්සේ සුමනදාස සමරසිංහ මහත්තයාගේ පොත් වලිනුත් ගොඩක් ඉගන ගත්ත. මුලින්ම මේ න්‍යාය use කරලා මට ඕන විදිහේ job එකක්, මිල මුදල් සහ මිනිස්සු ආකර්ෂණය කරගත්ත, පස්සේ දිගටම කරගෙන යනකොට මේ theory එකේ අඩුපාඩු දැක්ක, අත්තටටම ඒක law of attraction attraction, universal law එකේ අඩුපාඩුවක් නෙමෙයි, අපි ඉගන ගත්ත දේවල් වල තියන අඩුපාඩුයි. ආකර්ෂණ නිතිය කියන්නේ ලෝක ධර්මතාවයකට අයත් වන මනසට ( චිත්ත විෂයට ) අදාළ වන එක් ලක්ෂණයක් පමණයි කියල තේරුම් ගත්ත. එක එහෙම නෙමේ නම් පොඩ්ඩක් නිවැරදි කරන්න. තව දුරටත් සොයාගෙන යනකොට මේ දේම ලෞකික භාවනා ක්‍රම තුලත්, බුදු රාජාණන් වහන්සේ දේශනා කරපු අකාලික ශ්‍රි සද්ධර්මය තුලත් තියනව කියල තේරුම් ගත්ත. ඇත්තටම බුදු දහමේ හැම තැනම වගේ තියෙන්නේ , සිත ගැනත්, සිත දමනය ගැනත් සහ මේ විශ්වය ගැන ඇත්ත ඇති සැටියෙන්ම අවබෝධ කරගත් දැනුමයි. බුදු දහමේ සදහන් අනන්ත විශ්වය ගැන අවබෝද කිරීමේදී, අපි පුහුණු කල යුත්තේ සහ අපගේ අවසාන ඉල්ලකය විය යුත්තේ ත්‍රිලක්ෂණය අවබෝද කරගෙන මනසින් අත් හැරීම පුහුණු කර නිර්වාණය කර යාමයි. එහෙත් එහෙමයි කියල අප ජීවත් වන භෞතික ලෝකය තුල පිස්සන් මෙන් කිසිම මානසික දියුණුවක් ( ලෞකික හා ලෝකෝත්තර ) නොමැතිව කර්ම නියාමයට හා හදහනට පමණක් සිමා වෙලා මැරී මැරී ජිවත් වීම ලොකුම අනුවණ කමකි. අපිට ආකර්ෂණ නිතිය කියන දේ බුදු දහම තුලින්ම දැකීමට හැකිනම් ඒ අවබෝධය තුලින්, ලෝකෝත්තර භාවනා සහ ලෞකික භාවනා ක්‍රම පුහුණු කිරීමෙන්, සිත, මිනිසා හා විශ්වයත් අතර අන්තර් සම්බන්දතාව හා එහි සිදුවන process එක තේරුම් ගන්නවා නම්, මේ ලෝකයත් අධ්‍යාත්මික ලෝකයත් ජය ගන්න පුළුවන් නේද ? law of attraction ගැන කතා කරද්දි පොඩි ප්‍රශ්න වගයකුත් තියනව අහන්න. අපේ සිතේ ඇතිවන හැගීමක් කියල කියන්නේ, එක දිගට ඇති වෙමින් පවතිමින් නැති වෙමින්, අධි වේගයෙන් එකකට එකක් පිටුපස සිතේ පහ වන සිත් වල එකතුවක් ( ඇසුරක් ගසන සැනින් සිත් කොටි ගණනක් )නේද ? එක හැගීමක ඇති තොරතුරු ප්‍රමාණයේ විශාලත්වය නිසාම, ඒක අපිට වචන වලින් විස්තර කරන්න බැහැ නේද ? ඉතින් අපට අපේ මනස, භාවනා ක්‍රම මගින් හරි වෙන විදිහකින් හරි පුහුණු කලොත් උඩු තේ සිතුවිලිවල ගල යාම සන්සුන් කරලා යටි හිත මගින් හැගීම් උපදවන්න පුළුවන් විදිහට, ඒ තත්වය පත් වෙච්ච මනස use කරලා law of attraction වලදී යටි හිතට ලබාදෙන ඉල්ලීම් ( ස්වයං යෝජනා ) හැගීම් විදිහට යටි සිතට ඇතුල් කරන්න පුළුවන් නේද ? මොකද, මට හිතන විදිහට අපි යම් දෙයක් කියවල හරි, හිතල සිහින මවල හරි උත්සහ කරන්නේ, අපට අවශ්‍ය හැගීම හරියටම ඇති කර ගන්න නේද ? ඉතින් අපි visualisation කරද්දී වර්තමානයේ වෙලා තියෙනවා කියල හිතින් දකින්නෙත් අපිට අපට අවශ්‍ය හැගීම + විශ්වාසය හිතට ඇතුල් කරගන්න නේද ?

    ඉහත දක්වා ඇති video එකේ සම්පුර්ණ කොටසම මේ ලින්ක් එකෙන් ගන්න පුළුවන්

    https://www.dropbox.com/sh/8g3mq6mqsi1dl77/AAAMbgQg1L_ZzhClv86Eybjva?dl=0

    ReplyDelete
  3. mama me kramaya aurudu 22k pamana athhada balala thiyenawa, namuth apage karmaya mekata balapanawa, apage kendaraye thiyena labim athi dewal ikmanin lebenawa, samahara dewal lebenne ne, oba awasanayata kiya athi බුදුන් වැදීම්, බෝධි පුජා ආදිය කිරීම්, දෙවියන් ඇදහීම්, නක්ෂත්රානුකුල දේවල් කිරීම වගේ දේවලුත් අවශ්‍ය වෙලාවන් වලදී කරන්න yana wakayaya watinawa. law of attraction kramaya moda widihata bhawitha kaloth jiwithaya, kalaya, mudal nasthi wenna puluwan...

    ReplyDelete
    Replies
    1. ou maat muladi meka andha welaa wage kale. passe thama therune hema ekama wenne ne kiyala (Y)

      Delete
  4. මට දැන ගන්න අවශ්‍යයි යම් දෙයක්

    ReplyDelete
  5. මට දැන ගන්න පුළුවන් ද කොටි දත් පැලදිම සහ එ් සම්බන්ධයෙන් කරුණු කාරණා

    ReplyDelete
  6. යෝගීතුමනි, මේ පොස්ටුව සම්බන්දයෙන් ඍජුවම අදාළ නොවුවත්, භාවනාව පිළිබඳව ඉගෙනීමට සුදුසු ගුරුවරයෙකු පිළිබඳව ඔබගෙන උපදෙසක් පතමි. මා තනියම ආනාපානසති භාවනාව වදන අතර ඒ පිළිබඳව ගුරු උපදේශ ලබාගෙන කරගෙනයාමට අදහස් කරමි. බොහොම පින්.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න තරම් කෙනෙක් දන්නා කෙනෙක් නෑ .පොත් කියවන්න

      Delete
  7. මේ කියන "සමාන දේවල් වලට සමාන දේවල් " ( සමාන ශක්තින් )එකතු වෙනව කියන නියමය සම්පුර්ණයෙන්ම හරියනවා " අත්හැරීමෙන් " යුතුව මේක කරන්න පුලුවන්නම්, මොකද මේ කරුණ මාත් හරියටම අවබෝද කර ගත්තේ ඊයේ. අපි 100% අත්හැරීම එක්ක low of attraction පාවිච්චි කරානකොට 100% වඩා අවශ්‍ය දේ ලැබෙනවා පොලියත් එක්කම, මොකද මේ universe එකේදි අපි හදාගත් මායා ලෝකයේ ලබන සාර්ථකත්වය ( සල්ලි / සම්බන්ධතා / රැකියා / ඉගැනීම ) සහ සාමිස සුවය ( තණ්හාව, ආශාව පදනම් කරගෙන ලැබෙන තාවකාලික තත්වය / සතුට / එකෙන් අපිට ලැබෙන ශක්තිය ) ඒ වගේම සත්‍යම බලය, ඒ කියන්නේ බුදු දහමින් ඉගැන්වෙන නිරාමිස සුවය හා ඒ හරහා ගොඩ නැගෙන ශක්තීන් ( සමාධිමය / ධ්‍යානමය / අභිඤාමය / සෘද්ධිමය ) සහ නිරාමිස තර සුවය හෙවත් රහත්බව / නිර්වාණය වගේ හැම දෙයක්ම ලබාගත හැකි කෝකටත් තෛලය " අත්හැරීම " ප්‍රගුණ කිරීමයි. අපගේ මනස විශ්වයේ ඇති අමිල ශක්තිය ලබගෙන, නියමාකාරයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය " වීර්ය, සතිය, ජන්දය සහ ශ්‍රද්ධාව හෙවත් විශ්වාසය " ඇතිවෙලා පංච නිවරණ ධර්ම වගේ බාධා ඇති කරන දේවල් යටපත් කරමින්, සම්පුර්ණයෙන්ම නැති කරන්නත් අත්හැරීමෙන් ලැබෙන පාරිශුද්ධ සිත උපකාර වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කතාවටනම් මම එකඟ නෑ. ඔහොම කතා පතුරවනවා පිටිදුවේ සිරිධම්ම.එයා රහත් වගේ ලෝකෙට පෙන්නුවට ධ්යානයක්වත් නෑ. එයා රහත් වගේ පෙන්නන්නේ bosy language, logis, ධර්මය විකුර්ති කරපු තර්ක වලින්. ධර්මය පරිශීලනය කරලා නැති භාවනා වඩලා නැති අය එයාගේ කෙප්ප වලට අහුවෙනවා.
      එයා කියන යන්නේ සියලු දේ අත්හරින්න එතකොට සියල්ල හම්බෙනවා කියල. එහෙම වෙන්නේ නෑ. එහෙම වෙනවා වගේ තාවකාලිකව පේනවා.ඒ උනාට වෙන්නේ නෑ. රහත් උන හාමුදුරු කෙනෙක් බුද්ධ කාලේ හිටියා පෙර පවක් නිසා මැරෙන දවස වෙනකන්ම හරියට කන්න හම්බුනේ නෑ.
      අනික පිටිදුවේ කියන්නේ සත්‍යවබෝධ කරගන්න නම් සියලු දේ අතහරින්න කියල. එහෙම මිනිස්සුන්ට ඕනි පලියට හිතල අත්හරින්න බෑ. අත්හැරෙන තත්වෙට හිත් පත්කරගන්න එකයි කරන්න ඕනි. විදර්ශනා සතිපට්ඨාන වලින් කරන්නේ ඇත්ත ස්වභාවය දක්වල කලකිරවලා අත්හරෙන්න සලස්වන එක. සත්‍යාවබෝධ කිරීමේදී වෙන්නේ අවබෝධය නිසා ස්වභාවිකව අත්හැරෙන එක . උවමනාවෙන් කාටවත් අත්හරින්න බෑ. සියලු දේ අත්හරිනවා අත්හරිනවා කියා කියා හිත හිත හිටියට අත්හරෙන්නේ නෑ. අත්හරෙනවා වගේ හිත රැවටෙනවා විතරයි. පිටිදුවේ පස්සේ යන මිනිස්සුන්ට වෙලා තියෙන්නේ එයාලා සත්‍ය ධර්මයට වඩා මේ රැවටීමට කැමති ,එකෙන් නිකම් තමන් සත්‍යවබෝධ කරලා වගේ හිතිලා ස්වයන් වින්දනයක් ලැබෙනවා, මිනිස්සු අහුවෙන්නේ ඒකට.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මම පිටදුවේ හාමුදුරුවන්ගේ බණ අහල තියනව. එත් එයාගේ පස්සේ යන කෙනෙක් නෙමෙයි. මම කියපු දේවල් මගේ experience එකෙන්ම කියපුව මිසක් කාගෙවත් කියමනක් එහෙමම දැම්මේ නෑ අත්දැකීමක් නැතුව. මම කියල නෑ ඕන කමින් අත්හැරවන්න පුළුවන් කියල. මම කියපු එකට එකග නෑ කිවුවට, ඔයා දැනටමත් ඒකට එකග වෙලා ඉවරයි. ඔයා උඩින් කියල තියන දේ තමයි මාත් කිවුවේ. මේ ලෝකෙ අපිට බලපෑම් කරලා කරන්න පුළුවන් දෙයක් නෑ. ඔක්කොම .....කෙරෙන ..... දේවල් විතරයි තියෙන්නේ. ඔයා කිවුව වගේම අපේ හිතට කියල යමක් අත්හැරවන්නවත්, බලෙන් අවබෝධ කරවන්නවත් බෑ. ඒක හරි. අපි යම් අරමුණක් හිතට දැම්මහම ඒක හිත විසින්ම තේරුම් ගන්නවා, අවබෝධ කරගන්නවා. ඉස්සර ඉදන්ම ගොඩක් පින් කරපු, හරි පාරේ ඉන්න හිතකට යමක් අරමුණු උන සැනින්ම අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු ප්ර ඥාවක් තියනව. එත් මට වගේ ගොඩක් අයට හිත දුර්වල නිසා විදර්ශනා, සතිපට්ඨාන වගේ භාවනා කරලා, පට්ට්ඨානය, අභිධර්මය, ශුද්ධාෂ්ටක, ත්රිගලක්ෂණ ගැන වගේ ගොඩාක් දේවල් ඉගන ගන්න වෙනවා හිත යමක් අවබෝධ කරන තත්වෙට පත් කරන්න. මේ හැම ඒකෙන්ම අන්තිමට වෙන්නේ ඇලීම අයින් කරලා අත හෑරීම පුරුදු වීමයි. අපි අන්තිමට එන්නේ එතැනටයි. ඒ point එක ගැන තමයි මම කෙලින්ම කියල තියෙන්නේ. එකට එන විදිහ භාවනාව, ධර්මශ්රකවනය, ප්රදයෝගික අත්දැකීමක් ( මරණයක්, රෙදි කඩක් අතින් පිස දැමීමක් ) වගේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. සම්මුති ලෝකයේ අපි නිතරම මනෝ ලෝක වල ඉදන් සිතුවිලි වලින් හිත පුරෝගෙන ඉන්න කොට හිතට හරියට ක්රිියාත්මක වෙන්න බෑ, ඇත්තටම සිතුවිලි / හැගීම් කියල දෙයක් දීල තියෙන්නේ අපිට අවශ්යස දේ හිතට දැනුම් දෙන්න්නත්, හිත තුලින් ඇතිවෙන දැනුම / අවබෝධය හැගීම් විදිහට අපිට ලබාගන්න පුළුවන් වෙන්නත් සහ අපේ සංවේදන ඉන්ද්රිතයන් වලින් ලැබෙන අරමුණු දැනෙන්නෙත් හැගීම් විදිහටම් තමා. ඉතින් මේ හැගීම් කියන උපකරණය අවශ්ය් දේට පාවිච්චි නොකර විකාර හිතන්න පාවිච්චි කරනකොට හිත විකෘති වෙනව, අපිට අවශ්ය් දේට හිත යොමු කරන්න බැරි වෙනව ( සිහිය නෑ ) මොකද අවධානය යොමු වෙලා තියෙන්නේ හිතේ තියන විකාර වලටයි. ඒ වගේම විවිධාකාරයේ සිතුවිලි අධික වේගයෙන් ගලා ඒම නිසා ( ඇසි පිය හෙලන කාලයක් තුල ඇති වී, පැවති, නැති වන සිතුවිලි ප්ර.මාණය = 1000000000000 ( ලක්ෂ කොටි 1යි ) හිත වෙහෙසට පත්වෙලා ..... වීර්ය ..... ඒ කිවුවේ නොසැලෙන උත්සාහය වගේ වැදගත් දේවලුත් නැතිවෙන්න පුළුවන්. ඊට පස්සේ විශ්වාසය, ජන්දය කියන දේ කොහොමත් යටපත් වෙනවා. මෙන්න මේ හිතක් භාවනාව වගේ දෙයකින් එකග කරගෙන, වර්තමානයට හිත පිහිටුව ගත්තහම ( එහෙම නැත්තම් හිත එකග කරන එකයි, අවබෝධය සදහා අවශ්යහ කරුණු එක විට ඇතුලත් කරන භාවනා - පිළිකුල්, බුදු ගුණ ) සිතේ විසිරීම නැති වෙලා හිත හොදින් ක්රිායාකරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි වර්තමානයත් අත හැරියම තමයි නිරාමිස සුවය ( කිසිම දෙකට ඇලීමක් නැතිව දැනෙන සුවය, හිත තුලින් පැන නැගෙන inner peace ) දැනෙන්න ගන්නවා.ආර්ය මාර්ගයේත්, LOA වලත්, සමාධියේත්, පුර්ණ නිදහසේත් { පටන්ගැනීම } මෙතැනයි.

    ReplyDelete
  10. එතකොට සම්මුති ලෝකයේ හටගත් හිතේ ( සම්මුති ගැන මම පස්සේ විස්තර කරන්නම් අහන්න කැමති නම් ) වෙන දේ තමයි, ..... අපි යම් අරමුණක් ගත්තහම / යම් අරමුණකට හිත එකග කරගත්තහම ඒ, එම අරමුණ හිතට ඇතුලත් කරන වෙලාවයි. ..... ඊට පස්සේ එම අරමුණ අතහැරියම ඒ, එම අරමුණ හිතේ තැන්පත් වෙන වෙලාවයි, ඊට පස්සේ දිගින් දිගටම අත් හැරීම ප්රතගුණ කරන කොට අර අරමුණම හිතේ ගැබුරටම තැන්පත් වෙන්ව, මොකද .....අත් හරිම ..... ප්රතගුණ කරනකොට වෙන අරමුණක් සිත තුලින් ඉපදිමටවත්, බාහිරින් උපාදාන වීමටත් හැකියාවක් නෑ. ඉතින් පෙර ගත් අරමුණම තව තවත් තහවුරු වීමයි සිදු වන්නේ. විදර්ශනා භාවනා වලදී හිතට එන සිතුවිලි දිහා බලාගෙන අනිත්යනතාව දැකල අතහැරීමයි සරලව කිවුවොත් සිදුකරන්නේ, එහෙම අතහරින කොට, ඒ ප්රදධාන අරමුණට අමතරව ප්රගති විරුද්ධ අරමුණක් එන්න ඉඩක් නෑ, තණ්හාව නිසා ඇති වන ශෝකය/ බය / .....සැකය ..... ඒ වගේම .....අලසකම ....., ..... සිතේ විසිරීම ..... හා අකමැත්ත / ..... දුක ..... ඇති වීමට ඉඩක් නැති නිසා ඊට ප්ර ති විරුද්ධ වීර්ය, සතිය, ජන්දය සහ ශ්ර ද්ධාව ඇති වෙලා සිතේ ඇති වූ අරමුණ ඉටු කරගන්න උපරිම බලය සපයනවා, අරමුණ බුදු වීම වෙන්න පුළුවන්, සතුට ලබාගැනීම වෙන්න පුළුවන්, car එකක් ලබා ගැනීම වෙන්න පුළුවන්, ඉතින් low of attraction වැඩ කරපු වෙලාවක් තියනව නම්, අපිට නොදැනිම ආකර්ෂණ ක්රිනයාවලියේ අන්තිම පියවර හැටියට .....අත්හැරීම..... සිද්ධ වෙලා තියනව. ඒ ක්රිනයාවලිය සම්පුර්ණ වෙනව. ඒක මුලදී ඇත්තටම විශ්වාස කරන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි. මම LOA පාවිච්චි කරලා කරපු දේවල් වෙන්නේ අත්හැරීම නිසා කියල මටම තේරුම් ගියත්, ඒක මටම පිළිගන්න බැරි උනා අවුරුදු ගානක් යනකන්. ඒ උනාට වැඩේ ලස්සනට වෙනව අපි දැනගත්තත් නැතත්.අපි වෙඩි තියගත්තහම මැරෙනවා කියල දන්නේ නැතුව උනත් වෙඩි තියාගත්තොත් මරෙනවනේ. ඊට පස්සේ LOA පාවිච්චි කරලා උපරිමයට ගිය අය කිහිප දෙනෙකුගෙන්ම ඇහුවහම තමයි ..... අත්හැරීම ..... මේකට කොච්චර දුරට බලපානවද කියල කියල දුන්නේ. මම කියන්නේ නෑ මේක පිළිගන්න කියල, මම කියන්නේ මේක කරන්න කියල, මේවා කිසිම කෙනෙකුට වචන වලින් කියල තේරුම් කරන්නවත්, විශ්වාස කරවන්නවත් බෑ කියල දන්නවනේ.අපිම ප්රනත්ය ක්ෂ කරන්න ඕන. මම මේ site එකෙන් ගොඩක් දේවල් ඉගන ගත්ත ඔබට පින් සිද්ධ වෙන්න, track එකේ යනකොට වැටිච්ච වෙලාවල් වලට මේකෙ තියන දේවල් කියවල ධෛර්ය ගත්ත. ඉතින් මම අවබෝධ කරගත්ත දේ කියන එක මගේ යුතුමක් නිසයි මේ comment එක ගොඩක් වෙලා අරන් සිංහලෙන්ම type කරල දැම්මේ. ඔබට බොහොම පින්.

    ReplyDelete
    Replies
    1. හරිම වටිනා ලිපියක් බොහොම ස්තු

      Delete
  11. Yogi thuma mata postive thinking gana wall pepar download karaganna link ekak denawada

    ReplyDelete
  12. Yogi thuma mata postive thinking gana wall pepar download karaganna link ekak denawada

    ReplyDelete
  13. YOGITHUMANI,THEWANI ASA WIWARA KARAGANEEMATA LAW OF ATTRACTION BAWITHA KARANNA BARIDA?

    ReplyDelete
  14. Sir mata obawa contact krganna puluwanda? kjayashan9@gmail.com

    ReplyDelete
  15. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මගේ ඉස්සරහ කොන්ඩේ අඩුයි නමුත්ඔ වයසට ගිහින්ය අඩු වෙච්ච ගතියක් නෙමෙයි ඔය වගේ දනාත්මකව හිතන ගමන් මගේ කොන්ඩේ වැවේවා කියලා භාවනාවක්විදිහට නිතර නිතර මෙනෙහි කලොත් එය නැවත වරදනය කරගන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. aniwaryen wenawa kiyala kiyanna be. wenna puluwan.
      wewa kiyala prartana kirimak newei mama kiyala tiyenne.post eka apahu kiyawanna

      Delete
    2. හොදමයි

      Delete
  16. මට මෙහෙම ගැටළුවක් තියෙනවා
    මම ලඟදි රටකට යන්න ඉන්නවා නමුත් කිහිප සැරයක් බාධා වුනා ගමනට. නමුත් මට නිතරම් ඒ රට ගමන හිතේ මැවෙනවා. ඒ කියන්නේ නිතරම, මම එහෙට යනවා ගිහින් හොඳ රස්සාවක් කරනවා වහනයක් ගන්නවා, ගෙයක් ගන්නවා නිතරම ලංකාවට එනවා යනවා වගේ දේවල් හිතෙනවා. එහෙම ඉබේ හිතිමත් යම් ඉගියක්ද මේ ගමන සාර්ථක වෙන්න ? නැත්නම් ඕන කමින් මේ පොස්ට් එකේ තියෙන විදිහට හිතන්න ඕනෙද ?
    කරුණා කර පිළිතුරක් බලාපොරොත්තු වෙමි
    බුදුසරණයි

    ReplyDelete
    Replies
    1. ibe hituna paliyata eka wenamawai kiyanna be. ona manussayekta taman asa dewal gena ohoma hitenawa. awashya de kraganna e wenuwen weda karanna oni

      Delete
  17. මේවා ඇහෙන්නම් කියවන්න ඕනිද ? නැත්නම් නිතරම හිතුවොත් හරිද ?

    ReplyDelete
    Replies
    1. hithuwama athi. hithala witharak wedak ne. awashya de wenuwen weda karanna oni. hitha hitha vitarak hitiyata mukut laben ne

      Delete
  18. මට මෙහෙම ගැටළුවක් තියෙනවා කොලවල මේවා සිංහලෙන් ලියලා අලවලා තියෙනකොට සමහර අය මේවා දැකල හිනාවෙනවා එතකොට මම මානසිකව වැටෙනවා. මම රුසියානු බාෂාව දන්නවා. පස්සේ මම රුසියානු අකුරු වලින් ඒවා ලියල අලෙවුවා හරියට *සිංග්ලිෂ් වගේ එහෙම අලවලා උදේ හවස කියෙවුවට කමක් නැද්ද එක බලන අනිත් යට තේරුම් ගන්න බැහැ මොනවද ලියලා තියෙන්නේ කියලා .

    *mata hariyanawa
    waradinne naha වගේ රුසියන් අකුරු වලින්

    ReplyDelete
    Replies
    1. eka prashnayak ne. thamanta terenawanan echcharai

      Delete
    2. mamat owa ammalatawath penna thiyanne ne. minissunta owa gena awabodayak ne

      Delete
    3. මට තව පොඩි ගැටළුවක් තියෙනවා. මේවා හිතන ගමන් ඒවාට උනන්දු වෙන්න ඕනේ එක සහතික ඇත්ත . නමුත් මේවා වෙලා තියෙනවා විදිහට හිතන්න කියන්නේ චිත්‍රපටියක දර්ශන වගේ හිතේ මවා ගන්න එකද ? ( මම පිටරටකට යන එකක් ගැන අදහස් කරේ ?

      Delete
  19. meka karanna one davase hondama welawa mokakda? karunakara pahadili karanna
    sthuthi oba thumata

    ReplyDelete
  20. Yogi thumani hithe thiyana baya nathi karaganna puluwan vidiyak kiyala denna puluwanda loku deyak

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  21. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  22. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  23. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  24. Yam pudgalayek gahanna wage apita bainawa kiyal hithamuko eewage dewal walata godaak baya hithenawa meka samanya thathwayak wenbathi eeth yogi thumani anik ayata wada godaak baya hithenawa meka mansika prashnayak wela thiyenne yogi thumani mehema samaje jeewath wenna amarui me baya nisa anith aya hama welema balanne apiwa yatath karagannamai e nisa me baya nathi kara gana puluwan bhawanak hari nattham wenath kramayak hari kiyala denna puluwannam godak oin yogi thumani nathima karanna barimanam adu karaganna puluwan vidiyak unath kama na yogi oba thumat godak pin......m

    ReplyDelete
    Replies
    1. 1. karate, taekwondo, angampora wage monawahari satan kalawak puruduwenna. taniyen nam karala wedak ne class ekakata ho uganwana tenakta gihin karanna. eket nikam igenagena wedak ne eke fights tournaments play karanna. auruddak dekak karanakota oka hariyanawa.

      2. bawanawak vidiyata thejo kasina bawanawa karanna. ekath auruddak dekak witara karanna oni oka hariyanna.

      3. ita amatarawa mano waidya kenek ho mano upadeshaka kenek hambela oka kiyanna. etakota eyala prathikara krama kiyanawa. ewath karanna.

      4. koleka liyaganna "mage paurshaya dinen dina wardhanaya wenawa" "mama mage hitha dinen dina wada wadaath shakthimath karagannawa" "mama shkthimath sithak thiyena dadi paurshayak thiyena ruju pudgalayek, dawasin dawas mage prashna walata muhuna dime hakiyaawa diyunu wenawa" kiyala. hemadama udetai hawasatai e kole balagena ewa kiyawanna. tika dawasak ewa mataka hitinakam kole balagena kiyawanna. mataka hitiyata passe kannadiyak issarahata gihin ath mita molawagena hodata haiya aragena thamanta ehena gaanata hemita katin kiyawanna ewa kannadiyen taman diha balagena.

      5. tamange bayawal walata munadenna. kerapottanta bayanam kerapotto lagata yanna puruduwenna. kattiyak issaraha katha karanna bayanam awastawa lebena hemawelema kattya issarahata gihin katha kara karanna, speech, reswim wala katha wage dewal karanna. kaluwarata bayanam tika tika kaluware inna, kaluwara then walata yanna puruduwenna. e wage taman baya wenat dewal walata tika tika munadila e bayawal netikraganna patanganna. koleka liyala list ekak hadanna taman baya dewal. ehema liyala e eka eka dewal walata podda podda muhunadenna awasta lebena vidiyata. hebei ekaparata lokuwata karanna yannepa!!. podda podda karanna. podda podda muna dila tiken tika baya netikaraganna.

      6. gym ekakata yanna. hoda instructor kenekgen shedule ekak aragena muscle build up wena, body build up wena hoda workout plan ekak illagena aurudu dekak thunak witara gym yanna.

      oya dewal hayama karanna. owa karanakota oka hariyanawa. hebei oka ekaparata hariyanne ne. auruddak dekak yanawa. e nisa ekadigata aurudu dekak thunak yanakam owa karanna

      7. ita amatarawa puluwannam hoda mohana prathikaara karana thenak hoyagena etanata gihin oya getaluwa kiyala mohana prathikara karaganna

      Delete
  25. පින්තුරයක් වගේ දෙයක් බලාගෙන ඒ දේ visualize කරොත් එක සැබෑ කරගත හැකි වේවිද ?
    උදා: කිසියම් රටක පින්තුරයක් බලාගෙන එහි යන්න හිතන එක වගේ දෙයක් ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති. තව දෙයක් අහන්න තියෙනවා ඇත්තටම මට තේරුණා විධිහට මේ වගේ බ්ලොග් එකක් ගැන දැන ගන්නත් පිනක් තියෙන්න ඕනේ නේද මහත්මයා? මට ඒක හොඳට තේරිලා තියෙනවා මොකද මම මේ බ්ලොග් එක ගැන දන්න කිපදෙනේක්ටම කිවුවා නමුත් එයාලා එක බලන බවක්නම් මට තේරුනේ නැහැ. ලෝකයේ බිලියන ගානක් වෙබ් අඩවි තිබ්බට උන් බලන්නෙම මුණු පොතනේ...

      Delete
    2. ou niwaradi bhawana guruwarun munagehena, niwaradi poth path kiyawanna, niweradi website kiyawanna labennat pinak thiyenna oni

      Delete
  26. obathuma me karana sewaya godak watinawa........
    ........

    ReplyDelete
  27. THANKS ,GOOD LESSTION

    ReplyDelete

Post a Comment