Featured Post

සිත් කියවිය හැකි ක්‍රම ( Mind Reading Telepathy )

Telepathy
Telepathy
කීප දෙනෙක්ම සැරින් සැරේ කරපු ඉල්ලීම නිසා සිත් කියවන හැකියා ලබාගන්න ආකාර ගැන මේ ලිපියෙන් විස්තර කරන්න තීරණය කළා. සිත් කියවීමට වෙනම කෙටි භාවනා හෝ ක්‍රමවේද නෑ. සාමාන්‍ය භාවනා කරලා හැකියාව ලබා ගැනීම කල යුතුයි. mind reading හැකියා ලබාගැනීමට පුළුවන් ක්‍රම 3ක් තියෙනවා. පලවෙනි දේ තෙවැනි ඇස විවර කරගැනීම. අනිත් ක්‍රමය මනිපුර චක්‍රය විවර කරගැනීම. අවසාන ක්‍රමය වෙන්නේ ධ්‍යාන ලබාගැනීම. ධ්‍යාන ක්‍රමය සඳහා අඩුමගානේ ප්‍රථම ධ්‍යානයවත් අවශ්‍යයි. ඊට වඩා ලේසි ක්‍රමනම් සිත් කියවීම සඳහා නෑ. මේ ක්‍රම වලින් ලේසිම ක්‍රමය වෙන්නේ තෙවැනි ඇස භාවිතය. මනිපුර චක්‍ර ක්‍රමය හා ධ්‍යාන මාර්ගය ලේසි වෙන්නේ දැනටමත් ධ්‍යාන ලබාගන්න උත්සහාවත් කරන කෙනෙක්ට විතරයි.

third eye මගින් සිත් කියවීමට මුලින්ම තෙවැනි ඇස විවර කරගන්නම අවශ්‍යයි. තෙවැනි ඇස විවර කරගත්තම ඒ මගින් කරන්න පුළුවන් දේවල් තමන්ටම තේරෙනවා. තෙවැනි ඇසෙන් තමන්ට සිත කියවීමට අවශ්‍ය කෙනා අරමුණු කලාම සිත කියවන්න පුළුවන්. third eye විවර කරන නිවැරදි භාවනා කියවීමට මේ ලින්ක් ක්ලික් කරලා යොමුවෙන්න :
1.ගින්දර භාවිතය
2.සුළඟ භාවිතය
3.ජලය භාවිතය

නාභියට අඟලක් පිටුපසින් තියෙන මනිපුර චක්‍රය හුස්ම මගින් විවර කරගනිමෙනුත් අනුන්ගේ සිත් කියවීමේ හැකියාව ලබාගන්න පුළුවන්. මේ සඳහා කරන්න ඕනි නාභිය හරහා හා මනිපුර චක්‍රය හරහා හුස්ම  එනවා යනවා හිතමින් දීර්ඝ වෙලාවක් භාවනා කිරීම.
හුස්ම නාභිය හරහා - මනිපුර චක්‍රය හරහා - ඇතුලට ගිහින් - නැවත මනිපුර චක්‍රය හරහා - නාභිය හරහා හුස්ම පිටවෙනවා සිතමින් භාවනා කරන්න.  මේ යෝගය වැඩිය යුත්තේ මිට කලින් එකදිගට කාලයක් තිස්සේ මොනයම් හෝ භාවනාවක් කරලා සැලකිය යුතු තරම් දුරට මානසික එකඟ කමක් ඇතිකරගෙන තියෙන කෙනෙක් විතරයි. මිට කලින් භාවනාවමය දියුණුවක් නොලැබූ කෙනෙක් හෝ අලුතෙන්ම භාවනා පටන් ගන්න කෙනෙක් මේ අභ්‍යාසය කලොත් අනිවාර්යෙන්ම සිහි විකල් වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා අධිමානසික හැකියා වලට ලෝබ වෙලා තමන්ගේ සාමාන්‍ය මානසික මට්ටමත් නැතිකරගන්නෙපා. ටික කාලයක භාවනා පළපුරුද්දක් හා එමගින් මානසික දියුණුවක් ඇති කරගත්  අය විතරක් මේ අභ්‍යාසය කරන්න.

ධ්‍යාන  ක්‍රමය සඳහා මුලින්ම භාවනාවකින් හිත එක්තැන් කරගන්න වෙනවා. මම වැඩියෙන් භාවිතා කල ක්‍රමය තේජෝ භාවනාව නිසා තේජෝ භාවනාවෙන් සිත් කියවන ක්‍රමය සරලව පැහැදිලි කරන්නම්. මේ භාවනාව සම්ප්‍රදායික තේජෝ කසිණ භාවනාව නෙවෙයි. පහසු ආසනයකින් වාඩි වෙලා පහන් දැල්ලක් හෝ ඉටිපන්දම් දැල්ලක් දිහා බලාගෙන තේජෝ තේජෝ කියලා හිතමින් හෝ ගින්දර ගින්දර කියල හිතමින් හිත එකඟ කරන්න. ටික වෙලාවක් දැල්ල දිහා බලාගෙන භාවනා කරලා ඇස වහගෙන පෙනෙන දැල්ල දිහා බලාගෙන හිත එක්තැන් කරන්න. දැල්ල නොපෙනී යනකොට නැවතත් ඇස ඇරලා භාවනා කරලා නැවතත් ඇස වහන් භාවනා කරන්න.

මේ විදියට භාවනා කරද්දී හිත හොදින් එක්තැන් උනාම ඇස ඇරගෙන ඉන්නකොට පෙනෙන විදියටම ඇස්  වහගෙන ඉද්දිත් පහන් දැල්ල එකදිගටම පෙනෙන අවස්තාවක් එනවා. මේ තත්ත්වයට කියන්නේ උද්ග්‍රහ නිමිත්ත කියලා. මේ වෙලාවේදී හිත ගොඩක් දුරට එක්තැන් වෙලා වුනත් හොදටම එක්තැන් වෙලා නෑ. සැරින් සැරේ වෙන අරමුණු වලට හිත යනවා.  මේ තත්වයට ආවම ඇස වහගෙන පෙනෙන දැල්ල දිහා බලාගෙන එකදිගට හිත එක්තැන් කරන්න. මේ විදියට එකදිගට හිත එක්තැන් කරනකොට හිතට වෙන කිසිම අරමුණක් එන්නේ නැතිව එකදිගටම පහන් දැල්ල පේන තත්වයට හිත පත්වෙනවා. සමහරුන්ට මේ අවස්ථාවේදී පහන් දැල්ල වෙනුවට බල්බ් එකකින් එලිය විහිදෙනවා වගේ ආලෝක පුංජයක් පේනවා. මේ අවස්ථාවේදී හිතට අරමුණු වෙන භාවනා අරමුණට (පහන් දැල්ල හෝ ආලෝක පුංජය)ට කියන්නේ පටිග්‍රහ නිමිත්ත කියල. මේ අවස්ථාවට තමා සරලව කියනවනම් ප්‍රථමධ්‍යානය කියන්නේ.

මේ විදියට දිගටම හිත එක්තැන් කරලා 4 වෙනි ධ්යානයටම හිත එක්තැන් කලාම ධ්යානමය හිතින් අධිෂ්ඨාන කරලා පරචිත්ත විජාණන ඥාණය ලබාගෙන අනුන්ගේ සිත් බලන්න පුළුවන්. ඒ සඳහා ගොඩක් මහන්සි වෙන්න වෙනවා.

ඒත් ඊට කලින් ප්‍රතමධ්යාන මට්ටමට හිත එක්තැන් කරගත්තම තමන්ට අවශ්‍ය වෙලාවට ධ්‍යානයට එලබිල අධිෂ්ඨාන කරලා හෝ වෙනත් උපක්‍රම මගින් අනුන්ගේ සිතක් බලන්න පුළුවන්. ධ්‍යාන මට්ටමට ආවම ඒ සඳහා කරන්න ඕනි දේ තමන්ටම තේරෙනවා. තමන් කරන භාවනාවේ හැටියට කල යුතු ක්‍රමවේදය වෙනස් වෙනවා.
මේ ක්‍රමය ධ්‍යාන මගින් සිත් කියවන්න පුළුවන් ලේසිම ක්‍රමය. මේ විදියට වෙනත් භාවනාත් කරලා ප්‍රතමධ්යානය ලබාගෙන හිත කියවන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමය කරන්න පුළුවන් කසිණ භාවනා , ආනාපානසති භාවනා වගේ භාවනා වලට විතරයි. මෛත්‍රී, බුද්ධානුස්සති වගේ භාවනා වල භාවනා අරමුණු වල ස්වභාවය  කසිණ අරමුණු වලට  වඩා වෙනස් නිසා ඒ භාවනා මගින් මේ උපක්‍රම භාවිතා කරන්න බෑ.

මිට අමතරව ආනාපානසතිය, මෛත්‍රී භාවනාව, අනිමිත්ත භාවනාව, වගේ භාවනා කරනකොට ධ්‍යාන මට්ටමට කලින් යම් තරමකට හිත එක්තැන් උනාම අනුන් හිතන දේවල් දැනෙන්න ගන්නවා. අනිත් අය කියන්න යන දේවල් එයාලා කියන්න කලින් තමන්ට හිතට දැනෙනවා. හැබැයි මේ මට්ටමේදී තමන්ට උවමනාවෙන් වෙන කෙනෙක්ගේ හිත කියවන්න බෑ. ඉබේ දැනෙනවා විතරයි, ඒ සිදුවීම් හැමවෙලාවටම සිද්ද වෙන්නෙත් නෑ සමහර වෙලාවට විතරයි වෙන්නේ.


mind reading හැකියා ලබාගන්න උත්සහ කරන අය වෙනුවෙන් සාමාන්‍ය මට්ටමේ සිතුවිලි කියවීමේ හැකියාවක් ලබාගන්න පුළුවන් අධිමානසික අභ්‍යාසයක් මම සඳහන් කරන්නම්. මේ සඳහා තවත් කෙනෙක්ගේ උදවු ඕනි වෙනවා. යාලුවෙක් හෝ පවුලේ කෙනෙක් වගේ කෙනෙක් එක්ක මේ අභ්‍යාසය කරලා බලන්න. මුලින්ම තමන් ආනාපානසතිය හෝ අනිමිත්ත භාවනාව දිනපතා වඩන්න ඕනි. වෙනත් භාවනාවක් දැනටම කරනවානම් එමගින් හොදින් හිත එක්තැන් වෙනවනම් ඒ භාවනාවම කලත් කමක් නෑ. අභ්‍යාසය විදියට කරන්නේ අභ්‍යාසයට සහභාගී කරගන්න කෙනාට යම් දෙයක් හිතන්න කියල තමන් ඒ දේ හිතින් අරමුණු කරගන්න උත්සහ කිරීම. මුලදීම මේ සඳහා ප්‍රතිවිරුද්ද ද්විත්ව කරුණු භාවිතා කරන්න (උදා:- ඉර හඳ , ආලෝකය එලිය , සුදු කළු ). තමන්ගේ යාලුවට සුදු කළු පාට දෙකෙන් එකක් තෝරාගෙන එක ගැන හිතන්න කියල එයා හිතන දේ තමන්ගේ හිතින් අරමුණු කරගන්න උත්සහ කරන්න. දවස් කීපයකට පස්සේ ඉලක්කම් 10කින් එකක් හෝ පලතුරු වර්ග 10කින් එකක් වගේ දෙයක් හිතන්න කියල ඒ දේ අරමුණු කරගන්න උත්සහ කරන්න. මේ විදියට ටිකෙන් ටික ගැඹුරු කරගෙන යන්න. මේ මගින් අනුන්ගේ සිතුවිලි වලට තමන්ගේ හිතේ හා තමන්ගේ මොලයේ සංවේදීතාවය ටිකක් වැඩිකරගන්න පුළුවන්. හැබැයි මේකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ දිනපතා භාවනා කරන ගමන් කලොත් විතරයි. ඒ වගේම මේකෙන් අනුන්ගේ හිත කියවීම වගේ සංකීර්ණ හැකියාවක් ලබාගන්න බෑ.

මේවා තමා හිත කියවන්න පුළුවන් විදි විදියට තියෙන්නේ. සමහර පොත් වල දකින්න තියෙනවා වෙන කෙනෙකුගේ ඇස් දිහා බලන් ඉදල හෝ නළල මැද දිහා බලන් ඉදලා හිත කියවන්න කියල. ඒ ක්‍රම ප්‍රායෝගිකව කලාට ප්‍රථිපලයක්නම් දැකල නෑ. සැලකිය යුතු  තරමකට හිත එක්තැන් නොකරනම් mind reading හැකියාවක් ලබාගන්න පුළුවන් කමක් නෑ. සිත දියුණු කරගත් කෙනෙක්ට වෙනත් කෙනෙකුගේ ඇස් හෝ නළල දිහා බලා ඉදීමෙන් සිත් කියවීමේ හැකියාව ලබාගන්න පුළුවන් වෙයි. ඒත් පංච අභිඥා වලට අදාළ පර සිත් දැකීමේ හැකියාව හෙවත් පරචිත්ත විජානන ඥානය ලබාගැනීමට කල යුත්තේ චතුර්ථ ධ්‍යානය ලබාගෙන අන් අයගේ හෘදය දෙස බලාගෙන සිතුවිලි කියවීමට උත්සාහ කිරීම. පරචිත්ත විජානන ඥානය ලබාගැනීමේ ක්‍රමය කියවීමට (මෙතන ක්ලික් කරන්න )

* උද්ග්‍රහ නිමිත්ත ගැන කිව යුතු විශේෂ දෙයක් තියෙනවා. උද්ග්‍රහ නිමිත්ත කියන්නේ පහන් දල්ල දිහා එකදිගට බලන් ඉදල ඇස් වහගත්තම පහන් දැල්ලේ හැඩේට පෙනෙන ආලෝක ලපය නෙවෙයි. ඒක භාවනා කරන කෙනෙක්ට නෙවෙයි ඕනම කෙනෙක්ට බල්බ් එකක් දිහා බලන් ඉදලා ඇස් වහගත් විටත්පෙනෙනවා. උද්ග්‍රහ නිමිත්තේදී පෙනෙන්නේ ආලෝක ලපයක් නෙවෙයි පහන් දැල්ල වගේම ඒ පාටවල් වලින්ම යුක්ත රූපයක්. හැබැයි ඒ දැල්ල ඇත්ත පහන් දැල්ල තරම්ම දීප්තිමත් නෑ. එත් හැඩය හා පාටවල් පහන් දැල්ල වගේමයි. මේ උද්ග්‍රහ නිමිත්තයි ආලෝකයක් දිහා බලන් ඉදියම ඇසේ ඇතිවෙන ආලෝක ලපයයි වෙන් කරලා හදුනාගැනීම අත්‍යවශ්‍යයි. ආලෝක ලපය ගැන භාවනා කරලා සමාධිය ඇතිකරගන්න පුළුවන් කමක් නෑ.

* මනිපුර චක්‍රය ගැනත් කිවයුතු විශේෂ දෙයක් තියෙනවා. මනිපුර චක්‍රය තියෙන තැන ගැන වැරදි මතයක් ලංකාවේ ගොඩක් පොත් වල තියෙනවා. මනිපුර චක්‍රය පිහිටලා තියෙන්නේ නාභියට එක එල්ලේ අඟලක් පිටුපසින්. නාභියට අඟලක් පිටුපසින් මිසක් නාභියට පහලින් නෙවෙයි. නාභියට සම මට්ටමෙන් පිහිටලා තියෙන්නේ.

*** කුන්ඩලිනි භාවනා කිරීමට පෙර අනිවාර්යෙන් කියවිය යුතු උපදෙස් ලිපිය කියවීමට ( මෙතන ක්ලික් කරන්න )

ලිපියේ සදහන් කර ඇති කරුණු වලට අමතරව පුද්ගලික යෝග උපදෙස්, භාවනා උපදෙස් හා මනෝවිද්‍යාත්මක උපදෙස් සේවාවන් ලබාගැනීමට Facebook පිටුවට Message කරන්න ( මෙතන ක්ලික් කරන්න )

(මෙම ලිපි අනවසරයෙන් උපුටාගනිමෙන්ද ලිඛිතව මුද්‍රිතව හෝ උපුටා දැක්වීමෙන්ද වලකින්න.)

Comments

  1. මම තෙවෙනි ඇස භාවනාව මාස 2ක පමන කාලයක සිට වඩනවා.එත් මට තාම සිත එකග කරගන්න බෑ.කිසිම ප්‍රතිපලයකුත් නෑ.මම මොකක්ද කරන්න අවශය.

    ReplyDelete
    Replies
    1. මොකක්ද භාවනා අරමුණ? ගින්දරද හුස්මද ජලයද?

      Delete
    2. ගින්දර

      Delete
    3. හුස්ම හෝ ජලය 2න් තමන්ට වැඩියෙන් ගැලපෙනවා කියල හිතෙන දේ තෝරාගෙන ආපහු මුල ඉදන් භාවනාව කරන්න

      Delete
  2. පෝස්ට් එක නියමයි අයියා .
    තව තවත් මේ වගේ ලිපි ලියන්න අයියා.
    අපි බලාගෙන ඉන්නවා අයියා .

    ReplyDelete
  3. post eka dammata bohoma pin,man kalayak thisse indan anapanasathiya wadanawa,ara kenke kiyanna yana de danena eka mata boho welawata wenawa... obata boho pin..

    ReplyDelete
  4. භාවනා කරද්දී එක එක දේවල් ඔළුවට එනඑක නවත්වන්නෙ කොහොමද..

    ReplyDelete
    Replies
    1. භාවනා තියෙනේ ඒකට තමයි . භාවනා කරනවා කියන්නේ කොටින්ම හිතට එන එන ඒවා නවත්තලා අපිට ඕන දේ කරන එකම තමයි .

      Delete
    2. හ්ම්ම් හිතට එන ඒවා නවත්තගන්න එක තමයි භාවනාව
      ඒවා ගැන නොහිත අරමුණ ගැනම හිතන්න

      Delete
  5. obathuma kiuwa widihata kundalini bawanawa wadanna issara wela sitha ekaga wena bawana wak widihata maithree bawanawa koccara kalayak wadanna oneda

    ReplyDelete
    Replies
    1. man kundaliniyata kalin maithree wadimak kiyala nene? prashnaya pahadili ne

      Delete
  6. කුණ්ඩලීනී භාවණාව පටන් ගැනීමට පෙර අනාපානසතිය වැඩීම අනිවාර්යයිද? වැඩිය යුතු
    නමි කොපමණ කලක් වැඩිය යුතුද?

    ReplyDelete
    Replies
    1. kundalini bhawanawa gena mama dala thiyena post eka hariyata kiyawnna. eke oya prasneta uttare thiyenawa. blog eke dakunu pette udama tiyenawa link eka

      Delete
  7. Nikan iddi nilpata eliyak penila yanne ai

    ReplyDelete
  8. Man chakra gana godak kiyawala thiyanawa... Ath away open karaganna amarui aiye.oya me dala thiyana post akata pin.apita tikak private katha karanna puluwanda? Plz

    ReplyDelete
  9. Sr man 3n wana asa bawanawa karanawa ....ath vinadi dakak yanna issara maga nalala hiriwatanawa....ita passa man bawana karana aka nawathwanawa ..etapassa nalala kasana gatiyak tiyanawa..oluwa ridana gatiyakuth tiyanawa sr,man monawada karanna ona

    ReplyDelete
  10. Psychic attack navatthana vidiya gana lipiyak danna ko ?

    ReplyDelete
  11. ඇහිබැම දෙක මැදින්(ඒ කියන්නේ නළල මැදින් )ඉහල පහළ යනවා කියලා හිතාගෙන භාවනා කලොත් ලැබෙන ප්‍රතිඵල මොනවද???

    ReplyDelete
  12. nidi iriyauwen indan unath manipura chakraya haraha husma enawa yanawa hithan bawana karata kamak nadda,pin,..theruwan saranai!

    ReplyDelete
  13. mata obathuma hamuwee bavanawan pilibadawa wisthara denaganna puluwanda

    ReplyDelete
    Replies
    1. Danaganna deyak tyenawanan blog ekata cment kranna nettan facebook page ekata msg kranna. Page eke nama - kundalini yoga srilanka

      Delete
  14. මේ වගේ වටින post දානවට ඔබ තුමාටත් ඔබ තුමාට මේ දේවල් ඉගැන්වු ගුරුවරුනටත් පිං.....

    ReplyDelete
  15. Jalaya(water) palanaya karanna puluwan kramayak thiyanawada? Ahema kramayak thiyanawa nm kohomada karanne kiyala sadahan karanna....

    ReplyDelete
  16. Apo kasina bawanawa karanne kohomada karanne kiyala kiyannako

    ReplyDelete
    Replies
    1. jalaya bawitayen theweni asa wiwara karaganima kiyana post eke mama dala thiyenawa .eka kiyawanna

      Delete
  17. Koi wage Jalaya palanaya kiriime hakiyawakda labaganna puluwan apo kasina bawanawen...

    ReplyDelete
  18. තෙවනි ඇස විවර කරගත්තහම යෝග දින වලදි එලියට යන්නැතුව ආරක්ශා වෙලා ඉන්න ඔනෙද you yube video එකක් තිබ්බ එහෙම ආරක්ශා විය යුතු දේවල් තියෙනවද

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නෑ. බොරු කතාවක්

      Delete
  19. මම.කරන්නෙ හුස්ම උඩට අරන් පුලුවන් තරම්.වෙලාවක් තියාගෙන ඉදලා තත්පර හතරක් වගෙ හුස්ම පිට කරනවා හිතින් හුස්ම ගැන විතරක් හිතාගෙනම .

    මම හුස්ම මගෙ නලල හරහා.ඇතුලට.යනවා එලියට එන විදියට කරා.නලල මැද කකියනවා.වගෙ මට දැනෙනවා මට පද්මාසන ඉන්න අමාරැයි.ගොඩක් වෙලා.ඉතිම් තාම ඉන්නෙ විනාඩි හතරක් පහක් වගෙ දිගටම.අවුරුදු ගානක්.කරොත්.මොකක්ම හරි ප්‍රතිඵලයක් එයිද

    ReplyDelete

Post a Comment