Featured Post

හිත ඉක්මනින් එක්තැන් කරන ජපමාල භාවනාව Simple Meditation

                                           
සරල භාවනා
සරල භාවනා

ඔරලෝසුවක් භාවිතයෙන් වඩන භාවනාව ( Click here ) වගේ හිත ඉක්මනින් සමාධිගත වෙන තවත් භාවනාවක් පැහැදිලි කරන්නයි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ. ආනාපානසති භාවනා, සමථ භාවනා වැනි භාවනා කරලා හිත එක්තැන් කරගන්න අපහසු වුන අය ඉන්නවනම් මේ භාවනාව කරලා බලන්න හොදින් හිත එක්තැන් කරගන්න මේ මගින් පුළුවන්. මේ භාවනාව සරල උනත් ඉතා පැරණි කාලයේ පටන් ඍෂි වරු පවා කරන භාවනාවක්. මේ සඳහා ජප මාලයක් ( නවගුණ වැලක් ) අවශ්‍යයි. රුද්‍රාක්ෂ ඇට වලින් හදපු ඇට 108ක් සහිත ජප මාලයක් ගන්න පුලුවනන්ම් වඩා සුදුසුයි. ප්ලාස්ටික් පබළු වලින් තැනු ජප මාලයක් භාවිත කලත් වැරද්දක් නෑ.

භාවනාව කිරීම සඳහා නිශ්ශබ්ද තැනක පහසු ඉරියව්වකින් හිදගන්න. ඇට මාලය දකුණු අතට අරන් ඇට එකින් එක පහලට කරන්න. එසේ කරන ගමන් 1 සිට 108 දක්වා සිතින් ගණන් කරන්න. හැකිනම් පැය 2ක් 3ක් පමණ මේ විදියට භාවනා කරන්න. හිත හොදින් එක්තැන් වෙනකම් මේ විදියට සති 4ක් එක් ඇටයෙන් ඇටය ගණන් කරන්න.

සති 4කින් පසු රුද්‍රාක්ෂ/ පබළු 2 බැගින් ගණන් කරන්න. මුල් පබළු 2 පහලට කර 1යි කියා හිතන්න. ඊලග පබළු 2 පහලට කර 2 යි කියා හිතන්න. මේ විදියට රුද්‍රක්ෂ ඇට/ පබළු 2 බැගින් 1 සිට 54 දක්වා ගණන් කරන්න.

ඒ ආකාරයට භාවනා කර සති 3කින් පමණ පසු පබළු/ රුද්රාක්ෂ 3න් 3ට ගණන් කරන්න.

සති 3කින් පබළු 4න් 4ට ගණන් කරන්න.

සති 3 කින් පබළු 6න් 6ට ගණන් කරන්න.


මේ භාවනාවත් සරල භාවනාවක් උනත් ඉතාම ගැඹුරට හිත එක්තැන් කරන්න උපකාර වෙන භාවනාවක්. කාර්යබහුල ජිවිත ගත කරන අයට එදිනෙදා වැඩ කරන ගමන් හිත එක්තැන් කරගන්න මේක ගොඩක් උපකාර වෙනවා. ඒ වගේම සමථ භාවනා කලාට හිත එක්තැන් කරගන්න අමාරු අය ටිකක් කල් මුලින්ම මේ භාවනාව පුරුදු කරලා සමථ භාවනා කරන්න ගත්තොත් හොදින් භාවනාව සාර්ථක කරගන්න පුළුවන්. අධ්‍යාපනය ලබන දරුවන්ට මතකය දියුණු කරගන්න මේ භාවනාව ගොඩක් උපකාර කරගන්න පුළුවන්.

මේ භාවනාව කාලයක් පුරුදු කරනවිට  අපි සිතින් එකම දේ දෙවරක් හිතන බව දකින්න ලැබෙනවා. මේ භාවනාව මගින් හොදින් සිහිය දියුණු උනාම සිතේ ඇතිවෙන සියුම් සිතුවිලි ස්වභාවයක් වෙන් කර හදුනාගැනීමේ හැකියාව ලැබෙනවා.
අපි එක, දෙක, තුන ආදී විදියට ගණන් කරන විට මුලින්ම ඒ ඒ ඉලක්කමට අදාළ සිතේ හදුනාගැනීමක් / සංඥාවක් ඇතිවෙනවා. ඊට පසු අපි සිතුවිලි වලින් ඒ සංඥාව සිතනවා. පලවෙනි ඇටය පහලට කරන විටම සිතට "මේ 1 වෙනි පබළුව " කියල හදුනාගැනීමක් ඇතිවෙනවා. ඒත් එක්කම "එක" කියන සිතුවිල්ල සිතනවා. අවශ්‍ය නම් අපිට "එක, දෙක" ආදී විදියට සිතින් කියවමින් හිතන්නේ නැතිව සංඛ්‍යාවට අදාළ සංඥාව හෙවත් හදුනාගැනීම විතරක් සිහිපත් කරලා භාවනාව කරන්න පුළුවන්.
මේ ස්වභාවය ඉරියාපථ සතිපට්ටාන භාවනාව හා චිත්තානුපස්සනාව ලිපියේදීත් මම විස්තර කළා. සාමාන්‍ය සිහියක් ඇති අවස්තාවක අපිට මේ සියුම් සංඥාව පෙනෙන්නේ නෑ. මේ භාවනාව කෙටි කාලයක් වැඩිමෙන්ම ඒ සංඥාව හදුනාගැනීමේ හැකියාව ලැබෙනවා.


*** කුණ්ඩලිනි ශක්තිය අවධි කරන භාවනාව ලිපිය කියවන්න :- ( මෙතන ක්ලික් කරන්න )

*** තෙවැනි ඇස විවර කිරීමේ භාවනාව ලිපිය කියවීමට
          :-  (මෙතන ක්ලික් කරන්න )

*** ආධුනිකයන් භාවනා/ කුණ්ඩලිනි භාවනා ආරම්භ කල යුතු ආකාරය ලිපිය
 :- ( කියවීමට මෙතන click කරන්න )

*** සියලු භාවනා සදහා පොදු උපදෙස් ලිපිය කියවීමට(මෙතන ක්ලික් කරන්න)



ලිපියේ සදහන් කර ඇති කරුණු වලට අමතරව පුද්ගලික යෝග උපදෙස්, භාවනා උපදෙස් හා මනෝවිද්‍යාත්මක උපදෙස් සේවාවන් ලබාගැනීමට Facebook පිටුවට Message කරන්න ( මෙතන ක්ලික් කරන්න )

(මෙම ලිපි සම්පුර්ණයෙන් හෝ  කරුණු වශයෙන් උපුටාගැනීමෙන් හා වෙනත් යමක පළකිරීමෙන් වලකින්න )

Comments

  1. hansi wela indagena anapanasathi bhawanawa kalata kamak nadda,mokada wedi wela wadi wela inna amarui konde wedanawa nisa,numbata saha numbe guruwaraya hata pin me karana mehewarata..

    ReplyDelete
    Replies
    1. හාන්සි වේලා ආනාපානසතිය කරන්න හොඳ නෑ. බුදුහාමුදුරුවෝ ආනාපානසති දේශනාවේ කියලම තියෙනවා ආනාපානසතිය වඩන්න පලක් බැඳගෙන වාඩි විය යුතුයි කියල

      Delete
  2. iriyauwa amaru nisa ema kale, godak durata anga gana nodani pawenawa wage danenawa,e hitha yam thak tharamakata ekanga una nisada,obata pin me karunu pahada dunnata..

    ReplyDelete
    Replies
    1. ou. hitha ekthan wenna patangannakota paawenawa daneneawa. hebei e patangenma witharai. e nisa pawena hegima gena hithannathuwa ekadigata bawanawa karanna. naththam ethanin udata hitha ekanga karaganna beriwenawa.e wagema bawanawa nokara oya hegima vidinna giyama tika dawasakin oya tharamatawath hitha ekthan wennethi wenawa. ekadigata bhawanawama karanna .etakota eka welawakadi ege amaru neti wela yanawa.ethakota onatharam wela bhawana karanna puluwan

      Delete
  3. numbata pin,idiriyatath gatalu mathu wunoth nubata kiyannam,theruwan saranai!

    ReplyDelete
  4. භාවනා කරනවනම් සංසර්ගයෙන් වැලකි සිටිය යුතුද.විශේශයෙන් 3RD eye භාවනාව වඩද්දි.

    ReplyDelete
    Replies
    1. නෑ.එහෙමනම් මන් පොස්ට් වල සඳහන් කරනවා. ඕවා එක එක්කෙනාගේ මනස්ගාත

      Delete
  5. මම දින හතක කාලයක සිට තෙවෙනි ඈස බාවනාව කරනවා.එත් මට තාම සිත එක අරමුනක තියා ගන්න බෑනේ.එක එක විකාර දේවල් හිතට එනවා.එතකොට ඉටිපන්දම් දැල්ල පෙනෙන්නෑතුව යනවා.මුල් දින දෙක තුන ප්‍රස්නයක් තිබ්බේ නෑ.මොකක්ද මම මෙයට කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හැම වෙලෙම් භාවනා කරන්න එනකොට මුණ, ඇඟ , කකුල් හෝදගෙන ඇවිත් කරන්න පටන් ගන්න. භාවනාව කරන්න කලින් හොදින් හිතට අරන් දත් මිටි කාගෙන හරි අධිෂ්ඨාන කරගන්න කොහොමහරි භාවනා කරන වෙලාව ඇතුලත හිත එකඟව තියාගන්නවා කියලා. විනාඩියක් විතර මුකුත් නොහිතා මුකුත් නොකර කිසිම අරමුණකට අවධානය නොදක්වා ඉදලා හිත හිස්ව තියාගන්න. ඊට පස්සේ භාවනාව පටන්ගන්න

      Delete
    2. සති 2ක් විතර මේ විදියට කරලා ප්‍රතිපල නැත්තම් කියන්න

      Delete
    3. හා.බෝහෝම ස්තූතියි..

      Delete
    4. bawanawa gana godak de kiyanna thiyenawa ea hagim walata wachana ekak wath na ane manda

      Delete
  6. mama blog ekaka dakka guruwarayek nathiwa chakra awadhi karanna gihihama ansha baaga thatwaya athi wenawa kiyala.meya atthakda?.mama 3RD Eye baavanawa wadanawa lagaka sita mage konda tikak ridenawa.nameddi ehema papuwa adenawa wage.atthatama ansha baage thatwaya athi wenawada.pahadili pilithurak balaporotthu wemi.bohoma stuthei..

    ReplyDelete
    Replies
    1. hari bhawanawa hari piliwelata karanwanam ehema wen ne. weradi bhawanawak kaloth ho hari bawanawa weradi vidiyata kaloth vivida leda hadenna puluwan. ansha baga hadennath puluwan. hebei kalathurakin echchara deyak wenne. konda ridena ekanam ekadigata bawana asanekin inna nisath enawa

      Delete
    2. bhawanawa karanna kalin shiwa deviyanta ho thaman adahana devi kenekta wandanaa karala pin dila bhaawanaawa saarthaka wennath weradim sidda nowennath udau illanna

      Delete
  7. මම තෙවෙනි ඇස භාවනාව වඩනවා.මට දැනගන්න පුළුවන්ද ඔබ තුමාගේන් අත් අරින්න ඕන නරක පුරැදු මොනවාද කියලා.උදාහාරනයක් හැටියට පන්සිල් පද පහා ඒ විදිහටම රකින්න අවශයද?

    ReplyDelete
    Replies
    1. ehema vishesha deyak ne. pansil walin palaweni 3 rakinna oni. anunta haanikarana paliganna aramunu nathi karaganna eka hodai

      Delete
  8. හා..බෝහෝම පිං.

    ReplyDelete
  9. නලල මැද්දේ නලියනවා....තදින්ම දැනෙනවා ඒත් ආලෝකයක් නොපෙනේ...

    ReplyDelete
  10. මෙහෙම ප්‍රස්නයක් අහනවට මුලින්ම සමාවෙන්න.එත් මෙය අසා විසදා ගත යුතුයි.මම ස්වයං වින්දනයට හුරැවි සිටින කෙනෙක්.මම තෙවෙනි ඇස භාවනාව කරනවා.මා ස්වයං වින්දනය නෑවතිය යුතුද?.

    ReplyDelete
    Replies
    1. ewa prashnayak ne. hebei karana deyak bhawana karanna kalin karanna. bhawana kalaata passe karannepa

      Delete
    2. eka prashnayak nowene na adhimaanasika. weradi de kiyadenna epa.

      Delete
    3. භාවනාවක් පොඩි දුරකට පමණක් දියුණු කරපු කෙලවරට නොආපු ,භාවනා ගැන ධර්ම අවබෝධය වැඩි ,ප්‍රතක්ෂ්‍ය අත්දැකීම් අඩු ගොඩ දෙනෙක් කියන කතා මේවා. ඔබතුමාත් ඒ මට්ටමේ වගේ තමා තේරෙන්නේ. මේ භාවනවටවත් මම කියල තියෙන වෙන කිසිම භාවනවකටවත් ස්වයංවින්දනය කළා කියල ප්‍රතිපල ලබාගන්න බැරි කමක් නෑ

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. Mn 3d eye bhawnwa krnn ptn arn dn dwas 3k withra wenwa.mge hitha thanka thiyagnn bari hinda mn japamla bhwanawai,animitta samadi bhawanwth wdanwa.oba thumagen dangnn puluwnd me bawna thunma ekt krta kmk ndd kiyla.
    3d eye bhwanwedi pahan dalla e thiyena widihtma penenkn hitha diunu krgtha yuthud?obthuma me krn sewyt bohoma pin.

    ReplyDelete
    Replies
    1. Hobda ne. Bawana dekathuna ekapara karannrpa. Ekak vitarak kranna

      Delete
  14. ata malaya ganan karanakota eka athe hira wena gatiyak enawa etakota hita athe hira wena tana gana hetenewa.ekata mikada karanne?

    ReplyDelete
  15. මටත් ආසයි භාවනා කරන්න මම යුද හමුදාවේ සේවය කරන්නේ ඉතින් මට නැ ටයිම්

    ReplyDelete
    Replies
    1. dawasata peya bagayak peyak bawana karanna. wedi welawak natuwata kamak ne.

      Delete
  16. Mata bawnawa karanawada ona. Hitha ekathan Karaganna monawada karanawada ona

    ReplyDelete
  17. ගුරුවරයකු නොමැතිව තනිව භාවනා කිරිම ආධුනිකයෙකුට සුදුසුද

    ReplyDelete
    Replies
    1. bawana karana ayagen 90%kma aadunika kaledi taniwa bawana karanna patangatta aya tama. eke kisima gataluwak ne

      Delete
  18. නවගුණ වැලෙන් මේක කරාට කමක් නැද්ද

    ReplyDelete
  19. වයස් සීමාවක් නෑනේ

    ReplyDelete
  20. බාවන කරනකොට මදුරුවෝ කනවා , කසනවා වගේ දැනෙන්න ගන්නවා ඇස් ඇරියගමන් මදුරුවොත් නෑ කසන්නෙත් නැහැ . ඒ මොකද

    ReplyDelete
    Replies
    1. භාවනා කරනකොට සමහරුන්ට ඔහොම සංවේදන ඇතිවෙනවා. ඒවා සාමාන්‍ය දේවල්. ටික කාලයක් ගියාම ඉබේම නැතිවෙනවා ඕවා

      Delete
  21. අයුබොවන් ,mata rudraksha maalayak hoyaagana hakiweyida?
    .......
    Hari mala hoaganne kohomada

    ReplyDelete
  22. Meken dyana wadanna,chakra awadi karanna puluwanda

    ReplyDelete
  23. ඔබට බොහෝ පින් අත්වේවා..
    සුවපත් වෙත්වා..
    නිරෝගී වෙත්වා..
    මට මේ ලිපිය උපුටා ගෙන බෙදා හරින්නමයි හිතුනෙ. ඒත් ඔබ එයට අකමැති බව කියා ඇති නිසා මම මගේ වචන වලින් මේ ගැන පලකරනවා.. ඔබට බොහෝ පින්. මං ඒක සමඟ මෙහි link 1 පලකරන්නම්.වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක දාන්න
      භාවනාව වෙන ආකාර වලින් පලකරන්න එපා

      Delete
  24. Me bhawanawa ,ada uda idn karata kmk na neda?

    ReplyDelete
  25. Meka karaddith hithata eka eka dewl enwa,amarui hitha ekaga karaganna,hithen ganina gaman iddi wena wena ewath hithenawa,ane mekata karanna puluwn deyk kiyadenna yogithumani 🙏

    ReplyDelete
    Replies
    1. හැමෝටම එහෙම තමයි. ඒකට තමයි ඉතින් භාවනා කරනවා කියන්නේ. වෙන අරමුණු එද්දී අමාරුවෙන් හරි ඒවා ගැන නොහිතා හිත එක්තැන් කරන්න උත්සහ කරන්න ඕනි. කාලයක් එහෙම කරනකොට තමයි හරියන්නේ

      Delete
  26. Yogithumani,apita kenekwa amathaka karanna hari ,kenekwa ape hithin ath arinna hari,puluwn widyk thiyanawada,mata eka una kiyala prashnayk na ,eth mata bhawana karaddi eka badhawak ,eka hinda kenekta thiyana adarei balaporoththui okkoma athaarala danna puluwn widiyk thiyanawanm kiyanawada?

    ReplyDelete
    Replies
    1. හැමදාම බන අහන්න , බන පොත් කියවන්න
      අභිධර්මය ඉගෙනගන්න
      ඒ ගමන් විදර්ශනා භාවනා කරන්න - ධම්මානුපස්සනා හා අසුභ භාවනා දෙක ප්‍රධානව

      Delete
  27. Bawana kireema thora ganna charitha 6k thiyenawane.eken mata charitha 3k thiyenwa.e raga,dwesha,shradhdha yana charitha 3i.mama e charitha 3tma adala bawana kala yuthuda?

    ReplyDelete
    Replies
    1. ඒවාට අදාළ භාවනා වලින් තමන් වැඩියෙන් කැමති භාවනාව කරන්න.
      භාවනා දෙක තුනක් එකපාර කරන්නෙපා

      Delete
  28. Yogithumani, මම ජපමාල භාවනාව වඩද්දි ඒ රුද්‍රාක්ෂ ඇට සිතින් ගනිද්දි ටික වෙලාවකින් හදුනාගැනීමකින් තොරවම ඒක වෙනවනෙ ( ඒ කියන්නෙ රුද්‍රාක්ෂ ගැනගෙන යද්දි ඒව මේ තියෙන්නෙ 1,මේ තියෙන්නෙ 2 කියල හිතෙන්නෑ නිකන්ම පුරුද්දට ඉලක්කම් කියවෙනව, ගනන් කෙරෙනව වගේ එකක් වෙන්නෙ) ඒකට මා මොකද කරන්නෙ

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයක් නෑනේ ඉතින්

      Delete
  29. මම අහල තියෙනවා කුන්දලින ශක්තිය අවදි කරද්දී
    පියවරෙන් පියවර ගිහින් අවසානයේ එකවර එම ශක්තියේ ලබගත
    යුතු බව නැතිනම් කොන්ද පන නැති වෙනවා කියල එක ඇත්තක්ද ? මිත්‍යාවකද ?

    ReplyDelete
    Replies
    1. මම කියල තියෙන විදියට හරියට කරනවා නම් එහෙම ගැටළුවක් වෙන්නේ නෑ

      Delete

Post a Comment