Featured Post

කුණ්ඩලිනිය අවධි කරන යෝගාසන

                                         
                                     යෝගාසන යනු ශරීරයේ ශක්තිය ගලා යන මාර්ග නිසි පිළිවෙලකට සකස් කරන ඉරියව් පැවැත්වීමක්. යෝගාසන වැඩිම මගින් ශරීරයත් මනසත් ශක්ති ගලයාමත් නිවැරදි ලෙස සුසර (tune) වෙනවා. සරල වගේම ඉතා අපහසු සංකීර්ණ ඉරියව් සහිත විවිද යෝගාසන රාශියක් යෝග ධර්මය තුල තිබෙනවා. විවිද යෝගාසන මගින් ඒවාට අදාළ විවිද ප්‍රතිපල ලැබෙනවා. මෙම ලිපියෙන් මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ කුණ්ඩලිනිය අවදි වන යෝගාසන කිහිපයක් පිළිබඳවයි. මේ යෝගාසන වැඩීමෙන් භාවනා නොකර උනත් කුණ්ඩලිණිය අවදි වීම සිදුවනවා. ඒත් යෝගාසන කිරීමෙන් පමණක් කුණ්ඩලිනිය අවදි කිරීමට ඉතා දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒ වගේම ඒ සඳහා දවසකට පැය 7ක් 8ක් වගේ දීර්ඝ වෙලාවක් එකම යෝගාසනය ප්‍රගුණ කළ යුතුයි. ඊට වඩා බොහෝ පහසුයි භාවනා කිරීමෙන් කුණ්ඩලිනිය අවධි කිරීම. කුණ්ඩලිනි භාවනාව  ලිපියේදී මම පැහැදිලි කල කුණ්ඩලිණිය අවදි කරන භාවනාව කරන කෙනෙක් කාලය තිබෙනවනම් මේ යෝගාසනත් පුරුදු කිරීම හොදයි. ඒ මගින් භාවනාවෙන් කුණ්ඩලිනිය අවධි කිරීම පහසු හා ඉක්මන් වෙනවා. මේ ආසන මගින් වෙන්නේ මුලාධාර චක්‍රයේ සිට කුන්ඩලිනිය අවදි වීම පමණයි. වෙනත් චක්‍ර සක්‍රිය වීම මේවා මගින් සිද්දවෙන්නේ නෑ.

යෝගාසන පටන් ගන්න කලින් මාංශ පේශීන් ඇදීමේ ව්‍යායාම (stretching exercises) සරලව කිරීම හොදයි.  වෙහෙස වී අමාරුවෙන් කිරීම සුදුසු නෑ. දාඩිය පෙරාගෙන හති දමාගෙන යෝගසන පටන් ගන්න එපා. යෝගාසන සෞම්‍ය විදියටයි වැඩිය යුත්තේ.

යෝගාසන වැඩීමට හොදම වෙලාව අළුයම් උදේ කාලය සිට උදේ 11 අතර කාලය. නිවස තුල හෝ බාහිරයේ පිරිසිදු නිදහස් ස්ථානයක ඇතිරිල්ලක් වැනි දෙයක් එළලා හිදගෙන යෝගාසන කරන්න. යෝගාසන වැඩීමට කලින් ශරීරය බාහිරය හා අභ්‍යන්තරය පිරිසිදු කරගන්න. මල මුත්‍ර බැහැර කර ස්නානය කිරීමෙන් හෝ ඇඟ සේදීමෙන් පස්සේ ආසන ප්‍රගුණ කරන්න. මේ සඳහා හැකි තරම් සැහැල්ලු ඇඳුමක් ඇදගන්න.
 
ආරම්භයේදී එක ආසනයක් කෙටි කාලයක් පුරුදු කරන්න. ටිකෙන් ටික වෙලාව වැඩි කරගන්න. නියම ආකාරයෙන් ආසනය පුරුදු කරනවානම් මද වෙලාවකින් ආසනය සිද්ධි වීම වෙනවා. එවිට ඉබේම හිත එක්තැන් වෙනවා. කයට හරිම සැහැල්ලුවක් දැනෙනවා. ඒ වගේම හිතටත් සැහැල්ලුවක් හා සැපයක් දැනෙනවා. සාමාන්‍ය වෙලාවට වඩා හිතේ ගැඹුරු බවක් එක්තැන් බවක් මේ වෙලාවට දැනෙනවා. මේ තත්වයට පත් උනාම ඒ ආසනයෙන් හිදිම සැප සහගත දෙයක් වෙනවා. මාංශ පේශීන්, සන්ධින් වල කැක්කුම් රිදීම් නොදැනී යනවා. ඒ නිසා දීර්ඝ වෙලාවක් උනත් ආසනයේ ඉන්න පුළුවන්. ආසනයට එලබුනාට පස්සේ ශරීරය, අත පය හොලවන්න එපා. පැයක් විතර කිසිම සෙලවීමක් නැතුව එකම ඉරියව්වෙන් ඉන්න උත්සහ කරන්න.

කුණ්ඩලිනිය අවධි කරගැනීමට පහත යෝගාසන වැඩිම උපකාර වෙනවා.

1) පද්මාසනය
භාවනා කිරීමට, ප්‍රානයාම කිරීමට හා මන්ත්‍ර මැතිරීමට හොදම ආසනය පද්මාසනයයි. මේ සඳහා පළමුවෙන් දකුණු කකුල හෝ වම් කකුල නවා අනෙක් කකුලේ කලවය මත තියන්න. මීළඟට ඉතිරි කකුල නවා පළමු කකුලේ කලවය උඩින් තියන්න. කකුල් දෙක එකිනෙක හරහා වැටෙන ලෙස හා පතුල් උඩට හැරී තිබෙන ලෙස සකස් කරගන්න. හිස කඳ ගෙල ඍජුව තබාගන්න. අත් වල මහපට ඇඟිලි හා දබර ඇඟිලි එකිනෙක ස්පර්ශ කර දණහිස් මත තබාගන්න.

පද්මාසනය කරද්දී කකුල් නැවි තිබෙන නිසා නහර හා ස්නායු හිර වෙලා කකුල් සුදුමැලි වීම හා හිරිවැටීම වෙනවනම් කකුල් දිග ඇරලා විනාඩි 5ක් විතර ඉදලා නැවත ආසනයට සකස් කරගන්න. ලේ ගමනාගමනය නැවතී තිබීම දිගු වෙලාවක් සිදුවීම සෞඛ්‍යට අහිතකරයි. ඒ නිසා පද්මාසනය පුරුදු කරන්න අපහසු අය පොඩි වෙලාවකින් පටන් ගෙන ටිකෙන් ටික කාලය වැඩි කරන්න.


2) සිද්ධාසනය
වම් කකුල නවා විලුඹ  ලිංගාශ්‍රිත ප්‍රදේශය ස්පර්ශ වන ලෙස තබාගන්න. දකුණු කකුල නවා වම් කකුල උඩින් විලුඹ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ස්පර්ශ වෙන ලෙස තබාගන්න. දකුණු කකුලේ පතුලේ විලුඹ හැර ඉතිරි කොටස වම් කකුල තුල තබාගන්න.(රුපයේ ලෙස). හිස කඳ ගෙල ඍජුව තබාගන්න. අත් වල මහපට ඇඟිලි හා දබර ඇඟිලි එකිනෙක ස්පර්ශ කර දණහිස් මත තබාගන්න.


3) අර්ධ මත්ස්යෙන්ද්‍රාසනය
දකුණු පාදය නවා විලුඹ අධෝමුඛය ආසන්නය ස්පර්ශ වන ලෙස තියාගන්න. වම් කකුල කෙලින් තබාගෙන දකුණු දණහිසට එහායින් වම් විලුඹ තියන්න. දකුණු අතින් වම් කකුලේ මහපටඟිල්ල අල්ලගන්න. දකුණු අතේ කිහිල්ල යටින් වම් කකුලේ දණහිස පිහිටන ලෙස දණහිසට උඩින් අත තියාගන්න. හිසත් උඩු කයත් වම් පැත්තට හරවන්න.  වම් අත කොන්ද පිටුපසින් යවා දකුණු කලවය අල්ලගන්න. පැය භාගයකින් පමණ පසු ප්‍රතිවිරුද්ධ පැත්තටත් මේ විදියටම ආසනය පුරුදු කරන්න.




4) පුර්ණ මත්ස්යෙන්ද්‍රාසනය
බිම වාඩිවෙන්න. කකුල් දිගහරින්න. දකුණු කකුල නවා විලුඹ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ගෑවෙන ලෙස වම් කලවය උඩින් තියන්න. දකුණු දණහිසට එහායින් වම් විලුඹ තියන්න. දකුණු අතින් වම් කකුලේ මහපටඟිල්ල අල්ලගන්න. දකුණු අතේ කිහිල්ල යටින් වම් කකුලේ දණහිස පිහිටන ලෙස දණහිසට උඩින් අත තියාගන්න. හිසත් උඩු කයත් වම් පැත්තට හරවන්න.  වම් අත කොන්ද පිටුපසින් යවා දකුණු කලවය අල්ලගන්න. පැය භාගයකින් පමණ පසු ප්‍රතිවිරුද්ධ පැත්තටත් මේ විදියටම ආසනය පුරුදු කරන්න.




5) වක්‍රාසන
බිම වාඩිවෙන්න. දෙපා දිගහරින්න. වම් විලුඹ දකුණු දණහිස ගෑවෙන ලෙස තියාගන්න. අත්ල හොදින් බිම ස්පර්ශ වන ලෙස වම් අත පිටුපසට කර පොලව අල්ලන්න. වම් දණහිස තෙරපෙන ලෙස දකුණු අතින් පොලව අල්ලන්න. පැය භාගයකින් පමණ පසු ප්‍රතිවිරුද්ද පැත්තටත් ආසනය පුරුදු කරන්න.




6) සර්වාන්ගාසන
බිම ඇතිරිල්ලක් එලා උඩුකුරු අතට නිදාගන්න. දෙපා අහස දෙසට ඔසවන්න. දෑත් වල වැලමිට බිමට තබා අත්ලෙන් පීට අල්ලාගෙන උඩුකයත් ඉහලට ඔසවන්න. උරහිස් , බෙල්ල , හිස හා වැලමිට මගින් පමණක් ශරීරයේ බර ඔසවාගෙන ඉන්න ලෙස ශරීරය පවත්වාගන්න. විනාඩි 5කින් පමණ පටන්ගෙන ක්‍රමයෙන් කාලය වැඩි කරන්න.



7) සුප්ත වජ්රාසනය
මෙය පුරුදු කිරීමට පෙර හොදින් stretching exercises කරන්න. පළමුව වජ්‍රාසනයෙන් හිඳගන්න (පහත රුපය)

මීළඟට දෙවැලමිට දෙපසින් බිමට තබා උඩුකුරු අතට නිදාගන්න.හිස හා පීට බිම ස්පර්ශ වන ලෙස තබාගන්න. පහත ආකාර 3න් ඕනෑම විදියකින් ආසනය ප්‍රගුණ කරන්න.







8) වෘශාසන
බිම වාඩිවෙන්න. දකුනු පාදය නවා විලුඹ අධෝමුඛය ස්පර්ශ වන ලෙස තියාගන්න. වම් කකුල නවා දකුණු කකුල උඩින් තියන්න.  වම් පතුල බිම ස්පර්ශ වන ලෙස තියාගන්න. වම් අත්ල උඩින් දකුණු අත්ල තබාගන්න. හිස කඳ ගෙල ඍජුව තබාගන්න.




9) ශිර්ෂාසන
ඝනකම් ඇතිරිල්ලක් හෝ මෙට්ටයක් මත පමණක් මේ ආසනය පුරුදු කරන්න. ඒ වගේම මෙය කලයුත්තේ හිස්බඩ පමණයි. ආරම්භයේදී බිත්තියක් අසල පුරුදුවෙන්න. හිස නමා දෙවැලමිට අතරින් නළල බිම තියන්න. ඉන්පසු සෙමින් කකුල් ඉහලට ඔසවන්න. විනාඩියකින් පමණ පටන්ගෙන දිනෙන් දින ක්‍රමයෙන් කාලය වැඩි කර පැය භාගයක් පමණ තෙක් කාලය වැඩි කරගන්න. මේ ආසනය පුරුදු කිරීමෙන් පසු විනාඩි 5ක් පමණ උඩුකුරුව සයනය කර විවේක ගන්න. ශිර්ශාසනය කිරීමේදී ශරීරයේ  මුළු බරම හිස හා ගෙල මතට එන නිසා පියවරෙන් පියවර සෙමින් පුරුදු වෙන්න. විශේෂයෙන් මහත ශරීර තියෙන අය හොඳ සැලකිල්ලෙන් හා අවධානයෙන් ශිර්ශාසනය පුරුදු කරන්න.



                                                   

ලිපියේ සදහන් කර ඇති කරුණු වලට අමතරව පුද්ගලික යෝග උපදෙස්, භාවනා උපදෙස් හා මනෝවිද්‍යාත්මක උපදෙස් සේවාවන් ලබාගැනීමට  Facebook පිටුවට Message කරන්න ( මෙතන ක්ලික් කරන්න )


(මෙම කරුණු අනවසරයෙන් සම්පුර්ණයෙන් හෝ කරුණු වශයෙන් උපුටාගැනීමෙන් හා වෙනත් යමක පළකිරීමෙන් වලකින්න.)

Comments

  1. ශීර්ශාසනය කරනකොට ටිකක් පරෙස්සම් වෙන්න ඕන නේද ? . බෙල්ල ගස්සෙන්න පුළුවන් පියවරවල් හරියට කරේ නැතොත් . මොකද ඇඟේ බර ඔක්කොම බෙල්ලට එන නිසා ඒ බර බෙල්ලට දෙන්න ඕන පියවරෙන් පියවර .
    එකපාරටම දෙන්න හොඳ නැහැ .
    එල g-)

    ReplyDelete
  2. අැත්තටම ඔවා කරන්න පුලුවන් වැඩද??????? දැන් කාලෙ... මට නමි පිස්සු වග‍ෙ...

    ReplyDelete
    Replies
    1. මම මේ කරන්න ලේසි ටික විතරයි දැම්මේ.මිට වඩා ගොඩක් අමාරු ආසන තියෙනවා. ඒවත් කරන දුප්පත් පෝසත්, ආසියානු යුරෝපිය මිනිස්සු දහස් ගණන් ඉන්නව. youtube search කරලා බලන්න

      Delete
  3. ඔබට සහ ඔබේ ගුරුත්මාට බොහොම පින්. මම ඔබේ කලින් කුන්ඩලිනිය ගැන කියල තිබ්බ පොස්ට් කියෙව්ව, නමුත් ඒ ක්‍රම 3 ම කරන්න සිද්දසනය හෝ පද්මාසනය අවශ්‍යයි නේද? මම කොචර උත්සහ කලත් ඒ අසන වලින් ඉන්න මගේ කකුල් දෙකයි කොන්දයි රිදෙනවා ඉවසන්න බැරි තරම්, මට වයස 21i සෞක්යමත් ඉතින් මම හිතනවා ගොඩක් අයට මේ ප්‍රශ්නේ ඇති කියල, කරුණාකර හුදී ජන පහන් සංවේගය උදෙසා සිද්දසනය සහ පද්මාසනයෙන් ඉන්න හැටි තව ටිකක් මුල සිට කියල පුලුවන්ද? අලුත් පොස්ටුවකින් නම් වඩා හොදයි.

    ReplyDelete
    Replies
    1. Internet search kalama vdo godak thyenawa. Man e deka gena venama post ekak dannam .bohoma stuthi

      Delete
  4. මචං. මට කිසිම ආසනයක ඉන්න බෑ. සාමාන්‍ය භාවනා කරන විදිහට ඔීක කරන්න බැරිද?

    ReplyDelete
  5. Pin sida vaie mama kundlina yoga gana puduma vidhata hoyanawa pinsida vaie maga mawa bagana ba mag email 1 dana obata pin sida vaie mama oba tumanla muba gahana vidhak keyana TP no 1 dana puluwanda maga ni 1 0715962714

    ReplyDelete
  6. ගුරුතුමනි.. පද්මාසනේ ඉන්නකොට දනහිසෙයි වළලුකරෙයි වේදනාවට මොනවාද කරන්න ඕන.... මට පැය භාගයකට වඩා පද්මාසනය ඉන්නම බෑ. අනිත් ආසන නම් පුරුදු කරේ නෑ.... ගොඩක් පින් ඔබ තුමාට....

    ReplyDelete
    Replies
    1. amaruwak denenawanan kakul digaarinna. oka kaalayak purudu kalama hariyanawa.
      streching exercies karanna hemadama kakul walata

      Delete
  7. හොඳමයි ගුරුතුමනි. ගොඩක් පින් ඔබ තුමාට....!

    ReplyDelete

Post a Comment