Featured Post

සියලු භාවනා වලට පොදු උපදෙස් - පැහැදිලි කිරීම පිණිසයි!



මේ බ්ලොග් අඩවියේ අප පලකරන සියලුම භාවනා හා අභ්‍යාස පුද්ගලිකව ප්‍රතිඵල අත්දැකපු ඒවා පමණයි. ඒ වගේම කුණ්ඩලිනිය අවධි කරගත් හා ධ්‍යාන ලැබූ වෙනත් අයගේත් දෙවියන්ගේත් උපදෙස් ලිපි වලට එකතු කර තියෙනවා. මේ ක්‍රම පල කිරීමේ එකම අරමුණ වන්නේ මාර්ගය හොයන අයට අතරමන් නොවීමට  නිවැරදි මාර්ගය දැක්වීමත් ඒ මගින් පිනක් කරගැනීමත් විතරයි. 

* බොහෝ දෙනෙක් සමථ විදර්ශනා භාවනා සමග යෝග භාවනා පටලවගන්නවා. ධ්‍යාන ලබාගන්න භාවනා හා විදර්ශනා භාවනා, යෝග භාවනා වලට වඩා සම්පුර්ණයෙන් වෙනස්. ඒ නිසා ඒවා කරන විදියට යෝග භාවනා කරන්න එපා. ඒවාට අදාළ උපදෙස් යෝග භාවනා වලට යොදන්නෙපා.
* ඒ වගේම සමථ, විදර්ශනා භාවනා සමග යෝග භාවනා mix කරගන්න එපා. ඒවා කරනවානම් ඒවා වෙනම කරලා ඉවරවෙලා යෝග භාවනා කරන්න පටන්ගන්න.
* යෝග හා බෞද්ධ භාවනා එකට දාලා hybrid භාවනා කරන්නත් එපා.

* අධිමානසික හැකියා ලබාගන්න ලෝබ කමෙන් භාවනා දෙක තුන එකපාර කරන්න යන්නෙපා. එක භාවනාවක් විතරක් තෝරාගෙන මුලින් ඒ භාවනාව කරන්න. ඒක කරලා ඉවරවෙලා වෙන භාවනාවක් කරන්න. එක පාර භාවනා දෙක තුන කරන්නෙපා. මුලින්ම එක භාවනාවක් තෝරාගෙන මාස තුනක් එකදිගට ඒ භාවනාව විතරක් කරන්න. අඩුමගානේ එකදිගට මාස තුනක්වත් එක භාවනාවක් උත්සහ නොකර වෙනත් භාවනාවක් කරන්න එපා. එකවර භාවනා දෙක තුන කිරීම මගින් එක භාවනවක්වත් හරියට කරගන්න වෙන්නේ නෑ. ඒ වගේම එසේ කිරීමෙන් මානසික ආබාධ ඇතිවෙන්නත් පුළුවන්.
වෙලාව ඉතුරු කරගන්න කියල භාවනා දෙක තුන එකවර කලාට හිතන තරම් ඉක්මණින් ඉර්ධිමය හැකියා ගන්න ලැබෙන්නේ නෑ.

* මේ භාවනා සමග වෙනත් පොත් පත්, පාඨමාලා හා ඉගැන්වීම් වල උගන්වන කුණ්ඩලිනි භාවනා කරන්න එපා. වෙනත් භාවනා කරනවා නම් මාස 3ක් පමණ ඒවා වෙනමම කරලා අවසාන වෙලා මේ භාවනා කරන්න.

* කුණ්ඩලිනි හෝ තෙවැනි ඇස භාවනා දවසට දෙතුන් සැරයක් කරන්න එපා. මාස 6 ක් පමණ එකදිගට භාවනාව පුරුදු උනාට පසු දවසට දෙතුන් වරක් කලාට කමක් නෑ. දවසට දෙතුන් වර භාවනා කරන්න යාමෙන් ලෙඩ රෝග, මානසික ආබාධ ඇතිවෙන්නත් පුළුවන්. භාවනාවට අලුත් අය කිසිසේත්ම දවසට දෙතුන් පාර භාවනා කරන්න එපා.

* සමථ හෝ විදර්ශනා භාවනා කලාට කුණ්ඩලිනිය අවධි වෙන්නේ නෑ.
ඒ වගේම තමයි කුණ්ඩලිනි භාවනා කරලා සත්‍යාවබෝධ කරන්න බෑ.
සමහර යෝග භාවනා මගින් ධ්‍යාන ලබාගන්නනම් පුළුවන්.

* කුණ්ඩලිනිය අවධි කිරීමට ධ්‍යාන අත්‍යවශ්‍ය නෑ. හැබැයි සැලකිය යුතු මට්ටමක සමාධිමත් බවක් අත්‍යවශ්‍යයි.

* සහස්‍ර චක්‍රය අවධි වූ විට සසරින් මිදෙනවා කියල සමහර පොත් වල සඳහන් වෙලා තියෙනවා. ඒක සම්පුර්ණෙන්ම බොරු මතයක්. එහෙමනම් බුදුරාජාණන් වහන්සේ නමක් පහල වෙන්න අවශ්‍යතාවක් නෑ. එවැනි දේ උගන්වන අය විශ්වාස කරන්නෙපා. කවුරුන් හෝ සමථ විදර්ශනා මගින් කුණ්ඩලිනිය අවධිකිරීමක් හෝ යෝග භාවනා මගින් නිවන් දැකීමක් උගන්වනවානම් ඔවුන් ඒ කිසිම භාවනාවක් හරියට දියුණු කරගෙන නෑ.

* මාර්ගඵල ලැබීමෙන් කුණ්ඩලිනිය අවධි වෙන්නේ නෑ. මාර්ගඵල ලැබීමට කුණ්ඩලිනිය අවධි වීම අවශ්‍යත් නෑ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය නිසා කුණ්ඩලිනි ශක්තිය ඉබේම අවධිවෙනවා. එත් රහතන් වහන්සේලා සියලුම දෙනා කුණ්ඩලිනිය සහිත අය නෙවෙයි. කුණ්ඩලිනිය සහිත රහතන් වහන්සේලාත් කුණ්ඩලිනිය නැති උනත් ධ්‍යාන බලයෙන් ඉර්ධි දැක්විය හැකි රහතන් වහන්සේලාත් කුණ්ඩලිනිය හෝ ඉර්ධි කිසිවක් නැති රහතන් වහන්සේලාත් ඉන්නවා. රහතන් වහන්සේ නමකට අනිවාර්යෙන්ම ධ්‍යාන තිබෙනවා. ඒත් ඉර්ධි තිබීම අනිවාර්ය නෑ.

* ධ්‍යාන මගින් ලැබෙන ඉර්ධිමය හැකියා කුණ්ඩලිනි චක්‍ර අවධි කිරීමෙන් ලැබෙන හැකියා වලට වඩා වෙනස්. ක්‍රම දෙකෙන්ම කරන්නේ එකම ක්‍රියාව උනත් කරන විදිය වෙනස්. ඉර්ධිමය හැකියා සිතේ සමාධිය නැති වුනු විට නැති වෙනවා. කුණ්ඩලිනිය අවධි කිරීමෙන් ලැබෙන හැකියා වලට සිතේ සමාධිය බලපාන්නේ නෑ.

මේ භාවනා හා යෝග ක්‍රම ප්‍රත්‍යක්ෂයෙන් සත්‍ය බව තහවුරු කරගත් ඒවා විතරයි. ඒත් අපට අප උගන්වන භාවනා සත්‍ය බවවත් අපගේ චක්‍ර සක්‍රිය බවවත් අනුන්ට ඔප්පු කර සිටීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. වෙනත් රටවල මේ භාවනා සොයන අය හිමාලය, නේපාලය, ටිබේටය වගේ ස්ථාන වලට ගොස් ගුරුවරයන්ට දිනපතා වන්දනා කරමින් විවිද දුෂ්කර තත්ත්ව විඳ දරාගෙන අපහසුවෙන් භාවනා පුරුදු කරනවා නිවැරදි භාවනා දැනගන්න අවස්ථාවක් නැති නිසා. අප මේ ක්‍රම අත ළඟටම ගෙනත් දෙන විට සමහරුන්
"ඇත්තටම ඕවා අරගෙනද ඉන්නේ?"
"ඔප්පු කරලා පෙන්නන්න පුලුවන්ද?"
"අනාගතේ පේනවනම් ඉස්සරහට වෙන්න තියෙන දෙයක් කියන්නකෝ"
"මගේ ගිය ආත්මේ කියන්නකෝ"
වැනි අභියෝග කරනවා. යෝග ශාස්ත්‍රය ගෝලයා ගුරුවරයාට වන්දනා කර ලබාගන්නා දෙයක් මිසක් ගුරුවරයා ගෝලයාට මැජික් පෙන්වා අනේ කරුණාකර මේක පිළිගන්න කියා ආයාචනය කරන දෙයක් නොවේ.
අප ඔබට මිහිපිට දෙවියෙකු වීමේ මාර්ගය පෙන්වන අතර ඔබට කැමතිනම් එය පරික්ෂා කල හැකි අතර අකමැතිනම් අත්හැරිය හැකි. පින් ඇත්තෝ අපරික්ශාවෙන්ම ප්‍රගුණ කරති. වාසනාව ඇත්තෝ පරික්ෂා කර හෝ පිළිගනිති. මා කියනා දේ ඔබ විශ්වාස කරාවි යයි මා හට කිසිදු අපේක්ෂාවක් නොමැති අතර ඔබ ඒවා විශ්වාස කලද නොකලද මා ඒ පිළීබදව කිසිදු තැකීමක් කරන්නේ නැත. එය විශ්වාස කිරීමෙන් වාසියක් සැලසෙන්නේ ඔබට මිස මට නොවේ. එමනිසා කුණ්ඩලිනි චක්‍ර වල බලයන් ධ්‍යාන බලයන් ඔප්පු කර කර පෙන්වීමේ කිසිම අවශ්‍යතාවක් මා හට නැත.
ශක්ති ලාභින් හා ධ්‍යාන ලාභින් තමන්ට අභියෝග කරන කරන හැම කෙනාටම තමන්ගේ හැකියා පෙන්න පෙන්න යන්නේ නෑ. පින හෝ සුදුසුකම ඇති කෙනෙක් ඉල්ලීමක් කලොත් ඒ පුද්ගලයාට එවැනි දෙයක් අත්විදීමට සැලැස්වීම හොදයි කියල හිතුනොත් විතරක් තමන්ගේ බලයෙන් යමක් කරනවා.



බුදුරජානන් වහන්සේවත් මුණගැහෙන මුණගැහෙන පුද්ගලයන්ට ඉර්ධි පෙන්න පෙන්න හිටියේ නෑ. ඕනෑම කෙනෙකුට ප්‍රගුණ කර බැලිය හැකි භාවනා මම පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා කිරීමේදී එක් එක් මට්ටම් වලදී ලැබෙන දේ පිළිබදව විස්තර කර තිබෙනවා. තමන් ප්‍රතිපදාව වඩනවිට ප්‍රතිපල අත්දැකීමේදී අපගේ මට්ටම කුමක්ද කියල දැනගන්න පුළුවන් වේවි. එහෙම නැතුව මේවා ප්‍රායෝගිකව නොකර පිටින් බලලා විවේචනය කර කර ඉන්න අඥානයන්ට කිසිවෙක් ඇවිත් ඔප්පු කරන්නේ නෑ. බුදුදහම, යෝග ශාස්ත්‍රය මන්ත්‍ර ශාස්ත්‍රය වැනි දේවල් ඇත්තද බොරුද කියල දැනගැනීමට ඇති එකම මාර්ගය තමන් ප්‍රායෝගිකව ඒවා කිරීම විතරයි. තමන් හරි පාරේ ගමන් කරන්න ගත්තම තමන්ට කලින් ඒ පාරේ ගිය අය මුණගැහෙන්න අවස්තාව ලැබෙනවා. එහෙම නැතුව මුකුත් නොකර පිටින් ඉදන් ප්‍රශ්න කර කර සිටියට කවදාවත් මේවයේ සත්‍ය දැකගන්න ලැබෙන්නේ නෑ.

භාවනා ගැන, කර්මය ගැන, මන්ත්‍ර ගැන විශ්වාසයක් ඇතිවෙන්නත් පිනක් තිබිය යුතුයි. පෙර ආත්ම වලදී බුදුවරුන්ට, ධර්මයට, සංඝයාට, ගරහපු පුද්ගලයන්ට ඒ කර්ම විපාකය විදියට තිසරණය ගැන අවිශ්වාසය ඇතිවෙනවා. ඒ නිසා තිසරණයේ පිහිටක් ලබාගන්න බැරිවෙනවා.
ඒ වගේම අතීත ආත්ම වල දෙවිවරුන්ට මන්ත්‍ර ශාස්ත්‍රයට ගරහපු මිනිස්සුන්ට ඒකෙ කර්ම විපාකය ලෙසත් දේව ශාපය ලෙසත් ඊලග භව වලදී දෙවියන් ගැනත් මන්ත්‍ර ගැනත් විශ්වාසයක් නැතිවෙනවා. ඒ නිසා දෙවියන් මගින් ලබාගත හැකි දේවල් මගහැරිලා යනවා. යන්ත්‍ර මන්ත්‍ර මගින් ලබාගත හැකි වාසි ලබාගන්න බැරිවෙනවා.
ඒ වගේම අතීත ආත්ම වල ධ්‍යාන වලට ඉර්ධි වලට යෝග වැනි ශාස්ත්‍ර වලට රිශිවරුන්ට ගරහපු පුද්ගලයන්ට ඒකෙ කර්ම විපාකය විදියටත් දේව හා ඍෂි ශාප විදියටත් මේ ආත්මයේදී ඒවා ගැන විශ්වාසයක් නැතිවෙනවා. ඒ  නිසා ඒවා මගින් ලබාගත හැකි ප්‍රයෝජන ලබාගන්න අවස්ථාවක් නැතිවෙනවා.
ඒ විදියට පෙර ආත්ම වලදී මේ ශාස්ත්‍ර වලට හා උතුමන්ට ගරහපු අවාසනාවන්තයන් පිරිස තමයි මේ කාලේ "අදේවවාදීන්" කියල නමක් දාගෙන තමන් මහා දාර්ශනික පිරිසක් කියල හිතාගෙන ඉන්නේ.

* මේ නිසා දිනපතා භාවනා ආරම්භ කිරීමට පෙර තමන් අතින් මේ භවයේ හෝ පෙර භවයකදී බුදු පසේබුදු මහරහත් මගඵල ලාභී උතුමෙකුට හෝ, රිශිවරයෙකු තවුසෙකු හට හෝ සිල්වත් ගුණවත් උතුමෙකු හට හෝ ධර්මයට හෝ ශාස්ත්‍ර වලට වැරද්දක් කර තිබෙනවා නම් ඒ සියල්ලට සමා වේවා කියල හිතලා භාවනා ආරම්භ කරන්න.

* ලිපි වලින් කියා තියෙන දේවල් වෙනුවට තමන්ට හිතෙන දේවල් කරනවානම් ඒවායේ අතුරු ප්‍රතිපල වලට මට වගකියන්න බෑ. අතුරු ආබාධ නොවෙන ලෙස කරන හැටි පැහැදිලිව ලිපි වල මම සදහන් කරලා තියෙනවා. තමන්ගේ ක්‍රම අත්හදා බලන්න යන්නේ නැතිව ලිපි වල තියෙන විදියට විතරක් භාවනා ප්‍රගුණ කරන්න.
භාවනා කරන අය ගොඩක් වරද්දගන්න තැනක් තමයි ආරම්භයේදීම තමන් මහා බුද්ධිමතෙක් කියල හිතල තමන්ට විශ්වයේ දැනුම මනසට ලැබෙනවා කියල හිතල දැනට තියෙන භාවනා හැර තමන්ගේ ක්‍රම වලට අලුත් භාවනා කරන්න යාම. ඔහොම හිතපු සියලු දෙනාට අන්තිමේදී සිදුවුනේ නැවත සාමාන්‍ය භාවනාම කරන්න වීම. ඒ නිසා මුලදී අත්දැකීම් තියෙන අයගේ උපදෙස් අනුව සාමාන්‍ය භාවනා කරන්න. භාවනා කරන මුලදී හිතෙන අලුත් අලුත් භාවනා එකක්වත් කිසි ප්‍රතිපලයක් නැති හිස් භාවනා. ඒවා කරන්න කාලය නාස්ති කිරීමෙන් වෙන්නේ තේරුමක් නැති දේකට සමාධිය නාස්ති කිරීම. සාමාන්‍යයෙන් භාවනා කිරීම පටන්ගත්ත කාලයේදී හිත හොදින් එක්තැන් වෙනවා. කාලයක් ගියාම ඒ ගතිය අඩුවෙනවා. ඒ නිසා මුල් කාලේදී හරි භාවනාවක් කලානම් ඒක දියුණු කරගෙන ධ්‍යාන වගේ දේවල් ලබාගන්න පුළුවන්. මුල් කාලේදී තමන්ගේ හිතුමතේට හිස් භාවනා කලොත් වෙන්නේ ටික දවසක් ගිහින් ඒ භාවනාව මගිනුත් සිත එක්තැන් වීම නැතිවෙලා යාම. එතකොට සාමාන්‍ය නිවැරදි භාවනාවක් කරන්න ගත්තත් හිත එක්තැන් කරන්න අපහසුයි. මුලදී ඇතිවුන සමාධියෙන් ප්‍රයෝජනයක් ගන්න බැරුව නාස්ති වීමයි වෙන්නේ. ඒ නිසා මුල වරද්ද ගන්න එපා. සමාධිය නාස්ති කරගන්න එපා. අලුත් අලුත් ක්‍රම අත්හදා බලන්න නොයා කියල තියෙන දේවල් ඒ විදියට විතරක් කරන්න.

කුණ්ඩලිනි චක්‍ර අවදිකරගැනීම ඉතා භයානක දෙයක් බවත් ගුරුවරයෙකු නැතුව නොකළ යුතු බවත් පිරිසක් මතයක් පතුරවනවා. කුණ්ඩලිනි භාවනා වල එහෙම භයානක තත්වයක් නෑ. භයානක තත්ත්ව එන්නේ කරන්න කියන දේ නොකර තමන්ට අවශ්‍ය දේ හා අලුත් දේවල් කරන්න යාමෙන්. කියල තියෙන උපදෙස් හරියට පිළිපැදලා පියවරවල් නියමිත විදියට කරනවානම් කිසිම අනතුරුදායක තත්වයක් එන්නේ නෑ මේ භාවනා වලින්. කියල තියෙන විදියට කරනවානම් ගුරුවරයෙක් ලග නොහිටියා කියල කිසිම ගැටළුවක් නෑ. නිවැරදි භාවනා ක්‍රමත් භයානකයි කියල මිනිස්සුන්ව බය කරන්නේ භාවනා ව්‍යාපාර කරන පිරිස විතරයි. සාමාන්‍ය පුද්ගලයන් තනියෙන් භාවනා කරනකොට තමන් ලගට එන පිරිස අඩුවෙන නිසා ඒ පිරිස බය කර  තමන්ගේ බිස්නස් වැඩි කරගැනීම විතරයි ඒ මත පැතිරවීමේ අරමුණ. වැරදි විදියට භාවනා කලොත් කුණ්ඩලිනි භාවනා විතරක් නෙවෙයි සමථ විදර්ශනා වලින් පවා මානසික රෝගී තත්ත්ව වලට පත්වුණ අය ඉන්නවා. ඒ ගැටළු ඇතිවුන කිසිම කෙනෙක් නිවැරදිව භාවනා වැඩු අය නෙවෙයි තමන්ට අවශ්‍ය ලෙස භාවනා කල අය. ඒ නිසා ඒ වගේ කරුණු මත පදනම් වෙලා භාවනා කිරීමට බය වෙන්න එපා.  උපදෙස් අනුව නිවැරදිව භාවනා කරනවා නම් කිසිම ගැටළුවක් ඇති වෙන්නේ නෑ.

කුණ්ඩලිනි ශක්ති අවදි කරගැනීමට නිර්මාංශ වීමේ කිසිම අවශ්‍යතාවක් නෑ. නිර්මාංශ වීම හා කුණ්ඩලිනිය අතර කිසිම සම්බන්ධතාවක් නෑ. හැබැයි නිර්මාංශ වීමෙන් දෙවියන් ආකර්ෂණය වීම වැඩි වෙනවා. ඒ හරහා භාවනාවට දියුණුවක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම නිර්මාංශ වීමෙන් සිතේ ආශාවක් යටපත් කරන නිසාත් ප්‍රතිපත්තියක් රකින නිසාත් ඒ මගින් සිතේ ශක්තිය තරමක් ඉහල යනවා. ඒ ආකාරයට වක්‍රාකාරව බලපෑමක් ලැබෙන්න පුළුවන්.

* කුණ්ඩලිනි භාවනා යනු ශක්ති අවදි කරන භාවනා මිස දෙවියන් හෝ භූතයන් ආකර්ෂණය කර ඔවුන්ගේ බල මගින් අත්භූත ක්‍රියා කරන භාවනා නෙවෙයි. නිවැරදි කුණ්ඩලිනි භාවනා කිරීමේදී කිසිසේත්ම අමනුෂ්‍යයන් ආකර්ෂණයක් සිදුවෙන්නේ නෑ. ශක්තින් අහිතකර ලෙස භාවිත කිරීම වැලක්වීමට පමණක් දෙවියන් බැදී සිටිනවා. දෙවියන්ගෙන් උපකාර ඉල්ලුවොත් පමණක් ශක්ති අවදි වීමට දෙවියන් උපකාර කරනවා. ඒ හැර කුණ්ඩලිනි භාවනා මගින් ලබාගන්නා හැකියාවන් දෙවියන් හෝ අමනුෂ්‍යයන් ලවා සිදුකරන ක්‍රියාවන් නෙවෙයි. සමහර දේවාල කපුවන් හා ගුරුකම් කරන ස්වාමින් වහන්සේලා හා අන්‍ය ආගමික නායකයන්  විසින් කුණ්ඩලිනි භාවනා නමින් අමනුෂ්‍යයන් ආකර්ෂණය කරන විකෘති භාවනා ක්‍රම උගන්වනවා. ඒවා මගින් යක්ෂයන් අසුරයන් ප්‍රේතයන් භූතයන් ආකර්ෂණය කිරීමක් කරනවා. එවැනි පහත් අමනුෂ්‍යයන් ආකර්ෂණය වන මන්ත්‍ර මතිරීම් සිදුකරනවා. ඒවා මගින් අමනුෂ්‍යයන් හරහා ලැබෙන ඉතාම ප්‍රාථමික හැකියාවන් කුණ්ඩලිනි ශක්ති අවදි වූ විට ලැබෙන හැකියාවන් සමග සංසන්දනය කලවිට වසුරු තරම් වත් වටින්නේ නෑ.
කුණ්ඩලිනිය අවදි කිරීමට උපකාර ලබාගන්නවානම් ලබාගත යුත්තේ මහා බ්‍රහ්ම, ශිව, විෂ්ණු, සක්‍ර දේවේන්ද්‍ර, ආදී ශක්ති දුර්ගා දේවිය යන මහා දෙවිවරු හෝ වජ්‍රසත්ත්ව ආදී උසස් බෝසත් වරුන්ගෙන් පමණයි.
තමන්ටවත් යන එන මං නැති යක්ෂ භූත අසුර ආදී පහත් ආත්මිකයන්ට කුණ්ඩලිනි ශක්ති අවදි කිරීමට කිසිම උපකාරයක් ලබාදෙන්න බෑ.

* කුණ්ඩලිනි භාවනා ඉගැන්වීමට කේන්දර බලා පොරොන්දන් ගැලපිය යුතු නැ. අප කුන්ඩලිනි රහස් ලබාදෙන්නේ කේන්දර බලා දේහ ලක්ෂණ බලා නිමිති බලා නොවේ පොදුවේ සියලු සත්ත්වයන් හටයි.

පුද්ගලයන් තෝරමින් කුන්ඩලිනි දැනුම දීමේ කිසිදු අවශ්‍යතාවක් නැ. කුන්ඩලිනි රහස් සියල්ල දැන සිටියත් තමන් අසත්පුරුශයෙකු නම් තමන් හට කුන්ඩලිනිය අවදි කරගැනීමට අවස්තාවක් ලැබෙන්නේ නෑ. අසත්පුරුශයෙකු හට බලය නොලැබීමට සොබාදහමෙන්ම කටයුතු සිදුවෙනවා . 

ඒ වගේම අප මෙම ඉගැන්වීම් පහසුවෙන් ප්‍රතිපල ලබාගන්නා පුද්ගලයන් හට පමණක් ලබාදෙන්නේ නැ. මේ ආත්මයේ ප්‍රතිපල නොලැබුනද මතු භව ගණනාවකින් පසුව හෝ ප්‍රතිපල ලැබීමට උපකාර වන ලෙස මෙම දැනුම හා පුහුණුව ලබාදීම සිදුකරනවා. පහසුවෙන් ප්‍රතිපල ලබාගත හැකි සීමිත පිරිසක් පමණක් වට කරගෙන සිටීමේ අවශ්‍යතාවක් අපට නැ. යමෙකු හට මේ භවයේ භාවනා වඩා පහසුවෙන් ප්‍රතිපල නොලැබීම නිසා එය අත්හැර දැමුවත් එම පුහුණුව මතු භවයකදී නැවත භාවනා වැඩීමේදී බොහෝ ඉවහල් වෙනවා. එමනිසා අප මෙම දැනුම ලබාදීම සිදුකරන්නේ අවුරුදු 60 - 70 ක් ඉලක්ක කර නොව අවුරුදු පන්දහසක්, දස දහසක්, කල්ප කිහිපයක් අනාගතය බැලීමෙන්.

කුන්ඩලිනි භාවනා හා වෙනත් භාවනා කිරීමේදී විවිද අයට විවිද අත්දැකීම් ලැබෙනවා. සමහර අයට සාමාන්‍ය භාවනා කලත් නළල නලියන ගතියක් දැනෙනවා. සමහර අයට නළල මැද දම් පාට සුදු පාට ආලෝක පෙනෙනවා. සමහරුන්ට ශරීරයට විවිද දැනීම් ඇතිවෙනවා. සමහරුන්ට පාවෙනවා මෙන් දැනෙනවා. බොහෝ දෙනෙක් තමන්ට ලැබුණු ඒ වගේ අත්දැකීම් කියල අහනවා ඒවා මොනවද හා ඒවාට කල යුත්තේ කුමක්ද කියන දේ. මේ දේවල් භාවනා කරන්න පළමු පියවර තියද්දි ඇතිවෙන ඉතාම ප්‍රාථමික මට්ටමේ අත්දැකීම් පමණයි. ඒ නිසා ඒවයෙන් මුසපත් වෙලා ඒවා රසවිදින්න යන්න එපා. ඒවා ගැන හිත හිත ඉදීමෙන් හෝ ඒවා මොනවාද කියල හොයන්න යාමෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. මේ අත්දැකීම් වල කිසිම වටිනාකමක් නෑ. ඒ නිසා තමන්ට භාවනා කරද්දී දකින, ඇහෙන, අත්විදින දේවල් ගැන හිත හිත ඉන්නේ නැතුව එකදිගට භාවනා කරලා ඒ ඒ භාවනාවට අදාළ අවසාන ඵලය වන ධ්‍යාන, ශක්ති, මාර්ගපල ලබාගන්න. මෙවැනි දේ සිදුවීමේදී කල යුතු එකම දේ ඒවා ගැන කිසිම අවධානයක් නොදක්වා එකදිගට භාවනාව කිරීම පමණයි.

* මෙම ලිපි කියවීමේදී ඇතිවෙන ගැටලුකාරී දේවල් ගැන අහන ප්‍රශ්න වලට පිළිතුරු දීම ප්‍රශ්නයක් නෑ. ඒත්ලිපි වල සඳහන් කරලා තියෙන දේවල්ම කමෙන්ට් හා ෆේස්බුක් මැසේජ් විදියට නැවත නැවත අහන අයට මම පිළිතුරු දෙන්නේ නෑ. ලිපියක් කියවලා තේරුම් අරන් කල යුතු දේ තීරණය කරගන්න බැරි කෙනෙක්ට කුණ්ඩලිනි චක්‍ර අවදි කිරීම කොහොමටවත් කරන්න බෑ. ඒ නිසා මුලින්ම ලිපි හරියට සම්පුර්ණයෙන් සිහියෙන් කියවලා හොදින් තේරුම් ගන්න.


මෙම ලිපි වලින් ඉදිරිපත් කරන බොහෝ භාවනා ක්‍රම හා වෙනත් තොරතුරු පලවෙනි වරට මේ මගින්ම ලොවට හෙළි කරන ඒවා පමණයි. විශේෂයෙන් තෙවැනි ඇස භාවනා හා කුණ්ඩලිනි භාවනා වෙනත් කිසිම කෙනෙකු විසින් හෙළි කර නෑ. ඒ වගේම මෙහි දක්වා තිබෙන භාවනා අත්දැකීම් අපගේ හා අපට පුද්ගලිකව සම්බන්ධ වෙනත් අයගේ ප්‍රායෝගික භාවනා අත්දැකීම් පමණයි. වෙනත් කිසිම තැනකින් උපුටාගත් කරුණු අපගේ අත්දැකීම් මෙන් මෙහි සදහන් කරලා නෑ. මේ ලිපි වල අයිතිය අප සතුයි. එනිසා මේ ලිපි අනවසරයෙන් උපුටා ගැනීම නීති විරෝධීයි. තමන්ගේ වෙබ් අඩවි  පොත් පත්, යුටියුබ් නාලිකා ආදිය ප්‍රවර්ධනය සදහා නීති විරෝධී ලෙස අපගේ ලිපි භාවිත කිරීමෙන් වලකින්න.පන්සලකට දේවාලයට අධිගෘහිත දෙවිවරු ඉන්නවා වගේම මේ ශාස්ත්‍ර හට දැනුම හට අධිපති දෙවිවරුන් සිටින බව සිහිතබාගන්න.


Comments

  1. Replies
    1. මට මේ ගැන ඉගෙන ගන්න ඕන..
      ඔබ තුමාගෙ ලිපි හරිම පැහැදිලියි

      Delete
  2. මට ඔබතුමාව සම්බන්ධ කර ගැනීම සඳහා ඔබතුමාගේ ඊ මේල් ලිපිනය අත්‍යාවශ්‍යයි. මක්නිසාදයත් පෙර භවයන් හඳුනාගැනීම පිලිබඳ දෙයක් මට ඔබතුමාගෙන් දැනගැනීමට අත්‍යාවශ්‍යය නිසා.. මාගේ ඊමේල් ලිපිනය.. sethvewa@gmail.com

    ReplyDelete
  3. Oya krnne gdk loku udauwak.me dewal walata oyata gdk pin. Me dewal watina minissunta gdk watinawa .wena kisima thenaka me wage niraul widiyata me dewal sadahan karala thiyanawa mn dekala ne... Oya me dewal gdk amaruwen egena ganna eththe.mama wage thawa me dewal hoyana dena ganna asa karana ayata me hemadeyakma gdk watinawa.. gdk pin oyata.. Me hemadekatama.. Thanx

    ReplyDelete
  4. Sir . Mama a/l karana lamek matath asai kundalini bhavana karala dhyana labanna. Me wayasa ekata hodada ? Mokada mama kundalini gana thibba pothaka dakka awurudu 20 uda thama sudusu wayasa kiyala . Mama kundalini bhavana patan gannawanam kohomada karanna oni ?

    ReplyDelete
    Replies
    1. wayasa prasnayak ne.
      mama dala thiyena kundalini bhawanawa post eka kiyawala eke vidiyata karanna

      Delete
  5. Thank you very much sir .sir ge me blog ekanam puduma widihata watinawa.

    ReplyDelete
  6. Me shakthin awadikaragaththata pasuwa digatama ewa awadiwee pawathinawada palanaya kireemak awashyada, nathnam meditation walin meya palanaya kalahakida, mata thawa danaganna dewal tikak thiyanawa, mage email eka error992016@gmail.com

    ReplyDelete
  7. Me shakthin awadikaragaththata pasuwa digatama ewa awadiwee pawathinawada palanaya kireemak awashyada, nathnam meditation walin meya palanaya kalahakida, mata thawa danaganna dewal tikak thiyanawa, mage email eka error992016@gmail.com

    ReplyDelete
  8. ME THARAM KAALAYAK KUNDALINI GANA HOYAUWA ADA THAMA HARI WISTHARAYAK LABUNE.HUGAK WATINAWA.GODAK PIN OBA THUMATA

    ReplyDelete
  9. oba kawda? aththatam obata mema shaktheen thiyenawada? thiyenawanam mata obawa hamuwenna puluwan kohomada? mage hithanam godak chanchalai eth mata asai oya kiyana shaktheen laba ganna. obathuma bavana wedasatahan ehema karanawada? e koheda? kawadada? obata pin (HARSHA)

    ReplyDelete
    Replies
    1. tawa aurudu kipayakin bawana wedastahan karanna innawa. etakota danum dennan

      Delete
    2. Obathuma bhawana wadasatahana patan gaththada? patan gaththenam sambandha wiyahaki kramayak dannawanna. bohoma pin!!!

      Delete
    3. වැඩසටහන් නම් දැනට කරන්නේ නෑ

      Delete
  10. අධිමානසික විද්‍යාව කියන්නේ මම ආසම විෂයයක්.‌‌ම‌ේ කරන වැඩේ ‌ග‌ොඩක් හ‌ොඳ වැඩක්.ඔබට ස්තූතියි

    ReplyDelete
  11. obata godaaak pin mata danaganna deyak thiyanawa me bawanawa rathree kalayedi karima godak sudusui kiyala thibuna mama sangeetha kandayamaka samajikayek e nisa rathree kalayedi mata hamadama bawana kirimata nohaki wena nisa dahawal kalayedi kirima sudusuida sir

    ReplyDelete
  12. man kundalini kranna patan ganna thorathuru hoyaddi thamai me article eka hambune. Step by Step kudalini krana widiha article ekak daanna plwanda?

    ReplyDelete
  13. ඔබට සම්මා සම්බුදු සරණයි
    දෙවි පිහිටයි

    ReplyDelete
  14. ගුරුතුමනි,
    මට මගෙ හිත එකග කර ගන්න බෑ...ඔබේ උපදෙස් අවශ්‍යයි ..

    ReplyDelete
  15. Bohoma pin.godak kalayak hoyapu deyak.me 2019 warshaya.oba thumanla kata ho mata bawanawa kirima sahada udaw kala hekida..

    ReplyDelete
    Replies
    1. adunikayan bawana arambh kala yuthu akaraya lipiya kiywala e anuwa mula idan karanna

      Delete
  16. මම ආරන්‍යවාසී ස්වාමීන් වහන්සේ නමක් දැනට වයස අවුරුදු 16+. එහෙත් මම අවුරුදු 2ක් ධර්මය වඩල භාවනා කරල පැවිදි වුනේ. මමත් කැමති කුණ්ඩලණී ඉගෙන ගන්න. උදව් කරන්න පුළුවන් ද? panadureananda@gmail.com

    ReplyDelete
    Replies
    1. ආනන්ද මෛත්‍රී හිමියන්ගේ ජිවිත කතාව තියෙන පොත් ඔක්කොම කියවන්න. ඔබවහන්සේට පාර හම්බවෙයි

      Delete
  17. බොහොම පින් ඔබතුමාට

    ReplyDelete
  18. Padmasanaye sitimata hakiyawak naha. Wenath asanayaka sitiyath kakul ridenawa. Eka magaharawaganna adeeme viyayama karanna onada? Obata pin !

    ReplyDelete
  19. Rawana raja thuma gena hiynakota me kundalini shakthiya kiyna wachne dekala mn meka ada hoyann gaththe...meka godak watinwa.mth bawana krna kenek..meka athhda balann kemthi math...eth prashnayk thiye...me shkthiya labagththa kenekt me shakthiyen anik ayge leda suwa karann wage dewal walat e shakthiya bawitha kranne kohomda...oba thumat puluwannm e genath denuwath krann.

    ReplyDelete
    Replies
    1. ශක්තිය ලැබුනම ඒවා තමන්ට තේරෙනවා

      Delete
  20. Palaweniyatama ptn gaddi karnda ona bawanwa mokakda?

    ReplyDelete
    Replies
    1. ආධුනිකයන් භාවනා ආරම්භ කල යුතු ආකාරය ලිපිය කියවන්න

      Delete
  21. මම ප්‍රාණයාම පුරුදු කරන කෙනෙක්..ඔබතුමන්ගේ වටිනා ලිපි පෙල මැනවින් හදාරමින් සිටින මටත් එමගින් යහපත් ප්‍රතිඵල උදාකරගැනීමටත් හැකියාව උදාවීමේ පින උබටත් ඔබේ ගුරුවරුන්ටත් ශක්‍ර දේවේන්ද්‍රයාටත් සතුටින් අනුමෝදන් කරමි...

    ReplyDelete
  22. මේ බාවනාව සිදු කරන කාලයේ මස් මාලු නොකා සිටිය යුතුද ගුරුතුමනි කරුනාකර එය පහදා දෙන්න 🌺

    ReplyDelete
    Replies
    1. නිර්මාංශ වීම හා භාවනා ලිපිය කියවන්නන

      Delete
  23. මගේ හිත එකඟ කරන්න අමාරුයි...මට කොහොම හරි හිත එකඟ කර ගන්න උදව් කරන්න ගුරුතුමනි...

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හිත එකඟ කරන එකට තමයි භාවනා කරනවා කියන්නේ

      Delete
  24. ඇත්තටම පිං සිද්ද වෙනවා මේ කරන සේවාව වෙනුවෙන් ❤️

    ReplyDelete
  25. ඔබ තුමාගේ සේවය ඉතාම අගය කරනව. අළුතින් දැනුමක් නිර්මාණය කරන්න අවශ්‍ය ශක්තිය ලබා ගත හැකි භාවනාවක් තිබේ නම් ඒ පිළිබඳව විස්තරයක් දෙන්න. ඔබ තුමාට බොහොම පින්. මට අවශ්‍ය ලෝකයට අළුත් දැනුමක් ලබා දීමට.

    ReplyDelete
    Replies
    1. මුලින්ම සමත භාවනාවක් කරලා චතුර්ථ ධ්‍යානය ලබාගන්න උත්සහ කරන්න
      ඊට පස්සේ කුණ්ඩලිනි භාවනා වලින් සහශ්‍ර චක්‍රය අවදි කරගන්න උත්සහ කරන්න

      Delete
  26. mn hema thenama me gena visthra hewwa ada thamai me lipi hambune.godama godak pin .mta bawana karanna oni .mn twama igena gannwa.obathumanwa sambanda karaganna komada?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දැන් තියන ප්‍රසනෙ.... සැඟවුන අමුත්තන්ගේ යෝග වලින් ප්‍රයෝජනයක් වෙයිද...? අනෙක බුදුදහම ගැන නම් සැඟවිලා කීම විහිලුවක් විතරයි...! උජුපටිපන්නව කෙලින් සමාජයට මුහුණ නොදීම මානසික ප්‍රශ්ණයක් බව නම් සාමාන්‍ය දැනුමට තේරෙන දෙයක්...

      Delete
    2. ඇයි ඔයා භාවනා ගුරෙක් වෙන්න කොච්චර දගලලවත් පිළිගැනීමක් ගන්න බැරිවෙලා ඉද්දි මේවා දකිද්දී කහනවා වගේද?
      මගේ යෝග වල ප්‍රයෝජන ගත්ත අය දැනටත් ඉන්නවා ඕනතරම් කොහෙන්වත් කඩාපාත් උන ධර්මය විකෘති කරන නමට ශ්‍රමණයෝ පිස්සුවෙන් දෙඩෙව්වට .

      Delete
    3. බොහොම පින් ගුරුතුමනි. මමත් උත්සාහ කර එම ශක්තිය ලබාගැනීමට අදිටන් කරගතිමි. ශක්තිය ලබාගත් පසු මට ඔබව මුණගැසේවි. ඔබගේ ලිපි ඉතාම පැහැදිලියි. නිරවුල්. නැවතත් ඔබට බොහෝ පින්. මෙම සේවාව ඉදිරිපත් කිරීම අගයමි.

      Delete
  27. කුණ්ඩලිනි භාවනා කරද්දි අනිවාරෙන් බිම ඉදගෙන කරන්න ඕනි කිවුවනි. ඒක පොලවම වෙන්න ඕනිද නැත්තන් ගේ ඇතුළෙ කරද්දි කොන්ක්‍රීට් එක උඩ ඉදන් කරාට ප්‍රශ්නයක් නැද්ද

    ReplyDelete
    Replies
    1. කමක් නෑ පොලව කියන්නේ බිම තමයි

      Delete
  28. Obathumage poth nadda

    ReplyDelete
  29. Thank you😇💜️

    ReplyDelete
  30. මහත්මයානනි, මුල් සති කිපයකදී ජපමාල භාවනාව කරන විට පසුව දාට හිසේ කැක්කුමක් දීම සාමාන්‍ය්ය දෙයක්ද?

    ReplyDelete

Post a Comment