Featured Post

කුණ්ඩලිණි ශක්තිය

                            කුණ්ඩලිණි ශක්තිය සියලුම මනුශ්‍යන්ගේ  කොඳු ඇට පෙළේ පහළම කොඳු ඇටය අසල  පවතින දිව්‍යමය ශක්තියක්. කුණ්ඩලිණි ශක්තිය මිනිසුන්ට වගේම දෙවියන්ටත් තිබෙනවා. සියලුම දෙවියන්ගේ සියලුම චක්‍ර සක්‍රිය නෑ. ඒත් සියලුම දෙවියන්ගේ ආඥා චක්‍රය/ තෙවැනි ඇස සක්‍රීයයි. මනුෂ්‍යයෙක්ගේ කුණ්ඩලිනි ශක්තිය අජීවී කශේරුකාවක් තුල පවතින් නෑ. එකට හේතුව මේ ශක්තිය පවතින්නේ භෞතික ශරීරය තුල නෙවෙයි ශරීරය ආශ්‍රය කරගෙන පවතින ශක්තිමය ශරීරය තුල. මනුෂ්‍ය ශරීරයක භෞතික ශරීරය ,මනෝමය සුක්ෂම ශරීරය හා ශක්තිමය ශරීරය කියන ශරීර 3ක් පවතිනවා. ශක්තිමය ශරීරයක් කියල හැදින්වුවත් ශරීරයේ හැඩයට සකස්වෙලා තියෙන ශක්තිය ගමන් කරන ශක්ති රැහැන් (නාඩි) රාශියක් පවතින්නේ.

මේ අතර ශක්තිය එක රැස් වෙලා පවතින ස්ථාන වන චක්‍ර 7ක් තියෙනවා. මේවා පිහිටලා තියෙන්නේ භෞතික ශරීරයේ ස්නායු අන්ත එක් රැස් වෙලා තියෙන නිල ආශ්‍රිතව.
1 - මුලාධාර චක්‍රය - සුෂුම්නාවේ පහල කෙලවර
2 - ස්වාධිෂ්ඨාන චක්‍රය - ලිංගාශ්‍රිත ප්‍රදේශයට පිටුපසින්
3 - මනිපුර චක්‍රය - නාභියට අඟලක් පිටුපසින්
4 - අනාහත චක්‍රය - හෘදය මැද ආශ්‍රිතව
5 - විශුද්ධ - උගුර මැද ආශ්‍රිතව
6 - සහස්‍ර - මොළයේ උඩ හරි මැද (තෙල් වල අසල )
7 - ආඥා චක්‍රය - නළල මැද නළල් අස්ථිය හා මොලය අතර

                             මේ චක්‍ර වලින් පළමු චක්‍රය වෙන මුලාධාර චක්‍රයේ කුණ්ඩලිනි ශක්තිය පවතිනවා.  කුණ්ඩලිනිය අවධි වන විට  ඉඩා පිලංග සුෂුම්නා නාඩි 3 ඔස්සේ සුෂුම්නාව තුලින් ශක්තිය ඉහල නගිනවා. ඇත්තටම කුණ්ඩලිනි ශක්තිය කියල හඳුන්වන්නේ චක්‍ර 7ම අවධි වූ විට ඒ සියලු ශක්ති වල එකතුවට. මුලාධාර චක්‍රය විතරක් අවධි උනාට කුණ්ඩලිනිය අවධි කළා වෙන් නෑ.ඒත් කුන්ඩලිනිය අවධි කරගැනීමට මුලින්ම භාවිත කරපු භාවනාවේදී (මීළඟ ලිපියෙන් පැහැදිලි කරන භාවනාව) කරන්නේ මුලාධාරයේ පටන් ඉහල චක්‍ර වලට ශක්තිය ගමන් කරවීමක් නිසා මුලාධාර චක්‍රයේ තියෙන ශක්තිය කුණ්ඩලිනි ශක්තිය විදියට නම් කරලා තියෙනවා. ඒ භාවනාව මගින් අවශ්‍යනම් කුණ්ඩලිණි ශක්තිය එකවර සම්පුර්ණයෙන් අවධි කිරීමත්, එක් එක් චක්‍රය අවධි කිරීමත් කරන්න පුළුවන්. චක්‍ර අතරින් බලගතුම චක්‍රය ආඥා චක්‍රය නිසා එය විවර කරගන්න වෙනම භාවනාවක් ඍෂි වරු උගන්වල තියෙනවා.(පලවෙනි පොස්ට් එකෙන් පැහැදිලි කරපු 3rd eye විවර කරන භාවනාව ). බොහෝ පොත් වල  සහසාර චක්‍රය ආඥා චක්‍රය අවධි උනාට පස්සේ වෙනම අවදි කළ යුතු චක්‍රයක් ලෙස දක්වල තියෙනවා. සහසාර චක්‍රය පවතින්නේ කුණ්ඩලිනිය ගමන් කරන මාර්ගයේ අන්තයේ නෙවෙයි ආඥා චක්‍රයට කලිනුයි.

කුණ්ඩලිනි ශක්තිය සම්පුර්ණයෙන් අවධි කරගත් යෝගින්ට ප්‍රධාන සිද්ධීන් 8ක් ලැබෙනවා:

1 - අනිමා - ශරීරය ඉතා සියුම්, ඉතා කුඩා ස්වභාවයට පත් කිරීම
2 - මහිමා - ශරීරය ඉතා විශාල කරගැනීම
3 - ලඝිමා - ශරීරය ඉතා සැහැල්ලු කිරීම
4 - ඝරිමා - ශරීරය අධික බරක් සහිත කරගැනීම
5 - ප්‍රාප්ති - පොලවේ සිට ඉර හඳ ස්පර්ශ කිරීම, සියලු භාෂා වැටහීම ,රෝග සුවපත් කිරීම
6 - ප්‍රකාම්ය - ශරීරයෙන් මනස වෙන් කිරීම, වෙනත් ශරීර තුලට ඇතුළුවීම ,අදෘශ්‍යමාන වීම
7 - වශිත්වම් - මිනිසුන් සතුන් මෝහනය කිරීම
8 - ඉෂිත්වම් - දිව්‍යමය ස්වභාවයට පත් වීම, මරණය පාලනය කිරීම,  මරණින් මතු කැමති උපතක් ලැබීම

මෙම ප්‍රධාන 8ට අමතරව තවත් සිද්ධීන් රැසක් ලැබෙනවා:

1 - කුසගින්න පාලනය කිරීම
2 - අධික උණුසුම, සිසිල දරා ගැනීම
3 - දුර තිබෙන දේ දැකීම හා ඇසීම
4 - කාම රූප - කැමති රුපයක් මවාගත හැකි වීම
5 - යතා සංකල්ප - කැමති දේ ඉටු වීම
6 - ත්‍රිකාල ඥාණ - තුන් කල් දක්නා නුවන
7 - මුලද්‍රව්‍ය පරමාණු වෙනස් කල හැකි වීම , වෙනත් ලෝහ රත්තරන් බවට පත් කිරීම
8 - දර්ධුරි සිද්ධි - සඳ මතදී ඇවිදින විට මෙන් එක අඩියක් තියා බොහෝ උසට පනිමින් ගමන් කිරීම
9 - තමන්ගේ හා අනුන්ගේ අතීත අනාගත ආත්ම දැකීම
10 - කාමචාරී - එක තැනකින් අතුරුදහන් වී කැමති ස්ථානයක පහල වීම
11 - අහසින් ගමන් කිරීම

කුණ්ඩලිනි චක්‍ර වල ශක්තිය පවතින්නේ අක්‍රිය ස්වභාවයෙන්. ඒවා කුණ්ඩලිනි යෝග භාවනා මගින් සක්‍රිය කරගැනීමෙන් ඒ ඒ චක්‍ර වලට අදාළ අධිමානසික හැකියාවන් ලැබෙනවා.

මුලාධාර චක්‍රය - රෝග සුව කිරීම, ගසක් මෙන් පොලව සමග බැඳී නොසෙල්විය හැකි ලෙස සිටීම

ස්වාධිෂ්ඨාන චක්‍රය - ආයුෂ පාලනය කල හැකි වීම, ශරීරයේ තරුණ බව හා ලිංගික ශක්තිය දීර්ඝ කාලින වීම (ස්වාධිශ්ඨාන චක්‍රය අවධි උනාම තමන්ගේ ආයුෂ පාලනය කරන්න පුළුවන්. ආයුෂ පාලනය කිරීමයි අමරණිය වීමයි කියන්නේ 2ක්. දිර්ඝායුෂ ලබාගත හැකි වෙනම භාවනාවක් හිමාලයේ වසන යෝගීන් ප්‍රගුණ කරනවා. මහාවතාර් බාබාජි කියන්නේ ඒ වගේ අවුරුදු 5000ක් පමණ වයස ඍෂි වරයෙක්. ඒ භාවනාව පිළිබඳව වෙනම පොස්ටුවකින් ඉදිරියේදී පැහැදිලි කරන්නම්)

මනිපුර චක්‍රය - ආහාර රහිතව දිගු කලක් සිටීමේ හැකියාව, සාන්ද්‍ර අම්ල හා කෘමිනාශක වැනි විෂ සහිත දේ දිරවීමේ හැකියාව ,කුසගින්න පාලනය කිරීම

අනාහත චක්‍රය - හෘද ස්ඵන්දනය නැවැත්වීම, හුස්ම නොගෙන සිටීම , මිනිසුන් සතුන් වසඟ වෙන ලෙස මෛත්‍රිය පැතිරවීම

විසුද්ධ චක්‍රය - සියලු භාෂා අවබෝධ වීම, කතාවෙන් පැරදිය නොහැකි වීම ,අහසින් ගමන් කිරීමේ හැකියාව

සහස්‍ර චක්‍රය - දෙවියන් සමග සන්නිවේදනය කළ හැකි වීම, ලෝකය පිලිබඳ ගැඹුරු දැක්මක් ඇති වීම, විශ්වයේ ඇති දැනුම තමන්ගේ සිතට ලබාගැනීමට හැකි වීම

ආඥා චක්‍රය - රාත්‍රියේදී පරිසරය පැහැදිලිව පෙනීම, තුන්කල් දක්නා හැකියාව, අනුන්ගේ සිත් දැකීම, අනුන් වශී කිරීම , කයෙන් සිත වෙන් කිරීම, දුර ඇති දේවල් දැකීම, පරමාණු තරම් ඉතා කුඩා දේවල් දැකීම, අමනුෂයන්, දෙවියන්, හා එම ලෝක දැකීම, පෙර ආත්ම අනාගත ආත්ම දැකීම, ඇගෙන් හිත වෙන් කර ගැනීම, එක් තැනකින් අතුරුදහන් වි වෙන තැනකින් මතුවීම, හිතකින් හිතකට සන්නිවේදනය කිරීම, මනුෂයන්ව සතුන්ව මෝහනය කිරීම, ශරීරය පොළවෙන් ඉහලට එසවීම, අහසින් ගමන් කිරීම


                                මුලික හැකියාවන් මේවා උනත් මිට අමතරව තවත් බොහෝ හැකියාවන් චක්‍ර අවධි වීමත් සමඟ ලැබෙනවා. ඒ වගේම තමන්ගේ ශක්තිය වැඩි වීමත් සමඟ තවත් විවිද හැකියා ලබාගන්න පුළුවන්. මිට අමතරව කුණ්ඩලිනිය සම්පුර්ණයෙන් අවධි කරගැනීමෙන් පස්සේ වෙනත් විශේෂ යෝග වැඩීමෙන් කාලය හරහා යාම වගේ විශේෂ හැකියාවන් ලබාගන්න පුළුවන්.

                                යෝග විද්‍යාවේදී දිව්‍යමය භාවයට පත්වීම කියල හදුන්වන කුණ්ඩලිනිය අවධිකරගැනීම සඳහා යෝග ආරම්භක ඍෂි වරයාගේ කාලයේ පටන් මේ වනතෙක් නොවෙනස්ව පැවති භාවනා වගේම පසුකාලින ආචාර්ය වරුන් හදුන්ව දීපු සාර්ථක භාවනා කීපයක්ම තියෙනවා. ඒ වගේම පසු කාලින ආචාර්ය වරු තමන්ගේ හිතු මතේට හදුන්වපු ඵල රහිත භාවනා රැසකුත් මේ වනවිට සමාජගත වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් ඒවා කරමින් තමන්ගේ කාලය නාස්ති කරනවා. ලංකාවේ ප්‍රසිද්ධ යෝග මධ්‍යස්ථාන වලත් පොත්, website, fb pages වලත් මේ වැරදි ක්‍රම හරි දේවල් වගේ දක්වලා තියෙනවා. . ඒ නිසා මීලඟ ලිපියෙන් කුණ්ඩලිනිය අවධි කරන නිවැරදි භාවනාවත් නිවැරදි හා වැරදි භාවනා හඳුනාගන්නා ආකාරයත් මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.

කුණ්ඩලිනි ශක්තිය අවධි කරන නිවැරදි භාවනාව සහිත ලිපිය කියවන්න( මෙතන ක්ලික් කරන්න )

 Facebook පිටුවට : ( මෙතන ක්ලික් කරන්න )


Comments

  1. මේ පිළිබද විවිධ භාවනා ගැන මම අසා තිබෙනවා. ජල බදුනකින් ජල බිදු හිසට වැටෙන ලෙස සකස් කිරීම්... මේ වගේ දේවල්. හොද ලිපියක්.

    ReplyDelete
    Replies
    1. මාත් ඒක facebook එකේ share උන කාලේ කියෙව්වා g-)

      Delete
    2. යෝගිතුමනි ආඥා චක්‍රය අවදි කරගත්තහම අනිත් චක්‍ර සියල්ලම අවදි වෙනවද?

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Mama obathumage paraba comment wala dakka ibatuma keyala tyanawa oba kundalini yogaya awadi karagena tyanawa keyala mata dana ganna puluwanda obathumata labila tyana hakiya saha obathumata e hakiya mema yogaya wadanna patan aran kochchara kal ghinda labune keyala? (Obe me post eaka wigiluwata lak karanna neme ahuwe, tamn deyak karanna kalin e de gana danagena inna one nisa). Oba me karana sewayata obata godak pin :-)

    ReplyDelete
    Replies
    1. Mata labuna hakiya tama me post eke sadahan karala tyenne. Gatha unu kaalaya sathi 3i. E unata ekkenekta unu vidiyata anit hemotma wen ne

      Delete
    2. https://m.facebook.com/kundaliniyogasrilanka Me facebook page eaka obage da ? Nattam twath post hork da?

      Delete
    3. Message karanna sure nathi nisa ahuwe

      Delete
    4. Yogithumani Obathuma kundalini awadikara gath kenek kiya pawasa thibenawa. Man asa thibenawa kundalini awadi kara gath ayata ema shakthiya wena ayata pradanaya karanna puluwan kiyala. Obathumatath ese kala hakida?

      Delete
  4. කරගෙන නම් යනවා, ඔබ පටන්ගත්ත කලේ දවසක කොපමණ වෙලාවක් කලාද ? එක දිගටද?

    ReplyDelete
  5. Dynamo wani loka prasidde magic shilpin
    Wismitha dewal sidukeranuya mama kundalina shakthiya diyunu kiremanda yogi thumani.

    https://youtu.be/yExF98iXgig



    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. Yogi thumani mn pothpathwela dakala thiyanawa kundelini shakthiyaa awedi kirimata gose anshabaga rogaya sadunu
    Pudgalayan ganaa..obethuma hamuvee maye igenaganimata hakinam vaninawa.....

    ReplyDelete
    Replies
    1. දැනට මම එහෙම කාවවත් ලග තියන් භාවනා උපදෙස් දෙන නෑ. ඉදිරියේදී භාවනා වැඩසටහන් කරන්න ඉන්නවා. එතකොට කියන්නම්

      Delete
    2. වැරදි භවනා කලොත් විතරයි ඔහොම ප්‍රශ්න එන්නේ. එකත් හරිම කලාතුරකින් .මන් කියල තියෙන ඒවා ඒ විදියට කරනවනම් ප්‍රශ්නයක් නෑ

      Delete
  8. මට මෙීවා කරන්න ආසයි. ඒත් කරගෙන යනකොට යක්කු බූතයෝ එයි කියලා බයයි බං.

    ReplyDelete
    Replies
    1. මට ඔයා කවුද කියලා බලන්න ඕන . fb ඉන්නවනම් රික්වෙස්ට් එකක් දාන්න .

      Delete
  9. සහස්‍ර චක්‍රයට ඉහලින් ඇති චක්‍ර ගැන විස්තර සහා ඒවා අවදි කරගන්නා ආකාරය දැනගැනීමට අවශ්‍ය යි. එසේම ශරීරයේ ඇති චක්‍ර ප්‍රධාන 7ට අමතරව ඇති අනෙක් චක 107 පිලිබඳ දැනගැනීමට අවශ්‍ය යි. බොහොම පිං. බුදු සරණයි !!!

    ReplyDelete
    Replies
    1. owa boru katha. ape ege chakra 7k ettet ne 6i tyenne. issellama mul chakra 6 awadhi karaganna uthsaha karanna

      Delete
  10. ඔබතුමා භාවනා වැඩසටහන් පවත්වනවාද ?. මම කපාල භාති හා සූර්ය චන්ද්‍ර භේදන ප්‍රාණයාම කරනවා. මට දම් පාට එලි පේනවා. එහි අර්තය කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. dan karanne ne.issarahata karanna balaporoththuwak tyenawa. hebei sure ne.
      dam pata penne monaw karankotada?

      Delete
    2. භාවනා පන්ති වලට යාම ඔබ අනුමත කරනවාද ඔබ පන්ති කරනවාද

      Delete
    3. panthi yana eke weraddak ne. mama karanne ne taama

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. man denata aurudu 3ka idan facebook haraha low of Attraction eka bavitha karala prashna tiyena ayata udau karanawa(nirnamikawa).kenekta udau kalama hithata loku satutak/sahanayak denenawa.man obathumage post dekala bawana karanna patan gatta.mokada e taram balayak/shakthiyak lebunoth mata mita wada hodin heki uparimayen minissunta udau karanna puluwan wena nisa.
    1)Man Facebook Yana eken bavanawata badawak weida?
    2)Man kundalini yogayen hari 3rd eye walin hari minissunta udau kaloth eke harida weradadida?(mokada hugak chakra viwara Kara gatta aya segavila inne.)

    ReplyDelete
  13. me bavanawa patan gatta dawase man hariyata(udinpallen) post eka kiyawanne netuwa wishwa shakthiya lebewa kiyala hithala bawana Kara.om karayath headphone eken ahana gaman.eda mage oluwa etulata duvillak wage ridi Pata monawado awa penuna.e wagema man wasthu 3ma Gena hithuwa eka Para.wasthun 3ma eka Para 3rd eye wetha enawa dekka.man passei denagatte eka wastuwak Gena vitharak hithanna one kiyala.et man eka wasthuwak Gena vitharak hithala bawana karaddi mukuth denenne ne.(jalaya/wathaya/gindara) wasthu thuna genama hithala bawana karoth eka prashnayak weida?

    ReplyDelete
    Replies
    1. ehema karana eka sampurnayenma ahithakarai. ehema karala monawahari unanam penunanam eka manowikaarayak wage deyak. mama kiyala tiyena dewal era wena dewal karanna giyoth manasika rogiyek welai nawatinna wenne

      Delete
  14. mata obathumage udau ganna puluwanda 3rd eye viwara kara ganna?mata me sambandawa hugak dewal pataleli sahithai..sama wenna.ma wenuwen kalayak wen karanna puluwan nam hugak pin.

    ReplyDelete
  15. obatat obe guruwarayat hugak pin.

    ReplyDelete
  16. 3rd eye විවර කිරීමෙන් පසුව අනිත් චක්‍ර ඉබේම විවර වෙනවද?

    ReplyDelete
  17. 3rd eye විවර කිරීමෙන් පසුව අනිත් චක්‍ර ඉබේම විවර වෙනවද?

    ReplyDelete
  18. Guruthumani , waradawa hithanna epa . Aththatama danagannai ahanne . Kundalini awadi karahanna ho pawathwa ganna babasara rakinna onida ?

    ReplyDelete
  19. kundalini shakthiya haraha kaala tharanaya kala hekida? mehi kaala tharanaya yanu atheethaya haa anagathaya dekeema pamanakda? nethhoth ema kaalayata gos beliya heki weemada? meya ketiyen ho pehedili karadenawaa nam sthuthi wantha wemi

    ReplyDelete
    Replies
    1. athitha anagatha dakima aagnaa chakraya awadi kirimen witarakma labenawa
      ita amatarawa kundaliniya sampurnayen awadi kalaama kaalaya haraha gaman karanna puluwan.
      habai lesi ne.godak amarui

      Delete
    2. kaalaya haraha gaman kireema thawa poddak pehedili kala hekida? atheethaya anagathaya dekeemai kaalaya haraha gaman kireemai athara ethi wenas kumakda?

      Delete
    3. 1.Kundalini bawnwai 3d eye bawanawai ekt krat kmk ndd?
      2.kundlini bawanwen 3d eye wiwra krgnn puluwnd?

      Delete
  20. Apita thiyenne thattu deke gedarak ithin Mage bedroom aka thiyenne uda thattuve mama mage bedroom ake bima vadivela bavana karata prashnayak nadda. Mekata sudusu udathattuva saha pahala thttuva me deken mokadda

    ReplyDelete
    Replies
    1. Prasnayak ne. Polawe shaktiya kohomath biththi walata enawa. Wadiwena tena bima polawe idan shaktiya enawa kiyala hitanna

      Delete
  21. භාවනාව කරන්න මගෙ කාමරය thoරගත්තට කමක් නැද්ද. ඒකෙ ඇදවල් දෙකක් කබඩයක් එක ටිවි ස්ටැන්ඩ් එකක් තියෙනවා. Alokaya එනවා ජනෙලය ඇරියම මට කාමරෙ මැද භාවනා කරන්න ඉඩ තියෙනව. මෙ කාමරෙ පිරිසිදු karagaththoth බාවනාව කරන්න පුලුවන්ද. Mokada ගෙදර අය මෙව දකින්නෙ විහිලු විදියට. සහ මෙ ශක්තිය නෙවෙ මතක ශක්තිය වැඩිවෙයිද? හිතෙ තියෙන නරක අදහස් සිතුවිලි බැහැර වෙයිද? මම holman වලට අධිකව බයයි එක ප්‍රශ්ණයක් වෙයිද? සාමාන්‍යයෙන් ොපමණ කාලයක් ගතවෙනවද තෙවනි ඇස විවෘත කරගන්න. සාමාන්‍ය කාලය kochcharada? ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. Kamare kalata kamak ne. Kamare meda bawana nokara ainak toraganna eka hodai.
      Matakaya wediwenna karanna hoda anapanasathi bawanawa. Nettan mama post ekak dala tyenawa japamala bawanawa kiyala. Eka karanna. Eka hodai matake wediwenna.
      Holman walata bayawena prasnayak ne. Bawana patangannakota budun sarana gihin taman kemati deviyanta wedala patanganna.
      Oya bayawal tika kalayak giyama netiwela yanawa ekadigata bawana kaloth awuruddak witara. Bawanawa haryata krla Pratipala labagattot masekin dekakin bayawal netiwenawa.

      Delete
  22. ප්‍රශ්ණ කිහිපයක් තියෙනවා

    1 බාවනාව මගෙ කාමරයෙ කරන්න පුලුවන්ද කාමරෙ ඇදන් දෙකක්, කබඩයක්,poth රාක්කයක් තියෙනවා. කාමරෙ පිරිසිදු කරගෙන බාවනාව වඩන්න පුලුවන්ද?

    2 බාවනාව කරන්න ඕන කාලය රැ ද දවල් ද නැත්තන් කැමති කාලයක්ද?

    3 මම holman වලට අධිකව බයයි එක කමක් නැද්ද බාවනාවට

    4 මෙ තෙවනි ඇද විවෘත කරගන්න සාමාන්‍යයෙන් ොපමණ කාලයක් ගත වෙනවද?

    5 මම ලබන අවුරුද්දෙ august වල උසස් පෙල කරන්න ඉන්නෙ එකට මෙ බාවනාව බාධාවක් වෙයිද?

    6 මෙ බාවනාව බයානකයිලු, මානසික rogi වෙනවලු. එ කතාව ඇත්තක්ද මගෙ බය නිසා මට එහම වෙයිද?

    7 මෙකෙන් මගෙ හිතෙ තියෙන නරක අදහස් සිතුවිලි අයින් වෙයිද මට hoda kenek වෙන්න පුලුවන්ද( අපි හැමෙම තුල නරක ගතිගුන තියන නිසා)

    8 ඔබ සම්පුර්නයෙන් කුන්ඩලනි ශක්තිය අවදි කරගත්තද? ඔබට කාලය හරහා ගමන් කල හැකිද?

    මෙ ප්‍රශ්ණ වලට උත්තර ඕනිමයි. මෙක godak රසවත් වගෙම ටිකක් බයහිතෙන නිසයි කරන්න හිතුවෙ. අනෙ ප්ලිස් මෙ ප්‍රශ්ණ වලට මට උත්තර කියන්න. ඔබතුමාට godak පින්.

    ReplyDelete
    Replies
    1. 1 puluwan kamk ne
      2 kemati welawaka kranna
      3 ne. Deviyanta wedala bawanawa patanganna
      4 post eka haryata kiyawanna
      5 kisima badawak ne. Antagami novi bawanawa jivite kragannetuwa krnna
      6 mama kiyala tyena vidiyata haryata kalot kisi getaluwak en ne
      7 taramak ain wenawa. Bawana krla hoda manussayek wenna be eka gatiguna hadagena attitudes hadagena krnna oni deyak
      8 ou. Kalaya haraha gaman kirimata wenama yogayak wadanna oni. Mama eya wadanne ne

      Delete
  23. Thewani asa vivara karana bhawanawa samga aloka kasina bhawana kereema sudusuda acharyathumani

    ReplyDelete
    Replies
    1. Ne.
      Bawana mix krnnepa.
      Pehedili kirima pinisai kiyala dala tyena post eka kiyawanna

      Delete
  24. කාලය හරහා නොගොස් අතීත කාලය ඉන්නා කෙනකුට මනසින් කතා කල හැකිද ගුරුතුමනි.......

    ReplyDelete
    Replies
    1. Eka krnna puluwanda berida kiyana eka mata tawama vishaya nowe...
      lesiyennam krnna be kiyla wiswasai

      Delete
  25. Deergayusa labagatha haki bawanawa ikmanin danna.

    ReplyDelete
  26. Mata me siylla dena gatha yuthui oba thumawa call ekakin ho contac kraganna beida

    ReplyDelete
  27. Mata me siylla dena gatha yuthui oba thumawa call ekakin ho contac kraganna beida

    ReplyDelete
  28. Kundaliya awdi unama samanya jeewithyk gtha kireemt nohakid gruthumni.

    ReplyDelete
  29. Yogi thumani, Ai kundalini chakra walata patak(color) yoda gena thiyenne? Chakra awadi unama e chakra thiyena sthana walata hitha yomu karama ema patawal penawada?

    ReplyDelete
  30. yogithumani prasnayak thiyenawa danaganna,
    1.Kundalini shakthiya awadi kara ganima oya tharam sheshta deyak nam ayi budun wahanse ema bawanawan gana deshana karala naththe?
    2.oba dewanupassana bawanawe kiyala thiyenawa dewanupassana bawanawa dinapatha kalama diwlowa ipadiya hakiyi kiya
    ehi kiyala thiyenawa thaman kamathi diwlowa aramunu karagena bawana karanna kiyala ehi paranimmitha wasawarthi diwlowath dakwala thiyenawa ema lokaye inne Mara diwya senawan neda? ema diwlowa ipadima kohomada niwan awaboda wenna hethu wenne mara diwya puthrayan karanne mee loke akusala karmawalata minisunwa polabawana ekane?
    3.brahma lokayaka ipadimata prarthana kirimada wadiyen watinne diwya lokayaka ipadimada?
    4.kundalini chakra awadi karagena thawthisa diwlowata gihilla dawasak idala awoth mokada wenne?

    ReplyDelete
    Replies
    1. 1. budu kenekuge kaaryaya minissunge shakthi awadi kirima newei minisunta sathyawaboda karawima
      2. e loke ipadunama niwan awaboda wenawa kiyala mama liyala ne. diwyaloka pahen ona ekak gena bawana karanna puluwan kiyala thiyenne. anika eka mama kiyapu deyak newei buddha deshnawe thiyena de. budurajanan wahansemai deshana karala thiyenne. wasawarthiye inna hema deviyama maarayage weda karanne ne
      3. kemathi ekak
      4. mehe awurudu gaanak gihin thiyei

      Delete
  31. thewani asata adipathi dewiyan shiwa dewiyan wage
    anekuth chara walata adipathi dewiyan kawurunda?

    ReplyDelete
  32. ගරු යෝගී තුමනි,

    කාලයක පටන් කුණ්ඩලිනි යෝග භාවනා සිදුකොට ඇත්තෙමි. මේ පිළිබඳව දැනගන්නට පවා ලැබුනේ අදෘශ්‍යමාන පෙළඹවීමක් මත යනු එදා පටන් මාතුල පැවතී විශ්වාසයයි. කුණ්ඩලිනිය අවදි වීමෙන් පසුව අනාහත චක්‍රයේ අධික ශක්තියක් ලෙස තැන්පත් වීමත් සිතූ ක්ෂණයකින් පවා මූලාධාර චක්‍රයේ සිට එම චක්‍රය වෙත ශක්තිය ගලා ඒමත් සිදුවේ. එතුලින් විදුලි පහරක් මෙන් ඉහල චක්‍ර වෙතට ශක්තිය ගල ඒම සිදුවෙයි. නමුදු තෙවැනි ඇස හා සම්බන්ධ දිවැස් වැනි විශේෂ හැකියා මාතුල අවධි වී නොමැත. ඉදිරියට ම කුමක් කලයුතුද? කරුණාවෙන් අදහස් ඉදිරිපත් කරන්නේ නම් මැනවි.

    තෙරුවන් සරණයි

    ReplyDelete
    Replies
    1. karapu bawana ha ewa karapu vidiya visthara karala kiyanna

      Delete
  33. මෙම හැකියා පවතින උදවිය ප්‍රසිද්දියෙ පෙනි නොසිටීමට ඹබ දන්නා හේතුව කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ehema peni idala athi wedak ne. tamantawat loketawat eken athi wedak ne. loke minissu jiwat wenne minissunge karma pala vipaka anuwa.

      Delete
  34. Mata me chakra awadi karana piliwela e bawana krama danaganna ona

    ReplyDelete
  35. කුන්දලිනි ශක්තිය කියන්නේ නිවන් මගේ විරුද්ද පැත්ත කියලා පොතක හෝ වෙබ් අඩවියක තිබ්බා මම දැක්කා මෙය සත්‍යක්ද ? කුන්දලිනි අව්දිකිරීමෙන් මාර්ගපල ලැබිය හැකිද ? එසේ නොහැකිනම් මෙහි ඇත්තේ තාවකාලික බලයක් නේද ? මට මෙය කරුණාකර පැහැදිලි කර දෙන්න.
    ස්තුති

    ReplyDelete
    Replies
    1. kundaliniya laukikai. e unata eka niwanata udauwak misa niwanata wirudda ne. hithaka shakthiya wedi wena taramata awabodaya wediwena taramata sathyawaboda karanna lesi.
      kundaliniya awadi krala margapala labanna be.
      taawakalika balayak tamai. hemadama bawana karnawanam ekadigata thiyaganna puluwan. balaya tawakalika unata eka watinakamak neti podi balayak newei

      Delete
    2. බොහොම පිං ඔබට උත්තර ලබා දුන්නට. මම ආනාපාන සති භාවනාව තමයි කරන්නේ. ඒ භාවනාව කරන ගමන් මේ කුණ්ඩලිනි භාවනා කරන්න හොඳ නැද්ද > එසේ මේ භාවනා දෙකම කරන්න පුලුවන්නම් කරන්න ඕනේ ආකාරය කරුණා කර පහදා දෙන්න.
      ස්තුති.

      Delete
    3. hoda ne. samata bawanai kundalinii mix karannepa. deken ekak thoragena karanna

      Delete
  36. බෝධියක් අබියස මේ කුන්දලිනි භාවනාව කරන්න පුලුවන්ද ? ඒ කියන්නේ බෝධීන් වහන්සේගේ ශක්තිය පොළවෙන් එන විදිහට හිතලා ?

    ReplyDelete
    Replies
    1. bodhiyak gawa idan kalata kamak ne. hebei bawanawa wenas karannepa. kiyala thiyena widiyata witharak bawana karanna

      Delete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. Kundalini awadhi kara gaththama bhawthika dewal mawanna hakiyawa labenwda?

    ReplyDelete
  40. Kundalini shakthiya awadi kireemen pasuwa kaalaya haraha gaman kireemata wenama yogayak wadeemata awashyamada? Awashya nam ema yogaya kumakda? Guruthumani.

    ReplyDelete
    Replies
    1. කුන්ඩලිනිය අවදිකලාම ඒක තමන්ටම දැනගන්න පුලුයවන්

      Delete
  41. චක්‍ර වලට අදාල පාටක් තියනවද?

    ReplyDelete
  42. මට දැනගැනීමට අවශ්‍ය භාවනා කරන විට අමනුශ්‍යන් ලගට එනවාද කියලා මොකද අපේ නිවසේ අමනුශ්‍ය දෝශයක් තිබිලා ලගදි එය කපා හැරියේ

    ReplyDelete
    Replies
    1. උත්තරේ දීලා තියෙනවා භාවනා උපදෙස් ලිපියේ. කියවන්න

      Delete
  43. ගොඩක් පින්

    ReplyDelete

Post a Comment