Featured Post

ආලෝක කසිණ භාවනාව

                                                       
                                                 
                    බෞද්ධ භාවනා හිත එක්තැන් කරන සමථ භාවනා හා නිවන් අවබෝධ කරවන විදර්ශනා භාවනා විදියට කොටස්  2කට බෙදෙනවා. සමථ භාවනා වල අරමුණ වෙන්නේ හිත එක්තැන් කිරීම. හිතේ එකඟ බව නැතිවෙන්නේ පන්චනිවරණ වලින්. සමථ භාවනා වලින් පංච නීවරණ යටපත් කර හිතේ ධ්‍යාන ඇතිකරවනවා. ධ්යානමය සිත් වලට ඉබේම විවිද ඉර්ධි, අභිඥ්ඥා ලැබෙනවා. සමථ භාවනා වලට කර්මස්ථාන 40ක් අයිති වෙනවා. දස කසිණ භාවනා, දස අනුස්සති භාවනා, සතර බ්‍රහ්මවිහාර භාවනා, අරුපාවචර භාවනා, දස අසුභ භාවනා හා තවත් විදර්ශනා භාවනා කීපයක් සමථ භාවනා වලට අයිති වෙනවා. මේවයින් ප්‍රධාන වෙන්නේ කසිණ භාවනා. කසිණ භාවනා තෝරාගැනීමේදී එක් එක් පුද්ගලයාගේ චරිත ස්වභාවය අනුව කසිනයක් තෝරාගන්න එක තමා සම්මත ක්‍රමය. ඒත් ආලෝක කසිණය බොහෝ දෙනෙක්ට ගැලපෙන නිසාත් ඕනෑම චරිත ලක්ෂණ වලින් යුක්ත කෙනෙක්ට පහසුවෙන් වැඩෙන භාවනාවක් නිසාත් මේ පොස්ට් එකෙන් ඒ ගැන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.

                                                        කසිණ භාවනා වැඩිම අනිත් භාවනා වලට වඩා ටිකක් සංකීර්ණයි. ඒ නිසා මේකට වෙනම වෙලාවක් ,වෙනම ස්ථානයක් වෙන් කරගන්න ඕනි. ආලෝක කසිණ භාවනාවේදී අරමුණ වෙන්නේ ආලෝකය. අරමුණ නැත්තම් කර්මස්ථානය විශේෂ විදියකට සකස් කිරීමක් මේ භාවනා ක්‍රමයේදී උගන්වල තියෙනවා. විශුද්ධි මාර්ගය පොතේ සදහන් වෙන්නේ පෙර ආත්ම වල ආලෝක කසිණය පුරුදු කරපු කෙනෙක්ට  බිත්ති සිදුරු අතරින් ,ගස් අතරින් වැටෙන හිරු එලිය හෝ හඳ එලිය බිත්ති මත හෝ බිම වැදී ඇතිවෙන ආලෝක චායාව දිහා බලාගෙන උනත් සමධිගත් වෙන්න පුළුවන් කියලා. එත් නුහුරු අය කසිණ මණ්ඩලයක් හදාගන්න ඕනි. විශුද්ධි මාර්ගය පොතේ සදහන් කරලා තියෙන්නේ කළයක් වැනි භාජනයක් අස්සෙන් පහනක් තියලා , එකේ කට රෙදි කඩකින් වහල , ඒ රෙදි කැබැල්ලේ හෝ කඩදාසියේ සිදුරක් කරලා එයින් වැටෙන එලිය බිත්තියක් මතට වැටෙන්න සලස්වන්න කියලා. පහනක් වෙනුවට ටෝර්ච් එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන. කළයක් වෙනුවට ගිනිගන්නේ නැති දෙයකින් හදපු පෙට්ටියක් වගේ ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. බිත්තිය මත ඇතිවෙන ආලෝක ලපයේ ප්‍රමාණය එක් වියත් සතරඟුල්- වියතක් හා ඇඟිලි 4ක්- ප්‍රමාණයට වෙන්න ඕනි කියලයි විශුද්ධි මාර්ගයේ සදහන් වෙන්නේ. එත් මගේ අත්දැකීම අනුවනම් ආසන්න වශයෙන් වියතක් පමණ උනාම හිත එකතැන් කරගන්න ලේසි. ප්‍රමාණය විශාල වෙනකොට අරමුණු කරගන්න ටිකක් අමාරුයි. 
     
                                                           මේ විදියට කසිණ මණ්ඩලය හදාගත්තට පස්සේ කසිණ මණ්ඩලය වැටෙන බිත්තියේ ඉදන් රියන් 2ක් පමණ දුරින් භාවනා කිරීමට සුවපහසු ආසනයක් හදාගන්න. ඇස් වලට අපහසුවකින් තොරව කසිණ මණ්ඩලය දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්න පුළුවන් විදියට බිත්තිය හා ආසනය අතර දුර සකස් කරගන්න. කසිණ මණ්ඩලය කුඩාවට පෙනීමත් හොඳ නෑ විශාලව පෙනීමත් හොඳ නෑ, දෙරියනක් පමණ දුරකදී ඇසට එකවර හොදින් අරමුණු වෙන ප්‍රමාණයෙන් තියෙන්න ඕනි. ආලෝක ලපය(කසිණ මණ්ඩලය) ඇස් මට්ටමට සකස් කරගන්න . ඔලුව පහත් කරන්නෙත් නැතිව ඉහලට යොමු කරන්නෙත් නැතිව සම මට්ටමෙන් තියාගෙන බලන් ඉන්න පුළුවන් විදියට උස සකස් කරගන්න.
       
                                                             කසිණ මණ්ඩලය දිහා ඇස් ලොකු කරගෙන බලා ඉදිමත් හොඳ නෑ, ඇස් අකුලාගෙන බලා ඉදිමත් හොද නෑ, සාමාන්‍ය විදියට ආයාසයකින් තොරව බලාගෙන ඉදිමින් ආලෝක ස්වභාවය හිතට අරමුණු කරගෙන ආලෝකය ආලෝකය කියල හිතින් හිතමින් හිත එකඟ කරන්න උත්සාහ කරන්න. ටික වෙලාවක් කසිණ මණ්ඩලය දිහා බලාගෙන ඉදිමින් භාවනා කරලා ඇස් වහගෙන පෙනෙන කසිණ මණ්ඩලය අරමුණු කරගෙන භාවනා කරන්න. මේ විදියට සරින් සැරේ ඇස් වහමින් භාවනා කරන්න ඕනි. මෙහෙම කරන යනකොට එක අවස්ථාවකදී ඇස් අරගෙන ඉන්නකොට පේන විදියෙන්ම ඇස් වහගෙන ඉද්දිත් කසිණ මණ්ඩලය පෙනෙන්න ගන්නවා. මේ අවස්ථාවට කියනවා උද්ග්‍රහ නිමිත්ත ඇතිවීම කියලා.        
                                                               උද්ග්‍රහ නිමිත්ත ඇති උනාම වෙන පැත්තකට හැරිලා හෝ වෙනත් තැනකට ගිහින් හෝ ආපහු කසිණ මණ්ඩලය දිහා නොබලමින් උද්ග්‍රහ නිමිත්තම අරමුණ කරගෙන භාවනා කරන්න ඕනි. මේ නිමිත්ත නොපෙනී යන්න පුළුවන් .ඒ අවස්ථා වලට නැවතත් කසිණ මණ්ඩලය දිහා බලාගෙන භාවනා කරලා උද්ග්‍රහ නිමිත්ත උපදවාගන්න ඕනි. මේ විදියට උද්ග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන හිත එක්තැන් කරගෙන යනකොට ක්‍රමයෙන් සිතේ සමාධිය වර්ධනය වෙලා එක් අවස්ථාවකදී බල්බ් එකකින් එලිය විහිදෙනවා වගේ ආලෝක පුංජයක් ඉතාම පැහැදිලිව පේන්න ගන්නවා. මේ අවස්ථාවට කියනවා පටිග්‍රහ නිමිත්ත ඇතිවීම කියලා.
                                                    පටිග්‍රහ නිමිත්ත ඇති උනාට පස්සේ හිතින් අධිෂ්ඨාන කරන්න ඕනි පටිග්‍රහ නිමිත්ත ටික ටික විශාල වෙන්න කියල. ඇඟිල්ලක් තරමට, වියතක් තරමට, වියත් 2ක් තරමට, රියනක් තරමට , මිනිහෙක් තරමට, ගෙයක් තරමට විදියට හිතමින් ක්‍රමයෙන් ඒ ආලෝකය පැතිරෙනවා අධිෂ්ඨාන කරනකොට අධිෂ්ඨානයත් එක්ක ආලෝකය පැතිරෙන්න ගන්නවා. මේ විදියට ගම නගර පුරා රට පුරා ලෝකය පුරා මුළු විශ්වය පුරා පැතිරෙන්න අධිෂ්ටාන කරන්න.  මේ විදියට කරනකොට හිතේ නීවරණ යටපත් වෙලා විතක්ක විචාර ප්‍රීති සුඛ එකග්ගතා කියන ධ්‍යානාංග සහිත ප්‍රථම ධ්‍යානයට හිත පත්වෙනවා.
                                                           මේ අවස්ථාවේදීත් මිට ඉහල ධ්‍යාන වලදීත් කසිණ අරමුණට අදාලව විවිද ඉර්ධිමය හැකියාවන් ලැබෙනවා. ආලෝක කසිණ භාවනාවෙන් ධ්‍යාන උපදවාගත් කෙනෙක්ට ප්‍රභාශ්වර රූප මවන්න පුළුවන්, ආලෝකය විහිදවන්න පුළුවන්, අන්ධකාර නැතිකිරීම ආලෝකය ඇතිකිරීම කරන්න පුළුවන් , තමන් කැමති තැනකට ආලෝක නිමිත්තක් යවල ඒ නිමිත්ත ආධාරයෙන් ඒ තැන දිහා දිවසින් බලනවා මෙන් බලන්න පුළුවන්, ඒ වගේම ආලෝක නිමිත්තක් වෙන කෙනෙක්ගේ හිතට යවල එයාගේ හිතේ තියෙන දේවල් දකින්නත් පුළුවන්. නිතර පුහුණු කරනකොට චතුර්තධ්‍යනයේදී සම්පුර්ණ වශයෙන් ලැබෙන අභිඥා ඊට කලින් වෙනත් උපක්‍රම තුලින් අර්ධ වශයෙන් ලබාගන්න පුළුවන්..

ලිපියේ සදහන් කර ඇති කරුණු වලට අමතරව පුද්ගලික යෝග උපදෙස්, භාවනා උපදෙස් හා මනෝවිද්‍යාත්මක උපදෙස් ලබාගැනීමට අවශ්‍යනම් Facebook පිටුවට Message කරන්න ( මෙතන ක්ලික් කරන්න )

(මෙම ලිපි අවසරයකින් තොරව  සම්පුර්ණයෙන් හෝ කරුණු වශයෙන් උපුටාගැනීමෙන් හා වෙනත් යමක පළකිරීමෙන් වලකින්න.)







Comments

  1. Meka practically karala tiyeda?

    ReplyDelete
    Replies
    1. Eka apima krla baluwoth thama therum ganna puluwn...

      Delete
  2. මම මේක අවුරුදු දෙකකට විතර කලින් කලා. පත්තරයක තිබ්බ විදියකට .හැබැයි ඒකේ තිබ්බ විදියට නෙවෙයි කලේ.මන් රෑ ඇදේ ඉන්නකොට නෙට් එකට ෆෝන් චාජරේ නිල් පාට එලියක් වැටිලා තිබ්බා . ම්න් ඒක දිහා බලාගෙන හිටියා වෙන මොකුත්ම හිතන්නෙ නැතුව .හැබැයි මන් ඇස් පියා ගත්තේ නැහෑ. ටික වෙලවක් යනකොට මට හැම පැත්තම නිල් පාටට පෙනුනේ හැබැයි ඔලුව හරවලා බැලුවෙ නැහෑ.ඇස් හැරෙව්වේත් නෑ .පේන විදියටම බලන් ඉන්නකොට තමයි හැම පැත්තම නිල් පාටට පෙනුනේ. ඕක මන් සති දෙක තුනක් කලා ඊට පස්සෙ මන් ඕක ස්සාමන්‍ය දෙයක් කියලා හිතලා නැවැත්තුවා.
    මට කියන්න පූලුවන්ද මේක සාමන්‍ය දෙයක්ද නැත්තම් කසින වඩනකොට වෙන දෙයක්ද කියලා

    ReplyDelete
    Replies
    1. ආලෝක නිමිත්ත වටේට පැතිරෙන්නේ හිත එක්තැන් වෙලා අධිෂ්ඨාන කලාම. ඊට කලින් වෙනවනම් ගොඩක් වෙලාවට ඒක ඇස් වල ඇති උන දෘෂ්ඨි මායාවක්-කායික ක්‍රියාවලියක්. හිතේ දියුණුවකින් ඇති උන දෙයක් වෙන්න බෑ. හරියට භාවනා ආසනයකින් ඉදගෙන ඉස්සරහ බිත්තියකට නිල ආලෝකේ වැටෙන්න සලස්වල ඒ දිහා බලන් ඉදල භාවනා කරලා බලන්න එතකොටත් එහෙම වෙනවද කියල. හැබැයි ආලෝක කසිණය තේජෝ කසිණය අර අනිත් කසින ආලෝකය නැති අදුරු තැන වල කරන්නේ නෑ. ආලෝකය හොදට තියෙන තැනකයි කරන්නේ. lights off කරගෙන කරන්නේ නෑ

      Delete
  3. එහෙම එකක් වෙන්න ඇති .ඉක්මනින් පිලිතුරක් දුන්නට බොහොම ස්තූතී.මන් උත්සහා කරලා බලන්නම් .

    ReplyDelete
  4. Meka raa 12n passe wage kalata kamak nathda ? Mokada mata time eka hambenne a wage welawta..office gihin eddi 10wath wenawa..ithin raa 12n passe meka kalata kamak nathda ?

    ReplyDelete
  5. උපචාර සමාදිය කියා වචනයක් වත් සූත්‍ර හා විනය පිටකයේ සදහනක් නෑනෙ

    ReplyDelete
  6. සර්.තේජෝ කසිනය ලයිට් දාන්ද කරන්නෙ

    ReplyDelete
    Replies
    1. නැතුව කිරීම වඩා හොදයි

      Delete
  7. ඔබ තුමාගෙ ලිපිය බොහොම ප්‍රයෝජනවත් ඉදිරියටත් මෙවන් ලිපි පල කරනවනම් ගොඩක් යහපත්.....මට ඇස් පියාගෙන මුකුත් හිතන් නැතුව ඉන්නකොට විවිද වර්නයන්ගෙන් යුත් අලෝක ධාරා පෙනෙන්ට ගත්තා..දැන් නම් ඒම නැ...මැතක දෙතුන් වරක්ම මා පියවි ඇසින් බලන විට මා රාත්‍රී නිවසෙ බිත්තියේ නිල්පැහැ ඉතාමත් ශක්තිමත් අලෝකයක් ඇතිවී නැතිවී යනව දුටුවා...මන් මෙය එතරම් තැකිමක් කරෙ නැ...

    ReplyDelete
  8. ‍යෝගතුමනි,
    මම නීල කසිනය රවුමක් පාටකර වැඩුවා ඒත් ඇස් වහගෙන ඉද්දී එය පෙනුනේ කහ රවුමක් ලෙස ඊට පසු පීත කසිනය වැඩුවත් එය ඇස් වහගෙන නොපෙනුනත් ඔබ පෙර පැවසූ ලෙස ආලෝක ලපය හා උග්‍රහ නිමිත්ත හදුනාගැනීමෙහි ක්‍රමයට වෙනත් දිශාවක් බැලුව එවිට එය පෙනුනා මට කියන්න පුලුවන්ද නීල කසින භාවනාවේ මන් දැක්කේ උග්‍රහ නිමිත්තද?එහෙනම් එය වඩන්නද නැත්තන් පීත කසිනය වඩන්නද?

    ReplyDelete
  9. ‍යෝගතුමනි,
    මම නීල කසිනය රවුමක් පාටකර වැඩුවා ඒත් ඇස් වහගෙන ඉද්දී එය පෙනුනේ කහ රවුමක් ලෙස ඊට පසු පීත කසිනය වැඩුවත් එය ඇස් වහගෙන නොපෙනුනත් ඔබ පෙර පැවසූ ලෙස ආලෝක ලපය හා උග්‍රහ නිමිත්ත හදුනාගැනීමෙහි ක්‍රමයට වෙනත් දිශාවක් බැලුව එවිට එය පෙනුනා මට කියන්න පුලුවන්ද නීල කසින භාවනාවේ මන් දැක්කේ උග්‍රහ නිමිත්තද?එහෙනම් එය වඩන්නද නැත්තන් පීත කසිනය වඩන්නද?

    ReplyDelete
    Replies
    1. නෑ
      නිල කසිනයේ උද්ග්‍රහ නිමිත්ත නිල පාටයි
      කම්මට්ටානාචාර්ය වරයෙක් හම්බවෙලා කසිනයක් නිර්දෙස කරගන්න. නැත්තන් විශුද්ධි මාර්ගය කියවලා ගැලපෙන එක හිතන්න

      Delete
  10. යෝගතුමනි,
    වඩා පහසු කුන්ඩලීන භාවනාවද? ධ්‍යාන ලබාගැනීමද?වඩාත් සමාධිය ඕන මොකටද?

    ReplyDelete
  11. බොහොම ස්තූතියි

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. යෝගතුමනි,
    විදර්ශනා භාවනාව ඕනෑම ඉරියව්වකින් වැඩිය හැකිද?
    අසුභ භාවනාව වගේ

    ReplyDelete
    Replies
    1. මුලදී භාවනා ආසනයෙන් පුරුදු වෙන් එක තමයි හොද

      Delete
  14. ඔබට බොහෝ පින්

    ReplyDelete
  15. Aloka kasinaya lihgt off kakata kmk naffa sir

    ReplyDelete
  16. යෝගිතුමනි, ආලෝක කසිනය දවසකට කොපමණ කාලයක් කරන්න ඕනේ ද?

    ReplyDelete
  17. patigraha nimitt budu ras wage ekakda

    ReplyDelete

Post a Comment