Featured Post

විශ්ව ආරම්භක ශක්තිය වූ "ඕම්" කාරය

 
                                                       පෞරාණික හින්දු ඉගැන්වීම් අනුවත් නවීන Quantum Physics සොයාගැනීම් අනුවත් විශ්ව ආරම්භයේදී පැවතී තිබෙන්නේ විශ්වීය ශබ්ද තරංග පමණයි.ඒ ශබ්දයේ අඩංගු ශක්තිය පසුව ආලෝක ශක්තිය හා තාප ශක්තිය බවට පත්වෙලා ඊටත් පස්සේ ජීවය ඇතිවෙන්න හේතුවෙලා තියෙනවා. මේ මුලින්ම පැවතුන විශ්වීය ශබ්දය ඕම් ලෙස ඇසුන බව යෝග ඍෂිවරු උගන්වලා තියෙනවා. ඕම් ශබ්දයේ ශක්තියෙන් අපව ජිවත් කරවන ප්‍රාණ ශක්තිය නිර්මාණය උන බව ඉගැන්වෙනවා. ඒ නිසා ඕම් කියල කියන්නේ විශ්වයේ ප්‍රාරම්භක ශක්ති ස්වභාවය.ඒ නිසා ඕම් මන්ත්‍රය ජප කිරීමෙන් අපේ අභ්‍යන්තරයේ තියෙන ශක්තිය අවධි කරගන්න පුළුවන් වෙනවා.

                                                        මන්ත්‍ර කියන සංස්කෘත වචනය හැදිලා තියෙන්නේ මන්+ත්‍ර කියන 2න්. එකේ තේරුම මනස කම්පනය වීම කියන එක. "ත්‍ර" පදය උපාංග කියලත් අර්ථ දක්වනවා. ඒ නිසා මනස හසුරවන උපාංග කියලත් "මන්ත්‍ර" අර්ථ දැක්වෙනව. විශ්වයේ හැම දෙයක්ම තියෙන්නේ කම්පනය වෙමින්. එක එක වස්තු වලට ඒවාට අදාළ කම්පන සංඛ්‍යාතයක් තියෙනවා. බාහිරින් ඒ සංඛ්‍යාතයට අදාළ ශක්තියක් ලැබුනම ඒ වස්තුව කම්පනය වෙනවා. අකුණු ගහන වෙලාවට ගොරවනකොට විදුරු දෙදරන්නේ මේ නිසා. ගොරවනකොට ඇතිවෙන ශබ්ද තරංග වල සංඛ්‍යාතය විදුරු වල සංඛ්‍යාතයට සමාන උනොත් විදුරු කම්පනය වෙනවා. මේකට භෞතික විද්‍යාවේදී කියන්නේ අනුනාද වෙනවා කියලා.මන්ත්‍ර වලිනුත් කරන්නේ මේ දේමයි.  ඕම් මන්ත්‍රය තුල ගැබ්වෙලා තියෙන අපරිමිත ශක්තිය ලබාගන්නනම් එය නිවැරදි ලෙස මතුරන්න අවශ්‍යයි. නිවරදිව ඕම්කාරය මතුරද්දී "ඕ" ශබ්දය පටන්ගන්න ඕනි ඉන්දියානු ස්වර වලට අනුව "මන්ද්‍ර ධා" කියන ස්වරයෙන්. එය ක්‍රමයෙන් ඉහලට ඇවිත් "මධ්‍ය කෝමල රි" ස්වරයෙන් "ම්ම්" ශබ්දය ඉවරවෙන්න ඕනි. ඒ වගේම "ඕ" ශබ්දයට වඩා වැඩි වෙලාවක් "ම්ම්" ශබ්දය කියන්න ඕනි. සරිගමපධනී කියල ස්වර 7 වෙන් වෙන්නේ සංඛ්‍යාත 7ක් අනුව. මන්ද්‍ර ධ සිට කෝමල රි ස්වර වලට අදාළ සංඛ්‍යාත වලින් කම්පනය වනකොට ආඥා චක්‍රයේ ශක්තිය අවධිවෙනවා.

                                                                   ඕම් යන ශබ්දයට අදාල ශක්තිය නිරුපනය වෙන විදියට පුරාන ඍෂිවරු එයට අදාළ සංකේතයක් ,අකුරක් නිර්මාණය කරලා තියෙනවා. ඕම් ශබ්දයේ අඩංගු අ+උ+ම් ශබ්ද 3 මේ අකුරෙන් නිරුපනය වෙනවා. මේ සංකේතයේ වෛශ්වනාර කියල හදුන්වන පහල අර්ධ වක්‍රයෙන් අ ශබ්දය නිරුපනය කරනවා. එය එදිනෙදා වැඩ වලදී පවතින හිතේ සිහියෙන් යුක්ත ස්වභාවයට(මොළයෙන් ගැමා කිරණ පිටවෙන අවස්ථා වලට) අදාලයි. තෛජස කියල හදුන්වන මැද අර්ධ වක්‍රය උ ශබ්දයටත් අසිහියෙන් සිහින දකින අවස්තා වල හිතේ ස්වභාවයටත්(බීටා කිරණ පිටවන අවස්තාව) අදාලයි. ප්‍රඥා ලෙස හදුන්වන ඉහල අර්ධ වක්‍රය ගැඹුරු සිහින දකින සිහියත් අසිහියත් අතර අවස්ථාවට (ඇල්ෆා කිරණ පිටවෙන අවස්ථාවට)අදාලයි. බින්දු ලෙස හදුන්වන තිත සලකුණ උපරිම සමාධිමත් අවස්ථාවටත් ඕම් ශබ්දයෙන් පසුව ඇති නිහඬතාවටත් අදාලයි. තිතත් වක්‍ර 3ථ් අතර ඇති කුඩා වක්‍රය නිරුපනය කරන්නේ උපරිම සමාධිය ඊට පහල අවස්ථා වලින් වෙන්ව නැගීසිටියත් ඒ පහල අවස්ථා 3 ඉහල සමාධියට සම්බන්ද බවත් කියලා දැක්වෙනවා.


  එකදිගට ඕම් කාරය ශ්‍රවනය කිරීමෙන් මොළයෙන් ඇල්ෆා කිරණ පිටවෙනව කියල පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඇල්ෆා කිරණ පිටවෙන්නේ හිත සමාධිගත වෙන වේලාවකදී. ඕම් ශබ්දයෙන් කෘතිමව හිතේ සමාධියක් ඇතිවීමක් වගේ වෙනවා.  ඕම් කාරය යෝග වලට සම්බන්ධ වෙන්නේ නාඩිශුද්ධිය හා ආඥා චක්‍රයේ බිජ මන්ත්‍රය විදියට. තෙවැනි ඇස විවර කරගැනීමේ භාවනාවේදීත් (click here) ඕම්කාරය යොදාගන්නවා.

                                                      කුණ්ඩලිනි ශක්තිය අවධිවිමේදී කොඳු ඇට පෙලේ පහලම කොඳු ඇටයේ  නාගයෙක් මෙන් ඇකිලී තියෙන ශක්තිය කොඳු ඇට පෙළ ඔස්සේ ඉඩා පිලංග සුෂුම්නා නාඩි 3 තුලින් ඉහල නගිනවා. එතකොට කශේරුකාව පුරා තියෙන සුෂුම්නාව හා සියලු ස්නායු ඔස්සේ ශක්තිය ගලා යනවා. පිත් සෙම් ආදිය ස්නායු ආවරණය කරගෙන තිබුනොත් මේ ශක්ති ගලා යාමට බාධා වෙනවා. ඒ නිසා නාඩි 3 ආවරණ කරන වා පිත් සෙම් ඉවත්කිරීමක් යෝග වල හදුන්වා දී තියෙනවා. මේකට තමා නාඩි ශුද්ධිය කියන්නේ. මෙය කරන විවිද ක්‍රම තිබුනත් මුලිකම ක්‍රමය වෙන්නේ බ්‍රහ්ම මුහුර්ත වෙලාවේදී ඕම් ශබ්දය ශ්‍රවනය කිරීම. ලංකාවේ වේලාවෙන් බ්‍රහ්ම මුහුර්තය යෙදෙන්නේ පාන්දර 3.30 - 4.30 ඇතුලත වෙලාව. මේ වෙලාවේදී පද්මාසයෙන් ,සුඛාසනයෙන් හෝ සිද්ධාසනයෙන් බිමක හිදගෙන ඕම්කාරයට සවන් දීමයි මේකෙදි කරන්නේ. නාඩිශුද්ධිය කරන කොට සෙම ඇවිස්සෙන්නවා ගොඩක් අයට අත්දකින්න පුළුවන්. සෙම ඇවිස්සෙන්නේ සාමාන්‍ය තරමින්නන්ම් එකදිගට නාදිශුද්ධිය කරන්න ඕනි වෙනදට වඩා අඩු වෙලාවක්. බරපතල විදියට සෙම අවිස්සෙනවනන් හෝ උන හැදෙනවනන් වහාම නවත්තන්න ඕනි.

                                                  කුණ්ඩලිනි චක්‍ර වලට අදාළ බීජ මන්ත්‍ර 7ක් තියෙනවා. මේවායින් ඒ ඒ චක්‍ර වල අවධි වීම උත්තේජනය වෙනවා.නළල මැද තියෙන තෙවැනි ඇසට අදාළ ආඥා චක්‍රය අවධි කරවන බීජ මන්ත්‍රය වන්නේ ඕම්.ඕම් ශබ්දය ශ්‍රවනය කිරීමෙන් හෝ කියවීමෙන් පමණක් ආඥා චක්‍රය අවධිවෙන්නේ එක් වරක් හෝ ආඥා චක්‍රය අවධිකරගත් කෙනෙක්ට පමණයි. පළමු වරට ආඥා චක්‍රය අවදිකරගන්නවනම් මේ භාවනාව (click here) කරන අතරයි ඕම් ශබ්දය ශ්‍රවනය කරන්න ඕනි.

                  බොහෝදුරට නිවැරදිව ඕම් කාරය කියන හඬ පට 2ක්  මෙතනින්(click here)  හා  මෙතනින්(click here)  download කරගන්න පුළුවන්. 2වැනි එක වඩාත් හොදයි. (ඩව්න්ලෝඩ් කරගන්න බැරිනම් මේ link එකට යන්න )  නිවැරදිවම නැති උනත් මේ 2 කුණ්ඩලිනිය අවධිකරගන්න ගොඩක් උදව් වෙනවා. ඉන්ටනෙට් එකේ තියෙන වෙනත් ඕම් හඬ පට වලට වඩා මේවා ගොඩක් සක්‍රීයයි..

ලිපියේ සදහන් කර ඇති කරුණු වලට අමතරව පුද්ගලික යෝග උපදෙස්, භාවනා උපදෙස් හා මනෝවිද්‍යාත්මක උපදෙස් ලබාගැනීමට අවශ්‍යනම් Facebook පිටුවට Message කරන්න ( මෙතන ක්ලික් කරන්න )

(මෙම ලිපි අවසරයකින් තොරව සම්පුර්ණයෙන් හෝ කරුණු වශයෙන් උපුටාගැනීමෙන් හා  වෙනත් යමක පළකිරීමෙන් වලකින්න.)

                                               


Comments

  1. Download link 1e download button 1k me. Download karanda be

    ReplyDelete
    Replies
    1. මෙහි ඇතුලත් ඕම්කාරයේ ඔබ සදහන් කරන ළඳ ස්වර පරාසය අඩංගු වී නොමැත

      Delete
  2. ලිපියට ස්තූතියි..
    තෙරුවන් සරණයි..
    මම
    නිමාෂා..

    ReplyDelete
  3. me handa pathi, file-upload server eken download karaganna behe, data nasthi wenawa pamani, 10mb download unama nawathinawa, wenath server ekak yoda ganna,

    ReplyDelete
    Replies
    1. https://soundcloud.com/saalaka/om-kar-third-eye-meditaion

      මේකෙන් ගන්න

      Delete
  4. Nadiwishuddiya 3eye wiwara karagenime bawanawa kirimata kalin kochchara wara gananaka yediya uthuda

    ReplyDelete
    Replies
    1. ehema waara gaanak ne. nadi shuddiya karanna onimath ne.bawanawenma patan gattata kamak ne

      Delete
  5. Mobile phone wala theyena ear phone walin ahanna puluwanda?

    ReplyDelete
  6. Rata nidagannakota OM karaya asimata dala nida gaththata kamak nadda?
    Bus eke Yana gaman on karaya ahuwata kamak nadda kinda kelin thiyagena wadi wela?

    ReplyDelete
  7. NADI shuddiya kalama kodu ata pela ashrithawa shakthi marga wla hira wela thiyena sema witharada ayin wenne naththam his kabale, penahaluwala . hardaye adi mulu sharirayema hira wela thiyena sema ayin wenawada

    meka udeta ada wuda idan kalata kamak nahane ?(mkda bima innkota maduruwo kanwa)

    ReplyDelete
    Replies
    1. hema thenama sema ain wenawa.

      ada uda idan karannepa. bima idan witarak karanna. maduruwo enne nene ira eliya payagena ena udeta. bawana karana thena net ekak daganna ehemanan. nettan hodama de maduruwo neti welawaka karanna

      Delete
  8. om shabdaya sithamin bawana kirimi,dahan gatha wima sudusui da ?

    ReplyDelete
  9. Soorya namaskaraya post eke nathuwa methna prashnayak ahuwata kmk ndda soorya namaskarayedi ek yogasanayak kochchara wela inna onida mantra kiparak mathuranna onida

    ReplyDelete
    Replies
    1. නිශ්චිත වෙලාවක් නෑ. තත්පර 30-60 ඇති. එක පාරක් මතිරුවත් ඇති

      Delete
  10. Api om sadde ahanna witha rada one hithanna one nadda guruthumani. Obata gofak pin

    ReplyDelete
  11. ගුරතුමනි මම මේවා fallow කරනව මම හැමදාම රෑට භාවනා කරන්නේ එය සුදුසුද . ලොකු වෙනසක් තියෙනවා .. යෝග අභයාස පවා කරනවා , ඒ සදහා සුදුසු වෙලාව උදේ පාන්දර සුදුසුද ...ඕම් කාරය නිතර ඇසීම සුදුසුද , මා හට පවසන්න
    බුදු සරනයි❤️❤️

    ReplyDelete
    Replies
    1. භාවනා රෑ කරන එකේ ගැටළුවක් නෑ

      යෝග උදේ කරන එක හොදයි

      ඕම කාරය නිතර අහන්න හොද නෑ

      Delete
  12. ප්‍රාණයාම කරන ගමන් ඕම් කාරය ඇහුවට කමක් නැද්ද යෝගීතුමනි

    ReplyDelete

Post a Comment