Featured Post

මෛත්‍රී භාවනාවෙන් ලබාගත හැකි ඉර්ධින් Metta Meditation Maitri Meditation

                                                         
මෛත්‍රී භාවනාව ඉර්ධින් 
මෛත්‍රී භාවනාව ගැන නොදන්න කෙනෙක් ලංකාවේ ඉන්න විදියක් නෑ. ඒ තරමට රෑ දවල් විවිද ක්‍රම ඔස්සේ මෛත්‍රී භාවනාව ගැන අහන්න ලැබෙනවා. එත් ඒ ඇහෙන දේවල් වලින් බොහෝ දෙනෙක් ප්‍රයෝජනය ගන්න බවක් පෙනෙන්නේ නෑ. ඒකට හේතුව නිතර නිතර ඇහිමත්, සරල භාවනාවක් මෙන් පෙනීමත්, මෛත්‍රී භාවනාවෙන් කල හැකි දේ ගැන බොහෝ අය අවබෝධයක් නැති වීමත් වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් මෛත්‍රී භාවනාවෙන් ලබාගන්න පුළුවන් ඉර්ධින් වැනි හැකියාවන් ගැන දැනුවත් නෑ.

මෛත්‍රී භාවනාව අනිත් භාවනා වලට වඩා ඉක්මනින් හිත එක්තැන් කරගන්න පුළුවන් භාවනාවක්. ඒ වගේම ඕනම චරිත ලක්ෂණ තියෙන කෙනෙක්ට ගැලපෙන භාවනාවක්. මෛත්‍රී භාවනාව සරල උනාට පහසුවෙන් වඩන්න පුළුවන් උනාට මහානුභාව සම්පන්න භාවනාවක්. මෛත්‍රී භාවනාවත් ආනාපානසතියත් විදර්ශනාවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණක් ලෝකයට කියා දිය හැකි භාවනා ලෙස හදුන්වනවා. මෛත්‍රී සමාධියක් සහිත හිතකට අතිවිශාල ශක්තියක් තිබෙනවා. ධ්‍යාන නොලැබුනත් යම් තරමක හෝ සමාධියක් ඇතිකරගන්න පුළුවන් උනොත් එමගින් විශාල වාසි ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාවේ ප්‍රධාන අනුසස් එකොළහක් දේශනා කර තිබෙනවා. ඒවාට අමතරව මෛත්‍රී භාවනා වඩද්දී තවත් විවිද හැකියාවන් ලැබෙනවා. ප්‍රධාන අනුසස් විදියට බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ දේවල්:
-
1. සුවසේ නින්ද යාම .
2. සුවසේ නින්දෙන් අවදි වීම
3. භයානක සිහින නොපෙනීම
4. දකින දකින සැමටම ප්‍රිය වීම
5. මිනිසුන්ට පමණක් නොව දෙවියන්ටද ප්‍රිය වීම
6. දෙවියන් විසින් ආරක්ෂා කරනු ලැබීම
7. ගින්නෙන් විෂෙන් හා ආයුද වලින් අනතුරු නොවීම
8. වහා සිත සමාධි වීම
9. මුහුණ පැහපත් වී බැබලීම
10.සිහි මුලා නොවී මරණයට පත් වීම
11. මේ භවයේදී රහත් නොවුනහොත් බ්‍රහ්ම ලෝකයේ ඉපදීම

                                 
මේ ප්‍රතිපල වලින් 5,8,9 ප්‍රතිපල ඉක්මනින්ම අත්දකින්න පුළුවන්. ඕනෑම භාවනාවක් කර හිත සැලකිය යුතු තරමකට සමාධිමත් වීමේදී මුහුණේ පැහැපත් කමක් ඇති වෙනවා. ඇස් වල කහ පාට ගතිය නැතිවී සුදු පාට මතුවෙනවා. ඇස් දිලිසෙනවා. මෛත්‍රී භාවනාව වැඩුවාම අනිත් භාවනා වලටත් වඩා මේ දේවල් සිදුවෙනවා. මුහුණේ ප්‍රසන්න ගතියට අමතරව සතියක් දෙකක් වැඩීමේදී ශරීරයේ වර්ණයත් ප්‍රසන්න වෙනවා අත්දකින්න පුළුවන්.මෛත්‍රී භාවනාව කරලා ධ්‍යාන මට්ටමට ආසන්න හෝ සමාධියක් හිතේ ඇතිකරගෙන සාමාන්‍ය වැඩ කටයුතු කිරීමේදී සාමාන්‍ය දින වලදීට වඩා අන් අයගෙන් උදවු ලැබෙන්න ගන්නවා. පාසල් කාලයේ මුදල් අවශ්‍යතාවක් ඇති දවසක කිසි කෙනෙක්ට ඒ අවශ්‍යතාව ගැන නොකියා තිබුනත් යහළුවන් කීප දෙනෙක්ම ස්වකැමැත්තෙන්ම මුදල් ලබාදුන්න පුද්ගලික අත්දැකීමකුත් මේ සම්බන්ධව මා හට තිබෙනවා.
මනුෂ්‍යන්ට ප්‍රිය වෙනවා වගේම සතුන්ටත් මෛත්‍රී භාවනා කරන පුද්ගලයාව ප්‍රිය වෙනවාමේ කරුණත් පුද්ගලිකව අත්දුටු දෙයක්. දහම්පාසලේදී ස්වාමින් වහන්සේ නමක් "මදුරුවෝ කන අවස්ථා වලදී මෛත්‍රී වඩන්න" කියූ උපදෙසක් අනුව මෛත්‍රී කිරීමෙන් මදුරුවන් ලඟට පැමිණීම නැවතී යාම මා අත්දැක තිබෙනවා. මෛත්‍රී භාවනාව ගැඹුරින් පුරුදු කිරීමට යොමු වුනෙත් මේ අත්දැකීම නිසා.

මේ දේ ඕනම කෙනෙක්ට ඉක්මනින් අත්දකින්න පුළුවන් දෙයක්. හොදට හිතේ තරහ නැතිවෙන විදියට හිත නිවෙන විදියට සියලු සත්වයන්ට මෛත්‍රී කරලා මදුරුවන්ටත් මෛත්‍රී කිරීමෙන් මදුරුවන් ලගට එන එක ඉබේම නවතිනවා. මදුරුවන්ට හොද නරක තේරෙන මනසක් නැති උනත් භාවනා කරන පුද්ගලයාගේ සිතින් පිටවෙන සිතුවිලි තරංග හා විශ්ව ශක්ති තරංග වල බලපෑමෙන් සතුන්ගේ මනසටත් බලපෑම් වෙනවා.


කරදර බාධා, ග්‍රහ අපල දුරු කරන මෛත්‍රී භාවනාව     
-
ප්‍රධාන අනුසස් වලට අමතරව මෛත්‍රී භාවනාව වැඩීමේදී ප්‍රායෝගිකව තවත් දේවල් අත්දකින්න පුළුවන් වෙනවා. ජිවිතේ කරදර කාලයකදී අපල කාලයකදී මෛත්‍රී භාවනාව කිරීමෙන් ඒ කරදර ගතිය අඩුවෙන බව හොදින් අත්දකින්න පුළුවන්. එකදිගට කරදර වෙනවනම්, කරදර කාලයක් අත්විදිනවානම් දවස් කීපයක් මෛත්‍රී කරලා බලන්න තමන්ට වෙන බලපෑම් වල ලොකු වෙනසක් වෙන බව අත්දකින්න පුළුවන්. භාවනා කර ඒ පිනෙන් මගේ මේ කරදර දුරුවේවා ලෙස සත්‍යක්‍රියා කිරීමෙන් පැහැදිලිවම කරදර ගතිය අඩුවෙන බව අත්දකින්න පුළුවන්.
  
 
ලෙඩ රෝග සුව කරන මෛත්‍රී භාවනාව
බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නාහිමිපාණන් වහන්සේ මෛත්‍රී භාවනාව සම්බන්ධ අපේ රටේ හිටපු ප්‍රසිද්ධ හිමිනමක්. උන්වහන්සේ අපවත් වීමට ආසන්න කාලයේ කල පත්තර සාකච්චාවකදී තමන් වහන්සේ නිතරම මෛත්‍රී භාවනා කල බවත් තරහා සිතක් හිතට ආපු කාලයක්වත් මතක් කරන්නන්ත් බැරි බවත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ තරමට උන්වහන්සේ මෛත්‍රී භාවනාව ජිවිත අංගයක් විදියට පුරුදු කරලා තබෙනවා. පුළුවන් උන්වහන්සේගේ ජීවමාන චායාරුප බැලු විට මුහුණේ කරුණාවන්ත බව හා මෛත්‍රී සහගත බව තවම ජීවමානව දැනෙනවා. උන්වහන්සේ සීසර් සුදුසිංහ සමග කරපු සාකච්චාවකදී මෛත්‍රී භාවනාව හොදින් වැඩීමෙන් ලෙඩ රෝග සුව කරගත හැකි බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ සදහා මුලින්ම තමන්ට මෛත්‍රී කල යුතු බව ප්‍රකාශ කර තිබෙනවා. හොදින් භාවනා කලොත් අනුන්ගේ ලෙඩ රෝගත් සුව කල හැකි බව ප්‍රකාශ කර තිබෙනවා.
-

සර්වජන වශියක් වන මෛත්‍රී භාවනාව
හොදට හිත එක්තැන් වෙන විදියට මෛත්‍රී භාවනා කල විට අන් අය වශී කරගන්නවා වැනි දෙයක් කල හැකි වෙනවා. තමන්ට අවශ්‍ය පුද්ගලයා අරමුණු කරගෙන දිගු වෙලාවක් මෛත්‍රී කිරීමෙන් වෙනත් දින වල නැති අවනත බවක් පක්ෂපාති බවක් දකින්න ලැබෙනවා. තමන් කියන ඕනිම දෙයක් එක පාරින් කිරීමට පෙළඹෙන ගතියක් දකින්න ලැබෙනවා. දුර ඉන්න කෙනෙකුට මේ විදියට මෛත්‍රී කිරීමේදී ඒ පුද්ගලයා තමන්ව මුණගැහෙන්න එනවා හෝ තමන්ට දුරකථන ඇමතුම්/ කෙටි පණිවිඩ දෙනවා අත්දකින්න පුළුවන්.
ඕනෑම භාවනාවක් කිරීමේදී තමන්ගේ සිරුර වටා රැස් වළල්ලක් වගේ ඇතිවෙනවා. එය ආලෝක වළල්ලක් ලෙස පෙනෙන්නේ හිත ඉතා දියුණු අයගේ පමණයි. අනිත් අයගේ නොපෙනුනාට එය යම් තරමකට තිබෙනවා. මෛත්‍රී භාවනා කරන පුද්ගලයන්ගේ මේ රැස් වළල්ල වදින සීමාවට එන ඕනෑම මනුෂ්‍යයෙක් හෝ අමනුෂ්‍යයෙකු හට භාවනාව කරන පුද්ගලයා පිළිබඳව ඉබේම පැහැදීමක් ඇතිවෙනවා. එය සිදුවන්නේ තමන්ගේ සිතෙන් පිටවෙන සිතුවිලි හා විශ්ව ශක්ති කිරණ මගින්.
මේ විදියට තමන්ව අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරියෙකුව අනගාරික ධර්මපාල තුමන් විසින් වශිකරගත් ප්‍රසිද්ධ සිදුවීමක් තිබෙනවා. තමන්ව අත්අඩංගුවට ගැනීමට පැමිණෙන බව දැනගෙන එම පොලිස් නිලධාරියාගේ චායාරුපයක් දිහා බලාගෙන ධර්මපාල තුමා මෛත්‍රී භාවනා කර තිබෙනවා. ධර්මපාලතුමාගේ අතට මාංචු දමන අවස්ථාවේදී හඬා වැටී තිබෙනවා. මේ දෙයම තමයි බුදුරජාණන් වහන්සේ නොසලකා සිටීමට තීරණය කල පස් වග මහනුන්ට සිදු වුනේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිලිබදව අවබෝධයක් නොතිබුන නිසා බුදුරජානන් වහන්සේට ඇප උපස්ථාන නොකළ ඉන්න තීරණය කරපු පස්වග මහණුන්ට බුදුරජානන් වහන්සේ තමන් සමීපයට පැමිණීමෙන් පසු උපස්ථාන නොකර සිටීමට නොහැකි වුනා. මෛත්‍රී කරන කෙනෙකුගේ රැස් වළල්ල ආසන්නයට එන ඕනෑම කෙනෙකුට ඒ පුද්ගලයා ගැන පැහැදීමක් ඇතිවෙනවා.

                           
අමනුෂ්‍ය දෝෂ වලින් මිදීමටත් මෛත්‍රී භාවනාව උපකාර වෙනවා. මෛත්‍රී භාවනා කරන කෙනෙකුට අමනුෂ්‍යයෙක් කරදර කරනවානම් ඒක ඒ අමනුෂ්‍යයාට දෙපැත්ත කැපෙන කඩුවක් අත් දෙකෙන් තද කරගන්නවා වැනි ප්‍රතිපල අත්වෙන ක්‍රියාවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. මේ ආකාරයට සාමාන්‍ය අමනුෂ්‍ය උවදුරු වලින් වැළකීමේ හැකියාව තිබුනත් මන්තර ගුරුකම් ආදියෙන් කල අමනුෂ්‍ය බන්ධන වලින් මිදීමට හැකියාවක් නෑ. මන්තර ගුරුකම් වලින් ඇතිවන අමනුෂ්‍ය බලපෑම් වලින් මිදීමට නම් මන්ත්‍ර කර්ම මගින්ම ඉවත් කරගැනීම හෝ චතුර්ථ ධ්‍යානය ලබාසිටීම විය යුතුයි.
                         ඒ වගේම මෛත්‍රී ධ්‍යානයක් තිබෙන පුද්ගලයෙකුට පහසුවෙන්ම  දෙවියන්ගේ හා අමනුශ්‍යන්ගේ උදවු ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මෛත්‍රී භාවනා කරන කෙනෙක් බුදුන් වදින වෙලා වලදී තමන්ගේ අවශ්‍යතාවය දෙවියන් සිහිපත් කරලා, පින් අනුමෝදන් කරලා කීමෙන් නොහිතන විදි වලින් උදවු ලැබෙනවා.

                           
තමන්ට සතුරු අයගේ සතුරුකම් නැතිකරගන්නත් මෛත්‍රී භාවනාව උපකාර කරගන්න පුලුවන්. තමන්ට එදිරිවාදීකම් කරන කෙනෙකු සිටිනවා නම් සාමාන්‍ය විදියට මෛත්‍රී භාවනා කර අවසානයේ පැයක් පමණ තමන්ට අවශ්‍ය පුද්ගලයාව පමණක් අරමුණු කරගෙන මෛත්‍රී කිරීමෙන් ඕනිම අමනාප කමක් නැති වී යනවා. බුදුරජාණන් වහන්සේත් නාලාගිරි ඇතාව ධමනය කරන්න යොදාගත්තේ මෛත්‍රී කිරීම.

මේ පිළිබඳව නාඋයනේ අරියධම්ම හිමියන්ගේ සුවිශේෂී අත්දැකීම් :- 

-
බුදුරජාණන් වහන්සේලා සිය නමකට දානයක් පුජා කරනවට වඩා පිනක් එලදෙනකගෙන් කිරි දොවන තරම් කාලයක් (විනාඩි 30ක් පමණ) මෛත්‍රී භාවනා කිරීමෙන් රැස් වෙන බව බුදුරජාණන් වහන්සේ වේළාම සුත්‍රයේදී දේශනා කර තිබෙනවා . ඒ නිසා මෛත්‍රී භාවනාව එසේ මෙසේ භාවනාවක් නෙවෙයි.
                                                     
 
මෛත්‍රී භාවනාව දියුණු කල පුද්ගලයන් හට අනතුරු කරදර  ආදිය සිදුවෙන්නේ නෑ. ධ්‍යාන මට්ටමට සිත දියුණු වී තිබෙනවා නම් කිසිම කරදරයක් වෙන්නේ නෑ. මේ සදහා හොඳ උදාහරණයක් ත්‍රිපිටකයේ දකින්න ලැබෙනවා. උත්තරා නම් සිටු දේවියට සිරිමා ඝනිකාව උණු තෙල් වැගිරීමට ආ අවස්ථාවේදී උත්තරා තමන් පුරුදු කල මෛත්‍රී භාවනාවට සමවැදි සිරිමාවට මෛත්‍රී කළා. මේ මෛත්‍රී කිරීමේ පිනෙන් මා හට කිසිම අනතුරක් නොවේවා යයි අධිෂ්ඨාන කළා. ඒ අවස්ථාවේ සිරිමාව විසි කල උණු තෙල් උත්තරාගේ ශරීරයට වැටුනත් කිසිම හානියක් උත්තරාට සිදුවුනේ නෑ. සිරිමා ඝනිකාව මේ දැක කම්පා වී තමන්ගේ වරදට සමාව ගෙන මහණ වීමට තීරණය කලා.


බොහෝ දෙනෙක් මෛත්‍රී භාවනාව විදියට සිදු කරන්නේ " මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා" ලෙස සිතීම. නමුත්  ඒ මෛත්‍රී භාවනාව නෙවෙයි කරුණා භාවනාව.
මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණ අනුව වඩන භාවනා
හතරක් තිබෙනවා. ඒවායින් මෛත්‍රී භාවනාවේදී කරන්නේ " මම තරහා නැත්තෙක් වෙම්වා. වෛර නැත්තෙක් වෙම්වා ,දුක් පිඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වෙම්වා" ලෙස සිතීම.
නිරෝගී වෙම්වා ආදිය අයිති වෙන්නේ කරුණා භාවනාවට. මේ භාවනා දෙක අතරින්
 මොන භාවනාව කලත් එක ලෙසම ප්‍රතිපල ලැබෙනවා.

-

සමාධිය ඉක්මනින් ඇතිකරගන්න උදවු වෙන්නේ
- මුලින්ම විනාඩි 5ක් පමණ තමන්ට අනුන්ට දෙපිරිසටම මෛත්‍රී කර
- ඊළගට විනාඩි 15ක් පමණ තමන්ට පමණක් මෛත්‍රී කර
- අවසානයේදී විනාඩි 50 ක් පමණ අනුන්ට හෝ තමන්ට, අනුන්ට දෙපිරිසටම මෛත්‍රී කිරීමෙන්.

තමන්ට මයිත්‍රී කිරීමේදී " තරහ නැත්තෙක් වෙවා , සුවපත් වේවා, නිදුක් වේවා" ආදී ලෙස සිතන දේ වල අර්ථය හොදට හිතට තේරෙනවා, දැනෙනවා. ඒ වගේම තමන්ට මෛත්‍රී කිරීමේදී සිතේ ඇතිවෙන සහනය නිසා ප්‍රීති සුඛ එකග්ගතා ධ්‍යානාංග ඇතිවී සමාධිය ඇතිවීමට අවශ්‍ය අඩිතාලම වැටෙනවා. මෛත්‍රී භාවනා කිරීමේදී ශාන්තව තාලයකට හිත නිවෙන විදියටයි "මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා" ආදිය සිතීම කල යුත්තේ.


මහග්ගත චේතෝ විමුක්තිය වශයෙන් හා අප්පමාන චේතෝ විමුක්තිය මෙෙත්‍රී භාවනාව කළ හැකි ආකාර දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.මහග්ගත චේතෝ විමුක්තියේදී සිදුකරන්නේ තමන් කේන්ද්‍ර කරගෙන වටේට ක්‍රමයෙන් මෛත්‍රීය පැතිරවීම.මුලින්ම තමන්ට, ඊළගට තමන් සිටින නිවසේ සත්වයන්ට, ඊළගට තමන්ගේ ගමේ සත්වයන්ට, නගරයේ සත්වයන්ට, ප්‍රදේශයේ සත්වයන්ට, රටේ සත්වයන්ට, ලෝකයේ සියලු සත්වයන්ට ,සියලු ලෝක වල සියලු සත්වයන්ට ආදී ලෙස ක්‍රමයෙන් තමන් වටාවට මෛත්‍රී කිරීම සිදුකරනවා.
( සත්වයන් ලෙස හැදින්වීමේදී මිනිසුන් තිරිසනුන් දෙවියන් අමනුෂ්‍යයන් ආදීන් සියල්ල අයත් )

භාවනාව සිදුකරන ආකාරය :-

මම වෙෙර නැත්තෙක් වෙම්වා,
මම තරහා නැත්තෙක් වෙම්වා,
දුක් පීඩා නැත්තෙක් වෙම්වා,
සුව සේ ජීවත් වෙම්වා,
ශාන්ත සුවයට පත් වෙම්වා.

මා මෙන්ම,
මෙම නිවසේ ජීවත් වන්නා වූ සියලූම සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.

මා මෙන්ම,
මේ ගමේ සිටින සියලුම සත්වයෝ...
මේ නගරයේ සිටින සියලුම සත්වයෝ....
මේ ප්‍රදේශයේ සිටින සියලුම සත්වයෝ...
මේ රටේ සිටින සියලුම සත්වයෝ...
මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ...
සියලු ලෝක වල සියලුම සත්වයෝ..
ආදී ලෙස මෛත්‍රී කරන්න.                



*
අප්පමාන චේතෝ විමුක්තියේදී  සිදුකරන්නේ දිශා වශයෙන් මෛත්‍රිය පැතිරවීම.

මම වෙෙර නැත්තෙක් වෙම්වා,
මම තරහා නැත්තෙක් වෙම්වා,
දුක් පීඩා නැත්තෙක් වෙම්වා,
සුව සේ ජීවත් වෙම්වා,
ශාන්ත සුවයට පත් වෙම්වා.

මා මෙන්ම,
උතුරැ දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...
වෙෙර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
දුක් පීඩා නැත්තෝ වෙත්වා,
සුව සේ ජීවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.

,උතුරැ අනු දිශාවේ ජීවත් වන්නා වූ සියලූම සත්වයෝ...
,නැගෙනහිර දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...,
නැගෙනහිර අනු දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...,
දකුණු දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...,,
දකුණු අනු දිශවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..,
බටහිර දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...,
බටහිර අනු දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...,
උඩ දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..., යට දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ...සියලු දිශා වල සිටින සියලුම සත්වයෝ...
ආදී ලෙස මෛත්‍රී කරන්න.

මිට අමතරව අපා සත්වයෝ, දෙපා සත්වයෝ. සිවුපා සත්වයෝ මනුෂ්‍යයෝ ,තිරිසන් සත්වයෝ....ආදී ලෙස සිතමින් භාවනා කරනවා. ඒත් බුදුන් දේශනා කලේ මුල් ආකාර දෙක පමණයි. බුදුන් දේශනා නොකලත් අනිත් ක්‍රම වලිනුත් සමාධිය ඇතිකරගන්න පුළුවන්.

ඉහත ක්‍රම දෙක එකදිගට පුරුදු කිරීමෙනුත් ධ්‍යාන ලබාගැනීමට පුළුවන්. ඊට අමතරව ධ්‍යාන ලබාගැනීම සඳහා මේ ක්‍රමයත් යොදාගන්න පුළුවන්;

මුලින්ම සති 4 - 6 ක් පමණ කාලයක් භාවනාව සම්පුර්ණයෙන්ම කර හිත හොදට එක්තැන් කරන්න.
ඊළගට " මම සුවපත් වෙම්වා" කියන දේ පමණක් එකදිගට පැයක් පමණ හිතමින් භාවනා කර "සියලු සත්වයෝ සුවපත් වෙත්වා" යන්න පමණක් එකදිගට හිතමින් පුළුවන් තරම් වේලා භාවනා කරන්න.

අරමුණු ගොඩක් සිතීමට වඩා එකක් පමණක් සිතීමෙන් ධ්‍යාන ලබාගන්න ලේසි වෙනවා.
නමුත් සම්පුර්ණ භාවනාවම එකදිගට කිරීමෙනුත් ධ්‍යාන ලබාගන්න පුළුවන්. එක් එක් පුද්ගලයාගේ හැටියට තමන්ට ගැලපෙන ක්‍රමය වෙනස් වෙනවා. මේ ක්‍රම දෙකෙන් එකක් තෝරාගෙන එය පමණක් එකදිගට මාස 3ක් ප්‍රගුණ කරන්න. මාස 3කින් පසු ධ්‍යාන ලබාගැනීමට අපහසු වුනා නම් අනිත් ක්‍රමය ප්‍රගුණ කරන්න. කිසිම හේතුවක් මත අතරමැදදී භාවනා ක්‍රමය වෙනස් කිරීමෙන් වළකින්න .

යානයක් මෙන් මෛත්‍රිය පුරුදු කරන්න 
අනිත් භාවනා වගේ මෛත්‍රී භාවනාව එක තැනකට වෙලා පමණක් කල යුතු නෑ. ධ්‍යාන ලබාගැනීම සඳහා භාවනා ආසනයකින් වාඩි වී එක තැනක ඉදන් භාවනා කරන්න අවශ්‍යයි. ඊට අමතරව අනිත් වෙලා වලදී භාවනා කිරීමේ ගැටළුවක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ මෛත්‍රී භාවනාව යානාවක් ලෙස පුරුදු කිරීමටයි. එනම් ඇවිදීමේදී, ආහාර ගැනීමේදී, වෙනත් වැඩ කටයුතු කිරීමේදී ආදී ලෙස හැමවෙලේම මෛත්‍රී භාවනාව වඩන්න. අනිත් භාවනා එසේ කිරීම කිරීම සුදුසු නෑ. මෛත්‍රී භාවනාව පැයකට දෙකකට සිමා කරගන්නේ නැතුව දවස පුරා හැම ඉරියව්වකදිම පුරුදු කරන ලෙස බුදුන් දේශනා කර තිබේනවා. ඒ ආකාරයට හැමවෙලේම මෛත්‍රී සිත පැතිරවීමෙන් ඉක්මනින් ධ්‍යාන ලබාගැනීමට හැකි වෙනවා.


බය නැති කරගැනීමට 
බුද්ධ සමයේ වාසය කරපු එක් ස්වාමින් වහන්සේනමක් සර්පයෙක් දෂ්ඨ කිරීම නිසා අපවත් උනා. මේ ගැන දැනගත් බුදුරජාණන් වහන්සේ එලෙස මියගිය භික්ෂුව සර්ප රාජ කුල හතරට මෛත්‍රී කර නැති බවත් ජීවත්ව සිටි කාලයේ සර්ප කුල හතරට මෛත්‍රී කලානම් කිසිදාක සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මරණයට පත් වීමක් සිද්ද වෙන්නේ නැති බවත් භික්ෂුන්ට දේශනා කළා.

* මේ සිදුවීමෙන් දැනගත හැකි රහසක් වෙන්නේ අප මෛත්‍රී කරන කිසිවෙකුගෙන් අපිට කිසිදාක හානියක් සිදුවන්නේ නැති බව. සමහර පුද්ගලයන් කැරපොත්තන්, ගෙම්බන්, සර්පයන්, මකුළුවන් ආදීන්ට අහේතුක විදියට බයයි. සමහරු අමනුශ්‍යන්ට, හොල්මන් වලට අධිකව බයයි. එවැනි බිය නැති කරගැනීමට ඇති හොදම ක්‍රමය මෛත්‍රී කිරීමයි.

මෛත්‍රී භාවනාව පැයක් දෙකක් පමණ සම්පුර්ණයෙන් කර අවසානයේදී මේ විදියට සියලු සත්ත්ව වර්ග කොටස් කරලා වෙන වෙනම සිතා මෛත්‍රී කිරීමෙන් ඔවුන්ගෙන් හානියක් වෙන්න තිබෙනවා නම් ඒවා වලකිනවා.

මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා
මා මෙන්ම සියලුම මනුෂ්‍යයෝ නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා

මා මෙන්ම සියලුම බ්‍රහ්මයෝ ....
සියලුම දෙවියෝ ....
සියලුම අමනුෂ්‍යයෝ .....
සියලුම සර්පයන් ආදී අපා සත්වයෝ ....
සියලුම දෙපා සත්වයෝ ....
සියලුම සිව්පා සත්වයෝ ....
සියලුම බහුපා සත්ත්වයෝ ....
පොලවේ සිටින සියලුම සත්වයෝ .....
අහසෙහි සිටින සියලුම සත්වයෝ ....
ජලයෙහි සිටින සියලුම් සත්ත්වයෝ ....
ඇසට පෙනෙනා සියලුම සත්ත්වයෝ ....
ඇසට නොපෙනෙනා සියලුම සත්ත්වයෝ....

මේ ආකාරයට තවත් කොටස් කලත් වරදක් නෑ. මෙලෙස මෛත්‍රී කිරීමෙන් තමන්ගේ බය නැතිකරගනිමටත් අනතුරු වලක්වා ගන්නත් හැකි වෙනවා.


ජීවිතය පහසු කරගන්න 
දිනපතා උදේ අවදි වුනු ගමන් දවස පටන් ගැනීමට පෙර විනාඩි 10ක් පමණ මෛත්‍රී කරන්න. මෙය ඇදේ ඉදිමින්ම කලත් වරදක් නෑ. සියලු සත්වයන්ට මෛත්‍රී කිරීමෙන්ම දවස ආරම්භ කරන්න. රැකියා කරන තැනට ගිය පසු වැඩකටයුතු කිරීම ආරම්භ කිරීමට පෙර විනාඩි 5ක් 10ක් එතන සියලු දෙනාට මෛත්‍රී කරන්න. මේ ආකාරයට කිරීමෙන් තමන්ගේ කටයුතු ඉතාම පහසුවෙන් කරගැනීමට අවස්තාව සැලසෙනවා. කරදර ගැටළු ආදිය අඩුවී යනවා. අන් අයගේ උදවු ලැබෙනවා. තමන්ගේ කටයුතු සාර්ථක වෙනවා. රෑට නිදාගැනීමට පෙරත් මේ ආකාරයට විනාඩි 10ක් සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න. දවස් කීපයක් මෙලෙස කිරීමෙන් ජිවිතයට විශාල පහසුවක් සහනයක් ලැබෙන බව අත්දකින්න ලැබෙයි.

මෙවැනි ධර්ම කාරණා ලෝකේ වෙනත් රටවල කිසිවෙක්ට දැනගන්න ලැබෙන්නේ නෑ. ලංකාවෙත් අබෞධයන්ට දැනගන්න ඉඩ ඉතා අඩුයි. බෞද්ධයන් අතරිනුත් මේ ලිපි කියවන සුළු දෙනාට පමණයි මේ කරුණු දැනගන්න ලැබෙන්නේ. ඒ නිසා ඉතාම කලාතුරකින් දැනගන්න ලැබෙන මේ කරුණු අපතේ හරින්න එපා. අද සිටම මේ දේවල් කර ප්‍රතිපල අත්දකින්න.


 Facebook පිටුවට යොමුවීමට :- ( මෙතන ක්ලික් කරන්න )

(මෙම ලිපි අවසරයකින් තොරව  සම්පුර්ණයෙන් හෝ කරුනු වශයෙන් උපුටාගැනීමෙන් හා  වෙනත් යමක පළකිරීමෙන් වලකින්න.)

Comments

  1. Maithrya Wadana kena MAs malu kanna BA neda

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් නෑ. මස් මාළු කාලත් මෛත්‍රී ධ්‍යාන තියෙන අය මම අදුරන අය ඉන්නවා. මස් මාළු නොකන එක හොදයි ඉතින් .ඒ උනාට ඒක ධ්‍යානයට කිසිම අදාලත්වයක් නෑ

      Delete
    2. Me karunu godak Budda desanavanta galepenava. Mamat piligannava. Saadu saadu. Namut maitreeyata kundalini samakaranna epa. Aka varadi. Kundalini hindu saaduvarunge deyak. Aka amanussayan visin Minis sita grahanaya karagena amanussayage grahanayata lak Kara ganimak. Meka Hari bayanakai. Dan natuva me deval karanna yanna epa... Budu saranai...

      Delete
    3. කුන්ඩලිනිය කියන්නේ ශක්තියක්. අමනුස්සයෝ සම්බන්ධ වීමක් කුණ්ඩලිනියේ කොහෙවත් සිද්දවෙන්නේ නෑ. ඔයා සම්පුර්ණ වැරදි කතාවක් කාගෙන් හරි අහල තියෙන්නේ. කුණ්ඩලිනි භාවනා සාධු වරුන්ගේ නෙවෙයි ඍෂිවරුන්ගේ ඉගැන්වීමක්. කුන්ඩලිනිය හෝ යෝග ඉන්දියානුවන්ටවත් වෙනත් ජාතියකටවත් අයිති දේවල් නෙවෙයි මුළු ලෝකෙටම අයිති දේවල්. කුන්ඩලිනිය ගැන මම වෙනම ලිපි දාල තියෙනවා ඒවා කියවල ඔය බොරු සංකල්ප විසදගන්න.
      අනික මේකේ මම මෛත්‍රී භාවනාව කුන්ඩලිනියට සම්බන්ධ කරලා නෑ.කුන්ඩලිනි භාවනා ගැන වෙනම සමත භාවනා ගැන වෙනම දාලා තියෙන්නේ.

      Delete
  2. Mama ahala thiyenawa..nirmansha nounoth mathri bawanawe prathipalayak na kiyala

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් නෑ. එක බොරු කතාවක්

      Delete
    2. හොදට මතක තියාගන්න මේකේ බොහෝමයක් වැරදියි කියලා මොකද මම මේ භාවනාව සම්බන්ධයෙන් හොද අත්දැකීම් තියෙන කෙනෙක්

      Delete
    3. mamath bawanawa hodata athdakim athuwa thamai liyanne. mokakda weradi?

      Delete
    4. මේ භාවනාව හරියට උල්පතක් වගේ ඒක සීමා සම්භේදයකින් තොරවයි වඩන්න ඕනේ
      එතකොට තමා මහත්ඵල මහානිංසංස වෙන්නෙ ඒක බුද්ධඝෝස මතයෙන් ආපු එකක් සීමා සම්භේදය බුදුහාමුදුරුවෝ කොතැනකදීවත් වදාරලා තිබෙනවාද පළමුවෙන්ම තමන්ට මවට පියාට එහෙම මෛත්‍රී කරන්න කියලා

      බියපත් තැතිගත් සතුන්ද වේවා
      බිය සැක නැතිකළ රහතුන් වේවා
      ලොකු පොඩි දිග මහ සතුන්ද වේවා
      සැමට සැපත ඇති සිත් ඇතිවේවා

      පෙනෙන නොපෙනෙනා සතුන්ද වේවා
      දුර ලග වසනා සතුන්ද වේවා
      ඉපදුන ඉපදෙන සතුන්ද වේවා
      සැමට සැපත ඇති සිත් ඇති වේවා

      හොදට හිතලා බලන්න මෛත්‍රී භාවනාව ගැන සම්ප්‍රදායික ක්‍රමයට යන්න එපා එතකොට ඒක හරි ක්‍රමයක් නෙමෙයි අද කාලෙ බලනකොට ඇගේ තිබෙන අවයව වලටත් සමහරුන් මෛත්‍රී කරනවා ඒක විකාර වැඩක්

      Delete
    5. බුදුන්ටත් බණ උගන්නන හාමුදුරුවරු හා ගිහියෝ දැන් බිහිවෙලා ඉන්නවා. එයාල බුදුන් දේශනා කරපු දේට කියන්නේ සාම්ප්‍රදායික දේ කියලා. තමන්ගේ හුණු බිත්තර මොලේට තේරෙන විදියට හරි කියල හිතෙන දේ තමයි හරි කියල හිතල බුද්ධ භාෂිතයට ගරහනවා සාම්ප්‍රදායික දේ කියල. හැබැයි මහලොකු සාම්ප්‍රදායික නොවෙන ක්‍රම වලින් ධ්‍යානයක් ලබපු, මාර්ගඵලයක් ලබපු, ඉර්ධියක් ලබපු එකෙක්වත් ඉන්නවද ඇහුවම මුකුත් නෑ. බුදු කෙනෙක් බුදු නුවණින් බලලා කමටහන් නිර්මාණය කරන්නේ ඒ කමටහන අහන්න ලැබෙන හැමෝටම ප්‍රතිපල ගන්න පුළුවන් විදියට. හරියට බුදු බණ පිලිපදලා කරනවා නම් ඕන කෙනෙක්ට ඒ කමටහනෙන් ධ්‍යාන ලැබෙනවා.
      තමන් තමන්ගේ විදියට කරගන්න ගිහින් අනාගත්ත හිස් මෝඩයෝ තමා ත්‍රිපිටක දේශනා වලට සාම්ප්‍රදායික දේ කියල ගරහල අලුත් ඒවා පස්සේ යන්නේ. හැමදාම අලුත් අලුත් ඒවාට රැවටෙනවා මිසක් එයාලට ලැබෙන නිවනක් නෑ

      Delete
    6. අර කරනිය මෙත්ත සුත්‍රය නෙද
      එක භාවනාවට සම්බන්ද්ද ?

      Delete
  3. Oba mea karana uthum mehewara obagea jeevitaye sitana partana karana margapala lebimata dharma daanaya obata kedapathak ma weawa. Godak pin obata. ....

    ReplyDelete
  4. ඉතා වටිනා කරුනුරාශියක් මට ඉගෙනගන්න ලබුනා මා සිතගෙන සිටිය නිර්මන්ශ ව් නොමතිනම් සමාදිය ලබගත නොහකියි කියා....ඔබතුමාට ගොඩක් පින්

    ReplyDelete
  5. ඉතා වටිනා කරුනුරාශියක් මට ඉගෙනගන්න ලබුනා මා සිතගෙන සිටිය නිර්මන්ශ ව් නොමතිනම් සමාදිය ලබගත නොහකියි කියා....ඔබතුමාට ගොඩක් පින්

    ReplyDelete
  6. බොහොම පින් මේ වගේ post දානවට. සමාධිය ගැන පොඩි ප්‍රශ්නයක් මතු වුනා. ලෞකික සහ ලෝකෝත්තර සමාදී අතර වෙනස මොකද්ද කියල කියන්න පුලුවන්ද ? ඒ වගේම බිම ඉදගෙන ආසනයක් අනුගමනය කරමින් භාවනා කරන්නේ නැතුව, සිටින ඉරියව්වෙන්ම සිතීම මගින් සිත එකග කරගන්න උත්සහ කිරීමෙන් සහ යම් දෙයක් සිතට අවබෝධ කර ගැනීම මගිනුත් සමාදියට එලබෙන්න පුළුවන් නේද ? එහෙම පුලුවන්නම් එකට කියන්නේ "සමාදියට සමවැදීම" කියලද ?

    ReplyDelete
    Replies
    1. ලෞකික සමාධියක් තියෙන කෙනා කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන සම්මා දිට්ඨියක් නැතුව මොනවහරි භාවනාවකින් ධ්‍යාන ලබාගත්ත අය.හිමාලේ ඉන්න ඍෂිවරු වගේ. සම්මා දිට්ඨිය සහිත අය ලබන ධ්‍යාන තමා ලෝකෝත්තර සමාධි. හිතේ එකඟ කම ගත්තොත් වෙනසක් නෑ.ඒත් දෘෂ්ඨිය වෙනස්. නිරෝධ සමාපත්තියට විතරක් නෙවෙයි ලෝකෝත්තර සමාධිය කියන්නේ.
      බිම වාඩි වෙලා එක ආසනයකින් නොඉද සමාධියක් ලබාගන්න ගොඩක්ම අමාරුයි. ඒ වගේ වෙන්නේ ගිය ආත්ම වල එකදිගට ධ්‍යාන ලබාගෙන තියෙන අය වගේ අය විතරයි.

      Delete
    2. බොහොම පින්! වැඩි වැඩියෙන් මනස දියුණු කරගන්න හැකියාව ලැබේවා!!

      Delete
  7. මෛත්‍රී භාවනාව, මම ඒතරම් දුර වඩලම නෑ.. ගොඩක් කුන්ඩලීනී ශක්ති පිලිබඳව තමයි අත් හදාබැලීම් කරේ. ගොඩක් ස්තූති බුද්ධ මාර්ගයකට නැවත යොමු කරාට. කුන්ඩලීනී ශක්ති චක්‍ර අවදි කරන්න කලිං මානුෂිය සමාදිය ඇති වෙන එක ගොඩක් වැදගත් කියල විශ්වාස කරනව.

    ReplyDelete
    Replies
    1. ඔවු සමාජයට අහිතකර අරමුණු හා චර්යා තියෙනවනම් කුණ්ඩලිනි චක්‍ර අවධි කරගන්න ලැබෙන්නේ නෑ

      Delete
    2. Kundalini kiyanne amanushyan visin meheyavana deyak neda??? Meva tiyenne himalaye saaduvaru lagan. Meka harima bayanakai. Ai kundalini maitree baavanavata Sama karanne??? Mokakda aramuna???

      Delete
    3. කුන්ඩලිනිය ගැන නොදැනුවත් කම නිසා ඔහොම හිතන්නේ. අනික ඔයා පොස්ට් එක හරියට කියවල නෑ
      කුන්ඩලිනිය කියන්නේ ශක්තියක්. අමනුස්සයෝ සම්බන්ධ වීමක් කුණ්ඩලිනියේ කොහෙවත් සිද්දවෙන්නේ නෑ. ඔයා සම්පුර්ණ වැරදි කතාවක් කාගෙන් හරි අහල තියෙන්නේ. කුණ්ඩලිනි භාවනා සාධු වරුන්ගේ නෙවෙයි ඍෂිවරුන්ගේ ඉගැන්වීමක්. කුන්ඩලිනිය හෝ යෝග ඉන්දියානුවන්ටවත් වෙනත් ජාතියකටවත් අයිති දේවල් නෙවෙයි මුළු ලෝකෙටම අයිති දේවල්. කුන්ඩලිනිය ගැන මම වෙනම ලිපි දාල තියෙනවා ඒවා කියවල ඔය බොරු සංකල්ප විසදගන්න.
      අනික මේකේ මම මෛත්‍රී භාවනාව කුන්ඩලිනියට සම්බන්ධ කරලා නෑ.කුන්ඩලිනි භාවනා ගැන වෙනම සමත භාවනා ගැන වෙනම දාලා තියෙන්නේ.

      Delete
  8. mata podi deyak dengna onei. Amunusynta karana epa kiylaa thiynawa.. mn me bawanawa sahehana kalayak karana kenk. Mn karankota amunsayan amramunu karagenath awasanayta karnawa.. eka attma hoda nedda kiyla dengn kemthi oba thumagen.. ? Karaniya metha sutharayth amunusaynta my3 wadena nisai mn wadana gthe. Meka podak pahadili karala dena kiyla oba thumgen ilaa sitinawa..?

    ReplyDelete
  9. Danne nathi karunu danagaththa.Obata theruwan saranai.

    ReplyDelete
  10. මේ විස්තරේ facebook දාන්නකෝ...මේක හරිම ප්‍රයෝජනවත්..බුද්ධිමත් මිනිස්සු මේක කියවල ලොකු යහපතක් තමුන්ගේ ජීවිතේට ලබා ගනීවි...මගේ wall එකට මේක දැම්මට කමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. දානවනම් ලින්ක් එක විතරක් දාන්න. kundalini yoga srilanka කුණ්ඩලිනි යෝග කියල මම fb page එකක් කරනවා. එකෙන් මේවා ශෙයා කරනවා. kundalini yoga srilanka කුණ්ඩලිනි යෝග කියල ගෘප් එකකුත් මම කරනවා එකෙත් දානවා. ඒ හින්ද දකින අයට fb එකෙන් දකින්න අවස්ථාවව් තියෙනවා

      Delete
  11. Mama danna widiyata saha dekala thiyana widiyata mas mansa kewoth bawnawa hariyatama wadanna be.sathwayekuta suwapath wethwa kiyala e sathage malakuna kanawanam rasa kara kara ethana sebe maithriyak ne.aniwaryayenma bawanawa hariyata wadanna be.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ නෑ. ඕක තමන්ගේ ආකල්ප වල ප්‍රශ්නයක්. මැරුණු සතා මැරිලා ඉවරයි. යතාර්ථය තේරුම් ගන්න බැරි හින්ද ඔහොම ආකල්ප එන්නේ. ඔහොම හිතාගෙන හිටියොත් භාවනා කරද්දී ඒක මතක්වෙලා ඒ හින්දම භාවනාව කරගන්න බැරිවෙනවා. ඔය ආකල්ප නිකන් ඇගේ ඇනුන කටුවක් වගේ .ගලවනගන්නකම් හිතෙන් ඒකම පෝෂණය කරලා භාවනාව කරගන්න බැරි කරනවා. ලෝකේ යතාර්ථය නොතේරෙන නිසා ඔහොම ආකල්ප ඇතිවෙන්නේ. ධර්මය ඇසීම කියවීම විදර්ශනා වැඩිම කරන්න මෛත්‍රී කරන ගමන්. මස් මාළු කෑවා කියල මෛත්‍රී වඩන්න බැරි කමක් නෑ. ධ්‍යාන ලබාගන්න බැරි කමකුත් නෑ

      Delete
  12. හොද ප්‍රතිපල ලබා ගන්න දවසට කෙතරම් වෙලාවක් මෛත්‍රී භාවනාව කරන්න ඕනෙද?කරුණා භාවනාව සහ මෛත්‍රී භාවනාව එකම දවසේ සිදු කලාට ගැටළුවක් නැද්ද?වඩාත් හොද ප්‍රතිපල ලැබෙන්නේ මේ භාවනා ක්‍රම දෙකෙන් කුමන භාවනවෙන්ද ?ස්තුති ලිපියට.

    ReplyDelete
    Replies
    1. අවම පැයක් කරන්න
      2කම එක දවසේ කලාට කමක් නෑ හැබැයි අරමුණ ධ්‍යාන ලබාගැනීමනම් එහෙම කරලා වැඩක් නෑ එකක් විතරක් කරන්න
      දෙකෙන් මොන භාවනාව කලත් ප්‍රතිපල හොදයි

      Delete
  13. බොහොම ස්තුතී ඔබට!!!

    ReplyDelete
  14. Oya me karanne mahath pala maha anisansa thiyena deyak.gindara ho pahan dallak asuren karana kundalini bhavanavadi chakkra thula shakthiya isthai karaganiema ha bala upadava ganiema menma,ven venva adala chakra avadi karaganiema yana kriyawaliye gana kramanukoola vistharayak vagema,kelinma aanghngha chakkraya vivurtha karaganieme pillivala thava poddak pahadili karagammuda.............

    ReplyDelete
  15. මම 11 වසරෙදි නින්දට පෙර හැමදාම මෛත්‍රි භාවනාව කරා..ටික කාලෙකට පස්සේ රිදී එලියක් වගේ දෙයක් පේන්න ගන්නවා. ඒ වෙලාවේදී කිසිම දෙයක් ඇගට දැනෙන්නේ නෑ. පාවෙනවා වගේ දැනෙනවා. .ඕන තරම් වෙලා ඉන්න පුලුවන්..භාවනා කරන එක නවත්තපු ගමන් බිමට වැටෙනවා වගේ දැනෙනවා..අමුතුම අත්දැකීමක්
    ඒ වගේම ඒ දවස්වල මට මොකක් හරි දෙයක් අවශ්‍ය වුනොත් මට කොහෙන් හරි ඒ දේ ලැබෙනවා. මට පුදුමත් හිතුනා ...
    ඔය සේරම දෙවල් වෙන්නෙ ඇයි..?
    ස්තූතියි..
    බුදුසරණයි...!

    ReplyDelete
  16. මම 11 වසරෙදි නින්දට පෙර හැමදාම මෛත්‍රි භාවනාව කරා..ටික කාලෙකට පස්සේ රිදී එලියක් වගේ දෙයක් පේන්න ගන්නවා. ඒ වෙලාවේදී කිසිම දෙයක් ඇගට දැනෙන්නේ නෑ. පාවෙනවා වගේ දැනෙනවා. .ඕන තරම් වෙලා ඉන්න පුලුවන්..භාවනා කරන එක නවත්තපු ගමන් බිමට වැටෙනවා වගේ දැනෙනවා..අමුතුම අත්දැකීමක්
    ඒ වගේම ඒ දවස්වල මට මොකක් හරි දෙයක් අවශ්‍ය වුනොත් මට කොහෙන් හරි ඒ දේ ලැබෙනවා. මට පුදුමත් හිතුනා ...
    ඔය සේරම දෙවල් වෙන්නෙ ඇයි..?
    ස්තූතියි..
    බුදුසරණයි...!

    ReplyDelete
  17. මම 11 වසරෙදි නින්දට පෙර හැමදාම මෛත්‍රි භාවනාව කරා..ටික කාලෙකට පස්සේ රිදී එලියක් වගේ දෙයක් පේන්න ගන්නවා. ඒ වෙලාවේදී කිසිම දෙයක් ඇගට දැනෙන්නේ නෑ. පාවෙනවා වගේ දැනෙනවා. .ඕන තරම් වෙලා ඉන්න පුලුවන්..භාවනා කරන එක නවත්තපු ගමන් බිමට වැටෙනවා වගේ දැනෙනවා..අමුතුම අත්දැකීමක්
    ඒ වගේම ඒ දවස්වල මට මොකක් හරි දෙයක් අවශ්‍ය වුනොත් මට කොහෙන් හරි ඒ දේ ලැබෙනවා. මට පුදුමත් හිතුනා ...
    ඔය සේරම දෙවල් වෙන්නෙ ඇයි..?
    ස්තූතියි..
    බුදුසරණයි...!

    ReplyDelete
  18. Appamaana chetho aakaarayen bawanaawa wadanakota thaman kamathi ho akamathi 1ka pudgalayekwa aramunu karala maithree wadanna Barida?? Tharaha kaarayek innawanam eyawa aramunu karala bawana karoth a pudgalaya wenas wee yahapath prathipala labanna puluwan kiyla ihatha sadahan karala thibuna. Namuth dyaana labimata Eka bawana kramayak thora ganna kiyla thibuna. Ithin Appamaana chetho vidiyata maithree wadana kenekta ehema 1 pudgalayekwa aramunu karala maithree wadima karanna Barida? Ehema kaloth bawana krama 2ma kalawam karala kara wenawada?

    ReplyDelete
    Replies
    1. ehema karanna be. kiyala thiyena vidiyata vitarak bawana karanna. taraha kenek innawanan eya aramunu karala bawana kirima wenama karanayak. eka bawanawak neweyi

      Delete
  19. ඔබට මදක් කතා කල හැකිද? (Sms) මගින්.
    අප බෞද්ධ පේජයක් කරන්නෙමු.... ඔබේ අත්දැකීම් බොහෝ සත්ත්වයන් ගේ හිත සුව පිණිස බෙදා දිය හැකිවේවි යයි අපගේ විශ්වාසයයි..( ඔබේ පෞද්ගලිකත්වය අවශ්‍ය නම් ආරක්ෂා කරන්නෙමු)
    තෙරුවණ් සරණයි

    ReplyDelete
    Replies
    1. mamath facebook page ekak karanawa. ekata msg karanna page eke nama - kundalini yoga srilanka

      Delete
  20. කරුණාකර ඔබ සමග සම්භන්ද වීමට අවස්ථාවක් ලබා දෙන්න. අප බෞද්ධ පේජක් කරන්නෙමු. ඔබගේ අත්දැකීම් අන් අයට මහා උපකාරයක් වෙන බව අපගේ හැගීමයි.

    ReplyDelete
  21. Maitree bawanawa tulin 1 to 4 dyana laba ganna hatti detail wistrayak karanawada. 1 to 4 dyana wadana wita labana experience wistara karanawada. Obata boho pin!

    ReplyDelete
  22. Maitree bawanawa tulin 1 to 4 dyana laba ganna hatti detail wistrayak karanawada. 1 to 4 dyana wadana wita labana experience wistara karanawada. Obata boho pin!

    ReplyDelete
    Replies
    1. isselama me thiyena widiyata bawana karala 1 weni dhyanaya labaganna utsaha karanna

      Delete
  23. man dawasak maythi bawanawa karamin midule awidina kota pawenawa wage danenna patan aran kundalani shakthiya saahenna awadi una samahara welawata nathi wenawa, geval walin mawa manasika rohalakata damma passe mri scan ekak karala oluwe gediyak kiyala laksha ganak wiyadam karala kala man ita kalin me wage lipi mokuth kiyawala tibbe na mata dan therenne oparation ekak boruwata kara gaththe kiyala. mata oparetion eken passe wadiya parana dewal mathakaya adui, mn a dawas wala qwalu devi kenek kiyala mn obage watina owadank maa hata labadenna

    ReplyDelete
    Replies
    1. lakshana wala hatiyata oka manasika rogi tatwayak kiyala matat hitenne

      Delete
  24. Yogi thumani mage birinda maithri bawanawa karanawa..eya bawana karanakota mage atha eyage aga lagata lan karama agili thudu walata kandamaka wikarshana balaya wage deyak danenawa..e wagema agili thudu walata monahari anenawa wage deyak danenawa..riden Na habai.ehema wenne Ai kiyala obathuma gen danaganna puluwanda..mamath wena bawanawak karanawa..

    ReplyDelete
    Replies
    1. samahara ayata ehema wenna puluwan. samaharawita shakthiya nisa wennat puluwan samaharawita ega wateta etiwena dhana rina aaropana nisath wenna puluwan.
      kohomat owa gena hitala wedak ne hitanna oni dhyaana labaganima gena. ataramagadi labena atdakim walin athi wedak ne

      Delete
  25. Bohoma sthuthie obathumata. Obatath obage guruwaruntath bohoma pin.

    ReplyDelete
  26. Man me bawanawa karanna patan ara gaththe me lagadi.man godak asawen meka karanawa.eka dawasak ra man me bawanawa karaddi mage aga eka paththakata adenawa wage mata danuna.ath deka uda loku barak thiyala wage mata danuna.mehema wenna hethu thiyenawada.pahadili karanna.sthuthi

    ReplyDelete
    Replies
    1. bawana kraddi eka eka ayata eka eka athdakim enawa. ewa gena hithanna giyoth bawanawa diyunu karaganna wenne ne. ewa amataka karala ekadigata bawanawa karanna dhyana labenakan

      Delete
    2. Yigithumani,darmayae obae pansale arya maithree bawanawa pilibada pathrikawak me lagadi Mata labuna. bawanawedi menehi karanna peli 40k pamana tyanawa. Maithree bawanawa karaddi e okkoma dewal htanna onada?

      Delete
    3. eka sampurna boruwak. dharma vikruthi kirimak. oya miwanapalane kiyanne siwurak porawagatta ngo kaarayek. eyaage job eka dharmaya vikruthi karala budu dahama vinasa karana eka. danna hemotama kiyanna e pissa gawata yannepa kiyala

      Delete
  27. maithree bawanawata audio ekak ahana gaman bawanawe yedila dyana labaganna puluwanda?

    ReplyDelete
  28. Yogithumani maithree bawanawae arya maithree bawanawae atara wenasa mkakda? E bawana deken mna bawanawa kalath kamak nadda?

    ReplyDelete
    Replies
    1. arya maitree bawanawa kiyala ekak ne. ohoma boruwak paturawanne miwanapalane kiyana dharmaya vikruthi karana maanasika rogiyaa.

      Delete
    2. E pansale hamuduruwo knkge bana wagayak apita lagadi hambune. Gdra ayata khomada ewa terum karanne? Ape Malli e bana walata gdk alila. Qwata piligan na.

      Delete
    3. මම ලිපියක් දාලා තියෙනවා ධමර්ය විකෘති කරන්නෝ 2 මීවනපලානේ සිරිධම්මාලංකාර කියල.
      තව එකක් දාලා තියෙනවා බුදුන් උපන්නේ ලංකාවේ නොවන බවට සාක්ෂි කියල. ඒ දෙක කියවන්න දෙන්න.
      හැබැයි ඕකට අහු උනාට පස්සෙ ගලවගන්න නම් අමාරුයි

      Delete
  29. Darmayae obae kyana aramayen tawa aurudu 5kin wtra niwan awaboda sadaha wtrakma wenamama aramayak hadanawa kyala tyanawa e hamuduruwanlage bana wala. Etakota etanin wenneth boru dykda yogithumani? Mkada Mae,mage husband e wagema mage mallith e arameta ghn bawana krama igena ganna tiranaya karala tibbe.

    ReplyDelete
    Replies
    1. ඔතන කරන ඔක්කොම බොරු. කවදාවත් ඇත්ත භාවනාවක් කරන්නේ නෑ. කවදාවත් කියන ධර්ම දේශනාවක් ඇත්ත ඒවා කියන්නේ න. සම්පුර්ණ විකෘති

      Delete
  30. Obatath obage guruwaruntath bohoma pin me wage hari dwl samajayata Dena ekata. Bohoma sthuthie.

    ReplyDelete
  31. මෛත්‍රී භාවනාව සිතින් හිතමින් ද කරන්න ඕන. පොඩ්ඩක් ශබිද නගා කිව්වට කමක් නැද්ද. හිතමින් කරනකොට වෙන වෙන දේවල් හිතට එනවා.

    ReplyDelete
    Replies
    1. හිතින් හිතන එකයි භාවනාව කියන්නේ. හිත ගොඩක් පිට යනවනම් මුලදී ටික කාලයක් කටින් කියුවට කමක් නෑ

      Delete
  32. ගොඩක් පින් ඔබ තුමාට.. හිත ගොඩක් පිට යනවා.. මොනවම හරි දෙයක් කල්පනා වෙනවා භාවනා කරන වෙලාවට. ඔබ තුමාගේ උපදෙස් අනුව මම ජප මාල භාවනාවත් කරනවා දැන් මාසයක් විතර, හැමදාම කරනවා. තාම හිත එකතැන් කරගෙන 1 - 108 ට ගනන් කරන්න බෑ. මොනවා හරි මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. bawana dekathuna ekapaara karannepa. eka kaaleka eka bawnawak witarak karanna

      Delete
  33. හොඳමයි ගුරුතුමනි....ඔබ තුමාට ගොඩක් පින්....

    ReplyDelete
  34. maitree bawanawen hathara wana dyanayata yanna puluwanda

    ReplyDelete
    Replies
    1. na uyane ariyadamma hamuduruwonge deshanawala thiyenne thun wana dyanata pamanai ne maitree wigrahaya gana..unwahanse deshana karanne maitree karana rupaya aramunu karan karanna kiyala,e kiyanne lokaya aramunu karannam api ihala indan balagena innawa wage aramunu karan... poddak pahadala denna puluwanda ai thun weni dyanaya thek witharak wigraha karanne ai kiayla :)

      Delete
    2. naa uyane swamin wahanse ehema kiyala thiyenawanam eka hari

      ekama bhawanawa unata kamatahana wenas. e anuwa labena dhyana wenas

      Delete
    3. e kiyanne maitree hathara wana dyanayata yanna awashyaanam rupayak aramunu nokara maitree aramunen pamanak bawanawa wadanna ona kiyaana ekada :)

      Delete
    4. issellama prathama dhyanaya ganna uthsaha karannako. e e mattamta awama tamanta terenawa ilagata kranna oni de

      Delete
    5. obatath obe guruwarayatath boho pin..

      Delete
  35. Maitree bawana wa tulin labena Prathama dyana yei swabhawaya explain karanna ahakida....

    ReplyDelete
    Replies
    1. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන ලක්ෂණ ටික හිතේ තියෙනවා. සරලව කියනවා නම් මෛත්‍රී අරමුණ විතරයි හිතේ තියෙන්නේ. වෙන අරමුණු හිතට එන්නේ නෑ

      Delete
  36. Godak pin theruwansaranai!

    ReplyDelete
  37. tika kalayak bhawanawa nathara karala idala mama pereda dinaye idan aye maithree bhawanaawa aramba kala. namuth iye dinaye mama bhawanawa karamin iddi mata danuna mn maithree karana gaman mama inna asanaya pitinma mawa hariyata bambarayak wage karakenawa wage hageemak. eth ekkama hithata maara sahalluwak danenna patan gaththa. habai mama bhawanawa nathara nokara digatama sithin maithreeya wadanna gaththa. namuth samahara welawata nam washayen pudgalayanta maithreeya wadaddi mawa bambare wage karakena hageema danune na. e ai kiyala pahadili karala denna puluwanda. eka mokak hari prashnayakda.

    ReplyDelete
    Replies
    1. kisi prashnayak ne.
      owa kisi terumak neti his dewal.
      owa gena hitannetuwa ekadigata bawana karnna

      Delete
  38. Oba thumata bohoma pin...nithara nithara hithata wada dena onima manasika gataluwak suwa kragnimata maithree bawanawa digin digtma wadima magin hakiyawak tibeda?me gna phadla denna puluwanda oba thumanta

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් එහෙම වෙනවා කියල කියන්න බෑ. ඒ ප්‍රශ්නෙට අදාලව විසදුමක් බලන එක තමයි වඩා සාර්ථක

      Delete
  39. ඔබතුමාට පැහැදිලි කරන්න පුලුවන්ද මෛත්‍රී සමාධිය හදුනාගන්න ආකාරය ? මෛත්‍රී භාවනාව කරනකොට හිත සමාධිමත් උනාම දැනගන්නේ කොහොමද ? සමාධිමත් උනායින් පසුව ඉදිරියට මොකද්ද කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ආධ්‍යාත්මික වීම ලිපිය කිය්වනන්න

      Delete
  40. Mehema hithin hithala witharak puluwanda bhawanawa saartaka karaganna rerukane naa himige shasanawatharanaya pothe tiyenawa issella sitha sakas karaganne natuwa nikam hithuwata wadak na kiyala mokakda attha kiyala mata hitha ganna ba

    ReplyDelete
    Replies
    1. හිත සකස් කරගෙන කරනවා නම් වැඩිය හොදයි. ඒත් ඒක අත්‍යවශ්‍ය නෑ. එහෙම නොකර හිත එක්තැන් වුන අය ගොඩක් ඉන්නවා.

      Delete
  41. Depatta kapena kaduwak thadakaranawa wage kiyala buduhamuduruwo koheda kiyala thiyenne. Mona suthreda? Please give me an answer...

    ReplyDelete
    Replies
    1. හඳ පෙන්නුහම ඇඟිල්ලෙ ඇදේ හොයන්න එපා යාලුවා.

      Delete
  42. Maitree bawanawa karanna බ්‍රහ්මචාරී වීම අනිවාර්යද???බ්‍රහ්මචාරී නොවීමෙන් ආනිසන්ස අඩු වීමක් සිදුවේද????

    ReplyDelete
    Replies
    1. නෑ කිසිම භාවනාවකට බ්‍රහ්මචාරී වීම අනිවාර්ය නෑ

      Delete
  43. 1.පුද්ගලයෙක් අරමුනු කරගෙන භාවනා කරද්දි අදාල පුත්ගලයාගෙ නම කියල වෛර නැත්තෙක් වෙත්වා ආදී වශයෙන් කියන්න ඕනද?
    2. නම දන්නෙ නැතිනම් හිතෙන් රූපය මවාගෙන විතරක් 'වෛර නැත්තෙක් වෙත්වා' ලෙස හිතලා භාවනා කරන්න පුලුවන්ද?
    3.අඳුරන්නෙ නැති කෙනෙක් වෙනුවෙනුත් කරන්න පුලුවන්ද?
    4. දෙවිකෙනෙක් අරමුනු කරගෙන ඒ විදියට මෛත්‍රී වඩන්න පුලුවන්ද? ඒකෙන් ඒ දෙවියන්ගේ බැල්ම හෝ ආකර්ශනය ලැබෙනවද...?

    ReplyDelete
    Replies
    1. 1 කිවුවොත් තමන්ට ලේසි
      2 පුළුවන්
      3 පුළුවන් ප්‍රතිපල අඩුයි
      4 පුළුවන්, ඒක තීරණය වෙන්නේ දෙවියන්ගේ කැමැත්ත මත

      Delete
  44. 1.ශිව/බ්‍රහ්ම දෙවියන්ට මෛත්‍රී කරන්න පුළුවන්ද?

    2.තෙවැනි ඇසේ භාවනාවට පෙර ශිව දෙවියන්ට මෛත්‍රී කෙරුවොත් දේව බැල්ම ලැබෙයිද භාවනාව අතරතුර කරදර නොවෙන්න.

    ReplyDelete
    Replies
    1. ලිපි වල කියල තියෙන දේවල් විතරක් කරන්න

      Delete
  45. ධ්‍යාන ලැබීමේදී දැනෙන්නේ කෙසේද?
    ධ්‍යාන ලැබූ බව තහවුරු කරගන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. ආධ්‍යාත්මික වීම ලිපිය කියවන්න

      Delete
  46. බොහොම ස්තුතියි ඔබතුමාට මේ ලිපිය ගැන. ඉතාම හොඳ විස්තරයක් වගේම ගොඩක් අවබෝධයෙන් ලියපු දෙයක් බව පැහැදිලියි. නමුත් මට පොඩි ගැටලුවක් ඇති උනා යම් දෙයක් ගැන. මා ගැන කරුණාවෙන් ඊට පිලිතුරක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වෙනව.

    ඔබතුමා මේ ලිපියේ පිටපත් කරන්න ඇති හැකියාව අවහිර කරල තියෙන්නෙ. ඒ වගේම වෙන කවුරු හරි එවැනි දෙයකට අවසර ඉල්ලුවොත් එයට එතරම් කැමැත්තක් දක්වන්නෙ නෑ වගේ පේනව. අනුනගේ දේවල් වලින් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්නා අය ගැන මෛත්‍රියක් ඇති කරගත නොහැකි ද? මම බලාපොරොත්තු උනේ මේ වගේ භාවනාවේ ප්‍රවීණයෙක් ගෙන් "ඕන කෙනෙක් ඕන විදයකට ගත්තුදෙන්" වැනි සිතිවිල්ලක්. නමුත් ගිහි ජීවිතයක් ගතකරන විට හොරුන්ගෙන් ගැලවිය යුතුයි.

    ඔබතුමා මෙහි එවැනි අවහිිර කිරීම් කර ඇත්තේ සහ පිටපත් කිරීමට විරුද්ධව අදහස් දක්වන්නේ වෛර චේතනාවක් නැතිව ද? ඒ ගැන උපදෙසක් දිය හැකි ද?

    (හැකි නම් මෙය පබ්ලික් නොදා මගේ ඊමේල් එකට ප්‍රතිචාරයක් එවන්න. බොහොම පිං)

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ දේවල් කොපි කරලා නොදා තමන්ගේම දේවල් දාලා අවුරුද්දක් දෙකක් බ්ලොග් එකක්/ෆේස්බුක් පේජ් එකක් කරලා බලන්නකෝ. උත්තරේ හම්බවෙයි .මෙහෙම කිවුවට තේරෙන්නේ නෑ

      Delete
  47. ආනාපානසතිය හා මෛත්‍රී භාවනාව එකට කලාට කමක් නැද්ද ගුරුතුමනි..🙏

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන වශයෙන් කරන එක වැඩි වෙලාවක් කරලා අනිත් එක විනාඩි 10 ක් විතර කරන්න. දෙකම සමානව කරන්නෙපා. දවසේ වෙලාවල් දෙකක කරන්න

      Delete
  48. katholica aya bawana karaddi pansil pada kiyanne na apita kuruse andala namo mariyak kiyanna puluwanda aka prashnayak thiyenawada. Pahadili uththarayak balaporoththu wemi

    ReplyDelete
    Replies
    1. එහෙම කරලා භාවනාවට ප්‍රතිපලයක් වෙන්නේ නෑ. පන්සිල් ඕනිම ආගම කෙනෙක්ට රකින්න පුළුවන් ඒකට ආගම අදාළ නෑ

      Delete
  49. මම 13 ශ්‍රේණියෙ ඉගෙන ගන්න කෙනෙක්. මම ගොඩක් කැමති භාවනා කරන්න. කොහොමද මම භාවනාවක් තෝර ගන්නෙ.මම ගොඩක් කැමති බුද්ධානුස්සති භාවනාවටයි, මෛත්‍රි භාවනාවටයි.

    ReplyDelete

Post a Comment