Featured Post

අධිමානසික හැකියා ලබාදෙන ප්‍රාණයාම (සුඛිපුර්වක්) Pranayama

ප්‍රාණයාම
ප්‍රාණයාම



ප්‍රානයාම ක්‍රමය අයිති වෙන්නේ හත යෝග වලට. මෙහිදී මූලිකව කෙරෙන්නේ හුස්ම රිද්මය විශේෂ විදියකට සකස් කරන එක.  හුස්ම රිද්මය පාලනය කිරීමෙන් කුන්ඩලිනී ශක්තිය අවදි කරගැනීමේ හැකියාව තිබෙනවා.

 විශ්වයේ හැමතැනම විශ්ව ශක්තිය තිබෙනවා. අවකාශයේ වෙනම ශක්ති ස්වරුපයක් තිබෙනවා. ගස් වැල් වල වෙනම ශක්ති ස්වරුපයක් තිබෙනවා. විවිද ග්‍රහයන්ට ඒවාට අදාළ ශක්ති විශේෂයක් තිබෙනවා. ඒ ශක්තියෙන් ජිවිත වලට වෙන බලපෑම ගැන තමා නක්ෂත්රයේදී පැහැදිලි කරලා තියෙන්නේ. මේ හැම දේම විශ්ව ශක්තියේ ස්වරූපයන්. මේ වගේ අප අවටත් විශ්ව ශක්තිය තිබෙනවා. අපි හුස්ම ගන්න කොට ඒ හුස්මත් සමග විශ්ව ශක්තියත් ඇතුළු වෙනවා. මේකට තමා "ප්‍රාණ" ශක්තිය (chi energy) කියල කියන්නේ. පිටත ශක්තිය තියෙනවා වගේ අපේ ශරීරය ඇතුලෙත් ශක්තිය තිබෙනවා. ඒ ශක්තිය තමා කුණ්ඩලිනි චක්‍ර වලදී එක්රැස් වෙලා තියෙන්නේ. 
අපේ ශරීරයේ සුෂුම්නාව තුලිනුත් ඊට දෙපසිනුත් ශක්ති රැහැන් 3ක් පවතිනවා. සුශුම්නාව තුලින් යන ශක්ති කදම්භය සුෂුම්නා නාඩිය ලෙසත් සුෂුම්නාවට වමෙන් සමාන්තරව තියෙන ශක්ති රැහැන ඉඩා  නාඩිය ලෙසත් දකුණෙන් තිබෙන රැහැන පිංගල නාඩිය ලෙසත් හඳුන්වනවා. ඉඩා හා පිලංග  නාඩි දෙක කොඳු ඇට  පෙළ පහල සිට හිස දක්වා ඉහල නැගලා වම දකුණ මාරු වී නාස් පුඩු දෙකෙන් එලියට යනවා. ඉඩා නාඩියට චන්ද්‍ර නාඩිය කියලත් කියනවා. මේ නාඩිය සෞම්‍ය ගුණ, හා සීත  ස්වභාවයට සම්බන්ධයි. සුර්ය නාඩිය ලෙස හඳුන්වන දකුණු නාඩිය තේජස් ගුණ හා උණුසුමට සම්බන්ධයි.

ප්‍රාණ ශක්තිය ශරීරයට ඇතුලුවෙන පිටවෙන රිද්මය පාලනය කිරීමෙන් අපේ ශරීරය ඇතුලේ තිබෙන ශක්තිය අවදිකරගන්න පුළුවන් .ඒ සදහා හුස්ම පාලන අභ්‍යාස භාවිත කරන්න පුළුවන්. මේවට තමා ප්‍රාණයාම අභ්‍යාස කියල කියන්නේ. ප්‍රාණයාම වඩනකොට නිරෝගී භාවය ඇතිවීම, දීර්ඝායුෂ ලැබීම හා විවිද අධිමානසික හැකියාවන් ඉබේම ලැබීම සිද්දවෙනවා.

විවිද අරමුණු වලට සකස් කරපු විවිද ප්‍රතිපල ලැබෙන ප්‍රාණයාම රැසක් තිබුනත් මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ මුලික ප්‍රානයාමය වන සුඛි පුර්වක් ප්‍රානයාමය ගැන.

මේ ප්රානයාම අභ්ය‍යාස කලයුත්තේ උදේ (අළුයම සිට උදේ 11 අතර කාලය) හෝ හවස් වෙලාවේ ( 4pm - 5.40pm ) විතරයි . වෙන වෙලාවකදී ප්‍රාණයාම කිරීම සුදුසු නෑ. ඒ වගේම ප්‍රාණ යාම කලයුත්තේ පිරිසිදු වාතය තියෙන පිරිසිදු ස්ථානයක. ඒ වගේම ප්‍රාණයාම වැඩීමට පෙර ශරීරය බාහිරවත් අභ්‍යන්තරවත් පිරිසිදු කරගන්න ඕනි. ස්නානය කර හෝ ඇඟ සෝදාගෙන , වැසිකිලි කැසිකිලි කටයුතු කරලයි ප්‍රාණයාම කලයුත්තේ. පිරිසිදු වෙලා පද්මාසනයෙන් හෝ සිද්ධාසනයෙන් හෝ සුඛාසනයෙන් හිඳගන්න ඕනි. තප්පර ගණන බලාගන්න පුළුවන් ඔරලෝසුවක් ළඟ තබාගන්න එක පහසුවක්.
ප්‍රාණයාම
පද්මාසන padmasana


ප්‍රානයාම
සිද්ධාසන siddasana
ප්‍රාණ යාම
සුඛාසන sukasana

සුඛි පුර්වක් ප්‍රාණයාමයේදී හුස්ම ගැනීම, හුස්ම රඳවාගැනීම හා හුස්ම පිටකිරීම ඉබේ වෙන්න නොදී සිහියෙන් තමන් කිරීමයි සිද්දකරන්නේ. එත් අත්‍යවශ්‍යම දේ ඒ ක්‍රියාවලි 3ට ගතකරන කාලයන්  1 : 4 : 2  අනුපාතයට තිබිය යුතුයි.
උදාහරණයක් විදියට තප්පර 1ක් හුස්ම ගන්නවනම් තප්පර 4ක් හුස්ම රඳවා තියාගෙන ඉදලා තප්පර 2ක් තිස්සේ හුස්ම පිටකලයුතුයි.
තප්පර 3ක් හුස්ම ඇතුලට ගන්නවනම් තප්පර 12ක් හුස්ම රඳවාගෙන තියාගෙන ඉදලා තප්පර 6ක් හුස්ම පිටකරන්න.
ඒ වගේම හුස්ම ගැනීම හා පිටකිරීම එක නාස් පුඩුවකින් විතරයි සිද්දකරන්නේ.හුස්ම ගැනීම හා පිටකිරීම නාස් පුඩුවෙන් පුඩුවට මාරු කරන්න ඕනි.

ප්‍රාණයාම සිදු කරන ක්‍රමය :

  1. පද්මාසනයෙන් හෝ සිද්ධාසනයෙන් හෝ සුඛාසනයෙන් හිඳගන්න. හිස කඳ ගෙල කෙලින් තබාගන්න. දකුණු අතේ මහපටගිල්ලෙන් දකුණු නාස් පුඩුව වසාගෙන වම නාස් පුඩුවෙන් තප්පර 3ක් හුස්ම ගන්න.
  2. මහපටගිල්ලෙන් දකුණු නාස් පුඩුව වසාගෙන ඉන්න ගමන් දැන් දබරැගිල්ල හා මැදගිල්ලෙන් වම් නාස් පුඩුවත් වසාගෙන හුස්ම තප්පර 12ක් රඳවාගෙන ඉන්න.
  3. වම නාස් පුඩුව වසාගෙන ඉන්න ගමන් මහපටගිල්ල ලිහිල් කර තප්පර 6ක් තිස්සේ දකුණු නාස් පුඩුවෙන් හුස්ම පිටකරන්න
  4. මීළඟට වම් නාස් පුඩුව වසාගෙන ඉන්න ගමන් තප්පර 3ක් දකුණු නාස් පුඩුවෙන් හුස්ම ගන්න
  5. නාස් පුඩු 2ම වසාගෙන තප්පර 12ක් හුස්ම රඳවාගෙන තියාගන්න
  6. වම් නාස් පුඩුවෙන් තප්පර 6ක් හුස්ම පිටකරන්න
නැවතත් වම් නාස් පුඩුවෙන් තප්පර 3ක් හුස්ම ගන්න. මේ ආකාරයට එකදිගට නාස් පුඩු මාරු කරමින් ප්‍රානයාම අභ්‍යාසය වඩන්න.
ප්‍රාණයාම
ප්‍රාණයාම pranayama

හුස්ම ගන්න හා පීට කරන පිළිවෙල සරලව මෙහෙම දක්වන්න පුළුවන් :
දකුණින් ගන්නවා
රන්දවගන්නවා
වමෙන් පිටකරනවා
වමෙන් ගන්නවා
රන්දවගන්නවා
දකුණෙන් පිටකරනවා
දකුණින් ගන්නවා
රඳවා ගන්නවා
වමෙන් පිටකරනවා
මේ විදියට නාස් පුඩු මාරු කරමින් කරන්න.      

පළමුවෙන්ම අභ්‍යාසය හුරුවීම සඳහා තත්පර 3 :12: 6 කාල ප්‍රාන්තර වලට අභ්‍යාසය කරන්න. හුරු වූ පසු, අභ්‍යාසය වඩන ආකාරය ගැන ඔබට නිරවුල් අවබෝධයක් ලැබුණු පසු ක්‍රමයෙන් හුස්මක් සදහා ගතවන කාලය දීර්ඝ කරගැනීමට උත්සහ කරන්න.(උදා:- 4:16:8   5:20:10 ලෙස ).
සෙමින් මෘදුව ගැඹුරට හුස්ම ගැනීම හා පිටකිරීම සිදුකරන්න.
ප්‍රාණයාම අභ්‍යාසය පිළිබඳ නිරවුල් අවබෝධයක් ලැබුණු පසු මේ අභ්‍යාසය කරන විට හුස්ම ගන්නා විට විශ්ව ශක්තිය ප්‍රාණ ශක්තිය ඒ හුස්ම සමග නාස් පුඩු තුලින් ඇතුලට එනවා කියල හිතන්න. හුස්ම රඳවා ගන්නා විට ප්‍රාණ ශක්තිය තමන්ගේ ශරීරයට අවශෝෂණය වෙනවා හිතන්න. හුස්ම පිටකරනකොට ශක්තිය නැතිව හුස්ම පමණක් පිටවෙනවා සිතන්න. එහෙම හිතමින් ප්‍රානයාම කරනකොට ඇත්තටම ශක්තිය ගබඩා වීමක් වෙලා හිත හොදින් එක්තැන් වීමත් කුණ්ඩලිනිය උත්තේජනය වීමත් වෙනවා.

                ප්‍රාණයාම කිරීමෙන් ශරීරයේ ශක්ති විෂමතා සමනය වෙනවා. ඒ නිසා බොහෝ ලෙඩ රෝග සුව වෙනවා. ඒ වගේම දිර්ඝායුෂ ලැබීමත් සිද්ද වෙනවා. හොදින් නින්ද යාම සිද්දවෙනවා. මානසික ආතති වගේ තත්ත්ව නැතිවී යනවා. චක්‍ර ආශ්‍රිත ශක්ති අවහිරතා නැතිවී ශරීරය පුරා විශ්ව ශක්තිය ගලා යාම සිද්දවෙනවා.

ප්‍රාණ යාම මගින් අධිමානසික හැකියාවන් ලැබීම සඳහා හුස්ම සඳහා ගතවන කාලය ක්‍රමයෙන් වැඩිකරගන්න අවශ්‍යයි. වැඩි කාලයක් ගතකරමින් ගැඹුරට සෙමින් අභ්‍යාස කරනවිට ක්‍රමයෙන් සිතේ සමාධිය වර්ධනය වෙනවා. තරමක් දියුණු මට්ටමකට ආ විට කය සැහැල්ලු වී  කය පාවෙනවා මෙන් දැනෙනවා. ඒ වගේ අවස්ථා වලට තමන් සාර්ථක වෙලායි රැවටිලා අභ්‍යාසය නතර කරලා ඒ සැහැල්ලුව අත්විදින්න යන්නෙපා. ආපහු මුල් තත්වෙටම පහලට වැටෙන්න ඒ රැවටීම හේතුවෙනවා. දැනෙන සියලුම දේවල් අමතක කරලා එකදිගටම අභ්‍යාසය කරන්න. ක්‍රමයෙන් හුස්ම දීර්ඝ කරනවිට ඉබේම විවිද අධිමානසික හැකියාවන් ලැබෙනවා. මුල් අවස්ථා වලදී අනුන්ගේ සිතුවිලි දැනීම, අනාගතයේ වෙන්න තිබෙන දේවල් දැනීම වගේ අත්දැකීම් ලැබෙනවා.

තවදුරටත් හුස්ම පාලනය කරනකොට එක හුස්මක් අරගෙන දිගටම සමාධිගත වී සිටීමේ හැකියාවක් ලැබෙනවා. මේ තත්වයට කියන්නේ නිර්විකල්ප සමාධිය කියලා.මේ සමාධිය ලබාගත් අයට හදවත නතරකිරිම ,විවිද ප්‍රාතිහාර්ය පෑම  වගේ විවිද ඉහල අධිමානසික හැකියාවන් ලබාගන්න පුළුවන්. මෙම තත්ත්වය චාතුර්ථධ්‍යාන මට්ටමට ඇනුරූපයි. ප්‍රාණයාම බොහෝ ඉහළ මට්ටම් වලට වැඩිම මගින් භාරත යෝගීන් දිර්ඝායුෂ ලැබීම, ආහාර නොමැතිව ජිවත් වීම හා අහසින් ගමන් කිරීම ආදී ඉර්ධිමය හැකියාවන් උපදවාගන්නවා..


 Facebook පිටුවට :- ( මෙතන ක්ලික් කරන්න )

(මෙම ලිපි අවසරයකින් තොරව සම්පුර්ණයෙන් හෝ කරුණු වශයෙන් උපුටාගැනීමෙන්  හා  වෙනත් යමක පළකිරීමෙන් වලකින්න.)

Comments

  1. මෙහෙම අහනවට සමාවෙන්න ඕන sir. හුස්ම ගැනීමේ ක්‍රමය ගැන පැහැදිළි කරන අංක 6 වැන්නෙහි සඳහන් වෙන්නෙ මෙහෙමයි.. ''(6) දකුණු නාස් පුඩුවෙන් තප්පර 6ක් හුස්ම පිටකරන්න නැවතත් දකුණු නාස් පුඩුවෙන් තප්පර 3ක් හුස්ම ගන්න. මේ ආකාරයට එකදිගට නාස් පුඩු මාරු කරමින් ප්රානයාමය වඩන්න.''
    නමුත් එහි එන `දකුණු නාස් පුඩුවෙන්` යන්න `වම් නාස් පුඩුවෙන්` යන්නට වෙනස්විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. හරියට තේරුම් අරන් නෑ. මෙහෙමයි කරන්නේ-
      දකුණෙන් ගන්නවා,
      වමෙන් පිටකරවනවා
      වමෙන් ගන්නවා
      දකුණෙන් පිටකරනවා
      දකුණෙන් ගන්නවා
      වමෙන් පිටකරනවා
      වමෙන් ගන්නවා
      දකුණෙන් පිටකරනවා
      එහෙමයි කරන යන්නේ

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අන්න හරි. මමත් අහල තියන විදිහට එහෙම තමයි. නමුත් මන් සඳහන් කරපු ඒ 6 වැන්නෙහි සහ 4 වැන්නෙහි සඳහන් කරල තියෙන්නෙ දකුණින් අරන් දකුණින් පිට කරන්න කියල. වැරැද්දක් පෙන්නා දුන්න නෙමෙයි sir ඒක කියෝන අයට වැරදීමක් නොවෙන්න නිසයි සඳහන් කරේ.. දැන් අලුතින් සරල පැහැදිළි කිරීමක් කරල තියනව. ගොඩක් ස්තූතියි ඔබට

    ReplyDelete
    Replies
    1. aaa hari hari mama weradiyata daala thiyenne.man eka hadannan. bohoma sthuthi

      Delete
  4. Obathumata Godaak Pin, me denuma apith ekka bedagnnwata.

    ReplyDelete
  5. Mama dawas dekak pranayama kala r dawas dekema pranayama karala paya deka tunakata passe godak tadabala lesa oliwa ridenawa(nalala), hetuwa kumak wiya hakida? Obata godak pin

    ReplyDelete
    Replies
    1. Meke tyena upades walin monawahari magerunada?? Kyala tyena vidiya era wenas vidita, wenath welaawaka kalaada?

      Delete
    2. kiyala tyena vidiyata kalanam leda enna vidiyak ne. kiyala thyena vidiyata karala oluw ridenawanam shakthi marga awahira wela. ekata karanna oni nadi shuddhiya.mama dala thiyena om karaya gena thiyena post eka balanna

      Delete
  6. rathri 7 pasuwa bawana kirima ahithakarada

    ReplyDelete
  7. Mama denata karanne me bawanawa udeta tamai karanne 3esa viwara vimata tiyena bawanawath reta kaloth hoda nedda sir

    ReplyDelete
    Replies
    1. me bawanawak newei. pranayama karana gaman bawana kalata kamak ne

      Delete
  8. Yogithumani Pranayma kopamana kalayak kala yuthuda kundalini awadi wenna?

    ReplyDelete
  9. ආචාර්ය වරයෙකුගේ උපදෙස් වලින් තොරව මෙම භාවනාව වැඩීම සුදුසු නැද්ද? එසේ කළහොත් ඇතිවෙන්න පුළුවන් අහිතකර ප්‍රතිඵල තියනවද?

    ReplyDelete
    Replies
    1. acharya warayek nathuwa karanna sudusu ewa witarai mama post wala dala thiyenne. ewa kiyala thiyena widiyata kaloth kisima athuru palayak wenne ne

      Delete
    2. 1.භාවනා කරද්දි ප්‍රශ්නයක් ඇතිවුනොත් මෙතනදි පිළිතුරු ලබාගන්න පුළුවන් වෙයි නේද?
      2.මේ භාවනාවේදි වෙන්නේ ශරීරයේ චක්‍ර අවධි කරන එක නේද? මෙහි සඳහන් විදියට කරොත් චක්‍ර කීයක් අවධි වෙනවද?

      Delete
    3. මම අපොස උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක්මි. මා යෝග භාවනා පිළබඳව මුලින්ම දැනුවත් වුනේ බලං‍ගාඩ ආනන්ද මෛත්‍රිය හිමියන් පිළිබඳ ග්‍රන්ථයක, කතුවරයාට ලබාදී තිබුණු සටහනක් මගිනි. මට එම සටහනේ පරිදි භාවනා කිරීමට කැමැත්තක් ඇතිවිය. මට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ඉල්ලා සිටිමි. විද්‍යුත් ලිපිනයක් සපයන්නේ නම් මට එම සටහනෙහි ඡායාරූප එවිය හැකිය. මෙමගින් ඔබට අපහසුතාවයක් අග‍ෞරවයක් සිදුවූයේ නම් සමවෙන්න.

      Delete
    4. Meken chakra awadi wenne ne. Chakra awadi kranna kundalini bawanawa post eka kiyawala e bawanawa karanna.
      Bawana upades post wala dala tyenawa. Post kiyawala bawana karanna. Paudgalikawa wenama kiyanna deyak ne.
      Ewanna tyena dewal kundalini yoga srilanka kiyala facebook search kalama ena facebook page ekata msg karanna

      Delete
  10. illimak thiyenawa,astral travel gana saha me prana yoga krama saha e krama walin labena dewal gana post ekak danna kiyala illanawa...obata saha obe guruwarayata pin !

    ReplyDelete
  11. මේ භාවනා කරන අතරතුර ලිංගික සංවාසය වගේ එවා කිරිම මගින් අධිමානසික තත්ව වලට ලගා විය නොහෑකිද?

    ReplyDelete
  12. me bawanawa ra 8 ta 9 ta wage kalata kamak nadda yogithumni

    ReplyDelete
    Replies
    1. mama karanna hoda welawal ha hoda nethi welawal post eke dala thiyenawa. post eka hariyata kiyawanna

      Delete
    2. Mama kiyewwa mita kalin kiypu ekma pranayama post ekakawath hithakara welawan saga ahithakara welawan dakwa thibunnaha ekayi ayith ahuwe thanksss

      Delete
    3. Pranayama Kalama dirgayusha labenwa whema age thiyena wiwida leda roga adu wenawada?

      Pranayama kalahama mathaka shakthiya wadi wenawada?
      Udetayi hawasatayi deparak pranayama kalata kamak nadda ?

      Delete
    4. ou dirghayusha wima ha leda roga suwa wima wenawa.
      mathakaya lokuwata wediwenne ne. yam balapemak thiyenawa.
      deparak kalaata kamak ne

      Delete
  13. Bohoma sthuthiyi

    Husma radawagena innkota prana shakthiya chakra 7 thula e adala warnayangen gabada wenwa hithin dakata kamak nahane?

    ReplyDelete
  14. Kochchara wela karanna oneada
    Wara keeyakda

    ReplyDelete
    Replies
    1. එහෙම නියමක් නෑ. පහසු වෙලාවකින් පටන් අරන් ටික ටික වැඩි කරන්න

      Delete
  15. Guruthumani, mulinma wasa gatha yuththe dakunu nas puduwa neda. Ethakota kohomd mulinma "dakunen gannawa" kiyl hithanne.mt meka apahadili. Karunakara pahada denna. Obatath obage guruwarayatath bohoma pin.

    ReplyDelete
  16. හුස්ම නතර වෙන්න හදනවා..එය සිදුවෙන්න හරින්නද

    ReplyDelete
    Replies
    1. කොහොමත් ප්‍රාණයාම කරනකොට ටික ටික වෙලාව වැඩි කරලා හුස්ම නොගන්න මට්ටමට ම යන්න ඕනි. එකපාරට කරන්න හොද නෑ. ටික ටික පුරුදු වෙන්න

      Delete
  17. Garbani mawakta meme pranayama abyasa hodaida netinam hoda abyasayai kiyadenu menavi obata pin....

    ReplyDelete
  18. අළුයම කියන්නේ උදේ පාන්දර කියේ ඉදන්ද???

    ReplyDelete
  19. Thamamge nidana kamaraye sita meya puhunu kala hakida..nathinam niwasin pita thanak viya yuthuda.?

    ReplyDelete
  20. බොහෝම ස්තූති.මට පොඩි දෙයක් තියනවා.භාවනා කරනකොට තැනකට හේත්තුවෙලා කරවුවොත් ප්‍රශ්නයක් නැද්ද.මට නැත්තන් අපසුයි කරන්ට.මේකට විසදුමක්දෙනවද.

    ReplyDelete
  21. ගුරුතුමනි මූලින්ම උදේට ප්‍රාණයාම භාවනාවක් කරලා පස්සේ හවස කුණ්ඩලිනි භාවනාවක් කලාට කමක් නැද්ද

    ReplyDelete
  22. ගුරුතුමනි මෙය ටික වෙලාවක් කරන් යද්දි හුස්ම හිරවෙන්න වගේ ගන්නව නේ එහෙම වෙද්දි දිගු වෙලාවක් මෙය කරන් යන්න අපහසුයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි තමන්ට පුළුවන් වේලාවෙන් පටන් අරන් ටික ටික වෙලාව වැඩි කරගන්න කියල තියෙන්නේ

      Delete
  23. උදේ කරනවනම් 6න් පස්සෙද කරන්න ඕන

    ReplyDelete
  24. Samanyen kochchara welawak karanna onada ?oba thumata godk pin

    ReplyDelete
    Replies
    1. ප්‍රාණයාම පැය බාගයක් වත් කරන්න

      Delete
  25. 1.Pranayama samnyen dawasakat kochchara welawak karanna onad?
    2.dawasakat deparak karat kamak nadda?(aluyama idn 11 athara eka parai,4-7wenakn eka parai)

    ReplyDelete
    Replies
    1. කැමති වෙලාවක් කරන්න
      කමක් නෑ

      Delete
  26. Pranayama karaddi godak dahadiya danawane ,habai poddkwath mahansiyak na,ehema dahadiya dana eka samanya deykd?

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට එහෙම වෙනවා

      Delete
    2. Ehema una kiyala prashnayak na neda?

      Delete
    3. නෑ
      දවසේ වෙන වෙලාවක ව්‍යායාම කරන්න මාස දෙකතුනක්

      Delete
    4. Yogithumani,mn 11 wasare igena ganna pirimi lamayek,mn iskole sport karanawa ekedi ,api fitness practice karanawane?

      Delete
  27. යෝගිතුමනි,මට කිසිම භාවනාවක් වැඩි වෙලා කරන්න බෑ ඔලුව කැරකිල්ලක් ඇවිත් කලාන්තෙට වගේ එනවා.ඉන්ප සුව නිතරම වගේ ඔලුව රිදෙනවා.බෙහෙත් ගත්තා නමුත් භාවනාවක් කළ පසු නැවත එය ඇතිවෙනවා.මෙය කුමක් හෝ රෝගයක්ද විසඳුමක් දෙන්න.ඔබට බොහොම පින් මේ කරන සත්කාරයට

    ReplyDelete
    Replies
    1. භාවනා පුරුදු වෙන්න කලින් පද්මාසනය සිද්ධාසනය ඇතුළු කැමති යෝගාසන කරන්න කාලයක් මාස 5-6ක්
      සුර්ය නමස්කාර කරන්න
      කුන්ග්ෆ්ෆු වල තායි චි කියල තියෙන ඒවා කරන්න
      සක්මන් භාවනාව දවසට පොඩි වෙලාවක් කරන්න
      බුද්ධ වන්දනා බෝධි පුජා වගේ ඒවා කරන්න
      එක වෙලාවක වෙනම භාවනා කිරීම වෙනුවට දවසේ හැම වෙලේම කායානුපස්සනාව චිත්තානුපස්සනාව කරන්න. කයින් කරන හැම දෙයක් ගැනම සිහියෙන් ඉන්න. හිතින් හිතන හැම දෙයක් ගැනම සිහියෙන් ඉන්න.

      කාලයක් ඒවා කලාම හරියයි


      Delete
  28. 1.මෙය ගැහැනු දරුවෙක් කලාට කම් නැතිද?
    2.ඔවුන්ගේ මාස් ශුද්දිය මෙයට බල පෑමක් කරනවාද?
    3.ප්‍රාණ යාම කිරීමෙන් පසුව නේද ජපමාල භාවනාව කරන්නේ?
    4.ඔරලෝසුවකින් වේලාව බැලිමීදි කිසියම් බාදාවක් සිදුවෙනවාද මම ප්‍රාණ යාම භාවනාවට යෝගිතුමනී?

    ReplyDelete
    Replies
    1. ගෑනු පිරිමි භේද නෑ ප්‍රාණයාම වලට

      ඔරලෝසු භාවිත කලාට කමක් නෑ

      Delete
  29. යෝගිතුමණි සමහර දවස් වලට නහය block. එතකොට හුස්ම ඉහලට ගන්න තත්පරගාන හරියට maintain කරගන්න අමාරුයි.
    මේකට විසඳුමක් තියනවද..?

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වලට නොකර ඉන්න. කාලයක් ගියාම හරියනවා

      Delete
  30. මම හැමතැනම මේ භාවනාවල් ගැන නිවැරදි මගපෙන්වීමක් හෙව්වා.මේ ලිපි පල කරනවට බොහොම ස්තූතියි.බොහොම ක්‍රමානුකූලව විස්තර කරල තියෙනව.ස්තුතියි ❤️

    ReplyDelete
  31. අත්වල ඇඟිලි හරියට පිහිටා නැති අයට මේ ප්‍රාණයාම භාවනාව කරන්න පුළුවන්ද?

    ReplyDelete
  32. උදෑසන අවදි වූ පසුව කට සෝදා මුහුණ ජලයෙන් මදක් සෝදා පිරිසිදු වීම ප්‍රමාණවත් ද ගුරුතුමනි.ප්‍රාණයාම කිරීම සදහා

    ReplyDelete
  33. ප්‍රනයාම හා අනිමිත්ත භාවනාව යන දෙකම කරාට කමක් නැද්ද

    ReplyDelete
  34. eka thanaka guruthumani oba sadahan kara thibenawa samanya husma wamen gena dakunen pita karanna...................ayeth wamen gena dakunen pitakaranna kiyala......................eya wamen gena dakunen pita kara .pasuwa dakunen gena wamen pita kirima wiya yuthuida........pahadaaa denamen karunawen illami..............theruwan saranyii

    ReplyDelete

Post a Comment