Featured Post

තෙවැනි ඇස විවර කරගැනීමේ නිවැරදි භාවනාව ( Third Eye )




තෙවැනි ඇස
තෙවැනි ඇස


තෙවැනි ඇස හෙවත් ආඥා චක්‍රය විවර කරගැනීමේ යෝග ක්‍රමය දිවැස් ලැබීමට සමාන ඒත් ඊට වැඩි අධිමානසික හැකියාවන් රැසක් ලැබෙන යෝග ක්‍රමයක්. කුණ්ඩලිනි යෝග වඩන්නන් මේ ගැන තොරතුරු කියවල ඇති උනත් කුණ්ඩලිනි යෝග විද්‍යාවට ආධුනික අය දැනගත යුතු මුලික තොරතුරු කීපයක්  තිබෙනවා . මිනිස් ශරීරයේ විශ්ව ශක්තිය ගලා යන මාර්ග තිබෙනවා. ඒ ශක්ති මාර්ග සකස් වෙලා තියෙන්නෙත් ශරීරයේ හැඩයටමයි. මේවා අතරින් ශක්තිය එක් රැස් වෙලා තියෙන ස්ථාන හතක්තිබෙනවා. ඒවාට කුණ්ඩලිනි චක්‍ර කියල ඍෂි වරු හදුන්වල දීල තිබෙනවා. මේ චක්‍ර වල තියෙන ශක්තිය සාමාන්‍ය වෙලාවට භාවිත කරන්න පුළුවන් තත්වයේ නෑ. ඒ ශක්තිය භාවිතා කල හැකි තත්වයට පත්කර ගැනීමට යෝගාසන, ප්‍රාණයාම හා යෝග භාවනා වැඩිය යුතුයි.
කුණ්ඩලිනි චක්‍ර
කුණ්ඩලිනි චක්‍ර 


යෝගාසන හා ප්‍රාණයාම ගැන වෙනම ලිපි වලින් විස්තර කරන නිසා මේ ලිපියේදී විස්තර කරන්නේ තෙවැනි ඇස විවර කිරීමේ භාවනාව පිළිබඳව විතරයි. ධ්‍යාන හා ඉර්ධි ලැබීමට අනිවාර්යෙන් පින් අවශ්‍ය උනත් ශක්ති අවදි කරගැනීමට පින් අවශ්‍ය නැ. ඒ නිසා ශක්ති චක්‍ර අවදිකරගැනීමට එකදිගට උත්සහ කරනවා මිසක් පින් ගැන දුක් වේවි ඉන්නෙපා.
කුණ්ඩලීණි ශක්ති චක්‍ර වලින් නළල මැද තිබෙන චක්‍රය හඳුන්වන්නේ ආඥා චක්‍රය කියන නමින්. මේ චක්‍රය තෙවැනි ඇස, ඍෂි ඇස, 3rd eye කියලත් හදුන්වනවා.  තෙවැනි ඇස පිහිටලා තිබෙන්නේ නළල මැද සිරස් අතට නළල් අස්ථියත් මොළයත් අතර. මේ ශක්තියම ඇසක් මිසක් භෞතික ඇසක් නෙවෙයි. නළල මැද කපලා බැලුවට ඇසක් හම්බවෙන්නේ නෑ. තෙවැනි ඇසේ  ප්‍රමාණය සාමාන්‍ය ඇසකට සමානයි. ඒත් වර්ණය සාමාන්‍ය ඇස වගේ දුබුරු පාට නෙවෙයි නිල් පාටයි. ඒකට හේතුව ආඥා චක්‍රයේ ශක්තියට අදාළ වර්ණය නිල/ දම්/ ඉන්ඩිගෝ පැහැය වීම. තෙවැනි ඇස කියන්නේ මනුෂ්‍යයන් ඇති උන මුල්ම කාලයේ සිටි මනුෂ්‍යයන්ට ස්වාභාවිකවම තිබි අද වෙනකොට නෂ්ට වී ගිහින් තිබෙන හැකියාවක්.

තෙවෙනි ඇස
3rd eye
තෙවැනි ඇස 

තෙවැනි ඇස පිළිබඳව සියලු තොරතුරු හා තෙවැනි ඇස ගැන ලංකාවේ හා විදේශ රටවල සමාජයේ පැතිරී ඇති මිත්‍යා මත සියල්ල මේ වීඩියෝව තුල පැහැදිලි කර තිබෙනවා :- 


තෙවැනි ඇස විවර කරගත් විට අධිමානසික හැකියාවන් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. රාත්‍රියේදීත් දහවලදී මෙන් පරිසරය පෙනීම, අනුන්ගේ සිත් දැකීම, අනුන්ගේ සිතුවිලි පෙනීම, දුර ඇති දේවල් දැකීම, සෛල තරම් ඉතා කුඩා දේවල් දැකීම, අමනුෂයන් දෙවියන් හා එම ලෝක දැකීම, අනාගතය අතීතය දැකීම, පෙර ආත්ම අනාගත ආත්ම දැකීම, ශරීරයෙන් සිත වෙන් කර ගැනීම, එක් තැනකින් අතුරුදහන් වි වෙන තැනකින් මතුවීම, හිතකින් හිතකට සන්නිවේදනය කිරීම, මනුෂයන් සතුන් මෝහනය කිරීම, ශරීරය පොළවෙන් ඉහලට එසවීම වගේ  බොහෝ හැකියාවන් මේ තුලින් ලබාගන්න පුළුවන්. ආඥා චක්‍රය විවර කිරීම මගින් සාමාන්‍ය මනුෂ්‍ය තත්වය ඉක්මවා යන දිව්‍යමය ස්වභාවයකට පත්වෙන්න හැකියාව ලැබෙනවා.

තෙවන ඇස
3rd eye opening
වැදගත්ම කාරණය නිවැරදි ක්‍රමවේදය මොකක්ද කියන එකයි. බොහෝ පොත් වල, ලිපි වල, යෝග පාටමාලා වල විවිද ක්‍රම දකින්න තිබුනත් ඍෂි වරු මුල් වරට උගන්වපු නිවැරදිම භාවනා ක්‍රමයයි මේ භාවනා ක්‍රමය. මේ ක්‍රමය හරිම ක්‍රමය කියල කියන්නේ ප්‍රතිපල අත්දැකපු නිසා.

භාවනාව වඩන ආකාරය 

මුලින්ම භාවනා කිරීමට එකම ස්ථානයක් හා එකම වෙලාවක් තෝරාගන්න. එක එක වෙලාවට කරනවට වඩා හැමදාම එකම වෙලාවක භාවනා කරවනවානම් ඉක්මණින් ප්‍රතිපල ලැබෙනවා. භාවනා කරන ස්ථානය පිරිසිදුව පිළිවෙලට තබාගන්න. කුණ්ඩලිනි ශක්ති අවදි වීමට හොදම භාවනා ආසනය පද්මාසනය. යෝග ශාස්ත්‍රය තුල ආසන දහස් ගණනක් තිබෙනවා. ඒ අතරින් පද්මාසනයේ විදියට පතුල් දෙක උඩු අතට තියෙන විදියට කකුල් හරහට තියාගෙන එරමිණිය ගොතාගෙන ඉන්න පුළුවන් නම් ශක්තිය ඉක්මනට අවදි වෙනවා. පතුල් උඩට තියන් ඉන්න අමාරුනම් සුඛාසනයේ විදියට සාමාන්‍ය විදියට ඉදගන්න.

ශක්තිය අවධි වීමට අනිවාර්යෙන් බිම සිටිය යුතුයි. පුටු හෝ ඇඳන් මත ඉඳගෙන මේ භාවනාව කරන්නෙපා. මෙහිදී පොලවේ තිබෙන ශක්තිය ශරීරයට ලබාගන්න අවශ්‍යයි. හිස කඳ ගෙල ඍජුව තියාගන්න එකත් අත්‍යවශ්‍යයි. භාවනාවට වාඩි වී වම අත්ල උඩින් දකුණු අත්ල තියාගන්න. බොහෝ යෝග භාවනා වලදී අතින් විවිද මුද්‍රා තියාගෙන භාවනා කලත් මේ භාවනාවට සුදුසුම ක්‍රමය වෙන්නේ අත්ල උඩින් අත්ල තබාගෙන භාවනා කිරීම.
padmasana


තෙවැනි ඇස විවර කරගැනීමට ශක්තිය නළල හරහා එහා මෙහා යවන්න අවශ්‍යයි. ඒ සඳහා මුලින්ම තමන්ට ගැලපෙන ශක්ති ප්‍රභවය තෝරාගන්න ඕනි. භාවනාව සඳහා භාවිතා කරන ශක්ති ප්‍රභව 3ක් තියෙනවා. ඒ ගින්දර, ජලය හා වායුව කියන තුන. සාමාන්‍ය ශක්ති ප්‍රභව නොවුනත් භාවනාවට අදාල ශක්ති ප්‍රභව වෙන්නේ මේවා. බහුතරයකට ගැලපෙන්නේ ගින්දර ක්‍රමය නිසා ඒ ගැනයි මේ ලිපියෙන් විස්තර කරන්නේ.

මේ සදහා අදුරු පරිසරයක් ඕනි. එමනිසා රාත්‍රී වෙලාවට භාවනා කරනවානම් පහසුයි. භාවනා කරන තැන ඉදිරියෙන් ඉටිපන්දමක් හෝ පහනක්තබාගන්න. ගිනිදැල්ල මුහුණට ආසන්න වෙන විදියට උස සකස් කරගන්න. ඇස් වලට දැල්ල දිහා අපහසුවක් නැතිව බලා ඉන්න පුළුවන් විදියට උසත්, පහන හා තමන් අතර දුරත් සකසාගන්න.

භාවනා කරන්න ඕනි මේ විදියටයි. ගිනි දැල්ල දිහා යම් වෙලාවක් බලාගෙන ඉදිමින් සිත එකග කරන්න. මීලගට ඇස් වහගෙන පෙනෙන දැල්ල අරමුණු කරගෙන සිත එකඟ කරන්න. ඇස් වහගත්තම පෙනෙන ගිනිදැල්ල නොපෙනී යනවනම් නැවතත් ඇස් ඇර ටිකක් වෙලා දැල්ල දිහා බලන් ඉදිමින් හිත එකඟ කරන්න .ඇස් වහගත්තම ගිනිදැල්ල එකදිගට සිතින් පෙනෙන තරමට සිත එකඟ කරගන්න උත්සහ කරන්න. මාස  3ක් පමණ මේ සදහා උත්සහ කරන්න. සිත විසිරෙනවා නම් පහන් දැල්ල දිහා බලා ඉන්න විට "තේජෝ තේජෝ" ආදී ලෙස හෝ "ගින්දර ගින්දර" ආදී විදියට සිතින් සිතුවත් වරදක් නෑ. සිත දියුණු වීමේදී ඇස් වහගත්තත් පහන් දැල්ල සත්‍ය ආකාරයෙන්ම පෙනීම සිදුවෙනවා. මෙම පෙනෙන මනෝමය ගිනිදැල්ලට බෞද්ධ ඉගැන්වීම් තුලදී උද්ග්‍රහ නිමිත්ත විදියට නම් කරනවා.

මේ ක්‍රමයේදී  බොහෝ දෙනෙක් උද්ග්‍රහ නිමිත්ත වරද්දගන්නවා. ඇස් වහගත්තම පෙනෙන ගිනිදැල්ල කියන්නේ රතුපාට ලපයක් වගේ පෙනෙන ගිනි දල්ලේ හැඩේට තියෙන චායාව නෙවෙයි. ඕනෑම ආලෝකයක් දිහා එකදිගට බලා ඉදියම ඇහේ දෘෂ්ඨි විතානයේ සෛල උත්තේජනය වෙලා ඇස් වහගත්තත් එකදිගට පෙනෙන ලපයක් ඇතිවෙනවා. බල්බ් එකක් දිහා එකදිගට බලන් හිටියත් මේ දේ සිදුවෙනවා. ටික වෙලාවකින් මේක පොඩි වෙලා නොපෙනී යනවා. මේ චායාව ඇතිවෙන්නේ මානසික ක්‍රියාවලියකින් මානසික දියුණුවකින් නෙවෙයි. ඒක ඇසේ සෛල වල කායික ක්‍රියාවලියක්. හිත එක්තැන් වෙන්න පටන් ගන්නකොට ඇත්ත ගිනි දැල්ල ඒ විදියටම ඇස් වහගෙන ඉද්දිත් පේනවා. ඒකයි උද්ග්‍රහ නිමිත්ත කියල හදුන්වන්නේ. හිත එක්තැන් කරන්න ඕනි මේක දිහා බලාගෙන මිසක් රතුපාට කහ පාට චායාව දිහා බලාගෙන නෙවෙයි.

මේ නිවැරදි උද්ග්‍රහ නිමිත්ත අදුරගන්න පුළුවන් විදියක්තිබෙනවා. ගිනිදැල්ල දිහා  තරමක් වෙලා එකදිගට බලා ඉඳල එකපාරට ඇස් නොපියා වෙන පැත්තක් බලන්න. එතකොට ගිනිදැල්ල ඒ විදියටම පෙනී තිබිලා තත්පරයකින් විතර නොපෙනී යනවා. ඒත් ආලෝක ලපය එකදිගටම පෙනී පෙනී තිබිලා ටික ටික පොඩි වෙනවා. මේ ක්‍රමය කලාම තමන්ට උද්ග්‍රහ නිමිත්තයි ආලෝක ලපයයි වෙන් කරලා අදුරගන්න පුළුවන්.

ඇස් අරිමින් වහමින් භාවනා කරනකොට එක අවස්ථාවකදී ගිනි දැල්ල ඇත්ත විදියටම ඇස් වහගෙන ඉද්දිත් පෙනෙන අවස්ථාවක් එනවා. මේ පෙනෙන ගිනිදැල්ල තමයි උද්ග්‍රහ නිමිත්ත.
මේ උද්ග්‍රහ නිමිත්ත පෙනෙන්න ගත්තම ඇස් වහගෙනම ඉදිමින් උද්ග්‍රහ නිමිත්ත අරමුණු කරගෙන භාවනා කරන්න. ටික වෙලාවකින් ඒක නොපෙනී යන්න පුළුවන්. එතකොට නැවතත් ගිනිදැල්ල දිහා බලන් ඉදිමින් භාවනා කරලා උද්ග්‍රහ නිමිත්ත උපදවාගන්න.


සංසාරිකව භාවනා කර පුරුද්දක් ඇති අයට මාසයකින් පමණ සිත එක්තැන් වෙන්න පුළුවන්. සාමාන්‍ය අයට අඩුම තරමේ මාස 3ක්වත් ගතවෙනවා. සමහරවිට අවුරුදු කීපයක් ගතවෙන්නත් පුළුවන්.

තෙවැනි ඇස විවර කරන භාවනාව
තෙවැනි ඇස විවර කරන භාවනාව 
තෙවන ඇස විවර කරන භාවනාව
තෙවැනි ඇස විවර කරන භාවනාව 


උද්ග්‍රහ නිමිත්ත දකින තත්වයට පත්වීමෙන් පසු මෙම දෙවන පියවර පුහුණු වෙන්න.  නළල මැදින් නළල හරහා හා තෙවැනි ඇස හරහා ගිනි දැල්ල ඇතුල් වෙනවා පිට වෙනවා සිතින් දකින්න.
ගිනි දැල්ල පහනේ සිට නළල හරහා තෙවැනි ඇස හරහා ඇවිත්
යලි තෙවැනි ඇස හරහා නළල හරහා පහනට යනවා දකින්න.
මේ විදියට කිරීමේදී  ආඥා චක්‍රයේ ශක්තිය අවදිවෙනවා. ඇස්වහගත්තම ගිනිදැල්ල පෙනෙන තරමට හිත එකග උනාට පස්සේ මේ පියවර කිරීම වඩා ප්‍රතිපල දායකයි. මාස දෙකක් තුනක් ගෙවුන පසුත් උද්ග්‍රහ නිමිත්ත ඇති වුනේ නැතිනම් මේ පියවර පුහුණු වෙන්න ආරම්භ කිරීම එතරම් වරදක් නෑ . ඒත් යම් තරමකට හෝ සිත එක්තැන් කරගැනීමෙන් පසු මේ  පියවරට එන්න.  සිත එක්තැන් නොවී ශක්ති අවධි කරන්න ඉතාම අමාරුයි වගේම එසේ කරන්න යාමෙන් මොලයට හානි වී සිහි විකල් වෙන්නත් පුළුවන්.

ශක්තිය අවදි වීමේ පෙරනිමිති කිහිපයක් තිබෙනවා. මුලින්ම නළල මැද නලියනවා මෙන් දැනෙනවා. තවත් දියුණු මට්ටමට එනවිට නළල මැද රිදී ඉරක් මෙන් හෝ අකුණු ගසනවා මෙන්පෙනෙනවා. ඒ මට්ටමට දියුණු උනානම් තෙවැනි ඇස විවර වීමට ආසන්නයි. මේ මට්ටමට පත්වුණා නම් භාවනාව නතර නොකර හැකිතරම් වෙලා එකදිගට භාවනාව කරන්න.
මේ නිමිති ගැන අවදානයක් නොදක්වා එකදිගටම අභ්‍යාසය කරන්න. එකදිගට අභ්‍යාසය කිරීමෙන් තෙවැනි ඇස විවර වීමේදී  මිට පෙර අකුණු ගසනවා මෙන් පෙනුන තැන නිල් පාට ඇසක් දර්ශනය වෙනවා. මේ වෙලාවට ඇස්  වහගත්තත්  අවට පරිසරයේ දේවල් තෙවෙනි ඇසෙන් තමන්ට දැකගන්න පුළුවන් .

ගිනිදැල්ල නළල මැදින් එහා මෙහා යවන පියවරේදී  භාවනාව කරන අතර ඕම් කාරය අහන්න පුලුවන්නම් ශක්තිය අවදිවීමට එය උත්තේජනයක් වෙනවා. භාවනාව කරන ගමන් sound system , computer, mobile phone  වගේ දෙයක් භාවිතා කරලා ඕම් ශබ්දය තරමක් ශබ්දයෙන් ඇසෙන්න සලස්වන්න. ඕම් කාරය විවිද  අය විවිද  ආකාරයෙන් කියන නිසා නිවැරදිව කියන හඬපට සහිත audio
  මෙතනින් (click here) හා
 මෙතනින් (click here)  ලබාගන්න පුළුවන්. දෙවෙනි audio එක වඩාත් හොදයි.
එම ලින්ක් වලට ගිහින් audio ඒක download කරගැනීමට "නිල් පාටින් තිබෙන Download" බොත්තම ඔබන්න.
ඕම් හඩෙහි සංඛ්‍යාතය මගින් සිත ගැඹුරු සමාධි මට්ටමට (මොළයෙන් ගැමා කිරණ, තිටා කිරණ පිටවන මට්ටමට) කෘතිමව පත්කරන නිසාත් ඕම් හඩෙහි සංඛ්‍යාතය මගින් ආඥා චක්‍රයේ ශක්තිය අනුනාද වී කම්පනය වන නිසාත් තෙවැනි ඇස විවර කරගැනීමට එය උපකාර කරගන්න පුළුවන්.

මේ ක්‍රමවේදයටම තෙවැනි ඇස විවර කිරීමට ජලය හා වායුව භාවිතා කරන්නත් පුළුවන්.
ජලය භාවිතා කරන භාවනාව කියවීමට  (මෙතන ක්ලික් කරන්න click here)
වායුව භාවිත කරන භාවනාව කියවීමට  (මෙතන ක්ලික් කරන්න click here)

*තෙවැනි ඇසට අධිපති ඊශ්වර දෙවියන් හා පරිවාර දෙවියන් සිටින නිසා මේ භාවනා වඩන සියලුම දෙනා උන්වහන්සේලාගේ පරික්ෂාවට ලක් වෙනවා. සමාජයට අහිතරකර අරමුණු හෝ පැවතුම් සහිත අයට ආඥා චක්‍රය අවධි කරගන්න ඉඩක් ලැබෙන් නෑ. තෙවැනි ඇස විවර කරගත් කෙනෙක් සමාජයට අහිතකර දෙයක් කලොත් දඩුවම් විදීමට හෝ ශක්තිය අහිමි කරගැනීමට හො මරණයට පත්වෙන්න සිද්දවෙනවා. ඒ වගේම අපහු ලබන ආත්මෙකදී මේ භාවනා අහන්නවත් ඉඩක් ලැබෙන එකක් නෑ.

*ගොඩක් පොත්පත් වල තියෙන්නේ දෙබැම මැදින් හුස්ම එහා මෙහා යනවා දකින්න කියල උනත් නිවැරදිම ක්‍රමය දෙබමට උඩින් නළල මැදින් අභ්‍යාසය කිරීම. ආඥා චක්‍රයට අදාළ මොලේ කොටස වන pineal gland තිබෙන්නේ දෙබැමට සම්රෙකියව උනත් ආඥා චක්‍රය තිබෙන්නේ නළල මැද මිසක් දෙබැම මැද නෙවෙයි

* නළල මැද අකුණු ගහනවා වගේ පෙනෙන මට්ටමට ආවොත් භාවනාව නතර නොකර එකදිගට පුළුවන්තරම් වෙලා කරන්න. තමන් භාවනා කරන වෙලාව පැය 2, 3, 4 පමණ වැඩිකිරීමට උත්සහ කරන්න. මේ මට්ටමේදී  තෙවැනි ඇස විවර වීමට ඉතා ආසන්නයි. නමුත් මේ මට්ටමට පැමිණීමෙන් පසුත් තෙවැනි ඇස විවර වීමට  සති කිහිපයක් මාස කිහිපයක් ගත වෙන්නත් පුළුවන්.

*මේ භාවනාවේ දියුණුවේ රහස වන්නේ එකදිගට හැකිතරම් කාලයක් භාවනාව වැඩිම හා හැමදාම භාවනා කිරීමයි. සැරින් සැරේ එහෙන් මෙහෙන් භාවනා කලොත් සාර්ථක ප්‍රතිපල නැතිවෙනවා මෙන්ම ශක්ති විෂමතා ඇති වි ලෙඩ රෝග, මානසික ව්‍යකුලතා ඇතිවෙන්න පුළුවන්. එමනිසා පිළිවෙලකට නිවැරදිව භාවනාව වඩන්න. ඉක්මන් ප්‍රතිපල බලාපොරොත්තු වෙලා වැඩ අනාගන්නෙපා .ඉවසීමෙන් ප්‍රගුණ කරන්න

* බොහෝ දෙනෙක්ට තෙවැනි ඇස විවර වීමට ආසන්න වීමේදී තෙවැනි ඇසට අධිපති ශිව දෙවියන් දර්ශනය වීම සිදුවෙනවා. ශිව දෙවියන් සමග සන්නිවේදනය කිරීමේ හැකියාවත් ලැබෙන්න පුළුවන්. ශක්ති භාවනා සාර්ථක කරගැනීමට දෙවියන්ගේ හා ශක්තිය අවදි කරගත් අයගේ උදවු ලබාගන්න පුළුවන්. තෙවැනි ඇසට අධිපති ඊශ්වර දෙවියන් හෝ තමන් අදහන දෙවිවරු නැමදීමෙන් උපකාර ලැබෙන්න පුළුවන්. ශක්තිය ලබා ගැනීමට  අංගම්පොර ශිල්පය හදාරන අය රාවණ රජතුමාට විවිද පුජා කරන බවත් මට දැනගන්න ලැබිල  තියෙනවා. තෙවැනි ඇස විවර කරගැනීමට ශිව දෙවියන්ගේ උපකාර ලබාගැනීම සම්බන්ධ ලිපිය කියවන්න (මෙතන ක්ලික් කරන්න )

* තෙවැනි ඇස පළමුවරට විවර වූ විට දවස් 3ක් පමණ නොවැසිතිබෙනවා . ඒත් හැමදාම ඒ විදියට තිබෙන්නේ නෑ. භාවනා නොකලොත් ආපහු චක්‍රය අක්‍රිය වෙනවා. ඒ නිසා නැවත නැවත භාවනා කිරීම අවශ්‍යයි. එක වරක් විවර වීමෙන් පසු  නැවත විවර කරගැනීමට විවිද වෙනත් ක්‍රම අත්දකින්න පුළුවන්. ඒත් ඒවා පළමුවරට ඇස විවර කරගැනීමට සුදුසු නෑ. එක වරක් විවර කරගත් කෙනෙක්ට හොදින් ඉර එලිය තිබෙන තැනකට ගිය විට  ඉබේම තෙවැනි ඇස විවර වෙනවා අත්දකින්න ලැබෙනවා. ඒ වගේම එක වරක් විවර කරගත් කෙනෙක්ට පහලින් ඇතුලත් කර තිබෙන photo එක දිහා එකදිගට බලන් ඉදීමෙන් ඉබේම තෙවැනි ඇස විවර වන බව අත්දකින්න පුළුවන්
තෙවැනි ඇස
තෙවැනි ඇස අවදි කිරීම 


තෙවැනි ඇස අවදි කිරීම
තෙවැනි ඇස අවදි කිරීම 


* භාවනා කරන වෙලාවට ආඥා චක්‍රයට එකතු වෙන ශක්තිය භාවනා නොකරන කාලයේදී ක්‍රමයෙන්  අඩුවෙනවා. මේ ශක්ති හානිය නවත්තගන්න පුළුවන් භාවනා නොකරන වෙලා වලදී අතේ මහපට ඇගිලි මැද තිබෙන නිලය ඉදිකට්ටක්, පැන්සල් තුඩක් වගේ දෙයකින් සැරින් සැරේ උත්තේජනය කිරීමෙන්.

තෙවැනි ඇස නිලය

*මෙම භාවනා වලදී කෙරෙන්නේ බාහිරින් චක්‍ර වලට ශක්තිය ලබාගැනීමක්. අඩුවෙන් ආහාර ගැනීමෙන්ඒ සඳහා උපකාරයක් ලැබෙනවා. ආහාර වලින් ශරීරයට ලැබෙන ශක්තිය අඩු වීමෙන් ශරීරයේ තිබෙන ශක්ති ප්‍රමාණය අඩු නිසා භාවනා කිරීමේදී ශරීරයට ශක්තිය ලබාගැනීම පහසුයි. ( ඒත් ලෙඩ රෝග ඇතිවෙන ලෙස හෝ පෝෂණ උනතා ඇතිවෙන තරම් ආහාර පාලනය කිරීමෙන් භාවනාවට කිසිම වාසියක් වෙන්නේ නෑ. එමනිසා අනවශ්‍ය ලෙස ආහාර පාලනය කරන්න එපා )

* තෙවැනි ඇස සහිත මුණක් අතින් ඇඳ එය නිදාගන්න විට පෙනෙන තැනක තබාගැනීමෙන් භාවනාවට වැඩියෙන් නැබුරු වීමට මනෝවිද්‍යාත්මකව යම් වාසියක් ලබාගන්න පුළුවන් .


* මේ භාවනා කරන අතරතුර සෙම ඇවිස්සිම් හෝ ඔලුව රිදීම් හෝ උන ගැනීම් සිද්දවෙන්න පුළුවන්. තදබල විදියට ඒවා වෙනවනම් භාවනා කිරීම නවත්වා ලෙඩ රෝග සුව වීමෙන් පසු නැවත භාවනා කරන්න.
සෙම ඇවිස්සිම් ආදිය සාමාන්‍ය තරමින් වෙනවනම් භාවනා කරන කාලය ටිකක් අඩු කරන්න. ලෙඩ රෝග තිබියදී  කුන්ඩලිනි භාවනා කිරීම කිසිසේත්ම සුදුසු නෑ.

* මිට පෙර මානසික රෝග වැළදී තිබෙන අය මේ භාවනා කරන්න කලින් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ලබාගන්න.

* තෙවැනි ඇස භාවනා දවසට දෙතුන් වරක් සැරින් සැරේ නොකර දවසේ එක් වෙලාවක් විතරක් තෝරාගෙන එකදිගට වඩන්න. දවසට එක් වරක් පමණක් මෙම භාවනා කරන්න. දවසේ එක එක වෙලාවල් වලදී  සැරින් සැරේ කුණ්ඩලිනි භාවනා කිරීමෙන් විවිද ලෙඩ හා මානසික රෝග හැදෙන්න පුළුවන්.

* ,සමහර යෝගීන් පහන් දැල්ල දෙස බලා හිදිමින් කරන ත්‍රතක භාවනා ක්‍රමයක් ඉගැන්වීම කරනවා. මේ භාවනා ක්‍රමය එවැනි ත්‍රතක ක්‍රමයක් නෙවෙයි.

සියලු කුණ්ඩලිනි චක්‍ර අවදි කරවන භාවනාව සහිත ලිපිය කියවීමට ( මෙතන ක්ලික් කරන්න Click here )

මෙම ලිපියට විශාල කමෙන්ට් ප්‍රමාණයක් ලැබී තියෙන නිසා අලුත් කමෙන්ට් හා ඒවාට දී ඇති පිළිතුරු  පෙනෙන්නේ නෑ. ඒවා බැලීමට පහල තියෙන loading හෝ load more කියන button ක්ලික් කරන්න.



* මෙම  භාවනා කිරීමේදී විවිද අයට විවිද අත්දැකීම් ලැබෙන්න පුළුවන්. ඒ එක් එක් අවස්ථා වලදී කටයුතු කල යුතු ආකාරය නිර්ණය කිරීමට පුළුවන් කුණ්ඩලිනිය අවදි කරගත් කෙනෙක්ටපමණයි. ඒ නිසා මේ ලිපි වල තිබෙන කරුණු  තමන්ගේ දැනුමක් මෙන් වෙන තැන් වල පල කිරීම හෝ ඉගැන්වීම සිදු කරන්නෙපා. මෙම භාවනා ගැන කවුරුන් හෝ දැනුවත් කරන්න හිතෙනවා නම් මේ ලිපිය කියවීමට සලස්වන්න. ඔබ කරන දේ අනුව ඔබගේ ප්‍රගති වාර්තාවට හොද හෝ නරක එකතුවෙනවා.

***භාවනා කිරීමට පෙර  අනිවාර්යෙන් කියවිය යුතු උපදෙස් සහිත ලිපිය කියවීමට :- මෙතන ක්ලික් කරන්න ( Click here )

***මීට පෙර කිසිම භාවනාවක් කරලා නැති ආධුනිකයන් හෝ
මිට පෙර කුන්ඩලිනි භාවනා වඩා නැති ආධුනිකයන් භාවනා ආරම්භ කල යුතු ආකාරය පිළිබද ලිපිය කියවීමට:-
 (මෙතන ක්ලික් කරන්න )
තෙවැනි ඇස භාවනා හෝ කුණ්ඩලිනි භාවනා වඩන සියලු දෙනා එම ලිපියේ සඳහන් මුල් පියවර සිදුකිරීමෙන් පසුව පමණක් භාවනා ආරම්භ කරන්න!

 Facebook පිටුවට:- ( මෙතන ක්ලික් කරන්න )


තෙවැනි ඇස සදහා විවිද ඵල රහිත ක්‍රම රාශියක් සමාජගත වෙලා තිබුනත් ඍෂි වරුන් විසින් නිර්මාණය කල මේ නිවැරදි භාවනාව ලබාදෙන්නේ පළමු වරට මේ ලිපියෙන්. 2014 - 11 - 25 දින පළමු වරට සිංහල භාෂාවෙන් ලෝකයට ඉදිරිපත් වෙන මේ භාවනා ක්‍රම වෙනත් කිසිම පොතක හෝ සම්ප්‍රදායක දකින්න අහන්න ලැබෙන්නේ නෑ. කිසිවෙකුට මේ ක්‍රම ලොවට හෙළි කිරීමට අවසර ලබිලාත් නෑ. කවුරුන් හෝ මේ ක්‍රම ඉගැන්වීම් කරනවානම් ඒ මේ ලිපි කියවීමෙන් අනුකරණය කිරීමෙන් පමණයි.


මේ භාවනාව අනුගමනය කර ඔබත් තෙවෙනි ඇස විවර කරගත්තොත් සක්‍ර දෙවියන්ටත් මගේ ගුරුවරයන්ටත් මටත් ඒ පින් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..

 (මෙම ලිපි අවසරයකින් තොරව සම්පුර්ණයෙන් හෝ කරුණු වශයෙන් උපුටාගැනීමෙන් හා වෙනත් යමක පළකිරීමෙන් වලකින්න.)

Comments

  1. binarual beats walin oye de karanna puluwnda?
    youtube videos tiyenwa brain wave kiyala awalin monda wenne?

    ReplyDelete
    Replies
    1. හැම එකම හරියන නෑ. සමහර ඒවා හරියනවා. කොහොමත් භාවනාව නොකරනම් ඕක අහන ඉදියට වැඩක් නෑ.

      Delete
    2. ඕවා මන්තර වගේ ඒවා. කම්පනය මගින් අනුනාද කිරීමක් වෙන්නේ.හැබැයි ඕව හදපු අය ඉහල මානසික තත්ත්ව වල අය නෙවෙයි scientistsල ගොඩක් වෙලාවට. ඒ හින්ද එයාලා හදන ඒවා සාර්ථකයි කියල හිතන්න බෑ.ගොඩක් වෙලාවට මොලේට හානිකර වෙන්න පුළුවන්.

      Delete
    3. Thanks,mt awa ahuwa aththatma awa ahuwata passe oluwa ridenwa,hama akaktma newe samahra awalta

      Delete
  2. "ගින්දර,ජලය, වායුව ශක්ති ප්‍රභව " අතුරෙන් තමාට හොදම ශක්ති ප්‍රභව කුමක්ද කියා දෑනගන්නේ කොහොම්ද?

    ReplyDelete
    Replies
    1. එක හොයාගන්න විශේෂ විදියක් නෑ.තමන් හිතන පතන විදියට තමන්ට ගැලපෙන්නේ මොකක්ද තමන් කැමති මොකක්ද කියල තමන්ම තීරණේ කරන්නයි තියෙන්නේ. ඒ ඇරෙන්න ආපෝ කසිණ භාවනා වඩන කෙනෙක්ට ජලය හොදයි, තේජෝ කසිණ වඩන කෙන්ක්ට ගින්දර හොදයි.ඒ වගේ තමා. මුකුත් හිතාගන්න බැරිනං ගින්දර කරන්න.ඒක ඕන කෙනෙක්ට ගැලපෙනවා.

      Delete
    2. කේන්දරේ තියනවා නේ තමන් අයිති දාතුව

      Delete

  3. oa thewani asa wiwrtha kara gathada

    ReplyDelete
    Replies
    1. ඇත්තට ඔබට එයින් ලැබුන හගීම් දැනීම සහ බලපෑම් අපිට කියන්නකො

      Delete
    2. ඇත්තට ඔබට එයින් ලැබුන හගීම් දැනීම සහ බලපෑම් අපිට කියන්නකො

      Delete
    3. ewa kiuwa kiyala bhawana karana kenekta prayojnyak ne.awashya simawe dewal post eke liuwa

      Delete
  4. Hoda post akak,digatma karagena yanna

    ReplyDelete
  5. බොහොම වටිනවා...ඇත්තටම බෙහෙවින්ම ස්තුතියි මෙවැනි වටිනා විස්තර පල කරනවට..මම තාම ඉගෙනගන්න කෙනෙක්.ඉගෙන ගන්න අයට මෙමගින් ලබෙන ප්‍රතිපලය ගැන පැහැඩිලි කරන්න පුලුවන්ද

    ReplyDelete
  6. Dawasakata kochchara welaawak karanna oneda?

    ReplyDelete
    Replies
    1. peya 5k 6k ekadigata karanna puluwannan godak hodai.ita adu unata kmk ne. tamanta puluwan taramak krnna

      Delete
  7. මම භාවනා කරනවා... වෙලාවකට කටු ඇනෙන්වා වගේ දැනෙනෙවා... ඒක නෙවෙයි ප්‍රශ්නේ මේ තෙවනි ඇස ට්‍රිගර් කරන වැඩේ අර අනිත් චක්‍ර ඔස්සේ නොයා කෙලින්ම නලලටම හිත යොමු කරන නිසාද මන්දා ඒක කරනකොට නලලයි ඔලුවයි රිදෙනවා... ඇයි ඒ

    ReplyDelete
    Replies
    1. oluwa godak rideawanan bhawanawa nawattanna.kothanahari waraddagena.mula idan kalpana karala blanna. godak aayasen kranakota ohoma wenawa.shaanthawa sanyamayen bhawanawa
      karanna

      Delete
  8. oka karagena yanakota huma watennathi thathwayak enawa
    ethakota aulak nadda?

    ReplyDelete
    Replies
    1. හුස්ම නොවටිමක් මේකෙදි වෙන් නෑ.මොකක්ද භාවනා අරමුණ
      ? ගිනිදල්ලද හුස්මද?

      Delete
  9. Replies
    1. mona baawanawa unath diyunu unaama ohoma wenawa.eke aulak ne.eka gena hitannathuwa aramunata samaadiya atikaraganna

      Delete
  10. කෑම පාලනය කරනව කියන්නේ මිලිහුඩු ජාති කමේ වැළකිය යුතුද

    ReplyDelete
    Replies
    1. නෑ මස් මාළු කෑවට කමක් නෑ

      Delete
  11. මේකෙන් කිසිම අතුරු ප්‍රතිපල නැද්ද

    ReplyDelete
    Replies
    1. සමාජයට අහිතකර අරමුණු හෝ චර්යා තියෙන අය මේක කලොත් අහිතකර ප්‍රතිපල අත් වෙනවා

      Delete
  12. https://m.facebook.com/profile.php?id=921946461176228

    ReplyDelete
  13. මම මේක සතියක් තිස්සෙ කරනවා. මුලින්ම පහනෙ දැල්ල ඉතාම පැහැදිලිවම පෙනුනා. නමුත් ටික වෙලාවක් යනකොට ක්‍රම ක්‍රමයෙන් දැල්ලෙ විශාලත්වය හා පැහැදිලි බව අඩු උනා. නමුත් එය බාදාවාක් උනේ නැ.
    මගේ පලවෙනි ප්‍රශ්නය දැල්ල ටික වෙලවකින් නොපෙනි යනවා. එතකොට අපහු ඇස් ඇරල දැල්ල දිහා බැලුවට කමක් නැද්ද නැත්තන් දිගටම ඇස් පියගෙන ඉන්න ඔන්ද?

    2) මම දැන් මෙක සතියක් තිස්සෙ කරනවා.මුල් දවස් ටිකේ දැල්ල ඉතා දීප්තිමත්ව හා මධ්‍යම ප්‍රමානයෙන් දිස් උනා. නමුත් දැන් දින කීපයක සිට කරනවිට දැල්ලේ ප්‍රමානය හා දීප්තිය දැඩි ලෙස අඩු වී ඇත. මෙයට හෙතුව කුමක්ද හා මෙයට ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද ?
    2)

    ReplyDelete
    Replies
    1. කමක් නෑ එහෙම තමයි කරන්නේ.පේන්නැති වෙනකොට ඇස ඇරලා ටිකක් වෙලා බලන් ඉදලා ආපහු වහගන්න ඕනි

      Delete
    2. දැල්ලේ ප්‍රමානය හා දීප්තිය අඩු වී ගියේ පහනේද? ඇස් වහගත්තාම පෙනෙන දැල්ලේ ද ?

      Delete
    3. ඇස් වහගත්තම. මුල් දවස් 5හේ හොන්දටම පෙනුනා. ගොඩක් දීප්තිමත්ව හා සාමාන්‍ය ප්‍රමනයෙන් පැහැදිලිව.නමුත් දැන් පැහැදිලි බව හා දීප්තිය අඩු වෙලා. වෙනදා ඇස් වහගත්තම විනඩියක් දෙකක් යනකන් දැල්ල පේනවා. මුලින්ම ලොකුවට දීප්තිමත්ව ඉට පස්සෙ ක්‍රමයෙන් අඩු වෙලා නොපෙනී යනවා.
      නමුත් දැන් වෙනදා වගේ ගොඩක් වෙලා තියෙන්නෙත් නෑ. එතරම් පැහැදිලිත් නැ. එවුනාට පේනවා

      Delete
  14. ඇස් වහගත්තම. මුල් දවස් 5හේ හොන්දටම පෙනුනා. ගොඩක් දීප්තිමත්ව හා සාමාන්‍ය ප්‍රමනයෙන් පැහැදිලිව.නමුත් දැන් පැහැදිලි බව හා දීප්තිය අඩු වෙලා. වෙනදා ඇස් වහගත්තම විනඩියක් දෙකක් යනකන් දැල්ල පේනවා. මුලින්ම ලොකුවට දීප්තිමත්ව ඉට පස්සෙ ක්‍රමයෙන් අඩු වෙලා නොපෙනී යනවා.
    නමුත් දැන් වෙනදා වගේ ගොඩක් වෙලා තියෙන්නෙත් නෑ. එතරම් පැහැදිලිත් නැ. එවුනාට පේනවා

    ReplyDelete
    Replies
    1. භාවනා කරනකොට හුස්ම ගන්නකොට නළල ඇතුළෙන් දැල්ල ඇතුලට යනවා හුස්ම පිට කරනකොට දැල්ල පිටවෙනවා වගේ හිතෙන් දකින ගමන් භාවනා කරන්න

      Delete
  15. මේක දිනපතාම කරන්න ඕනද?
    අසනීප දවස්වලට මොකද කර්න්නේ ?

    ReplyDelete
    Replies
    1. අසනීප තියෙද්දී ශක්ති අවධිවෙන භාවනා ,අභ්‍යාස මුකුත් කරන්නෙපා

      Delete
  16. කියලා දුන් සැම දෙයටම අප සැම දෙනාටම.ඔබටත් ඔබගේ ගුරුවරයාටත් ගොඩක් පිං

    ReplyDelete
  17. මම ආනාපාන සති භාවනාව කාලයක් කළා. මෑතක සිට ඹය කියන විදියට නළල මැද නළියන ගතියක් එනවා.එය වේදනාවක් නෑ.මම කරන භාවනාව ම කළොත් ඔය ප්‍රතිඵල ලැබෙයි ද? ඔබ වන් අය සිටින බව දැනගැනීමත් සතුටක්...

    ReplyDelete
    Replies
    1. ආනාපානසතියයි කුණ්ඩලිනි භාවනායි 2ක්. ආනාපානසතිය වැඩනකොට සමාධිය නිසා කුණ්ඩලිනිය අවදි වෙන්න වගේ එන්න පුළුවන්.ඒ උනාට සම්පුර්නෙන් අවධි වෙන් නෑ. 3rd eye විවර වෙන්නනම් කුන්ඩලිනි භාවනාම කරන්න ඕනි .අනික ආනාපානසතිය වඩලා කුණ්ඩලිනිය අවදිවෙන්න බලාපොරොත්තු වෙන එක හොද නෑ

      Delete
    2. කුණ්ඩලිනි අවධි වෙන්න කියල මුලින් හිතුවෙ නැ.නාසය අග හුස්ම වැදෙන තැනට අවධානය යොදාගෙන හොඳින් අරමුණට එකඟවෙනකොට තමයි නළල මැද ඔබ අර මුලින් කියන දැනීම ඇති වෙන්නෙ. කවර ආකාරයකින් හෝ සිත දියුණු වීමෙන් ඔය ප්‍රතිඵල අතුරු ඵල විදියට ලැබෙන්න බැරි ද?රහතන් වහන්සේලා කුණ්ඩලීනි නමින් සිත දියුණු නොකළාට එම ශක්තිය මගින් කළ නොහැකි දේත් කළ අවස්ථා තියෙනවා නේද?ස්තුතියි.

      Delete
    3. එහෙම ලැබෙන්න විදියක් නෑ. ඒක නිකන් අඹ ගහකින් දෙහි බලාපොරොත්තුවෙනවා වගේ වැඩක්. අදාළ ප්‍රතිපලය ලබෙන්නනම් ඒකට අදාළ ප්‍රතිපදාව වඩන්න ඕනිනේ..? රහතන් වහන්සේලා කුණ්ඩලිනිය දියුණු නොකලට ඉර්ධි ලබනවා. එක වගේ පෙනුනට කුණ්ඩලිනිය කියන්නේ වෙනම දෙයක් ඉර්ධි කියන්නේ වෙනම දෙයක්. 2කෙන්ම අහසේ පාවෙන්න පුළුවන් හැබැයි වෙන්නේ වෙනම ක්‍රියාවලි 2ක් ඔස්සේ..වෙනම යාන්ත්‍රණ 2ක් ඔස්සේ. අවසන් ප්‍රතිපලය සමාන උනාට මාර්ගය වෙනස්.. ඉර්ධි දක්වන්නෙ සමාධිමත් හිතකින් අධිෂ්ඨාන කිරීමෙන් කුන්ඩලිනිය අවධි කරගත් කෙනෙක් විවිද වැඩ කරන්නේ ශක්තිය හැසිරවීමෙන්...

      Delete
    4. ආනාපානසතිය වඩනකොට මේ වගේ අත්දැකීම් ආවට ඒවා ගැන හිතන්නෙපා.එතකොට වෙන්නේ ඒ මට්ටමෙන් උඩට හිත ගන්න බැරි වෙන එක. ඒක ආශිර්වාදයක් වගේ පෙනුනට බාදකයක්. ආනාපානසතිය තියෙන්නේ ධ්‍යාන ලබාගන්න.ආනාපානසතිය වදනවනන් එකේ අරමුණ ඉෂ්ට කරගෙන ඊට පස්සේ කුණ්ඩලිනියට එන්න .මැදදී පාරවල් 2 මාරු කරන්න ගියාම 2න් 1ක්වත් නෑ...

      Delete
    5. ඔබට ස්තුතියි.යෝග ව්‍යායාම වැනි විවිධ රිද්මයානුකූල චලනයන් මගින් අවධි වන ශක්තිය හා කුණ්ඩලීනි අතර සම්බන්ධය ගැන මට පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද?

      Delete
    6. skype එකෙන් ඔබ සමඟ කතාකරන්න බැරි ද?

      Delete
    7. යෝග වල රිද්මයානුකුල චලන කිරීමක් නෑනේ? මොන වගේ දේවල් ගැනද ඔබ සදහන් කරන්නේ?

      Delete
  18. mata audio eka daownload karaganna ona kohomada karane?

    ReplyDelete
    Replies
    1. computer එකකින් ලින්ක් එකට ගියාම දකුණු පැත්තේ download button එක තියෙනවා

      Delete
  19. kenekge sitak ekka sambanda wenna puluwanda meken?

    ReplyDelete
    Replies
    1. kenekge sitat ekka sambanda wela e sita ma weta naburu kalakida?

      Delete
    2. ලින්ක් එක -
      http://en.file-upload.net/download-10994782/OM2.mp3.html

      Delete
    3. නැඹුරු කරන්න පුලුවන්ද බැරිද තීරණේ වෙන්න ගොඩක් දේවල් බලපානවා- කරන කෙනාගේ හිතේ ස්වාභාවේ, අරමුණ, කෙරෙන කෙනාගේ හිතේ ස්වභාවය, කෙරෙන කෙනාව ආරක්ෂා කරන ඥාතින් හෝ දේවතාවන්ගේ කැමැත්ත නැත්තම් කරන්න වෙන එකක් නෑ , ඒ වගේම එයාව තමන්ට නැඹුරු වෙන්න පිනක් නැත්තම් කොච්චර කලත් හරියන නෑ. ඕවා කරන්න ගියාම දෙවියෝ කුණ්ඩලිනිය නැති කරලා දානවා. මම දන්න කෙනෙක් කෙල්ලෙක්ට ඕක කරන්න ගිහින් කුණ්ඩලිනිය නැතිකරගත්තා. ආපහු ආත්ම ගානකට එයාට හම්බෙන්නෙත් නෑ. කුණ්ඩලිනිය හම්බුනා කියලා තමන්ගේ පිනට පිටින් මුකුත් ලැබෙන නෑ. කර්මයේ බලපෑම ලොකුයි ඊට වඩා..තමන්ට අයිති නැති දේවල් ගන්න ගිහින් තියෙන ටිකත් නැතිකරගන්න වෙන්නේ....

      Delete
    4. wena kellek neme e mage wife.. eya tharaha wela ammalagawata gihin..ewagema hama taninma kewa eyage ammala eyata monada deela kiyala ape paula kadana ..anna eyawai mama ahuwe puluwanda kiyala../

      Delete
    5. මන්තර වලින් කරපුව කඩන්නනන් ලොකු බලයක් , ලෝකු හිතේ එකන්ගකමක් ඕනි. හොදම දේ මන්තර වැඩ කරන කෙනෙක්ට කියලම ඕක කඩාගන්න එක. මන්තර වලින් කරපුව වෙන දේවල් වලින් කඩන්න හරි අමාරුයි

      Delete
    6. mantara wada danna hoda kenek innawanam kiyanna plz contact num eka ewanna plz

      Delete
  20. Pahan della dihawe godk wela balan hitiyahama eeken eheta narakak wenne nedda?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ .ඇහැට හානි වෙන්නේ oxy-acetelene දැල්ල වගේ අධික ආලෝක තිව්රතාවක් තියන ආලෝකයක් දිහා බැලුවම.පහන් දැල්ලේ එහෙම අවුලක් නෑ

      Delete
  21. අර පින්තුරේ දිහා බලාගෙන ඉන්නකොට මගේ නළල තදවෙනවා වගේ මට දැනෙනවනේ. ඇස් දෙක බොඳ නිල් පාට කරගෙන බලාගෙන ඉන්නකොට ලැප්ටොප් එක දෙපැත්තට පැද්දෙන්වා වගේ මට පේනවනේ?ඒ උනාට ඇස් දෙක වහගත්තම මොනවත් පෙන්නේ නැහැනේ?

    ReplyDelete
    Replies
    1. ඔහොම දෙයක් කරන්න කියල මම පොස්ට් එකෙන් කියලා නෑ

      Delete
  22. මෙම අභ්‍යාසය කරගෙන යන විට අධිමානසික හැකියා වර්ධනය වේගෙන එනව කියල දැනගැනීමට හැකි හෝඩුවාව මොන වගේද?

    ReplyDelete
    Replies
    1. හැකියා ලැබෙනකොට තමන්ට තේරෙනවා. අමුතුවෙන් හෝඩුවාවල් ඕනි නෑ

      Delete
  23. mata patavi, apo, tejo, wayo hondin danenawa bawana karaddi. Eka samahara welawata hari parabhalawa danenawa bawanawa karan yanna amaru taramate mawa issarahata tallu karanawa, udata ussanawa patavi apo tejo wayo mecchara prabalawa mata danenne ai?

    ReplyDelete
  24. මම ආලෝක කසින භාවනාව වැදීමේදී මගේ සිතට දහවල් 12 ට පමණ අහස මුදුනේ පායා ඇති සුර්යයා මනසට පැහැදිලිව දර්ශණය වෙනවා, මම මෙය අරමුණු කරගෙන භාවනාව කරනවා, මෙය දිගටම කරගෙන යාමේදී තෙවන ඇස විවර කර ගත හැකිද?

    ReplyDelete
    Replies
    1. බැහැ. ආලෝක කසිණ භාවනාව කලාට කුණ්ඩලිනි චක්‍ර අවධි වෙන් නෑ. ඔය කියන්නේ පටිග්‍රහ නිමිත්ත පහළවීම වෙන්නැති. කසිණ භාවනා කරනවානම් ඉස්සෙල්ලා එකේ අරමුණ වෙන ධ්‍යාන ලබාගැනීම කරගන්න උත්සහ කරන්න. ඊට පස්සේ කුණ්ඩලිනි භාවනා වෙනම කරන්න. ආලෝක කසිණ භාවනාව් ගැන මම දාලා තියෙන පොස්ට් එක කියවන්න. ඒකයි මේකයි පටලගන්න එපා

      Delete
  25. Mama bavanava patan gena davas thunakata pase mata dalla hodata dipthimathva pena gaman nala naliyanava...ai a???thava ita passe davase kalama dalle kahapata venuvata rathu pata vella penne...ai a??? Karunakarala pahadala denna...bohoma pin

    ReplyDelete
    Replies
    1. සතියක් විතර දිගටම කරලා තත්වය කියන්න

      Delete
  26. Mge yaluva vau bavithakaragena bavanakarannava .dan ayage oluva hugak ridennavalu.ai ahema venne aka narka deyadda???karunakarala kiyanna.bohoma pin.

    ReplyDelete
    Replies
    1. ඔලුව ගොඩක් රිදෙනවනම් භාවනාව වහාම නතර කරන්න. දවස් 5කින් විතර ආපහු පටන්ගන්න. පලවෙනි දවස් 2 මුකුත් නොකර ඉන්න. ඊළඟ දවස් 3 උදේ 3.30 ඉදන් 4.30 වෙනකම් මම මේ පොස්ට් එකේ 2වෙනියට දාලා තියෙන ඕම කාරය අහමින් ඉන්න. ඕම් කාරය අහන එක විතරයි කරන්න ඕනි. වෙන මුකුත් භාවනා අභ්‍යාස කරන නෑ. ඒක කරද්දීත් ඔලුව රිදෙනවනම් ඒක කරන්නෙපා. දවස් 5ක් ගියාම ආපහු භාවනා පටන් අරන් පුළුවන් තරම් ශාන්ත විදියට ගොඩක් හෙමිට ගොඩක් ඉවසීමෙන් භාවනාව කරන්න. එහෙම කරද්දීත් ඔලුව රිදෙනවනම් භාවනා කරන්නෙපා.නවත්තන්න. සති 2ක් මුකුත් නොකර ඉදලා නැවත භාවනාව කරන්න. එතකොටත් ඔලුව රිදෙනවනම් ආපහු භාවනා කරන්නෙපා.භාවනා වෙනුවට ප්‍රාණයාම කරන්න

      Delete
    2. දවස් 5කින් පස්සේ භාවනා කරනකොට ඔලුව රිදෙනවනම් භාවනා නොකර දවස් 2ක් ඉදලා හුස්ම වෙනුවට වෙනත් ගින්දර හෝ ජලය භාවිතා කරන්න. එහෙම කරද්දීත් රිදෙනවනම් විතරක් භාවනාව නවත්තල ප්‍රාණයාම කරන්න

      Delete
    3. Bohoma pin...me abyasaya ra 12ta vithara kalata kamak nadda???aken mukuth gataluvak vennaneda???karunakarala kiyanna...bohoma pin

      Delete
  27. Mas,Malu Kana eka Kundalini Bawanawata Balapanawada

    ReplyDelete
  28. Mama awurudu 2kta kalin hamadama rata bhawana karanna purudu wela hitiya...mama digatama kalayak kara.ita passe mn bhawana karanna patan aran tikak wela yanakota mata kisima deyak danenna.. (rasnaya.seethala.age gawila thyna dewal).mata danrnne mn sahallui wage...hithana de witharai.....karaunakarala ehema une ai kiyala kiyanna puluwan da...

    ReplyDelete
    Replies
    1. හිත හොදට එක්තැන් උනාම කය සැහැල්ලු වෙනවා

      Delete
    2. බොහොම ස්තූතියි....

      Delete
  29. මෙවැනි වටිනා භාවනා ක්‍රමයක් නිර්ලෝභීව සකල ලෝක වාසි ජනතාවට කියා දීම පිලිබදව ඔබට බොහොම පිං! ඔබගේ අධ්‍යාත්මික ජීවිතය සාර්ථක වේවා!

    ReplyDelete
  30. Mata kiyanna gini Della diha balan inna one aspillam nogahada kiyala.. e wagema meka peyak withara karoth madida? ma sitina parisarayath ekka sadda Tikak wedi.. mul piyaware idanma om.. audio sound ekath ekka me bawanawa karata waradak nedda? kiya denna.. obata pin..

    ReplyDelete
  31. aspillam gahuwata kamak ne.
    patangannakota kohomath peyak witharak karana eka hodai. hebei ekadigatama peyak witharak kaloth 3rd eye erenna godak kal yanawa.
    mul piyawara thiyenne hitha ekanga karaganna.om ahana gaman hitha ekanga karaganna puluwannam om ehuwata kamak ne. hebei om eka hinda hitha ekthan wenna baadhaa wenawanam mul piyawaredi om eka ahanna epa

    ReplyDelete
  32. Sir mata kiyanna mekata hodama welawa kiyada? aneka me bawanawa karaddi konde wedanawak enawa..e mokada? Mata padmasana inna amaru...danahise abadayak thiyenawa..arda padmasana idan karata waradak neha neda?

    ReplyDelete
    Replies
    1. hodama welawa pandara 3 idan 7 withara wenakam welawa.
      bhawanawata konde amaru en ne amaru enawa aththe aasane haryta inna bari hinda. ekata pahasu asanekin inna. padmaasanaya thama hodama eka. ardha padmaasanen hitiyata waradak ne

      Delete
    2. Thanks sir ...obatath obe guruwarayatath me bawa gamanna nima karannata darmawabodaya labagenimata me pin hethu wasana wewa..

      Delete
  33. Mata pahane alokaya as piya gaththahama thamath penne neha ne...sathi 3,4k eka digatama oya kiwwa widihata man bawana kara..namuth mata mage hitha ekthen wenne neha..e nisa man mokada karanna one..pehedili kara denna..

    ReplyDelete
    Replies
    1. thawa sathi 2k withara hitha ekthan karanna uthsaha karanna. peyak withara bhawanawa karanna.ita passe 3rd eye bhawanawa patanganna

      Delete
  34. කුණ්ඩලිනි භාවනාවටනේ?
    පුළුවන් .එක ප්‍රශ්නයක් නෑ. හැබැයි පහල තට්ටුවේ ඉදන් කරන්න පුලුවන්නම් හොදයි. උඩ තට්ටුවක හිටියට ලොකු ප්‍රශ්නයක් නෑ. තමන්ගේ කාමරේ පොලවේ(බිම) වාඩිවෙලා කරන්න. බිත්ති වලින් පොලවට සම්බන්ද වෙලානේ තියන්නේ. පොලවේ තියෙන ශක්තිය ගොඩනැගිල්ලේ බිත්ති, අත්තිවාරම් ඔස්සේ ඇවිත් තමන් ඉන්න තැන බිමේ ඉදන් ශරීරයට එනවා හිතන්න

    ReplyDelete
  35. දවස් 2න් කාටවත් හිත එකඟ වෙන් නෑ. මාසයක් විතර උත්සහ කරන්න

    ReplyDelete
  36. හිත එක්තැන් වෙන එක කරන්නෙ නැතුව කෙලින්ම අනිත් ක්‍රමයට ගියොත් 3rd eye විවර කර ගන්න පුලුවන්?පහදා දෙන්න.ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඒක කරන්නෙපා. හිත එක්තැන් නොකර විවර කරගන්න ගොඩක් අමාරුයි .එහෙම කලත් නිකන් 33000 වෝල්ටේජ් එකක් මොලේට වැදුනා වගේ තමා. සිහි විකල් වෙලා මොලේ සෛලත් පිච්චිලා තුවාල වෙලා තමා නවතින්නේ . ඒ නිසා පුළුවන් උපරිමයෙන් හිත එක්තැන් කරලා ඊළගට අනිත් පියවරට එන්න

      Delete
  37. අපේ ගෙදර බලපු ගොඩක් සාස්තර කියන අය (anjanam balana aya, wishwashaktya pawichchi karana aya) කියනවා අපේ ගෙදර මල යක්ෂණියක් ඉන්නවලු, අපිට එක එක බලපෑම් කරනවලු, ඒ යක්සනිව එලවන්ද ලොකු ගානක් ඉල්ලන නිසා සහ අපේ ගෙදර කට්ටිය ඔව විශ්වාසයක් නැති නිසා මොකුත් කලෙත් නැහැ, මම මේ වගේ ගෙදරක ඉඳන් මේ බාවනවා කලොත් ප්‍රශ්නයක් ඇති weida? කිසිම ප්‍රතිපලයක් ලැබෙන එකක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. බලපෑම් නොකරන යක්කු පෙරතයෝ හිටියට එච්චර ප්‍රශ්නයක් නෑ. බලපෑම් කරන උන් ඉන්නවනම් භාවනාවට උන් අවුල් දානවා .ශක්ති විෂමතා වෙලා පිස්සු උනත් හදවන්න බැරි නෑ. ඕක අයින් කරගෙනම වැඩ කරනවානම් හොදයි.කරන්නම දෙයක් නැත්තම් ශිව දෙවියන්ට හැමදාම හරියට ගෞරව සහිතව වැදුම් පිදුම් කරලා ශිව දෙවියන්ගෙන් ඉල්ලන්න අමනුස්සයගෙන් ආරක්ෂා කරන්න කියල.එහෙම කරන ගමන් භාවනා කරන්න .ශිව දෙවියන්ගේ පිහිට ලැබෙනවානම් ඉතින් මොන යකත් ගේමක් නෑ. හැබැයි ඉතින් පිහිට ලැබෙනවාමයි කියල sure නෑ .දෙවියන්ගේ තීරණ දන්නේ දෙවියොම තමා

      Delete
  38. kohomada shiva dewiyange balma laba ganne?

    ReplyDelete
    Replies
    1. bhawana karanna kalin ho dawase ona welawka shiva thandawa kiyala shiva deviyanta wadinna

      Delete
    2. oba e gana post ekakuth dala thiyenawa dutuwa,bohoma sthuthi,obata pin..

      Delete
  39. අලුත් update එකක් 😀

    ReplyDelete
  40. දයාබර අදිමනසික, ඔබේ පොස්ට් වලට දාල තියන සමහර comment ඔබට කලකිරෙනවා ඇති ගොඩක් අය මේ බාවනවා ගැන උනන්දු අනිත් අයගේ හිත් කියෝනව වගේ කැත වැඩ වලට ආස නිසා, ඒ වගේ කතා නිසා ඔබ අදෛරයට පත්වෙන්න එපා, ඔබේ පොස්ට් වලින් යහපතක් කරන්න බලාගෙන ගොඩක් අය ඉන්නවා එක අමතක කරන්න එපා, කුන්දලිනිය දන්නා අය කොපමණ සිටියත් ඔබ පමණි මෙලෙසින් අනිත් අය සමගින් බෙදාගන්න ඉන්න එකම කෙනා, පොස්ට් එකක් මෙහෙම ලියන එක ලේසි නැහැ, ඔබ මේ කරන දේ නිසා ඔබට කවදාවත් වරදින එකක් නැහැ, ඔබේ වැඩේ දිගටම කරගෙන යන්න,

    ReplyDelete
  41. ඔබ දන්නා ගොඩක් දේවල් තියනවා කුන්දලිනි බවනව පැත්තකින් තියමුකෝ, මම නම් හිතන්නේ හිතන්නේ නැහැ ලංකවේ මිනිස්සුන්ගෙන් 1% වත් හරියට පේ වෙලා දෙවියන්ට පහනක්වත් තියන හැටි දන්නවා කියල, ඉතින් කියල දෙන්න අපිට, හරියට කරන හැටි ඔය දේවල් අනික ප්‍රාතිහාර්ය පාන්න නෙමේ සාමාන්‍ය ජීවිතයට (විශේෂයෙන්ම ඉගනගන්න කොට එහෙම) කුන්දලිනියෙන් තියන ප්‍රයෝජන සහ දෙවියන්ගේ ආශීර්වාද ලබන්නේ කොහොමද කියල පැහැදිලි කියල දෙන්න ගොඩක් වටිනවා,

    ReplyDelete
  42. තවත් දෙයක්, ඔබට පුළුවන් ඔබ කුන්දලිනිය හරහා ලබාගත් අත්දැකීම් අපි ජීවත් වෙන මානයේ සබැ ස්වබාවය ඔබ තෙවන හරහා දුටු ආකාරය, ඔබ දුටු වෙනත් ජීවී කොට්ටාශ ගැන (අමනුශ්ශයන්), විශ්වයේ සබැ ස්වරුපය සහ ඔබේ තවත් දහසකුත් එකක් අත්දැකීම් පොස්ට් කලොත් මිනිස්සු මේ දේවල් හිත කියෝනව වගේ ගොන් වැඩ වලට යොදා නොගෙන ප්‍රයෝජනවත් දේවල් ගවේෂණයට මේ දැනුම යොදාගනී, ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මම කාලයක් තිස්සේ කල්පනා කරනවා ඒ වගේ දේවල් පොස්ට් කරන්න. තාම හරියට අරේන්ජ් කරගත්තේ නෑ කියන නොකියන දේවල්. තව ටික කාලෙකින් බලමුකෝ .. g-)

      Delete
  43. me bhawanawa aniwaryen ekm sthanyaka kala yuthuida...??? mn army eke inne... camp ekedith karala... niwadu gihin gedarath kalata kamak nedda...???
    2)wife ekka lingikawa ekathu wimath mekata balapaida...??? plzzz.. e gena pehedili kirimak denna...

    ReplyDelete
    Replies
    1. එකම ස්ථානයක කරන්න ඕනි නෑ.
      2 -එක ප්‍රශ්නයක් නෑ

      Delete
  44. මම බෝධියක් හෝ ස්ටුපයක් ළග භාවනා (බුදුගුණ භාවනාව) කරන විට නළල මැද නිල් පාටට අකුණු ගසනවා හෝ රිදී පාට ඉරි පෙනෙන්න පටන් ගන්නවා. අවට පරිසරය රත්තරන් පාට වෙනවා. එමෙන්ම කුඩා කළ පටන් රෑට නිදා ගන්න විට නින්ද ගිහින් විනාඩි 3 පමණ පසු විශාල සුදු පැහැති ආලෝකයක් නළල මැදින් මගේ ශරීරයට ඇතුල් වෙනවා දැනෙනවා. එත් සමගම ගැස්සී අවදි වෙනවා. මෙය කුඩා කළ පටන් සැම දිනකම සිද්ද වෙනවා. මෙය තෙවන ඇසට සම්බන්ධ පෙරනිමිත්තක්ද? හෝ සිදුවීමක්ද?

    ReplyDelete
  45. Mn japa malaya magin .. kundalinaya vadana kenek... mage nalala dagalanava vage danenava... bavana va karana samahara velavata nalala athulin tik tik gala sadda yak ahenava... kumakda eyatabhethva..

    ReplyDelete
    Replies
    1. මම ජපමාලෙකින් කුණ්ඩලිනිය වැඩිමක් කියල දීලා නෑ

      Delete
    2. ලෝකයක් හෙවුවා ලෝකයන් හතක් හම්බුනා කාලයත් එක්කම හෙමිහිට එකම දෙයක් අදිශ්ටාන කරගෙන හෙවුවා හොයපු දෙ හමුවෙලා ලෝකයන් තුනක් අතරට ගෙනහිල්ලා කල්පනා ශක්තියක් ඇති කරා සිතු දෙ එසැනින් කල්පනා කරලා බලන්න පුලුවන් ලෝකයක අද ඉන්නවා මටත් සතුටුයි මනසින් දැක්කා දැතින් අල්ල ගත්තා අවසානය දුටුවෙ මා නිවනයි ගුරු තුමෙනි ඔබට ස්තුති වේවා....

      Delete
  46. කාලයක් මම කුණ්ඩලිනී භාවනා කරනව.ඒවයිනුත් මේ තෙවන ඇස සම්බන්ධ භාවනා වලට තමයි මුල් තැන දුන්නෙ.මුලින්ම කලේ සුළඟ එක්ක කරන විදිය.කරපු මුල් දවසෙම නලල නලියන්න වෙලා පුපුරු ගහන්න වගෙ දැනුන..ඊට පස්සෙ ඇඟ දෙපැත්තට පැද්දෙන්න ගත්ත..පස්සෙ ටික කාලයක් භාවනා කරන්න වුනේ නෑ..පස්සෙ ආයෙත් පටන්ගත්තෙ මේ ගින්දර නලල මැද්ං යනව කියල හිතන භාවනාවෙන්..අර මුලින් වෙච්ච දේවල් සේරම එක දිගට වෙන්න පටන්ගතත..කොන්ද දිගේ හිරි වැට්ල යනව.නිකම් ඉන්න වෙලාවටත් නලල පුපුරු ගහනව.ගින්දරක් දැක්ක ගමන් නලල නලියනව.ඒ ගින්දර නලලට ඇදිල එනව වගේ දැනෙනව මට..පස්සෙ දිගට කරං යද්දි නලලෙ පුපුරු ගහන ගතිය වැඩි වෙලා නලලට උලකිං ඇනල හාරන්න වගෙ කැක්කුමක් ආව..එක දිගට දවස් 2 ක් ඒ කැක්කුම එහෙමම තිබුන..පස්සෙ මම ඒ භාවනාව අත්හැරිය..ඒත් ආයෙ මට පටන්ගන්න ලොකු උවමනාවක් තියනව..කරුණාකරල මට උලදෙසක් දෙනන.

    ReplyDelete
    Replies
    1. ඔයා එකපාර පාරවල් දෙක තුනක යන්න හදන හින්ද ඔහොම වෙන්නේ. එක භාවනාවක් එක ගුරුවරයෙක් තෝරාගෙන එකක් කරන්න

      Delete
    2. ඒක ඇත්ත..මම පහන් දැල්ල එක්ක කරන භාවනාව දිගටම කරනව දැං..මට හිතෙනව කලිං වතාවෙ මං ඉක්මන් උනා වැඩී කියල..හැබැයි අර දේවල් වුනාට මම කවදාවත් අකුනු ගහනව වගේ එලිවත් වෙන කිසිම දෙයක්වත් දැකල නෑ..ශාරීරිකව ලබපු අත්දැකීම්ටික විතරයි

      Delete
    3. මුළු ජීවිතේම භාවනාව කරගන්න එපා. භාවනාවට දවසේ ඒක වෙලාවක් තෝරගන ඒ වෙලේ විතරක් භාවනා කරන්න. අනිත් වෙලාවට සාමාන්‍ය ජිවිතේ ඉන්න. උදේ දවල් රෑ තුන් වෙලේම භාවනා කරන්න යන්නෙපා

      Delete
    4. නෑ නෑ මං භාවනා කරන්නෙ රෑ 7 විතර ඉඳං පැය බාගයන් පැයක් විතර තමයි..ප්‍රශ්නෙ තියෙන්නෙ මට එක දිගට හැමදාම කරන්න වෙන්නෙ නැති එකයි. ලඟ ඉඳං උපදෙස් ගන්න හරි ගුරුවරයෙක් නැති කමයි තමයි..මේ භාවනාව ගැඹුරට කරන්න ගුරුවරයෙක් අත්‍යවශ්‍යමද?

      Delete
    5. nene onatharam aya guruwaru nathuwa 3rd eye eragena thiyenawa

      Delete
    6. බොහොම පින්..ගැටලුවක් ආවොත් ආයෙ අහන්නම්

      Delete
  47. මෙීක දියුණු කරගත්තොත් භාෂා ඥානය දියුනු වෙනවාද..? ඉංග්‍රීසි, දෙමල වැනි විෂයන් පහසුවෙන් හැසිරවිය හැකිද?

    ReplyDelete
    Replies
    1. igenagena nathi basha gana danumak laben ne. igenagena thiyena basha hasirawima diyunu wenawa

      Delete
  48. වැදගත් වෙයි කියල හිතෙන නිසා අහන්නෙ. ඇස විවර වූ පසු භාවනා කල යුත්තෙ කලින් ආකාරයටමද ? වෙනත් භාවනා ක්‍රමයක් තියෙනවද

    ReplyDelete
  49. මා දවසක් කුණ්ඩලීනි භාවනාව කරන්න පටන් අරගෙන මුඋලධර චක්‍රයට හිත අරමුණු කරලා විනාඩි 15 විතර යනකොට.ශරීරය කැරකෙනවා වගේ දැනෙන්න දගත්ත.. ඊටපස්සේ හුස්ම වේගයෙන් මට පාලනය කරන්න බැරි ආකාරයෙන් ඉහල පහල ගිය කෙදිරි ගෑවිලා වගේ .. ශාරීරය එකපාරටම දරදඩු උනා ...මම හොදටම බයවෙලා එස්දෙක ඒරිය.. මේ තත්වය බුත බලපෑමක් නිසා එති උවක්ද ???

    ReplyDelete
    Replies
    1. කුණ්ඩලිනි භාවනා කරන්න කලින් පැය භාගයක් හොඳට හිත එක්තැන් වෙන භාවනාවක් කරන්න

      Delete
    2. කුණ්ඩලීනි අවදි වීම තුලින් එතිවන ශක්තිය හරියට පාලනය කිරීමට අසමත උවහොත් ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන බව සත්‍යක්ද...?? ස්වාමි රාමගේ ගොලයෙම් එවෙනි අවස්ථාවකට මුහුණ දුන්න කියලමම අහල තියෙනව..//

      Delete
    3. නෑ නෑ එච්චර ලොකු අවුල් යන් නෑ. කාටහරි එහෙම වෙලානම් ඒ කර්ම විපාකයක් හින්දා. එයා ඒ වෙලේ භාවනා නොකර නිකන් හිටියත් වහල කඩන් වැටිලා හරි මැරෙනවා. භාවනාව නිසා එහෙම දේවල් වෙන් නෑ.හැබැයි වැරදි භාවනාවක් කලොත් අසනීප හදීම් හෝ මානසික ව්යාකුලතා ඇතිවෙන්න පුළුවන්

      Delete
  50. ගිනි දැල්ල දිහා බලාගෙන සිට ඇස් වහගත්තහම සාමන්‍යයෙන් ගිනි දැල්ල පෙනිය යුතු ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද ඔබට ගොඩක් පින්....

    ReplyDelete
    Replies
    1. පහනේ තියෙන ගිනිදල්ලේ විදියටයි පෙන්න ඕනි

      Delete
    2. බොහොම ස්තූතියි

      Delete
  51. Mata kiyla denna puluwnda api bawana krrddi hithanna ona husma nalala haraha gos nalal thalayath molayath athara ethi 3eye haraha gaman krnwa kiyala neda.. nalala haraha gnm krnwa kiyla hithanna therenwa.nalalath molayath athara ethi 3eye haraha gmn krnwa kiyala hithaddi nalath molayath athara ethi 3eye sithin mawaganna awashada? /nethinam nalala haraha gmn krnwa sithima pamanak pramanawathda. ? / 3eye sithin mawagenimedi eyata ayath warnayan e akarayenma mawagena nalala haraha ena husma 3eye haraha gmn krnwa menehi kirima harida? Mage me prashnawalata pilithuru labadenna oyata gdk pin sir

    ReplyDelete
  52. හුස්ම ගන්න කොට හිස් මුදුනෙන් නාභිය ලග තියෙන චක්‍රයට හුස්ම ගිහිල්ල තෙවනි ඇසෙන් පිටවෙනව, ඔය විදියට කරේ.. නලල මැද නලියනව වගේ දැනෙනව මේ දැනුත්. මේ ක්‍රමය වෙනස් කරන්නද? මේ පහන් ක්‍රමයට මන් කරපු ක්‍රමයෙන් මාරු වෙන්න ඕනිද? ඒ සඳහා පිලිවෙල කියන්න පුලුවන් ද කියල ඉතාමත් ගුරු ගෞරවයෙන් යුතුව ඉල්ලනව.

    ReplyDelete
    Replies
    1. නලියනවා දැනුනට ඕක කරලා වැඩක් නෑ. ගින්දර හුස්ම ජලය 3න් තමන්ට ගැලපෙන එක තෝරාගෙන මම දාල තියෙන භාවනාව කරන්න. හුස්මට සම්බන්ධ භාවනාවක් කරලා තියෙන හින්ද හුස්ම කරන එක හොදයි. මම මේ පොස්ට් එකේ ලින්ක් දාල තියෙනවා. ඒක බලලා එකේ තියෙන දේවල් මුල ඉදන් කරන්න

      Delete
  53. Third eye open wenna kochchara kalayak giyada?

    ReplyDelete
    Replies
    1. eka ekkenata gatha wana kaalaya wenas. samaharunta aurudu ganan yanawa. mata sathi 2i

      Delete
  54. ගිනි දැල්ල හොදින් පෙනවා උනත් ගිනි දැල්ල නලල හරහා ඇතුලට පිටතට ගෙනියන්න බැහැ ගිනි දැල්ල මගේ ඇස් මට්ටමින් උඩට ගිහින් දැල්ල නැති වෙනවා

    ReplyDelete
    Replies
    1. හිත එක්තැන් කරන එක තව ගැඹුරට කරලා තෙවැනි ඇස හරහා ගෙනියන්න

      Delete
  55. Kundalini awadi kirime bawanawa udeta karala reta teweni esa viwara karana bawanawa karata kamak nedda sir

    ReplyDelete
    Replies
    1. ඔහොම කරන එක ලෙඩ රෝග , මානසික විකෘති වලට අතවැනීමක්

      Delete
  56. guruthumani..man pahana samaga bawana karaddi es piya gattama mata della nalala meda penawa adui.et pahana netuwa bawana karaddi(lokema tiyena gindara gena hithagena,ewa 3rd eye ekata edila enawa kiyala hithan bawana karaddi)mage nalala meda gini dellak hodata dilisenawa penawa.wedi pura bawana karaddi e della nil patata herenawa.hitha palanayak neti unama della kalu pata wela neti wela yanawa.ai hitha sanwara unama mula idan della dilisenawa kahapatata.ai tikakin nil pata wenawa.ai e?

    ReplyDelete
    Replies
    1. raula kapana dali pihiyenma bella kapagannath puluwan. bhawanath e wage. bhawana waraddagaththoth wenne maanasika wikruthi athi wena eka. visheshayen me wage hithin dakim thiyena ewa. oya karala thiyenne mama kiyala thiyena bhawanawa newei. oya oya athdakala thiyenne hithin mawala pennana manovikarayak. ekadigatama tmanta hithena hithena bhawana karanna giyot manasika rogiyek welai nawatinna wenne.

      Delete
  57. iye re man kundalini bawanawa karaddi man vishwa shakthiya chakra athara yeuwa oba thuma kiuwa vidiyata.et tika welawakin e vishwa shakthiya kalu pata nayek una..man bawanawa nawattaddi e naya gihin kodu eta peliye pahalata evith dagara gaha gatta.ai e?

    ReplyDelete
    Replies
    1. apahu e bhawanawa karannepa. maasa 3k yanakam mona bhawanawakwath karannepa. masa 3kin passe maitree, buddhanussathi ho aanaapaanasathiya bawana 3n 1k karanna

      Delete
  58. man karapu warada mata den terenawa guruthumani.mata guruwarayek idiya nam hodai kiyala hithenawa.mokada mata den bawana siyalla petalilai tiyenne.oba thumata beri nam me sambandawa danna oba thuma wage guruwarayek mata soya denna.oba thumata pin me gena terum kalata.obage guruthumatat.

    ReplyDelete
    Replies
    1. man dala tiyena post hariyata kiyawala ewaye tiyena dewal hariyata karanna

      Delete
  59. man kawadawat 3rd eye bawanawa/kundalini bawanawa karanna epada?

    ReplyDelete
    Replies
    1. masa 3k mukut karannepa. ita passe masayak witara ara 3n ekak karanna. ewain hodata hita ektan karagattata passe kundalini bhawana man kiyala tiyena vidiyata mula idala karanna

      Delete
  60. bohoma pin oba thumatat obage guruthumatat.

    ReplyDelete
  61. Mahathmaya ,mata dana ganna podi dewal kipayak thiyanawa,
    1.Ishawra dewiyan shiwa dewiyan wahase kiyanne ekama dewiyan wahanse kenekda.
    2.Ethuman Sakra dewiyan wahanse wage divya thalayaka pradana dewiyanwahanse kenekda,
    3.Ethuman Buddusarana giya dewiyan wahasekenekda.
    4.Api ethumanwa pictureswala dakina swabawawenda wedawesenne.

    Mahathmaya Third eye eken dakapu dewal ape ayata kiyanawanam hodai kiyala mata hithenawa.Mokada akusal karana minissu danne na ewa walin koiwidiha wipaka wenawada kiyala.Pin karanna eka ashirwadayak wei.

    Mahathmayata Nirwana darmayama Labewa kiyala mama prarthana karanawa.Theruwan saranai.

    ReplyDelete
  62. 1 ekama kena .awathara 2k
    2 diwya lokayaka pradhaniyek neweyi.e unata diwyaloka 5nma inna wadimahalma, balawathma , pin adhikama dewiwaru atharin pradhani devikenek
    3 budusarana giya kenek neweyi e unata budunta garu karanawa. ishwara deviyan buddhathwayata pathwena dewi kenek. bodhisathwawaru wenath budu kenek sarana yanne ne
    4 pinthura wala thiyenne minissu issarahata penna ena vidiya. ekiyanne waram thiyena ayata , anjanam walata pena vidiya. aththata wada inneth boho welawata e swarupen. samahara welawata samanya deva swarupenuth innawa

    mage athdakim kiyanna adahasak thiyenawa.taama welawak hambun ne. ida thiyena welawaka dannam

    ReplyDelete
    Replies
    1. Thank you very much mahathmaya

      Delete
    2. ඔබතුමාගෙ මතකයන් සහ අත්දැකීම් අපහා සමග යලි බෙදාගන්න ලැබේවා අපටත් ඒ පින ලැබේවා කියලා මා පතනවා ගුරුන් වහන්ස

      Delete
  63. Mahathmaya mata thawa deyak danaganna ona wela thiyanawa.3rd eye experience gana mama you tube eke baluwa. Foreignerslage athdekim thamai thiyenne.Ethada boruda nam danne ne.Eth samahara aya e gana kathakaranne bayen wage.Penne nethi aya kathakaranawa wage kiyalai samahara aya kiyanne.3rd eye develop unama amanushyainta apegawata enne lesi wenawada.eyalata apita balapem karanna lesiwimak wenawada.Nathnam apata eyalawa pena eka witharada wenne.

    ReplyDelete
    Replies
    1. ehema vikara wenne ne. mona bhawanawen unath sarthaka unama wenne amanushyanta wada thamanwa balawat wena eka. third eye erunama amanussayanwa dakinna puluwan. ehema kiyala nkan holman wenawa wage vikara wenne ne.owa boru katha

      Delete
  64. මහත්මයාණෙනි, මාහට භාවනාව වැඩීමට හැකිවන්නේ සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රිය ආසන්න වේලාවන් හීදියි.මා අසා තිබෙනවා අවේලාවේ දල්වන මෙවැනි පහන් ආදිය වටා විවිධ අමනුෂ්‍ය ආත්ම එකතු විය හැකි බව. මෙම කාරණයක් සත්‍යක්ද,සත්‍යක් නම් ඔවුන්ගෙන් අපට කරදර බාධක සිදුවිය හැකිද ???

    ReplyDelete
    Replies
    1. ඒක ප්‍රශ්නයක් නෑ. භාවනා සඳහා දල්වන පහන් වලට අමනුශ්‍යන්ට එන්න අවසරයක් නෑ. ආවත් භාවනාවට භාදා කරන්න බෑ කරදර වෙන්නෙත් නෑ. හිතට හරි නෑ වගේනම් භාවනා කරන්න කලින් පහන හෝ ඉටිපන්දම බුදුන්ට පුජා වේවා කැප වේවා කියල හිතන්න.

      Delete
  65. Mahathmaya api husma kramayata bawabawa wadanakota ,Api hithanna ona eliyen thiyana husma kelinma nalala haraha thewena esa haraha athuluwela e widihatama pitawenawa kiyana eka neda.Nathuwa nasayen athulwena husma nalala haraha thewana ese haraha yanawa kiyala nemei neda.

    ReplyDelete
    Replies
    1. Nikan inna welawata ai ekaparatama nilpata eliyak paththu wenne hariyata nikan lesar ekaka thithak wage samanya asata penawa e mokada e

      Delete
  66. Guruthumani,tika kalayak thisse 3rd eye bavanava karala akaparatama nathara karala apahu patangannavanam patan ganna kota mulinma karanna mokak hari vishesha deyak thiyenavada?naththan apahu purudu vidihatama karannada?

    ReplyDelete
  67. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එහෙම බයක් එන්නේ නෑ

      Delete
    2. ඔබතුමාට ගොඩක් පිං.
      බුධුසරණයි

      Delete
  68. යෝගී තුමනි තව දෙයක් මට දැනගන්න අවසර
    රාත්‍රියට (රාත්‍රී 9 පසුව) බුදුන්ට පහන තියා ඒ පහන දිහා බලාගෙන මෙම භාවනාව කරාට කමක් නැද්ද ?

    ReplyDelete
  69. මම විදර්ශනාව කරනවා. මට ඔය අස්ථිය නළල මද දැනිලා තියෙනවා. රත් වෙලා ශක්තියක් ලෙස පහලට. මට තේරෙන්නේ නැහැ මට ලැබිල තියෙන දේවල් මොනාද සහ ඒවා වලින් වැඩ ගන්න හැටි. Pls කියල දෙන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. ලැබිල තියෙන දේවල් තේරෙන්නේ නෑ කියන්නේ මුකුත් ලැබිලා නෑ කියන ඒක.
      විදර්ශනා වඩනකොට මේවා දැනෙන්න විදියක් නෑ. මොකක්ද කරන විදර්ශනා භාවනාව?

      Delete
  70. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  71. පසසනා 3ක් වඩනවා මේඩ් එකේදී. මාර්ග පල ලාබියෙකුට මෙසේ තෙවෙනි ඈස විවර කර ගත හැකිද?

    ReplyDelete
  72. කායානු, වේදනානු චිත්තානු පස්සනා 3 තමා වඩන්නේ

    ReplyDelete
    Replies
    1. කොහොමද ඒවා කරන්නේ. භාවනා කරන විදිය ටිකක් විස්තර කරන්න

      Delete
  73. dura idam balanna berida me bhawanawa karala kundalina shakthiya awadi kara ganna puluwanda brrida kiyala.

    ReplyDelete
  74. Mahathmaya,,,Third eye bawanawa den mama masa 1.5 withara inadn karanawa.patangaththa daaswala inadan bawanawa karanakota third eye eka hariya naliyanawa.thamath e wagema godak naliyanawa.husma gana hithanne nethuwa third eye diha nikan balan hitiyath nalala naliyanawa.mul dawaswala oluwa ridena ewa tikak thibba.dennam oluwa ridenne ne..mama me karana widiha hari neda.

    ReplyDelete
  75. mahathmaya ,pagugiya dawaswala rawana rajuruwo negittawanawa kiyala videos wagayak gihin thiyanawa.mama ewa denui beluwe.e ladyta devikenk karanna ona dewal kiyanawa kiyala thamai kiyanne.samaharawita third eye da danne ne.Ewage deyak karanna puluwanda.obathuma me dewal gana danna nisa ahanna mathak una..

    ReplyDelete
  76. මේ භාවනාවේ දී පහනක් වෙනුවට කුඩා විදුලි ලාම්පුවක් හෝ බල්බයක් යොදා ගත්තට කමක් නැත්ද

    ReplyDelete
  77. 1. Samarpan Meditation method ekka kundali shaktiya atti kara ganeemata honda bawana method ekkakda?
    2. Obba tumata mei ma blog site ekka hara wenna site tibeida?

    ReplyDelete
  78. Samarpan bawanawa margin ke-renne sitta thoughtless bawata path kara gena crown chakra wetha sitta focus kara gena siteema. mei-ma bawanawa ka-ranna pra-tha-mayen mantharayak (omm ....) kiyanawa crown chakra ya focus karamin. Mema bawanawa tulin siyalu chakra awadi wenna bawa kiyanawa. Below link ekka hi wadi wistara tiyanawa. Mama Samarpan bawana workshop ekka kata (in north america) langa-di saha-bar-gi unna. Obba tuma samaga share kranna situna. https://samarpanmeditation.org/

    ReplyDelete
  79. Obathumata Rawana rajun gana article ekak karanna puluwanda.Ape athithaya gana wisthara me wenakota godak wenaswela thiyanawa kiyalai mata den therenne.Apata ape athithaya gana godak dewal hariyata denaganna lebila ne kiyalai mata hithenne.Ape athithaye thiyana godak dewal Rawana rajugen apu dewalneda.Puluwan nam article ekak karanna.

    ReplyDelete
  80. mata danaganna puluwanda girl kenekta oyabaawanaawa karanna hodaida kiyala....? thewani asa wiwara karaganna gahanu lamaintath puluwanda ..??

    ReplyDelete
  81. yogithumani,husma kramayedi mul dawas wala 3rd eye thiyena thanak peenne nane.ethakota nikanma husma nalala haraha enawa witharak hithuwanam athida?

    ReplyDelete
  82. Sir,man 3d eye bahawanwa wadnwa husma kramaya magin.bwanawa krnna kalin anapanasati bwanwa karla 3d eye bwanawa krata kamk ndd?
    3d eye post eke sadahn wenwa 3d eye wiwra kragttama thunkal dakeeme hakiywan labenwa kiyl.thunkal dakeema yanuwen adahas karnne kumkd kiyl pahadili karl dent puluwnd gurthumani.

    ReplyDelete
  83. Igena ganna kenekta sitha ek than karanna ginidhalla dihaa witharak menehi kalaata kamak naa neda???
    Godak ayata sitha eka thanaka naa padam karanna.

    ReplyDelete

Post a Comment