Featured Post

About me



කුණ්ඩලිනි යෝග ශ්‍රීලංකා අන්තර්ජාල අවකාශයේ සිංහල බසින් කුණ්ඩලිනි යෝග හා භාවනා පිළිබඳ දැනුම ලබාදෙන ප්‍රථම හා එකම බ්ලොග් අඩවියයි. යෝග, ප්‍රාණයාම, කුණ්ඩලිනි යෝග, භක්ති යෝග, යෝග භාවනා, බෞද්ධ භාවනා ආදී සියළු ආධ්‍යාත්මික පැතිකඩ ඔස්සේ නිවැරදි දැනුම ලබාදීම කුණ්ඩලිනි යෝග ශ්‍රීලංකා මගින් දශකයකට ආසන්න කාලයක් තිස්සේ සිදුකරමින් සිටියි.

භාවනාවට ආධුනිකයන්ගේ සිට පුහුණු යෝගීන් දක්වාත් කුඩා ළමුන්ගේ සිට වැඩිහිටි වියතුන් දක්වාත් සමාජයේ සියළු කොටස් නියෝජනය කරන සියළු දෙනා හට සරලව නිරවුල්ව යෝග හා භාවනා දැනුම ලබාදීම බ්ලොග් අඩවිය හරහා සිදුකරනු ලැබේ. සාමාන්‍ය යෝග හෝ භාවනා තොරතුරු දැක්වීමෙන් ඔබ්බට ගිය අපගේ බ්ලොග් අඩවිය තුලින් කුණ්ඩලිනි ශක්තිය අවදි කිරීම, ධ්‍යාන පුහුණු වීම ආදී උසස් ආධ්යාත්මිය ඉලක්කයන් වෙත අවුරුදු පහළොවකට ආසන්න කාලයක පළපුරුද්ද ඔස්සේ පාඨකයන් පුහුණු කිරීම සිදුකරනු ලැබේ. තවත් එක් කියවීමකින් නතර නොවී ප්‍රායෝගිකව ජිවිතයේ භාවිත කර අත්දැකීමෙන් උසස් ආධ්යාත්මිය තත්ත්වයන් අත්විඳීමට මගපෙන්වීම අපගේ අරමුණයි.