Featured Post

භාවනා කරන ඔබ මේ දින වල කළ යුතුම අධිෂ්ඨානය !

 


භාවනා කරන සිත දියුණු කරන යෝගීන් මත මේ දිනවල පැටවී ඇති විශාල රාජකාරියක් තිබෙනවා. ඒ මෙම අධර්මිෂ්ඨ පාලකයන් බලයෙන් පහ කිරීමට ඔබගේ චිත්ත ශක්තිය යොමු කිරීම. භාවනානුයෝගීන් කියන්නේ තමන්ගේ රටට විනාශයක් වන විට ගල් ගුහා වලට වී මෙත් වඩමින් සිටින පිරිසකට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පවා තමන් වහන්සේගේ ශාක්‍ය කුලය නැසීමට පැමිණි විදුඩභ සටනට යන අවස්ථාවේදී ඔවුන්ගේ මග අහුරා සිටිමින් ඔවුන් වලක්වා ධර්ම දේශනා කොට ඔවුන් තෙවරක් නැවත හරවා යැවුවා. 
අතීත ඍෂි වරුන් පවා තමන්ගේ දේශයට විනාශයක් වන විට චිත්ත බලයෙන් අධිෂ්ඨාන කරමින් යාග කරමින් දේවාරාධනා කරමින් එම විනාශයන් වැළක්වුවා. අසරණ මිනිසුන් හට සමාජයට වින කරන අධර්මිෂ්ඨයන් හට ශාප කර ඍෂිවරුන් අධර්මිෂ්ඨයන් මර්ධනය කළා.

ඒ ලෙසින් මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකික සියලු භාවනානුයෝගීන් මෙම අසංවේදී අධර්මිෂ්ඨ දුර්දාන්ත පාලකයන් පහ කිරීමට මහජනයා සමග අත්වැල් බැඳගත යුතුයි. ඍෂි වරුන්ගේ හා යෝගීන්ගේ සියලු කාර්යයන් මෛත්‍රී කිරීමෙන්ම විසදන්න හැකියාවක් නෑ. අවශ්‍ය අවස්ථාවේදී විසෙන් විස නැසීමට චිත්ත බලය යොදාගත යුතුයි. ඒ තුලින් කිසිවෙකුටත් පවක් සිදුවෙන්නේ නෑ.

මේ ව්‍යසනයේදී "මේවා ලෝක ධර්මතා, මේවා මිනිසුන්ගේ කර්ම විපාක, මේවාට අපි මැදිහත් විය යුතු නෑ" කියා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ නිවටයන් පමණයි. තමන්ගේ මව දුෂණය වන විට අහක බලා සිටින නිවට යෝගී භාවයකින් ඇති කිසිදු වටිනාකමක් නෑ. ඒ නිසා මේ මොහොතේ සියලු දෙනා මේ වන විට අරගලයේ යෙදෙන දහස් ගණනක් අසරණ මිනිසුන් සමග එකතු විය යුතුයි. ඒ පාරට බැහිමෙන් නෙවෙයි තමන්ගේ චිත්ත අධිෂ්ඨාන බලය නිවැරදි ලෙස යොමු කිරීමෙන්.

ඔබ කල යුතු දේ 

සිල්වත් භාවනානුයෝගීන්ගේ අධිෂ්ඨාන බලයෙන්  මෙම අධර්මිෂ්ඨ පාලනය බලයෙන් පහකර විසි කර දැමීමේ හැකියාව තිබෙනවා.
ඒ සඳහා සිත දියුණු කරන ඔබ මුලින්ම ස්ථිර ශීලයක පිහිටිය යුතුයි. 
ඉන්පසු ඔබ දිනපතා  භාවනා කරන වෙලා වලදී භාවනා කිරීමෙන් පසු මේ කරුණු දෙක සිතමින් නැවත නැවත අධිෂ්ඨාන කල යුතුයි 

" නිර්මල බුදුදහම පවතින මේ සුන්දර භුමිය විනාශ කර සම්පත් සොරාකමින් අසරණ මිනිසුන්ට බඩට ආහාරයක් ලෙඩකට බෙහෙතක් නැති කල අධර්මිෂ්ඨ දුර්දාන්ත පාලක පවුලේ සියලු දෙනා ඔවුන්ට ඇති සියලු තනතුරු වලින් හා බලයෙන් පහ වේවා!!! ඔවුන්ගේ පාපී ක්‍රියාවන්ට උපකාර කරන මන්ත්‍ර ගුරුකම් කාරියන්ට විනාශය උදාවේවා!!! 

අදාළ පුද්ගලයන්ගේ නම් ඇතුලත් කර මෙම අධිෂ්ඨානය කිරීම වඩාත් සුදුසුයි. 


මේ විදියට අධිෂ්ඨාන කරන ගමන් සිරිලකත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන සක්‍ර දේවේන්ද්‍රයන් හටත් පින් අනුමෝදම් කර මේ අරමුණු ඉෂ්ට කර අපේ රටට යහපත් පාලක පිරිසක් ලබාදෙන්න කියා ඉල්ලීමත් කරන්න.

#gohomegota2022


මෙම අධිෂ්ඨානය තරහින් කල යුතු දෙයක් නෙවෙයි. මෙය කිසි කෙනෙක් ට ඇති තරහක් නිසාවත් පෞද්ගලික අවශ්‍යතාවක් නිසාවත් කරන දෙයක් නෙවෙයි අන්ත අසරණ වී ඇති මිනිසුන් වෙනුවෙන් හා සෞභාග්‍යමත් රටක් වෙන්න ඕනතරම් අවස්තාව තිබියදී අන්ත පිරිහීමකට ලක්වී ඇති අපේ රට වෙනුවෙන් අනිවාර්යයෙන් ඉටු කල යුතු වගකීමක්. සිල් නොරකින්නන් හට භාවනා නොකරන්නන් හට මේ කාර්යය රට වෙනුවෙන් ඉටුකිරීමේ හැකියාවක් නෑ. මෙය සිදුකරන්න පුළුවන් වෙන්නේ සිල්වත් භාවනානුයෝගින් වන ඔබට පමණයි. ඒ නිසා රටටත් අසරණ ජනතාවටත් ඔබව අත්‍යවශ්‍ය වී ඇති මොහොතේ මේ වගකීම පැහැර හරින්න එපා...


Comments

  1. Rawana rajathuma gana hamadema Denna puluwandda.

    ReplyDelete
  2. ගරුකරන පුද්ගලයන්ට (සම්මා සම්බුදු රජානන් වහන්සෙට,සන්ඝ රත්නයට ,බොසතුන් ගිහිකල නැදැයන්ට දෙවිවරුන්ට,මාගේ දෙමව්පියන්ට) හිතෙන්න පුලුවන් නරකම දේවල් හිතෙන්නෙ අයි
    මට බුදුන් වදින්න වත් බැ එපා වෙලා තියෙන්නෙ මම මේකට මොකද කරන්නෙ

    ReplyDelete
    Replies
    1. ibema hariyai. oka hithata wadyak karaganne nethuwa amataka krala wadinna

      Delete

Post a Comment