Featured Post

සක්‍ර දෙවියන්ට නිවැරදිව පහන් තබන ආකාරය God Sakra Worship

සක්‍ර දේවේන්ද්‍ර වන්දනා ගාථා මන්ත්‍ර


සක්‍ර දෙවියන් යනු තාවතිංසා හා චාතුර්මහාරාජික දෙදෙව් ලොවට අධිපති හා සියලු දෙවියන්ගේ නායක දෙවියන්. දෙදෙව් ලොවට අධිපති ලෙස හැදින්වුවත් සියලුම දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක වල තීරණ ගන්නේ සක්‍ර දෙවියන්ගේ අනුදැනුම යටතේ. විවිද දිව්‍යලෝක වල මුලික තනතුරු දරන්නේ විවිද දෙවිවරු උනත් සියලු දිව්‍යලෝක හා මනුෂ්‍ය ලෝක වලට අදාළ තීරණ ගන්නේ සක්‍ර දෙවියන්. බලයෙන් හා පිනෙන් බලවත්ම දෙවියන් වන්නේ සක්‍ර දෙවියන්. මේ නිසාම සක්‍ර දේවත්වයට පත්වීම පහසු වන්නේ නෑ. බොහෝ විට සක්‍ර දේවත්වයට පත් වෙන්නේ බුද්ධත්වයට හෝ පසේ බුද්ධත්වයට පත්වන බෝධිසත්වයන් වහන්සේ නමක් . එයට  හේතුව සක්‍ර දෙවියන්  වෙන්න නම් අනිත් දෙවි වරුන්ට වඩා පින් අධික විය යුතුයි,  සියලු දෙවියන් නමස්කාර කරන්න කැමති කෙනෙක් විය යුතුයි, ආලෝකය තේජස රශ්මි මාලාව  අනිත් දෙවි වරුන්ට වඩා ප්‍රභල විය යුතුයි . එහෙම නැත්තම් සක්‍ර දෙවියන් ගන්න තීරණ වලට අනිත් දෙවි වරු එකඟ වෙන්න තියෙන ඉඩ අඩුයි. සක්‍ර දෙවියන් වීමට පින විතරක් තිබීම ප්‍රමාණවත් වන්නේ නෑ . පින වගේම දිව්‍යලෝකයේ  ජ්‍යෙෂ්ට දෙවියෙකු වීම (ඉතා ඈත අතීතයේදී දෙව්ලොව ඉපදී බොහෝ කාලයක් තිස්සේ දෙවි කෙනෙකු ලෙස සිටීම) හා දිව්‍යලෝක මනුෂ්‍යලෝක වල ගැටළු හා යුද්ධ පාලනය කරන්න පුළුවන් අත්දැකීම් සහිත වීමත් අවශ්‍යයි. සක්‍ර දෙවියන් පිනට කැමති ගුණවත් පුද්ගලයන්ට කැමති සම්‍යක් දෘෂ්ඨික ශාසනාරක්ෂක දෙවිකෙනෙක්.


සක්‍ර දෙවියන් පිළිබඳව සම්පුර්ණ තොරතුරු සහිතව ලිපියක් පෙරදී පලකලා. එම ලිපිය කියවීමට :- ( මෙතන ක්ලික් කරන්න )

සක්‍ර දෙවියන්ගේ වජ්‍රායුධය පිළිබඳ ලිපිය කියවීමට :- ( මෙතන ක්ලික් කරන්න )



මිනිසුන්ගේ ජිවිත වලට විවිද ගැටළු දුක් කරදර ඇතිවෙනකොට "අහසේ දෙවියෝ නෑ" "දෙවියන්ට මේවා පේන්නේ නැද්ද" කියමින්  අවලාද කලාට දෙවියන්  මිනිසුන් දිහා බලන්නේ නෑ. මිනිස් ලෝකේ දේවල් පාලනය කිරීම දෙවියන්ගේ වගකීමක් නෙවෙයි. මිනිසුන්ට පාලනය කරගන්න බැරි වෙන අවස්ථා වල මැදිහත් වීමක් සිදුකරනවා මිසක් දෙවියන් මත මිනිසුන්ට පිහිට විය යුතුයි කියා දෙවියන් මත වගකීමක් පැටවී නෑ. ඒත් මිනිසුන් දෙවියන් වන්දනා කර පින් අනුමෝදම් කර දෙවියන්ගෙන් යමක් ඉල්ලනවානම් දෙවියන් ඒ දේ ඉෂ්ඨ කර දෙනවා. "දෙවියන් මෙසේ කරත්වා එසේ කරත්වා" වැනි  ප්‍රාර්ථනා කිරීමෙන් පලක් නෑ. "දෙවියනි මේ දේ ඉෂ්ඨ කර දෙන්න" ලෙස ඉල්ලීමක් සිදු කලොත් දෙවියන් ඉල්ලීමට උපකාර කරනවා. බොහෝ දෙනෙක් දෙවියන් අපට පිහිට විය යුතුයයි සිතා සිටිනවා. ඒ වගේම සිල්වතුන්ට ගුණවතුන්ට දෙවියන් වන්දනා කරන බව ධර්මයේ සඳහන් වන නිසා දෙවියන් තමන්ට වන්දනා කරනවා යයි සිතා සිටිනවා. දෙවියන් බවට පත් වන්නේ මිනිස් භවයන් වලදී ඉතා ගුණවත්ව සිල්වත්ව ඉදිමින් පින්කම් කල සිල් ආරක්ෂා කල ධ්‍යාන වැඩු පුද්ගලයන්. එවැනි උතුමන් දවස් දෙක තුනක් සිල් රැක්ක පමණින් මිනිස්සුන්ට වන්දනා කරන්නේ නෑ. ඒත් ස්ථිර සීලයක පිහිටලා ඉන්න ඒ වගේම ගුණවත් කමෙන් යුක්ත මිනිසුන්ට සක්‍ර දෙවියනුත් වන්දනා කරන බව බුදුරජාණන් වහන්සේ හමුවේ සක්‍ර දෙවියන් ප්‍රකාශ කරපු අවස්ථා ධර්මයේ තිබෙනවා. සිල්වත්ව ගුණවත්ව පින්කම් කරමින් දෙවියන් වන්දනා කර දෙවියන්ට පින් අනුමෝදම් කරන්නන් දෙවියන්ගෙන් ඉල්ලීමක් සිදුකලොත් දෙවියන් ඊට පිහිට වනවා. භාවනා කරන ධ්‍යාන වඩන පුද්ගලයන් හට නිතැතින්ම දෙවියන් පිහිට වනවා.

සක්‍ර දෙවියන් හට පහන් තැබීම මගිනුත් සක්‍ර දෙවියන්ගේ පිහිට උදාකරගන්න පුළුවන්. කීපදෙනෙක්ම ලිපි වලදී හා ෆේස්බුක් පේජය පේජය තුලදී සක්‍ර දෙවියන් හට පහන් තැබීම සිදු කරන ආකාරය අසා සිටි නිසා මෙම ලිපිය මගින් ඒ පිළිබඳව සවිස්තරව දැනුවත් කිරීම සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.


සක්‍ර දෙවියන්  සියලු දෙව්ලොව සියලු දෙවියන් අතරින් ඉතාම බලවත් දෙවි කෙනෙක්. විශ්වයේ මනුෂ්‍ය දේව බ්‍රහ්ම අසුර මාර ආදී සියල්ලන් අතරින් වැඩියෙන්ම බලවත් හා අධිකම ශක්තියක් දරන අය වෙන්නේ මහාබ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර සක්‍ර දේවේන්ද්‍ර හා ආදී ශක්ති දුර්ගා මෑණියන් යන දෙවියන් පස් දෙනා. මොවුන් අතරින් ඉක්මනින්ම වෙනස් වන තනතුර වන්නේ සක්‍ර දේව තනතුර. බොහෝ දෙනෙක් බ්‍රහ්ම විෂ්ණු ඊශ්වර දෙවිවරුන් තනතුරු නොව පුද්ගලයන් යයි සිතා සිටියත් ඒවාත් දේව තනතුරු කීපයක්. නමුත් ඒවා හොබවන දෙවියන් හා බ්‍රහ්මයන් වෙනස් වන්නේ කල්ප ගණනකට එක් වරක් වැනි ඉතාම දුර්ලභව. ඒවා වෙනස් වන තනතුරු වුනත් ඒවා සදහා පත්වන දෙවිවරුන්ගේ ලක්ෂණ ඉතාම සමානයි. මේ කාරණය වෙනත් කිසිදු මුලාශ්‍රයක නොමැති පළමු වරට මේ ලිපියෙන් හෙළි කරන සක්‍ර දෙවියන් විසින් හෙළි කරන ලද කරුණක්. වේද ග්‍රන්ථ වලවත් මේ කරුණ සදහන් වෙන්නේ නෑ. සක්‍ර දේව තනතුර එක කල්පයක් ඇතුලත වුනත් ඉතා විශාල වාර ගණනක් වෙනස් වනවා. බුද්ධ පරිනිර්වාණයේ සිට මේ වනවිට සක්‍ර දේවත්වයට දෙවිවරුන් කිහිප දෙනෙක්ම හොබවා තිබෙනවා.

සක් දෙවියන් වන්දනා ගාථා 


ලංකාවේ ප්‍රචලිත නැති වුනත් සක්‍ර දෙවියන් වන්දනා කිරීම තායිලන්තය වැනි රටවල ඉතාම බහුලව සිදුවෙනවා. සුමන සමන්, ශ්‍රී විෂ්ණු, සිද්ධ පත්තිනි, කතරගම ආදී දෙවිවරුන් සෞම්‍ය දෙවිවරුන්. සිද්ධ සුනියම්, දැඩිමුණ්ඩ, මහසොහොන්, කඩවර, කාලි ආදී දෙවියන් රුද්‍ර දෙවිවරුන්. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේත් අඩංගු වෙන්නේ සෞම්‍ය දේව කාණ්ඩයට. සෞම්‍ය දෙවිවරුන් රෞද්‍ර දෙවිවරුන්ට වඩා දඩුවම් කිරීම් ආදියේදී මෘදු පිළිවෙත් අනුගමනය කරනවා. වැරදි කිරීම් වලදී සමාව දීමට වැඩියෙන් නැඹුරු වෙනවා. නමුත් එකෙන් අදහස් වෙන්නේ නෑ ඔවුන් කිසිම දඩුවමක් නොකරන දෙවියන් කියලා. ඔවුන් ප්‍රචණ්ඩ ස්වභාවයට පත් වුනොත් අන් සියලු දෙනාට වඩා භයානක ප්‍රතිපල අත්වෙන්න පුළුවන්. ඒ නිසා මොන දෙවියන් හට වුනත් පහන් තැබීමේදී සියලු වත් පිළිවෙත් සම්පුර්ණයෙන් දැනගෙන නිසියාකාරව එය කල යුතුයි. දෙවියන් වැඩමවීමට අකමැති  මිනිස් ලෝකයට මනුෂ්‍යයෙක් වෙනුවෙන් වැඩමවීමේදී දෙවියන් නොසතුටු නොවන ලෙසට තමන්ගේ කටයුතු වගබලාගත යුතුයි.

පහන් වලට දේවාල වලට දෙවියන් වඩින්නේ නැති යයි සමහර පණ්ඩිතයන් කීවත් දෙවියන් වැඩමවීමත්, දෙවියන් වෙනුවට දෙවියන් යටතේ සිටින දෙවිකෙනෙකු හෝ යක්ෂයෙකු පැමිණීමත් ඕනෑතරම් සිදුවෙනවා. නිවැරදිව පහන් තැබීමේදී භූමාටු දෙවි කෙනෙකු හෝ දෙවියන් වෙනුවට පැමිණෙනවා. දෙව්ලොව දෙවියන් වැඩමවීම සිදුවන්නේ ගුණවත්ව ජිවත් වෙමින් ඉතා පිරිසිදු ලෙස පිළිවෙත් පුරමින් කටයුතු කිරීමේදීයි. කිසි දෙවිකෙනෙක් එන්නේ නෑ එන්නේ පෙරේතයෝ භූතයෝ යයි කීම ඉතාම අසත්‍ය මතයක්. තමන් අපිරිසිදුව හෝ අඩුපාඩු සහිතව කටයුතු කලොත් දෙවියන් වැඩම නොකිරීම නිසා පහනට බහිරවයන් භූතයන් අරක් ගැනීම සිදුවෙන්න පුළුවන්. එසේ සිදුවන්නේ තමන්ගේ අඩුපාඩු නිසා පමණයි.

 සක්‍ර දෙවියන් දෙදෙව්ලොවට අධිපති දෙවියන්ට නායක වන දෙවියන්. ඒ නිසා  සක්‍ර දෙවියන්ට පහන් තැබීම වෙනත් දෙවිවරුන්ට පහන තබනවාට වඩා ගෞරව පුරකව කල යුතුයි. ලංකාවේ පලවෙනි වරට සක්‍ර දෙවියන්ට පහන් තැබීම ගැන විස්තර කරන්නේ මේ ලිපියෙන්.


1. බොහෝ දෙවියන්ට තබන පහන් පැල හදන්නේ තමන්ගේ හදවත මට්ටමට උස එන විදියට. නමුත් සක්‍ර දෙවියන් හට තනන පහන් පැල තිබිය යුත්තේ තමන්ගේ මුහුණ මට්ටම හෝ ඊට ඉහලින්. මුහුණ මට්ටමට පහලින් පහන තැබුවොත් අනිවාර්යෙන් පහන බහිරවයන්ට අයිති වෙනවා. එවිට සිදුවන්නේ පහන් තබා තමන්ගේ ජීවිතය විනාස කරගැනීම පමණයි.

2. සක්‍ර දෙවියන් අයිති වන්නේ නැගෙනහිර දිශාවට. ඒ නිසා පහන් පැල තැබිය යුත්තේ නැගෙනහිර දිශාවේ. පහන තබන පුද්ගලයා හැරී සිටිය යුත්තේ නැගෙනහිර දිශාවට මුහුණලාගෙනයි.
මල් පහන් හා සුවද දුම් දිනපතා පුජා කරන්න.
පහනේ දැල්ල හරවා තිබිය යුත්තේත් නැගෙනහිර දිශාවට. බුදු පහන තැබීමේදී මෙන් තමන් දෙසට පහන් දැල්ල හරවන්නේ නෑ. පහන් දැල්ල හැරවි තිබිය යුත්තේ දේව රුපය හෝ පිළිමය දෙසට.

සක්‍ර දේව පිළිම හා රූප ලංකාවේ ලබාගැනීමට නැති නිසා සක්‍ර දේව රූපයක් ප්‍රින්ට් කරවාගෙන තබාගැනීමේ වරදක් නෑ. එසේ නැතිනම් වජ්‍රය අතදරා සිටින වජ්‍රසත්ත්ව බුදු පිළිමයක් හෝ වජ්‍රපානි පිළිමයක් තබාගැනීමේ වරදක් නෑ.

* පහන් තැබිය යුත්තේ රාත්‍රී 10 ට


3. පහන තැබිය යුත්තේ නිවසින් පිටත නැගෙනහිර දිශාවේ පිරිසිදු ස්ථානයක. පහන් පැල වටා නිතර පිරිසිදු කිරීම කරන්න. ඒ අසලින් සුවද මල් ගස් හා කටරොළු වැල් පැල කරන්න. පහන් පල අසල රෙදි වැල් ආදිය තැබීමෙන් වළකින්න.

නිවස තුල තබනවා නම් වෙනම කුඩා කාමරයක් හෝ කුටියක් වැනි වෙනම ඉඩක් වෙන් කරගෙන පහන් තැබීම කරන්න. එම ස්ථානය නිවසේ නැගෙනහිර පැත්තට වෙන්න සකස් කරගන්න. නිවස තුල කුටියක් තුල පහන් තබනවා නම් දිනපතා
අතුගා පිරිසිදු කිරීම,
මකුළු දැල් ආදිය ඉවත් කිරීම,
පහන් තැබීමට පෙර කහ දියර ඉසීම දිනපතා කල යුතුයි.
පහන් තබන කුටිය අවටත් ඉතාම පිළිවෙලට, පිරිසිදුව හා සුගන්ධවත්ව තබාගන්න. ඒ අසලට මස් මාළු ආදී කිලි කුණු දේ ගෙන එමෙන් වළකින්න. ඒ අසල කිලිටි ඇදුම් ආදිය තබිමෙනුත් වළකින්න. හැකිනම් උඩුවියන් හා පාවඩ යොදන්න ( පහන් දැල්ලට පිච්චෙන්නේ නැති විදියට ).

4. සක්‍ර දේවේන්ද්‍රයන් ප්‍රසන්න නිල් වර්ණයට නිසා කටරොළු මල් වැනි නිල් මල් පුජා කිරීම වඩා සුදුසුයි. ඊළගට සුදු මල් වර්ග වඩා සුදුසුයි. වෙනත් මල් පුජා කිරීමේත් වරදක් නෑ.

5. මාස දෙකකට සැරයක් පහන් පැල කහවතුරෙන් සෝදන්න.
මාස දෙකක් ගතවීමට පෙර උනත් කිසියම් විදියකින් අපවිත්‍ර වුනොත් කහ වතුරෙන් සෝදන්න.

6. පහන් තැබීම දිනපතා කල යුතුයි. තමන්ට නොහැකි වෙනවා නම් වෙනත් කෙනෙකු ලවා හෝ පහන අඛණ්ඩව තැබීම කරන්න.
ඔබ ජනාධිපති හමුවීමට අවශ්‍ය යයි කියා වෙලාවක් වෙන් කර ජනාධිපති හට තමන්ගේ නිවසට පැමිණෙන්න කියා තිබියදී ඒ වෙලාවේ  ඔබ වෙන කොහේ හෝ ගමනක් ගොස් තිබුනොත් සිදුවන්නේ කුමක්ද? දිනපතා පහන නොතබිමේදීත් සිදුවන්නේ ඒ දේමයි.

7. සක්‍ර දෙවියන්ගේ වාහනය වන්නේ මුගටියා. සක්‍ර දෙවියන්ට පහන් තබන ඔබ මුගටි මස් කිසිදා නොකෑ යුතුයි. මුගටියන්ට හිංසා කිරීම නොකළ යුතුයි.

8. දිනපතා ස්නානය කිරීම කල යුතුයි. නිතර ස්නානය කිරීම නුසුදුසු රෝගී තත්වයක් තිබෙනවා නම් පමණක් දින කිහිපයකට වරක් ඔලුව සේදීම කරාට වරදක් නෑ නමුත් දිනපතා ඇග සේදීම කල යුතුයි.
පහන තබන විට දුගඳ නොමැති පිරිසිදු වස්ත්‍ර හැදසිටිය යුතුයි.
මරණ ගෙවල්, වැඩිවිය පත් ගෙවල්, අලුත උපන් ළමුන් සිටින ගෙවල් හෝ රෝහල් වලට ගියේ නම් පහන් තැබීමට පෙර ස්නානය කල යුතුයි.
ඕනෑම ලිංගික ක්‍රියාවක් කලේ නම් පහන් තැබීමට පෙර ස්නානය කල යුතුයි.

9. දෙවියන්ට පහන් තැබීම හෝ මන්තර කටයුතු ආදී ඕනෑම දෙයක් කරනවා නම් ඌරු මස් කෑමෙන් අනිවාර්යයෙන් වැළකිය යුතුයි. ඌරු මස් කැවුනොත් මාස තුනක් යන තෙක් පහන් තැබීම නොකළ යුතුයි.

මුගටි මස් හා ඌරු මස් හැර වෙනත් මස් මාංශ වැළඳීමේ වරදක් නෑ. නමුත් මස් මාංශ වල ගන්ධය දෙවියන්ට ඉතාම අප්‍රසන්න නිසා මස් මාංශ වලින් වැළකෙන තරමට දෙවියන් ආකර්ෂණය වීම වැඩිවෙනවා. රාත්‍රී ආහාර ගැනීමේදී මස් මාංශ ආහාරයට ගැනීමෙන් පසු පහන තබනවා නම් දත් මැද මුහුණ සෝදා පහන් තැබීම සිදුකරන්න. පහන් තැබීමට පැයකට වත් පෙර ආහාර ගන්න. නැතිනම් පහන් තැබීමෙන් පසු ගන්න.

10. ගැහැණු අය දෙවියන්ට පහන් තබනවා නම් ඔසප් වීම් කාලය තුල තමන් පහන තැබීම නොකර වෙනත් කෙනෙකු ලවා සිදුකරවන්න.

11. සියලු ආකාරයේ මත්ද්‍රව්‍ය ගැනීමෙන් වළකින්න. මත්ද්‍රව්‍ය සහිතව පහන් තැබීමෙන් වළකින්න.

12. නිතර පිංකම් කිරීම, සිල් රැකීම, ගුණධර්ම රැකීම හා භාවනා කිරීම කර සක්‍ර දෙවියන්ට පිං අනුමෝදම් කරන්න.

13. තමන්ගේ නිවසේ මරණයක් සිදුවුනොත් මාස තුනක් යනතෙක් පහන් තැබීමෙන් වළකින්න. මාස තුනකින් පසු පහන් පැල කහ වතුරෙන් පිරිසිදු කර නැවත පහන් තැබීම ආරම්භ කරන්න.

* තමන් සතුව වජ්‍ර තිබෙනවා නම් පහන් තබන වෙලාවේදී පහන් පැල තුල වජ්‍ර තබන්න. වජ්‍රය යනු සක්‍ර දෙවියන්ගේ ආයුධයේ සංකේතය. වජ්‍ර වෙනත් දෙවි කෙනෙකුට හෝ රාවණ රජුට පිදීමේ කිසිදු පලක් නෑ. රාවණ රජු හෝ වෙනත් දෙවි කෙනෙකු වජ්‍රායුධය දැකවත් නෑ.
වජ්‍ර ලබාගන්න බොහෝ දෙනෙක් ඒවා රාවණ පිළිම හෝ පින්තුර ලග තියල තියනවා. මේක කිසිම තේරුමක් නැති වැඩක්. කොස් ගහකින් අඹ බලාපොරොත්තු වෙනවා වගේ කිසිම පදනමක් නැති අන්ධ භක්තික වැඩක්.  වජ්‍රය කියන්නේ සක්‍ර දෙවියන්ගේ සංකේතය. වජ්‍රයක බල පිහිටන්නේ සක්‍ර දේව ආකර්ශනයෙන් විතරයි. භක්තියෙන් පුද පුජා කිරීමෙනුත් ආකර්ෂණය ඇතිවෙනවා, මන්ත්‍රයෙන් ජීවම් කිරීමෙනුත් ආකර්ෂණය ඇතිවෙනවා. ඒ ක්‍රම දෙක හැර වජ්‍රයක බලයක් ඇතිවීම වෙනත් කිසිම විදියකින් වෙන්නේ නෑ. වජ්‍ර තියනවනම් තියන්න ඕනි සක්‍ර දේව පිළිමයක් හෝ රුපයක් ලග විතරයි. එහෙමත් නැත්තම් බුදු පිළිමයක් ලග.
වජ්‍ර පුදන්න ඕනි සක්‍ර දෙවියන්ටයි. රාවණයන් හටවත් මහා බ්‍රහ්ම ශිව විෂ්ණු හෝ වෙනත් කිසිම දෙවි කෙනෙකුටවත් වජ්‍ර පිදීමෙන් පලක් වෙන්නේ නෑ.
ඉංජිනේරුවෙක් ලගට ගිහින් ලෙඩකට බෙහෙත් ඉල්ලලා වැඩක් වෙන්නේ නෑ. බෙහෙත් ගන්න නම් යන්න ඕනි දොස්තර කෙනෙක් ලගට.  ඒ  වගේ වජ්‍රයක බල ඇතිවෙන්න නම් වජ්‍රය පුජා කරන්න ඕනි සක්‍ර දෙවියන්ට. සක්‍ර දෙවියන්ගේ සංකේතය රාවණට හෝ වෙනත් දෙවි කෙනෙකුට පුජා කිරීමෙන් වෙන්නේ  ඒකට ලැබෙන්න තියෙන බලයත් නැතිවී යන එක විතරයි.  වජ්‍ර භාවිතා කරන බොහෝ අය රාවණ-වජ්‍ර මිථ්‍යාව පිලි අරන් ඉන්න නිසා තමන්ගේ හිතින් සක්‍ර දෙවියන් පහත් කරලා රාවණා හට වජ්‍ර පුජා කරනවා. එහෙම කිරීමෙන් වෙන්නේ වජ්‍රය තුලින්ම තමන්ගේ විනාශය උදා කරගැනීම විතරයි. ත්‍රිමුර්ති දෙවියන් හා සක්‍ර දෙවියන්ට පහලිනුයි රාවණයන් ඉන්නේ. ඉහල කෙනෙකුට අයිති දෙයක් ඉහල කෙනාට ගරහලා පහළ කෙනෙකුට පුජා කිරීම ඉහල කෙනාට කරන අපහාසයක් විතරයි.  සාමාන්‍ය දෙවි කෙනෙක් සක්‍ර දේවත්වයට පත්වෙන්නේ නෑ. බොහෝවිට බුද්ධ හෝ පසේබුද්ධ තත්ත්ව වලට පත් වෙන බෝධිසත්වයන් වහන්සේ නමක් සක්‍ර දේව තනතුරට පත්වෙන්නේ. ඒ වගේ විශ්වයෙන්ම උතුම් ගුණ දරන උතුමෙකුට අයිති වස්තුවක් රාවණා හෝ වෙනත් කිසිම දෙවි කෙනෙකුට භාරගන්න කැප නෑ.
හේතු දැනගෙන විමසා බල කරුණු පිළිගන්නා ආකාරවතී ශ්‍රද්ධාව හා අහේතුකව විමසා නොබලා රැල්ලට  පිළිගන්නා  අමුලිකා සද්ධා කියල බුදුරජානන් වහන්සේ ශ්‍රද්ධාව වර්ග දෙකක් දක්වල තියෙනවා. තමන් රාවණා ඇදහු පලියට ලෝකේ තියෙන සියලුම හොද දේවල් රාවණාට අයිතියි කියල මත පල කිරීම හා එවැනි මත පිළිගැනීම මෝඩ අන්ධ භක්තියක්, අමුලිකා සද්ධාවක් විතරයි.
රාවණ - වජ්‍ර මිත්‍යාව පිළිබඳ සම්පුර්ණ ලිපිය කියවීමට :- 
 ( මෙතන ක්ලික් කරන්න )


පුජාව සිදුකරන ආකාරය



සක්‍ර දෙවියන් වන්දනා කරන ගාථා මන්තර ස්තෝත්‍ර හා පින්දෙන ගාථා

1. පහන් තැබීමේදී නමස්කාර කිරීම සදහා දෙඅත් පපුව මට්ටමෙන් දෙපසට විහිදා, ඉහලට ඔසවා, හිස මට්ටමේදී  නමස්කාර ස්වරුපයෙන් අත් එක් කර, ඉන් පසු නළල තෙක් පහලට ගන්න.





2. දෙඅත් නළලේ තබාගෙන ඉන්ද්‍ර ගයාත්‍රි මන්ත්‍ර දෙකින් එකක් තුන් වරක් කියා වන්දනා කරන්න.

ඕම් දේව රාජාය විද්මහේ
වජ්‍ර හස්තාය ධීමහි
තන්නෝ සක්‍ර‍ ප්‍රශෝදයාර්ත්

ඕම් සහස්‍ර නේත්‍රාය විද්මහේ
වජ්‍ර හස්තාය ධීමහි
තන්නෝ ඉන්ද්‍ර ප්‍රශෝදයාර්ත්

3. ඉන්පසු ස්තෝත්‍රය කියා වන්දනා කරන්න.

ශ්‍රී මාන් දේව පුරංදිරාදි නිමලාන් - දිව්‍යාති දේවා මහං.......
යුග්මේ හස්ථක සංඛ වජ්‍ර දරනවි- සර්වාභරණ භූෂිතම්...
ශේෂ්ඨං වෛරාවනාදි නිමලාං - දිව්‍යාති දේවා මහං......
තංතේජේන භවංතු මේ සුරනිදුං- රක්ෂන්තු කූර්ව මංගලම්...............


*** මෙම මන්ත්‍රය හා ස්තෝත්‍රය කටින් කියවීම අනිවාර්යයි. හඩනගා කීමේ අවශ්‍යතාවක් නෑ තමන්ට ඇහෙන ප්‍රමාණයට  නිවැරදි ලෙස වචන උච්චාරණ කර කියවීම සිදු කරන්න. වන්දනාව කටින් නොකියා සිටීමෙන් පහන බහිරවයන්ට අයිති වීම සිදුවෙනවා. එමනිසා සිතින් සිතීම ප්‍රමාණවත් නෑ.

ඉන්පසු දෙවන වරටත් දෙඅත් පපුව මට්ටමෙන් දෙපසට විහිදා, ඉහලට ඔසවා, හිස මට්ටමේදී  නමස්කාර ස්වරුපයෙන් අත් එක් කර, ඉන් පසු නළල තෙක් පහලට ගෙන නමස්කාර කරන්න.


4. ඉන්පසු  නමස්කාරය කටින් කීම හෝ සිතින් සිතීම සිදුකරන්න

දෙදෙව්ලොවට අධිපති වූද
වෛජ⁣යන්ත ප්‍රාසාදයේ වැඩවසන්නා වූද
සුධර්මා දේව සභාවේ මුලසුන හොබවන්නා වූද
පාණ්ඩු කම්බල ශෛලාසනයේ විරාජමානව වැඩහිදින්නා වූද
චතුර් දන්තධාරී ධවල වර්ණ ඓරාවණ හස්තියා මතින් වඩින්නා වූද
මහා බලසම්පන්න වජ්‍රායුධය අතින් දරා සිටිමින් අකුණු සැර ඇතිකර අසුර බල බිදහෙලන්නා වූද
දිව්‍ය මනුශ්‍ය බ්‍රහ්ම තුන් ලොවකට දේවාඥාව පතුරවන්නා වුද

ඉඳු ඉඳුරැ ඉන්ද්‍ර
සක්ක ශක්‍ර සහස්සක්ක
මඝවා පුරින්දද දේවානමින්ද
සුරපති සුජම්පති තිදස්පති
සුරනිදු සහසැස් පුරදුරැ
විදුරත් වාසව වජ්‍රපානි
වජ්‍රාශ්ට වජිරන් වජ්‍රබාහු
ආදී කොට ඇති සහසක් නාමයෙන් වර ලද වුද

දහසක් දිවැස් ඇති
දෙදෙව්ලොවට අධිපති
මට ඉදුරැ දික්පති
දනෝ සක් දෙවිදු යැයි පවසති
ලෙසින් කියු හෙයින්

වජ්‍රධාරී වූ
තුන් ලොවට අධිපති වු
මහා බලයෙන් යුක්ත වු
මහා ගුණයෙන් යුක්ත වු
මහා පිනෙන් යුක්ත වු
සෝවාන් ඵලයට පැමිණ වදාළාවු
ශාසනාරක්ශක ලෝක පාලක තුන්ලෝකාධිපති
සක්‍ර දේවේන්ද්‍රයන් හට නමස්කාර වේවා
5. ඉන්පසු මෙලෙස සිතා මල් පහන් පුජා කිරීම සිදු කරන්න.
" සක්‍ර දේවේන්ද්‍රයන් හට මේ මල් පහන් සුවඳ දුම් පුජා කරමි, මේ මල් පහන් සුවද දුම් පුජා පිළිගෙන වැඩ වදාරණ සේක්වා. සාදු සාදු සාදු.  සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මා වෙත දිවැස් හෙලා වැඩ වදාරා මාහට සවන් දී  මෙහි පැමිණ වැඩ වදාරන සේක්වා.. මා හට අනුකම්පා කර කරුණා කර මා හට පිහිට වී වැඩ වදාරණ සේක්වා.. "

6. ඉන්පසු දෙවියන්ගෙන් ඉල්ලා සිටින දේවල් ගෞරව පුර්වකව "සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ  වහන්සේ මා හට අනුකම්පා කර කරුණා කර ------------- වැඩ වදාරණ සේක්වා" ආදී ලෙස එය සිතින් ඉල්ලා සිටින්න.


7. තමන්ගේ ඉල්ලීම් සැලකිරීමෙන් පසු තුන්වන වරටත් දෙඅත් පපුව මට්ටමෙන් දෙපසට විහිදා, ඉහලට ඔසවා, හිස මට්ටමේදී  නමස්කාර ස්වරුපයෙන් අත් එක් කර, ඉන් පසු නළල තෙක් පහලට ගෙන නමස්කාර කර
 " ඕම් ඉන්ද්‍රාය දේව රාජාය නමඃ " මන්ත්‍රය තුන්වරක් කියා වන්දනා කරන්න.

8. ඉන්පසු සක්‍ර දෙවියන් හට පිං අනුමෝදම් කරන්න

සම්බුද්ධසාසනවරං යතිපුඬ්ගවංච
සම්පාලනාය පටිලද්ධ වරෝ මහිද්ධි
සක්කෝති විස්සුත සුජම්පතී දේවරාජා
පුඤ්ඤානුමෝදතු සදා සුඛාමාවහන්තං


9. ඉන්පසු " ආකාසට්ටාච භුම්මට්ඨා..." ගාථාව කියා සියලු දෙවිවරුන්ට පිං අනුමෝදම් කරන්න.

10. අවසානයට " සක්‍ර දෙවියන් හට මා සිතින් කයින් වචනයෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් වරදක් අඩුපාඩුවක් පමාවක් වැරද්දක් සිදුවීනම් සමාවන සේක්වා " යයි සිතා වැරදි කමා කරගන්න.



* සක්‍ර දෙවියන් සම්‍යක්දෘෂ්ඨික පිනට කැමති දෙවියන් වහන්සේ නමක් වන බැවින් නිතර පිංකම් කර  අනුමෝදම් කරන්න.

* හදිසි කරුණක් නිසා හෝ නිවසෙන් පිටතට යන නිසා හෝ අත් වැරද්දක් නිසා පහන් තැබීමට සිදුවුනේ නැතිනම් ඊලග දිනයේ පහන් තැබීමේදී එය සිහිකර සමාව ඉල්ලන්න.
ඉදිරි දිනයකදී පහන් තැබීම සිදුකිරීමට නොහැකි වන බව දන්නවා නම් ඊට පෙර දිනයේ පහන තැබීමේදී එයට සමාව ඉල්ලා අවසර ඉල්ලන්න.

* පහන් තැබීම නතර කරනවා නම් එකපාරට නවත්වා දමන්නේ නැතිව 
1. තමන්ට යාමට පහසු මහා දේවාලයකට හෝ කෝවිලකට ගොස් සක්‍ර දෙවියන් වෙනුවෙන් පුජාවක් තබා
2. පන්සලක් හෝ බෝධියක් ඇති තැනකට ගොස් බෝධි පුජාවක් තබා ඒ පින් සක්‍ර දෙවියන්ට අනුමෝදම් කර
පහන් තැබීම නවත්වන්න.

* සක්‍ර දෙවියන්ට පහන් තැබීමේදී ඔලුව වනමින් කෑගසමින් බහුභූත විකාර කිරීමෙන් වළකින්න! මිනිසුන් ඉදිරියේ දෙවියන් විහිලුවට ලක් කිරීමෙන් වළකින්න. පහනට වඩින්නේ  මල යක්ෂයෙකු නොව දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් බැවින් එයට ගැලපෙන ලෙස සංවරව ගෞරව සම්පන්නව කටයුතු කරන්න! සාමාන්‍ය ආකාරයට බුදුන් වදිනවා මෙන් පහන් තැබීම සිදුකරන්න.

* තමන්ට නොලැබුණු ශක්තින්, වරම් ලැබුනා මෙන් රගපාමින් මිනිසුන් රැවටීමෙන් වළකින්න!  තමන් පහන් තබන බව ලෝකයාට පෙන්වීමට යාමෙන් හා ප්‍රශ්න නොකරන අයට පැවසීමෙන් වළකින්න! තමන්ගේ පහන් තැබීම තමන්ගේ රහසක් ලෙස තබාගන්න.


* පාසල් යන වයසේ සිටින්නන් පවුලේ කැමැත්ත හා අවසරය ඇතුව පමණක් පහන් තැබීම සිදුකරන්න. තමන්ට ස්වාධීනව කටයුතු කල හැකි වයසේ අය පමණක් පහන් තැබීම වඩා සුදුසුයි. අන්තගාමිව පහන් තැබීමට ගොස් තමන්ගේ එදිනෙදා ජීවිතය අවුල් කරගැනීමෙන් වළකින්න.


සක්‍ර දෙවියන් හට පින්දීම පිළිබඳ රාජගිරියේ අරියඥාන හිමියන්ගේ දේශනාව:-


Comments

  1. මගේ සේවයත් එක්ක මේ සියලු උපදෙස් නිවැරදිව පිළිපදිමින් කරන්න අපහසුයි. සක්‍ර දෙවියන්ට ආරාධනා කරන්නේ නැතුව මල් පහන් පුජා කරලා පින් දෙන්න පුළුවන්ද.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්නෙපා. එහෙම කරනකොට ඒවාට බහිරවයෝ එනවා. මල් විතරක් පුජා කලාට කමක් නෑ
      පන්සලකට වගේ ගිය වෙලාවට පහනක් පත්තු කරලා පුජා කලාට කමක් නෑ . එකදිගට කරන්න හොද නෑ

      Delete
    2. හොඳමයි ගුරුතුමනි

      Delete
  2. ගුරුතුමනි ඵෙරාවන හස්තියත් සක්‍ර දෙවියන් ගෙ වාහනය නේද.

    ReplyDelete
  3. Guruthumani,devivarunge hema vahanayakma saththune.me aya thirisan apayata ayathda.nethnam devivaruda.

    ReplyDelete
    Replies
    1. සුර අසුර යුද්ධ වලදී ඉතින් යන්නේ සත්ව රූප ඇරගත්ත දෙවියන් පිටින්. මිනිස් ලෝකෙට එද්දී දෙවිවරු සත්ත්ව ස්වරූප මවාගෙනත් එනවා. නැත්තම් ඇත්ත සතෙක්ගේ පිටත් එනවා. දෙවියන්ගේ පැමිණීම මිනිස්සුන්ට පෙන්නන්න සතා එක්ක එන්නේ .ඕව මන්තර වැඩ වලදී තමයි වෙන්නේ මතුරපුවා හරියට උනාද නැද්ද කියල අදුරගන්න

      Delete
  4. Guruthumani, mama dinapathama budun wahanseta mal,pahan, suwandadum,gilanpasa puja kota wandanamana kota e pin deviyanta anumodhan karanawa handa naga. Me gena obe adahasa denna/..

    ReplyDelete
  5. bohoma pin,man Vishnu dhewiyantath katharagama dhewiyantath niwasei mal dhum puja karala pin dhenawa sthothra th kiyanawa, obathumage niwaradi magapenwiimak melesin ema dewiyan kerehi penwaa dhiimata hakida?

    ReplyDelete
  6. ගුරුතුමනි,ටිකක් විශාල බුදු කුටියක් තිබෙන්නෙ අපේ ගෙදර.ඒකෙ බුදු පහන තිබෙන්නෙ පපුව මට්ටමට චුට්ටක් පහලින්.


    1.බුදුන්ට පූජා කරාට පස්සෙ ඒ පහන බහිරවයන්ට අයිති වෙන්නෑ නේද?

    2.මම ස්කන්ධ කුමාර දෙවියන්ට බුදු කුටියෙම මල් පැන් සුවද පූජා කරනව.සමහර දවස් වලට පලතුරු කැවිලි තියෙනව පහනක් තියන්නෑ.හැබැයි ස්තෝත්‍ර කියල පූජාව කැප කරනව.එතකොටත් උන්වහන්සේ හෝ පරිවාර දෙවි කෙනෙක් හෝ ඒ පූජාව පිලිගන්න වඩිනවද?

    ReplyDelete
    Replies
    1. 1. me kiyala thiyenne dewiynata pahana thebima gena mewa budu pahanata adala ne
      2. ne

      Delete
  7. pls. can you tell me the importance of reciting gayathri mantra. In gayatri mantra we worship goddess savtri, sarasvathi & laskmi and also goddess gayatri (mother gayatri with five faces).

    Buddhist also chant (I also chant 3times 2wise a day) Mora piritha , their we mention sun god & god of the sun. Is there any relationship between gayathri mantra & mara pirita. Please explan because I also chant both. Ubathumata theruwan saranai.

    ReplyDelete
    Replies
    1. mora piritha is chanted by lord buddha in bodhisathwa a life. at that time in ancient india people worshipped sun god. so its also a sun salutation mantra. but these are not connected

      Delete
  8. Sakra deviyan gana danuwath kalata ubathumata pin. Mama hindu dahame dewal karanne thesaranayata multhana dela. Ekata waradak nahaneda?

    ReplyDelete
  9. Om Indraya Devarajaya Namah! Om Devarajaya Vidmahe Vajra hasthaya dimahi thanno sakra prochodayat! dekama same meaning neda? danuwath weemata ahanne. Obatumata pin!

    ReplyDelete
  10. Shiva dewiyan ha unwahanseeta wandana kirima gena lipiyk pla krnna..

    ReplyDelete
  11. Danuwath kalata obathumata pin. Theruwan saranai.

    ReplyDelete
  12. Yogithumani nodanna nisai ahanne obathuma thewani asa wiwara kara ganna shakthiya laba denne shiva,vishnu,shakra, brahma yana dewiwarun pamanai kiyala sadahan karala thibuna.aadii shakthi durga maaniyanuth athi wishala balayak thiyena dewathawiyak nm ethumiyata kundaliniya awadI karaganna shakthiya pradanaya karanna barida?

    ReplyDelete
    Replies
    1. පුළුවන්. ඒ උනාට සාමාන්‍යයෙන් කරන්නේ නෑ

      Delete
  13. බොහොම පිං සියල්ල කියවුවා.update වෙනවද කියලා නිතර බලනවා.ඒතෙක්
    ඔබතුමාට හැකිනම් මෙවැනි වැදගත්ත් දැනුම ලබාගත හැකි වෙබ් අඩවි අැත්නම් සදහන් කරනවද
    මතු ශබතුමාට නිර්වාණය අවබෝධවිමට වාසානාව ධෙෙර්යය ලැබෙවා පතමි හදවතින්

    ReplyDelete
  14. මුගටියයි අයිරාවන ඇතයි දෙන්නම සක්‍ර දෙවියන්ගේ වාහන ද?

    ඌරැ මස් කන්න හොද නැත්තේ ඇයි ගොඩක් දෙවල් වල දැකලා තියෙනවා කන්න එපා කියලා. කරැනිකව පැහැදිලි කර දෙන්න ගුරැතුමනි

    ReplyDelete
    Replies
    1. මුගටියා කියන්නේ මිනිස් ලෝකේ වාහනය
      ඓරාවන ඇතා දේව වාහනය

      Delete
  15. අපදාන පාළිය වැනි ත්‍රිපිටක ග්‍රන්ථවල මේ බුද්ධ ශාසනයේ වැඩ සිටියා මහ රහතන් වහන්සේලා තමාගේ අපදානය සඳහන් කරන විට සක් දෙව්‍ රජ පදවිය ලබා ඇති බවක් සඳහන් කරනව නේද?

    ReplyDelete

Post a Comment