Featured Post

රාවණ හොරු


රාවණ ඉතිහාසය හෙළි කරනවා යයි කියමින් මිත්‍යා මත සමාජගත කර දෙවියන් හා රිශිවරුන්ට ගරහා ව්‍යාජ රාමායනයක් පතුරවා මිනිසුන් මුලා කර දෙවියන්ටත් රිශිවරුන්ටත් නින්දා කරන පුද්ගලයන්ගේ විකෘතීන් පිලිබදව අප ලිපි කිහිපයක්ම පල කරන ලදී.

වජ්‍රය පිලිබදවත් , සුර්ය නමස්කාරය පිලිබදවත් , ශිව තාන්ඩවය පිලිබදවත් ප්‍රචාරය කරන ලද අසත්‍ය ඉගැන්වීම් වල සත්‍ය, සාක්ෂි සාධක මුලාශ්‍ර සහිතව ඉතා පැහැදිලිව අප විසින් පෙන්වා දෙන ලදී. එම කරුණු ඕනෑම අයෙකුට සොයා බලා විමසිය හැකි ලෙස අප විසින් ඉදිරිපත් කරන ලදී. එමගින් ඔවුන් විසින් මවා සිටි ව්‍යාජ ප්‍රතිරූපය විනාශ වීම හමුවේ තෙවැනි ඇස හා කුන්ඩලිනි සම්බන්ධව හාස්‍යයට ලක් කරමින් නින්දා කරමින් වහසි බස් දෙඩිමක් සිදුකරනු දක්නට ලැබුණි.

ඔවුන්ගේ ප්‍රකාශ සලකා බලනවිට උසස්පෙළ පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය මගින් තෙවැනි ඇස සක්‍රියදැයි බැලිය හැකි විය යුතුය. බුදුරජානන් වහන්සේ ධ්‍යාන අභිඥා ලාභින් ශාසනයෙන් මුදා වෛද්‍යවරුන් බවට පත් කල යුතුය. තෙවැනි ඇස වෛද්‍ය උපාධියක් විය යුතුය.

අනුන්ගේ තෙවැනි ඇස පරික්ෂා කිරීමට පෙර තමන්ගේ බුද්ධිය පරික්ෂා කරගැනීම වඩා යහපත්ය. අප විසින් කිසිවෙකුටත් අපහාස නොකරන ලද අතර ප්‍රභන්ධ අසත්‍ය මිත්‍යා ප්‍රචාර වල සත්‍ය සාක්ෂි සාධක ඇතුව හෙලිකිරීම සිදුකරන ලදී. තමන්ගේ හොර බොරු වංචා එළිකරන විට තමන්ට අපහාසයක් සිදුවනවා නම් ඒ පිලිබදව සිතීමට තිබුනේ මිත්‍යා පතුරවා මිනිසුන් මුලාකිරීමට පෙරය.

අප සිදුකලේ උන්මත්තකයන් පැතිරවූ ව්‍යාජ ප්‍රචාර ව්‍යාජ බව පෙන්වා ඒ සදහා ත්‍රිපිටක බුද්ධ භාශිතයෙනුත් චතුර්වේද මන්ත්‍ර නක්ෂත්‍ර ආදී ඍෂි භාශිතයෙනුත්ඉ තිහාස පුරාවිද්‍යා ආදී වෙනත් සාධක වලිනුත් උදාහරණ සාක්ශි සාධක පෙන්වමින් මිත්‍යා මත බිඳ හෙලා ඒ අනුව එම මිත්‍යා ව්‍යාජ මත පැතිරවූ පුද්ගලයා බොරුකාරයෙකු බව පෙන්වීමයි.

එම පැහැදිලි කිරීම් වැරදිනම් ඒ තුලින් අප කර ඇත්තේ මඩගැසිමක් පමණක් නම් කල යුත්තේ තමන් මුලින් පැතිරවූ බොරුව සත්‍යයක් බවට සාක්ශි සාධක පෙන්වා එය තහවුරු කිරීමයි.

එසේ කිරීමට කිසිදු හැකියාවක් නැති බැවින් තමන්ගේ කටේ බලෙන් හයිය පෙන්නා අපහාස කිරීමෙන් අවලාද කිරීමෙන් හා අපගේ චක්‍ර අවදි වී ඇතිදැයි පරික්ෂා කිරීමට පැමිණෙන්නේ යයි තර්ජනය කිරීමෙන් තමන්ගේ බොරුව වසාගත නොහැක!

තමන් ප්‍රචාරය කලේ බොරුවක් නොවේ නම් අනුන්ගේ චක්‍ර පරික්ෂා කිරීමට පෙර තමන්ගේ බොරුව සත්‍ය බව පෙන්වීමට කරුණු දැක්විය යුතුය.

බොරු බේගල් පවසමින් මිනිසුන් මුලා කරනා බොරුකාරයන් අප හට මිනිසුන් මුලා නොකරන්න යයි තර්ජනය කිරීමක්ද දක්නට ලැබුණි.

අප කිසිවිටෙකත් නිවට මිඩියා කාඩ්බෝඩ් ඍෂි වරුන් මෙන් "ආධ්‍යාත්මික" ෆැන්ටසි පෙන්වා ආධ්‍යාත්මික වන ආකාරයක් නොකියා මිනිසුන් අතරමන් කර නැති අතර ඉන්දියාව නේපාලය ටිබේටය ආදී භාවනා ප්‍රචලිත රටවලටවත් ගොස් සොයාගත නොහැකි ඇති ප්‍රභල භාවනා ක්‍රම කිසිදු ගුරු මුෂ්ටියක් තබානොගෙන මිනිසුන් හට දායක කර ඇත. එමෙන්ම ලංකාවේ ඇති කිසිදු භාවනා ග්‍රන්තයක අඩංගු නොවන භාවනා උපදෙස් හා මුලා නොවී භාවනා වඩාගැනීමට මගපෙන්වීම් බෞද්ධ හා යෝග භාවනා වලට අනුරූපව දායාද කර ඇත. කුන්ඩලිනි භාවනා වලට අමතරව බෞද්ධ සම සතලිස් කර්මස්තානයන්ද ඒවාට අනුරුප මෙතෙක් කිසිවෙක් හෙළි කර නොමැති කමටහන් ද විශාල ප්‍රමාණයක් කිසිදු ගුරු මුෂ්ටියක් නැතිව අප විසින් දායාද කර ඇත. මුලාධාර චක්‍රයේ සිට ආඥා චක්‍රය දක්වාත් උපචාර ධ්‍යානයේ සිට අෂ්ට සමාපත්ති පංච අභිඥා දක්වාද සියල්ල ප්‍රගුණ කිරීමට දැනුම මෙන්ම ප්‍රායෝගික උපදෙස්ද අප විසින් ලබාදී ඇත.

සමාජයේ රැල්ලක් ලෙස පැතිරී ගිය ධර්ම විකෘතීන් පිලිබදවත් කිසිදු භික්ෂුවක් පවා කතා නොකරන කාලයේ පටන් නිතර නිතර දැනුවත් කර බෞද්ධයන් මිත්යාදෘෂ්ටින්ට හසුවීම වලකා ඇත. ධර්ම ප්‍රචාරයෙන් මෙන්ම දේවාරාධනා , අධිෂ්ඨාන හා දේව යක්ෂ පිරිවර බන්ධනය කර ශාපයන් මගින්ද බුදුදහම විකෘති කරනවුන් බලහීන කිරීම අප සිදුකර ඇත.

ආරම්භයේ සමග අපගේ ලිපි කියවූ පිරිස අප කල කි දෑ මොනවාදැයි දනිති.

ව්‍යාජ රාමායනයක් සමාජගත කර දෙවියන් හට ගරහමින් මිනිසුන් මුලා කරනා නිවට කාඩ්බෝඩ් ඍෂිවරයා ශ්‍රාවකයන් හට හැගීම් අවුස්සා චූන් එකක් දෙනවාට වඩා කර ඇත්තේ කුමක්දයි අප හට නොපෙනේ?

අප විසින් ලබාදුන් දැනුම උපයෝගී කොටගෙනම පළමු වරට ධ්‍යාන, ශක්ති ලබාගත් පුද්ගලයන් මෙන්ම ජීවිතය සම්පුර්ණයෙන්ම ධාර්මික බවට පරිවර්තනය කරගත් පුද්ගලයන්ගේද නාමලේඛනයක් ඉදිරපත් කල හැක. මිඩියා රිශිවරයාට එවැන්නෙක් පෙන්වීමට තබා තමන් හටවත් උපචාර ධ්‍යාන තත්වයක්වත් නොමැති බව අප හොදාකාරවම දනිමු.

භාවනා දැනුම බෙදාහැරීමේදී අවශ්‍ය නම් කාඩ්බෝඩ් මිඩියා ඍෂිවරයාට මෙන් අපටද අපගේ ප්‍රතිරූපය වර්ධනය වන ලෙසත් අප වටා මිනිසුන් එක්රැස් වන ලෙසටත් වචන හැසිරවීමේ කෞශල්‍ය අපටද ඇත. කාඩ්බෝඩ් රිශින්ට මෙන් අපට එවැනි ලාමක ක්‍රියා කර සමාජයේ වීරයෙක් වීමේ අවශ්‍යතාවක් නොතිබුණි. අභ්‍යන්තරය හිස් මිනිසා බොරු ප්‍රචාරය කර හෝ බාහිරයෙන් වටිනාකමක් ලබාගැනීමට උත්සහ කරයි. අභ්‍යන්තර ආධ්‍යාත්මය හිස් වූ විට එම හිඩැස වසාගෙන වටිනා ප්‍රතිරූපයක් මවාගැනීමට නැති ගුණ වචනයෙන් මවා පෑ යුතුය, ඇදුමකින් වත් උසස් භාවය ප්‍රදර්ශනය කල යුතුය. ධ්‍යානයෙන් කරුණු දැනගැනීමක් පිලිබදව, රාවණ උරුමයක් පිලිබදව බොරු අඟවමින් ප්‍රතිරුප ගොඩනගා ගැනීමට උත්සහ කිරීමෙන් ප්‍රදර්ශනය වන්නේ ආධ්‍යාත්මය හිස් බවේ දෝංකාරයයි.

මේ අප මෙවැනි ප්‍රෝඩා කරුවන් පිලිබදව හෙළිකරන ලද පළමු අවස්තාව නොවන අතර මිට පෙරද පිටිදුවේ සිරිධම්ම, මීවනපලානේ සිරිධම්මාලන්කාර ආදී මිනිසුන් මුලා කරනා ධර්ම වික්රුතිකයන් පිළිබදවද ඕනෑතරම් දැනුවත් කිරීම් සිදුකර ඇත.

දෙවියන් ඍෂිවරුන් පිළිබද අසත්‍ය ප්‍රචාරය කරමින් මිනිසුන් ලවා දෙවියන් ඍෂිවරුන් හට ගරහන පුද්ගලයෙකුට මඩ ගැසීමටවත් පහර දීමටවත් අමුතුවෙන් කිසිවක් කල යුතු නැත. තමන් කරගත් පාපයන් හේතුකොට අත්වන ශාපයෙන් තමන්ම විනාශ වී යාම ස්ථිරය! පෙර පින ගෙවී යනතෙක් වීරයෙකු වන අතර පින අවසන් වූ වහාම ශාපය ආරම්භ වනු ඇත. අනුන්ගේ තෙවැනි ඇස් බැලීමට පෙර තමන්ට යන අතක් බලාගෙන සිටීම වටී!



මෙතෙක් අප පල කලේ
සුර්ය නමස්කාරය පිළිබද මිත්‍යාවන්
(click here)
වජ්‍රය පිළිබද මිත්‍යාවන්
(click here)
හා ශිව තාන්ඩවය පිළිබද මිත්‍යාවන් පමණි.
(click here)


 ඉතා නුදුරේදීම රාමායන මිත්‍යාවන්, ස්වස්තිකය පිළිබද මිත්‍යාවන් හා කතරගම දෙවියන් පිළිබද මිත්‍යාවන් ඇතුළු සියලු ව්‍යාජ මනස්ගාත ඉගැන්වීම් පිලිබදව හෙළි කරනු ලැබේ.


Comments